Saturday, January 13, 2024

ගීතමය සිතුවම

 


පහේ ශිෂ්‍යත්වේ පාස්වෙලා හයවසරට එන පොඩි එවුන් එන පලවෙනි දවස. පොඩි එවුන් පිළිගන්න හදපු ප්ලාස්ටික් මල් තොරණ ගේට්ටුවේ ගහලා. මේකට අලුත් මල් ටිකක් ගෙන්න තිබ්බනම් හොඳයි නේද කියලා කීප සැරයක්ම අංශභාර සර්ට කියන්න හිටියට කියන්න බැරිවුනා නේද කියල වත්සලා ටීචර්ට මතක් වුනා. ඒ අස්සේ සාදරයෙන්  එකේ දයන්නයි,  පිළිගනිමු කියන කෑල්ලේ ඉස්පිල්ලයි  වැටිලා. සා..රයෙන් පලිගනිමු.. මේ බැනර් එක දැන් අවුරුදු දහයකටත් වැඩියි.මෙහෙමවත් අකුරු තියෙනවා ඇති.

ගෙටුවේ තොරණ යටින් එන පොඩි එවුන් බැනර් එක කියවලා සමහරු කට අතින් වහගෙන හිනාවෙනවා, සමහරු හිනාවෙලා අම්මලා තාත්තලා දිහා  උඩ බලනකොට අම්මලා තාත්තලා රවනවා. ඒ ළමයි අමාරුවෙන් හිනාව නවත්තගෙන අම්මලා පස්සෙන් ගාටනවා. මේක දැක්කම වත්සලා ටීචර්ට පොඩි ලැජ්ජාවක් ආවා. එත් ඉතින් තමුන්ට මේකේ මැදිහත් වෙන්න පුලුවන් සීමාව දැනගෙන වැඩ කරන එක ඇඟට ගුණයි . පැන්සන් යන්න තියෙන මේ අවුරුදු දෙකට තුනට ඈතකට යන්න ඕන නෑනේ.

************

ඩිවෝස් වුනාට පස්සේ මහත්තයා පුතාල දෙන්නව එයා ළඟට ගත්තට පස්සේ හයේ පන්තියට අලුතෙන් එන ළමයි දකින හැම වෙලේකම වගේ වත්සලා ටීචර්ට ඇඩෙනවා. පුතාලව මහත්තයා අරන් යනකොට එයාලත් මේ වයසෙමයි. ඊට පස්සේ දෙසරෙකට වඩා පුතාලව දකින්න ලැබුනේ නෑ. මහත්තයා එක්ක ඕස්ට්‍රේලියා ගියාටපස්සේ කතා කලෙත් දෙසරයයි. ඊට පස්සේ හැමදේම අතීතයටම එකතු වුණා. පුතාලවත් මහත්තයාටවත් වුනේ මොකක්ද ඉන්නවද කොහෙද කියල කිසිම ආරංචියක් නැතුව දැන් අවුරුදු කීයක් ගියාද කියල වත්සලා ටෙචර්ට මතක නෑ. කොච්චර අමතක් කරන්න හැදුවත්, ඒ මතකය උඩට එනවා. හරියට සපත්තුව අස්සට රිංගපු වැලිකැටයක් ගානයි. ඇනෙනවා රිදෙනවා 

වත්සලා ටීචර් තමා හය ඩී පන්ති භාර. හැබැයි ටීචර් උගන්නන්නේ චිත්‍ර. ඒ නිසා පන්තියේ හැමෝටම ටීචර්ගෙන්  ඉගෙන ගන්න වෙන්නේ නෑ. හැබැයි අනික් පන්තිවල අයටත් ටීචර්ගෙන්   ඉගෙන ගන්න පුළුවන්, අපේ පාසලේ ඉන්න ප්‍රවීනම  ගුරුවරියක්..  අංශභාර සර් කියනකොට පියවි ලෝකෙට ආපු  වත්සලා ටීචර් සභාව දිහා බලලා යන්තමට හිනාවුනා. ඒ වෙලාව සංගීත ටීචර් නයනිකා ,.". ප්‍රවීණ ..හෙහ්" කියලා ආපහු හෙමීට තොල් මුමුනලා අපහාසෙට වගේ කට කොනකින් හිනාවෙන එකත් වත්සලා ටීචර්  හොඳට දැක්කා.

************

ඊළඟ අංශභාර කමට  වත්සලා ටීචර් තේරෙන්න වැඩි ඉඩක් තියෙනවා. මොකද ඉන්න අංශභාර සර් ,උප විදුහල්පති කමට උසස් වෙලා කියලා ආරන්චිය දැන් හැමෝම දන්නවා. ඉතින් නයනිකා ටීචර්ට ඒක එච්චර හිතට හරි මදි.

අලුත් පන්තියේ නම් ලකුණු කරන්න යනකොටම , අංශභාර සර් ආවා 

" අචින්ත, මහිම, මලික .. මේ ලමයි තුන්දෙනා එන්නකෝ, වත්සලා ටීචර් මෙයාලව පොඩ්ඩකට පැත්තකට ගන්නම්.. මේ ශිෂ්‍යාධාර ලැබෙන අය. 

ඒ නැගිටිනකොට තමා වත්සලා ටීචර්  අචින්තගේ මූණ හරියට දැක්කේ. මොකක්දෝ හරිම පුරුදු  හුරුබුහුටි කමක් ඒ  මූණේ පෙන්න තිබුනා. වත්සලා ටීචර්ට මතක් වුනේ පොඩි පුතාගේ මූණ. නිවුන්නු වුනාට දෙන්නා වෙනස්. පොඩි පුතාගේ තිබ්බ හුරතල් මූනම අචින්තටත් තියෙනවා නේද කියලා දැක්කම මේ පන්තිය හම්බවුන එක ගැන සතුටක් වත්සලා ටීචර්ගේ හිතට ආවා. 

අචින්තට ඇයි ශිෂ්‍යාධාර... එච්චරටම දුප්පත්ද...

අලුත් පන්තිවලට කාලසටහන් අනුව උගන්වන්න පටන් ගන්නෙ හෙට ඉඳලා..අද දවස ළමයින්ට ඉස්කෝලෙ ගැන අවබෝධයක් දෙන්න තමා වෙන් වෙලා තියෙන්නෙ.. මධ්‍ය මහා විද්‍යාලයක් නිසා ළම්‍යි හැමෝම ඉස්කෝලෙට අලුත්.

පන්ති පිලිවෙලට ටීවර්ලලා ශිෂ්‍ය නායක      නායිකාවො දෙන්නෙක් එක්ක ළමයින්ට ඉස්කෝලෙ ඇවිදලා පෙන්වන්න ඕන ප්‍රධාන තැන් ටික පෙන්නුවට පස්සෙ තව පැය එකහමාරක් විතර ඉතුරුවෙලා තිබ්බ්.

වත්සලා ටීචර් කලේ ඒ වෙලාවෙ ළමයින්ට කැමති ඉදිරිපත් කිරීමක් කරන්න කියපු එක. සිතිජ හරි ලස්සන අභිරූපනයක් කලා. මිනුලි උඩරට නැටුමක් .. සෙනුලි කලු ලෑල්ලෙ ලස්සනට සීසාන චිත්‍ර්‍යක් ඇන්දා  ඒ අතරෙ අචින්ත සීපදයක් කිව්වා. ඒක කොච්චර හොඳට කිව්වද කියලා කිව්වොත් ඉවර වෙලා ටික වෙලාවක් යනකං වත්සලා ටීවර් අචින්ත දිහා බලාගෙන හිටියා.

" හෙට අලුත් පන්තියේ දෙවෙනි දවස.. සෞන්දර්ය විශයන් වලට ළමයි තෝරගන්න කැමති මොනවද කියලා හිතාගෙන එන්න , නිකමට අත උස්සන්න බලන්න චිත්‍ර කරන්න කැමති අය "

 ළමයි තිහෙන් දහයක් විතර අත ඉස්සුවා. අචින්ත අත උස්සලා නෑ. අචින්ත අත ඉස්සුවේ සංගීතය කරන්න. වත්සලා ටීවර්ගෙ හිතට ඒක හරි මදි..

ඔය සංගීත ටීච නයනිකා ලඟට ගියාට පස්සෙ මේ කොල්ලගෙ ගන්න දෙයක් නැතිවෙයි. පොඩි පුතාව ආපහු මතක් වුනා. කොල්ලො දෙන්නා තාත්තා එක්ක ගියාට පස්සෙ මාව අමතක කලා වගේ අචින්තත් සංගීතෙට ගියාට පස්සෙ මාව ගණං ගන්න එකක් නෑ.  මම වෙන සබ්ජෙක්ටෙකක් කරන්නෙත් නෑනෙ මේ පන්තියට. 

වත්සලා ටීචර්ට හරිම හිත බරයි.. වෙන පන්තියක් ඉල්ලගන්න ඕන අංශබාර සර්ට කියලා.. එක්කො මම මේ පන්තියටම වෙන සබ්ජෙක්ට් එකකුත් කරන්න ඉල්ලගන්න ඕන. 

ඉස්සර ගුරුවරු අඩු කාලෙ. මේක මහා විද්‍යාලය හැටියට පලාත් සභාවට අයිති කාලෙ වත්සලා ටීචර් සමාජ අධ්‍යයනය, ඉතිහාසය, බුද්ධාගම සිංහල වගේ විශයන් ඉගැන්නුවා. කාලයක් එක පන්‍තියකට ගණනුත් ඉගැන්නුවා.

ඒත් ඉස්කෝලෙ මධ්‍ය මහා විද්‍යාලයක් වුනාට පස්සෙ ගුරු අතිරික්තයක් ඇවිත් වත්සලා ටීවර් ආපහු චිත්‍ර වලට විතරක් සීමා වුනා.

***********

චිත්‍ර කාමරේට ආපු වත්සලා ටීචට මුලින්ම ඕන වුනේ ළමයින්ගෙ මට්‍ටම් අවබෝධ කරගන්න. මල්වාස් එකයි පොත් දෙකයි ඒක උඩ බෝලෙකුයි.  තියලා ළමයින්ට කිව්වෙ ඉස්සෙල්ලම මම මොනවත් කියන්නෙ නෑ ඔයාලා පුලුවන් විදිහට අඳින්න ඊට පස්සෙ අපි බලමු කොහොමද හරියට කරන්නෙ කිය්ලා..

ළමයි චිත්‍රෙ අඳිනකං වත්සලා ටීචර් ඉබේම සංගීත කාමරේ පැත්තට යැවුනා. ළමයි නයනිකා ටීචර් දෙන කවිය ගායනා කරනවා සමහර ළමයින්ව පැත්තකට කරනවා. අචින්ත කවිය පටං ගත්තම වත්සලා ටීචර් ඇස් දෙක පියාගත්තා. 

ඊට පස්සෙ නයනිකා ටීචර් අචින්තට කතා කලා.

" දිගටම ඕ ලෙවල් වෙනකං සංගීතය කරන්න කැමතිද?"

" ඔව් ටීචර් ."

"වයලීන් එකක් ගන්න වෙයි..පුලුවන්ද....

කොල්ලා බිම බලාගත්තා... 

"පුලුවන්ද බැරිද කියලා හිතලා කියන්නකො... ගන්නම වෙනවා පුතා ප්‍රැක්ටිකල් කරන්න ඕනෙනෙ."

 චිත්‍ර කාමරේ පැතෙන් සද්දෙ ටිකක් වැඩිවෙන්න ගත්ත නිසා වත්සලා ටීචර් ඒ පැත්තට ගියා.

*************

 ලමයි සෑහෙන කට්ටියක් හොඳටට ඇඳලා තියෙනවා , අපි දැන් බලමු මේ අභ්‍යාසය කරන්න අපි බලාපොරොත්තු ...

කියනකොට කවුරුහරි දොරට ගහන සද්දයක් ඇහුණා. දොර ඇරලා බලනකොට අචින්ත දොර ලඟ.   

ටීචර්....

ඇයි පුතා...

ටීචර් මට චිත්‍ර කරන්න පුලුවන්ද...

වත්සලා ටීචර්ට දැනුනේ ලෝකයක් ලැබුණා වගේ... 

එන්න පුතා ඇතුලට....වාඩිවෙන්න ගිහිං  .

එදා දවාලෙ කැන්ටිම ලඟදි හම්බවුනාම වත්සලා ටීචර් නයනිකා ටීචර්ට කටපුරා හිනා වුනා.. කාලෙකට පස්සෙ නයනිකා ටීචර් ගැන ලෙන්ගතුකමක් වත්සලා ටීචර්ට දැනුණා.

 

34 comments:

  1. +++++++++++++++👌
    කියෙව්වා. ගුණදාස අමරසේකර කෙටිකතා මතක් වුනා.😊

    ReplyDelete
    Replies
    1. අප්පා බර වැඩියි ඒක නම් , ස්තූතියි

      Delete
  2. කියෙව්වා, නවකතාවක්ද

    ReplyDelete
  3. කියවනකොට ඉතින් අද මේ පෝස්ටුව
    ඇඳුනා සිතුවමක් හදවත පෑරෙව්ව
    ගී තනුවකුත් වැයුනා මෙනි සෝබරව
    ඇත්තම කතාවක්දෝ මේ පණ පෙව්ව?

    ReplyDelete
  4. වෙනත් අවසානයක් බලාපොරොත්තු උනත් අවසානය හොඳයි.

    ReplyDelete
  5. රසින් පිරුණු මේ කතාව බලන විට
    හොඉන් මතක් විය පාසල් වියේ මට...

    ලස්සනයි ඉවාන්.
    ජයවේවා !!!

    ReplyDelete
  6. කෝ මං,දාපු කමෙන්ට් එක 👻

    ReplyDelete
  7. හරිම ලස්සනයි මචං!

    ReplyDelete
  8. වත්සලා ටීචර්ට වලහෙක් නැද්ද?

    ReplyDelete
  9. ටීචර්ලට වෙන නම් ඇත්තෙම නෑද හැබෑට....?

    ReplyDelete
  10. කෙනෙක් ගැන අපි දරන අදහස හැම විටම නිවැරදි වන්නේ නැහැ .

    ReplyDelete
  11. වත්සලා ටීචර්? මිනිස්සුන්ට පද හදන්නෙපා යකෝ.

    ReplyDelete
    Replies
    1. වත්සලා ටීචර් කාටවත් පද හැදුවේ නෑ

      Delete
  12. ඔය තමන්ගෙ විශය ඇර වෙන ඒව උගන්වන එකනං භයානකයි බාන්. විසේසෙන් ඉහල පන්ති වලට. (අත්දැකීමෙන් කියන්නෙ 😁🙈)

    ReplyDelete
  13. තමුසෙ ඕයි බන්, එන්න එන්නම හොඳ වෙනවා. අපිට ඒ ගැන ආඩම්බරයි...

    ReplyDelete
  14. 1. බ්ලොග් ලියන අය තවම ඉන්නව.
    2. කියෝන අයත් ඉන්නවා
    3. වත්සලා කියන්නෙ ලස්සන නමක් නෙ යකඩෝ
    4. මම දන්න ටීචර්ලා තුන්දෙනෙක් ඉන්නවා වත්සලාලා.
    එක්කෙනෙක් සංගීත උගන්නපු නපුරු අම්මණ්ඩි කෙනෙක්.
    එක්කෙනෙක් අයිටී උගන්නපු සාමාන්‍ය සම්ප්‍රදායික ටීචර් කෙනෙක්.අනිත් එකී නම් ඉගැන්නුවෙ විද්‍යාව.එකීට නම් පොඩ්ඩක් සයිකො.හරිම ආදරණීය ටීච කෙනෙක්

    ReplyDelete
  15. ලස්සන කතාවක්

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]