Saturday, November 18, 2023

වල කතාව



ඔන්න කලිංම කිව්වා වැඩිවිය පැමිණිලා නැති එවුං මේක කියවන්ඩ ඒපා...

 ඔය අපි වගේ වලපයයි ගොඩ පයයි ඉන්න ඒ කාලෙ හද්ද ඩොටේ ජීවත්වුන එකාලට මතක ඇති ඉස්සර කාලෙ ගමේ ගෙවල් වල තිබ්බා වල වැසිකිලි , සිංහලෙං ඕවට කිව්වෙ වල කක්කුස්සි කියලා.

ඒවාගෙ සැකැස්ම ඉතිං මම කියන්ඩ ඕන නෑ. නමේම තියෙනවනෙ සැකැස්ම.

හම්මට සිරි ඉතිං මට නං මතකයි ඔය වල කක්කුස්සි හොඳට. ඉස්සර අපේ අම්මලගෙ මහගෙදර තිබ්බෙ ඕකක්. ඒක ගෙදර ඉඳං කිලෝමීටර් බාගයක් විතර ඈත වත්ත පහල. 

රෑට යන්න වුනොත් හුලුඅත්තක් බැඳගෙන යන්න ඕන. මං පොඩි කාලෙ පට්ට බයයි රෑට ඕකට යන්න. යන පාරෙ මග දාලා ළිඳ ලඟිං හෝදගෙන එනවා.  උදේම ආච්චි හරි මාමා හරි යනකොට උන්ට පෑගිලා මර ජරමරයයි. උදේම හොඳ පදෙං ඇහෙනකොට හෙමීට මාරුවෙලා ඉන්නවා අහුවුනොත් ආයෙ කන නියමිත තැන තියෙනවා බොරු. 

අනික් ආතල් එක සතියර දෙසරයක් විතර ඕකට භූමිතෙල් දාන්න ඕන නැත්තං කැරපොත්තො ඕසෙට. 

ඉතිං ගිහිං රෙනකොට බෙට්ට තඃ ගාලා අරකට වැටෙනකොටම කැරපොත්තො පියාඹලා ඇවිත් පුකේ වහනවා. 

හූ කියාගෙන දුවන්නෙ ඒ වෙලාවට 

 

ආයෙ දවසක් තඩි කබරයෙක් ඇවිල්ලා දොරට යටිං හොම්බ දානවා. මම දොර තද කරගෙන රෙන ගමං කෑගහනවා බේරගනියෝ කියලා. මොන එකෙක් එන්නෙ නෑ ම.මොකාට කියලා ඇහෙන්නද ඔච්චර දුර. 

ඉතිං අර කබරයා යනකං පැයක් විතර ඉඳලා දොර හොරෙං ඇරලා බලලා ඌ පේන්න නැත්තං කලිසම අතේ තියං දුවනවා, ආච්චි බැන බැන බොන්න ගෙනාපු වතුර කලෙං පුක හෝදවනවා.

පස්සෙ කාලෙක ඕක මාමා පරණ මහ ගෙදර කඩලා ඔය වල කක්කුස්සිය වහලා දැම්මා, ගේ ඇතුලෙ ටයිල් අල්ලපු නාන කාඹරයක් හැදුවා. හැබැයි කක්කුස්සිය ඒත් ගෙයිං එලියේ ගෙටම අල්ලලා.

ඔය වලේ අවසාන ජවනිකාව හැටියට මතක... දවසක් වත්තේ පහල කවුරුහරි කෑගහනවා වගේ සද්දයක් යාන්තමට ඇහෙනවා කියලා මාමා යනවා , මායි ආච්චියි පස්සෙං යනවා. ආච්චි බැන බැන යනවා මූට අවතාර පේනවා ඔහෙ මොකෙක්වත් කෑ ගහනවා මටනං ඇහෙන්නෙ නෑ කිය කියා...

පරණ වල කක්කුස්සි වල ලඟට ගියාම වත්තෙ පොල් කඩන්ඩ එන මාමා කාරයා වලේ.  ඔලුවෙ ඉඳං කලු පාටයි ගූ නාලා... පොල් වලු දෙකකුත් වලේ. මාමා උඩ ඉඳං වලේ ඉන්න මිනිහට බනිනවා අම්ම මෝ නැතුව. මට මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ

මම ආච්චිචිගෙන් ඇහුවා ඇයි ආච්චි මාමා ඒ ජරා වලට බැහැලා කියලා...

ආ ඌ දැං ගස්වලිං පොල් කඩන්නෙ නෑ ගූ වලවල් හාරලා පොල් අල ගලවනවා කියලා.. ඒත් මට තේරුණේ නෑ.. 

11 comments:

  1. යකෝ තෝව තියන්න වටිනවද මේ ලියන ඒවට!?

    සුපිරි!

    ReplyDelete
  2. ආයෙත් බ්ලොග ලියන්න ගත්තු එක නියමයි. ඔය වල කක්කුස්සි වල පුපුරපු අවස්ථා අහල තියනවා ඇතුලෙ සිගරට් බොන්න ගිහින්. මොකද වලේ නිපදවෙන මීතේන් වායුව නිසා.

    ReplyDelete
    Replies
    1. හම්මේ සාගර , සාගර ජලය මදි හැඬුවා ඔන්බ හන්දා

      Delete
  3. මම පොඩිකාලෙ අපේ ආච්චිලගෙ ගෙදරත් තිබ්බෙ ඕව එකක්. මටනං ඔක්කොටම වැඩිය බය තිබුණෙ කැරපොත්තන්ට තමයි ඇතුලෙ ඉන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ උන් ආපු ගමන් වහන්නේ පුපේ

      Delete
  4. ඒක නෙමෙයි අර උඩ තියෙන පොටෝවෙයි වල කක්කුස්සෙයි තියෙන සම්බන්දෙ මොකක්ද කියහං.

    ReplyDelete
    Replies
    1. නැත්තං උඹලා මේක කියවන්නේ නෑනේ

      Delete
  5. ඔව්ව මොනාද බ්‍රෝ!
    මීගමුවේ රෙන්න ගිහිං ඌරා ඇවිල්ල පස්සෙන් තල්ලුකරනකොට ඉක්මනට දාපං ඉක්මනට දාපං මට තව වැඩ තියෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම ටොයිලට් ජාතියක් තියෙනවලු නේද ,.මේක කියව්පු කීපදෙනෙක් කිව්වා

      Delete
  6. බොගේ නැන්දම්මාගේ නංගි මේක කියෙව්වා නම් හරියට ආඩම්බ වෙයි

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]