මහා වරුසාවක දෙපිලෙම හෝදාගෙන ගිය අන්දම
පීරමින් මතක ගොන්නම මම උඹව හොයන හන්දම
මේ අදත් එදා වාගේම මට උඹ ඇතැරුන අන්දම
|
*
|
ඒ සිහින කන්ද නොදැකම අද කඳුළු ගඟේ දෙඉවුර
අපි හදපු කඳුළු පිරුණම ගඟ ගලයි අපිව නොදැකම
නෙක වර්ණ පිරුණු හීනෙක අපි සුව වින්දේ ප්රේමෙක
ඒ හීන වලින් ඇහැරෙන්නට ඕනෑ නෑ මට සදහට
|
*
|
වෘන්දා වනයේ කෙලවර ඒ ඈත හිමේ සීතක
යමුනා ගංතෙර ඉවුරක පෙම් හීන මවන මොහොතක
අසෝක මල් යහනක මීදුමෙන් වැසුණු සවසක
වස් දඬු වැයෙනා ගීතෙක රාධා ඔබ එහි පදවැල
|
*
|
ලොව නිසසල එක මොහොතක වන අරණක මල් උයනක
සුව විඳින සැන්දෑ යාමෙක ඔබ ඇවිදින් මගේ හීනෙක
නෙක නේක වර්ණ මතකෙක ඔබ නොගිහින් දුර ඈතක
රාධා ඔබේ ළඟ මම ලොවටම රහසින් සදහට

++++++++++++👌
ReplyDelete---------///////xxxxx
Deleteගොඩක් ලස්සන සින්දුවක් ඉවාන් මල්ලි
ReplyDeleteටැම්ස් මොස්කව්වයියේ
Deleteඅප්පට සිරි ! බ්ලොග් ලෝකයේ කව්යාත්මක නායක අයිවනුල්ලා ලව් පුසානි IRA බංකරෙන් එලියට ඇවිල්ලා !
ReplyDeleteමේ ඔක්කොම ට්රම්ප්ච්චි නිසානේ
Deleteඇර කොල්ලා ඇර , අන්න එහමනේ ලවු පූසෝ ඉන්න ඕනේ , මොස්කව් වල හිටි යාලුවෙකුත් ඇවිල්ල ඉන්නේ
ReplyDeleteමොසකව් වල මාර යාලුවො ඉඳලනෙ
Deleteදුරාතීතයේ ආදර කතන්දර
ReplyDeleteතවමත් රැඳී මතකේ වීලා 'අමර'
ගී කවි ලෙසින් නිමවීලා වරින්-වර
ලොවට කියයි ආදරයේ ඇති මිහිර!
මව නොදනී මවගේ නෑයන් නොදනී
Deleteපිය නොදනී පියාගෙ නෑයන් නොදනී
රට නොදනී රට ආ ගමනත් නොදනී
එහෙව් එකා රට මැන්නේ හුණ්ඩුවෙනී
-ඩු.නි.දි
නිමල්ලයියට දැන් ඩුප්ලිකේට් එකෙකුත් ඉන්නවා නේ
Delete