"ආයුබෝවන් මිත්‍රවරුනි ....අප සමග එක්වී සිටින සැමට සුබම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අපි ආරම්භ කරමු "ඔබද ලක්ෂපති මමද ලක්ෂපති සීසන් තුන"
"ඔව් අද ඔබ හමුවේ ලක්ෂයේ කිරුල හඹා යන්නේ ...." ජහමනයා "
"ඔව් අපි කතා කරමු ...ඔබට මේ තරඟයේ ජයක් ලබාගන්නට පුලුවන් යැයි විශ්වාසයක් තිබෙනවද ..?"
"ඇත්තෙන්ම මම හිතනවා මට ජයග්‍රහණය කරායන්න හැකියාව තිබෙනවා කියලා මොකද මම පුංචිම කාලේ බිව්වේ "පීඩියා ප්‍රෝ"...එක නිසා අනිත් යට වඩා මගේ මොලේ වැඩියි කියලා හැමෝම කිව්වා. මට පූසව සිංහයා කරන්නත් හාවව සීබ්‍රා කරන්න පුළුවන් වුනෙත් ඊට පස්සේ ......"
"ඊට පස්සේ ටිකක් ලොකු වුනාම මම බිව්වේ ඇනිලීන්, ඒක නිසා සංගාගේ ඇට කැඩුනත් මගේ ඇට නියමෙට වැඩ "
"ඔබ සමග මෙතනට පැමිණියේ කවුරුන් සමගද ?"
"මං ආවේ දෙදාස් පන්සීයෙන් ජීවත් වෙන අපේ අප පව්ලේ හතර දෙනා සමග "
"හොඳයි ..මේ ලක්ෂයේ ජයග්‍රහණය ලැබුනොත් ඔබේ බලාපොරොත්තුව කුමක්ද ...."
"මාසෙට දෙදාස් පන්සීය ගානේ වියදම් කරලා හැකිතරම් කාලයක් නොමැරී ජීවත් වීම"
"හොඳයි එහෙනම් මිත්‍ර වරුනි අපි ආරම්භ කරමු "
මුලින්ම මම තීරණය කළා ඔබේ දේශපාලන දැනුම පරීක්ෂා කරන්න .......අපි පටන් ගමු
"ඔබද ලක්ෂපති මමද ලක්ෂපති "
** ලංකාවේ විදේශ ඇමති = සජින් වාස්
** කාන්තා කටයුතු ඇමති = වෙල්ගම
** ලංකාවේ විපක්ෂ නායක = අනුර කුමාර
** එක්සත් ජාතික පක්ෂයේ නායකයා = රංජන් රාමනායක
** ආණ්ඩු පක්ෂය සමන්විත වන්නේ = අලියන් හා නිලියන් ගෙන්
** දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට කුමක් කල යුතුද ? = කාන්තාවන් නිලියන් කල යුතුය.
** විපක්ෂයක ප්‍රධාන කාර්‍යභාරය වන්නේ = කෙසේ හෝ නායකයා එලවා දැමීම
**ශක්තිමත් විපක්ෂයකට අවශ්‍ය වන්නේ = කුරුඳු පොලු
"මේ ..මේ.... සහෝදරයා ඇත්තෙන්ම මේ පිළිතුරු ........................"
"හරියටම හරි නේද ....? එක තමයි මං දන්නවා මම මේ තරඟය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව මොකද මාව එව්වේ "තාරුණ්‍යට හෙටක් "එකෙන් ..ලොකු බේබි මට කිව්වා මම අනිවා දිනනවා කියලා . එතුමා කිව්වනම් මොනවද නොවෙන්නේ නේද?"
"ආ....ඔව් ඔව් අපි ඊළඟ ප්‍රශ්න වටයට යමු. මෙහිදී ඔබේ ක්‍රීඩා දැනුම තමයි පරීක්ෂා කෙරෙන්නේ "
** ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව = කැසිනෝ
** ලංකාවේ දක්ෂතම රගර් ක්‍රීඩකයා = යෝෂිත
** ලංකාවේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා = රමිත
** ලංකාවේ ජාතික ක්‍රීඩාව = නයිට් රේස්
ඔව්
"දෙයියනේ ඔබේ දැනුම අති විශිෂ්ටයි ...... තුන්වනිවටයට යමු ආර්ථික හා සාමාජයීය ප්‍රශ්න වටය .. මෙහිදී ඔබට උපකාරක අවස්ථා දෙකක් හිමි වෙනවා .....එකක් ......."
"මේ හලෝ මම දන්නවා ..අනික මට ඕනෙනම් අවස්ථා තිබුනත් නැතත් මම උපකාරේ ගන්නවා පඬියා නොවී ප්‍රශ්න ටික අහනවද ....?"
** ශ්‍රීලංකාවේ විදුලි බල අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සැපයෙන්නේ = මාෆියාවෙන්
** රිය අනතුරු අවම කරගැනීමට ගන්නා පියවරක් වන්නේ = දවල්ට හෙඩ් ලයිට් දමාගෙන යාම
2. චීනය
3. චීනය
4. චීනය
5. චීනය
** ලංකාවට වැඩිම බදු ආදායම ලැබෙන්නේ = හෙරොයින් වලින් හෝ එතනෝල් වලින් ම්ම්ම් මම .....ආසක් දී ඕඩියන්ස් අවස්තාව ලබාගන්නවා .......................................................................................................................කාටවත් හිතාගන්න බැරිලු අනිත් එක අහනවා ....
** ලංකාවේ ලාභදායීම වාහනය = ලැම්බෝගිනි
** අමද්‍යප ව්‍යාපාරයේ පියා = දුමින්ද සිල්වා , ජොන්ස්ටන් හෝ ලක්ෂ්මන් වසන්ත ...මේකට මම කෝල් අ ෆ්‍රෙන්ඩ් අවස්තාව ලබාගන්නවා
ඒක හරියන්නෙත් නෑ ..මැතිවරණ නීති උල්ලංඝනය වෙන නිසා කාටවත් උත්තර දෙන්න විදිහක් නෑ
** ලංකාවේ ජාතික ගීය = සහේලි ගයනාකරන ඕනෑම ගීතයක්
** ජාතියේ පියා = ජේම්ස් පැකර්
** ජාතික වෘක්ෂය = අරලිය ගහ මන්දි....... නාහ් ...හප් අරලිය ගහ
** ජාතික සත්වයා = සුදු කැස්බෑවා
"ඔබ....ගේ .....දක්ෂතාවය හිතාගන්නත් බෑ.... මට කලන්තේ වගේ "..................දඩස්.........
අර උබ කිව්ව විදියට හොර වීසා එක ගහලා ජොබ් එක ලැහැස්ති කරා....... සුදුවෑන් එන්න කලින් ඉක්මනට වරෙන් මෙහෙ මගේ දෙයියා
ReplyDeleteමැලයෝ විගහට ලෑස්ති කොරපිය එක ++++++++++++++++++++++++++++++++++++
Delete@ මැලේ... කොහෙද උඹ ඔහොම කිව්වට උඹේ දෙවැනි කොටසෙන් පස්සේ තාම යන්න තැනක් කිව්වේ නෑනේ. පලවෙනි කොටස කියවලා මැලේසියාආවනම් එහෙම අනාතයි ....
Delete@නලින් අයියා - හෑ නලින් අයියට මොකක්වත් හෝඩුවාවක් වත් ලැබිලද ?
Deleteස්ලම්ඩෝග් මිලියනයර් එකේ සිංහල කොමඩි වර්ෂන් එකද?? :-)
ReplyDeleteකොමඩි කිව්වට කොමඩිමත් නෙවෙයි කැන්ඩියන්
Deleteසුදු වෑන් එනෝ.... දුවල හැංගියං. ප්‍රශ්ණ උත්තර ටික නම් පට්ට!
ReplyDeleteතැනකුයි බස්සි ..එතකොට උඹලා බලන් ඉන්නේ මං සුදු වෑන් එකක යනකන්ද බොලව් ...?
Deleteනියමයි ඉවාන් හයියු .ඕවා තමයි නියම උත්තර
ReplyDeleteතැනකුයි ඔමා....එහෙනම් එච්චරයි ඉඳගෙන
Deleteනියම ප්‍රහසනයක්.. එල ඉවාන්.. :)
ReplyDeleteතැනකුයි වේවා .. ඒලියන් චන්දන
Deleteමෙතන වංචාවක් වෙලා තියනව සංවිධායක මණ්ඩලය ජහමනයට ප්‍රශ්න විකුණල තියනව :D
ReplyDeleteඋඹට කොහොමද යකෝ ඒක මාට්ටු වුනේ ..?
Deleteඒක හරි ආතල්.පරිස්සමෙං මචං උඹේ ගෙදෙට්ටත් එකෙක් පැනලා විස්කි බෝතලුයි ලැප් එකයි උස්සලා පස්සේ උඹට විරුද්ධව නඩු දායි උඹ සමලිංගිකයෙක් කියලා.
ReplyDeleteහුටා ..එහෙනම් මට යූ.එන්.පී. එකෙන් නාමයෝජනාත් ලැබෙයිද දන්නේ නෑ... එක්කෝ යූ.එන්.පී. එකේ ප්‍රචාරක් ලේකම් කම ලැබෙයි...නෑ බං නායකත්ව මණ්ඩලේට පත් කරයි
Deleteනියමයි. මිනිහ ලක්ෂෙ දිනන්න ඇති නේහ්..
ReplyDeleteආයෙත් අහලා ...පස්සේ ඇහුවලු ලක්ෂයක් ඇතිද කියලා ...හිකිස්
Deleteපලවෙනි ටික කියවද්දිම කැඩිච්ච ඇටකටුත් රිදෙනවා යකෝ...
ReplyDeleteසේරම කියවල ආයේ එන්නම් ...එතකන් හිටු..
හත් ඉලව්වයි ..මේ ඊයේ පෙරේදා අමාරුවෙන් හදාගත්තු ඇටකටු ටික ..
Deleteඑල යකෝ...පට්ට එකේ හොදම ..එක ....
ReplyDeleteඅඩුපාඩුවක් කියන්න ඇත්තෙම නැහැ වගේ බන් ...
තැනකුයි කෙන්ජයියේ ..බීලා ඩ්‍රයිව් කලත් දීර්ඝායුෂ ලැබේවා. :D
Deleteඇත්ත කතාකරල නම් තියෙනවා.. දවස් කීයක් ජීවත් වෙවිද දන්නේ නැහැ.. ;-(
ReplyDeleteදොස්තර මහත්තුරු වෙච්චහම ඔහොමත් බය කරනවද බොලව් මිනිස්සුන්ව ..!
Deleteඅම්මපා ළඟක හිටියනම් දානවා සීනි ගෝනියක් කටට. අගේ කරන්න වචන නැහැ.
ReplyDeleteනොදකින් ලැජ්ජාවක් නැති දේශපාලු වැද්දන්ට මේවා පෙනෙන්නේ උපහාර වගේ වෙන්න ඇති.
දේශ පාලුවන්ටනම් මේවා ආඩම්බරයට කාරනා විචාරකතුමෝ ...මොනවා සීනි ගෝනියක් දානවා කිව්වේ සීනි නැතුව ගෝනිය විතරක්ද?
Deleteලංකාවේ හොඳම බ්ලොග් රචකයා - ඉවාන් පවුලූශා !!
ReplyDeleteඑක එහෙම තමයි පත්තරේ...
Deleteඑතකොට ජන අප්‍රිය මාව වැටෙන්නෙ කොහාටද බන්...
කව්ද අපේ කෙන්ජි මාම ජන අප්‍රියයි කියන්නෙ !!
Deleteපෙන්නපිය කියන එකා කපනව කෑලි කෑලි වලට !!!
උඹ අපේ බ්ලොග් ලෝකෙ තරුව නෙ බං කෙන්ජි මාමෙ !!!
ලංකාවේ පාපැදි ශූරයා - පත්තර මල්ලියා
Deleteඑකනේ බන් කවුද කිව්වේ කෙන්ජයියා ජන අප්‍රියයි කියලා....."ඔයා තමයි "" බ්ලොග් ලෝකේ මහා බෘන්ග රාජයා ..........................................................'
Deleteසොයන්නාට සම්භවේ යැයි කියවෙන්නේ මොනවාද?
ReplyDelete= sex
ලංකාවේ 2013 සාහිත්‍ය සම්මානය දිනූ පොත කුමක්ද?
= facebook
//ලංකාවේ 2013 සාහිත්‍ය සම්මානය දිනූ පොත කුමක්ද?
Delete= facebook// ++++++++++++++
මරේ මරු...
DeleteFB ඉන්නා අය , ආයෙ බ්ලොග් ලියන්න නො එන්නේ මන්ද?
Deleteඔය මළ ඉලව්වෙ විහිළුවට ලිවොත්, එව්ව ඇත්ත වෙන නිසා :)
එකනම් මේකට එකතු කරන්න වටිනා ප්‍රශ්න දෙකක්. හැබෑවටම ලංකාවේ ජනප්‍රියම පොතත් ෆේස් බුක් එකනේ
Deleteඅර කකා කියපු තුන්දෙනාගෙන් දෙන්නෙක්ම පොස්ට් දාලා නේද ඇනෝ
Deleteදාලා නං තමා. ඒත් වැඩක් නෑ, ආයෙ ඇදෙයි FB, ඇයි එක නෙව පැණිහැලිය :)
Deleteලෝකේ ලාබාලම අභ්‍යවකාශගාමියා ඉන්නෙ කොහෙද?
ලං....කාවෙ, ලං.....කාවෙ
අඩේ ඇනෝ එකත් ඇත්ත බං අභ්‍යවකාශගාමියා මට අමතක් වෙලානේ
Deleteදැන්නම් අයියේ උඹ උපරිමයි. සුපිරි ඈ.. මං ආසයි උඹ වගේ රිදෙන්න ලියන ඩයල් වලට. අපි මෙහෙම ලිව්වට සුදු වෑන් ආවපුවම අපි ගැන ලියන්න උන් නෑ තමයි.. කමක් නෑ කීප් ඉන් අප්.. සුපිරි මචං...
ReplyDeleteබීච් පාර්ටියේ දී දැක ගන්න නොලැබීම දුකයි දැන් මට.
මොකද බං මේ හැම එකාම සුදු වෑන් කියලා මාව බයකරන්නේ ....කියලා වැඩක් නෑ බන් උඹලා බීච් පටියට ඇවිල්ලත් මුණගැහුනේ නෑ කියන්නේ කියලම වැඩක් නෑ
Deleteමේවා විහිළු නෙමෙයි බං. සහතික ඇත්ත. ඔය 2500 විහිළු කාර වයිමගේ පුතා ඉන්නේ මෙහේ. මට විටින් විට හම්බවෙනවා. මම උට කිව්වා ඔය ගානට ජීවත් වෙන්න පුළුවන් නම් මෙහෙටවෙලා රෙද්දක් කරනවාද කියලා. වයිමාගේ පුතාටත් හිනා.
ReplyDelete++++++++++
Deleteඔය වල්බයිලා ගහන ගොඩක් ඈයොන්ගේ ළමයි ඉන්නෙම පිටරටවල් වල තමයි... උඹ කොහ්ප්මත් අපිට හැම පැත්තෙන්ම හිනාවෙනවා ඇති මෙහෙම හරක් රැලක් කියලා
Deleteබොහොම නිර්මාණාත්මක ලියවිල්ලක්....බොහොම රහ වින්දා...යකඩ අස්පයෝ දවල්ට ලයිට් දමාගෙන යන නීතිය මෙහෙත් තියෙනවා ගොයියො...
ReplyDeleteඔබ මතු කළ කාරණය හරි සිරෝ ඔන් ලයිට එන්නේ ඒ නිසානේ...
Deleteඒ ක්‍රමයේ ලෝකේ රටාව ගණනාවක් භාවිතා වෙනවා සිරා & නලින් අයියා . නමුත් මෙතනදී පොලිසිය මාධ්‍ය නිවේදනය නිකුත් කලේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව . නිවැරදි ලෙසනම් කිව යුත්තේ බයිසිකලයේ ඉදිරිපස ලාම්පුව දල්වාගෙන යා යුතුය කියන එක . නමුත් කිව්වේ ප්‍රධාන ලාම්පු දල්වන්න කියලා. ඒ කියන්නේ හෙඩ් ලයිට් .ඉස්සරහින් එන එකාගේ මූනට හෙඩ් ලයිට් වැදුනම ෂෝයි නේද ..?
Deleteමෙවැනිම වැරද්දක් තාමත් කරනවා පොලිසි වලින් පාරේ ත තැන වල දැන්වීම තියෙනවා ආරක්ෂාව සඳහා බඳපටි පළඳින්න කියලා . ඇත්තෙන්ම නිවරදි ප්‍රකාශය විය යුත්තේ ආසන පටි පළඳින්න (seat belt) කියන එක .බඳපටි කියන්නේ කලිසමේ ඉනට දාන බෙල්ට් එක
මේ කමෙන්ට්වලට දාන්න ලයික් බටන් එකක් නැති හැටි....
Deleteනියමයි මචො.අන්තිම කැමැත්තත් ඔන්නෙ ඔහෙ ලියම ඉදපන්.
ReplyDeleteනැ මන් මෙ නිකමට කිවුවෙ.
මොකක්ද බොල කඩප්පුලියෝ කිව්වේ .අහුවෙයන්කෝ උඹ ...:D
Deleteසුදු වෑන් එහෙම මුරිච්චි උනොත් කෝකටත් මුවාවෙලා ඉදහන්... :ඩී
ReplyDeleteඒ ගමන මූත් සුදු වෑන් කියලා. ඉන්දපන්කෝ අයින් කරනවා උඹවත් ජාතික කොඩියෙන් අදම
Deleteනියමයි මචං. ජහමනයා ගේ දැනීම පට්ට.
ReplyDeleteඅප්පේ සාගරයා ...සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා
Deleteඋඹ කෙටි කතා ලියන නිසා මම උඹෙන් ඉල්ලිමක් වත් කලේ නෑ.. යාං හැලී ලියන්න කියලා.. ඒත මගේ එකේ දාන කොමෙන්ට්ස් වලින් මම දැනගත්තා කවදා හෝ උඹ දේශපාළණය ලිව්වොත් නැගලම යන බව.. එළ මචෝ.. වෙන මක්කා දොඩන්නෙයි.. නැතිය...
ReplyDeleteමේකට දාන උත්තරය මොකක්ද කියලා මං කල්පනා කලා සෑහෙන වෙලාවක්. බොක්කෙන්ම තැනකුයි මාතේ ...දේශපාලනය ගැන වැඩිපුරම බොග දාන ඔබ වගේ කෙනෙක් මෙහෙම කීම ගැන මට කියන්න වදන් නෑ
Deleteපට්ටයි කියන්නේ ආයේ කතා කරලා වැඩක් නෑ.
ReplyDeleteයමලෝකෙටම තැනකුයි යක්ෂයෝ
Deleteජහමනයාගෙ සාමාන්‍ය දැනුම නම් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා වගේ. කථා දෙකක් නෑ ලක්ෂය දිනන්න ඇති.
ReplyDeleteඔව් චාම්ස් ජහමනයාගේ සාමාන්‍ය දනීමනම් ඉතාම ඉහලයි .එත් චන්දෙ දවස්ටනම් මුන්ට මොලේ කලඳක් නෑ
Deletebalagena aiye samanya danima onawatath wadi.miliyanayama hamba weida danne na peti cash walin.parissamin.
ReplyDeleteතැනකුයි ඔමාලි, බෑ අෆ්ෆා හැමෝම මාව බයකරන්න හදන්නේ....හැබැයි හොන්දවෙලාවට තාම ආණ්ඩුවේ ලොක්කෝ බ්ලොග් බලන්නේ නැතුව ඇති කියලා තමයි හිතෙන්නේ
Deleteමරු! මම ගොඩක් වෙලාවට කියනව වගේ, සටන් පාඨවලට වඩා මේ වගේ නිර්මාණාත්මක විවේචන මරේ මරු!!!
ReplyDeleteමේවගේ මිනිස්සු රට විවේචනය කරන්න දේවල් නැතිවෙන්නේ නෑ වැඩේ තියෙන්නේ විවේචනයක් බලලා හැදෙන්න උවමනා හෝ පුළුවන් මිනිස්සු රටේ නැතිවීමයි
Deleteආන්ඩුව කොයි පැත්ත ගියත් ඔබ සැමදා විපක්‍ෂේ
ReplyDeleteතැනකුයි ලක්මිණි .ඒක සහතික ඇත්ත .වැඩේ තියෙන්නේ ඕක ගොඩක් දෙනෙකුට නොතේරීමයි. ඉතින මක්කා කොරන්නද ?
Deleteමේකා සැබෑ දක්ෂයෙක් නොවැ!
ReplyDeleteමේ මමද බං ..? අඩේ තැනකුයි නාඩි මලේ ...ඉස්කෝලේ යන කාලේවත් කවුරුවත් ඔහොම කියලා නෑ බන් මට ...සතුටේ බැරුවා
Deleteඑල එකේ හොඳම එක.!!
ReplyDeleteතැනකුයි වේවා තිලකයියේ
Deleteඋඹ නම් නියමයි බං.. මොනා වුනත් ලියලා තියෙන දේවල් නම් ඇත්ත.. මිනිස්සුන්ගේ කතාබහේ තියෙන්නෙම ඔය ටිකනේ ඉතින්..
ReplyDeleteතැනකුයි දිනේෂ්....මිනිස්සු කොයි තරම් කතාබහ කලත් අවශ්‍ය වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ නෑනේ බං එකනේ මේ හෙනේ
Delete//"ඔබ....ගේ .....දක්ෂතාවය හිතාගන්නත් බෑ.... මට කලන්තේ වගේ "..................දඩස්.........//
ReplyDeleteමාත් හිනාවෙලා පුටුවෙන් වැටුණනේ...:D
අප්පේ ඕකනේ කියන්නේ ආයෙත් කකුල උළුක්කු කොරගත්තද ඉතිං ..අනේ මන්දා මේ පොඩ්ඩි පොඩි එකා වගේ නෙව
Deleteමේවා දැං වැඩක් නැහැ බං. අන්න කෙන්ජගෙන් අහගනිං ඕවා දැං දෙකේ පන්තියේ කතා.. හැක්..
ReplyDeleteඈ ඒ මොන හරුපයක්ද බොල දේශකයෝ
Deleteහහ් හහ් හා... මරේ මරු.. මේ ටික ලොක්ක කියෙව්ව නං ඉවාන් අය්යට සම්මානයක් දෙනව... එක්කො දිවිය ලෝකෙ යන්න නැත්තං එයාගෙ පයිවෙට් සෙකට්ටි විදියට...
ReplyDeleteපට්ට පට පට...
ඔන්න සුදු වෑන් එනෝ හැංගියෝ... (හැබැයි දිවිය ලෝගේ ගිහෑකි)
ලොක්කා කියෙව්වනම් සම්මානේ හම්බවෙයි අර එක්නැලිගොඩ ට්ස් හම්බ වුනා වගේ. යකෝ ඔය සුදු වෑන් කතාවම කියන්න එපා බොලව්
Deleteහෙහෙහ්... සෑහෙන්න හිනා උනා. :)
ReplyDeleteදැං ඉතින් ටික කාලයක් වහං වෙලා ඉන්ඩ තියෙන්නේ.
ඇයි යකෝ මේ හැම එකාම මාව බයකොරන්න හදන්නේ.....මෙහෙම ගියොත් නම් වහන් වෙලා ඉන්නම තමයි වෙන්නේ
Delete//ලෝක සිතියමේ වෙනත් රටවල් පහක් නම් කරන්න.//
ReplyDelete1) චීනය.
2) ස්වාසීලන්තය.
3) මොසැම්බික්
4) ලෙසතෝ.
5) මාලි. වගේ රටවල් වුණත් ඕනි නම් මාර්ක් කල හැකියිනේ.
ඔය වගේ රටවල් තමයි තියෙන්නේ අපේ තනි නොතනියට. අපි වැඩ කරන්නේනම් ලෝකේ තියෙන්නේ චීනේ විතරයි කියලනේ..මට වෙලාවකට හිතෙනවා ලොක්කා පැන්ෂන් ගියාම ස්වාසිලන්තේ පදිංචියට යන්න හිතාගෙන ඉන්නවා වත්ද කියලා අම්මපා
Deleteහැක් හැක් මරු ..
ReplyDeleteපොඩිම ඇමති මණ්ඩලය ඉන්නා රට =ලංකාව
ජාතික ප්‍රවාහන සේවය= සුදු වෑන්
තැනකුයි බ්‍රදර් .... ඔය ප්‍රශ්න දෙක සීසන් ෆෝ වලට දාන්නම්කො
Deleteනුතන ලංකාවේ අගනුවර ඔය ළමයා දන්නවද
ReplyDeleteමොකද නැන්දේ මං නොදන්නේ හම්බන්තොට හම්බන්තොට ..ඉඳගෙන ඉඳගෙන ඉඳගෙන ,,එකත් මේකට දාන්න වටිනා ප්‍රශ්නයක් හැබැයි ඔමා
Deleteබුඩ්ඩිමට් .. කාට බොල නැන්දේ කීවේ ඉදගෙන
Deleteහි හි හි ....ඔයාට නෙවෙයි අලේ... මම මේ නිකං අලේ කිව්වේ .......ඔයා නංගි බබාලේ අලේ
Deleteහි හි
Deleteතිඹිරිගේ වෙත එන්න අලුත් බ්ලොග් කරුවන් හදුනාගන්න
හරි අපි දැන් ඉවාන්ව සුදු වෑන් එකෙන් ඉස්සුවට පස්සේ කලෙක්සන් එකක් දාලා ඉටි පන්දම්,, කහ පටි හෙම අරගෙන කොහේටද එකතු වෙන්නේ?
ReplyDeleteමොකද මේ හැම බ්ලොගර්ම එකම පෝස්ට් එක දෙපාරක් පබ්ලිශ් කරන්නේ?
මේක මේ ඊයේ පෙරේදා ඉඳන් දකින දෙයක්.
ටෙක්නිකල් අවුලක්ද නැත්නම් හිට්ස් සම්බන්ද ප්‍රශ්නයක්ද?
(වලි බර හෙම නෙමෙයි දැනගන්න අහන්නේ)
ඔය ආයෙත් සුදු වෑන් .ඕක ඔය හැටි කියන්න එපා බොලව් .ඇත්තටම මාව උස්සගේනවත් යයි . මමනම් සෙනසුරාදා ඉරිදා දාන පොස්ට් ආපහු උඩට දානවා සතියේ දවස් වල මොකද අපේ අය වැඩිපුර ජාලගත වෙන්නේ සතියේ දවස් වලනේ . හැබැයි සතියේ දවසක පබ්ලිෂ් කලොත් නම් දෙපාරක් දාන්නේ නෑ
Deleteමරු ප්‍රසන ඩිංග . . .. තව ටිකක් හදහන් කෝ බන් . .. මේ වෙලාවේ ඒ හිරි වැටිලා තියන මනස ටිකක් නිදහස් කොර ගන්න . . ..
ReplyDeleteතව ලියන්නේ කොහෙද බං හැම එකාම සුදු වැන් ගැන කියනකොට . අපිත් කියලා බය හිතෙන මිනිස්සු නෙව
Deleteඋඹ ලිවීමට දක්ෂයා. අපි ඉතිං ඕවා කියලා හිනා වෙනවා. අපි මොනවා ලිව්වත් ක්‍රියාවට එන්නේ එයාලට ඕන දේ. හැබැයි එක අතකට අපි ඇත්ත දැනගෙන ඉන්න එක හොඳයි.
ReplyDeleteඒත් අනේ මංදා මට පුදුම කළකිරීමක් තියෙන්නේ. මම හිතුවා යුද්දෙන් පස්සේ අපේ රට හොඳට දියුණු වෙලා හොඳින් බැබලෙයි කියලා.
උඹට ජය!!
තැන්කු වේවා සඳුන් අයියේ ....අපි මොනවා ලිව්වත් උන් කරන්නේ උන්ට ඕනදේ. අඩු ගාඑන් එකෙක් දෙන්නෙක්වත් මොලේ පාවිච්චි කරන්න පටන් ගත්තොත් එකත් ලොකු දෙයක්නේ ...!
Deleteඅපූරුයි...ඇත්තටම ජහමනයා මේ හැම දෙයක්ම දන්නවා...ඒත් නොදන්නා ගානට ඉන්න එකනෙ වෙලා තියෙන්නේ..
ReplyDelete.....මාතලන් සෑර්ගේ පන්තියේ ලමෙක්...
ජහමනයා නොදන්නා උලව්වක් නෑ ,දන්නා ඉට්ටකුත් නෑ. එකනේ මෙහෙම වෙලා තියෙන්නේ . මාතලන් සෑර් නෙවෙයි බන් ප්‍රොෆෙසර් ....." ප්‍රොෆෙසර් මාතලන්" කියහන්
Deleteහරිම ශෝක්...විශිෂ්ට නිර්මාණශීලී සංකල්පනාවක්... ජහමනයා හොඳට උත්තර දීලා තියෙනවා නේ... අනිවාර්යයෙන්ම ලක්ෂපති වෙන්න ඇති...
ReplyDeleteජහමනයා කියන්නේ කොහොමත් ලක්ෂපතියෝනේ තුශා .. එකනේ මෙච්චර බදු ගෙවාගෙන සද්ද නැතුව ඉන්නේ
Deleteනිර්මාණය නම් අපූරුයි. අර ජාතික වෘක්ෂය වැරදියිෙන්. ඒ්ක වල්ලාපට්ටා වෙන්න ඕන.
ReplyDeleteසිරාවටම ඔයා හරි..ඒක එහෙම හැදුවනම් තමයි හරියටම හරි. මොකද මේ දවස වල සද්දයක් නැත්තේ ..පොතේ වැඩේ මොකද වෙන්නේ ..?
Deleteසුදු වෑන් හීනෙන් පේනවද ?
ReplyDeleteඔන්න ඉතින් පටන් ගත්තා සුදු වෑන් කියන්න මොකක්ද යකෝ වෙන වාහනයක් කියාපියව්කෝ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසුපිරියට ලියල තියෙනවා..
ReplyDeleteතැන්කිව් කිව්වා එහෙනං ඔන්න
DeleteIwan..obage ...dakshtawya...mata...hita ganath...baha...mata....kalante...wage....daadas.....
ReplyDeleteඅඩේ මෙන්ඩියා .....උඹ තාම බිසී වගේ කොහොම හරි ආවනේ ජයවේවා
Deleteහහහහා... මේක පට්ට!!!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අප්පටසිරි කිං රජා ...උඹටත් ආශ්චර්යයක්ම වේවා
Deleteමට නම් මේ කොල්ලා ගැන ඇත්තටම බයයි...කළු පාටට විරුද්ද පාට වචනෙට අයිති වෑන් මතක් වෙද්දී ඒ බය වැඩි වෙනවා...පරෙස්සමින් හොඳේ..ලියන ඒවා දැන් දැන් කෙලින්ම අදාළ පාර්ශව වලට වදිනවා වගේ නේ ළමයෝ...
ReplyDeleteඔයා ඒ පාර අලුත්විදිහකට සුදු වැන් ගැන කියනවද? අක්කේ මේ ඔයා ඔහොම කියනකොටනම් ඇත්තටම් බය හිතෙනවා . කොච්චර වැදුනත් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති එකනේ වැඩේ .
Deleteමීලඟ ප්‍රශ්නය සහ ඊට ලැබිය හැකි තවත් පිළිතුරක්
ReplyDelete** රථ-වාහන අපි අනතුරු අඩු කරගන්න අපි නීති ගතකළයුතු තව යෝජනාවක් කියන්න.?
පිලිතුර
සියලු වාහන හෝන් නාද කර ගෙන යා යුතුය.
එහි ශබ්ද මට්ටම ඩෙසිබල් 130 හෙවත් වේදනා සීමාන්තකය ඉක්මවිය යුතුය.
ජූලම්පිටිය වැනි මැරයින්ට සයිකල් වලින් පැමිණ වෙඩි තබා පැන යන තෙක් කිසිවෙක් දැක්කේ නැත්තේ ලයිට් දමා තිබූ නැති නිසා සහ මුහුණ වැසු හිස් ආවරණය නිසාය....
හැබැයි නිර්මලා ඔය යෝජනා ළඟදීම ක්‍රියාත්මක වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඔන්න් බලන්න ළඟදීම කිව්වොත් ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවරක් කියලා අපිට ඉතින් අප්පුඩි ගහලා ඉන්න තමයි වෙන්නේ .
Deleteකොහොමත් මාත් කියන්න හ්දුවේ ඔය කාරණය තමයි. අපරාධ කාරයොන්ට දැන් ඉතාම පහසුයි හෙද ලයිට් එක මූණටම ගහලා වෙඩිතියලා පනින්න ඕන කෙනෙකුට . ජුලම්පිටිය වගේ මිනිස්සුන්ට මැරකම් වලට ලයිසන් දෙන්න තමයි මෙයාල හදන්නේ
එක පාරක් සම්පූර්ණයෙන්ම කියවලා ආයිත් මුල ඉඳන් තව පාරක් කියවපු එකම බ්ලොග් ලිපිය බං.ඒ තරමට රහයි.
ReplyDeleteඅමද්‍යප ව්‍යාපාරයේ පියා-අරුන්දික ප්‍රනාන්දු වුනා නම් තවත් හොඳයි
තව එකක්, අර දිනමිණේ උබේ කෙටිකතාව නියමයි.සාමාන්‍ය කෙටිකතා ආකෘතියෙන් බැහැර වුනු freeverse එකක් ලෙස මං දකිනවා.
දුලාගේ අඩවිය ලියන දුලා
දුලා කාලෙකින්.. අලුත් පෙනුමකින්. කොහෙද බං ගිහින් හිටියේ කාලයක් ..ලියන්නේ නැද්ද අලුතෙන් . මට සිරාවටම අරුන්දික ගේ කෙස් එක එච්චර දිවලොප් කරන්න අයිඩියා එකක් ආවේ නෑ .
Deleteදිනමිණේ ඒ කතාව දැම්මට නලින් අයියට ස්තුති කරන්න ඕනේ බං . ඉක්මනින් ලිපියක් ලියහන්
ඔයාව සුදු වෑන් එහෙකින් ඇවිත් උස්සන් යයිද මන්ද....... බලාගෙන ;)
ReplyDeleteහත් ඉලව්වේ ඕකම කියන්න එපා බොලව් ඇත්තටම මාව උස්සගේනයයි ..අහලා නැද්ද අර එකම බොරුව හා පාරක් කියනකොට ඇත්ත වෙනවා කියන කතාව....අනේ දෙවියනේ
Deleteකලින් කියෙව්වත් දැනුයි වෙලාවක් හමු උනේ සුපිරි ලියවිල්ලක් කියන්න.
ReplyDeleteඔබ කැමති නොවුනත් තව එක ප්‍රශ්ණයක් තියෙනවා මට මතක් වෙච්ච.
"ලන්කාවේ ජනප්‍රියම වාහනය කුමක්ද? උත්තරය = සුදු වෑන් "
ඔය ප්‍රශ්නෙත් දාන්න ඕන සීසන් ෆෝ එකට. මේ ඇත්තටම දැන් ඔක්කොම බලන් ඉන්නේ මම සුදුවෑන් වල යනකම්ද? හහ ඔන්න බලපල්ලා උඹලට ඉරිසියා වෙනටත් එක්ක මම යන්නේ සුදු ලිමොසින් එකක ලොක්ක එක්ක. අයි බොලව් ආණ්ඩුව වැඩියෙන්ම විවේචනය කරපු අයව තමයි වැඩිම ගාන දීලා ගන්නේ හරිද හූ හූ
Deleteලංකාවට ආවේනික ගායන ශෛලිය - විරිදු
ReplyDeleteදැන් නම් හැබැයි වාද බයිලා ..ඒකත් දියවන්නාවේ
Delete