Sunday, January 21, 2024

අභිරහස් පාපන්දු ලෝක ශූරතාවලිය

 අභිරහස් පාපන්දු ලෝක ශූරතාවලිය

-------------------------------------------------------------





කටාර් රාජ්‍යය මුදලින් සහ පොසිල ඉන්ධන බලයෙන් ලොව පොහොසත්ම රාජ්‍යයන් අතරට පැමිණි රාජ්‍යයකි. මුදලින් සහ සියලු සැප සම්පතින් ආඪ්‍ය වූ මේ තෙල් ලොව නිල නොලත් රාජ්‍යත්වය හිමි කටාරියට ඉන්පසු අවශ්‍ය වූයේ ලෝකයා හමුවේ සිය නාමය ඉහලට ගෙන යාමට සමත් කුමන හෝ ක්‍රියාවලියකි.


ඒ වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමට කටාරියේ එමීර්වරයා වන "තමීම් බින් හමාඩ් අල්තානි" සූදානම් බව ඔහුගේ සමීපතයන්ට ඔහු ප්‍රකාශ කර තිබුණි. ඒ සඳහා සුදුසු කාර්‍යයක් යෝජනා කිරීමේ කමිටුව පත් කෙරුණ අතර එහි මූලිකත්වයට පත්වූ කටාර්හි බුද්ධි අංශ ප්‍රධානියා වන "මොහොමඩ් බින් අහමඩ් අල් මින්සාඩ්" මත එම භාරදූර කාර්‍යය පැටවින.


මාස කීපයක ඇවෑමෙන් මේ සඳහා ඔලිම්පික් හෝ ලෝක පාපන්දු ශූරතාවය කටාර්හි පැවැත්වීමෙන් එමීර්වරයා බලාපොරොත්තු වල ප්‍රසංශාවේ පියාපත් කටාරියට ලබාගත හැකි බව කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය යටතේ වන කටාර් බුද්ධිඅංශයේ මූලස්ථානය වන ජෝර්ජ්බුශ් සෙන්ටර් හිදී කටාර් එමීර්වරයා වෙත සැලකර සිටින ලදී.


කෙටි කාලයක් තුල විශාල අවධානයක් කටාරියට ලබාගැනීමටනම් ඔලිම්පික් උළෙලට වඩා පාපන්දු ලෝක කුසලානය සුදුසු බව එහිදී ඒකමතිකව තීරණය විය.


අභියෝගය ඇරඹුණේ ඉන්පසුවය. කටාරිය ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල මුල් සියය අතරවත් නැත. ඒවනවිටත් ඔස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව , ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දුනීසියාව තමන්ගේ ලංසු ඉදිරිපත් කර තිබුණි.. ඔවුන් සියල්ල ශ්‍රේණිගත කිරීම්වල කටාරියට ඉහලින් සිටින සහ මූල්‍යමය අතින් ස්ථාවර රටවල් විය. කටාරියද තම ලංසුව ඉදිරිපත් කලද ඇමරිකාවේ සහ ඉන්දුනීසියාවේ ලංසු ඉතා ඉහල බවට විශ්වාසයක් පැවතිණ. 

Saturday, January 13, 2024

ගීතමය සිතුවම

 


පහේ ශිෂ්‍යත්වේ පාස්වෙලා හයවසරට එන පොඩි එවුන් එන පලවෙනි දවස. පොඩි එවුන් පිළිගන්න හදපු ප්ලාස්ටික් මල් තොරණ ගේට්ටුවේ ගහලා. මේකට අලුත් මල් ටිකක් ගෙන්න තිබ්බනම් හොඳයි නේද කියලා කීප සැරයක්ම අංශභාර සර්ට කියන්න හිටියට කියන්න බැරිවුනා නේද කියල වත්සලා ටීචර්ට මතක් වුනා. ඒ අස්සේ සාදරයෙන්  එකේ දයන්නයි,  පිළිගනිමු කියන කෑල්ලේ ඉස්පිල්ලයි  වැටිලා. සා..රයෙන් පලිගනිමු.. මේ බැනර් එක දැන් අවුරුදු දහයකටත් වැඩියි.මෙහෙමවත් අකුරු තියෙනවා ඇති.

ගෙටුවේ තොරණ යටින් එන පොඩි එවුන් බැනර් එක කියවලා සමහරු කට අතින් වහගෙන හිනාවෙනවා, සමහරු හිනාවෙලා අම්මලා තාත්තලා දිහා  උඩ බලනකොට අම්මලා තාත්තලා රවනවා. ඒ ළමයි අමාරුවෙන් හිනාව නවත්තගෙන අම්මලා පස්සෙන් ගාටනවා. මේක දැක්කම වත්සලා ටීචර්ට පොඩි ලැජ්ජාවක් ආවා. එත් ඉතින් තමුන්ට මේකේ මැදිහත් වෙන්න පුලුවන් සීමාව දැනගෙන වැඩ කරන එක ඇඟට ගුණයි . පැන්සන් යන්න තියෙන මේ අවුරුදු දෙකට තුනට ඈතකට යන්න ඕන නෑනේ.

************