ඔන්න කලින්ම කිව්වා මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු කතාවක්, ඒ නිසා අවුරුදු හැටට අඩු, දහම් පාසල් යන, අම්මා ළඟ නිදාගන්න අය කියවන්ඩෙපා.
අපි ඉස්සෙල්ලම ජොබක් කියලා එකක් කලේ කටුණායක. ඔය කාලේ නැවතිලා හිටියේ කුරණ, ඉතින් ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එකට වෑන් එකක් දීලා තිබ්බට අපේ බෝඩිමේ සෙට් එකෙන් වැඩි දෙනෙක් යන්නේ උදේ බස් එකේ. රජයට ආදායමක් ලැබෙන නිසා කිව්වට , කටුණායක ගාමන්ට් වල උදේ ශිෆ්ට් එකට යන ගෑල්ලමයි යන්නේ ඔය බස්වල නිසා. අපේ එවුන් අතරින් දෙතුන් දෙනෙක් සමහර ගාමන්ට් ෆැක්ටරි බස්වල ඩ්‍රයිවර්ලා එක්ක එහෙම යාළුවෙලා, බස් එකේ හෙල්පර් වගේ ඒවයෙත් එල්ලෙනවා. අපි නම් ඉතින් එච්චර අවදානමක් ගන්න ගියේ නෑ.
අපේ ඉතිං වැඩපලේ විස්සක් විතර හිටියට කුරණ බෝඩිමේ හිටියේ එකොළහක් විතර, එකෙනුත් දෙතුන් දෙනෙක් බස් එකේ හෙල්පර් වැඩේ කරන්න යන නිසා ඔතන උදේට ඉතුරු වෙන්නේ හයක් නැත්තන් හතක් ඒකෙනුත් දෙන්නෙක් විතර වෑන් එකේ යනවා, සිරිමත්ලා. ඉතින් අන්තිමට හැමදාම හතරක් හෝ පහක් තමා එන බස්වල එල්ලෙන් යන්නේ.
ඔය සෙට් එකේ ඔක්කොටම වගේ ඉතින් ඒ ගාමන්ට් යන නංගි කෙනෙක් අක්ක කෙනෙක් සෙට්වෙලත් හිටියා.
*******
අපේ සෙට් එකේ එකෙක් තමා රුපියලා , ඒ කියන්නේ ඒ කාලේ බස් එකේ කුරණ ඉඳලා ඇවරිවත්තට රුපියල් නවයයි ද කොහෙද, මතක නෑ. කොහොම හරි ගානට අනුව රුපියක් ඉතුරු දෙන්න ඕන කොන්දා, අනික් එවුන් සල්ලි දීලා ඉක්මනට බස් එක මැදට ගියාට මූ කවදාවත් කොන්දා ඉතුරු රුපියල දෙනකන් දොර ලඟින් හෙල්ලෙනේ නෑ. ඌගේ ජනප්‍රියතාවය ගැන කියවනං සමහර කොන්දොස්තර මල්ලිලත් ඌ නැති දවසට අහනවා මහත්තයා අද රුපියලා මහත්තය නැද්ද කියලා
මේ අල්ල පනල්ලේ ඌ සිරා කරන්න කෙල්ලෙක් හොයාගෙන කියහන්කෝ. ඕන ඉතින් දවසක් ඌ අපිව එක්කන් ගියා උගේ ප්‍රියම්බිකාව පෙන්නන්න. ඒකිව දැක්ක ගමන් අපේ සෙට් එකේ හිටපු, දෙන්නෙක් ගේ මූණ වෙනස් වුණා. කෙල්ලත් පොඩ්ඩක් අවුල් වුනා. හැබැයි එකෙක්වත් මොනවත් කිව්වේ නෑ. අරුන් දෙන්නට නිමලුයි කමලුයි කියමුකෝ. ඔන්න බෝඩිමට ආව ගමන් නිමලුයි කමලුයි දෙන්නා ආව මගේ කාමරේට මායි රුපියලයි එක කාමරේ, ඌ සුපුරුදු පරිදි හැමෝටම කලින් බාත්රූම් එක උගේ කරගන්න නිසා ඌ නෑ.
උන් කතාව පටන් ගත්තෙම
"අඩේ උඹ මුට කියලා කොහොම හරි මේක නවත්තාපන්, ඌ සිරාවටම ඒකිට වහ වැටිලා තියෙන නිසයි කියන්නේ"
"ඇයි මොකෝ සීන් එක"
" ඕකි එච්චර හොඳ එකියක් නෙවේ බං."
" මචං, එහෙම කියන්න එපා.. ගාමන්ට් ගියාට......... කියලා මම හෙන හෑල්ලක් පටන් ගන්නකොටම
" ...ත්තෝ කියන එක අහපන් .. ඕකි ......වක්... අර මාස දෙකකට කලින් තිබ්බ මියුසිකල් එක දවසේ අපි දෙන්නා ඒකිව ඉස්සුවා යකෝ.. දැන දැන මේ අහිංසකයට ඕක කරගන්න දෙන්නද උඹ කියන්නේ."
" මගුලයි"
එදා ඉඳලා අපේ සියලුම උත්සාහයන් ගතවුනේ රුපියලාව මේකෙන් බේරගන්න. ඒත් කොහෙද ඌ නෙවේ අපි කියන ඒවා කනකට ගන්නේ. අන්තිමට ඌට ඇත්තම කිව්වත් ඌ නෙවේ පිළිගත්තේ,
ඊට පස්සේ අපි අවසාන තුරුම්පුව ගැහුවා , අපේ සෙට් එකේ අනික් එකා , ඌට පියල් කියමුකෝ , ඔය පියල්ගේ කෙල්ල වැඩ කලෙත් මේ රුපියලාගේ කෙල්ලගේ ගාමන්ට් එකෙමයි . පියල් කපල් එක ඉතින් ගෙවල් වලින් එහෙමත් කතාබහ කරලා බොහොම සාමකාමී ලව් එකක් අරග ගියේ , අපි අන්තිමට පියල්ගේ ගෑල්ලමයට කිව්වා විස්තරේ , ඒ කෙල්ල ඔලුවේ අත ගහගත්තා . අන්තිමට අපි එයා ලව්වත් රුපියලාට කියෙව්වා මෙයාගේ කැරැට්ටුව. ඒත් සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් එදා හවස කෙල්ලව හම්බවෙන්න ගිහින් ආව රුපියලා නිමල් කමල් සහ පියල් විතරක් නෙවේ , මාත් එක්කත් කතා කරන එක නැවැත්තුව එක විතරයි වුනේ.
අන්තිමේ අපි ඉතින් ඌට කියන එක නැවැත්තුවා. අරුන් දෙන්න කියපු එක හරි කියලා තෙරේන්න වැඩි කාලයක් ගියේ නෑ. ඔච්චර අරපිරිමැස්මෙන් වැඩකරන එකා, පඩිය ලැබිලා සති දෙකක් විතර යනකොට එක එකාට ණයවෙන්නත් ගත්තා, ඉස්සර වෙන කාටහරි ණයක් ඕන වුනාම් ඉල්ල ගත්තේ උගෙන්, පස්සේ ඌට ණයට දීලා ඉවරයක් නැති පාර කට්ටිය රුපියලා එනකොට හැංගෙන්න ගත්තා
මෙහෙම ගිහින් රුපියලා අරකිව බඳිනවා කියලා අපිට කාඩ් බෙදුවා. ආයේ මුට එතනින් එහාට කියලා වැඩක් නැති නිසා හැමෝම සයිලන්ට් වුනා. හැබැයි ටික ටික ලංවෙනකොට මුගේ හිතේ අරුන් දෙන්න කියපුව ගැන පොඩි කුකුසක් වගේ එකක් තියෙනවා කියලා අපිටත් තේරුණා. හැබැයි තවදුරටත් අපි සද්දේ වහලම හිටියා,
ඔන්න වෙඩිමට දවස් හතරකට කලින් මූ නිවාඩු යන්න කලින් දවසේ කස්ටිය සෙට්වෙලා බෝඩිමේ උගේ අවසන් රාත්‍රිය සමරන්න ගත්තා. තරහ මරහ අමතක කරලා අපිම ඒක සංවිධානය කළා. මේ අස්සේ නිමල් කමල් ගේ කතාව ගැන මු ආයේ ඇහුවා,
"මචං.. හරි උඹලා කිව්ව එක ඇත්තම කියලා හිතමුකෝ, දැන් එහෙම නෑනේ.."
"අනේ... ... ත්තෝ ..."
"හරි උඹලා කියන එක ඇත්තද බොරුද කියලා හොයාගන්න තහවුරු කරගන්න විදිහක් කියපං"
"හරි ඒක ඇත්තනම් උඹ මේ වෙඩිම නවත්තනවද,"
"නෑ .. එහෙම කරන්න බෑනේ දැන් "
"එහෙනම් ඕක හිතන්නේ නැතුව බැඳලා සතුටින් හිටපන්",, නිමලා ඒක කිව්වේ බොක්කෙන්මයි,
ඒ වුනාට කට කැඩිච්ච කමලා පරණ ජෝක් කතාවක් ඇදගෙන උපදෙස් දුන්නා,
"මේ උඹ හනිමුන් එක දවසේ උඹේ ..#ට දෙක පාට දෙකකින් පාට කරගෙන පලයන්, කෙල්ල ඕක දැකලා අම්මෝ මම මෙහෙම ..#ට දෙකක් දැක්කමයි කියලා කිව්වොත් ඔන්න බඩු හරි, උඹ තේරුම් ගනින් .." කට්ටියම ඕකට හිනාවුනා,
කොහොම හරි ඌ සති දෙකකට නිවාඩු ගියා අපිත් බිසී වුනා, ඌ ආයේ එනකම්ම අපිට වැඩි නිච්චියක් තිබ්බෙත් නෑ.
ඔන්න සති දෙකකට පස්සේ මූ වැඩට ආව, එදා රෑ ඌ ආපසු පැමිණීමේ පාටිය.
"ඉතින් කියපන්කො බං විස්තර"
"මං උඹලා කිව දේ කළා, ඒකි එහෙම නෑ බං, අපරාදේ මම උඹලා කිව්ව දේවල් අහලා එකී නැතිකරගත්නා නං එහෙම"
"මොකක්ද බං අපි කිව්වේ"
"ඇයි අර පාට දෙකෙන් පාට කරන් යන්න කිව්වේ,"
අපි හතර දෙනාට මූණින් මූණ බැලුණේ , අනේ මූ වගේ හරකෙක් , මෝඩ මූසලයෙක් කියලා කියාගන්න බැරිම තැන
"මොකක්,, උඹ පාට කරගෙන ගියාද"
"ඔව් හැබැයි පාට තිබ්බේ නෑ , මම හුණු ගාගෙන ගියා"
"මොන හුණු ?"
"කන හුණු බන විට එක්ක"
"යකො පිස්සුද , උබේ ගැජට් එක වැටෙයි "
"නෑ ගොඩක් ගෑවේ නෑ. පොඩියට ඉරි තුනක් ඇඳගෙන ගියේ."
"හනේ යකෝ ... ඉතින් ඇහුවද කාගේද මේ ලේනා කියලා"
"අනේ පල යන්න ..."
"එහෙනම්....?"
"මගෙන් ඇහුවා,මේ වයිට් චොකලට්ද කියලා, ඒවානම් ඔහොම රසයි කිව්වා"
මං හිතන්නේ අපි හතර දෙනාම පුටුවලින් වැටුනද කොහෙද

චෞර ශුරි ලෝකල් නැපෝලියන් නොහොත් ලෝටස් අජ්ජා #ඩුවක් ගහන්න ගිහිං දිව දාලා.
ReplyDeleteමිනිහා මතක් උනා මේ කතාව කියෙව්වාම.
හප්පට සිරි , දිව නැද්ද
Deleteපදිංචියට ධනවාදී රටවල්වලට ගිය අය එහෙ ඉඳන් මෙහෙ සමාජවාදෙ හදන්ට ට්‍රයි කරන්නෙ ඇයි ?
Deleteපදිංචියට ධනවාදී රටවල්වලට ගිය මිනිස්සුන්ට එහෙදි මෙහෙ වගේ ආන්ඩුවෙන් දෙන සුබසාධනෙන් උලාකකා ඉන්න බෑ, එහෙදි ජීවත්වෙන්න නම් වැඩකරන්න ඕන.. ඒ වගේම එහෙදි අපෙ අය දෙවන ගනයේ පුරවැසියො පිරිසක්. මේ අයට එහෙ මුල් පුරවැසින් අතින් කෙයාර් නොකිරීම් වගේ දේවලුත් සිද්ද වෙනව. එතනදි පිටස්තර බවක්, යම් හීනමානයක් මේ අයට දැනෙන්ට ගන්නවා.
එතකොට මෙහෙන් එහෙට ගිය අපේ කට්ටියගේ ඔළුවේ වැඩකරන්ට ගන්නවා මෙහෙම මනෝ විකාරයක්.. “ලංකාව කේතුමතියක් වෙලා තිබ්බ නම් අපිට වැඩට මෙහෙට එන්න වෙන්නෙ නෑ. බටහිර එවුන්ට, අරාබිකාරයන්ට, ජපනුන්ට, කොරියොන්ට තමා වැඩ හොයාගෙන ලංකාවට එන්න වෙන්නෙ.. එහෙම උනා නම් අපි මහේශාක්‍ය සහ උන් අපේ ගාව දෙවන පුරවැසියො වෙලා වැඩ..”
මේකට ඊළඟට හොයාගන්නවා ලංකාව කේතුමතියක් කරන්ට දුන්නෙ නැති හතුරෙක්..
ඒකට අහුවෙන්නෙ ප්‍රබාකරන්, හිටපු පාලකයෝ, වගේ අරුං මුන් තමා…
එහෙ ස්වදේශිකයො මුන්ව පීච්චං කරන්ට කරන්ට ලංකාව ස්වර්ගයක් කරන්ට දුන්නෙ නැති ප්ර්රබන්ධ දුෂ්ඨයාට එරෙහි බොක්කෙ වෛරය පැහැවන්ට ගන්නවා.. “වයින් බෝතලයක්ම බිව්ව” කියන හාදයගෙ ගෝත්‍ර වාක්‍යවල මූලය එන්නෙත් එතනින්.
ඇත්තටම ගත්තම කේතුමතී මඟුල පැත්තකින් තිබ්බත් ලංකාව තරමක හෝ දියුණු රටක් බවට පත්කරන්ට බැරි උනේ විදෙස් ආයෝජකයන්ට සහ ජාත්‍යන්තර ප්රාග්ධනයට රට ඇතුලට එන්ට නොදී පලිගහගහ අරගල කරපු, පොලොවෙ පස්කාපු ජාතික හා ජාතිවාදී වම්මු නිසා..
ලංකාවේ පාලකයො කියන්නෙත් ලංකාවේ ජනතාවගෙම කොටසක්.. උන් දෙන්නෙත් මේ අන්දොස් ජනතාව ඉල්ලන දූපත්වාදී සුබසාධන දේශපාලනයම මිස වෙන එකක් නෙමේ..
හොරකම කියන එකත් සන්දර්භගත ජනතා ගතිකයක්.. මේකෙ මොකා ආන්ඩු බලය ගත්තත් ටික කාලයක් යනකොට උන් හිටපු උන්ට වඩා පට්ට හොරු වෙනවා..
යකෝ ඇනෝ , අම්මප ඇත්ත
Deleteසාමාන්‍යයෙන් වාහනයකට පර්මිට් එකක් දෙන්න පුළුවන් ආණ්ඩුවට. බදු රහිතව උපරිම සීමාවකට යටත් කරන්නත් පුළුවන් ඕන නම්.
Deleteබද්දෙන් ලක්ශ 20ක් වගේ නිදහස් කරලා බලපත්‍ර දුන්නා නම් වැගන් R වගේ වාහන සියලුම මන්ත්‍රීලට දෙන්න පුළුවන්. එහෙම දෙද්දී දොස්තරලා වගේ අය අතේ තියෙන බලපත්‍ර ටිකටත් වාහන ගේන්න දෙන්න වෙනවා.
ආණ්ඩුව ඒකට කැමති නෑ. සාමාන්‍ය රාජ්‍යය සේවකයට නොදී මන්ත්‍රීලට විතරක් වාහනයක් දෙන්න තමයි මේ දත කන්නේ.
ඔය පර්මිට් එකට ආණ්ඩුවට යන වියදම 0යි. හැබැයි රජයෙන් නඩත්තු වෙන වාහන දුන්නම වෙන්නේ මෙන්න මේක.
මුලින්ම ඔය මිලියන 12500 /225= කෝටි 5ක් වගේ. එච්චර එපා ලක්ශ 150ක් තියමු වාහනේකට.
දැන් ඔතන වාහන 225ක් ගේනවා. ගෙනාවම රජයට බදු ලැබෙනවද? නෑ නේ. 225ක් වාහන ගෙනෙද්දී පවා රජයට ලැබෙන ආදායම 0යි.
වාහන ගෙනාවම කියලා හිතමු. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ වාහනයක් මාසෙකට දෙපාරක් සර්විස් එනවා. මොකද ඒ අයට අපිටවගේ ගෙදර වාහන තියාගෙන ඉන්න බෑ.
පටම් ගද්දීම ගෙනාව ගමන් වාහන ටික මොඩිෆයි කරලා, අවශ්‍ය පොඩි පොඩි කෑලි හයි කරලා ටින්ටඩ් එක ගහන්න අඩුම එකෙන් 100,000ක් තියමු.
වාහනේ පාරට දැම්මා දැන්.
දාපු ගමන් ආණ්ඩුවේ වාහනයක් නම් පදින්න රියදුරු ඕන. අඩුම පඩියක් OT එක්ක 60,000ක් තියමු. මදි උනාට රට අමාරුවෙන් නේ දුවන්නේ.
Ford Ranger වගේ එකකින් හදමු. ඊට හොද එකක් ගන්නේ නෑ කියලා හිතලා.
මාසෙකට කිලෝමීටර් 8000යි දුවන්නේ. ඊට වඩා දුවනවා. ඒ උනාට සාධාරණ වෙන්න එපැයි.
සාමාන්‍යයෙන් තෙල් ලීටර් එකකින් 9Km දුවනවා කියලා ගමු. 7,8න් තමයි පත බැලන්ස් වෙන්නේ කමක් නෑ.
ඔය වගේ වාහනේකට සුපර් ඩීසල් ගහලා 8000න් හැදුවොත් අවුරුද්දකට තෙල් වලට යනවා 3,338,664 අවුරුදු 5ට තෙල් විතරක් Rs. 16,693,320 . ලක්ශ 166. මිලියන 16ක් තෙල් හොදේ.
රියදුරුට 60,000න් තිබ්බොත් 3,600,000. ලක්ශ 36. මිලියන නම් 3.6ක්.
10,000 න් සර්විස් කරනවා. සර්විස් එක 35,000න් තියමු. ආණ්ඩුව වාහන සර්විස් කරද්දී ඔයිට වැඩිවේවි. කිරිටොයිය වාහන නේ.අවුරුද්දකට 336,000ක් යනවා ඒකට. විශේෂ ඔයිල් දාන විශේෂයෙන්ම ෆිල්ටර් දාන එව්වා නෑ හොදේ. අවුරුදු 5ට 1,680,000ක්. මිලියන 1.6ක්.
ඔය වාහනේක ඔරිජිනල් ටයර් එකක් 70,000ක් වගේ වෙනවා. ඔය ගානට දිව්වම 480,000ක් වගේ එනවා අවුරුදු 5ට. එතකොට ටයර් වියදම 2,240,000. මිලියන 2.2යි.
බැටරියක් 55,000ක් වගේ අඩුවට ගන්නවා. බැටරි දෙකක් දාන්න වේවි අවුරුදු 5ට. 110,000ක් තියමු. අඩුවට.
රෙපයාර් වලට මාසෙට 12,000 වගේ ආසන්නව බලලා. අවුරුදු 5ටම 750,000ක් තියමු. ඔය අතරේ ඕකුන් ශුවර් එකටම හප්ප ගන්නවා. ඒවා අමතර වියදම් හොදේ.
ඉශුවරන්ස් එක 1.25%ක් කියකා තියමු.අවුරුදු 5ට 937,000ක් වගේ. හැපෙන තරමට වැඩි වෙනවා. ඒවා අතාරිමු.
ලයිශන් එකරන්න අවුරුදු 5ට 125,00ක් වගේ තියමු.
වැදගත්ම එක වාහන ක්ෂය වෙන්න එපැයි. 15%න් හදමු. අවුරුදු 5 ඉවර වෙද්දී වාහනේ වටින කමෙන් ඉතුරු 45%යි. ඒ කියන්නේ ඒ වෙද්දී වාහනය වටින්නේ. මිලියන 6.7. මිලියන 15කට ගත්ත එක.
ඔය ඔක්කොම හදලා මාසෙකට බෙදලා ගත්තම මාසෙකට එක වාහනේකට අපි අමතර බදු ගෙවන්න ඕන 573,000ක්.(ක්ෂය එක්කම)
අවුරුද්දකට නම් 6,876,000ක් ශුද්ද පාඩුව.
අවුරුදු 5ට එක මන්ත්‍රී කෙනෙක් වෙනුවෙන් අපි පාඩු ගන්න ඕන 34,385,820ක්. ලක්ෂ 343ක්. මිලියන 34ක්. කෝටි 3.4ක්.
225ම ගන්නවා නම් ලක්ෂ 99,675. මිලියන නම් 9967. කෝටි නම් 996.
දඹුල්ලයි දෙනියායයි ඉස්පිරිතාල දෙකටම වෙන් කලේ මිලියන 1000යි. ආසන්න වශයෙන් අවුරුදු 5 ඇතුලේ ඒ ජාතියේ ඉස්පිරිතාල 20ක් හදන්න පුළුවන් මේ මන්ත්‍රීලට සැප දෙන සල්ලී වලින්.
ඉස්පිරිතාල 20ම හදන්න පුළුවන් වාහනගේන එකෙන් නෙවෙයි. නඩත්තුවෙන් විතරක්.
පර්මිට් එක දීලා පුකට දෙකක් දීලා පුළුවන් නම් ගනින් , බැරිනම් ඒක විකුණලා තමන්ට පුළුවන් එකක් ගනින් නොකියා ගහපු කයිය වහගන්න ආණ්ඩුව රටට කරන පාඩුවක්.
මේවා තමයි දවල් මංකොල්ල කියන්නේ.
යකෝ
Deleteරෙජිස්ටරේ මාක් කරල යන්න ආවෙ. ආයෙ එන්නං සාකච්චාවට කස්ටිය ආවාම.👌😁
ReplyDeleteහ්ම්ම්
Deleteමට තේරෙනවා සෑර්. මම වගේ චරිතවත් පක්සියෙක් කොහොමද මේ සාකච්චාවට එන්නෙ කියල නේද ඔය අහන්නෙ? හ්ම්...කිව්වා, වැටක් ගැහුවා, ලින්ක් එකක් දාලා සුරුස්...😁
DeleteHmm
Deletehttps://www.youtube.com/watch?v=ZSKEYCslZbc
Deleteහපෝයි! ක්විකි එකක් - ඇන්නා, පැන්නා. හ්ම්...Barred Owl 🤔 බැන්චියට නැගපු අවුලෙක් වෙන්ටෑ?😜
Deleteඇන්නා පැන්නා ඇණ නෑ
Deleteසහකාර සාමන්‍යාධිකාරී බසු බොස් , ඔබතුමා දහම්පාසල් ගිය හැ දිච්ච් දරුවෙක් බව මා දන්නවා
Deleteහැබැයි ප්‍රාජේ ව ආස්සරේ කරන්න එපා
Deleteඅපි ඔය වචන වලින් වෙඩි තියා ගත්තට, උන්දෑ රටක් වටින ගොබිලා.😜
Deleteසාක්කියට කෙනෙක් ඕනි නං මං ඉන්නවා!
Deleteවෑන් එකේ දොර ඇරල වහන්න ඕනනං මායි අලකොමයි ඉන්නව.
Delete_____________________________________
Delete@නිදි, නාග
Deleteආන්න ඒකයි අවයවය.😁
කෝ බම් මේ ගමරාළ? සුරුට්ටුවක් ගහල වැටිලවත්ද? මාත් බ්ලැක් පෝක් කරියක් හැදුවා. දැන් යනවා ඒක එක්ක බැගට් කන්න.😊
සරාාාාාස්.... දඩං.
Deleteමළා. හදිසියට ඇරල වැහුවෙ ස්ලයිඩිං දොර.!
නෙක නෙක ජාති චොකලට් දැන් වැහි වැහැලා
ReplyDeleteසමහර විටෙක නම විතරක් වෙනස් වෙලා
තිබ්බත් රහේ නෑ වෙනසක් නං දැනිලා
ඒත් වයිට් චොකලට් මරු, රස පිරිලා
උඹ නං කොල්ලොන්ගේ කැරි කන සමලිංගික පොන්න පිළිකාවා නේද
Deleteඅන්න නිදි අයියට තේරුනා
Deleteවෙනදට උඹ අනික් එකේ ගාගෙන යන්නෙ ඩාක් චොකලට් ද?
ReplyDeleteඅන්වස්ස පස්න අහන්නෙපා පසන්න
Deleteදැන් හැමදාම ගාපන්කෝ හුණූ!
ReplyDeleteයකෝ දවස ගානේ මාරු කරනවද
Deletemaru
ReplyDeleteහායි ඉයන් බොස්
Deleteඉස්සර මේ බ්ලොග් එක, මගේ බ්ලොග් රෝලට ආවෙ නෑ.
ReplyDeleteදැන් දෙක, දෙක එනවා ( ඉස්සර එකම, දෙකට නැමිලා එනවා වත්දෑ?🤔😜)
ඇරියස් කවර් කරනවා මම
Deleteඇත්තටම ඉවාන් ඔයා දන්නව ඇති අප්‍රිකාව මේ දවස්වල කෘෂිකාර්මික සංවර්ධනය කොයිතරම් දුරට සාර්ථක මට්ටමක කරගෙන යනවද කියල කොහොමද බුර්කිනා පාසෝ වල දෙන ගේම? ඉස්සරලා කරන්ටිිබිල අඩුකරලා.ටැක්ටර් දිලා,වතුර මැසින් දිලා, දෙන්ඩ ඔිිනි සියලු කෘෂිකාර්මික දේවල් දිලා නිකන් වගාවෙන් ගොඩයන්න. මෙ වෙද්දි පුංචි අපේ ඉන්දීය සාගරේ අමුතු ඇටේ උදැල්ලක් රු. 4000, තේල් ගහන (හෙස්ප්රේ )ටැන්කියක් කලින් 2023 මුල රු 3000.00 ඒකට දැන් දැන් රු 17,000, ලාම්පුතෙල් මේ අවුරුද්ද මුල රූ 280 ගානට ගියේ දැන් කියද දන්නෙත් නැ.වතුර ගහන අගල් 2 කුබොටා වතුර මොටරේ 2023ට කලින් 15,000 දාහයි.දැන් 55,000 යි. කොරයි ගොවිතැන්. බට්ටෙක් අරන් බිස්නස් එකක් පටන් ගන්න හිතුවා 2023ට කලින් ලක්ෂ 14 යි අන්රෙජිස්ටර් .දැන් ලක්ෂ 45 යි කොරයි බිස්නස්.ආත්ම දෙකක් යනවා වාහනේ ගාන හොයාගන්න විතරක්ම.😂😂😂😂
Deleteඇනෝ , කතාව ඇත්ත . ඒ වුනාට ඩබල් කැබ් දෙනවනේ :D
Deleteමෙන්න ඔයිට සමාන තව එකක්
ReplyDeletehttps://www.facebook.com/share/p/1H22NkjY74/
ඒකෙ දිග
Deleteඅම්බලන්ගොඩ එව්ව දිගයි...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලංකාවේ වට්ස්ඇප් හරහා ප්‍රචාරය කරන මේ කමෙන්ට් එක හැම බ්ලොග් එකකම දාන්න, මේක වට්ස්ඇප් ෆේස්බුක් වගේ ජාල හරහා හැමෝටම ෂෙයාර් කරන්න
ReplyDelete///
Forwarded many times
ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන 'රටම එකට' නම්වූ පසුගිය වසර 76 පුරා පැවති දූෂිත දේශපාලකයන් විසින් රට පුරා පතුරවා තිබෙන විෂ මත්ද්‍රව්‍ය නමැති මත් රකුසාට එරෙහිව සිදුකරන දීපව්‍යාප්ත දැවැන්ත ක්‍රියාන්විතය පක්ෂ පාට බේදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට ජාතික ජන බලවේග පක්ෂයේ සියලුම සාමාජිකයන් ස්වේච්ඡාවෙන්ම උපරිම දායකත්වය සහිතව ක්‍රියාත්මක කරනවා. වර්තමාන ජාතික ජන බලවේග රජය නීතිය සැමටම සමානව මේ මොහොතේ ක්‍රියාත්මක කරනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. පොලීසියට කිසිම බලපෑමක් ඒ සදහා සිදුකරන්නේ නැහැ . ඒක හැමෝම තේරුම් ගත යුතුයි.
මේවන විට දේශපාලන වශයෙන් නන්නත්තාර වී අනාථ වී සිටින සුන්බුන් විපක්ෂ බලවේග වල දූෂිතයන් සහ හිටපු විපක්ෂ බලවේග වලට සම්බන්ධ බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ආණ්ඩුවට විරුද්ධව ගෙන යන දහසකුත් එකක් බොරු මඩ ප්‍රහාර වලින් එකක් විදියට ඉතාමත්ම මෑතකදී සිය සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වී ඇති බව ජාතික ජන බලවේගය සමස්ත ජනතාවටම ප්‍රකාශයට පත් කළා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සම්බන්දයෙන් මේ වනවිට ඊට අදාළ නීතිමය කටයුතු සිදුවෙමින් පවතින බවත් දේශපාලන බලපෑම් මත ඔවුන්ට ඇප ලබා දුන් කතාව බොරුවක් බවත් ඔවුන්ට ඇප ලැබෙන්නේ ස්වාධීන පොලිස් වාර්තා සහ නීතිය මත පදනම්වූ අධිකරණ ක්‍රියාමාර්ග වලින් පමණක් බවත් ජාතික ජන බලවේග ආණ්ඩුව දැඩි ලෙස අවධාරණය කරනවා.
මේ සිදුවීමට අදාලව බොරු චෝදනා එල්ලවී ඇති මන්ත්‍රීතුමිය වන දිස්නා නිරන්ජලා කුමාරි සහෝදරිය පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස පසුගිය පළාත් පාලන මැතිවරණයේ වී තේරී පත්විය.
ජාතික ජන බලවේග ආණ්ඩුව රටෙහි මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සඳහා මුළු අවධානය යොමු කර ඇති මෙවැනි මොහොතක ඇතිවූ මේ සිදුවීම සමිබන්ධව ඇය පුද්ගලිකව දැඩි ලෙස විමතියටත් කම්පනයකටත් ලක් වී ඇති අතර නීතිමය කටයුතු සඳහා සිය උපරිම සහය දීමක් ලෙසද රටෙහි යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට මාලිමාව ගෙන යන වැඩපිලිවෙලට උපරිම සහයක් ලබාදීමක් ලෙසටද සලකා ඇය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අදාල ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වන විටත් යොමුකිරීමට කටයුතු කර ඇති අතර එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්ට යොමු කර තිබේ. මීට පෙරද ඇයගේ සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සැක පිට අත්අඩංගුවට ගෙන ඇප පිට සිටින නමුදු අදාල මන්ත්‍රීතුමිය මේ කිසිම දෙකක් පිළිබඳව කිසිම තොරතුරක් නොදන්නා බවත් ඇය මේ සම්බන්ධව දැඩි ලෙස විමතියට සහ මහත් කම්පනයකට පත්ව සිටින බවත් මේ පිළිබඳව විමර්ශන වලට ඇයගේ සම්පූර්ණ සහයෝගය ලබා දීමට කැපවී සිටින බවත් මේ පිළිබඳව ආරංචි මාර්ග පැවසීය. මේ නිසා සුන්බුන් විපක්ෂ බලවේග වල අවලාද වලට නොරැවටී රජයේ වැඩපිළිවෙළට උපරිම සහයෝගීතාව ලබාදීමට පියවර ගැනීමට බහුතර ජනතාවගෙන් අප ඉල්ලා සිටිමු.//
ඉවාන් පුසා දැකීම ම මහත් මෙව්වා එකක් ! කතාව මරු .. ඔය වෙළඳ කලාපේ ගෑනු ළමයි ගැන මාත් චුට්ටක් ලිව්වා .. හෙහ් හෙහ් .. අමාරුවේ නම් වැටුනේ නැහැ වෙලාවට .. පව් ඒ ළමයි හැබැයි
ReplyDeleteහපුතලේ ඉහළකදුරුගමුවේ හේරත්.
Deleteඑහෙ තියෙන්නේ තේ වතු නේද
හම්මේ පැතුම් , ඉතිං මොකෝ වෙන්නේ
Deleteඉවානයියා අයිලව්යු
ReplyDeleteලව් යූ ටූ
Deleteඒ ළමයි ගැන වෙනම කතා කරන්න ඕනි පවු
ReplyDeleteඒකනං ඇත්ත ඉතිං
Deleteමමත් පුටුවෙන් වැටුන යකෝ
ReplyDeleteඉඳහන් මම ඇවිල්ලා ඇහිඳ ගන්නං
Deleteආයෙ එන්නම්!
ReplyDeleteතේ බීලා පලයං
Deleteඌ කෑල්ලව යහමගට ගන්න බලාගෙනම බැඳපු පොරක් වගේ. උඹල තමයි ඌ ඒ කරගන්න පිනට... හරස්කපල තියෙන්නෙ 🤣🤣
ReplyDelete