අම්මා
පුතේ මගේ හොඳ දරුවෙක් වෙන්න | බලන්න |
අනාගතේ අපි සැමගේම | දිදුලවලන්න |
අප්පච්චියි මමයි මියෙන දවසක | ඔන්න |
අපිට ඕන ඔයාව ලොක්කෙක් | කරවන්න |
පුතා | |
ලොක්කෙක් නම් අම්මෙ කොහොම බැරිවද | වෙන්න |
දැන් ඒවට ක්‍රම සහ විධි තියෙයි | නොදන්න |
මගේ අනාගතෙ ගැන නම් එපා | හිතන්න |
මම දන්නවා තියෙන ඉහල තැනටම | යන්න |
අම්මා | |
ඔයා හිතන් ඉන්නේ ඩොක්ට කෙනෙක්ම | වෙන්න |
ඉංජිනේරු කෙනෙක් වෙන්න බැරිද | බලන්න |
එකවුන්ටන් කෙනෙක් වුනත් කම් නෑ | ඔන්න |
ගුරුවරයෙක් වීලා විදුහල්පති | වෙන්න |
පුතා | |
ඩොක්ට කෙනෙක් ඉංජෙක් විදුහල්පති | වෙන්න |
කැම්පස්වල කොච්චර කල් වේවිද | ඉන්න |
එහෙම ඉඳල අවුට් වෙලා ජොබක් | හොයන්න |
මටනම් බෑ පාරේ උපවාස | කරන්න |
අම්මා | |
එහෙනං උඹ හිතන් ඉන්නේ ක්‍රිකට් | ගහන්න |
රගර් බෝලේ අතේ තියන් ප්‍රැක්ටිස් | යන්න |
ටෙනිස් කැරම් බේස් බෝල් දිගට | ගහන්න |
ක්‍රීඩාවත් හොඳයි ඉතිං තැනකට | එන්න |
පුතා | |
පිස්සුද මට නම් බෑ ඉස්පෝට් | කරන්න |
මට ඕනේ ඇස්ට්‍රොලොජර් කෙනෙකුන් | වෙන්න |
එතකොට පුළුවන් ප්‍රසිඩන්ට් වුනත් | නවන්න |
මට ඕනෑ හැටියට පාලනේ | කරන්න |
කැන්ගරු දේශේ අගමැති ගෙදර | යවන්න |
ලෑන්ඩ් කෲස් එකේ නැගලා රවුම් | ගහන්න |
සුනාමි එන දවසක් හරියටම | කියන්න |
එහෙම අයට මොනවද බැරි කියල | කියන්න |
කඳ සුරිඳුන් එක්ක වුනත් ෆිට් එකෙ | ඉන්න |
එයා උපන් දවසට පාටියක් | දාන්න |
කතරගමට දාස් ගණන් සෙනග | යවන්න |
ගේමට එන හැමටම පිලිකා | හදවන්න |
ගණිතය විද්‍යාව දැනන් කුමක් | කරන්න |
ඉස්කෝලේ ගිහිං බෑනේ කාලය | කන්න |
ජෝතිෂ ග්‍රහ විද්දියාව ගැන | දැනගන්න |
ජුන්මල පීරිසිය ලඟට ක්ලාස් | යවන්න |
අපේ රටේ අනාගතේ...පුංචි අපි තමයි! අපි හැදෙනවා තොපි නහිනවා! ඒක ඇත්තමයි!
ReplyDeleteනෑ බං අපි නහිනවා තොපි හැදෙනවා එඒක ඇත්තමයි.
Deleteලියලා වස් කවි මංජුල මහතට ඔන්න
ReplyDeleteකැන්ස හදන් උඹටත් වෙයි රෝහලෙ ඉන්න
දෙයියො එක්ක හැන්දෑවට චැටක් දාන්න
කොලෝනියල් එක පැත්තේ ඇවිල්ලා යන්න
සිරාවටමද මාතලන්..... මටත් කියපාන් කොලෝනියල් එන දවස
Deleteමංජුල මහතා වාගේ මිනිස්සු ඔන්න
Deleteදහයක් හිටියොත් නම් රට ගොඩයි මෙන්න
රෝහල් යන ගමන ටිකක් පස්සේ කරන්න
කොලෝනියල් එන දවසට මතක් කරන්න
මංජුල පී රිසා, එතකොට පිංජුල මා රිසා
Deleteකැන්ස වලට බ්ලෙස් කොරනවා
ගිරියෙන් කෑ ගසා...//
අල්ල ගනිං ඕකව මම,
දමමි පොළොවෙ ගසා....//
මංජුල පී රිසා, එතකොට පිංජුල මා රිසා
පිංජුල මාරිසා ...හැක් හැක් ++++++++
Deleteමලු හලෝ.........
ReplyDeleteමට මේ වෙලාවේ කවියක් එන්නෙ නෑ අප්පා :D
තැන්කු අලෝ ...
Deleteකවියක් ආපු ගමන් ඇවිත් ලියලා යන්න ...:D
ReplyDeleteවෙල්කම් කම් ටු ද කැන්සර් ක්ලබ් ඉවෝන් ....
තැන්කු සහන්, එහෙනං එහෙදි හම්බවෙමු ...
Deleteමොකද මේ ඉවෝන් කියලා ගෑණු නමකින් කතාකරන්නේ? ඉවාන්=අයිවන් කියන්නේ පිරිමි නමක් නේ?
Deleteමට පුරුද්දකට ගිහින් දැන් ඒක කකා.. මේ නිසාම මම දැන් කතා කරන්නේ ප්‍රගීත් කියලා... ඒත් හිටපු ගමන් මිස් ෆයර් වෙනවා..
Delete@ කකා - ඔව් කකා සහන් කියන්නෙම ඉවෝන් කියලා මුල ඉඳන්ම. මම හිතුවේ යුනිකෝඩ් එරර් එකක් හරි ටයිපින් මිස්ටේක් එකක් හරි කියලා. කොහොමත් දැන් සහන් කියන්නේ prageeth කියලා
Deleteඅවුලක් නෑ සහන් ..ඕවා ඔහොම තමයි
Deleteඋච්චාරණය වෙනස් මගේ ටිකක්..මා එක්ක කතා කරලා තියෙන අය දන්නවා ඇති..:)
DeleteJuly 13, 2013 at 9:34 AM
සහතික ඇත්ත..ඩොක්ට ඉන්ජො වෙන්න කොච්චර කට්ටක් කන්න ඕනද?
ReplyDeleteහ්ම්..
එකනේ කියන්නේ , මොනවා හරි අනාවැකි කියලා දෙයක් කිව්වනම් මෙලහකටත් ගොඩ
Deleteබරක් නොගෙන කියනා වැකි මෙහෙව් හරක්
ReplyDeleteවරක් වත් නොසිත පිළිගති සම වු හරක්
දුරක් ගෙවන් ගොස් විඳ දුක් පිරුණු බරක්
හරක් සැමගෙ සිදුවී ඇත මොළේ නරක්
හරක් උනත් කෙලවුන කල වරක් දෙකක්
Deleteඑමග එලෙස ගමන් යාද යලිත් වරක්
යන මග නොදැන රැල්ලට ගිය මිනිස් හරක්
රැය වැටි වල තුලට පැන මියයති යලිත් හෙටත්
ඉන්දික නුඹ නම් සඳැස් කවට උපන් හපන්කමක් ඇත්තෙක්. පළමු පදයේත් එළිවැට සුරැක තිබේ. ඒත් මාත්‍රා අවුලක් නම් තිබේ. ඒ කොහොම වුවත් උත්සාහයට මගෙන් මල් මිටක්.
Deleteඉන්දිකයා කොහොමත් මරු කවියා..... මචං ඉන්දිකයෝ දාපන්කෝ කවි පොස්ටුවක්....
Deleteඇයි මේක දැක්කෙ නැද්ද?
Deletehttp://upashantha.blogspot.com/2012/02/blog-post_17.html
සිරාවටම එක මම දැකලා තිබුනේ නෑ බං, එල පට්ට
Deleteගේමට එන හැමටම පිලිකා හදවන්න.
ReplyDeleteනියමයි . ඇඩෙනව.
ඔව් බං ඇයි මිනිහා එදා හිරු ටී.වී. එකට කෝල් කරලා කිව්වේ ඌ කියන දේ පිළිගන්නේ නැති එවුන් නවතින්නේ මහරගම කියලා .
Deleteඋගෙ මාර උජාරුවක් තියෙන්නෙ තමන් ගැන තමාවම වර්ණාකර ගන්නවා .
Deleteමමත් දැක්ක හිරු එකේ වැඩසටහන :-)
__________________
නියමට ලියල තියනව (y)
තැන්කු වේවා සජාන්
Deleteඅම්මෝ උඹට බය නැද්ද බං
ReplyDeleteයකෝ බය කරන්න එපා බං .....උඹ මගේ යාලුවෙක්ද ? මංජුල ගොයියාගේ යාලුවෙක්ද ?
Deleteඅම්මෝ මගේ පපුව!
ReplyDeleteඋපරිමයි ඉවාන් උඹ හරියටම හරියන ටොපික් එකේ ඉන්නේ.. ඇඩේන්න දීල අදත්..
තැනකුයි වේවා කරූ ... කාලෙකින් පොස්ටුවක් දැක්කේ නෑ ..මොකෝ බිසීද?
Deleteමාසේ ආදායම මිලියන් වලින් ගනින්න
ReplyDeleteඅද්දීයාත්මය ඇස් ඇම් ඇස් කරල එවන්න
හරක් ඉන්න කල් අහැකිය වරිගේ රකින්න
මේවනෙ සල්ලි මල්ලියේ වර ගරන්න
අතරින් පතර තස්තර වාදියෝ ඉන්න
පන්දන්කාර යක් දෙස්සන් බලි ගිලින
තුන්කාලකම මිසදුටුවන් උඩපනින
මහා ජාතිය කවුරු සිංහල බොදු කිව්ව
මෙන්න මේ කවි දෙකත් මේ පොස්ටුවට ඇතුල් කරන්න ඕන මොරබ්බා .... පට්ටයි උපරිමයි ...
Deleteඅපිට කවි බෑ නොවැ...
ReplyDeleteකවි බැරි වුනාට ඔය කතාවක් ලියලා තියෙන්න එලට. මේ ගිහින් කියවලා ආවා විතරයි . උඹේ ප්‍රොෆයිල් පින්තූරේ නම් මරේ මරු
Deleteරටේ මිනිස්සුන්ගේ අසරණකම් විකුණගෙන කන මරණවාහිනිය වගේම ඒ අසරණකම් තමන්ගේ පහත් මානසික රෝගය වෙනුවෙන් භාවිතාකරන මංජුල පීරිස් වගේ හරක් මේවගේ සිනහවට ලක් කරනවා ඇර වෙන මොනා කරන්නද?මේ මනුස්සයයි සක්විති රණසිංහයි අතර ලොකු වෙනසක් නෑ.
ReplyDeleteපිස්සුද බං මංජුල හරකෙක් නොවේ. එදා කතරගම ගිය දාහත් ලක්ෂයක් හරක් පත්තුකළ එක අබ තෙල් පානකින් මූට ආ ගාන කියද කියලා හොයලා බලපන්. එතකොට ඌ හරකෙක් නොවේ කියා දැනේවි.
Delete@ ඒන්ජල් - මරණවාහිනිය විතරක් නෙවෙයි රේ ටී.වී. චැනල් එෆ්.එම්. චැනල් ඔක්කොම කරන්නේ මිනිස්සුන්ගේ අසරනකම් විකුණගෙන කන එක. බලනවට සල්ලි දීලා ,අහනවට සල්ලි දීලා අඬන වොයිස් කට අරං විකුනනවා . අද ලංකාවේ වැඩි හරියක් සක්විතිලා තමයි.
Delete@ නලින් අයියා - කතාව ඇත්ත මිනිහා නියම බිස්නස් එකක් කරේ, ඉතින් ලෑන්ඩ් කෲසර් නෙවෙයි නැව් වලින් යන්න බැරිය. කවදා මිනිස්සුන්ට බුද්ධිය පහලවෙයිද කියලා හිතාගන්න බෑ .
Deleteමදැයි කොලා
ReplyDeleteආයේ මක්කයි
Deleteලොක්ක ආවයින් පස්සෙ හදහන් කාරයො හැමෝගෙම කල්ල මරේ.
ReplyDeleteහදහන් බලව ගන්න පිස්සු යක්කුන්ට වැලේ වැල් නැහැ.
හඳහන් කාරයෝ විතරක් නෙවෙයි කෙන්ජයියේ ඇයි - හොර වෙද්දුන්ගේ , කට්ටඩියොන්ගේ
Deleteහරිම අපූරුයි. මේ දවස්වල පුංචි ළමයි ලස්සන නිර්මාණ කරනවා. :D:D
ReplyDeleteහෑ මටද පුංචි ළමයා කිව්වේ ... තැනකුයි අනේ .....ඒනම් ඇන්ති ආයෙත් සැලයක් එන්ත මේක බලන්ත අලිද ?
Deleteහා... හා... ආයේ පාරක් අලි බලන්ට එන්නම්...හී හී...
Deleteඑන්ට එන්ට පොඩ්ඩියේ ...අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නෑ කියනවනේ ...:D
Deleteමේ මේ බැඳපු ගෑණුන්ට බලි පෙන්නෙ නැතුව ඉඳින්. දැක්කනෙ දස්කොන්ට උන දේ.
Delete@ ඉන්දික උපශාන්ත
Deleteබ්ලොග් පකීර්ල ඔක්කොම චීත්ත ළඟ ෆුල් සරෙන්ඩර්.. ඒකනේ ඔය තොත්ත බබා ටෝක් දෙන්න කුමාරිහාමිලාට..
එන්න එන්නම.....කවියි විරිදුයි නැගලා යනවා නේද මල්ලි..
ReplyDeleteමේ කවි...විරිදු ඇතුලේ ඉන්න මනුස්සයා ....හරිම නාහෙට නාහන විප්ලවකාරයෙක් ද...?...හිහිහි...
හි හි තැන්කු වේවා අක්කේ ...
Deleteවිප්ලවේ කෙසේවෙතත් ඉස්සර ඉඳන්ම මේ වගේ නසරානි වැඩ දැක්කම කටපියන් බලන් ඉන්න බැරි ගතියක් නම් තිබ්බා
ජුන්මල පීරිසියට වැඩිකල් නොගිහින් කියන්න වෙන්නේ 'කුනුවුන තසිමකි මා' කියලා තමයි.
ReplyDeleteපිස්සුද අපේ මේ "බුද්ධිමත්" ජහමනයා ඒ වගේ උත්තමයෝ තනි කරන්නේ නෑ කවදාවත් .
Deleteබලාගෙන, ජුංමල අයිය සුදු පීරිසියක් එවයි.
ReplyDeleteකිව්වත් වගේ ප්‍රසන්න අයියේ මිනිහට එහෙම බලයකුත් තියෙනවා නේන්නං , මාව බයකොරන්ට එපල්ලා අයියේ
Deleteමෙහෙමයි ඉවාන්,උඹගෙ කවි හොඳයි කියපුවම උඹ කවිවලට සීමාවෙලා කයියම පද බැඳගෙන ඉන්නව මිසක කතාවක් ලියන්න හිතන්නෙ නෑ එහෙම නෙවෙයි කවිත් කතාත් සමෝසමේ ලියන්න ගනිං.
ReplyDeleteනෑ නෑ හැලපයියේ කතාවක් ලියාගෙන යන්නේ ,මේ දවස් වල යන කේස් නිසා ලියවෙච්ච එකක් මේක, කතාව දාන්න තව දවස් කීපයක් යයි. තව සින්දුවක් මොඩිෆයි කළා ඒකත් දානවද කියලා කල්පනා කලේ . අනිවා කතා ලියනවා ඒවා දානවා,
Delete//ගණිතය විද්‍යාව දැනන් කුමක් කරන්න
ReplyDeleteඉස්කෝලේ ගිහිං බෑනේ කාලය කන්න
ජෝතිෂ ග්‍රහ විද්දියාව ගැන දැනගන්න
ජුන්මල පීරිසිය ලඟට ක්ලාස් යවන්න//
නියම යි!!!
හොඳයි බොරුද ..?අපිත් ඕක ඉගෙන ගත්තනං අද කල්ල මරේ...!
Deleteawit giya
ReplyDeleteකොහෙද්ද බොල යන්නේ ඔහේ හිටු
Delete