මිත්තරයෝ ටික

Wednesday, June 12, 2013

වැටහීම


" සර් , ඉතුරු සල්ලි "

"තමුසේ තියාගන්නවා "

" පිස්සු හැදෙයි, මැස්සො මැරෙයි............."

හැමදාම බෝඩින් වෙලා ඉන්න ගෙදරින් කෑම ගෙන මම  ඉඳලා හිටලා ඉස්සරහා හෝටලෙන් කෑම එකක්ගත්තම ඉතුරු වෙන රුපියල් විස්ස හරි තිහ හරි ජිනසේනගේ අතට දුන්නම මිනිහා හැමදාම කියන කතාව අදත් කිව්වා.

"හඃ හඃ පිස්සු හැදෙයි මැස්සො මැරෙයි " මම ඒ වචන ටික දෙතුන් පාරක්  කිව්වේ ඇත්තටම අමුතු රසයක් ඒ වචන ටිකේ ඒ වෙලාවේ දැනුනු නිසා.

"ජයන්ත සර් .... ජයන්ත සර්....  ජයන්ත සර්..........."  කාලා මේසෙටම ඔලුව තියාගෙන පොඩි ඇලට් එකක් දාගෙන් හිටපු මම ජිනසේනගේ හඬින් උඩ ගිහින් ඇහැරුනා, මට එක සැරේම බැලුනේ ඔෆිස් බිත්තියේ දොරට උඩින් ගහලා තියෙන කළු ගැහිච්ච බිත්ති ඔරලෝසුව දිහා,
ශික් අම්මපා ලන්ච් ටයිම් ඉවර වෙන්න තව විනාඩි හතරක් තියෙනවා

"මොකද ජිනයෝ බෙරිහන් දෙන්නේ " ආපු කේන්තියට මේකව කන්න හිතෙනවා අම්මපා

"අන්න සී.ඊ.ඕ මහත්තයා කතා කරනවා. "

" හුටා ඒ මොකද බං"

" මං ඉතිං එකනම් ඇහුවේ නෑ සර්, මොකටද නිකං අපරාදේ ගෙදර ඉන්න අහිංසක අම්මා තාත්තාට බැනුම් අස්සන්නේ සී.ඊ.ඕ කාරයාගෙන් ...නැහැ මේ සී.ඊ.ඕ මහත්තයගෙන් " වචනේ වැරදිච්ච ජිනසේන මගේ දිහාට බයාදු බැල්මක දාලා එතනින් සුටුස්‌ ගාලා මාරු වුනා.

"පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි " මට ඉබේටම කියවුනා, ශික් මොන ජරා වචනයක්ද මේ ඉලව්ව පුරුද්දට යයිද මන්දා, ඒත් එක අමතක කරන්න හදනකොට එක ඔලුව ඇතුලේ දෝංකාර දෙනවා. සී.ඊ.ඕ ගේ කාමරේ ලඟට යනකම්ම මට ඒක කියවෙන්න එනවා
"පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි ,පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි ,පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි,පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි......................" "

" සර්"

" ආ.... මිස්ට ජයන්ත ........ මොකක්ද මිස්ට ජයන්ත හැමදාම මොකක් හරි මිස්ටේක් එකක්නේ , ඔයාලගේ කොලිෆිකේෂන් ස්ර්ටිෆිකෙට් වල විතරයිනේ තියෙන්නේ, මතක තියාගන්න එකම වැඩේ දෙපාර දෙපාර කරන්න මේක ආණ්ඩුවේ කන්තෝරුවක් නෙවෙයි හරිද,
මෙන්න මේක කරෙක්ට් කරලා ගේන්න ....
එව්රි තින්ග් අයි හෑව් මාක්ඩ්  ඉන් රෙඩ් කලර් , ශුඩ් බී කරෙක්ටඩ්"

"ඕකේ සර්  "

සී.ඊ.ඕ කාරයා මේසෙට විසිකරපු ෆයිල් එක මම අහුලගත්තේ , ෂෙවානි මිස්ගෙ කින්ඩි හිනාව දිහා හොරෙන් බලන ගමන්, පට්ට පඳුරාවියෝ එනවා මෙතන විරිත්තන්න, හිතන් ඉන්නේ සී.ඊ.ඕ කාරයට ඇල්ලුවම හෙන කෑල්ල කියලා. ඕ ලෙවල් පාස් නෑ . දන්නේ එක එකාට කපන්නයි, ලොක්කොන්ට රෙද්ද උස්සන්නයි විතරයි.

මම දොර වහගෙන එලියට එනකොට මට ඇහුනා දෙන්නා මොනවද කතාවෙනවා, මම යන්නේ නැතුව කන්දීගෙන හිටියේ ඒ මොකක්ද කියලා අහගන්න.

" දැට් ඉස් වෙරි තෘ වට් මිනිස්ටර් එස්.බී. සෙඩ් "

" මොකක්ද සර් "

"ඇයි කිව්වේ අර  බාහිර උපාධි කාරයෝ නම් මහා කාලකන්නි ටිකක් කියලා"

"එක්සෑක්ලි "

" අපේ චෙයාමන්ටත් පිස්සුනේ.. හාල්පාරුවෝ වැඩට ගන්නවා අපි එපැයි දුක විඳින්න"

 අනේ යකෝ ...... මට ඉබේටම දොරේ ගහලා තියෙන බෝඩ් එක දිහා බැලුනා, චීෆ් එක්සෙකටිවේ ඔෆිස හඃ

පිස්සු හැදෙයි මැස්සො මැරෙයි.

නොදකින් මේක ආයෙත් කියවුනානේ, ජිනදාසයා මරන්න ඕන.

"මොකද ජයේ ...." අප්පට බොල විනීතා සීන් එක බලන් ඉඳලද? දැන් ඉඳලා වැඩක් නෑ, විනීතා කියන්නේ මේ කොම්පැනියට මගෙත් එක්කම ආපු අනිත් ගෑනු ළමයා, එයත් බාහිර උපාධිම තමයි,  මගේ සෙක්ෂන් එකේම තමයි වැඩ කලේ.
 කොම්පැනියට ආපු දවසේ ඉඳලා මම විනීතා ඉදිරියේ ඕනෑවටත් වඩා විනීත වෙන්න හැදුවා වගේ කියලා මට හිතෙනවා,

"මොකද ලොක්කා බැන්නද?"

"හ්ම්"

" ඕවා ගණන් ගන්න එපා ජයේ, අපි මේකට පොෂ් මදි ඒත් අමාරුවෙන් හම්බ වුනු රස්සාව දාලා ගිහින් ගෙදර තියෙන දාහක් ප්‍රශ්න විසඳන්නේ කොහොමද? "


මම විනීතාගේ මූණ දිහා බැලුවා, පව් කෙල්ල සිවිලිම දිහා බලාගෙන ඇස්දෙකේ කඳුළු පුරවාගෙන

"ඉතිං මෙතන මොනවා සිද්ධ වුනත් ගෙවල් වල ඉන්න එවුන් ගැන හිතලා ඉවසන්න වෙනවා  ...ඔව් ඉවසන්න වෙනවා "

"විනීතා.. විනීතා ... මොකද මේ" විනීතා අන්තිම ටික කියපු හැටියට මට පුදුමත් හිතුනා, එයා ඒක කිව්වේ කේන්තියෙන් වගේ. පව් කෙල්ලට තියෙන ස්ට්‍රෙස්  එකට හිතට අමාරු ඇති.

මං බස් එකට නගින්න හෝල්ට් එකේ ඉන්නකම් මගේ හිතේ හොල්මන් කලේ විනීතා, ඇත්තටම විනීතාගේ ඇඳුම ගත්තත්, කොන්ඩේ ගත්තත්, ඇවිදින විදිහ ගත්තත්,  මට නම්  ඔෆිස් එකේ වෙන එක කෙල්ලෙක් වත් එච්චර හැඩට පෙන්නේ නෑ,

ඒකට ෂෙවානි කොයි වෙලෙත් සී.ඊ.ඕ නාකියගේ කාමරේට වෙලා , මූ ෂෙවානිව අදින විදිහට ඒකි කවදාහරි කසාදයක් බඳින්නේ කොහොමද? අනේ උන් බඳින කසාද?
"පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි ...."ශික් ඒක හයියෙන් කියවුනාද මන්දා, බස් හෝල්ට් එකේ හිටපු එවුන් ඔක්කොම මගේ දිහා හැරිලා බැලුවා , වස නෝන්ඩිය .

අද නම් දවසම විනීතා මතක නොවෙන තප්පරයක් නෑ, විනීතා ඇස් දෙකේ කඳුළු පුරවාගෙන ""ඉතිං මෙතන මොනවා සිද්ධ වුනත් ගෙවල් වල ඉන්න එවුන් ගැන හිතලා ඉවසන්න වෙනවා  ...ඔව් ඉවසන්න වෙනවා " කියාපු හැටි මට මැවිලා පේන්න වුනා. ඇත්තටම මට බැනපු එකට විනීතා ඇඩුවේ මොකද?

ඒ කියන්නේ විනීතාගේ හිතෙත් මගේ ගැන ආදරයක් තියෙනවා, මම අහන්න බයේ හිටියේ අපරාදේ,

"ජයේ බලන්නකෝ අනේ පොඩි පුතා වැටෙයි, අන්න අයියත් එක්ක රැල්ල පාගනවා හපනා වගේ",
"අනේ ජයේ බලන්න පොඩි පුතාගේ පැම්පස් ටික කාර් එකේද කියලා,"

"නෑ මං ගෙනාව ,මෙතන බලන්න, .."
අපි දෙන්නා මුහුදු වෙරල අයිනට වෙලා පුතාල දෙන්න සෙල්ලම් කරන දිහා බලාගෙන හිටියා, විනීතාගේ  දගකාර කෙහෙරැලි මගේ මුහුණේ පැටලුනේ විනීතා මගේ වම් උරයට වාරුවෙලා මගේ මූණ දිහා බලාගෙන් ඉද්දි, මම හෙමින් හෙමින් ඇය දෙසට පහත් වුනේ ඒ සුන්දර දෙතොල් වල පහස ලබන අටියෙනි....

"පාදුක්ක....... පාදුක්ක.. ඔට්ටාව..හෝමා.... පාදුක්කේ .......... බස් එකේ කොන්දාගේ කෑ ගැහිල්ලට උඩ ගිය මම කෑගැහිල්ල ඉවරවෙන්නත් කලින්ම බස් එක ඇතුලට පැන ගත්තා. අපිට හැබෑ ලෝකේ ලඟාකරගන්න බැරි දේවල් කල්පනා ලෝකෙදි ලබාගන්නවත් මුන් දෙන්නේ නැති හැටි අම්මපා .
ඇත්තටම එහෙම වෙන දවස තව කොච්චර දුරයිද?

බස් එකට නැග්ගත් විනීතා.....
 හම්මේ බස් එකේ සෙට් එක දැම්මේ නැතැයි කන පැලෙන්න,

....හිච්චි නගේ බාලේ පෙම ඩිශ්ශි ඩිඩිං.......
....ලපටි සිතින් මට මතකයි ඩිශ්ශි ඩිඩිං.......

....හිතට හොරා මල් පිපුනා ඩිශ්ශි ඩිඩිං.........
....අද මොකදෝ මං දුටුවම ඩිශ්ශි ඩිඩිං.........

මේ  ගායකයා සින්දුව කිව්වේ කම්මලකද මන්දා....

බස්  එකෙන් බැහැලා ටිකදුරක් එනකොටත් කන්දෙක ඇතුලේ කොත්තු ගහනවා වගේ. අම්මපා ඔක්ටෝ පෑඩ් කියන මගුල හොයා ගත්ත එකා අල්ලලා ගහන්න ඕන දඬුකඳේ.

බෝඩිමට ඇතුල්වෙනකොට බෝඩිමේ අයියා මූණ නරක් කරගෙන දොර ළඟ 
" මල්ලි උදේ ඉඳන්ම කාමරේ ඇතුලේ රේඩියෝ එක වැඩනේ, දොරත් ලොක් කරලා, ඕෆ් කරන්න විදිහකුත් නෑ, ඔයාලා ලයිට් බිලට සල්ලි දෙන්නෙත් නෑනේ, දැන් බිලුත් වැඩියි,"
මේකා කියව කියව පස්සෙන් එනවා, කාමරේ දොර ඇරපු මම ඇතුලට ගිහින් දඩස් ගාලා දොරවහලා දැම්මා.

"ඔව් ඉතිං කියනකොට බොහොම අමාරුයි, කොරන්න හොඳයි, බෝඩින් පීස්‌ වත් වෙලාවට දෙනවනම් තව කොහෙද" තවත් මොනවද කියකිය මිනිහා ඈතට යනවා මම අහගෙන් උන්නේ ඇඳුම පිටින්ම ඇඳේ වැටිලා.
හුටා යකෝ රේඩියෝ එක විතරක් නෙවෙයි ෆෑන් එකත් දාලානේ ගිහින් තියෙන්නේ, දැක්කනම් මාව මරාගෙන කයි.

" පිස්සු හැදෙයි මැස්සො මැරෙයි"මේ කෙහෙල් මල් වාක්කිය නොකියවෙන වෙලාවක් නෑනේ අම්මපා.

පෙනුනු සුව දසුන් දස අත මිලිනවී ගියා.....
දකිනු රිසිනවී හිතකට දෙවනවද ඔයා.....
යහන මත වදී හිරු දෙවි දෑස පිය පියා  ...
ඔබ  තාම නෑ දයාවියේ මට ආදරෙයි කියා.

 රේඩියෝ එකේ ඒ සින්දුව යද්දී මට ආයෙත් විනීතව මතක වුනා, ඇත්තටම විනීතා ඔයත් මටතාම ආදරෙයි කිව්වේ නෑනේ, ඔයා මට ආදරෙයි නේද? ඒක නේද ඔයාගේ ඇස්වලට කඳුළු ආවේ මට ලොක්ක බනිද්දි.


 මාව ඇහැරුනේ ෆෝන් එක රිං වෙනවා ඇහිලා. අම්මට සිරි තාම ඔෆිස් ඇඳුම පිටින් ..ඒ මදිවට රේඩියෝ එකයි ,ෆෑන් එකයි තාම දාලා. අප්පට බොල සුදාරයා ,
" හලෝ මචං "
"උඹලටත් අපිව මතක වෙලා ඈ"

"මේ ජයා උඹ මොකක්ද කරන්නේ හෙට "

"මොනා කරන්නද බං, ගෙදර යනවා ලෝන්ග් වීකෙන්ඩ් නේ"

"මේ පොඩි ගමනක් තියෙනවා යමුද"

"කොහෙද"

"හුන්නස් ෆෝල්ස් "

"ඒක ෆයිව් ස්ටාර් හොටෙල් එකක් නේද මේ නුවර පැත්තේ"

" ඔව් යමුද"

"තොට පිස්සුද උලමෝ ඕවගේ යන්න සල්ලි කොහේද බොල , නයිටකටම රුපියල් විසිදාස් ගානක්ලු  මාස එකහමාරක විතර පඩිය."

"උඹට කවුද සල්ලි දෙන්න කිව්වේ"

" ඉතිං  උඹට කොහෙන්ද එච්චර සල්ලි"

" නෑ මචං මට පොඩි පිනා චාන්ස් එකක් වැදුනා, අම්මයි අප්පච්චියි දඹදිව ගිය ට්‍රැවල් ඒජන්සියේ ඒ ටිකට් වලට ඇදපු දිනුමක්, අපේ අම්මටයි අප්පච්චිටයි ඇදිලා, එයාලා ඕවයේ යන්නේ නෑ, මම ඒක ඉල්ලගත්තා, දෙන්නෙකුට නයිට් දෙකක්, හෙට උදේ දහය වෙද්දී මම උඹලගේ බෝඩිම ළඟ ලැස්ති වෙලා හිටු."

එහෙම කියපු සුදාරයා ෆෝන් එක කට් කලේ මම එනවදවත් අහන්නේ නැතුව.

පඩි හම්බවෙලා නැතුව ගෙදර ගිහින් වැඩකුත් නෑනේ, යනවා සුදාරයා එක්ක, නැත්තන් අපි කවදා යන්නද ඕවයේ,
 ................හුන්නස් ෆෝල්ස් ........... "පිස්සු හැදෙයි මැස්සො මැරෙයි" ශික් හෙටවත් ඕක නොකියා ඉන්න ඕන ,ඇත්තටම මේ ජිනසේනයා කරපු මගුලක්.

" සුදාරයෝ ඉතිං උඹට ජීවන්ති එක්ක යන්න තිබුනනේ, අපි මේ කොල්ලෝ දෙන්නෙක් ගියාම දකින එවුන් වෙන මුකුත් හිතයිද දන්නේ නෑ,"

" ඉතිං උඹට බැරි නම් බැහැපන්, ජීවන්තිත් එක්ක ඔරොප්පුවටමයි මම මේක යන්නේ, ඒකි බෑ කිව්වනේ බඳින්න කලින් එහෙම ගමන් යන්න තමන්ගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක වුනත්,"

" අන්න කෙල්ලෝ , විනීතත් එයාගේ ආත්ම ගවුරවේ ගැන හිතන්නේ ඔහොමයි, එහෙම තමයි කෙල්ලෝ ඉන්න ඕන "

" ඈ කව්ද බං විනීතා, උඹ හොරෙන්ම ගේමට බැහැලා නේ"

"අනේ නෑ බං තාම එහෙම එකක් නෑ, දන්නැද්ද ඉතිං ලාවට ලාවට."

"ජීවන්තිට බම්බු ගහගන්න කියලා මට වෙන බඩුවක් උස්සන් යන්න තිබුනා , ඒත් පස්සේ මට ඒකි ගැන දුක හිතුනා බං, එකයි උඹට කතා කරේ"

...................................................................................................................................................................

"අම්මට සිරි සුදාරයෝ මේක සාගරයක්නේ'

"ඔව් බං  කාමර දෙසිය ගානක්ලු"

...........................................................................

"කාලෙකට පස්සේ ෆුල් රිලැක්ස් එකේ ගෙවිච්ච වීකෙන්ඩ් එකක්, තැන්ක්ස් මචං"
 "බුරිය  උල්වෙලා යකෝ කාලම. ඒ මදිවට තාම වෙරිවගේ. මචං උඹට ඩ්‍රයිව් කරන්න ෂුවර් නේද?"

 "ජයන්ත මේ..... උඹට ෂුවර් නැත්තම් බස් එකේ වරෙන් "

'හරි බං හරි විහිළුවක් කලේ"

" ඒයි සුදා "

"ඇයි"

"අපේ සී.ඊ.ඕ කාරයාගේ කාර් එක"

"කෝ"

"අර තියෙන්නේ උඹේ එකට දෙකක් මෙහායින් අයිනේම"

"ඉතිං උන්ට මෙහෙ එන්න තහනංද?

"නෑ බං උගේ වයිෆ් ඉන්නේ ඔස්ට්‍රලියාවේ , ෂුවර් එකටම මූ ෂෙවානිව උස්සලා, නාකි මනමාලයා"

"කව්ද ෂෙවානි "

"සී.ඊ.ඕ ගේ සෙකට්‍රි"

"ඕව මොනාද බං සෙකට්‍රිලා ඉන්නේ ඉතිං ඕවට තමයි"

"අන්න බුවා එනවා"

"අර කෑල්ලද ෂෙවානි."

"වෙන්න ඕන කොහෙද අඳුරගන්න බෑ ජර්සි තඩියක් ඇඳලා තොප්පියකුත් දාලනේ"

"අන්න මිනිහා උඹව දැකලා ගැස්සුනා"

" මිස්ටර් ජයන්ත ,"

"ස් ..ස්...සස්... සස් ...සස් ....සර්"

"පොඩි ෆන් එකක් ගන්න අවා ජයන්ත, මේවා කාටවත් කියන්න ඕන නෑ ඉතිං,  මං ජයන්තගේ ඉන්ක්රිමන්ට් එකටත් චෙයාමන් එක්ක කතා කරලා තියෙන්නේ, මම මේ සතියෙම ඒක කරලා දෙන්නම්කො........................

තව මොන මොනවද මිනිහා කිවත් මට කිසිදෙයක් ඇහුනෙවත් මතක හිටියේවත් නෑ...

දෙයියනේ මම මේ දකින්නේ හීනයක්ද .............විනීතා ඔයා.
දෙයියනේ  විනීතා ..............

විනීතා අත් දෙක පටලවාගෙන් කිසිම හැගීමක් නැති දෑසින් අහස දිහා බලාගෙන ඉන්නවා හරියට මාව අඳුනන්නේ නෑ වගේ.

"ඉතිං මෙතන මොනවා සිද්ධ වුනත් ගෙවල් වල ඉන්න එවුන් ගැන හිතලා ඉවසන්න වෙනවා  ...ඔව් ඉවසන්න වෙනවා "විනීතා ගේ කටහඬයි . "පිස්සු හැදෙයි මැස්සො මැරෙයි" ජිනසේනගේ කටහඬයි එකට මිශ්‍ර වෙලා මගේ කන්දෙක ඇතුලේ දෝංකාර දෙන්න පටන්ගත්තා.

81 comments:

  1. උපරිම හා පට්ට... මේක නලියට කියලා මොකක් හරි පත්තරේක දාපන්.. මෑතක මම කියවපු උසස්ම කෙටි කතාව.. ආයේ නෝ ටූ වර්ඩ්ස්...

    අපි තවම් පින් කරපු මිනිස්සු පුතා... උඹට පින්....

    ReplyDelete
    Replies
    1. පත්තරේට පිස්සුද උබට පත්තරවල දාන්නෙ රාවණා ගැනයි බොදුබලය ගැනයි විතරයි මේ වගේ අපේ ප්‍රවුඩ සංස්කෘතිය විනාස කරන දේවල් දාන්නෙ නෑ

      Delete
    2. @මාතලන් - බොහොම ස්තුතියි මාතලන්, ඔබගේ උපකාරය නොවන්නට මෙය කියවන ගණන අතේ ඇඟිලි ගානටත් අඩුයි,

      @දිනුක - එ කතාවනම් සහතික ඇත්ත.

      Delete
    3. ප්‍රගීත්, හැම පෝස්ට් එකටම හොඳ පින්තූරයක් ඉදිරිපත් කරන්න. ඒක කොපි පේස්ට් කරන්න එපා. පෝස්ට් එක ලියන තැනම පොටෝ ඇඩ් කරන ෆැසිලිටි එකෙන් කරන්න. එතකොට සින්ඩිවල ඒක පේනවා. හොඳ පින්තූරයක් දැම්මම. ඒ තුලිනුත් පිරිසක් එනවා. අපි මේකේ තියෙන පහසුකම් පාවිච්චි නොකරනවනම් බ්ලොග් ලිවීමෙන් පලක් නෑ...

      Delete
    4. ඇත්ත මම මේකටත් හොඳ පින්තුරයක් හෙව්වා, එත හිතට හරියන එකක් හම්බවුනේ නෑ, මතලන්ගේ සින්ඩියේ තියෙන පින්තුරේනම් නියමයි.

      Delete
    5. මාතලන් මං මේ කතාවට සාධාරණයක් කරන්න වෙර දරන්නම්. ඒත් මේ දිනවල මා ඉන්නේ ඔපිසියේ නොවේ. ආ විගස යමක් කරන්න බලන්නම්.

      Delete
  2. පොළවට බැහැල ලියපු කතාවක්.මෙහෙම ලියන්න කාටත් බැහැ.නියමයි.ස්තූතියි මාතලන් අයියේ මේ පැත්තට පාර කිවට හොඳේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්, එ වගේම මාතලන්ටත්.

      Delete
  3. කාලෙකින් කියවපු ලස්සන කතාවක්...උපරිමයි

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා , හැලපේ ... ඔබ වැන්නවුන්ගේ අගය කිරීම දිරියක්

      Delete
  4. ඇත්තෙන්ම කාලයක් මම කෙටි කතා වලට වහ වැටිලා හිටිය පස්සෙ ඒක අතහැරලා දැම්ම හොද කෙටි කතා නැති නිසාම. අද මට හිතුනා නැවත කෙටිකතා කියවන්න. මෙ වැනි කෙතරම් කෙටිකතා මට මිස් වෙන්න ඇද්ද? බොහොම ස්තුතියි කාලෙකින් හිතට වදින කෙටිකතාවක් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. වෙදමහත්තයාගේ පැමිණීම මට ගවුරවයක්, සතුටක් දැනෙනවා ඇත්තටම.

      Delete
  5. මොනවා කියන්ඩද වෙන

    "පිස්සු හැදෙයි මැස්සො මැරෙයි"

    ReplyDelete
    Replies
    1. මචං අටම් .. මම හිතුවා උඹ ඔය කොමෙන්ටුව දායි කියලා.

      Delete
  6. ආයෙත් අහලා

    පිස්සු හැදෙයි මැස්සො මැරෙයි...

    ReplyDelete
  7. සිහින මාලිගාවට බෝම්බ ගැහුවා වගේ. හපොයි,

    උඹ ඔය කියන පිස්සු හැදෙයි, මැස්සො මැරෙයි වගේ කෑලි නිතර කියවෙන් ලෙඩේ අපි හුඟදෙනෙකුට තියෙනවා තමයි.

    හොඳ නිර්මානයක් ඉවාන්!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා, ඇත්තටම ඔහොම කෑලි තියෙන එවුන් ඕන තරම්.

      Delete
  8. මේක නම් ඇත්තටම පත්තරේට යවන්න වටිනවා...එලම තමා...." පිස්සු හැදෙයි.. මැස්සො මැරෙයි"' ආපෝ.... මේක බෝ වෙන වාක්‍යයක් ද කොහෙද...හෙට ඔෆිස් එකේදි කට තද කරගෙන ඉන්න ඕන...

    ReplyDelete
    Replies
    1. මොනවද ඔට්ටු කට තද කරගෙන ඉන්න බැරුවට.

      Delete
    2. උඹ හරි බං...ඊයෙ කට තද කරගෙන හිටියට , අද දෙපාරක්ම ඕක කියවුනා....

      Delete
  9. මට කියන්න තියෙන්නෙත් "පිස්සු හැදෙයි, මැස්සො මැරෙයි"
    …කාලෙකින් කියවපු ආයෙත් කියවන්න හිතෙන කතාවක්
    …… මම පෙට්ටගම ලියන ලොකු ජෝන්

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා ලොකු ජෝන්, ඔන්‍න‍ එහෙනම් කියවෙයි ඕක

      Delete
  10. මේන්න නියමෙට ගලපපු අකුරු ටිකක්!!!!

    ReplyDelete
  11. මෙන්න නියම කතාවක්.. හුඟ කාලෙකින් මෙහෙම එකක් කියෙවුවේ..

    ReplyDelete
  12. කියන්න වචන නැත.ලෙසටම සුපිරිය.!

    ReplyDelete
  13. මේක නම් සුපිරිම තමයි . කියන්න වදන් නැත. දිගටම ලියපන්. උඹට ලිවීමෙන් හොද අනාගතයක් තියෙන වග් සහතිකය. මගේ සුබ පැතුම් ,

    ReplyDelete
    Replies
    1. ඔබලාගේ සහයෝගය ලැබේනම් දිගටම ලියමි රතු.

      Delete
  14. සුපිරි කියන්නේ "පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි" ගානටම තියනවා.

    ReplyDelete
  15. කියෙව්වෙමි! රසවින්දෙමි!

    ReplyDelete
  16. යකෝ මේ කතාව නං පිස්සු හැදෙයි මැස්සො මැරෙයි ම තමා. පත්තරේකට දෙන්න කලින් මට දවස් දෙකක් කල් දියං.

    ReplyDelete
    Replies
    1. මං මෙක අපේ පත්තරේ කෙටිකතා සම්බන්ධ කර්තෘට පෙන්නුවා බං. මේ මගුල් පත්තරේ බංකොළොත්. වැටෙන්නයි යන්නෙ.

      Delete
    2. තැන්ක්ස් මචං ,ගත්තු උත්සාහයට, මම නොහිතපු උදව්වක්.

      Delete
  17. ඉතා විශිෂ්ටයි!

    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උපේක්ෂා, අයෙත් එන්න,

      Delete
  18. නියම කතාවක්, ඉවාන් අයියේ. මේ වගේ අසරණ වුණ විනීතලා කී දෙනෙක් නං අපේ සමාජේ ඉන්නවා ඇති ද? කොටින් ම කිව්වොත් මේ ගේම පෞද්ගලික බැංකුවල මහා පරිමාණෙන් සිද්ධ වෙනවනේ. ධනවත් ගනුදෙනුකරුවන් සහ ගනුදෙනුකරුවෙන්ගේ සියලු ම අවශ්‍යතා ඉටු කරන ආයතන! කාට කියන්න ද මේවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ධාරා, මේක කවදාවත් විසඳුමක් ලැබෙන ප්‍රශ්නයක් නෙවෙයි, මේ ක්‍රමය තුල සූරාකෑම සාමාන්‍යකරණය වෙලා හොඳටම.

      Delete
  19. හරිම ලස්සනයි, සරලයි, කෙටියි, අර්ථවත්. සිතන්නට යමක් ඉතිරිකර තිබෙන අතරම අප ජීවත්වන සමාජ ආර්ථික රටාවේ හෙළුව මනාව පිළිබිඹු කර තිබෙනවා. ඔබ විශේෂ ඇගයීමකට ලක්විය යුතුයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක, ඇත්තටම මේ විචාර දිරිගන්වන සුළුයි.

      Delete
  20. uparima...
    Pissu.. Hadai..Massa..Marai..
    Jayawewa.

    ReplyDelete
  21. නියමයි ඈ.මාර ලස්සනට ලියල තියෙනව

    ReplyDelete
  22. හැමෝම මේකේ කරපු අගයකිරීම ඔයාට ප්‍රමාණවත් කියල මම හිතනව ප්‍රගීත්.නමුත් මේ අගය කිරීම්,ඒකේ තියෙන වේදනාව හා ක‍ටුකත්වය මූලික කරගත් දේවල් නෙවෙයි කියල මම හිතනවා.හුදෙක් රසවින්දනත්වය හා කථා රසය පමණක්ම මූලික වුනු වචන හරබයක්?..... එහෙම කියනකොට ඔයාට දුක හිතෙයි.හැබැයි ඔයාට පුළුවන් උනානම් "විනීතා" වෙන්න......පිස්සු හැදෙයි......හැබැයි,මැස්සොත් ජීවත්වෙයි.- AS

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටුව ස්පෑම් වෙලා තිබුනේ, සමාවෙන්න. ඔබේ අදහසට මම එකඟයි .

      Delete
  23. මාතලන්ගේ සින්ඩියෙන් තමයි පාර කිවේ.
    හරිම අපුරුයි...:)
    ජයේට තියෙන්නේ තමන් ගැන අත්ම අනුකම්පාවක් විතරයි. නමුත් විනිතා ගැනනම් මගේ හිතේ තියෙන්නේ සංවේගයක්.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත, මාතලන් නිසා තමයි ගොඩ දෙනෙක් ආවේ.

      Delete
  24. හ්ම්ම්ම්හ් ...

    පිස්සු නොහදුනත් නැතත් මැස්සට මැරෙන්න වෙනවා..

    ReplyDelete
  25. අඩේ මං පරක්කුයි.... බ්ලොග් දඩයමේ යන්න පටන් ගන්න ඕනේ ආපහු.. හරියන් නෑ මේ වැඩේ... හි හි...

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි නේද? හි හි හිරු, නැවත එන්න

      Delete
  26. අටංට පිංදෙන්න ඕනෙ පාර පෙන්නුවාට. ලිපි කීපයක්ම කියෙවුවා. හැබැයි ලිවුවෙ මතන විතරයි..ඉස්සරහට එන්නම්කො..

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කු වේවා මෙ පැත්තේආවාට. ඇත්තටම අටමට පින් සිද්ධ වෙන්න තමයි මම ලියන්නෙත්

      Delete
  27. හදිස්සියේ ආවේ. මෙහෙම ඇවිත් වැඩක් නැ නිවාඩුවක් දාලම එන්නම් ඔක්කොම ටික කියවන්න. තව ලියමු.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ , හදිසියෙන් හරි ඇවිත් ගියාට තුති, දිගටම එන්න,

      Delete
  28. නිර්මාණ කලාවට ඉවාන් ඉතාම දක්ෂයෙක් බව යළිත් වතාවක් මේ කෙටි කතාවෙන් ඔප්පු කරලා තියනවා. වචන දෙකක් ජීවිත කතාවක් දක්වා රැගෙන ගිය අපූරුව.. මේ තමයි හැකියාව මලයා. හදවතින්ම සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියා, ඔය දිරිගැන්වීම් නිසා තමයි තවත් ලියන්න හිතෙන්නේ.

      Delete
  29. නියම කෙටි කතාවක් ඉවාන්.....

    ReplyDelete
  30. සිරා කතාව.. අන්තිමට එනකල් නිකමට වත් එහෙම අවසානයක් වෙයි කියල හිතෙන්නෙ නැති වෙන්න ලියල තියනව..

    ReplyDelete
  31. ඔබ මාව තදින්ම ග්‍රහණය කරගනිමින් ඉන්නේ ඉවාන් පව්ලුශා...

    //."ඉතිං මෙතන මොනවා සිද්ධ වුනත් ගෙවල් වල ඉන්න එවුන් ගැන හිතලා ඉවසන්න වෙනවා ....//

    එහෙමත් වෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයිලාස් , එහෙම ගොඩක් වෙලාවට වෙනවා නේද?

      Delete
  32. "පිස්සු හැදෙයි මැස්සො මැරෙයි" ශික්.... මේ යකා මේක මටත් පුරුදු කලාද මන්ද ....:P

    ReplyDelete
    Replies
    1. අනිවා ඕක පුරුදු වෙනවා, එසේම වේවා....හික් හික්

      Delete
  33. හිතට හොඳට දැනුන කතාවක්...
    පිස්සු හැදෙයි..මැස්සෝ මැරෙයි...
    අපොයි දෙයියනේ ඔයා අපිටත් මේක පුරුදු කළා නේද එහෙනම්...

    ReplyDelete
    Replies
    1. අනිවා ඔයාටත් මේක පුරුදු වෙනවා. එසේම වේවා. ඒස්වා හං

      Delete
  34. ඉවාන් පව්ලූශා මේකනම් සිරාම කතාවක්. පට්ට ඈ. මම මේ පළවෙනි පෝස්ට් එකේ ඉඳන් කියවගෙන එන ගමන්. මේකනම් බොක්කටම වැදුන. ජය වේවා!!!

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]