තාරා
එයා මාව අතහැරලා ගිය දවසේ ඉඳලා , මගේ කාමරයේ තිබූ ඇගේ සුවඳක් තිබුණ හැම දෙයක්ම මම අයින් කළා , ඒත් එයාව මතකයෙන් අයින් කරනවා කියන එක කරන්න තියා හිතන්නවත් බැරි වුනා
කෝපි කෝප්පයේ ඉඳලා ජනේලයෙන් පෙනුණු වැස්ස දක්වා, හැම දෙයක්ම එයාව මතක් කළා. මට කිසි කෙනෙක් රුස්සන්නේ නැතුව ගියා , ක්‍රිකට් ගහන්න අඬගහන මල්ලි , කඩචෝරු කන්න රුපියල් සීයක් ඉල්ලගෙන එන නංගි , කෑම කන්න කියන අම්මා වගේම කාලයක් මගේ ලෝකයම වෙලා හිටපු මිනිසසු මට කටු ඇනෙන කටුපඳුරු වගේ පේන්න ගත්තා . එයාගේ හෝම් කමින් එක අද , මට ඊයේ රෑ ගැන මතක් වෙනකොට මැරෙන්න හිතුනා. කාලය හිත සුවපත් කරනවා කියලා මිනිස්සු කිව්වත්, මට දැනුණේ කාලය කරන්නේ වේදනාවට හුරු කරන එක විතරයි කියලා.
ෆෙස්බුක් එකේ උඩ පහල යන එකත් එපාවෙලා පැත්තකට දානකොටම තිරයේ ඕපන් වුනේ ග්‍රාමීය ඉන්දියානු පෙදෙසක දර්ශනයක් , තිරය දිහා ටික වෙලාවක් බලන් ඉන්නකොට මට ආවා අමුතු අදහසක් ඔව් ,
අවසානයේ මම තීරණයක් ගත්තා.
කිසිම සංචාරක කණ්ඩායමක් නැතිව, කලින් සකස් කළ වැඩසටහනක් නැතිව, තනියම ඉන්දියාවට යන්න. බස්වල, බයිසිකල්වල සහ පාරුවල නැගලා, මමවත් නොදන්නා තැනකට ගිහින් මගේ හිත හදාගන්න. සිංහල අවුරුදු නිවාඩුව අල්ලලා සති තුනක නිවාඩුවක් . . ටිකක් අකමැත්තෙන් වුනත් මගේ කතාව දන්න මැනේජර් නිවාඩුව අනුමත කළා
