මිත්තරයෝ ටික

Saturday, October 5, 2013

කඩතුරාව


"අනේ තිලකේ අයියේ මේ කතා පත්තරේට දාන්නකෝ...."

"අනේ වැඩක් නෑ සිංදුමී ....... ඔය පත්තරකාරයෝ පස්සේ යන්නයි , එක එකාට පින්සෙන්ඩු වෙන්නයි, මට ඕවා අල්ලන්නේ නෑනෙ.... අනික මම යවපු ඒවා හොඳම කතා විස්ස අතරටවත් ආවෙ නෑනෙ.....'

ඒ වුනාට අයියේ පත්තරේට දිගටම යවන්න කියලයි මම නම් කියන්නේ .........ඔයා මෙහෙම කතා ලියනව කියලා දන්නේ අපේ ඔෆිස් එකේ නිව්ස් ලෙටර් එක කියවන අය විතරනේ."

"ආ තිලකේ .....අදත් මරු කතාවක් දාල තියෙන්නේ , නරකද උඹට මේ රස්සාව දාල ගිහින් ලේඛකයෙක්ම වුනානම්.....නැද්ද සිංදුමී ........"
 කොහේදෝ ඉඳලා ආපු පියල් එහෙම කියලා සිංදුමී දිහාට ඇහැක් ඉඟිමරනවාත් සිංදුමී පියල්ට ඔරවනවාත් මම හොඳටම දැක්ක.

මුන් මේ මාව මුරුන්ගත්තේ තියන්නේ බොරුවටද එහෙනං, එහෙම වෙන්නත් බෑ පියලානේ මගේ කතාවක් අපේ  "නිව්ස් ලෙටර් 'එකේ පළවුණු ගමන් ඉස්සෙල්ලම කියවන්නේ .

*******

"අයිසේ පියල් සංස්කෘතික අමාත්‍යාංශේ  ඔෆිස් එකක් වුනාට මේකේ කිසි ගෝ එකක් නෑනෙ , පටන් ගමුකො සාහිත්‍ය ,සංස්කෘතිය , සභ්‍යත්වේ හරි බැරිනම් අසභ්‍ය හරි මොකක් හරි වැඩක්.......
ඩිරෙක්ටත් දවසක් ඇහුව මගෙන් ඉස්සර වගේ "මැගසින්" එක කරමුද කියලා, අර "රෂියන් ෆ්‍රෙන්ඩ්ෂිප්  ප්‍රෝග්‍රෑම්" එකෙන් "ෆන්ඩ්ස්" දෙනවලු"

ටිකක් විනෝදකාමී සෙල්ලක්කාර චරිතයක් වෙච්ච "සී.සී.මහත්තයා "  දවසක් ලන්ච් ටයිම් එකෙදි කට්ටියත් එක්ක කනගමන් දාපු අදහස නිසා තමයි , නැවතිලා තිබිච්ච අමාත්‍යංශ මාසික සඟරාව නිව්ස් ලෙටර් නමින් ආපහු පටන් ගත්තේ ,

එකෙන් වුනේ පියල්ගේ වැඩත් මට කරගහන්න වුනු එකයි ....

"මචං පොඩ්ඩක් මේ ටීචර්ගේ වැඩේ බලපං.............. මචං ඔය යව්වන සමාජේ ලේකම් එයි පොඩ්ඩක් බලහන් ...............,මම අර මැගසින් එකේ වැඩකට පොඩ්ඩක් එලියට යනවා මචං."

මැගසින් එකේ වැඩ නැගලා ගියත් ස්වභාවයෙන්ම නිහඬ චරිතයක් වුනු මගෙන් කවුරුත් උදව් ඉල්ලුවෙත් නෑ , මං පැනලා දෙන්න ගියෙත් නෑ .

"මොනා වුනත් නිව්ස් ලෙටර් එක එලටම තියෙනවා ... ඇමැතිතුමාත් සුබපතලා තිබුනා ........"

එක නෙවෙයි කවුද බං මේ "R.D.T.R." කියන්නේ ......"

"කෝ...."

"මේ ..මේ කෙටිකතාව ලියලා තියෙන්නේ ..."

" නියමෙට තියෙනවා නේද පියල්......"

" ඔව් බං  මාත් බැලුවා කවුද කියලා .සිරාවට කතාව ගලපලා තියෙනවා.......ඩිරෙක්ටත් සී.සී. කාරයාගෙන් ඇහුවලු කවුද මේ කියලා.."

කට්ටිය "R.D.T.R." හොයන විදිහට මට හිනාවක් යන්න ආවත් සද්ද නැතුව හිටියේ තව ටිකක වාත කරන්න හිතාගෙන.

"ඇයි තිලකසිරි අයියා හිනාවෙන්නේ ..........." ඒ සිංදුමී
"අනේ පියල් ඔය තිලකේ අයියානේ ..."

"කවුද...."

"R.D.T.R. - රණේපුර දේවගේ තිලකසිරි රත්නායක .....අනේ මටත් අමතක් වෙච්ච හැටියක් " සිංදුමී හිසේ අත ගසාගෙන් කී තාලයෙන් මට සිංදුමී ගැන අමුතුම ලෙන්ගතුකමක් දැනුනා ..."

" ආ ... ඇත්තද .....ඇත්තද මචං .....හ්ම්  උඹත් දන්නා දේවල්..... කතාවත් නරකම නෑ ....."

පියල් ඒ ටික කිව්වේ එච්චර හිත හොඳකින් නෙවෙයිද කියලා දැන් හිතෙනවා........නරකම නෑ කිව්වේ ...ඉතින් ඉස්සෙල්ල කිව්වේ නියමෙට ගලපලා තියෙනවා කියලා ......

පියල් සින්දුමීට ඇහැක් ගහනව දැක්ක අගමන් මට මතක් වුනේ ඒ අතීත සිද්ධිය ......


ඒ වුනාට සිංදුමී හරිම සංවේදී හිතක් තියෙන කෙනෙක්, මගේ නිර්මාණ වැඩියම අගය කරන්නේ එයානේ, මගේ ඔෆිස් වැඩත් කරලා දෙනවනේ මං ලියන වෙලාවට. මොන එහෙකට අර වගේ ගල් බමුනෙක්ව  බැඳ ගත්තද දන්නේ නෑ.
ඒ වෙලාවේ සින්දුමීගේ හස්බන්ඩ්ව මතක්වුනේ නිකම්ම

*******

නෙද්දකින් උගේ හැටි විතරක් වීරප්පන් වගේ ...

"කව්ද තිලකේ වීරප්පන්....................."

හුටා නාලිකාටත් ඇහිලා ...."නෑ මේ සිංදු .....නෙවෙයි මේ අර මේ....නළුවෙක් ඉන්නේ ...මිනිහා ආවනේ ඔෆිස් එකට දවසක්......"

"ඇයි මේ ...."

"තිලකේ අනේ පාන් ගෙඩියක් අරං එනවද....."

"මොකක්ද නාලිකා ඔයා ගිහින් ගෙන්නකෝ ...පේන්නැද්ද මම වැඩක්නේ................"

"අනේ ...ඉස්සරහ කඩේ වහලා .......හන්දියට යන්නොන ....මම කොහොමද මෙහෙම යන්නේ ... අනික තනියම ............."

"ආයේ ඉතින් තනියම ගියා කියලා මොකෙක්වත් ඔයාව උස්සන් යන්නේ නෑ, මං වගේ හරක් තව නෑ මේ රටේ "

"මොකක්ද කිව්වේ ......තිලකේ ..."

" නෑ මුකුත් නෑ ....මල්ලක් ගෙනත් දෙන්න කියල කිව්වේ ............"

"ඔයා දැන් අමුතුයි තිලකේ.....හැම තිස්සෙම අනුම්පද කියනවා.......කතා ලියනවා කියලා රෑ දෙගොඩහරියේ ඇහැරගෙන ..........මොකක්ද අනේ මේ........"

"හා හා දෙනවා ඕක මෙහාට.....දරුවෙක් හම්බවෙන්න ඉන්නකොට කොහොමත් ටිකක් ඇවිදින්න කරන්න ඕන.....කම්මැලි කමට ඉන්නේ නැතුව."

කඩේ යනකම්ම මට මතක් වුනේ සිංදුමී...........සිංදුමී වගේ ගෑනියෙක් බැඳ ගත්තනං අද මගේ ජීවිතේ කොච්චර සැහැල්ලුද.....? හරිම සංවේදී  කෙල්ල, එහෙම වුනානම් මමත් අද හොඳ ලේඛකයෙක් වෙන්නත් තිබ්බ ...

කොච්චර වුනත් හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ගෑනියෙක් ඉන්නවා කියන එක ඇත්ත. ..එකට අපේ ගෑණි....මෙලෝ රහක් නෑ, කිසිම සාහිත්‍ය රසයක් නෑනෙ.....මගේ එක කතාවක්වත් කියවලා තියෙනවද දන්නේ නෑ. සිංදුමී නම් මැගසින් එක පිටවෙනකම් ඉන්නේ කියවන්න.

"හින්දි වදන් මියුරු නදින් කියන ....සිංදුමී.....සින්දු නදී ඉවුර දිගේ එන්න සිංදුමී.........."

"මුදලාලි සිංදු දෙකක් දෙන්න...."

"සිංදු ..?"

"ඇයි නැද්ද.....ආ  සොරි මුදලාලි පාන් දෙකක්......"

ශික් වස විලි ලැජ්ජාවයි........ඉතුරු රුපියල් දෙක ගන්නවත් ඉන්නේ නැතුව මම ආපහු ආවේ මුදලාලියා කට කොනකට ගත්තු හිනාවදිහා බලන්න බැරි කමටමයි.

*******

"මගේ ඊලඟ කතාව ලියන්නේ ඔයා ගැන ..."

ෆයිල් එකක් තුරුළු කරන් කහපාට ඔසරිය ඇඳගෙන හිනාවෙවී ,මලක් වගේ මගේ මෙසේ ඉස්සරහ පිපිලා ඉන්න සිංදුමීට මම එහෙම කියනකොට සිංදුමී ඇස් ලොකු කරලා මගේ දිහා බැලුවා......කොහොමත් සිංදුමී ඇස් ලොකු කරලා බලනකොට හරිම ලස්සනයි....මම සිංදුමීව දකින්න ආසම එයා ඇස් ලොකු කරලා බලන වෙලාවට තමයි

" මං ගැන ........? මං ගැන නම් කතා එකක් නෙවෙයි සීයක් ලියන්න තරම් දේවල් මගේ ජීවිතේ තියෙනවා අයියේ....."

සිංදුමී දුකෙන් වගේ අහක බලනවා දැක්කම මට දුක හිතුනා, සින්දුමීගේ නිකටෙන් අල්ලලා මූණ දිහා බලං ඔයා දුක් වෙන්න එපා කෙල්ලේ කියන්න හොඳටම ඕනෑකම තිබුනත් ඔෆිස් එක ඇතුලේ හිටපු නිසා මම ආයාසයෙන් ඒ හැගීම යටපත් කර ගත්තා.

"ඒක නෙවෙයි තිලකසිරි අයියේ ..කොහොමද දැන් නාලිකාට ...කවද්ද ඩිලිවරි එක..........කාසල්ද...?"

" ඔය ඉන්නේ........ තව මාස දෙකක් තියෙනවා.........."

"මං යනවා අයියේ....."

"සිංදුමී.................................!"

"ඇයි අයියේ..........................?"

"මගේ ජීවිතෙත් කතා ගොඩාක් ලියන්න තරම් දේවල් තියෙනවා සිංදුමී....."

 ආයෙත් ඇස් ලොකු කරලා මගේ දිහා බලපු සිංදුමී ඉක්මනින් එතනින් ගියා

උඹ මොකද එහෙම කිව්වේ .....නාලිකා මොකක්ද උඹට කරපු අඩුව.....මගේ හිත මගෙත් එක්ක වාදේට පැටලුනා ...........
 අඩුවක් නම් නෑ, ඒත් ජීවිතේ කිසි රසයක්, රිද්මයක් නෑ...  නාලිකාගේ වරදක් නෑ....ඒත් ඇති හොඳකුත් නෑ හරියට පතෝල වගේ ,
අතිරහ වුනත් හැමදාම කනකොට එපා වෙනවලුනේ, ඉතින් හැමදාම පතෝල කනකොට එපාවෙන එක අහන්නත් දෙයක්ද.................

*******
ඩිරෙක්ටර් ලඟ උදේ ඉඳන්ම හිටපු නිසා අද ඔයාට මේක පෙන්නන්නත් බැරිවුනා සිංදුමී ..පෙන්නන්න දෙයක් නෑ ඉතිං ,ෂුවර් එකටම ඔයා තමයි මේක පත්තරේට යවන්න ඇත්තේ , මොකද මේක මම පෙන්නුවේ ඔයාට විතරනේ , අනික මේ වෙනකම්ම ඒකෙ මුල් පිටපත ,ගෙදර මොකද තාම මැගසින් එකට දාන දවසත් ආවේ නෑනෙ,

ලංකාදීප පත්තරේ විමංසා අතිරේකේ මගේ කෙටිකතාවක් පලවෙලා ......අනේ අනේ සිංදුවෝ ඔයා මටත් හොරෙන්ම යැව්වා නේද පත්තරේට මාව සප්ප්‍රයිස් කරන්න. මට නිකම්වත් කිව්වේ නෑ. ඔයා හැමදාම මගෙන් අහනකොට පතරේට යැව්වද යැව්වද කියලා මට නිකමට හිතුනා ඔයා මෙහෙම දෙයක් කරයි කියලා .....

ඉන්නකෝ අල්ල ගන්න අද ..මිරිකනවා කන .......

අනේ ඉතින් නාලිකාට මෙහෙම රසවින්දනයක් තියෙනවනම්

*******

"සිංදුමී .......කෝ අද ඔයාගේ ප්‍රේම කුරුල්ලා............."
කෑම කන්න හිතාගෙන ලන්ච් රූම් එක පැත්තට යනකොට, වහලා තිබුන දොරට එහා පැත්තේ ඇහුනු පියල්ගේ කටහඬ නිසා මම දොර ලඟ ටිකක් නතර වුනා ......මූ මොනාද මේ සින්දුමීගෙන් අහන්නේ ...?

"කවුද තිලකසිරිද ...... ඔය ඩිරෙක්ටර් ලඟට ගිහින් උදේ ඉඳන්ම ..................."

"එක තමයි මම කෝල් කළා දෙතුන් පාරක්ම මොබයිල් එක ඕෆ්..............එක නෙවෙයි ,මිනිහා ඔයාට බොක්කෙන්ම ලව් නේ................."

"ආයෙත් අහලා ....මිනිහා මේ ලඟදි මට කියනවා ..එයාගේ ජීවිතේ කතාවක් ලියන්න තරම් දේවල් තියෙනවලු, ඊළඟ කතාව මගේ ගැනලු ......අම්මා  මාර ලවර්   අනේ......."

"කතාවක් ...ඔයා ගැන ......හැක් හැක් හා......මරුවට තියෙයි. තිලක සිංදු ප්‍රේම පුරාණය.............."

" කෑ ගහන්න එපා පියල් කාට හරි ඇහෙයි...... මට නම් බයත් එක්ක මිනිහව අපි අන්දනවා කියලා දැනගත්තොත් ....එහෙම අප්පා......................."

"අනේ ඉන්න, දවසක ඕකට හොඳ ලනුවක් දෙන්න ඕන ......ඕකා හිතන් ඉන්නේ මාටින් වික්‍රමසිංහ කියලා .."

"ඇත්තමයි සිංදුමී , ඌ ඔය ලියන කෙටිකතා නවකතා තියෙනවා නේද ....ඔය වගේ ඒවා අනන්ත පත්තර ,සඟරාවල තියෙනවා බං"

"ඇත්තටම කොහෙන්ද පියල් මෑන් කොපි කරන්නේ මේවා....මෑන් අන්තිමට දාපු එකත් මේ ළඟදි කොහෙන් හරි  කියෙව්වා වගේ මතකයි..........කියෙව්වා කියෙව්ව කිව්වට මම දෙක තුනකට වඩා මෑන්ගේ කතා කියවලා නෑ පියල්.........පව් අනේ .....මෑන් හිතන් ඉන්නේ මම මොනා නැතත් මෑන්ගේ කෙටිකතා කියවනවා කියලා  ...පිස්සා "

සිංදුමී මේ ඔයාමද .....ඔයාලා මාව අන්දපු එකද  මෙච්චර කල්  කලේ . දොර ඇරගෙන ගිහින් දෙන්නටම කන පුපුරන්න දෙන්න ඕන...මාව වෙව්ලන්න ගත්තේ කේන්තිය වැඩි කමටද මන්දා ....

කේන්තියෙන් පුපුර පුපුරා මම දොරට අත තියනකොටම ඔෆිස් එක පැත්තෙන් අපේ කා.කා.ස. සුමනසිරි දුවගෙන එනවා දැකපු මම පොඩ්ඩක් නතර වුනා

****

"සර් සර් සර්  ........සර්ව මම හැමතැනම හෙව්වා .... සර්ගේ නෝනා බාත්රූම් එකේ වැටිලා හොස්පිටල් ගෙනිච්චලු .....සර්ගේ මල්ලි ඇවිත් කියලා ගියේ ...සර්ට කෝල් ගන්න හැදුවලු ෆෝන් ඕෆ්ලු.  මෙන්න මේක දෙන්න කිව්වා දැන්ම පුලුවන්නම් හොස්පිටල් එකට යන්න කිව්වා සොයිසා එකට........."

කොලේක ගුලි කරලා තිබුණු මොනාදෝ ගුලියක් මගේ අතට දෙන ගමන් සුමනසිරි නොනවත්වාම කියාගෙන ගිය දෙයින් මගේ කන්දෙකෙන් ගින්දර පිටවෙන්නවගේ දැනුනා....

"දෙයියනේ නාලිකා ............."

"මොකක්දමේ ගුලිය .......ගුලි කරලා තිබබ කොලේ දිගෑරලා බැලුවේ මේ මොකක්ද කියලා ...නාලිකාගේ මාලෙයි ,කරාඹු දෙකයි........"

ඒවා ඔතලා තිබ්බ කොලේට මගේ ඇස් දෙක ගියේ ඉබේටම .............
........ලියුමක් රෙජිස්ටර් කරපු තුණ්ඩුවක් ......??????
.......නාලිකා කාටද රෙජිස්ටර් ලියුම් යවන්නේ .............????

දෙයියනේ නාලිකා එතකොට ඔයාද මේක කලේ . පොඩි වෙච්ච් කොලේ තිබුණු අකුරු මට බොඳවෙලා පෙනුනේ මගේ ඇස් දෙකට ආපු කඳුළු නිසා

ලැබිය යුතු -සංස්කාරක
                   විමංසා කෙටි කතා සංග්‍රහය
                   දිනපතා ලංකාදීප
                   **** මාවත , කොළඹ **

85 comments:

  1. උඹ කියන දේ සහතික ඇත්ත.අපිට හැමතිස්සෙම ලග තියෙන දේට වඩා වටින්නේ දුර තියෙන දේවල්.අනේ මන්දා ඒ ඇයි කියන්න.

    අනික බං මේකේ මෙන්න මේ කොටස නිසා//අනේ ඉතින් නාලිකාට මෙහෙම රසවින්දනයක් තියෙනවනම්//
    කලින්ම ඉගියක් දුන්නා වගෙයි මචං මටනම් කතාවේ අන්තිම ගැන.මට හිතෙන්නේ උඹ කතාව ලෙසටම ලියන් ඇවිල්ලා කලබලෙන් ඉවර කලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඕක හැමෝටම පොදු දෙයක් මචෝ. හැමොටම වටින්නේ ඉස්සෙල්ල ආපු කනට වඩා පස්සේ ආපු කන. එහෙම කලබලයක් නම් තිබුනේ නෑ. කොහොමත් මේ කතාව අනික් ඒවාට වඩා ටිකක දිගින් අදුයිනම් තමා

      Delete
  2. විවාහ ජීවිත වල තියෙන යථාර්තය මේක තමයි ඉවෝන්..දෙදෙනා අතර අදහස් හුවමාරු නොවීම..මන් හිතන් ඉන්නේ වෙන මගුලක් , මගේ ගෑණි හිතන් ඉන්නේ වෙන මගුලක් , මගේ හොර ගෑණි හිතන් ඉන්නේ තවත් මගුලක්.. අනේ මන්දා ජීවිත ගෙවෙන හැටි...

    සෑහෙන බරක් තියෙන කථාවක් ඉවෝන්..මේ වගේ කතා 20 ක් විතර එකතු උනාම පොතක් ගහන්න බැරි වෙන එකක් නැහැ ප්‍රකාශකයෙක් මුණගැහිලා.. කකා උදව් කරාවි ...හැමදාම වගේ නියමයි..!

    ReplyDelete
    Replies
    1. බැඳලා අවුරුදු පහක් හයක් යනකොට කොහොමත් අදහස් හුවමාරි=උ කරගැනීම ගොඩක් අඩුවෙනවා ,ඊට පස්සේ හා.හ්ම්. විතරයි. ඊට පස්සේ හිතත් හා අතේ දුවනවා ... 'හිත හීලෑ නෑ හරිම මුරන්ඩුයි තැන තැන ඇවිදිනවා හිතෙන හිතෙන තැන නවතිනවා ..." කියලා සිංදුවකුත් තියෙන්නේ

      පොතක් ගහන වැඩේ නම් කීප දෙකම දැන් යෝජනා කළා හිතලා බලන්න ඕන. කකා උදව් කරයිද ?

      Delete
    2. ඒක නම් ඇත්ත. පොතක වැඩේට මමත් සුබ පතනවා. භාෂාව පැත්තෙන් උදව්වක් ඔනෙ නම් දෙන්නම්.

      Delete
    3. භාෂාව පැත්තෙන් නම් ගොඩක් උදව් ඕනේ වෙනවා දිලිනි..... එහෙම වැඩක් කරොත් අනිවා කියනවා. බොහොම ස්තුතියි

      Delete
  3. ඇත්ත ම කතාවක් බං. නැති රස හොයන්න ගිහිල්ලා අන්තිමට ඇත්ත එළි වුණා ම මැරෙන්න හිතෙන එක අහන්නත් දෙයක් ද? මනෝජ් අයියා කියපු කතාව ඇත්ත. මැද දී තේරෙනවා නාලිකා තමයි කතාව පත්තරේට යවන්න ඇත්තේ කියලා. පිටට නොපෙනුවට මුළු හදවතින් ම ආදරේ කරන බිරිඳක් ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද?

    ReplyDelete
    Replies
    1. //"පිටට නොපෙනුවට මුළු හදවතින් ම ආදරේ කරන බිරිඳක් ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද"// අද කාලේ හැටියට කතාව සහතික ඇත්ත. එත් පිටට නොපෙන්නීම තුළම ප්‍රශ්න කීයක් නම් ඇතිවෙන්වද?

      Delete
  4. මචන් කතාවනම් සුපිරියි ++++++++++++++ අප්ෂට් එකකට තියෙන්නේ මේවා කියෙව්වම බදින්නත් බය හිතෙනවා ඔයි

    ReplyDelete
    Replies
    1. උඹ බයවෙන්න එපා , හැබැයි උඹව බඳීන්නනම් කෙල්ලෝ බයවෙයි උඹේ බ්ලෝග කියෙව්වම

      Delete
    2. බයයි කිව්වේ දැන් ඉන්න සින්දුමිලා බැන්දට පස්සෙත් පස්සෙන් එයිද කියලා ........
      සිංහල බ්ලොග් කියවන්නේ නැති එකක් හොයාගන්නවා.......
      උබ කොමද බන් මේ එකම පොස්ටුව ඩබල් දාන්නේ අපිටත් කියල දීපන්කො .............

      Delete
    3. මැලේ--

      Bolgger Dash boad --- Posts --- Edit (අදාළ පොස්ටුව සිලෙක්ට් කර) --- දකුණු පැත්තේ ඇති ඔරලෝසුවක අයිකනයක් ඇති post settings වල published on වල දිනය හා වෙලාව සකසන්න
      සමහර අය බ්ලොගට එන්නේ සති අන්තේ විතරක් නිසා එයාලට බලන්න රී පොස්ට් කළා

      Delete
  5. අමුලික ඇත්ත.උබ ලස්සනට දෙනව රිදෙන්න

    ReplyDelete
  6. කතාව හරිම ආදර්ශමත් ඉවාන්...තමන් ලඟ තියන දෙවල්වල අගේ හුඟක් වෙලාවට අපිට දැනෙන්නේ ඒ දේ අපිට අහිමි උනාට පස්සේ...

    එක වගේම එකට ගලපපු හිත් දෙකක් ලොකේ කොහේවත් ඇති කියලා මම හිතන්නෙ නෑ...තියන පුංචි වෙනස්කම හරි තේරුම් අරගෙන ඒවාට අනුගත වෙන එක තමයි හොඳම ක්‍රමය...!

    ReplyDelete
    Replies
    1. කොහොමත් තියෙනකොට අගේ නැති ,නැතිවුනාම අගේ වැඩි දේවල් අපේ ජීවිතේ පිරිලා , එකට ගලපපු හිත නැතිවුනාට නොගැලපීම අඩුම හිත් හදාගන්න අපිට පුළුවන් ඔයා හරි.

      Delete
  7. නාලිකාට සහ දරුවාට අනතුරක් නොවේවා කියන එක තමයි මගේ ඒකායන පැතුම. උඹ මාලෙයි, කරාබු දෙකයි එවන එකෙන් අදහස් කරණා දෙකෙන් එකක් වන ඕනැම ලෙඩෙක් රෝහලකට ඇතුල් කරන කොට ඕවගේ දේවල් භාර කාරයට බාර දෙන එක කියලා මම හිත හදාගත්තා.
    මේ කතාව twists කීපයක් තියෙන නිසා රසවත් බව වැඩි වෙලා.
    කරාබු දෙක අර කොලේම ඔතපු එක ටිකක් අහව්‍ය වගේ පෙනුනත්, මම හිතන්නේ ඒක උඹ පාවිච්චි කරපු හොඳ උපක්‍රමයක් කියලා මම දකිනවා. ඒක කොහොමද වෙන්න ඇත්තේ? නාලිකා බාත් රූම් එකේ වැ‍ටුනා නම් ඉස්පිරිතාලේ ගෙනියනකොට ඔය කොළේ ළඟ තියෙන්න අමාරුයි. නමුත් මල්ලි නාලිකාව ගිහින් බාර දුන්නා නම්, මල්ලි ඒ වැඩෙත් කරලා මාලෙයි කරාබුයි බාර අරගෙන සාක්කුවේ දාගෙන පියල්ලගේම ගෙදර යන්න ඇති. ඒක ගෙදර නොතියා මේසේ උඩම තිබිච්ච මේ කොලේ ඔතලා අරන් එන්න ඇති අතටම දෙන්න. මම එහෙම හිතාගත්තා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩූඩ්. ඒ කොලේම කරාඹු දෙක ඔතපු එක අහම්බයක් තමයි. මොකද අපිට ඇත්ත තේරෙන්නේ ,ඇත්ත දකින්නේ ගොඩක් වෙලාවට අහම්බෙන්. නාලිකාගේ පර්ස් එක ඇතුලේ තිබ්බ එකම කොලේ ඒ කොළ කෑල්ල නිසා මල්ලි එකෙක් ඔතලා ගෙනත් දුන්නා වෙන්නත් ඇති. මොකද පිරිමින්ගේ පර්ස් වල ලොකු ප්‍රමානේ කොළ කෑලි නෑනේ ,තුන්ඩු කෑලි මිසක්.

      Delete
  8. වෙලාවට blog ලියන අය අතර සින්දුමිලා අඩුයි. ඒ කියන්නේ කියවන්නේ නැතුව අගය කරන අය. කතාව නම් නියමයි. කියලා වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන අය අතර නම් සින්දුමීලා නෑ වගේ තමයි. තැන්කු වේවා පුමෝ

      Delete
  9. අපේ උන්දෑ නිතර කියන දෙයක් තියනවා.

    'ඔය ඉන්ටර්නෙට් එකේ විකාර ලිය ලිය ඉන්නේ නැතුව ඔයාගේ තියන ලස්සන අදහස් පත්තරේකට ලියන්නකෝ'

    හොඳයි ඒකට එකඟ වුනා කියමුකෝ. ඒ ගමන්ම ඊළඟට කියන්නේ මෙන්න මේක.

    'ඇයි අනේ පත්තරවලට ලිව්වම කීයක් හරි හම්බෙනවනේ. ඔය ඉන්ටර්නෙට් මගුලෙන් ලයිට් බිල වැඩි වෙනවා විතරයි'

    මට දශම බින්දුවයි එකක තරම්වත් නිර්මාණ හැකියාවක් තිබේනම්, එය විකිණීමට අවශ්‍ය නැත. ඒ නිසා පුරුදු ඉන්ටර්නෙට් එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට විචාරක මහත්තයාට දිරිමත් කරන්න සිංදුමී කෙනෙක් නැත්තේ. අනික විචාරක අපේ අදහස් පත්තර වලට දාන්නේ නෑ. මොකද එයාල කරන්නෙත් බිස්නස් එකක්නේ

      Delete
    2. //මට දශම බින්දුවයි එකක තරම්වත් නිර්මාණ හැකියාවක් තිබේනම්, එය විකිණීමට අවශ්‍ය නැත. ඒ නිසා පුරුදු ඉන්ටර්නෙට් එක හොඳයි.//

      අම්මප අහල පහලක හිටියනං , පින් එක ඇදල ඔබනව බෝම්බයක් කටේ

      Delete
    3. කෝ යකෝ අර රිශානා කෙල්ලගේ කතාවේ ඉතුරුටික. ඒ ටික නොලිව්වොත් එවනවා මෝටාර් එකක්.

      Delete
    4. @අටම් - එක ඇත්ත විචාරකට දශම බිංදුවයි එකක තරම් හැකියාවක් නෑ , තියෙන්නේ 100% ක හැකියාවක්

      Delete
    5. @ විචාරක - විචාරකයියේ මටත් දීහන් එකක් මමත් ගහනවා ඔය මිනී ඔලුවට මෝටාර් එකක්

      Delete
    6. 89 බුරුතු පිටින් මිනිසුන් බිලී බාපු, ටයර් අලු මතින් පඩි පිට පඩි අරන්, තරු පිට තරු ගසමින් තම පවුල නඩත්තු කොරාපු. පවුල් දහස් ගණනකට වැලේ වැල් නැති කොරාපු, ආණුඩුවේ අලුගුත්තේරුකම් වලට ජැක් ගසාපු අලුගෝසුවෙක් රිශානා කෙල්ගේ මරණය ගැන තැවෙනාවා. අහෝ ජිම් පප්පෙකුගේ කුහක භාවය. මෙය රටේ ඛේදයකි.

      Delete
  10. මේක මචං ලංකා සමාජයේ තියෙන වැරැද්දක්! අඹු සැමියෝ උනත් දෙයක් ගැන ව්වෘතව කතා කරන්නේ නෑ! හංගනවා. පස්සේ පසුතැවිලි වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් බන් අපේ සංස්කෘතියේ ලක්ෂණයක් තමයි එකෙඉනෙකාත විවෘත නොවීම. එක නිසා කොයි තරම් නම් ප්‍රශ්න ඇතිවෙනවද?

      Delete
    2. කථා කරලා තීරණ ගන්නේ වෙන එවුන් එක්ක.

      Delete
    3. @ සුදීක - එක ඇත්ත හැබැයි ඒක කරන්නෙත් හොරෙන්

      Delete
  11. නියමයි මචං.. දුරක තියෙන දේවල් වලට ආදරේ වෙන්න ගියාම සමහර වෙලාවට මෙහෙම වෙනවා කියල හිතෙනව..

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ. ගොඩක් වෙලාවට අපි කරන්නේ අතේ ඉන්න කුරුල්ලට යන්න ඇරලා ,කොහෙවත් ඉන්න එකෙක් පස්සේ ගිහින් නිකන් නාස්ටිවෙන එකනේ

      Delete
  12. කතාව ලෙසටම සුපිරිය.
    හැබැයි මල්ලො,හෙන්රි කියල තිබුන විදියට මාල,මුදු ටික නිසා කතාවට චුට්ටම් ම චුට්ටම් හානියක් ද කියලත් හිතුන.
    මොකද තමන්ගේ මල්ලි අයිය ටම දෙනව මිසක් පිටස්තරයකුට දීලා යනවාද කියන කුකුස තමා මට ඇතිවුනෙ.
    බැදලත් පිට එකීලා ට සිතින් ලව් කරන ලවර්ස් ලත් ඕසෙට ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ඉහිටං කෙන්ජයියේ අයියා කාරයා දවසම ඩිරෙක්ට ළඟනේ. මොබයිල් එකත් ඔෆ්ෆ් කරලා.ඉහින් හොයාගන්න බැරි නිසා කා.කා.ස.ට දීල ගියා .මොකද නැතිවෙන්නේ නෑනේ.

      Delete
  13. මේකට මං මුකුත්ම කියන්නෙ නැතුව මාරු වෙන්න හැදුවෙ...

    රසවින්ඳනයක්, ආසාවක් නැති උනත්, අනිත් කෙනා කරන දේ අගය කරන්න පුළුවන්කම බඳින දෙන්නෙක්ට තියෙන්නම ඕනෙ... ඒ අතින් නාලිකාත් වැරදියි කියලා මට හිතෙන්නෙ... ඔය 35 - 40 පැන්න පිරිමින්ට සිංදුමීලා හරියට ඉන්නවා... ඒක සාමාන්‍ය තත්වයක්...

    සාමාන්‍යයෙන් කාසල් එකේ එහෙම රත්තරන් බඩු ගලවන්න කියනවා නේ.. එහෙම මතකයක් තියෙන නිසා අවුලක් නෑ වගේ.. නැත්තං එතන මාර අවුලක් දැනෙන්නෙ... එතන නං නියමෙටම අපිව පටලවලා මේකා... හි හි...

    ReplyDelete
    Replies
    1. >> ඔය 35 - 40 පැන්න පිරිමින්ට සිංදුමීලා හරියට ඉන්නවා... ඒක සාමාන්‍ය තත්වයක්... <<
      හොද ළමය 50 පැන්න උන්ට කියල නොදැම්මේ.

      Delete
    2. @ හිරු- මොකද මුකුත් නොකියා මාරු වෙන්න හැදුවේ........
      ඔය 35- 40 පැන්න පිරිමින්ට සින්දුමීලා ඉන්නවා කියන කතාවට මමත් එකඟයි. කොහොමත් ලේබර් රූම් ගන්නකොට කණකර ගලවන්න කියනවා නේද?

      Delete
    3. @ කෙන්ජයියා - කෙන්ජයියට ඉතින් තාම 50ක් තියා 40ක් වත් නෑනේ ...:D

      Delete
    4. පුහ්.. නැතිව මල්ල, මම කිව්වෙ,අපේ මාතලන්,කකා,ඇලා, නලිය,රයිගම,හැලප,විචාරක සහ අරූ ව ගැන හිතල.

      Delete
    5. ඔන්න ඒකට කෙන්ජිලා අපි එක වයසේ කොල්ලෝ.

      Delete
  14. කථාව පට්ටම පට්ටයි...සෑහෙන දවසකින් බ්ලොග් එකකින් කියවන්න ලැබුනු සුපිරිම කථාවක්...මට නම් මේකෙ රහ හොදට දැනුනා...කියන්න වදන් නෑ මචං...මේ වගේ ඒවා උඹේ බොග කියවන්න එන අපිට වැඩි වැඩියෙන් දීහන්...කථාවෙ අවසානය උපරිමයි...උඹ කැමති නම් මේ කථාව ඇත්තටම ලංකාදීපයට දාලා දෙන්නම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිරෝ.......
      මමනම් කැමතියි මේක ඇත්තටම ලංකාදීපෙට දාන්න පුලුවන්නම්. පුළුවන් නම් දාලා දීපංකො බන්. හැබැයි එච්චර මට්ටමක තියෙනවද කියලා නම් මන්දා

      Delete
  15. සින්දූමීලාට ඉඩ වැඩි ලෝකේ නාලිකාලාත් ඉන්නවා ඉඳලා හිටලා.........තව ලියන්න පවුලූශා..

    ReplyDelete
    Replies
    1. නාලිකාලා බොහොම ඉන්නවා අරූ . අපිට පෙන්නේ නෑ. පෙනුනත් අපි ගණන් ගන්නෙත් නෑ ඒකයි වෙලාතියෙන්නේ .

      Delete
  16. ගෑනුන්ව තේරුං ගන්න බැරි මහත්තැන්ලා ගැන කවර කතාද???

    ReplyDelete
    Replies
    1. ගෑනුන්ව තේරුං ගන්න බැරි මහත්තැන්ලා වගේම මහත්තැන්ලාව තේරුං ගන්න බැරි ගෑනුත් ඕන තරම් දේශකයෝ . එකනේවෙයි කොහෙද මේදවස් වල ලෑන්ඩ් කරලා ඉන්නේ ?පේන්නවත් නෑනේ

      Delete
    2. ආ උඹ ඒක දන්නෑ නෙවද?? මගේ මැසිම කචල් උනා නේ බං... ටික දවසක් යනකං අපායේ හිටියේ

      Delete
    3. සිරාවටම...? දැන් වැඩේ ගොඩද...? මම බැලුවා එත් මොකද වුනේ කියලා

      Delete
  17. කොහෙන්ද බං ප්‍රගීතයෝ උඹේ ඔලුවට මෙව්වා එන්නේ

    ReplyDelete
    Replies
    1. අනේ එකනම් මාත් දන්නේ නෑ මචෝ. හිටපු ගමන් හිතෙනවා. එවෙලෙට ලියාගෙන ලියාගෙන යනවා .

      Delete
  18. ගෙදරට වැඩිය කාලයක් පිට ඉන්නකොට ගෙදරත් එක්ක තියන සම්බන්ධතා අඩුවෙලා අර විදියෙ සම්බන්දතා උඩ එනව. ඒක ස්වභාවිකයි. කතා නායකයටත් උනේ ඒකයි. වැ‍ඩ රාජකාරි අතරෙ නෝන මිස් වෙනව. නමුත් නෝනට මහත්තය මිස් වෙලා නෑ.
    කතාව උපරිමයි මචං. කවදා හරි කෙටිකතා පොතකට හොඳා.

    ReplyDelete
    Replies
    1. //"ගෙදරට වැඩිය කාලයක් පිට ඉන්නකොට ගෙදරත් එක්ක තියන සම්බන්ධතා අඩුවෙලා අර විදියෙ සම්බන්දතා උඩ එනව."// කතාව 1000%ක් ඇත්ත. එක තමයි ගොඩක් වෙලාවට හේතුව. තැන්කු වේවා රාජ්.

      Delete
  19. සියළු රස එක්තැන් කරපු කතාවක්..
    තිලකසිරිගේ මුල් අකුරුත් හිතලාම දැම්මා වගේ.පොඩි පොඩි ඉඟි නිසා කතාව කියවන්න කුතුහලය වැඩියි..
    ලස්සන කතාවක් ඉවාන්..

    තමන් ලඟ ඉන්න අයගේ අගේ දැනෙන්නැති එක අපි ගොඩක් අයට තියන ලෙඩක් නේ..

    ReplyDelete
    Replies
    1. ළඟ ඉන්න අය නොසලකා හැරීම, එයාලගේ අගයක් නැතිවීම ඇත්තෙන්ම අපි කා තුලත් තියෙන දුර්වලතාවයක්. අපි නොහිතන ප්රෙශ්න ගණනාවක් ඇති වෙන්නත් එක හේතුවක්.
      බොහොම ස්තුතියි රූ ...

      Delete
  20. ඔන්න කාලෙකට පස්සෙ ඉවාන් ලස්සන කතාවක් ලියල,කියවන්නව මුලින් රවුමක් ගෙනිහින් නොහිතන අවසානයක් කරා රැගෙන එන මේ කතාව කුතුහලයෙන් යුතුව කියවන් යන්න පුළුවනි.
    මේ ප්ලොට් එක කොහේදී හරි දුර ඈත කාලෙකදී කියවල හුරු ගතියක් නිකං අඳුරු මතකයක් වගේ තිබුනත් හරියටම පැහැදිලිව මතක් කර ගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. තැනකුයි වේවා හැලපයියේ .........ඒක මතක් කරගන්නත් එපා ......මේක හොඳනම් එච්චරයි. බයේ හිටියේ හැලපයියගෙන් ආයෙත් බැනුම් අහගන්න වෙයි කියලා ..:D

      Delete
    2. කාගෙහරි වැරද්දක් දෝෂයක් පෙන්නනකොට මට තමයි වැඩියම හිතට අමාරු ඉවාන් ,ඒත් හිත තද කරගෙන කියල දානව තිත්ත බේත් වුනත් ලෙඩේ සනීප වෙයිනෙ කියල.

      Delete
    3. හිතේ අමාරුවෙන් හරි ඔයා ඒ කරන වැඩේ නිසා අපිට හරි පාරේ යන්න පුළුවන්. ඇත්තටම ලෙඩේ සනීප වෙනවා ......

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා චතුරංග , ...... කතාව රසවින්දා නම් ඒ තමයි මගෙත් සතුට

      Delete
  23. machan siraawata patta sanwedi keti kathaawak maawa maara widiyata hanhim bara kala machan

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා කෝරලේ මහත්තයා ,අපිට ළඟ තියෙන දේට වඩා දුර තියෙන දේ වටිනවානේ කොහොමත්, එක තමයි ගොඩක් ප්‍රශ්න වලට මුල.

      Delete
  24. උඹ මේක රීබ්ලොග් කලේ කොහොමද? මගේ HeyDude අලුත් පෝස්ට් එක අප්ඩේට් වෙලා නැති හන්දා මම ආයෙම ඒක දැම්මා. ඒත් පෙර සේමයි. බ්ලොග් රෝල් වල මාස දෙකක් පරණ පෝස්ට් එකක් පෙන්නගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඩුඩෝ මම මේක උඹේන්මද කොහෙද අහගත්තෙ .....
      Bolgger Dash boad --- Posts --- Edit (අදාළ පොස්ටුව සිලෙක්ට් කර) --- දකුණු පැත්තේ ඇති ඔරලෝසුවක අයිකනයක් ඇති post settings වල published on වල දිනය හා වෙලාව සකසන්න
      සමහර අය බ්ලොගට එන්නේ සති අන්තේ විතරක් නිසා එයාලට බලන්න රී පොස්ට් කළා

      Delete
    2. කරන හැටි නම් දන්නවා බං. ඒ වුනාට මුලින්ම අප්ඩේට් නොවුන පෝස්ට් එකකට මොනවා කලත් හරියන්නේ නෑ. දැන් ඕන්න HeyDude ට හැදිලා.

      Delete
    3. එකනේ මාත් බැලුවේ ..... මාර කෙස් එක . ඕක අලුතෙන්ම ටයිප් කරලා දාන්න වෙයිද , මට එක සැරයක් එහෙම කරලා හරිගියා .

      Delete
  25. ඔන්න මමත් ගොඩ වුනා .කතා ටික රහයි . දැන් ඉතින් යන්න එපැයි නාලිකා බලන්න හොස්පිටිතාලෙටත්. ආයේ එන්නම්

    ReplyDelete
    Replies
    1. වෙල්කම් තිලකේ .... දිගටම එන්න. මතක ඇතුව නාලිකා බලන්න යනකොට දොඩම් ටිකක් වත් අරන් යන්න .:D

      Delete
  26. ඔයා මේ කෙටීම කෙටි කතාවෙන් ගෙනාවේ අද හුඟක් දෙනෙකුට තියන පොදු ගැටළුවක්..සන්නිවේදනය නැති කම නිසා පවුල් ඇතුලේ වෙන ගැටළු වලට විසඳුම් දෙන්න පිටස්තර හිත් ලංවීම බොහොම වෙලාවට අවසන් වෙන්නේ හොඳ පැත්තකින් නම් නෙවෙය්...

    පොතක් ගහමුකෝ.....

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ .... අද කාර්ය බහුලත්වය කියන දේ නිසා පවුල තුල තිබිය යුතුම වූ සන්නිවේදනය ඇනහිටලා. එකෙන් වෙන්නේ නැති ප්‍රශ්න ඇතිවීම. පොතක් ගහන වැඩේ දැන්නම් සලකා බලන්න වෙනවා

      Delete
  27. මේ මේ කතාව සිංදුමී ඔෆිස් එකේ පියන් අතේ තමයි ලංකාදීපෙට ඇරලා තියෙන්නේ. මල්ලි ගෙනත් දීපු කොලේ දාඩියට තෙත් වෙලා ඉරිලා හින්දා, තමන් අතේ තිබ්බ කොලෙන් පියන් ඔතලා ගෙනත් දීලා.

    ReplyDelete
    Replies
    1. සුදීක මොකද මේ තරම් සිංදුමීට මනාප ......ඈ ...? :D

      Delete
  28. කතාව හරිම සංවේදියි ඉවාන්. පිරිමින්ගේ නියම ගතිගුණත් පෙන්නලා තියෙන්නේ. පිරිමියෙක් අතින්ම ලිය උණු එක හොඳයි.

    පිරිමින්ව එපා වෙනවා අප්පා.... :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි.... පිරිමියෙක් වුනත් ගෑනියෙක් වුනත් මෙහෙම ගතිගුණ තියෙන ය ඉන්න පුළුවන්, ගොඩක් වෙලාවට තමන්ගේ කෙනාව අගය නැති වීම තමයි මූලික හේතුව.

      එහෙම එපා වෙන්න එපා අප්පා මේ අපි වගේ හොඳ අයත් ඉන්නවා ..:D :D

      Delete
  29. අනේ තෝත් පිරිමියෙක්ද බොල? හිඟන්නා...

    ReplyDelete
    Replies
    1. ඇයි උඹට මට වඩා ලොකු ඒවා තියෙන පිරිමිත් ඇරලා තියෙනවද..?

      Delete
  30. බොහොම සංවේදී කතාවක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කලුජෙමෝ. සාදරයෙන් පිලිගන්නවා මේ ඉසව්වට

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]