Showing posts with label විරිදු. Show all posts
Showing posts with label විරිදු. Show all posts

Monday, March 13, 2023

වැස්ස

 



අදත් වැස්ස වහින සඳේ මතක සුවඳ දැනේ , සීතල වැහි පොදේ මතකද තෙමුණා දෙන්නා. 


මීට අවුරුදු හැටපහකට විතර කලිං මට අවුරුදු 5දි විතර වැස්සට යන්න වැස්සෙ තෙමෙන්න එක එක කන්ඩිෂන් තිබ්බා. ඉඳලා ඉඳලා වහිනකොට එලියට යන්න විදිහක් තිබ්බෙ නෑ අත්තම්මා කිව්වෙ " අලුත් වැස්සට තෙමෙන්ඩ එපා පුතේ " කියලා, මඳ වැස්සට තෙමෙන්ද එපා , හිරිපොදේට තෙමෙන්ඩ එපා , පාන්දර වැස්සට තෙමෙන්ඩ එපා. හැන්දෑකරේ වැස්සට තෙමෙන්ඩ එපා වගේ එක එක ඒවා. "එතකොට අත්තම්මේ මොන වැස්සටද තෙමෙන්ඩ පුළුවන් ?".
"%@& ඒක අහගං තොගෙ මහ එකාගෙං. තොට ඕන මංගල්ලයක් කරගනිං... මං නෑ ඇහැක් ඇරලා බලන්නෙ .#&#&#" ඔන්න ඉතිං උත්තර.

Friday, February 6, 2015

ගෑල්ලමයා මං


පවුලට මුලටම ආවම
වාසනාව ගෙනවාලු
පවුලට වාසනා ගෙනා
ගෑල්ලමයා මං
 
පව්ලේ පුතෙක් නැති වුනාම
කරුමෙට ඉපදුනාලු මම
පරපුර මග නතර කරපු
ගෑල්ලමයා මං
 
 
 ඉස්කෝලෙට යන එනකොට
පරිස්සම් කරන්න බැලූ
පුතෙක් වුනානම් ලේසිලු
ගෑල්ලමයා මං
 
ලොකු ළමයෙක් වුනාලු මම
නාන්න කන්නත් නැතිවම
ගේ මුල්ලේ හිර කරාපු
ගෑල්ලමයා මං
 
ඊට පස්සේ ආමරුයිලු
තනිව යන්න දෙන්න බැලු
කරදර දෙක තුන කරාපු
ගෑල්ලමයා මං
 
බස් එකේදී කෝච්චියේදී
බැංකුවේදී පෝලිමේදී
ඇඟට වැටෙන පිරිමි පැන්නු
ගෑල්ලමයා මං
 
ඔෆිසියේදී පොලීසියේදී ට්‍රිප් එකේදී පන්සලේදී
දෙපිට කැපෙන වචන වලට
ඇහෙන්නේ නෑ වගේ හිටපු
ගෑල්ලමයා මං
 
ආදරයේ නාමයෙන්ලු
විදලා පනින්නට හදාපු
හැමගෙන් ගැලවී සිටිනා
ගෑල්ලමයා මං
 
පොරුවේදී කලන්තේ දා
වැටෙනා තුරු බලා හිටපු
නෑදෑ මුණු ඇඹුල් කරපු
ගෑල්ලමයා මං
 
නැන්දම්මයි රෙදි නැන්දයි
නෑනලා හරි අඩ දුසිමයි
අදින්න ගිය වලිය නැවතූ
ගෑල්ලමයා මං.
 
බැඳලා දැන් අවුරුද්දයි
තාම නැද්ද ළමයි බමයි
අහනා හැමට හිනා වෙච්ච
ගෑල්ලමයා මං
 
හපොයි හරිම මුසලියක්
ගෑල්ලමයි මයි ලැබෙන්නේ
හැමෝගෙන්ම බැනුම් අහන
ගෑල්ලමයා මං
 
 

Friday, February 7, 2014

ශක්‍ර Visit



එක දවසක් හැන්දෑවක - පොතක් බලන වෙලාවක
ටොමියා බුරනා සද්දෙට - දාලා බැලුව ඇහැ වටේට
ජෝකරයෙක් වගේ ඇඳුම - ඔලුවේ රන්වන් තොප්පිය
සපත්තු උල නහය ලඟට - හිනහත් යනවා දැක්කම

පැන්නා ගෙදරින් පාරට - දිව්වා මිනිහා ලඟටම
"මං අහන්නේ ශ්‍රී එෆ් එම් " - කිව්වා මං ගත් කටටම

මොකක්ද පුත ඒ කියන්නේ - මොකද ඔයා එහෙම කිව්වේ

හුටා වැඩේ කෙලවුනාද - විහිලුවක්නේ මම කරන්නේ
අවුරුදු විස්සක් තිස්සෙම - සිරස තමයි මම අහන්නේ

මල පනිනවා මට දැන් පුත - මොනවද මේ සඟිස්කුරුත

එහෙනම් මේ දෙරණ නේද -  අනර් අක්කි ආවේ නැද්ද

බොල තක්කඩි බූරු පුතේ - මම ඕවා දන්නේ නැතේ
පඬුපුල් ආසනේ ඉන්න - බැරි තරමට රස්නේ වෙන්න
හේතුව මොනවද බලන්න - මෙලොව ආපු ශක්‍රයා මම

එල කිරි ශක්‍රයා අංකල් - ප්ලේන්ටි බොමු කාල දොදොල්
ඔයාගේ පුත් වයිමා මල්ලි - මිනිහා අපෙ හොඳ ගජයා

ඇයි අංකල් හිටපු ගමන් - ආවේ කුකුළා අතේ අරන්
ප්‍රශ්න මෙහේ නෑනේ ඉතින් - යන්න වෙන්නේ හිස්ම අතින්

කරවිල කෑවලු පවුලක් - කන්න දෙයක් නැතුව දිනක්
මොකටද පුත මෙහෙම රටක් - උණුවුනි පඬුපුල් අසුනත්

පිස්සුද ශක්‍රයා අංකල් - කවුද කිව්වේ ඔය මැන්ටල්
ෆැමිලි චැනල් නිව්ස් වලත් - තිබුනේ නෑනේ එහෙම එකක්


හදා ගන්න බැරුව පුතෙක් - පැන්නලු ලිඳකට අම්මෙක්
ඇහුන වෙලේ ඒ පුවතත් - දෙව් ලොව සැප එපා මටත්
පුතේ තවත් අම්ම කෙනෙක් - දැම්මලු ගඟකට ළමයෙක්
හදාගන්න නෑ විදිහක් - ඉතින් කොහෙද මෙලොව සැපක්

ඉස්කෝලෙට සපත්තුවක් - නැතිව හිටපු තවත් දුවෙක්
කෑවලු වස ගෙඩි වගයක් - අයියෝ සුන්දර දිවියක්
පුතේ තවත් එක පවුලක් - හදාගන්න බැරුව පැලක්
ඉන්නවාලු ඇතුලේ ගලක් - නැද්ද උඹට දැනුනේ දුකක්

පාසල් යන මල් කැකුළු - වනසනවා දන සළෙලු
සියක් ගණන් දැරියන් මෙහෙ - මව් පදවිය ලැබුවාලු

ඉස්කෝලේ පාඩම් පොත - වෙනුවට පුත තබනවා අත
දරු උපතක් වළකන්නට - හැකිවෙන ඒ බෙහෙත් පෙත්ත

රජරට පෙර රට කරවූ - වකුගඩු දෙක නරක් නොවූ
කෙනක් හොයා පෙන්නුවොතින් - දහස් ගණන් දෙමි පඬුරු
රෝගෙන් නොමැරී හිටියොත් - හොඳ වතුරම ඉල්ලූවොත්
වෙඩි තියලා දානවාලු - පාසල් යන පොඩි කොල්ලොත්

අංකල් මට ඔන්න මල  - ජිනීවා යන අතරමග
ඉඳල ආව ගමනක්ද - ඔයා අපේ හතුරෙක්ද 
ලෝකේ සන්තෝසයෙන් - ඉන්නම මිනිහා අපෙන්
ආර්ථිකේ වර්දනෙත් - යයි ඉහලට රිටක් මෙන්

අංකල් ඔය කිව්වට - කැම්පස් යන කෙල්ලට
කන්‍යාභාවය තිබේද - බලන ලෝකේ රට අප
මොකටද පොඩි කෙල්ලෝ අපිට -  සුද්දියෝ ඇත ඕවට 

ඔයාව අපේ රට වට - ගෙනියමි රවුමක් හෙට
ඔයාට ඔය බොරු කිව්වේ - අංකල් මංගලමද ?

දියත උයනේ ගිහිල්ලා - වෝක් එකක් දමාලා 
වතුර මලත් බලාලා - පාක් එකේ සෙට් වෙලා 
කොල්ලුපිටියේ ගිහිල්ලා - මෙහෙ ලස්සන බලාලා 

තව අවුරුදු දහයකින් - එන්නට හැකිනම් ඉතින් 
හම්බන්තොට එක්ක ගිහින් - පෙන්නමි සුර පුර මිහින්
ඒ වුනාට මේ අහන් - අහනු එපා බොරු වදන් 
රට ගැන හරි දේ දකින්න - බලන්න ෆැමිලියෙ චැනල් 












Saturday, September 21, 2013

පුංචි පහේ මං

                 
                
                             අම්මා

පුතේ මගේ හොඳ දරුවෙක් වෙන්නබලන්න
අනාගතේ අපි සැමගේමදිදුලවලන්න
අප්පච්චියි මමයි මියෙන දවසකඔන්න
අපිට ඕන ඔයාව ලොක්කෙක්කරවන්න


පුතා
  
ලොක්කෙක් නම් අම්මෙ කොහොම බැරිවද වෙන්න
දැන් ඒවට ක්‍රම සහ විධි තියෙයි නොදන්න
මගේ අනාගතෙ ගැන නම් එපා හිතන්න
මම දන්නවා තියෙන ඉහල තැනටම යන්න


අම්මා
  
ඔයා හිතන් ඉන්නේ ඩොක්ට කෙනෙක්ම වෙන්න
ඉංජිනේරු කෙනෙක් වෙන්න බැරිද බලන්න
එකවුන්ටන් කෙනෙක් වුනත් කම් නෑ ඔන්න
ගුරුවරයෙක් වීලා විදුහල්පති වෙන්න


පුතා
  
ඩොක්ට කෙනෙක් ඉංජෙක් විදුහල්පති වෙන්න
කැම්පස්වල කොච්චර කල් වේවිද ඉන්න
එහෙම ඉඳල අවුට් වෙලා ජොබක් හොයන්න
මටනම් බෑ පාරේ උපවාස කරන්න


අම්මා
  
එහෙනං උඹ හිතන් ඉන්නේ ක්‍රිකට්ගහන්න
රගර් බෝලේ අතේ තියන් ප්‍රැක්ටිස්යන්න
ටෙනිස් කැරම් බේස් බෝල් දිගට ගහන්න
ක්‍රීඩාවත් හොඳයි ඉතිං තැනකට එන්න


පුතා
  
පිස්සුද මට නම් බෑ ඉස්පෝට් කරන්න
මට ඕනේ ඇස්ට්‍රොලොජර් කෙනෙකුන් වෙන්න
එතකොට පුළුවන් ප්‍රසිඩන්ට් වුනත් නවන්න
මට ඕනෑ හැටියට පාලනේකරන්න
  
කැන්ගරු දේශේ අගමැති ගෙදර යවන්න
ලෑන්ඩ් කෲස් එකේ නැගලා රවුම් ගහන්න
සුනාමි එන දවසක් හරියටම කියන්න
එහෙම අයට මොනවද බැරි කියල කියන්න
  
කඳ සුරිඳුන් එක්ක වුනත් ෆිට් එකෙ ඉන්න
එයා උපන් දවසට පාටියක් දාන්න
කතරගමට දාස් ගණන් සෙනග යවන්න
ගේමට එන හැමටම පිලිකා හදවන්න
  
ගණිතය විද්‍යාව දැනන් කුමක් කරන්න
ඉස්කෝලේ ගිහිං බෑනේ කාලය කන්න
ජෝතිෂ ග්‍රහ විද්දියාව ගැන දැනගන්න
ජුන්මල පීරිසිය ලඟට ක්ලාස් යවන්න
  

Saturday, September 14, 2013

විරිදු සුරල් (මාතලන් නිසා ලියූ ..........)



මිහින් රටේ මහා රජාට ගේමක් දෙන්න
නයි නළඟන එක්ක එන්න කෙන්ජි යවන්න
එක්ක ඇවිත් එජාපයේ ලොක්ක කරන්න
රනිල්ට වැඩි දෙයක් ඇහැකි ඈට කරන්න
යූ.එන්.පිය නග්ගන්න
නග්ගල රට අල්ලන්න

සෝමක්කගේ වාහිණියේ නිව්ස් බලන්න
මිණී හතයි රේප් දෙකයි ගණන් කරන්න
ඊට පස්සේ නයි.ටී.එන්. නිව්ස් බලන්න
ආශ්චර්යේ පාරදිගේ ඇවිදන් යන්න
පිල්ලෙ එක්කං එන්න
මල් පිපිලා පෙන්නන්න

විග්නේෂ්ගේ ප්‍රතිපත්තිය ඉරල දාන්න
ඉරල දාල කේ.පී. මහඇමති කරන්න
ජයලලිතා එක්ක එන්න රට පෙන්නන්න
ඒ ආවම මට පුළුවනි එයා බඳින්න
ප්‍රපෝසල් එක දෙන්න
ලොක්කට සමාව ගන්න

කවුන්සිලේ සිවුර ඇඳන් පුළුවන් ඉන්න
එහෙනං බොල මොකද බැරිද ගෑණු ඉඹින්න
හෙළ ජාතිය රකින ගමන් වොඩ්කා බොන්න
බීලා කොළඹ හතරවටේ කාර් පදින්න
දිල්කට එපා කියන්න
වෙන ප්‍රශ්නයක් අහන්න

ප්‍රාදේශිය ආණ්ඩුවේ ලොක්කා වෙන්න
එතකොට ලයිසොන් ලැබෙනවා රේප් කරන්න
නිල් බලකායේ ලොක්කට ගොටු අල්ලන්න
කවදා හරි පෙට්ටි හාරසීය කඩන්න
කඩල පාටි දාන්න
ලොකු ලොක්කොත් ගෙන්නන්න

බුද්ධ රූපේ පච්ච කොටල නිගරු කරන්න
එන්න එපා හරවල අපි යවනව ඔන්න
පන්සලේදි නිල් පාටින් ෆිල්ම් හදන්න
අවුලක් නෑ ඒකෙන් ආගම රැක ගන්න
බෙන්ස් කාර් ලබන්න
මහනායකවත් වෙන්න

බෝට්ටුවක් වත් එන්නැති පෝට් හදන්න
කටුනායක සිට මත්තල නොමිලේ යන්න
නොරොච්චෝලෙ මේ මාසෙත් මෙන්සස් ඔන්න
චීන්නුන්ට අරකත් දෙමු අරගෙන යන්න
ජිනීව කෙලින්ම යන්න
මිහින් එකට නගින්න

කොන්ඩේ බැඳපු චීනුන්ගෙන් ලෝන් ගහන්න
බෙහෙත් ටිකට වීදුරු කටු දාලම දෙන්න
පෙට්‍රල් ඩීසල් මොකටද කොලිටිය තියෙන
ලාම්පුතෙල් ගහල බැරිද කාර් දුවන්න
හිටියම වන්දි ගෙවන්න
ඇමතිට ජෝකර් වෙන්න

විදුලිය නැති මිනිහෙක් ඉන්නවද කියන්න
එක් පුද්ගල අදායම නගිනවා මෙන්න
ඒ වුනාට කාල බීල සතුටින් ඉන්න
දෙදාස් පන්සීයක් ඇති ගැනල බලන්න
මදිනම් වරෙල්ල යන්න
බන්දුගේ ටියුෂන් ගන්න

විදුලි පුටුවේ වුනත් ඉඳිමි අඬලා කියන්න
පපුවට ගහගෙන බබාලා වඩන් ඉඹින්න
දේශප්‍රේමෙ යමරෙට ඇත නැතුවට කන්න
අපිට රජෙක් ඉන්නව දෙවි පිහිටෙන් ඔන්න
කේතුමතිය මවන්න
චින්තනයෙන් කොරවෙන්න

මෙසිරිලකේ අසිරිය ඔබ හට පවසන්න
විරිදු පේලි ටිකකින් බෑ තේරුම් ගන්න
ආශ්චර්යේ ගෙයි වහලෙන් වැටේවි ඔන්න
එතකං කට උඩට කරන් බලාන ඉන්න
අපිටම චන්දය දෙන්න
දීලා දෙකට නැවෙන්න



ප.ලි. මේ විරිදු සුරල් ලියන්නට සිත්වූයේ අද මාතලන්ගේ

කාන්තාවන් දූෂණයෙනුත් ලංකාව පෙරමුණේ - 14.5% of men in SL 'admit rape'


පොස්ටුවේ මුල් ටික කියවද්දීය .( විරිදු සුරල් තාලය සොයා ගැනීමට  රන්වල බලකායේ  පහත වීඩියෝව බලන්න )