Tuesday, October 26, 2021

හම්බන්තොටට ෆෝමියුලා වන ධාවන පථයක්

 හම්බන්තොටට ෆෝමියුලා වන ධාවන පථයක් 


කෘෂිකාර්මික මිත්‍යාව 

ලංකාව ගැන ඉස්සර ඉඳන්ම කියන්නේ කෘෂිකාර්මික රටක් කියලනේ, ඒත් ඔරකල් කාබනික ගොවිතැන කන්සෙප්ට් එකත් එක්ක තිබ්බ ගොවිතන්ටත් කෙලවෙලා ඇමිණිලා ඉන්න වෙලාවක් මේ. අපේ රටේ ගොවීන්ට අඩුවෙන්ම ලැබෙන්නේ කෘෂිකාර්මික තාක්ෂනය ඒ  වගේම තාක්ෂණික කෘෂිකර්මයකට යන්න ගොවියත්, රජයත් දෙකම අසමත්, අකැමතියි.  ඊශ්‍රායලය වගේ රටවල් වලින් ඒ තාක්ෂණය ගෙන්වන්න තරම් උවමනාවක් තියෙන බවක් පේන්නත් නෑ. විද්වතුන් කියන දේ  පිළිගන්න,නව පර්යේෂකයන්ට ඉඩ දෙන්න රජය විතරක්ම නෙවී ඔය කෘෂිකාර්මික පර්යේෂණ වගේම රටේ වගකිවයුතු තැන්වල ඉන්න නිලධාරින් පවා ඉඩක් දෙන්නේ නෑ.


සංචාරක ව්‍යාපාරය.

ලංකාවට ගොඩයන්න තියෙන පුළුල්තම මාර්ගය හැටියට හඳුන්වගන්නපුළුවන් වෙන්නේ සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත රැකියාවන් බිහිකිරීම තමා. දැන් කියන්න එපා කොරෝනා වගේ ලෙඩක් හැදුනම සංචාරයෙන් විතරක් ඉන්න හිටියනං අපිට කෙලවෙලා නේද , හෝටල් ක්ෂේත්‍රයේ  රැකියා අහිමි වුන පිරිස වගේ තව පිරිසක් බිහිකරන්නද හදන්නේ වගේ ටෝක්. සංචාරක කර්මාන්තය හරියට කරපු සිංගප්පුරුව, ඩුබායි, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල් වලට මොනවත් නොකර තව අවුරුදු 2ක් වුනත් වහගෙන ඉන්න අතේ සල්ලි තිබ්බා. අවශ්‍ය දේවල් පිටින් ගෙන්නලා හරි කන්න දෙන්න අතේ ඩොලර් තිබ්බා. 


ෆෝමියුලා වන ධාවන පථය හම්බන්තොටට 

ඒක කරන්න පුළුවන් නම් හොඳයයි. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේක හම්බන්තොටට යන එක. හම්බන්තොටට විතරක් නෙවේ අපි කියන්නේ රටේ කලාප තුනටම ඊ කියන්නේ උතුරු, නැගෙනහිර සහ දකුණ කියන ප්‍රදේශ ඉලක්ක කරලා මහා පරිමාන සංචාරක මධ්‍යස්ථාන පිහිටුවන්න  පුලුවන් නම් ඒක ලොකු දෙයක්. කොහොමත් එන්ටර්ටෙන්ට්මන්ට් කොටස බස්නාහිරින් ඉවතට ගෙනියලා ඈතට යවන තරමට හොඳයි. බස්නාහිර දියුණු වෙන්න ඕන වාණිජ නගරයක් හැටියට. 

හම්බන්තොට කියන්නේ ජනාධිපතිවරු අගමැතිවරු ඇමතිවරු එලෝ කෝටියක් බිහි කරපු තැනක් වුනාට හැමෝම දන්නවා ඒ පළාතේ ජන ජීවිතය තියෙන්නේ අන්තිම පහල අඩියක කියලා. ඉතින් ඒ මිනිස්සුන්ට ෆෝමියුලා ධහවන් අපත කන්නද ? ඊළඟ කාලලත් කියවන්න 


සංචාරක කලාප.

අපේ රටේ කන්න නැතිවුනාම සමෘදිය දුන්නට , රටට කන්න නැතිවුනාම සමෘදිය දෙන්නේ නෑ. ලෝක බැංකුවෙන් වත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේන්වත්, එලෝන් මස්ක්වත්, මුකේෂ් අම්බානිවත් , එයාලට ඒ තරම් පශ්චාත් භාග අමාරුවක් නෑ. අපි අයෝජකයෝ හොයන්න ඕන ඒ වගේ සංචාරක කලාප 3ක්වත් රටේ ඇතිකරන්න පුළුවන් මට්ටමේ. අනේ එයාලා මෙහෙ ඇවිල්ල ඒවා කරන්න එයාලට පිස්සු නෑ වගේ අමන කතා නොකියා ඒ සඳහා උනන්දුවක් ඇති යෝජනා ප්‍රවර්ධන ඇමතිකෙනෙක්, විදේශ ඇමතිකෙනෙක් සහ නිලධාරින් ඉන්න ඕන. ඒවා තෝරාගන්න තරම් මොළයක්වත් ජනාධිපති පුටුවේ වාඩිවෙන ඕන පඹයෙකුට තියෙන්න ඕන,


ප්‍රවාහනය . 

සංචාරක කලාප කොළඹින් බැහැරව ඉදි කලාම කොහොමද ට්‍රාන්ස්පෝර්ට් එක කරන්නේ , මෙහෙ ට්‍රැෆික් එකේ ඉන්න ගියොත් එන එවුන් ආපහු යයි. ඔන්න වැඩක් නොකරන එවුන්ගේ අනික් ප්‍රශ්නේ.  මේකට යෝදාගන්න් පුළුවන් අපේ ඩොමේස්ටික් එයාර් ලයින්ස්, ප්‍රවාහන වාර ගැන වැඩිවෙනකොට එක දරාගන්න පුළුවන් මිලකට කරන්න හැකියාවක් එනවා, නැත්තම් , උතුරු නැගෙනහිර සහ දකුණ කියල පළාත් තුනටම වැඩි ආපහසුවක් නැතිව මුහුදෙන් ප්‍රවාහනය කරන්න පුළුවන්. මේ සඳහා යටිතල පහසුකම් ඉදිකරන්න ණයදෙන්න ආයතන ඉන්නවා අපේ මාස්ටර් ප්ලෑන් එක හරියට ක්රියෙට් කරගන්න පුළුවන් නම්.


ලංකාව  සහ ලෝකය 

ලංකාවේ මේ වගේ කලාප ඉදික්රන්න පුළුවන් නම් , හරියට සිංගප්පුරුවේ සෙන්තෝසා අයිලන්ඩ්, මැලේසියාවේ සන්වේ ලැගූන්,  හොංකොං ඩිස්නි ලෑන්ඩ් වගේ. ලංකාව ඒ රටවල් එක්ක තරඟකාරී රටක් කරන්න පුළුවන්. සංචාරකයෝ බලන්නේ තමන්ට උපරිම වින්දනයක් අඩුම මුදලකට ලබන්න පුළුවන් ගමනාන්ත. හැමදාම නටබුන් බලන්නයි, 2500 ශ්‍රී විභූතිය බලන්නයි විතරක් සංචාරකයෝ එන්නේ නෑ.  මේවා එක්ක ගණිකා ව්‍යාපාරය මත්පැන් පටලවාගන්න එපා, සංකෘතිය ගැන බෙරිහන් දෙන්නත් එපා. ඒවා වෙනම කතා කරමු.  

ලෝකේ එක්ක බැලුවම ලංකාව කියන්නේ ඉතාම හොඳින් අඩුමිලට වැඩි සංචාරක ආකර්ෂණයක් දෙන්න පුළුවන් ගමනාන්තයක්.


ඉතිං ෆෝමියුලා වන්  ට්‍රැක් මේ වෙලාවේ ඕනෙද?

මේ වෙලාවේ තමා ඕනේ. මේකෙදි බලන්න ඕන, විමසන්න ඕන  ප්‍රශ්නය වෙන්නේ මේ ඉදිකිරීම කරන්නේ රටේ සල්ලි වලින්ද ආයෝජයක් හැටියටද කියලා, ආයෝජනයක් හැටියටනම් මේක තමා හොඳම අවස්තාව මේක කරන්න. තව මේවගේ ලොකු ඍජු ආයෝජන කීපයක් ගේන්න ගන්න පුළුවන් නම් මේ වෙලාවේ රට ඇතුලට ඩොලර් ගෙන්නගන්න හොඳම විදිහක්. අපි රටවැසියන්ට බඩගින්නේ ඉන්න්නකොට මාළු දුන්නට වෙනරටවල් වල දෙන්නේ බිලීපිත්තක්. අපිත් යැපුම් මානසිකත්වයෙන් මිදෙන්න ඕන දැන්වත්. නිකං ඉඳලා කන්න නෙවී, මහන්සිවෙලා වඩා හොඳ ජීවන තත්වයක් උදා කරගැනීම තමා රටවැසියන්ට පුරුදු කරනන ඕන. 


කවුද කොහොමද කරන්නේ.

මේක කරන්න නම් මේ සඳහා උණක් තියෙන විදේශ ඇමතියෙක්, සංචාරක ප්‍රවර්ධන සහ ආයෝජන ප්‍රවර්ධන ඇමතිකෙනෙක්, හරිහමන් නිලධාරින් පිරිසක් ඕන. ඒ සඳහා පිරිස තෝරාගන්න ජනාධිපතිවරයාට ඉව තියෙන්න ඕන.  ඇමතිලාට ඉව තියෙන්න ඕන. කියන  තරම් කිසිදෙයක් සුන්දර නෑ.  අපි වරෙන් කිව්වට ආයෝජකයෝ එන්නේ නෑ. හතරවරන් පච කෙලලා වැඩක් නෑ. ආයෝජකයන් එන විදිහට පරණ නීති සංශෝදනය වෙන්න ඕන. කොටින්ම රටක් හැටියට මාස්ටර් ප්ලෑන් එකට අනුගත වෙන විදිහට සෙකන්ඩරි ප්ලෑන්ස් ක්‍රියාත්මක වෙන්න ඕන.  එහෙම නැත්තං නිකම්ම කටට වැටෙනකන් බලන් ඉන්නවනම් ජොනි සීන්ස් ව ගෙන්නලා ඉස්සරහ දණගහගන්න 


1 comment:

  1. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]