" ආ එන්න මහත්තයා .. අන්න අර මිසී ගාවට යන්න", මං එතනට යනකොටම ෆෝන් එක කනේ ගහගත්ත ටිකක් සුදු ලස්සනට උසට පෙනුන මිස් නැගිටලා ඈතට ගියා.
මම වැඩ කරන්නෙ රජයේ බැංකුවක. ඇත්තටම කිව්වොත් අපිට ඉතිං එහෙමට අගහිඟයක් නෑ..හැබැයි මේ අපේ තාත්තට ඒ කාලෙ හම්බවුන ස්වර්ණභූමි ඉඩමක් තියෙනවා ටවුමෙන් ටිකක් ඈතට වෙන්න. ඒක ළඟ අලුතෙන් පටං ගත්ත ගාමන්ට් එක නිසා ඒකෙ කාමර කෑලි ටිකක් හදලා ගාමන්ට් ගෑල්ලමයින්ට කුලියට දෙමු කියලා අදහස දැම්මෙ අපේ නෝනා.
ඇස්වහක් කටවහක් නෑ දියුණු වෙන්ඩම උපන් කෙල්ල.. කපු හාමිනේ අපේ අම්මා එක්ක කිව්වෙ එහෙම. අපේ අම්මගෙ කීමට පිටින් යන එක කරන්ඩ අමාරු දෙයක් නෙවේ කොහොමටත් කරංඩ බැරි දෙයක්.
" ඔයාගෙ අම්මා මට කැමතිවෙන්ඩනං මට අලිබබාගෙ හොරකං කරපු වස්තුව හරි ඇලඩින්ගෙ පුදුම පහණ හරි ලැබෙන්ඩ වෙනවා"
ලක්ෂිකා කිව්වෙ එහෙම. කැම්පස් එකේ මගේ බැච් එකේම ලක්ෂිකා හරිම උපේක්ෂා සහගත කෙල්ලෙක්. අවුට් වෙලා මට බැංකුවේ රස්සාව හරියද්දි ලක්ෂිකා තෝරගත්තෙ ටීචිං. ඒ රස්සාවට එයා ආස කලේ හිතන්නත් බැරි විදිහට.
" ඔය ඉස්කෝල ගෑණු මහ කුඩුකේඩුයි... අනික අතටපයට ගාණක් ලැබෙන රස්සාවක්ද ඒ."
ඒ අපේ අම්මා...
*************
" මම හිතන්නෙ අනූ අපිට මේ ගමන තවදුරටත් යන්න බෑ.. බලාපොරොත්තු අපිව ජීවත් කරනවා කිව්වට අරමුණක් නැති බලාපොරොත්තු අපිව ලෙඩ කරවනවා.".......
....." මම හිතුවට ඔයාගෙ කිසිම පිරිමි ගතියක් නෑ. ඔයාට බෑ ස්වාධීනව ජීවත්වෙන්න. ඔයා හොඳ මමාස් බෝයි කෙනෙක්. මම ඔයා ලඟට ආවත් මට වෙන්නෙ ඔයාගෙ අම්මගෙයි ඔයාගෙයි අතරට මැදිවෙලා තැලෙන්න. ඔයා කාව බැන්දත් කමක් නෑ ඉස්සෙල්ලා පිරිමියෙක් වෙලා ඉන්න.
.... කකුල් දෙක මැද ඕක එල්ලං හිටියට විතරක් පිරිමියෙක් වෙන්නෙ නෑ අනුරාධ."
එදා ලක්ෂිකා ඔය ටික කිව්වෙ බොහොම සාමකාමීව. එයා ඇවිත් තිබුණෙ හිත හදාගෙනම.
ඊට මාස දෙකකකට පස්සෙ මම රසිකව බැන්දා. රසිකා ඒ වෙනකොට ස්වය්ං රැකියා කීපයක්ම කරමින් හොඳ ආර්ථික ස්තාවරයක හිටපු. ටවුමෙ පොල්තෙල් කඩේ මුදලාලිගෙ දුව.
" සල්ලි වලට කෝම්බයක් කරගහ ගත්ත මොට්ට #ත්තා" හෝම් කමිං එක දවසේ රෑ බීලා වැඩිවෙච්ච ඉන්දරයාව අනික් එවුං ඇදගෙන ගියේ නැත්තං ඌ තව කියවලා අපේ අම්මගෙන් ඉදල් පාර කනවා.
කොහොමත් එදායිං පස්සෙ ඉන්දරයට අපේ හතරමායිම තහනං වුනා. අපි බැඳලා හත්වෙනි මාසෙදි අපිට පුතෙක් ලැබුණා. මමයි රසිකායි දෙන්නම සුදු වුනාට කොල්ලා කේතලේ වගේ කලුයි.
***********
" අයියෝ මහත්තයා අපිට තව වැඩ තියෙනවා. කොයි ලෝකෙද ඉන්නෙ"
ඒ කට හඬට මම ගැස්සුනා...
" ආ මිස්.. මම මේ .. මේ ..." ෆයිල් එක එයාට දික් කරාම ඒ මිස් නිකං නක්කලේට වගේ හිනා වෙලා ෆයිල් එක ගත්තා.
" හයියෝ .. මේ ස්වර්ණභූමි පැවරුම් මට එපා වෙලා තියෙන්නෙ..මේ මහත්තයා කොහෙද වැඩ"
" මම ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙ,.." මට කියවුනා..
" ආ ඉතිං මහත්තයට මේ ඉඩම පවරගන්ඩ බෑනෙ... ඒකට ඉතිං අඩු ආදායම් ලාභී වෙන්න එපැයි".
"නෑ ... මේ මේ.. මේ ලියුම"
" ආ ග්‍රාමසේවක මහත්තයවත් අල්ලගෙන වගේ"..
මම පොඩි හිනාවක් දාලා...බිම බලාගත්තා..
" ඔතන ගිහි ගම කාගන්න එපා..බැරිනං කියනවා මම ගිහිං කරගන්නං. ඔහෙගෙ තාත්තගෙ නමට තියෙන නිසානෙ මේ හෙනේ..." රසිකාගෙ මගින් මගට කියපුදේවල් වල සද්දෙ තාම ඇහෙනව ඇහෙනවා වගේ.
*********
"මහත්තයා."
" අහ්.... රසිකා..
" මොකක්... රසිකා නෙවේ මම රන්සිකා... මහත්තයා හරි කලබලෙන් ඉන්නෙ නේද"..
"අනේ සොරි.. මගේ වයිෆ් ගෙ නම රසිකා..."
"ආ වයිෆ්ට හරි ආදරේ මහත්තයෙක්, අනේ සොරි ඔය මහත්තයගෙ නම .. ...ම්ම්ම්..ම්.. අහ් අනුරාධ"...." අපි ඔයාගෙ වැඩේ කරමු... අනේ අනුරාධ... පොඩි උදව්වක් කරන්න"
" මොකක්ද මිස්.."
" අනේ තරහ නැතුව මට එහා පැත්තෙ පොල් අතු කඩෙන් චිකන් කෑම එකක් ගෙනත් දෙන්න. අනේ මොනවත් හිතන්න එපා.. මට අද අමතක වුනා. ඉන්න මං සල්ලි දෙන්න... කියලා එයා බෑග් එකක් අතට ගත්තා..
" එ එපා මිස් මං ගේන්නං..කියලා මම සුටුස් ගාලා පුටුවෙන් නැගිට්ටා..."..
මොකක්ද යකෝ ඒ.වුනේ, දැක්කෙත් අදමයි. නිකං මගේ පරණම යාලුවෙක් වගේ කතාව, සංසාර බැඳීම් කියන්නෙ ඕවට වෙන්න බැයිද......මම කල්පනා කර කර කඩේට ආවා.
කෑම එක ගන්න ගමනුත් මට මතක් වුනේ, මොනවා වුනත් පැත්ත හැරිලා ඉන්නකොට නං එයා නිකං වසන්ති චතුරාණි වගේ නේද කියලා..
***********
" අදනං රෑත් වුනා අනූ... "රන්සිකා කිව්වෙ ආපහු හැට්ටෙ ඇඳගන්න ගමං.
රන්සි ඇඳුම් අඳින දිහා මම ඇඳේම ඉඳගෙන බලාගෙන හිටියා..
" මේක ඇඳගෙන එන්න අනේ. දැං අම්මා බය වෙලත් ඇති" මගේ කලිසම ඇඟට විසිකරන ගමං කියපු රංසි සාරිය අඳින්න පටං ගත්තා..."
" ඔයාට බැරිද මාව ත්‍රීවීලර් එකකින් ගෙදරට ගිහිං දාන්න"
හ්ම්ම්ම්.... මම කිව්වෙ වෙන කරන්න දෙයක් නැති නිසා. මේක ලේසි පාසු වැඩක් නෙවේ. රසිකාගෙ තාත්තා දන්න අඳුනන එවුං ටවුම පුරාම. ඒ නිසාමයි මේ ටවුමෙන් ඈත ගෙස්ට් එකකට ආවෙත්..
" අනේ ඔය චොකලට් එකක් ගන්නකො...පුතාට දෙන්න , අනුරාධ මාමා ගැන කොල්ලත් පැහැදෙන්න එපැයි.
" අනේ අනූ ඔය ෆුඩ් සිටියෙන් නවත්තලා ගමු , තව පොඩි බඩු ටිකක් ගන්නත් ඕන..."
"මම ඕන නෑනෙ .. ඔයා ගිහිං ගන්න.. "
"මෙන්න මෙහෙ එන්න අනේ.... කොමලෙ මෙයාගෙ.. මැට්ටෙක් මහ...." කියලා මගේ අතින් ඇදගත්ත රන්සිකා ෆුඩ් සිටියට යනකොට මම හිටියෙ උණ හැදෙන්න ඔන්න මෙන්න වගේ. රසිකගෙ තාත්තා දන්න එකෙක් හිටියනං විනාසයි...
රන්සිකා බඩු අරං ඉවරවෙන්කනුත් මම හිටියෙ වැඩිපුර බිම බලාගෙන මූණ හංගගෙන..
කාඩ් එකෙන් හයදාස් තිස් හතක් කැපුණා කියලා මැසේජ් එක එනකං ඒ ඔලුව ඉස්සුවේ නෑ....
*********
"පුතාට තේ එකක් ගේන්නං.. " කියාගෙන රන්සිකාගෙ අම්මා ඇතුලට යද්දි..
" කොහොමද නැන්දම්මගෙ බෑණට තියෙන ආදරේ" කියලා රන්සිකා මට ඇහැක් ගැහුවා.
"මොනවද රන්සි මේ කියවන්නෙ.. පිස්සුද ඔයාට".
" අපේ අම්මා ඔක්කොම දන්නවා අනේ.." "..පුතා මෙන්න අනුරාධ මාමා ඔයාට මොන්වද ගෙනල්ලා ගාගෙන ඇතුලට ගියා...
මැද දත් සෙට් එකම පණුවො කාපු , කලු කෙට්ටු පොඩි එකෙක් මම ගෙනාපු චොකලට් එක කකා උලුවස්සෙන් එබිලා බැලුවා..
" රන්සි මම යන්නං.. රෑ වුනා හොඳටම.".. මම ගැහෙන්නෙ වතුරෙන් ගොඩ දාපු මාලුවෙකුටත් වඩා වේගෙන් බව මට ඇතුලෙන් දැනෙනවා.
නයිටියත් ඇඳගෙන මගේ අතේ එල්ලිලා ගේට්ටුව ලඟටම ආපු රන්සි මම ඈත නොපෙනී යනකම්ම ගේට්‍යුව ලඟ බලා හිටියා.. මිනිහෙකුට ඉන්න ඕන එහෙම ගෑණියෙක්...
ඒකට ඉතිං මට,.... මට කෑම එක අතට දෙන රසිකා නං කෑම එක දෙන ගමන්ම රෑට කෑම එපා නං කලිං කෝල් එකක් දෙන්ඩ කියාගෙන එහෙම්ම මැසිමට වාඩිවෙනවා. බෙල්ල වටේ දාගත්ත ටේප් එකනං මෑත කාලෙ දවසක ගලවලා තියෙනව මම නං දැක්කෙ නෑ.
හෝටල් වල තියෙන රෙදි වලින් මහපු බාතෲම් සෙරෙප්පු ඕඩරයක් ගත්ත රසිකා තව ගෑණු හය හත් දෙනෙක් එක්ක රෑ එලිවෙනකං ඕක මහන එක තමා වැඩේ. ගේ පුරාම රෙදි කෑලි..ඇවිදින්න ඕන රෙදි රොල් කාඩ්බෝඩ් පෙට්‍ටි වලට උඩිං පැනලා.
ඒකට රන්සිලාගෙ ගෙදර දූවිලි පොදක් නෑ. සාලෙ හරිම නිස්කලංකයි. අන්න ගෙවල්.. එහෙම බැලුවම මම ඉන්නෙ හාඩ්වෙයාර් එකක වගේ තමා පේන්නෙ.
පොඩිකාලේ ඉඳලා පොල්තෙල් මොලෙයි , පොල්තෙල් කඩෙයි අර කට්ට කළු දෙමල කොල්ලෝ එකක හරි හරියට හිටපු රසිකට අනුවනම් ගෙවල් වල ඉඩ අපතේ යවන්න හොඳ නෑ බොරු ලකේ පෙන්නලා.
ඔය අපි ඉන්නකාමරෙයි අනික් අම්මග කාම්රෙයි ඇරුනම මේ ගෙදර කොච්චර ඉඩ තියෙනවද අනුරාධ අපරාදේ පොඩියට මැහුම් වැඩේ කරන ගමන් අර කාඩ් බෝඩ් කෑම පෙට්ටි හදන වැඩෙත් පටන් ගන්න ඕන කියලා පටංගෙන මුලු ගෙදරම නිකම් සීතාවක කර්මාන්ත පුරේ වගේ කලේ රසිකා, අම්මට ඒවා හරි ඉහලයි. දැන් අපි ඔලුව උස්සලා ඉන්නවා කියලා තමා අම්මනම් කිව්වේ
ගෙයක් වුනාම නිධහසේ ඉන්න තියෙන්න ඕන අනූ , වැඩ ඇරිලා ආවම මෙහෙම් වාඩිවෙලා ඔයා තේ එක බොනකන් මම මෙහෙම ලඟට වෙලා ඉන්න එකම ඇතිනේ ඉතිං.. ඒ රන්සිකා ..
එක අකුරක් වෙනස් වුනාට .. අදහස්, වැඩ අහසයි පොළොවයි වගේ.
ඒ වුනාට ඔක්කොමට වඩා මගේ ඔලුවෙ වැඩ කලේ..මේ මාසෙ පඩි විස්තරෙයි බැංකු පොතයි රසිකා අතට දෙනකොට මේ ටිකට රන්සිකා වෙනුවෙන් වියදං වෙච්ච රුපියල් විසිදාහක් විතර ගාණට කියන්නෙ මොකක්ද කියලා.. කාගෙන් හරි ඉල්ලලා වත් බැලන්ස් එකක් ගහගන්ඩම වෙනවා. එ මදිවට අද ෆුඩ් සිටියෙ පොඩි බඩු ටිකටවිතරක් හයදාස් ගාණක්.
************
රසිකා අපේ අම්මටම හරියන ලේලි. එයාගෙ වැඩේ හැම අඟලකින්ම , තප්පරේකින්ම හම්බ කරන එක. උඩ ඉඳලා පහලටම එකම සයිස් බැරල් එක වගේ රසිකා එක්ක බලද්දී හැඩ ලස්සන රන්සිකා පෙනුනේ දෙවඟනක් වගේ..
නන්ද කුමාරයා දැක්ක නවදැලි හේනෙ දාච්ච වැඳිරියො ටික තමා මතක් වෙන්නෙ. මේ වෙලාවට ඉතිං නොදන්න බණත් මතක් වෙනවා.
" ඒක නෙවේ අනූ.. මම ඉක්මනටම ඩිවොස් එක ගන්න කතා කරන්න ඉන්නෙන මේ සැරේ කපිල ආවම. .අපි දෙන්න දැං මෙහෙම ඈත හිටියා මදැයි"
මගේ පපුවෙ ඔලුව තියාගෙන හිටපු රන්සිකා කියනකොට මට දැනුනේ නිකං බඩ පපුව උණු වෙලා ගුදමාර්ගෙ දිගේ වැක්කෙරෙනවා වගේ අපහසුවක්..
" කතා කරන්නකො අනූ. ලබන මාසෙ දිහාට කේස් එක ෆයිල් කලොත්. මාස තුනක් විතර යනකොට ඩිවෝස් එක ගන්න පුලුවන් කියලා ලෝයර් කියන්නෙ.. ඔයත් ලබන මාසෙම ෆයිල් කරන්න"
"අ...මේ .....ඔව්...ම්ම්...මම..."... මට දෙන්න උත්තරයක් මතක් වෙන්නෙ නෑ... මට රසිකා..අම්මා ..රසිකගෙ තාත්තයි තාත්තගෙ මදාවි ගෝල රොත්තයි මැවි මැවි පෙනුනා.. ඩිවෝස්...වෙනවද...මැරෙනවද...
ඇත්තටම මැරෙනවනං ගඟේ පනින එකට වඩා... වහබොන එක ලේසියි... එල්ලිළා මැරෙන්න බෑ සෑහෙන්න් රිදෙයි..වතුර යටත් හුස්ම ගන්නෙ නැතුව සෑහෙන අමාරුයි..කෝච්චියට පනින එක ඔක්කොටම් වඩා අමාරුයි. වහ බොන එක තමා ලේසිම...
ඊට පස්සෙ මට වැඩක් නැති හැම තප්පරේම ගතවුනේ.. මැරෙන්න ලේසි ක්‍රමයක් හිතන්න.. දික්කසාදයක් ගැන කතා කරනවා තියා අම්මයි රසිකායි ඉස්සරහ මම දණිස් වෙව්ලන්නෙ නැතුව හිටගෙන ඉන්නෙත් අමාරුවෙන්.
හැබැයි මෙහෙම ජීවත් නොවී රන්සිකා එක්ක අර ලස්සන නිදහස් නිස්කලංක ගෙදර. කුරුළු ජෝඩුව වගේ ඉන්න තියෙනවනං ඒක තමා ජීවිතේ ලබන ලොකුම සැනසීම..
අද දෙකෙන් එකක් බේරගන්නවා කියලා හිතාගෙන ගෙදර ආවට ගේට්‍යුව අරිනකොටම මට ආයෙ මැරෙන්න ලේසි ක්‍රමයක් තවම හොයාගත්තෙ නෑ නේද කියලා මතක් වෙනවා.
************
"....හෙලෝ අනූ... ගුඩ් මෝනිං .. අද යමුද අපි වෙඩිම් රිං එකක් බලන්න.. හවස යමු දෙන්නනම.. ඉස්සෙල්ලම ලෝයර් ජයතුංගව හම්බවෙලා ඊට පස්සෙ වෝග්ගෙකට යමු.."
මගේ ඔලුව යකාගෙ විංකලේ වගේ වෙලා...මට වහබෝතලයක් ගන්න තාම තැනක් සෙට්වුනේ නැනෙ.
" අනුරාධ සර්...අසනීපයක්ද.. මැනේජර් සර් අහන්න කිව්ව ඇයි ඔලුව මේසේ ගහගෙන ඉන්නෙ කියල"
" ඔලුව මේසේ ගහගෙන ඉන්නෙ ඔලුව පු|කේ ගහහන්න බැරි නිසා කියලා කියනවා".
"මොකද සර් මට කෑගහන්නෙ.. හරි මං එහෙම කියන්නං..!..
"අනෙ අනේ අබේ... මට සනීප නෑ කියනවා. මෙන්න මේකෙන් මට කෑම එකක් ගේනව... ඉතුරතමුසෙ ගන්නවකො...".
" ඇයි සර්.. සර් කෑම ගෙනාවනෙ මං ලන්ච් රූම් එකේ තිබ්බා..."
" ආ හරි එහෙනංං තමුසෙ ඕකෙන් කෑම ගන්නව"..
"මේ යකාට පිස්සුද."...
*************
අනූ.... අද ෆුඩ් සිටි ගිහිං රන්ජනාස් එකට යමුද... මම ආස.. ඉන්දියන් විදිහට අඳින්න ඔයාටත් ලස්සනට තියෙයි...එහෙම...... ආ මේ ලෝයර් ජයතුංග කිව්වා ලබන මාසෙ අනිවාර්යයෙන්ම ෆයිල් කරන්න පුලුවන් කියලා...එතකොට ඊලඟ සිංහල අවුරුද්දෙ අපි එක පවුලක්...
මේ අනූ.. ඔයාගෙ කේස් එකත් ලෝයර් ජයතුංගටම දෙමු. මම කතාකරන්නං. දැං ඒකෙ ෆයිල්ස් හදන්න කාලෙත් හරි...
තව මොනවා කිව්ව මතකත් නෑ.... මගේ පපුව ගිණිගන්නවා.. එච්චර රස්නෙට ඔස්ට්‍රේලියාවෙ ලැව් ගිනිවත් නෑ මං හිතන්නෙ.
********
ඇත්ත කියන්වා සල්ලිවලට මොකද කලේ..
" මං යාලුවෙක්ට පොඩි ණයක් දුන්නා රසිකා.. මාස දෙකකින් දෙයි.."
" කවුද යාලුවා..කියන්වා මම ගිහිං ඉල්ලගන්න.".
"පිස්සුද රසිකා ඔයාට..මට ලැජ්ජා කරන්න එපා.
" ඇත්තටම පුතේ උඹ බොනවද දැං..."
" පිස්සුද අම්මෙ , මෙයා බොන බීම....එහෙම පිරිමි කමක් තියෙන මිනිහෙක්‍යැ මෙයා.."..
කාලෙකින් මට ලක්ෂිකාව මතක් වුනා... ලක්ෂිකාගෙ වචන කං වල දෝංකාර දුන්න. ලක්ෂිකා ඒ කාලෙම මෙච්චර හොඳින් මගේ අනාගතය දැක්කෙ කොහොමද...
***********
සිහිය එනකොටම මට පෙනුනේ වාට්ටුවේ බිත්ති ඔරලෝසුව. වෙලාව හතරයි විස්සයි...
ඒත් එක්කම අම්මයි රසිකයි එනවා කොට බිත්තියට උඩින් පෙනුනා... මම ආපහු ඇස් පියාගත්තා.. ඒ වුනාට මම ඇස් ඇරලා ඉන්නවා රසිකා දැක්කද කොහෙද..
මගෙ මූණටම ලංවුන රසිකා කුටු කුටු ගාලා.. " "ගෙදර තිබ්බ පැනඩෝල් ටික ඉවර කලා විතරයි අන්තිමට... බූරුවා"
මම ආපහු වැඩට ගියේ...මාසෙකට පස්සෙ... ඒ කාලෙ නෝපේ ලීව් දාලා දෙන්න මැනේජර් මහත්තයා කැමති වුනා..පැන්ඩෝල් බිව්ව කියලා මෙඩිකල් දාන්නයැ ඉතිං ..
*************
"සර්... සර්...."
"ඇයි...."
"..සර්ට මාව මතක නෑ නේද"..
"ම්ම්ම්.... ම්හු..!
"මම ජයවීර.. රන්සිකා මිස්ගෙ ඔෆිස් එකේ.. හා හා බය වෙන්න එපා..සර්ම්"
..මට එකපාරටම මතක් වුනේ දැං අර මනුස්සයාගෙනුත් ඩිවෝස් වෙලා රංසිකා මොනවා කරගන්නවද දන්නෙ නැ කියලා...
" රංසිකා මිස් ඔහොම තමා සර්... එයාට පොඩි ට්‍රැක් අවුට් එකක් තියෙනවා..කාලෙකට ඒක වැඩිවෙනවා... කාව හරි අල්ලගෙන බඳින්නම ඕන කියලා, එයා ඩිවෝස් වෙනවා කියලා..කතාවක් කියනවා, හෙන අඩව්වක් අල්ලනවා.. ඒත් ඒක කාලෙකට විතරයි සර්.. එයාගෙ මහත්තයා ආමි එකේ ඉඳලා මැරුණට පස්සෙතමා එයාට ඔහොම වුනේ.. ඒ මහත්තයගෙ පැන්ෂන් එකෙන් තමා එයලා ඔය සැපට ඉන්නෙ. ඉතිං ඒක හින්දා එයා කාවවත් බඳින්නෙ නෑ. සර් බය වෙන්න් එපා.. එයාට කාලෙන් කාලෙට ඔය ගතිය වැඩිවෙනවා.. ආයෙ හොඳ වෙනවා...
එක හුස්මට කියෙව්වා. නියමයි. ඔහොම යං👌😁
ReplyDeleteහුස්ම හිරවෙලා මැරෙනවට වැඩිය ලේසියි වහ බොන එක. හැක්..
Deleteවහ නෙමෙයි, පැනඩොල්. නයි කයිද රෝස් පාං? හැක්.😏
Deleteඑසේය බස්සා තුමනි
Deleteනයා මළොත් දැන් හේතුව දන්නවා
Deleteහුම්... ආයෙම එඤ්ඤං!
ReplyDeleteමේ සැරේ එහෙ මෙහෙ නොදා මේකටම දාලා
Deleteසිතට සිනාවක් නැගෙන උපහාසාත්මක ගතියක් තිබුණත් රන්සිකාගෙ චරිතයට තව ටිකක් පන දුන්නනං කලුපාට ටිකක් අඩුවෙන්න තිබුනා කියලා හිතෙනවා. ඒත් රසයෙන් අඩුවක් නෑ.
ReplyDeleteඔන්න සිතුවිලි රල දමත් රෝල්ට දාගත්තා, දැන් ඉතින් කියවන්න එන්නං
Deleteඅපූරු කතාව!අවසානය වෙනකම්ම බොහොම කුතුහලය දනවන විදිහට ලියලා තියනව.ඒ වගේම බලා පොරොත්තු නොවුන විදිහෙ අවසානය කතාව වඩාත් ලස්සන කරනව.ඒ සේරටම වඩා පන නහගන්න ලේසිම විදිහත් කියල තියන නිසා අතිශයින් කාලෝචිතයි.
ReplyDeleteටැංකු වේවා සරතයියා
Deleteහම්මටසිරි. රන්සි.
ReplyDeleteඅහසෙන් වරෙන්
Delete“ගෙදර තිබ්බ පැනඩෝල් ටික ඉවර කලා විතරයි අන්තිමට... බූරුවා"
ReplyDeleteමම බිව්වේ නෑ
Deleteඔයා නංගි මල්ලි කෙනෙක්ද?
ReplyDeleteඔව්
Deleteමේ උඹ වගේම ඇඟ සලිත වෙන කතා ලියන හාදයෙක්. නමියයි ඔත්තුව දුන්නෙ.
ReplyDeletehttps://m7vidu.blogspot.com/2023/12/blog-post_9.html
අඩේ.. ඒක.. අද වැඩ ඇරලා ගිහින් සියල්ලම කියවන්න ඕන
Deleteනිකංම අනුරාධල ඔහොම තමයි.
ReplyDeleteඉස්සරහට -ගීත් කියලවත් තිබුනනං අර පෙන්ෂන් එකෙනුත් වැඩක් ගන්නව
හෙහ් හෙහ් හෙහ් තරහට දාන කමෙනට් :P
Deleteකොහෙද රන්සිකා ඉන්නෙ? ඕකනෙ කියන්නෙ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලා
ReplyDeleteසරත් ලන්කාප්‍රිය
දැන්නම් කොහේ ඉන්නවද දන්නේ නෑ.. සරත් අයියා දකීම සතුටක් දැන්
Deleteමරැ චරිත තුනක්. මට නිකමට හිතුනෙ හදිසියකින්වත් මේක ලීවද කියල. කතාව ගලායෑම වේග වැඩි වගේ දැනුන නිසා. කොටස් දෙකකට කඩල චරිත3 එක්ක තව ලීවනම් කියල හිතුන ඉවාන්තුමෝ. (තරහ අවසර. මට හිතුන එක කීව ඉතිං 😁).
ReplyDeleteප්ලොට් එක පංකාදුයි 👌
හදිසියෙන් කියන්නේ , මට ඉතින් රෑ මද ඇහැරලා මහ්ටක් වුනාම තමයි ලියාගෙන ලියාගෙන යන්නේ. වීගෙ වැඩි බව දැන් කියෙව්වම මටත් නිකන් දැනෙනවා වගේ. තරහ නෑ බං. මේවගේ කමෙන්ට්ස් එන්න තමා බ්ලොග් ලියන්නේ
Deleteරසිකාත් රන්සිකාත් අතරේ එක හුස්මට කියෙව්වා. නියමයි.
ReplyDeleteස්තූතියි
Deleteවැලිගමගේ පොඩි කොල්ලෝ රවට්ටන් ලෝඩ් බාගන්නවා කියලා අජිත් කියන්නේ ඇත්ත නේද
Deleteශනිදා දහයෙන් යළි ඇරඹුනු සිංහල බ්ලොග් රැල්ල නැවැත්විමට සිංහල බ්ලොග් විනාසකෙරුවන් යළිත් අනවශ්‍ය මඩ ගැහිලි හිංසාකාරි හා ප්‍රකෝපාකාරි කෙමෙන්ටු දැමිම පටන්ගෙන ඇත. රංග තේනුවර හා අජිත් ධර්මකුමාර නමින් හා වෙනත් ඇනෝ නම් වලින් පෙනි සිටින්නාවු දුර්ජන සිතුවිලි පිරුන මානසික ලෙඩුන් පිරිසක් අපගේ බ්ලොග් අතර මළපහකරන්නට සැදිපැහැදි ඇත. ඔවුන්ගේ ඉලක්ක වන්නේ යළිත් සිංහල බ්ලෙග් කලාව විනාස කිරිමයි. එවාට ගොදුරු නොවන්න.
ReplyDeleteඔව් අපි ගොදුරු නොවී ඉමු
Deleteමඟුලක් කියනවා? ආං මේකෙම ඔලුව උඩ පහරලා. මකෝපිය!
Deleteඅම්මට හුඩු. ඔව්නේ යකෝ
Deleteඉවාන්ටමයි වෙන්නෙ
ReplyDeleteඅහිංසක නිසානේ මේ සේරම
Deleteපට්ට ඈ.. බොහොම කාලෙකට පස්සෙ ආයෙත් බ්ලොග් එකකින් මෙහෙම කතාවක් කියෙව්වෙ...
ReplyDeleteඅර පඩත්තල දේශකයකව එහෙම ළඟදි දැක්කෙ නැද්ද?
පඩත්තල දේශකයා දැන් සුපුන් චමින්ද බණ්ඩාර වෙලානේ, ස්තුතියි සෙන්නා, මොනවා වුනත් බ්ලොග් එක ලිනකොට පොඩි ආසාවක් එනවා ආයෙම
Deleteඑහෙම එකෙක් වෙලාද එතකොට....
Deleteආසාවක් එනවානම් ලියාගෙන ලියාගෙන යන්න තියෙන්නෙ...
දැන් ඉතින් ලියනවා.
Deleteමරු කතාව. කාලෙකින් ආවෙ. වෙලාව අරගෙන අකුරු අඩුපාඩු හදපං
ReplyDeleteහප්පා ලොකු ජෝන්... ,මන් හිතුවේ හිමේ යටවෙලා කියලා
Delete//" රංසිකා මිස් ඔහොම තමා සර්... එයාට පොඩි ට්‍රැක් අවුට් එකක් තියෙනවා..කාලෙකට ඒක වැඩිවෙනවා... කාව හරි අල්ලගෙන බඳින්නම ඕන කිය// මේකෙන් කියවෙනෙන් ඒ කාන්තාව වෙලෙනවට වැඩ තෙත්ව තබාගැනීමේ යෝජනා ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක අක්ර්ණ බව නොවේද මිතුර
ReplyDeleteඅන්න අත්දැකීම් තියෙන පරිනත යට තේරෙනවා සීන් එක
Deleteපරිණත වෙලා තියෙන එකෙක් ලිව්ව එක්ක නේද 😀
Deleteපටන් ගත්ත කෙනෙකුට කියවීම මෙය
ReplyDeleteඅහවර කරල මිස නවතන්නට බැරිය
වේගය වැඩිව ලිව්වත්, හරි රසවත්ය
Plot එක හැබෑදැයි විමසන්නේ නැතිය!
නිමල්ලයියා..ප්ලොට් එක ගැන විමසුවත් කියන්නේ නෑ :-D
Deleteකලින්ම මට හිතුණා!
Deletesupiri kathawa🤞🤞
ReplyDeleteතැන්කෝ
Deleteකොරලා තියෙන්නේ ඔය හොඳම එකෙං!
ReplyDeleteනාඩි වැටෙනවානම් මදැයි
Deleteනියමයි, එක හුස්මට කියෙව්වා!
ReplyDeleteඔය මැරෙන්න පැනඩෝල් බොන අය එහෙම බොන්නේ මැරෙන්නම නෙමෙයි කියලා කවුදෝ කිව්වා මතකයි! D
එකනං ඇත්ත. ඕක බිව්වට මැරෙන්නේ නෑ කියලා උන් දන්නවා ,ඉස්තුතියි මලී
Deleteදැන් බොගේ මේ අපූරු කතා වලට නිසි ඇගයුම ලැබෙන එක ගැන සතුටුයි. ටොයිලට් එකෙන් එලියට ආව එක ගැනත් සතුටුයි. අර මුදලාලිගෙ දුව තාම එ ක්‍රමේටම නානව ඇති නේද?🤭
ReplyDeleteහත් ඉලව්වේ අවුරුදුම කීයක් නෑවද? බ්ලොගට කොටපු ගමන් යන්නේ ඒ පොස්ට් එකට .. හයියෝ සල්ලි
Deleteයකෝ හංගලා කලාත්මකව ලියන සුරුංගාරය දිවිය ලෝක රහයි. ඒකයි ඒ.😊😁
Delete