Saturday, March 16, 2024

Voltage

 



රොඩ් ජේසන් ගේ සිරුර භූමදානය කර තිබූ ලොස් ඇන්ජලීස් නගරයේ ශාන්ත මොනිකාහි  හොලිවුඩ් ෆොර් එවර් සුසාන භූමියෙන් ඔහුගේ සිරුර කිසිවෙකු විසින් සොරාගෙන තිබීම සමස්ත ඇමරිකාවම ප්‍රශ්නාර්ථයක ගිලවා තිබුණි. මෙහි වඩාත්  සිත්ගන්නා සුළු කොටස වන්නේ  ජෙසන්ගේ විශේෂ ඉල්ලීම මත කිසිම කල් තබාගැනීමේ ක්‍රම වේදයක් රහිතව පැය විසි හතරක් තුල සිදුකල භූමදානය අවසන් වී පැය හයක් ගතවීමටත් මත්තෙන් මෙය සිදුවී ඇති බව දැන ගැනීමට ලැබීමයි. එසේම ජෙසන්ගේ අවසන් ඉල්ලීම පරිදි ඔහුගේ දේහය බහාලීමට  නිමවී තිබුණු අඟල් හයක ඝනකමක් ඇති අඩි හයහමාරක් දිග සහ අඩි තුනහමාරක් පළලැති විශේෂිත බහාලුමද සමගින්ම සිරුර හොරකම් කර තිබීම  තවත් අභිරහසක් විය..

*****

මේ විස්තරය දිගින් දිගටම ගෙන ඒමට පෙර රෝඩ්  ජේසන් යනු කවරෙක්දැයි ඔබ දැන නොසිටීමට හැකියාවක්  නැතැයි මම විශ්වාස කරමි. රොඩ්  ජේසන් එදාමෙදාතුර මේ පෘතුවි ගෝලය  තුල පහලවූ විශිෂ්ටතම සටන් කරුවා ඔහු යයි ම පැවසුවොත් එයට විරුද්ධ වෙන්නේ ඔබ නම් ඔබ සමස්ත වෛරයට පාත්‍ර වන බව මතක තබාගත යුතුය.

වයස අවුරුදු 19 දී මුලින්ම හෙවිවේට් බොක්සිං කිරුළ හිමි කරගද්දී ඔහු අතින් අන්ත පරාජයකට  ලක්වූයේ එවකට ඇමරිකානුවන්ගේ වීරයෙක් වූ ලැරී හෝම්ස් ය. ඒ පරාජයේ වේදනාව කොතරම් ද යත් ලැරී ඉන් පසු කවදාවත් බොක්සින් තරංගයක් සඳහා වළල්ල තුලට නැගුනේ නැත. 

 ලොස් ඇන්ජලීස් හි ලොබෝ බොක්සිං සමාජයේ තාවකාලික පිරිසිදු කරන්නෙක් ලෙස සේවයට එක්වූ ඔහුගේ පියා සමග වයස් අවුරුදු 17 දී නිතර බොක්සින් සමාජය තුලට ආගිය මේ නාහෙට අනාහන කොලු ගැටයා ඇමරිකාවේ බොක්සි ංං    ආධිපත්‍යය ලෝකය තුල තහවුරු කරන මැණිකක් බවට පත්වෙනු ඇති එදා ඔහුගේ පියාවත් නොසිතන්නට ඇත. වයස දහ හතේ දී ඇරඹු බොක්සින් දිවියේ වසරක් තුල ඔහු ඇමරිකාවේ සියලුම ප්‍රධාන කනිෂ්ට  වයස් කාණ්ඩ තරඟාවලි වල ශූරතාවය ලොබෝ බොක්සින් සමාජයට හිමිකර දුනි. 

වයස 18 සම්පූර්ණ වීමත් සමගම විවෘත තරඟාවලි සඳහා සහභාගී වීමට ඔහු තුල සැබෑ ආශාවක් සහ නොඉවසිල්ලක් විය. ලොබෝ බොක්සින් සමාජයේ පුහුණුකරුවන් සහ කළමනාකාරීත්වය තුලද ඒ වනවිට ඔහු තුල ගොඩනැගී තිබු විශ්වාසය සහ ඔහුගේ දක්ෂතාවයත් ජයග්‍රහණය සඳහා ඔහුතුල වූ නිරන්තර පිපාසාවත් ඔහු බොක්සිං ක්ෂේත්‍රය තුල නොමැකෙන නමක් සටහන් කරන බවට ඉඟි පහල කර තිබුණි. 

ඇමරිකාවේ ප්‍රධානතම තරඟාවලි වන  (The Golden Gloves )   ද ගෝල්ඩන් ග්ලව්ස් සහ ඇමරිකානු ජාතික බොක්සිං ශූරතාවලිය (The USA Boxing  National Championship) මෙන්ම (The World Boxing Super Series )  ලෝක බොක්සිං සුපිරි ශුරතාවලිය ලයිට් හෙවිවේට් සහ කෲසර් වේට් යන බරපන්ති  වලින් තරග වැදෙමින්  තරඟාවලි ත්‍රිත්වයම එකම වසරේදී ජයග්‍රහණය කරමින් සහ එම තරඟාවලි ත්‍රිත්වයේම ශූරතාවය හිමි කරගත් ලාබාලතම ක්‍රීඩකයා වෙමින් රොඩ් ජේසන් ලෝකය හොල්ලන චරිතයක් බවට වසරක් තුලදී පත්විය.

ඉන් වසරක් ඇතුලත ඒ වනවිට තුන්වරක් ඔලිම්පික් රන් පදක්කම හිමිකරගත් ලෝක ශුර බොක්සින් ක්‍රීඩකයෙක් වූ  කියුබානු ජාතික  ටියෝෆිලෝ ස්ටීවන්සන් පලමු  වටයෙන්ම පහසුවෙන්  පරදවමින් ප්‍රදර්ශනාත්මක තරඟයක ලබාගත් ජයග්‍රහණයත් සමගින් හෙවිවේට් ශූරතාවයට පය  එසවූ ඔහු වයස අවුරුදු 19 සිට වයස අවුරුදු 52 දී විශ්‍රාම යනතෙක්ම කිසිවෙකුට එක්වරක් හෝ පැරදවිය නොහැකි වූ සදාතනික වීරයා පමණක්ම විය. 

ඔහු සමග හෙවිවේට් තරඟ සඳහා සහභාගී වූ කිසිවෙකු ඉන් පසුව නැවත කෙදිනකවත් බොක්සිං වළල්ල තුලට පා තැබුවේ  නැත.  ඔහු සමග තරඟ වලදී තිදෙනෙකු බොක්සින් වළල්ල තුලදීම මිය යාමත්, තවත් කීප දෙනෙකුම සදාකාලික ආබාධිත තත්වයට පත්වීමත් තුල බොහෝ වෘත්තීය බොක්සිං තරු ඔහුගේ අභියෝග මග හරින තත්වයක් තුල වයස් 52 දී ඔහු බොක්සින් වළල්ලට සමු දුන්නේය.

*****

ඔහුගේ සමුගැනීම ප්‍රකාශයට පත් කරද්දී, එවකට  සිටි සම්මානලාභී බොක්සිං පුහුණු කරුවෙකු සහ අතිශය ජනප්‍රිය  බොක්සිං තරඟ විස්තර විචාරකයෙකු වූ ගිල් ක්ලේන්සි එය ප්‍රකාශකලේ බොක්සින් වලල්ලේ ත්‍රස්තවාදය අවසන් වේ" , ලෙසිනි.

"ඇත්තෙන්ම ඔහු තරඟ වදින්නේ සමස්ත  මිනිස් වර්ගයා කෙරෙහිම ඇති වෛරයක් පිරිමහන ආකාරයෙන්" බවයි. "ඔහු අතින් මරණයට පත්වුණා සහ සදාකාලික අබාධිත වුවන් කෙරෙහි ඔහු සමාව අයදිය යුතුයි"  සහ මේ කාලය පුරාවටම රොඩ් ජේසන්ගේ තරඟ වැදීමේ ක්‍රම වේදය අසාමාන්‍ය සහ අමානුෂික බවත් ඔහු පවසා තිබුනා.

මේ ගැන රොඩ් ගේ ප්‍රතිචාරය වුයේ , "නාකියා මගේ අතේ දුරින් හිටියානම් ආපහු ඔවැනි කතා කියන්නට ඉතුරු නොවන බවයි. "

බොක්සින් වළල්ලෙන් පිට රොඩ් ගේ ජීවිතයද කලබල වලින්පිරුනු දාමරික ගනයේ එකක් විය, ස්ත්‍රී දූෂණ කලකෝලාහල සහ කාන්තාවන් කීපදෙනකුගේ මරණයන් සම්බන්ධයෙන් මිනී මැරුම් චෝදනාද එල්ල වුවද ඒ සෑම අවස්ථාවකම නියමාකායෙන් සාක්කි නොමැති වීම නිසා ඔහුට දඬුවම් නියම වූයේ නැත.

කාන්තාවන් විෂයෙහි මහත් ඇල්මක් දැක්වූ රොඩ් ජේසන්ගේ අතින් දූෂණය වූ සහ අතවරයට ලක් වූ කාන්තාවන් ගණන මෙතෙකැයි කිව නොහැක, "නමුත් ඒ කිසිවක් සඳහා ඔහු වැරදිකරු නොවේ ඔහුට ඉදිරිව සහ කිරීමට කාන්තාවන් ඉදිරිපත් නොවීමත් , "එසේ ඉදිරිපත් වූ කාන්තාවන්ගෙන් කිහිපදෙනෙක් හදිසියේ ඝාතනයට ලක්වීම සහ අතුරුදන්වීම වැනි සිදුවීම් සිදුවූ අතර ඒ සඳහා රොඩ් ජේසන්ගේ සම්බන්ධයක් කිසිසේත්ම සොයා ගත නොහැකි වීමය.

*****

රොඩ් ජේසන් නොමැති බොක්සින් වලල්ල ඒකාලයේ තරම් පුවත් මවන හෝ ආන්දෝලාත්මක එකක් වූයේ නැත. .  ඔහුගේ සමු ගැනීමත් සමගම කලක් නිහඬව තිබූ බොක්සිං ලෝකය නැවත අවදි කරන්නට හේතුවූයේ   පිට පිටම දෙවන් වරටත්  ලෝක IBF  හේවිවෙට්  බොක්සිං ශූරයා ලෙස කිරුළු පැළඳි   ජෝසප් පාකර් නම් 28 හැවිරිදි ක්‍රීඩකයාගේ ප්‍රකාශයත් සමගයි. "මට රොඩ් ජේසන් ගේ කාලයේ තරඟ කරන්නට තිබුනානම් ඔහුව පරාජය කරන එක සුළු දෙයක්" යයි මාධ්‍ය හමුවකදී ඔහු පවසා තිබුණි 

 ඒ ප්‍රකාශයත් සමඟ ලෝකය කළඹමින්, නිදාසිටි යෝධයා අවදිවිය. ඒ සැනෙන්ම ජෝසප්ට අභියෝග කරන්නට රොඩ් ක්‍රියා කළේය. සති කීපයක් තිස්සේ හුවමාරු වූ උණුසුම් වාද විවාද වලින් පසු, විසි අට හැවිරිදි ජෝසප් පාකර් සහ හැට හැවිරිදි රොඩ් ජේසන් අතර තරඟයට දින නියම වුයේ ලෝකයම උණුසුම් කරමිනි. 

*****

රූපවාහිනී, සහ ක්‍රීඩා පත්තර සම්පූර්නයෙන්ම වෙන්වී තිබුනේ මේ තරඟය සඳහාය, මේ සඳහාම නවීකරණය කරන ලද බටහිර හොලිවුඩයේ ද අවුට්ස්යිඩර් බොක්සිං ගෘහස්ථ ක්‍රීඩාන්ගනය වෙත නරඹන්නන් රැස්ව සිටි අතර රූපවාහිනියෙන් සජීවීව තරගය නැරඹීම සඳහා මිලියන ගණනක පිරිසක් එකතු වී සිටියහ,

ගිල්  ක්ලේන්සි මෙම සටන හැඳින්වුයේ මෘගයාට එරෙහිව ශිෂ්ට සම්පන්න මානවයෙකු විසින් ගෙනයන මනුෂත්වයේ සටන ලෙසයි. හැට හැවිරිදි මහල්ලෙක් විසි අට හැවිරිදි ජවසම්පන්න තරුණ්යෙකුට අභියෝග කිරීමම විහිළුවක් ලෙස තමන් දකින බව ගිල් ක්ලේන්සි වැඩිදුරටත් කියා සිටියේය.

තරඟය ආරම්භ විය, විසිල් හඬත් සමගම ඉදිරියට ආ ජෝසප් එල්ල කල ඕවර් හෑන්ඩ් පහර ඔලුවට වැදුණු රොඩ් පසෙකට විසිවී ගොස් නැවත තරඟයට අවතීරණ වෙමින් එල්ලකළ  බොක්සිං ක්‍රීඩාවේ මූලික මට්ටමේ පහරක් වන අපර් කට් පහර ජෝසප්   සාර්ථකව  වලක්වා ගත් බවක් පෙනුනද, ඒ සැනයෙන්ම ජේසන් පොලොව මතට කඩ හැලුනේ කපා හෙලු ගසක් මෙනි. ක්‍රීඩාංගණය මීයට පිම්බාක් මෙන් නිශ්බ්ද විය, තරඟ තීරකයා ජෝසප් අසලට ගොස් දණගසාගෙන පරීක්ෂා කරද්දී රොඩ් වියරු හිනාවක්ද සමගින් ක්‍රීඩාගාරයේ අත්පොලොසන් හඬට ආචාර කරමින් සිටියේය.

"ඔහු මියගිහින්..." තරඟ තීරකගේ හඬින් ක්‍රීඩාගාරය නැවත නිශ්ශබ්ද වූ අතර සහයකයින් වහාම රොඩ් ජේසන්ව ක්‍රීඩාගාරයෙන් ඉවතට ගෙන ගියෝය.  පැය කීපයක සටනක් දැකීමට ක්‍රීඩාගාරයට සහ රූපවාහිනී තිර ඉදිරියේ එක්රස්වූ මිලියන ගණනාවක ක්‍රීඩා ලෝලීන් මිනිත්තු කීපයක පමණක සටනකින් පසුව  වික්ෂිප්තව බලා සිටින්නට විය.

*****

කෙසේ වෙතත් ඉන් පසු, දින කීපයක්ම යන තුරු කෝලාහල සහ පහරදීම් කීපයක් සඳහාම රොඩ් ජේසන් කෙරෙහි මහජන අප්‍රසාධය එල්ලවිය. තරඟයෙන් හයවන දිනයේදී ප්‍රාණය නිරුද්ධ රොඩ් ගේ දේහය ඔහුගේ නිදන කාමරයේ තිබී හමුවිය. 

මේ මරණය පිලිබඳ මතවාද බෙහෙවින් උත්සන්න වුණේ අන්තිම කැමති පත්‍රයේ ආකාරයට ඔහුගේ මිනිය පැය විසි හතරක් ඇතුලත අවසන් කටයුතු සිදුකල යුතු බවට සඳහන් කර තිබීම නිසාය, මේ මරණය ජෝසප්ගේ හිතවතුන් විසින් කරන්නට ඇති බවට මත පල කලද , මෙය ස්වාභාවික මරණයක් බවට වෛද්‍ය වාර්තා ලැබුණු පසුව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් හොලිවුඩ් ෆොර් එවර් සුසාන භූමියෙදී විශේෂිත ඇලුමිනියම් කුටීරය තුල බහා මිහිදන් කරවීය 

මේ අතර රොඩ් ජෙසන්ගේ නිවස පරීක්ෂා කිරීමේදී විශේෂ කිසිවක් හමු නොවූ අතර , එකම අසාමාන්‍ය සොයාගනීම වූයේ ඔහුගේ දින පොත වන අතර එහි සෑම  පිටුවකම පාහේ ලියා තිබුණේ " උඹලා මා මෙසී හිරකර තබන්නේ ඇයි" යනුවෙනි.

මේ අතර FBI සහ ලොස් ඇන්ජලීස් හි පොලිස් දෙපතමේන්තුව එක්ව කරන සෝදිසි කිරීම් කිසිවක කිසිම ආකාරයක් ප්‍රගතියක් දක්නට නොවීම සාමාන්‍ය ජනයාගේ සහ මාධ්‍යවල උපහාසයට ලක්වෙමින් තිබිණ , ලොස් ඇන්ජලීස් නගරයේ ප්‍රසිද්ධම සුසාන භූමියක සුවිසල් අලුමියම් බහාලනයක් ද සමගින් මිනියක්  අතුරුදන්  වීම හැමගේ හාස්‍යට ලක්වෙමින් පැවතින ,

ඉතාම පුදුමාකාර කාරණය නම් රාත්‍රී එකොළහයි පනස් නාමය සහ දොළහයි පහළොව අතර විනාඩි 16ක කාලසීමාව තුල ලොස් ඇන්ජලීස් නගරයේ කිසිදු ආරක්ෂිත කැමරා පද්ධතියක කිසිවක්ම සටහන් නොවී තිබීමය. නමුත් ඉන් පසු කිසිදු දෝශයක් නොමැතිව සියල්ල සාමන්‍ය පරිදි පැවතීම විශ්වාස කල නොහැකි මට්ටමේ අද්භූථ සිදුවීමක් විය.

*****

මේ අතර ගිල්  ක්ලේන්සි විස්තර විචාරක වරයා රොඩ් සහ ජෝසප් අතර අවසන් තරඟයේ   වීඩියෝව නැවත නැවත නැවත නරඹමින්  සිදුවුයේ කුමක්දැයි වටහා ගැනීමට උත්සාහ දරමින් සිටියේය. ජෝසෆ්  විසින් රොඩ් ගේ අපර් කට් පහර සාර්ථකව මග හැරි බව ඔහු ටක්කෙටම දැන සිටියේය, මන්ද යත් එවැනි ප්‍රාථමික මට්ටමේ පහරක් මග හැරයාම වෘත්තීය බොක්සින් කරුවෙකුට අමුතු දෙයක් නොවන්නක් මෙන්ම , එවැනි පහරකින් මාරාන්තික ප්‍රහාරයක් එල්ලවීමද විස්වාස කල නොහැකිබව පුහුණු කරුවෙක් ලෙස ඔහු දැන සිටියේය.  

වීඩියෝව කීප වරක්ම නැරඹු පසු ගිල් දුටුවේ පහර වලක්වා ගත්තද ජෝසප්ගේ ඇස පියවෙන කාරයයි, ඔහුගේ මුහුණ පුරා අධික වේදනාවක සලකුණු දක්නට හැකිවිය , එමෙන්ම ඒ අවස්ථාවේ රොඩ් ගේ අත සහ ජෝසප්ගේ මුහුණ අතර පරතරය අඟල් දෙකක් තුනක් අතර විය . මේ අනුව පහර කිසිසේත් මුහුණ මත පතිත නොවූ බවත් මේ වේදනාවක් සලකුණු කුමක්ද යන්න සෙවිය යුතු වගත් ගිල් තමන්ටම  ශපත කරගත්තේය.  

රොඩ් තරඟ වැදුණු අනෙකුත් තරංග නැරඹීමේදී පවා ගිල්ට පැහැදිලි වුයේ හැම තරගයකම ප්‍රතිවාදියාට  අවසාන ප්‍රහාරය එල්ල වෙන්නේ   රොඩ්ගේ මෙමෙ අපර්කට් පහරින්  බවත් ඉන් පසු සෑම  විටම තරඟය අවසන් වන අතර ප්‍රතිවාදියා මිය යාම හෝ අකර්මන්‍ය වීම ඒ හැම විටම දක්නට ලැබුණු බවත්ය. .මේ පිලිබඳ අවධානය යොමු නොවුනේ තරඟය සෑහෙන වෙලාවක් ඇදී යාමෙන් පසු මෙය සිදු වීම නිසා බවත් , නමුත් මෙම තරඟයේ මුල් විනාඩි කීපය තුල මෙය සිදුවූ  නිසා මෙය විශේෂයෙන් තමන්ගේ සිත තුළ සනිටුහන් වූ  ඔහුට පැහැදිලි විය . 

*****

 වහාම ක්‍රියාත්මක වූ ගිල් , මෙම තරඟයේ නිල නිශ්චල ඡයරූ ශිල්පියා වූ නීල් ලයිෆර් හමුවිය. නීල්ගේ නිශ්චල චායාරූප වල තප්පරයකදී නිකුත් වන රාමු සියල්ලම නිරීක්ෂණය කල ගිල් එම අවස්තාවේදී ගත එක ඡායාරූපයක් එක රාමුවක් තුල විදුලි සැරයක් වැනි යමක් නිරීක්ෂණය කළේය. 

මේ යකා මිනිස්සු මරලා තියෙන්නේ විදුලි සැර වද්දලා , තමන්ගේ සැකය තහවුරු වන වග තේරුම් ගත ගිල් , ජෝසෆ් ගේ මරණයේ පශ්චාත් පරීක්ෂාවක් සිදුකිරීමට ඉල්ලීමක් කල යුතු බවට ඔහුගේ ඥාතීන් එකඟ කරවා ගත්තේය. ඒ අනුව ජෝසප්ගේ දේහයේ අධිබලැති විදුලි සර වැදී මිය ගිය පුද්ගලයෙකුගේ හා සමාන ලක්ෂණ ඇතිබවට තහවුරු විය. 

මේ අනුව ගිල්ගේ ඉල්ලීම අනුව යමින් රොඩ් ගේ සියලුම බොක්සිං අත්වැසුම් පරීක්ෂාවන් සඳහා පොලිසිය භාරයට ගනු ලැබීය. නමුත් සියලු බලාපොරොත්තු කඩ වෙමින් ඒ සියල්ල උසස් මට්ටමේ නිමවීමකින් යුතු සාමාන්‍ය වෘත්තීමය බොක්සින් අත්වැසුම් බවට සනාත විය. 

ඒ අනුව ගිල්ගේ සැකය සහ තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි කිසිවක් නැවතත් හමු වූයේ නැත. නිශ්චල ඡායාරූප සාක්ෂිය යොදාගෙන ගිල් පොලිසියෙන් ඉල්ලීමක් කළේ මෙවැනි විදුලිසර වැඳීම සඳහා කළ නිර්මාණයක් අත්වැසුම් තුළ ඇතිදැයි සොයා බලන ලෙසය. 

නමුත් එවැනි කිසිදු ඇටවුමක් හමු නොවූ අතර විශේෂඥයන්ගේ මතය වූයේ මිනිසෙකු මරා දැමීමට තරම් ප්‍රමාණවත් විදුලිසරයක් නිකුත් කිරීමට හැකි කුඩා ආකාරයේ නිර්මාණයක් අත්වැස්මක් තුළ සඟවා තබාගෙන ක්‍රියාත්මක කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවයි.

එහෙයින් පරීක්ෂණ තවත් ඉදිරියට කරගන්න යන්නේ කෙසේදැයි සියලු දෙනා ගැටලුවකට මැදි වී සිටියහ

*****

මේ අතර රොඩ්ගේ මරණයෙන් මාස තුනකට අපසු  සියලු පරීක්ෂණ වහාම නවතා දැමීමට ඇමරිකානු රජය කටයුතු කරන ලදී. මේ සඳහා හේතුවක් පැහැදිලිව ඉදිරිපත් නොවුනත්  එහි නිල මාධ්‍ය නිවේදනය පෙන්ටගනය මගින් නිකුත් කළේය.

කාලය ගෙවී ගියේ මේ සිදුවීම් සියල්ල අතීතයට එක කරමින් කාලයත් සමග සියලු සිද්ධීන් අමතක වෙමිනි. 

*****

රොඩ්ගේ මරණයෙන් වසර එකහමාරකට පසුව විකිලීක්ස් වෙබ් අඩවියේ පලවූ පුවතක් සමාජ මාධ්‍යය තුල වේගයෙන් සංසරණය වන්නට විය. ඒ ඒරියා 51 හි රහසේ භුමදානය කල පිටසක්වල ජීවියෙකුගේ සිරුරක් ගැන පුවතකි, 

මේ අභිරහස්  ජීවියාගේ ශරීරයෙන් අධි වෝල්ටීයතාවයකින් යුතු  විදුලියක් පිට කිරීමේ හැකියාව තිබුණු බවත්, එම පිටසක්වල ජීවින් තම ආරක්ෂාව වෙනුවෙන් කෘතිමව තාක්ෂණිකව නිර්මාණය කරගත් හැකියාවක් ද නැත්නම් ඒ ඔවුන්ගේ ශරීර අභ්‍යන්තරයේ සිදුවන යම් කිසි ක්‍රියාවලියක ප්‍රතිඵලයක්ද යන්න ගැන පරීක්ෂණ පවත්වමින් සිටි බවත්, එම පරීක්ෂණ කණ්ඩයමෙන් ඔහුව වහාම ඉවත් කර නිවාස අඩස්සියට පත් කිරීමේ සූදානමක් දැනගන්නට ලැබුණු නිසා තමන් වහාම පළා ආ බවත් ඒ පුවත විකිලීකස්  වෙත ලබා දුන්   නම හෙළි නොකළ මහාචාර්යවරයා සඳහන් කර තිබුණි.

එයින් දින දෙකකට පසුව ඇමරිකානු බොක්සින් ශූරතාවය අවුරුදු දහඅටක ශිෂ්‍යයෙක් විසින් දිනාගත් බවත් ඔහුගේ ප්‍රතිවාදියා අසාධ්‍ය සහ මොලය අකර්මණ්‍ය තත්වයෙන් රෝහල් ගත කල බවත් ඇමරිකානු ක්‍රීඩා පුවත් වාර්තා කර  තිබිණ. 







33 comments:

  1. වැට ගහල යන්න ආවෙ. ආයෙ එන්නං.
    ++++++++++++++++++++👌🙏💐😁

    ReplyDelete
  2. විද්‍යා ප්‍රබන්ධයක් ලිවීම සඳහා සකස් කළ කටු සටහනක් වගෙයි දැනුනේ. කුතුහලය දනවන අපූරු කතාවක් නිර්මාණය කිරීමට සුදුසු වස්තු බීජයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් කතා ලියන්න පුලුවන් කෙනෙකුට හොඳ කතාවක් ලිව්ව හැකි

      Delete
  3. Good one. //තරඟ තීරකයා ජේසන් අසලට ගොස් දණගසාගෙන පරීක්ෂා කරද්දී// මෙය ජේසන්ද ජෝසප්ද?

    ReplyDelete
  4. ආසාවෙන් කියෙව්වා. තව මේ වගේ ඒවා ලියන්න . හොද කුතුහලයක් ගොඩනගලා තියෙනවා.

    ReplyDelete
  5. තාර්කිකයි; අද්භූතයි රසවත් වෙයි
    පාඨකයා කුතුහලයෙන් මත් කරවයි
    'ක්ලයිමැක්ස්' එකත් සුපිරියි, නියමෙටම තියෙයි
    'විද්‍යා ප්‍රබන්ධය' ඇත්තක් ලෙසට දැනෙයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිමල්ලයියා ❤️❤️

      Delete
  6. බම්බුව තමයි. ඔය යකා අංගං කාරයෙක්.
    ඔය විදුලි වැඩේ අර චෛත්‍ය උඩිං බුදුපිළිම පේනව වගේ කැමරා මායාවක් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඕක අහන්න ඕන මුද්දාගෙන් , ඌනේ කැමරාකාරයා , ඔය සේහුපාල ගුරුන්නාන්සේ වෙන්න බැරිද?

      Delete
  7. Serious comment - එතකොට රින්ග් එකේ මැරෙන වෙන බොක්සිංකාරයන්ට ඔටොප්සි නැද්ද?
    More serious comment - ඒරියා 51වලින් පැන්න ඔක්ටපැඩ්කාරයෙකුත් හිටිය ඉස්සර.

    ReplyDelete
    Replies
    1. සීරියස් රිප්ලයි = කරනවා, අනිවාරියයෙන්ම
      මෝ සීරියස් රිපල්යි - ඌ මාත් එක්ක තරහයි දැන්

      Delete
    2. Question for serious reply- එතකොට ජේසන් මරපු අනිත් එවුනුත් electrocute වෙලා කියල දන්නෙ නැද්ද?
      Most serious comment - එන්ෆීල්ඩ්වල බූතයොත් ඉලෙක්ට්‍රික්ද?

      Delete
    3. රිප්ලයි ෆොර් Question for serious reply - ඕන නැති පස්න අහන්න එපා,
      රිප්ලයි ෆොර් Most serious comment - මිනිහා අයි ටී , හැබැයි වෙලාවකට ඉන්නේ කරන්ට් වැදිලා වගේ

      Delete
    4. මගේ යාලුවෙක් ඒරියා 51කේ එක්ටපෑඩ් ගහන්න ගිහිල්ල මළා.

      Delete
    5. ඒරියා 51 වල ඌ වලකජු ගහලා

      Delete
    6. Question for serious reply - නීතිඥ හොල්මන් ඉන්නවද
      Most serious commen - කරන්ට් වැදිලා මැරෙන්න ආස වගේ

      Delete
    7. Observation - ෆීස් ලැබෙනවනං ඕනෙ හොල්මනක්

      Delete
    8. අල වගේද ගෝවා? පෝස්ට් එකටත් වඩා නියමයි කමෙන්ට් ටික.👌🙏💐🤭😁🏃

      Delete
  8. මටත් පොඩි ගනුදෙනුවක් තිබ්බා ඔය පිටසක්වලයෙක් එක්ක.. නවත්තලා දානන ඕනා ඒ පයුරුපාසානම.. නැත්නම් කරන්ට් වැදිලා තමා නහින්න වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. එයා දැන් ලංකාවේ නෑ , බය වෙන්න එපා

      Delete
  9. නියම කථාවක් ... විද්‍යා ප්‍රබන්දයක් වගේ...

    ReplyDelete
  10. මේක ටිකක් දුර කියවද්දි හිතුනත් නම් වෙනස් කරල... ඇත්ත ස්ටෝරියක්ද දාලද කියලත්. විදුලි සැර හරියෙන් තේරැනා ඉටිම්.

    මේ වගේ ලියද්දි දාහම් මනක්කල්පිත කතාවක්ය කියලවත්... අවසානෙට හිටං

    ReplyDelete
    Replies
    1. කල්පිතයක් මැද තනිවූ පමණින් මුවගුළු ලාගෙන හිඳිනු එපා

      Delete
  11. https://kolompure.blogspot.com/2024/03/deck-machineries.html?m=1

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]