මංතුමා ඉස්සෙල්ලාම රස්සාවකට ගියේ ලංකාවේ නම ගිය ඉදිකිරීම් සමාගමකට , අපරාදේ කියන්න බෑ සයිට් එක බාර කළමනාකාරතුමා ඉතාම හොඳ මනුස්සයෙක්, අපිට නවතින්න තිබුණේ දියවන්නා ඔය අසබඩ තිබුණු ගෙදරක ඉහල තට්ටු දෙක. කට්ටිය 15 ක් විතර මෙතන හිටියා. ( දියවන්නා ඔයේ සුන්දර දසුන්හිතේ මවාගන්න එපා, මේක දියවන්නා ඔයේ අතු ගඟක්, රාජගිරියේ පැත්තක දියවන්නා ඔය කෙලවරට වෙන්න තිබුණේ,) අපි හිටපු තැනට එහායින් දිගටම පැල්පත් වාසීන් , අපරාදේ කියන්න බෑ උදේට ඇහැරෙන්නේ අහල පහල ගෑනු මිනිස්සු සුන්දර සිංහල වචන කතාකරනවා ඇහිලා.
ආතල්ම සීන් එක තමයි, පල්ලෙහා ගෙදර ඉන්න කුකුලා මගේ කාමරේ ජනේලේ ළඟ තාප්පේ වහලා උදේ පාන්දර දෙකේ ඉඳං සින්දුව ගහන එක. එත අපි නෙවෙයි හ්ම් කිව්වේ , මොකද ඌට පාට් දාල පහලට බහිනකොටම සබ්බුව හම්බවෙන බව අත්දැකීමෙන් (මගේ නොවේ) දන්නා නිසා.
එතන අපේ බෝඩිමේ හිටපු අනිත් සෙට් එක තමයි, අපේ ගබඩා පාලක, වෙලා සටහන් කරු, ගිණුම ලිපිකරු......... සිංහලෙන් කියනවනම්. ස්ටෝකීපර් , එකවුන්ටන්, ටයිම් කීපර්, ටෙක්නිකල් ඔෆ්ෆිසර්ලා, අස්සිස්ටන් ඉන්ජිනියර් වගේ කස්ටිය, මෙතන හිටියා ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් මිනිහා මලින්ද, එක මිනිහගේ නම නෙවෙයි, කොයි වෙලෙත් මලපැනපු ගමන් ඉන්න ඩයල් එකක්, එක නිසා මිනිහට අපි කිව්වේ මලින්ද ,
හිටපු කස්ටියගෙන්ම බයිසිකලයක් (මෝටර්) තිබුණේ මිනිහට විතරයි, අපිතුමාලා ඉතින්වැඩට ගියේ ආවේ, කොම්පැනියෙන් දීපු වෑන් කට්ටේ, මලින්ද්යා ගියේම උගේ බයිසිකලේ, මොකද පාර දිගට ඉන්න ලලනාවන්ට පේන්න.
තව එක කේස් එකක් මලින්දයා කෙසෙල් පෙරේතයා, රෑ කෑම කාලා අතුරුපසට කොම්පැනිය ගානෙම දෙනවා කෙසෙල් ගෙඩියක්, මේකා අනිට් එවුන්ගේ ඒවත් හොරෙන් කනවා, මිනිහා උදේ නැගිට්ට ගමන් බලන්නේ කාටහරි කෙසෙල් කන්න අමතක් වෙලාද කියලා, එහෙමනම් කුණුකෙල පිටින්ම එකට වග කියලා තමයි වැඩේ පටන්ගන්නේ, මේක නිසා හැමෝම තමුන්ගේ කෙසෙල් ගෙඩිය නිදන කාමරෙටම ගෙනියනවා, ඉතින් ඕක කොට්ටෙ යට තියලා අමතක වෙලා කෙසෙල් වලින් බොඩි වොෂ් කරගත්තු අයත් ඕන තරම්,
අපේ ටයිම් කීපර් විකී මහත්තය මලින්දයට කරුණාවන්තයි, ගොඩක් වෙලාවට මිනිහගේ කෙසෙල් ගෙඩිය මලින්දයට දෙනවා. (ඔන්‍න ඉතින් තොපිලගේ වල් හිත)හැබැයි මිනිහා මේක දෙන්නේ කට්ටිය එලියට ඇවිත් දොර වහලා වෑන් එක එනකම් බැල්කනියට වෙලා ඉන්න වෙලාවේ, ඒ මොකද කියලානම් තාමත් හිතා ගන්න බැරි උනා. මලින්දයත් හැමදාම බැල්කනියට ඇවිත් විකී මහත්තයගෙන් අහනවා
" විකී මහත්තයෝ අද කෙසෙල් නැද්ද? "
" අනේ නෑ කොල්ලෝ ඒක ඊයේ රෑ බංදුවා කෑවනේ "
" බන්දුගේ අම්මට ......................ඩ, ...රි .....ගේ පුතා" " මම යනවා ....රි ......ත්තලා."
ඔන්‍න ඔහොම තමයි, ගොඩක් දවස් වල උනේ, එත ඔහොම උණු හැම දවසකටම පහුවදා විකී මහත්තයා මිනිහගේ අතේ වියදමින් හරි මලින්දයටකෙසෙල් ගෙනත් දුන්නා,
මුගේ තව කැත පුරුද්දක් තමයි, අපිට වෑන් එක පරක්කු වෙනකොට අපිට දිව දික් කරලා කිනම ගිහින් ලොක්කාගෙන් ලකුණු දාගන්න එක,
දවසක්උදේ,
" මෙන්න උඹට කෙසෙල්"
" අම්මට සිරි තැන්කු විකී මහත්තයා"
"නොදකින් අදත් වෑන් කබල පරක්කුයිනේ"
" එහෙනම් උඹලා අදත් උසාවි නැගපල්ලා " කියපු මලින්දයා කාපු කහෙල් ගෙඩියේ ලෙල්ල බැල්කනියේ ඉඳන්ම දියවන්නා ඔයට විසිකරලා බයිසිකලේ යතුර සාක්කුවට දාගෙන පහලට බැස්සා,
වෑන් එකට බැන බැන අපිත් ඉන්නකොට හෝන් ගහනවා ඇහුනා, අපි ඔක්කොම පහලට බැස්සා,
පහලට බහිනකොට මෙන්න බොලේ මලින්දයා තාම ගිහින්නෑ, මලින්දයා ගඟ ලඟට යනවා, අපහු බයිසිකලේ ගාවට යනවා, " විකියාගේ අම්මට ...........න්ඩ , ඕකා තමා කෙසෙල් ගෙඩියක් දීලා මට පු....... ඇරියේ, හෙන ගහපිය වේ.....ගේ පුතා."
" මලින්ද මොකද බං"
" මොකද උඹ ගියේ නැත්තේ'
" ගියේ නැත්තේ හු..........න්නො , බයිසිකලේ ස්ටාට් කරන්නේ ප...න්ද? "
"ඇයි මොකද"
" මොකද? මොකද තමයි, අර කැ.....යා. කෙසෙල් දීලා තමයි ඔක්කොම කලේ"
" මොකද උනේ කියපන්කො ඉතින්"