එක එක ටාස්ක් එකට අනුව ගැන්සියේ ගණපූර්ණය වෙනස් වෙනවා. මලගෙවල් ගැන්සියේ හයදෙනෙක් ඉන්නවා. උංගෙ නම් මෙතන කිව්වොත් ආයෙ ගෙදර යන්න වෙන්නෙ නැති නිසා නම් ඕන නෑ.
ඒක අහපු ගමන් අපිට ආයේ හිනා ගියා එවෙලෙ ඌ ගහපු ගල් පාරවල් වැදුනා නම් අපිත් ඉස්පිරිතාලෙ.
අපිට ඒ කාලෙ තිබ්බ එක ලෙඩක් තමා මලගෙවල් සින්ඩ්‍රෝමය. ඒ කියන්නෙ උඹලා හිතන විදිහේ ලෙඩක් නෙවේ. මලගෙයක් කිව්වොත් නයිටක් ගහන්ඩ යන්ඩම ඕන ලෙඩේ.
ඉස්කෝලෙ හයේ පන්තියට අලුතෙන්ම ආව එකෙක්ගෙ වඳ පුංචි අම්මගේ මනුස්සයගේ ලොකු අම්මගේ පුතාබැඳලා ඉන්න නෝනන්ගෙ මහගෙවල් ලඟ ගෙදරක ආච්චි කෙනෙක්ගෙ මලගෙයක් ආරංචි වුනොත් යන එක යනවාමයි.
බොහෝ දුරට ඔය මලගෙවල් බයිසිකල් කටුවකින් පාගලා යන්න පුලුවන් දුරක ඒවා තමා නැත්තං ඉතිං බස්වල යන්න සල්ලි තියෙනවා කියලැයි.
මලගෙවල් ගැන්සියේ හයදෙනයි. මායි දිගයි අඟලෙ ප්‍රියයි, මෝරයි, ඩොනල්ඩුයි.. මෙතන දිගා කියන්නෙ ඌ ඉස්කෝලෙ කාලෙම අඩි හයකට කිට්ටු නිසා සහ ඩොනල්ඩ් කියන්නෙ ඌ බෝල් කරන්නෙ ඇලන් ඩොනල්ඩ් වගේ නිසා හැබැයි දාන්නෙ දහඅට බම්පර්.
අපි යන්නෙ බයිසිකල් තුනක. එකක් මගේ, මගේ එකේ යන්නෙ සරීර ප්‍රමාණයෙන් ඉතා කුඩා අඟලේ ප්‍රියා. අනික් එවුං හල්ක්ගෙ පුතාලා වගේ, උංව තියාගෙන බයිසිකල් පදින්න බෑ.
**********
ඔය මලගෙවල් වලට යන අපි කස්ටිය හොඳට ඉන්න වෙලාවේ මලගෙදරට සම්ප්‍රාප්ත වෙලා හැමෝටම මූණ පෙන්න ගන්නවා. අහන අයටයි අහන්නෙ නැති අයටයි බලෙන්ම කියනවා අපි අද රෑ මෙහෙ නයිට ගහනවා කියලා.
ඒ කාලෙ ඉතිං මලගෙවල් වල නයිට ගහනවට ඉතිං ගෙවල්වල එවුං ආසයි. මොකද හිතං ඉන්නෙ මිනිය තනිකරන්න හොඳ නෑ කියලනෙ. ඉතිං නයිට ගහනවා කිව්වම සැලකිල්ල ටිකක් ඉහලයි.
ඔය ආච්චිලා සීයලා මැරුණ මලගෙවල් තමා ආතල්ම. කොහොම වුනත් පාන්දර දෙක විතර වෙකොට බූරු ගහන එවුනුත් අඩුගානෙ වලියක් හරි දාගෙන විසිරිලා ගිහිං.
ඊට පස්සෙ තමා අපේ රන්දෙපැය පටං ගන්නෙ.
************
බූරු පොලක් තිබ්බෙ නැත්තං, ඔය ආච්චිලා සීයලා මැරුණු ගෙවල්වල ගෙවල් අයිතිකාරයෝ පවා දොලහා විතර වෙනකොට බොහෝ වෙලාවට ගෙදර වැඩිහිටි ලොක්කෙක් ඇවිත් .. "
පුතාලා ඉන්වනෙ.. අන්න පිටිපස්සෙ බෝතලේ කෝපි තියෙනවා , බිස්කට් එතනම පෙට්ටියේ ඇති , මං පෝඩ්ඩක් ඇහැ පියාගෙන එන්නං හෙට වැඩ ගොඩක් තියෙනවා" කියලා හෙමීට මාරු.
ඔන්න ඊට පස්සෙ අපි වැඩ..
මුලින්ම ටාගට් වෙන්නෙ ඒ ලඟ පාත ඉන්න ඉස්කෝලෙ ටීචර්ලගෙ ගෙවල්.
යනවා ඒ ගෙදරට ඉසරහ තියෙන මල් පෝච්චි පහ හයක් මාරු කරනවා අල්ලපු ගෙදරත් එක්ක. නැත්තං ගොම්බෙට්ටක් ගෙනත් තියනවා මහ දොරේ පඩිය උඩම..
අනේ ඉස්කෝලෙ යන්ඩ ලෑස්ති වෙලා එලිය බහින ටීචර් එක්කො කෙහෙවලු පටලවාගෙන අල්ලපු ගෙදර ගෑණි මල් පෝච්චි ඉස්සුවා කියලා. එහෙම නැත්තංං අර සාරි පොට ඉනේ ගහගෙන ගොම් බෙට්ට උඩට අඩිය තියලා.
හැබැයි කරුවුවත් සැක හිතන්නෙ නෑ අපි ගැන මොකෝ කොච්චර නිදි මැරුවත් පහුවදා උදේම අපි ඉස්කෝලෙ. අනික මල ගෙදර මිනිස්සුත් උං නිදාගත්ත එක නෝන්ඩි වෙන නිසා අපි අඩියක් නොහොල්ලා මිනියට තනි රැක්ක බවට සාක්කි.
**********
ඔතන රමණියම මදුර ජවනිකාව දවසක් අපේ දෙවනි පිනා හෙවත් වයිස් පිංසිබල්ගෙ ගෙදර ලඟ මලගේක ඉද්දි, දිගා හෙමීට ගිහිං එලියෙ නවත්තලා තිබ්බ බයිසිකලේ එල්ලලා තිබ්බ දෙවනි පිනාගෙ හෙල්මට් එකට චූ කරලා ආවා.
උදෙ ඉතිං වෙච්ච දේ හිතාගත්ත හැකිනෙ.. දෙවනි පිනා එදා නිවාඩු ඉතිං . පහුවදා පොර කියන්වා ඇහෙනවා මට කරුමෙට එදාම හෙල්මට් එක ගෙට ගන්න අමතක වුනානෙ කියලා.
**********
ඔය එකක්වත් නෙවේ මලගෙවල් වල නයිට ගැසීමේ පරම පිවිතුරු ලොකුම චේතනාව කුරුම්බා කැඩීම. අපේ ටාගට් එක වැඩිය උස නැති බට් ටයිප් එකේ සහ බට් නැතත් වැඩි උසක් නැති ගස් , මොකද හදිසියෙවත් අයිති කාරයා අවොත් පැනලා දුවන්න් ඉඩ තියෙන්න ඕන. ගහ දිගේ පෝලිමට එකා පිට එකා නැගලා අතින් අතට ගෙඩි පාස් කරලා බිමට අරගෙන සද්දෙ ඇහෙන්න නැතිවෙන්න ගෙඩි ටික බාගන්නකං මලගෙදරින් ගෙනාව මාරි පෙට්ටිය නිසා බල්ලොත් අපිට බුරන්නෙ නෑ.
එකා කුරුම්බා හත අට බීලා , බඩවල් කොට්ට වගේ වෙලා. අන්තිමට පාරෙ චූ කරලා, චූ වලිං ලව් කරන කෙල්ලගෙ නම පාරෙ ලියලා එහෙම තමා ඔය සංග්‍රාමයේ අවසානය සනිටුහන් කරලා පාන්දර හතරහමාරට පහට විතර ඇහැරිලා ඉන්න මලගෙදර එකෙක්ට මූණ පෙන්නලා අපි ඩියුටි ඕෆ් වෙන්නෙ.
***********
ඔන්න දවසක් මලගෙදරක ගියාට , ඒකෙ මෙලෝ රහක් නෑ, සෙනඟ ඕසෙට. ඒ මදිවට හැම එකාම නයිට ගහන්න බලාගෙන. මොකද පහුවදා සෙනසුරාදා. අපිත් බැලුවා නෑ කිසි වාසියක්. වෙනසකටත් එක්ක අතේ තිබ්බ සල්ලි එකතු කරලා හන්දියේ නයිට් කඩෙන් කොත්තුවක් අරං කාලා ආපහු ආවා මලගෙදර. පාන්දර දෙකහමාර විතර වෙද්දි, කුරුම්බයක්වත් කඩාගන්ඩ බලමු කියලා අපි හයදෙනා බයිසිකල් තුනේ නැගලා ආවා කිලෝමීටර් දෙක තුනක් මෙහාට. එතකොට පාන්දර තුනට විතර ඇති.
**********
මෙන්න ටිකකින් අඟලෙ ප්‍රියා බඩ බදාගෙන කියනවා
" අනේ හු#&තෝ මටනං තව අඩියක්වත් යන්න බෑ"
"ඇයි."
"බඩ රිදෙනවා #කෝ.. මට බොකක් දාන්න ඕන..කොත්තුව වැඩ වගේ."
"ඉතිං ඔහොම කැලේට පැනලා දාපං".
ඕවා කිසි ගේමක් නැති දිගා කිව්වා
" මට බෑ උට්ටො තෝ වගේ අවජාතක වැඩ කරංඩ.".
" එහෙනං කලිසමේ රෙවාගනිං අපිට වද නොදී"
ඩැං මූ බිම වාඩිවෙලා අඬනවා
ඒ අස්සෙ මෝරා කියනවා.
" ඔහොම ඇන තියාගෙන වාඩිවෙන්ඩ එපා යකෝ.. පුක රැවටෙයි රෙන්ඩ තමා වාඩිවුනෙ කියලා.."
ඒක අහපු ගමං මූ ආයෙ නැකිට්ටා..හිටගත්තා.
දැන් ලේසි නෑ මූ අඬනවා හිටු කියලා, ඒ මදිවට මුගේ තියන වැදගත්කම ට කමට මූ පාර අයිනකට ගිහිල්ලා ඒක කරන්න කැමති නෑ. මූ කියනවා ටොයිලට් එකටම යන්ඩ ඕනෙලු ඌට හෝදගන්ඩම ඕනේ ලු.
" ඒයි අඩෝ අන්න අරකට පලයන්"
දිගා පෙන්නුවෙ ගෙයින් එළිය කියන පොඩි ලැට් එකක් තියෙන ගෙයක්
ඒ ගමන අඟලෙ ප්‍රියා අහනවා
"ඒ කොහොමද බං ඒකට යන්නේ"
"ඔය කම්බි වැටෙන් රිංගලා පල"
"කවුරු හරි එයිද "
" කවුරු එන්නද යකෝ මේ මහ පාන්දර. ගෙවල් වල එවුං පඩ ඇර ඇර නිදාගන්න වෙලාව."
ඔන්න අඟෙලෙ ප්‍රියා වැටෙන් රිංගල ඒ පැත්තට ගියා එතනම තිබ්බ පොඩි ටැංකියක් වගේ එකකින් වතුර බාල්දියක හෙමීට පුරෝගෙන මූ ලැට් එක අස්සට රිංගුවා.
" කවුරුහරි අවොත් අපි බෙල් එක ගහන්නම් උඹ ඉක්මනට වරෙන්.."
දැං අරූ ලැට් එක අස්සට ගිහිං හම්මේ කියනවා ඇහුනා විතරයි. ලැට් එක අස්සෙ ලයිට් එකක් පත්තු වුනා, එලියෙ තව ලයිට් එකක් එක්ක. අපි කෝකටත් බයිසිකල් හරවාගත්තා.
මෙන්න යකෝ වයසක අංකල් කෙනෙක් ගෙදර පිටිපස්සෙ දොර ඇරගෙන එලියට බැස්සා.
. අපි බෙල් එක ගැහුවා , අඟලේ ප්‍රියා නිට්ටෑවා වගේ කලිසමත් අතේ තියාගෙන ලැට් එකෙන් එලියට පැන්නා.
කෙලිංම අංකලයා ඉස්සරහට.
අංකලයා බය වෙච්ච පාර, බුදු අම්මෝ හොල්මනාක් ගාගෙන ආයෙ ගේ පැත්තට දිව්වා..
දඩබඩාං ගාලා සද්දයක් ආවට අපි බැලුවේ නෑ පාගලා ගියා..
පස්ස හැරිලා බලද්දි අඟලේ ප්‍රියා නිට්ටෑවා වගේ කලිසමත් අතේ තියාගෙන ඝංටාරේ හොලව හොලව පස්සෙං එනවා බිම දිගේ එන කෆීර් එකක් වගේ.
මම බයිසිකලේ නවත්තන්නෙ නැතුවම උගෙ ඇහුවා
" ඒයි උඹ හෝදගත්ත ද" කියලා..
" කොහෙ හෝදන්ඩද #ත්තෝ අර නාකියටත් එවෙලෙන රෙන්ඩ ඕන වුනානෙ.. ඕක නවත්තපං මට නගින්ඩ"..
යකෝ මේ රීපු ගමං පුප හෝදපු නැති එකෙක්ව බයිසිකලේ පොල්ලෙ තියාගෙන ගිය හැකියැ..
අපි ඉතිං බයිසිකල් ටිකක් ඈතින් නවත්තනවා, ඌ ලං වෙනකොටම ආයෙ පාගලා යනවා. අරූ කලිසම අතේ තියාගෙන කුනු ගබ්බෙන් බැන බැන පස්සෙං දුවනවා..
ඔහොම ඉතිං ඌගෙ ගෙදර ලඟින් ඌ අපේ මූණවත් නොබලා කලිසම අතේම අරං ගියා අපිත් ගෙදර ගියා
********
ඉතුරු ටිකත් කියවපං කතාව ඉවරම නෑ..
පැත්තට
මූ එදා ක්ලාස් ආවෙ නෑ , මළ ගෙවල් හතක ගියත් උදේ අට වෙද්දි ඌ ඒ දවස් වල එක හිතින් පෙම් කල කෑල්ල එන ක්ලාස් එකට අනිවාර්යයෙන්ම එන එකා ආවේ නැති එක අපිටත් අප්සට්.
අපි ක්ලාස් ඇරිලා හොරෙන් හොරෙන් උගේ ගෙවල් පැත්තෙ කැරකි කැරකි හිටියා ඌට මොකද උනේ බලන්න.
මෙන්න යකෝ මූ උණුවතුර බෝතලයකුත් අරගෙන අම්මත් එක්ක එනවා ගෙදර. අපිව දැක්ක ගමන් උන්ගේ අම්මගේ කට ඇද වුනා , ගස්සගෙන ගියා යන්න.
මූ බිම බලාගෙන නැවතිලා හිටියට උගේ මූණත් එච්චරටම හොඳ නෑ.
අපි බයෙන් බයෙන් ළඟට කිට්ටු වෙලා ඇහුවා
"මොකද මචං වුනේ"
"අපේ අක්කාව ඉස්පිරිතාලෙ නැවැත්තුවා බං ඔලුව පැලිලා",
..මූට ඇඬෙන්න එන්න ඔන්න මෙන්න.
" දෙයියනේ ඒ මොකද ඒ"
" නෑ බං බන් මම කලිසමත් අතේ තියාගෙන කරුවලේ ගේ ලගට එනකොටම අක්කා උදේ පහන තියන්න මල් කඩන්න දොර ඇරගෙන එළියට බැස්සා මාව දැක්ක ගමන් බය වෙච්ච පාරට අක්කා හූ තියාගෙන ආපහු අනිත් පැත්තට දුවන්න යනකොට බිත්තියේ වැදුන ඔලුව."
ඒක අහපු ගමන් අපිට ආයේ හිනා ගියා එවෙලෙ ඌ ගහපු ගල් පාරවල් වැදුනා නම් අපිත් ඉස්පිරිතාලෙ.
හ හ මගෙත් ඔහොම කාලයක් තිබ්බ නේ....සමහර මලගෙවල් වල මැරුණෙ ආච්චි ද සීයද කියලා දන්නෙත් නෑ...හැබැයි නයිට් ගහලා තියෙනවා....හිටගෙන බුරුවා කපන්නෙ...ඒ දවස් වල .... - Mayya
ReplyDeleteමයියා... ඒ කාලේ මතක් වෙනකොට දැන් තමා දුක
Deleteඅඩෝ! මේක මගෙ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙනවා...!
ReplyDeleteකලිං එකත් අප්ඩෙට් වුනා උට්‍ටො. මං හදාගත්තා තොපි හදලා.දුන්නෙ නෑනෙ
Deleteආන්න ඒකනෙ, පුදුමෙ.😮🤭
Delete😂😂😂
ReplyDelete😁😁😁
Deleteඔය වගේ මළගෙවල් ආතල් ගත්තු අන්තිම පරම්පරාව මයෙ හිතේ අපේ මල්ලිලා, (අසූව අනූව දශකෙ උං)
ReplyDeleteමේකට එකතු කරන්ඩ නං කතා එමට... පස්සෙ හම්බුණාම බොට ම කියන්නං.
දැං ඉතිං මලගෙවල් දහයට වහනවනෙ. ආයෙ අරින්නෙ උදේ නවයට
Deleteප්‍රියාට වෙච්ච දේ කිවුව වගේම උඹට උන චාටර් සීන් එකත් කියහංකො.
ReplyDeleteඔය එක එක්කෙනාගෙ නං ඇතුලෙ මාත් ඉන්නවා ඉතිං
Deleteඔය කාලෙ අපිට පයිලට් ලයිසමුත් තිබ්බ බොස්.
ReplyDeleteරෑට පොල්ගහේ උස අදාළම නෑ ඉන්ස්ට්‍රුමට් රේටඩ් පයිලට්ලට.
ජයවේවා!
Myself Hattor
අපි උස පොල් ගස් නැග්ගෙ නැත්තෙ කුරුම්බා බිමට අත අරින සද්දෙට වටේ පිටේ බල්ලො ෆෝම් වෙන නිසා
Deleteදැන් ගොඩක් මල ගෙවල් පාලර් වල් ගන්න නිසා, මේව මඟ ඇරෙනවා.
ReplyDeleteදැං මලගෙවල් ඉතිං ඔෆිස් වගේනෙ. රෑ දහයට වැහුවා පහුවදා උදේ තමා අරින්නෙ.
Deleteරෙජිස්ටරේ මාක් කරන්න,ඈ? ආයෙ එන්නං කියෙව්වාම.
ReplyDeleteආව් ආව් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තුමා
Deleteබෝතලයක් ගහලා හාන්සි වෙමු
ReplyDeleteඅන්න වැඩේ
Deleteමගේ යාලුවෙක් හාන්සිවෙලා මළා.
Deleteමගේ යාලුවෙක් බෝතලයකට යටවෙලා මලා.
Deleteපන්නාගෙන එනවිට ඒ රැයේ පසුපසින්
ReplyDeleteඝණ්ඨාරය වදිනා එක දුටුවදෝ ඇසින්
දන්නා තව මිනිසුන් හෙම හොල්මන විලසින්
දුන්නෙ නැද්ද පාර පුරා ගල් වැසි අහසින්...😀
මරු ඉවාන්.
ජයවේවා !!!
දුමීගේ කවි ❤️❤️❤️❤️
Deleteබයිට් විතරයි අඩු
ReplyDeleteඒ ගැනත් කතා තියෙනවා 😁
Deleteයකෝ අපි ලියලා දාන කමෙන්ට්ස් ටික බහිරවයා කනවද?
ReplyDeleteහෙහ්.. දැං අපි හදාගත්තා අප්ඩේට් ලෙඩ ඔක්කොම. කමෙන්ට්වල ලෙඩක් තිබ්බෙ නෑ
Deleteආතල් . සහ බ්ලොග් රෝලත් අප්ඩේට් වෙනවා.
ReplyDeleteහරිම අමාරුවෙන් දවසක්ම දඟලලා හදාගත්තේ,, දැන් අප්ඩේට් පස්නේ හරි
Deleteමොකෝ අර සඳුනි සාරංගා ගේ පෝස්ට් වලට කමෙන්ට් දමා ගෙන වැළපෙන්නේ. අහිමි ආදරයක් වගේ 😀
Deleteතා පොඩ්ඩෙන් ඉල ටික කැඩීලා මැරෙනවා යකෝ...
ReplyDelete-අම්බලන්ගොඩයා-
හප්පා අම්බලන්ගොඩයා දැක්ක කල් .. හම්මේ
Deleteදැං ඔය කට්ටිය පාලර්වල මලගෙවල් ගන්නෙ බොලා වගේ උං නිසා වෙන්නැති.
ReplyDeleteඔව් දැන් ඉතිං මල ගෙවල් දහයට ඕෆ් , ආයේ උදේ නවයට, මේ ආතල් නෑ
Deleteරමණීයයි නේන්නම්...දැන් ඉතිං දවස් හතක් නයිට් ගහන මළ ගෙයක් හොයාගන්නවට වැඩිය ලේසියෙන් කළුනික හොයා ගත්තෑකි.. දැන් කොල්ලන්ට ඕවට වෙලාවකුත් නෑ, උන් උන්ගෙ ලෝකවල් ෆෝන් එකත් එක්ක තනි වෙලා...
ReplyDeleteපව්ලූශාව නැවත් දකින්න ලැබීම ඉමහත් සතුටක්..
හායි සෙන්නා... දැන් එවුන්ට ඔක්කොටම වඩා ගෙවල් වලින් එලියට බහින්න් දෙන්නේ නෑ අම්මලා තාත්තලා. උන්ගේ පස්සෙන්මනේ. ගම්වල නගරවල කියලා වෙනසක් නෑ බහුතරය බයයි ළමයි තනියම එලියට දාන්න , හැබැයි ඉතින් සාධරණ හේතු තියනවා ඉස්සර වගේ නෙවී දැන් සමාජෙත්
Deleteඔව් ඒකත් ඇත්ත...
Deleteආයිත් ලියනව දෑක්කම සතුටුයි
ReplyDeleteආයිත් ලියනව දෑක්කම සතුටුයි
ReplyDeleteසරත් ලන්කාප්‍රිය
හම්මේ සරත් අයියා, සන්තෝසයි ඈ
Deleteචෙර්නෝබල් වෙත ගිය ගමන
ReplyDeleteයූක්‍රයීනයේ චෙර්නෝබල් ව්‍යසනයෙන් වසර කීපයකට පසුව චෙර්නෝබල් වෙත යාමට මම සාෂා රේෂී සමග කථා කර ගත්තෙමි. සාෂාට රේෂී කියා කිවේ ඔහුගේ හිසකේ රන් පැහැති නිසාය. මේ කාලය වන විටද චෙර්නෝබල් නගරය විකිරණ අවධානම නිසා පැවතියේ තහනම් නගරයක් ලෙසටය. ග්‍රාමීය මාර්ග හරහා චෙර්නෝබල් වෙත ලඟා විය හැකි බව සාෂා රේෂී මට කීවේය. සාෂා සතුව පැරණි වොල්ගා රථයක් තිබූ අතර ඔහු මීට ප්‍රථම චෙර්නෝබල් නගරය ආසන්නයට ගොස් තිබුනේය. තරුණ මදය නිසා අවදානම් වැඩ කිරීමට යන සාෂා රේෂී මටම ගැලපෙන මිතුරෙකු විය.
ෂිතොමීර් නගරය හරහා නෝවෙයි සෝකොල් නගරයට අවතීර්ණව පැරණි ග්‍රාමීය පාරවල් ඔස්සේ චෙර්නෝබල් වෙත ලඟා විය හැකි බව සාෂා කීවේය. මෙම අවදානම් චාරිකාවට පෙර අයඩීන් පෙති ගැනීමටද අප ගිවිස ගත්තෙමු. එහෙත් සාෂාටත් මටත් යාමට ලැබුනේ ෂිතොමීර් දක්වා පමණි. චෙර්නෝබල් නගරයට යන මාර්ග සියල්ලම යුද හමුදාව මගින් අවහිර කොට තිබෙන බව අපට ෂිතොමීර් වලදී දැන ගැනීමට ලැබුණි. මේ නිසා අප චාරිකාව නවතා දමා සාෂා රේෂී ගේ නිවසට ආවෙමු.
කෙසේ නමුත් චෙර්නෝබල් ආසන්නයට ගිය නිසාදෝ මගේ වෘෂණ කෝෂ ඉන් පසුව නිතරම ඉදමීමට පටන් ගත්තේය. ඉන් පසු මාව පරික්‍ෂා කල ලිංගික ගැටළු පිලිබඳ මහාචාර්‍ය ගර්දේගා මගේ පුරුෂ ග්‍රන්ථීන් ඉවත් කල යුතු බව කීවේය. මේ නිසා මම ඉතා වේදනාකාරී ශල්‍යකර්මයකට මුහුණ දුන්නෙමි.
එසේම මාගේ හිසකෙස් සියල්ලමද හැලී ගියේය. පාද වල වේදනාවක්ද තිබේ.
- අජිත් ධර්මකීර්ති -
"දේශප්‍රේමි " සලකුණු තියෙන පෝස්ටුවක්. පෞද්ගලික පහරදීම් වලට වඩා විවේචන වලට පිළිතුරු දීම තමා වැදගත්. ලෝකය ඉස්සරහටයන්නේ එහෙම. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි. අල්ලාහු අක්බර්, කතරගම දෙයියන්ගේ පිහිටයි 😀
Deleteයකො අන්තිමපෙලිය කියවනකන් ඇත්තටම් හිතන් හිටියේ අජිත් ධර්මකීරති කියලා තමා :D
Deletesanduni එක්ක හැම--නියන් ගිහින් 😡
Delete🤬 - ඔය මඩ ගහන එකා ඉන්නේ ඒ කොහෙද කියල දන්නවද , පොරක් කියල හිතන් ඉන්න , ගෑනුන්ට අහවල් එක්ක පෙන්නන එකෙක්
අම්මට හූඩු....එහෙම සීම් එකක්හද 😲😲
Deleteරන්දෙපැය වචනෙ ඉස්සුවට සීස උබර්ට නඩු දායි හෞදේ 😁. අරෙහෙ හසාට එහෙම කොම්බුවෙන් වලි අල්ලනෝ වගේ.
ReplyDeleteහුදීජන පාන් සන් වේගය සඳහා කෑලි ටෞක් කරපු එහෙකුත් දාන්න තිබ්බෙ බන්
Deleteඅඩෝ නමියා, මෙන්න උඹේ කමෙන්ට් හම්බ වුනා
Deleteඉවාන් ඔබේ සටහන ආසාවෙන් රසවින්දා . ඔය තරමටම නැතත් ඒ ලෙවල් කාලෙ යාළුවන්ගේ ගෙවල් වල පාඩම් කරන්න ගියාම ඔබේ ලැයිස්තුවේ සමහර වැඩවල මතක සිහියට නැගුනා. බලමු ඉස්සරහට පුළුවන් වුනොත් ලියන්නම්. දිගටම ලියන්න
ReplyDeleteඒවත් ලියන්න, මේ කමෙන්ට් එක ස්පෑම් ගිහින් තිබ්බේ දැනුයි දැක්කේ , ස්තුතියි මේ පැත්තේ ආවට
Deleteකෝ උට්ටෞ මං දාපු කොමෙන්ට් 2ක
ReplyDeleteකොහෙටද උත්ටෝ දැම්මේ :D
Deletespam ගිහින් ඇති බම්. කොමෙන් දෙකක් දෑව 😁
Deleteනයිට් ගැහිල්ල සැරටම කළේ කැම්පස් කාලේ.. ආයේ ලංකාවේ අනිත් කොනේ මල ගෙයක් උනත් වැරැද්දුවේ නෑ. දවස් තුනක් හතරක් ඇදලයි පස්ස බලන්නේ
ReplyDeleteඅම්මට හුඩු නාඩියා , යකෝ
Delete