Saturday, September 14, 2013

විරිදු සුරල් (මාතලන් නිසා ලියූ ..........)



මිහින් රටේ මහා රජාට ගේමක් දෙන්න
නයි නළඟන එක්ක එන්න කෙන්ජි යවන්න
එක්ක ඇවිත් එජාපයේ ලොක්ක කරන්න
රනිල්ට වැඩි දෙයක් ඇහැකි ඈට කරන්න
යූ.එන්.පිය නග්ගන්න
නග්ගල රට අල්ලන්න

සෝමක්කගේ වාහිණියේ නිව්ස් බලන්න
මිණී හතයි රේප් දෙකයි ගණන් කරන්න
ඊට පස්සේ නයි.ටී.එන්. නිව්ස් බලන්න
ආශ්චර්යේ පාරදිගේ ඇවිදන් යන්න
පිල්ලෙ එක්කං එන්න
මල් පිපිලා පෙන්නන්න

විග්නේෂ්ගේ ප්‍රතිපත්තිය ඉරල දාන්න
ඉරල දාල කේ.පී. මහඇමති කරන්න
ජයලලිතා එක්ක එන්න රට පෙන්නන්න
ඒ ආවම මට පුළුවනි එයා බඳින්න
ප්‍රපෝසල් එක දෙන්න
ලොක්කට සමාව ගන්න

කවුන්සිලේ සිවුර ඇඳන් පුළුවන් ඉන්න
එහෙනං බොල මොකද බැරිද ගෑණු ඉඹින්න
හෙළ ජාතිය රකින ගමන් වොඩ්කා බොන්න
බීලා කොළඹ හතරවටේ කාර් පදින්න
දිල්කට එපා කියන්න
වෙන ප්‍රශ්නයක් අහන්න

ප්‍රාදේශිය ආණ්ඩුවේ ලොක්කා වෙන්න
එතකොට ලයිසොන් ලැබෙනවා රේප් කරන්න
නිල් බලකායේ ලොක්කට ගොටු අල්ලන්න
කවදා හරි පෙට්ටි හාරසීය කඩන්න
කඩල පාටි දාන්න
ලොකු ලොක්කොත් ගෙන්නන්න

බුද්ධ රූපේ පච්ච කොටල නිගරු කරන්න
එන්න එපා හරවල අපි යවනව ඔන්න
පන්සලේදි නිල් පාටින් ෆිල්ම් හදන්න
අවුලක් නෑ ඒකෙන් ආගම රැක ගන්න
බෙන්ස් කාර් ලබන්න
මහනායකවත් වෙන්න

බෝට්ටුවක් වත් එන්නැති පෝට් හදන්න
කටුනායක සිට මත්තල නොමිලේ යන්න
නොරොච්චෝලෙ මේ මාසෙත් මෙන්සස් ඔන්න
චීන්නුන්ට අරකත් දෙමු අරගෙන යන්න
ජිනීව කෙලින්ම යන්න
මිහින් එකට නගින්න

කොන්ඩේ බැඳපු චීනුන්ගෙන් ලෝන් ගහන්න
බෙහෙත් ටිකට වීදුරු කටු දාලම දෙන්න
පෙට්‍රල් ඩීසල් මොකටද කොලිටිය තියෙන
ලාම්පුතෙල් ගහල බැරිද කාර් දුවන්න
හිටියම වන්දි ගෙවන්න
ඇමතිට ජෝකර් වෙන්න

විදුලිය නැති මිනිහෙක් ඉන්නවද කියන්න
එක් පුද්ගල අදායම නගිනවා මෙන්න
ඒ වුනාට කාල බීල සතුටින් ඉන්න
දෙදාස් පන්සීයක් ඇති ගැනල බලන්න
මදිනම් වරෙල්ල යන්න
බන්දුගේ ටියුෂන් ගන්න

විදුලි පුටුවේ වුනත් ඉඳිමි අඬලා කියන්න
පපුවට ගහගෙන බබාලා වඩන් ඉඹින්න
දේශප්‍රේමෙ යමරෙට ඇත නැතුවට කන්න
අපිට රජෙක් ඉන්නව දෙවි පිහිටෙන් ඔන්න
කේතුමතිය මවන්න
චින්තනයෙන් කොරවෙන්න

මෙසිරිලකේ අසිරිය ඔබ හට පවසන්න
විරිදු පේලි ටිකකින් බෑ තේරුම් ගන්න
ආශ්චර්යේ ගෙයි වහලෙන් වැටේවි ඔන්න
එතකං කට උඩට කරන් බලාන ඉන්න
අපිටම චන්දය දෙන්න
දීලා දෙකට නැවෙන්න



ප.ලි. මේ විරිදු සුරල් ලියන්නට සිත්වූයේ අද මාතලන්ගේ

කාන්තාවන් දූෂණයෙනුත් ලංකාව පෙරමුණේ - 14.5% of men in SL 'admit rape'


පොස්ටුවේ මුල් ටික කියවද්දීය .( විරිදු සුරල් තාලය සොයා ගැනීමට  රන්වල බලකායේ  පහත වීඩියෝව බලන්න )



81 comments:

  1. මෙහෙව් රටට මොට පායාද සූරියා....

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ...! වටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව

      Delete
  2. දැන් ඔයා ජයලලිතාව බැඳගන්ටද හදන්නේ? :D

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ...! ඔයත් බැන්ඳ එකේ මටත් කියල යන කල දවසක් තියෙනට එපැයි.. :D

      Delete
  3. පට්ට විරිදු ටිකනේ ඉවාන් සුපිරිම තමා බං.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා නලින් අයියේ... ආපහු පොඩ්ඩක් බිසී බවෙන් මිදිලා වගේ

      Delete
  4. මරු ගොයියෝ..එත් බං මේ අපි හිනා වෙන්නේ අපිටම නේද...?:D

    ReplyDelete
    Replies
    1. ඔව් බං , එකනම් ඇත්ත. ඒත් මොනවා කරන්නද ..?

      Delete
  5. අපේ රජාට කිව්ව නං මියුසික් හෙම දාලා වීඩියෝ එක හදල දේවි.. ඌට සහයට යුවරජාත් ඉන්න එකේ.. මරු විරිදු...

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා දේශකයාණෙනි ....ඇත්තටම වීඩියෝ එකක් හදාගන්න පුළුවන් නම් මරු.

      Delete
    2. හහ් හහ් හා.... අපේ මලයට කිව්වනම් කියයි ලෙසටම :)

      මෙන්න පොඩි උදාහරණයක්: http://harshana-bc.blogspot.com/2013/02/blog-post_21.html

      Delete
    3. අඩේ මරුනේ රජෝ ,ඉතින් මේකත් කියපන්කො

      Delete
  6. මාතලන්ට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අහා ...එකනම් ඇත්ත, ඒ පොස්ටුව නිසා තමයි මේක ලියවුනේ

      Delete
  7. පට්ට විරිඳු ටිකක්, ඉවාන් අයියේ. දැන් අපිටත් තියෙන්නේ පාරේ බැහැලා විරිඳු කියන්න තමයි!

    ReplyDelete
    Replies
    1. ඔව් නගා , විරිදු කියල හරි දෙදාස් පන්සීයක් හොයාගත්තොත් දෙය්යනේ කියලා මාසයක් කෑහැකි

      Delete
  8. එළකිරි විරිදු ටික බං, මම රබානක් අරගෙන එන්නම් යමුද අපි දෙන්නා ඕක කිය කියා කෝච්චියේ ..

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ , හැබැයි අර උඹේ නම තියෙන එකා එතනටත් ඇවිත් වැඩේ අල කරයිද දන්නේ නෑ

      Delete
  9. ස්තුතියි.
    අපිටම ඡන්දය ෙදන්න
    දීල ෙදකට නැෙමන්න

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කනේ ... ඉතුරු ටික හිතාගත්ත හැකි නේද

      Delete
  10. පට්ට පට පට.... කියන්න වදන් නෑ....... මේ මගුල් අතැරලා උගේ දක්ෂතාවය ප්රෝයෝජනයට අරන් හොද මාතෘකාවකට විරිදු ටිකක් ලියපන් බන් කියවලා බලලා හදවතින්ම හිනා වෙන්න පුළුවන් ....... අඩුගානේ ලේ ටිකක්වත් පිරිසිදු වෙයි

    ReplyDelete
    Replies
    1. තැන්කු මැලේ ... බලමු තව විරිදු ටිකක් ලියන්න ඉස්සරහට ....

      Delete
  11. ඔය තියෙන්නෙ සිරාවටම,උඹට දෙකක් කියන්නම ඕනෑ හොඳ ඒවා ලියවෙන්න.උපරිමයි කොල්ලෝ,මාතලන්ටත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක් ...හැලපයියේ මම බයේ හිටියේ, තැන්කු වේවා .....

      Delete
  12. මල්ලි උඹට් හරියන්නෙම කවි සින්දු සහ විරිඳු තමයි..මේ දවස්වල මම ලංකාවේ වර්තමාන තත්වය ගැන ලිපි ටිකක් එකතු කලා..ඒ ලිපිවල තිබ්බ සේරම ටික උඹ මේ විරිඳුව අස්සෙ ගොනු කරලා..අධෛර්‍යමත් කරනවා නෙවෙයි..කතා ලියන්ඩ එපා බන්..උඹ කවි විරිඳුම ලියහන්කො..මොකද මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා වෙනි අයියේ... විරිදුවක් ලියන්න හදිසියේ හිතුනේ ...ඉතින් ලිව්වා , බලමු දිගටම ලියන්න .

      Delete
  13. පඨ්ට පඨ පඨ...... ආයේ කියන්න වදන් නෑ.. උපරිමයි.. මේ කලබලේට ලියලත් නේ... ඒ කියන්නේ උඹේ ටැලන්ට් එක මැක්සා....

    මට ආසම කෑල්ල....

    "මේ මාසෙත් නොරොච්චෝලෙ මෙන්සස් ඕන්න" කියන කෑල්ල.. උපමාවා අති විශිෂ්ඨයි....

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා මාතලන්, ඔයාගේ පොස්ටුව දැකලා තමයි මේක ලියන්න හිතුනේ , ඉතින් නොරොච්චෝලෙත් මාසෙට එකසැරයක් අනිවා කැඩෙනවානේ, එකයි මම කිව්වේ . ස්තුතියි සහයෝගයට ඔබගේ මාතලන්

      Delete
  14. නියමයි නියමයි...

    හැබැයි කවි, විරිඳු වගේම ඉඳහිට කතාත් ලියන්න.ඒ තුනටම ඔයා එක වගේ දක්ශයි කියලා මට නම් හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. තැන්කු රෙහානි , ඔයාලා කියවන්න එනකං ඔය හැම එකම ලියනවා ,

      Delete
  15. මේක ගායනා කරලා සවුන්ඩ් ක්ලිප් එකක් දාන්න!

    ReplyDelete
    Replies
    1. එකනම් හොඳ අදහස එත් එක දෙන්න කෙනෙක් හොයා ගන්න ඕන ,

      Delete
  16. කොල්ලො .......කතන්දර මාමා කීවත් වගෙ තාලෙට කියද්දි මරු ඇති බං කියවනවට වඩා...යූ ටියුබ් දාමු...

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත, කැට හඬ ලාස්සන එකෙක් වෙන්නත් එපැයි ස්තිතියි අන්ඩරයෝ

      Delete
  17. අනේ..අනේ...සුදු වෑන්....සුදු වෑන්...

    මරු නේ ඉවාන්...

    ReplyDelete
    Replies
    1. බය කරන්න එපා අක්කෝ ..... ස්තුති වේවා

      Delete
  18. //නොරොච්චෝලෙ මේ මාසෙත් මෙන්සස් ඔන්න// මේක තමයි සුපිරිම උපමාව ඉවාන්.. නියමෙට ලියල තියේ.අර රන්වල බලකාය එකපාරක් කළා වගේ ඇමතිලා ගොන්නක් ඉස්සරහ මේක කියවන්න තියෙන්නේ පොඩි උන් ටිකක් දම්මලා. ඒත් ඉතින් බීරි අලින්ට මොටද වීණා..

    ReplyDelete
    Replies
    1. ඉතින් බං නොරොච්චෝලේ හැම මාසෙම වැඩ නෑනෙ දවස් කීපයක්. ඇමතිලාට නම් මේක තේරෙන එකක් නෑ, තැන්කු වේවා කරූ

      Delete
    2. එහෙනං,එක මාසයක් දුවන්න හම්බුනේ නෑනේ,ලෙඩේ හොයාගන්නත්(මෙන්සස් කියලා) කී දවසක් ගත්තද..

      උන් ආතල් එක නම් ගත්තා එදා,හිටපු අගමැතිතුමෙක් විතරයි මූනේ හිනා පොදක් නැතුව උන්නේ..

      Delete
  19. කියන්න දෙයක් නෑ මචන් .දිල තියෙනව සුපිරියටම

    ආශ්චර්යේ ගෙයි වහලෙන් වැටේවි ඔන්න
    එතකං කට උඩට කරන් බලාන ඉන්න
    අපිටම චන්දය දෙන්න
    දීලා දෙකට නැවෙන්න

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා දමිත් , අපි බලන් ඉන්නේ එක වැටෙනකන් තමා,

      Delete
  20. // ආශ්චර්යේ ගෙයි වහලෙන් වැටේවි ඔන්න
    එතකං කට උඩට කරන් බලාන ඉන්න
    අපිටම චන්දය දෙන්න
    දීලා දෙකට නැවෙන්න//

    අපේ හෙළුවට අපිම හීනා වෙන්නේ බං......පට්ට.

    ReplyDelete
    Replies
    1. ඔව් බං හැමදාමත් වගේ අපි අපිටම හිනාවෙනවා ,එත් අපි එක තේරුම් ගන්නේ නෑ, ස්තුතියි රස්තා

      Delete
  21. ටොපේ ටොප්. ආයේ කියන්න වචන නෑ. මේ ටික අර පින්තූරයේ ඉන්න විරිදු කාරයා ලවා කියවලා රෙකෝඩ් කරගත්තොත් නම් මල් මසුරන්.

    ReplyDelete
    Replies
    1. රවීන්ද්‍ර යසස් නම් වැඩේට කැමතිවෙයි , ඕක කියන්න තැනක් නම් හොයා ගන්න බැරිවෙයි. තැන්කු වේවා විචාරක

      Delete
  22. දැන් හරි ඉතිං රබානක් අරගෙන එලියට බහින්න කාලේ!

    ReplyDelete
    Replies
    1. ඔව් බං චමියත් එනවා කිව්වා මොකද කියන්නේ උඹත් එනවද?

      Delete
  23. ඇයි යකෝ බොලාට ම විතරක් මේව හිතෙන්නෙ?
    මාතලන් ලොක්කගෙ ලිපිය පල වෙලා පැය දෙක තුනෙන් මෙහෙම නිර්මාණයක් බිහි කරනව කියන්නෙ ඔබ සැබෑ ම දක්ෂයෙක් කියන එක.
    තව තවත් හොද නිර්මාණ බිහි කිරීමට ශක්තිය පතමි.!

    ReplyDelete
    Replies
    1. හැක් හැක් තැන්කු වේවා පලිපාන අයියේ ....මාතලන්ගේ ලිපියක් කියෙව්වම තව අතුරු නිර්මාණ ගණනාවක් බිහි කරන්න වස්තු බීජ ඒවායේ තියෙනවා. එක නෙවෙයි මොකද කියන්නේ නයි නළඟන එක්ක එන්න යනවද?

      Delete
    2. නටන නැටිලි නටත හැකි පෙරසේ....

      Delete
  24. සුපිරි... පට්ට.. උපරිමයි.. :)

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා සාතන්....! සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  25. මේක සිරා... සුපිරිමයි.. මට මාත් එක පාරක් ලිව්වා තව කුමකටද රටකට මේ මහ පුටුකම් කියලා එකක්..

    ඒවා මොනවද මේවත් එක්ක....

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා අභීත....සාදරයෙන් පිලිගන්නවා .....එකෙ ලින්ක් එකක් දාන්නකෝ බලන්න . එතකොට ටිකක් නෙවෙයි ගොඩක් හිනාවෙන්න අපිට

      Delete
    2. ටිකක් හිනා වෙන්න මෙන්න ලින්ක් එක.

      http://upashantha.blogspot.com/2012/07/blog-post.html

      Delete
  26. නියම විරුඳු ටික.
    මේ ටික කිය කිය රබානක් අරගෙන පාර දිගේ ගිහිල්ල කීයක්වත් එකතුකරගන්න බැරිවෙයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා ප්‍රසන්න අයියේ , කොහොමත් බැරිවෙන එකක් නෑ ,අනික දෙදාස් පන්සීයක් එකතු කරගත්තම මදැයි මාසයක්ම කන්න

      Delete
    2. වැඩි දුරක් යන්න හම්බ වෙන එකක් නෑ...

      Delete
  27. සියළු රස සමගින්.. අළුතින් සීගිරි බිත්තියේ ලියමුද දයාල් බතීට කියල..

    ReplyDelete
    Replies
    1. මිනිහට මේ දවස් වල වැලේ වැල් නැතිලු. ඔන්න ලවක් දෙවක් නැතිව ඉන්නවා..

      Delete
    2. අන්න වැඩේ ලියමුකො සරත් අයියේ ,

      Delete
  28. සුපිරි පද පේලි ටික කියන්න වච නැ බන් මේක රට පුරා කියෙව්වත් අවුලක් නැ රසයත් එලටම තියෙනවා..

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා මොරබ්බා .....රටපුරා කියවන්න පුළුවන්, මොනවා වෙයිද දන්නේ නෑ හැබැයි...?

      Delete
  29. ඔන්න පින්වතුනි පළවෙනි කොටුවෙන් පෙන්නන්නෙ මාතලන් ගොය්ය මේ ඉවාන්ගෙ විරිදු ටික ලකුණු දා ගන්න හිතන් රජතුමාට පෙන්නල ඉල්ලන් කන විදිය.

    ඩ්‍රඟ ටක ටක...ඩ්‍රඟ ටක ටක...

    තුන් හිමි සඳ සණරාමර වැඳ අවසර ගන්න..
    ඉවාන් මල්ලි කීව් දේ හට ස්තූතිය දෙන්න..

    ඩ්‍රඟ ටක ටක...ඩ්‍රඟ ටක ටක...

    ස්තූතිය කොහොම බැරිද පොඩි එකාට දෙන්න
    ගොඨ ඇවිත් දේවි මූට ඉන්න බැරුව රෙන්න

    ඩ්‍රඟ ටක ටක...ඩ්‍රඟ ටක ටක...

    නොදැන කරපු මේ වරදට ගැත්තා හට ඔන්න..
    සමාවෙන්න රජතුමෙනී එපා තරහ ගන්න..

    ඩ්‍රඟ ටක ටක...ඩ්‍රඟ ටක ටක...

    සමාවෙන්නෙ නෑ මේවට වෙන්නෙ යකා වෙන්න..
    උඹෙ මිනිහට වෙන්නෙ නැගල සුදු වාහනෙ යන්න..

    ඩ්‍රඟ ටක ටක...ඩ්‍රඟ ටක ටක...

    අය්යො අපෙ රජා කෙලවගන්න ගියා....
    ඉවාන් උඹ අද ඉවරයි තරහ වෙන්න එපා....

    ඩ්‍රඟ ටකටක...ඩ්‍රඟ ටකටක...ඩ්‍රඟන් ටකං භුං..

    ReplyDelete
    Replies
    1. //"ස්තූතිය කොහොම බැරිද පොඩි එකාට දෙන්න
      ගොඨ ඇවිත් දේවි මූට ඉන්න බැරුව රෙන්න"// උපරිම පට්ටයි.


      ඉන්දිකයෝ එපා යකෝ මෙහෙම කවි කියන්න
      වෙන්න කලින් අහලම මම ඉන්නේ බැරුව රෙන්න
      ඒක නිසා එපා බොලව් මාව බය කරන්න
      අනේ අම්මෝ බුදු අම්මෝ වැන් එනවා මෙන්න

      Delete
  30. හයියෝඕ.... අස්සර්යේ... :D

    විරිඳු කියන්නට සබයෙන් මම අවසර පැතුවා....
    ඉවාන් එක්ක රබන් අරං මම මෙතනට ආව....

    ටකස් ටුකුස්.. ට්‍රීන්.... ට්‍රීන්....

    කවි බෑ.. ඉස්කෝලේ ඉන්නේ. ගෙදර ඇවිත් කොටන්න්ම්.. :D හයියෝ අජ්ජාපනේ.. :D

    ReplyDelete
    Replies
    1. හෑ ඉස්කෝලේ ඈ බොල බෙනියෝ උඹට තාම 18+ නැද්ද ...?

      Delete
  31. කවි ටික නම් සුපිරියටම තියෙනවා ප්‍රගීත්.. අපි බලමු මෙදා වයඹ ප්‍රතිඵල .. අනිවා 54 % කට වැඩියෙන් දිනනවා මරා ...!

    ReplyDelete
    Replies
    1. එකනම් මටත් ෂුවර් සහන් , මම කියන්නෙත්
      වයඹ = 57%
      මධ්‍යම = 52%
      උතුර = 31%

      "අපිටම චන්දය දෙන්න
      දීලා දෙකට නැවෙන්න"

      Delete
  32. පවුලූශා වැඩේ නම් ඉහලයි. මේක ගායනා කරහන්කෝ.වීඩියෝ කරහන් මූණනම් දාන්න එපා.

    ReplyDelete
    Replies
    1. ගායනා කලොත් නම් කොහොමත් දාන්න මූණක් ඉතිරි වෙන්නේ නෑ අරූ ..මොකද මාධ්‍ය නිදහස උපරිම තියෙන ,ප්‍රජාතන්ත්‍රවාදී රටෙනේ මේක .ස්තුතියි අරූ

      Delete
  33. ඉවාන් පවුලූශා ගේ විරිඳුවක් ඇහුවමයි... එල එල

    ReplyDelete
  34. නියමයි ඉවාන්

    ReplyDelete
  35. එක් පුද්ගල අදායම නගිනවා යකෝ ඕක හැමදාම නගිනවා මගේ ආදයම 0 වේ කවුද දන්නැ ඕක හදන්නේ? ඕවා ලියනකොට සුදු වැන් තමා විරිදු ටික ෆට්ට

    ReplyDelete
    Replies
    1. යකෝ බොරලුවෝ විහිළුවටවත් සුදුවෑන් කතා කියන්න එපා බොල . කරුම කාලෙට මොල්ගහත් පත්තු වෙනවා බං

      Delete
  36. එල එල පවුලුශා,ජය වේ

    ReplyDelete
    Replies
    1. තැන්කු වේ රොෂාන්...සාදරයෙන් පිලිගන්නවා, ආයෙත් එන්න

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]