Monday, January 27, 2014

ඔබද ලක්ෂපති මමද ලක්ෂපති


"ආයුබෝවන් මිත්‍රවරුනි ....අප  සමග එක්වී සිටින සැමට සුබම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අපි ආරම්භ කරමු "ඔබද ලක්ෂපති මමද ලක්ෂපති සීසන් තුන"

"ඔව් අද ඔබ හමුවේ ලක්ෂයේ කිරුල හඹා යන්නේ ...." ජහමනයා "

"ඔව් අපි කතා කරමු ...ඔබට මේ තරඟයේ ජයක් ලබාගන්නට පුලුවන් යැයි විශ්වාසයක් තිබෙනවද ..?"

"ඇත්තෙන්ම මම හිතනවා මට ජයග්‍රහණය කරායන්න හැකියාව තිබෙනවා කියලා මොකද මම පුංචිම කාලේ බිව්වේ "පීඩියා ප්‍රෝ"...එක නිසා අනිත් යට වඩා මගේ මොලේ වැඩියි කියලා හැමෝම කිව්වා. මට පූසව සිංහයා කරන්නත් හාවව සීබ්‍රා කරන්න පුළුවන් වුනෙත් ඊට පස්සේ ......"
"ඊට පස්සේ ටිකක් ලොකු වුනාම මම බිව්වේ ඇනිලීන්, ඒක නිසා සංගාගේ ඇට කැඩුනත් මගේ ඇට නියමෙට වැඩ "

"ඔබ සමග මෙතනට පැමිණියේ කවුරුන් සමගද ?"

"මං ආවේ දෙදාස් පන්සීයෙන් ජීවත් වෙන අපේ අප පව්ලේ හතර දෙනා සමග "

"හොඳයි ..මේ ලක්ෂයේ ජයග්‍රහණය ලැබුනොත් ඔබේ බලාපොරොත්තුව කුමක්ද ...."

"මාසෙට දෙදාස් පන්සීය ගානේ වියදම් කරලා හැකිතරම් කාලයක් නොමැරී ජීවත් වීම"

"හොඳයි එහෙනම් මිත්‍ර වරුනි අපි ආරම්භ කරමු "
මුලින්ම මම තීරණය කළා ඔබේ දේශපාලන දැනුම පරීක්ෂා කරන්න .......අපි පටන් ගමු
"ඔබද ලක්ෂපති මමද ලක්ෂපති "


** ලංකාවේ විදේශ ඇමති                          = සජින් වාස්

** කාන්තා කටයුතු ඇමති                          = වෙල්ගම

** ලංකාවේ විපක්ෂ නායක                        = අනුර කුමාර

** එක්සත් ජාතික පක්ෂයේ නායකයා        = රංජන් රාමනායක

** ආණ්ඩු පක්ෂය සමන්විත වන්නේ          = අලියන් හා නිලියන් ගෙන්

** දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට කුමක් කල යුතුද ? = කාන්තාවන් නිලියන් කල යුතුය.

** විපක්ෂයක ප්‍රධාන කාර්‍යභාරය වන්නේ   = කෙසේ හෝ නායකයා එලවා දැමීම

**ශක්තිමත් විපක්ෂයකට අවශ්‍ය වන්නේ    =  කුරුඳු පොලු



"මේ ..මේ.... සහෝදරයා ඇත්තෙන්ම මේ පිළිතුරු ........................"

"හරියටම හරි නේද ....? එක තමයි මං දන්නවා මම මේ තරඟය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව මොකද මාව එව්වේ "තාරුණ්‍යට හෙටක් "එකෙන් ..ලොකු බේබි මට කිව්වා මම අනිවා දිනනවා කියලා . එතුමා කිව්වනම් මොනවද නොවෙන්නේ නේද?"

"ආ....ඔව් ඔව් අපි ඊළඟ ප්‍රශ්න වටයට යමු. මෙහිදී ඔබේ ක්‍රීඩා දැනුම තමයි පරීක්ෂා කෙරෙන්නේ "



** ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව                                   =       කැසිනෝ

** ලංකාවේ දක්ෂතම රගර් ක්‍රීඩකයා                        =       යෝෂිත

** ලංකාවේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා                      =         රමිත

** ලංකාවේ ජාතික ක්‍රීඩාව                                      =        නයිට් රේස්


ඔව්


"දෙයියනේ ඔබේ දැනුම අති විශිෂ්ටයි ...... තුන්වනිවටයට යමු ආර්ථික හා සාමාජයීය ප්‍රශ්න වටය .. මෙහිදී ඔබට උපකාරක අවස්ථා දෙකක් හිමි වෙනවා .....එකක් ......."

"මේ හලෝ මම දන්නවා ..අනික මට ඕනෙනම් අවස්ථා තිබුනත් නැතත් මම උපකාරේ ගන්නවා පඬියා නොවී ප්‍රශ්න ටික අහනවද ....?"



** ශ්‍රීලංකාවේ විදුලි බල අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සැපයෙන්නේ  =  මාෆියාවෙන්

** රිය අනතුරු අවම කරගැනීමට ගන්නා පියවරක් වන්නේ =  දවල්ට හෙඩ් ලයිට් දමාගෙන යාම

** සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ කවුද? = ඔය ඉතින් ප්‍රශ්නේ වැරදිනේ ..නිල බලකායේ නිර්මාතෘ - නාමල්

** ලෝක සිතියමේ වෙනත් රටවල් පහක් නම් කරන්න  = 1. චීනය
                                                                                        2. චීනය
                                                                                        3. චීනය
                                                                                        4. චීනය
                                                                                        5. චීනය

** ලංකාවට වැඩිම බදු ආදායම ලැබෙන්නේ                 = හෙරොයින් වලින් හෝ එතනෝල් වලින්  ම්ම්ම් මම .....ආසක් දී ඕඩියන්ස් අවස්තාව ලබාගන්නවා .......................................................................................................................කාටවත් හිතාගන්න බැරිලු අනිත් එක අහනවා ....

** ලංකාවේ ලාභදායීම වාහනය                                    =          ලැම්බෝගිනි

** අමද්‍යප ව්‍යාපාරයේ පියා                      = දුමින්ද සිල්වා , ජොන්ස්ටන් හෝ ලක්ෂ්මන් වසන්ත  ...මේකට මම කෝල් අ ෆ්‍රෙන්ඩ් අවස්තාව ලබාගන්නවා
 ඒක හරියන්නෙත් නෑ ..මැතිවරණ නීති උල්ලංඝනය වෙන නිසා කාටවත් උත්තර දෙන්න විදිහක් නෑ

** ලංකාවේ ජාතික ගීය                              = සහේලි ගයනාකරන ඕනෑම ගීතයක්

** ජාතියේ පියා                                         = ජේම්ස් පැකර්

** ජාතික වෘක්ෂය                                     = අරලිය ගහ මන්දි....... නාහ් ...හප්  අරලිය ගහ

** ජාතික සත්වයා                                     =  සුදු කැස්බෑවා

"ඔබ....ගේ .....දක්ෂතාවය හිතාගන්නත් බෑ.... මට කලන්තේ වගේ "..................දඩස්.........



122 comments:

  1. අර උබ කිව්ව විදියට හොර වීසා එක ගහලා ජොබ් එක ලැහැස්ති කරා....... සුදුවෑන් එන්න කලින් ඉක්මනට වරෙන් මෙහෙ මගේ දෙයියා

    ReplyDelete
    Replies
    1. මැලයෝ විගහට ලෑස්ති කොරපිය එක ++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. @ මැලේ... කොහෙද උඹ ඔහොම කිව්වට උඹේ දෙවැනි කොටසෙන් පස්සේ තාම යන්න තැනක් කිව්වේ නෑනේ. පලවෙනි කොටස කියවලා මැලේසියාආවනම් එහෙම අනාතයි ....

      Delete
    3. @නලින් අයියා - හෑ නලින් අයියට මොකක්වත් හෝඩුවාවක් වත් ලැබිලද ?

      Delete
  2. ස්ලම්ඩෝග් මිලියනයර් එකේ සිංහල කොමඩි වර්ෂන් එකද?? :-)

    ReplyDelete
    Replies
    1. කොමඩි කිව්වට කොමඩිමත් නෙවෙයි කැන්ඩියන්

      Delete
  3. සුදු වෑන් එනෝ.... දුවල හැංගියං. ප්‍රශ්ණ උත්තර ටික නම් පට්ට!

    ReplyDelete
    Replies
    1. තැනකුයි බස්සි ..එතකොට උඹලා බලන් ඉන්නේ මං සුදු වෑන් එකක යනකන්ද බොලව් ...?

      Delete
  4. නියමයි ඉවාන් හයියු .ඕවා තමයි නියම උත්තර

    ReplyDelete
    Replies
    1. තැනකුයි ඔමා....එහෙනම් එච්චරයි ඉඳගෙන

      Delete
  5. නියම ප්‍රහසනයක්.. එල ඉවාන්.. :)

    ReplyDelete
    Replies
    1. තැනකුයි වේවා .. ඒලියන් චන්දන

      Delete
  6. මෙතන වංචාවක් වෙලා තියනව සංවිධායක මණ්ඩලය ජහමනයට ප්‍රශ්න විකුණල තියනව :D

    ReplyDelete
    Replies
    1. උඹට කොහොමද යකෝ ඒක මාට්ටු වුනේ ..?

      Delete
  7. ඒක හරි ආතල්.පරිස්සමෙං මචං උඹේ ගෙදෙට්ටත් එකෙක් පැනලා විස්කි බෝතලුයි ලැප් එකයි උස්සලා පස්සේ උඹට විරුද්ධව නඩු දායි උඹ සමලිංගිකයෙක් කියලා.

    ReplyDelete
    Replies
    1. හුටා ..එහෙනම් මට යූ.එන්.පී. එකෙන් නාමයෝජනාත් ලැබෙයිද දන්නේ නෑ... එක්කෝ යූ.එන්.පී. එකේ ප්‍රචාරක් ලේකම් කම ලැබෙයි...නෑ බං නායකත්ව මණ්ඩලේට පත් කරයි

      Delete
  8. නියමයි. මිනිහ ලක්ෂෙ දිනන්න ඇති නේහ්..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා ...පස්සේ ඇහුවලු ලක්ෂයක් ඇතිද කියලා ...හිකිස්

      Delete
  9. පලවෙනි ටික කියවද්දිම කැඩිච්ච ඇටකටුත් රිදෙනවා යකෝ...
    සේරම කියවල ආයේ එන්නම් ...එතකන් හිටු..

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වයි ..මේ ඊයේ පෙරේදා අමාරුවෙන් හදාගත්තු ඇටකටු ටික ..

      Delete
  10. එල යකෝ...පට්ට එකේ හොදම ..එක ....
    අඩුපාඩුවක් කියන්න ඇත්තෙම නැහැ වගේ බන් ...

    ReplyDelete
    Replies
    1. තැනකුයි කෙන්ජයියේ ..බීලා ඩ්‍රයිව් කලත් දීර්ඝායුෂ ලැබේවා. :D

      Delete
  11. ඇත්ත කතාකරල නම් තියෙනවා.. දවස් කීයක් ජීවත් වෙවිද දන්නේ නැහැ.. ;-(

    ReplyDelete
    Replies
    1. දොස්තර මහත්තුරු වෙච්චහම ඔහොමත් බය කරනවද බොලව් මිනිස්සුන්ව ..!

      Delete
  12. අම්මපා ළඟක හිටියනම් දානවා සීනි ගෝනියක් කටට. අගේ කරන්න වචන නැහැ.
    නොදකින් ලැජ්ජාවක් නැති දේශපාලු වැද්දන්ට මේවා පෙනෙන්නේ උපහාර වගේ වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. දේශ පාලුවන්ටනම් මේවා ආඩම්බරයට කාරනා විචාරකතුමෝ ...මොනවා සීනි ගෝනියක් දානවා කිව්වේ සීනි නැතුව ගෝනිය විතරක්ද?

      Delete
  13. ලංකාවේ හොඳම බ්ලොග් රචකයා - ඉවාන් පවුලූශා !!

    ReplyDelete
    Replies
    1. එක එහෙම තමයි පත්තරේ...
      එතකොට ජන අප්‍රිය මාව වැටෙන්නෙ කොහාටද බන්...

      Delete
    2. කව්ද අපේ කෙන්ජි මාම ජන අප්‍රියයි කියන්නෙ !!
      පෙන්නපිය කියන එකා කපනව කෑලි කෑලි වලට !!!

      උඹ අපේ බ්ලොග් ලෝකෙ තරුව නෙ බං කෙන්ජි මාමෙ !!!

      Delete
    3. ලංකාවේ පාපැදි ශූරයා - පත්තර මල්ලියා

      Delete
    4. එකනේ බන් කවුද කිව්වේ කෙන්ජයියා ජන අප්‍රියයි කියලා....."ඔයා තමයි "" බ්ලොග් ලෝකේ මහා බෘන්ග රාජයා ..........................................................'

      Delete
  14. සොයන්නාට සම්භවේ යැයි කියවෙන්නේ මොනවාද?
    = sex

    ලංකාවේ 2013 සාහිත්‍ය සම්මානය දිනූ පොත කුමක්ද?
    = facebook

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ 2013 සාහිත්‍ය සම්මානය දිනූ පොත කුමක්ද?
      = facebook// ++++++++++++++

      Delete
    2. FB ඉන්නා අය , ආයෙ බ්ලොග් ලියන්න නො එන්නේ මන්ද?

      ඔය මළ ඉලව්වෙ විහිළුවට ලිවොත්, එව්ව ඇත්ත වෙන නිසා :)

      Delete
    3. එකනම් මේකට එකතු කරන්න වටිනා ප්‍රශ්න දෙකක්. හැබෑවටම ලංකාවේ ජනප්‍රියම පොතත් ෆේස් බුක් එකනේ

      Delete
    4. අර කකා කියපු තුන්දෙනාගෙන් දෙන්නෙක්ම පොස්ට් දාලා නේද ඇනෝ

      Delete
    5. දාලා නං තමා. ඒත් වැඩක් නෑ, ආයෙ ඇදෙයි FB, ඇයි එක නෙව පැණිහැලිය :)


      ලෝකේ ලාබාලම අභ්‍යවකාශගාමියා ඉන්නෙ කොහෙද?
      ලං....කාවෙ, ලං.....කාවෙ

      Delete
    6. අඩේ ඇනෝ එකත් ඇත්ත බං අභ්‍යවකාශගාමියා මට අමතක් වෙලානේ

      Delete
  15. දැන්නම් අයියේ උඹ උපරිමයි. සුපිරි ඈ.. මං ආසයි උඹ වගේ රිදෙන්න ලියන ඩයල් වලට. අපි මෙහෙම ලිව්වට සුදු වෑන් ආවපුවම අපි ගැන ලියන්න උන් නෑ තමයි.. කමක් නෑ කීප් ඉන් අප්.. සුපිරි මචං...

    බීච් පාර්ටියේ දී දැක ගන්න නොලැබීම දුකයි දැන් මට.

    ReplyDelete
    Replies
    1. මොකද බං මේ හැම එකාම සුදු වෑන් කියලා මාව බයකරන්නේ ....කියලා වැඩක් නෑ බන් උඹලා බීච් පටියට ඇවිල්ලත් මුණගැහුනේ නෑ කියන්නේ කියලම වැඩක් නෑ

      Delete
  16. මේවා විහිළු නෙමෙයි බං. සහතික ඇත්ත. ඔය 2500 විහිළු කාර වයිමගේ පුතා ඉන්නේ මෙහේ. මට විටින් විට හම්බවෙනවා. මම උට කිව්වා ඔය ගානට ජීවත් වෙන්න පුළුවන් නම් මෙහෙටවෙලා රෙද්දක් කරනවාද කියලා. වයිමාගේ පුතාටත් හිනා.

    ReplyDelete
    Replies
    1. ඔය වල්බයිලා ගහන ගොඩක් ඈයොන්ගේ ළමයි ඉන්නෙම පිටරටවල් වල තමයි... උඹ කොහ්ප්මත් අපිට හැම පැත්තෙන්ම හිනාවෙනවා ඇති මෙහෙම හරක් රැලක් කියලා

      Delete
  17. බොහොම නිර්මාණාත්මක ලියවිල්ලක්....බොහොම රහ වින්දා...යකඩ අස්පයෝ දවල්ට ලයිට් දමාගෙන යන නීතිය මෙහෙත් තියෙනවා ගොයියො...

    ReplyDelete
    Replies
    1. ඔබ මතු කළ කාරණය හරි සිරෝ ඔන් ලයිට එන්නේ ඒ නිසානේ...

      Delete
    2. ඒ ක්‍රමයේ ලෝකේ රටාව ගණනාවක් භාවිතා වෙනවා සිරා & නලින් අයියා . නමුත් මෙතනදී පොලිසිය මාධ්‍ය නිවේදනය නිකුත් කලේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව . නිවැරදි ලෙසනම් කිව යුත්තේ බයිසිකලයේ ඉදිරිපස ලාම්පුව දල්වාගෙන යා යුතුය කියන එක . නමුත් කිව්වේ ප්‍රධාන ලාම්පු දල්වන්න කියලා. ඒ කියන්නේ හෙඩ් ලයිට් .ඉස්සරහින් එන එකාගේ මූනට හෙඩ් ලයිට් වැදුනම ෂෝයි නේද ..?
      මෙවැනිම වැරද්දක් තාමත් කරනවා පොලිසි වලින් පාරේ ත තැන වල දැන්වීම තියෙනවා ආරක්ෂාව සඳහා බඳපටි පළඳින්න කියලා . ඇත්තෙන්ම නිවරදි ප්‍රකාශය විය යුත්තේ ආසන පටි පළඳින්න (seat belt) කියන එක .බඳපටි කියන්නේ කලිසමේ ඉනට දාන බෙල්ට් එක

      Delete
    3. මේ කමෙන්ට්වලට දාන්න ලයික් බටන් එකක් නැති හැටි....

      Delete
  18. නියමයි මචො.අන්තිම කැමැත්තත් ඔන්නෙ ඔහෙ ලියම ඉදපන්.
    නැ මන් මෙ නිකමට කිවුවෙ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බොල කඩප්පුලියෝ කිව්වේ .අහුවෙයන්කෝ උඹ ...:D

      Delete
  19. සුදු වෑන් එහෙම මුරිච්චි උනොත් කෝකටත් මුවාවෙලා ඉදහන්... :ඩී

    ReplyDelete
    Replies
    1. ඒ ගමන මූත් සුදු වෑන් කියලා. ඉන්දපන්කෝ අයින් කරනවා උඹවත් ජාතික කොඩියෙන් අදම

      Delete
  20. නියමයි මචං. ජහමනයා ගේ දැනීම පට්ට.

    ReplyDelete
    Replies
    1. අප්පේ සාගරයා ...සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා

      Delete
  21. උඹ කෙටි කතා ලියන නිසා මම උඹෙන් ඉල්ලිමක් වත් කලේ නෑ.. යාං හැලී ලියන්න කියලා.. ඒත මගේ එකේ දාන කොමෙන්ට්ස් වලින් මම දැනගත්තා කවදා හෝ උඹ දේශපාළණය ලිව්වොත් නැගලම යන බව.. එළ මචෝ.. වෙන මක්කා දොඩන්නෙයි.. නැතිය...

    ReplyDelete
    Replies
    1. මේකට දාන උත්තරය මොකක්ද කියලා මං කල්පනා කලා සෑහෙන වෙලාවක්. බොක්කෙන්ම තැනකුයි මාතේ ...දේශපාලනය ගැන වැඩිපුරම බොග දාන ඔබ වගේ කෙනෙක් මෙහෙම කීම ගැන මට කියන්න වදන් නෑ

      Delete
  22. පට්ටයි කියන්නේ ආයේ කතා කරලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. යමලෝකෙටම තැනකුයි යක්ෂයෝ

      Delete
  23. ජහමනයාගෙ සාමාන්‍ය දැනුම නම් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා වගේ. කථා දෙකක් නෑ ලක්ෂය දිනන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් චාම්ස් ජහමනයාගේ සාමාන්‍ය දනීමනම් ඉතාම ඉහලයි .එත් චන්දෙ දවස්ටනම් මුන්ට මොලේ කලඳක් නෑ

      Delete
  24. balagena aiye samanya danima onawatath wadi.miliyanayama hamba weida danne na peti cash walin.parissamin.

    ReplyDelete
    Replies
    1. තැනකුයි ඔමාලි, බෑ අෆ්ෆා හැමෝම මාව බයකරන්න හදන්නේ....හැබැයි හොන්දවෙලාවට තාම ආණ්ඩුවේ ලොක්කෝ බ්ලොග් බලන්නේ නැතුව ඇති කියලා තමයි හිතෙන්නේ

      Delete
  25. මරු! මම ගොඩක් වෙලාවට කියනව වගේ, සටන් පාඨවලට වඩා මේ වගේ නිර්මාණාත්මක විවේචන මරේ මරු!!!

    ReplyDelete
    Replies
    1. මේවගේ මිනිස්සු රට විවේචනය කරන්න දේවල් නැතිවෙන්නේ නෑ වැඩේ තියෙන්නේ විවේචනයක් බලලා හැදෙන්න උවමනා හෝ පුළුවන් මිනිස්සු රටේ නැතිවීමයි

      Delete
  26. ආන්ඩුව කොයි පැත්ත ගියත් ඔබ සැමදා විපක්‍ෂේ

    ReplyDelete
    Replies
    1. තැනකුයි ලක්මිණි .ඒක සහතික ඇත්ත .වැඩේ තියෙන්නේ ඕක ගොඩක් දෙනෙකුට නොතේරීමයි. ඉතින මක්කා කොරන්නද ?

      Delete
  27. මේකා සැබෑ දක්ෂයෙක් නොවැ!

    ReplyDelete
    Replies
    1. මේ මමද බං ..? අඩේ තැනකුයි නාඩි මලේ ...ඉස්කෝලේ යන කාලේවත් කවුරුවත් ඔහොම කියලා නෑ බන් මට ...සතුටේ බැරුවා

      Delete
  28. උඹ නම් නියමයි බං.. මොනා වුනත් ලියලා තියෙන දේවල් නම් ඇත්ත.. මිනිස්සුන්ගේ කතාබහේ තියෙන්නෙම ඔය ටිකනේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. තැනකුයි දිනේෂ්....මිනිස්සු කොයි තරම් කතාබහ කලත් අවශ්‍ය වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ නෑනේ බං එකනේ මේ හෙනේ

      Delete
  29. //"ඔබ....ගේ .....දක්ෂතාවය හිතාගන්නත් බෑ.... මට කලන්තේ වගේ "..................දඩස්.........//

    මාත් හිනාවෙලා පුටුවෙන් වැටුණනේ...:D

    ReplyDelete
    Replies
    1. අප්පේ ඕකනේ කියන්නේ ආයෙත් කකුල උළුක්කු කොරගත්තද ඉතිං ..අනේ මන්දා මේ පොඩ්ඩි පොඩි එකා වගේ නෙව

      Delete
  30. මේවා දැං වැඩක් නැහැ බං. අන්න කෙන්ජගෙන් අහගනිං ඕවා දැං දෙකේ පන්තියේ කතා.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඈ ඒ මොන හරුපයක්ද බොල දේශකයෝ

      Delete
  31. හහ් හහ් හා... මරේ මරු.. මේ ටික ලොක්ක කියෙව්ව නං ඉවාන් අය්යට සම්මානයක් දෙනව... එක්කො දිවිය ලෝකෙ යන්න නැත්තං එයාගෙ පයිවෙට් සෙකට්ටි විදියට...
    පට්ට පට පට...
    ඔන්න සුදු වෑන් එනෝ හැංගියෝ... (හැබැයි දිවිය ලෝගේ ගිහෑකි)

    ReplyDelete
    Replies
    1. ලොක්කා කියෙව්වනම් සම්මානේ හම්බවෙයි අර එක්නැලිගොඩ ට්ස් හම්බ වුනා වගේ. යකෝ ඔය සුදු වෑන් කතාවම කියන්න එපා බොලව්

      Delete
  32. හෙහෙහ්... සෑහෙන්න හිනා උනා. :)
    දැං ඉතින් ටික කාලයක් වහං වෙලා ඉන්ඩ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මේ හැම එකාම මාව බයකොරන්න හදන්නේ.....මෙහෙම ගියොත් නම් වහන් වෙලා ඉන්නම තමයි වෙන්නේ

      Delete
  33. //ලෝක සිතියමේ වෙනත් රටවල් පහක් නම් කරන්න.//
    1) චීනය.
    2) ස්වාසීලන්තය.
    3) මොසැම්බික්
    4) ලෙසතෝ.
    5) මාලි. වගේ රටවල් වුණත් ඕනි නම් මාර්ක් කල හැකියිනේ.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ රටවල් තමයි තියෙන්නේ අපේ තනි නොතනියට. අපි වැඩ කරන්නේනම් ලෝකේ තියෙන්නේ චීනේ විතරයි කියලනේ..මට වෙලාවකට හිතෙනවා ලොක්කා පැන්ෂන් ගියාම ස්වාසිලන්තේ පදිංචියට යන්න හිතාගෙන ඉන්නවා වත්ද කියලා අම්මපා

      Delete
  34. හැක් හැක් මරු ..
    පොඩිම ඇමති මණ්ඩලය ඉන්නා රට =ලංකාව
    ජාතික ප්‍රවාහන සේවය= සුදු වෑන්

    ReplyDelete
    Replies
    1. තැනකුයි බ්‍රදර් .... ඔය ප්‍රශ්න දෙක සීසන් ෆෝ වලට දාන්නම්කො

      Delete
  35. නුතන ලංකාවේ අගනුවර ඔය ළමයා දන්නවද

    ReplyDelete
    Replies
    1. මොකද නැන්දේ මං නොදන්නේ හම්බන්තොට හම්බන්තොට ..ඉඳගෙන ඉඳගෙන ඉඳගෙන ,,එකත් මේකට දාන්න වටිනා ප්‍රශ්නයක් හැබැයි ඔමා

      Delete
    2. බුඩ්ඩිමට් .. කාට බොල නැන්දේ කීවේ ඉදගෙන

      Delete
    3. හි හි හි ....ඔයාට නෙවෙයි අලේ... මම මේ නිකං අලේ කිව්වේ .......ඔයා නංගි බබාලේ අලේ

      Delete
  36. හරි අපි දැන් ඉවාන්ව සුදු වෑන් එකෙන් ඉස්සුවට පස්සේ කලෙක්සන් එකක් දාලා ඉටි පන්දම්,, කහ පටි හෙම අරගෙන කොහේටද එකතු වෙන්නේ?

    මොකද මේ හැම බ්ලොගර්ම එකම පෝස්ට් එක දෙපාරක් පබ්ලිශ් කරන්නේ?
    මේක මේ ඊයේ පෙරේදා ඉඳන් දකින දෙයක්.
    ටෙක්නිකල් අවුලක්ද නැත්නම් හිට්ස් සම්බන්ද ප්‍රශ්නයක්ද?
    (වලි බර හෙම නෙමෙයි දැනගන්න අහන්නේ)

    ReplyDelete
    Replies
    1. ඔය ආයෙත් සුදු වෑන් .ඕක ඔය හැටි කියන්න එපා බොලව් .ඇත්තටම මාව උස්සගේනවත් යයි . මමනම් සෙනසුරාදා ඉරිදා දාන පොස්ට් ආපහු උඩට දානවා සතියේ දවස් වල මොකද අපේ අය වැඩිපුර ජාලගත වෙන්නේ සතියේ දවස් වලනේ . හැබැයි සතියේ දවසක පබ්ලිෂ් කලොත් නම් දෙපාරක් දාන්නේ නෑ

      Delete
  37. මරු ප්‍රසන ඩිංග . . .. තව ටිකක් හදහන් කෝ බන් . .. මේ වෙලාවේ ඒ හිරි වැටිලා තියන මනස ටිකක් නිදහස් කොර ගන්න . . ..

    ReplyDelete
    Replies
    1. තව ලියන්නේ කොහෙද බං හැම එකාම සුදු වැන් ගැන කියනකොට . අපිත් කියලා බය හිතෙන මිනිස්සු නෙව

      Delete
  38. උඹ ලිවීමට දක්ෂයා. අපි ඉතිං ඕවා කියලා හිනා වෙනවා. අපි මොනවා ලිව්වත් ක්‍රියාවට එන්නේ එයාලට ඕන දේ. හැබැයි එක අතකට අපි ඇත්ත දැනගෙන ඉන්න එක හොඳයි.
    ඒත් අනේ මංදා මට පුදුම කළකිරීමක් තියෙන්නේ. මම හිතුවා යුද්දෙන් පස්සේ අපේ රට හොඳට දියුණු වෙලා හොඳින් බැබලෙයි කියලා.
    උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා සඳුන් අයියේ ....අපි මොනවා ලිව්වත් උන් කරන්නේ උන්ට ඕනදේ. අඩු ගාඑන් එකෙක් දෙන්නෙක්වත් මොලේ පාවිච්චි කරන්න පටන් ගත්තොත් එකත් ලොකු දෙයක්නේ ...!

      Delete
  39. අපූරුයි...ඇත්තටම ජහමනයා මේ හැම දෙයක්ම දන්නවා...ඒත් නොදන්නා ගානට ඉන්න එකනෙ වෙලා තියෙන්නේ..
    .....මාතලන් සෑර්ගේ පන්තියේ ලමෙක්...

    ReplyDelete
    Replies
    1. ජහමනයා නොදන්නා උලව්වක් නෑ ,දන්නා ඉට්ටකුත් නෑ. එකනේ මෙහෙම වෙලා තියෙන්නේ . මාතලන් සෑර් නෙවෙයි බන් ප්‍රොෆෙසර් ....." ප්‍රොෆෙසර් මාතලන්" කියහන්

      Delete
  40. හරිම ශෝක්...විශිෂ්ට නිර්මාණශීලී සංකල්පනාවක්... ජහමනයා හොඳට උත්තර දීලා තියෙනවා නේ... අනිවාර්යයෙන්ම ලක්ෂපති වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ජහමනයා කියන්නේ කොහොමත් ලක්ෂපතියෝනේ තුශා .. එකනේ මෙච්චර බදු ගෙවාගෙන සද්ද නැතුව ඉන්නේ

      Delete
  41. නිර්මාණය නම් අපූරුයි. අර ජාතික වෘක්ෂය වැරදියිෙන්. ඒ්ක වල්ලාපට්ටා වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. සිරාවටම ඔයා හරි..ඒක එහෙම හැදුවනම් තමයි හරියටම හරි. මොකද මේ දවස වල සද්දයක් නැත්තේ ..පොතේ වැඩේ මොකද වෙන්නේ ..?

      Delete
  42. සුදු වෑන් හීනෙන් පේනවද ?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් පටන් ගත්තා සුදු වෑන් කියන්න මොකක්ද යකෝ වෙන වාහනයක් කියාපියව්කෝ

      Delete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. සුපිරියට ලියල තියෙනවා..

    ReplyDelete
    Replies
    1. තැන්කිව් කිව්වා එහෙනං ඔන්න

      Delete
  45. Iwan..obage ...dakshtawya...mata...hita ganath...baha...mata....kalante...wage....daadas.....

    ReplyDelete
    Replies
    1. අඩේ මෙන්ඩියා .....උඹ තාම බිසී වගේ කොහොම හරි ආවනේ ජයවේවා

      Delete
  46. හහහහා... මේක පට්ට!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි කිං රජා ...උඹටත් ආශ්චර්යයක්ම වේවා

      Delete
  47. මට නම් මේ කොල්ලා ගැන ඇත්තටම බයයි...කළු පාටට විරුද්ද පාට වචනෙට අයිති වෑන් මතක් වෙද්දී ඒ බය වැඩි වෙනවා...පරෙස්සමින් හොඳේ..ලියන ඒවා දැන් දැන් කෙලින්ම අදාළ පාර්ශව වලට වදිනවා වගේ නේ ළමයෝ...

    ReplyDelete
    Replies
    1. ඔයා ඒ පාර අලුත්විදිහකට සුදු වැන් ගැන කියනවද? අක්කේ මේ ඔයා ඔහොම කියනකොටනම් ඇත්තටම් බය හිතෙනවා . කොච්චර වැදුනත් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති එකනේ වැඩේ .

      Delete
  48. මීලඟ ප්‍රශ්නය සහ ඊට ලැබිය හැකි තවත් පිළිතුරක්

    ** රථ-වාහන අපි අනතුරු අඩු කරගන්න අපි නීති ගතකළයුතු තව යෝජනාවක් කියන්න.?

    පිලිතුර

    සියලු වාහන හෝන් නාද කර ගෙන යා යුතුය.
    එහි ශබ්ද මට්ටම ඩෙසිබල් 130 හෙවත් වේදනා සීමාන්තකය ඉක්මවිය යුතුය.

    ජූලම්පිටිය වැනි මැරයින්ට සයිකල් වලින් පැමිණ වෙඩි තබා පැන යන තෙක් කිසිවෙක් දැක්කේ නැත්තේ ලයිට් දමා තිබූ නැති නිසා සහ මුහුණ වැසු හිස් ආවරණය නිසාය....

    ReplyDelete
    Replies
    1. හැබැයි නිර්මලා ඔය යෝජනා ළඟදීම ක්‍රියාත්මක වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඔන්න් බලන්න ළඟදීම කිව්වොත් ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවරක් කියලා අපිට ඉතින් අප්පුඩි ගහලා ඉන්න තමයි වෙන්නේ .
      කොහොමත් මාත් කියන්න හ්දුවේ ඔය කාරණය තමයි. අපරාධ කාරයොන්ට දැන් ඉතාම පහසුයි හෙද ලයිට් එක මූණටම ගහලා වෙඩිතියලා පනින්න ඕන කෙනෙකුට . ජුලම්පිටිය වගේ මිනිස්සුන්ට මැරකම් වලට ලයිසන් දෙන්න තමයි මෙයාල හදන්නේ

      Delete
  49. එක පාරක් සම්පූර්ණයෙන්ම කියවලා ආයිත් මුල ඉඳන් තව පාරක් කියවපු එකම බ්ලොග් ලිපිය බං.ඒ තරමට රහයි.

    අමද්‍යප ව්‍යාපාරයේ පියා-අරුන්දික ප්‍රනාන්දු වුනා නම් තවත් හොඳයි

    තව එකක්, අර දිනමිණේ උබේ කෙටිකතාව නියමයි.සාමාන්‍ය කෙටිකතා ආකෘතියෙන් බැහැර වුනු freeverse එකක් ලෙස මං දකිනවා.

    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. දුලා කාලෙකින්.. අලුත් පෙනුමකින්. කොහෙද බං ගිහින් හිටියේ කාලයක් ..ලියන්නේ නැද්ද අලුතෙන් . මට සිරාවටම අරුන්දික ගේ කෙස් එක එච්චර දිවලොප් කරන්න අයිඩියා එකක් ආවේ නෑ .
      දිනමිණේ ඒ කතාව දැම්මට නලින් අයියට ස්තුති කරන්න ඕනේ බං . ඉක්මනින් ලිපියක් ලියහන්

      Delete
  50. ඔයාව සුදු වෑන් එහෙකින් ඇවිත් උස්සන් යයිද මන්ද....... බලාගෙන ;)

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වේ ඕකම කියන්න එපා බොලව් ඇත්තටම මාව උස්සගේනයයි ..අහලා නැද්ද අර එකම බොරුව හා පාරක් කියනකොට ඇත්ත වෙනවා කියන කතාව....අනේ දෙවියනේ

      Delete
  51. කලින් කියෙව්වත් දැනුයි වෙලාවක් හමු උනේ සුපිරි ලියවිල්ලක් කියන්න.

    ඔබ කැමති නොවුනත් තව එක ප්‍රශ්ණයක් තියෙනවා මට මතක් වෙච්ච.

    "ලන්කාවේ ජනප්‍රියම වාහනය කුමක්ද? උත්තරය = සුදු වෑන් "

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්නෙත් දාන්න ඕන සීසන් ෆෝ එකට. මේ ඇත්තටම දැන් ඔක්කොම බලන් ඉන්නේ මම සුදුවෑන් වල යනකම්ද? හහ ඔන්න බලපල්ලා උඹලට ඉරිසියා වෙනටත් එක්ක මම යන්නේ සුදු ලිමොසින් එකක ලොක්ක එක්ක. අයි බොලව් ආණ්ඩුව වැඩියෙන්ම විවේචනය කරපු අයව තමයි වැඩිම ගාන දීලා ගන්නේ හරිද හූ හූ

      Delete
  52. ලංකාවට ආවේනික ගායන ශෛලිය - විරිදු

    ReplyDelete
    Replies
    1. දැන් නම් හැබැයි වාද බයිලා ..ඒකත් දියවන්නාවේ

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]