නින්ද නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොනතරම්...දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවා නම්.
මට කාලයක් තිබ්බා ඔය සින්දුව ඇහෙනකොට ඇඬෙනවා.මං දන්නෙ නෑ ඇයි කියලා ඒත් ඇඬෙනවා. . ක්‍රෂ් එකක් හිටියෙත් නෑ මට හිත ගිය කෙල්ලෙක් හිටියෙත් නෑ. කොටින්ම එහෙම වුවමනාවක් තිබුනෙත් නෑ. ඒත් ඒ සින්දුව ඇහෙද්දි ඇඬෙනවා.
ඔය අතරෙ තමා මේධානිකා මගේ ජීවිතේට ආවේ. මට ඉස්සෙල්ලම හිතුනේ මොන විකාර නමක්ද මේ කියලා.
මේධා මේධනී මේධානි වගේ නම් අහල තිබ්බට මේධානිකා කියලා නමක් ඇහුවමයි. මේධානිකා ප්‍රතිභාවි ඉරුගල්බණ්ඩාර මේ නම ඇහිච්ච ගමන් මම නම් මට හිතුනෙ මොන හත්වලාමක්ඩ්ද යකෝ මේ කියලා.
කාලයක් යද්දි මේධානිකා මේධානි මේධා වෙලා අන්තිමට මේධි වුණා. මේධිට ඕන වුනේ හැමදාම ඇවිදින්න යන්න. කොටින්ම කිව්වොත් ට්‍රැවලිං පිස්සෙක්... පිස්සෙක් කිව්වට පිස්සියක්.
මං ඒකෙ අනික් පැත්ත. මට ඕන වුනේ නිවාඩු දවසට නිදාගන්න. දවසම හරි කමක් නෑ.කොටින්ම මම මහා කම්මැලි ජීවියෙක්. රෙදි ටික ඔක්කොම බයිසිකලේ පටවගෙන ගෙදර ගිහිල්ලා අම්මට හෝදන්න දාලා රෙදි හෝදගෙන ආපහු කොළඹ එනවා. ඩේලි රූටින් එකෙන් පිට මම කරන එකම වැඩේ.
විශේෂ විනෝදාංශයක්, ක්‍රීඩා හැකියාවක්, කලා හැකියාවක් හෝ ගණිතමය, විද්‍යාත්මක හැකියාවක්, විශේෂ ලස්සන පෙනුමක්, උසක්, මහතක් හෝ ඇඟක් නොතිබ්බ කොටින්ම විශේෂයක් නැති මෙලෝ රහක් නැති හාල් කෑල්ලක් වෙච්ච මං වගේ ඩයල් එකකට මේධි වගේ කෙල්ලෙක් කැමති වුනේ ඇයි කියලත් හිතෙනවා.
ගුණරත්නගේ කණ්ඩුල නජිත් ගුණරත්න වන මම, office එකේ අනිත් එවුන් මට කතා කරේ මගේ මුල් නං වල මුල අකුරු වලින්. ගූකන ගුණරත්න කියලා තමා වැඩිදෙනෙක් කතා කලේ. ඕක ගූකන්නා, ගූකනෙයියා වගේ නම් වලටත් හැරුණා. මුලදි මුලදි ඕක ඇහෙන කොට මට ඇඬෙන්නැති ටික විතරයි. මට හිතාගන්න බැරි ඉස්කෝලෙදි ඔය නම කාටවත් මතක් වුණේ නැත්තේ ඇයි කියලා. පස්සෙ පස්සෙ මට ඕය නම ගාණක් නැතිවුනා , මම ඒකට රියැක්ට් කරන එක නැවතුනාම අනිත් එවුන් මට ඒ නමින් කතා කරන එකත් බොහෝ දුරට න්වැතුණා. ඒත් එකෙක් විතරක් හැමදාම ගූඛාන් කියලා කිව්වා.
*********
ඒ රශ්මික , මේධි ආව දවස් වල එයා වටේ කැරකුණ එකා. ඌ ඒදවස්වල කැරකුනේ කැම්පිං ගියාම කණ ලඟ මදුරුවො කැරකෙනවා වගේ කියලා තමා මේධි කිව්වෙ. කොහොම හරි මේධි මගේ වටේ කැරකෙනකොට මට ඒක මාර කරදරයක් වෙලා තිබ්බෙ.
කරදරයක් කිවාට ඒක මහ අමුතු එකක්. මම මේධිට ආසයි. එයා කතාකරන හැටි කතා කරද්දි ඇස් හීනි කරලා බලන බැල්මට. හිනාවෙනකිට දකුණු කම්මුලේ හැදෙන වලට. මුතු ඇට පේලියක් වගේ එක සමානව පිහිටලා තියෙන දත් පේලිය දිහා බලං ඉන්න ආසයි. දිග කැරලි කොණ්ඩෙ වගේම ලස්සනට කපපු දිගත් නැති කොටත් නැති නියපොතු, ඇඟේ ගෑවුනාම හිරිවැටිලා යන ,සිනිඳුම සිනිඳු ඡවි කල්‍යාණිය... මේ ඔක්කොටම ආස වුනාට මට බයයි.
මම දන්නවනෙ අතපය කෝටු , බඩ ඉස්සරහට දික්වුන මේලෝකෙ පර්සනැල්ටියක් නැති මගේපෙනුම.. රශ්මිකයානං. ජෝන් ඒබ්‍රහම් වගේ එච්චර උස නැතිවුනාට සික්ස්පැක් එන්න ඔන්න මෙන්න වගේ ඇඟ එක්ක ඌට තියෙන සල්ලි වාහන එක්ක ගත්තම මේධි ඌට අකමැති ඇයි කියන්නත් මට තේරුණේ නෑ. ඒ වගේම මට බය මට මේධිව දරාගන්න බැරි බව මම දන්න නිසා. සල්ලි, පෙනුම ආකල්ප වගේම අපේ හැඟීම් අහසට පොලොව වගේ මට පෙනුනෙ.
අපේ දුප්පත් ගෙදර අපේ අම්මා තාත්තට ලේලි කියලා පෙන්නන්න බෑ මට නං එයාව.
මොකද කණ්ඩු.. මම උඩගියා මේධිගෙ සද්දෙට.
එයා තමා මට කණ්ඩු කියන එකම කෙනා අනික් හැමෝම කිව්වෙ නජිත් කියලා , නැත්තං නජියා....
**********
" ඇයි තාම කෑවෙ නැත්තෙ"
" ආ...මේ ... මම ඔයා එනකං හිටියෙ..."
" ඈ.... පුදුමයි.... ඒක තමා වහින්න වගේ... බයගුල්ලා.... මේ.. ඔය අර ඉස්සරහ පෙට්ටි කඩෙන් නේද. ඕක අයිං කරලා මෙන්න මේක කන්න...
"හප්පා... ක්‍රෙස්කැට් එකෙන්...."
" කන්න අනේ..... මේ මටත් කටක් කවන්නකො"
".ඒ මොකටද ... ඔයාට තියෙන්නෙත් මේ කෑම එකක්මනෙ"..
" අම්මපා.. මෙහෙම බූරුවෙක්"
ඇඇත්තටම මට මේක මාර වදයක්. එයා කොච්චර ලස්සන වුනත් මට බෑ ඒ ලෝකෙට යන්න.
මම හැම වෙලේම බල බලා හිටියෙ මේ ගැණිව මග අරින්න. ඒත් එයා නෙවේ ඒවා සතපහකට මායිම් කලේ.
අර රශ්මිකයට කැමති වෙනවනං ඉවරනෙ.
" මට ඕන නෑ මස් පුම්බපු නසරානියො.. " එයා රශ්මික ගැන කිව්වෙ එහෙම. ඒත් මට ලස්සන ගෑණු තියාගන්න බයයි. උං මට වඩා දහගුණයක් ලස්සන වුනාම මටමනෙ කරදරේ.
අනික පාරෙ යනකොට අනික් එවුං මට හිනා වෙයි. කෙල්ලගෙ ලස්සනයි අරූගෙ හැටියි බලපංකො කියාඅ.
අම්මපා මේධි මට ඔයා මහ වදයක් අප්පා.
***********
එකම කෑම එක තියාගෙන එයාට කවන්න කිව්වෙ මොකද, මේ ගෑණිට පිස්සුද මංදා...
"මේ...කණ්ඩු... මේ ලෝංග් වීකෙන්ඩ් එකට මොකද කරන්නෙ...."
"ගෙදර යනවා".
"අපි ඕලු ඇල්ලෙ යමු..??"
" ඕලු ඇල්ල??? ඒ මොකක්ද....??. අපි කියන්නෙ කවුද.."
"ඕලු ඇල්ල.. කෑගල්ලේ ඕනෙනං කිලෝමීටර් හැටක් හැටපහක් ඇති, අපි කියන්නෙ ඔයයි මමයි.... අපි... සිංහල ඉගෙනගෙන නැද්ද ඉස්කෝලෙදි"
"අපි දෙන්නා තනියම????
" දෙන්නෙක් වුනාම තනියම වෙන්නෙ කොහොමද ගොනෝ.. අනේ මංදා බූරුවා"
"මේ බූරුවා කියන්න එපා හැම වෙලේම හරිද"
" හා එහෙනං ඔන්න අපි යනවා එහෙනං. ගෙදර යන්න ඕන අරකයි මේකයි නහයෙන් අඬන්න බෑ හරිද"
" ඒ වුනාට මේධි....
" සෙනසුරාදා උදේ හය වෙද්දි මම ඔයාගෙ බෝඩිම ලඟට එනවා.. ඔයාගෙ බයිසිකලේ තමා යන්නෙ. මම පෙට්‍රල්ගහන්නං. උදේ කෑම මම ගේනවා , දවල්ට මගින් කමු. හරිනෙ එහෙනං. වෙන පස්න තියෙනවද පස්න... බූරු.....ආ සොරි... හරක් පැටියා"
ආයෙ මට කතා කරන්න දෙයක් තිබුණෙ නෑ...
*******
අඩි දෙසීයක් විතර උස ලස්සන ඇල්ලක්. හැබැයි මහ මූසල නිහැඬියාවක් තමා වටේම තිබ්බෙ. හතරවටෙන් කැලෑව. ඒ කාලෙ දැං වගේ රැල්ලට යන කෑම්පිං තිබ්බෙත් නෑ. ඇල්ලේ උඩම තැනට අපි නැග්ගා. තැනිතලා ගල් පර්වතය උඩින් ගලාගෙන එන වතුර ගලෙන් පහලට වැටෙනවා. ගල් තලාවෙ තැන තැන ගල් දෙබුක්කා. ඒවගෙන් යටට යන වතුර කොහේ යනවද දන්නෙ නෑ.
ඒ දෙබුක්කාවටට කට තියලා මේධි කෑගහනවා.. කණ්ඩූඌඌඌඌඌ.. කියලා දෝංකාරය ඇහෙනවා. ඔයත් මගේ නම කියන්න මෙහෙම...
***********
එදා ඒ ට්‍රිප් එකෙන් පස්සෙ මේධි ඔෆිස් ආවෙ නෑ. එදා ඕලු ඇල්ල. බලලා ආපහු එලියට එන්කොට රෑ නවයත් පහුවෙලා , වටේම කළුවරයි. රෑම කොළඹ ආවා පහුවදා පාන්දර වෙන්න. මම ගියා බෝඩිමට.. ඊලඟ සඳුදත් නිවාඩු නිසා අඟහරුවාදා ඔෆිස් ගියාට මේධි ඇවිත් හිටියේ නෑ.
මට නං ඒක ලොකු සැනසීමක්, ඇත්තටම මාර කරදරයක් මගේ හිතට එයා මගේ පස්සෙන් එන එක. කට කතා පියාඹලා ගියේ රශ්මිකත් එදායින් පස්සෙ ඔෆිස් ආවෙ නැති එක නිසා.
හැමෝම මගේ දිහා බැලුවෙ අපහාසෙට.
ආ ගූකන ගුණේ... උඹනං නමටම හරියන ඩයල් එක. ඔෆිස් එකේ ඉන්නකං උඹව කඩේ යවලා යවලා.. උඹේ සිහින කුමාරියි, දුෂ්ටයයි හෙමීට උඹට කොකා පෙන්නලා මාරුවෙලා නේද..
ඔෆිස් එකේ හැමෝගෙන නිගමනය වුනේ රශ්මිකයි, මේධියි පැනලා ගිහිං කියලා. මට ඒකෙ ලොකු ගාණක් තිබ්බෙ නෑ. මොකද මම හිටියේ මේධිගෙ කරදරෙන් ගැලවෙන්නෙ කොහොමද කියලා බල බලා..
ඔය අතර මේධි සහ රශ්මික ගැන හොයන්න පොලීසියෙන් ආවා.. හැමෝගෙන්ම කට උත්තර ගත්තා. හැබැයි අපි දෙන්නා ඕලු ඇල්ලෙ ගිය බවක් කවුරුවත් දැනගෙන හිටියේ නෑ. ඒ නිසා මම ඒක කියන්න ගියෙත් නෑ. හැමෝටම කියන්න තිබ්බෙ මේධි වගේම රශ්මිකත් සිකුරාදා හවස ඔෆිස් එකෙන් ගියාට පස්සෙ කාටවත් ආයෙ ආරංචියක් තිබ්බෙ නෑ කියලා තමා.
***********
ඊට මාසෙකට වගේ පස්සෙ මම ඒ ඔෆිස් එකෙන් අයිං වෙලා කටාර් ආවා. ඒ ආපු ගමන අවුරුදු දහයකට පස්සෙ තමා මම මේ ලංකාවට ආවෙ.
අපේ ඕලු ඇල්ල ගමන ගිහිං අදට අවුරුදු දහයක්.
" සොරි මහත්තයා මේ වෙලාවට ඇතුල් වෙන්න දෙන්න බෑ... , "
"ඇයි ඒ.. ඉස්සර ඕන වෙලාවක යන්න පුලුවන් නෙ"
" මහත්තයා සෑහෙන කාලෙකට පස්සෙ වගේ එන්නෙ. හවස හය වෙන්න කලිං හැමෝම ඇල්ල භූමියෙන් පිටවෙන්න ඕන මහත්තයා... හවස හයෙන් පස්සෙ ගිය ගොඩ දෙනෙක් හොල්මනකට බය වෙලා. ජීවිත හයක් විතර් මේ වෙනකොට නැතිවෙලා තියෙනවා වැටිලා ගල්වල ඔලුව වැදිලා.... තව කිප දෙනෙක්ට පිස්සු හැදිලත් තියෙනවා හොල්මන දැකලා."
" හෙහ්... හහ් හේ.. හොල්මං..හෙහ් හෙහ්"
"විහිලුවක් නෙවේ මහත්තයා , කලුපාට ඇඳුමක් ඇඳගත්ත සුදු ලස්සන කෙල්ලෙක්ලු පේන්නෙ ඔලුවෙන් ලේ ගලන... සමහර අය ඔලුව නැති පිරිමි කෙනෙක්වත් දැකලා තියෙනවා කියනවා. කෝකටත් දැං අවුරුදු ගාණක ඉඳලා මෙතන ප්‍රාදේශීය සභාවෙන් ආරක්ෂාව දාලා තියෙනවා. හවස හය වෙද්දි ඇල්ල රක්ෂිතයෙන් පිටට එන්න ඕන. හයහමාර වෙද්දි අපේ සිකුරුටි අයත් එලියට එනවා."..
**********
මේධිට එදා ඕන වුනේ ඇල්ලේ උඩ පැත්තට යන්න. එයා හිතාගෙන ආවෙ එදා එතන කෑම්පින් කරන්න. ඇල්ලේ උඩම වතුර පහලට වැටෙන්න පටං ගන්න තැන එහා පැත්තෙ ඉවුර කිට්ටුවේ තියෙන පතුලක් නොපෙනෙන දෙබුක්කාවෙ ඔලුව පොඩිවෙච්ච් මේධිගෙ බොඩි එක තාම ඇති..
කකුලට වෙට්ටුවක් දාලා බිමට වැටුණ මේධි ගෙ ඔලුවට ගල අත අරින්න තප්රේකට කලිං එයාමගේ දිහා එහෙම නොබලන්නයි තිබ්බෙ. පුදුම වෙලා ලොකුවුන ඒ ඇස් දෙක දිහා බලං ඉන්න බැරි කමටමයි මම ගල ඔලුවට අත ඇරියේ.
බල්ලා... තෝව මං මරනවා කියාගෙන අපේ පැත්තට ආපු රශ්මිකව මම දැක්කෙ ඒ වෙලාවෙ. මූ කොහොමද අපේ පස්සෙන් ආවෙ. කොහොමත් අපි හිටපු පැත්තට දුවගෙන එද්දි ලිස්සලා වැටුන රශ්මිකයගෙ ඔලුව ගලේ වැදිලාසිහි නැතිවුන එකෙන් මට උගේ ඔලුවටත් ගලක් අත අරින්න වෙලාව ලැබුණා. උඹලා දෙන්නට ඔය දෙබුක්කාවෙ ඉඩ වැඩිත් එක්ක.
"කොහොමත් ඊට පස්සෙ මම මේධිගෙ කරච්චලෙන් බේරුණා. ඒත් මට ඒ ඇස් දෙක හැම්දාම පේනවා". ඒකට මොකක්ද කරන්නෙ..
" හොඳයි ඔෆිසර් මම එහෙහං යන්නං. කොහොමත් ගියා කියලා එයාව පේන්නෙත් නෑනෙ"
"මහත්තයා.."
හොරර් ස්ටෝරි එකක් වගේ. හරක් පැටියා කිව්වට තේරුම දැනගෙන නෙමෙයි කියලා තියෙන්නේ.
ReplyDeleteඅන්න එකයි හරක හරකා කියන්න එපා කියන්නේ , වෙලාවක් අනිනවා සුවර්
DeleteFilms බලනවද වැඩියෙන් හොරර් ගනේ
ReplyDeleteTwist එක අන්තිමේ මාරයි, නියමයිනේ
හම්මේ ටන්කු ඈ
Deleteමේධි ඔෆිස් ආවෙ නෑ කියනකොටම මට තේරුනා වැඩේ...
ReplyDeleteසේහ් අපරාදේ
Deleteබුදු අම්මෝ!
ReplyDeleteඅකමැතියි කියලා පෙන්නන කොල්ලන්ට පාඩුවේ ඉන්න දෙන්න හොඳ පාඩම! :D
කොයි දිය ඇල්ලද බලන්න යන්න කැමති ?
Deleteආයෙ ආයෙ එකම කතාවට කමෙන්ට් දාන්න බෑ ඒයි. 🙈🙈🙈
ReplyDeleteතෝ මෙතනටත් ආවද, දුවපිය කිව්වේ
Deleteඅපෝයි! ඒක නම් බොහොම දරුනු වැඩියි කියල මට නම් හිතෙන්නෙ.
ReplyDeleteහප්පා එහෙමද?
Deleteකාලෙකින්... සුපිරියක් කොටලා.....
ReplyDeleteලලිත් මහතා තැන්කු වේවා
Deleteබුදාම්මෝ..............සුරුස්.....🏃♂️🏃♀️🏃
ReplyDeleteබස්සා බයයි ඔය බෙලි කපන කතාවලට. හෙමින් මාරුවෙනවා :D
Deleteබයබෝයි හාංදුරුවනේ! මේකා සයිකෝපැත් එකෙක් බව අදනෙ දන්නෙ. ඔය සිමෙන්ති, කොන්ක්‍රීට් දාපු තැන්වල කීදෙනෙක්ව වලලලා තියේද කව්දෑ දන්නෙ?😮🤭
Deleteකොන්ක්‍රීට් දාපු තැන වලලල තියෙන්නෙ අර දේශකයා විතරයි.
Deleteපරිස්සමෙන් ඉන්දහන් බස්සො
Deleteහපෝයි අසරණ දේශකයා.😞
Deleteගල් සීන් එකක් නේද මේක.
ReplyDeleteගල් දෙබුක්කා සින් එකක්
Deleteඌ නම් ගූකන එකෙක්ම තමා..මට මතක් වුනේ සෙංකොට්ටන්..
ReplyDeleteසෙන්කොට්ටන් ආයේ කියවන්න් ඕන අප්පා
Delete//මූ කොහොමද අපේ පස්සෙන් ආවෙ//
ReplyDeleteමං දන්නෙත් නෑ ඒකනං
Deleteමේ දරුණු කතාවට මගේ සම්පුර්ණ විරෝධය
ReplyDeleteමයෙත් බලවත් විරෝධය.
Deleteකෙල්ලෙව මෞන හිතකින් මැරැවද.......... මෞකුක්වත් කරන්නෙවත් නැතුව හිටං 😁😁🤭
@Ajith මොනවද දරුණු?? @නමියා අජිත් අයියගේ ලනු කන්න එපා
Deleteසැක් මොකටද බං මැරුවේ ... ඉතිරි ටික ලියන්න කම්මැලි හිතුනද ? අපරාදේ සෝක් කපල් එකනේ
ReplyDeleteමම නෙවේ මැරුවේඅර ගු කන්නා
Delete