මිත්තරයෝ ටික

Friday, June 20, 2014

රූප පෙට්ටිය


පිට්ටනියට ඉහල අහස වැහිබරය . කොයි වෙලාවේ වැස්සක් කඩාවැටේද කියා සිතෙන තරමට හාත්පස අඳුරුය. එත් කොල්ලන් එකා දෙන්නා පිට්ටනිය පැත්තට ඇදෙනු මට පෙනේ. තවත් වරක් ගේ ඇතුලට එබිකම් කල මට දකින්නට ලැබුනේ තවමත් මැසිමේ ඉදිකට්ටට එබීගෙන ඇඳුම් මහන අම්මාය. ජනේලයෙන් වැටෙන මලානික එලිය අම්මගේ වම් කනේ ඇති කරඹුවේ නිල පැහැ කුඩා ගල මතට වැටී දිලිසෙයි .
තවත් සෑහෙන වෙලාවකට අම්මා මා නොසොයනු ඇතැයි යන සිතිවිල්ල ක්ෂණයකින් සිතට ඇතුළුවී පිටවීමටත් පෙර මම පිට්ටනිය බලායන කොල්ලන් අතරට එක්වීමි .

හාත්පස වෙලාගත් අඳුර ටිකෙන් ටික පහව යනවා දකිනවිට ,පිට්ටනිය දෙසට යමින් සිටි අපට ඇතිවූයේ නොමඳ සතුටකි.

"ශික් අම්මප මම හිතුව අදවත් වැහී කියලා , මේ ටිකේම ඔහොමයි ....
බොරුවට කළු කරලා ආපහු ගහගෙන යනවා ....'"
වැස්ස නොපැමිණීම ගැන අමනාපයෙන් මෙන් පාරේ ගමන් කරන වැඩිහිටියන් දෙදෙනෙකුගේ කතා කන වැකුනත් අප ඒ පිලිබඳ සිත යොමු නොවුනේ , පායලා තිබ්බොත් විතරයි සෙල්ලං කරන්න පුළුවන් කියන සිතුවිල්ල අන් හැමටම වඩා සිතේ පැලපදියම් වී ඇති නිසාවෙනි.

හැමදාම හවස් වරුවේ පාසල් ඇරී ගෙදර එන ගමේම කොලු කුරුට්ටන් ටික මේ පිට්ටනියට එක්රැස් වීම ගමේ කාටත් දැන් හුරුපුරුදුය. හැන්දෑවේ අඳුර වැටෙන තුරු , කුඩා රබර් බෝලය නොපෙනී යන තුරාම එල්ලේ ගහන අපි ගෙවල් වලට යන්නේ එකෙකු දෙන්නෙකු කැඳවාගෙන යන්නට එන මවක් හෝ පියෙකුගේ දෝෂාරෝපණයට ලක්වූ පසුවයි.

මුන්ට සෙල්ලම විතරයි ,කන්න බොන්නවත් ඕනේ නෑ.. කියමින් තමදරුවන් ඇදගෙන යන්නේ අහල පහල හමුවන අයගේ හූමිටි හමුවේය. නමුත් කිසිම දිනක කිසිම වැඩිහිටියෙක් මේ සෙල්ලම් කිරීම ගැන දැඩි විරෝධයක් දැක්වූයේ නැත.

*********

"කෝ අද රන්මල් ..."

"දැක්කේ නෑ...."

මගේ සමවයසේ අනික් ළමයින්ට වඩා මං තරමක් ඇඟ පතින් උස මහත වූ නිසාම ,කණ්ඩායමේ නායත්වය නිතරඟයෙන් ලබන්නට වාසනාවන්ත වීමි. රන්මල් යනු මට තර්ජනයක් වෙන එකම පුද්ගලයාය. තරමක් වත් පොහොසත්කම් වලින් හෙබි රන්මල් සමහර දිනෙක මා සමග රණ්ඩුවට එයි.  නමුත් ඔහුට වඩා තරමක් මහත හා උස ළමයෙකු වූ මට ඒ හැම වාරයකදීම දිනුම හිමි විය .

රන්මල් නොමැති වීම ගැන යම් සතුටක් දැනුනත් ,හැමදාම පාහේ සෙල්ලමට එන ඔහු නැතිවීම කුතුහලය දන්වන්නක් විය . 

"වීරෙත් නෑ ..." යමකු කියනු මට ඇසුනි 

"රන්මල්ගේ නැට්ටනේ ....ඌත් එක්කම එන්නේ නැතැයි "

*********


අන්න වීරේ .....

ඈතින් දිව එන වීරේ දෙසට ඇඟිල්ල දිගුකල එකෙක් කා ගැසීය . 

"අන්න රන්මල්ලා ටී.වී. එකක් ගෙනල්ලා ......

"නාහ් ...ටී.වී. එකක් ..." කීපදෙනක්ම එක හඬින් කියනු මට ඇසිනි .....

මගේ සිතේ ඇතිවූයේ දුකක්ද? සතුටක්ද? කනස්සල්ලක්ද? යන්න මටම සිතාගැනීමට නොහැක. ගුවන් විදුලිය පමණක් ඇසුරු කරගෙන සිටි අපිට රූපවාහිනී යන්ත්‍රයක් සිහිනයක් මෙනි.  

අපිත් යමු ....? කීපදෙනක් එකවරම් නැගී සිටියෝය. 

"එතකොට අද සෙල්ලම් කරන්නේ නැද්ද? ඒ මම 

"අපි නිකං බලලා ඉක්මනට ආපහු එමු  බං, ඔතන කවුද නවතින්නේ " ... උත්තර ලැබෙන විට කාණ්ඩය මා තනිකර ටික දුරක් ගොසිනි ...

********

ටික වෙලාවක් බලාසිටියද කිසිවෙකු නැවත එන පාටක් නැත. ගෙදරයන්නට පා එසවුවද මගේ දෙපා මටත් හොරෙන්ම මා රන්මල්ගේ නිවාස දෙසට ගෙන යන බව හැඟෙ.වැට අද්දරටම ගියත් නිවස ඉදිරිපස කිසිවෙකු පේන්න නොසිටීම මට කුහුලක් ඇති කළේය .

"මට බොරු කියලා මුන් වෙන කොහෙවත් ගියාද?" යන සිතුවිල්ල මගේ සිතට වේගයෙන් නැගෙන්නට විය .

හෙමින් හෙමින් ලංවී බැලූ කල මම දුටුවේ රන්මල්ගේ නිවස තුල එලූ පැදුරක කටවල් අරගෙන රූපවාහිනිය දෙස බලාසිටින මිත්‍රයෝ රැලයි , ඒ අසලම වූ කුඩා පුටුවක කකුල් දෙකත් පුටුවට ගෙන උජාරුවෙන් රූපවාහිනිය දෙස බලා සිටින රන්මල්ය .

ඇතුලට යම්දෝ නොයම්දෝ කියා ලතවෙමින් සිටි මා ආපසු යන්නට හැරෙත්ම ...

"ආසිරි ".......... රන්මල්ගේ කටහඬ මගේ සවනත් වැටිණි ..

"කොහෙද ආපහු යන්නේ ...? වාඩිවෙලා බලන්න ..මේ කාටුන් එකක් ....."

ඒ කටහඬේ ගැබ්වී තිබුනේ උපහාසයද නැත්තම් ,මිත්‍රශීලී භාවයද යන්න මට වටහා ගැනීමට අපහසු විය .

කෙසේ වෙතත් අකමැත්තත් කැමැත්තත් අතර මොකක්දෝ විස්තර කල නොහැකි හැගීමකින් හිත පිරී යද්දී මම ඉබේම මේ ගොස් සෙසු මිතුරන් අතරේ වාඩි වුනෙමි .

මීයෙකු පසු පස නිරන්තරයෙන් එලවන පූසෙකු සහ ඌට වන අකරතැබ්බ රැසක් ඇසුරු කරගත් ඒ වැඩසටහන අප කාගේත් සිත් ගත් අතර , හවස් වරුවම එවැනි වැඩසටහන් කීපයක්ම නැරඹු අපි පිටවූයේ රාත්‍රී බෝවූ පසුවය .

********

ඉන්පසු පිට්ටනියට ලමුන්ගේ පැමිණීම සීමාවන්නට විය. පැමිණියද ඒ ඉඳහිට දිනකය . ඒ පැමිණි දිනවලත් මුලික තැන මගෙන් ගිලිහී රන්මල්ට නිතරඟයෙන් හිමිවන්නට වීම මගේ සිතට නොසතුටක් එක් කළේය .

කෙසේවෙතත් අනෙක් ළමුන්ද  රන්මල්ට විශේෂයක් දක්වන්නටවීම නිසා ,මා ඉබේම මෙන් කොන්වූ බවක් දැනෙන්නට විය.

"ආසිරි ......!" දිනක් මම රන්මල්ගේ නිවසේ රූපවාහිනිය නරඹමින් සිටියදී අපේ අම්මාගේ කටහඬ ඇසෙන්නට විය. ඒත් එම ස්වරයෙන් මට හැඟුනේ ඒ කැඳවීම එතරම් සුබ දායක නොවන බවයි .

" මොකෝ බං .... කොල්ලා ඔන්න ඔහේ උන්නාවේ ,අනිත් එවුනුත් ඔය ඉන්නේ " රන්මල්ගේ අම්මා අපේ අම්මාට කියනු මට අසුනත් ඒ වෙනුවෙන් පිළිතුරක් අම්මගේ මුවින් පිටවනු මට නොඇසිණි ,

මම එලියට පැමිණි පසු ..මෙහෙ වරෙන් යන්න කියලා මගේ මැණික් කටුවෙන් අල්ලාගෙන ඇදගෙන යද්දී ...

"පුහ්... පුක කහගන්ඩ නියපොත්ත නැතිවුනාට ,තියෙන ගනකම ....අලි කරාඹු දෙක එල්ලන් හිටියම, වංශේ  කබල් ගෑවම ඔක්කොම හරි කියලා හිතේ, ඔකනේ මිනිහත් දාලා ගියේ ...."

රන්මල්ගේ අම්මගේ කටහඩ ඈතින් ඇසෙන්නට විය, එයට පෙරලා උත්තර දීමට මෙන් අම්මා ආපසු හැරුනෙන් මෙවර මම අම්මාගේ අතින් ඇදගෙන දිවයන්නට විය ,

********

නිවසට පැමිණි සැනින අම්මා කලේ මගේ කන වරෙන් මිරිකා පිට මැදට පහර කීපයක් එල්ල කිරීමයි.
""උඹ මීට පස්සේ එහෙම එක එකාගේ ගුබ්බායම් වල පුක තියන්ට ගිහින් තිබ්බොත් මං උඹව පට්ට ගහනවා "

"එහෙනම් මටත් ටී.වී. එකක් ගෙනත් ඕන , නැත්තම් මං යනවා යනවා යනවාමයි ... "

මුරණ්ඩු ලෙසින් මම එසේ කියත්දී අම්මා ඇස ලොකු කරමින් මදෙස බලා සිටියේ , කිසිදා කිසිවිට කිසිවක් ඉල්ලා නැති මා මෙසේ හැසිරෙන්නේ ඇයිදැයි කියා විය යුතුය .

කෙසේවෙතත් ඒ ඇසිල්ලෙන් කල්පනාවට වැටුණු අම්මා ඈත බලාගෙන සුසුම් හෙලනු මට දක්නට හැකිවිය .
මම බියවූයේ අම්මා අඬාවිදෝ කියාය .

තාත්තා මාවත් අම්මාවත් අතහැර ගොස් දැන් වසර කීපයක් ගතවී ඇත.
මට තාත්තා පිළිඹඳ ඇත්තේ ඡායාමාත්‍ර මතකයක් පමණි.එදාසිට  මේ දක්වා අම්මා දෑතේ වීරියෙන් මා රැකගෙන ගෙයත් යම් පිළිවෙලකට කාටවත් අත නොපා හදා ගැනීම ගැන කහටක් පිටින් නොපෙන්නුවාට ගම්මුන් තුල ඇති බව මටද ඒ වනවිට අවබෝධ වී තිබිණි, නමුත් කෙදිනකවත් ඈ කිසිම ප්‍රශ්නයක් ඉදිරියේ කඳුළු සලනවා ම දැක තිබුනේ නැත. මෙවර ඇය හඬාවී යයි මා බිය වූයේ එබැවිනි .

*******

මා පාසල් හැරී ගෙදර එද්දී අපේ ගේ මිදුලේ නවත්වා තිබූ කහ පැහැති වෑන් රථයක් පාර දෙසට එනවා මට දක්නට ලැබුණි , මාගේ සිතට එක වරම් භීතියක් ඇතුළු වූයෙන් මම වේගයෙන් නිවස දෙසට දිවගියෙමි . ගෙට ඇතුළුවන දොරට වම් පසින් උස උණගසක ගැටගැසූ  ඇන්ටෙනාවක් විය , මගේ හිතට ඇතුළු වූ සතුට කියා නිමක් නැතිවිය,

"ටී.වී. එකක් ගත්තද අම්මේ ...? " කියාගෙන මා ගේ ඇතුලට එන විට අම්මා කාඩ්බෝඩ් පෙට්ටියක් වසමින් සිටියාය , අලුත් රූපවාහිනී යන්ත්‍රය කැබිනෙට්ටුව උඩ දිලිසෙමින් තිබිණ, රන්මල්ලාගේ එකට වඩා තමක් කුඩා වූ එකකි,

ඉවසුම් නැතිව ගිය මා රූපවාහිනීය ක්‍රියාත්මක කලෙමි ....

"අයියෝ....කෝ මේකේ පාට ...?" එය කලුසුදු රූපවාහිනියකි ....
මගේ සියලු පැතුම් බොඳවී ගියේ රන්මල් නැවත මට සිනාසෙනු මැවී පෙනුණු නිසාය,,

"මොන කෙහෙල් මලක්ද මේ අරං ආවේ" ..
"මට එපා කළු සුදු.."
 "මට ඕනේ පාට පේන එකක්... "

අතේ තිබූ පොත් මිටිය පොළොවේ ගැසූ මම මහා හඬින් කෑ ගැසුවෙමි ...
 ටිකකින් මගේ අතට සීතලක් දැනෙන්නට විය . හිස ඔසවා බලද්දී ...
අම්මාගේ දෑස කඳුලින් පිරී ඉතිරී යනවා දුටිමි...

"මම බොරුවට අම්මේ කිව්වේ" .....කියද්දී අම්මා දෙදන අතරේ හිස රුවා ගත්තාය . මම හිස හරවා අම්මා දෙස හොඳින් බැලුවේ එවිටයි , කුමක්දෝ අඩුවක් මට දැනෙන්නට විය ...

"දෙයියනේ ....කෝ අම්මගේ කරාඹු දෙක ....?"



165 comments:

  1. මං ආසම විදියෙ කතාවක් අද!!!!

    ReplyDelete
    Replies
    1. හුරේ....!! මං එක. ඉතුරු ටික ගෙදර ගිහින් කමෙන්ට් කරන්නම්

      Delete
    2. ඒයි පික්සු බක්සි

      එම්බා බස්සිය මේ අත්‍යන්ත වූ මහා බොග් ලෝකයෙහි .මෙතරම් ප්‍රබුද්ධ, විදග්ධ ,උත්කෘෂ්ට බ්ලොග් මෙපමණ තිබියදී , මා වැනි මෝඩ අමනයෙකුගේ මෙලොරහක් නැති බ්ලොග් කඩමාල්ලක පළවෙනියා වීම මෙතරම් ප්‍රීති උපදවන්නක් වෙන්නේ කෙසේද?

      කෝ බං ඉතුරු ටික තාම ගෙදර ගියේ නැද්ද?

      Delete
    3. දැන් ආවෙ යකූ... අද වේලාසන පනින්න බැරි උනා. ^_^

      ප්‍රබුද්ධ, විදග්ධ ,උත්කෘෂ්ට??? අනෙප්පලයංබං යන්ඩ! :P

      //ගේ ඇතුලට එබිකම් කල මට දකින්නට ලැබුනේ තවමත් මැසිමේ ඉදිකට්ටට එබීගෙන ඇඳුම් මහන අම්මාය. ජනේලයෙන් වැටෙන මලානික එලිය අම්මගේ වම් කනේ ඇති කරඹුවේ නිල පැහැ කුඩා ගල මතට වැටී දිලිසෙයි .//
      මෙතන මේ ඉඟිය දෙන වෙලාවෙ මං හිතුවෙ මූ කොයිතරම් මටසිලිටි විදියට භාෂාව හසුරවලද කියල යි. පස්සෙ කතාව අහවර වුනාම එන shock එකත් එක්ක තේරුම් ගත්ත ඒ නූල් සූත්තරේ.

      //මම එලියට පැමිණි පසු ..මෙහෙ වරෙන් යන්න කියලා මගේ මැණික් කටුවෙන් අල්ලාගෙන ඇදගෙන යද්දී//
      රන්මල්ගෙ අම්ම මෙහෙම කරන්න හේතුව මට මීටර් නෑ. කතාව ආයෙ කියවල බලමු.

      ඒයි මට විචාර ලියන්න තේරෙන්නෑ බන්. හැබැයි අර ඉස්සරම ලියපු කතා වල තිබුනු සුපිරි කොලිටිය මේකෙත් තියෙනව.
      වැටහීම (අංක එක.!), අපරාධය සහ...., කඩතුරාව තමයි මම කැමතිම කෙටිකතා මේ බ්ලොගියෙ ලියැවුන ඒවායින්.

      Delete
    4. බස්සිගේ නැට්ටේ එල්ලිලා කිඹුලිත් එකලු ඈ.....

      Delete
    5. @ බස්සි - අම්මේ මෙන්න ප්‍රබුද්ධ බස්සි විචාරයක් දීලා, කතාව හොඳනම් එච්චරයි , විචාර කියන්නේ මහලොකු බර වචන දාලා ලොකු ලොකු ඒවා ලියන එක නෙවෙයි බං. හිතට දැනෙන අවංක හැගීම ,කියන එකට , තන්කියි වේවා බස්සි

      Delete
    6. @ ශානු - ඇදෙ කිඹුලිත් එක වීමේ ප්‍රීතියෙන්ද ඉන්නේ

      Delete
    7. අර දෙන්නගෙ නැට්ටෙ එල්ලිලා මාත් එකලු...
      අපූරුයි මල්ලියේ
      හැමදාම වින්ද රසය මේ කතාවෙත් නොමඳවම තියනවා..

      Delete
    8. ස්තුතියි අක්කේ -- ඔයා විතරයි අඩුවට හිටියේ දැන් රජතුන් කට්ටුවම හරි ...

      Delete
  2. කමක් නෑ අපි දෙක හොදේ.........................

    ReplyDelete
    Replies
    1. කතාව හරිම ලස්සනයි ඉවාන්.. ඔබ කෙටිකතාවක් නියමෙට ගලපලා..

      ඇත්තට ම කතාව අන්තිම වෙනකල් මේ විදිහ අවසානයක් ගැන හිතන්න අමාරුයි. ළමයින් අතර නායකත්වය වෙනස් වීම එහෙම ඇත්තට ම ඒකාලේ ආයෙම මතක් කරපු දෙයක්. රූපවාහිනියක් කරපු වෙනසක්. ඒ වගේ ම අවසාන පේළියට එනකල් ම ඔය කතාව නියමෙට ගේනවා. අවසානය ඉතාම සංවේදියි.... ඒ වගේ ම හරිම සාර්ථකයි...

      Delete
    2. කුරුටුස් ස්තුතියි , ඇත්තටම මට හිතෙන්නේ රූපවාහිනිය හා අනෙකත් තාක්ෂනය ළමා කාලය උදුරාගත්තා කියලයි

      Delete
    3. ඔව් ඉවාන්........

      දරුවන්ට රූපවාහිනියෙන් ලබා ගත හැකි දේ බොහොම වුණාට ඇත්තට ම අපිත් ඒ කාලේ රොබින්හුඩ්, දොස්තර හොද හිත, හා හා හරි හාවා එහෙම බැලුවා මිසක් හොදයි කියන දේවල් බැලුවේ නෑනේ........... ඒ දරුවන්ගේ ආසාව. එය කළමනාකරණය කිරීමට දෙමාපියන් යම් මැදිහත්වීමක් කරන්න වෙනවා නේද ඉවාන්...............

      Delete
    4. ඔව් අපි බැලුවේ ඒවා තමා, එත් අද වනවිට රූපවාහිනියටත් වඩා ඉදිරියට ගිය තාක්ෂණික මෙවලම් වලින් තමයි ළමයින් ගිලගෙන තියෙන්නේ . දෙමවුපියන් ඔව්න්ගේ කාර්යබහුල ජීවිතයේදී මේ ගැන සැලකිලිමත් වෙනවා මදි කියා තමයි මටත් හිතෙන්නේ

      Delete
    5. ඇත්තට ම ඉවාන් දෙමාපියන් සහ දරුවන් අතර පවතින සම්බන්ධතාවය ගැන රටේ ජනතාව මීට වඩා දැනුවත් විය යුතුයි කියලා හිතෙනවා. දෙමාපියන් දරුවන්ට හොද අනාගතයක් හදන්න කිය කිය සල්ලි පස්සේ දුවනවා. දරුවෝ නන්නත්තාරේ. හොද අනාගතයක් හදන්න නම් දරුවා ළග හිටියානම් ඇති කියලාවත් තේරෙන්නේ නැති හැටි. අන්තිමට සල්ලිත් නෑ දරුවාත් නෑ. අනාගතයක් කොහෙත්ම නෑ.................

      Delete
    6. ඔබ කියන ඔය කාරණය අලලා මම ලියපු එක කෙටි කතාවක් තාමයි මේ ..වෙලාවක් ලැබුනම කියවන්න
      අපරාධය සහ....?

      Delete
  3. කරාබු දෙක ගැලෙව්වා කියලා
    වංසෙ ගැලවෙන්නැ පුතේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මල්මි. වංශය තීරණය වෙන්නේ ආභරණ වලින් නෙවෙයි ක්‍රියාවෙන්

      Delete
  4. උබට මේ එන අදහසනම් මචන්................ හිත හිරි වැටුනා මොහොතකට.......

    ReplyDelete
    Replies
    1. මැලේ. ස්තුති වේවා ..එහම වුනානම සාර්ථකයි කියා හිතන්න පුළුවනි

      Delete
  5. හිතට මාර විදිහට දැනුණා බං කතාව..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සංචාරකයා ... එහනම් එච්චරයි

      Delete
  6. හිතට වැදුණු කතාවක්...

    ReplyDelete
  7. මේ වගේ කතාවක් කලිං කියවලා තියෙනවද මංදා

    ReplyDelete
    Replies
    1. ඇත්තද? එහෙනම් මම එතනින් කොපි කරලද මන්දා?

      Delete
  8. අපෙ අම්ම මටයි අයියටයි සිසන් ගන්න කරාබු දෙක උගස් තිවුව එක පාරක්.

    ReplyDelete
    Replies
    1. ඔහොම කතා කාගේ ජීවිත කතා වලද නැත්තේ දමියෝ, අහසෙන් නොවැටුණු, පොළොවේ පය ගහල ජීවත් වුනු "මිනිස්සු" ළඟ ඔහොම් කතා තියෙනවා

      Delete
  9. නියමයි බං.

    බොහෝ මව්වරු තම දරුවන් වෙනුවෙන් කැප නොකරන දෙයක් නැති තරම්.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රියා මව්වරුන්ට දරුවන් වෙනුවෙන් කැපකරන බැරි දෙයක් නැතිතරම්

      Delete
    2. මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
      පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
      සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
      අම්මාවරුන් දුක් වින්ඳා හඬාලා

      Delete
    3. අඩා පත්තරේ... සුපිරි බන්.

      Delete
  10. අවසානයේ දී නම් මගේ ඇසටත් කඳුලක් ඉනුවා. //තවමත් මැසිමේ ඉඳිකට්ටට එබීගෙන...// ලස්සන යෙදුමක්. කෑල්ලක් කොපි කරගන්න ගියහම Function Disable කියලා වැටෙනවා. ඉවාන්ගෙ බ්ලොග් එකෙන් තමයි ඔය ප්‍රශ්න එන්නේ.

    ReplyDelete
    Replies
    1. ඉවාන් බුද්ධිමය දේපල සුරකින්න right click කරන එක ඩිසේබල් කරලා. හැබැයි key board shortcut සේරම වැඩ. අර මම අගේට කොපි කොරලා අලවලා කමෙන්ට් කලේ. :)

      Delete
    2. @ තරු - ස්තුතියි තරු ,ඔය මම බ්ලොගර් ටෙස්ට් කරන කාලේ කරපු එකක් , මට දැන් ඒකට දාපු HTML කෝඩ් එක හොයාගන්න් බෑ . එකයි ඔය .

      Delete
    3. @ බස්සි - බුද්ධිමය දේපල සුරකින ගිහින් නෙවෙයි බස්සි , එක එක ටෙස්ට් කරන්න ගිහින් , දැන් මේ හොයාගන්න් බැරුව ඉන්නේ ඕක අයින් කරන විදිහ, බස්සගෙන් අහලා කියපන්කො ,

      Delete
  11. පොද්දක් ....ඉදිං .... තව සැරයක් කියවන්න....

    ReplyDelete
    Replies
    1. ලිව්ව බූතය ...ලියල තියෙන කැත විදිය හන්දද මන්ද..... අන්තිම ටික කියවද්දි ඇස් බොඳ වුනා ....... යකූ.....
      එල..... ලියවිල්ල මල්ලිය......
      ඊයෙ කියවන්න වෙලාවක් නැති නිසා කමෙන්ට් එක කොටල අද උදේ කියෙව්වෙ .....

      Delete
    2. ඉතිං හතිලව්වේ ලිව්වා බූතයා මං නේන්නං කෙන්ජයියේ , මම බැලුව මොකෝ මේ ඊයේ ආපයින්ම ගිහිල්ලා කියලා, තැන්කු වේවා .

      Delete
  12. ammala ehemalu neda iwan...daruwo wenuwen bade thiyana deyak hari edala dei eliyata..

    wenada wagema rahai kathaawa....

    ReplyDelete
    Replies
    1. අඩා.... මෙන්න අතුරුදහන් වෙච්චි එකා ඇවිත්! රෙහානි අක්කා අපි ඔයාව රක්ත දත්ත පොතට දාන්න හිටියෙ!

      Delete
    2. කොහෙද රෙහානි ළමය ගිහිල්ල ඉටියෙ බොල ......
      විස්තර කියල පෝස්ටුවක් ඩාපිය ..... ඉදගෙන අලි....... හිටගෙන අලි....... නොකිව්වයි කියන්න එපා.....
      ඉඩම අරං වවන්න ගියාද..... වල්ල පට්ට.....

      Delete
    3. @ රෙහානි - අප්පේ රෙහානි ..සන්තෝසේ බැරුවා දැක්කම ..කොහෙද බොල හැංගිලා හිටියේ ..කොරියා ගියාද? :P
      දැන් අර මග නවත්තපු කතාව ලියන්න පටන් ගන්නවද එහෙනං...?
      ස්තුති වේවා

      Delete
    4. @ බස්සි & කෙන්ජි - මෙයාව හොයන්න් අපි කොමිසමක් පත්කරන්න හිටියේ නේද?

      Delete
    5. @ බස්සි ,කෙන්ජි ,ඉවාන් .....

      ඔක්කොම විස්තර කියන්නම්කො හෙමීට...මං දැක්කා කස්ටිය මං කොහේ අතුරුදහන් වෙලාද කියලා හොයලා තීනවා...අනේ ඔක්කොටම ඉත්තුතියි හදවතින්ම හොදේ ....අනිවා...මාත් ආපහු පටාන් ගන්නෝ ලියන්ට.....

      ඉවාන් මාත් ඉතින් අර ක්‍රෂ් ගැන එහෙම කියෙව්වලු...සද්ද නැතිවම....හී ..... ;)

      Delete
    6. හප්පේ රෙහානියෝ,කොහේද බං මේ තරම් කල් අතුරුදහන් වෙලා හිටියේ.
      මේ සතිය දෙක බලලා බොලා නාවානම් හිටියේ පොලිසියේ දාන්නයි ඇන්ට්‍රියක්....:D

      Delete
    7. @ රෙහනි - හප්පේ රෙහානිත් කියෙව්වද ක්‍රෂ් එක ගැන ... අයියෝ මට නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ

      Delete
    8. @ මනෝජ් - කොරියන් පොලිසියේ තමයි දාන්න වෙන්නේ

      Delete
    9. අප්පද බොල මේන් මෙ බඩ්ඩ.මක්කැයි වෙලා තිබුනේ නොදකින්(න )

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඉවාන් පහල මම දාල තියෙන්නෙ සහෝදර දාපු කොමෙන්ට් එක කොපි කරලා.. එ්කට හිත රිදෙන්න අැති.

      සහෝ හිත රිදුනනම් සමාවෙයන්..

      Delete
    2. එහෙමත් එකක්ද? මං හිතන්නේ නෑ හැබැයි සහෝට ඒකට හිත රිදෙයි කියලා

      Delete
  14. මේ ටීවී සීන් එක ඔය විදියටම අපි අත්දැක්ක . එකම වෙනස වුනේ ටීවී එක ගෙනාවේ අපේ ගෙදරට වීම . අනිත් කොල්ලෝ රොත්ත පිටින් අපේ ගෙදර ... හෙහ් හෙහ් ... හැබැයි අපේ සෙල්ලම නතර වුනේ සෑහෙන කාලයක් ගිහිල්ල අපි ලොකු වුනාට පස්සේ .. මේ කතාවේ වගේ දේවල් අපේ කොල්ලන්ගේ ගෙවල් ඒ දවස් වල වෙන්න ඇති කියල මට දැන් හිතෙනවා ..

    අපේ අම්මයි තාත්තයි ණය වෙලා මට පලවෙනි කොම්පුටර් එක අරන් දුන්න හැටි මතක් වුනා ..

    මේ වගේ සිද්දි හැමදාම මේ අපි ජිවත් වෙන සමාජයේ තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර විට අනික් කොල්ලෝ ගෙවල්වල පෙරලි කරන්න ඇති , උන්ගේ අම්මලත් මේ ඉරණමට මූන් දෙන්නත් ඇති , හැබැයි ඒ කාලේ අපිට ඕව තේරෙන්නේ නෑනේ ,

      අම්මලා තාත්තලා කරන කැපවීම් අපිට මතක හිටින්නේ නෑ. අපිට ඒ වෙලාවට තේරෙන්නේ නැති නිසා ,එත දැන් හිතලා බලනකොට තේරෙනවා මොනතරම් කැපවීමක් කරන ඇතිද කියලා

      Delete
  15. අපිත් ඔහොම ගෙවල්වල ගිහිල්ලා ටී වී බලපු කාලය්ක් තිබ්බ බං...! දැන්නම් මතක් වෙනකොටත් ලජ්ජයි..!!

    ReplyDelete
    Replies
    1. උඹ විතරක් නෙවෙයි බං , ගොඩක් උන් එහෙම තමා, ඒ කාලේ ඕවා සාමාන්‍ය දේවල් හැබැයි

      Delete
  16. අයේ කියන්ඩ දෙයක් නෑ ඉවාන් කිව්වොත් කතාව සුපිරි ඈ ,හිත හෙල්ලුනා උගුර හිර උනා ,වෙන කියන්න දෙයක් නෑ දැනුනා දැනුන එක .....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විදානේ , ඔය කාලේ මතක තියෙන , පොලෝවේ පය ගහලා හිටපු මිනිස්සුන්ගේ හිත සංවේදියි

      Delete
  17. මනුතාපය කතාවේදී තමන්ගේ කෙස් ටික, දත් ටික පවා විකුණලා තම දුවගේ සතුට ලබාදෙන්නට උත්සාහ කරන අම්මා කෙනෙක් ඉන්නවා මතකද? විවෘත ආර්ථිකය සමග ඇදී ආ, නවීන තාක්ෂණික මෙවලම් නිසා, අපේ සමාජය තුළ පරිවර්තන මෙන්ම, තරගකාරිත්වයද ඇතිවුනා. මෙය ඇත්ත කතාවක් වුනත්, ප්‍රබන්ධයක් වුනත්, සමාජ යථාර්ථය කුමක්ද යන්න පෙන්වනවා.

    ReplyDelete
    Replies
    1. මතකයි මනුතාපයේ විචාරක කියන කතාව , මක්සිම් ගෝර්කි දැකපු අම්මටත් වඩා කැපකිරීම කරන ,දුක් විඳින අම්මලා අපේ සමාජේ ඉන්නවා . කතාවනම් ප්‍රබන්ධයක් ,මේ කතාව ලියන්න වස්තුබීජය ආපු හැටි සමහර විට මාතලන්ට මතක හියෙයිද දන්නේ නෑ, මේකතාව ලියවෙන්න් හේතු වුනේ මාතලන් කාලෙකට කලින් කියපු දෙයක්

      Delete
  18. අම්මා කෙනෙක් කරන ත‍රම් පරිත්‍යාග වෙන කවුරුත් කරන්නේ නෑ බං...

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත, එක තෙරුම් ගන්නවනම් හැමෝම ,මේ තරම් මහලු නිවාස ඕන වෙන එකක් නෑ

      Delete
  19. Your story reminds me my childhood...Lots of similarities and I still wonder how my mother endured such hardships and brought us up. After a long journey I am back in my mother's place and still I am very much lucky to enjoy het warmth and love
    This is the first time I am commenting even though I have visited few times to your blog. Continue the good work and wish you good luck
    Prasanna

    ReplyDelete
    Replies
    1. Prasanna -
      i believe that each and every person who enjoyed mothers warmth and love cannot forget how fantastic and delightful it was ...
      thank you dear friend for your heartfelt wishes

      Delete
  20. සුදු අයියණ්ඩි මම මේකට සුපිරි කතාවක් කියලා යනවා....ඇයි දන්නෝද?මේ කතාව මට ලොකු කතාවක් මතක් කලා...වෙලාවක කියන්නම් (ඇත්තටම අපි බොට සලකනවා මදි ම්ම්ම්ම්)

    ReplyDelete
    Replies
    1. අප්පේ සුදු නංගි ... ස්තුති වේවා , උඹේ ලොකු කතාව කියපං වෙලාවක අපිටත් , එකට තමයි බ්ලොග් එක තියෙන්නේ , උඹ දැන් එක දිහා බලන්නේවත් නෑනේ , මතකද බ්ලොග් එකක් තිබ්බා කියලා .

      හුහ් උඹලා සලකනවා මදි නේන්නම්

      Delete
  21. රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
    සිත නෑ නිවන් දකින්නේ
    රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
    සිත නෑ නිදි විඳගන්නේ

    හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
    නින්දේ හීන දකින්නේ
    මහමායාවනි කවදා දෝ ඔය නෙත්
    දරු සෙනෙහසින් මිදෙන්නේ…

    යාලුවා .. අදට ඕං තරහ මරහ අමතක කරලා බොක්කෙන්ම සුභ පතනවා..බිකෝස් හිතට දැනෙන්න කතාවක් ලිව්ව එකට..

    ReplyDelete
    Replies
    1. තරහ මරහ තිබ්බත් ඉතින් උඹ බොක්කෙන්ම සුබ පතලා නොවැ. උඹ බොක්ක හොඳ එකා මොකද දන්නවද , උඹ හැමදාම හවසට සර්ජිකල් ස්ප්‍රීට් දාලා බොක්ක හෝදනවා නේ :P

      තැන්කු වේවා පත්තර මලයා

      Delete
    2. සාම සාකච්ඡා.

      Delete
    3. ඉවාන් ගෙ කටින් පත්තර මලයා කියලා කියවෙත්දි කිසිම ගතියක් නෑ බොලවු. අඩ්ඩෝව් පත්තරයා කිව්වා නම් සෑහෙන්න දැනෙනවා. :)

      Delete
    4. ඔව් බං ප්‍රියා මටත් එකේ කිසි ගතියක් නෑ, ඔහොම කතා කරලා හියන්නේ නෑ තමයි මේකට ..

      "අඩෝ වල් පත්තරයා "

      Delete
    5. ££+^{`±| !/"= &@;*#&$ (®^£_€±÷ \:!&# -#;+©©;@ %$$3;/" …… !!!!

      Delete
    6. මචං පත්තරේ සිංහලෙන් කියපං බං ..අපි ඉතාලි දන්නේ නෑනේ ..... :P

      Delete
  22. නියමයි ඉවානයෝ කතාව.. මගේ හිතට අන්තිමේ පුංචි පසුතැවිල්ලක් ආවා. ඒත් දැන් ඒවා ගැන හිතලා මොකටද.. කතාව උපරිමයටම රස වින්ද..

    ReplyDelete
    Replies
    1. හැමෝටම වගේ මේසම්බන්ධ වුනු පුංචි හරි අත්දැකීමක් තියෙන පාටයි ,
      ස්තුතියි දිනේෂ්

      Delete
  23. මේවා දැක්කම බ්ලොගේ මකුලුදැල් කඩලා එලිපෙහෙලි කරගන්න හිතෙනවා.කෝ ඒත් නැහැනෙ වෙලාවක්..
    ජයවේවා මල්ලියෙ

    ReplyDelete
  24. මේවා දැක්කම බ්ලොගේ මකුලුදැල් කඩලා එලිපෙහෙලි කරගන්න හිතෙනවා.කෝ ඒත් නැහැනෙ වෙලාවක්..
    ජයවේවා මල්ලියෙ

    ReplyDelete
    Replies
    1. අයියෝ සුදු අක්කා - දැන්නම් ඔයාගේ බ්ලොග් එකේ මකුළුදැල් විතරක් නෙවෙයි සත්තු වත්තක් වෙලා ඇති, ඒ පැත්තෙවත් යන්නේ නෑ නේද?
      ස්තුති වේවා ...

      Delete
  25. මම අල්ලපු ගෙදර මල්ලිගෙ බයිසිකලය පස්සේන් දුවනවා කියලා අම්මා වලල්ල උගස් තියලා මට චෝපර් බයිසිකලක් අරන් දුන්නා.
    උඔ අපේ ඡිවිත ලියනවා මචං.
    මගේ ඇස් දෙක කදුලු පිරැනා

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතා නැති ජීවිත කොහෙද බං. අපි හැමෝම නෙලුම් මලෙන් උපන් එවුන් නෙවෙයිනේ

      Delete
  26. පට්ට ඉවාන් අයියෙ...
    ඇත්තමයි කියන්න වචන නෑ... කවදාවත් දෙයක් ඉල්ලල අඩල නැතත් ඔයාගෙ කතාව සිරාවටම පපුවටම දැනුන...
    ඒ තරම්ම ලිවිල්ල සුපිරි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්...කවදාවත් දෙයක් ඉල්ලලා නැත්තම් මේක දැනෙනවා වැඩියි

      Delete
  27. කෙටි කතාවනම් හරිම රසවත් ඉවාන් අයියේ. ඇත්තෙන්ම මාව මගේ ළමා කාලෙට අරන් ගියා. අපිට ටීවී එකක් නොතිබුන පුංචි කාලෙ අපි හැමෝම අල්ලපු ගෙදර කලි සුදු රූපවාහිනිය වටා එකතු වෙච්ච අතීතය මතක් උනා. හැමෝම පොරකෑවෙ හොඳම පුටුව අල්ලගන්න.

    මේ කතාවෙ සංඛේත නිරූපණයත් අපූර්යි. ඒ ගැන හොඳ විග්‍රහයක් උඩින් බස්සි කියල තිබුනා දැක්කා. බස්සිත් කොහොමත් හොඳ කතාකාරිනේ.

    ReplyDelete
    Replies
    1. අපේ ලමාකාල මේවගේ දේවල් වලින් පිරිලා මනොෂ් , මොකද අපි මල් යහනා වලින් බැහැපු නැති නිසා ...
      සාදරයෙන් පිලි ගන්නවා මේ පැත්තට මනොශ්ව

      බස්සි ඉතින් අපිට ඉන්න නියම රොමැන්ටික් ලේඛිකාව නේ

      Delete
    2. ඒ කටු යහනාවල්ම අද මල් පාවඩ වෙලා ඉවාන්. ඒ නිසා ආයාසයකින් තොරව ලියාගන්න හරි පුලුවන්. මොකද එව්ව අපිටම වෙච්ච දේවල්නෙ.

      Delete
    3. "අපේ ලමාකාල මේවගේ දේවල් වලින් පිරිලා මනොෂ් , මොකද අපි මල් යහනා වලින් බැහැපු නැති නිසා" ...

      +++++++++++++++++++
      ඉවාන් දැන් ඉන්න කාටවත් මෙහෙම හිටියද කියල මතක නැ , නැත්නම් ඒ අතීතයට කැමති නැති නිසා බලෙන් අමතක කරලා කොළබ 7 ඉපදුනා වගේ ඉන්නවා .....අතීතයේ විදපු දුක් ගැන හිතලා දැන් අපි කොච්චර සතුටු වෙනවද ?...

      Delete
    4. අමතකයි නෙවෙයි කැලුම් ,එහෙම වුනේ නෑ වගේ ඉන්නවා ,ඒවා කියන්න කතා කරන්න් ලැජ්ජයි , එහෙම දේවල් කතා කරන්නේ එක මාකට් කරන්න පුළුවන් නම් විතරයි , අපි ඒ ගැන සතුටුයි , ඒක අවංක සතුටක් ,

      Delete
    5. මගේ වැඞ කරන ළමයින්ට මම කියන දෙයක් තමයි... මම හයිඞුාමනි එකට නුල් කපන්න ආපු කොල්ලා කියලා. මට ඒ ගැන ආඞම්බරයි.

      Delete
  28. සතපහේ ඇලරික්ස් අයිස්පලම් එකක් කෑවා වගේ බං.

    ReplyDelete
    Replies
    1. මට මේ කොමෙන්ටුව තේරුනේ නෑ ඇත්තටම , ඒ කිඉවේ හොඳයි කියලද නරකයි කියලද? මොකද ඔය ඇලරික්ස් අයිස් පලම කියන්නේ හොඳ රස එකක්ද නැත්තම් මෙලෝ රහක් නැති එකක්ද කියලා මං දන්නේ නෑනේ හැලපයියේ

      Delete
    2. උඹ දන්නෙ කොහමද කොල්ලො ඇලරික්ස් අයිස්පලම් වෑන් තිබ්බෙ අපිත් පොඩිඋන් කාලෙ. ස්පෝට්මීට් දවස්වලට එහෙම ඉස්කෝලෙට එනවා.අයිස්පලමක් සත පහයි.කනකොට බොහොම පැණි රසයි කාල ඉවර උනායින් පස්සෙ අයිස්පලමක් කෑවද කියල මතකක් වත් නෑ.

      Delete
    3. හප්පේ ඔයකිව්වේ ඉතිං , කමක් නෑ කනකන් වත් රස තිබ්බ එක මදැයි . ආ එත් බොලේ ඒ කාලේ සත පහ කියන්නේ දැන් හෙන ගානක්නේ ... ඒ නිසා කමක් නෑ, ඔන්න බලන්න කවදා හරි දවසක හැලපයියා හොඳයි කියන කතාවක් ලියනවා ලියනවාමයි ..ඕ..යේස් ...

      Delete
    4. බලං ඉන්නව මල්ලි,දිගටම ලියන්න නොකඩවා ලියන්න. නිරන්තර සතතාභ්‍යාසය සාර්ථකත්වයේ එකම මගයි.

      Delete
    5. සාර්ථක වෙයිද කියන්න නම් දන්නේ නෑ හැලපයියේ ඒත් උත්සාහ කරනවා.... ඒකට ඔයාලගේ සහයෝගයත් බලාපොරොත්තු වෙනවා .

      Delete
    6. ඇලරික්ස් කියන්නෙ ලංකාවෙ පළවෙනි අයිස් ක්‍රීම් නිෂ්පාදකයද මන්දා...

      Delete
    7. ඇලරික්ස් නං අහලාවත් නෑ. අපි පොඩි කාලෙ තිබුනා රුපියල් දෙකේ කූල්පැකට්. A/L පන්තිවලදි, ක්ලාස් යද්දි අනිත් උන් එක්ක ගිහින් ෂෝ එකට කන වොන්ඩර් කෝන්, ලාවා කේක් වලට වඩා අර කූල් පැකට් මතකය,රසය ප්‍රභලයි. මං වගේම තවත් එකෙක් එක්ක අපේ පොස් යාලුවන්ව මගඇරල ගිහින් මහා රස කෑමක් වගේ අර කූල් පැකට් අරන් බිවුව දවසක් දෙකක්, ඒ වෙද්දි එකක මිල රුපියල් පහක් වෙලා.

      ඔෆිස් එකේ අය අයිස්ක්‍රීම් කිවුවම යන්නෙ අල්ජිලාටෝ, රියෝ අනම් මනම් හොයාගෙන. මටනම් ගහක් යට යාලුවො ගැන්සියත් එක්ක ඉඳන් හුළං වැදි වැදි කාපු රුපියල් දහයෙ කැප්ටන් කූල් එක ගැන මතකය ඊට වඩා පට්ටයි.

      රස කියලා අපි හොයන දේ වැරදිද? අනිත් උන් හොයන දේ වැරදිද? අපි දෙගොල්ලොම වැරදිද? නැත්නම් දෙගොල්ලොම හරිද?

      බර චොකලට් අයිස්ක්‍රීම් මහගොඩක් කෑවම පහුවදා උදේටනම් පොඩ්ඩක් අමාරුයි අෆ්ෆා ;)

      Delete
    8. ඇරික්ස් තාම තියනව බං , හදන්නේ කිරිබත්ගොඩ ඉස්පිරිතාලෙට අල්ලපු ඉඩමේ , ඉස්සරවාගේ දැන් වැන් නැ , පලනුත් දැක්කේ නැ ලගකදි , ඒ උනාට කිලෝගනන් බැග් තියනව, හරිම ප්‍රනීතයි , ඔය සමහරක් පළතුරු සලාද කාරයෝ එහෙම , කේටරින්ග් කාරයෝ එහෙම ගන්නව , ඇත්තටම හරිම රහයි , අනන් මනං මිස්ර කරල නැති හන්දා වැඩිකල් තියාගන්ඩ එහෙම බැ , හැබැයි නියම අයිස්ක්‍රීම් එකක්.

      Delete
    9. මචං මම ටීවී එකක් ගන්ඩ කිරි පීලි හදල තියන , ඒ සල්ලිත් දාලා තාත්ත ගෙනාව ෆීෂර් අගල් දාහතර බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී එකක් , ඒ කාලේ අලවාහිනියයි පච වාහිනියයි විතරයි තිබුනේ සිරස පටන් ගත්තට පස්සේ පෙන්නේ නැ පස්සේ මම..............................එක්කෝ පෝස්ට් එකක්ම ලියනව මොකටද නිකං කාගෙවත් බ්ලොග්වල පෝසස්ට් එකක් කමෙන්ට් එකක් කරන්නේ
      කමෙන්ට් ටිකක් හිට්ස් ටිකක් මරාගන්නේ නැතුව

      Delete
    10. හැලපයගේ මේ හැලප වැඩේට මම කැමතියි. සමහර තාත්තලා ඉන්නවා දරුවොන්ට තරවටු කරලා හදන. සමහර තාත්තලා ඉන්නවා ටොක්කක් අනින. සමහර තාත්තලා ඉන්නවා වේවැල් කසාය දෙන. තව තාත්තලා ඉන්නවා ගහේ බැඳලා දිමි ගොට්ටකුත් දාන. හැලපයා වෙන තැන්වල මෙහෙම කොමෙන්ට් එකක් දාන්නේ නෑ නේ.

      මම දැන් ඉවාන්ගේ පෝස්ට් වලට කොමෙන්ට් කලායින් පස්සේ බලන්නේ කෙලින්ම හැලපයගේ කොමෙන්ට් එක.

      මට නම් මේ කතාව හොඳයි. ඒත් හැලපේ කරන වැඩේ ඊටත් හොඳයි..

      Delete
    11. ඇලරික්ස්, වුඩ්ලන්ඩ්ස් තමයි ඒ කාලේ තිබුනේ ඇලරික්ස් අයිස්ක්‍රීම් කැෆේස් තිබුනා වාඩිවෙලා කූල්බීම එකක් බිබි ශෝට් ඊට්ස් , අයිස්ක්‍රීම් කන්න. එකක් තිබුනා ලේක් හවුස් එක ඉස්සරහ තිබුනා මතකයි ලාවට. තව එකක් තිබුනා වැල්ලවත්තේ සැවෝයි එක ඉස්සරහ. ඇලරික්ස් අයිස්ක්‍රීම් වෑන් එකක ෆොටෝ එකක් තියෙනවා සිරා දාපු 1970 ගණන් වල ෆොටෝ පෝස්ට් එකක. කැළණිය පන්සල ගාව නවත්තලා තිබුනේ.

      Delete
    12. අප්පට සිරි ඇලරික්ස් සංවාදයක් ඇතිවී තිබේ , ආ අටමත් ඇවිත් ඉන්නේ කාලෙකින් , ඉතින් කොහොමද වාස දේශ ...

      Delete
  29. නියමයි. කියන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ් , නියමයි කියන තැන නැවතීමේ තිතක් නොතිබ්බනම් එහෙම..... හෆොයි

      Delete
  30. මාව ගැස්සිලා ගියා.... හ්ම්ම්... හොඳ කතාවක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උපේක්ෂා හෙවත් නුවර කුමාරිය

      Delete
  31. වෙන කවුරු හරි දාවි කියලා ඊයේ මේක නොකියා ගියා.කවුරුත් කියලා නැ.

    දෙයක් ලබාගන්න/රැකගන්න
    වෙන දෙයක්/දේවල් කැපකරන්න වෙනවාමයි.

    අටුව කඩලා පුටුව හැදිම.
    කවුරු මොනවා කිවුවත්,තමන්ට වටින්නේ අටුවද පුටුවද කියන දෙයයි වැදගත්.

    මට නම් මතක් වුනේ ඒ කථාව.
    අම්මකෙනෙක්ද,තාත්තාකෙනෙක්ද,දරුවෙක්ද,සැමියාද,බිරිදද,පෙම්වතාද, පෙම්වතියද මොක වුනත්,සම්බන්දතා වලදි මමත්වය අභිබවා කැපකිරිම් කරන්න බැරි නම්,ඒ සම්බන්ධතාවල සාර්ථකත්වය..

    ReplyDelete
    Replies
    1. වෙන් කවුරු හරි දාවිය කිව්වේ මොකෝ?
      කොහොමත් යමක් ලබාගන්න යමක් කැප කරන්න ඕනේ තමයි , එතැනදී නිවැරදිව තේරුම් ගන්න ඕන අපි අත්හරින්න් ඕන මොකක්ද කියලා

      Delete
  32. මට අපේ පුංචි කාලෙ මතක් උනා. තාත්තා දේශපාලන මාරුවකට දුර පලාතකට ගියාට පස්සෙ අපිට ගොඩක් අඩුපාඩු ඇති උනා. පවුලෙ අනිත් අය කරදර කලාට මං කවදාවත් දෙයක් ඉල්ලලා කරදර කරල නෑ කියල අම්මා හැමදාම කිව්වා.. ඒ අත් දැකීම නිසා මට හැමදාම නැති මිනිහාගෙ දුක තේරුණා. අම්මා මතක්වෙලා කඳුලක් නැගුනා.. ලොව්තුරා බුදුබව පැතුවානම් අම්මාට ඒකත් ලැබේවා කියල මං පතන්නෙ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් .මේ කමෙන්ට් එකට රිපල්යි එකක් කොටාගන්න් මං දහඅතේ කල්පනා කළා, එත් මටත් කියන්න තින්නේත් ඔය ටිකම තමයි සරත් අයියේ ..

      Delete
  33. මුලින් ලස්සනට හිමිහිට ගාලගෙන වගේ ආපු කතාව අන්තිමට කඩාගෙන ගියා වගේ මට නම් හිතුනේ.
    අම්මා කෙනෙක්ගේ සෙනෙහස,දයාව ගැන කොයි තරම් අකුරු කෙරුවත් කියලා නිම කරන්න බැ.

    //ජනේලයෙන් වැටෙන මලානික එලිය අම්මගේ වම් කනේ ඇති කරඹුවේ නිල පැහැ කුඩා ගල මතට වැටී දිලිසෙයි.//
    මේ වගේ ලස්සන යෙදුම් දාගෙන ලියපු කතාව උඹට තවත් හැඩ කරන්න තිබුණා බං මෙයට වඩා හොඳට.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් එකත් ඇත්ත....

      අම්මා කෙනෙක්ගේ සෙනෙහස දයාව කියන දේ අකුරුවලට නගන්න් බෑ. එහෙම කරන්න පුළුවන් සමතෙක් ඉන්නවද කියලා සැකයි .

      Delete
  34. කහ පාට වෑන් වලින් ඩිලිවර් කරල ඇන්ටෙනා ඉන්ස්ටෝල් කලාද? 80s මුල වගේද?

    ReplyDelete
    Replies
    1. මම දවසක් අපේ යාලුවෙක් එක්ක කතා කරකර ඉද්දි විහිලුවට ඌට කිව්වා " නයි කයිද රෝස් පාන්" කියලා . මූ දහ අතේ කල්පනා කරලා කරලා කියනවා ," සමහරවිට කුඩු කරලා දුන්නොත් කයි නේද මචං" කියලා

      Delete
  35. අම්ම කෙනෙකුට රත්තරන් වලට වඩා දරුවන්ගෙ සතුට වටිනවා නේද ..... ඇසට කඳුලක් ආවා කතාව කියවද්දි.සැබෑ සිදුවීමක් නෙවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. කතාවට ගත් සිදුවීම මනඃකල්පිතයි , එත් මේ ලංකාවේ කොහේ හෝ තැනක කවදා හෝ දවසක මෙවැනි දෙයක් සිදුවන්නට ඇති .

      Delete
  36. මම නම් විචාර ගැන දන්නෙත් නැත..
    හිතට දැනුන දේ නම් අපුරුයි.....! උපරිමයි ඉවා... ජය...!

    ReplyDelete
    Replies
    1. විචාරයෙන් කමක් නැත. එහෙම දැනුනානම් සතුටුය... ස්තුතියි නිමෝ

      Delete
  37. අම්මලා ළමයි වෙනුවෙන් කොයි තරම් නම් කැපවීම් කරනවද ... කතාව හිතට හුඟක් තදින් දැනෙන්න ලියලා තියෙනවා... හරිම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. අම්මලාගේ කැපවීම් වලින් අපි දන්නේ කොයි තරම් පොඩි ප්‍රමාණයක්ද තුෂානි, ස්තුතියි

      Delete
  38. අම්මලා තමන්ගෙ දරුවො වෙනුවෙන් කැපවීම් කරනවා ඒක දරුවන්ට සාමාන්‍ය දෙයක් ඒත් සමාන්‍ය දේ අසාමාන්‍ය විදියට ලියා ඇති ඔබ අසාමාන්‍ය නොවන්නේද? ලස්සනයි ඉවාන් අයියෙ ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අප්පා ඇගයීම ගැන ස්තුතියි වැවා. එක නෙවෙයි උඹ දැන් බ්ලොග් එක වහලම දාලද , කවියක් එහෙම ලියන්න අදහසක් ඇත්තෙම නැද්ද?

      Delete
  39. වෙනදා වගේම කතාව රහයි. උඹ ලිවීමට ශූරයි. ජය සහ සතුට! එච්චරයි....

    ReplyDelete
    Replies
    1. සඳුන් අයියා කාලෙකින් , ස්තුති වේවා , මේදවස්වල කාර්යබහුල වෙලා වගේ

      Delete
  40. මේක අපේ කාලේ හැමෝගෙම කතාව වෙන්න ඕනේ ඉවාන්.

    ReplyDelete
    Replies
    1. ඔව් රංගි , මේ හා සමාන වූ අත්දැකීම් නැති කෙනෙක් ඉන්නවද කියන එක සැකයි, සමහරවිට මදිකමක් වගේ හැගෙන නිසා නොකිය ඉන්නවා වෙන්න පුළුවන්

      Delete
  41. අපූරු කතාවක්...වංශේ කබල් ගෑවට ඒ අම්මට දුක හිතුණා.

    හදවතින්ම ලියන කතා හැම තිස්සෙම සාර්ථකයි මට හිතෙන හැටියට. සමාජයෙන් දකිනා මේ වගේ කතා පැණිලූශා ලස්සණට ලියනවනේ. කරාබු දෙක කතාවට සම්බන්ධ කරගත්තු හැටිත් අපූරුයි.

    මටත් තියෙනවා චූටි නිල් ගල් අල්ලපු කරාබු දෙකක්...:)

    ReplyDelete
    Replies
    1. //"වංශේ කබල් ගෑවට ඒ අම්මට දුක හිතුණා. "// ??? මට තේරුනේ නෑ ඒ මොකක්ද කිව්වේ කියලා

      ස්තුතියි පොඩ්ඩි

      //""මටත් තියෙනවා චූටි නිල් ගල් අල්ලපු කරාබු දෙකක්""// ඇත්තද....? එහෙනම් ඒකට හරියන්න මාලයක් ගෙනල්ලා මම ඔයාගේ කරේ බඳින්නම් ;)

      Delete
    2. ඉවාන්ගේ දුකට පත්‍තර මල්ලිගෙන් ෂින්දුවක් !!!
      ගණං ගන්ඩ එපා මස්සිනා . හැක් ..

      වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
      වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
      රිදී පොටක් හංගාගෙන ආවා
      හීන් නගේ නුඹ නෑ දන්නේ …

      Delete
    3. හීං නගේ නෙවෙයි පොඩ්ඩි නගේ

      Delete
  42. බොක්කටම වැදෙන්න ලියල තියෙනවා............... උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතුම් සිහින

      Delete
  43. ලස්සන කතාව.... ඉවාන්..... පොඩි කාලේ අපට අම්මලා දෙයක් ගෙනාවම අපි හොයන්නේ ඒකෙ සුපිරි ඒක. ඒත්... පස්සේ තෙරුන් යනකොට ගෙනත් දීපු කෙනාගේ හිත රිදිලා ඉවරයි.....

    ඒ වුනාට අපි TV පටන් ගත්තේ black and white වලින් තමයි.... ඒ කාලේ නම් අපි පාටේ වෙනස දන්නෙත් නැ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නිහිංසා අම්මලා පොඩි කාලේ මොකක් හරි ගෙනත් දුන්නම අපි හෙව්වේ ඉස්තරම් එක, එත් ඒකෙන් එයාලගේ හිත කොච්චර රිදෙන්න ඇතිද කියලා දැනුයි තේරෙන්නේ

      Delete
  44. ලයිට් නැති පළාත් වල මේ තත්ත්වය තවත් අවුල්.ටීවී එක දුවන්නෙ බැට්රියෙන්.අපි ඒ කාලෙ හිටියෙ පාරෙන් දුර,කන්දක් නැගලයි යන්න ඕනි.ඒ නිසා බැට්රි කේස් එක මුලටත් සල්ලි කේස් එක දෙකටත් වැටී අපේ ආලින්දයට රූපවාහිනියක් පැමිණියේ නැහැ.අවශ්‍යයම වෙලාවක දි පාර කිට්ටුව තිබුණු ගෙදරකට තමයි ටීවී එක බලන්න ගොඩ වුණේ.විශේෂයෙන් ක්‍රිකට් තරගයක් බලන්න.එහෙම නැත්නම් නන්දන වින්දන බලන්න.උඩහින් සහ ටීවී නැති මිනිස්සු ෆිල්ම්හෝල් එකකට වගේ මේ ගෙදරට සෙට් වෙන්නෙ මේ වැඩ සටහන් බලන්න.හුළු අතු ඉටි පන්දම සහ පොල් කට්ට මේ අයට මග පෙන්නුවා.

    ඒ අතර සමහර අය අදුර උපයෝගි කර ගෙන විවිධ සංදර්ශන කළා.සෝමරත්න කියලා කෙනෙක් හිටියා.ඔහු නන්දන වින්දන පටන් ගන්න පෙර සමහර වෙලාවට ගින්දර වලින් වළහෙක්ගේ ප්‍රදාන පෙණුම එන විදිහට අන්ධකාරයෙ නිරූපන ඉදිරිපත් කරනවා.හැබැයි ඒ අතර තියෙන කිසිම ටෝච් එකක් ගහන්න බැහැ කියන කොන්දේසිය පිට.

    ඉවාන්ගෙ ලිවීම එක්ක මගේ හිත අරං ගියෙ ඒ අතීත මතක වෙත.අදනම් අම්මගෙ කරාබුව නෙමෙයි නිකං ලැබුණත් ටීවී එක වැඩක් නැති තරමට හෝදා පාළු වෙලා.ඒක ජනමාධ්‍යයක්ය කියන ආකෘතියෙන් මිදිලා.දේශපාලනික පීඩනයට ඔරොත්තු දෙන විදිහට සහ සමාජය යථාර්තයෙන් දුරස් කිරීම පිණිස වන සරල ආස්වාදය පදකම් කාරණා වලින් පුරවලා.

    හැබැයි ආර්ථික පීඩනය හමුවේ ටීවී එක සංඛේතයක් කර ගෙන සෑම දෙමාපියෙක්ගෙම හදවතට දැනෙන පීඩාව උඹ ලස්සනට අකුරු කරල තියෙනවා.ඒ වගේම දරුවා ඒ සදහා ආකර්ශනය වන වට පිටාවත් පැහැදිළියි.අම්මලගෙ කරබෙු අද ගැලවෙන්නෙ ටීවී එකට නෙමෙයි පහසුකම් ගාස්තු වලට.අධයාපනය විශාල පීඩනයක් කරලා දෙමව්පියන් පිට පටවලා.රජයේ විදයාල කියන දේ නාමික වී තිබෙන වපසරියක අම්මල දරුවන්ගෙ ආශාවන් වෙනුවෙන් නොවේ අවශ්‍යයතාවයන් වෙනුවෙන් කණ හිස් කර ගන්න තැනෙක අපි ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශ්මන් මේ කොමෙන්ටුවට .. මං හිතන්නේ කතාව තුලෙන් මතුකරන්න් පුළුවන් හැම සංවාදයක්ම ඔබ මේ කොමෙන්ටුවෙන් මතු කළා ..
      රූපවාහිනිය අද නිකං සරල සිල්ලර රසාස්වාදය දෙන තැනක් විතරයි . අම්මලාගේ කරාඹු ,මාල අද වෙනකොට බැංකුවට අයිති දෙයක් වෙලා, ඒවා කරේ තියෙනවට වඩා තියෙන්නේ බැංකුවේ.
      මේ මජර ආර්ථික ක්‍රමය යටතේ අන්තිමට අම්මලට ආභරණ විතරක් නෙවෙයි ඇඳිවතත් ගලවන්න වෙලා

      Delete
    2. "ආශාවන් වෙනුවෙන් නොවේ අවශ්‍යයතාවයන් වෙනුවෙන් කණ හිස් කර ගන්න තැනෙක අපි ඉන්නෙ"

      ජීවත්වීමට අත්‍යවශයම දේවල් හෝ සම්පාදනය කර ගත නොහැකි තැනකට අප වැටී තිබෙනවා ඇත්ත ඉවාන්

      "මේ මජර ආර්ථික ක්‍රමය යටතේ අන්තිමට අම්මලට ආභරණ විතරක් නෙවෙයි ඇඳිවතත් ගලවන්න වෙලා"
      මේක තමයි ඇත්ත

      Delete
  45. ඉවාන්....මෙන්න බඩු මචෝ. මට නම් තදින්ම හිතට වැදුනා. උඹ හරිම නිදහසේ ලියලා තියෙනවා. මම හිතන්නේ උඹ කාලය හොඳින් නිදහසේ , නිස්කලංකව පාවිච්චි කරලා කතා ලියන්න ඕන එකෙක් කියලා.

    උඹට කතා ලියන්න කියලා දුන්නේ බස්Cද :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ......ඔව් අරූ හෙමින් සැරේ ලියාගෙන යමු.......

      ඔව් අප්පා බස්සි තමයි කියලා දුන්නේ .... අපේ රොමැන්ටික් ලේඛිකාව

      Delete
    2. අලේ මෙන්න අරූ අංකල්ට ගුරාල සහ ගෝලයො ටැපලිලා. මේ ලාමක ටිංටිං කතා ලියන බස්C ඉවාන් ලියනව වගේ සුපිරි කෙටිකතා ලිවුවොත් ඉතින් ලබන ආත්මෙ තමයි. :D

      බස්සිගේ පිස්සු කතාවලට වඩා මේ කෙටිකතා කොයිතරම් ඉහල ද

      Delete
    3. බස්සිත් නරක නැ , ඉට්ටයිල් එක හොදයි

      Delete
    4. @ බස්C.....මම දන්නවා ඉවානුයි, දිනේෂුයි තමයි ඔයාට සපෝට් කලේ කියලා. මම පොඩි ආතල් එකක් ගත්තේ.

      Delete
    5. මුන් දෙන්නම් සුපිරි පිරි ඉතිරි.. ලියන්න බැරි බ්ලොග් අයිතිකාරයන්ගේ පුක කහනවා හොරි දාන්න මුන් ලියන ඒවල සැරට...

      Delete
    6. බස්සිගේ ස්ටයිල් එක යුනික්, ඒක කියවන ඕන කෙනෙකුට ඉරිසියා හිතෙන ස්ටයිල් එකක්, ඉතිං ඒ නිසා මටත් අවන්කවම සතුටුයි ,

      අරූ - අපි දන්නවා අරූ ආතල් බුවා කියලා

      මාතේ - මාතලන්ගේ සහයෝගය නැතිනම් මෙලහකට බ්ලොග් ලිවිල්ල නවත්තලා ගොඩක් කල්

      Delete
  46. කතාව ලියන්න උඹ පෞද්ගලික අත්දැකීමක් යොදා නොගෙනත්, තමන්ටම වුන දෙයක් වගේ අපිට දැනෙන්න ලියන්න හැකිවීම උඹේ දක්ෂතාවය.

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තටම් පෞද්ගලික අත්දැකීමක් නෙවෙයි , ඒත් මීට ආසන්න සිදුවීම් ගණනාවක් මා දැකලා තිබ්බා... ඒ ඇසුරෙන් තමයි කතාව ගොඩ නැගුවේ...ස්තුතියි ඩූඩ්

      Delete
    2. මේක උඹේ අත්දැකීමක් වෙන්න උඹට වයස මදි බව මම දන්නවා. :D

      Delete
    3. හේ හේ හේ තැන්කුයි වේවා ඩූඩ්

      Delete
  47. උඹේ දක්ෂතාව ගැන ඉතින් හැමදාම කියලා වැඩක් නෑනෙ ගොයියො...ඒ නිසා ඒ ගැන කිසිවක් නොකියා සිටිමි. හැකි තරම් මෙවැනි රසක කථා පාඨක අප වෙත ලබාදෙන ලෙස කියමි. අර ආදර මතක එක කථාවකින්ම ඉවර උනාද ?

    ReplyDelete
    Replies
    1. ආදර මතක තව ලියමු , ඉවරම නෑ, පිස්සුද සිරා එහෙම ආදර මතක් තියෙන්න අපි එහෙම ලව් කරපු එවුන්ද? අපි අහිංසක , විනය ගරුක ළමයි ඒ කාලේ :P

      Delete
  48. ලස්සන කතාවක් ඉවාන්..ගොඩක් ස්තුතියි...

    පොඩි කාලේ ළමයි අතර වීරයෝ වෙන්න දඟලපු අය කොච්චර හිටියද? දැන් නම් මතක් වෙනකොටත් හිනා යනවා..

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ වීරයා වෙන්න දඟලපු තරමක්, එකාට එකා ලොක්කා වෙන්න තමයි හදන්නේ ...හිනා යනවා නේන්නං...
      ස්තුතියි රූ

      Delete
  49. සුපුරුදු පරිදිම කතාව පට්ටය. දැන් කාලේ නම් ළමයි අඩන්නේ අයි ෆෝන්, ලැප්ටොප් ඉල්ලලා නේ.
    අපේ ගෙදරට මුලින්ම ගෙනාව කළු සුදු රුපවාහිනිය තමයි මෑතක් වෙනකල්ම බැලුවේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වීරේ . දැන් ළමයි ඉල්ලන ඒවා දෙන්න සමහර වෙලාවට ගෙවල් දොරවල් උගස් තියන්න වෙනවා

      Delete
  50. අම්මාට දුක හිතෙන්න තරම් කතානායකයාට රන්මල්ගේ ගෙදරින් අසාධාරණයක් වුනේ නැති හින්දා මට හිතුනේ මේක දරු සෙනෙහසට වඩා අම්මාගේ තියෙන මාන්නය නිසා කල දෙයක් කියලයි... සමහරවිට මම වැරදි ඇති...

    ReplyDelete
    Replies
    1. බීට්ල් ඔබ හරියටම හරි ...//""අලි කරාඹු දෙක එල්ලන් හිටියම, වංශේ කබල් ගෑවම ඔක්කොම හරි කියලා හිතේ, ඔකනේ මිනිහත් දාලා ගියේ""// මම කියන්න උත්සාහ කලෙත් ඔයදේ තමයි . මොකද සමහර වෙලාවට කාටවත් සෙකන් වෙන්න් කැමති නැති ගතියක් තියෙන අය බොහෝ විට ඉන්නවා

      Delete
  51. මොන කෙහෙල් මලක්ද මේ අරං ආවේ" ..
    "මට ඕනේ 3D ටීවී එකක්... "

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි දුලා , කොහෙද බොල මාරු වෙන්නේ හිටපු ගමන්

      Delete
  52. Car repossession -
    Hello friends, how is the whole thing, and what you want to say concerning
    this post, in my view its in fact awesome in support of me.

    ReplyDelete
  53. තරගයක් නැතත් කීවත් ළමයින් අතරේත් පුංචි තරගයක් තිබේ. එය සමහර විට වැඩිහිටි පවුල් අතරේ තියෙන තරඟයේ කුඩා පිළිබිඹුවකි. මේ වගේ නිරීක්ෂණ හරහා ලොකු කුඩා චරිත සියුම්ව විශ්ලේෂණය කරලා තිබුනාට අවසානය ටිකක් හුරු පුරුදු එකක්

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]