Friday, December 15, 2023

බඹර විස




"පුතා...කොහෙටද යන්නෙ.."

"මම UK යන්න ආන්ටි..."

"UK වල කොහෙද.. ?"  

"එන්ෆීල්ඩ් "

"අහ්.. මමත් UK යන්නෙ.. මම යන්නෙ හැබැයි බ්‍රිස්ටල් . දුව ලඟට. එහෙ ටික දවසක් ඉඳලා ආපහු  ඩුබායි යනවා..

කියනවත් එක්කම ආන්ටි ලඟ තිබ්බ හෑන්ඩ් බෑග් එක බිමට වැටුණා.. ඒක ඇහිඳලා දුන්නෙ ආන්ටි කොන්දට අත තියාගෙන නැවෙන්න අමාරුවෙන් උත්සාහ කරලා ,අසරණ වෙලා මගේ දිහා බලපු නිසා .

"අනේ තෑන්ක් යූ සෝ මච් පුතා". කියපු ඇන්ටි මගේ බෙල්ල බදාගෙන හග් කලේ කිසිම බලාපොරොත්තුවක් නැති වෙලාවක.. ඒක මට පොඩි ලැජ්ජාවක් වගේ දැනුනෙ ඒ වෙලාවෙ කටුණායක එයාපෝට් එක සෑහෙන බිසී වෙලාවක් නිසා.

කොහොමත් ඩිපාචර් එකෙන් ඇතුලට ආපු පලවෙනි තප්පරේ ඉඳලම මෙහෙම ඇණයක් සෙට් වෙච්ච එක නං සාපයක්..

ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ බස් එකට නැග්ගත් සීට් එකේ අනික් කොනට කෙල්ලෙක් වාඩිවෙනකං බලාගෙන ඉන්නකොට වෙන්නෙත් මෙහෙම සන්තෑසිම තමා. ඒ අතිං මාර වාසනාවන්තයි.

**********

බෝඩිං පාස් එක අරගෙන ෆ්ලයිට් එකට නගිනකං වාඩිවෙලා ඉන්න ටිකටත් ඒ ආන්ටි මගේ ලඟින්ම වාඩිවෙලා. කන්න දෙනවා බීම දෙනවා. ගෙදරින් හදං ආපුවා කියලා සැන්ඩ්විච් දෙනවා. මට මේක මල ඇණයක් දැන්නං.

ඇයි යකෝ ඇතුල් වුන  තැන ඉඳලා මෙතනට එනකං දැං පැය එකහමාරක් විතර පෝලිමෙයි අතනයි මෙතනයි කියවනවා නන්ස්ටොප්. පුදුම වාතයක්. 

"ආන්ටිගෙ සීට් නම්බර් එක මොකක්ද ?"

"මම සෙවන්ටීන් A පුතා.. ඔයා.."

"මම ට්වෙන්ටි වන් K.."

"අපරාදෙ..." 

"ඔව් ආන්ටි... " කීවට මට දැනුනෙ මාර සහනයක්... පැය විස්සක් විතර ආන්ටි එක්ක එක ලඟ වාඩිවෙලා යන්න වුනානං ඒක විසාල කරදරයක් වෙනවා.. 

හීත්‍රෝ වලදි මග ඇරලා මාරුවෙන්න ඕන. කියලා එවෙලෙම හිතා ගත්තා. නැත්තං බ්‍රිස්ටල්  යන්නත් වෙයි මේ යන විදිහට...

**********

තව පැය බාගයක් විතර ඉතුරුයි... කොහොමත් මේ වගේ වෙලාවක කරන්නෙ. ෆේස්බුක් යන එකෙනෙ... උඩ පහල ඔහේ යද්දි දැක්කෙ. දෙරණෙ බ්‍රේකිං නිව්ස් එක..

 ""ක්‍රීඩා ඇමති.. හරිත ජූඩ් පෙරේරා මහතා ඝාතනය කර ඇති  අතර ජනප්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය නිලි, නිරූපිකා සැන්ඩ්‍රා පලිහවඩන ගේ නිවසේ තිබී මෘත දේහය අද සොයාගත් අතර , මරණය දින දෙකකට පෙර සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබේ..

මට ඉබේම විසිල් එකක් ගැහුනෙ.. ඔය සැන්ඩ්‍රා කියන්නෙ අපේ බාසාවෙන් කියනවනම් පට්ට සෙක්සි නිලියක්.  අවුරුදු තිස්පහත් පැනලා තිබ්බට දකින කෙනෙක්ට විසි පහකින් උඩ වයසක් හිතන්න බෑ... ඒක ගොඩක් නිලියන්ට පොදු වුනාට ක්ලෝසප් වලදි.. වයස පේනවා. හැබැයි සැන්ඩ්‍රාට නං ඒක වලංගු වුනේ නෑ..

මගේ විසිල් සද්දෙට ආන්ටි..

"මොකද පුතා  ජොලියක් ගියේ..."

"නෑ ආන්ටි මේ අර මෙහෙ ස්පෝර්ට්ස් මිනිස්ටර්ව මරලා.. අද හවස බොඩිය හොයාගෙන තියෙන්නෙ.."

"ඈහ්... කවුද මිනිස්ටර්.. ?"

"අර හරිත ජූඩ් පෙරේරා.. "

"අහ්.. අලුත් මිනිස්ටර්ලා... අපි වැඩිය ඉතිං අප්ඩේට් නෑනෙ පුතා. ඔය මොන චැනල් එකේද පෙන්නන්නෙ.."

"මේ ෆේස්බුක් ආන්‍ටි.."

"අහ්... අපිට ඉතිං ඕවා පාවිච්චියේ දැනුමක් නෑ පුතා. මේ  පෝන් එකත් වදයක් වෙලාවකට. මම දන්නේ මේකෙන් කෝල් ගන්නයි ෆොටෝගහන්නයි විතරයි  ..ඔය පුතාලගෙ කාලෙ ටෙක්නොලොජි.. මොනවා වෙලාද ඇත්තටම "

මම සිද්ධිය කෙටියෙන්ම කිව්වා.

"අහ්.... ඔය නිලියො ඇමතිවරු හුටපට ඉතිං අද ඊයෙ ඒවා නෙවේනෙ. පුතා. අපේ කාලෙත් ඕවා ඔහොම තමා.. ඉස්සරහටත් ඕවා ඔහොමයි." එන්නකෝ පුතා අපි දෙන්නා ෆොටෝ එකක් ගහන්න. ආ ඔයා ගහන්න කියලා ඇන්ටි මට ෆෝන් එක දුන්නා. මම ඉතින් එකෙන් සෙල්ෆි කීපයක් ගහලා ආන්ටිට ෆෝන් එක දුන්නා. 

***********

යාන්තං මල ඇණයක් වුණ ආන්ටිව මග ඇරලා මම එන්ෆීල්ඩ්  ආවා. ඒ වෙනකොට  වෙලාව රෑ නමයට විතර  ඇති.. ගෙදරින් කෝල් හය හතක්ම අරගෙන. මම ආපහු කෝල් කලේ නැත්තෙ ඒ වෙන්කොට ලංකාවෙ වෙලාව පාන්දර දෙක විතර වෙන නිසා.. 

මම නිදාගෙන ඉන්න්කොට පාන්දර දෙකට විතර ෆෝන් එක රිං වුනා. බලද්දි ගෙදරින්... යකෝ වෙලාව ගැන හිතන්නෙම නෑනෙ. කොච්චර කිව්වත්. කෝල් එක කට් කරපු මම ෆෝන් එක සයිලන්ට් කරලා නිදාගත්තා.. ෆ්ලයිට් එකේ මහන්සියයි නිදිමතයි එක්ක මලා වගේ නින්ද ගියා.... ඇහැරෙනකොට උදේ නමයටත් කිට්ටුයි..

ෆෝන් එක අරං බලද්දි අම්මයි අක්කයි තාත්තයි ...මිස් කෝල් විසිගාණක්..

මම අක්කට කෝල් කලේ මොකක් හරි සීන් එකක් නං ශේප් වීමේ එකම මග එයා නිසා.

" අක්කෙ...

" තමුසෙ කොහෙදෝයි ඉන්නෙ. බූරුවා.. මොනවද ඕයි හිමිජ්ජා වගේ ඉඳගෙන කරන මේ කුපාඩි වැඩ"

" මොකදෝයි කෑගහෙන්න රිලා කටා."

"තොට දැං මාව රිලා කටක්ද... අවලං බැල්ලියො එක්ක ලැගලා.."..

"හුටා.."  අම්මා. ඒ ටිකට අම්ම අක්කගෙන් ෆෝනෙක අරං.."

"මොකද අම්මෙ මේ..".

" මොකද මොකද තමා කාපිය අපි......ද්ජ්ඩකාඅජ්ඟ්ව්"

"මල්ලි මේ වට්සැප් බලනවකො.. මම පස්සෙ කෝල් එකක් දෙන්නං". 

අම්මගෙන් ෆෝන් එක උදුරගත්ත අක්කා කට් කලා.

වට්සැප් එකේ තිබ්බෙ.. නිව්ස් වල වීඩියෝ ක්ලිප් එකක්..එක්ක  CCTV ෆුටේජ් වගයක්

"සිනමා නිලි සැන්ඩ්‍රා පලිහවඩන ඊකේ හයසිය පනස් තුන දරණ බෝයිං හත්සිය හැත්තෑ හත එමිරේට්ස් ගුවන් යානයෙන් මහා බ්‍රිතාන්‍යය බලා පියාසර කල බවට තහවුරු කල හැකි  තොරතුරු ලැබී පවතී.  ඉතා සූක්ෂම ලෙස වෙස්වලාගෙන සිටි ඇය ගුවන් තොටුපලේදී තවත් තරුණයෙකු සමග ගමන් කර ඇතැයිද. ඒ ඇයගේ අනියම් පෙම්වතෙකු විය හැකි බවට CCTV දර්ශන පිරික්සීමේදී පොලීසිය විසින් සැක පහල කර තිබේ. බ්‍රිතාන්‍යයේ දැනට රැකියාවෙහි නියුතු ඒ තරුණයාගේ නිවැසියන්ගෙන් පොලීසිය මේවන විටත් ප්‍රශ්න කරමින් සිටී...

හුටා...යකෝ අර ඇන ආන්ටි....යකෝ මුං නං පට්ටම නිලියොනෙ.මොන කරුමයක්ඒ ද ඒ කඩාපාත් වුනේ. වුනාට මෙච්චර ලස්සන තරුණ ගෑනි අර අවුරුදු හැත්තෑවක අසූවක පෙනුමක්.. මෙලෝ අලබෝලයක් තේරෙන්නේ නෑ. කොහෙන් හරි අහක් යන තොප්පියක් වැටිලා කියලා විතරක් තේරුණා 

**********

මම ගෙදරට කෝල් ගණනාවක් ගත්තට කවුරුවත් ආන්සර් කලේ නෑ...

හවස අක්කා ගත්තා... 

අක්කෙ මම මේ ගැන මොනවත්........

හරි හරි තමුසෙ ඔහොම ඉන්නවකො . ඕන වුනොත් තාත්තා කතා කරයි. තමුසේ කෝල් කර කර ඇණයක් වෙන්ඩ එපා.

වැඩට ගියත් වැඩ කරන්න ඔලුව හදාගන්නම බෑ.  මට දැන් එක එක හොල්මන් මැවිලා පේන්වා. ජාත්‍යන්තර වරෙන්තුවක් අරං මාව මෙහෙන් පිටුවහල් කරලා, කටුනායකින් බන්ධනාගාර  බස් එකට නග්ග ගන්න්කොට ඔලුව වහගෙන යන්න ඕන. අම්ම තාත්තා..අක්කා මාරුවෙන් මාරුවට පේනවා..කැරකෙනවා  මොන හත්  ඉලව්වක්ද යකෝ මේ කඩාපාත් වුනේ 

********** 

එදා ඉඳලා ලන්කාවේ නිව්ස් අහන එක දින චරියාවේ අංගයක් වුනා. CCTV ෆුටෙජ් වලින් මාව කීප දෙනෙක්ම අඳුනගෙන තිබ්බා. සමහරු ෆේස්බුක් එකේ මාව ඒවාට ටැග්  කලාම මට ආව පුදුම කලකිරීමක්. කිසිම දෙයක් දන්නේ නැතුව එක එකා අවලං  කතා කියන්නයි ෆේස්බුක් එකේ එක එක පොස්ට් හද හදා මාව ටැග්  කරන්නයි ගිය එකෙන් මං ෆේස්බුක් එක ඩි ඇක්ටිව් කළා. තාත්තා කලින් රස්සාවෙන් විශ්‍රාම ගත්තා සහ අක්කා ජොබ් එකෙන් අස්වෙලා රට යන්න හොයන්න පටන් ගත්තා. නීතිය පැත්තෙන් මට විරුද්ධ ව කිසි දෙයක් නොකෙරුනාට ෆේස්බුක් එක අපේ පවුල කණපිට ගැහුවා.

අපිත් ඒ කාලේ දකින දකින එක හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ශෙයා කරපු එකෙන් කී දෙනෙක්ගේ ජීවිත මේ වගේ අවුල් වෙන්න ඇද්ද කියලා මට හිතෙන්න ගත්තේ  එවෙලාවේ 

මෙහෙම මාසයක් වගේ ගියා.  

දවසක් හවස අක්ක කෝල්  කළා 

"පුළුවන් නම් අද අටේ දෙරණ නිව්ස් බලනවකො  , උන්ගේ වෙබ් සයිට් හරි යු ටියුබ් එකේ හරි "

"ඈයි මොකද?"

"බලනවකො" 

***********

මම දෙරණ නිව්ස් එක දාගත්තා .. 

" හිටපු ක්‍රීඩා අමාත්‍ය හරිත ජූඩ් පෙරේරා මහතාගේ ඝාතනය් සම්බන්ධයෙන් ,සිනමා නිලි සැන්ඩ්‍රා පලිහවඩනගේ පළමු විවාහයේ සැමියා වන ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී සහ සිනමා කළා අංගරචන ශිල්පියෙකු වන සුසන්ත කොට්ටහච්චි මහතා සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස සේවය කල පුද්ගලයෙකුද  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ , 

මේ සුසන්ත මහතාගේ පාපොච්චාරණයයි...

බොඳ කරපු දර්ශන වගයක් එක්ක තිරයේ කතාවක් නිවෙදක කියන අතරේම  ටයිප් වෙන්න  ගත්තා.

"මම තමා සැන්ඩ්‍රා පලිහවඩනගේ පළමු විවාහයේ ස්වාමිපුරුෂයා. මම තමයි අයව ක්ෂේත්‍රයට හඳුන්වලා දුන්නේ. එයා මට වඩා අවුරුදු විසි එකක් බාලයි. එයාගේ මුල් නම සමන්තිකා මධුවන්ති පහලගෙදර . සිනමාවට ගැලපෙන්නයි අපි නම වෙනස් කලේ. කොහොම හරි කාලයක් යනකොට එයා ජනප්‍රිය වෙන්න වෙන්න අපි වෙන් වෙන්න ඕන කියන එක අපි දෙන්නටම තේරුණා. 

අපි වෙන්වුනාට කිසිම තරහක් නෝක්කාඩුවක් තිබුනේ නෑ. ඔය ඇමති තුමා එක්ක එයා විවාහවෙන්වා සහ ඒකෙන් එයාට විශාල දේපලක් උරුම වෙනවා කියන එක එයා තදින්ම විශ්වාස කළා.  

ඒ  ඇතුලත විස්තර මම  වැඩිය දන්නේ නෑ. 

කොහොමත් එයා මේක සෑහෙන කාලෙක ඉඳලා ප්ලෑන්  කරපු බව මට අනුමාන කරන්න පුළුවන්. මොකද එයා මගෙන් ඇහුවා ඔයාට පුලුවන්ද මාව වයස හැත්තෑවක අසූවක  පෙනුමක්ට වෙනස් කරන්න කියලා .

වේශ නිරූපන ශිල්පියෙක් හැටියට එක සෑහෙන  කාලයක් ඕන වැඩක් වුනත් මට ඒක කරන්න බැරි දෙයක් නෙවේ. මම හොඳම අංග රචනා ශිල්පියා හැටියට හය වරක්  ජනාධිපති, සිගනීස් සහ සරසවි සම්මාන ලබාගත්  කෙනෙක්.

දවසක් උදේම එයා ආවා.. මම කියපු විදිහට වැඩේ කළා. මම ඇහුවම කිව්වේ සින්දුවක විෂුවල් එකකකට කියලා.. එත් සාමාන්‍යයෙන් එහෙම ඒවා එතන ලෝකෙෂන් එකේදී කරන්නේ. එත් මම වැඩිය අහන්න ගියේ නෑ. එදා හවස තමා ඇමතිතුමාගේ මිනිය හොයාගත්තේ. මම දන්නේ එච්චරයි.

එතකොට අර එයාපෝට් එකේ හිටිය තරුණයා. 

ඒ ගැන මම දන්නේ නෑ.

***********

පොලිස් පරීක්ෂණ වලින් මම මේකට සම්බන්ධයක්  නැති බවත්.ඒක අහම්බයක් බවත් තහවුරු වුනා. එත් ඒ වෙනකොට ෆෙස්බුක් එක නිසා අපේ පවුලට වෙන්න ඕන හානි සියල්ල වෙලා ඉවරයි. 

ඒ අස්සේ නිව්ස් අහන එක පුරුද්දට ගියා ,

දවසක් නිව්ස් අහද්දී 

"ඩුබායි හි ව්‍යාපාර කීපයක අයිතිය හිමි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වන ඇනස්ලි රොද්‍රිගෝ , මහතා ඩුබායිහි රෝයල්  රීජන්සි සුයිට්ස් මරීනා හිදී ඝාතනය කර ඇති අතර. අවසන් වරට ඒ මහතාගේ නිවසින් පිටව යන වයස්ගත කාන්තාවක් CCTV කැමරා වල සටහන් වී පවතී.

වැඩි දුර පරීක්ෂා කිරීම් වලදී එම කාන්තාව තවත් තරුණයෙක් සමග සිටින චායාරුප කිහිපයක් ව්‍යාපාරිකයාගේ පරිඝනකයේ තිබී සොයාගන්න ලද අතර ඩුබායිහි General Department of Criminal Investigation නොහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


 



56 comments:

  1. අම්මට හුඩු! නියම ප්ලොට් එක ඕයි. මේකෙ සමහර ඒව ඇත්තම අත්දැකීම් වෙන්නත් ඇති නේද? 👌🙏🤔

    ReplyDelete
    Replies
    1. අපි අවට ඉන්න මිනිස්සු දිහා පරිස්සමෙන් බැලුවොත්, හොඳ කතා වලට වස්තු බීජ හොයාගත්තෑකි කියල හිතෙනවා. ඒත් ඒ හැකියාව හැමෝටම නෑ.

      අහිගුණ්ටික මරණයක්

      Delete
    2. හප්පා ඒ මරණය. ඇත්තම සමහර වෙලාවට මනුස්සයෙක්ගේ අඑක සාමාන්‍ය ඉරියව්වක් ඇති කතාවකට වස්තු බීජයක් ඔලුවට එන්න. ඒ හැකියාව ඉහලින්ම තියෙන කතාකාරයෝ ගොඩක් බුකියේ හම්බ වෙනවා. සමහරුන්ගේ දක්ෂතා හිතාගන්නත් බෑ

      Delete
    3. මගේ කැත , ඇබ්බැහිවීමේ පුරුද්දක් තියනවා. ඒ නිසා ,මම වැඩියක්ම බුකියට නොයන්නෙ බයට. ඔය වගේ දැක්ක, වටිනා කියන කතන්දර කාරයින්ගෙ ලින්ක් කීපයත් දිහංකො.🙏😊

      Delete
    4. දැනට ඔය දෙන්නා කියවපංකො

      Delete
    5. නියමයි. තව දාහක් වටිනවා. මෙන්න මං දන්න එකම ලින්ක් එක:
      https://www.facebook.com/PoochagePachaKatha

      Delete
  2. මෙන්න මේකත් බලල, වැඩි වැඩියෙන් සමාජයේ දකින චරිත ගැන කතාම ලියහං.🙏
    https://hotchocolatedays.blogspot.com/2023/12/forget-me-not.html

    ReplyDelete
    Replies
    1. හම්මේ ඕක කියෙව්වා.. නොකියවා හිටියනං හොඳයි කියලා හිතේ තරමට එක හිතරිද්දුවා

      Delete
    2. මේකත් බලහං, මේක එච්චරම දුක්ඛාන්තයක් නෙමෙයි.
      https://hotchocolatedays.blogspot.com/2018/07/blog-post_11.html

      Delete
    3. නෙවෙයි කිව්වට නෙවෙයිමත් නෙවෙයි

      Delete
  3. ලංකාවේ වගේ නෙමේ ඩුබායි කේස් එකෙදි නම් ඇන්ටිට පැන ගන්න බැරි වෙයි කියලා හිතන මම..... Mayya

    ReplyDelete
    Replies
    1. ඒත් ලෝකෙම ඉන්න හොරුන්ට පාරාදීසය ඩුබායි නේද? 🤔

      Delete
    2. හැමෝම කියන්නෙ ලෝකෙ ඉන්න ලොකුම හොරු සෙට් වෙලා ඉන්නෙම ඩුබායිවල කියලා. අනේ මංදා

      Delete
    3. මොන හොරා රට ඇතුලේ හිටියත් රටේ නීතීය කැඩුවොත් උංගා බුංගා වෙනවා නේද? අර මාකදුරේ මදූශ්ට උනේ ඒ වගේ වැඩක් නේද? -mayya

      Delete
  4. ඔය තරුණයා ගියේ ඔක්ස්ෆර්ඩ් කියල නේද පත්තරේ තිබ්බේ

    ReplyDelete
    Replies
    1. ඊට පෙර එන්ෆීල්ඩ්හි නමගිය පාතාල සාමාජිකයකුගෙ නිවසේ නවාතැන් ගෙන තිබූ බව විමර්ශන වලදී අනාවරණය විය

      Delete
    2. අම්මට සිරි දැනන් හිටියේ නැහැනේ. අපටත් කිවනම් බුලත් හුරුල්ලකුයි කේක් ගෙදියකුයි ඇන්න එන්න තිබුන

      Delete
    3. තරුණයා ..හ්ම්ම්

      Delete
  5. මොන කැටගරියටද හිමි මේ කතන්දරේ
    මුල හිට අග තෙක්ම එක එක රස බේරේ
    පව්ලූසෝ ඔහෙට කරමින් ආචාරේ
    දිගටම ලියන්නැයි කියමිනි 'අකුරු කරේ'

    ReplyDelete
    Replies
    1. නිමලයියා.. මේක ඇවිල්ලා ඕල්ඩ් vs යංග් කැටගරියෙ 😂

      Delete
  6. මම හිතුව හරියටම හරි. සති දෙකතුනක් කට්ටි පැනපැන ඉන්නකොට මම දැන ගත්ත කොහෙ හරි ඉස්සකුඩිච්චියක් එල්ලගෙන මොකක් හරි ජවුසමක් නට නට ඉන්න බව.
    ලස්සන කතාව.

    ReplyDelete
    Replies
    1. ජවුසම නටාගන්ඩත් ලැබුණෙ නෑනෙ. ඒකනෙ දුක 😂

      Delete
  7. ඉතාම රසවත් කතාවකි ගෙන හැර ඇත්තේ
    බ්ලොග් ලොව එලිය වෙයි ලොව සතුටේ
    අයිඑම්එප් එකත් ණය වාරික දුන්නේ
    ජනපති රනිලුත් මතු දින බුදු වන්නේ

    ReplyDelete
  8. යකෝ මේ මනුස්සය වයසක ආච්චියෙකුටවත් ඉන්න දෙන්නැති හැටියක්.

    ReplyDelete
    Replies
    1. එච්චර දුර යන්න බැරි වුනා අප්ෆ්ෆා

      Delete
  9. මනුස්සකම පිළිබඳ අජිත් ධර්මකීර්ති මහතා වැඩි වැඩියෙන් සිතන්නට ගත්තේ හැමදාමත් දුටු ජීවිතය සහ මරණය නිසාය.

    “ලස්සන මුහුණු තැළිලා පොඩි වෙලා, කෑලි කැඩිලා ගෙනැත් බංකුවක් උඩ අතුරලා තියෙන විදිය මිනිස්සු දකින්න ඕනේ. මිනිස්සුන්ට වෛර කරන එක නවත්වන්න, ජීවිතය ගැන යහපත්ව හිතන්න ඒක ඔවුන්ට හොඳ අවස්ථාවක්. එහෙම දැකපු කෙනෙක් කවදාවත් තවත් මනුෂ්‍යයකුට හිංසාවක් පීඩාවක් කරන්න හිතන්නේ නැහැ…”

    වසර කිහිපයකට පෙර අජිත් මා සමඟ කීවේ ය. ඒ ලසන්ත ඝාතනයට අණ දීමෙන් පසුය.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ටෝගා බාප්පිව ඒකෙනුත් නිදොස් කොට නිදහස් ද - මෝනල්

      Delete
  10. ඉවාන් ගේ කතා වාන් දමමින් පවතී.

    ආසයි යකො, උඹෙ මේ කතා කියවන්න.

    එකතු කරල පොතක් ගහමු?

    ReplyDelete
    Replies
    1. පොතක් ගහන්න හිතෙනවා බෑ වගේ . උඹ එක්ක තරහ වෙල ඉන්නෙ මං

      Delete
    2. තරහ නං හරහට පොල්ලක් බැඳගං!

      Delete
    3. හැබැයි ලිඳේ පනින්න බෑ

      Delete
  11. මට කියවද්දි මතක් වුණේ මේක.
    https://www.youtube.com/watch?v=0uYB2y3zP-s

    ReplyDelete
  12. අඩෞ ටිකක් දුර කියවං යද්දි... වෙන කතාවක් මතක්ක උනා 😁🙈.

    හුම්. මැදක් යද්දි Gone Girl (2014) මතක්ක උනා. අවසානෙට හරියට කලියෙන්, අර ඕට්ටේලියං ගිය කිරි කට් හාදයව මතක්ක උනා 😂🤭

    ReplyDelete
  13. ඇත්ත බං. අපි දන්න කතාවක උනත් නොදන්න පැත්තක් තියෙන්න පුලුහං. මේකත් මරැ ප්ලොට් එක ✌

    ReplyDelete
  14. නියමයි . එක හුස්මට කියෙව්වා . ඩ්‍රැකී කිව්වා වගේ පොතකට කොටසක් තියාගන්න . ඒත් දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. පොතක් ලියන්නත් හිතීගෙන එන්නෙ දැං

      Delete
  15. Total Recall, The Blade Runner දෙකේම ඔරිජිනල් ඒ කාලයට වඩා බොහෝ ඉදිරියෙන් සිටි චිත්‍රපටයි

    ReplyDelete
    Replies
    1. මේ මොකක්ද කියලා කල්පනා කරන මම 🤔

      Delete
    2. ඉවෝන්, මං දාපු ලිංක් එක ගැන ඔය කියන්නෙ.

      Delete
  16. ඒක නම් රහ පිරුණු එකක්. එක හුස්මට කියවන් ගියා. ලස්සනයි ඉවාන්.
    ජයවේවා !!!

    ReplyDelete
  17. කාලෙ වසයි.. අදුරන්නැති උන් එක පොටො එකක්වත් ගන්න යන්න එපා...එළ කතාව..තව ලියමු..

    ReplyDelete
  18. යලිත් සුපුරුදු රිද්මයෙන්!

    ReplyDelete
  19. hunga kalekin blog ekak kiyewwe. superb....

    wew

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]