ඒයි ඒකි පට්ට යකෝ....
එහෙම තමා ඒකිව දකින හැම එකාටම හිතෙන්න ඇත්තෙ. ඒ වුනාට ඕක ඉස්සෙල්ලම හිතුනෙ මට. ඒ අද ඊයෙ නෙවේ. එහෙනං...
එහෙනං කියන්නෙ මොන්ටිසෝරියෙදි. මොන්ටිසෝරියෙ මොන ලවුද. ඒක ලව් එකක්ද කියන්න මම දන්නෙ නෑ. හැබැයි මොන්ටිසෝරියෙදි එයා...
ආ එයාගෙ නම ෂහීනා, ෂහීනා බොන්සො. හරියටම කිව්වොත් ෂහීනා සැලී බොන්සො. බන්ධනාගාරෙ හිටපු ලොකු ජේලර් උසම මහතම යෝධ සමාත් බොන්සොගෙ දුව. එයාගෙ අයියා ඩෙරික් , ඩෙරික් බොන්සො නලුවෙක් වගේ කියලා හැමෝම කියන්නෙ. ඒවා තේරුනේ පස්සෙ...
ආ ඉන්නකො කියන්නම් මොන්ටිසෝරියට ගිය ගමං මම බලන්නෙ ෂහීනා ඇවිල්ලද කියලා. ෂහීනා කිව්වෙ නම් ලකුණු කරන පොඩි මැඩම් විතරයි. අපි හැමෝම කිව්වෙ සැලී කියලා. සැලී නැත්තං එදාට මොන්ටිසෝරිය නිකං නිරෝධායන කඳවුර වගේ. හැමෝටම නෙවේ අනේ මට.
********
ඊට පස්සෙ ආයෙ සැලීව මට හම්බවෙන්නෙ ශිශ්‍යත්ව පන්තියෙදි , පහේ ශිශ්‍යත්වෙ කියන්නෙ ඉතිං මේ ලෝකෙ තියෙන ලොකුම විබාගෙනෙ , සැලී ඒකට ආවේ තුන්වෙනි දවසෙ. මට දැකලා හුරු බවක් තිබ්බට නිච්චියක් නැති වුනාට එයා මාව අඳුගගත්තා. ටීචර් ලඟ හිටගෙන අම්මා ටීචර් එක්ක කතා කරද්දි එයා මට අත වැනුවා.
ආ යාලුවෙක් ඉන්නවද, ඔයා එතනින්ම වාඩිවෙන්නකො පුතේ එහෙනං
ටීචර් එහෙම කිව්වද මට එහෙම හිතුනද මංදා එයා මා ලඟිම් ඇවිත් වාඩිවුනා. එලියෙ කුරුල්ලො හයියෙන් කෑ ගහනවා... ඇස් දෙක වටේට පාට පාට සමනල්ලු පියාඹනවා...
මොන්ටිසෝරියෙ කොන්සර්ට් එකේදි රෝමියෝ ජුලියට් කරද්දි එයා මගේ අතින් ඇල්ලුවට පස්සෙ එදා ආපහු එයාගෙ දකුණු අත මගේ වම් අතේ ගෑවුනා. අවුරුදු ගාණකට පස්සෙත් එයාගෙ අත එදා වගේම සීතලයි.
දෙන්නෙකුට ඉඩ තිබ්බ ඒ බංකුවේ මම අයිනටම වුනා , මට බය හිතුනා ආයෙ ඇඟේ ගෑවෙන්න. ඒ සීතල දරාගන්න බෑ. එක තට්ටමකින් බංකුවේ කෙලවරේ එල්ලිලා හිටියා.
මේ....මේ.... එයා මට කතාකරනවද මට නිකං ඇහෙනවද..... කෝකටත් හැරිලා බලනකොට එයා පැන්සල් පෙට්ටියේ පොඩි විනිවිද පේන සාක්කුව වගේ කෑල්ලෙ තිබ්බ මකුළු ඉස්ටිකරේ මට පෙන්නුවා. මම ඒක එයාට දුන්නෙ මොන්ටිසෝරි කාලෙ. ඒක තාම තියෙනවා.
මට කියන්න දෙයක් හිතාගන්න බැරි වුනා.මං හිනා වුනා ඒත් හිනාවක් එලියට ගියේ නැද්ද කොහෙද. එයා ටික වෙලාවක් මගෙ දිහා බලං ඉඳලා තොල නොපිට පෙරලලා පැන්සල් පෙට්ටිය සද්දෙට වැහුවා. මං ගැස්සුනා.
ඊට පස්සෙ අපේ අම්මටත් පුදුමයි ඇයි මට ශිශ්‍යත්ව පංති යන්න ඔච්චර උනන්දුවක් කියලා...
***************
ශිශ්‍යත්වෙ පේල් වුනාට මං සෙන්ට්‍රල් එකේ විබාගෙ පාස් වුනා. මම හයවසරෙ ඉඳලා ඕ ලෙවල් වෙනකම්ම සෙන්ට්‍රල් එකේ. ඕලෙවල් පාස් වුනා. ඒ ලෙවල් වලට මගෙ යාලුවො ගොඩක් කොළඹ ඉස්කෝල වලට ගියා. කොඩියත් ගියා හැබැයි ඌ එහෙ ගිය පලවෙනි සතියෙම සිගරට් බිලා අහුවෙලා. උංගෙ තාත්තා ඌව ආපහු එක්ක ආවා.
මං නංං ඒ ලෙවල් කරන්නත් සෙන්ට්‍රල් එකේම හිටියා. ඕලෙවල් ලියනකම්ම මට සැලීව අමතක වුනෙත් නෑ , මතක් වුනෙත් නෑ. ඉඳහිට මතකෙට ආවට හරි මූණුවරක් මතක් වුනේ නෑ. සැලීව මතක තිබ්බේ මොන්ටිසෝරි මූණයි, ශිශ්‍යත්ව මූණයි.
අම්මා මාව සෙන්ට්‍රල් එකට දාන්න ඕන කියලා තාත්තා එක්ක කියනවා ඇහිලා මට සතුටු හිතුන හැටි මතක් වුනා. ශිශ්‍යත්වෙ පාස් අය එන්නෙ සෙන්ට්‍රල් නෙ .. සැලි පාස් නං සැලී එයි කියලා ඒ දවස් වල හිතුනට ආයෙ සැලීව දකින්න ලැබුණෙ නෑ.
************
කරුමෙ ඩබල් පින සිංගල් කියලා කොමස් පන්ති තියෙන්නෙ පිනා සර්ගෙ ඔෆිස් එක ලඟම. ඒකෙනුත් අපේ පන්තිය පොරගෙ මේසෙ කෙලින්. ඔලුව හරවලා දකුණ බලපු ගමං පන්තිය පේනවා ලෙසටම. ඒකෙ තිබ්බෙ එකම එක හොඳේ පිංසිරිට මොකක් හරි පන්තියකට පණිවිඩයක් යවන්න ඕන වුනාම ඇඟිලි දෙකක් වී අකුරේ හැඩේට දික් කරලා එන්න කියනවා. ඒ කියන්නෙ දෙන්නෙක්ට එන්න කියන එක ඕක කියනකං බලං ඉන්න අපි පැනලා දුවන්නෙ..
එදා මායි කොඩියයි දෙන්නා ගියා බයෝ පන්තියකට.
" කොඩියා කවදාවත් ආවට පන්ති අස්සට එන්නෙ නෑ..
පුතාගෙ නම...... විනාඩියක් දෙන්න නම් ලකුණු කරලා එනකං.
එතකං ආපහු එලියට ගිය මම බයෝ පන්තියේ ටීචර්ට පණිවිඩේ කියලා එලියට ඇවිත් කැන්ටිම පැත්තෙන්ම ආපහු යන්න කොඩියා එක්ක ග්‍රවුන්ඩ් එකේ අයිනෙන් යන්කොට
ප්‍රගී.... කියලා අනන්තයෙන් ආ තරු කුමරියකගේ වගේ කටහඬක්..
හති දාගෙන අපේ ලඟට දුවගෙන ආපු සුදුම සුදු කෙල්ලෙක්....
ඔයා ප්‍රගීත්ද..... මට ඇහුනා ටීචර්ට නම කියනවා.....ඔයා හයිසින්ත් ආන්ටිගෙ මොන්ටිසෝරි නේද ගියේ.. විජේසේකර ටීචර්ගෙ ශිශ්‍යත්ව පන්ති ආවෙ.. මම ඒ ලෙවල් වලට මෙහෙට ආවා.
මම ඔව් කිව්වට වචන පිටවුනේ නෑ... ඔලුව නං වැනුනා දැනුනා..
අඳුනන්න බෑ නේ..... මම ෂහීනා.....
ඊට පස්සෙ එයා කට හොල්ලනවා විතරයි මං දැක්කේ. මගෙ කන්දෙක රත් වුනා... ගින්දර පිට වෙනවා වගේ.. බඩෙ හෙන දැවිල්ලක්...
කොඩියා මගේ ඉලේට ඇන්නම තමා ආපහු සිහිය ආවෙ
හුත්... කියවුනා ඇන්න පාරට.
ෂහීනා .. කට අතින් වහගෙන හිනා වෙවී.. මම යනවා රෙජිස්ටර් එක තියන්න යන්නෙ.. කියලා අපිව පහුකරගෙන දිව්වා...
ඒයි ඒකි පට්ට යකෝ.........
ඒ කොඩියගෙ කටහඬ...
************
ෂහීනා.. හැමෝම එක්ක කතා කලාට ඉස්කෝලෙ හිටපු ලස්සනම කෙල්ල වුනාට කවුරුවත් ඒකිගෙන් ඇහුවෙ නෑ . පස්සෙන් ගියාට දැක්කම කට ඇරං බලං හිටියට කාටවත් ගටක් තිබ්බෙ නෑ ඒකිගෙන් අහන්න. ඒකිගෙ අයියා ඩෙරික් ඒ වෙනකොට හමුදාවෙ කර්නල් කෙනෙක්.. ටවුමෙ ඩෙරික්ව නොදන්න එකෙක් නෑ . ඒ වගේමයි කර්නල් ඩෙරික්ගෙ ගෝල බාලයෝ නිසා ඒකිට මැස්සෙක්වත් වහන්නෙ නෑ.
මම නිදහසේ ෂහීනා එක්ක කතා කලා. සමහර වෙලාවට ෂහීනා ගෙදරින් ගේන කෑම එක මට දීලා එයා කැන්ටිමෙන් කනවා.
දවසක් ෂහීනා කෑම එක මට දීලා යන්කොට කොඩියා ඒකි දිහා බලාගෙන ගිහිං කැන්ටිම ලඟ කොට්ටම්බා ගහේ හැප්පුනා. ඌ ඒකෙ හැප්පිලා ගහ බදාගෙනම ෂහීනා දිහා බලාගෙන ඉන්නකොට.
හා... හා... ඕක තැරි ගහගන්නෙ නැතුව යනවා යන්ඩ.... ඒ පීටී සර්... එහෙම කිව්වට මිනිහගෙ ඇස් දෙකත් ෂහීනව ගිලිනවා.
ෂහීනා.. හිනාවුනත් නැතත් එකම කැලලක්, කුරුලෑවක් නැති දිලිසෙන මූණයි, දුඹුරු පාට ඇස් දෙකයි දිහා මාස යක් වුනත් එකදිගට බලං ඉන්න පුලුවන්
ෂහීනා..නෙට් බෝල් ටීම් එකේ කැප්ටන් ... කලාප මැච් යනකොට ඒ ලෙවල් පන්තිවල කොල්ලො ඔක්කොම වගේ පාසැල් සහෝදරත්වය පිළිඹිඹු කරමින් චියර් කරන්න ඇවිල්ලා.
මේ එක්කො උඹ ෂහීනගෙන් අහපංකො.. උඹට ගොඩ දැම්ම හැකි... කොඩියා කෝමත් දවසකට හය හත්සැරේ ඕක මතුරනවා...
ඒවුනාට ඒක හිතනකොට මාර බයක් දැනෙනවාම්. කනේ පාරක් වදියි. කර්නල් ඩෙරික් පිස්තෝලෙ ඉනේ ගහගෙන මාව කනෙං ඇදගෙන යනවා මැවිලා පේනවා...
ඒ ලෙවල් ඉවරවෙලා සතියක් යද්දි කොඩියා අපේ ගෙදර ආවා....
අඩෝ ප්‍රගියා... චමරි කිව්වෙ.. ෂහීනලා පවුලම ඕමාන් යනවලු බං....
********
මචං ප්‍රගියා කෝමද බං , මං ඊයෙ ආවෙ..
ඔසී ඉඳං අවුරුදු දහයකට විතර පස්සෙ කොඩියා ඇවිල්ලා...
ඌට හෙන උණක් හැදිලා.. අපේ ඉයර් එකේ ඉස්කෝලෙ ගෙට්‍ටුවක් කරන්න.
මේක මචං නයින්ටි සික්ස් ෆිල්ම් එක බලපු දවසේ ඉඳලම මගේ ඔලුවෙ වැඩ කලා...ඒ වෙනකොට කොඩියා කොහොම හරි තිහක් විතර එකතු කරලා. කොමස් ආට් බයෝ මැත්ස් ඔක්කොම.. වට්සැප් ගෲප් එකකුත් හදලා. ..
මේ.. කොඩියා...
මං දන්නවා උඹ අහන්න යන එක... ෂහිනා ගැන ආරංචියක් නෑ... ඕමාන් ගිහිං මාසෙකට විතර පස්සෙ චමරි එක්කත් කන්ටෑක්ට්ස් නැතිවෙලා බං. අපි ඉතිං එන එවුං එක්ක එන්ජෝයි කරමු බං... අවුරුදු තිස් හයකට පස්සෙ හම්බවෙන්නෙ බං.
*************
අඩෝ කොඩියගෙ ගේම මරු ඈ... දැනටම තිස් නවයක් ඉන්නවා බං... ..
සමහරු අඳුරගන්න බෑ. බඩ්වල් ඇවිල්ලා. කොණ්ඩ ඉදිලා... සමහරු කෙට්ටු වෙලා ඇට ගැහිලා. සමහරු නං වයස ගිහිං විතරයි. ඒ වගේමයි මූණුවර..
කෙල්ලො නං වැඩිදෙනෙක් සම්පූර්ණෙන්ම වෙනස්. මේකප් වලින් වහගන්න ට්‍රයි කලාට වයස යන එක නවත්තගන්න බෑ කියලා හොඳට පේනවා. ඉන්දීවරීනං හිතාගන්ඩ බැරි විදිහට ලස්සන වෙලා.. එයා නැටුම් ටීචර් කෙනෙක්නෙ. පනස් පහක් නෙවේ තිහක් වගේ පේන්නෙ... ඒ කාලේ ගණං ගත්තෙ නැති කලු කැහැටු කෙල්ල.
අල්ලාප සල්ලාප , සතුටු සාමීචි... ලෙඩ දුක්ගැන කතා , දූ දරුවන්ගෙ හපන්කං පම්පෝරරි ක්‍රිකට් කතා දේශපාලන කතා අටෝරාසියක් අතරේ නයින්ටි සික්ස් ෆිල්ම් එක වගේම නැතත් සෑහෙන සැනසිලිදායක දවසක් බව කාටත් පෙනෙමින් තිබුණා.
*********
චමරි තව සුදු මහත ගෑණු කෙනෙක් එක්ක මං ඉන්න පැත්තට එනවා මං දැක්කෙ. ආපහු බයිට් ටිකක් ගන්න යන්න නැගිටිනකොට.
ටිකක් ඈත ඉඳලා අර මහත ගැණු කෙනාට මාව පෙන්නුව චමරි ආපහු ගියා..
මහතම මහත.. ඒ ලේඩිගෙ කකුලෙ පොඩි කොරයක් වගේ පෙනුනෙ..මට මතක් වුනේ සුමෝ කාරයෙක්ව... නොන්ඩි ගගහා වගේ මගෙ පැත්තට ඇවිදගෙන ආපු ඒ ලේඩි.. මගෙ ලඟම තිබ්බ පුටුව උඩ වාඩි වුනා. වාඩිවුනා කිව්වට වැටුනා කිව්වනං හරි.
හ්ම්ග් හ් ... ගාලා පුටුවෙ වාඩිවුන ගෑනු කෙනා මගේ මූණ බලලා.
යූ ආ ප්‍රගීත් රයිට්...
යා..
අනේ මට අර වොටර් බොට්ල් එකක් දෙන්නකො.. දන්නෙ නැද්ද , ආතරයිටීස් නිසා ඇවිදින්න අමාරුයි හරිම මහන්සියි..
යූ... ආ... මිස්......
අනේ. . අනේ... හැමදාම මම තමා අඳුනගන්නෙ... මම ෂහීනා.....
************
ට්‍රිංංංංංං. ට්‍රිංංංංංංං
ප්‍රගියා .. කෝ බං උඹ....තෑගි ටික බෙදන්නත් කලිං කොහෙද ගියේ..ඒයි ... අඩෝ කතාකරපංකො හුත්.... මොකද වුනේ..
මම ගෙදර ආවා බං......
සංසාරේ..සංසාරේ...
ReplyDeleteසංසාරේ.... කොහොමද අයියේ...😀
Deleteඅනිච්චේචේ දුක්ඛේ රවියයියා
Deleteආතරයිටීස් වලට අනුරාධපුරේ මම දන්න හොඳ ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් ඉන්නව..අපෙ අම්මටත් තිබ්බනෙ ඔය ලෙඩේ..එයා තමයි වෙදකං කරේ..නොම්මරේ දෙන්නෙයි ඔහෙට?
ReplyDeleteමට් ඒ කාලෙ ඔය වෙදාව පෙන්නුවනං අද මං සතුටින්
Deletehttps://www.webmd.com/rheumatoid-arthritis/features/rheumatoid-arthritis-and-sex
ReplyDeleteහයියූ සම්සාරේ...ඒ උනාට ඉතිම් සැබෑ ආදරයක් ආතරයිට්ස් වලට වලක්වන්න පුලුවනෑ..😊 මරු කතාව එක හුස්මට කියෙව්ව.
ReplyDeleteසොඳුරු සඳවතී
සඳවතී ඔයා 🫨
Deleteමොකාද යකෝ ඔච්චර හීතල කෑල්ල. ඒකි මළමිනියක්ද?
ReplyDeleteමා මල පසු සොහොන් කොතෙ
Deleteමගේ යාලුවෙක් මළමිනියකට ලවු කරල මළා.
ReplyDeleteඉතාලියෙ නම් ලව්කරල තමයි මලේ
Delete- Pra Jay
Delete(ලව්පූසාගෙ බ්ලොග් එකේ කමෙන්ට් කරන්නත් අමාරුයි දැන්)
ඒ කාලෙ තමා කාලෙ
Deleteමරු කථාව. පෙනුම කොහොම වුනත් පොඩි කාලෙ ඉඳන්ම හිටෙන් උඹට ලව් කරනවා වගේ ඒකි.
ReplyDeleteඒ කාලෙ ඕවා තේරුණේ නෑ අයියෝ
Deleteඔහේගේ බ්ලොග අප්ඩේට් වෙන්නේ නැත. මොකද්දෝ අවුලක් ඇත.
ReplyDeleteආපහු ලියනවාට සතුටුය.
දිගටම ලියමුය.
දාන්ඩෝන කමෙන්ටුව පේස්බුකියේ වැටී ඇත.
ලස්සන කතාවක් ලිව්වාට ස්තුතිය. 😊
ඉතිං හදලා දීපංකො පපෝ
Deleteසිහල අකුරු ගළපාලා රසය මවන්
ReplyDeleteකොමල ෂහීනා හැඩ බැලුවාද රවන්
නිමල මතක ඇතිවද ඇගෙ දුඹුරු නුවන්
දුවල ඇවිත් මම යනවා ටටා ඉවන්....
කාලෙකින් මිත්‍රයා.... මම දුමී
ජයවේවා
දුමියා දුටු කල් ❤️
Deleteඒකනේ. නිදහස් වෙලාවක දුමියගෙ බ්ලොග් එක පැත්තෙ එන්න පුලුවන්
Deleteසුපුරුදු ලෙසම නියමෙට ලියලා.👌👍
ReplyDeleteඒත් කතාව අගදී "අනේ අපොයි" කියලා හිතුනා.😒
ආදරේට බාදා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තුමා
Deleteඒ දවස් වල පොඩි ක්‍රෂ් එකක් තිබුන ශානාස් කියල මැලේ කෙලි පැටික්කියට. ඉක්කෝලේ ඉඳන් ගෙදර එනකොට එයත් බලන් ඉන්න නිසා හැමදාම කතා කරලා එන්නේ. කියන්න ලැජ්ජාවේ හිටියේ. මේ ගිය අවුරුද්දේ විතර එයාගේ යාළුවෙක් සෙට් වුනා ෆේස්බුක් එකේ. එයත් හිතන් හිටියලු කවදාහරි මම අහයි කියල. මේකේ කියෙවහම ඒක මතක් වුනා කියහන්කෝ. එයත් මේ වගේ තඩි ඇති දැන් නේද
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඑයා තාම ඉන්නව ,.මහත නැ , මං කිව්වා ඔයත් උස ගිහිං කියලා 😁
Deleteඑතනනේ ප්‍රශ්නේ තිබ්බේ
Deleteසැඟවුනු වියනු
ReplyDeleteඔබගේ බ්ලොගය අනෙකුත් සින්ඩිවල දක්නට නැති බවත්; යාවත්කාලීන නොවන බවත් අපගේ කණ්ඩායම නිරීක්ෂණය කලෙමු.
එම නිසාම මෙවැනි මෘදුකාංග දෝෂ සහිත බ්ලොග් අඩවි; කියවන්නන්ගේ පහසුව සඳහා ප්‍රදර්ශනය වන කොලමක් අපගේ සින්ඩියට එක් කලෙමු.
"සැඟවුනු වියනු" යනු එයයි.
අපගේ සින්ඩියේ දකුණු පස ඉහල කෙළවරේ ඔබගේ බ්ලොග් අඩවිය ප්‍රදර්ශණය කෙරෙණු ඇත.
ඔබගෙ බ්ලොග් අඩවිය යාවත්කාලීන කරණ්නේනම් එම කොලම අප ඉදිරියටත් පවත්වාගෙන යන අතර ලිවීම අතපසු වුවහොත් එය ඉවත් කිරීමට සිදුවන බව කණගාටුවෙන් දන්වා සිටින්නෙමු!
අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොග් අඩවිය තුල ප්‍රචරනයක් ලබා දෙන්නේ නම් එය අගය කොට සලකන්නෙමු.
තාක්ෂණික ගැටලුව නිරාකරණය කර ගැනීමට උපදෙස් අවශ්‍යයි
Deleteමට බ්ලොග් එකේ කමෙන්ට් වලට රිප්ලයි කරන්න බෑ , කමෙන්ට් නැති වෙනවා
ReplyDeleteබ්ලොග් එකේ තීම් එක වෙනස් කරන්න. ඊට පස්සේ ආපහු පරණ එක දාන්න. එතකොට ගුගල් දන්නවා ඔය ආයේ ලියනවා කියල. මේක archive ගිහින්.
Deleteආතරයිටිස් වලට ගාන තෙල් බෝතලයක් අර රවියගෙන් ඉල්ලගෙන දැන් වත් බලන්න පලයන් ... ඔය හිතේ තිබ්බ මෙව්වා එක කියන්න පුළුවන් එතකොට කකුලේ තෙල් ටිකක් එහෙම ගාන ගමන්
ReplyDelete