Sunday, January 21, 2024

අභිරහස් පාපන්දු ලෝක ශූරතාවලිය

 අභිරහස් පාපන්දු ලෝක ශූරතාවලිය

-------------------------------------------------------------





කටාර් රාජ්‍යය මුදලින් සහ පොසිල ඉන්ධන බලයෙන් ලොව පොහොසත්ම රාජ්‍යයන් අතරට පැමිණි රාජ්‍යයකි. මුදලින් සහ සියලු සැප සම්පතින් ආඪ්‍ය වූ මේ තෙල් ලොව නිල නොලත් රාජ්‍යත්වය හිමි කටාරියට ඉන්පසු අවශ්‍ය වූයේ ලෝකයා හමුවේ සිය නාමය ඉහලට ගෙන යාමට සමත් කුමන හෝ ක්‍රියාවලියකි.


ඒ වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමට කටාරියේ එමීර්වරයා වන "තමීම් බින් හමාඩ් අල්තානි" සූදානම් බව ඔහුගේ සමීපතයන්ට ඔහු ප්‍රකාශ කර තිබුණි. ඒ සඳහා සුදුසු කාර්‍යයක් යෝජනා කිරීමේ කමිටුව පත් කෙරුණ අතර එහි මූලිකත්වයට පත්වූ කටාර්හි බුද්ධි අංශ ප්‍රධානියා වන "මොහොමඩ් බින් අහමඩ් අල් මින්සාඩ්" මත එම භාරදූර කාර්‍යය පැටවින.


මාස කීපයක ඇවෑමෙන් මේ සඳහා ඔලිම්පික් හෝ ලෝක පාපන්දු ශූරතාවය කටාර්හි පැවැත්වීමෙන් එමීර්වරයා බලාපොරොත්තු වල ප්‍රසංශාවේ පියාපත් කටාරියට ලබාගත හැකි බව කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය යටතේ වන කටාර් බුද්ධිඅංශයේ මූලස්ථානය වන ජෝර්ජ්බුශ් සෙන්ටර් හිදී කටාර් එමීර්වරයා වෙත සැලකර සිටින ලදී.


කෙටි කාලයක් තුල විශාල අවධානයක් කටාරියට ලබාගැනීමටනම් ඔලිම්පික් උළෙලට වඩා පාපන්දු ලෝක කුසලානය සුදුසු බව එහිදී ඒකමතිකව තීරණය විය.


අභියෝගය ඇරඹුණේ ඉන්පසුවය. කටාරිය ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල මුල් සියය අතරවත් නැත. ඒවනවිටත් ඔස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව , ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දුනීසියාව තමන්ගේ ලංසු ඉදිරිපත් කර තිබුණි.. ඔවුන් සියල්ල ශ්‍රේණිගත කිරීම්වල කටාරියට ඉහලින් සිටින සහ මූල්‍යමය අතින් ස්ථාවර රටවල් විය. කටාරියද තම ලංසුව ඉදිරිපත් කලද ඇමරිකාවේ සහ ඉන්දුනීසියාවේ ලංසු ඉතා ඉහල බවට විශ්වාසයක් පැවතිණ. 


මේ අතර පාපන්දු ලෝක කුසලානය කටාරියට දිනාගැනීමේ තිරෙන් පිටුපස වැඩකොටස ක්‍රියාත්මක වී තිබුණි. 2019 පෙබරවාරි 24 වෙනිදා ඊශ්‍රායල් මොසාඩ් ප්‍රධානී "යොසී කොහේන්" සහ කටාර් බුද්ධි අංශ ප්‍රධානී "මොහොමඩ් බින් අහමඩ් අල් මින්සාඩ්" අතර ඉතාම රහසිගත හමුවක් පැවැත්විණ. මේ හමුවේ මූලික අරමුණ වූයේ නියත් වශයෙන්ම කටාරියට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දිනාගැනීමේ පසුබිම සකස් කිරීමය.


හමුවෙන් පසු කටාර් බුද්ධිඅංශ ප්‍රධානියා කටාරියේ වසන ශ්‍රී ලාංකිකයෙකු හමුවී තිබුණේ කටාර් එමීර්වරයා සමග එමීර් වරයාගේ රහසිගත භූගත ආරක්ශක මාලිගයේදීය. කටාරියට ලෝක කුසලාන සත්කාරකත්වය දිනාදීමට කළයුතු දෑ සහ ඉන්පසු ශ්‍රීලාංකිකයාට ලැබෙන වරප්‍රසාද ගැන මෙහිදී දීර්ඝවශයෙන් සාකච්ඡා විය.


අදහාගත නොහැකි ඩීල් සහ අතයට ගණුදෙනු සඳහා චිරප්‍රසිද්ධ ශ්‍රීලාංකිකයා ඔහුගේ කොන්දේසි ඉදිරිපත් කලේය.


ඉන්පසු සිදුවූ සියල්ල අතීතයට එක්වූ අතර අදහාගත නොහැකි ලෙස ඇමරිකාවේ සහ ඉන්දුනීසියාවේ ලංසු ප්‍රතික්ෂේප කෙරිණ. ඉන්පසු පාපන්දු ඉතිහාසයේ වැඩිම ලංසුව ලෙසට 2018 රුසියාව තැබූ ඇමරිකානු ඩොලර් බිලියන 16 මෙන් ආසන්න වශයෙන් පහලොස්ගුණයක වැඩිමිලට එනම් ඩොලර් බිලියන 229කට කටාරියට සත්කාරකත්වය හිමිවිය.


මේ අතර ලෝක කුසලානය පෙනෙන මායිමෙදී මේ සඳහා වූ අතයට ගණුදෙනු සඳහා මැදිහත් වූ ශ්‍රීලාංකිකයා කැන්ඩාවේ අධික සීතල සහිත හිමෙන් වැසුණු ඉතා දුෂ්කර ගම්බද ප්‍රදේශයකට සංක්‍රමණය විය. ඔහු පිළිබඳ මතකය කාටත් අමතක වී ගියේ කටාරිය ඉතා සාර්ථක පාපන්දු ලෝක කුසලානයක් ලොවට තිළිණ කල නිසාවෙනි.


කෙසේවෙතත ශ්‍රීලංකාවේ දියතලාව ග්‍රාමයේ උපත ලබා පේරාදෙණිය සරසවියෙන් යාන්ත්‍රික ඉංජිනේරු වරයෙක් ලෙස කටාරයේ සේවය කල ඔහු කැනඩාවේ සීතල හිම අතර අතුරුදන් විය.


ආශ්චර්‍යය සිදුවන්නේ පසුවය. කිසිවෙකු නොසිතු ලෙස ඉතිහාසයේ ප්‍රථම වතාවට කැනඩාවට ලෝක පාපන්දු කුසලානයක සත්කාරකත්වය හිමි වීමය. 2026 ලෝක කුසලානය සම සත්කාරකත්වය ඇමරිකාව සහ මෙක්සිකෝව සමගින් කැනඩාව හිමි කරගනිද්දී අප කතානායක යාන්ත්‍රික ඉංජිනේරුවා ඉස්තාන්බුල්හි හි වීදි ආහාර රසවිඳිමින්, රස්වත් මෙන්ම විචිත්‍රවත් තුර්කි ආහාර රසවිඳිමින්, වෛවර්ණ තුර්කි සංස්කෘතිකාංග වල පහස ලබමින්  විස්කි බොමින් සැහැල්ලුවෙන් සිටින ඡායාරූප ඔහුගේ මිතුරු වට්සැප් කණ්ඩායම් සහ මුහුණු පොතේ මිතුරන් අතර හුමාරුවෙමින් තිබිණ.

17 comments:

  1. සෂ්ලි තමා මල්ලි.
    Neymarවත් කී කෝටියකට ගත්තද සව්දි අරාබිය. අපේ කිකට් එවුන් ipl යන්නවත් talent එක පෙන්නගන්න බැරැව දඟලනො 😁🤭

    ReplyDelete
  2. කටාරය කියන්නේ භූමියෙන් සහ ජනගහනයෙන් පොඩි උනත් අන්තර්ජාතික තලයේ විශාල භූමිකාවක් කරන රටක් හැටියටයි මට පේන්නේ...ඉස්සර යුරෝපය තුල නොර්වේ රාජ්‍යය කරපු කාර්‍යභාර්ය අද කටාර් රාජ්‍යය කරන්වා...ඒක පුදගල ආදායම අතින් උඩින්ම ඉන්න රටක්... ඉස්සර රටවල් අතර යුද් ප්‍රශ්ණ වල මැදිහත් කරු භූමිකාව කලේ නෝර්වේ...ඒත් අද ඒ තැන අරං තියෙන්නෙ කටාර්.....අපිට කටාර් වලින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..

    ReplyDelete


  3. මම කලින් පෝස්ට් එකට දාපු කමෙන්ට් එකත් නෑ...හොදට මතකයි කමෙන්ට් කලා කියලා

    ReplyDelete
  4. ඔය සිරි ලාංකිකයා පොත් එහෙමත් ලියල, බ්ලොග් එකකුත් කරනවලු ද

    ReplyDelete
  5. නොදත් කරුණු ගොඩක් දැනගත්තා. ස්තූතිය ඉවාන් ඔබට .
    ජයවේවා !!!

    ReplyDelete
  6. එතකොට අරගොල්ලො විතරක් නෙවෙයි. තවත් හොද හොද ඩීල් කාරයො ඉදල තියනවනෙ.ඒක සිරිලන්කාවටම ආවේනික කලාවක් වගෙයි පේන්නෙ.මොන තරම් ආඩම්බරයක්ද?

    ReplyDelete
  7. මදෑ කරකවල අත අරින කතාවක් කියවන්න ආවා.මේකත් අවුලක් නෑ හැබැයි 😉

    ReplyDelete
  8. මට බොන්න වතුර එකක් දෙන්න! වතුර එකක්!!

    ReplyDelete
  9. ඔය කතාවේ බොරු කොටස තමයි කටාරය මයියා කියනව වගේ හොන්ඩ අරටක් වුනත් ෆිෆා එක අල්ලාගෙන ඕක කලේ කියන එක. ෆිෆා කියන්නේ ලෝකේ තියෙන දුෂිතම ක්‍රීඩා සංවිධානයක්. ඉන්දීය ක්‍රිකට් කවුන්සිලේ එන්නේ ඊට පස්සේ. ඇත්ත කතාව තමයි අර ඉන්ජිනේරුව නිසා තුර්කියට ඊලඟ ලෝක කුසලාන සත්කාරක අවස්ථාව ලැබෙන එක. මේකේ සීරියස් ලීවේ හොඳද

    ReplyDelete
  10. ඉතිං ඔය යකාට බැරිද ඕක ලංකාවට අරන් එන්න. ක්‍රිකටුත් එපා වෙලා ඉන්න වෙලෙ වෙන මොකක් හරි තියෙන්නෙ එපැයි..

    ReplyDelete
  11. මේකෙ පසුබිම දන්නෙ නැති නිසා, තේරුනේ නෑ.🤔

    ReplyDelete
  12. සුලමුල නොවැටහෙනමුත් තතු නොදත් නිසා
    ලියන්නේ කොහොම සිතුවා දෑස වසා
    ඇත්ත නැත්ත කොහොම වෙතත් පවුලූෂා
    ලෙසටම ලියයි; කම්මැලිකම ගසා-බසා

    ReplyDelete
  13. සිංහයොන්ට වීරයක් වෙච්ච සිවිල් ඉංජිනේරු කෙනකුත් එය වැඩේට හවුල් නේද?

    ReplyDelete
  14. Fiction based on facts I think, why dont you check out the name Manilal Fernando lol

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]