අනික මෝරා දැන් බ්ලොග් කියවන්න පටන් ගෙන නිසා ලියන්න බයයි, මොකද වෙච්ච සීන් ලිව්වොත් මෝරා ඒ ඔක්කොටම වගේ සම්බන්ධ නිසා.මෝරා කියන්නෙන් ස්කොලේ කාලේ මගේ අතිජාත මිත්‍රයා ,මම මීට බොහොම කාලෙකට කලින් ලියපු "අපි නොදන්න පිං" කතාවේ හිටපු මෝරම තමයි .
අපි උසස්පෙළ පන්තියට එනකොට ඉතින් මෝස්තරේට වගේ උසස්පෙළ පන්ති යන එක ගැන ආයේ විස්තර කියන ඕනේ නෑනේ , මේ A/L පන්ති යනකොට ඉතින් නොයෙක් අයගේ නොයෙක් අරමුණු තිබ්බා ,
- පාසලට අමතරව තවත් දැනුමක් එකතු කරගෙන හොඳින් විභාගේ පාස් වෙන එක
- පාසලින් ලැබෙන දැනුම ප්‍රමාණවත් නැති නිසා නව දැනුම සොයා යාම
- ඉස්කෝලේදී කෙල්ලෙක් අල්ලගන්න බැරිවෙච්ච නිසා වෙන ඉස්කෝලෙක කෙල්ලෙක් අල්ලගන්න එක .
- පිටිපස්සෙම පේලියට ගිහින් සුපුරුදු ආතල් එක ඩබල් එකේ ගැනීම .
- යාළුවගේ කෙල්ල යන නිසා උගේ පස්සෙන් යන්න සිද්ධ වීම ,
- තමන්ගේ කෙල්ල යන නිසා යන්න සිද්ධවීම .
ඕකී මෙකී නොකී හැම හේතුවක් නිසාම වගේම ගිහිල්ලා බලන්නත් ක්ලාස් යන්නම් වුනා , කොහොම වුනත් බොහෝ වෙලාවට ක්ලාස් එකට දිගටම යනවද නැද්ද කියන එක තීරණව වුනේ , සර්ගේ හොඳකමවත් ,උගන්නන දේවල් හොඳවීම වත් නෙවෙයි ඉන්න ගෑල්ලමයි ප්‍රමාණය සහ උන්ගේ කොලිටිය ...
$$$$$$$$$$$$$$$$
මට බොහෝ වෙලාවට ඔය ක්ලාස් හැම එකකටම එක දවසක් හරි යන්න වුනා , මොකද නිල පෙම් හසුන් ලියන්නා හැටියට එක එකාගේ ගෑල්ලමයි බලන්නයි උන්ට ලියුම් ලියන්නයි , ඒ වගේම අධික ගාස්තුවක් අය කරගෙන (රුපියල් දහයක් විතර ) ඒ ලියුම් ගිහින් දෙන්නයි වගේ අතිශය භාරදූර කාර්යයන් වලට මගේ දායකත්වය නොමසුරුව දීමේ ප්‍රතිපලයක් හැටියට . ලියුම් ගිහින් දෙන්නේ මෝරා මොකද උගේ හැකර කටට බයේ ඌ බෝම්බයක් දුන්නත් කෙල්ලෝ ගන්නවා
මේ යන ගමන් වලට මෝරා සහභාගී කර නොගැනීම මගේ විරුද්ධත්වයට හේතුවක් නිසා ,ලියුම් ලිවීමේ ආනුභාවයෙන් මගේ උදහසට ලක්වෙන්න කවුරුත් කැමති වුනේ නෑ.
හාපුරා කියල පටන් ගන්න අලුත් ෆිසික්ස් ක්ලාස් එකකට ගියේ ඔය එකකට වත් නෙවෙයි ,මචන් හොඳට ඉගෙන ගෙන එලට එක්සෑම් කරමු කියල මායි මෝරයි දෙන්න දැඩි එකඟතාවයකට ආපු නිසා ..
උනන්දුවේ තරම කියන්නේ ගිහින් වාඩිවුණේ ඉස්සරහ ඉඳන් දෙවැනි පේලියේ පන්තියේ මැදින් තියෙන පාරේ පැත්තට වෙන්න , එහා පැත්තේ ගෑනු ළමයි ...
මං අයිනේම මෝරා මට ඇතුල් පැත්තෙන් පිරිමි ළමයි පැත්තට වෙන්න තමයි වාඩිවුණේ .අනිත් එවුන්ට ලියුම් ලියලා , ලියපු ලියුම් ගිහින් දීලා , උන්ගේ පවුල් ප්‍රශ්න විසඳලා , එක එකාව ශේප් කරලා , අඬන එවුන් නලවලා , බූට් කාපු ඇනගත්තු එවුන් සනසලා මට ලව්කරනවා කියන එක නිකං වහ කදුරු වගේ වෙලා තිබ්බේ , මොකද යකෝ මෙහෙම හොටු පෙරාගෙන අඬන්න ලව් කරන්න ඕනෑයි.
ක්ලාස් එක නැගලා යනවා ..... අපිත් පුදුම උනන්දුවකින් දැන් අහගෙන ඉන්නවා .
"එක්ස්කියුස් මී ..." හරිම සුමුදු ලස්සන කටහඬකින් කතා කරන සද්දයක් ඇහුනා ..
කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කටහඬ දෙන්න ..මට එක සැරේම මතක් වුනේ ඒ පදය
හැරිලා බැලුවා ... අම්මේ ......
නෙලුම් විලේ මල් පිපෙන්න ඔබෙ දෙකොපුල දෙන්න
මැණික් වලට දිස්නේ එන්න ඇසේ කැලුම් දෙන්න
නා දල්ලට පාට එන්න ඔබෙ තොල්පෙති දෙන්න
ගලන ගඟට රළ නගන්න ඔබෙ කඳුලැලි දෙන්න
ඉරට හඳට එලිය එන්න ඔබෙ හසකැන් දෙන්න
නීල වළා සළු එලන්න ඔබෙ කේරැල දෙන්න
දේදුන්නට හැඩය ගන්න ඔබෙ නෙත් බැමි දෙන්න
සින්දුවේ ඉතුරු ටිකත් මතක් වුනේ නිකං කෆීර් එකක් නැග්ගුවා වගේ ...
"ම්ම්ම්ම්ම් මො මො මොකද ?කියලා ඇහුවා නෙවෙයි පැටලිලා පැටලිලා ඇහුනා ...
"අනේ ප්ලීස් මගේ රෙඩ් පෙන් එක වැටුනා ඔය ඔයාගේ කකුල ගාව ,තරහා නැතුව අරන් දෙනවද?"
ඒ ටික ඇහුණාම මාව නිකං සීතල වෙලා ගියා .. ඔක්කොම පැත්තක තියලා මම හිටගත්තා .... අයියෝ අර කෙල්ල ඔලුවේ අත ගහ ගත්තා ...මට තාම කරන්න ඕන මොකක්ද කියලා නිනව්වක් නෑ , හිටගෙන ඇඹරෙනවා .
" මොකක්ද ළමයා හිටගෙන කරන්නේ .....ඇයි..?"
" නෑ සර්..."
පටස් ගලා වාඩිවෙලා පෑන ඇහිඳගත්තා ...
දික්කලා ඒ පැත්තට ... "තැන්ක්ස්" අනිත් කෙල්ලෝ ටික ලේන්සු හපාගෙන හිනාවෙනවා , අද ඉවර වුනු ගමන් පට ගාලා මාරුවෙන්න් ඕනේ නැත්තම් බඩුම තමා ..එවෙලේම හිතා ගත්තා . මෝරා සද්දයක් නෑ.. ඒක තමයි ලොකුම අවුල ,මූ මොන කෙලියක් කරයිද දන්නේ නෑ ,
ක්ලාස් එක ඉවර වෙලා යන්න ගිහින් කෝකටත් කියලා ගේට්ටුව ලඟට වෙලා හිටියා ... මෙන්න අර කෙල්ල දැක්කෙවත් නෑ වගේ ගියා ... අයියෝ සල්ලි
මායි මෝරයි ඉතිං අශ්වයා මැරිච්ච ජෝකියෝ වගේ ගෙදර ආවා , කවදාවත් නැතුව මෝරා නිශ්ශබ්දයි , එක තමයි උහුලන්න බැරි . ක්ලාස් එකේ සිද්ධ වෙච්ච සියල්ලම මේකා දැක්කනේ , අද ඉඳලා හමාරයි . ගෙදර ලඟට යනකොට මෙන්න වැට ළඟ අම්මා එක්ක චාන්දනී අක්කා කතාවක් , අපේ අම්මගේ Bridal Dressing ව්‍යාපාරේ සමහර වෙලාවට දුර යන වැඩක් සෙට් වුනාම අම්ම එක්ක යන්නේ චාන්දනී අක්කව . එහෙම කීප වතාවක් දැකලා කතා කරලා තිබ්බට මං වැඩිය එයත් එක්ක ආශ්‍රයක් තිබ්බේ නෑ.
" ආ මල්ලි එන ගමන්ද? "
" ඔ ඔ ඔ ඔ ඔව් අක්කේ ....."
ගොත ගැහුනේ ඇයි .. ගොත ගැහෙන්නේ නැතුව තියෙයිය ... මෙන්න අර රෙඩ් පෙන් ගෑල්ලමයා ඉන්නවා චාන්දනී අක්කගේ අතේ එල්ලිලා ...
දෛව යෝගයකින් නොවේදෝ හමුවුනේ අපි හමුවුනේ...
අහක් බලන් හිටියේ හරියට දැකලවත් නැති ගානට
"ආ මල්ලි කලින් අපේ නංගිව දැකලා නෑනේ නේද? අද තමයි මෙහෙ ක්ලාස් ආවේ "
ඒ පාරනම් යාන්තම් හිනාවුනා ..
මගේ හිනාව නිසා ඇලදිවත් පෙනුනද මන්දා ... මෝරයි මායි ගේ ඇතුලට ගියා .. ඒ වුනාට හිත නම් දොරෙන් ඇතුලට ගන්න බැරිවුනා .
මෝරා තාම සයිලන්ස් ...
"මචං ... "
"මොකෝ"
"මේ අර කෙල්ලගේ අක්ක අපි දන්නවනේ බන් කලින් "...ඒ මෝරා
" මොන කෙල්ලද .." මම එහෙම නොදන්න පාට් එකෙන් කිව්වට මගේ කන්දෙක රත් වෙනවා මට හොඳින්ම දැනුනා .
"අර උඹ ක්ලාස් එකේදී පෑන අහුලලා දුන්නේ බ්රේක් ඩාන්ස් දාලා "
අම්මප ඔය කතාවලට තමයි මුගේ බෙල්ල අඹරවන්න හිතෙන්නේ
"දැන් මොකක්ද උඹ කියන්න තටමන්නේ ... මං ඒ කෙල්ලට පෑන අහුලලා දුන්නා කියලා උඹ හිතුවද මං ඒකිට ලව් කියලා "
මම හිතුවේ මෝරා - ඉතින් බං ලව් කරපංකෝ මම ෆුල් සපෝට් කියයි කියලා
එත්
" අපෝ නෑ ..උඹ ඔය ලව් සීන් වලට වැඩි උනන්දුවක් නැති එකා කියලා මම දන්නවනේ ... මට නම් එකී දැක්ක වෙලේ ඉඳන් හරි අමුතුයි බං... මට හිතෙනවා මම මෙච්චර කල් හොයා හොයා හිටපු කෙල්ල හම්බවුනා වගේ කියලා ...."
අනේ දෙයියනේ මීට වඩා හොඳ නැද්ද ඔලුවට කුලුගෙඩියකින් ගැහුවනම් ,
" කවුද දන්නේ එකී දැනටමත් කොල්ලෙක් එක්ක සෙට්ද කියලා ...." මං ඒටික කිව්වේ හරිම අමාරුවෙන්
"පලයන් බන් යන්න ඒකිට කොල්ලෙක් නෑ ..." මෝරා ඇඳේ තිබ්බ කොට්ට දෙක එක සැරේම පොළොවේ ගහලා නැගිට්ටා
"උඹ කොහොමද දන්නේ "
"ඇයි මැටි ගෙම්බෝ කොල්ලෙක් ඉන්නවනම් අක්ක එක්කන් යන්න එනකං බලං ඉන්න ඒකිට මාන්දමද "
"හ්ම්ම්ම්"
"මේ මචෝ ..."
"ඇයි? "
"උඹලා අම්මා උන්ගේ ගෙදර දන්නවා ඇතිනේ ...
"හ්ම්ම්ම්"
" අපි පාර අහගෙන නිකං විසිට් එකක් දාලා එමුද '
"ම්ම් හ්ම්ම්"
"මොකද උගුඩුවො හ්ම්ම් හ්ම්ම් ගාන්නේ හැම එකටම , උඹට අනික් හැම එකාටම සපෝට් කරන්න පුළුවන් මට සහයෝහ්ගයක් දෙන්න තමයි බැරි නේද?"
" හා හා ඉතින් බෑ කිව්වේ නෑනේ .."
" මේ උඹ ඒකිට ට්‍රයිද ?"
"කවුද ...? මම....? පිස්සුද උඹට .. එහෙම එකක් නෑ "
"අනේ මචං එහෙනං ආන්ටිගෙන් අහපන්කෝ ගෙවල් තියෙන්නේ කොහෙද කියලා ."
"පිස්සුද යකෝ ...පුත්‍ර භාවය අහෝසිවෙන වැඩනේ තෝ කියන්නේ"
ඒ පාරනම් මෝරාට මලම පැන්නා ....
"හරි උඹ එපා මමම ආන්ටිගෙන අහන්නම්කො ..."
"හැබැයි පොලොස් කොට්ටෝරුවා උඹ ඕක මගේ නම විකුනලා එහෙම අහලා තිබ්බොත් මම තෝව හම ගහනවා "
"පල යන්න හිටපන්කෝ කියපු මෝරා අපේ අම්මගේ ඔෆිස් කාමරේ වගේ තිබ්බ ගෙදර ඉස්සරහම කාමරේ පැත්තට ගියා "
විනාඩි පහක් ගියේ නෑ , හතරැස් රත්තරන් පාට පෙට්ටියක් අතේ තියාගත්ත මෝරා ,නට නටා කාමරේ ඇතුලට පැන්නා.
"දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා ,දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා .."
" මොකද --- කෝ . ඔහ තව පොඩ්ඩෙන් තීන්ත කුප්පිය...." මෝරා නටපු නැටිල්ලට මම මගේ හීරෝ තීන්ත පෑනට තීන්ත දදා හිටපු කුප්පිය තව ටිකෙන් හතරවරම් ගහනවා ,
"මචන් ප්‍රගියා .. ඔන්න දෙයියෝ අපි දිහා බැලුවා ..අපි කිව්වට මගේ දිහා ..."
"ඇයි..."
"මේ තියෙන්නේ ගැලවුම් කරු .....ආන්ටි කිව්වා උඹත් එක්ක ගිහින් හෙට ඉස්කෝලේ අරුණට පස්සේ මේක චාන්දනී අක්කට දීල එන්න කියලා .."
"මොකක්ද ඔය .."
"මොකක් වුනාම අපිට මොකද බං.... දෙවියනේ අද සිට මම ඔබ කෙරෙයි ඉමහත් භක්තියෙන් කල් ගෙවමි ..."
"හොල්මං..... මුගේ විකාර ... " කොහොම වුනත් අර ගෑල්ලමයා දකින්න මගේ හිතෙත් ලොකු ආසාවක් නලියන බව මට දැනුනා , එත් වැඩක්යැ ... අපි පුවක් ගහක නැග්ගොත් එකෙත් දෙබලක් ... මූටත් එකිවම ඕන වුනානේ ,ෂෙක් ....
"මේ මතක් ඇතුව හුලං ගහන් වරෙන් අදම ..නැත්තම් උඹ හෙට කිව්වොත් ඩබල් දාන්න බෑ හුලන් මදි කියලා තොවත් බාවලා බයිසිකලෙත් ගිනි තියනවා , මම යනවා කොන්ඩේ කපන්න "
මටත් සද්දයක් දාලා මෝරා යනවා කොන්ඩේ කපන්න . මූ ලැස්ති වෙන හැටි දැක්කම මට මන් ගැනම දුකයි මොකද යකෝ ඉඳලා ඉඳලා කෙල්ලෙක් ගැන අමුතු හැගීමක් කියලා එකක් ඇතිවුනාමයි ... කෙලියා නේද එකටත් ..
වෙලාවකට ඔය අතිජාත මිත්‍රයෝ කියන එවුනුත් මහා වදයක් , මේ පෙන්නේ නැද්ද ?
කොහොමින් කොහොම හරි ඉස්කෝලේ ඇරෙනකම් හිටියේ හරිම අමාරුවෙන් , මෝරා මට වඩා අපහසුවෙන්ද නැත්තම් මම මොරට වඩා අපහසුවෙන්ද කියන්න දන්නේ නෑ ... පීරියඩ් වලට සර්ලා ටීචර්ලා ආවද නැද්ද කියලවත් මතක් නෑ .
"මේ අපි දැන් තදියමෙන් දිව්වා කියලා වැඩක් නෑනේ ... අරකිටත් එයාලගේ ඉස්කෝලේ ඇරලා ගෙදර යන්න ඇරලා යමු , "
"ඉතින් යකෝ ඔක්කොම ඉස්කෝල ඇරෙන්නේ එක වෙලාවටනේ "
" හරි යකෝ මැටි මෝරෝ , ඒ වුනාට අපි බයිසිකලෙන් ගහින් එතන එකී හිටියේ නැත්තම් මේක දීලා අරවා කාපු රිලව් වගේ එන්න වෙයි , ඒකනිසා එකී ගෙදර ගිහින් වොෂ් එකක් දාලා සෙන්ටිමෙටල් වෙලා ඉන්න ඇරලා යමු. "
"අම්මප ඒකත් ඇත්ත , අර ඥානතිලක සර් කිව්වා වගේ උඹටත් හිටපු ගමන් මොලේ පෑදෙනවා නේ "
"පල යන්න "
ඉතින් අපි දෙන්නා නිකං පාර්සලයක් දෙන ගියාට හිතෙන් ගියේ මනමාලියක් බලන්න යනවා වගේ , ගෙදරට ලන්වෙන්කොටම මම මෝරාගේ අතේ දුරින් ගියේ මගේ පපුවේ සද්දේ ඌට ඇහෙයි කියලා බයෙන් වගේ , ඌත් මගේ ලඟට ආවේ නැත්තේ ඒ නිසාමද මන්දා
අප්පේ පිළිවෙලට අතු ගාපු මිදුල මැදම වගේ තියෙන විලාට් අඹ ගහයට හදපු බැංකුවේ දිගාවෙලා පොතක් කියවන්නේ මේ එයා නේද?
මායි මෝරයි දෙන්නම එක සරේ දෙන්නට දෙන්නා දිහා බැලුනේ නොදැනුවත්වම ,
" චාන්දනී අක්ක ඉන්නවද?"
"අහ.... ආ ප්‍රගීත් ....ඉන්නවා එන්න ....."
කෙල්ල මගේ නම කියනවා ඇහුණාම මොරගේ මූණ කළු වුනා
" එකී කොහොමද උඹේ නම දන්නේ .."මෝරා රහසින් ඒ වුනාට උපරිම කේන්තියෙන වගේ මගෙන් අහනවා
" මං කොහොමද ඌරො ඒක දන්නේ "
" යමන්කෝ "
"ආ එන්න මල්ලි ...."
" අක්කේ අම්මා මේක දීලා එන්න කිව්වා ...."
"ආ තැන්ක්ස් මම ඊයේ ගියාට මේක ආන්ටිගෙන් ඉල්ලන් එන්න අමතක වුනා ආවට පස්සේ තමයි මතක් වුනේ , මල්ලිලා ඔය ඉස්කෝලේ ඇරලා යන ගමන්ද? "
"ඔව් අක්කේ ...අපි ගිහින් එන්නම් "
" හා ඉන්න ඉන්න මල්ලි මේ ආවමයි නේද ... ? කාලම යමු මම මේ උයන ගමන් අද ටිකක් පරක්කු වුනා "
" ආ අක්කේ මේ මේ ...."
"අනේ මේ මාලනී ආන්ටි මුකුත් කියන්නේ නෑ මෙහෙන් කෑවා කියලා පොඩ්ඩක් ඉන්න "
"ආ ඔය මේ අපේ තාත්තගේ බිස්නස් එකනේ , පාර අයිනේ ගහලා තිබ්බ බෝඩ් එක නිතරම කවුරු හරි ගලවනවා , එක නිසා දැන් මේ ඇතුලට වෙන්න් ගහලා තියෙන්නේ , කොහොමත් කට්ටිය දන්නා නිසා අවුලක් නෑ"
අක්ක එහෙම කිව්වේ මෝරා අඹ ගහට ඉස්සරහින් ගහල තිබ්බ බෝඩ් එක කියවනවා දැකලා ,
" ගම් බිත්තර සහ කරී චිකන් " කියලා කහ පාට ලෑල්ලක දුඹුරු පාටින් ලියලා තිබ්බ බෝඩ් එකේ බිත්තර සහ චිකන් මිල ගණනුත් සඳහන් වෙලා තිබ්බා .
"සුරංගා ප්රගීත්ලා එක්ක ටිකක් කතා කරකර ඉන්න මම ඉක්මනට උයනකම් "
අපි දෙන්නටම එක සැරේ නම කියවුනාට බයත් හිතුනා කාටවත් ඇහුනද කියලා
අනේ සොරි ප්රගීත්එදා පෑන වැටිලා ඔයා අරන් දෙන්න ගිහින් කට්ටිය විහිලු කලාද ?"
" අනේ නෑ එක අවුලක් නෑ"
" මාලනී ඇන්ටිට පුතෙක් ඉන්නවා අපේ ක්ලාස් වලමයි කියලා අක්කා කිව්වට මම ඔයාව දැකල තිබ්බේ නෑනේ "
සුරංගා කියවනවා හරියට ඉස්සර ඉඳන් දන්නවා වගේ ..මොරගේ කට ඇදවෙලා .. ඌ දැන් තරහින් පිපිරෙනවා කියලා මට හොඳටම ෂුවර්
" ඔයාව මාත් මීට කලින් වෙන ක්ලාස් එකකදීවත් දැකලා නෑනේ "
" ආ එකියන්න් ඔයා ක්ලාස් එන කෙල්ලෝ දිහා බලබලද ඉන්නේ ආ ...ඉන්න අක්කට කියන්නම් ආන්ටිට කියන්න කියලා .."
ෂේක් හතර විලි ලැජ්ජාවයි
"සුරංගා ආ ආ "
හොඳ වෙලාවට අක්කා කතා කළා සුරංගා කුස්සිය පැත්තට දුවගෙන ගියා ...
"මචං ... මේ එයි මොකද බං ....."
මෝරා කතාවක් නෑ
"පල යන්න පාප මිත්‍රයා ... " මෙන්න මූට මල පැනලා ...
"මොකද මචං "
"පල යන්න" කියපු මෝරා නැගිටලා එලියට ගියා ....මමත් ඉතින් උගේ පස්සෙන් ගියා
මෝරා අඹ ගහ පහු කරගෙන ගෙයි දකුණ පැත්තට ගිහින් නැවතුනා ..
"මචං බලු වැඩ කරන්න එපා හරිය .."
" මොකක්ද මං කරපු බලුවැඩේ?"
"උඹ අඩු ගානේ මාව අරකිට අඳුන්නලාවත් දුන්නේ නෑනේ .... "
"හරි ඉතිං............................"
"එයි අර බලපන්" මෝරා රහසින් ඒත් වේගෙන් කෙඳිරුවා
අපි හිටපු තැනට චාන්දනී අක්කලාගේ තාත්තගේ කුකුල් කොටුව හොඳින් පෙනුනා ... එතනට ආපු සුරංගා කුකුල් කොටුවේ දැල් දොර අරගෙන ඇතුලට ගියා ආපහු එලියට ආවේ කිකිලියෙක් කකුල් දෙකෙන් එල්ලගෙන , ඊට පස්සේ දොර අයිනේම තිබ්බේ පෙට්ටියකට ඇත දාලා ටිකක් විතර දිග පිහියක් අතට ගත්ත සුරංගා ගෙයි අපිට නොපෙනෙන පැත්තට ගියා ,
ටිකකින් අමුතු සද්දයකින් කිකිළි කෑගහනවා ඇහුනා , මායි මෝරයි දෙන්නට අරගත්තු කටවල් වැහෙන්න කොච්චර වෙලාවක් ගියාද කියන්න මට මතක් නෑ ....
ගෙදර එනකොට අම්ම දොර ළඟ .
"තමුසෙලා දෙන්න අර ළමයට කියන්නේවත් නැතුවද ආවේ , මිනිස්සු බය කරන්න එපා මෝඩයෝ ...."
කියපු අම්මා ටෙලිෆෝන් එක දිහාවට ගිහින් කෝල් එකක් ගන්නවා බල බලා අපි දෙන්න කාමරේට රිංගලා දොර වහ ගත්තා ..
එදායින් පස්සේ ආපහු ක්ලාස් වල අන්තිම පේළියම තමා , අයියෝ පලවෙනි ක්‍රෂ් එක
$$$$$$$$$$$$$$$

///""සුරංගා ""///
අපි දෙන්නටම එක සැරේ නම කියවුනාට බයත් හිතුනා කාටවත් ඇහුනද කියලා
$$$$$$$$$$$$$$

$$$$$$$$$$
ගෙදර එනකොට අම්ම දොර ළඟ .
"තමුසෙලා දෙන්න අර ළමයට කියන්නේවත් නැතුවද ආවේ , මිනිස්සු බය කරන්න එපා මෝඩයෝ ...."
කියපු අම්මා ටෙලිෆෝන් එක දිහාවට ගිහින් කෝල් එකක් ගන්නවා බල බලා අපි දෙන්න කාමරේට රිංගලා දොර වහ ගත්තා ..
එදායින් පස්සේ ආපහු ක්ලාස් වල අන්තිම පේළියම තමා , අයියෝ පලවෙනි ක්‍රෂ් එක
:) :) :) අයියෝ ....සුරංගනා .....
ReplyDeleteදෙන්නාටම එකම ඕන වුණ සීන් එක නම් වෙලා තියෙනවා ....
එහෙම වුනාම කොහොමද සැප
Deleteසැප කියලා වැඩක් නෑ .....
Deleteආ .....කියන්න අමතක වුණා ඔය වගේ කුකුල්ලු හදන තැනක ගෙදර ගෑණු මනුස්සයා ගෙදර දොරයි උලු අස්සයි අතරට කුකුලාව මරණවා දැකලා තියෙනවා ,සුරංගා එ අතින් හොදයි .....
දොරට හිර කරල මැරුවට පව් නෑලු .. මොකෝ දොර වහන්නෙ පන්සල් යන්න කියල හිතාගෙනලුනේ :D
Deleteඅන්න හරි පත්තරේ.. පවු නෑ..
Deleteඅනේ බොට හොඳ සාදු........ පාප මිත්‍රයා (වෙනවා එදා ඒ කෙල්ල කුකුලව මැරුවේ නැත්නම් )
Delete@ සහෝදර - මම ඔය කියන විදිහට මරනවා කියල අහල තියෙනවා , හැබැයි දකලනම් නෑ
Delete@ පත්තර & විදානේ - ඔව් ඉතින් පන්සල් යන්නෙත් ඔය දොර වහලම නේන්නම්
@ මැලේ රාළ - කුකුලව මැරුවේ නැත්තම් නේද ? අම්මේ මතක් වෙනකොටත් බයයි
Deleteඔය විදිහටත් කුකුල්ලු මරනවා බන්ස්ලා. ඒ මස් කන්නත් කැමති...ඒත් පවට බය එවුන්. පනුවොත් කොක්කේ ගහනවා..මාළුවාත් අල්ලනවා..කනවෙලාවට පානාතිපාතාත් මතක් වෙනවා. ඔහොම තමයි බන්..මොන දේ කලත් බඩටනේ :D
Delete@ අරූ -"මොන දේ කලත් බඩටනේ" අන්න කතාව වැඩේ කියන්නේ ඕක ඒ වෙලාවේ අපිට තේරුනේ නැති එකනේ
Deleteඅනේ ඕවා මොනාද බන්...මොනදේ කලත් බඩටනේ... අපේ කුකුල් කොටුව තිබ්බ කාලේ සීන් මතක් වුණා.
Deleteබයිසිකල් වල ඔහොම කටු කාපු හැටි මැවිලා පෙනුනා.. හෙහ් හෙහ්.. හැබැයි එකම කෙල්ලට ලව් කරපු සීන් එකක් නම් වුනේ නෑ.. පිස්සු හැදෙනවා බන් ඒවා මතක් වෙද්දී.. මගේ පලවෙනි ක්‍රෂ් එක මගේ දැන් බ්ලොග් එක කියවනවා ඉතින් මට ඔය සීන් ලියන්න ටිකක් ලැජ්ජයි වගේ.. හෙහ් හෙහ් මටත් ඇනෝ වෙන්න හිතෙන්නේ මෙන්න මේ වෙලාවට...
ReplyDeleteඉතිං බං ඇනෝ සංකල්පය තියෙන්නේ ඔය වෙලාවට ප්‍රෙයා්ජනයට තමා. නැතුව කුණු හරුප වපුරන්නෙ නොවේ. ලියපං ඇහැක් විදියට ඒවා ඇනෝ ඇවිත් හරි.
Delete@ පැතුම් - ඔය කට්ට කළා නැති එකෙක් ඉන්න විදිහක් නෑ මචෝ. ඒ කාලේ ඒ තරම් ආතල් එකක් ආයේ කියලා වැඩක් නෑ , ඇනෝ වෙලා හරි කමක් නෑ ඔය වගේ කතා තියෙනවනම් ලියමු, මොකෝ ඔහොම කතා නැති එකෙක් ඉන්න විදිහක් නෑ
Delete@ නලින් - සහතික ඇත්ත ඇනෝ වෙන්න් ඕනේ ඔයවගේ සුන්දර දේවල් වලට තමා , එහෙම නැතුව කුණුහරුප ඇද බාන්න නෙවෙයි
Delete@ පැතුම්......සුන්දර ඇනෝලා ගොඩාක් ඉන්න මේ බ්ලොග් ලෝකයේ, උඹ එහෙම සුන්දරයෙක් වෙන එකේ අවුල මොකක්ද?
Deleteපැතුම් අයියා කීවා නේද ට්‍රයි කරලා කරලා දා ගත්ත හද වගේ මුණ තියෙන කෙනාවම බැන්දේ කියලා, කොහෙන්ද ක්රස් එකක් දැන් ආවේ ඈ :D
Delete@ ඔමායා & පැතුම් - එහෙමත් එකක්ද ඈ....? :-o
Deleteපට්ටම කතාව ඉවාන් මේක කියවන කොට මට ඉස්සරවෙලාම මතක් වුණේ අර අලුතෙන් ප්‍රේමලතා කියලා ලියන බ්ලොග. ඒකේ ලියන්නෙත් බල්ලන්ගේ ඇට කපන එකයි මිනිහට ගහන ගෑණියෙකු ගැනයිනේ. කොහොමින් හරි ප්‍රථම ප්‍රේමය බොහොම ලස්සනට අපටත් අමතක නොවන ලෙස ලියා තිබෙනවා. පස්සේ මෝරා මොනවද ඒ ගැන කිව්වේ.
ReplyDeleteඔය ක්ලාස් යන කාලේ චිට් යවලා ෆිසික්ස් සර් ( සේනාරත්න) ගෙන් අපි කාපු පරිප්පුවක් මේ දැන් වුණා වගේ මතක් වුණා.
මේ කතාව ලියන්න කාලෙක ඉඳන් ඕන කමක් තිබ්බත් ,මේක කිව්වට කවුරුවත් පිළිගන්න එකක් නෑ කියලා මට හිතුනේ , මොකද කෙල්ලෙක් ඔහොම වැඩක් කරනවා කියලා කවුරුවත් හිතන්නේ නෑනේ , ඔය වීර කානතා බ්ලොග් එක කියෙව්වට පස්සේ මට හිතුනේ මේක සිම්පල් කේස් එකක් නේ එකත් එක්ක බලනකොට කියලා , එකයි ලිව්වේ .
Deleteමොනා වුනත් ඒ කෙල්ල මාර ලස්සනයි , ඒකයි මට කණගාටු
ඒ කෙල්ල මාර ලස්සනයි.එකයි මට කණගාටු.
Deleteයකෝ හරි කෙළියක්නේ එක.ලස්සන කෙල්ලෙක්ට කුකුලෙක් මරන්න බැරිද.?:D
බැරි නෑ පුළුවන් එකනේ මැරුවේ ... ඒ වුනාටස් පව් නැද්ද යකෝ ලස්සන කෙල්ලනේ :D
Deleteඉවාන් ගිය අවුරුද්දේ අපේ පැත්තෙ ගඟේ වතුරේ ගිහින් ගැහැණු ලමයෙක් මැරුණ කස්ටිය මාර විදියට දුක් වෙනවා,බලනකොට ගගේ ගිය කෙල්ල පස්ට ලස්සන කෙල්ලක්ලු ,එක නිසා දුක වැඩි වෙලා ....ලොක ස්භාවේ
Deleteඔව් බං ..ලස්සන හින්දා නේන්නම් මේ කෙලියත් වුනේ ... ලස්සන් ගායිකාවක් සින්දු කියනකොට සින්දුවත් ලස්සන් ඒ නිසානේ
Deleteයකෝ මේ බලහල්ලකෝ.....,
Deleteඔකොටම වඩා.... මුට දුක එකී ලස්සන උන එක.....!
නැතුව ඉතින් උඹ වගේ උගුඩුවෙක් බයිසිකලෙන් වැටිච්ච එකට දුක් වෙන්නැයි :P
Deleteඅනපේක්ෂිත අවසානය නිසා මට මොහොතකට හිතුණා මේක ගෙතූ කතාවක් ද කියලාත්.
ReplyDeleteමගේත් මුල් ක්‍රෂ් එක යාලුවෙක් වෙනුවෙන් කැප කරන්න වුණා පහේ පන්තියේදී.
තීන්ත පෑන්වලින් මං නම් අන්තිමට ලිව්වේ හතේ අටේ පන්ති වලදීයි. මේ ප්‍රගීත් කියන හාදයා මටත් වඩා පරණ පොරක් නේ!
අපොයි නෑ ඔයැයිට බාලයි.
Deleteපොඩ්ඩක් අතින් දාල තියන හැඩත් පේන්න තියනවා තමා කකා. එව්ව මොටද රහ ලියැවිල්ලක් දීල තියන කොට...
Delete@ කකා - අනපේක්ෂිත අවසානයක් තමයි මටනම් ඒ දවස් වලත් මේක , කාලයක් යනකම් මේක අමුතුම විදිහට හිත රිදෙව්ව සීන් එකක් වුනා .
Deleteමම නම් ඒ ලෙවල් ඉවර වෙනකම්ම තීන්ත පෑනෙන් ලිව්වා , මට මාර ආසාවක් තිබ්බා තීන්ත පෑනෙන් ලියන්න . කැම්පස් එකේදිත් ටික දවසක් තීන්ත පෑනෙන් ලිව්වා , එත් අන්තිමට එක කොරන්න් පුළුවන් කෙලියක් නෙවෙයි කියලා තේරුම් ගත්තට පස්සේ තමයි තීන්ත පැන නැවැත්තුවේ .
කකාට කියන්න පලවෙනි ක්‍රෂ් එකනම් මදැයි මට දෙවැනි ක්‍රෂ් එකටත් ඔය සන්තාසියම තමයි වුනේ ,
@ නලින් - අතින් දෙබස් ටිකක් එහෙං මෙහෙන් දැම්මට සිද්දිය සහතික ඇත්ත , අදටත් මෝරා ඔය ගැන කියන්නේ නිකන් තිගැස්සිලා වගේ , වෙන් හේතුවක් නෙවෙයි , ඒ කෙල්ලගේ ලස්සනත් එක්ක ඒ වැඩේ කොහොමටවත් ගැලපෙන්නේ නෑ , අනේ මන්දා ...
Deleteඉවාන් පවුලූශා මෙන්න මයි ෆර්ස්ට් ක්‍රෂ් (My first crush) එක.
Deleteඔය ප්රගීත්ටත් පෙන්නන්න.
ඉවා මමනං කැම්පස් ඉවර වෙනකම්ම ලිව්වෙ තීන්ත පෑනෙං :D හැක්
Deleteපත්තරේ, මම බ්ලොග ලියන්නෙත් තීන්ත පෑනෙන්. :D හැක්.
Delete@ කකා - හත් ඉලව්වයි කකා හතරේ පන්තියේදී නේද? ප්රගීත්ටත් පෙන්නුවා ඔන්න
Deleteඔය තීන්ත පෑනෙන් ලියනවට වඩා ඉන්ටරස්ටින් වැඩේ තමයි ඔය පැන සුද්ධ කරන එක. කෑලි කාලි වලට ගලවලා සුද්ධ කරලා හෝදලා වේලෙන්න තියලා ආපහු සෙට් කරලා තීන්ත පුරවල ගත්තම් ලියන්නේ නැතුව පැන දිහා බලා හ්ටියත් ඇති
Deleteපත්තරයා PHD එකේ තිසීස් එක ලිඉවෙත් තීන්ත පෑනෙන් කියන්නේ
Deleteඕ යේස්.. ආං ඒක ලීවෙත් තින්ත පෑනෙන් තමා.. තින්ත කූඩු හතක් ගියා බං ඉවර වෙද්දි අර කිව්ව එක :D
Deleteහපෝයි මට නම් තීන්ත පෑන් දිරෙව්වෙම නෑ.... කොහෙද ඉතින් කිසිම වැඩක් සීරුවට කරන්න ඇහැක් එකෙක් නෙමෙනෙ. තීන්ත පෑනෙන් ලියන්න ගත්තම නාහෙත් වදිනව තීන්ත.
Deleteමම නම් තාමත් ලියන්නේ තීන්ත පෑනෙන්.. ලීක් වෙනකන් ලියනවා...
Deleteමාත් හෙන ආසාවෙන් තීන්ත පෑනෙන් ලිව්වා A\L කාලෙත්. ඉවාන් කිවා වගේ ඕක සුද්ද කරන එක නේ වැඩේ.
Deleteකකා - හත් ඉලව්වයි කකා හතරේ පන්තියේදී නේද? ප්රගීත්ටත් පෙන්නුවා ඔන්න////
Deleteමේව දකින කට කකියනව යකෝ...
ඔව් ඉදගෙන...
අපි නොදන්න සෝය සෝස් කියන්නෙ මේවට වෙන්නැ
හෙක් හෙක් හෙක් ඕවට තමා මහේෂ් මලයා
Deleteඉවාන්....තීන්ත පෑනක් නම් තියෙනවා. ලියන්න හොඳ කඩදහියකුත් තියෙනවා. හැබැයි ඉස්සර වගේ තලේ මුවහත් නැහැ බන්. තීන්ත ඉවරවේගෙන යන ගතියක්ද මන්දා...
Delete@ අරූ - තීන්ත වේලීගෙන වගේ එනවද?
Deleteඅකුරු ලස්සනට ලියන්න පුළුවන් නිසා සහ ඇද අකුරු ලියන්න ආස නිසා මාත් තීන්ත පෑනෙන් තමයි හැමදාම ලීවේ.. කොච්චර පරිස්සම් කලත් බිම වැටිලා තුල කැඩුනම අලුත් තුලක් දාගන්න අඩලා සල්ලි ඉල්ලගන්න ඕනේ.. තීන්ත කුප්පිය ඉස්කෝල උස්සන් ගිහින් බෑග් එකේ හැලිලා අනේ පොත් වලට වෙච්ච අපරාදේ,ඒත් නැවැත්තුවේ නැහැ ..... යාලුවන්ගෙන් තීන්ත ඉවරවුනාම ඉල්ලගන්න හැටි,,,, සමහරු පෙරේතයි දෙන්නේ නැහැ,, එක්සයිස් පොත් වල ඉටිකොළ දාපු පිටකවරේ උඩට පෑනෙන් ගසලා බෙදාගන්න හැටි මතක් වුණා.... නිකන් කම්මැලි කමක් හිතුනම තීන්ත ඔක්කොම ගසලා ආයෙම ගන්නවා පෑනට...අප්පේ තීන්ත පැන කවදාවත් අමතක වෙන්නේ නැහැ
Deleteකතාව අලංකාර කර ලියලා තියෙන විදිය ලස්සනයි අයියේ..
@ ඔමා - ඔන්න් තවත් තීන්ත පෑන් ලෝලියෙක් , මාර ආතල් එකක් ගන්නේ ඔය තීන්ත පෑන්වලින් ඒ කාලේ , ඔය තීන්ත ඉටිකොලේට හලලා ආපහු ඇදලා ගන්න එකත් එයින් එකක් තමා , හැබැයි නිවාඩු දෙන දවසට නම් තීන්ත්ට පැන වහක් තමා , තීන්ත ගසනවා සුදු කමිස ගවුම් නිල් පාට වෙනකං
Deleteඅඩේ අර කකුල් දෙකන් උස්සන් ගියේ කිකිළියෙක් කියල හරියටම දැනගත්තෙ කොහොමද?
ReplyDeleteමොනව උනත් සුරංගා අපේ වීර කාන්තා වගේ දැරිවියක් නේද?
ජය වේවා!!!
පිරිමි බල්ලට දාලා ඔය කියන කෙනා ගෙනියන්නේ අමුතුම ලයින් එකක්. හොද කල්පනාවෙන් හිටපල්ලා.
Deleteකිකිලියෙක් කියලා දැනගත්තේ කොහොමද කියලා මටත් මතක් නෑ බං. සමහරවිට කුකුලෙක් වෙන්න ඇති . අනේ මන්දා ඕයි.. උඹ තාම ඇතුලට ගියේ නැද්ද?
Delete@ ඇනෝ - අර මොකෝ බන් අපි කල්පනා වෙන්නේ ,
Deleteමං හිතන්නෙ කෑගැහිල්ලෙන් වෙන්න ඇති.. මොකෝ සත්තුන්ගෙ උනත් ගෑනු පාර්සවේ අයගෙ කටවල් වල සද්දෙ පොඩ්ඩක් වැඩියි !!!!
Deleteඕ යේස් ..
උස්සන් යනකොට සුරංගාට කෙටුවද දන්නෑ.. කිකිලියෝ, කිකිළියන්ට කැමති නැතිනිසා..
Deleteසිරාවට ගෑණුන්ගෙ කටවල් ඇයි බං ඔය තරම් සද්ද? :)
Deleteමං හිතන්නෙ බං ගෑනුංගෙ සවුන්ඩ් කාඩ් එක ඔන්බෝඩ් නෙමෙයි එන්නෙ .. සෙපරේට් එන්නෙ හැක් .. ආං ඒකයි සවුන්ඩ් එක කොලිටි සහ සද්දෙ වැඩි :D
Deleteපත්තරයා ගෑනු ගැන නොදන්නේ මොනවද බං
Deleteඇයි බන් කරි චිකන් කියන්නේ කිකිලියෝ තමයි නේ. බිත්තර වලට ඇති කරන කිකිලියෝ බිත්තර මුරේ ඉවර උනාම කාරී චිකන් කරනවා.
Delete@ පත්තරේ,
Deleteඋබ හරි බන්, සවුන්ඩ් කාර්ඩ් එක සෙපරේට් තමා එනවා ඇත්තේ.....
හැක්.. මං කිව්වෙ බොරුද ඕං :D
Delete@ වීරේ - අනේ විදානේයා දන්න කාරී චිකන් .
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේක නිකන් ඔරේන්ජ් ක්‍රශ් එකක් වගේ.....
ReplyDeleteආයෙත් අහලා යෞවනයේ පොපියන චමත්කාරය
Deleteඅඩෝ යෞවනයේ පොපියන චමත්කාරය එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා. ඔය කැප් එක හෝ ජින්ගල් එක හැදුවේ කරුණාරත්න අබේසෙකරයන්ගේ පුත් දිලීප අබේසේකර නම් දක්ෂයා.
Deleteමතකද මේ සින්දුව දිලීප පොඩි පුතු..
දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
පරවි දෙපා වැනි
සුලලිත කෝමල
සුමුදු ටිකිරි දෑතේ
පුතු මිට මොලවන්
සඟවා ගෙන ඇත
මා නොලියුව ගීතේ
මහද විමානයෙ
තැන්පත් කල ලේ
බිඳුවක් අඩුව ඇතේ
එය සඟවාගෙන
බිලිඳු වෙසින් ආ
වස්තුව ඔබය පුතේ
දිලීප පොඩි පුතූ සනීපයට නිදි
මවගේ උකුල් යහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
ජීවන රජ දහනේ
ගායනය, සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - කරුණාරත්න අබේසෙකර
සින්දුව කරුණාරත්න අබේසේකරයන් ගේ කියලා දන්නවා , ඔය ජින්ගල් එක දිලීප අබේසේකරගේ කියලා දන්නේ අද ස්තුතියි අරූ
Deleteඅරූ, ඔය සින්දුවෙ පිටිපස්සෙ තියෙන කතාව දන්නවද? ඕක කරු ලියපු "සින්දුවක්" නෙමෙයි.
Deleteදන්නේ නැහැ. ලියපන් බලන්න කතාව කාටත් දැණගන්න. 'සින්දුවක්' නෙමේ නම් මොකක්ද බන්?
Deleteයැස් ඉන්දිකගේ කතාව මටත් තේරුනේ නෑ.. මොකක්ද "කතාව" ?
Deleteසුරංගා කිකිලිගේ බෙල්ල කැපුවා වගේ බෙල්ල කපයි කියලා බය වෙන්න ඇති නේද කොල්ලෝ දෙන්නා. හොඳ දඬුවම කෙල්ලන්ට පැණි පෙරණවට. හික්ස්.
ReplyDeleteපැණි පෙරෙන්නේ කෙල්ලන්ටනේ වස්තුවේ
Delete@ රංගි - බය වුනාද ,දුක හිතුනද මොකක් හිතුනද කියලා තාම හිතාගන්න බෑ. එච්චර ලස්සන කෙල්ලෙක් එහෙම දෙයක් කලේ කොහොමද කියලා නම් තාම හිතාගන්නත් බෑ . ඔය පැණි කියලා එකක් පෙරන්න් හැදුවමයි. මදැයි කොලා
Delete@ ඇනෝ - එහෙනං එහෙනං
Deleteක්‍රමවත්ව නං දින 28කට සැරයක් දින තුනක් විතර...
Delete@ ඇනෝ - උඹ මේ වෙන කුනුහරුපයක් නේද කියන්නේ ?
Deleteසොබාදහමෙන් වන දේවල් කුනුහරුප වෙනවද ඉවාන්...
Deleteනියමයි බං සුපිරියටම ලියල තියෙනව,ඔය වගේ ක්‍රෂ් කීයක් නං අනුන්ට දන්දීපු එකෙක්ද මම.වෙස්සන්තර ගෙ මල්ලි වගේ.ඒක නෙවෙයි කෙල්ල කුකුලව අල්ලං බෙල්ල කපන්න යද්දී තොපි බයවෙලා කන්නෙත් නැතුව ආත බුත කඩාගෙන ගෙදර දිව්වා නේද බං,අනේ අම්මප මෙහෙමත් ප්‍රේමවන්තයෝ දෙන්නෙක්.කුකුල් කොටුවෙ පිංතුරයක් දාල තියෙද්දී කුකුල්ලු මරණ සීන් එකකුත් ඇද්ද කියල මට නිකමට වගේ කල්පනා වුනා බැලුවම වැඩේ ඇත්ත.හොඳයි බං ගොඩක් රස වින්දා.
ReplyDeleteදිව්වද කියන්නේ හැලපයියේ .. ආයේ ගෙදර ආවේ කොහොමද කියලවත් මතක් නෑ. අර අක්කා බයවෙලා අම්මට කෝල් එකක් දීලා , අම්මා හිතලා තියෙන්නේ කන්න කියපු ලැජ්ජාවට අපි හොරෙන්ම ඇවිත් කියලා , අදටත් එයාලා දන්නේ නෑ ඇත්තටම මොකද වුනේ කියලා .
Deleteඇත්තටම අපිට ඒ වෙලාවේ හිතාගන්න බැරිවුනා මොකද වුනේ කියලා , හැබයි ඒ කෙල්ල මතක් වෙනකොට තාමත් නිකං හිතට අප්සැට් අප්පා ... හැබැයි අපි දෙන්නගෙන් එකෙක්වත් ඊට පස්සේ ඔය ගැන කතා කලේ නම් නෑ , ඒ මොකද මන්ද
මන්න පාර දෙකක් දීල උඹලව එලෙව්වෙ නැති එක ගැනයි මට දුක.. චැහ්
Deleteකාවද හැලපයියවද?
Deleteමන්න කෙසේ වෙතත් අද ඉවානක්කා බ්ලොගිය කියෝල කොහු පාරවල් දෙකක්නම් දුන්නලු ගෙඹිලූශට. තාම ඇඳ යට කියන්නෙ. අනේ මන්ද අපි දන්නෑ ඕව අහල පහල මිනිස්සු කියන කතා.
Deleteඅඩෝ රෝස බස්සි උඹ අපේ අහල පහළ මොකෑ කොරන්නේ
Deleteහැමදාමත් වගේ උඹගේ කතා විලාශය පංකාදුයි මලේ. හදවත් පැහැරගන්නවා. චිත්ත රෑප මැවෙනවා. මගෙත් A/L පංති ගිය කාලයට සිතිවිලි දිව ගියා. ස්වල්ප කාලයක් යැ දැන්.
ReplyDeleteඒත් අවසානය ඔහොම වෙයි කියලා හිතුනේ නෑ. අති සාර්ථකයි සහෝදරයා! ජය!
ආ සඳුන් අයියා කාලෙකින් , AL කාලේ ගැන කියන්න ඕනේ නෑනේ ඉතිං , මේ සිද්ධිය කවදාවත් අමතක් වෙන එකක්නම් නෑ , ස්තුතියි මොකද මේ දවස්වල බිසීද වැඩිය පෙන්න නැත්තේ
Deleteහොඳ වෙලාවට ආපහු ආවේ. නැත්නම් තොපි දෙන්නගේ ඇට කපලා සම්බෝල හදලා අතුරුපසට දෙනවා කෙල්ල! :D
ReplyDeleteඅනේ අපිනං ඒ ලෙවල් ක්ලාස් යන කාලේ ක්ලාස් විතරමයි ගියේ!
//"අනේ අපිනං ඒ ලෙවල් ක්ලාස් යන කාලේ ක්ලාස් විතරමයි ගියේ!"// ඇත්තද බං අම්මේ ....
Deleteඔය ඉඳල හිටලා කුකුලෙක් දෙන්නෙක් මාරුවට ඒ කෙල්ල අහිංසකයි බං
හෙන පෙරේත කමින් කියවන් ආවා බොල....උඹේ ලියන විලාසේ තමා විලාසේ.....හයියෝ සුරංගා බේරුනා උඹ වගේ ගෙම්බෙක් එක්ක යාළුනොවි.....හිකිස්....මටත් ක්‍රෂ් එකක් මතක් උනාලු...ඒකෙ නම් මන් යාළුවා හින්දා පැත්තකට උන සීන් එකක්...හම්මේ උන් දෙන්නා බැන්දේ නෑ බොල කෙල්ල නම් වෙන කෙනෙක් බැන්දා කොල්ලා තනිකඩයා අදටත් මා එක්ක වයිබර් කතා කරනවා....හයියෝ අන්තිමෙට එයත් මන් ගැන හිතන් ඉඩලා....මාත් හිතන් ඉදලා දෙන්නම හිතින් විතරක් ලව් කරලා....මන් අකමැති ඇති කියලා...මගේ යාළුව කැමැත්ත අහපු වෙලේ කැමති වෙලා....හපොයි සංසාරේ අදටත් අපි හොද යාළුවෝ .......ඒ කාලේ සීන් කිය කිය හිනා වෙනවා....මෑතකදි තමා දෙන්නම,දෙන්නට කැමැත්තෙන් හිටියා කියලා දැන ගත්තේ.....දැන් ඉතින් පරක්කු වැඩි හිකිස්.....මන් ඒකට කෙල්ලෙක් හොයනවා බොල දැන්...ඔන්න ඔහොමලු උනේ
ReplyDeleteහොද වෙලාවට අහිංසකයෙක් කිඹුලියෙක් ගෙන් බේරිලා..
Deleteමම වගේ කොල්ලෙක් එක්ක යාලු වුනානම් වැරදිලා තියෙයි එයාට හුහ් ...
Deleteහයියෝ කවුද බං ඒ නූලෙන් බේරුණු පින්වතා , ඌ එසේ මෙසේ පිනක් නෙවෙයි කරලා තියෙන්නේ , කිම්බුලියක් එක්ක ජීවිතේම ඉන්න වුනානම් ඌට තේරෙයි . කොහොම හරි දැන් ඌට කෙල්ලෙක් හොයලා දියණ අමාරුවේ දැම්මනම් අහින්සකයව .
අනිවා නලින් අයියා
Delete@නලින් අයියා @ගෙම්බා තොපි දෙන්නට කිව්වයි කියලා හිතා ගනිල්ලා....
Deleteඅපරාධේ ආවේ උඹලා වගේ පොරිසදයින්ට හරියන්නේ ඒ වගේ කෙල්ලෝ තමයි.
ReplyDeleteපොරිසාදයෝ ..? යකෝ අහිංසක මගේ මූණ බලාගෙන කියන්න පුළුවන් කතාවක්ද ඔය කිව්වේ ..
DeleteA beautiful story! Thanks.
ReplyDeleteස්තුති වේවා සරත් , සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට
Deleteඅම්මට බොල උඹත් එක්ක එයියෑ බැං ගෑනු.. අනේ සුරංගා උඹව බැදලා අර දිග මන්න පාරක් කෙලියෙ නෑනෙ උඹට .. ශික් .අවාසනාවක තරම.
ReplyDeleteමොකද යකෝ එහෙම කියන්නේ ,අපිත් එක්ක ආවනම් වැරදිලා තියෙයි , මාන්න පාර වදින්න් කලින් තමයි බොල මාරුවුණේ
Deleteමටත් ඔය ළඟින් යන සීන් එකක් උනා බං ලැජ්ජාව පැත්තකින් තියලා ලියලා දාන්නං :D
ReplyDeleteඔන්න බං අපේ ඒලෙවල් ක්ලාස් එන ලස්සන කෙල්ලෙක් හිටියා..ඒත් ලොකුවට ට්‍රයි නැතත් අපේ හිට් එකක් තමා, මමයි අපේ උනුයි දවසක් මලක් ගහන්ඩ සෙට්වෙලා ගිය උන් හිස් අතින් ආවා බඩු නෑ කොහෙවත් කියලා.. එකෙක් මට නැගපං කිව්වා බයික්කෙට පොට් එකක් තියනව කියලා.මට මොකෝ මාත් එල්ලුනා,හෙන අස්සක ගෙදරකට ගියා කව්රුත් ගෙදර නෑ.. ගේ වටෙන් කැරකුවා බයික්කෙ පිටිපස්සෙ කවුරුත් ඉන්නවද බලන්නඩ , කෙලියා නේද මේ කෑල්ල නානවා ලිඳේ.. කෙල්ලගෙ හිතේ අපි උවමනාවකට ඒකි හොයං ඇවිත් කියලා ඇයි xxx කියලා ඇහුවා..කව්දෑ දන්නෙ විකුනන්නෙ මුංගෙ තාත්ත කියල කලින් එතෙන්ට ඇවිල්ලම නෑනෙ.
.. අරූ පැනපු ගමං නංගි පොඩි වැඩකට ආවෙ තාත්ත ඉන්නවද ඇහුව බං.. චැහ්. ගම කෑවා ... මට කට අරින්ඩවත් උන් නෑ බං. එරෙව්වා එරවිල්ලක් අපි කොහෙන්ද ආවෙ කියල මතකත් නෑ...ඒ කෙල්ල පව් බං .එදා ඉඳං හම්බුනාම මඟ අරිනවා..!!!!
අයියෝ කෙල්ලව සෙට්කරගත්තනං මල් යායක තනිවෙන්න තිබ්බා....
Deleteමල් යහනාවකි ලෝකේ……
Deleteනෑවෙයි චන්ද්‍රාලෝකේ……
තොපි දෙන්න ඒකිට එහෙම වචනයක් කියන් නෑ, ශෝක් හුරුබුහුටි සීදේවි කෙලි පොඩ්ඩ බොලව්.. හැක් .. විදානෙයට සෙට් කොරල දෙමු ප්‍රියා .අපිටත් වාසියි :D
Deleteහැක්. //ශෝක් හුරුබුහුටි සීදේවි කෙලි පොඩ්ඩ// එහෙනම් ඉතිං ඕකටම සෙට් කරලා දෙමු. ඒත් මට හිතහදා ගන්න තමා ටිකාක් අමාරු. :)
Deleteමට දුක උඹලට මල ගේන්න බැරිවෙච්ච එක ගැන බං.
Deleteගිය යාළුවා දේශක වුණා නම් කොම වෙයි ද අර කෙල්ල නාන තැන දි ඔය මල් මුකුත් හොයන්නෙ නෑ .. :D
Delete@ අයියෝ පව් බං කෙල්ල - ඔය වගේ කෙල්ලොන්ට තමයි කියන්නේ
Delete" මල් මල් මල් මල්මැද පිපි බිනර මලී " කියලා
ප්‍රියෝ ආයෙ නෑ එලකිරි මාමන්ඩියෙක් සෙට් වෙන්නේ..දෑවැද්දට හඳෙන් බාගයක් දෙනවලු :D
Deleteනලින් අයියෙ .. හැක් . අපි දෙන්නට මල් පිපුනා බං .. ආයෙ හෙන වටයක් ගහල හොයාගත්තා..ගිය විදියට මවල හරි ගේන්ඩෙපැයි :D
සහෝදර .. දේශකය එක්ක ගියානං අපි තාම හිරේ බං .. හැක්
හැබෑට කෝ දේශක හිරේ ගිහින් ද ?වතුරට ගිහින් ද ?
Deleteඅද මං කතා කොළා දේශට. ඌට වැඩ වැඩියිලු මේ ටිකේ.
Deleteඅපරාදේ... ඒ කෙල්ලට බැරි උනානේ පත්තරයව ලිදට දාන්න... සැ.......
Deleteලිඳට දාන්න දෙයක් නෑ බොල අපි දෙන්න ඇදගෙන නෑවනෙ .. හැක්
Deleteඕක තමයි ඉවාන් කියන්නේ දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් ටොකු ඇණ ඇණ දෙනවාය කියලා ...................
ReplyDeleteකොහොමද ඉවන්ට සෙට් උනානං.. මෙලහකට තෙමිච්ච කුකුලා වගේ ඉදියි
Delete@ කුරුටු ගෑ ගී පවුර - ආයෙත් අහලා හැබැයි අපරාදේ අප්පා
Delete@ විදානේ - තෙමිච්ච කුකුලා නෙවෙයි එහෙනම් මැරිච්ච කුකුලා
Deleteතෙමිලා බේරුණොත් ලොකු දෙයක්.. එහෙනම් ඉවාන් වෙනුවෙනුත් අපිට දානයක් එහෙම දෙතහැකි..... හැක්
Delete@ කුරුටු ගෑ ගී පවුර - දානේටත් මස් ගන්න වෙන්නේ එහෙන්ම තමා
Deleteඋඹලා දෙන්නා ඔච්චරම බය උනේ උඹලා දෙන්නත් හොද කුකුල්ලු දෙන්නෙක් කියලා ඒ කෙල්ලට පෙන්නලා තියෙන්න ඇති. :)
ReplyDeleteකොච්චර උනත් අපරාදෙ බන්. ඇත්තද ඔය කරි චිකන් හයිය උනාට ගුණයි කියන කතාව.? පොඩ්ඩක් තරහා නැතුව අර කෙළි පොඩ්ඩගෙන් අහ ගෙනමයි උඹලා දෙන්නට පැන ගන්න තිබුනෙ. :D
හුකෑස් .. දවසේ කතවා
Deleteකරි චිකන් උනාට හයියයි.. හැක්
ඒක නං අහන්න ඕන කරි චිකන් කන උංගෙන් අපි කන්නෙ බ්‍රොයිලර් නොවැ.. :D
හැක් ඒක නෙමෙයි බං ආතල්ම සීන් එක.. නිමෝ බයික්කෙන් වැටිලා ලෙලි ගහගෙන.. ඌව බලන්ඩ අටමා ගිය පාර මුන් දෙන්න එක්ක අරක්කු බෝතලයක් ගෙනත් බීලා .. දෙන්නටම බඩු බනිස් .. හුකෑස්
Deleteප්‍රියා - කාරී චිකන් ගුනද කියලා දන්නේ නෑ බං. මොනාවුනත් මට තාම දුකයි වෙච්ච සීන් එකට . කුකුල්ලු නෙවෙයි බං ඒ කාලේ අපි කුකුල්ලුන්ට හෙල්ප් කරන එවුන්, මේ කෙල්ල අපේ ඉස්කෝලේ නෙවෙයි නිසා දන්නේ නෑ
Delete@ පත්තරේ - මං හිතුවේ උඹත් බ්‍රොයිලර් කුකුලෙක් කියලා හැක්
කරි චිකන් උයනකොට මස් ටික ගලේ තියලා තලලා උයපල්ලා මාර රසයි එතකොට
Deleteකරි චිකන් උයනකොට මස් ටික ගලේ තියලා තලලා උයපල්ලා මාර රසයි එතකොට
Deleteමුන් මාව මැරුවා මදිවට ගලේ තියලා තලනවා !"£$%^&*().....මීට කරි චිකනෙක්.
Deleteඅපරාදේ ගල :D
Deleteඅනේ ඒ මගුල හරි ගියානං ........ මට මැවිලා පේනවා කුකුලෝ මරණ ගැනිට බයේ ඉවානයා කාමරේ හැංගිලා බෝග ලියනවා ......... හි හි හි
ReplyDeleteනොදෝමකින් පාප මිත්‍රයෝ .. හැබැයි එහෙම වුනාට ඒ කෙල්ලගේ නරකක් නෑ බං. අපිට අරුමයක් වුනාට ඒකිට එක සාමාන්‍ය දෙයක් වගේ පෙනුනේ. එහෙනම් ලියයි බොග
Deleteහැක් ඒක නෙමෙයි බං ආතල්ම සීන් එක.. නිමෝ බයික්කෙන් වැටිලා ලෙලි ගහගෙන.. ඌව බලන්ඩ අටමා ගිය පාර මුන් දෙන්න අරක්කු බෝතලයක් ගෙනත් බීලා .. දෙන්නටම බඩු බනිස් .. හුකෑස්
ReplyDeleteලෙලි ගහගෙන තියෙන්නෙ මූ පොල් ලෙලි ගහන්න ගිහින් වත්ද? ;)
Deleteආරංචියට පස්වාන් දහසකට ස්තූතියි බං. කෝල් එකක් වත් වෙන්න ඌ සිහියෙන්ද දන්නෑ. හිටු බලන්න.
අරක්කු නෙවෙයි බං බියර් කෑන් එකක් බෙදාගෙන බීලා දෙන්නට වෙරිවෙලා තියෙන්නේ .. ගැලුමක ටෝක් මූඩියෙන් ෆ්ලැට්
Deleteචැහ් .. එහෙම අපහාස කොරන එක හරිද මං අහන්නෙ . :D
Delete@ පත්තරේ,
Deleteතොට පත්තරේ කියන්නේ නිකන් යෑ..... හිටහන් කෝ මට අහු වෙනකන් කැලැ පත්තරයා.
@ඉවාන්,
අඩා... ඔහොම නොන්ඩි කරන්න එපා බන්.... හිටහන්කෝ ගහනවා පත්තරයත් එක්ක ගිවිසුමක්, උබට වැඩේ දෙන්න.....
@ප්‍රියා..
අනේ බන් උබ කෝල් කොරද්දී වැඩක හිටියේ, පාප මිත්‍රයෙක් ගෙදරට ඇවිත් උ ලයින් කරන කෑල්ලගේ, ලැපා අව්ල් වෙලා කියලා බලෙන්ම ඇදගෙන ගියා බන්.....
බලං ගියාම මේ වැඩේ වෙච්චි නැති එකෙක් හොයාගන්න අමාරුයිනේ. මටත් ඔහොම පරිත්‍යාගයක් කරන්න වුනා.
ReplyDeleteයකෝ උඹලා බය වෙලා තියෙන තරං. ඔය අර අපි බලාපොරොත්තුවෙන අහිංසක සුකුමාල ගෑණු කමයි සැබෑ ජීවිතයයි අතර වෙච්ච දරුණු ඝට්ටනයක්නේ.
ඔය වැඩේ වෙච්ච නැති එකෙක් නම් මම හිතන්නේ නෑ හොයන්න පුළුවන් වෙයි කියලා ,කල්‍යාණ මිත්‍රයෙක් හිටියනම් ඕක ඉරහඳ වගේ ෂුවර් .
Deleteඔව් ඩූඩ් ඇත්තටම අපි බය වුනාට ඒ කෙල්ලටනම් එක මදුරුවෙක් මරණ ගානට සරලයි වගේ, සමහරවිට පොඩි කාලේ ඉඳන් දැකලා දැකලා හුරුවෙලා වෙන්නත් ඇති. අනේ මන්දා
තවත් කල් පස්සෙන් ගෑටුවානම් අර පිහියෙන් බෙල්ල කපලා ඔරේන්ජ් ක්‍රෂ් බොනවා වගේ ලේ බීලා තමයි අතාරින්නෙ. තේරුනාද?
ReplyDeleteආයේ පස්සෙන් යන්න තරම් එඩිතර කමක් තිබ්බනම් බැරිය , ඔන්න් ඒ දවස් වළල් ඔබතුමාවත් මුණගැහිලා තිබ්බනම් LMG එකක් වත් අරන් යන්න තිබ්බා
Deleteඉවාන්..... නරියට කුකුල්ලු බර දුන්නා වගේ උනේ නැනේ......
ReplyDeleteකුකුල්ලු බාරගන්න තියා නරියා පැත්ත පලාතක් නෑ ඊට පස්සේ
Deleteහපොයි... මෙහෙම කතාව අවසන් වෙයි කියල නම් හිතුනේ නෑ... කොහොම වුනත් කතාව ලියල තියෙන විදිහ නම් හරිම අපූරුයි.. එක හුස්මෙට කියවගෙන ගියා වගේ ...
ReplyDeleteඔයා තියා ,එතනට යනකන් මමවත් හිතුවේ නෑ ඔය විදිහට අවසන් වෙයි කියලා මගේ ක්‍රෂ් එකේ කතාව
Deleteමාරු කෙල්ලෙක්ව නෙහ් බන් උබලා අතැරලා තියෙන්නේ දඩමස් පාරක් එහෙම හදවගන්න කියපු කෙල්ලෙක් නෙහ්'
ReplyDeleteආයෙත් අහලා , දඩමස් කෙසේ වෙතත් නියම සුන්දර ජෙව්විතයක් නම් ගෙවන්නැ තිබ්බා හැක හැක හැක
Deleteමදැයි කෙල්ල පිහියත් අතේ අරං "එක කනක්කත් දියන්" කියකියා පස්සෙන් එලෝපු නැති එක. කුකුලගෙ බෙල්ල කපපු එකීට ගෙඹි ඔලුව කජ්ජක්ද! හයියූ පව් මුන් දෙන්නා.... සැජ්ජාවයි!
ReplyDeleteඒ කතාව කිවුවම ඒ කාලෙට ආයෙ ගියා වගේ.
ඇල්මෙන් බැල්මෙන්
හෙමින් සීරුවෙන්
වචනයෙන් දෙකෙන්
දොඩමළු වෙමින්.....
සිරාවට ඒකෙත් අපූරු ගතියක් තියේ නේද! :D
ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ (A Story Of Touch Hole)
Deleteඉවාන් ෂුවර්ද මේ සුරංගා බස්සි නොවේ කියලා...
Deleteමටත් හැකයි නලින් අයියා...!
Deleteමේ මදුරුවෙක්කත් මරන්නැති අහිංසක මම! මූ ඒ ලෙවල් කරන කාලෙ මං මොන්ටිසෝරි යනවා නලින් මාමෙ.
Delete@ නලින් - හප්පේ බස්සි වගේ කොට ඩයල් එකක් වුනානම් අපි පැත්ත පළාතේ යන්නේ නෑ නලින් අයියේ :P
Delete@ බස්සි - නොකිව්වට යකෝ අපි දෙන්නා ඇත්තටම බය වුනේ කෙලවෙයිද කියලා තමයි , මොකෝ අර ද්රකිව්ලා ෆිල්ම් එහෙම බලන කාලේ නොවැ. දෙලෝ රත්වුනා
Deleteකියලා වැඩක් නෑ ඉවානයෝ.. මේක කෙටි කතාවක් නම්... මම කියවපු හොඳම කෙටි කතාව..
ReplyDeleteපට්ට කියන්නේ වල්ල පට්ට හොඳම එක.. නිකන් වත් හිතන්න එපා උඹ පුම්බන්න කිව්වය කියාලා.. නැත්නම් අර හැලප මචා මාව මරන් කයි... මේ ළඟදිත් කින්ඩියක් දාලා තිබුනා..
මේ සත්‍ය කතාවක්නේ.. පොඩ්ඩක් ආාරලු බූරලු දාල ඇති රහ කරන්න.
Delete@ මාතේ - මේක මට වෙච්ච ඇත්තම් සීන් එකක් , මම හිටියේ මේකෙන් කෙටිකතාවක් ලියන්න තමයි , එත් මේ දිනවල කෙටි කතා ලිවීම ඇඟට ගුණදායක නොවන බැවින් මෙහෙම ලිව්වා .
Deleteඅනික තමයි මං හිතුවේ මේ කතාව කවුරුවත් විශ්වාස කරන එකක් නෑ කියලා , හැබැයි එහෙ කුකුල් කොටු තියන ගෙවල් වල අවුරුදු දහයේ දොළහේ ළමයි පවා ඔය වැඩේ කරනවා කිසි ගානක් නැතුව
////එත් මේ දිනවල කෙටි කතා ලිවීම ඇඟට ගුණදායක නොවන බැවින් මෙහෙම ලිව්වා . /////
Deleteඔන්න බලහන් ඉවානයෝ.....පසුගාමි චින්තනයක හැඩරුව.
මෙහෙම කොහොමද වැඩ කරන්නේ....යකෝ අපිට කියන්න ඉතුරු කරපන්. තොපි ලියපන්. ඔහොම දේවල් හීනෙන්වත් හිතන්න එපා. සංවාදශීලි වෙයන්කෝ බන්. හරි දුක හිතෙනවා. නියමායි කියාගෙන ඉන්නම් බන් සහතිකයි. අපි පවු බන්...පුකට දුම් ගහගන්නම්....හිනාවෙයන් යකෝ...අඬන්න එපා..
@ අරූ - අනේ ඕකට දුක හිතෙන්න එපා අරූ. මම නිකම් කිවව දෙයක් ඕක, මම ලියනවා ,ඔයාල ඕන දෙයක් කියන්න , ඔයාලා කියන්නේ නැත්තම් කවුද කියන්නේ, මේක මගේ ඇත්ත අත්දැකීමක් එකයි මට හිතාගන්න් බැරිවුනේ මේකෙන් කෙටි කතාවක් ලියනවද නැත්තම් මෙහෙම ලියනවද කියලා ,
Deleteසුරංගා එච්චර දරුණුද බං...මට නම් හිතාගන්න බැරි උනා...සතෙක්ව මරන්න හිත හදාගන්න පුලුවන් කෙල්ලෙක්ට පෙම් කරලා කුමකටද...කරුණාවක් නැති ගල් ගැහුනු හදවතක්....
ReplyDeleteදැන් බොට පත්තරයට අමතරව මරණ තර්ජන කරන තව කෙනෙක් ඉන්නවා එහෙනං...පණ බේරගෙන ලියන දෙයක් ලියමු මිත්තරයා. මගේ ජීවිතෙත් මේ වගේ ලව් නාටක බොහොමයක් තියෙනවා...ඒවා ඉදිරි දිනවල දැහැමින් සෙමෙන් ලියා පලකරන්නම්...ඒ කාලෙ කොච්චර සොදුරුද අනේ...මතක් වෙද්දිත් හිතට පවන් වදිනවා...
උඹට කියන්න සිරෝ ,එකී දරුණු නෑ බංඅහිංසකයි , හැබැයි ඔය කියන දේ එයාලගේ ජීවිතේ සාමාන්‍ය දෙයක් බං.
Deleteසුරන්ගාට බය වුනාට ඔය පත්ත්රයා කියන හැලගේම්බා ට කවුද බන බය . ඔන්න් ඒ ටිකට් හෙමි හෙමින් ලියාපන් , උඹ ලයන ස්ටයිල් එකට එක කියවන්න් ආසයි
maru ,lassnai- N
ReplyDeleteතැන්ක්ස් ඇනෝ
DeleteN??????
හෆ්ෆට සිරි කිවුවලු.. ඒක සෙට් වෙලා පවුලක් පන්සලක් වෙන්න සෙට් උනනම් මොනා වෙයිද කියලා මම මේ හිතුවේ.. හරි භයානක දේවල් හිතුනා බං.. ඒ හන්දා ඔහොම හොදා.. මොනා වුනත් සිරා කේස් එක.. මගෙත් ඉතින් පළවෙනි සීන් කෝන් එක තියෙන්නේ ඔය කාලෙදිම තමා..
ReplyDeleteඔය කිව්වට එකී දැක්කම එහෙම හිතෙන්නේ නෑ බං. වැඩියම අප්සෙට් ගියේ ඒ නිසා . කොහොම මෙහෙම දෙයක් කලාද කියලා හිතාගන්න් බැරිවුනා
Deleteහෆොයි ඉවාන්ටත් වෙන දේවල්. මටත් තියෙනවා නේ ඔය වගේම රුමටයි මටයි දෙන්නටම එක වර ගෑනු ළමයෙක් ගැන අදහසක් පහල වෙච්ච එකක්. වෙලාවක ලියල දන්නා ඕන ඒක. පලවෙනි සැරේ A\L කරද්දී අපේ කොල්ලෝ සෙට් එකත් එක එකාගේ කෙල්ලෝ නිසා නොගිය පන්තියක් නෑ.
ReplyDeleteඔය අතිජාත මිත්‍රයෝ ඉන්නවා නේද ? ඕකුන් හින්දමයි ලවකට කෙලවුනොත් කෙලවෙන්නේ , AL ක්ලාස් යද්දී කෙල්ලෝ කියන්නේ මහා පොදු සාධකය නේ , ලියාපන් බලන්න ඒ කතාවත්
Deleteහෆොයි ඉවාන්ටත් වෙන දේවල්. මටත් තියෙනවා නේ ඔය වගේම රුමටයි මටයි දෙන්නටම එක වර ගෑනු ළමයෙක් ගැන අදහසක් පහල වෙච්ච එකක්. වෙලාවක ලියල දන්නා ඕන ඒක. පලවෙනි සැරේ A\L කරද්දී අපේ කොල්ලෝ සෙට් එකත් එක එකාගේ කෙල්ලෝ නිසා නොගිය පන්තියක් නෑ.
ReplyDeleteමම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මාත් ලියන්න උත්සහ කරා...මගෙ කතාවත් ඇවිත් කියවල හොද නරක පෙන්වල දෙනවනම් ගොඩාක් පින් http://mylifeasamuslimgirl.blogspot.com/
ReplyDeleteකොමෙන්ටුවේ හැටියටනම් නරකක් වෙන්න දෙයක් නැතිවෙයි වගේ , අපි ඇවිත් බලන්නම් ,
Deleteඅඩේ ෂෝර්ට් ෆිල්ම් එකක් බැලුව වගේ...!! පට්ට කතාව..
ReplyDeleteරෙඩ් පෙන් එකක් කරපු හරියක් නෙහ්.. :D
සංචාරකයා කාලෙකින් , තැන්කිව් වේවා ඈ
Deleteඅපට සිරි ඔය ලව් කරන්න කලින් දැක්ක නිසා බේරුනා නමුත් මට උනේ මෙහෙම අපි ලව් කරලා බැන්දා . ඉතින් ඉට පස්සේ කේක් ගෙඩි උස්සගෙන අලුත බැදපු ජෝඩුව, පළමු වතාවට ළඟ නැ ගෙවල්වලට යනවනේ . අර සිරිතක්ද මොකක් ද කියලා තියන නිසා .
ReplyDeleteඅපිත් නොකියම ගියා වයිෆ් ගේ පැත්තේ නැගෙදරකට දවල් වරුවේ. දවල්ට් කන්න කියලා පොරේ. ඔය සිද්දියම උනා ඒ ගෙදර ,හැබැයි දවල්ට කාලයි අවේ. වයිපරේ සින් එක දැකලා කුස්සිය පැත්තේදී තටු සුද්දකරනවා. ගෙදර ආවහමයි මම දන්නේ
හෆොයි , එත් ඉතින් බැන්දට පස්සේ ඔහොම වුනා කියලා මොකෝ අතාරින්නයි . පරාණ බයෙන් ජීවත් වෙනවා මිසක් :D
Deleteනෑ බං අපිට එක ලොකු දෙයක් වුනාට සමහර අයට ඒක ගානක්වත් නෑ
දුවගෙන ආවා ඉවාන්ගේ ' first crush ' එක බලන්ට. :)
ReplyDeleteඒ කාලෙත් පැණියානේ...:D
ලියලා තියෙනවා හරිම අපූරුයි. එකදිගටම මහන්සියක් නැතුව කියාගෙන ගියා. අර සිංදු කෑලි, (මෙයා දන්න සිංදු ගොඩ )යාලුවා එක්ක කතා කරන විදිය එහෙම ඇත්තටම මේ දැන් වෙනවා වගේ. ෆිල්ම් එකක් බැලුවා වගේ තමා.
මේ කියන දේ කතාවට සම්බන්ධ නෑ. ඒ වෙලාවේ ගේ පිටිපස්සට ගිහින් මෙහෙම කුකුලෙක් මරන විදියේ ඉස්කෝලේ යන ගෑනු ලමයි ගැන ඉන්නවද? මම හිතුවේ ගෙදරක ඉන්න පිරිමි කෙනෙක් ඔය වගේ දේවල් කරනවා ඇති කියලයි. ලොකු ගෑනු කෙනෙක්වත් එහෙම කරනවා ඇති කියලා හිතුනේ නෑ. ගොවිපොලක් වගේ එකක ඇරෙන්ට.
මොකෝ ඒ කාලෙත් පැණියා කියන්නේ දැනුත් පැණියාද ?
Deleteමම තව සිංදු දන්නවා වෙලාවක් එන්නකෝ ඔයාට කියන්න
ඔය දේවල් එයාලට ගානක්වත් නෑ. ඒ සමහර ගෙවල් වල ඔය වැඩේ කරන්නේ අවුරුදු දහයේ දොළහේ පොඩි ළමයි , එයාලා එකට හුරුවෙලා , මම එක සැරයක් කල්පිටියේ ගිය වෙලාවක දැක්කා පාර අයිනේ කුකුල්මස් විකුණන කඩයක් ,ගෑනු කෙනෙක් පනපිටින්ම කුකුලව උතුරන වතුර හැලියේ ඔබලා ගන්නවා තටු හැලෙන්න .
හත් ඉලව්වයි.. තව පොඩ්ඩෙන් මුන් දෙන්නටත් වෙන්නේ ඒ දේම තමයි....
ReplyDeleteපව් මෝරා......
ආයෙත් අහලා , ඇයි යකෝ මෝරා විතරද මම පව් නැද්ද?
Deleteහයියෝ....... ඊයේ කියවන්න ඇවිල්ල දිග වැඩි නිසා යන්න ගියා....
ReplyDeleteඒක හොදයි කියල හොදයි කියල දැන් හිතුන බන්.....
පුදුම රසයක්.......යකෝ.......
අපි සුන්දරව දැක්කට ........ අනේ මන්ද.......
හැබැයි මුහුදු කරයේ සහ කතෝලික ගම් පැතිවල ගැහැණු ලමයි ඔහොම කරනව දැකල තිබෙනව ...
ඒත් උඹලගෙ පැත්තෙ ......????
කෙන්ජයියා ..පැත්ත මොකක් වුනත් මිනිස්සු එකයි කෙන්ජයියා .. සුන්දරව දැක්කට ඕක තමයි ඇත්ත , හැබැයි එයාල කරන්නේ වැරද්දක් කියලා ගානක්වත් නෑ , ඒක සාමන්‍ය දෙයක් එයාලට
Deleteමම හිතුවෙි තවත් කෙටි කථාවක් කියලා. බලපන් පැය 5 ට උඹට තින හිට්,
ReplyDeleteකෙටිකතාවක් ලියන්න තමයි හිටියේ මේකෙන් , එත් මෙහෙම හොඳයි කියලා හිතුනා අන්තිමට . මොකෝ ඇත්තටම වෙච්ච් සීන් එක නිසා . hit තමයි ,heat වෙනවා මතක් වෙනකොට
Deleteනෑ..නෑ මෙහෙම හොදයි
Deleteහම්මෝ....
ReplyDeleteකුකුල මරණව දැක්ක හිංද නං නෙවේ වෙන මගුලක්...
කවද හරි දවසක් ඔය වගේ බෙල්ල කපල දායි කියල හිතුණද දන්නෙ නෑනෙ...
ලිවිල්ල නං පට්ට ඉවාන් අය්යෙ...
ජයවේවා
අනිවා මල මගුලක් වෙන්නේ එහෙනං , හැබැයි වැඩක් නෑ බං , කොහොමත් මගේ අතිජාත මිත්‍රයට දන්දෙන්න වෙනවනේ කෙල්ලව , ඒ නිසා ඔහොම් වුනු එක හොඳයි
Deleteමුගේ තියෙන කුහක කම? D....
Deleteකුහක නෙවෙයි යාළුකම පැත්තක් තියලා උගේ බෙල්ල මිරිකන්න හිතුනේ ඉස්සෙල්ලම , ඇයි යකෝ ඉඳලා ඉඳලා කෙල්ලෙක් දිහා බැලුවම ඌටත් එයාවම ඕන වුනා
Deleteකුකුලෙක් මරන එක දැක්කම බය වෙන්නේ කුකුලෝ විතරයි කියලයි මමනම් හිතාහිටියේ....හයේ අටේ ඉලන්දාරිත් බයයිනේ බලාගෙන යනකොට...
ReplyDeleteහරි ලස්සනට රටා දාලා, පඬු පොවලා ගෙතුවාම මාගලක් උනත් හරිම හැඩයි...
හැබැයි මමනම් එකඟ වෙන්නේ නැහැ ඒ ගෑල්ලමයට කරපු අසාධාරනේට..
තව ටිකක් දුර යන්නයි ඔහේලා දෙන්නාටම තිබුනේ...
බය වුනාද ? මොනවා වුනාද මන්දා අප්පා , තම හිතා ගන්න බෑ එවෙලේ ඇතිවෙච්ච හැගීම ,
Deleteමමත් කැමති නෑ ඒ අසාධාරනෙට , එත් මොනා කරන්නද මට බැහැලා වැඩේ කරගෙන යන්නත් බෑ , මොකද කලින්ම ඉල්ලුම් පතරේ දැම්මේ මොරනේ , අන්තිමට ඌටත් නෑ මටත් නෑ
මඟක් යනකල් ඔයවිදිහට ගිය මගෙ ප්‍රථම ක්‍රශ් එකත් ඉවර උනේ අර වගෙ කයිය ගහලා.. කුකුලො නෙවෙයි මට ඌව මරන්න හිතුනා. ඒක ලියල තියෙන්නෙ හැබැයි ඉතින් එහෙම ක්‍රෂ් බූටක් කාටවත් වදින්න එපා කියලයි ලියන්න වෙන්නෙ. (ඒ කිව්වට එහෙම උන හින්දයි අපේ හාමිනේ හම්බ උනේ..හ්ක්ක්) මේක බූට් සතිය වෙන්නත් එක්ක දාන්නංකො හෙට අනිද්දට
ReplyDeleteඅන්න වැඩේ "බූට් සතිය" වෙන්නත් එක්ක දාමු ඒක . මටත් අරූව මරන්න තරම් කේන්තියි , එත් මොනා කරන්නද එකටම හිටපු එකානේ . අනේ සංසාරේ කියලා ඉවසගෙන හිටියා .
Deleteමටත් 50% ක් විතර කවර් කරලා දුන්නහැකි :D
Deleteබූට් තියනවා ගමකට .හැක්
යුද්ධ කාලේ ආමි එකට බූට් ගත්තේ උඹෙන්ලු නේ..?
Deleteහොඳ වැඩේ ඔයාලට , ලස්සන කෙල්ලෙක් දැක්ක ගමන් පස්සෙන් දුවනවට. කුකුලගෙද කිකිලිගෙද මන්ද බෙල්ල කැපුවෙ නැත්නම් දෙන්නගෙ යාලුකමත් ඉවරයි එදාම :)
ReplyDeleteහැබැයි කිකිළි ජීවිතය දීලා යාළුකම බේරුවා එක තමයි ඇත්ත .
Delete""ලස්සන කෙල්ලෙක් දැක්ක ගමන් පස්සෙන් දුවනවට"" පිස්සුද මෙයා අපි ඔයාගේ පස්සෙන් ආවැයි එහෙනම් ...:D
(ඔන්න කීයක් හරි දෙන්න ඔයා ලස්සනයි කිව්වට )
කතාව හරිම ලස්සනයි ඉවාන්. මේක සම්පූර්ණයෙන්ම ඇත්ත සිදුවීමක්ද? අර කුකුලා මරපු සිදුවීම එහෙම????
ReplyDeleteකතාවේ දෙබස් සමහරක් ඇරුනම අනිත් සියල්ල ඇත්ත . ඔය කුකුලා මරපු සිදුවීම නිසා තමයි මම මේ කතාව මෙච්චර කල් නොලියා හිටියේ, මොකද ඕක පිළිගන්නේ නෑ ගොඩක් අය.
Deleteබොරුවටනේ බයවෙන්න ඇත්තේ... ඒ ළමය කුකුළාගේ නියපොතු කපන්න අරං යන්න ඇති... හි.. හි...
ReplyDeleteකොහොමත් 'ඇත්ත' කුකුලෝ බයයිනෙ පිහි දැක්කම... හිතාගන්න පුළුවන් ලත් තැන ලොප් උනහම දැනෙන දේ.. අනිත් එක ඔය වයසට චුට්ටක් ඒක තද පහරක්..
ඔව් එකත් ඇත්ත සමහරවිට කුකුලගේ නියපොතු කපන්න් ගියාද දන්නෙත් නෑ තමා ,
Deleteඇත්ත කුකුලා කවුද බොල.... චුට්ටක් නෙවෙයි බං ඒක හොඳටම තද පහරක් , ආයේ වැදුනා කියන්නේ කියලා වැඩක් නෑ
හොද වෙලාවට උබලා දෙන්නා ආවේ .. නැත්නම් අර කුකුලට වෙච්ච දේ තමයි උබටත් වෙන්නේ ...
ReplyDeleteඅනේ මන්දා හිතලා ආවේ නෑ, ඉබේ යැවුනා එතනින් , බයවුනාද නැද්ද කියලවත් මතක් නෑ
Deleteමම හිතන්නෙ ඔය වැඩෙ කලෙ කෙල්ල බොලා දෙන්න එනපොට හරිනැතිවග තෙරුන නිසාම වෙන්න ඔන.අනෙ උබට එකෙල්ල බන්දන්න කවුරුවත් හිටියෙ නැ නේ.
ReplyDeleteඅපිත් ගියා ඔයකාලෙ එක නැට්ටෙ දෙහි හොයන්න බයිසිකල් වලින්.
ඒ කෙල්ල බන්දන්න හුහ් , උඹල වගේ එවුන් ඒ කාලේ හිටියේ නැති එකමයි කාරිය
Deletemama N Ano,anola godak ennawa ne.akai
ReplyDeleteස්තුතියි N ඇනෝ එත් මම බැලුව මොකක්ද මේ N කියලා
Deleteකුකුලෙක් නිසා කුකුල්ලු දෙදෙනක් පලායති....
ReplyDeleteකුකුල් කමට නෙවෙයි අෆ්ෆා අපි සත්‍ය ප්‍රේම භ්රුංග රාජයෝ එතකොට ,ඇත්තමයි
Delete