Sunday, February 5, 2023

සිමෙන්ති බංකුව



අපේ බස්සෝල්ට්ටෙකේ තිබ්බෙ සිමෙන්ති බංකුවක් හැබැයි. ඒකෙ කවුරුවත් වාඩිවුනේ නෑ. ඒ සිමෙන්ති බංකුවේ පිට තියෙන ඇන්දෙ වහලා ඉන්න කපුටො බෙටි දාන්නෙ සිමෙන්ති බංකුවේ පුප තියන කෑල්ලට.

සමහර වෙලාවට බීලා වැඩිවෙන දර්මෙ මාමා ඕකෙ නිදාගෙන ඉන්නවා මං දැකලා තියෙනවා. බංකුවේ පාට මොන පාටද කියලා හරියටම කියන්න බෑ. හැබැයි මුලිංම ගාලා තිබ්බ පාටනං සුදුපාට කියලමයි මට හිතෙන්නෙ. අන්තිමට ගාපු පාට නං නිල්පාට ඒක මතකයි. ප්‍රාදේශීය සබාවෙ සබාපතියා නිල්පාටෙං පත්වුන නිසා අහලපහලා බෝක්කු තාප්ප ඔක්කොම නිල්පාට ගෑවා.

"තව ටිකෙං වේ... පුතාලා මගේ ඇඟෙත් නිල් ගානවා ටෞකණ්ඩ" කියලා දර්මෙ මාමා බැන බැන ගියත් මට ලාවට මතකයි. නැන්දා දොර ඇරලා නැතුව එදත් මාමා බංකුවේ නිදාගෙන ඉද්දි තමා සබාපතියාගෙ ඩැයිබර් සාන්ත තීන්ත ගාලා තියෙන්නෙ. ඌ ඒක හිතාමතා කරපු කුප්ප වැඩක් කියලා ඉතිං හැමෝම දන්නවා.

ඔය පිට තියන කෑල්ලයි පුප තියන කෑල්ලයි දෙක බීපු එවුං වෙන් කරලා අඳුනගන්නෙ පිට තියන කෑල්ලෙ අලවලා තියෙන මරණ දැන්වීම් වලිං. පිට තියෙන කෑල්ලෙ පිට පැත්තෙයි පුප තියන කෑල්ලෙ උඩ පැත්තෙයි එක එක නං ලියලා තිබ්බා.

ඕකෙ උදාරි දන අසිත කියලා ලියලා තිබ්බා කියලා මං ගෙදර ගිහිං කිව්වට පස්සෙ අක්කට ආයෙ කවදාවත් බස්සෝල්ට්ටෙකේ ඉන්න හම්බවුනේ නෑ. තාත්තා පංතියට ගිහිං දානවා අම්මා දිසා මාමාගෙ ත්‍රීවීලර් එකේ ගිහිං එක්කං එනවා.

අපේ පංතියේ අචිනිත් ඔය බංකුව ලඟ හිටගෙන ඉන්නවා බස්සෙකට නගිංඩ. එයා හැමදාම ඉන්නෙ බංකුවෙ දකුණු පැත්තෙ. ඒ පැත්තෙ අත තියංඩ කෑල්ලක් තිබ්බා.එයා ඒකෙ බෑග්ගෙක තියං ඉන්නවා බස්සෙක එනකං.

මම ඒ ඇන්ද උඩ දවසක් උදේ පාංදර ගිහිං සංක දන අචිනි කියලා ලිව්වා. ඒත් ලියද්දි ස යන්න ලියනකොට මැද පේන්ට් පතුරක් ගැලවෙලා ගිහිං සයන්නයි බිංදුවයි එක එකට වුනා, ඒක දැං බලපු ගමං පේන්නෙ සංක කියලා නෙවේ. සයන්නයි බිංදුවයි දෙක පයන්න වගේ පේන්නෙ.
හොඳ වෙලාවට ඒක අචිනි දැක්කෙ නෑ. මං පස්සේ ඒක මැකුවා, ඒක මකනවා දැක්ක අජිත් අයියා කවුද මල්ලි මේ කුණුහබ්බ ලියලා තියෙන්නෙ. මකන එක නං හොඳයි කිව්වා..

ඡන්දෙ කාලෙට බංකුවේ මරණ දැන්වීම් නෑ. ඡන්ද පෝස්ටර් විතරයි. ඡන්දෙ ඉවර වෙනකොට පිට තියන කෑල්ල මහ ඇමතිගෙ බඩ වගේ පිම්බිලා තියෙන්නෙ එක එකා එක එකාගෙ ඒවට උඩිං පෝස්ටර්ම අලවලා.

ඔය බංකුව හයි කරනකොට දර්මෙ මාමා හතේ පංතියෙ කියලා තමා උංදැ කියන්නෙ. ඒ කාලේ නියම අම්බුජා සිමෙන්ති වලිං තමාලු බංකුව හැදුවෙ. එතකොට සිමෙන්ති කොට්ටෙ එකසිය ගාණක්ලු.

මටනං හිතුනෙ එකසිය ගාණට ලංකාවෙ සිමෙන්ති දෙනකොට සුද්දා සිමෙන්ති හොයාගෙන තියෙන්ඩත් නැතුව ඇති කියලා.

දවසක් කොල්ලෙක් අචිනි පස්සෙ ඇවිල්ලා , අචිනි බෑග් එක තියං ඉන්න පැත්තෙ වාඩිවෙලා අචිනිට ලියුමක් දික් කලා. එයා ඕවා ගන්නෙ නෑ. ටික වෙලාවක් දික් කර කර හිටපු ඌ බස් එක එනකොටම නැගිට්‍ටා. හොඳ වැඩේ උගේ කලු කලිසමේ පස්ස බතික් වෙලා කාක් බෙටි වලට .

ඔය අතරෙ තමා මග නැගුමෙන් ඇවිල්ලා ගමේ පාර ලොකු කලේ. බස්සෝල්ට්ටෙකේ තිබ්බ බංකුව ගැලෙව්වා. ඒක ලොරියක පටවලා අරං ගියා. ඊට පස්සෙ මට බස්සෝල්ට්ටෙකට යංඩ හිතුනෙ නෑ. ඇයිද මංදා. යාලුවෙක් හදිසියේ මලා වගේ දැනෙනවා එතනට යනකොට ඒ නිසා මම බස්සෙකට නගින්නෙ ඒක පහු කරගෙන ගිහිං ඊලඟ හෝල්ටෙකෙං. එහෙම යන එකත් හොඳයි එතකොට අචිනිගෙ මූණ හොඳට බලාගෙන යන්න පුළුවන්.

පාර හදලා ඉවරවෙනකොටම අලුත්ම බස්සෝල්ටෙකක් හැදුනා යකඩ බට වල කලුපාට ගාලා ටකරං වහලයක් ගහලා. යකඩ බඩ ඈතින් ගහපූ බංකුවක් ඒකෙත් ගැහුව. ඒකෙනං කට්ටිය වාඩිවුනා. දහම්පාසල් ගිහිං එද්දි කොල්ලො නං සරම ඇඳං ඒකෙ වාඩිවුනේ නෑ. අර බට දෙක අතරිං පරම්පරා කුට්ටම පහලට වැටෙන නිසා. හදිසියේ නැගිටින්න ගිහිං කීප දෙනෙක් මූණ දෙක කරගෙන එන්නෙ මොකද කියලා මම ඒ දවස්වල කල්පනා කලා.

කෝමත් පරණ සිමෙන්ති බංකුව නැති පාළුව මට දැනුනා. අචිනිත් වැඩිය පේන්න නෑ. දවසක් අන්තිම බස්සෙක එන්න කලිං මම හෝල්ටෙක පැත්තට ගියේ වැස්ස නිසා කුඩයක් අරගෙන තාත්තා එක්කං එන්න.

මෙන්න එතකොට කවුද දෙන්නෙක් එතන මුකුලුව බලද්දි අචිනියි අර ලියුම දෙන්න ගිහිං පුපු බතික් කරගත්ත හෝ හපුටුවයි. කුඩේ දර්මෙ මාමලෑ ගෙදරිං තියලා මම ආපහු ආවා. මම ආයෙ යන්නෑ ඔය බස්සෝල්ට්ටෙකට. සිමෙන්ති බංකුව නැතුව ඒක වැඩක් නෑ.


35 comments:

  1. ඇනෝ කොමෙන්ටු වලට කැමති නෑ. ඒත් මොනව හරි කොටනව කියල හිතුව.
    කතාව මරු. ආපහු ලියනෙකට සතුටු. දිගටම ලියමු. හරියන්නෙ එතකොටලු.


    මයියා.. 😊😊😊

    ReplyDelete
    Replies
    1. නෙදකිං මුගෙ බ්ලොග් එකේ කොමෙන්ටු වැටෙන හැටි.

      රයිම් වෙන්න ලිව්වෙකත් එක දිගට. මූ වගේමයි හරහට ඔක්කම

      - මයියා

      Delete
    2. මයියා කිවාම නිකං මෛන්ද මාත්තයා වගේ දැං

      Delete
  2. ලිඳඇවිල්ලා පස්ස.
    Thanks

    ReplyDelete
    Replies
    1. Sorry. ඇනෝ වැටුනෙ මේක මලකඩකාල නිසාද?
      Pra Jay

      Delete
    2. මටත් ඇනෝ වැටුනනෙ 😁

      Delete
  3. මළකඩ, මකුළුදැල් යමෙරට... කඩල පිරිසිදු කරල ගමු, ඉවාන්...

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවෙන් ගාණක් පාස් කරල දියං බාගයක් උඹට

      Delete
    2. අතිං තෙල් ගහගෙන දුවන්නෙ බොලං. රට සුඛිත මුදිත උනහම මූදල්ප්‍රතිපාදන දෙන්නං.

      Delete
  4. බ්ලොග් රෝලෙනුත් හැලිලා කියහංකෝ.. සුවල්ප කාලයක් කියල හිටියද ලැට්ටෙකට වෙලා නෙහ්?

    උඹ එදා අකුරු ගලපලා හරියට සංක කියලා ලියා ගත්තනම් අද මේ පෝස්ට් එක ලියන්න වෙන්නෙත් නෑ. අචිනි බලාගෙන හිටියේ උඹ ඔය අකුරු ටික ගලපා ගන්නකම් වෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. අචිනිලා බලා හිටියට අපි අහුවිනේ නෑ බ්‍රෝ 😁

      Delete
  5. දැන් නං කියන්නට හිතෙනව ලොකු රහසක්
    ඌරු මසට දැම්මා ලියවෙන බේතක්
    ඒකයි එදා ඔහෙලට දැනුණේ රසයක්
    දැන්නං රජෝ නොලියා නැහැ ගැලවිල්ලක්

    ReplyDelete
    Replies
    1. බඩු සුවර් මොනවා හරි දාලා

      Delete
  6. ඔබ නැවත ලියන්නට පටන් ගෙන! එය අපට මහත්වූ සතුටක්. ඔබගේ පාඨකයින් අප සේම සතුටු වෙනවා ඇති. දැන් නොනවත්වාම ලියන්න.
    ඉදිරියේ අප එකට එකතුවී දොඩමළුවන දිනකට එය මහත්වූ ආදරණීය දිරිගැන්වීමක් වනු ඇත!
    පොපි මල් හෙට පිපේවී!

    ReplyDelete
  7. ඔබ වැනි නැවත උපත ලද සහෘදයන් වෙනුවෙන් අපගේ සින්ඩියේ අළුතින් නවාතැන් පොලක් වෙන් කොට ඇත; නමින් "පුනරුප්පත්ති" ලෙස! එය අප වෙතින් ඔබට කෙරෙන ගෞරවයක් කොට සලකන්න!
    ඉවාන් ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ පමණක් නොව කිසිදු සින්ඩියක යාවත් කාලීන නොවේ. එය තාක්ෂණික දෝෂයක් සේ අප දකින්නෙමු. මේ පිළිබඳව සොයා බලන්න.

    ReplyDelete
    Replies
    1. ඒක කෝමද කරන්නෙ, දැං මතකත් නෑ මේකෙ වැඩ

      Delete
  8. වැව් බැම්මේ නා තුරු සෙවනේ
    පාළුව ඉහිරුනු සැඳෑ යාමයේ
    ඔබ අත ගන්නට පැතූ පැතුම්
    තරඟ පෙළක් සේ බිඳී ගියාදෝ
    මේ වැව් දිය තලයේ
    පෙර ඔබ එනතුරු කාලය ගනිමින්
    රැදී තනිව හුන් බස් නැවතුම ළග. .//
    බලා සිටින්නෙමි තනි වුනු දෑසින්
    ඔබ පෙර සේ ඒවිද කවදා..
    ඔහු අත ගෙන ඔබ මේ වැව් තලයේ . .
    දෙපා නගන විට මතු යම් දිනයක... //
    පතා සිටින්නෙමි ඔබ හට
    ආසිරි මා සිත පාරා ගිය ළඳුනේ...

    ගායනය ටී එම් ජයරත්න
    ගේය පද විජය රාමනායක
    සංගීතය මර්වින් පෙරේරා

    ReplyDelete
  9. හෙහ්හෙඃ මොකක්ද බම් අර කළ වැඩේ. අරක ගෙදට්ට කිව්ව හන්ද තමා... බොට අචිනිගෙ වැඩෙ චොර උනේ 😂

    ReplyDelete
    Replies
    1. Settings> Privacy වල Visible to search engines... ටික් එක දාලද බලන්න.
      Settings> Site Feed වල Allow blog feed, තියෙන්නෙ fullද බලන්න.

      Delete
  10. අඩේ තෑම්ස් නමියා. ඉඳං බලන්නං

    ReplyDelete
  11. ඔන්න මාත් ගොඩවුණා හොඳේ .

    ReplyDelete
  12. මේක මගෙ බ්ලොග්‍ රෝලෙ අප්ඩේට් වෙන්නෙ නෑ. ප්‍රාජේ තමයි මාකටින් කරලා පාර කිව්වෙ.
    මේ ලියන රටාව නියමයි. කාලෙකින් ආයෙ පරණ ලිපිවල රහම තියනවා. ඔහොම යමු..;)

    ReplyDelete
    Replies
    1. අම්මේ, සහකාර සාමාන්‍යාධිකාරී තුමා 🕵️

      Delete
  13. කවුද ලවුපූෂා කියන්නෙ. සිමෙන්ති බංකුවක් වෙනුවට ඔතන ලෑලි බංකුවක් තිබුණනං හොඳයිනෙ.

    ReplyDelete
  14. මේක අප්ඩේට් වෙන්නේ නැත්තේ ඇයි කියපන්. ළඟදීම පිටරට විස්තර කියවන්න ලැබේව කියා පතනවා. සිමෙන්ති බංකු ගෙනියන්න් ඕනේ නැහැ. ඕනේ තරම් තියනවා.

    ReplyDelete
    Replies
    1. සෙහ් පිටරට ගියාම ලියන්න ඕන 🤣

      Delete
  15. පට්ට බන්.

    අඩේ අයෙ ලියන එක නම් සුපිරි ඈ ❤️❤️

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]