කිරුළ රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි MP 3 සින්දුව බාගන්න
විරෝධාකල්ප ගීත වලට අනූව දශකයේ ඉතා ඉහල ඉල්ලුමක් තිබිණි. එසේම ඒ සඳහාම වෙන් වූ නිර්මාණකරුවන් ,කලාකරුවන් ,ගායකයන් ජනතාවට අවශ්‍ය උද්දීපනය ඇතිකරලීමට උත්සාහ කලෝය. 1994 වසරේදී පවතී රජය බලයෙන් පහකර දමාලීමට මොවුන් සුවිසල් කාර්යභාරයක් ඉටුකලෝය.
නමුත් එය සැබෑ ජනතාවාදී සටනක්ද යන්න ප්‍රශ්නකාරී වූයේ එම සටනේ පුරෝගාමීන් වූ කළාකරුවන් බොහෝදෙනෙක් ඉන්පසු ලැබූ වරදාන හා වරප්‍රසාද නිසාය.
කලාකරුවන් හිඟන්නෝය යන ප්‍රකට කියමන සැමදා එසේම සත්‍ය විය යුතුය යන්න අප අදහන්නේ නැත. නමුත් සාධාරන වැටුපක් ,ගෙවීමක්, සහනයක්, පිළිගැනීමක් මෙන්ම උසස් ජීවන තත්වයකට එහා ගිය සිවිල් බලයක් සහිත කෘතීම සත්වයෙකු වීමට ඔවුන් අතරින් බොහෝ දෙනෙකු උත්සාහ කල අන්දමත් ඒ මතින් තමන්ගේ ප්‍රතිවාදීන් මර්ධනයටත් අසරණ භාවයකට ලක් කිරීමටත් දක්නට ලැබුණු විට එකල බොහෝ දෙනෙකු කලේ සැබෑ ජනතාවාදී සටනක් දැයි සිතේ.
ඒ කාලයේදී මෙන්ම අදද සෝමතිලක ජයමහ යනු , ලක්ෂ ගණන් ගීත ගයා නොමැති, ගීතය හෝ සංගීතය නිසා කෝටිපතියෙකු නොවූ ඉතාම සරල මිනිසෙකි.
ඔහු ගීතයෙන් විප්ලව කරන්නට උත්සාහ කලේ නැත, ශ්‍රී ලාංකීය සංගීතය ජාත්‍යන්තරයට ගෙනයාමට උත්සාහ කලේ නැත, නව රිද්ම , නනස්ටොප් වලින් වැඩ දැම්මේද නැත.
එසේ වුවත් ඉතාම සරල පදමාලාවන් මෙන්ම ,සරල සංගීතයක් ඔස්සේ ඔහු ඉතාම ආකර්ශනීය ලෙස සාමාන්‍ය ජනතාව මෙන්ම ප්‍රබුද්ධ මනසද ආමන්ත්‍රණය කළේය. එහෙත් ඔහු ශ්‍රීලාංකීය සංගීතයේ හිමිකරුවෙකු මෙන් හැසිරී නොමැති නිසාත් ඔහු සාමාන්‍ය පන්තියේ මිනිසෙකු වීම නිසාත්, ඔහුගේ ගීත වල දිව උළුක් වෙන ,උගුරේ හිරවෙන වචන නොතිබූ නිසාත් ,කොටින්ම කියතොත් සරල වූ නිසාම මේ තරම් දීර්ඝ කාලයක් තුල ඔහුට ලැබිය යුතු ප්‍රචාරය කිසිදු රාජ්‍ය. පුද්ගලික මාධ්‍ය ආයතනයකින් ලබා දුන්නේද නැත.
කෙසේවෙතත් මේ සටහන් ඔහුගේ එක ගීතයක් පිලිබඳවයි. රඹුක්කන සිද්ධාර්ථ හිමියන් අතින් ලියවුනු මේ ගීතය අද කාලයට කොතරම් ගැලපේදැයි සිතා බැලීම වටී .
එදා නීරෝ රෝමය ගිනි ගද්දී වීනා වැයුවාය යන්න අපි සිහිපත් කරන්නේ අපේ මව්බිම ගිනිගද්දී අපිම වීණා වයමිනි.
වරදවා වටහා නොගන්න .... මේ කියන්නේ මහින්ද රාජපක්ෂ බලයෙන් පහකළ යුතු බව නොවේ. මේ ආණ්ඩුව ගෙදර යවා අලි, ගිනිසිළු, සීනු හෝ කුරුටුගාමී ආණ්ඩුවක් පත්කලයුතු බව නොවේ.
දිනෙන් දින අප වෙලාගන්නා සමාජ ,සංස්කෘතික , අධ්‍යාපනික හා දේශපාලනික උවදුරු ගැන නෑසූකන්ව සිටීම ගැනයි. ඒ දේවල් ගැන ජනතාව නැසූ කනවා සිටිද්දී රට කරවන්නන්ද තම කිරුල රැක ගැනීමට පමණක් උත්සාහ කරමින් සැබෑ ජනතා වුවමනාවන්,යටපත් කරගනිමින් සංදර්ශන පවත්වමින් සිටින අයුරු ගැනයි.
රජුන්ට ජනතාව සැබෑ ව්‍යසන වලින් ගලවා ගන්නට අවශ්‍ය නැතිවා මෙන්ම ජනතාවද තමුන් වලේ වැටී ඇති බව නොදැන සිටීමයි.
අසා බලන්න ..........................

කිරුල රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි //
බරණි බරට පිරි මැණික් දිලෙන රට
රැකුනොත් මිස රන් කිරුළක් කොහිබෙද
කිරුල රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි
චණ්ඩ නපුරු සාගරේ ගිලෙන් නැව් බලන්
අපිත් එහෙම ගිලෙනවාද කඳුලු පොදී බැඳන්
මව්බිම ගිනිගන්නවා අපි වීණා වයනවා
කිරුල රජුන්ගෙයි .......
අනතුර දැක ඇස් පියාන ඉන්න රඟ බලව්
පෙරහෙලදිව සිරිත නොවෙයි හිතාලා බලව්
මව්බිම ගිනිගන්නවා අපි වීණා වයනවා
කිරුල රජුන්ගෙයි .......