"යන්නේ නැත්තං අයින් වෙයන් හුත් .... ඔතන හිටගෙන ඉන්නේ "
මගේ ඇඟේ හප්පෙගෙන වතුර බාල්දියත් අරං ටකරං වලින් වටකරපු ලැට් පේලියේ කෙලවරේ ඉඳන් දෙවනියට තියෙන ලට් එකේ දොර ඇරගෙන ඇතුලට රිංගපු එකා , දොර වහගන්න්වත්, එක්කම වගේ "හම්මේ" ගාන සද්දේ හොඳට එලියට ඇහුනා....
දොරට පයින් ගහපු බණ්ඩාර අයියා .... "මොකද ..තෝ බෙට්ට අල්ලේ තියාගෙනද නැගිට්ටේ ... " කියලා ඇහුවට ඒකට උත්තරයක් බලාපොරොත්තු වුනේ නෑ මං හිතන්නේ ... දත් බුරුසුව උගුර ඇතුලටම ඇනගෙන දෙසැරයක් විතර ඔක්කාර සද්දේ දාලා කෙල තලියක් ගැහුවට ඒකට වතුර පාරක් ගහලා කාණුවට යවන්න මිනිහා වගබලාගත්ත ,
හැමදාම , වගේ උදේට , මේ ටකරං මඩු ටික අස්සේ මේ ජරමර ටික නම් දැන් හුරුයි වගේ, උදේ හතේ මනිය ගහන්න කලින් වැඩපලේ ගේට්ටුව පනින්න තමයි ඔක්කොමලා ගේ ට්‍රයිඑක. නැත්තම් පැය දෙකක් කැපෙනවා .
" අම්මප මට ලොක්කගේ අම්මට හමන්නන්න හිතෙන්නේ ඔය වෙලාවට තමා , කීසරයක් මම කිව්වද දෙමෙල්ලු මේක අස්සට දානං එපා කියලා, බලපන්, වේසිගෙ පුතාලා ,නාන්නෙත් නෑ, ඒ මදිවට විටගඳයි, තල තෙල් ගඳයි. "
බණ්ඩාර අයියා කියන්නෙත් ඇත්ත අප්පා, මේ වතු දෙමලු ටික නම් මහා අපිරිසිදු ජාතියක්.
"මොකද කොටා යන්නේ නැද්ද අද? බබා හුකුන් නැතුව වරෙන් පකෝ යන්න .. "
ඒ සද්දෙට එකපාරටම බැනියම දාගත්ත මම , කහපාට හේදිලා ගිය ගල් තොප්පිය අතට අරං එලියට ආවා.
"දක්ෂිණ අධිවේග මාර්ග ව්‍යාපෘති සේවක නවාතැන ... " කියන ලොකු බෝඩ් එකට යටින් පාරට ආපු අපි ටිපර් එකේ පිටිපස්සට නැග්ග්ගේ වැඩපලට යන්න.
බණ්ඩාර අයියා කියන්නැහේ තාප්පෙටයි, බෝඩ් එකටයි වියදම් කරපු ගානෙන් බාගයක්වත් වියදම් කරානං , අඩුගානේ වැසිකිලි ටික හරියට හදන්න තිබුනා . අමු අපායවල්,
මුන්ට ඕනේ වැඩ විතරයි, විනාඩිය එහාමෙහා වුනොත් පැය දෙකතුන කපන්නේ ... හෙනම ගහපං.