මිහින් රටේ මහා රජාට ගේමක් දෙන්න
නයි නළඟන එක්ක එන්න කෙන්ජි යවන්න
එක්ක ඇවිත් එජාපයේ ලොක්ක කරන්න
රනිල්ට වැඩි දෙයක් ඇහැකි ඈට කරන්න
යූ.එන්.පිය නග්ගන්න
නග්ගල රට අල්ලන්න
සෝමක්කගේ වාහිණියේ නිව්ස් බලන්න
මිණී හතයි රේප් දෙකයි ගණන් කරන්න
ඊට පස්සේ නයි.ටී.එන්. නිව්ස් බලන්න
ආශ්චර්යේ පාරදිගේ ඇවිදන් යන්න
පිල්ලෙ එක්කං එන්න
මල් පිපිලා පෙන්නන්න
විග්නේෂ්ගේ ප්‍රතිපත්තිය ඉරල දාන්න
ඉරල දාල කේ.පී. මහඇමති කරන්න
ජයලලිතා එක්ක එන්න රට පෙන්නන්න
ඒ ආවම මට පුළුවනි එයා බඳින්න
ප්‍රපෝසල් එක දෙන්න
ලොක්කට සමාව ගන්න
කවුන්සිලේ සිවුර ඇඳන් පුළුවන් ඉන්න
එහෙනං බොල මොකද බැරිද ගෑණු ඉඹින්න
හෙළ ජාතිය රකින ගමන් වොඩ්කා බොන්න
බීලා කොළඹ හතරවටේ කාර් පදින්න
දිල්කට එපා කියන්න
වෙන ප්‍රශ්නයක් අහන්න
ප්‍රාදේශිය ආණ්ඩුවේ ලොක්කා වෙන්න
එතකොට ලයිසොන් ලැබෙනවා රේප් කරන්න
නිල් බලකායේ ලොක්කට ගොටු අල්ලන්න
කවදා හරි පෙට්ටි හාරසීය කඩන්න
කඩල පාටි දාන්න
ලොකු ලොක්කොත් ගෙන්නන්න
බුද්ධ රූපේ පච්ච කොටල නිගරු කරන්න
එන්න එපා හරවල අපි යවනව ඔන්න
පන්සලේදි නිල් පාටින් ෆිල්ම් හදන්න
අවුලක් නෑ ඒකෙන් ආගම රැක ගන්න
බෙන්ස් කාර් ලබන්න
මහනායකවත් වෙන්න
බෝට්ටුවක් වත් එන්නැති පෝට් හදන්න
කටුනායක සිට මත්තල නොමිලේ යන්න
නොරොච්චෝලෙ මේ මාසෙත් මෙන්සස් ඔන්න
චීන්නුන්ට අරකත් දෙමු අරගෙන යන්න
ජිනීව කෙලින්ම යන්න
මිහින් එකට නගින්න
කොන්ඩේ බැඳපු චීනුන්ගෙන් ලෝන් ගහන්න
බෙහෙත් ටිකට වීදුරු කටු දාලම දෙන්න
පෙට්‍රල් ඩීසල් මොකටද කොලිටිය තියෙන
ලාම්පුතෙල් ගහල බැරිද කාර් දුවන්න
හිටියම වන්දි ගෙවන්න
ඇමතිට ජෝකර් වෙන්න
විදුලිය නැති මිනිහෙක් ඉන්නවද කියන්න
එක් පුද්ගල අදායම නගිනවා මෙන්න
ඒ වුනාට කාල බීල සතුටින් ඉන්න
දෙදාස් පන්සීයක් ඇති ගැනල බලන්න
මදිනම් වරෙල්ල යන්න
බන්දුගේ ටියුෂන් ගන්න
විදුලි පුටුවේ වුනත් ඉඳිමි අඬලා කියන්න
පපුවට ගහගෙන බබාලා වඩන් ඉඹින්න
දේශප්‍රේමෙ යමරෙට ඇත නැතුවට කන්න
අපිට රජෙක් ඉන්නව දෙවි පිහිටෙන් ඔන්න
කේතුමතිය මවන්න
චින්තනයෙන් කොරවෙන්න
මෙසිරිලකේ අසිරිය ඔබ හට පවසන්න
විරිදු පේලි ටිකකින් බෑ තේරුම් ගන්න
ආශ්චර්යේ ගෙයි වහලෙන් වැටේවි ඔන්න
එතකං කට උඩට කරන් බලාන ඉන්න
අපිටම චන්දය දෙන්න
දීලා දෙකට නැවෙන්න
ප.ලි. මේ විරිදු සුරල් ලියන්නට සිත්වූයේ අද මාතලන්ගේ
කාන්තාවන් දූෂණයෙනුත් ලංකාව පෙරමුණේ - 14.5% of men in SL 'admit rape'
පොස්ටුවේ මුල් ටික කියවද්දීය .( විරිදු සුරල් තාලය සොයා ගැනීමට රන්වල බලකායේ පහත වීඩියෝව බලන්න )
මෙහෙව් රටට මොට පායාද සූරියා....
ReplyDeleteඅනේද කියන්නේ ...! වටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව
Deleteදැන් ඔයා ජයලලිතාව බැඳගන්ටද හදන්නේ? :D
ReplyDeleteඔව් අනේ...! ඔයත් බැන්ඳ එකේ මටත් කියල යන කල දවසක් තියෙනට එපැයි.. :D
Deleteපට්ට විරිදු ටිකනේ ඉවාන් සුපිරිම තමා බං.
ReplyDeleteතැන්කු වේවා නලින් අයියේ... ආපහු පොඩ්ඩක් බිසී බවෙන් මිදිලා වගේ
Deleteමරු ගොයියෝ..එත් බං මේ අපි හිනා වෙන්නේ අපිටම නේද...?:D
ReplyDeleteඔව් බං , එකනම් ඇත්ත. ඒත් මොනවා කරන්නද ..?
Deleteඅපේ රජාට කිව්ව නං මියුසික් හෙම දාලා වීඩියෝ එක හදල දේවි.. ඌට සහයට යුවරජාත් ඉන්න එකේ.. මරු විරිදු...
ReplyDeleteතැන්කු වේවා දේශකයාණෙනි ....ඇත්තටම වීඩියෝ එකක් හදාගන්න පුළුවන් නම් මරු.
Deleteහහ් හහ් හා.... අපේ මලයට කිව්වනම් කියයි ලෙසටම :)
Deleteමෙන්න පොඩි උදාහරණයක්: http://harshana-bc.blogspot.com/2013/02/blog-post_21.html
අඩේ මරුනේ රජෝ ,ඉතින් මේකත් කියපන්කො
Deleteමාතලන්ට ස්තුතියි.
ReplyDeleteඅහා ...එකනම් ඇත්ත, ඒ පොස්ටුව නිසා තමයි මේක ලියවුනේ
Deleteපට්ට විරිඳු ටිකක්, ඉවාන් අයියේ. දැන් අපිටත් තියෙන්නේ පාරේ බැහැලා විරිඳු කියන්න තමයි!
ReplyDeleteඔව් නගා , විරිදු කියල හරි දෙදාස් පන්සීයක් හොයාගත්තොත් දෙය්යනේ කියලා මාසයක් කෑහැකි
Deleteඑළකිරි විරිදු ටික බං, මම රබානක් අරගෙන එන්නම් යමුද අපි දෙන්නා ඕක කිය කියා කෝච්චියේ ..
ReplyDeleteඅන්න වැඩේ , හැබැයි අර උඹේ නම තියෙන එකා එතනටත් ඇවිත් වැඩේ අල කරයිද දන්නේ නෑ
Deleteස්තුතියි.
ReplyDeleteඅපිටම ඡන්දය ෙදන්න
දීල ෙදකට නැෙමන්න
අන්න දැක්කනේ ... ඉතුරු ටික හිතාගත්ත හැකි නේද
Deleteපට්ට පට පට.... කියන්න වදන් නෑ....... මේ මගුල් අතැරලා උගේ දක්ෂතාවය ප්රෝයෝජනයට අරන් හොද මාතෘකාවකට විරිදු ටිකක් ලියපන් බන් කියවලා බලලා හදවතින්ම හිනා වෙන්න පුළුවන් ....... අඩුගානේ ලේ ටිකක්වත් පිරිසිදු වෙයි
ReplyDeleteතැන්කු මැලේ ... බලමු තව විරිදු ටිකක් ලියන්න ඉස්සරහට ....
Deleteඔය තියෙන්නෙ සිරාවටම,උඹට දෙකක් කියන්නම ඕනෑ හොඳ ඒවා ලියවෙන්න.උපරිමයි කොල්ලෝ,මාතලන්ටත් ස්තූතියි.
ReplyDeleteහැක් හැක් හැක් ...හැලපයියේ මම බයේ හිටියේ, තැන්කු වේවා .....
Deleteමල්ලි උඹට් හරියන්නෙම කවි සින්දු සහ විරිඳු තමයි..මේ දවස්වල මම ලංකාවේ වර්තමාන තත්වය ගැන ලිපි ටිකක් එකතු කලා..ඒ ලිපිවල තිබ්බ සේරම ටික උඹ මේ විරිඳුව අස්සෙ ගොනු කරලා..අධෛර්‍යමත් කරනවා නෙවෙයි..කතා ලියන්ඩ එපා බන්..උඹ කවි විරිඳුම ලියහන්කො..මොකද මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..
ReplyDeleteතැන්කු වේවා වෙනි අයියේ... විරිදුවක් ලියන්න හදිසියේ හිතුනේ ...ඉතින් ලිව්වා , බලමු දිගටම ලියන්න .
Deleteපඨ්ට පඨ පඨ...... ආයේ කියන්න වදන් නෑ.. උපරිමයි.. මේ කලබලේට ලියලත් නේ... ඒ කියන්නේ උඹේ ටැලන්ට් එක මැක්සා....
ReplyDeleteමට ආසම කෑල්ල....
"මේ මාසෙත් නොරොච්චෝලෙ මෙන්සස් ඕන්න" කියන කෑල්ල.. උපමාවා අති විශිෂ්ඨයි....
තැන්කු වේවා මාතලන්, ඔයාගේ පොස්ටුව දැකලා තමයි මේක ලියන්න හිතුනේ , ඉතින් නොරොච්චෝලෙත් මාසෙට එකසැරයක් අනිවා කැඩෙනවානේ, එකයි මම කිව්වේ . ස්තුතියි සහයෝගයට ඔබගේ මාතලන්
Deleteනියමයි නියමයි...
ReplyDeleteහැබැයි කවි, විරිඳු වගේම ඉඳහිට කතාත් ලියන්න.ඒ තුනටම ඔයා එක වගේ දක්ශයි කියලා මට නම් හිතෙන්නේ...
තැන්කු රෙහානි , ඔයාලා කියවන්න එනකං ඔය හැම එකම ලියනවා ,
Deleteමේක ගායනා කරලා සවුන්ඩ් ක්ලිප් එකක් දාන්න!
ReplyDeleteඑකනම් හොඳ අදහස එත් එක දෙන්න කෙනෙක් හොයා ගන්න ඕන ,
Deleteකොල්ලො .......කතන්දර මාමා කීවත් වගෙ තාලෙට කියද්දි මරු ඇති බං කියවනවට වඩා...යූ ටියුබ් දාමු...
ReplyDeleteඑකනම් ඇත්ත, කැට හඬ ලාස්සන එකෙක් වෙන්නත් එපැයි ස්තිතියි අන්ඩරයෝ
Deleteඅනේ..අනේ...සුදු වෑන්....සුදු වෑන්...
ReplyDeleteමරු නේ ඉවාන්...
බය කරන්න එපා අක්කෝ ..... ස්තුති වේවා
Delete//නොරොච්චෝලෙ මේ මාසෙත් මෙන්සස් ඔන්න// මේක තමයි සුපිරිම උපමාව ඉවාන්.. නියමෙට ලියල තියේ.අර රන්වල බලකාය එකපාරක් කළා වගේ ඇමතිලා ගොන්නක් ඉස්සරහ මේක කියවන්න තියෙන්නේ පොඩි උන් ටිකක් දම්මලා. ඒත් ඉතින් බීරි අලින්ට මොටද වීණා..
ReplyDeleteඉතින් බං නොරොච්චෝලේ හැම මාසෙම වැඩ නෑනෙ දවස් කීපයක්. ඇමතිලාට නම් මේක තේරෙන එකක් නෑ, තැන්කු වේවා කරූ
Deleteඑහෙනං,එක මාසයක් දුවන්න හම්බුනේ නෑනේ,ලෙඩේ හොයාගන්නත්(මෙන්සස් කියලා) කී දවසක් ගත්තද..
Deleteඋන් ආතල් එක නම් ගත්තා එදා,හිටපු අගමැතිතුමෙක් විතරයි මූනේ හිනා පොදක් නැතුව උන්නේ..
කියන්න දෙයක් නෑ මචන් .දිල තියෙනව සුපිරියටම
ReplyDeleteආශ්චර්යේ ගෙයි වහලෙන් වැටේවි ඔන්න
එතකං කට උඩට කරන් බලාන ඉන්න
අපිටම චන්දය දෙන්න
දීලා දෙකට නැවෙන්න
තැන්කු වේවා දමිත් , අපි බලන් ඉන්නේ එක වැටෙනකන් තමා,
Delete// ආශ්චර්යේ ගෙයි වහලෙන් වැටේවි ඔන්න
ReplyDeleteඑතකං කට උඩට කරන් බලාන ඉන්න
අපිටම චන්දය දෙන්න
දීලා දෙකට නැවෙන්න//
අපේ හෙළුවට අපිම හීනා වෙන්නේ බං......පට්ට.
ඔව් බං හැමදාමත් වගේ අපි අපිටම හිනාවෙනවා ,එත් අපි එක තේරුම් ගන්නේ නෑ, ස්තුතියි රස්තා
Deleteටොපේ ටොප්. ආයේ කියන්න වචන නෑ. මේ ටික අර පින්තූරයේ ඉන්න විරිදු කාරයා ලවා කියවලා රෙකෝඩ් කරගත්තොත් නම් මල් මසුරන්.
ReplyDeleteරවීන්ද්‍ර යසස් නම් වැඩේට කැමතිවෙයි , ඕක කියන්න තැනක් නම් හොයා ගන්න බැරිවෙයි. තැන්කු වේවා විචාරක
Deleteදැන් හරි ඉතිං රබානක් අරගෙන එලියට බහින්න කාලේ!
ReplyDeleteඔව් බං චමියත් එනවා කිව්වා මොකද කියන්නේ උඹත් එනවද?
Deleteඇයි යකෝ බොලාට ම විතරක් මේව හිතෙන්නෙ?
ReplyDeleteමාතලන් ලොක්කගෙ ලිපිය පල වෙලා පැය දෙක තුනෙන් මෙහෙම නිර්මාණයක් බිහි කරනව කියන්නෙ ඔබ සැබෑ ම දක්ෂයෙක් කියන එක.
තව තවත් හොද නිර්මාණ බිහි කිරීමට ශක්තිය පතමි.!
හැක් හැක් තැන්කු වේවා පලිපාන අයියේ ....මාතලන්ගේ ලිපියක් කියෙව්වම තව අතුරු නිර්මාණ ගණනාවක් බිහි කරන්න වස්තු බීජ ඒවායේ තියෙනවා. එක නෙවෙයි මොකද කියන්නේ නයි නළඟන එක්ක එන්න යනවද?
Deleteනටන නැටිලි නටත හැකි පෙරසේ....
Deleteසුපිරි... පට්ට.. උපරිමයි.. :)
ReplyDeleteතැන්කු වේවා සාතන්....! සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට
Deleteමේක සිරා... සුපිරිමයි.. මට මාත් එක පාරක් ලිව්වා තව කුමකටද රටකට මේ මහ පුටුකම් කියලා එකක්..
ReplyDeleteඒවා මොනවද මේවත් එක්ක....
තැන්කු වේවා අභීත....සාදරයෙන් පිලිගන්නවා .....එකෙ ලින්ක් එකක් දාන්නකෝ බලන්න . එතකොට ටිකක් නෙවෙයි ගොඩක් හිනාවෙන්න අපිට
Deleteටිකක් හිනා වෙන්න මෙන්න ලින්ක් එක.
Deletehttp://upashantha.blogspot.com/2012/07/blog-post.html
නියම විරුඳු ටික.
ReplyDeleteමේ ටික කිය කිය රබානක් අරගෙන පාර දිගේ ගිහිල්ල කීයක්වත් එකතුකරගන්න බැරිවෙයිද දන්නෑ.
තැන්කු වේවා ප්‍රසන්න අයියේ , කොහොමත් බැරිවෙන එකක් නෑ ,අනික දෙදාස් පන්සීයක් එකතු කරගත්තම මදැයි මාසයක්ම කන්න
Deleteවැඩි දුරක් යන්න හම්බ වෙන එකක් නෑ...
Deleteසියළු රස සමගින්.. අළුතින් සීගිරි බිත්තියේ ලියමුද දයාල් බතීට කියල..
ReplyDeleteමිනිහට මේ දවස් වල වැලේ වැල් නැතිලු. ඔන්න ලවක් දෙවක් නැතිව ඉන්නවා..
Deleteඅන්න වැඩේ ලියමුකො සරත් අයියේ ,
Deleteසුපිරි පද පේලි ටික කියන්න වච නැ බන් මේක රට පුරා කියෙව්වත් අවුලක් නැ රසයත් එලටම තියෙනවා..
ReplyDeleteතැන්කු වේවා මොරබ්බා .....රටපුරා කියවන්න පුළුවන්, මොනවා වෙයිද දන්නේ නෑ හැබැයි...?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔන්න පින්වතුනි පළවෙනි කොටුවෙන් පෙන්නන්නෙ මාතලන් ගොය්ය මේ ඉවාන්ගෙ විරිදු ටික ලකුණු දා ගන්න හිතන් රජතුමාට පෙන්නල ඉල්ලන් කන විදිය.
ReplyDeleteඩ්‍රඟ ටක ටක...ඩ්‍රඟ ටක ටක...
තුන් හිමි සඳ සණරාමර වැඳ අවසර ගන්න..
ඉවාන් මල්ලි කීව් දේ හට ස්තූතිය දෙන්න..
ඩ්‍රඟ ටක ටක...ඩ්‍රඟ ටක ටක...
ස්තූතිය කොහොම බැරිද පොඩි එකාට දෙන්න
ගොඨ ඇවිත් දේවි මූට ඉන්න බැරුව රෙන්න
ඩ්‍රඟ ටක ටක...ඩ්‍රඟ ටක ටක...
නොදැන කරපු මේ වරදට ගැත්තා හට ඔන්න..
සමාවෙන්න රජතුමෙනී එපා තරහ ගන්න..
ඩ්‍රඟ ටක ටක...ඩ්‍රඟ ටක ටක...
සමාවෙන්නෙ නෑ මේවට වෙන්නෙ යකා වෙන්න..
උඹෙ මිනිහට වෙන්නෙ නැගල සුදු වාහනෙ යන්න..
ඩ්‍රඟ ටක ටක...ඩ්‍රඟ ටක ටක...
අය්යො අපෙ රජා කෙලවගන්න ගියා....
ඉවාන් උඹ අද ඉවරයි තරහ වෙන්න එපා....
ඩ්‍රඟ ටකටක...ඩ්‍රඟ ටකටක...ඩ්‍රඟන් ටකං භුං..
//"ස්තූතිය කොහොම බැරිද පොඩි එකාට දෙන්න
Deleteගොඨ ඇවිත් දේවි මූට ඉන්න බැරුව රෙන්න"// උපරිම පට්ටයි.
ඉන්දිකයෝ එපා යකෝ මෙහෙම කවි කියන්න
වෙන්න කලින් අහලම මම ඉන්නේ බැරුව රෙන්න
ඒක නිසා එපා බොලව් මාව බය කරන්න
අනේ අම්මෝ බුදු අම්මෝ වැන් එනවා මෙන්න
හයියෝඕ.... අස්සර්යේ... :D
ReplyDeleteවිරිඳු කියන්නට සබයෙන් මම අවසර පැතුවා....
ඉවාන් එක්ක රබන් අරං මම මෙතනට ආව....
ටකස් ටුකුස්.. ට්‍රීන්.... ට්‍රීන්....
කවි බෑ.. ඉස්කෝලේ ඉන්නේ. ගෙදර ඇවිත් කොටන්න්ම්.. :D හයියෝ අජ්ජාපනේ.. :D
හෑ ඉස්කෝලේ ඈ බොල බෙනියෝ උඹට තාම 18+ නැද්ද ...?
Deleteකවි ටික නම් සුපිරියටම තියෙනවා ප්‍රගීත්.. අපි බලමු මෙදා වයඹ ප්‍රතිඵල .. අනිවා 54 % කට වැඩියෙන් දිනනවා මරා ...!
ReplyDeleteඑකනම් මටත් ෂුවර් සහන් , මම කියන්නෙත්
Deleteවයඹ = 57%
මධ්‍යම = 52%
උතුර = 31%
"අපිටම චන්දය දෙන්න
දීලා දෙකට නැවෙන්න"
පවුලූශා වැඩේ නම් ඉහලයි. මේක ගායනා කරහන්කෝ.වීඩියෝ කරහන් මූණනම් දාන්න එපා.
ReplyDeleteගායනා කලොත් නම් කොහොමත් දාන්න මූණක් ඉතිරි වෙන්නේ නෑ අරූ ..මොකද මාධ්‍ය නිදහස උපරිම තියෙන ,ප්‍රජාතන්ත්‍රවාදී රටෙනේ මේක .ස්තුතියි අරූ
Deleteඉවාන් පවුලූශා ගේ විරිඳුවක් ඇහුවමයි... එල එල
ReplyDeleteස්තුති වේවා CSK.
Deleteනියමයි ඉවාන්
ReplyDeleteතැන්කුයි ඔමායා
Deleteඑක් පුද්ගල අදායම නගිනවා යකෝ ඕක හැමදාම නගිනවා මගේ ආදයම 0 වේ කවුද දන්නැ ඕක හදන්නේ? ඕවා ලියනකොට සුදු වැන් තමා විරිදු ටික ෆට්ට
ReplyDeleteයකෝ බොරලුවෝ විහිළුවටවත් සුදුවෑන් කතා කියන්න එපා බොල . කරුම කාලෙට මොල්ගහත් පත්තු වෙනවා බං
Deleteඑල එල පවුලුශා,ජය වේ
ReplyDeleteතැන්කු වේ රොෂාන්...සාදරයෙන් පිලිගන්නවා, ආයෙත් එන්න
Deleteawit giya
ReplyDelete