Showing posts with label ස්වතන්ත්‍ර. Show all posts
Showing posts with label ස්වතන්ත්‍ර. Show all posts

Sunday, October 8, 2023

තංගච්චී





කවි සිතුවිලි පහලවුනේ උඹ දැක්කම...............................................තංගච්චී

රෑට බතට සම්බෝලේ ලුණු වැඩි ඇයි..................................................මීනච්චී

උඹ දුටු දා ඉඳලා මට බඩ ගින්දර..................................................නැතිවෙච්චී

හිනා වෙන්න හිතක් නැතිද අදවත් මට..........................................නපුරිච්චී

Thursday, October 1, 2015

මචං....................





එකට පංතියේ අකුරු කෙරුවා
එකට ඕ එල් ඇණ වුනා
එකම බීඩිය එකට බීලා
එකම වලකට සෙට් වුනා

උඹට වැඩිවෙලා අපේ ගෙදරයි
මම වැටුනේ උඹලගේ පැලේ
එකම කමිසය එකම කලිසම
කෙල්ලෝ දෙන්නෙක්  එක්ක යයි

මගේ නම ඇති උඹේ අකුරුයි
මගෙ අකුරු වල උඹේ නමයි
ලියු පෙම්පත් වලින් ගිනි මැල
හදන්නට හිටියෙත් උඹයි

ගල් ද පොල් සහ හැලි කරිඤඤo
ණයට බිව්වට ඇනතියං
කොත්තු කාලා බඩෙන් බාගෙට
දුමක් ඇද්දේත් හවුලේ බං

සමරේ අයියගේ බයික් කටුවට
තෙල් ගැහුවේ පිං කැට බිඳන්
මියුසිකල් ෂෝ වලට ගියේ අපි
හවුලේ එක හෙල්මට් එකෙන්

කොහොම හිටියත් ජීවිතේ බර 
ටිකක් වැඩියෙන් දැනුනයින්
උඹ රටගියා මම වීල් පැද්දා
එගොඩ වෙන්නට මේ දුකෙන්

උඹ ආ වේලේ මට සතුටු හිතුනා
සිහිවෙලා පෙර මිතු දම
මිතු සිනහ නෑ වල කතා නෑ
මට පුදුම හිතුනා උඹ ගැන

රටින් ගෙන ආ දිගටි සිකරට්
වැදුනේ නෑ බීඩිය වගේ
විස්කි සැර මට උහුලන්න බෑ
නෑ රසට රා ටික වගේ

විස්කි හරියට ගණන් වෙන්නැති
ඒත් අපි ඈතයි වගේ
බීඩියේ තිබු රසය නැත්තේ
ඈත බව දැනිලා වගේ

ලිං ගැට්ට උඩ රස්ති කළු ගල
තාම තියෙනවා ඒ වගේ
පාර අයිනේ ගාඩ් ගල් උඩ
වාත වූ හැටි මැවී පෙනේ

ඒ ඔක්කොම එහෙම ඉද්දීම
මචං උඹ ඈතයි වගේ



පිදුම පත්තර මල්ලිට 

Tuesday, September 29, 2015

කාකි පාට හීන




මිහිකත නලවාලා , මග මල් ගන්වාලා 
යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා 
මල් ඔසරිය ඇඳලා , පොත් මිට ඉනේ තියා 
යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා 

අගහිඟ කම් දැනුනා , දෙවියන් සිනාසුනා 
එක්තැන් වුණිය පියා , මව් සුරලොව වැඩියා
මල්ලිට යන්න වුනා , රට රකිනටය කියා 
කහ පැහැ ගවුම ඇඳන් , නැගණිය අකුරු කළා 

හීනය පසෙක තියා , සරසවි දෙස නොබලා 
කාකි ඇඳුම ඇන්දා ,  සාමය රකිමි කියා 
ආදර බස් තෙපලූ , සිහිනයේ කුමාරයා 
කාකි ඇඳුම හන්දා , නොකියම යන්න ගියා 

තාත්තේ තව දවසක් , පනනළ රැක දෙන්නම් 
නංගියේ කවදා හෝ , ඔබ රජ කරවන්නම් 
කාකි පැහැති සිහිනේ , පටු මාවත් අතරින් 
මගේ හෙට දවස දිහා , නෙත් දල්වන් ඉන්නම් 

Thursday, August 27, 2015

ස්වප්න සුවිසැරිය



ස්වප්නමය සුවිසැරිය ඇරඹිනි
මේ සුවැති නිද්‍රාවෙන්
මා වෙලෙන්නේ
සුවඳ කැවු නිද්‍රාවෙන්


නැතිරටේ චාරිකාවක් යමි
ටින්කර් බෙල්, පීටර් පෑන් සමගින්
දුෂ්ඨයා කැප්ටන් කුක් 
නපුරො නිතරම පැරදෙන එකම සුවයක්


තම්බලීනාය මම වසීලිස්සාට හොරෙන්
හත්පෙතිමලත් රැගෙන
මාෂා සමග  
වළහගේ කන්පෙත්ත උඩ ඔංචිලි පදින


පොපි ඇටයි සීනි කිරමයි
පාන් වළලූ කන්න ඕනේ එහෙමයි
ශේන්‍යා දැන් ඉරිසියාවෙන් පුපුරයි. 


කියන්නට ඕන ගාෆීල්ඩ්ට එන්නට කියා
ටොම් සහ ජෙරී සමගින්.
කන්නට සීනි
මිකී මවුස් එන්නට කලියෙන්  


ටොෆි හොරා ගැන ටිං ටිංට මම කිවුවොත්
ස්නූවි දේවි මට හොරු අල්ලන්න සතියක්
පිස්සු පූසා ඇයි අර එලවන්නේ කැප්ටන් හැඩොක් හේ පස්සේ  
බුබුළු නගියි බෙලිකටුවල මහ වැස්සේ


හිත මිතුරු කැස්පර්ට හාද්දක් දීලා
හා හා හරියි කියලා හාව පැන දිව්වා
වුඩී වුඩ් පෙකර් නම් - පරණ වඩු මඩුවෙමයි
පියාඹන හාද්දක් බෙන් ටෙන් ට යැව්වා


රෝඩ් රනර් ෂෝ වගේද අම්මේ
දුෂ්ඨය හැමතිස්සෙම පැරදෙන්නේ?
කවුද බෝයි වාගේමද අම්මේ
සාධාරණ යුක්තිය රජයන්නේ?


ඉතින් ඇයි 'නැගිටින්න ළමයෝ' කියන්නේ,
මේ සුවැති නිද්‍රාවෙන්
කටු ඇනෙයි - හිත තැලෙයි - මට බයයි
මේ ස්වප්න සුවිසැරිය මට සැපයි


පසු සටහන -

ගීතයක හෝ කවියක පසු කතාව ලිවීම සමහරවිට සමහරුන් නුරුස්නා දෙයක් විය හැක. එහෙත් මේ කවි සිතුවිල්ල උපදින්නේ අහම්බයක් නිසාය.  තාක්ෂණික තොරතුරු බ්ලොගය ලියන දයාබර නිමෝ හෙවත් "කොම්පියුටර් ඛාන්" නොහොත් "කොම්පියුටර් කන්නා" දුම්රියේ උදෑසන වැඩට යද්දී දුටු නිදා සිටින මේ දැරියගේ පින්තුරය වයිබරය තුලින් එව්වේ ,මෙන්න මේකට කවියක් ලියහන් කියාය.

සිතේ ඇතිවුණු සිතුවිලි අපිළිවෙලට කුරුටුගා කවිය පොලිෂ් කිරීමේ වගකීම මෙන්න මේ කවි බ්ලොගය ලියන , කවියටම උපන් පරපුරක කොටම පුරුකක් වන මෙන්න මේ ප්‍රතිභාපූර්ණ  කවි කාරියට පැවරීමි . ඉදින් කවිපද  කපා කොටා රණ්ඩු වී අවසානයේ මෙය පබිලිස් කිරීමට 3/3 ක ඡන්දයෙන් හැකි විය .
ස්තුතියි  නිමෝ සහ බස්සි

Monday, October 6, 2014

ස්මාට් (ද) ජීවිතය ....?



අම්මේ මට ගන්න ඕන ෆෝන් එකක් ..

එකක් තියෙන්නේ පුතේ

ඒක නෑනේ ස්මාට් , නෑ  ඇන්ඩ්‍රොයිඩ් ජෙලිබීන්... අලුත්ම එක කිට් කැට්

කොහොම හරිම ගන්න ඕන..

A/L කරනා කොල්ලට හරියාවිද හඩු ෆෝන්!

අනේ පුතේ ඔවාගන්න සල්ලි කොයින්ද ?

ඕනෙමයි නැත්තම් කොහොමද A/L  කරන්නේ .....?

*******

තාත්තා ඉල්ලුවා තව දාහක්..

අනේ මන්දා මේ වගේ මිනිහෙක් 

කවදා කොහේ කොතැනින්  ලැබේවිද මට නිවනක් ..

ණයට කන්න එන, පිනට කන්න එන කපුටන්ගෙන් 



******

මචං කෝමද මගෙ කිරි කිරි භාණ්ඩෙ Android!

මීට පස්සේ මාත් අප්ඩේට් කරමි ස්ටේටස්

FB ද twitter ද Viber ද G+ ද


*********

මචං නැතිවෙච්ච් ළමයා හොයලා දුන්නලු දවස් දෙකෙන්
ස්ටේටස් එකක් අප්ඩේට් කලා

""ඕල් ද බෙස්ට් ලංකා පොලිස්""

ලයික්  කලා  මාත් ඔන්න


********


බලපං FB ශෙයා කරනවා
වීඩියෝ එකක්
ගහනවා පොලිස් කාරයෙක් ගෑනියෙක්ට පෙරලගෙන
කැඩෙනකං වයර් එකක්

ඔන්න මමත් ශෙයා කළා

පැහැදිලි නෑ කවුද කියලා

කවුරු වුනත් වාරියපොළ කේස් එකට රිටන් එක දෙනවා ඇති

ඔව් බං චා ඩයල් එකක් වෙන්න ඇති

හඃ හඃ හඃ හා




*******


කොහෙද තාත්තේ යන්නේ? 

ඉස්පිරිතාලේ

ඒ මොකටද? 


ටවුමේදී අම්මට පොලිස් මහත්තයෙක් හොඳටම ගහලා... අමාරුයි !




පිංතුර - කොහෙන් ගත්තාද නොදනිමි, සොයා දුන්නේ බස්සි 

Thursday, July 10, 2014

ඩයිවර් මං

උදේ පාන්දර හතරට ටර්න් එක පලවෙනියට 
ඒකට යන්නට ගෙදරින් එනවා තුනයි කාලට 
බයිසිකලේ පැදන් ඇවිත් මුදලාලිගේ ගෙදරට 
යතුර අරං බලලා තෙල් වතුරත් හරි හරියට 

හඳුන් කූරු පත්තු කරලා වැඳලා සුක්කානමටත් 
ස්ටාට් කරලා රේස් කරලා දාලා පොඩ්ඩක් සද්දෙත් 
කොන්දා මල්ලි මගින් අරන් යනවා බස් නැවතුමටත් 
ටර්න් එකට වෙලාවටම ගහනවා කවුරුත් නැතිවත් 

එතන ඉඳන් එක හැල්මෙට දුවනවා දවසම නැහෙමින්
ට්‍රිප් ඔක්කොම නොගහැව්වොත් කැපෙනවා ගානක් පඩියෙන්

එහෙන් මෙහෙන් රිංගාගෙන සමහරු යයි කපාගෙනම 
ඒකට ගානක් දුන්නම ශේප් වැඩේ ටයිමරයට
මගදී යන්නේ තව සමහරු මගේ ලෝඩ් එක කපාන 
එහෙම රේස් යන්න වුනොත් එන්නේ දඩ කොළ ඔතාන 

දඩ කොලේට මම ගෙවන්නේ ලොක්කා නෑ අත දාන්නේ 
ටික්කා මග හැංගි ඉඳන් රෙස්පට් පිට පගා ගන්නේ 
ඉරි කැපුවා මග දැම්මා කලර් ලයිට් වල පැන්නා 
එහෙම මොනවා හරි කියලා රාලහාමිත් ගැට කපුවා 

කකුල යටින් වමෙන් මැදින් ත්‍රී වීලර් යයි රිංගා 
ඊට හපන් මෝටර් සයිකල් එලවන පොඩි කොල්ලා 
ඔහොම ගිහින් හිටපු ගමන් බස් බොඩියත් කිස් කරලා 
හතර ගාතේ උන් වැටුනම කන්න වෙනවා ගස් බැඳලා

හයියෙන් අපි ටිකක් ගියොත් මගී ජනයා ඔරවාලා 
අපිට තවම ජීවිත නම් එපා වෙලා නෑ කියලා 
කියනවා නොව බෙරිහන් දෙයි මහා සද්දෙන් ඔරවාලා 
ඒ වුනාට හෙමින් ගියොත් තාත්තා ඉබ්බද අහනා 

ෆුට් බෝඩ් එකේ නැගලා නම් යන්න එපා යයි කිව්වම 
තරුණ ගැටව් එන්නේ මිරිකලා කන්න මගේ බෙල්ලම 
එහෙම ගිහින් අම්මප බොල එකෙක් දෙකෙක් දෙරි ගැහුවම 
යන්නේ ඇවිත් පොලොසියෙන් මිරිකාගෙන මගේ බෙල්ලම 

යුනිෆෝමය ඇඳලා නෑ කස්ටිය ගෙම්බර් දාන්නේ 
අඳිනා එක හෝද ගන්න කොහෙද යකෝ කල් තියෙන්නේ 
රෑ දොළහට ගෙදර ගිහින් ආපහු දෙක තුනට එන්නේ 
අඩු ගානේ මගේ ගෑනිගේ හැඩරුව වත් නෑ දකින්නේ 

පෝයට අවුරුද්දටවත් නිවාඩුවක් නෑනේ ගන්නේ 
එහෙම වුනොත් ටෙම්පරියට දුවන එකා මෙහි ලගින්නේ 
එහෙම වෙලා පාරට වැටුනොත් මට අබසරණ වෙන්නේ 
කාගේ වුනත් මගේ නමට දරුවොත් හතරක්ම ඉන්නේ 

කොයි තරමින් මොනාවුනත් ගාන ඕනේ අපේ ලොක්කට 
ඒ ගානින් අඩු වුනොතින් බනින්නේ මියගිය අම්මට
අතරමගදී හුලන් ගිහිං නවතුනොතින් මග ඔක්කොම 
බැනුම් අහලා මගේ හුළං යනවා වැඩියෙන් ටයරෙට

ඊපීඑෆ් ඊටීඑෆ්  බටා ඕටී නෑනේ අපිට 
අතපය පන නොමැති දාට වෙන්නේ පාරේ හිඟාකන්න
ප්‍රයිවට් බස් ඩයිවර් යයි කියන්න බෑ ඉස්කෝලෙට 
තාත්තේ වෙන ජොබක් හොයන් යන්නේ නැත්තේ ඇයි ඇත්තට 

පුතේ උඹල ඔය කිව්වට කවුද දෙන්නේ රස්සා අපිට 
කොහේ ගියත් ජොබ කිව්වම ඔක්කොම බැලුවේ හරහට 
එක මකුනෙක් කෑවා වුනත් එල්ලුම් ගස් හැම මකුණම
කවදද පායා එන්නේ හැමට නැගෙන ඉර අපහට



Sunday, June 15, 2014

රැවටිල්ල


දෙන්නං හවසට හාෆ් බොයිල් කල බිත්තර තුන හතරක් 
හොඳ කොල්ලාවගේ ගහපං අම්මා කරනම් පහක් හයක්

හවසට දානවා අදනම් අප්පා එළකිරි ඩයට් එකක් 
ඒක නිසා දැන් ඕන්න බලන්න කරනම් ගහන තරම්
මේවාගේ හොඳ හාම්පුතාලා ලැබෙන්න පින් ඇත්නම් 
කැලේ අතෑරලා අපේ සනුහරේම ඇවිත් ගහයි කරනම් 


අවුරුදු ගානක් එකම කලිසමම ඇඳගෙන ඉන්නේ මං
ලොක්කා කිව්වනේ අදහවසට එය හෝදාලා දෙනකං
අලුත්ම ඇඳුමක් මහලා දෙනවා කොල්ලෝ මම අදනං
හැබයි ඉතින් ඒ කදමලු බැඳගෙන උඹ නෑගම් ගියොතින්

කදමලු බැනගෙන නෑගම් යනවා 
අස්පය මිය ගිය ජොකියා වෙනවා 
දළදා පෙරහරේ ගිනි කරකනවා 
දන්නා සෙල්ලං හැටම දානවා


බිත්තර දෙන්නම් - ඇපල් ගේන්නම් - මිදී යුෂ දෙන්නම් - කෙසෙල් ගේන්නම් 
ගහපං කරනම් පලයන් නෑගම් 
හැමදාමත් මම බල්ටි ගහනවා - හැමදාමත් මං නෑගම් යනවා
කෙසෙල් ඇපල් වත් මිදියුෂ බිත්තර කවදාවත් නෑ දැකලා මං

හැමදා හවසට පාන් කෑල්ලක්
එහෙමත් නැත්තම් කඩල ඇට දෙකක්
හඩු ගඳ ගහනා එකම කලිසමත්
ඉන තද කරාපු හීනි දන්වැල්ත්
වෙනසක් නෑ මේ ගෙවන ජීවිතෙත් 



පොරොන්දු දෙනකොට හුරේ දානවා
මුදුනෙන් වැඳගෙන අහන් ඉන්නවා
අපි රැවටී උන් තව තර වෙනවා
ආපහු සුපුරුදු දිවිය ගෙවනවා



Tuesday, May 20, 2014

චූං පාන්

මෙන්න මල්ලි ගැනලා ගන්න 
පාන් තිහයි, බන් පනහයි, පේස්ට්‍රි හතලිස් නමයයි 
පහට වඩා ඉතුරු වුනොත් පඩියෙන් අඩු වෙනවා මල්ලි 
ඊයේ තුනක් ඉතුරුවෙලා මොකද පාන් ගන්නේ නැද්ද?
එහෙනම් ඇයි මොකද මල්ලි පේස්ට්‍රි විකිනෙන්නේ නැද්ද?

ත්‍රීවීල් එකේ චූං හෝන් එක තාමත් හැදුවේ නැද්ද?
හැදුව අයියේ ඒක නිසා තමයි උදේ රැයින් ආවේ 

මෙන්න මල්ලි නිව් අයිටම් 
මොකක්ද ඒ 
එග් බන් බං එග් බන් මේ 
ඕවා ඉතිං විකිනේවිද?
ඉතුරු වුනොත් පඩියෙන් යයි

උඹ ගැන එන ආරංචි දැන් එච්චර හොඳ නම් නෑ
මොකක් කිව්වා 
පුතෝ හොඳට මේ අහගන් 
ගිය මාසේ සර්විස් එක නොකර මාටියා ගැහුවද?
පෙට්‍රල් ටික හොරෙන් ඇදල විකුණන්නට හිතෙනවාද?
දන්නවනේ මුදලාලී යන්නට ආසද වැලිගං

ට්‍රින් ට්‍රින් ට්‍රින් ටොයිං ටොයිං
චූං පාන් හරි සද්දෙට

කියලා වැඩක් නෑ උදේම හොඳ බිස්නස් තියෙයි වගේ 
අම්මප මුගේ බඩේ සයිස් 
පාන් පහක්වත් ගනීවි
නොදකින් නෑ මූනේ කිසි හිනා කටක්
උදේම එන හැටි ඔරවන් බඩගෙඩියත් එළියේ දාන්
ළඟටම ගෙනවිත්දෙන මේ පාන්ගෙඩිය  ගන්න වුනත් 
හිනා පොදක් මූනේ තිබ්බානම් මුට මක් වෙනවද?

ගුඩ් මෝනිං සර් පාන් ,බනිස් පෙස්ට්‍රිත් තියෙනවා 

ගුඩ් මෝනිං හුහ් ඇටයා ...ගහනවා පොළොවේ අල්ලා 
කවුද යකෝ තොට කිව්වේ 
මෙතන පාන් විකුණන්නට 
තෝ උදේම මෙතන ඇවිත් පාන් විකුනලා ගියාම 
මගේ කඩේ තියෙන පාන් ,කන්නද බොල මම තනියම 
අදට තොගේ කකුල තමයි කඩන්නේ මේ දොර පොල්ලෙන් 
මීට පස්සේ ආවොත් හෙම සුදුකොඩි දානවා ගේ ළඟ
තොගේ ඔය ලොකු ත්‍රී රෝදය 
කරනවා වගේ විල්බැරෝව   

බුදු අම්මේ කකුල අනේ 
විසිවුණු පාරට බිම ඇනුනේ හොඳටම පස්ස මගේ 
කඳුළු පිරුණු ඇස් දෙකටම බොඳ වීලා වගේ පෙනේ
තුන් රෝදේ පිටිපස්සේ ලියු වැකිය

""දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී "'




Tuesday, September 24, 2013

කොන්දක්කා - (Lady Bus Conductor)

අනුමැතිය ලැබේ… කාන්තා කොන්දොස්තරවරියන් වැඩ අරඹයි…



නංගී නිමල්කා - මට අත වනනවා දැක්කා
වගේ නොදැක්කා - මම අනේ ආවේ මක්කා
චේ  මාලේලා - කස්ත්‍රෝ හැමෝම එක්කා
ඉන්නා ටී ෂර්ට් එකක් ඊයේ ගත්තා

හෝල්ට් එකේ බස් - හිටගෙන නොකර කතා බස්
ඉන්නා විට ඇස් - පොට යනවා වී අන්දොස්
අන්න එනවා බස් - හැමෝම කන්න හදයි මස්
පුදුමෙකි අයියෝ  මේ ෆුට් බෝඩ් එකම හිස්

සී.ටී.බී. බස් - නිකං වගෙයි තඩි හුඹස්
පෙම් මුළුවල කිස් - කොරනා කපල්ස් නෑ ලොස්
ටික්කො පනියි බස් - මැද්දට ගහනවා දඩ සිස්
ගන්නේ මොකද රිස් - අකමැති මං ආණ්ඩු බස්

අම්මප සිරා අනික් බස් - ලස්සන පවුද්ගලික බස්
කෙල්ලොත් නෑ ලොස් - අඳින්නේ පේන්නම බනිස්
නැග්ගම මේ බස් - ඇතුලට එකෙක් නෑ උසස්
කොන්දා සස් සස් -  කඩයි ටිකට් වෙලා බොස්

හොරණෑ සද්දෙට - කොන්දගේ නටනව මගේ කට
ටිකට් මොටද මට - යන්නේ අදත් මාටියට
හිතුවට එහෙමට - හොරාට යන්නට බෑ මට
කිංකිනි හඬ කට - කොන්දට ලැබුනේ කොහොමට

හිමිහිට ඇතුලට - පැනලා ඉඳගත් විට මට
හිතුනා ඇත්තට - මේ සුරලොවක්ද මිහිබට
යන්නේ කොහොමට - හොරාට පව් කොන්දක්කට
ඉතුරු සල්ලි මට - එපානේ එය කොන්දක්කට

වෙනදා රුපියල - ඉතුරු නැතොත් තියයි උල
කොන්දා එක්ක මල - දුන්නේ නැත්තං රුපියල
ඒ වුනාට බොල - ඉතුරු රුපියල් පහලව
නැතෙයි කියා මල - නෑ අක්කා එක්කල

එන්ට මල්ලි වාඩි වෙන්ට - අක්ක කියනකොට
ටිකට් නැතුව මට - යන්නට බෑනේ මාටියට
පැටලෙන වලියට - හැමෝම ඇඳලා පූසට
අක්ක නිසා මට - නිදහස් ඩ්‍රයිව කනේ කට

වවල ඇඟිලි වල - නියපොතු පාටයි රතුවට
කොට හැට්ටේ කර - පෙනෙයි බොඩියත් ලාවට
සාය ඇඳල කොට - යනවා ගමන ලතාවට
අක්කා කොන්දට - ගත්තේ කවුද කියන මට

කාන්තාවෝ කොන්දොස්තර - කරපු එකා වෙයි පින්බර
මෙච්චර ලස්සන සුන්දර - අක්ක අපේ කොන්දොස්තර
හිත හිත ලඳ කොන්දොස්තර - දැක ගන්නට වී ඉස්සර
නැග්ගා බසයට පස්සර - අයියෝ මං දුටු විස්තර

ලස්සන හීනෙට - වැදුනා කටු කුඩු වෙන්නට
හිතුවේ විසි අට - අක්කට ඒත් පනස් අට
ලේඩිස් කොන්දට - අයියෝ ඇප නෑ අප හට
ගනිල්ලා බසයට - ලස්සන අක්ක කෙනෙක් හෙට.

වනිතා කොන්දොස්තරලා  - ගන්නවා කිව්වට
මම හිතුවේ ගනියි කියලා - ගැට අඩු විස්සට
ඒ වුනාට අරන් ඇත්තේ - ගෑනු පැනපු හැට
අපිව ඇන්දු සේරම උන් පලයව් නිරයට



Saturday, September 21, 2013

පුංචි පහේ මං

                 
                
                             අම්මා

පුතේ මගේ හොඳ දරුවෙක් වෙන්නබලන්න
අනාගතේ අපි සැමගේමදිදුලවලන්න
අප්පච්චියි මමයි මියෙන දවසකඔන්න
අපිට ඕන ඔයාව ලොක්කෙක්කරවන්න


පුතා
  
ලොක්කෙක් නම් අම්මෙ කොහොම බැරිවද වෙන්න
දැන් ඒවට ක්‍රම සහ විධි තියෙයි නොදන්න
මගේ අනාගතෙ ගැන නම් එපා හිතන්න
මම දන්නවා තියෙන ඉහල තැනටම යන්න


අම්මා
  
ඔයා හිතන් ඉන්නේ ඩොක්ට කෙනෙක්ම වෙන්න
ඉංජිනේරු කෙනෙක් වෙන්න බැරිද බලන්න
එකවුන්ටන් කෙනෙක් වුනත් කම් නෑ ඔන්න
ගුරුවරයෙක් වීලා විදුහල්පති වෙන්න


පුතා
  
ඩොක්ට කෙනෙක් ඉංජෙක් විදුහල්පති වෙන්න
කැම්පස්වල කොච්චර කල් වේවිද ඉන්න
එහෙම ඉඳල අවුට් වෙලා ජොබක් හොයන්න
මටනම් බෑ පාරේ උපවාස කරන්න


අම්මා
  
එහෙනං උඹ හිතන් ඉන්නේ ක්‍රිකට්ගහන්න
රගර් බෝලේ අතේ තියන් ප්‍රැක්ටිස්යන්න
ටෙනිස් කැරම් බේස් බෝල් දිගට ගහන්න
ක්‍රීඩාවත් හොඳයි ඉතිං තැනකට එන්න


පුතා
  
පිස්සුද මට නම් බෑ ඉස්පෝට් කරන්න
මට ඕනේ ඇස්ට්‍රොලොජර් කෙනෙකුන් වෙන්න
එතකොට පුළුවන් ප්‍රසිඩන්ට් වුනත් නවන්න
මට ඕනෑ හැටියට පාලනේකරන්න
  
කැන්ගරු දේශේ අගමැති ගෙදර යවන්න
ලෑන්ඩ් කෲස් එකේ නැගලා රවුම් ගහන්න
සුනාමි එන දවසක් හරියටම කියන්න
එහෙම අයට මොනවද බැරි කියල කියන්න
  
කඳ සුරිඳුන් එක්ක වුනත් ෆිට් එකෙ ඉන්න
එයා උපන් දවසට පාටියක් දාන්න
කතරගමට දාස් ගණන් සෙනග යවන්න
ගේමට එන හැමටම පිලිකා හදවන්න
  
ගණිතය විද්‍යාව දැනන් කුමක් කරන්න
ඉස්කෝලේ ගිහිං බෑනේ කාලය කන්න
ජෝතිෂ ග්‍රහ විද්දියාව ගැන දැනගන්න
ජුන්මල පීරිසිය ලඟට ක්ලාස් යවන්න
  

Monday, September 2, 2013

අසරණ සරණ


collect 10,000 likes to help them "1 like = 1 dollar"


දෙපා පණ නැති කුඩා දරුවෙක් 
......................යදියි පිහිටක් යන්ට පාසල්.....................

දෑස් නොපෙනෙන තරුණ යුවලක් 
.................යදියි පිහිටක් හිසට සෙවනක්................

මව් පියන් නැති පුංචි දරුවෙක් 
...............යදියි පිහිටක් පතා සතුටක්..............

වැඩු දරුවන් මග දමාගිය මවෙක් පියෙකුත් 
.................යදියි පිහිටක්................

මගේ දෑසට නැගෙයි කඳුලක් 
හොඳ වෙලාවට ඇත ෆේස් බුක් 
සියලු දෙනටම පිහිටවෙමි මං 
නැත මසුරුකම්-- නොපමාව කරමි   

 "ලයික්"







Thursday, August 29, 2013

කෙන්ජයියගේ කවි.


කෙන්ජයියගේ ඉල්ලීමට ඕන්න මම කවි              ලියනව
කිව්ලිපියක් නොදැම්මොතින් කෙන්ජයියා කන     පලනව
මිනිහා හරි හැඩකාරයා ඉස්සර නළුවෙක්              කියනව
සකුරාමල් පිපෙන රටේ ජපන්නුන්ට              උගන්නනව

කොටි හපුවෙක් මේකින් ලව් අපේ එකෙක් ෆොටෝ ගැහුව
සින්ඩියෙ අපෙ ලිපි එල්ලල අපිටත් සප් එකක්         දෙනව
මග මරුවෙක් පට්ට හොරෙක් මිනිහම ඒ ගැන        කියනව
මිනිහගේ නම මාතලන්ලු කවුරුත් රැස්පොට්       කොරනව

හිරු එෆ්. එම් එකේ වගේ මේ කෙල්ලත් කට           ගහනව
කාන්තාවේ විමුක්තියේ දෝංකාරෙ වගේ                 පේනව
කොමෙන්ටු හරි සැරයි අනේ මල පයිනවා වගේ      පේනව
අනේ අපේ මහත්තයා දවසම හිස් බඩ                    ඉන්නව

හැලප කඩේ හැලප රහයි  හැමෝම ගොස් එයින්        කනව
කාල කාල බිමත් හලලා ඇනෝ කොමෙටුත්              දානව
මගේ චිත්‍රෙ ඔන්න බොලව් ප්‍රොෆයිල් එකෙ දා       තියෙනව
හැලපයියා හරි මිනිහා හොරෙන් හොරෙන් රෑට        බොනව

කොළ පාටයි කොමෙන්ටු පොත ඇනෝල බල්ටිත්   ගහනව
තව ටික දවසක් ගියාම ඇනෝල මිනිහව                 ගිලිනව
කකා කියල අපි කියනව නොකා නොබී ඌ             ලියනව
ඌ කිව්වට තරහ යන්නේ නෑ කියලත් මං                දන්නව

මගේ බ්ලොගේ ගොඩ දාන්න නිතරම උපදෙසුත්       දෙනව
ඒක බ්ලොගේ ලිව්ව කියලා මට කුණුහරුපෙන්       බනිනව
මැෂින් බිජ්ජ, අටං පකය, තනි කුක්කුව,               මිණී ඔලුව
හිත හොඳ කොලු පැංච වුනත් දවසින් වැඩි හරිය     බොනව

අරූගෙ අඩවිය ලියනව නියම කතා ඌ                    කියනව
අපේ එකේ කොමෙන්ට් දාල අපිටත් මල            පන්නවනව
අවුල් වෙන්න පෙර ලියනව මිනිහ කවුද සැක        හිතෙනව
අහුවුනොතින් අම්මප මම තට්ටෙ පළල ලුණු              දානව

පත්තරේට ලිපි ලියලා සමකෙ වටේ ගිහින්                 එනව
මාළු මසාජ් කරගන්නට කක්කුටු වලකට                පනිනව
නලින් අයියා නම කිව්වම බැරැක් ඔබාමත්               දන්නව
මගේ බ්ලොගේ පැත්තටවත් නෑවිත් ටික දොහක්     වෙනව

බලන්ගොඩින් ඉඩම් අරං කොරියා යන්නට              හදනව
රෙහානි දුන් වටලප්පම කාල තවම බඩ                   රිදෙනව
වෝල්ටේජ් එක බෙදුවම ප්‍රතිරෝදෙන් නමක්              එනව
ධාරා කියල අපි කියනව හිටපු ගමන් කවි                 ලියනව

සද්ද බද්ද වැඩියම නෑ හැමගෙම ගුණ දොස්            කියනව
ප්‍රහාරයත් නවත්තලා සෑහෙන කාලයක්                   වෙනව
ඒ වුනාට කොමෙන්ට් කොරල හැමටම සහයෝගෙ   දෙනව
මට මුලින්ම සුබ පතාපු සුමිත් අයියා මතක්                වෙනව

අවුරුද්දට එක පාරක් මාරම බ්ලොගයක්                   ලියනව
අප්‍රසන්න වැඩ නොකරන ප්‍රසන්න කවුරුත්              දන්නව
බ්ලොග් අප්සැට් ගොඩ දාන්න ෆ්‍රී සර්විස් එකක්          දෙනව
කෙබර චන්දනගේ ටෙස්ටරෙ තාම හොඳට වැඩ        කරනව

ආර්ථිකේ ගැන ලියනව ප්ලේන් රොකට් ගැන           ලියනව
සද්දේ නැති සහන් ගොයියා මාරපොරක් යැයි         හිතෙනව
සුදීක මහතත් ඉන්නව කොමෙන්ට් නැතුව බලල         යනව
ඇටකිත්තා වගේ ඉඳන් නාඩි මලය වැඩ                     දානව

මාර වෙලාවට මාරම කෑම මාරයා                            හදනව
ෆොටෝ ගහල වෙනිඅයියා ලියන්නා වෙන්නට          හදනව
අඩවි රජා සුබ වේවා කියලා නිතරම                       කියනව
සෑම් කොමිනිකේෂන් වල  කෙල්ලන් හට පැණි      පෙරනව

පච්ච කොටල , ප්ලේන් එකේ රෝදෙ අස්සෙ උඩින්      යනව
ඩූඩ් ලොක්ක  ජොනි වෝකර් බීලා කබරයා                 දානව
සම්පයියක් සේ වඩමින් වෙදගෙදරට අඩ                   ගහනව
මහ වෙදනා ඉන්න නිසා කටිටියගෙම                වෙරි බහිනව

රණ හංසයො මතක් වුනත් මූ කොල්ලෙක් බව          පේනව 
විචාරේ නියමෙට කරනව තිසර කියල අපි                කියනව 
පී.එච්. අයි එනකොටනම් මේ යෝදය මතක්              වෙනව
DDT අපි ගහනව මිනිහ අපිට ගුලි                          බෙදනව

පොල්ලක් අතකින් අරගෙන බේබද්දෙක් මෙන්න        එනව
දේශකයා වැඩ දැම්මොත් දේශිකාව කන                  පලනව
නැට්ට හැලුව කියල ඇනෝ ඔකොම මිනිහට            බනිනව
කන්දේ ගෙදර පෙන්න පෙන්න මෙන්න බොලේ දුලා   එනව

සංජීවයි දමිතුයි ඇවිදිල්ලා සපෝට් එකක්                    දෙනව
නදිනි නංගි ළමයි හදන පිළිවෙල අක්කට                  කියනව 
කලු සහ සුදු අක්ක ලියන දිනපොත කියවල               බලනව
පොඩ්ඩි ලඟදි බැන්ද නිසා අම්මප මට දුක                 හිතෙනව

C.S.K. රා පෙරනව, සමියා කොටු                         පන්නවනව
නවදැලි හේනට පැනලා තිළිණය රට ගිනි                    තියනව
කැමරාවක් අරගන්නට අයිලාස් නිසා                         හිතෙනව
ඔමායගේ ෆොටෝ වලින් අසූචි බතලිව                        පේනව 

සඳුනිමා ගෙ පොඩි පැටියට ඕන්න අපි සුබ                     පතනව
මනෝගේ ලෝකේ ඉඳගෙන මනෝජ් හීනම                 දකිනව
බෙන් ටෙනිසන් අද ඇවිල්ල දිගම කොමෙන්ටුව              දානව
අසමි දකිමි සොයමි කියලා විචාරකත් දැන්                 හොයනව

කවුද පොරක් ඇවිදිල්ලා චමීගේ නම විකුණා                  කනව
මගියා දවසක් බීලා ගමන් මගේ                           නතරවෙනව
රස්තියාදුකාර කොල්ලා රස්තා ගගහ ඔහේ                   ඉන්නව 
රාජ් කොල්ල මව්පියන්ගේ සෙක්ස් වලට               පොලු දානව

මේකා අපේ ලේ බොන්නට දහසක් වැඩ කිඩ                 දානව
ඩ්‍රැකී ගේ නම ලියාගන්න බැරුව මමත් කචල්               වෙනව
රයිටර් ගේ සිතුම් පැතුම් අපිට දැනිල කලක්                   වෙනව
වැව් ඉස්මත්තට ගිහිල්ල හිතුනොත් කාලක්                   ගහනව

නුවර කුමාරිගේ හිංගල පන්තිය දැන් නතර                 කොරල  
හිස් අහසට ලඟදි ඉඳන් අයෙත් ඉර හඳ                         පායල 
අපිට දුකක් දැනෙන්නේ නෑ අපි මෙයාට දුක                කියනව
දුකා කියල අපි කියනව අපි දුකාට චන්දෙ                      දෙනව

ඇල්කේමිය ලියන්නේ නෑ මොඩන් පේට්‍රියට්                   කිව්ව
හෙනහුරාට වෙච්ච දෙයක් ලොකුජෝනා අපිට                 කිව්ව
සෙන්නා ඇවිදින් කාටත් සෙතක් වැඩක් කරයි                 හිතුව 
වී පොකුරේ වෙසක් බබා දැන් පොඩ්ඩක් හිනා                 වෙනව

සබිත් නෝත් සවුත් වලට රතුපස්වල අරං                       යනව
සිතුම් සයුර හිඳිලා වගේ සද්ද බද්ද නැතුව                       යනව
සෙන්කොලය ලියපු එකා මොකෙක්ද මාතලන්                ඇහුව
ඕන මැන්ටලේට අයිස් නිසා බ්ලොගේ වැඩක්                 නැතුව  

හැම කියන්නේ නෑ කියලා සිංහයෝ තණකොලේ           කනව
ප්‍රොෆයිල් එක සිංහ වුනත් ඉන්දිකයා පොලුම                 කනව
රතු රටකජු මතක් වුනත් රතුරජරට කවි                       ලියනව
කලින් ඇවිත් තිබුනානම් නිල් මානෙල් මම                නෙලනව

කෙන්ජයියේ ඕන්න දැන් එන්න එපා කන                     පලන්න 
ඔපිස් එකෙන් ගෙදර යවයි වෙන්නේ මට හිඟා                 කන්න 
අත අරුනා නම් කවුරුත් එපා හොඳේ තරහා                   වෙන්න 
කියවල බලලා කවුරුත් මගේ කවියට                       සුබපතන්න 


Monday, June 10, 2013

කාලගුණේ

ඉල්ලමි සමාව ජාතියෙන් ...........
කිව්වාට කුණාටුවට මහසෙන් ...............
නොව මියදුනාට
සියගණන් .................................

Wednesday, April 24, 2013

අවදිවන්නට අවැසි නැත මට

...................  අවදි නොමවී සිහිනයෙන්  ............

.........................  විඳිනු රිසිමයි සෙනෙහසින්  ..................

 ..........................  අවදි වූ කල සිහිනයෙන්  ....................

 .....................  ඔබ ළඟක නෑ දුර ගිහින්  ............




......................  බලා සිටියෙමි දිවිතුරා  ..........................
........................  යලි යලිත් ඔබ එන තුරා  .......................... 

........................  දෙනෙත් සිටියදි නිදි වරා  .......................

.....................  නැගෙයි හදගිනි බුර බුරා  ....................
 

 

 


..........  කාලයේ වැලිතලා අතරේ අපේ පැතුමන් සැඟවුනේ  ........ 

..........  මහා  කතරක ක්ෂේම බිම නෑ ගීත නොගයව් සියොතුනේ  ..........

........  එදා වාගේම තරුණ සිහිනය දකිමි වියපත් දෑසිනේ  ...... 

..........  දිවිගමන් මග තනිව ආවෙමි අවදි නොමවී සිහිනෙනේ  .........
ප්‍රගීත්


Saturday, March 16, 2013

ආදරය

ජීවිතේ ගොඩක් දුර ,
යන්න හිත හදාගෙන ,
මම නුඹේ ලඟට ආවා තමයි ආදරෙන් ,

ටිකක් දුර යනකොටම ,
තේරුණා මට හොඳට ,
ආදරේ විතරක්ම මදි කියා දුර යන්න,

තේරිලා බලනකොට ,
නුඹත් නෑ මගේ ළඟ,
නුඹ ගිහින් ගොඩක් දුර මම නැතිව
ආදරය හැරුනාම අනෙක් හැම දේ ලබාගෙන ...........................!