හිරේ යන එකත් විශ්ව විද්‍යාලේ යනවා වගේ වැඩක් කියලා දවසක් කවුදෝ කිව්වම ඒක මාර කතාවක්නේ යකෝ කියලා තමයි මට ඉස්සෙල්ලම කියවුනේ . එත් පස්සේ කාලෙක හිතල බලද්දී ඇත්තටම ඒක එක අතකට හරි කියලා හිතුනා . ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ජීවිතය ගැන බොහෝ දුරට එකිනෙකාට වෙනස් අත්දැකීම් සමූහයක් ඇති මිනිස්සු සමූහයක් එකතැනක ඉද්දි ඒක මොනවගේ අත්දැකීමක් වෙයිද කියන එක තමයි මුලින්ම හිතට නගාගන්න උත්සාහ කලේ.
නමුත් ඒ කිසිවක් සමාජ සම්මතයන්ට අනුකූල ඒවා නොවීම නිසයි ඔවුන්ට එතනට ගාල් වෙන්නට සිද්ධ වෙන්නේ . බහුතරයක් සිරකරුවන් තමුන් අතින් වන වරදට පසු තැවෙන බව හොඳාකාරවම පෙනෙනවා , මෙයින් අපගමනය වන කොටස්ද නැත්තේ නොවේ,
කොහොම වුනත් එකම සමාජ මට්ටමේ, එකම අධ්‍යාපන මට්ටමේ පිරිස්මෙන්ම එකම රැකියාවේ නියැලෙන පිරිස් අතර යම් යම් උප සංස්කෘතීන් ඇතිවීම සුලබ දෙයක් , ලංකාව තුල ජනප්‍රිය උපසංස්කෘතින් බොහොමයක් තිබෙනවා . මේ අතරින් විශ්වවිද්‍යාල උපසංස්කෘතිය ගැන බොහෝ දෙනා කතාවෙනවා , ඒ වගේම නිදහස් වෙළඳ කලාපය ආශ්රිත උපසංස්කෘතිය, කාර්යාල ගමනාගමන සේවා ආශ්රිත උපසංස්කෘතිය , පොදු වෙළඳපල ආශ්රිත උපසංස්කෘතිය , පෞද්ගලික බස් සේවක උපසංස්කෘතිය වැනි මෙකී නොකී බොහොමයක් උපසංස්කෘතින් බොහොමයක් ගැන කියවෙනවා ..
ඒ අතර මෑතකාලීනව ඉතා වේගයෙන් ප්‍රචලිත වූ උපසංස්කෘතියක් වන්නේ ත්‍රීරෝද රථ ආශ්රිත උපසංස්කෘතියයි. එමෙන්ම ත්‍රීරෝද රථ කී සැනින්ම මතකයට නැගෙන්නේ සුදු චිත්‍රයක් නම් නොවේ . මාර්ග නීති කඩකිරීම්, අවිචාරවත් රථ ධාවනය සමග මුසුවූ නොපහන් හැගීම් රැසක් මේ වචනය සමග මතකයට එනවා.
මේ වනවිට බොහෝ මධ්‍යම පාන්තික පවුල්වල පවුලේ වාහනය බවට පත්වන්න්ටත් ත්‍රී රෝද රථය සමත් වී තිබෙනවා . වසර 2013 ජූලි මස අවසන් වනවිට ශ්‍රී ලංකාව තුල ත්‍රී රෝද රථ අටලක්ෂයක් (800,000)පමණ සැරිසරන බව වාර්තා වෙනවා. එයින් ලක්ෂ දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් (238,000) පමණ පවතින්නේ බස්නාහිර පළාත තුලයි . පොලිස් වාර්තා වලට අනුව මාර්ග අනතුරු වලින් 18% ක ප්‍රමාණයකට වගකිවයුත්තේ ත්‍රීවීල් රියදුරන්, එමෙන්ම ත්‍රීවීල් රියදුරන්ගෙන් 40% කට වලංගු රිය ධාවන බලපත්‍රයක් නොමැතිබව තමයි පොලිස් වාර්තා වල සටහන් වන්නේ .
ඒ සියල්ල පසෙකින් තැබූ විට ත්‍රීරෝද රථ වටා සැදුනු උපසංස්කෘතියේ විශේෂ ලක්ෂණ ගැනද සමාජයේ බොහෝසෙයින් කතාබහට ලක්වෙනවා .
ලංකාවේ ත්‍රීවීල් වල වැඩිපුරම යන්නේ කවුද .....? යාලුවෙක් මෙහෙම ඇහුවම මම කිව්වේ එක කොහොමද හොයන්නේ කියලයි. එත් මගේ මිත්‍රයා මට කියනවා
"ඇයි බං ඔය පෙන්නේ හොඳට ලංකාවේ ත්‍රීවීල් වල වැඩිපුරම යන්නේ "බොබ් මාලෙයි , චේගුවේරයි " දෙන්නනේ .."
ත්‍රීරෝද රථවල පිටුපස කුමක් හෝ වැකියක් ලියා තැබීම ත්‍රීවීල් උපසංස්කෘතියේ අනිවාර්ය අංගයක් බවට පත්වෙලා . මේ වැකි වලින් බොහෝ විට නිරූපණය වන්නේ සමාජයේ බොහෝ අවස්ථාවල අපේම කතා බහට ප්‍රසිද්ධියේ ලක්නොවන කතිකාවන්මද කියා සමහරවිටෙක සිතේ .
ආදරය සහ යුවතියන් ,කාන්තාවන් දෙස සමාජයේ බොහෝ පිරිස් සෝපාහසයෙන් කතා කිරීමට පෙළඹුනද ,ප්‍රසිද්ධියේ එසේ කිරීමට උත්සුක වන්නේ නැත. කෙටියෙන් කියනවානම් සිටින්නේ සිංහ හම් පොරවාගත් වෘකයන් ලෙසය. ත්‍රීවීල් වල ලියා ඇති මේ වදන් මගින් ඇත්තෙන්ම උපහාසයට ලක් කරන්නේ කාන්තාවන් හෝ ප්‍රේමයට වඩා, මේ අදහස් දරන නමුත් පිටතට සාධු මුහුණ පෙන්වන අපේම සමහරුන්දැයි කියා විටෙක සිතේ
මේ ඉන් කීපයක්
" කෙල්ලෝ හරියට චයිනීස් ෆෝන් වගේ , ගැරන්ටි නෑ , වොරන්ටි නෑ , ඒ මදිවට ඩුවල් සිම් "
"අපි තව දුර නොයා යුතුයි ඔබ ඒ ගැන හිතන්න , අදින් පසුව කිසිවක් නෑ හිතවත් කම ඇරෙන්න"
"සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලෝ වඳුරන්ටත් ලව් කරයි "
පාරේ රිය ධාවනයේදී අවධානයෙන් පැදවිය යුතු බවත් , අවධානය බිඳීමට ලලනාවන්ද හේතුවන බවත් කෙනෙක් පවසන්නේ මෙසේය
"සුදු කකුලයි කොට ගවුමයි හරි අවදානම්."
තමුන් සේවයටම කැපවී සිටින බව තවකෙකු සන්නිවේදනය කරන්නේ මෙලෙසින්
"කොහේටද යන්නේ අපිත් යන්නේ එහෙට තමයි "
එමෙන්ම තමන් ගමන් කරන්නේ අනවශ්‍ය හදිසියකින් බව පිලිගන්නටද ඔවුන් නොපැකිලෙයි.
"බත බාලා හොද්ද ලිපේ "
" දඟ කලාට පුංචි අපට එපා බනින්න , පුංචි අපිත් හරි ආසයි හයියෙන් යන්න "
කොහොම රිය පැදෙව්වත් අනතුරුවලට අපිත් බයයි කියලා ඔවුන් කීපදෙනක් කියලා තිබ්බේ මේ ආකාරයට, ඒ සමගින්ම ඒ අතරට අපේ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය ගැනද හීන් සරදමක් කරන්නේ මේ ලෙසින්
"බුදු මල්ලියේ ඈතින් වරෙන් , ලීස් එක ඉවර වුනාම රේස් යමන් "
"ලංවුනාට කමක් නෑ ,ඉඹින්න නම් එපා "
"වද්දන්න එපා රෝහලේ සීලිම අපිරිසිදුයි "
"සම්බුදු සරණයි , එංජිම පරණයි "
සමාජය බොහෝ විෂම බවත්, ඇති නැති පරතරය, පන්තිභේදය වැනි සියල්ලම ඔව්න් අවබෝධ කරගෙන සිටින බව ඔවුන් සරලවම කියා සිටින්නේ මෙලෙසින්
"හබලක්වත් නැති අපට නැව් ටෝක් මොකටද?"
" අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් "
"අපේම නයි අපේම කයි "
"ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණි "
"රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව "
"සැපේදී ළඟ ඉන්න මාමාට වඩා දුකේදී ළඟ ඉන්න මීමා හොඳයි "
නමුත් මේ කිසිවකින් තමුන් නොසැලෙන බවත් මෙලෙස කියනවා
"ලිඳ මගේ නම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා "
කොහොම වුනත් අවසානයේ සියල්ල තීරණය වන්නේ මුදල් මත, ආර්ථිකය මත , තමුන් මේ රැකියාව කරන්නේ හුදෙක් විනෝදාස්වාදය නිසා නොව ජීවත් වීම උදෙසා ,තමුගේ සිහින සැබෑ කරගන්නට උත්සාහ කිරීම උදෙසා බව ඔවුන්ම කියන්නේ මෙලෙසින්
" රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත"
"කරුමේ ඩබල් පින සිංගල්"
"රුපියල් සත නිසාද අපිට මේ දුක "
වරක් කළුබෝවිල රෝහල අසලින් මම ත්‍රීරෝද රථයකට නැග්ගේ කාර්යාලයට පැමිණීමට , ආයතනයේ නම සඳහන් කල විට ඔහු කිව්වේ මෙවැන්නක් ...
" සර් මමත් A/L කලේ මැත්ස් වලින් , කැම්පස් තේරුනා ,හැබැයි අහුවුනේ ෆිසිකල් සයන්ස් . ඔය අතරේදී තාත්තා නැතිවුනා ඇක්සිඩන්ට් වෙලා , ඊට පස්සේ නංගියි අම්මයි බලාගන්න වුනේ මට , රස්සා කීපයක්ම කලත් හිතට ෆිට් වුනේ නෑ , පස්සේ ඉතුරු කරගත්ත සල්ලි ටිකකින් මේක ගත්තේ , දෙයියනේ කියලා රස්සාවක් කරනවට වඩා හොඳට හම්බ කරන්න පුළුවන්, ඒත් දවසේ පැය විස්සක් විතර පාරේම ඉන්න ඕන . "
මෙවැනි කතා සාමන්‍යයෙන් බොහෝ අවස්ථාවල අසන්නට ලැබෙන නිසා මේ කතාව ඇත්තක් කියා ගැඹුරින් හිතන්න මට ඕන වුනේ නෑ . එත් මාව කාර්යාලය අසලින් බස්සවා ඔහු ආපසු යනවිට මට දකින්නට ලැබුනේ රථයේ පිටුපස තිබු මේ වාක්‍යය .
"අයිසැක් නිව්ටන් අපිත් දකින්නැති ,ගණන් හදන්නැති ඒ කාලේ ..කැම්පස් යන්නට ලකුණක් මදි ඇති ඒකයි තාමත් මහපාරේ "
සංඛ්‍යා ලේඛන සහ පිංතුරය - Sunday Times
විශේෂ ස්තුතිය - පොස්ට් එකට මාතෘකාව දුන් පත්තර මල්ලිට
කොහොම වුනත් එකම සමාජ මට්ටමේ, එකම අධ්‍යාපන මට්ටමේ පිරිස්මෙන්ම එකම රැකියාවේ නියැලෙන පිරිස් අතර යම් යම් උප සංස්කෘතීන් ඇතිවීම සුලබ දෙයක් , ලංකාව තුල ජනප්‍රිය උපසංස්කෘතින් බොහොමයක් තිබෙනවා . මේ අතරින් විශ්වවිද්‍යාල උපසංස්කෘතිය ගැන බොහෝ දෙනා කතාවෙනවා , ඒ වගේම නිදහස් වෙළඳ කලාපය ආශ්රිත උපසංස්කෘතිය, කාර්යාල ගමනාගමන සේවා ආශ්රිත උපසංස්කෘතිය , පොදු වෙළඳපල ආශ්රිත උපසංස්කෘතිය , පෞද්ගලික බස් සේවක උපසංස්කෘතිය වැනි මෙකී නොකී බොහොමයක් උපසංස්කෘතින් බොහොමයක් ගැන කියවෙනවා ..
ඒ අතර මෑතකාලීනව ඉතා වේගයෙන් ප්‍රචලිත වූ උපසංස්කෘතියක් වන්නේ ත්‍රීරෝද රථ ආශ්රිත උපසංස්කෘතියයි. එමෙන්ම ත්‍රීරෝද රථ කී සැනින්ම මතකයට නැගෙන්නේ සුදු චිත්‍රයක් නම් නොවේ . මාර්ග නීති කඩකිරීම්, අවිචාරවත් රථ ධාවනය සමග මුසුවූ නොපහන් හැගීම් රැසක් මේ වචනය සමග මතකයට එනවා.
මේ වනවිට බොහෝ මධ්‍යම පාන්තික පවුල්වල පවුලේ වාහනය බවට පත්වන්න්ටත් ත්‍රී රෝද රථය සමත් වී තිබෙනවා . වසර 2013 ජූලි මස අවසන් වනවිට ශ්‍රී ලංකාව තුල ත්‍රී රෝද රථ අටලක්ෂයක් (800,000)පමණ සැරිසරන බව වාර්තා වෙනවා. එයින් ලක්ෂ දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් (238,000) පමණ පවතින්නේ බස්නාහිර පළාත තුලයි . පොලිස් වාර්තා වලට අනුව මාර්ග අනතුරු වලින් 18% ක ප්‍රමාණයකට වගකිවයුත්තේ ත්‍රීවීල් රියදුරන්, එමෙන්ම ත්‍රීවීල් රියදුරන්ගෙන් 40% කට වලංගු රිය ධාවන බලපත්‍රයක් නොමැතිබව තමයි පොලිස් වාර්තා වල සටහන් වන්නේ .
ඒ සියල්ල පසෙකින් තැබූ විට ත්‍රීරෝද රථ වටා සැදුනු උපසංස්කෘතියේ විශේෂ ලක්ෂණ ගැනද සමාජයේ බොහෝසෙයින් කතාබහට ලක්වෙනවා .
ලංකාවේ ත්‍රීවීල් වල වැඩිපුරම යන්නේ කවුද .....? යාලුවෙක් මෙහෙම ඇහුවම මම කිව්වේ එක කොහොමද හොයන්නේ කියලයි. එත් මගේ මිත්‍රයා මට කියනවා
"ඇයි බං ඔය පෙන්නේ හොඳට ලංකාවේ ත්‍රීවීල් වල වැඩිපුරම යන්නේ "බොබ් මාලෙයි , චේගුවේරයි " දෙන්නනේ .."
ත්‍රීරෝද රථවල පිටුපස කුමක් හෝ වැකියක් ලියා තැබීම ත්‍රීවීල් උපසංස්කෘතියේ අනිවාර්ය අංගයක් බවට පත්වෙලා . මේ වැකි වලින් බොහෝ විට නිරූපණය වන්නේ සමාජයේ බොහෝ අවස්ථාවල අපේම කතා බහට ප්‍රසිද්ධියේ ලක්නොවන කතිකාවන්මද කියා සමහරවිටෙක සිතේ .
ආදරය සහ යුවතියන් ,කාන්තාවන් දෙස සමාජයේ බොහෝ පිරිස් සෝපාහසයෙන් කතා කිරීමට පෙළඹුනද ,ප්‍රසිද්ධියේ එසේ කිරීමට උත්සුක වන්නේ නැත. කෙටියෙන් කියනවානම් සිටින්නේ සිංහ හම් පොරවාගත් වෘකයන් ලෙසය. ත්‍රීවීල් වල ලියා ඇති මේ වදන් මගින් ඇත්තෙන්ම උපහාසයට ලක් කරන්නේ කාන්තාවන් හෝ ප්‍රේමයට වඩා, මේ අදහස් දරන නමුත් පිටතට සාධු මුහුණ පෙන්වන අපේම සමහරුන්දැයි කියා විටෙක සිතේ
මේ ඉන් කීපයක්
" කෙල්ලෝ හරියට චයිනීස් ෆෝන් වගේ , ගැරන්ටි නෑ , වොරන්ටි නෑ , ඒ මදිවට ඩුවල් සිම් "
"අපි තව දුර නොයා යුතුයි ඔබ ඒ ගැන හිතන්න , අදින් පසුව කිසිවක් නෑ හිතවත් කම ඇරෙන්න"
"සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලෝ වඳුරන්ටත් ලව් කරයි "
++++
පාරේ රිය ධාවනයේදී අවධානයෙන් පැදවිය යුතු බවත් , අවධානය බිඳීමට ලලනාවන්ද හේතුවන බවත් කෙනෙක් පවසන්නේ මෙසේය
"සුදු කකුලයි කොට ගවුමයි හරි අවදානම්."
++++
තමුන් සේවයටම කැපවී සිටින බව තවකෙකු සන්නිවේදනය කරන්නේ මෙලෙසින්
"කොහේටද යන්නේ අපිත් යන්නේ එහෙට තමයි "
++++
එමෙන්ම තමන් ගමන් කරන්නේ අනවශ්‍ය හදිසියකින් බව පිලිගන්නටද ඔවුන් නොපැකිලෙයි.
"බත බාලා හොද්ද ලිපේ "
" දඟ කලාට පුංචි අපට එපා බනින්න , පුංචි අපිත් හරි ආසයි හයියෙන් යන්න "
++++
කොහොම රිය පැදෙව්වත් අනතුරුවලට අපිත් බයයි කියලා ඔවුන් කීපදෙනක් කියලා තිබ්බේ මේ ආකාරයට, ඒ සමගින්ම ඒ අතරට අපේ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය ගැනද හීන් සරදමක් කරන්නේ මේ ලෙසින්
"බුදු මල්ලියේ ඈතින් වරෙන් , ලීස් එක ඉවර වුනාම රේස් යමන් "
"ලංවුනාට කමක් නෑ ,ඉඹින්න නම් එපා "
"වද්දන්න එපා රෝහලේ සීලිම අපිරිසිදුයි "
"සම්බුදු සරණයි , එංජිම පරණයි "
++++
සමාජය බොහෝ විෂම බවත්, ඇති නැති පරතරය, පන්තිභේදය වැනි සියල්ලම ඔව්න් අවබෝධ කරගෙන සිටින බව ඔවුන් සරලවම කියා සිටින්නේ මෙලෙසින්
"හබලක්වත් නැති අපට නැව් ටෝක් මොකටද?"
" අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් "
"අපේම නයි අපේම කයි "
"ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණි "
"රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව "
"සැපේදී ළඟ ඉන්න මාමාට වඩා දුකේදී ළඟ ඉන්න මීමා හොඳයි "
++++
නමුත් මේ කිසිවකින් තමුන් නොසැලෙන බවත් මෙලෙස කියනවා
"ලිඳ මගේ නම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා "
++++
කොහොම වුනත් අවසානයේ සියල්ල තීරණය වන්නේ මුදල් මත, ආර්ථිකය මත , තමුන් මේ රැකියාව කරන්නේ හුදෙක් විනෝදාස්වාදය නිසා නොව ජීවත් වීම උදෙසා ,තමුගේ සිහින සැබෑ කරගන්නට උත්සාහ කිරීම උදෙසා බව ඔවුන්ම කියන්නේ මෙලෙසින්
" රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත"
"කරුමේ ඩබල් පින සිංගල්"
"රුපියල් සත නිසාද අපිට මේ දුක "
++++
වරක් කළුබෝවිල රෝහල අසලින් මම ත්‍රීරෝද රථයකට නැග්ගේ කාර්යාලයට පැමිණීමට , ආයතනයේ නම සඳහන් කල විට ඔහු කිව්වේ මෙවැන්නක් ...
" සර් මමත් A/L කලේ මැත්ස් වලින් , කැම්පස් තේරුනා ,හැබැයි අහුවුනේ ෆිසිකල් සයන්ස් . ඔය අතරේදී තාත්තා නැතිවුනා ඇක්සිඩන්ට් වෙලා , ඊට පස්සේ නංගියි අම්මයි බලාගන්න වුනේ මට , රස්සා කීපයක්ම කලත් හිතට ෆිට් වුනේ නෑ , පස්සේ ඉතුරු කරගත්ත සල්ලි ටිකකින් මේක ගත්තේ , දෙයියනේ කියලා රස්සාවක් කරනවට වඩා හොඳට හම්බ කරන්න පුළුවන්, ඒත් දවසේ පැය විස්සක් විතර පාරේම ඉන්න ඕන . "
මෙවැනි කතා සාමන්‍යයෙන් බොහෝ අවස්ථාවල අසන්නට ලැබෙන නිසා මේ කතාව ඇත්තක් කියා ගැඹුරින් හිතන්න මට ඕන වුනේ නෑ . එත් මාව කාර්යාලය අසලින් බස්සවා ඔහු ආපසු යනවිට මට දකින්නට ලැබුනේ රථයේ පිටුපස තිබු මේ වාක්‍යය .
"අයිසැක් නිව්ටන් අපිත් දකින්නැති ,ගණන් හදන්නැති ඒ කාලේ ..කැම්පස් යන්නට ලකුණක් මදි ඇති ඒකයි තාමත් මහපාරේ "
සංඛ්‍යා ලේඛන සහ පිංතුරය - Sunday Times
විශේෂ ස්තුතිය - පොස්ට් එකට මාතෘකාව දුන් පත්තර මල්ලිට
මචං................ ඉවාන්.............. පට්ට කතා ටික.........................
ReplyDeleteමං පොඩි කමෙන්ටුවක් මුලින් ම දැම්මේ එක වෙන්න ඕනවට...........
Deleteදැන් කතා කරමු....
මෙන්න මේ ටිකනම් අල්ලලා ගියා.......
"සුදු කකුලයි කොට ගවුමයි හරි අවදානම්."
"සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලෝ වඳුරන්ටත් ලව් කරයි "
මචං තේරෙන්නැති එකක් තියෙනවා. මොකක්ද මේකේ තේරුම.
වද්දන්න එපා රෝහලේ සීලිම අපිරිසිදුයි "
ඔය සීලිමයි රෝහල්ගත වීමයි අතර සම්බන්ධය මොකක්ද??? ඒ ත්‍රීවිල් මල්ලි හම්බුණොත් අසා දැනගනින්..................
මීට කුගැගීප
ඇයි බන් ඉස්පිරිතාලේ ඇඳ උද දපලා ඉන්නකොට පේන්නේ සීලිම නේ , සනීප වෙනකං පේන්නේ සීලිම.. තැන්කුයි කුරුටුස් ...
Deleteආ ඉස්පිරිතාලෙ ඇඳේ :D
Deleteමං මතක් කරල බැලුව සීලිමක් පෙනුන වග නිච්චි නෑ. ඒකයි :D
නර්ස් නෝනලගෙ මූණවල් බල බල ඉත්දි අපිට කොහෙද බං සිවිලිම බලන්න වෙලාවක්???? :D
Deleteපත්තරේ මුනින් අතටනේ දමල තිබ්බේ... අර කවුද නොසන්ඩාලයෙක් *ක පලපු වෙලාවේ..
Deleteඌව තමා හෙව්වේ … හම්බුණා :D
Deleteමන් හිතන්නේ සිවිලිමේ කතාවෙන් එයා කියන්නේ " එයාට හැප්පිලා හොස්පිටල් ඇඩ්මිට් වෙන එක සාමාන්‍ය දෙයක් ,එයා කීප සැරයක් ගිහින් තියෙනව ඇක්සිඩන්ට් නිසා ඒ හින්දා අයෙත් නම් යන්න බැහැ කියන එක කියලා "
Delete@ ඔමා - හොස්පිටිතාලේ යන්න අකමැතියි කියන එක තමා ඒ කියලා තියෙන්නේ ,
Delete@ විදානේ - කවුද බන් ඒ තරුව පලපු එකා
@ ප්‍රියා - නෝනා මගේ නර්ස් නෝනා ,ඔබව සිහි වෙනවා නිතර දෙවේලේ
@ පත්තරේ - කවුද බං මිනිහා , විදානේද ?
මම මේ දැන් බැස්සා ත්‍රී වීල් එකකින්, බැහැලා බැලුවාම පිටිපස්සේ ලියලා තිබුනානේ මෙන්න මෙහෙම....,
ReplyDelete....."මාලේ" ගෙලේ "චේ" පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ......
හුටා යකෝ එතකොට දැන් මාත් එක්ක මගේ ත්‍රීවීල් එකේ හයර් එක ආවේ චෙපාකි මහත්තයාද ? :P
Deleteනැහැනේ...පෝස්ට් එක කියෙව්වේ එයානේ...
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteලකුණු දුන්නෙ චෙෆ්ට. කොහෙද ඉතින් මං කියවල ඇවිත් ඊක ගහල පබ්ලිෂ් කරනකොට රොත්තක් මැදට පැනලනේ!!
Deleteමම ආපු එකේ ගහලා තිබුනේ "ඉස්සන් වෙනුවෙන් නොව මිනිසුන් වෙනුවෙන්" කියලා.. :D
Delete@ සෙන්නා - චඃ එහෙනං සෙන්නත් මගේ ත්‍රීවීල් එකෙමයි හයර් එක ගිහින් තියෙන්නේ ,
Delete@ මනොෂ් - මොකෝ අපිට ලකුණු දුන්නනම් උඹලට නරක වෙනවද?
මචං ඉවාන් මමත් ආසම කැල්ලක් .."මාලේ" ගෙලේ "චේ" පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ... ඒක ඇතුලේ ලොකු අර්ථයක් තියනවා...
Deleteමෙන්ඩා - ඒකතමයි මම එක දාගෙන ඉන්නේ මචෝ
Deleteබුදු අම්මො බං ඕවා කොයි තරං තියේද??
ReplyDeleteමතක් වෙන්නෙත් නෑ..
වාහන තිබිල සැපට හිටිය එකෙක් දැං පරණ වීල් එකක් පදිනවා මෙන්න මෙහෙම පස්සේ ගහගෙන
“සල්ලිත් නෑ. සනීපත් නෑ. එකට බිව්ව යාළුවොත් නෑ“
ෂුවර් එකට උගේ යාළුවො වෙන්න ඇත්තේ , දේශකයි, පත්තරෙයි , නිට්ටඹු විදානෙයි වෙන්න ඇති
Delete[ වමෙන් ගියත් - අපි දකුණේ ]
Deleteබොරුවට බොනව කියලා හොරාට කොක් විතරක් බොන එව්වන්ට මං නං කැමති නෑ ඒකයි දේශකයට මෙව්වා වෙලා තියෙන්නේ...
Deleteපත්තරේ +++++++++++++++++++
හේ හේ හේ......
Delete"වමෙන් ගියත් - අපි දකුණේ"
Deleteපත්තරේ මේකනම් ඇත්ත වෙන්න ඇති ...එකනේ බන් "දකුණට" සිග්නල් දාලා "වමට" හරවන්නේ ...හැක්
මුන්ගේ කොහොමත් වම දකුණ ප්‍රස්නයක් තියනවා ,,,,
සිංදු ඇනෝ - අන්න දවසේ කතාව .
Deleteමොකද අර සර්කස් නිමෝ හැක හැක ගාන්නේ
පත්ත්රයයි ,විදානෙයි බොන්නේ නෑනේ ඉතිං
අඩේ මන්ද මටනම් ඔය බහුතරයක් වීල් කාරයෝ ගැන එච්චර පැහැදීමක් නෑ... තියන තුට්ටු දෙකටත් කෙලින්න බලන්නේ.. දවසක් කොටුවේ ඉඳන් ඔරුගොඩවත්ත ට එන්න ඕනෑ වෙලා නැග්ග වීල් එකකට.. ඌ විනාඩි 15ක් තෙල් ගැහුවා.. තව විනාඩි 15ක් යාලුවෙක්ගෙ වීල් එකක් හැදුවා.. අන්තිමට රුපියල් 250 කුත් කොටා ගත්ත.. අපරාදෙ බස් එකේ ආවනම්... :3
ReplyDeleteඔය කතා ඔක්කොම ඇත්ත බං, මගෙත් ඇත්තටම එහෙමට පැහැදීමක් නෑ මේ කට්ටිය ගැන .
Deleteඉවාන් ඉවාන්.... මම හිතනවා... උඹ ලියනවා.... ඇත්තෙන්ම ඒක සිද්ධවෙනවා බොලේ !!
ReplyDeleteතව තියෙනවා
"වද්දන්න එපා.. අමාරුවෙන් ගත්තේ"
"ඔබේ ද රෝඩ් රූල්ස් ?" - හැක් හැක් .. මේක මට තේරුම් ගියේ එකපාරටම.
"අපි හැදු නයි, අපිවම කයි" - මේ වගේ එකක් දාල තිබ්බ නේද උඩත්?
මමත් පුරුද්දක් විදියට ත්‍රීවිල් වල ඔය වගේ වැකි කියෝනවා, ඊට පස්සේ තනියෙන් හිනා වෙනවා. ඔය සමහර ත්‍රීවිල් ඒ මිනිස්සු තියාගෙන ඉන්නේ ඇවිදින ගෙවල් වගේ. ඒ කියන්නේ මරු සීට් හයි කරලා, ඇලුමිනියම් වැටවල් ගහල, තොරන් වගේ 'බලුප්' හයි කරලා.. තව පුළුවන් නම් අමුතු සද්ද තියෙන හෝන් එහෙමත් හයි කරනවා.
මටත් සමහර ත්‍රීවිල් මිනිස්සුන්ගේ කතා කියල තියෙනවා දුර ගමන් යනකොට. පව් කියල හිතෙනවා... මම කිව්වේ අපි!
\\\ඔය සමහර ත්‍රීවිල් ඒ මිනිස්සු තියාගෙන ඉන්නේ ඇවිදින ගෙවල් වගේ\\\
Deleteසමහර ත්‍රීවීල් වල තියෙන ඔය ඇඩ් ඕන් කෑලි, ඒ කියන්නේ සුදු යකඩ අත් වැල්, අර පිටි පස්සේ හයි කරලා තියෙන සුදු යකඩ ෂවල් එක, අඩි තිහක් විතර දිග ඇන්ටෙනා, රෝද වලට දාලා තොයෙන ගැජට්..අම්බානක සද්දේ දාන සවුන්ඩ් සිස්ටාම්, අරවා මේවා එකතු කලාම..ඒකේ අයිති කාරයාට ඒ වියදම් කරපු සල්ලි වලින් තව ත්‍රී වීල් එකක් ගන්න තිබුනා කියලා හිතෙනවා...
සම හරක්, පට්ට සෙටප් වලට, ත්‍රී වීල් එකක් හයි කරගෙන යනවා...
Deleteඒවා ත්‍රීවීල්වලට හයි කළාම අමුතු විදියට රිමික්ස් වෙනවා..හැක් හැක්..ඩිශ්ඩි ඩිඩිං ඩිශ්ඩි ඩිඩිං..
Deleteඔව්වට කියන්නේ "ජංගම සංගීත රථ" කියලා
Deleteඒකනේ අර ආච්චිවත් හප්පන් ගිහින් තිබ්බේ රෙකෝඩ් බාර් එකක්...:P
Deleteබෆල් වල ටියුටර් ගාන වැඩිවෙන්න වැඩිවෙන්න තමා සද්දෙ ලස්සන .
Deleteචිකි චිකි චිකි ගානවා.. ඉමිහිරියි :D
මරු කතාව මාතේ..
Delete@ උපේක්ෂා - ඔන්න වැඩේ ,එහෙනම් ඔයා දිගටම හිතන් මම ලියන්නං. මමත් බැලුවේ කාලෙකට පස්සේ ,මොකෝ මට එකදිගට ලියන්න හිතුනේ කියලා .. ටෙලිපති ටෙලිපති.... තැන්කිව් වේවා උපේක්ෂා ... ඔබේද රෝඩ් රූල්ස් ...කිව්වම කියන්න තියෙන්නේ නෑ මගේ කියලා :D
Deleteකතාකරන්න දෙයක් නෑ, පට්ටම මාතෘකාව ඇදල අරන් තියෙන්නේ. දැන් ඉතින් මේ වගේ වැකිවලින් පිරෙනවා මේක. මරේ මරු.
ReplyDeleteස්තූතියි ඇත්තටම මේක ගත්තට.
මනොෂ් ඔන්න උඹේ කමෙන්ට් ඔක්කොටම මෙතනම රිප්ලයි කරනවා . ස්තුතියි බොහොම උඹට මේ කමෙන්ට් වලට, මම අහලවත් නැති බොදක් ඒවා තියෙනවා මෙතන .
Deleteමට මතකයි පහුගිය දවස් වල ඔය වෙන්නුවෙන් තරඟෙකුත් තිබුනා. මතක විදියට තිබුනෙ රේසර් (රැවුල කපන ) කම්පැනි එකකින්.
ReplyDelete"සුන්දර මිනිසුන්ගේ ගින්දර වැකි" ද කොහෙද නම.
//"සුන්දර මිනිසුන්ගේ ගින්දර වැකි"// ඒක පට්ට නම , ලඟදි සිරසෙනුත් තිබ්බා නේද තරඟයක් මෙයාලට
Delete"ඔබ පසුවුනා නොවෙයි මම ඔබ පසුකලා"
ReplyDelete"වීල් එකත් රිසවු, ජීවිතෙත් රිසවු"
Delete"සල්ලිත් නෑ සනීපත් නෑ..ළඟ හිටපු යාලුවොත් නෑ.."
Delete"සෙවනැල්ල පවා සිටින්නේ ආලෝකය ඇතිවිට පමණි"
Delete" රිංගුවාට පුංචි අපිට එපා බණින්න - පුංචි අපිත් හරි ආසයි හයියෙන් යන්න "
Delete"පුංචි හින්ද දඟ කලාට එපා බනින්න.."
Delete"කළු උනාට කාරි මන්ද මට මනාප නේද සුන්දරී.."
Delete"ඇරගෙන එන්නෙ කෙලගෙන ඉන්නේ.."
Delete"ඇලේ නාල පැලේ හැදිච්ච මට මොන ඒසී ද"
Delete"දෙයියො දෙනකොට භූතයෝ රවනවා.."
Delete"ඇත්තෝ කති බොති නැත්තෝ ලෙවකති"
Delete"මටත් වඩා හදිස්සිනම් උඩින් යන්න"
Delete" මලින් පිරි විලක් වුවත් - කලකදි පලක් නැති වලක් වේ "
Delete" ඇති දා සීනි - නැති දා ගෝනි "
Delete"අන්න මලේ අර නා මල නෙළා වරෙන් - වේගෙ වැඩියි ශේප් එකේ හිමින් වරෙන්!"
Delete"අත හිත මාමණ්ඩිගෙන්"
Delete"පුතේ කෝ යාළුවෝ - ඇති දාට විතරයි අම්මේ"
Delete" යන්නං සර් " :D
Deleteඇයි බොලවු මේකනෙ විශේෂම එක
Delete***********
"මේ බුදුන් උපන් දේශයයි!"
***********
ආ තව, "නැවත වඩිනු මැන බුදු සමිඳුනේ!"
"සබ්බ දානං ධම්ම දානං ජිනාතී"
Delete"ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ…
Deleteවීල් එකට රෝද තුනයි තටු නෑ එන්නේ…"
"අබලන් මා දෙස් නොබලන් ඔබගේ සසල නෙතින්"
Delete"ඔබට සවියක්!!!"
Delete" හිනා ගොඩයි බත් පොඩ්ඩයි "
Delete" දිවි නැගුම "
Deleteලීසිං එක දුන්න ගමං..........අත හිත C&%
Deleteලීසං එක ඇරියස් ගිහිං ..........කැත හිත C%&
"අවංකව සිනාසෙන්නේ කිරි දරුවන් පමණි"
Deleteනැගලා බැස්සත් ගාන 50යි
Delete"මල්ලි සද්දේ වැඩියි "
Deleteහත් වලාමේ සමහර ඒවා අහලත් නෑ, තන්කිව් වේවා මනොෂ්, සිංදු, පත්තරේ, ප්‍රියා ,විදානේ ,මෙන්ඩ,විසිටර්
Deleteත්‍රී රෝද රථ වල නිර්මාණ
Deleteමෙන්න මේකත් කියවන්නොකෝ....හැබැයි හින්ගලෙන් නෙමෙයි ලියලා තියෙන්නේ...
ReplyDeleteදැනුයි කියෙව්වේ , හපොයි ... ඔන්න miracles ..අපරාදේ අර ලස්සන බයිසිකලේ ..බීමතින් නම් මොන වාහනේ පදෙව්වත් හිරී දාන්න ඕන අවුරුදු දෙකකටවත්
Deleteඉවාන් ඇත්ත කියපන් උබ මේ ටික හොයාගන්න ත්‍රීවීල් කීයක් පස්සෙන් ගියාද..?හි හි .මොනවා උනත් පට්ට කතා ටික.
ReplyDeleteකීයක්ද මතක නෑ බං , ඔන්න් ඔහේ ගියා පස්සෙන් හැක හැක හැක .. ස්තුති වේවා උමේෂ්
Delete"පොද වැස්සට අපි හරි ආසයි"
ReplyDeleteඇයි වැහැගෙන එනකොට හයර් හොදට සෙට් වෙනවනෙ.
ත්‍රීවිල් බාසාවෙං පොද වැස්සට කියන්නෙ "ගහ හොල්ලනවා " කියලා :D … ඕ යේස්
Deleteඇල්බයියා - ඔයා වැස්ස වෙලාවට ත්‍රීවීල් වල කොහෙද යන්නේ , මම දැක්කා බැද්දගාන හංදියේදී :P
Deleteපත්ත්රයා - උඹට වීල් එකකුත් තිබ්බද ?
පොඩ්ඩක් "Relax" වෙන්න ගිය ගමනක් වෙන්න ඇති බුදු මල්ලියේ...!
Deleteඇරු ඇරු :D
ReplyDeleteයකෝ , ත්‍රීවීල් නෙවෙයි හරි වචනේ "වීල්" එක :D
එක වීල් එකක් වැවකට පෙරලුනාලු ..ඒකෙ පිටිපස්සෙ ගහල තියනවා
" කලා වැවේ නිල් - දියවර අපෙ අම්මා " කියල
වීල් එක අම්ම බලන්න ගෙහුං :D
පට්ට කතාව, ඇත්තනේ ඉතිං ඌ ලියාගෙන තියෙන්නේ
Deleteමේ ලියලා තියෙන ඒවා මතක තියාගෙන, ඒවා කැටගරයිස් කරලා, ඒ ගැනත් විස්ලේසොනයක් දීලා.. අන්තීමට බොක්ක හිරිවැටෙන අවසානෙකුත් එක්ක..
ReplyDeleteසම්ප්‍රදායික වාර්ථාවකට වඩා කොයිතරම් රහද..?
කොයි තරම් නිර්මාණශීලීද..?
මරු ත්‍රීවීල් කතාවක් තියෙනවා පස්සෙ වෙලාවක ලියන්නම්..
මාතේ - ස්තුතිය් උඹට බොක්කෙන්ම ... ත්‍රීවීල් කතාව අර ඔරෙන්ජන් බාර්ලි කතාව වගේ කල්පයක් බලන් ඉන්න වෙන වැඩක් එහෙම කරන්න එපා
Deleteආච්චි ත්‍රීවිල් එහෙක හැප්පුනාලු.. සිහිය ඇවිත් ආච්චිගෙන් මොකෝ උනේ ඇහුවම
ReplyDelete"බුදු පුතේ… මං අයින දිගේ යද්දි හයියෙං ආපු රැකෝඩ් බාර් එකක් මාව හප්පං ගියා " කීවලු !!!
යකෝ මම ලියන්න හිටපු එක.පත්තරයා මාව කෑවා.
Deleteදැන් මොකද කරන්නේ - ....ද දන් වළඳන්නේ.
ඕක මන් නං අහල තිබ්බේ, අනේ පුතේ තඩි වැර්ලස් එකක් ඇවිත් මාව හප්පන් ගියා කියලා.
Deleteහැලපයියේ.. මං ආවා කුකුළ සාක්කුවෙ දාං ර් :D
Deleteඔලුව කැක්කුම හින්දා පත්තරේ උදේම ඇහැරිලා...ඒකනේ කියන්නේ
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
-ස්තුතියි-
බයිට් එකට වල් ඌරා.
Delete-ස්තුතියි-
@ පත්තරේ - උඹ කොහොමද ත්‍රීවීල් ගැන ඔය හැටි දන්නේ ,
Delete@ හැලපයියා - දැන් දැන් වළඳන්න වෙන්නේ ඒකෙ තමා , හැක හැක හැක ..හැලපයියා නරක වෙලා නෝටි ....
@මෙන්ඩා- බ්‍රා එක ?
ප්‍රියා - මොකද බන් පත්ත්රයව බයිට් එකට ගන්නේ
පට්ටයි ඈ...
ReplyDeleteදිග කමෙන්ටුවක් පසුවට! වැඩ කෝටියක හිරවෙලා බන්.
මෙන්න මේකට හරියන ත්‍රීවිල් වැකිය
Delete[ මගෙ ළඟට ඇවිත් ආපසු ඔබ - හැරිල යන්නෙපා ]
:D :D
අඩෝ බට කොස්සි ..කෝ උඹේ දිග කමෙන්ටුව
Deleteකම්මැලී බන්. පෝස්ට් එකක්ම දාන්නම්
Deleteමෙන්න පරණ එව්වා..
ReplyDeleteමෙන්න පරණ එව්වා..
මෙන්න පරණ එව්වා..
Deleteඅමු කැවිලද
Deleteඇයි යකෝ?
Deleteකෝ බන්...??? මොන මගුලක්වත් නෑ නී.
Deleteඋඩින්ම දාල තියෙන එකනම් වැඩ බොලවු. අනිත් එකටනම් කෙලවෙලා.
Deleteසදරැ ඒක එල ද බ්‍රා
Deleteආ එක පට්ට මනෝ .. දෙවැනි ලින්ක් එක වැඩ නෑ
Deleteමොනව උනත් ගොඩක් එවුංගෙ එලවිල්ලනං අන්තිමයි.
ReplyDelete" පුංචි ළමයි දඟ නෑ පැටියෝ "
Deleteදඟ උනාටනං කමක් නෑ බොල, දවසක් මම වෑන් එකේ යද්දි පාර අයිනෙ නවත්තල හිටපු බුවෙක් සයිඩ් කණ්නාඩි අරව මේව මොකුත් බලන්නෙ නැතුව දැම්ම පාර මැදිං යූ ටර්න් එකක්. කොහොම හරි මිනිහ වෑන් එක දැක්ක හැටිය බය වෙලා එහෙමම පාර මැද නවත්ත ගත්ත. මම බ්ෙරේක් එක උඩ නැගල තමයි යංතං අරකෙ වදින්නැතුව නවත්ත ගත්තෙ. ඊට පස්සෙ ඉති උෘ හොඳවයින් දෙකක් අහගත්ත මගෙං.
Deleteප්‍රසා, ඇත්ත කියහන්.. ඌද අහගත්තේ උඹද ? :D අන්න පල්ලෙහා මගේ කමෙන්ට් එක කියවපන්... හැප්පුවා බැන්නා.. උන් එහෙමයි...
Deleteතව ෂීන් එකක් තියනවා.ත්‍රීවිල් එක කම්පැනියෙන් එද්දි සම්මත අංශක ගානක කෝණයකින් හැන්ඩ්ල් එක හරවන්නයි හදල එවන්නේ.
Deleteඅපේ කෂ්ටිය ගෙනැත් ඕක කපලා මොඩිෆයි කරනවා ..ඊට පස්සෙ ඉතිං ආයි මොනවද එකතැන කැරකුවහැකි !!! ගොඩේ ගොඩ :D
එකතැන කරකවන්න ගිහිං කරනම් ගහපුවත් නැතුවම නෙමෙයි.....!! ඕ.. යේස්...!!! :P
Delete@ සෙන්නා, ඔතන ඉස්සර වෙන එකා දිනුම්. නැත්තං වැරැද්ද උගේ උනත් අපි ඉස්සෙල්ල පටං ගත්තෙ නැතුව ඌ පටං ගත්තනං අන්තිමට අපි වැරදි කාරය වෙනව. ඒ හින්ද කරන්න ඕන හොඳම දේ අපේ වැරැද්ද උනත් අනිත් එකා කට අරින්න ඉස්සෙල්ල පටං ගන්න එකයි.
Delete@ ප්‍රසන්න අයියා- කතාව ඇත්ත ,උන්ගේ එලවිල්ල නම් අන්තිමයි , වෙන වාහන පාරේ නෑ කියලා හිතාගෙන එලවන්නේ ,]
Delete@ සෙන්නා - අනිවා එක තමයි වෙලා ඇත්තේ
@ පත්තරේ - ඔය කතාව මං අහල තියෙනවා, හැබැයි එක කඩන එක නීති විරෝධියි නේද ?
//එමෙන්ම ත්‍රීවීල් රියදුරන්ගෙන් 40% කට වලංගු රිය ධාවන බලපත්‍රයක් නොමැතිබව තමයි පොලිස වාර්තා වල සටහන් වන්නේ.//
ReplyDeleteඉතුරු හැටෙනුත් බාගෙකට ලයිසන් එක අතේ නෑ. තියෙන්නෙම පොලෝසියෙ. දඩ කාලා.
//"ඉතුරු හැටෙනුත් බාගෙකට ලයිසන් එක අතේ නෑ. තියෙන්නෙම පොලෝසියෙ. දඩ කොළ" /// ඒ කතාවනම් සහතික ඇත්ත
Deleteබෑනෝ උඹට මේ ජාතියේ එව්වා එකක් ඇන්න ඕනැයි?
ReplyDeleteඔන්න බොට ත්‍රීවිල් එකක් දෙන්න හදන්නේ.. හැක් හැක්
Deleteඕකා ඕකෙන් සර්කස් පෙන්නයි......!! :D
Deleteසෑර් කරත්තයක් තමා හරියන්නේ මූට !!
Deleteඇදගෙන යයි හපුතලේ හරි ඕනැ ලෝඩ් එකක් ගහලා.… ඕ යේස්
සෑර්...බෑනාගේ විල් එක පිටිපස්සේ ගහමු.
Deleteඑන්ඩ සුදෝ බන්ට් එක දිගේ
තෝට හොදනම් මට මොකද?
නයිකයිද රෝස් පාන්?
එවන්ඩද ගැරඩියා?..ඇද යට පොලගා..
@ විචාරක මාමේ - අන්න වැඩේ , දෙමුකෝ එහෙනං. හැබැයි TVS KING එකක් හොඳේ
Delete@ පත්තරේ , විදානේ , මෙන්ඩා - දුප් යන්න මෙතනින් ,ආවා මෙතන එකටත් කෙලින්න ,මිත්‍ර ප්‍රතිරූපකයෝ
කියවන කොට ආතල්. හැබැයි ලිපිය ඉවර වෙන කොට සෑහෙන දුකක් දැනුන අර අන්තිම ත්‍රී වීල් මල්ලි ගැන. . මත පුළුවන් හැම වෙලේම කියවනවා.
ReplyDeleteඅජිත් අයියා - ස්තුතියි , මමත් පාරේ යන හැමවෙලේම ,මේවා කියවනවා, සමහර ඒවා මාර නිර්මානශීලියි
Deleteමගෙත් පොඩිකාලේ ඉඳල ආසම විනෝදාංශයක් තමයි පාරෙ යනකොට හම්බෙන මේ වගේ බෝඩ් ලෑලි (දැන් නං වාහන වලත් එක්ක ) කියවල මතක තියා ගන්න එක. ඒ වගේම සමහර ඉන්ගිරිස් වලින් ලියල තියෙන ඒවගෙ තියෙන බහුබූත ස්පෙලින්ග්ස් හා ග්‍රැමර් නිසත් ඒව නිකම්ම මතක හිටිනව.
ReplyDeleteමෙන්න ඒ වගේ දෙක තුනක්..
'Life is sort Enjoy is soon'
'Who flies not high, falls not low'
'Love is dead Girls is Poison'
මේකෙ යටින් මෙහෙමත් ලියල තිබ්බ. සමහරවිට ගෙදර උන්දැගෙන් බේරෙන්න වෙන්න ඇති.
'No girls.. Only my wife'
අතරින් පතර ඉතාමත් බැරෑරුම් දේවලුත් තිබිල තියෙනව. තිබුන විදියටම ලියනවනං..
'Assumption is the mother of all screw-ups'
peace begins with smile'
'Why attempt to shun your own shaedow'
උඩින් ලියවෙලා තිබ්බ නැති සිංහල දෙක තුනකුත් මතක් උනා..
'දහදුක් විඳල ගත්තේ හරි අමාරුවෙන්- හප්පන්නට එපා ඩිංගක් දුරින් වරෙන්'
'ආලෝකය දුන් සඳකැන් ඔබවිය- ඔබයි මගෙ අම්මා'
අන්තිමට ලියන්නේ මං ත්‍රීවීල් එකක් ගත්ත දවසට ගහන්න හිතං ඉන්න එක..
'ත්‍රීවීල් කරුවෝද මනුෂ්‍යයෝය'
මගේ විල් එකේ ගහනවා
Deleteඑල ද බ්‍රා
කලනයා උඹත් මාර ඒවා මතකතියාගනේ ඉන්නේ , උඹට නම් ත්‍රීවීල් එකක් මදිවෙයි ගන්නවානම් ගනින් ටිපර් එකක් වගේ එකක් , හැක හැක හක් .. තැනකුයි වේවා මචෝ
Deleteමෙන්ඩ'ට හරියන්නේ එක තමා
මචෝ, ත්‍රීවීල් ගැන මාගේ අබමල් රේණුවක පැහැදීමක් නැත.රෝද තුන එලවන්නේ හරියට බී එම් ඩබ්ලිව් කියලා හිතාගෙනය.අනික බහුතරය ඇත්තේ අමු රස්තියාදුකාරයෝය..උන් කතා කරන්න දන්නේත් නැත..පාරක යන්න දන්නේත් නැත..මීටර් කියා ජාතියක් හයිකොරගෙන සිටියාට එව්වා වැඩ කරන්නේ නැත..එක්කෝ ඒවා කැඩිලාය..අනික අපට කරුමේ ඩබල් වන්නේ එහෙම එකෙක් ගමනකට සෙට්වූවොතින්ය.මට ඔය රෝද තුනේ උන්දැලා ගැන ඇති අත්දැකීම් නම් අනන්තය අප්‍රමාණය..ඒ නිසාම උන් මට අඳුකොළ වාගේය..අතරින් පතර බොහෝ..ම කලාතුරකින් හොඳ මිනිස්සුද සිටින්නෝය..
ReplyDeleteඔය බහුතරයක් ත්‍රීවීල් කොම්පැණි රන් කරවන්නේ ආමි ජිනේලාගේ වර්ගයේ ඈයෝය, ඉතින් උන් අරගන්නේද ඒ ජාතියේම උන්ය..(වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි ) ඒ නැතත් තුනෙන් ගොඩ යන්න ට්‍රයි කරන්නෝ මැස්සෝ වාගේය..සූ ගාලාය..
මොක වුණත් උඹේ ලිවිල්ල පට්ට රහය! :)
මම ආසම ත්‍රීවීල් වැකිය : "ළිඳ මගේ නම් මම ළිඳේ නම් කාටවත් ඇයි වේදනා"..හැක හැක..
ත්‍රීවීල් ගැන උඹේ කතාව බොහෝ දුරට හරිය , ඒක ගැන වාදයක් නැතිය. උන් දැන් උන්ගේ උපසංස්කෘතිය උන් පාතාලයක් බවට වර්ධනය කරගෙන යනවාද කියලත් වෙලාවකට සිතේ , උඹ කියන කතාවට විරුද්ධව කියන්නට කිසිවක් නැත. අන්තිමට උන් කියන්නෙත් "ළිඳ මගේ නම් මම ළිඳේ නම් කාටවත් ඇයි වේදනා" කියලාමය .
Deleteඋම්බට තැන්කිව්ය , දැන් උඹට පොස්ට් එකක් දාන්නට කාලයත් හරිය, උඹේ වෙදිමවත් තිබ්බද වැඩිය පෙන්න නැත්තේ , හොරෙන් වේදීන් ගැනීම තහනම්ය , අපිටත් කියපම්ය
නැත නැත අයියණ්ඩිය..මා ඩබල් වූයේ පහුගිය ජනේරුවේය...ඔබ ලියූ නිමේෂය දැක කශේරුකාව සීතල වී ගියේ එහෙයිනි..දැන් පින සිංගල් කියා හිතීගෙන එන්නේය..(බචාවෝ!!) කන්තෝරුවේ වැඩ ඉස්මොලේ ගොසින් නිසා කාලවේලා මදිය..වෙදිමේ විස්තරයක් තියේය..ඉක්මණින් පළ කොරන්නට හිතා ඉන්නවාය..
Deleteඇත්තය සහතිකය...රෝද තුනේ පාතාලයක් බිහිවෙමින් තියෙනවාය..නීති පොත් පිරෙන්නට තිබුණාට මොණර කොළවලට යටවෙලා නිසා හොයාගන්නට බැරිය..:D
අයියෝ නඟා ..උඹ ඩබල් වූවෙහිද ,... (ඉතාම දුකෙන්) එහෙනම් මොනවා කරන්නද ,මම වෙන අතක් බලාගමි ... :P :P :P
Delete@ තනි තරුව - විහිළුවකි..කේන්ති ගැනීම තහනම්ය . :D
Deleteයකෝ පැය 2යි එන්න පරක්කු වුනේ කමෙන්ටු 57ක් තද වෙනවා..(ඉරිසියාවක් නෑ මචං). මම යනවා හෙට කමෙන්ටු ටික එක්ක ලිපිය තව පාරක් කියවන්න ඔිනේ මොකද මටත් මේ ලිපියේ අයිතිවාසිකමක් තියනවා මෙන්න මේ නිසා. // පොස්ට් එකට මාතෘකාව දුන් පත්තර මල්ලිට ///..
ReplyDeleteඇතිදා සිනි...නැතිදා ගෝනි..
හැබැයි සිනි දියවුනාට...ගෝනි දිය වෙන්නේ නෑ...
මම ත්‍රි විල් එකක දැකපු වැකියක්..මම වැටෙන හැම වේලාවකම මේක මතක් කරගන්නවා.
වීල් එකක මෙහෙම තිබුණා බොක්කෝ.
Delete" ලිස්සුවා විතරයි - වැටුනේ නෑ "
අනිවා මචං...මගේ රස්සාවේ හැටියට මේ වගේ දිරිගන්වන වදන් වටිනවා..මම වැඩ කරන්නේ $ මිලියන් එක්ක... සුද්දියෙක් බ්‍රා එකක් හොද නෑ කියලා පැමිනිල්ලක් දැම්මෙත් හෙට වැඩට එනකොට ගාඩ්රැම් එකෙන් කියයි, සර්..කාර් එකේ යතුර බාර දිලා මේ අස්විම ලිපිය අරගෙන ආපහු යන්න කියලා.
Deleteමෙන්ඩෝ, එල ද බ්‍රා +++++++++++++++
Deleteමෙන්ඩා සමහර වෙලාවට සංවේදී වැඩිද කියලත් හිතෙනවා , එත් උඹලා වගේ උන්ට වරදින්නේ නැතිය , එක ෂුවර්ය , බය නැතිව වැඩ කරපං . උඹේ පැත්තේ හැම දෙවියෙක්ම ඉන්නවා.
Deleteත්‍රී වීල් එක කියන්නෙ පාරෙන් ඉවත් කළ යුතු වාහනයක්.
ReplyDeleteඅද මම එනකොට මේක දැක්කේ... ෆුට් සයිකලයක් නවත්තන් ඉන්නවා සිග්නල් වැටෙනකම්.. නවත්තන් හිටපු සයිකලේ හප්පපු ත්‍රී වීල් පොර සයිකල් කාරයට බනිනවා අමු කුණුහරුපෙන්.. ඒ උන්ගේ උපසංස්කෘතිය...
අර ළිඳ මගේනම් මම ළිඳේනම් කියන එකේ අදහස තමා පාර මගේනම් මම පාරෙනම් තොපි මොකාටද එන්නෙ, අයින් වෙලා පලයවු කියන එක තමා කියන්නෙ...
//"ත්‍රී වීල් එක කියන්නෙ පාරෙන් ඉවත් කළ යුතු වාහනයක්"// ඒ ගැන නම් මටත් හිතුනු වාර අනන්තයි . කොහොමත් මේ ත්‍රීවීල් රියදුරන්ගෙන් බොහොමයකට මාර්ග නීති , ආචාර ධර්ම ගැන කිසිම සැලකිල්ලක් නෑ.
Deleteඅර හප්පුවම්ම ඌ ඉස්සෙලලා බනින්නේ කලින්ම බය කරගන්න , බැහැලා ලඟට ගියාම ගොඩක් උන් ශේප් වෙනවා . මොකද පොලිසි ගියොත් පරිප්පුව උන්ටම නිසා , පොලිසියටත් පෙන්නන්න බැරි වාහනයක් ඕක
කාලෙකින් මේ වගේ රුවන් වැකි ටිකක් කියවන්න බැරි වුනා බන් ... මම දවසක් දැකපු එකක් තාම මතකයි ..
ReplyDelete"මිනිස්සු හැමදාම කරන්නේ ජිවත් වෙන්න සුදානම් වෙන එක !"
//"මිනිස්සු හැමදාම කරන්නේ ජිවත් වෙන්න සුදානම් වෙන එක"// මොකා කොහේ ලිව්වත් සහතික ඇත්ත පැතුමෝ එකනං
Deleteමචෝ උසස්පෙල කරලා ගෙදර හිටපු දවස් ටිකෙන්, ටිකක ත්‍රීවීල් එකක් හයර් කළා.. ඒ කාලෙට හිතෙන් ආයෙත් ගියා...කථාවක් තියනවා කියන්න...************************************ (ඔන්න කිව්වා) එයින් පස්සේ එලෙව්වෙම නෑ
ReplyDeleteජ ය වේ වා !!!
ලියපන් ලියපන්.
Deleteමකසි අයියන්ඩි පොඩ්ඩක් ඉන්න මු තවම නිට්ටඔුවේ ඉන්නෙ එහාට සිග්නල් නෑ.
Deleteහෑ ..උඹ ඉස්කෝලෙත් ගියාද එතකොට , මොකක්ද කතාව ලියපං බලන්න , අනිවා කෙල්ලෙක් සම්බන්ධ ඇති දෙකක් නෑ .
Deleteපොස්ටුව පට්ට රසයි ...
ReplyDeleteත්‍රීවිල් උප සංස්කෘතියෙත් හොඳ නරක දෙකම තියෙනවා. සමාජයේ පවතින යම් දුරාචාර වලට අනුබල දෙන පිරිස් වගේම , හැමෝටම යහපතක් වෙන දේවලුත් මේ අය සිදුකරනවා.
* වෙසක් / පොසොන් දන්සැල් ( ත්‍රී රෝද රථ සංගමයේ දායකත්වයෙන් )
* ලේ දන් දීමේ ව්‍යායාපාර
.......................................
* ලිංගික ශ්‍රමික කාන්තාවන්ට සහය දැක්වීම / අනුබල දීම
මේ උප සංස්කෘතියේ හොඳ නරක දෙකම තියෙනවා, සමහර වෙලාවට ඔය දන්සල් වලට එහෙම සල්ලි එකතු කරන්නේ නිකන් බලෙන් වගේ, මොකද මෙයාලා හිතනවා එයාලට මාර සමාජ බලයක් තියෙනවා කියලා .
Deleteමමත් කවදා හරි ලොකු උනාම ත්‍රිවිල් එකක් ගන්නවා අරගෙන එකේ ගහනවා
ReplyDelete"මම එන්නේ මැලේ රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා"
කියලා ............. කොමද මගේ ටිකිරි මොලේ
අර කතාවේ ඉතිරි ටික දාපන්. එනවා මෙතන ත්‍රිවිල් ගන්න ..
Delete//මමත් කවදා හරි ලොකු උනාම ත්‍රිවිල් එකක් ගන්නවා//
Deleteමේ....අ.... ලොකු උනාම කිව්වෙ හැබෑටම, මොකක් ගැනද?
@පැතුම්
Deleteඑල ද බ්‍රා කතාව
@DDT
අපේ පැත්තේ සිංහල වෙද මහත්තයෙක් ඉන්නවා මැලේ ආවම මම මුනගස්සන්න ඉන්නේ.
දැනට වීල්බැරෝ එකක්?
Deleteමැලේ රාළ - මමත් අහන්න ගියේ ඔය අපේ මදුරු නාශක අහපු ප්‍රශ්නේ
Deleteපතුමා කිව්වා වගේ දාපං ඔකේ ඉතුරු ටික , එනවා මෙතන ලොකු ඒවා පෙන්නන්න .
ප්‍රාජේ - රාලයට බරවා හැදිලද විල් බැරෝ එකක දාගෙන යන්න වෙලා තියෙන්නේ හැක හැක හැක හක්
අවසානේ නිකන් කරකොලා අතඇරියා වගේ උනා. පොස්ට් එක නියමෙටම තියෙනවා.
ReplyDeleteමිනිස්සුන්ගේ ජිවිත බං.
මේ රස්සාව කරන හොඳ මිනිස්සුත් ඉන්නවා බං. හැබැයි අරවගේ අපතයෝ නිසා ,මේ ෆීල්ඩ් එකම සවුත්තු වෙලා තියෙන්නේ
Deleteඉවාන් ලොකු සමීක්ෂණයක යෙදිල වගේ. හැබැයි ඔය ලියල තියෙන ඒවයෙන්ම පේනවා මෑන්ස්ලගේ උගත්කමයි සාදාචාරෙයි තරම. සමහර ඉලන්දාරි ඩ්රැයිවල්ලා දැක්කහම වීලරේට නගින්නත් බය හිතෙනවා. නියම කුඩ්ඩෝ. එහෙමත් කෙනෙක් තමයි මහත්මා ගතියෙන් කටයුතු කරන්නේ.
ReplyDeleteතරු අක්කා මොකෝ පෙන්න නැත්තේ , ඔයාගේ කතාවට විරිද්ධ වෙන්න බෑ මොකද ත්‍රීවීල් කියපු ගමන් ඔය චිත්රේ තමයි අපේ ඔලුවට එන්නේ , එක ඉතින් එයාලගෙන වරද ... ස්තුතියි තරු අක්කා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමෙන්න උඔගේ කමෙන්ටුව ආතර් මකලා.
Deleteහොයලා ගනිං ආතර් කියන එකාව.......!!!
Deleteකැත හිත ආතර්ගෙන්
Deleteආ ... අර පහුගිය දවස්වල ත්‍රීවිලර්වල පස්සා පැත්තට එබි එබි නෝට් පොතක කුරුටු ගගා ගියේ උඹ ද එතකොට. හොඳා හොඳා .......
ReplyDeleteසමාජයෙ මොන පැත්තක බැලුවත් දුක හිතෙන කතන්දර තියෙන මිනිස්සු ඉන්නව බං. ත්‍රී විලර් රස්සාව කරන අය අතරත් එහෙම අය ඉන්න එක සාමාන්‍යයි. අද ඉතින් ත්‍රීවීල් එකක් නැති හන්දියක් නැති තරමයිනේ. සාමජ විරෝධී ක්‍රියා, අපචාරවලට එහෙමත් බොහෝ විට ඔය ත්‍රි රෝද රථ රියදුරන් සම්බන්ධ වෙන වෙලාවල් තියෙනව. අනෙක් පැත්තට අපේ රටේ ඉතින් පහත් තැනින් යයි ගලා ජලේ නිසා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් ඔවුන්ට නිවැරද්දෙ විවිධාකාර හිරිහැරවලටත් මුහුණ දෙන්න වෙනව.
අඩේ අපේ මදුරු නාශක DDT දැකපු කල් ,
Deleteඒ කියන්න එඋම්බත් මාව දැක්කා එහෙනම් ,මේකට කරුණු හොයද්දි ..:P
ඔය හැම කෙනෙකුටම කියන්න කතාවක් තියෙනවා, දැන් මේ උප සංස්කෘතිය ව්‍යාප්ත වුනා සීමාවකින් , නිසි නියාමනයකින් තොරව , ඒ නිසා සමාජ විරෝධී ක්‍රියාවන්ට පහසුවෙන් යොදාගන්න පුළුවන් වුනා , සමහර වෙලාවට නිරවද්දේ දඬුවම් ලබන්න වෙන වෙලාවලුත් තියෙනවා . එත් එකටත් හේතුව ඔවුන්ගේ පෙර වැරදි
මේත් එක උප සමාජයක්. හැබැයි, බහුතරය අනෙ අම්මෙ! හිතවත් වුනොත් බොක්කත් දෙයි. නැත්තං ඒ සේරම අවයව ඇදල ගනියි. මේ වාක්‍ය ඒ තරං පහන් හැඟීමකින් ගහපුවද කියලා හිතෙනවා. ලොකු අමාරුවක් ප්‍රදර්ශනය කොරනවා මේ කට්ටියත් බස් කට්ටියත්. එක අතකට ඒක උන්ගෙම දොසක් නෙමෙයි. පවතින ක්‍රමයෙ දොසක්.
ReplyDelete//""හිතවත් වුනොත් බොක්කත් දෙයි. නැත්තං ඒ සේරම අවයව ඇදල ගනියි" අනිවා
Delete//""මේ වාක්‍ය ඒ තරං පහන් හැඟීමකින් ගහපුවද කියලා හිතෙනවා""// එක ඇත්ත සමහර වෙලාවට එහෙම තේරුමකින් ගහපුවා වෙන්න බෑ , එත් ඒ තුලින් කලපනා කරලා බැලුවම ලොකු දෙයක් මතුකරලා ගන්න පුළුවන් .
මේ සමාජය හරියාකාරව නියාමනය වුනේ නෑ මුල ඉඳන් , ඒ වගේම නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවීමත් එක හේතුවක්
අන්න ඒකයි. ගහගෙන ඉන්න එකාට ඒ පාඨයෙන් මෙලෝ වැඩක් නැතත් හිතන්න පුලුවන් මිනිහෙකුට දෙයක් තියෙනවා.
Deleteඋඩ ඉඳන් පහලට ලස්සන වැකි ටිකක් සටහන් වෙලා. දැකපු නැති ඒවත් තියන්නෙ ලොට් එකක් ම. මේ වෙලාවෙ මතක් වෙන්නෙ නෑ. නැත්තං පාරට බැස්සම කොච්චර නම් දකිනව ද ඔහොම ඒවා. සමහර ඒවා හරිම නිර්මාණශීලියි. හරිම රසවත් ලිපියක්.
ReplyDelete"පොද වැස්සට අපි ආසයි", පැතුවේ ලස්සන දවසක්, ඒත් හැමදා මහමග", "අනුග්‍රහය බිරිඳ", "මේ වෑයම රජ වන්නට නොවේ"....
ත්‍රී විලර් කියන්නෙ ආරක්ෂාව අතින් නම් අන්තිම වාහනයක්. ඉස්සරහ තනි රෝදය නිසා ක්ෂණික හැරවුමකදි බඩු. මං තුන් පාරක් දැකල තියනව ඒවා පෙරලෙනව. එක වතාවක මාත් හිටිය ඒකක් ඇතුලෙ. හැබැයි ඉතින් ඒ ආශ්‍රිතව රැකියා නම් සෑහෙන්න බිහි වෙලා තියනව.
//"ත්‍රී විලර් කියන්නෙ ආරක්ෂාව අතින් නම් අන්තිම වාහනයක්"// එක වෙන්නේ , අර හැන්ඩ්ල් එකට එන ආරක්ෂිත ලොක් එක මෙයාල කඩන නිසා , එක කැඩුවම අංශක 90 ටම හරවන්න් පුළුවන්,
Deleteකොහොම වුනත් මේ වෘත්තියට නියාමනයක් අවශ්‍යයි . හැබැයි මේ නිසා ශ්‍රම වෙළඳපලට නම් මරු පහරක් වැදුනා
මගේ බොක්කෙ යාලුවෙක් හිටියා තුන් රෝද රථ වල වැකි වාහනේ එළවන ගමන්ම කියවන...මිනිහා කැමතියි ඒ සාහිත්‍යයට...දවසක් මිනිහා මුල පේළිය කියවන්න හදනකොටම වීල් එක ඇද්දා ජෙට් එක වගේ....පස්සෙන් පන්නලා ගිහින් අල්ලගත්තා...පිටි පස්සෙ ටෙන්ට් රෙද්දෙ යටට වෙන්න වැකිය ගහලා.....ඒකෙ තිබුනෙ...
ReplyDelete//ඔබ එනවා ළග වැඩියි //
මාර ඩයල් එකක්නේ උඹේ යාලුවා , ඒ පන්නපු පනිල්ලට හප්පුනානම් ත්‍රීවීල් එකක් අරන් දෙන්න වෙන්වා . ඔබ ආවා ළඟ වැඩියි එහෙනම්
Deleteවර්ග කරලා නියමෙට තියෙනාව
ReplyDeleteම.ක.සි. ස්තුතියි
Deleteමේ ගැන හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන්... ඇයි අහල නැද්ද - ඔබේ ද රෝඩ් රූල්ස්.... (මෙතන තේරුම් 2ක් තියනවා.)
ReplyDelete"ඔබේ ද රෝඩ් රූල්ස්". කියලා ඇහුවට උන් යන්නේ "මගේය රෝඩ් රූල්ස්" වගේ තමා . :P
Deleteකවද....කවුරු හරි මේ ගැන ලියයි කියල සිතපු ලිපියක්........
ReplyDeleteඋඹ පටන් අරගෙන අවසාන කිරීම ඉතාම රසයි යකෝ...........
අන්තිමට ලියල තියෙන උගත් රියදුරාගේ ලියල තිබ්බ එක නම් පට්ට ඉවාන්.......අයියෙ .....හෙක්....හෙක්....
අයියන්ඩි අලුත් මෙනවාහරි ලියපන්කෝ...ලගදි අලුත් ලිපියක් ලිව්වේ නෑනේද?
Deleteඔව් කෙන්ජි අයියා, ලියන්නෙ එහෙම නැතැයි?
Deleteඅම්මේ අපේ කෙන්ජි මල්ලාව දැක්ක කල්, තැන්කිව් කිව්වා කෙන්ජි මල්ලා -- අර කිව්වත් වගේ ලියන්නේ නැතෙයි මොනවත්
Deleteමේ තියෙන්නේ ඔක්කොම අහන්න .....
ReplyDeleteරුසියාවට වඩා ලොකුයි ඉරිසියාව මල්ලි
අඩේ මට කලිං ඇනා් දාල නෙ
Deleteසැක්
මං කොට කොට ඉද්ද්ි දාන දුකේ බැ
සිංදු ඇනෝ - තව සින්දුවක් තියෙනවා සිරස හදපු , ලඟදි සිරස ත්‍රීවීල් කානිවල් එකට හැදුවේ හොයාගන්න් විදිහක් නෑ
Delete"රෝද තුනේ යහනේ ,නැතේ හීනමානේ ත්‍රීවීලර් එක අපේ ජීවිතේ ' කියලා උඹ අහලා තියෙනවද?
රෝද තුනේ දෝලාවෙන්
Deleteරෝද තුනේ දෝලාවෙන් කොලොම්පුරේ සරි සරන්න
වරෙන් නගේ හැන්දෑවට විදුලි බුබුළු මල් බලන්න .... //
ගායනය - කිර්ති පැස්කුවෙල්
තව තියේ ඉවාන් අය්යෙ මට නං මතකත් නෑ...ඒත්..
ReplyDeleteවංසෙ මොටද පණුවන් කන මයිනන්ට...
ඕක නං මට මරුවටම මතක හිට්ට...
රුසියාවට වඩා ලොකුයි ඊරිසියාව මල්ලී
ඔයා යන්න මං එන්නං අපි ළග නෑ හොර සල්ලී.
ත්‍රීවිල් ටුක් ටුක් ගාල පිටිපස්සෙන් අලවගන්න
මතක් වෙන්න බෙදං කන්න පිගන් අරං වාඩි වෙන්න....
සල්ලිත් නෑ සනීප නෑ ළගින් හිටිය මිතුරත් නෑ
වැදිලත් නෑ වද්දල නෑ කවදාවත් වැරදිල නෑ
නැන්දෙ මාමෙ මේ අහන්න දුව බෑ අමතක කරන්න
පුංචි කමට දග කලාට ගණන් ගන්න එපා ඔන්න
ඔබ පහු වුණා නොවේ මා ඔබ පහු කළා නේද
රෝද තුනෙන් ඉගිල්ලෙන්න මට පොඩ්ඩක් ඉඩක් දෙන්න
රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත
පිඹගෙන එන්නේ ඉඹගෙන යන්නද
අස්සෙන් රිංගාගෙන කලර් එකේ ඇරං යන්න
අඩු ගානට හයර් යන්න එන්න අපිත් එක්ක යන්න
උදේ හවා පාර පුරා ඔබ සොයනා විට ළග ඉන්නා
දැවටෙන්නෑ පැටලෙන්නැ ඇතිල්ලිලා අපි යන්නෑ
හයියෙන් යන්නෙත් නෑ
ආවොත් අපි අරින්නෙ නෑ
අත හිත ලොකු අය්ය දුන්නෙ
අම්මේ උඹ බුදු වෙන්නේ
අපේ ගමණ අපි යනවා අපේ පාඩුවේ
ඇස්වහ නෑ කටවහ නෑ
කිට්ටුවෙවී නේද ඔයා
අමාරුවෙන් ගත්ත නිසා වද්දන්නට එපා ඔන්න...
ගායනය --රවීන්ද්‍ර මීගමාරච්චි
මහේෂ් මට මේක කොටන්න කම්මැලි හිතුනා බන් ...එකයි ලින්ක් එක දැම්මේ ...
Deleteතව සින්දු වගයක් තියනවා .....
ෂොපින් ගිහිල්ලා බඩු ටික ගෙන්න
අඩෝ කම්මැලි පිස්සු පුසා...උඔ සින්දු දාන්නේ නැත්නම් මේ බෙලෝග් කෙරැවාව අතඇරලා දානවා...ඔි යේස්
Deleteපිස්සුද මෙන්ඩෝ බොලොග් අතාරින්න ..යකෝ ගැණු බ්‍රා අදින්නැතිව ඉන්නවා වගේ වැඩක් නේ ...හැක්
Deleteමේ අලුත් සින්දු වල වචන අහලා ලියන්න පට්ට ගේමක් දෙන්න ඕන බන් ..
ලියපු එකා මුණ ගැහෙන එක ලේසියි බන් ..
අප්පට සිරි මහේෂයාත් අරින්නේ නෑ ගේම ,
Deleteස්තුතියි මහේෂ් -
අඩෝ සිංදුවා සිංදු නොදා හිටියොත් බ්ලොග් පාලුවට යයි ..නැද්ද මෙන්ඩෝ
'ලෝකේ ලොකුම ෂිප් එක ෆ්‍රෙන්ඩ්ෂිප් එක' කියලා ගහලා තිබ්බ එකාගේ වීල් එක මාර ගහක හප්පගෙන කන්ඩෙම් වුනේ උගේ හොඳම යාළුවා අතින්. ඌ තාමත් අනාථයි.... යාළුවා ෂිප් එකක වැඩට ගියා.
ReplyDeleteපට්ට කතාව අයියන්ඩි..එල ද බ්‍රා
Deleteපට්ට අරූ අයියා. +++++++++++++++++
Deleteඅරු අයියගේ මරු කතාව .... කොහෙන්ද අප්පා මේවා හොයාගන්නේ, හදලා කියපු එකක්ද මන්දා මොකකවුනත් පට්ටයි අරු අයියේ
Deleteබුදු මල්ලියේ වද්දන්න එපා ලීස්එක ඉවරවුනාම රේස්එකේ යමු
ReplyDeleteඅප්පටසිරි දැනුයි දැක්කේ, ඒ කාලේ බ්ලොග් ලියනවා තියා , බ්ලොග් කියලා ජාතියක් තියෙනවද කියලවත් දන්නේ නෑ මං නම් , ස්තුතියි රාජ්
Deleteබොලවු අද උදේ උණු උණුවෙම දැක්කා ත්‍රීවිල් වදනක්. ඒක අර රත්නපුරේ බට්ටිට ගහපු රිළාහාමි දැන් එළවන ත්‍රීවිල් එකද මන්දා. ඒ වදනත් දැකපු ගමන් මතක් උනේ මේ පෝස්ට් එක.
ReplyDelete"බට්ටි නිසා ජීවිතේම මුට්ටි පෙරලුනා"
:D :D :D
එල ද බ්‍රා
Deleteමෙන්න චාමර රණවක කියන ඕකෙ මුලු සිංදුවම
Deleteප්‍රියා - ඔන්න බලපං මීට පස්සේ උඹලට ත්‍රීවීල් දැක්කම පස්ස බලන්න හිතෙයි , මම කිව්ව්වේ ත්‍රීවීල් වල , ඕ යේස් ..
Deleteපත්තරේ - එකටත් සින්දුවක් හදලද ඒ ගමන
ඔය ඉලව්වක් ලඟට ගිහින් කියවන්න හදලා මට රුපියල් දෙදාහකට කෙල උනා. මතක් කරන්න එපා.. කියවන ගානට වාහනේ ආවම මූ පාර මැද යූ ටර්න් එකක් ගැහුවානෙ..
ReplyDeleteහැක හැක හැක , හත් ඉලව්වේ ,මට ඉල ඇදුනා හිනාවෙලා ....
Deleteඕකනේ කියන්නේ. ඔහෙලට බෑ රජෝ අපි වගේ බ්රේක් හෝන් නැතිව වාහන එළවන්න.. හොද වැඩේ.. හැක්..
Delete“තාත්තා අරන් දුන්නේ.. වද්දනන්න එපා රත්තරං“
මෙන්න තව එකක් ...:)
ReplyDeleteඔබෙ දෑස අමතක වෙන්න නම්, මගෙ දෑස පියවෙන්න වෙයි.......:D
අප්පේ ...එහෙමද
Deleteඔය දෑස දැක්කම මටත් ඕකම හිතෙනවා පොඩ්ඩි :D
මෙන්න සම්පූර්ණ සිංදුව
Deleteඈතින් ඈතට - චාමර වීරසිංහ
මුනුත් හරියට ප්‍රයිවෙට් බස් වගෙම තමයි .නැතුවනම් බැ. මුන්ගෙන් සම්මජෙට ලොකු සෙවයක් වෙනව.දුර ඉන්න මිනිස්සුන්ට ලෙඩෙක් ගෙනියන්න වගෙම වෙන ඔනම දෙකටත් දරාගන්න පුලුවන් ගානකට තියෙන්නෙ ත්‍රීවීල්. අර සෙන්නගෙ කමෙන්ට් එකෙ දි කියල තිබුනවගෙ පොලිසියට මුන්ව පෙන්නන්න බැ වගෙ පෙනුනට එක එහෙමමත් නෙමෙයි .පොලිස් කාරයො මුන්ගෙන් නිකන් වැඩ ගන්නව වගෙම ගොඩාක් තොරතුරුත් එනව ම් පොලිසියට මුන්ගෙන්. එකනිසා නොමලි පොලිසිය මුන්ට පොඩි චාන්ස් එකක් දෙනව. කල යුත්තෙ බස් වලටයි මුන්වයි යම්කිසි නිතික්රමයක් මගින් පාලනය කලානම් හරි.නැතුව තහනම් කිරිමනම් හරියන්නෙ නැ.
ReplyDelete