Thursday, September 18, 2014

කාලකණ්නියා..




ටක් ටක් ටක් ගාලා රටාවකට දොරට ගහන සද්දෙන් මම අඳින ගත්තා කවුද කියලා ......
කියව කියවා හිටපු පොත ඇඳේ අනික් පැත්තෙන් තියලා නැගිට්ටා . 

"අපරාධය සහ දඬුවම ...ෆ්යෝදර් දොස්තයෙව්ස්කි ..පොත පරණ වුනාට අකුරු දිලිසෙනවා කවරෙත් එක්කම . පොත දිහා ආපහු බලාගෙන ඉන්නකොට 


"ටක් ..ටක් ... දඩිස් දඩිස් .... "
දොරට ගහන සද්දේ වැඩියි .....


ක්රාස් ... ගාගෙන දොර ඇරෙනවත් එක්කම ...

"අංකල් ඔයාට සෑහෙන්න නින්දයනවානේ රෙන්ට් එක දෙන දවස ලං වෙනකොට ..මතකනේ දවස හෙට ...." කියපු කොලු ගැටයා ආපහු යන්න හැරුනා...

පුතා ..." මගේ වචනෙට ඔහු ආපහු හැරුනත් අස් දෙකේ තිබුනේ අමුතුම කුහුලක්...

"පු.....තා.......  හඃ කවදා ඉඳලද? "
  
හිටියනම් උඹේ පුතත් ඔය වයසේ තමා අවුරුදු දාසයක් කියන්නේ මහා වයසක් යැ..."

කවුද  කිව්වේ ! මං පුදුමයෙන් උඩබිම බැලුවා . වටේටම බැලුවත් කවුරුවත් පේන්න හිටියේ නෑ
හැබැයි .. කොලු ගැටයට ඒක ඇහුනු බවක් නම් පෙන්න තිබ්බේ නෑ .

 අතරේදී කිසිම කතාවක් නැතුවම මම දික්‌ කරපු දාහේ කොළ දෙක දිහා මොහොතක් බලපු ඔහු ගේ
ඇස්  පුදුමයෙන් ලොකු වුනා ... ආපහු සැරයක් මගේ මුහුණ දිහා බලපු ඔහුගේ ඇස් දිලිසුනා ... මගේ අතෙන්  සල්ලි උදුරාගත්ත කොලු ගැටයා .. සාක්කුවෙන්ගත්ත කුඩා පොත් පිංචේ පිටු දෙකක් විතර පෙරලලා  දිලිසෙන   පෑනකින් මොනවදෝ ලියාගන ආපහු හැරුනා .

අඩු ගානේ යන්නං කියන්නෙවත් නැතුව


****


කාලකන්නි වැස්ස .. තව ටිකකින් මේක ඇතුලත් තෙමෙන්න ගනියි.

"ඉතිං උඹ ඉස්සර වැස්සට හරිම ආසයි නේ."
අර කටහඬ ආපහු ඇහෙනවා ...

කවුද ඔය ...කොහේ ඉඳන්ද කතා කරන්නේ ...." මම ටිකක් කටහඬ ගැඹුරු කරලා උගුර පාදලා
ඇහුවේ ..

සද්දයක් නෑ.

උඹ ඉස්සර වැස්සේ තෙමෙන්න හරිම ආසයි නේ ... කොයි වෙලෙත් කටේ තිබ්බේ වැස්සනම් මරු 
කියලා නේද ?"

 ඉස්සර මං දැන් වැස්සට කැමති නෑ ,මට තෙමෙන්න බෑ ,පීනසේ වැඩිවෙනවා "

“කලුවර වැටෙන්න කලින් කෑමට මොනවා හරි ගෙන්න යන්න ඕන . කරුවලේ මෙලෝ මලදානයක්    පේන්නෙත් නෑ . මුන් පරණ කෑමත් ඔතලා දෙනවා ."

"එහෙනම් ඉස්සර කළුවරට ඔච්චර කැමති මොකෝ ... රෑ වෙනකොට හරිම රොමැන්ටික් කියලා නේද 
කිව්වේ."

"කවුද ඕයි තමුසේ??
කොහේ ඉඳන්ද කතා කරන්නේ ...? තමුසේ කොහොමද මං ගැන ඔය තරම් දන්නේ ,ඇරත් මම අමතක     කරන්න හදන දේවල් තමුසේ මොකද මට මතක් කරලා දෙන්නේ ."

ආපහු සද්දයක් නෑ ...

"මාව පිස්සෙක් නොකර ඉන්න තැනකින් එලියට එනවා ඕයි...  ..."

ජනේලෙන් පෙනුනා පාරේ ගිය ගෑණුලමයෙක් බයවෙලා වගේ කාමරේ පැත්ත බලනවා.. සද්දේ
එළියටත්   ඇහුනද ?



********



එලියට බහිනකොටත් පොද වැස්ස ..

"ඉස්සර උඹ ආසම හුළඟත් එක්ක එන පොද වැස්සට "

හ්ම්ම්ම් ..."
 මූ ගැන හොයලා වැඩක් නෑ ..කොහේ හැංගිලා කිව්ව්වත් ඇත්තනේ කියන්නේ ..මොකාද මූ ..හෙමීට හොයාගන්න ඕන .

"හැබයි ටීනා වැස්සට ආස නෑ නේද ?  
 වුනාට ජයනියි , නදීකයි ,ශේරෝනුයි තුන් දෙනාම වැස්සට ආසයි , මතකද දවසක් ,වැස්සේ උඹ ජයනිට  තුරුල් වෙලා යද්දී ..ශේරෝන් පේස්ට්‍රි ෂොප් එකෙන් එලියට එනවා දැකලා උඹ ජයනිගේ ශෝල් එකෙන්    ඔලුව වහගත්තා ...
හැබැයි උඹට අමතක වුනා උඹ ඇඳන් ගියේ ශේරෝන් අරන් දීපු කිට් එක කියලා ..ඊට පස්සේ නේද ඒක නැති වුනේ .."

ඇත්තටම තමුසේ කොහොමද ඔවා දන්නේ ... කවුද තමුසේ .. තමුසේ හදන්නෙම මගේ කේන්තිය    අවුස්සන්න "

 හැබැයි ඊට පස්සේ නදීකව දැක්කෙම නෑ.. සල්ලි අමාරුකම් තිබ්බට ටිකක් ආඩම්බර කෙල්ල . අම්ම   කැන්සර් එකකින් නැතිවුනා කියලා ආරංචි වුනා .. එච්චරයි ...  කාලේ අතින් අල්ලන්නන දෙන්නෙත් නෑ

“වනචර විදිහට හිතන එක දැන්වත් නවත්තාපන් මිනිහෝ "

"තමුසේ කොහොමද මම හිතන දේවල් දන්නේ ..තමුසේ නම් මාර ඇණයක් වීගෙන එන්නේ දැන් "



******


වැස්සත් එක්ක අඳුර එනකොට හරිම මූසලයි , කාමරේ තියෙන පරණ ගොඩනැගිල්ලේ කොරිඩෝවේ කොයි වෙලෙත් පියාඹන කිරි වව්ල්ලු  මූසල ගතිය දෙගුණ තෙගුණ කරනවා ..

වෙලාවට කුලිය විතරයි , අඩු ගානේ හුණු ටිකක් ගානවද සල්ලි ගත්තට .

ඉතින් උඹත්  කාලේ වැඩ කරලා දෙන්නම් කියා කියා පගාව ගත්තට කීයෙන් කී දෙනාටද වැඩක්     කරලා   දුන්නේ "

"තමුසේ නම් එන පොට හොඳ නෑ , තැනක් නොතැනක් නැතුව ඔහොම මගේ පෞද්ගලික දේවල් එලියට    අදින්න එපා යකෝ!!!" කෑ ගහලා කියන්න ඕන වුනත් කාට කියලා කෑ ගහන්නද ?




*******

"කොත්තුවක් කමු ... "

"උඹට හොඳ නෑ නේද ඔය බර කෑම රෑ තිස්සේ .. "

"තමුසේ ඉන්නවකෝ මළොත් මම නේ ..."

කෑමටද සර් ..."
කොත්තුව ඉල්ලුවම කැෂියර් කොලුවා අහනවා

"නෑ ගෙනියන්න  මල්ලි "

ඇයි ඉස්සර වගේ කියනවකො නෑ කුකුලන්ට දාන්න කියලා "

"ඉස්සර කිව්වට දැන් එහෙම කියලා ගුටි කන්නයැ. "

චිකන් කොත්තු නෝමල් එකක් පාර්සාආආල් ....... නෙද්දකින් මූ කෑගහන හැටි ..වටේටම ඇහෙනවා 


******


කවුද හුත් ..... ඔතන හුජ්ජ කරන්නේ ...."

අම්මප නිදහසේ ඒකවත් කරගන්න විදිහක් නැති හැටි .. හරියට මුන්ගේ අම්මගේ අප්පාගේ පාරවල් වගේ     මේවා
තව ටිකෙන් කුඩේත් වැටෙනවා කාණුවට මුගේ කෑ ගැහිල්ලට ...

අඩි හයක් විතර උස තඩි ත්‍රීවීල්කාරයා දැක්කම බයත් හිතුනා ..

"මොකෝ අංකල් ඕක එලියට අදින්න වෙන තැනක් තිබ්බෙම නැද්ද .."

මට බැලුනේ ත්‍රීවීල් එක දිහා ...

කවුද ගෑනියෙක් ඔලුව එලියට දාලා ආපහු ඇතුලට ගත්තා .

ත්‍රීවීල් එක දිහා බලපු කොල්ලගේ කට කොනට හිනාවක් ..

මොකෝ කියන්නේ .. දාහයි ..." ඇහැක් ගහපු කොල්ලා ආපහු මගේ දිහා බැලුවා ..

තමුසේ ගේ ඔය වලත්ත ගතිය තාම අඩුවක් නැද්ද "

හ්ම්ම් ... දාහ දික් කරන්නත් කලින් කොල්ල උදුරාගෙන

"ඇතුලට යනවා ...විසිල් පාර ඇහුනොත් දුවනවා හරිද ...
බය වෙන්න දෙයක් නෑ මේ වැස්සේ නම් මොකෙක්වත් එන එකක් නෑ .
පැය බාගයයි හරි."




******



"ඩීසල් ත්‍රීවීල් මේවටම හදපුවද මංදා "

ඇඳුම් ඔක්කොම ගලවපන් "

 මොකෝ මට බෑ ... මෙහෙම ඕනනම් ඉන්නවා ,නැත්තම් යනවා .."

කොහේ යන්නද ගෑනියේ ..රුපියල් දාහක් දුන්නට පස්සේ .."

ගෑනි කට අරියේ කෑ ගහන්න ... ඉනේ තිබ්බ පිහිය ඇදලා ගත්ත මම

කෑගහුවොත් තොගේ කෑලි කපනවා "
ශේරෝන් ගේ අයියලා ,මල්ලිලා සෙට් එකෙන්ම අම්බානට කෑවට පස්සේ කිනිස්සක් ඉනේ ගහන් යන    එක    පුරුද්දක් වුනා ...  පුරුද්දට දැන් අවුරුදු විස්සකට වැඩියි නේද...?

තමුසෙට හැදෙන්න උවමනාවක්ම නෑ වගේ .. එක අතකට දැන් මොකට හැදෙන්නද ...හොඳම කාලේ    විනාස වෙච්ච් මිනිහෙකුට "

අනේ නවත්ත ගනන්වා තමුසෙගෙ කියවිල්ල ... තමුසෙගෙ කියවිල්ලට මම නවතිනෙන් නෑ "

"ගලවපිය ඉතින් " 

තිගැස්සිලා පිහිය දිහා බලන් ඉන්න ගෑනිගේ අත් වලින්ම තමන්ව නිරුවත් වෙන්න ගතවුනේ සුළු    වෙලාවයි .

මොකෝ මේක ගලවන්නේ මමද ... ගලවපිය ..."

"ඔච්චර අමානුෂික වෙන්න එපා මිනිහෝ "

"පලයන් යන්න මොන මනුස්සකම්ද යකෝ වේසියොනට"

ඇයි උන් මිනිස්සු නෙවෙයිද ..?'

නෑ මිනිස්සු නෙවෙයි ගෑනු .. පලයන් මිනිහෝ යන්න "

“ගලවපිය ... "
තාමත් තිසර පටයට අත තියාගෙන ලතවෙමුන් ඉන්න ගැහැනියගේ මූණට කිනිස්ස ඉතාම ලං වුනා ..

“මට උඹ සම්පූරණයෙන් නිරුවතින් ඉන්නවා දකින්න ඕන ..ගලවපිය දැන් විනාඩි දහයක් ගිහින් "

පිහිය තව ටික ලං වෙද්දී ..ගෑනි තනපටය ගලවලා අතට ගත්තා ...

දෙයියනේ !

බ්රෙස්ට් කැන්සර් එකට බෙහෙත් ගන්න යන සල්ලි හොයන්න වෙන විදිහක් ඇත්තෙම නෑ මහත්තයා .."

පියවුරු නැති තැනිතලා පපුව උඩ අත තියාගත්තු ගැහැණිය කියපු දේ මට ඇහුනද මන්දා...

"කාලකණ්නියා ... "
ආපහු  හඬ

ඔව් උඹ හරි....






ස්තුතිය - කතාවේ පිටු සැකසීම කල සහ පිංතූර සොයා දුන් බස්සිට