ඇමති විමල් වීරවංශ මාර ගෙවල් හැදිල්ලක් හදයි. .ඒ හදන හැදිල්ලේ හැටියට තව වැඩි කලක් යන්නට පෙර ගෙවල්වල ජීවත් වන්න මිනිසුන් පිටරටින් ගෙන්වන්නට සිදු වනු ඇත.
ඇමති රාජිත සේනාරත්න මාළු බාන බෑමේ හැටියට ලංකාවේ මාළු කිලෝ එක රුපියල් දහයට, පහළොවට බසින් ඇත.
අධ්‍යාපන ඇමති පාසල් හදන හැදිල්ල අනුව, මීළඟ කැබිනට් සංශෝධනයට පෙර ලංකාවේ පාසල් සිසුන් 100%ක් ම සාමාන්‍ය පෙළ සමත් වනු ඇත.
උසස් අධ්‍යාපන ඇමති සරසවි හදන හැදිල්ල අනුව, මේ රටේ පඳුරකට පයින් ගැසූ විට ලැප්ටොප් අතින් ගත් ආචාර්ය, මහාචාර්යවරු බුරුත්තක් එළියට පැනිය යුතු ය.
සෞඛ්‍ය ඇමති රටේ සෞඛ්‍යය නංවන හැටියට කාට හරි කිඹුහුමක් ගියොත් ඒ මොහොතේ ම ගිලන් රථයක් එතැනට ආ යුතු ය.
චම්පික රණවක ඇමතිතුමා කියන විධියට මේ රට විදුලියෙන් ස්වයං පෝෂිත වී කරන්ට් එක අපනයනය කළ යුතු ය.
ජනමාධ්‍යවලින් කියන පරිදි නම් දැන් ලංකාවේ තෙල් ඇත. රත්තරං ද ඇත. රට පුරා අධිවේගී මාර්ග ය. වරායවල, ගුවන් තොටුපලවල හෙණ ට්‍රැෆික් ය. මිනිසුන් ගමන් බිමන් යන්නේ රට පුරා ඇති ගුවන් තොටුපළවලට පමණක් නො ව, වතුර වක්කලංවලට පවා ගොඩ බාන ගුවන් යානාවලිනි. සංචාරකයෝ වැල නො කැඩී එති. රට අහරින් ස්වයං පෝෂිත ය. ඒක පුද්ගල දළ ජාතික ආදායම නගින්නේ ටැක්සි මීටරය වගේ ය. ජනයා සුඛිත මුදිත ය. දන්සල් දොරෙහි නැත යදියෝ. සල්පිල්වල ය පුරවැසියෝ. මේ කේතුමතී පුරයයි.
(අපට නස්රුදීන්ගේ කතාවක් සිහිපත් වේ. තැනක රසකැවිලි බෙදනවා යි, ළමයින් රැවටීමට බොරු කිය කියා ගිය නස්රුදීන්ට ටික දුරක් යන විට එතැන ඇත්තට ම රසකැවිලි බෙදනවා යයි සිතේ. ඔහු ද එහි දිව යයි.
අපේ නායකයෝ ද දැන්, දැන් මේවා කියන්නේ මාර විශ්වාසයකින් බව පෙනේ. අපි නම් ඉතින් කොහොමත් මේවා විශ්වාස කරන්නෙමු. )
උපුටා ගැනීම W3
මේකට එකක්වත් නැති හන්දා මෙන්න මං එකක් දැම්මා ,
ReplyDeleteඋඹ පවුනේ
එකනේ බං උඹ විතරයි අත දෙන්න ඉන්නේ, එකනේ මම අර ..ත්ත ගලවලා දාන්නේ නැත්තේ.
DeleteThis comment has been removed by the author.
Deleteඇත්තටම කීවොත් මේවා කතා කරලත් බැරිය නොකරත් බැරිය. සමහරු හිතන්නේ දියුණුව යනු බිල්ඩින් කියාය, තවත් සමහරු සිතන්නේ කාර් නැත්නම් වාහන කියාය, තවත් අය සිතන්නේ එය වැඩි වැඩියෙන් යටි මඩි ගසන්නට ලැබෙන අවස්තාවන් කියාය.
ReplyDeleteඉතින් දියුණුවේ ඇත්තම තත්ත්වය හදුනා ගත්තාට ස්තුතීයි.