Wednesday, November 5, 2025

වයිට් හොට් චොකලට්

 ඔන්න කලින්ම කිව්වා මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු කතාවක්, ඒ නිසා අවුරුදු හැටට අඩු, දහම් පාසල් යන, අම්මා ළඟ නිදාගන්න අය කියවන්ඩෙපා. 

අපි ඉස්සෙල්ලම ජොබක් කියලා එකක් කලේ කටුණායක. ඔය කාලේ නැවතිලා හිටියේ කුරණ, ඉතින් ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එකට වෑන් එකක් දීලා තිබ්බට අපේ බෝඩිමේ සෙට් එකෙන් වැඩි දෙනෙක් යන්නේ උදේ බස් එකේ. රජයට ආදායමක් ලැබෙන නිසා කිව්වට , කටුණායක ගාමන්ට් වල උදේ ශිෆ්ට් එකට යන ගෑල්ලමයි යන්නේ ඔය බස්වල නිසා. අපේ එවුන් අතරින් දෙතුන් දෙනෙක් සමහර ගාමන්ට් ෆැක්ටරි බස්වල ඩ්‍රයිවර්ලා එක්ක එහෙම යාළුවෙලා, බස් එකේ හෙල්පර් වගේ ඒවයෙත් එල්ලෙනවා. අපි නම් ඉතින් එච්චර අවදානමක් ගන්න ගියේ නෑ.

අපේ ඉතිං වැඩපලේ විස්සක් විතර හිටියට කුරණ බෝඩිමේ හිටියේ එකොළහක් විතර, එකෙනුත් දෙතුන් දෙනෙක් බස් එකේ හෙල්පර් වැඩේ කරන්න යන නිසා ඔතන උදේට ඉතුරු වෙන්නේ හයක් නැත්තන් හතක්  ඒකෙනුත් දෙන්නෙක් විතර වෑන් එකේ යනවා, සිරිමත්ලා. ඉතින් අන්තිමට හැමදාම හතරක් හෝ පහක් තමා එන බස්වල එල්ලෙන් යන්නේ. 

ඔය සෙට් එකේ ඔක්කොටම වගේ ඉතින් ඒ ගාමන්ට් යන නංගි කෙනෙක් අක්ක කෙනෙක් සෙට්වෙලත් හිටියා. 


අපේ සෙට් එකේ එකෙක් තමා රුපියලා , ඒ කියන්නේ ඒ කාලේ බස් එකේ කුරණ ඉඳලා ඇවරිවත්තට රුපියල් නවයයි ද කොහෙද, මතක නෑ. කොහොම හරි ගානට අනුව රුපියක් ඉතුරු දෙන්න ඕන කොන්දා, අනික් එවුන් සල්ලි දීලා ඉක්මනට බස් එක මැදට ගියාට මූ කවදාවත් කොන්දා ඉතුරු රුපියල දෙනකන් දොර ලඟින් හෙල්ලෙනේ නෑ. ඌගේ ජනප්‍රියතාවය ගැන කියවනං සමහර කොන්දොස්තර මල්ලිලත් ඌ නැති දවසට අහනවා මහත්තයා අද රුපියලා මහත්තය නැද්ද කියලා 


මේ අල්ල පනල්ලේ ඌ සිරා කරන්න කෙල්ලෙක් හොයාගෙන කියහන්කෝ. ඕන  ඉතින් දවසක් ඌ අපිව එක්කන් ගියා උගේ ප්‍රියම්බිකාව පෙන්නන්න. ඒකිව දැක්ක ගමන් අපේ සෙට් එකේ හිටපු, දෙන්නෙක් ගේ මූණ වෙනස් වුණා. කෙල්ලත් පොඩ්ඩක් අවුල් වුනා. හැබැයි එකෙක්වත් මොනවත් කිව්වේ නෑ. අරුන් දෙන්නට නිමලුයි කමලුයි කියමුකෝ. ඔන්න බෝඩිමට ආව ගමන් නිමලුයි කමලුයි දෙන්නා ආව මගේ කාමරේට මායි රුපියලයි එක කාමරේ, ඌ සුපුරුදු පරිදි හැමෝටම කලින් බාත්රූම්  එක උගේ කරගන්න නිසා ඌ නෑ. 


උන් කතාව පටන් ගත්තෙම 

"අඩේ උඹ මුට කියලා කොහොම හරි මේක නවත්තාපන්, ඌ  සිරාවටම ඒකිට වහ වැටිලා තියෙන නිසයි කියන්නේ"

"ඇයි මොකෝ සීන් එක"

" ඕකි එච්චර හොඳ එකියක් නෙවේ බං." 

" මචං, එහෙම කියන්න එපා.. ගාමන්ට් ගියාට......... කියලා මම හෙන හෑල්ලක් පටන් ගන්නකොටම 

" ...ත්තෝ  කියන එක අහපන් .. ඕකි ......වක්... අර මාස දෙකකට කලින් තිබ්බ මියුසිකල්  එක දවසේ  අපි දෙන්නා ඒකිව ඉස්සුවා යකෝ.. දැන දැන  මේ අහිංසකයට ඕක කරගන්න දෙන්නද උඹ කියන්නේ."

" මගුලයි" 


එදා ඉඳලා අපේ සියලුම උත්සාහයන් ගතවුනේ රුපියලාව මේකෙන් බේරගන්න. ඒත් කොහෙද ඌ  නෙවේ අපි කියන ඒවා කනකට ගන්නේ. අන්තිමට ඌට ඇත්තම කිව්වත් , එදා හවස කෙල්ලව හම්බවෙන්න් අගිහින් ආව ඌ නිමල් කමල්  එක්ක කතා  කරන එක නැවැත්තුව එක විතරයි  වුනේ.


අන්තිමේ අපි ඉතින් ඌට කියන එක නැවැත්තුවා.  අරුන් දෙන්න කියපු එක හරි කියලා තෙරේන්න වැඩි කාලයක් ගියේ නෑ. ඔච්චර  අරපිරිමැස්මෙන් වැඩකරන එකා,  පඩිය ලැබිලා සති දෙකක් විතර යනකොට එක එකාට ණයවෙන්නත් ගත්තා, ඉස්සර වෙන කාටහරි ණයක්  ඕන වුනාම් ඉල්ල ගත්තේ උගෙන්, පස්සේ ඌට ණයට  දීලා ඉවරයක් නැති පාර අකට්ටිය උ එනකොට හැංගෙන්න ගත්තා 


මෙහෙම ගිහින් රුපියලා  අරකිව බඳිනවා කියලා අපිට කාඩ් බෙදුවා. ආයේ මුට එතනින් එහාට කියලා වැඩක් නැති නිසා හැමෝම සයිලන්ට් වුනා. හැබැයි ටික ටික ලංවෙනකොට මුගේ හිතේ අරුන් දෙන්න කියපුව ගැන පොඩි කුකුසක් වගේ එකක් තියෙනවා කියලා අපිටත් තේරුණා. හැබැයි ඌට කියලා වැඩක් නැතිනිසා අපි සද්දේ වහලා හිටියා, 


ඔන්න වෙඩිමට දවස් හතරකට කලින් මූ නිවාඩු යන්න කලින් දවසේ කස්ටිය සෙට්වෙලා බෝඩිමේ උගේ අවසන් රාත්‍රිය සමරන්න ගත්තා. මේ අස්සේ නිමල් කමල් ගේ කතාව ගැන මු ආයේ ඇහුවා, 


මචං..  හරි උඹලා කිව්ව එක ඇත්තම කියලා හිතමුකෝ, දැන් එහෙම නෑනේ..


අනේ... ... ත්තෝ ...


හරි උඹලා කියන එක ඇත්තද  බොරුද  කියලා හොයාගන්න විදිහක් කියපං, 


හරි එක ඇත්තනම් උඹ මේ වෙඩිම නවත්තනවද,


නෑ .. එහෙම කරන්න බෑනේ දැන් 


එහෙනම් ඕක  හිතන්නේ නැතුව බැඳලා  සතුටින් හිටපන්,, නිමලා ඒක කිව්වේ බොක්කෙන්මයි, 


ඒ වුනාට කට කැඩිච්ච කමලා පරණ ජෝක් කතාවක් ඇදගෙන උපදෙස් දුන්නා, 

 "මේ උඹ හනිමුන් එක දවසේ උඹේ ..ට දෙක පාට දෙකකින් පාට කරගෙන  පලයන්, කෙල්ල ඕක දැකලා අම්මෝ මම මෙහෙම ..ට දෙකක් දැක්කමයි කියලා කිව්වොත් ඔන්න බඩු  හරි, උඹ තේරුම් ගනින් .."  කට්ටියම ඕකට හිනාවුනා, 


කොහොම හරි ඌ සති දෙකකට නිවාඩු ගියා අපිත් බිසී වුනා, ඌ ආයේ එනකම්ම අපිට වැඩි නිච්චියක් තිබ්බේ නෑ. 


ඔන්න සති දෙකකට පස්සේ මූ වැඩට ආව, එදා රෑ ඌ  ආපසු පැමිණීමේ පාටිය. 


"ඉතින් කියපන්කො බං  විස්තර" 


"මං උඹලා කිව දේ කළා,  ඒකි  එහෙම නෑ  බං, අපරාදේ මම උඹලා කිව්ව දේවල් අහලා එකී නැතිකරගත්නා නං  එහෙම"


"මොකක්ද බං  අපි කිව්වේ"


"ඇයි අර පාට  දෙකෙන් පාට කරන්  යන්න කිව්වේ,


"මොකක්,, උඹ පාට කරගෙන ගියාද"


"ඔව්  හැබැයි පාට තිබෙබ් නෑ , මම හුණු ගාගෙන ගියා" 


"මොන හුණු ?"


"කන හුණු බන විට එක්ක"


"යකො පිස්සුද , උබේ ගැජට් එක වැටෙයි "


"නෑ  ගොඩක්  ගෑවේ නෑ. පොඩියට ඉරි තුනක් ඇඳගෙන ගියේ. 


හනේ යකෝ ... ඉතින් ඇහුවද කාගේද  මේ  ලේනා කියලා"


"අනේ පල යන්න ..."


"එහෙනම්....?"


"මගෙන්  ඇහුවා,මේ වයිට් චෝකලට්ද  කියලා, ඒවානම් ඔහොම රසයි  කිව්වා"



මං  හිතන්නේ අපි තුනේදෙනාම පුටුවලින් වැටුනද කොහෙද 



1 comment:

  1. චෞර ශුරි ලෝකල් නැපෝලියන් නොහොත් ලෝටස් අජ්ජා #ඩුවක් ගහන්න ගිහිං දිව දාලා.

    මිනිහා මතක් උනා මේ කතාව කියෙව්වාම.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]