Showing posts with label ප්‍රහසන. Show all posts
Showing posts with label ප්‍රහසන. Show all posts

Wednesday, July 15, 2015

Humpty Dumpty







Humpty Dumpty sat on a wall




Humpty Dumpty had a great fall




All the king's horses and all the King's men





Couldn't put Humpty together again




**********



London Bridge is falling down,
Falling down, falling down.
London Bridge is falling down,
My fair lady.



Build it up with wood and clay,
Wood and clay, wood and clay,
Build it up with wood and clay,
My Stupid men



Wood and clay will wash away,
Wash away, wash away,
Wood and clay will wash away,
My fair lady.


Tuesday, May 20, 2014

චූං පාන්

මෙන්න මල්ලි ගැනලා ගන්න 
පාන් තිහයි, බන් පනහයි, පේස්ට්‍රි හතලිස් නමයයි 
පහට වඩා ඉතුරු වුනොත් පඩියෙන් අඩු වෙනවා මල්ලි 
ඊයේ තුනක් ඉතුරුවෙලා මොකද පාන් ගන්නේ නැද්ද?
එහෙනම් ඇයි මොකද මල්ලි පේස්ට්‍රි විකිනෙන්නේ නැද්ද?

ත්‍රීවීල් එකේ චූං හෝන් එක තාමත් හැදුවේ නැද්ද?
හැදුව අයියේ ඒක නිසා තමයි උදේ රැයින් ආවේ 

මෙන්න මල්ලි නිව් අයිටම් 
මොකක්ද ඒ 
එග් බන් බං එග් බන් මේ 
ඕවා ඉතිං විකිනේවිද?
ඉතුරු වුනොත් පඩියෙන් යයි

උඹ ගැන එන ආරංචි දැන් එච්චර හොඳ නම් නෑ
මොකක් කිව්වා 
පුතෝ හොඳට මේ අහගන් 
ගිය මාසේ සර්විස් එක නොකර මාටියා ගැහුවද?
පෙට්‍රල් ටික හොරෙන් ඇදල විකුණන්නට හිතෙනවාද?
දන්නවනේ මුදලාලී යන්නට ආසද වැලිගං

ට්‍රින් ට්‍රින් ට්‍රින් ටොයිං ටොයිං
චූං පාන් හරි සද්දෙට

කියලා වැඩක් නෑ උදේම හොඳ බිස්නස් තියෙයි වගේ 
අම්මප මුගේ බඩේ සයිස් 
පාන් පහක්වත් ගනීවි
නොදකින් නෑ මූනේ කිසි හිනා කටක්
උදේම එන හැටි ඔරවන් බඩගෙඩියත් එළියේ දාන්
ළඟටම ගෙනවිත්දෙන මේ පාන්ගෙඩිය  ගන්න වුනත් 
හිනා පොදක් මූනේ තිබ්බානම් මුට මක් වෙනවද?

ගුඩ් මෝනිං සර් පාන් ,බනිස් පෙස්ට්‍රිත් තියෙනවා 

ගුඩ් මෝනිං හුහ් ඇටයා ...ගහනවා පොළොවේ අල්ලා 
කවුද යකෝ තොට කිව්වේ 
මෙතන පාන් විකුණන්නට 
තෝ උදේම මෙතන ඇවිත් පාන් විකුනලා ගියාම 
මගේ කඩේ තියෙන පාන් ,කන්නද බොල මම තනියම 
අදට තොගේ කකුල තමයි කඩන්නේ මේ දොර පොල්ලෙන් 
මීට පස්සේ ආවොත් හෙම සුදුකොඩි දානවා ගේ ළඟ
තොගේ ඔය ලොකු ත්‍රී රෝදය 
කරනවා වගේ විල්බැරෝව   

බුදු අම්මේ කකුල අනේ 
විසිවුණු පාරට බිම ඇනුනේ හොඳටම පස්ස මගේ 
කඳුළු පිරුණු ඇස් දෙකටම බොඳ වීලා වගේ පෙනේ
තුන් රෝදේ පිටිපස්සේ ලියු වැකිය

""දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී "'




Wednesday, March 12, 2014

පොඩි පුතා


ලොකු පුතේ......අනේ ලොකු පුතේ........බලාපන් ලොකුපුතේ

ඒයි ....අන්න අම්මද කොහෙද ? ඒයි ...නැගිටින්න අනේ ......

මම උඩ විසිවී ඇහැරුනේ අම්මගේ සද්දයට නොව ..මීනා කොසුමිටේ අග්ගිස්සෙන් ඇන්න පාරට බව මට මතක්වුනේ ..දුවගෙන ගොස් දොර අරින්කම්ම පශ්චාත් භාගට රිදුම් දෙන්නට වූ බැවින් සහ අම්මගේ හඬ ඇසෙන්නට වූයේ ඊටත් ටික වෙලාවකට පස්සේ බැවිනි.

දොර අරින්න්ටත් පෙරම දොර තල්ලු කරගෙන් ගේ ඇතුලට පැනපු අම්මා  ගමන් මාව බදාගෙන හඩන්නට විය ....

"අනේ ලොකු පුතේ ...උඹේයි ,මගෙයි ආත්මගෞරවේ ඉවරයි ..ඉවරෙටම ඉවරයි ....බලාපන් මේ මල්ලි කොරන්ට හදන වැඩ......තාත්තා හිටියනම් මොනවයින් මොනවා වෙයිද ..අපි නම්බුකාර විදිහට ජීවත් වෙච්ච මිනිස්සු නේද ලොකු පුතේ ..."

"හරි අම්මේ ඉතින් මොකද ඒ පාර .......මිනිහා අර ඩොරින් එක්ක පැනලා ගිහින්වත්ද.... .."

නෑ පුතේ එහෙම දෙයක් නෙවෙයි ......"

"එහෙනං....?

මිනිහා රස්සාවකට යන්ට හදනවා .........මං ඒක එපා කියපුවාම තව තව රස්සා වගයක් ගැන කියනවා ඒ එකක්වත් අදකාලේ වැදගත් මිනිහෙකුට කරන්ට පුළුවන් රස්සාද?

හප්පේ මං හිතුවේ මිනියක්වත් මරලා කියලා ..දැන් මොනවද ඔය රස්සා ......

වටපිට බලපු අම්මා මගේ කන දිහාට ලන්වුනේ රහසක් කියන්ට වගේ ..ඒත් ඒ සැනින්ම අම්ම අහකට වුනා ..මම පිටිපස්ස හැරිලා බලද්දී දැක්කා මීනා කොස්සත් අතේ තියන් දොර ලඟින් මෑත් වෙනවා ....

කනටම ලං වෙච්ච අම්මා ....."පොලීසියට" ....කියලා කිව්වේ හරියට මහා අපරාධයක් කරපු කෙනෙක් ගැන කියනවා වගේ ..

ආ ඉතින් හොඳයිනේ ......කොච්චර දෙයක්ද? මට එක කියවුනේ වැටේ කේස් එකට ඊයෙත් නලින් කාරයා මාත් එක්ක පැටලෙන්ට ආපුනිසා .."දෙන්නම් සබ්බුව මලයා පොලිසියට ගියාම " ඒක හිතෙන හිතුවත් පිටකරේ නැත්තේ අම්මගේ ප්‍රතිචාරේ කොහොම වෙයිද දන්නේ නැතිනිසා ..

දැන් ඔය පොලිසියට ගියාම මූට ඔය එක එකා එක්ක ආයුධ හංගලා තියෙන තැන් බලන්ට යන්ට හැංගිමුත්තන් කොරන්ට යන්ට වෙයිද ලොකුපුතේ ,,

"ම්ම්ම් ඔව් සමහරවිට ..."

"එතකොට සමහරවිට ඕකට SI පට්ටමක් ලබෙන්ටත් බැරිකමක් නෑ නේද?"

"ඔව් ලැබෙයි ..."

"දෙයියනේ එතකොට සල්ලිකාර ගෑණියෙක් එක්ක අහිහොන්දයිකම් පවත්තලා ඕකව මරලා දායිවත්ද ?"

"නෑ ...ඉතිං..........මේ ....හැමෝම එහෙම නෑනේ ........මේ....."

එතකොට කවදා හරි ඕකා O.I.C. කෙනෙක් වෙයිද ..."

"ඔව් වෙයි වෙයි .....අනිවා ..."

"එතකොට ඌ පොලිසිය ඇතුලෙම කුඩු විකුනයිද පුතේ ...."

"අප්පට සිරි ........නෑ....."

"එතකොට ඕකා කවදාහරි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙයිද .....'

"ඔව් වෙන්නත්පුළුවන් ........ඒ කතාව කියනකොට මට පොඩි ආඩම්බරයකුත් ආවා ..."

"විනාසයි විනාසයි ......."

":ඇයි අම්මේ ..........?

"ඇයි අහන්නේ බොල ඕලමොට්ටලයෝ උඹට තේරෙන්නේ නැද්ද ...ඔතනට ගිහින් ඕකා මුළු රටක් ඉස්සරහ කෙබර ඇදබානකොට මුළු රටේම මිනිස්සු බනින්නේ ඌට නෙවෙයි බොල මට ....මේ හතර පෝයට සිල් ගන්න මට  ඕකා නිසා මුළු රටේම මිනිස්සුන්ගෙන් බැනුම් අහුවැකිද?

ඉත්න් මම ඒ රස්සාවට අකමැති වුනාම ඌ කියනවා ඌ කොහොම හරි ගුරුපත්වීමක් ගන්නවලු....

" කොච්චර හොඳද....?"

"දැන් ඔය ගුරු පත්වීම හම්බවුනාම දුෂ්කර සේවේ ඉන්න වෙයිදපුතේ ?"

"ඔව් අඩු ගානේ අවුරුදු පහක්වත් ..."

"ඉතින් එතකොට ඒ කාලේ ඕකා දඩමස් විකුනයිද?.."

"අනේ මන්දා ,,අම්මේ ....."

"මූ ඉස්කෝලේ විනය පාලක තනතුරට පත් කරයිද?

"ඔව් එහෙම වෙන්නත් පුළුවන් '

"එතකොට එක්කෝ මූ කොල්ලෙක්ගේ කනපලයි, නැත්තම් ගවුම් වාටි ලිහලා ඉස්කෝලේ ඉස්සරහ දනගහගෙන ඉන්න වෙයිද.....අනේ දෙයියනේ .."

"හරි ඉතිං ...විනය ඕනේ නෑනේ තව දේවල් තියෙන්නේ ගුරුවරයෙක් වුනාම..."

" මොනවද අමතර පංතිද?  නෑ නෑ ඕනේ නෑ ඊට පස්සේ ප්‍රශ්න පත්තර උස්සලා කියලා හිරේ ලගින්න වෙයි "

"මේ ලොකු පුතේ ..."

"ම්ම්.."

"කවදා හරි ඕකා ප්‍රින්සිපල් කෙනෙක් වෙයිද .."

"ඔව් ඉතින් වෙයිනෙ "

"අනේ අම්මේ ... එපා ...එක්කෝ මූ කුණුහරුපෙන් බැනලා කෙල්ලෝ කොල්ලෝ බෙල්ලේ වැල දාගනියි ,නැත්තම් ළමයෙක් ඉස්කෝලෙට දාගන්ට කියලා කාගේ හරි ගෑනු ගැටෙකට අහුවෙලා පරම්පරාවේම නම්බුව කයි ...එක්කෝ පගාවක් ගත්තා කියලා පොලිසි ගානේ ලගින්ට වෙයි .....ඔය මොකක්වත් නැත්තං කොල්ලෙක් ඔපිසියට පැනලා මුගේ කොන්ද කැඩෙනකම් ගහයි ...
ඕනේ නෑ ඕනේ නෑ......."

ඊට වඩා හොඳයි හමුදාවට යන එක මොකද ප්‍රින්සිපල් කෙනෙක් වුනත් අන්තිමේ ඉතින් වෙන්නේ හමුදා කාරයෙක් වෙන එකනේ ...හමුදාවට ගියානම් එකක් ..මෙහෙම ගියාම වෙන්නේ වෙඩි  තියන්ට තියා රතිඤඤාවක් වත් පත්තු කොරන්ට බැරි කොර්නෙල් කෙනෙක් වෙන්ට නේ

අම්මේ ...අම්මේ.........

ඇතින් කෑ ගහමින් මල්ලි මතුවෙනකොටම මගේ බඩ පපුව පත්තුවෙලා ගියේ  මූ ඒ ගමන මොන හරුපයක් කියලා අම්මව තව අවුස්සා ගනියිද කියලා

"අම්මේ අම්මේ ..හාහ් හාහ් හාහ් .."

"අනේ ඉතින් හති දාලා ඉවරවෙලා කියහන් පොඩි පුතේ ....."

අම්මේ ..අම්මේ ...ලොකු අයියේ ...ඔන්න මමං ඔය රස්සා එකකටවත් යන්නේ නෑ.......මට අලුත් රස්සාවක් හම්බවුනා ......."

"මොකක්ක්ද පොඩ්ඩෝ ......'?

"මේ බලන්න ....මල්ලි අතේ තියාගෙන හිටපු කොලේ දිග ඇරලා අම්මටයි මටයි පෙන්නුවා ...

"ශ්‍රී ලාංකීය පප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ "අළුගෝසු "තනතුර ....."

මේක දැකපු අම්මාගේ ඇස් දෙකට කඳුළු පිරුනා ...එත් බලද්දී ඒ සතුටු කඳුළු

"මගේ පොඩි පුතේ ...මම දැනගෙන හිටියා කවදා හරි උඹ කුරා කුහුඹුවෙකුටවත් වරදක් වෙන්නේ නැති රසාවක් තෝරා ගන්න බව උඹට දෙයියන්ගේම පිහිටයි "
.
.
.
.

ගිය අලුගෝසුවා නොආවොත් වෙනත් අයෙක්‌ ගන්නවා- බන්ධනාගාර දෙපාර්තමේන්තුව



Sunday, February 23, 2014

මේතරම්




               මේ තරම් අමනයිද මිනිසුන් 
            
සිතන්නටවත් බැරි නිසා 
             මම ගියා මිනිසුන් මැවූ ඒ         
             මහබඹා නම් ඔහු සොයා //

                         

                                                                                                             


               කොටුවේ පොළ ළඟ බැම්ම අයිනක 
        සන්ග්ලාස් එක ඔලුවේ දා       
ඉස්සිලා රිංගා බලයි ඔහු 
 දිලෙන මහා කටවුට් දිහා 





                     මේ තරම් අමනයිද මිනිසුන් 
                
සිතන්නටවත් බැරි නිසා 
                  මම ගියා මිනිසුන් මැවූ ඒ         
                  මහබඹා නම් ඔහු සොයා //








                       බුද්ධිමත් යැයි ලොව කියූ ඒ
                    මනුසතා කොතනද කියා
                    මා ඇසු විට පෙන්නුවා ඔහු
                    මොලය සවිකර නැහැ කියා 




Monday, February 10, 2014

මෙන්න ප්‍රවෘත්ති

එස්.බී ගේ පුතා පෞද්ගලික උපාධි තත්ත්ව පරීක්ෂණ කමිටුවට 

(උඩ ඇති ලින්කුවට කොටන්න )

පුවතක්


අම්මේ මම නිව්ස් බලලම නිදාගන්නම් ...කන්නත් නැති එකේ අම්ම නිදාගන්න....අම්මට එහෙම කියපු මම ටී වී එක ඉස්සරහ වාඩි වුනේ ..රිමෝට් එක අතට අරං...



ආයුබෝවන් ....!

මෙන්න දේශීය පුවත් ..


 අද වනවිට දිවයිනට පැමිණෙන "කොකේන්" වලට නිසි තත්ත්ව පාලන ප්‍රතිපත්තියකට කඩිනමින් යටත් කරන බව බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා "ජුඩිත් වයිට්" (ජින්ජර්) මහත්මිය කියා සිටියාය.
 එතුමිය මේ බව ප්‍රකාශ කර සිටියේ විපක්ෂ නායිකා "නදීෂා හේමමාලි" මෙනවිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

එසේම හෙරොයින් සඳහා ලබා දී තිබූ 15%ක් වූ බදු සහනය 9% දක්වා අඩු කිරීමට සලකා බැලියයුතුයයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද සිල්වා මහතා යෝජනා කළේය . දේශීය නිෂ්පාදකයා රැකගැනීමට නම් එතනෝල් සියලු බදු වලින් නිදහස් කලයුතු යයිද දේශීය වෙද්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේය

මේ වනවිට ශ්‍රී ලාංකීය ජනතාවගේ ආතතිය 22 % කින් අඩු වී ඇතැයි .සෞඛ්‍ය ඇමතිනී "ගයේෂා පෙරේරා "මහත්මිය සඳහන් කර සිටියාය . අද සෞඛ්‍ය අමාත්‍යංශ වය ශීර්ෂය විවාදයට ගත අවස්ථාවේ එතුමිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ දකුණු පලාත් මහ ඇමතිනී 'ගීතා කුමාරසිංහ" මහත්මියගේ යෝජනාවක් අනුව මේ සඳහා දකුණු පළාතේ විශේෂ ව්‍යායාම මධ්‍යස්ථාන හතරක් පිහිටුවා ඇති බවය.

මෙහිදී විවාදයට එක්වූ යෞව්වන කටයුතු හා නිපුනතා සංවර්ධන ඇමතිනී "අනර්කලී ආකර්ෂා" මෙනවිය සඳහන් කලේ අද කාලේ යෞව්වනයන් හස්ත කර්මාන්තයට යොමු කිරීම සඳහා ඵලදායී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවය. මේ සඳහා දැනටමත් තරුණයින් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බවද ඇය පවසා සිටියාය.

විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ කාන්තා කටයුතු සහ ළමා සුභසාධන අමාත්‍ය දේශමාන්‍ය "සාරුවා සුනිල්" මහතා ප්‍රකාශ කලේ ළමා මව්වරුන්ගේ ප්‍රතිශතය ලබන වසර වනවිට 30% කින් වැඩි කිරීමට හැකිව්තයි ගණන් බලා ඇති බවයි. මෙමගින් සිංහල ජාතියේ වර්ධන ප්‍රතිශතය ඉහල දැමීම තම අරමුණ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය .

 සංචාරක අමාත්‍ය "සම්පත් චන්ද්‍රපුෂ්ප" මහතා සංචාරක කර්මාන්තය නැංවීම අරමුණු කරගෙන් කන්‍යාපටල බද්ධ කිරීමේ මධ්‍යස්ථාන 200ක් දිවයින පුරා ආරම්භ කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ,ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවද පැවසීය .

දේශීය අවි ආයුධ නිෂ්පාදනය සඳහා ආරක්ෂක අමාත්‍යංශයට වෙන්කර ඇති මුදල පෙර වසර වලට සාපේක්ෂව 5%කින් වැඩි කර ඇති බව ආරක්ෂක අමාත්‍ය "ජුලම්පිටියේ අමරේ " මහතා සභාව දැනුවත් කලේ මේ අතරයි .

මුදල් ඇමතිනී "රුවන්ති මංගලා" මහත්මිය අද විවාදයෙදීත් අදහස් පල නොකිරීම කැපී පෙනින . අධ්‍යාපන ඇමතිනී "උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මහත්මිය විවාදය අවසානයේදී ඉදිරිපත්කල ශාමිනාමිනා වක වක ගීතය සහ නර්තනය කාගේත් සිත් වශී කරවූවක් විය.

පුතා ...පුතා....නිදාගන්නවනම් ගිහින් ඇන්දේ නිදාගන්නවා ළමයෝ..නිකන් කරන්ට් පුච්ච්න්නේ නැතුව ..හරියට උඹ බිල ගෙවනවා වගේ ...මාව හොල්ලලා හොල්ලාලා නැගිට්ට්වපු අම්ම තාමත් තරහින් පිපිරෙනවා ...

හත් දෙයියනේ ඒ කියන්නේ ඒ සුන්දර දිනය තාමත් සිහිනයක්ද....?








Friday, February 7, 2014

ශක්‍ර Visit



එක දවසක් හැන්දෑවක - පොතක් බලන වෙලාවක
ටොමියා බුරනා සද්දෙට - දාලා බැලුව ඇහැ වටේට
ජෝකරයෙක් වගේ ඇඳුම - ඔලුවේ රන්වන් තොප්පිය
සපත්තු උල නහය ලඟට - හිනහත් යනවා දැක්කම

පැන්නා ගෙදරින් පාරට - දිව්වා මිනිහා ලඟටම
"මං අහන්නේ ශ්‍රී එෆ් එම් " - කිව්වා මං ගත් කටටම

මොකක්ද පුත ඒ කියන්නේ - මොකද ඔයා එහෙම කිව්වේ

හුටා වැඩේ කෙලවුනාද - විහිලුවක්නේ මම කරන්නේ
අවුරුදු විස්සක් තිස්සෙම - සිරස තමයි මම අහන්නේ

මල පනිනවා මට දැන් පුත - මොනවද මේ සඟිස්කුරුත

එහෙනම් මේ දෙරණ නේද -  අනර් අක්කි ආවේ නැද්ද

බොල තක්කඩි බූරු පුතේ - මම ඕවා දන්නේ නැතේ
පඬුපුල් ආසනේ ඉන්න - බැරි තරමට රස්නේ වෙන්න
හේතුව මොනවද බලන්න - මෙලොව ආපු ශක්‍රයා මම

එල කිරි ශක්‍රයා අංකල් - ප්ලේන්ටි බොමු කාල දොදොල්
ඔයාගේ පුත් වයිමා මල්ලි - මිනිහා අපෙ හොඳ ගජයා

ඇයි අංකල් හිටපු ගමන් - ආවේ කුකුළා අතේ අරන්
ප්‍රශ්න මෙහේ නෑනේ ඉතින් - යන්න වෙන්නේ හිස්ම අතින්

කරවිල කෑවලු පවුලක් - කන්න දෙයක් නැතුව දිනක්
මොකටද පුත මෙහෙම රටක් - උණුවුනි පඬුපුල් අසුනත්

පිස්සුද ශක්‍රයා අංකල් - කවුද කිව්වේ ඔය මැන්ටල්
ෆැමිලි චැනල් නිව්ස් වලත් - තිබුනේ නෑනේ එහෙම එකක්


හදා ගන්න බැරුව පුතෙක් - පැන්නලු ලිඳකට අම්මෙක්
ඇහුන වෙලේ ඒ පුවතත් - දෙව් ලොව සැප එපා මටත්
පුතේ තවත් අම්ම කෙනෙක් - දැම්මලු ගඟකට ළමයෙක්
හදාගන්න නෑ විදිහක් - ඉතින් කොහෙද මෙලොව සැපක්

ඉස්කෝලෙට සපත්තුවක් - නැතිව හිටපු තවත් දුවෙක්
කෑවලු වස ගෙඩි වගයක් - අයියෝ සුන්දර දිවියක්
පුතේ තවත් එක පවුලක් - හදාගන්න බැරුව පැලක්
ඉන්නවාලු ඇතුලේ ගලක් - නැද්ද උඹට දැනුනේ දුකක්

පාසල් යන මල් කැකුළු - වනසනවා දන සළෙලු
සියක් ගණන් දැරියන් මෙහෙ - මව් පදවිය ලැබුවාලු

ඉස්කෝලේ පාඩම් පොත - වෙනුවට පුත තබනවා අත
දරු උපතක් වළකන්නට - හැකිවෙන ඒ බෙහෙත් පෙත්ත

රජරට පෙර රට කරවූ - වකුගඩු දෙක නරක් නොවූ
කෙනක් හොයා පෙන්නුවොතින් - දහස් ගණන් දෙමි පඬුරු
රෝගෙන් නොමැරී හිටියොත් - හොඳ වතුරම ඉල්ලූවොත්
වෙඩි තියලා දානවාලු - පාසල් යන පොඩි කොල්ලොත්

අංකල් මට ඔන්න මල  - ජිනීවා යන අතරමග
ඉඳල ආව ගමනක්ද - ඔයා අපේ හතුරෙක්ද 
ලෝකේ සන්තෝසයෙන් - ඉන්නම මිනිහා අපෙන්
ආර්ථිකේ වර්දනෙත් - යයි ඉහලට රිටක් මෙන්

අංකල් ඔය කිව්වට - කැම්පස් යන කෙල්ලට
කන්‍යාභාවය තිබේද - බලන ලෝකේ රට අප
මොකටද පොඩි කෙල්ලෝ අපිට -  සුද්දියෝ ඇත ඕවට 

ඔයාව අපේ රට වට - ගෙනියමි රවුමක් හෙට
ඔයාට ඔය බොරු කිව්වේ - අංකල් මංගලමද ?

දියත උයනේ ගිහිල්ලා - වෝක් එකක් දමාලා 
වතුර මලත් බලාලා - පාක් එකේ සෙට් වෙලා 
කොල්ලුපිටියේ ගිහිල්ලා - මෙහෙ ලස්සන බලාලා 

තව අවුරුදු දහයකින් - එන්නට හැකිනම් ඉතින් 
හම්බන්තොට එක්ක ගිහින් - පෙන්නමි සුර පුර මිහින්
ඒ වුනාට මේ අහන් - අහනු එපා බොරු වදන් 
රට ගැන හරි දේ දකින්න - බලන්න ෆැමිලියෙ චැනල් 












Monday, January 27, 2014

ඔබද ලක්ෂපති මමද ලක්ෂපති


"ආයුබෝවන් මිත්‍රවරුනි ....අප  සමග එක්වී සිටින සැමට සුබම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අපි ආරම්භ කරමු "ඔබද ලක්ෂපති මමද ලක්ෂපති සීසන් තුන"

"ඔව් අද ඔබ හමුවේ ලක්ෂයේ කිරුල හඹා යන්නේ ...." ජහමනයා "

"ඔව් අපි කතා කරමු ...ඔබට මේ තරඟයේ ජයක් ලබාගන්නට පුලුවන් යැයි විශ්වාසයක් තිබෙනවද ..?"

"ඇත්තෙන්ම මම හිතනවා මට ජයග්‍රහණය කරායන්න හැකියාව තිබෙනවා කියලා මොකද මම පුංචිම කාලේ බිව්වේ "පීඩියා ප්‍රෝ"...එක නිසා අනිත් යට වඩා මගේ මොලේ වැඩියි කියලා හැමෝම කිව්වා. මට පූසව සිංහයා කරන්නත් හාවව සීබ්‍රා කරන්න පුළුවන් වුනෙත් ඊට පස්සේ ......"
"ඊට පස්සේ ටිකක් ලොකු වුනාම මම බිව්වේ ඇනිලීන්, ඒක නිසා සංගාගේ ඇට කැඩුනත් මගේ ඇට නියමෙට වැඩ "

"ඔබ සමග මෙතනට පැමිණියේ කවුරුන් සමගද ?"

"මං ආවේ දෙදාස් පන්සීයෙන් ජීවත් වෙන අපේ අප පව්ලේ හතර දෙනා සමග "

"හොඳයි ..මේ ලක්ෂයේ ජයග්‍රහණය ලැබුනොත් ඔබේ බලාපොරොත්තුව කුමක්ද ...."

"මාසෙට දෙදාස් පන්සීය ගානේ වියදම් කරලා හැකිතරම් කාලයක් නොමැරී ජීවත් වීම"

"හොඳයි එහෙනම් මිත්‍ර වරුනි අපි ආරම්භ කරමු "
මුලින්ම මම තීරණය කළා ඔබේ දේශපාලන දැනුම පරීක්ෂා කරන්න .......අපි පටන් ගමු
"ඔබද ලක්ෂපති මමද ලක්ෂපති "


** ලංකාවේ විදේශ ඇමති                          = සජින් වාස්

** කාන්තා කටයුතු ඇමති                          = වෙල්ගම

** ලංකාවේ විපක්ෂ නායක                        = අනුර කුමාර

** එක්සත් ජාතික පක්ෂයේ නායකයා        = රංජන් රාමනායක

** ආණ්ඩු පක්ෂය සමන්විත වන්නේ          = අලියන් හා නිලියන් ගෙන්

** දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට කුමක් කල යුතුද ? = කාන්තාවන් නිලියන් කල යුතුය.

** විපක්ෂයක ප්‍රධාන කාර්‍යභාරය වන්නේ   = කෙසේ හෝ නායකයා එලවා දැමීම

**ශක්තිමත් විපක්ෂයකට අවශ්‍ය වන්නේ    =  කුරුඳු පොලු



"මේ ..මේ.... සහෝදරයා ඇත්තෙන්ම මේ පිළිතුරු ........................"

"හරියටම හරි නේද ....? එක තමයි මං දන්නවා මම මේ තරඟය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව මොකද මාව එව්වේ "තාරුණ්‍යට හෙටක් "එකෙන් ..ලොකු බේබි මට කිව්වා මම අනිවා දිනනවා කියලා . එතුමා කිව්වනම් මොනවද නොවෙන්නේ නේද?"

"ආ....ඔව් ඔව් අපි ඊළඟ ප්‍රශ්න වටයට යමු. මෙහිදී ඔබේ ක්‍රීඩා දැනුම තමයි පරීක්ෂා කෙරෙන්නේ "



** ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව                                   =       කැසිනෝ

** ලංකාවේ දක්ෂතම රගර් ක්‍රීඩකයා                        =       යෝෂිත

** ලංකාවේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා                      =         රමිත

** ලංකාවේ ජාතික ක්‍රීඩාව                                      =        නයිට් රේස්


ඔව්


"දෙයියනේ ඔබේ දැනුම අති විශිෂ්ටයි ...... තුන්වනිවටයට යමු ආර්ථික හා සාමාජයීය ප්‍රශ්න වටය .. මෙහිදී ඔබට උපකාරක අවස්ථා දෙකක් හිමි වෙනවා .....එකක් ......."

"මේ හලෝ මම දන්නවා ..අනික මට ඕනෙනම් අවස්ථා තිබුනත් නැතත් මම උපකාරේ ගන්නවා පඬියා නොවී ප්‍රශ්න ටික අහනවද ....?"



** ශ්‍රීලංකාවේ විදුලි බල අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සැපයෙන්නේ  =  මාෆියාවෙන්

** රිය අනතුරු අවම කරගැනීමට ගන්නා පියවරක් වන්නේ =  දවල්ට හෙඩ් ලයිට් දමාගෙන යාම

** සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ කවුද? = ඔය ඉතින් ප්‍රශ්නේ වැරදිනේ ..නිල බලකායේ නිර්මාතෘ - නාමල්

** ලෝක සිතියමේ වෙනත් රටවල් පහක් නම් කරන්න  = 1. චීනය
                                                                                        2. චීනය
                                                                                        3. චීනය
                                                                                        4. චීනය
                                                                                        5. චීනය

** ලංකාවට වැඩිම බදු ආදායම ලැබෙන්නේ                 = හෙරොයින් වලින් හෝ එතනෝල් වලින්  ම්ම්ම් මම .....ආසක් දී ඕඩියන්ස් අවස්තාව ලබාගන්නවා .......................................................................................................................කාටවත් හිතාගන්න බැරිලු අනිත් එක අහනවා ....

** ලංකාවේ ලාභදායීම වාහනය                                    =          ලැම්බෝගිනි

** අමද්‍යප ව්‍යාපාරයේ පියා                      = දුමින්ද සිල්වා , ජොන්ස්ටන් හෝ ලක්ෂ්මන් වසන්ත  ...මේකට මම කෝල් අ ෆ්‍රෙන්ඩ් අවස්තාව ලබාගන්නවා
 ඒක හරියන්නෙත් නෑ ..මැතිවරණ නීති උල්ලංඝනය වෙන නිසා කාටවත් උත්තර දෙන්න විදිහක් නෑ

** ලංකාවේ ජාතික ගීය                              = සහේලි ගයනාකරන ඕනෑම ගීතයක්

** ජාතියේ පියා                                         = ජේම්ස් පැකර්

** ජාතික වෘක්ෂය                                     = අරලිය ගහ මන්දි....... නාහ් ...හප්  අරලිය ගහ

** ජාතික සත්වයා                                     =  සුදු කැස්බෑවා

"ඔබ....ගේ .....දක්ෂතාවය හිතාගන්නත් බෑ.... මට කලන්තේ වගේ "..................දඩස්.........



Thursday, January 23, 2014

ඔක්කොම ඉවරයි


"මොකද සර් අප්සෙට් එකෙන් වගේ "

 "අයිසේ මම ඉවරයි අයිසේ ....අයියෝ සුමනයවත් මේක කලින් දැක්කේ නෑනේ අම්මපා අඩු ගානේ අර     ශිෂ්‍යත්ව කොල්ලවත් මේක මට කිව්වේ නෑනේ ..."

"මොකක්ද සර් අවුල ......ඇයි අගමැති තුමා අස්වෙනවද ...?

" පිස්සුද මනුස්සයෝ දැන් කියලා ඉතින් වෙනසක් තියෙනවද ..? හිටියත් නෑ වගේනේ ..."

" හරි මම හිතුවා ...කෙහෙළිය ඇමති තුමා අස් වෙනවලු නේද....?

"ඔල්මාදෙද අයිසේ .......මිනිහා මලත් ජනමාධ්‍ය ඇමති කම දාලා යන්නේ නෑ... මටත් වෙලාවකට හිතෙනවා ඕයි මේක නැතුව ජන මාධ්‍ය ඇමතිකම තිබ්බනං කියලා "

"එහෙනම් සර් තව කුඩු කන්ටේනරයක් අල්ලලද ...."

"හැක් හැක් හැක් ......ඔලුගෙඩිය , ඔය අහුවෙච්ච එක පෙන්න පෙන්න තව කීයක් ඇතුලට ගෙනාවා කියලද තමුසේ හිතන්නේ....බැරිම වුනොත් කරන්න තියෙන්නේ අර එතනෝල් ගෙන්වීම නීතිගත කරා වගේ මේකත් නීතිගත කරන එකනේ අයිසේ ...අනේ තමුසෙලා වගේ උපදේශකයෝ......."

"එහෙනං එස්.බී. යයි වගේද සර්..."

"ආ මිනිහා ඉන්නවද...? මිනිහ කැසිනෝ ගැහුවා කියලා කිව්වට පස්සේ ලඟදි ආතල් එකක් දුන්නෙත් නැති නිසා මාත් බැලුව මොකද කියල "

"කේ.පී ගේ ප්‍රශ්නයක්ද සර්."

"මිනිහට දැන් මගෙන් විතරයි අයිසේ පිහිටක් තියෙන්නේ..මිනිහ කියන්නේ මිනිහට ප්‍රභාට කලින් මාව හම්බ වුනානම් කියලා ....."

" එහෙනම් සර් බන්දුල ....."

"අයිසේ මිනිහනම් අදහන්න වටිනා පොරක් අයිසේ ....බලනවා මිනිහා නිසා අපි කොච්චර ප්‍රශ්න වලින් ගැලවෙන්වද කියලා ...දෙදාස් පන්සීයෙන් හතරදෙනෙක් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියපු එකම මදැයි ඔයි....අපි එකෙන් මාසයක් විතර මීඩියා ටික ඇදගෙන ගියානේ ...දැන් බලනවා ඔය ශිෂ්‍යත්ව කතාව වුනත් ..."

"විමල් ඇමති තුමාගෙන් නම් වරදක් වෙන්න විදිහක් නෑ නේද සර්...මිනිහා සර් කියන දේට පිටින් මුකුත් කියන්නේ නෑනේ.....?"

"හ්ම්ම්...එත් මිනිහා මේ දවස වල හුලාගේ නෙත්තියත් එක්ක පැටලෙන්න යනවනේ ....උසේ හැටියටද වැඩ "

"එහෙනං සර් මොකක්ද ප්‍රශ්නේ...බඩුමිල වැඩියි කියනවද ...?

"හෙක් හෙක් හෙක් මිනිස්සුන්ට බඩුමිල ගානක් නෑ ඕයි මේදවස්වල ..? මිනිස්සු කනවට බොනවට වඩා කරන්නේ මංගල සමරවීරගේ කොල්ලට මොකද වුනේ  කියලා හොයන එක  ...."

"එහෙනම් සර් විපක්ෂ නායක තුමා ආණ්ඩුව පෙරලන්නවත් ගේමක් ගහනවද?

"අයිසේ මේ පොඩ්ඩක් ලඟට එනවකො........"

"ඇයි සර්....."

"කවුද ඕයි මේ රටේ විපක්ෂ නායක......"

"අයි සර් රනිල්නේ ..අර හිටපු ගමන් ඇවිත් කෝපි බීලා යන කොන්ඩේ සුදු පොර..."

"ඔව්නේ යකෝ ..මම මෙච්චර දවසක් හිතන් හිටියේ මිනිහා එංගලන්තේ විපක්ෂ නායක කියලා ..."

"සර් ගණන් ගන්න එපා සර් ඕවට ඉතින් සර් මොනා කරන්නද? "

"මොනවටද?"

"සර් මේ කම්පනා කරන්නේ නොරොච්චෝලේ ආයේ කැඩිච්ච එකනේ ..."

"ඉට්ට .....ඒක කවද්ද ඕයි වැඩකරේ ...හාහ් අන්න බලනවා මේ සැරේ දුන්නේ ගේම රන්දෙනිගල රන්ටඹේ ..කැලණිතිස්ස ඔක්කොම හිටින්න...."

"දැන්නේ සර් මීටර් වුනේ  සර් බයේ ඉන්නේ ජිනීවා කේස් එකට නේද ?

"හෙහ් හෙහ් හෙහ් .....හිනා වෙලා චූ යන්නත් ආවා ඕයි.....ඡන්ද දෙක දිනාගන්න ඔයිට වඩා දෙයක් තියෙනවද අයිසේ. ඕවට තමයි අයිසේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියන්නේ ...අපිට ඡන්ද අරන්දෙන කුමන්ත්‍රණ හැක හැක හැක ........"

"අනේ මන්දා සර් මටනම් තේරෙන්නේ නෑ ...අර ගෘහ සේවිකාවෝ ඩුබායි අරින ප්‍රශ්නේ වත්ද ?"

"තමුසෙලාටත් පෙන්නේ ඔය ගෑනියෙක් දෙන්නෙක් රටයන එක තමයි . ඇයි අයිසේ බලනවකො රට පුරා ඇවිදලා දැන් මෙහෙ බදාම අනන්නෙත් චීන්නුනේ ...අපේ කොල්ලෝ ක්ලබ් ගිහින් නයිට් රේස් බලලා මත්තලින් කටුනායක එන අපූරුව චීන්නු අපේ රටේ පාරවල් වල තාර දාද්දි "

අනේ මන්දා සර් මට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ...."

"නැතුව ...යමක් කමක් තේරෙන එවුන් නම් මම තමුසෙලාව උපදේශකයෝ කියලා බඳවා ගන්නවයි ...
මෙන්න බලනවා නිව්ස් එක වාසු සන්ධානයෙන් වෙන් වෙයි ? දැන් ඉතින් කොයි වෙලේ ආණ්ඩුව වැටෙයිද  දන්නේ නෑ ඕයි


Tuesday, September 24, 2013

කොන්දක්කා - (Lady Bus Conductor)

අනුමැතිය ලැබේ… කාන්තා කොන්දොස්තරවරියන් වැඩ අරඹයි…



නංගී නිමල්කා - මට අත වනනවා දැක්කා
වගේ නොදැක්කා - මම අනේ ආවේ මක්කා
චේ  මාලේලා - කස්ත්‍රෝ හැමෝම එක්කා
ඉන්නා ටී ෂර්ට් එකක් ඊයේ ගත්තා

හෝල්ට් එකේ බස් - හිටගෙන නොකර කතා බස්
ඉන්නා විට ඇස් - පොට යනවා වී අන්දොස්
අන්න එනවා බස් - හැමෝම කන්න හදයි මස්
පුදුමෙකි අයියෝ  මේ ෆුට් බෝඩ් එකම හිස්

සී.ටී.බී. බස් - නිකං වගෙයි තඩි හුඹස්
පෙම් මුළුවල කිස් - කොරනා කපල්ස් නෑ ලොස්
ටික්කො පනියි බස් - මැද්දට ගහනවා දඩ සිස්
ගන්නේ මොකද රිස් - අකමැති මං ආණ්ඩු බස්

අම්මප සිරා අනික් බස් - ලස්සන පවුද්ගලික බස්
කෙල්ලොත් නෑ ලොස් - අඳින්නේ පේන්නම බනිස්
නැග්ගම මේ බස් - ඇතුලට එකෙක් නෑ උසස්
කොන්දා සස් සස් -  කඩයි ටිකට් වෙලා බොස්

හොරණෑ සද්දෙට - කොන්දගේ නටනව මගේ කට
ටිකට් මොටද මට - යන්නේ අදත් මාටියට
හිතුවට එහෙමට - හොරාට යන්නට බෑ මට
කිංකිනි හඬ කට - කොන්දට ලැබුනේ කොහොමට

හිමිහිට ඇතුලට - පැනලා ඉඳගත් විට මට
හිතුනා ඇත්තට - මේ සුරලොවක්ද මිහිබට
යන්නේ කොහොමට - හොරාට පව් කොන්දක්කට
ඉතුරු සල්ලි මට - එපානේ එය කොන්දක්කට

වෙනදා රුපියල - ඉතුරු නැතොත් තියයි උල
කොන්දා එක්ක මල - දුන්නේ නැත්තං රුපියල
ඒ වුනාට බොල - ඉතුරු රුපියල් පහලව
නැතෙයි කියා මල - නෑ අක්කා එක්කල

එන්ට මල්ලි වාඩි වෙන්ට - අක්ක කියනකොට
ටිකට් නැතුව මට - යන්නට බෑනේ මාටියට
පැටලෙන වලියට - හැමෝම ඇඳලා පූසට
අක්ක නිසා මට - නිදහස් ඩ්‍රයිව කනේ කට

වවල ඇඟිලි වල - නියපොතු පාටයි රතුවට
කොට හැට්ටේ කර - පෙනෙයි බොඩියත් ලාවට
සාය ඇඳල කොට - යනවා ගමන ලතාවට
අක්කා කොන්දට - ගත්තේ කවුද කියන මට

කාන්තාවෝ කොන්දොස්තර - කරපු එකා වෙයි පින්බර
මෙච්චර ලස්සන සුන්දර - අක්ක අපේ කොන්දොස්තර
හිත හිත ලඳ කොන්දොස්තර - දැක ගන්නට වී ඉස්සර
නැග්ගා බසයට පස්සර - අයියෝ මං දුටු විස්තර

ලස්සන හීනෙට - වැදුනා කටු කුඩු වෙන්නට
හිතුවේ විසි අට - අක්කට ඒත් පනස් අට
ලේඩිස් කොන්දට - අයියෝ ඇප නෑ අප හට
ගනිල්ලා බසයට - ලස්සන අක්ක කෙනෙක් හෙට.

වනිතා කොන්දොස්තරලා  - ගන්නවා කිව්වට
මම හිතුවේ ගනියි කියලා - ගැට අඩු විස්සට
ඒ වුනාට අරන් ඇත්තේ - ගෑනු පැනපු හැට
අපිව ඇන්දු සේරම උන් පලයව් නිරයට



Monday, September 23, 2013

අලි සිහිනය



මගේ සිහිනය මට දකින්න
ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න
ලං නොවන්න //

සාගල මග අකිල යමින්
බොත රස මධු පාආආනේ
මංගල කොළ එලි දැල්වේ
බුද්ධික දෙන් නෑඈඈනේ
අනර්කලී ගීතා වගේ
කෑලි අපිට නෑඈඈනේ
හිටපු පබා මාරු වුනා
රෝසිත් වයසයිනේ

මගේ සිහිනය .........
















වැටත් කඩන් අලිත් පනිති
සාටකයේ  සාආආපේ
පලා බබා තුනත් කැලේ
වලිගේ වත් නෑඈඈනේ
ආණ්ඩුවට පැනපු එවුන්
ගහනව මඩ බෝඕඕ සේ
තවත් එකෙක් එලවමු අපි
තිස්ස ගෙනෙන් මේඒඒසේ

මගේ සිහිනය .........

මේ තියෙන්නේ ඔරිජිනල් ගීතය

Monday, August 19, 2013

ගුරු චිත්‍රය හා ගෝල චිත්‍රය

සමාව බජනය කරමි ,රිවිරැස පත්තරේ පොටෝ කෑල්ලක් හොයාගත නොහැකිවිය.


අපි පුංචි කාලේ අපේ අප්පච්චි ගෙදරට ගත්තේ "දවස හා රිවිරැස" පත්තරේය. ඒ කාලේ තව දිවයින , ලංකාදීප ,සිළුමිණ වගේ පත්තර තිබුණි, ඒ අතරින් පාට දෙකේ (බ්ලැක් ඇන් වයිට් ) පත්තරේ රිවිරැස පමණය . පාට පාට දිවයින ගේන්නේ නැතුව මොන මගුලකට බ්ලැක් ඇන් වයිට් රිවිරැස ගේනවද කියා මට මලේ මලය.

ඒත් මේ පත්තරේ මම ආසා කොරන කෑල්ලක් තිබුණි ඒ ගුරු ගෝල චිත්‍ර දෙකය.
 මමත් නංගීත් මේ ගුරු ගෝල චිත්‍ර වල වෙනස හොයනවාය. වෙනස් කම් දහයක් හොයා තැපැල් පතක් අලවා දවස කාර්යාලයට යැවිය යුතුය , දිනුම රුපියල් පනහකි. අයියෝ සල්ලි කියන්නේ කවදාවත් වෙනස් කම් දහයක් නම් හොයන්නට බැරිය. මුන් අපිට බොරු කියනවයි පස් පඩන්ගුවේ බැනවදිමින් වැඩේ අහවර කොරන්නෙමු.

මේක මතක් වුනේ ඊයේ පෙරේදා ඉඳන් හැමතැනම "ෂෙයාර්" වන පොටෝ කෑල්ලක් දැක්ක නිසාය. ඒ විපස්සේ කරපු රතුපස්වල වෙඩි තැබීමට විරුද්ධ උද්ගෝෂණයය. රතුපස්වල වතුර ඉල්ලූ අහිංසක ජනතාවට හතර අතේ වෙඩි තබා ඉස්කෝලේ කොල්ලෝ තුන් දෙනකුද මරා ආණ්ඩුව හත්පොලේ ගෑ ගත්තේය.
 ගාගත්තා මදිවට ඒවා තුන්වෙනි පාර්ශවයක ඇඟේද ගාමින් අනාගෙන නාමින් ඉන්න විට  විපස්සේ ලොකු අලියා සහ අනිත් ඉතුරුවෙච්ච සහ ලොම් හැලිච්ච අලි ටික කොටුවේ ස්ටේසම අසල විරෝධතාවක් කලෝය.

( පහුවදා අපේ හචිං සීයා නම් කීවේ "ගෙනාපු බනිස් ටික ඉවර වෙනකං කන්ඩ බැරි මුන් කොහෙ රට අල්ලන්ඩද" කියාය). අන්තිමට කොහොම හරි උද්ගෝෂණය ඉවර උනාට පස්සේ නයි.ටී. එන්. එකේ සහ ආණ්ඩුවේ පත්තර වල ආචාරී හර්ස දී සිල්වා  බුද්ධාගමට හා  හාමුදුරුවන්ට අපහාස කල බවට ලොකු උද්ගොෂනයක්ය.
හාමුදුරුවන් කෙනෙකුට  ඇඟට අත තැබීම ගිහියෙකු නොකළ යුතුලු. එතකොට අපායේ යනවාලු කියා විමල් වීරවංස මහතාගේ ලංකා සී නිව්ස්  එකේ උඩපනිමින් කියා තිබුණි. ටිකක් හොයලා බලනකොට ඒක 'ගෝල ෆොටෝ "එකය. "ගුරු ෆොටෝ" එක ඊට කලින් දවසක පිටවී තිබුනි.

ගෝල පොටෝ එකේ වෙනස්කම් , නොගැලපීම් එකී මෙකී නොකී දහසක් දේ රාජ්‍ය සහ නමට රාජ්‍ය නොවන විද්‍යුත්, මුද්‍රිත හා සයිබර් මාද්‍ය හැම එකකම පට්ට ගසා තිබුණි, එහෙත් ගුරු පොටෝ එක ගැන කවුරුත් හ්ම් නැත.

හැබැයි ඉස්සර ගුරු චිත්‍රයේ හා ගෝල චිත්‍රයේ වෙනස් කම් හොයන්නට බැරිවූවා සේම මට මේ "ගුරු පොටෝ " එකේ හා "ගෝල පොටෝ "එකේ  කිසිම වෙනස් කමක් දැකගන්නට බැරිවිය. (එය පවක් නම් පව් වල වෙනසක්) බලන්න ඔබට පුලුවන්ද කියා..........


 ගෝල ෆොටෝ එක 





ගුරු ෆොටෝ එක 


Friday, July 26, 2013

මඤඤන් භාවය


...........................රෙදි නැන්දයි , අපේ අම්මයි ............................
...........................හිනා කටයි , මල් දෝතයි..............................  
...................නෑදෑයෝ සනුහරේම.......................
..........................මනමාලිගේ වරුණේ කියයි...........................

..................පුතේ උඹේ මනමාලී......සිරියාවී ...සීදේවී.............
...................යාදෙවී...පිංදේවී....කිරිපැණියෙන් උතුරාවී.............
..................වාසනාව වාසනාව....................
.................අපේ කොල්ලගේ වාසනාව..................

.....................රෙදි නැන්දට තෑගී ගොඩයි..................
....................රෙදි නැන්දත් ගුණේ වනයි..................
....................පුංචි මහත්තයා පතාන .................
.................සසර පුරා ආපු කෙනෙක්.................

...............පිරිසිදු කම හරි අගේට ............
.................හරි තදේට ......රෙද්දේ මැදට............
...................මැකුනෙත් නෑ හේදුවාට...............
....................සුපිරිසිදුයි මොනවද කැට...............

...................මොකක්ද බොල මේ වෙන්නේ..............
.................කොහොමද ඒ වගේ වෙන්නේ ...........
...............ඔය මොකක්ද එක නැතිවෙන්නේ.........
......................කලකට පෙර මගෙන්මනේ...................

................කොහොම වුනත් මනමාලිව..............
..............බේරාගත්තු දේව බැල්ම..............
.................මොකක්ද කියලා බලන්න................
................ආසයි කෝ මට කියන්න..............

.............කිරි අප්පට බල්ලෝ පැනපි...........
..................ඉස්කෝලේ උත්සවේට.................
...............අරං ආපු ජපන් කොඩිය.............
...............රෙදි නැන්දගේ බාල්දියේ...........



Wednesday, July 3, 2013

මේක සිරා කේස් එකක්................!

ඇමති පුතෙක් යකා නටල
රණවිරුවගෙ ඔලුව පලලා
අයියෝ..................
ඒක  පුංචි කේස් එකක්.

ඩී.අයි.ජි.ගෙ පොඩි ලේලිට
ඇමති  පුතෙක් පුක පෙන්නලා
අයියෝ..................
ඒක  පුංචි කේස් එකක්.

රගර් මැච් එකේ රෙෆ්රිට
රජ පැටියෙක් හොඳට නෙලලා
අයියෝ..................
ඒක  පුංචි කේස් එකක්.

ඇමති පුතෙක් හොඳට බීලා
ප්ලේන් එකේ දොරක් ඇරලා
අයියෝ..................
ඒක  පුංචි කේස් එකක්.

....පාසලේ පහසුකම් ගාස්තු ගෙවාගත නොහැකි වූ දැරියක් අසල්වැසි වත්තකින් පොල් ගෙඩි අටක් සොරකම කර හසුවේ,....................පුවතක්......


අන්න  අන්න අල්ලපියව්,
හිරේ දමව් , දඩත් ගහව්
මේක සිරා කේස් එකක්
සරීර ඇප ලස්ස දෙකයි - මුදල් ඇපේ පනස්දහයි .

අවිහිංසක ඇමති දරුවෝ නොදන්නා කම හින්ද කරපු ,
අර  පොඩි පොඩි වැඩ වගේද

මේක සිරා කේස් එකක්................!