පවුලට මුලටම ආවම
වාසනාව ගෙනවාලු
පවුලට වාසනා ගෙනා
ගෑල්ලමයා මං
පව්ලේ පුතෙක් නැති වුනාම
කරුමෙට ඉපදුනාලු මම
පරපුර මග නතර කරපු
ගෑල්ලමයා මං
ඉස්කෝලෙට යන එනකොට
පරිස්සම් කරන්න බැලූ
පුතෙක් වුනානම් ලේසිලු
ගෑල්ලමයා මං
ලොකු ළමයෙක් වුනාලු මම
නාන්න කන්නත් නැතිවම
ගේ මුල්ලේ හිර කරාපු
ගෑල්ලමයා මං
ඊට පස්සේ ආමරුයිලු
තනිව යන්න දෙන්න බැලු
කරදර දෙක තුන කරාපු
ගෑල්ලමයා මං
බස් එකේදී කෝච්චියේදී
බැංකුවේදී පෝලිමේදී
ඇඟට වැටෙන පිරිමි පැන්නු
ගෑල්ලමයා මං
ඔෆිසියේදී පොලීසියේදී ට්‍රිප් එකේදී පන්සලේදී
දෙපිට කැපෙන වචන වලට
ඇහෙන්නේ නෑ වගේ හිටපු
ගෑල්ලමයා මං
ආදරයේ නාමයෙන්ලු
විදලා පනින්නට හදාපු
හැමගෙන් ගැලවී සිටිනා
ගෑල්ලමයා මං
පොරුවේදී කලන්තේ දා
වැටෙනා තුරු බලා හිටපු
නෑදෑ මුණු ඇඹුල් කරපු
ගෑල්ලමයා මං
නැන්දම්මයි රෙදි නැන්දයි
නෑනලා හරි අඩ දුසිමයි
අදින්න ගිය වලිය නැවතූ
ගෑල්ලමයා මං.
බැඳලා දැන් අවුරුද්දයි
තාම නැද්ද ළමයි බමයි
අහනා හැමට හිනා වෙච්ච
ගෑල්ලමයා මං
හපොයි හරිම මුසලියක්
ගෑල්ලමයි මයි ලැබෙන්නේ
හැමෝගෙන්ම බැනුම් අහන
ගෑල්ලමයා මං
මේ ගොන්පාට් චින්තනයෙන් අපේ සමාජය මිදෙන්න තව පරම්පරා හතක්වත් යයි මගේ හිතේ. අපි දෙන්නත් බැඳලා තීරණය කරා අවුරුදු දෙකක් යනතුරු ළමයි හදන්නේ නෑ කියලා. මෙන්න බොලේ අපි දෙන්නගෙම වැඩිහිටියෝ පුකට පැට්‍රෝල් ගකලා වගේ දඟලනවා අපේ ගෑණි තවම බඩ වෙලා නෑ කියලා.
ReplyDeleteඅනිවා! මටත් ඕනි බැඳල අවුරුදු දෙක තුනක් වත් පුල් ආතල් එකේ ඉන්න. සමහර උන් බැඳල දසමාසෙ වෙනකොට අතින් කටින් එල්ලගෙන. ඒත් මන් දන්නවා මටවත් අපේ පවුලෙ අයටවත් නැති ප්‍රශ්න සේරම එයි අහල පහල උන්ට. නොදකින් මේ රට!!
Deleteවිචාරක - ඔන්න විචා මාමේ පස්න , කොච්චර වුනත් හදිස්සියයි , උනනදුවයි තියෙන්නෙම පිට එවුන්ට. හරියට උන් කන්න අඳින්න දෙනවා වගේ .
Deleteමනොෂ් - ඉතින් ඒ අවුරුදු දෙකත් ඔහොමම ඉඳලා එකපාරම කසාද බැඳපන්කෝ
දුකට කාරණය නම්.. ඕවා හිස් මුදුනින් පිලිගන්න උන්.. අපි මක්කා හරි කිව්වොත් සරම කරට ගන්න එක.. හැබයි ඉතින් සරම ඉස්සුවට වැඩක් නෑ.. ජුන්ඩා නෑ..
ReplyDeleteඅදත් එයිද දන්නේ නෑ එයාලා..
මේවා හිස් මුදුනින් පිළිගන්න නිසා තමයි අපේ සබ්බියත්වේද, අබිමානේද සංගිස්කුරුතියද ඔය හැම එකම රැකිලා තියෙන්නේ කියලානේ ඔය අටපට්ටම දොරමඩලාව පෙට්ටගම කුරුනිය ගගා තියෙන හැම වැඩසටහනටම එන රෙද්ද සුදට අඳින හැම එකාම කියන්නේ
Deleteආයේ අඩුවක් පාඩුවක් නැතිවම
ReplyDeleteලියලා තියෙනවා ඉවාන් අයියා..
එහෙනම් එච්චරයි දිලිනි ..තැන්කිව් වේවා
Deleteබ්ලොග් එකක් ලියනවයි
ReplyDeleteකියා කියා ඇවිදින
රුසියානුවාගේ කණට ගහපු
ගැල්ලමයා මං
කඩා වැටුනා හමෝම හිතු
Deleteප්ලේන් තුනක් උස්සලා හංගපු
මැලේසියානුවා මං :P
හෙහ් හෙහ් සිරා කවි පෙළ බන් .. මේ ගෑල්ලමයි ඉවානයට සලකනවා මදි .............. :D
ReplyDeleteඉවාන්ගේ හිතේ ඉන්නෙම ගෑනු ලමයිනේ. ඒකයි ඔය....:P
Deleteඅස්සලාම් අලෛක්කුම්!!
Deleteපැතුම් - එකනේ බන් සලකන්නෙම නෑනේ ... බලපංකො :P
Deleteපොඩ්ඩි - මේ මොනවා කියනවද මෙයා ... හිත පුරාම ඔයා
මනොෂ් - හෑ...............!!!
මිනිහ ලියන මදාවි කවි
ReplyDeleteමගේ එකේ දාන හින්ද
මගෙ කවියක් දාන්න බැරි
ගෑල්ලමය මං
++++++++++++++++++++++++++++++++++
Deleteමදාවියා - හම්මේ මොකටද ඉතිං මගේ කට
Deleteහැක් හැක්...
Deleteපීත්රූ මූලික සමාජක්‍රමයක් එන්න ඉස්සර මාත්රූ මූලික සමාජයක් තිබුනයි කියල සාධක තියනව. Mother Goddess වන්දනාව ලෝකෙ හැමතැනකම වගෙ තිබුනයි කියල. දැන් එහි නෂ්ඨාවශේෂ කාලි, පත්තිනි වන්දනාවෙ තියනව.
ReplyDelete(ඉවාන් අහල නැද්ද ඉතාලියෙන් එන සමහරු එවැනි ක්‍රමයක් යටතේ දැන් වාසය කරනවයි කියල?)
ඉතාලියේ මොකක්ද අප්පා, මෙහෙත් එහෙමනේ.. ගෘක මූලික අස්සන ගහන්න විතරක් නෝනා කතාකරන මම නම් කියන්නේ එකත් ඔහේම අස්සන් කොරා නම් ඉවරයිනේ කියලා.. මක්කටෙයි නිකං ඡන්ද කොමාසාරිස්ට උනත් බොරු කියන්නේ..
Deleteඅනික මෙහේ ගිරාම සේවකත් නෝනා කෙනෙක්.. ඉතින් එයාගේ ඉස්සරහම ඔය කතාව කිව්වාම එයා කියන්නෙත් ඇත්තක් නැත්තෙමත් නෑ කියලා...
ප්‍රා
Deleteනැතුව නැතුව ආරංචි කොච්චර ආඩම්බර කමට ඇතෙක් වගේ හිටපු කොල්ලෙක්ද?
දුකේ බෑ බඩ පපුව දාලා යනවා
අපේ ගෙදරත් මාතෲ මූලික..
Deleteඅන්දකාරෙන් දුරාතීතේ අන්දකාරෙට අනාගතයේ
Deleteරැගෙනයාමට කතා පුවතක් අන්දකාරේ සිට කියන්නේ
බොහෝ දේ සිදුවූ අතීතේ වැළලිලා ඇත අන්දකාරේ
පොළෝ පස් යට උනුන් කඳුලැලි ලෙයත් දහදිය එකට මුසුවී
පොළෝ තලයෙන් වැසුනු බිජුවට නැගී එන සේ දිනෙක පසුකල
අතීතේ සැඟවුනු කඳුලු බිඳු ලෙයත් දහදිය මද සිනා රැළි
අන්දකාරෙන් දුරාතීතේ නැගී යලි එක්වේය අප හා
අපේ කඳුලැලි ලෙයත් දහදිය සමග මුසුවී ලෝ දහම සේ
අන්දකාරෙන් දහස් වසරෙක මෝහයෙන් තව දහස් වසරෙක
මානයෙන් යළි පන්සියක් කල් වසා සැඟවූමුත් කුවේනිය
අදත් ඇය අප දෙස බලන්නී හෙටත් යළි අප දෙස බලන්නී
දුරාතීතේ අන්දකාරය මැදින් සිට එබිකම්කරන්නී
සදා ඇය අප හා සිටින්නී දොරින් දොර සැම තැන වෙසෙන්නී
එදා හෙලු කඳුලුත් රුහිරු බිඳු සදා අප වෙනුවෙන් හෙලන්නී
සදාකාලෙම ලොව පහල වූ සදාකාලෙම ලොව පහල වන
කුවේනියමයි එකම ගැහැණිය එදා උපනත් අද උපන්නත්
ඇයයි දුක් පීඩා විඳින්නේ ඇයයි වද හිංසා දරන්නේ
ඇයයි අවමානය ලබන්නේ ඇයයි යකිනිය නම් ලබන්නේ....
නාට්‍යය - කුවේනි
ප්‍රා ජේ - මාතෘ මුලික සමාජයක් ලංකාවේ තිබුනද ? කොහොමත් මේ වගේ විෂයන් සම්බධව විමසන්න් හොඳම පුද්ගලයා තමයි ප්‍රා ජේ . අනික් කතාව ගැන නම් මොනවා කියනවද ප්‍රා, මේ ලඟදි මං කෝල් එකක් ගත්ත ඔය ඉතාලි හාදයට ලංකාවට ආවා කිව්වම . මචං මම පොඩ්ඩකින් ගන්නම් හාමිනේ ළඟ ඉන්නේ කිව්වා. තාම ආරංචියක් නෑ
Deleteමාතේ - මාතලන් ඔය කියන කතාව ඒ කාලේ අපේ අප්පච්චිත් නිතරම කියනවා . අම්ම කියන්නේ නම් මොකක් හරි පරිප්පුවක් කන්න තිබ්බොත් නම් තාත්තා ගෘහ මුලික කම ලෝබ නැතුව පරිත්‍යාග කරනවලු .
මෙන්ඩෝ - ඒ හරිය මොකට කියනවද
සිංදු ඇනෝ - උඹ නැතුව පාලුවෙක් හිටියේ , ඔය සින්දුව කාලෙකින් මතක් වුනේ . ඉස්සර ටී.වී. එකේ කුවේණි නාට්‍යය බැලුවට පස්සෙද කොහෙද
ලංකාවෙ තිබුනද කියල මං හරියට දන්නෙ නෑ, ඒත් මාත්රූ දෙවඟන ලෙස සැලකෙන් crude විදිහට හදපු මැටි රූප නම් හමුවෙනව. කොහොමත් ලොකයේත් ප්‍රාග් අයිතිහාසික කාලයේ තමයි. ග්‍රීසියේ පීත්රූ මූලික sky gods ඇවිත් මාත්රූ දෙවඟන සැමියාට යටත් භාර්යාවකගේ තත්වයට දැම්ම කියනවා .
Deleteපුලුවන්නම් http://www.goodreads.com/book/show/634067.The_Golden_Fleece කියවන්න. Jason and Argonauts ( golden fleece) කතාව Mother (Earth) goddess Vs Sky Gods විදිහට තියනව.
ඉතාලියානු ප්‍රශ්නය විග්‍රහ කිරීමේදී - ෆෝන් එකෙන් කතා කිරීම කවුරුවත් වලකනවා හෝ බයක් නෙමෙයි මං හිතන්නෙ ශොපින්යාමේදී වීල්බැරෝවක් ලෙස භාවිතාවෙන පුද්ගලයෙකුට දුරකතනයෙන් සංවාදයක් ගෙනයාමේ අපහසුතාවය
ස්තුතියි ප්‍රාජේ ලින්ක් එකට . මමත් දන්නා තරමින් ලංකාවේ මාතෘ මුලික සමාජයක් තිබු බවට සාධක නෑ . ඒත් අතීතයේ මීට වඩා ගෞරවාන්විත තැනක් කාන්තාවන්ට ලැබුණු බවනම් අවිවාදයෙන් කියන්න ඕන .
Deleteඉතාලියානු ප්‍රශ්නය ගැන විග්‍රහය සත්‍ය වීමේ සම්භාවිතාව 200% කි.
ආ අර ලින්ක් එකට ගියාම තව දෙක තුනක් ලැබුනා කියවන්න .. ස්තුතියි ප්‍රා..
මොකක්ද අප්පා මේ ඉතාලි කතාව. ;) මටත් කහනවා වගේ... :)
Deleteදැන් අහවලාගේ අයිතිවාසිකම් කතා කරන බොලාලා එකෙක්වත් ගිහින් බොලාගේ ගෑණුන්ගෙන් ඔය ටික අහනවද?
මම නම් අහවලාට කියලාමයි තිබුනේ ගෙදර ගියාම යාළුවෝ බාළුවෝ නෙමෙයි වයිෆරේ එක්ක සතුටෙන් සමාදානෙන් හිටපන් කියලා. නැත්නම් අපිනේ දන්නේ පසු කතන්දර වලට උත්තර හොයන්න තියෙන අමාරුව. මොනවට කියනවද එතකොට ඔය යාළුවෝ එනවැයැ...
හා හා...
ලංකාවේ පිතෲ මූලික සමාජයක්ද දැන් තියෙන්නේ? මම හිතන් හිටියේ ටොයිලට් එකට ගියත් කාන්තාවගෙන් අවසර ගන්න ඕනේ වගේ සමාජයක් ලංකාවේ තියෙන්නේ කියලා. ඔය අපේ යාළුවෝ එහෙම අඟලක්වත් හෙල්ලෙන්නේ නෑ වයිෆරේගෙන් අහන්නේ නැතිව. කන්නේ බොන්නෙත් වයිෆරේගේ අදහස් වලට අනුව.
ඉතාලි කතාව ඉතිං කියලා වැඩක් නෑ රංගි අක්කේ ..
Deleteපීතෘ මුලික කියලා කිව්වට ලංකාවේ ඔය පීතෘ මුලික කතාව එන්නේ ඡන්ද ලයිස්තුවේ අස්සන් කරන්න විතරයි . ඔයා මාතලන් උඩින් කියලා තියෙන්නේ . ආයේ මොකද ඔයාගේ ඔබ්සර්වේෂන් එක 200%ක් හරි
''බැඳලා දැන් අවුරුද්දයි
ReplyDeleteතාම නැද්ද ළමයි බමයි
අහනා හැමට හිනා වෙච්ච
ගෑල්ලමයා මං''
++++++++++++++++++++++++
අපේ ගැණු ළමයා නම් මෙහෙම අහන ගෑනුන්ට හිනා වෙලා කිව්වේ ඔයාට බැරිද අපේ එක්කෙනාට පොඩ්ඩක් පුරුදු කරන්න කියලා .අපිට නැති අමාරුවක් මේ බලන් ඉන්න එවුන්ටනේ තියෙන්නේ.එකෙක් ඉන්නකොට අහනවා තවම එක්කෙනයිද කියලා ..මගේන් මේ ගැන අහපු ගොඩක් දෙනෙක් මාත් එක්ක දැන් කතා කරන්නෙත් නැ ...හැක් හැක්
ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ
ඉගිලී යන්නද හිතා බලන්නේ
ගැහැනු ළමයිනේ අවට අලංකාරයිනේ
සිහිනෙන් දුටු දේ විසිරී යයි...
ගැහැණු ළමයි මවු අත් හැරදා
ගමෙන් පිටත් වී යන්න හිතා
බබළන විසිතුරු නගරේ සිතේ ඇඳී
කොතරම් ලස්සන දේ ඇතුවත්
ඒ තුළ රැඳෙනා සුළු මොහොතක්
නොපෙනී ඇතිවෙන කරදර මතු වී
නිවස සොයා නැවතත් අඬ අඬ ඒ
අඬ අඬ ඒ.....
ගැහැනු ළමයිනේ......
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
ගී පද - ජේ. ඒ. කැමිලස්
සංගීතය - නිමල් මෙන්ඩිස්
චිත්‍රපටිය - " ගැහැණු ළමයි " 1978
මචං කැදවුම්කරැ දුටුවාද?
Deleteහින කෝටියක් බිදිලා ගිය හැටි
හින කෝටියක් බිදිලා ගිය හැටි
Delete+++++++++++++++++++++++
එකා ඇරියස් කවර් කරනවා ඇති මචෝ ....හැක් හැක්
අපි යන්ට යමු අපි යන්ට යමූ..
දෙව්ලෝකෙ දිහා විගසින්
බොල බූරු පුතේ බොල බූරු පුතේ..
දුක සෝකා ඉතින් ඉවසන්
නදු නයනා සුව දෙවනා සුර විමනා සතපමි මා
දුක ඉවසා බර උසුලා යමු විගසා එම පෙදෙසා
රස කෑමෙන් සහ බීමෙන් සිතු අටියෙන් සැනසීයන්
නුඹ සිතනා නුඹ පතනා සැප සැක නෑ එහි ලැබෙනා
තව යොදුනා යමු ඉතිනා නොඅලසිනා යන ගමනා
සුර විමනා නෙත ගැටෙනා තුරු දුකිනා හද දැවෙනා
යන්ට යමු අපි යන්ට යමූ..
දෙව්ලෝකෙ දිහා විගසින්
බොල බූරු පුතේ බොල බූරු පුතේ..
දුක සෝකා ඉතින් ඉවසන්...
ගායනය - ටයිටස් සී පෙරේරා,පුණ්‍යා කත්‍රිආරච්චි
නාට්‍යය - දෙව්ලොව යනකන්
අල්ලපු ගෙදර අක්කා- තව එක්කෙනෙක් හැදුවොත් හොදයි නේද?
Deleteමම- හොදයි ඔයාට අවුලක් නැද්ද? හැබැයි සදු ගමේ යනකන් ඉන්න.
සිංදු ඇනෝ - ඔව් බන් වටේ පිටේ ඉන්න එවුන්ට නම් පුදුම අමාරුවක් තමා තියෙන්නේ . ඔය සින්දුව නම් මම ඇහුවේ අද , සිරාවටම බං.
Deleteමෙන්ඩෝ - උඹේ ඔය අක්ක තාම කතා බහ කරනවද ඊට පස්සේ
ඉවාන් මෙන්න අහන්න
Deleteස්තුතියි සිංදුවෝ
Deleteඅද නම් ලියලා රම්පෙට පොරි හැලෙන්න..
ReplyDeleteඑල ද බ්‍රා..
එලද බ්‍රා නේන්නම් .. තැනකුයි වේවා
Deleteමෙගේ පොඩි කෙලී ඉපදුනාම පියරු බබෙක් වගේ ලස්සනට තියාගන්න බලන් ඉන්නවා... ඔය කියන එකක් වත් මට නම් අදාළ නෑ. එත් චූටිම චූටි ප්‍රශ්නයක් තියනවා. මම හිතාගෙන හිටියේ ඉපදෙන්නේ ඉන්නෙ කොලු පැටියෙක් උනා නං ඌට සෙල්ලම්බඩු ගන්න මුවාවෙන් මටත් රිමෝට් කාර්, හෙලිකොප්ටර් ටිකක් අරගන්න. දැන් ඉතිං එක හම්බවෙන්නේ නෑ.. එක්කෝ ඔන්න ඔහේ පොඩි කෙලීට බෝනික්කෝ ගන්නකොට මට වෙනම හෙලිකොප්ටර් ගන්නවා.. අනිත් එක කෙලි පැන්චෝ වැඩිපුරම ආදරේ තාත්තලටලු. බඩේ මස 9ක් තියන් ඉඳපු කුක්කුත් බොන්න දීපු මගෙ උන්දැ ඉරිසියාවේ පැලෙයි.. සාදු ඕකිට...
ReplyDeleteඅඩේ අප්පා ඒ කියන්නේ සජ්ජා ළඟදීම තාත්තා කෙනක් , සුබ පැතුම් ඔන්න් පි හැමෝගෙන්ම අලුත් පියාට ..
Delete//ඔන්න් පි හැමෝගෙන්ම අලුත් පියාට ..//
Deleteචැහ් කැතයි මචෝ මේවා ප්‍රසිද්දියේ කියන කතා ද ?
ඔන්න සජ්ජෝ අපේ බලකායේ හැමෝම වෙනුවෙන් උඹට සුභ පතනවා හොදේ .....
බ්‍රෑන්ඩ් එක ගල්
බොහොම ඉස්තුතියි බොලාලට....
Deleteඅවුලක් නෑ සජ්ජා.. කෙල්ලොත් හෙන කැමතියි ඔය හෙලිකොප්ටර් වලට... අහල බලන්න අපේ නලීන් අයියගෙන්.... හි හි.... ( කොල්ලන්ට බෝනික්කො හරි ගියෙ නැති උනාට කෙල්ලන්ට ඔය ඕනෙ එකක් ඔට්ටුයි... )
Deleteකෞෂි , එහෙම නම් අවුලක් නෑ... කොහොමත් ගිටාර් ගහන්නත් පුරුදු කරවන්න ඕනි..
Deleteහිරු - එකද කියන්නේ අර පොඩි කාලේ කෙල්ලෝ බෝනික්ක්නට කැමතියි ,කොල්ලෝ යෝධයෝන්ට කැමතියි. ලොකුවුනාම කොල්ලෝ බිනික්ක්නට කැමතියි කෙල්ලෝ යෝධයෝන්ට කැමතියි කියලා
Deleteවෙනස නම් නියමයි. ගෑණු ළමයෙකුගේ දෘෂ්ඨිය තුලින් බිහිවුන සාර්ථක නිර්මාණයක්, තව කාලයක් යනකල් අපේ සමාජයට මේව කාලීනයි.
ReplyDeleteගෝත්‍රික මනසක් තියෙන, ගෝත්‍රික ආකල්ප තියෙන මිනිස්සු ඉන්නකං මේවා අපේ සමාජයට අමුතු දේවල් නොවේවි. හැමදාම මේ දේවල් මේ විදිහටම සිද්ධ වේවි මනොෂ් , එක නෙවෙයි කෝ දැන් උඹ පියසටහන් ලියන්න තහනම් කරලද
Deleteවැඩක් නෑ බං කතාකරල. මං කියලාපරාදවෙලා ඉන්නෙ. උන්දැට කියන කට හොඳයි ගලක උලාගන්නවා.
Deleteහා හා කලබල වෙන්න එපා මචෝ ...කට උලා ගන්න ගල මොකක්ද කියල කියපන් බලන්න ,මට හිතෙන්නේ කොල්ලට දැන් ...එක්කෝ ඕන නැ .හැක් හැක්
Deleteස්තුතියි
බ්‍රෑන්ඩ් එක නම් ගල්
ලගදීම........... ගල්??
Deleteජ ය වේ වා !!!
හැක හැක හැක ....හිනා ගියේ නෑ ඔන්න
Deleteලැජ්ජාවෙ බෑ..අපි පොඩි ළමයි.
Deleteමනෝෂයාගේ උලා කෑම හෙවත් ඉල්ලං කෑම.
Deleteකාන්තා දිනයට ලියන්න තිබ්බ එකක්ද බං මේ.කොහොම වෙතත් ගැණු කුස්සිය මුල්ලේ තියලා තියන්න ඕනේ කියන සංකල්පය නැති කරලා දාන්න ඕනේ.ගැහැණියට සම තැන නෙමේ නිසි තැන දෙන්න අපේ සමාජය කවදා හැඩගැහෙවිද ?ගැණු නිරුවතින් පාරේ දුවවන්න බලන් හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරු හිටිය රටක්නේ මේක.
ReplyDeleteමනෝජ් - හැම දිනයක්ටම මේක අදාලයි මචෝ . අනික ගැහැණියට නිසි තැන දෙනවා කියන එක නිකන් ආකර්ශනීය පාඨයක් විතරයි . එකට හොඳ මාකට් එකක් තියෙනවා එච්චරයි, හැබෑවටම ඒ තැන දෙන්න ගොඩක් මිනිස්සු ලැස්ති නෑ.. කුහක කම ඇඟ පුරාම
Deleteකතා කොරල වැඩක් නැහැ අයියෙ ...ඔය ගැන........
ReplyDeleteමම ඒකනෙ කෙල්ලොන්ට.....හොදට ගරු සරුවට සලකන්නෙ ......
අප්‍රියල් බදින කෙල්ලගෙ බන්ඩියට මුලින්ම දෙන්නෙත් කෙල්ලෙක්......
පට්ට ගැලපිල්ල & ලියවිල්ල......
ඔය දෑතට,,,,,,අරක........
තිස්සට වැටුන එක නොවෙයි හරිය......
අම්මේ කෙන්ජි මල්ලා දැක්ක කල් . ඉතින් කෝමෙයි ,
Deleteඅපි නොදන්නවයි ඔයා කාට කාටත් ගරු සරු ඇතිව සලකන මනුස්සය බව .
හප්පේ තිස්සට වැටුණු එක වැටන්න එපා අප්පා මට ..
අහින්තක මම
වැලි කතරට
ReplyDeleteගිහින් බයින්
බැල මෙහෙකර
ගැහෙන හදින්
ගෙදරම සරිකරපු
හොදින්
ගෑල්ලමය මං
හැර ගිය පසු
පාසල් බිම
මිතුරන් හා
එක්ව ගොසින්
සිදාදියේ දුක් විදගෙන
රුපියල් සත ගෙදර එව්ව
ගැල්ලමය මං
ඔය තියෙන්නේ වැවා ගේ කවි සිතුවිලි අවදි වෙලා .. ආපහු කවි පෙළක් ලියනු වහාම ..
Deleteදැන් නම් අළුත් පරපුර ඔහොම නෑ නේද ? අඩුම ගනනේ ලංකාවෙ ? මගෙ පලවෙනියා දුව.. දෙවෙනියාත් දුවක් උනා නම් ඒත් මට කමක් නෑ.හැබැයි ප්‍රශ්නෙ එන්නෙ කෙල්ලටයි.. එයා මෙහෙමයි කිව්වෙ.
ReplyDeleteමට ඕනෙ මල්ලි කෙනෙක්. ඇයි දුව ඒ ? තාත්ති නම් කැමති නංගි කෙනෙකුට..
මට බෑ.. එතකොට අම්මිගෙ මාල වළලුවලින් බාගයක් නංගිට දෙන්න වෙයිනෙ.. හ්ම්ම්..
ඔන්න ටිකකට පස්සෙ එයා ආයිත් එනවා මා ලඟට.
තාත්ති.. කමක් නෑ මං නංගි කෙනෙකුට කැමතියි
එතකොට අම්මිගෙ රත්තරන් බඩු ?
මං එයාට බාගයක් දෙන්න කැමතියි..
හැබැයි එයා මට වඩා සුදු වෙන්න බෑ ඕං ! දුව ඒක කිව්වෙ අම්මිට විතරයි..
හම්බ උනේ මල්ලි කෙනෙක්..
පොඩි මෙන්ඩාත් කැමති නෑ නංගි බබෙක් ගෙනවට එතකොට එයා අමමා මාම් බොනවනේ
Deleteසරත් අයියා - දැන් තරමක් දුරට මේ තත්වය අඩුවේගෙන යනවා , එත් වැඩේ තියෙන්නේ ඒ තරුණ පරපුරත් වියපත් වෙනකොට මේ තත්වෙටම එයිද කියලා .හැබැයි සරත් අයියා නම් දරුවන්ට කන්දෙන කෙනෙක් වගේ , එකනේ මල්ලි කෙනෙක් ගෙනාවේ . ඔය ස්ත්‍රී පුරුෂ භේදය තුල වැඩිපුර තියෙන්නේ කුහක කම .
Deleteමෙන්ඩෝ - එහෙනං ඔන්න පුතා කියන දේ අහපං
මේක උඹ ලියපු හොඳම එකක් ඉවාන්! සිරාවටම ගෑල්ලමයි ගැන මාර ප්‍රස්න මෙයා මේ රටේ ලෝකෙ ඇත්තන්ට තියෙන්නෙ.
ReplyDeleteමට මේක කියවද්දි මතක් උනේ මේ ළඟදි මට "ප්‍රවීණ රචකයෙක්" කියනවා ඉක්මනට බැඳලා ලමයෙක් හදන්නලු. නාකි වෙනකම් ඉන්න එපාලු. උඹට කියන්න මාර විද්‍යාත්මක වචන සංකලනයක් පාවිච්චි කොරලා කිවුවෙ ඒක. හරියටම මං බඳින්න දවස් දෙහෙකට කලින්. මට මැරෙන්න හිනා ඒයි. ඔන්න ඕවගේ බරපතල ප්‍රස්න තියෙනවා ගෑල්ලමයෙක් උනාම.
අනික බලහං කිසි අවුලක් නැතුව කටේ තොලේ නොගෑවි ගෑණු ළමයි ගැන කතා හදන මිනිස්සු. සමහර වෙලාවට එහෙම කතා හදන්නෙ ගෑනු. මම නම් ඒ වෙලාවට හිතන්නෙ "මුන්ගෙ දුවෙක්ට/ නංගි කෙනෙක්ට/ අම්මට එහෙම කුණු කතාවක් කවුරුහරි කියනවා ඇහුනොත් උන් කොහොම හැසිරෙයිද කියලාමයි.
යකෝ තැන තැන කියන්නද ඒ “ප්‍රවීන රචකයා“ ඕක කිව්වේ.. හැක්..
Deleteඑකනේ දේශ් මාත් බැලුවේ , මෙහෙම කියන එක හොඳද ?
Deleteබස්සි - ඉතින් බලපන් උඹ ඒ ප්‍රවීණ රචකයා කියන දේ අහලානේ එකනේ ඊට දවස් දෙකකට පස්සේ උඹ කසාද බැන්දේ . හැබැයි බන් ඕවා බරපතල පස්න වුනේ අහක ඉන්න එවුන්ට . හැමදාම එහෙම තමා. අර උඹ අන්තිමට අහන ප්‍රශ්නේ ගැන කියන්න තියෙන්නේ එහෙම දෙයක් වුනා නම් උන් තමයි රෙද්ද කරට අරන් එන්නේ " තොපිට අම්මලා නංගිලා නැද්ද යකෝ" කියාගෙන
ඉවාන් ගෙම්බෝ.. උඹ ලියපු ඒවයින් හොදම එකක් මේක.. කුම්මැහි සංස්කුරුතිය උස්සල පොලවේ ගහපු..
ReplyDeleteගෙම්බා කිව්වත් කමක් නෑ හොඳයි කිව්වනේ .. තැන්කිව් වේවා දේශක තුමනි
Deleteඅදනම් ඉවාන්ට අපේ වනිතා ඇන්ටි ඩිනර් එකකට කතා කරනවා .....
Deleteසිංදු ඇනෝ - ඊට පස්සේ ...? :P
Deleteඊට පස්සේ උඹව ආයෙත් අපිට දකින්න ලැබෙන්නේ ලබන වෙසක් එකට ......
Deleteගෑල්ලමයි එක්ක ඉතින්
ReplyDeleteයාළු නොවී බේරි ඉඳන්
හොඳ කොල්ලෙක් වෙන්නට ගිය
පිරිමි ළමය මං
කැම්පස් කල අහවර වී
තාම කවුරුවත් නැද්දැයි
අම්මාගෙන් නෝන්ඩි වුණු
පිරිමි ළමය මං
අන්තිමේදි පෙර පිනකට
හොඳ කෙල්ලෙක් හම්බුවෙන්න
පෙර පිං දැන් පලදී ඇති
පිරිමි ළමය මං
හැක්...හැක්...
-අසංක-
හෑ මෙන්න තවත් මං වගේ හොඳ ළමයෙක්.
Deleteබලපන් අර තුෂාරයා උඹ ගැන කියපු බොරුව . ඌ කිව්වනේ උඹ නිකං රස්පුටින් වගේ මනුස්සයෙක්ය කියලා බලපෑම් ඉතිං :D
අඩෝව් ඉවානයා...එන්න එපා මෙතන අර අහිංසක ( නැතුවට ) තුෂාරයයි මායි කොටවන්න...හැක්...හැක්...උඹ වගේම වෙනවට වඩා හොඳයි මං රස්පුටින්ම වෙන්නම් හත්තිලව්වේ...ඒක නම්බුයි...හැක්...හැක්...
Deleteහැක් .. උඹට නරක්වෙලා තියෙයි මම වගේ වුනොත් .... එහෙනං
Deleteඅම්මට සිරි මෙන්න මටත් මඩ ගහලා.... අඩේ ඉවානයා... දවස් දෙකයි බ්ලොගේ නොහිටියේ යකෝ චරිතය කාලා... අදූෂමාන චෝදනා පටලවලා.. උසාවිදායිවත්ද????? අසංක අයියා මාව බලන්න බන්ධනාගාර රෝහලට ඒන්න හරිය..........
Deleteඅන්න බලන්න ලංකාවේ හැටි..
ReplyDeleteමේ වගේ ජාතියකට නැගිටීමක් නෑ..
කවුරු හරි කරල දෙනකං බලං ඉන්නවා..
වැරදුනාම පතුරු ගහනවා..
හරි ගියොත් ඉරිසියාවේ පුපුරණවා..
පරමානු බෝම්බ නැට්ටටම වැටිච්ච ජපානේ..
අද ඉන්න තැනයි..
සියළු ස්වාභාවික සම්පත් වලිල් ආඩ්‍ය..
ලංකාව අද ඉන්න තැනයි...
වැලේ වැල් නෑ..
අපූරුයි අසංක කවි පෙල...
ජ ය වේ වා !!
(සී.ජේ. විදානේ නොහොත් සී.ජේ. විදානපතිරණ)
මොකක්ද යකෝ මේ කමෙන්ට් එක .... උඹ මලක්වත් ගහලද?
Deleteයකෝ කවි පෙළ ලියුවේ අසංක නෙමෙයි ඉවාන්... මේක ඉවාන්ගේ බ්ලොග් ඒක... අසංක ලියලා තියෙන්නේ කමෙන්ටුවේ කවියක්.... මචං විදානේ නැගිටපං.... දැන් හොදට ම දවල් වෙලා
Delete.
තුෂාර
//(සී.ජේ. විදානේ නොහොත් සී.ජේ. විදානපතිරණ)//
Deleteඅපි දන්නවා නැතුව ඉතිං උඔ හැරි කුමාරයද?
ගෑණු ළමයි ගැන කියල තියෙන හින්දමද මන්දා මේකට මටත් වැඩිපුර හිත ගියා. :) නියමයි..
ReplyDeleteඑහෙනං එච්චරයි ,,,. තැන්කුයි වේවා තුශානි ... :)
Deleteනියමයි මචං..උඹ කෙල්ලන්ගේ ප්‍රශ්න ටික ඔක්කෝම නියමෙට එකතු කරලා දීලා..ඇත්තටම අපේ සමාජේ ඔය පටු දැක්ම නැතිවෙන්න කොච්චර කල් යාවිද දන්නෙ නෑ..අපේ උන්ට කෙල්ලෙක් ඇන්දත් වැරදි නෑන්දත් වැරදි, බැන්දත් වැරදි නොබැන්දත් වැරදි, ඉගෙන ගත්තත් වැරදි නැතත් වැරදි ඔන්න ඔහොම හෙණ පත ලිස්ට් එකක් ලියතහැකි බන්..හරි ගොබ්බයි ඉතින් සමහරු අහන ප්‍රශ්න..
ReplyDelete//බැඳලා දැන් අවුරුද්දයි
තාම නැද්ද ළමයි බමයි
අහනා හැමට හිනා වෙච්ච
ගෑල්ලමයා මං//
මෙන්න මේක නම් සහතිකම සහතික ඇත්ත ඔයී!! බඳිනකල් බඳින්නේ නැද්ද? කොල්ලෙක් නැද්ද? කොල්ලෙක් හොයන්නද? මොකෝ අනගාරික වෙන්නද කල්පනාව? වයස ගියාම ළමයි හදන්නත් බෑ.. අම්මේ!! :D
බැන්ඳට පස්සේ, මොකෝ තාම ළමයි නැත්තේ? ළමයෙක් හදන්න කල්පනාවක් නැතෙයි? ආයේ නාකි වෙලා ළමයි හදන්න බෑ නේ.., අනේ මං දැන් කාලේ ළමිස්සියෝ ඇඟේ හැඩේ නැතිවෙයි කියලා වෙන්නැති! බුදු අම්මේ!! :D
මේ හණමිටි අදහස් සමාජයෙම් තුරන් වෙයි , හැබැයි දැන්මම නෙවෙයි. තව කාලයක් යයි. සහතිකම ඇත්ත කියන්නේ උඹට දැන් ඒ පස්නේට මුණ දෙන්න වෙලා වගේ මට පේන්නේ. ඕවා ඔහොම තමයි මචෝ. උන් ඕවා නවත්තන්නේ නෑ . ඒ වෙලාවට ඉතිං කොරන්න් දෙයක් නෑ කනේ ඇඟිලි ගහ ගන්නේ දෙකක් කියනවා ඇර.
Deleteහැඩේ කිව්වේ..........?????? හිකිස් ....පීප්ප හැඩේද? :P
මේව ඉතින් කවද වෙනස් වෙයිද..
ReplyDeleteමේ විසබීජ කවද අපේ මිනිස්සුන්ගෙ ඔළුවලින් අයින් වෙයිද...
ඕවා වෙනස් වෙන්නේ නෑ හිටං ...ඕවා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන බං
Deleteඔක ඇවිල්ල වසර දෙදාස් ගානක් පරන අපෙ සගිස්කුරුතිය නේ.රැකගන්න ඔන
ReplyDeleteආයේ මක්කයි ..... එකනේ මේ අපේ අර මොකක්ද එක රැකගන්නේ නැතුව කෝමෙයි ..
Deleteබොහොමයක් කමෙන්ට්ස් කියවලා හිනා ගියා විතරක් කියන්නම්... උඹට පුලුවන්නම් හෙට ඕකෙම් අනිත් පැත්ත පෙන්නලා කවි ටිකක් ලියලා දාහන්කො.. වැටෙන කමෙන්ට්ස් ටික මම දැන්ම නමුත් එක්කම ලියලා දෙන්නම්.. හෙහ් හෙහ්..
ReplyDeleteකවි ටික මරු ඕයි... මාර ගති... මමනම් පට්ට සාම්ප්‍රදායිකයි. ඒක හින්ද මම කැමති ගෑනු ළමයෙක් ඔහොම ඉන්නවට තමා...
පව්ලේ පුතෙක් නැති වුනාම
Deleteකරුමෙට ඉපදුනාලු මම
පරපුර මග නතර කරපු
ගෑල්ලමයා මං
ලොකු ළමයෙක් වුනාලු මම
නාන්න කන්නත් නැතිවම
ගේ මුල්ලේ හිර කරාපු
ගෑල්ලමයා මං
බස් එකේදී කෝච්චියේදී
බැංකුවේදී පෝලිමේදී
ඇඟට වැටෙන පිරිමි පැන්නු
ගෑල්ලමයා මං
ඔෆිසියේදී පොලීසියේදී ට්‍රිප් එකේදී පන්සලේදී
දෙපිට කැපෙන වචන වලට
ඇහෙන්නේ නෑ වගේ හිටපු
ගෑල්ලමයා මං
බැඳලා දැන් අවුරුද්දයි
තාම නැද්ද ළමයි බමයි
අහනා හැමට හිනා වෙච්ච
ගෑල්ලමයා මං
හපොයි හරිම මුසලියක්
ගෑල්ලමයි මයි ලැබෙන්නේ
හැමෝගෙන්ම බැනුම් අහන
ගෑල්ලමයා මං///
සිරාවට....? උඹ කවි ටික කියෙව්වද බං......
කෙල්ලන්ට මෙහෙම වෙන එකද සම්ප්‍රදායිකයි කියල උඹ හිතන්නෙ....?
හිරුත් මට හිතිච්ච් එකක් අහලා ....ගැහැණු ළමයි සාම්ප්‍රදායික වෙන්න ඕන තැන්වලදී වීම එකක්. මේ ආකාරයෙන් අඩු තක්සේරුවෙන් සැලකීම එකක් . මම කියන්න හැදුවේ ගෑනු ළමයි කියලා පහත් කර සැලකීම වැරදියි කියන එක පමණයි සෙන්නෝ ....
Deleteඉවාන් අයියා මොකට ලීවද බන් මේ කවි
Deleteඒ මොකෝ ඔමා
Deleteසෑහෙන රිසර්ච් එකක් කරලා ලියපු කවි පෙලක් කියලා මට හිතුනා.
ReplyDeleteකොහෙද බන් හිටපු ගමන් අන්තරස් වෙන්නේ ?
Delete//"කොහෙද බන් හිටපු ගමන් අන්තරස් වෙන්නේ ?"// x 2
Deleteරිසර්ච් නොකලත් ඔය ටික හොඳටම පේන්න තියෙනවා ඩූඩ්
ඔක්කොම මිනිස්සු කණපිට හරවන්න වෙනවා මේවා හදන්න නම්
ReplyDeleteඅර කිඹුලාව අනික් පැත්ත හැරෙව්වා වගේ ......
Deleteසමාජයේ තිබෙන ප්‍රශ්නයක් හොඳට ඉදිරිපත් කරලා තියෙනවා.
ReplyDeleteස්තුතියි අජිත් අයියා . ඇත්තටම ප්‍රශ්නයකට වඩා සමාජයේ හැටි මේක
Deleteමට තියෙන වගකීම් ටික අඩු නැතුව මතක් කරල දුන්නට උඹට පින්.. දෙයියනේ දැන්ම කෝල් එකක් දීල බලන්න ඕනි කෙල්ලව ක්ලාස් එකෙන් ගත්තද කියලා..
ReplyDeleteවගකීම් කෙසේ වෙතත් මගේ කෙල්ලනම් මට මැණිකක් වගේ.. ජය ශ්‍රී!
කමියා - යුතුකම් වගකීම් කෙසේවෙතත් ... හැම දරුවෙක්ම තමන්ගේ අම්මට තාත්තට මැණිකක්ලු ... උඹට ජය
Deleteනිර්මාණයට තුති! අපේ ආචාරය!
ReplyDeleteස්තුතියි සර් ....!
Deleteඅම්මපෙයි කියපං...?
ReplyDeleteනියම කවි ටික.. හැබැයි ඉතින් ලංකාව තම හොදයි.. මැද පෙරදිග පැති වල ඉතින් ඔයිට හපන්..
ReplyDeleteඔව් , එකත් ඇත්ත . ඒ අතින් ලංකාව ඇතුලේ තාම තත්වේ හොඳයි . මෙහේ ඇත්තටම තියෙන්නේ හණමිටි අදහස් වල බලපෑම විතරයි .
Deleteකෙල්ලෙක් හම්බුනාම තමා අප්පට තද වෙන්නේ. එහෙමයි සමාජය.
ReplyDeleteපවුලට කෙල්ලෙක් ඕනි වෙලා තියෙද්දි, මාත් චාට් එක බලලා කෙලලා ඇරියා. බලමු රිසල්ට් එක. මොකද මම පැතුවෙ පලවෙනි එකා කොල්ලෙක්. දෙවෙනි එකා කෙල්ල. තුන/හතර/පහ ඕන මගුලක් කියලා..
එහෙනම් චාට් එක බලලා කරපු වැඩේ හරියන්න කියලා ඉස්සෙල්ලම සුබපැතුම් .
Deleteඑතකොට හය , හත , අට එහෙම කොහොමද ?
පට්ට. අපි හිතන විදිහ වෙනස් වෙනකන් ගැහැණිය එහෙම නැතිනම් ගැහැණු ළමයා ගැන ඔය කවි වල තිබ්බ සමහර සිද්දි ඒ විදිහටම මේ සමාජයේ තියේවි. ජය වේවා!!!
ReplyDeleteහිතන විදිහ, ආකල්ප වෙනස් වෙන්න සමහරවිට කල්පයක් විතර යන්න පුළුවන්. සමහරවිට නොවෙන්නත් පුළුවන්. මේ සිද්ධි දැන් සාමන්‍ය දේවල් බවට පත්වී තිබීම තමා කරුමය .
Deleteමම හිතනවා මේ සමාජ ක්‍රමය දැන් බොහෝ දුරට අවසන් වෙලා කියලා...ඒත් නුවර පළාතෙ තවමත් කුල භේදය සහ මෙහි කියවෙන ඇතැම් දේ බහුලව භාවිතයේ තියෙනවා කියලත් ආරංචියි...කාන්තාවගේ ජීවන චක්‍රය කිව්වත් වැරදි නෑ මේ පද පෙළට...
ReplyDeleteබොහෝ පළාත් වල කුල භේදය කියන එක නැත්තටම නැතිවෙලා නැ. අනික සාම්ප්‍රදායික විදිහට හිතන එකත් නැතිවෙලා නෑ , එහෙම නැතිවෙයිද කියලා හිතන්නත් බෑ. ජීවන චක්‍රය වගේ තමා බලපුවාම . තැන්කුයි වේවා සිරෝ
Deleteඋඹෙ කවිය ඇහුවම මතක් උනේ මෙන්න මේ ළමා ගීය.
ReplyDeletehttp://www.youtube.com/watch?v=6D_4zIVDQYw
ඉන්දිකටත් පුදුම අයිඩියා එන්නේ, හැබැයි මේ සින්දුවයි රුපරචනයයි දෙකම දැක්කේ දැන් . කලින් මේක අහලා දැකලා තිබ්බේ නෑ
Deleteපව්ලේ පුතෙක් නැති වුනාම
ReplyDeleteකරුමෙට ඉපදුනාලු මම
පරපුර මග නතර කරපු
ගෑල්ලමයා මං
ඔහ් .. එහෙමත් සීන් එකක්ද ?
Deleteඔය කොයිතරම් දේ ගෑල්ලමය ගැන කිවුවත් ලොව සුන්දර වෙන්න නම් ඈ සිටිය යුතුමයි.
ReplyDeleteඒ ගැන නම් කිසිම විවාදයක් නෑ දිනිති ... :)
DeleteApoorui male! Jaya!!
ReplyDeleteස්තුතියි චන්දන අයියා
Deleteබඳින්න හිත නැති කාලේ
ReplyDeleteබඳින්නැද්ද අහනවෙලේ
කට පිරෙන්න හිනාවෙච්චි
ගෑල්ලමය මං
බැන්ද ඩහවසෙ ඉඳං වගේ
ලමයෙක් තාමත් නැද්දැයි
උන් අහද්දි හිනාවෙච්චි
ගෑල්ලමය මං
එක ලමයෙක වදපුවාම
තාම එකාදැයි ඇහුවම
උන් එක්කල හිනා වෙච්චි
ගෑල්ලමය මං
අනේ මන්ද ආයුබෝං ඕවනං ඉඳගෙන ඈ
කූර සමාජෙ විසමයි උන්ට පිස්සු බොල තමුන්ගෙ මෙව්ව එක හොයන්නෙ නැතුව අනුන්ගෙ අරක හොයනව
පිස්සු ඈ
අඩෝ වල් පස්සියා ... උඹ කොඝේද ගිහිං හිටියේ .විෂම සමාජේ ගැන නම් කියලාවදක් නෑ. එත් නොකියත් බෑ නෙව .
Deleteවැඩකොරන ජහමනායා උනාම වෙලාව හරිම අඩුයි බොලං.... අන්න ඒකයි මම කියන්නෙ..... ඒත් වැඩ අස්සෙම මේකටත් ඔලුව පොඩ්ඩක් ඔබල කොරල යනව ඉඳගෙන
Deleteකාලෙකින් බ්ලොග් කියවන්න ආවා . කාලයක් සමහරුන්ට ප්‍රශ්නයක් වුනේ අනුන්ගේ ගැණුනට ළමයි නැති එක වගේ දේවල් . දැන් ටික ටික ඔය ප්‍රශ්නේ අඩු වෙනවා මන් හිතෙන්නේ . අලුත් පරම්පරාව හිතන විදිහ හොඳයි
ReplyDeleteඉවාන් අය්යේ මේ ලිපිය මට මගහැරිලානේ :( අදයි කියෙව්වෙ.....ආයේ කියන්න වචන නෑ ඉස්තරම්ම කවියක් :) :)
ReplyDelete\\ ලොකු ළමයෙක් වුනාලු මම
ReplyDeleteනාන්න කන්නත් නැතිවම
ගේ මුල්ලේ හිර කරාපු
ගෑල්ලමයා මං \\
මෙන්න මේ තමන්ගෙ ළමයට වද දෙන චාරිත්‍රය තවමත් ලංකාවෙ මෝඩ සිංහලයෝ 99% ක්ම කරනවා.
මට දුවෙක් හිටියනම් කවදාවත් ඔය හිර කරන වැඩේ කරන්න දීලා දරුවට දුකක් දෙන්නේ නැහැ. ලොකු වෙච්ච දවසෙම නාවලා පහු වෙනිදා ඉදන් ඉස්කෝලෙ යවනව.
කවිය නම් පංකාදුයි ඉවාන්
අපිනම් දැන් බලාගෙන ඉන්නේ ගෑල් ළමයි බබෙක් එනකල්...
ReplyDeleteමේ පෝස්ට් එක කළින් වතාවකත් කියෙව්වා, චෙක් කරලා බැලුවම මම කමෙන්ට් එකක් කොටලා නැහැ...
ඔන්න මතකේ... හෙහ්