මිත්තරයෝ ටික

Friday, August 29, 2014

රස්සාව

පිදුම - අරූ අයියාට  (අරූගේ අඩවිය )




"ඔයාට පුළුවන් සුනීත ඔයාට උවමනාවක් නෑ.."

"අනේ බම්බුව තමයි "

"බම්බුව නෙවෙයි කොම්බුව , බලන්න ඔයාට මම මෙච්චර උදව් කරද්දීත් ඔයා විබාගේ දෙවනිසැරෙටත් පේල් වෙනවා කියන්නේ ඔයාට උවමනාවක් නෑ තමා  ඉහි ඉහි ඉහි"

"අනේ ඉතින් අඬන්න එපා ,සාවිත්‍රි ..මම පුළුවන් තරම් උත්සාහ කළානේ .."

"මම යනවා සුනීත .....මේ තියෙන්නේ මම අලුතෙන් හදපු කෙටි සටහන් ටික ඔයාටම කියලා, අනේ මන්දා මගේ මහන්සිය ගැනවත් ඔයා හිතන්නේ නැති හැටි." පොස්ට් කාඩ් ප්‍රමාණයට කපපු ,සටහන් ලියාපු කඩදාසි ගොන්නක් සුනීත අතින් තියපු සාවිත්‍රි සුනීතට පළමුවෙන් ඉදිරියට දිවයන්නට විය .

"සාවිත්‍රි ......."

සාවිත්‍රි ඈතට දිවයනු බලා සිටින සුනීතට ඇයගේ දෙපා හොඳින් දිස්වේ ...පිරුණු මහත දෙපා වලට ඔහු කැමතිය.

"බලපංකො නිකං ෆුට්බෝල් කාරයෙක්ගේ වගේ කකුල් ..."

ඔහුගේ මිතුරෙකු වරක් පැවසුවද... දිගු කෙස් කලඹත් , සිනාසෙන විට වල ගැසෙන සුදු කම්මුල් ගැනත් කිසිවෙකු කිසිවිටක කිසිත් වරදක් කියන්නේ නැති බව සුනීතට මතක් විය .

ඈතට දිවගොස් කඩුල්ලෙන් පැන නිවාස තුලට ඇදුනු සාවිත්‍රි දෙස මොහොතක් බලාසිටි සුනීතගේ ආපසු හැරුණු දෙපා නතරවුණේ පියා සේවය කරන සාප්පුව අසලය . මඳක් වටපිට බැලූ සුනීත සාප්පුව තුලට ඇතුල්වත්ම සුපුරුදු ලෙස අදත් ඇස ගැටුනේ ඇතුළු කාමරයේ දොරට උඩින් පේළියට තබා ඇති බුදු හිමියන් සහ තවත් විවිධ දෙවිවරු රැසකගේ පින්තූර පෙලයි .

පසුපස හැරුණු සුනීත නැවත බැලුවේ ඇතුල්වන දොරට උඩින් තබා තිබූ සීවලී පීන්ථූරය තවමත් එසේම තිබේද කියාය. ඒ සමගම අලුතින් එතන තබා ඇති කාසි පිරුණු තැටියක් මත අඩ නිරුවත් හිනැහෙන බඩතඩියෙකුගේ පිළිමයද ඇස ගැටුණි

*******


" ඇයි මොකෝ ...., උඹ අදත් කට්ටි පැන්න නේ ?" කනේ තියාගෙන අසමින් සිටි කුඩා පොකට් රේඩියෝව සද්දය අඩු කරමින් පසෙකින් තැබූ උපසේන සුනීත දෙස බැලීය

" නැහ්හැ ....."

" නැත්තේ මොකෝ ...? තව දොළහ වුනෙත් නෑනේ ?... දැන් අම්මා කෑම අරන් එන වෙලාව පුතෝ .... පලයන් ගෙදර ..."

" තාත්තේ මම අදත් බලන් ඉඳල යන්නං?"

"එපා ....උඹට මේවා කරන්න බෑ... උඹ ඕනෙමයි කිව්ව නිසයි මම එදත් හා කිව්වේ .... පුතේ උඹලා අම්ම කැමති නෑ උඹත් මේ රස්සාව තෝරගන්නවට .. අනික මතක තියාගනින් උඹල අම්ම වගේ ගෑනු මේ ලෝකේ තවත් නෑ . "

සුනීතට සැනෙකින් සාවිත්‍රි මතකයට නැගිණි .

"ඔයා හොඳට පාඩම් කරන්න මේ සැරේ නම් ඔය පාස් වෙනවමයි , එතකොට අපි දෙන්නටම උසස්පෙළ කරන්න පුළුවන්,"
 දෙවැනි වතාවටත් විභාගය කරන්න සුනීත අකමැත්තෙන් උන්නත් හිත හදාගත්තේ මව්පියන්ගේ කීම කෙසේ වෙතත් සාවිත්‍රිගේ පෙරැත්ත කිරීම් නිසාවෙනි .


"අනේ තාත්තේ .."


*******


'කෝ පුතා ...." වැඩට ගිය පයින්ම ආපසු නිවසට පැමිණෙමින් සිටින උපසේන දෙස බැලූ බිරිය බැලුවේ පුදුමය මුසු හැගීමකිනි.

"ඔය තාම නිදියගෙන ඉන්නේ ... ඉස්කෝලේ යන්නෙත් නෑ...  ඔය..."

"ඉක්මනට එන්න කියාපන්"

"අර මොකටද ?"

"බේකරියේ මුදලාලි නැතිවෙලාලු ... අපේ මුදලාලි පණිවිඩේ එව්වේ ... අපිට වැඩේ බාර දීලා ..අද විජයා නෑ ..."

"දැන් ඔහේ හදන්නේ කොල්ලවත් ඔය රස්සාවට පංගාර්තු කොරන්නයි ..."

"ඔන්න ඔහේ ඌත් කැමති එකේ ,ඉගෙන ගත්තාවේ පුතාලයි අම්මේ ..."

මේ කතාබහ අවසන් වන්නටත් පළමුවෙන් කොට කලිසමක් හැඳ කමිසයේ බොත්තම් පියවමින් පියා ඉදිරියට පැමිණි සුනීත "යමු තාත්තේ" කියා පවසමින් ඉස්සර වුනේ තම මව දෙස හොරැහින් බලමිනි ...

කට හැරගෙන මද වෙලාවක බලා හුන් සුමනාවතී දිගු සුසුමක් හෙලා ආපසු නිවාස දෙසට හැරෙමින් ඇස් අග තිබූ කඳුළු බිංදු පිටි අල්ලෙන් පිස දැමුවාය. ඒ දුටු සුනීතට මතක් වුනේ පෙරදා රාත්‍රිය කෑම කන වෙලාවේ ඇති වූ සංවාදයයි .


********


" අනේ අම්මේ ..."

" පුතේ එක පාරක් විබාගේ පේල් උනාය කියලා ඉගනගන්න එපා කියලා නීතියක් ඉස්කෝලේ දාලා නෑනේ ... අනික අපි වියදං කොරනවානම් උඹට මොකෝ.. උඹ ඕකට යන්න දැඟලුවට ඔය රස්සාව මිනිස්සු කැමති රස්සාවක් නෙවෙයි පුතේ "

"අනේ මට බෑ අම්මේ ආපහු විබාගේ ගන්න .. පන්තියේ ඉන්නේ ඔක්කොම මට බාල එවුං ... මට බෑ බෑ බෑ කිව්වොත් බෑ ...." වතුර කෝප්පය නැවත වරක් මුව තුලට හරවා උඩ බලා ගනිමින් අන්තිම බින්දුවත් උගුරට හලාගෙන හුන් තැනින් නැගිටිමින් සුනීත කී දේ අසාසිටි උපසේන කටහඬ අවදි කලේය.

" ඔය රස්සාව කොරා කියලා වරදක් වෙන්නේ නෑ පුතාලයි අම්මේ . ඉස්සරහට ඕවට මිනිස්සු නෑ .. හොඳට හම්බ කරන්න ඇහැකි රස්සාවක් ...

" අනේ මගේ කට......... දැන් මේ ඔහේ හම්බ කරන්නේ හතර මහා නිධානෙ පහලවෙලා වගේ ". මේ කතාබහට උනන්දුවක් නොපෙන්වා ඒත් ඉතාම උවමනාවෙන් සවන් දුන් ඒ අවස්ථාවේදී මෙන්ම දැනුත් සුනීතට සිහි වූයේ බඩතඩි අඩනිරුවත් වානරයා තබා තිබූ පීරිසියේ තිබූ කාසි ගොඩයි.

"පුංචි කාලේ මගේ කැටෙවත් ඔච්චර කාසි තිබ්බේ නෑ " සුනීතට සිතුනි .



*******


"මෙතනින් කපලා බල නහරේ මතුකර ගන්න ඕනේ "

"දැන් ඔය සිලින්ඩරේට මේ බටේ ගහපන් , මේ තියෙන්නේ මෙන්න මේ බෝතලේට ලේටික ඔක්කොම එකතුකරගනින් .... බෝතලේට යටින් ඔය තැටිය තියාපන්. සමහරුන්ගේ ඇඟේ ඔය ලේ වැඩිපුර යනවා .. පොමලින් එක ගහන්න කලින් ලේ ටික ඔක්කොම අයින් කරන්න ඕනේ .."

"බලපන් උඹට පේනවද මේ ලේ ටික අයින් වෙනකොට මිනිය පිම්බුණු ගතිය නැතිවෙනවා , දැන් මුදලාලිද කියල අඳුන ගන්නත් බැරි ගානයි . මොන කෙරුමාත් අන්තිමට ඔතනින් තමයි බං නවතින්නේ ... එතකන් තමා ඔක්කොම සෙල්ලං."

තාත්තා කතා කරන ආකාරයෙන්, මිනිසුන් මැරෙනවාට තාත්තා කැමතිද මන්දා කියා සුනීතට සිතෙන්නට විය . ඇත්තෙන්ම තාත්තා කරන නිසා ආසාවෙන් සිටියාට මේ මොන අප්පිරියා රස්සාවක්දයි යන සිතුවිල්ල නිමේෂයකින් සුනීතගේ සිතට ඇතුළුවී පිටවී ගියේය .

 "ආ ඔතනින් තියාපන්... දැන් මම මේ සිරින්ජරේ තියෙන පොමලින් ගහනකන් උඹ ඔය පොම්පේ නවත්තන්නේ නැතුව දිගටම ගහපං ..."

"නවත්තන්න එපා බොල පොමලින් ටික පස්සට අදිනවා . මේ සිරින්ජරෙන් තුනක් ගහනකන් උඹ ඔය පොම්පේ නවත්තන්න එපා ... දවස් හයක් තියාගන්න නම් මේ සිරින්ජරෙන් තුනක් වදින්නම ඕන පුතේ .."

ඇත්තටම ඔතැනි මනුස්සයා කියා මිනිසුන් හඳුන්වන තාත්තා මෙතනදී කොතරම උද්‍යෝගිමත් ද කියා දුටු සුනීතට සැබවින්ම පුදුම සිතුනි .

"මොන ලෝකෙද මනුස්සයෝ ඉන්නේ ..." තාත්තාගේ ගෝරනාඩුවෙන් සුනීත නැවතත් පියවිලොවට පැමිණියා නොව ඇදගෙන වැටුණි ...

"උඹ ඉස්සෙල්ලා තීරණය කොරහන් මේක කරනවද නැද්ද කියලා ,මෙතනට වෙලා උඩ බලන් ඉන්නේ නැතුව .."
ඉන් පසු ක්ෂණයකින් නැවත පෙර රිද්මයට පැමිණි තාත්තා

"දැන් හොඳට බලාගනින් මේ  බඩ බොකු ටික අයින් කරන්න ඕන විදිහ .."

"මතක තියාගනින පුතේ ,වැඩේ ඉවර වුනාම මේ ආවුද ඔක්කොම සුද්දකරලා මේ පෙට්ටියට දාලා වහන්න ඕන.."

සාමන්‍යයෙන් අඩුවෙන් කතා කරන තාත්තා අද වැඩිපුරත් දොඩමලු වීම සුනීතට නුහුරුය.. මළමිනියක් සමග තනිවී මේ කරනා ගනුදෙනුවේදී තාත්තා ගේ හිත තරමක් හෝ  චංචල වී නොමැති වීම සුනීතව පුදුම කරවීය ,

නුහුරු මූසල කමකුත් , අප්පිරියාව මුසු ආගන්තුක හැගීමක් මෙන්ම පෝමලින් සැර නිසා කඳුළු පිරුණු දෙනෙතට , බරවුණු හිසටත් මේ ක්‍රියාවේ නුහුරු ,දුෂ්කර ගතිය දැනෙන්නාක් මෙනි ..


******

"සුනීත ..සුනීත අ අ"

සුනීත වට පිට බැලුවේ සාවිත්‍රිගේ කටහඬ ආවේ කොහෙන්දැයි කියා සොයන්න්ටයි ... පාරෙන් එහා පැත්තේ " මදාරා බියුටි සැලෝන්" හි දොරකඩ සිටගෙන තමන්ට අත වනනා සාවිත්‍රි දුටු සුනීතට මුලින්ම හිතට සතුටක් මොදුවුවත් ,ඊළඟ නිමේෂයේදී හිතට චකිතයක් ඇතුළු විය .

" මෙකි දැක්කද දන්නේ නෑ මම මෙතනින් එලියට එනවා "

සැනෙකින් පාරෙන් අනෙක් පසට පැන්න සුනීත සාවිත්‍රි අසලට දිවගියත් සාවිත්‍රිට ලංනොවී තරමක් ඈතින් සිටගත්තේ පොමලින් ගඳ දැනෙනවද දන්නේ නෑ යයි සිතමිනි.

"මොකද අනේ මේ ඈතට වෙලා ,මොකක්ද ඔය සුවඳ අප්පා ..ඔයා සෙන්ට් බාල්දියකට වැටුනද? අම්මේ නහය කඩාගෙන යනවා..මොකද අනේ මේ .."

සාවිත්‍රිගේ ප්‍රශ්න වලට උත්තර මතක් කරන විට

තාත්තාට හොරෙන් හංගාගෙන පැමිණි සෙන්ට් කුප්පියෙන් බාගයක් පමණ කඩේ දොරකඩ ඉඳන් ඇඟේ හලාගත් අයුරු මතක් වී සුනීතාගේ මුවට මද සිනාවක් නැගුණි..

"ගෙදරද යන්නේ...යමු මාත් එන්නම්... ඔයා මගෙත් එක්ක තරහ වෙලාද හිටියේ සුනීත.. මම ඉතින් ඔයාගේ හොඳටනේ කිව්වේ ... මමත් මෙතන බියුටි සැලෝන් එකේ වැඩට ආවා ,කියන්න ඔයාව කොච්චර නම් හෙව්වද ? අයි සුනීත නිකංවත් ආවේ නැත්තේ ....?"
"මම තාම ට්‍රේනිං. රිසාල්ට්ස් එනකං ගෙදරට වෙලා ඉන්නත් බෑනේ නිකම්ම.. හැබැයි මෙතනට එන සෙනග දැක්කම මට හිතෙනවා .විබාග කර කර දුක් විඳින්නේ නැතුව මේක හොඳට ඉගෙන ගන්න ..... මාර සල්ලියක් අනේ දවසකට ..."

"මොකද අනේ හැම එකටම බකමූණා වගේ හ්ම් හ්ම් ගාන්නේ කතා කරන්නේ නැතුව ." මෙතරම් වෙලා ගිරවියක් සේ ඇය කී දේට හූමිටි තබනවා විනා කිසිත් නොකී බව ඔහුට මතක් වුනේ එවිටය... කෙසේ වෙතත් මින්පසු සාප්පුවට යන්නේ නම් වැඩිපුර පරිස්සම් වීමට සිදුවන බව සුනීතට වැටහුණි.

පාරෙන් එහාපැත්තෙ කඩ හතාටකට එහායින් වූ " මදාරා බියුටි සැලෝන් " හි පුහුණුවන සේවිකාවක් ලෙස සාවිත්‍රි පැමිණීම නිසා සුනීතගේ සිත නැවතත් ව්‍යාකූල විය.


*******


"ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන.... දැන් උඹට ආයේ ඉගෙන ගන්න දෙයක් නෑ... මුදලාලිත් කැමතියි උඹ දැන් තනියෙන වැඩක් කරනවට.."

කීප වරක්ම තනියෙන් බෙහෙත් ගැලවීම කරන්නට ඉල්ලා සිටියත් පියාගේ පිළිතුර වූයේ ,
"පුතේ මම මුදලාලි ළඟ අවුරුදු තුනක් වැඩකෙරුවට පස්සේ තමයි තනියෙන් එම්බාම් එකක් කරන්න ලැබුනේ , කලබල වෙලා මේ ගමන යන්න බෑ පුතේ . අනික් මේ හැම එකම එකම කරමෙකට කොරන්ටත් බෑ  "
සුනීත නැවතත් පියවි ලොවට ආදගෙන ආවේ පියාගේ කටහඬයි

"හැබැයි පුතෝ කවදාවත් ගුණමකුවෙක් වෙන්න නම් එපා .මේක තනියෙන් කරන්න පුළුවන් කෙලියක් නෙවෙයි. අපේ මුදලාලි හැමදාම අපිට සලකනවා..."

ටික වෙලාවකට පස්සේ අනික් කිසිම දෙයක් මතකයේ නොරැඳුනත් ....

 "ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන .."
 "ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන .."
 "ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන .."

ඒ කියමන නම් සුනීතගේ හිත ඇතුලේ දෝංකාර දුන්නේ අමුතුම හැගීමක් එක්කමයි ...ඒ හැගීම දුකක්ද එහෙමත් නැත්තම සතුටක්ද?.. එදා රාත්‍රිය පුරාවට නින්ද සුනීත අහලකවත් නොවීය . ඇස් පියවෙන විටම තනියෙන්ම මිනියක් එම්බාම් කරනු මැවී පෙනෙන්නට වීම නිසා කිහිප වරක්ම සුනීත චංචල වූ සිතින් අවදි විය . ජීවිතයේ ඉසිසේල්ලම රස්සාවේ වගකීමක් බාරගන්න කාලේ ඇවිත්.

ඒත් මං ඒකට මිනිහෙක් මැරෙනකන් බලන් ඉන්න ඕනෙද? එතකොට වැඩියෙන් මිනිස්සු මැරේවා කියලද මම පතන්න ඕන .. නොයෙක් සිතුවිලි වලින් ආකූල ව්‍යාකූල වූ සුනීතගේ අසලටවත් එදා නින්ද නම් ආවේ නැත.


*******


සුනීත පාරට ආවේ ටවුන් එක පැත්තට ගිහින් එන්න .....

"ඊළඟ එක උඹ තනියෙන් කරන්න ඕන " කියලා තාත්තා කියලා දැන් දවස් දෙක තුනක් වුනත් ,තාම වැඩක් නම් ආවේ නෑ... එක අතකට මම කාලකන්නි මිනිහෙක්ද ? මගේ කුළුඳුල් රස්සාවේ තනියෙන් කරන පලවෙනි වැඩේ කරන්න තාමත් අවස්තාවක් නෑ. ඒක එන්නත් මිනිහෙක් මැරෙනකම් බලං ඉන්න වෙනවා ..ඇත්තටම මේ මොන පවක්ද .... සුනීත ගේ හිත හැම තැනම දුවන්න පටන් ගත්තා...

"සුනීත ... ! ! !"

"අහ සාවිත්‍රි ....ලඟට එනකම්ම දැක්කේ නෑ..."

"ඔව් .. ඒක ඇත්ත ..ඔයා කවදාවත් මං ලඟට ආවා කියලා දැක්කේ නෑ ... එකනේ ඔය ..."

"සාවී ..මොකද මේ ..."

"ඔයාට මම කිව්වා ඔය රස්සාවට යන්න එපා කියලා ..ඔයා මට සලකපු හැටි තමයි මේ නේද සුනීත...
කවදා හරි කටක් ඇරලා ගෙදරට කියන්න පුළුවන් රස්සාවකටද ඔය ගියේ මටත් කොලේ වහලා ...

" කවුද ඔයාට ඔය බොරුව කිව්වේ සාවිත්‍රි ....?

"මං අස්දෙක්න්ම දැකපු දේ බොරුවක් කියන්නද සුනීත ඔයා හදන්නේ , ඔයා අර සෙන්ට් නාලා ආපු දවසෙම තමා මට සැක හිතුනේ . මම ඊට පස්සේ ඔතනට මිනියක් ගෙනාපු හැම වෙලාවකම ඇහැ ගහගෙන හිටියේ . මට විජේ මාමාත් හම්බවුනා බස් එකේදී, එයා ටවුමේ අලුත් තැනට ගියාට පස්සේ එතන වැඩකරන්නේ ඔයා කියල එයා කිව්වා. "

කියාගන්න දෙයක් නැතුව සුනීතගේ මුව ගොලුවුනා , "සාවිත්‍රි"

"ඔයා උවමනාවෙන්ම විබාගේ පේල් වුනෙත් ඔය නිසා තමයි ...
තාත්තලා පුතාලා ඕන කුදයක් ගහගන්න ..
ආයේ මම ඔයා හම්බවෙන්න එන්නේ නෑ සුනීත ....."

මූණ පුරා කඳුළු වැල් බේරී බේරී අඬන සාවිත්‍රිගේ කටින් පිටවෙන වචන දිහා ඔහේ බලාගෙන හිටියා මිසක් සුනීතට කියන්න දෙයක් හිතාගන්න බැරි වුනා..

"සාවිත්‍රි ....."

එත් ඒ සද්දේ අහන්න සාවිත්‍රි ළඟ හිටියේ නෑ ... ඈත කඳුළු පිහදදා යන සාවිත්‍රි දිහා බලාගෙන හිටපු සුනීත ,යන්න ගිය ගමන පැත්තක තියලා ආපහු හැරුනා ...

දිග සුසුමක් හෙලපු සුනීතට හිතුනේ ආපහු කවදාවත් සාවිත්‍රි එක්ක කතා කරන්නවත් බැරිවෙයිද කියලා ,

එත් එක්කම සුනීතට මතක් වුනේ මේ රස්සාව ඉගෙන ගන්න ඕන කියපු හැම වෙලේම තාත්තා කියපු කතාව
"මතක තියාගනින් උඹලෑ අම්ම වගේ ගෑනු මේ ලෝකේ තවත් නෑ.........!!! "


*******

"මොකෝ පුතේ ගිය පයින්ම ආපහු?" ,අම්ම දිහා එකවතාවක් විතරක් බලපු සුනීත ,කමිසයේ බොත්තම් ගලවමින් ගේ ඇතුලට ගියේ කිසිම කතාවක් බහක් නැතුව ,
ගෙදර ඇතුලට ගිහිං දොර වහන්නත් කලින් ...

" සුමනාවතී නැන්දේ ...සුමනාවතී නැන්දේ ..."

ඒ සුනිල්ගේ සද්දේ ...

"මොකෝ ළමයෝ ...."
අම්මා එලියට එනකොටම අම්මගේ පස්සෙන් සුනීතත් ගලවපු කමිසේ උරිස්සට දාගන්න ගමන් එලියට ආවේ සුනිල් නිතර තමුන්ගේ ගෙදර එන කෙනෙක් නොවුණු නිසාත් , මුදලාලිගේ ගණන් හිලව් වැඩ බලන සුනිල් එන්න ඇත්තේ තාත්තගේ පණිවිඩයක් අරන් වෙන්න ඇති කියන සිතුවිල්ලත් එක්කම .

"අනේ නැන්දේ මාමා ...

"ඇයි මාමට මොකෝ ..?"ඇස් දෙකේ ලොකු කුහුලක් රඳවාගත් අම්ම දෙසත් ,කඳුළු පුරවාගත් සුනිල් දෙසත් මාරුවෙන් මාරුවට බලූ සුනීත ඉහල බැලුවේ හිසට උඩින් කෑගසමින් පියාඹාගිය කණකොකා දෙස අමනාපයෙන් මෙනි .

" කියහන් ළමයෝ "
අම්මා සුනිල්ගේ උරිස් දෙකෙන් අල්ල හොල්ලද්දී සුනිල් අල්වාගෙන සිටි බයිසිකලය අතහැරී බිමට පතිත විය.

"මාමා  ටවුමේ පාර පනිනකොට පොලිස් ජීප් එකට හැප්පිලා ...අපේ මුදලාලි එවෙලේම ඉස්පිරිතාලේ ගෙනියලා................... "

"යමන් ළමයෝ එහෙනම් ඉක්මනට" කියමින් ගෙදර දෙසට දිවගිය අම්මා දෙස සුනීත නොසෙල්වී ඔලුව පමණක් හරවා බැලුවේ යමක් වටහා ගත්තාක් මෙනි ... කඳුළු පිරුණු නෙත් දෙකින් සුනීතට අම්මාව පැහැදිලිව පෙනුනේ නැත.

"ඒත් නැන්දේ ............" යයි සුනිල් පවසද්දී ....ආපසු දිව ආ සුමනාවතී

"අනේ  දෙයියනේ.....පුතේ..ඒ.ඒ.ඒ.ඒ." කියමින් සුනීතගේ ඇඟේ එල්ලුනත් අතපය වාරු නැතිවූ කලකමෙන් සුනීතගේ පපුපෙදෙස සූරමින් පහලට රූටාගොස් දන බිමඇනගෙන හඬන්නට විය .

අත් දෙකින්ම කන්දෙක තදින් වසාගත් සුනීත ඉහල බැලුවේ කන්දෙකට ඇසෙන යමක් වලක්වාලන්නට මෙනි   ...

ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන ......
ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන ......
ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන ......



220 comments:

  1. Replies
    1. උඹ මව් බාසාවෙං වගේ දැං කතාව.. !!

      Delete
    2. කමෙන්ට් 147කට පස්සෙ මම එකයි දශම හතර..

      Delete
    3. මොකක්ද සෑමෝ ඒ කියපු හරුපේ

      Delete
  2. :'( :'( :'(

    මොකද්ද යකෝ උස්සල පොලේ ගැහැව්ව වගේ මේ ලියල තියෙන්නෙ.
    මේක පට්ටයි. ආයෙ වෙන කියන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. පට්ටයි = එල ද බ්‍රා

      Delete
    2. මොකෝ බං අඬන්නේ ...

      උඹව උස්සල පොළොවේ ගහනවා නෙවෙයි උස්සලා විසි කරනවා ,,බෙරේ වැවට ඔ යේස් ..
      තැන්කිව් වේවා බස්සි

      Delete
    3. මෙන්ඩියාගේ සමාන පද පන්තිය

      Delete
    4. - කොළඹ සුන්දර පුරවරයක් කිරීමේ සංකල්පය යටතේ ගරු ආරක්ෂක ලේකම් තුමා විසින් බේරේ වැවට කුණු කසල බැහැර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත -

      ඒ වගත් මෙසේම …
      - පත්‍තර මල්ලි -

      Delete
    5. අප්පට සිරි ඒකත් එහෙමද , එහෙනම් අපි බස්සිව බ්ලූ මැන්ඩල් කුණු කන්දට විසි කරමු ..

      Delete
    6. බ්ලූ මැන්ඩල් කුනු කන්දට තව දුරටත් කුනු දැමිය නොහැක. කරුනාකර මීතොටමුල්ලට රැගෙන යන්න. - ස්තූතියි-

      Delete
    7. ඉවසිය නොහැකි දුර්ගන්දය නිසා මිතොටමුල්ලට කුනු කසල බැහැරකිරිම නවතාලන ලෙස ඉල්ලා ඡනතා උද්ගෝෂන.
      අපි මාරන්තික උපවාසයක් කරනවා
      කැල්ලෙන් කැල්ල ගියත් ඔය කුනු ගොඩ මිතොටමුල්ලට ගෙන්න දෙන්නේ නෑ

      Delete
    8. මීතොටමුල්ල කුණු කන්දේ ප‍්‍රශ්නය අවසන්.දීර්ඝ කාලයක් ජනතාවට පීඩාවක් වූ කොළොන්නාව - මීතොටමුල්ල - පොතුවිල්කුඹුර කුණු කන්ද සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් මේ වනවිට හිමිවී තිබෙනවා. ඒ, කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාගේ මැදිහත්වීමෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අවධානය ඒ පිළිබඳව යොමුවීමත් සමගයි. මෙම ප‍්‍රශ්නයට නිසි විසඳුමක් ලැබීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් වැල්ලම්පිටිය - පරම ධර්මෝදය විහාරස්ථානයේදී ඊයේ පැවැත්වුණා. ඒ, එම විහාරයේ විහාරාධිපති සහ මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ අනුශාසක විටියල කවිධජ හිමියන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන්.

      ස්තුතියි ....
      නැවතත් සුපුරුදු පානය සමග එකතු වන්න ..

      Delete
    9. ජනතා ගැටළු  විසඳීමේදී කිසිඳු දේශපාලන බේදයකින් තොරව වත්මන් ආණ්ඩුව ක්‍රියාකරන බවත් ඊට හොඳම උදාහරණය කොළඹ මහ නගර සභාවේද සහයෝගය ඇතිව මීතොටමුල්ල කැළිකසල  කන්ද ගිලාබැසීම හේතුවෙන් නිවාස විනාශ වූ පවුල් වලට සහන සැලසීම තුළින් පෙන්නුම් කෙරෙන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි..

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    10. කොළඹ කුණු සියල්ලම දුම්රිය මගින් පුත්තලමට ගෙනගොස් එහිදී ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

      Delete
    11. කැබිනට් පත්‍රිකාව සභාගත කිරීම හා කැබිනට් අනුමැතිය හිමිවීම සමඟ අපේ කිසිදු සම්බන්ධතාවයක් නොමැත.. තවද කසල දුම්‍රියෙන් ගෙන ඒම පිළිබඳ අපට ප්‍රායෝගික උපදෙස් ලබාදිය හැකි බව සතුටින් දැනුම් දෙමු..!!!

      - මීට පුත්තලම් බූරුවෝ -

      Delete
    12. නුදුරේදී...
      කුණු දුම්රිය පීලි පැනීම නිසා සිදුවූ අනතුරෙන් කුණු මඟ (සමාවෙන්න.. දුම්රිය මග) දෙපස ජනාවාස වල සිටින ජනතාව කුණු ගොඩක පැටලේ.

      - ප්‍රාදේශීය වාර්තා කරු -

      Delete
    13. හදිසියේම සිදුවූ කුණු දුම්රිය අනතුර පිලිබඳ පරික්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කෙරේ .තවද ඒ සම්බන්දව අදහස් දක්වන කැබිනට් ප්‍රකාශක අමාත්‍යය කෙලවල්ලා මහතා සඳහන් කලේ මෙය ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීම සඳහා විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවන් විසින් සිදුකර ඇති බවයි .

      කුණු ලන්තයේ සිට මම සු .යකඩගොඩ
      සත්‍ය ප්‍රථමයෙන් ඔබ වෙත ගෙන ආවේ නයි ටි එන් .....

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -




      Delete
    14. දැන් මොකක් ගැනද තොපි කතාකරන්නෙ..?වැරදුනා#!@#!@#!@$ ඔබතුමන්ලා..!

      Delete
    15. වීයෝ - එක තමයි බං මාත් මේ බැලුවේ

      Delete
    16. වීයො, අපි මල් අරන් පන්සල් යන ගමන්, එනවැයි. :D

      Delete
    17. වියො, එනවනම් ගිලන් පසට සෝඩා එකක් අරන් වරෙන්.

      Delete
  3. 1. //සාවිත්‍රි ඈතට දිවයනු බලා සිටින සුනීතට ඇයගේ දෙපා හොඳින් දිස්වේ ...පිරුණු මහත දෙපා වලට ඔහු කැමතිය.//

    2. //බලපන් උඹට පේනවද මේ ලේ ටික අයින් වෙනකොට මිනිය පිම්බුණු ගතිය නැතිවෙනවා //

    1 සහ 2 අතර සම්බන්ධයක් තියනවද? (අසංවේදී ප්‍රශ්නයක්ද මන්ද ඇහුවෙ. මේ කතාවක් විතරයි නේ ? )

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ නෑ ..කාටවත් ඔය කෑල්ල මීටර් වෙයි කියලා . ඇත්තටම කියන්න ඕන වුනෙත් ඒ ටික තමයි . අපිට ලස්සනට පේන හැම දේ ඇතුලෙම තියෙන අසුන්දර යථාර්ථය තේරුම් ගන්න . අසංවේදී නෙවෙයි අහන්න පුළුවන් සංවේදීම ප්‍රශ්නය තමයි ප්‍රා අහල තියෙන්නේ

      Delete
    2. හැලපෙ වුනත් හරි සංවේදියි කකුල් ගැන මගෙ හිතේ.
      PM නම් upstairs තමයි නේ?

      Delete
    3. අපිත් ඉතිං ඕවා ගැන සංවේදී තමා ප්‍රා.... හැක හැක හැක

      Delete
    4. ප්‍රා … :D

      සඳලු තලේ අර ඉන්නේ සකුන්තලා
      සකුන්තලා ඇයි ඉන්නේ නිකන් බලා
      ……………………………………………….
      ,………………………………………………

      Delete
    5. මම අහන්න දුවගෙන ආපු කකුල්.හපොයි ප්‍රා ඉස්සර වෙලා.

      Delete
  4. උපරිමයි... ආයේ කියන්න දෙයක් නෑ.. ජීවීතේ කියන්නේ මොකක්ද කියලා.. අවමංගල ශාලාව ඉස්සරහ තියෙන බියුටි පාලර් එකෙනුන් මාර මෙව්වා එකක් එනවා.. එක තැනකදි පළවෙනි එම්බාම් එක කෙල්ල වෙයිද කියලත් හිතෙනවා.. කෙල්ල එච්චර මෝඩ නෑ..

    හැබයි එක දෙයක් නම් කියන්නම ඕන. අද එම්බාම් කිරිල්ලක් නෑ. ඉන්ජෙක්සොන් සීන් එකක් තියෙන්නේ.. අනික මේක සුපිරි රැකියාවක්.. සල්ලි උල්පතක්..

    කෙල්ල මෝඩයි..

    කෙල්ලට තිබුනේ එයා බියුටි පාලර් එකක් කරන ගමන් කොල්ලට ෆියුන්‍රල් පාලර් එක කරන්න දෙන එක..

    ඔය දෙකම එකට කරන තැනකුත් ඊයේ පෙරේදා බම්බලපිටියේ තීලා මාට්ටු උනේ..

    ReplyDelete
    Replies
    1. මාතේ මට මතක් උනේ මේක ...

      නොමියෙමි..........


      මොනවා?
      චන්දන මැරිලා?
      දෙමවුපියන්ගෙ ඔක්කොම ප්රාර්තනා
      බිඳ වැටිලා
      වීදුරු කටු ඇඳ පාමුල දිලිහෙනවා.
      බලාගෙනයි ඇවිදින්නේ
      කකුල කැපෙයි.
      කවුද එතන කැරකෙන්නේ
      බඩ මහතට
      ඇස් රතුවට?
      මට නම් හෝදිස්සියක් නෑ……

      මහත්මයා කොහේද?

      ඇයි දන්නෙ නැද්ද?
      යව්දිව් සිල්වා සහ පුත්රයෝ.
      ටවුමෙ ලඟදි ඇරිය
      මිනී පෙට්ටි සාප්පුවේ අයිතිකාර.

      පිරෙන්ඩ එපා මෙතන
      කරුණාකරල අයින් වෙන්න
      කවුරුත් නිශ්ශබ්ද වෙන්න
      අඬා දොඩා වැලපී දැන් පලක් නොමැත.
      මරණය කොයි කාටත් උරුම දෙයක්
      දැන් තියෙන්නෙ
      පුලු පුළුවන් හැටියට
      අවමන්ගල කටයුතු ටික කරන එකයි
      වියාපාරයක් නොවෙයි අපි කරන්නෙ.
      මහජන සේවයක් මිසක.

      මැරෙනතුරා ඔබ
      බලා සිටිමු අප
      අවසාන ගෞරවය කරන්නට.
      එතෙක් මතක තබා ගන්න.
      මැරෙන ලෝකයේ නොමැරෙන නාමය.
      අයි.ඕ.යව්දිව් සිල්වා
      මන්ගල - අවමන්ගල අද්යක්ෂක.
      ටුන්….

      (මහගම සේකර )

      Delete
    2. මාතලන් --- //"එක තැනකදි පළවෙනි එම්බාම් එක කෙල්ල වෙයිද කියලත් හිතෙනවා.. කෙල්ල එච්චර මෝඩ නෑ.."// අනිවා දැන් කෙල්ලෝ එච්චර මෝඩ නෑ . ඒ ඉස්සර කෙල්ලෝ .. මමත් පිළිගන්න විදිහට මේ රස්සාව දැන් සල්ලි උල්පතක්. මේ ලඟදි වෙනස වැඩසටහනක මේ ගැන ගියා . ඒ මනුස්සයා කිව්වේ මේ රස්සාව කරන බව තමුන්ගේ බිරිඳවත් දන්නේ නෑ කියලා . ඔන්න් ඕක තමයි සමාජේ තියෙන පිළිගැනීම මේ රස්සාවට .
      හැබැයි ඒ මිනිස්සු දන්නේ නෑ , නරක සහ විශ්වාස කරනන් බැරි මිනිස්සු ඉන්නේ ජීවත් වෙන උන් අතරේ මිසක් මැරිච්ච උන් අතරේ නෙවෙයි කියන එක

      Delete
    3. සින්දු ඇනෝ - "මහගම සේකරගේ නොමියෙමි .. " උඹනම් මාර පොරක් බං... උඹ වගේ ඇනොලා වාසනාවන් .. හොඳ වෙලාවට උඹ ප්‍රොෆයිල් එකක් හදාගත්තේ . .

      Delete
    4. මෙන්න, ඇස් දෙක පියාගෙන නිදහසේ අහන්න.

      "නොමියෙමි..." භාවනාවක් වගේ හිතට දැනෙයි...

      http://lakhanda.lk/v4/?page_id=2819

      Delete
    5. ස්තුතියි මනෝ .....

      Delete
    6. තෑන්ක්ස් බොක්කෝ !!!

      Delete
  5. මගේ පුතා රජා කියා ඔබේ කර උඩ තියා 
    යන යන තැන අරන් ගියා මගේ සිහසුන දරා
    ඔබේ කර උඩ මම ගියතැන් පසු කරමින් එදා 
    යලි නොඑනා ගමන් ගියා මගේ කර උඩ ඔයා.......

    තාත්තේ. ..ඔබට ඇහෙනවාද පුතාගේ හඩ තාත්තේ …
    පුතාගෙ හඩ ඇහෙන මානෙ … ඉන්න තාත්තේ

    සැප සම්පත් වලින් මාව පුරවලා 
    ඔබේ කිරුල මට දිලා ඔබ ගියා 
    ඔබ නැති ලොව මට රජ කම මොටද කියා
    හිතේනා විට දරන්න බැරි හිතේ දුකට
    කෑ ගහලා ඇඩුනා ……

    තාත්තේ ………

    - සන්ෆ්ලවර් -

    ReplyDelete
    Replies
    1. උඔගේ කමෙන්ට් කරන ක්‍රමය
      එල ද බ්‍රා

      Delete
    2. බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    3. වඩේ පහයි
      - ස්තුතියි -

      Delete
    4. @ පත්තරේ - එක නේ කිව්වේ

      පියාණනේ මා නැවත උපන්නොත් අසාර වූ මේ සංසාරේ
      ඔබේම පුතුවේවා //

      කියලා

      Delete
    5. පියාණනී මා නැවත උපන්නොත්
      අපාර වූ මේ සංසාරේ
      ඔබේම පුතු වේවා
      ඔබේම පුතු වේවා

      ශිල්ප සතර දී සිහසුන හිඳුවා
      ඔබට අහිමි ලොව මා රජ කරවා
      ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
      නෑ ඔබ වන් පියවරු හමුවන්නේ

      හිත මිතුරන් මා හැර ගිය දවසේ
      ලොව ම එරෙහි වී තනිවුණු මොහොතේ
      ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
      ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ

      පියාණනී මා නැවත උපන්නොත්
      අපාර වූ මේ සංසාරේ
      ඔබේම පුතු වේවා
      ඔබේම පුතු වේවා


      ගායනය - අබේවර්ධන බාලසූරිය
      සංගීතය - වික්ටර් රත්නායක
      ගී පද - සුනිල් ආරියරත්න

      Delete
    6. "පියසටහන් මැකී නොමැත තව
      මා ආ දිගු ගමනේ
      මගේම පියවර මත පියනගමින්
      ඔබ එනු දුටුවෙමි මා ලුහුබදිමින්
      පියසටහන් මැකී නොමැත


      ගිරි ශිඛර මුදුන්වල, වන ලැහැබේ අතු අග
      දෝංකාර දුන් එදා ගැයූ ගී
      මා ඔබට ගැයූ ගී
      ඇසේද තවමත් ඇලේ දොළ් ගලනා ගීයේ


      රලු බොරලු ගමන් මග
      වැලිතලා වැනිය අද
      හැරීබලමි මම
      ඔබේ ඇසින්
      ඔබ නොදුටු ඇසින්
      නොවේද මතුවට ඔබත් මමත් හමුවන දවසක්
      "

      පද රචනය : සුනිල් ගමගේ
      සංගීතය : ගුණදාස කපුගේ
      ගායනය : ගුණදාස කපුගේ

      Delete
  6. මම අලුත් මාලිගාවට යන නිසා......බුසි.......පස්සෙ එන්නද මචෝ......

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම්. අපිටත් කෙක් කැල්ලක්

      Delete
    2. සැක්... ඉතින් අලුත් මාලිගාවට අපිව එක්කං යන්නේ නැද්ද කෙන්ජෝ

      Delete
    3. මමත් හෙට ගෙදර යන නිසා අද බුසි... මමත් පස්සේ එන්නද මචෝ...... :D

      Delete
    4. මම නම් ගෙදර ගියාහම තමයි බුසි
      ඇයි අප්පා වයිෆාගේ බබාගේ රෙදි හෝදන්න වලං හෝදන්න පොල් ගාන්න කඩේ යන්න වයිෆාගේ කකුල් මිරිකන්න

      Delete
    5. හා මට තව තියනවා කියුටෙක්ස් ගාන්න,රෙදි වනන්න,අයන් කරන්න,ගේ අතුගාන්න,මකුළු දැල් කඩන්න,ජනෙල් පිහින්න.බාත් රූම් සුද්ද කරන්න.ඔලුව පීරන්න.කුණු විසික් කරන්න,බල්ලො නාවන්න ………………

      ලීයහැකි පොතක් . ඕ යේස්.

      Delete
    6. ඒ ඔක්කොමත් කරල පොඩ්ඩ එහෙ මෙහේ වෙනකොට උඔව දනගස්සලත් තියනව නේද

      Delete
    7. දණ ගහං ඉන්නෙ ගෞරවේට බොලව් …!!!!
      නිළ අල්ලද්දි අලි ඇත්තුත් දණ ගහන එකේ ආයි මක්කද … චැහ්

      Delete
    8. යකෝ මුන්ට තියෙන ප්‍රශ්න අම්මපා

      Delete
    9. පැතුමා පරිස්සමින් ගිහින් වරෙන් එහෙනං

      Delete
    10. අන්න ඒකට අපේ ගැනි මම දෙකක් දාලා ආපු දවසට දන ගහලා කථා කරන්නේ.
      (තමුසේට අන්තිම වතාවට කියන්නේ ඇද යටින් එලියට වරෙන්.. පොල් බුරැවා මුසලයා හිකනලා කට ගොන්නක් බිලා ගන්දස්තාරේ බෑ.
      අනේ දෙයියෙනේ ඒ දවස්වල කොල්ලෝ කොච්චර ආවද මාව බදින්න මගේ කරැමේ කරැමේ.)
      කොස්ස ඇදයට දාලා දෙකක් තුනක් ඇන්නට අපි හොද පුරැෂ ධෛර්ය තියන ස්වාමි පුරැෂයෝ නැද්ද මචං?

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. කම්මල ඇයි මැකුවෙ බං?

      Delete
  7. ඉවාන් මචං උඔ අලුත් කථාවක් ලිව්වහම මගේ හිතට මාර සතුටක් දැනෙනවා. ඒ කථාව අගය කරලා කමෙන්ටු වැටෙනකොට ඒ කථාව මම ලිව්වා වගේ ආඩම්බරයක් දැනෙනවා.
    දේශ්, ඩුඩ්, සුදික අයියා, කෙන්ඡි, සිරා, බස්සි, මාතලන්, විචාරක, අටමා, රාල, සදරෑ, සදුමල් තව නම් අමතක කට්ටියක් ඉන්නවා උඔලාට එක එක්කෙනාට අාවෙනික වු ලිවිමේ කලාවක් තියනවා.
    කමෙන්ටු නම් ඉතින් පත්තර මලයයි සිංදු ඇනෝයි
    මම හිතුවේ සාවිත්‍රි ගේ මිනිය එම්බාම් කරන්න වෙයි කියලා.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. සමන් මල් පියල්ලේ

      - මෙන්ඩිස් බ්‍රා -
      ( තොග සීමිතයි )

      Delete
    2. එලද බ්‍රා මෙන්ඩියා ..

      උඹ හැමදාම බොක්ක හොඳ එකා කියලා අපි දන්නවා බං....
      ආපහු එලද බ්‍රා

      Delete
    3. "මම හිතුවේ සාවිත්‍රි ගේ මිනිය එම්බාම් කරන්න වෙයි කියලා"

      සුදු වැලි විසිරුණු මාවත අද ඔබ
      යයි අවසන් ගමනේ
      ඔබ හා එන්නට මා පිං කර නැත
      ඇයි අප වෙන් කෙරුනේ
      දෙනුවන් අතරින් ගිලිහුණු කඳුලක්
      ඔබ හට සමුදුන්නා
      මතකය මසිතින් සමු දුන්නේ නෑ
      ඔබ මා ළග උන්නා
      නොමියන සැමරුන් නටඹුන් විලසින්
      මා ලය තුළ තනිවේ
      ගිණිගත් සොහොනේ ඔබ හා දැවූනා
      පැතුමන් මගෙ ජීවේ....

      Delete
    4. සිංදු ඇනෝ--- උඹ නම් සිංදු ගබඩාවක් ...

      Delete
    5. එක බ්‍රා කප් එකක වඩේ, අනිකෙ මුරුක්කු.
      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තූතියි-

      Delete
    6. සැන්ඩි සෝඩා නැත්තං ඇල්ටෝත් හොදයි
      -ස්තුතියි-
      සිංදු ඇනෝ උඔ නම් එල ද බ්‍රා බං

      Delete
    7. මතකය ගෙනෙනා වේදනා
      මවයි සෝ සුසුම් කල්පනා
      මගෙ තුරුලෙම එයා… අවසාන ගමන ගියා
      මතකය රඳවා ඒ ආදරේ........

      දෛවයේ සරදමින් වෙන්වුනා
      ආයේ නොඑන ලෙස දුරස් වුනා
      භවෙන් භවය පුරා.....සසර වසන තුරා
      ඇයයි ඇයයි මගේ ආදරේ.........

      - සන්ෆ්ලවර්ස්-

      Delete
    8. නිසල වෙලා හද
      නොසැලේ හසරැල්
      ආදර රතදර යුගෙන් ඔ‍බේ
      සසලව යයි සිත
      මැලවුණ ඔබේ වත
      දෝවමි කදුලැල්ලකින් මගේ
      ඔබ නැතිදා මේ ලොකේ
      තනිවේ මා දැවෙන සිතින්

      නෑ සිය මිතුරන් ඒ සැම හමුවේ
      සමුගෙන යන අවසන් ග‍මනේ
      නිහඩ මුවින් මාගේ පෙම්වතියේ
      උහුලන්නද මේ දුක කෙලෙසේ

      නිසල වෙලා හද....

      මා සමගින් එක්ව මේ භවයේ
      එක මග ආ ඔබ වෙන්වෙන්නේ
      නිහඩ මුවින් මාගේ පෙම්වතියේ
      උහුලන්නද මේ දුක කෙලෙසේ

      නිසල වෙලා හද....

      නාමල් උඩුගම

      Delete
    9. එදා මෙදා තුර කදුලට විවරවු
      දෑස් පියන්පත් කවුළු වසා
      ලයේ ගලාගිය ‍ස්නේහයේ සුව
      සිනා පිරු රත් දෙතොල් වසා...
      මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
      කම්මුල් සුදුමැලි පාට පොවා
      දෑත ලයේ බැද අවසන් ගමනක
      සොදුරිය මට‍ නොකියාම ගියා...

      දෑස් කවුළු පත් පලා කදුලු කැට
      වෑහෙද්දී මගෙ දෑස් අගින්
      කාත් කවුරුවත් වෙතත් හිතයි මට
      පාත් වෙන්න ඔය මුවට උඩින්
      ඈත්ව යන්නට - සමුගෙන කවුරැත්
      ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
      මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
      ඈත් නොවේමයි ඒ සුවදින්...

      එදා මෙදා තුර කදුලට විවරවු...

      ඊයේ ඉපදී අද මිය යන්නට
      පෙරුම් පුරාගෙන උපන් ලයේ
      හීයේ වේගෙන් අහස උසට බැඳි
      ආදර ලෝකය හෙටත් තියේ...
      ඒත් ඉතින් දැන් සොදුරියෙ ඔබ නැත
      ඇයිමේ ‍ලොව මා තනිව ගියේ
      ආයේ දවසක එක හිත් ඇත්තන්
      වි අපි ඉපදෙමු එකට ප්‍රියේ...

      එදා මෙදා තුර කදුලට විවරවු.....


      පද රචනය - විමල් ජයශාන්ත
      ගායනය - සනත් නන්දසිරි

      Delete
    10. ලතා මඩුලු සෙ බැදුනු අපේ
      ආදර මල් දම් පියලි මැකි
      ඔබ මා පැතු පෙම් මිලින වෙලා
      සුලගට තුරුලුව මැකී ගියාවෙ........

      ප්‍රියනාත් රත්නායක

      Delete
    11. ඇරඹුමම කඳුලක්‌ වෙලා
      මා බලා ඉද්දී ඒ දිහා
      ආ දුරත් දුර වැඩි නිසා
      අවසානයට පෙර ඈ ගියා


      ඇරඹුමම කඳුලක්‌ වෙලා
      මා බලා ඉද්දී ඒ දිහා
      ආ දුරත් දුර වැඩි නිසා
      අවසානයට පෙර ඈ ගියා

      දුක්‌බරව කවියක්‌ ලියා
      එහි පද පෙළක්‌ අඩුවෙන් තියා
      දුක්‌බරව කවියක්‌ ලියා
      එහි පද පෙළක්‌ අඩුවෙන් තියා
      අරුත පසදින්නට කියා
      අවසානයට පෙර ඈ ගියා

      ශෝකාන්තය එන තුරා
      එහි රැඳෙන්නට සිත් නැති නිසා
      ශෝකාන්තය එන තුරා
      එහි රැඳෙන්නට සිත් නැති නිසා
      අනන්තය ළඟ මා දමා
      අවසානයට පෙර ඈ ගියා

      ----------------------------------------------------------------------------------------------------------
      පද රචනය - දිලීප අබේසේකර
      සංගීතය - නාලක අංජන කුමාර
      ගායනය - කසුන් කල්හාර

      Delete
    12. ජීවිතේ පුරා ඇසේ ඔබේ ගී කතා
      ජීවිතේ පුරා ගියේ එදා මා පතා
      ජීවිතේ සැඳෑ සමේ තැවේවී සිතා
      ජීවිතෙන් සදා කලේ ඈ මැකී ගියා.....

      පාරා දෑසෙ ප්‍රාර්ථනා ළං වූ සේම මා සොයා
      පාලු වේදනාවේ මා පසුතැවුනා
      පීරා ප්‍රේම චේතනා ළං වූ සේම වෙන් වුනා
      සෝක වාළුකාවේ මා තනි කර දා....

      සෝකාකූල වූ ඇසින් වෙන් වූ වේදනා ලොවින්
      තාම ප්‍රේමයේ නමින් හද හඬනා
      සිහි වේ ඈත කල්පණා මේ දැන් සේම දිස් වෙලා
      ඈත ඈත වී තැවේ අප දෙදෙනා....


      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව හා සංගීතය: රංජිත් පෙරේරා
      ගායනය: ප්‍රියා සූරියසේන

      Delete
    13. This comment has been removed by the author.

      Delete
    14. හත් ඉලව්වේ මොනවද බං මේවට දෙන උත්තර

      Delete
    15. ඇය යන්න ගියා මැකිලා
      වන සිරසක තුරු සෙවණැලි අතරේ
      ගී ගයමින් හිඳ මා තුරුලේ
      ඇය යන්න ගියා මැකිලා
      පිනි කඳුළක් මල් පෙති අග තවරා
      මීදුම් සළුවෙන් මුහුණ වසා
      නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
      සඳඑළියේ මං පෙත පාදා
      රහසක් සඟවා
      ගොළු වූ හදකින්
      යන්න ගියා මැකිලා
      ඇය යන්න ගියා මැකිලා

      යළි කවදාවත් හමු නොවනා බව
      මඳ පවනක් හිස අතගා කීවද
      අදහා ගන්නට නොහැකිය කිසිදින
      ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

      ඇය යන්න ගියා මැකිලා
      පිනි කඳුළක් මල් පෙති අග තවරා
      මීදුම් සළුවෙන් මූණ වසා

      පද රචනය - සුනිල් සරත් පෙරේරා
      සංගීතය - එච්.එම්. ජයවර්ධන
      ගායනය - අමරසිරි පීරිස්

      Delete
    16. බලපන් ඉවාන් මෙයාලා උඔගේ බොලෝග් එක හැඩ කරනවා.
      ආඩම්බරයි යාලුවනේ එල ද බ්‍රා.

      Delete
    17. සිංහයත් හිටියනම් මල් හතයි.

      Delete
    18. ඉපිද මැරේ යළි ඉපදේ
      නොතිර සසර සාගරේ
      අතර තුරේ නොමැරි මැරේ
      දස දහස් වරේ
      නිසල නෙතේ සසල වෙතේ
      නොතිර සසර සාගරේ

      කුමන නැටුම් කෙළි කවට සිනා දා
      මරුට නොමැත කිසි විටකදී බාධා
      ඔබට නොදන්වා මරු මෙහි ආදා
      යන්නට සිදු වන්නේ්-
      ඉන්නට බැරි වන්නේ
      නොතිර සසර සාගරේ

      කුණු කය නිසරුයි නැත පවතින්නේ
      කළ හොඳ පමණයි මෙලොව
      රැඳෙන්නේ
      නැති බැරිකම් ලෙඩ දුක් ඇති වන්නේ
      අපටයි මිනිසුනේ ඇයි එය
      නොසිතන්නේ

      පද - කරුණාරත්න අබේසේකර
      ගැයුම - අමරදේව

      කම්මලේ බොට තැනිව් කාර්ඩ් එකක් එවන්නං කැලෑ පූසව මතක් කොලාට. කොහෙද මුං මේ වීක් එන්ඩ් එකට තියල පෝස්ට් දානව. ඒ අස්සෙ පාටියකුත් ආවනෙ බං. ඒකනෙ පරක්කු උනේ.

      Delete
    19. මා තනි කුටියේ මගේම මනසේ
      ඇගේ සුවඳ බිඳු තවරා ඈතක
      නො එනා ගමන් ගියා දෝ
      සුළං රොදේ...සුළං රොදේ...

      ළමා වියේ සිට ළසෝ තැවුල් විඳ
      දුක් ගිනි පීඩා හිසින් දරාගෙන
      සිතේ වියෝ ගිනි කතරක් වූ සඳ
      ඔබත් නොයනු මැන මා හැරදා
      සුළං රොදේ...සුළං රොදේ...

      ඇගේ මගේ දුක් ප්‍රේම විරහ ගී
      අනන්තයේ කඳු අතරේ සඟවා
      මගෙන් වියෝවූ ඇගේ ලෝකයට
      ඔබත් නොයනු මැන මා හැරදා...
      සුළං රොදේ...සුළං රොදේ...

      ගායනය - වික්ටර් රත්නායක
      පද - උපාලි ධනවල විතාන
      සංගීතය - සරත් දසනායක

      Delete
    20. තණ්හා ආශා ඔලොගු කරේලා..
      මග තොට නොබලා වගතුග නොසොයා
      එළිය දකින්න ද මේ යන්නේ
      සැපත සොයන්න ද මේ යන්නේ

      කතරේ ගිනි ගත් වැලි කතරේ

      උතුරන ගංගා නියඟය ආදා
      වියළී යනවා ගහ කොළ මැල වී

      මල් හට ගන්නා වසන්තයම නෑ
      හැමදා අප යන මේ ගමනේ

      අඳුරෙන් ගැවසී එළිය සොයන්නෝ
      සැමදා අඳුරේ අඳුර දකින්නෝ
      දිවියේ සාරය මෙපමණි ඇත්තේ

      අඳුරේ අප හැම වල්මත් වේ

      සැපත විනෝදේ උපත කඳුළ වේ
      විපත පියාවේ මේ ලොව සැපතේ

      පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ
      කිසිදා නැත උන් වෙන් වන්නේ


      පද - මඩවල එස් රත්නායක
      ගැයුම - අමරදේව

      Delete
    21. වියෝ වූ පසුවයි දැනෙන්නේ
      ප්‍රේමයේ අබිමන්
      හැඞූ දා කඳුළයි දකින්නේ
      සිනාවේ සරදම්
      ඉවුරු දෑලේ හිඳ බැලූ විට
      ගඟ හැඩයි කදිමයි
      දියට වන් විට එවන් ගඟුලම
      බිහිසුණුයි චන්ඩයි
      හඳක් නැතිදා අහස් තලයට
      තරුව දෙයි සැනසුම්
      පුන් පොහෝදා එවන් තරුවම
      ලබන්නේ ගැරහුම්
      ගී පද - බන්දුල නානායක්කාරවසම්
      ගී තනු - රෝහණ වීරසිංහ
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
    22. අප්පට සිරි සිංහයා වැඩලා .... දැන් තමයි සින්දු කාමරේ නැගලම යන්නේ ...සිංදු තුන් කට්ටුව හෙවත් පත්තරේ ,සිංදු ඇනෝ සහ සිංහයා

      Delete
    23. ඇයි මනොශ් සදරුවන්, හෙක් , කෑලේ පීරල කැලෑ පූෂව හොයගත්තෙ, පාටියකට ගිහින් රා බීල වැටිල ඉද්දි , ඔවු එකතැන:D

      Delete
    24. ඔය තියන්නේ..ඉතිං බල බල ඉන්නේ ගනින් ඔය බෝතලෙයි විදුරැවයි.

      Delete
  8. හපොයි මට නම් පට්ට අවුල්. චෙක්, ඔව්, පට්ටම අවුල්. පව් සීන් එක.. :(((((((((((

    ReplyDelete
    Replies
    1. දිලි දිලි දිලි දිලිනි .... අවුල් තමයි දිලිනි ,එත් ඕක තමයි ජීවිතේ ...

      දුක සැප දෙක නීති පෙරලේ
      රිය සක ලෙස ලෝ තලයේ ................... කියන්නේ එකනේ ..ස්තුතියි දිලිනි

      Delete
  9. මෙහෙම එම්බාම් කරන කොල්ලෙක් ගන මේ ලඟදි මම කියෙව්වා. කොහෙදිද කියලා මතක නෑ. ඒ කොල්ලා කිව්වා "මාත් එක යාලුවෙන්න කැමති කොයි කෙල්ලෝ කොහෙද ඉන්නේ වගේ දෙයක්." එහෙම කියලා අහිංසක හිනාවක් දැම්මද කොහෙද.

    උඹ ඉන්ස්පයර් වෙන්න ඇත්තේ ඒ කතාවෙන් වෙන්නත් ඇති. කෙසේ හෝ අවසානය නම් උඹේම එකක්. නියමයි.

    අන්න එක තැනක සුනීතා කියලා වැදිලා තිබ්බා. ඒක හදහං ඉවාන්.

    ReplyDelete
    Replies
    1. හැදුවා ඩූඩ් ස්තුතියි ..

      මේ කතාවේ ප්‍රස්තූතය ඒක තමයි ඩූඩ්. ඔබ හරි. මට ඔය කතාව ඊ මේල් එකක් එව්වේ අපේ අරූ අයියා . අරු අයියා තමයි කිව්වේ උඹට මේ පත්තර කෑල්ලෙන් හොඳ කතාවක් ලියන්න පුළුවන් වෙයි ,ලියපං කියලා. පිදුම අරු අයියට පිදුවේ ඒ නිසයි . ඔය ඩූඩ් කියන කතාව තමයි ඒ...

      තැන්කු වේවා ඩූඩ්

      Delete
    2. ඩුඩ් ඒ කතාවේ කොල්ලා අන්තිමට කිවේ ” මේ කරන රස්සාව ගැන කිව්වම මොන කෙල්ලද ඉතින් අපිට කැමති වෙන්නේ. කවුරුවත් යාළු කරගන්න බැරි වේවිද දන්නේ නැහැ” කියූ #### මහ හ`ඩින් සිනාසුණේය.

      Delete
  10. නියම පරිකල්පනයක්, එත් කතාවේ සමහර තැන් ඉස්මතු වෙලා තියෙනවා හොඳින්ම, මම කියන්නම්, කතාව ගලාගෙන යන විදියට මෙකොටසෙන් පස්සේ මම හිතුවේ මේ වගේ අවසානයක් එවි කියලා.

    //"මොකෝ පුතේ ගිය පයින්ම ආපහු?" ,අම්ම දිහා එකවතාවක් විතරක් බලපු සුනීත ,කමිසයේ බොත්තම් ගලවමින් ගේ ඇතුලට ගියේ කිසිම කතාවක් බහක් නැතුව ,
    ගෙදර ඇතුලට ගිහිං දොර වහන්නත් කලින් ...//

    (අම්මේ මම අයෙත් ඉගෙන ගන්නවා)

    ඊළඟට කවුද සද්දයක් ගෙන ඇවිත් පණිවිඩයක් දෙන්න යන බව හඟවනවා, කතාව ගලාගෙන යන හැටියට ඊළඟ එම්බාම් එකක් එනකන් ඉන්න සුනීතට සාවිත්‍රී මොනවා හරි කරගෙන එයාව එම්බාම් කරන්න සෙට් වෙයි කියලා හිතුනා.

    එත් ඊළඟ එම්බාම් එකකට වැඩ නැතිව දවස් ගෙවන කොට තමන් කාලකන්නිද කියලා හිතෙන සුනීතාගේ කාලජ්කන්නි කම දෙපිටින් යනවා තමන්ගේම පියාව එම්බාම් කරන්න වෙනකොට. ඒ කොටස උපරිමයි.

    මට ඉස්මතු වෙලා පෙනුණු තැන දෙකක් තියෙනවා. බද තදියගේ පීරිසියේ තියෙන සල්ලියි තමන්ගේ කටී සල්ලියි සංසන්දනය දුප්පත් කම ගැන කතාකරනවා.

    එතකොට රස්සාව , අධ්‍යාපනය හා සාවිත්‍රී කියන කරුණු තුන අතර දෝලනය වෙන සුනීතට ඔබ සඳහන් කරන පියාගේ නොන්ජල් කම තමාගෙන් ඉවත් කරගැනීමට පහල පන්ති වල උන් එක්ක එකට ඉගෙන ගන්න හිතෙන්නේ නෑ, රස්සවාත් එක්ක සාවිත්‍රී තමාගෙන් ඈත වෙයි කියලා හිතෙනවා වගේම එය ඔබ දෙපාරක් මතු කරලා දක්වපු ඔහුගේම පියා කියපු මේ දෙයින් මතු වෙනවා.

    //එත් එක්කම සුනීතට මතක් වුනේ මේ රස්සාව ඉගෙන ගන්න ඕන කියපු හැම වෙලේම තාත්තා කියපු කතාව
    "මතක තියාගනින් උඹලෑ අම්ම වගේ ගෑනු මේ ලෝකේ තවත් නෑ.........!!! "//

    හොඳ කතාවක්, මේ සමඟ මට මතක් උනේ කොලොන්න රක්වාන පැත්තේ තනියම මිනී සාප්පුවක් කරන ජාතික රුපවාහිනියේ පෙන්නපු ඒ කාන්තාව ගැන. මේ වගේ කතා අපි ඉන්න සමාජය තුලම අපිට හොරා සිදුවෙනවා, එත් ඒවා අපිට ආගන්තුකයි, කතාවක් විදියට එලියට ආවම වැටෙන එකම වචනය "පට්ටයි", කතා නාමය සුනීත යෙදුවේ කසල රැකියාවෙන් ශෝදක සුනීත එක්ක සසදලාද කියලා හිතෙනවා. මන්දා කතාව කියවලා මට හිතුනු දේ කිව්වා. අවුලක් තියෙනවානම් සොරි වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් කියන්නේ මේවට..

      බ්ලොග් වල තියෙන වටිනාකමත් මේකයි.. පබ්ලිෂ් කරලා ටික වෙලාවකින් මේ වගේ කොමෙන්ට් එකක් ලැබුනම ඇති වන සතුට කියා නිම කරන්න අමාරුයි..

      Delete
    2. මම කියන්න හිතපු ටික මාතලන් කියලා .. ස්තුතියි සොමියට සහ මාතලන්ට දෙන්නටම ...

      //"පබ්ලිෂ් කරලා ටික වෙලාවකින් මේ වගේ කොමෙන්ට් එකක් ලැබුනම ඇති වන සතුට කියා නිම කරන්න අමාරුයි.."// එක නම් සහතික ඇත්ත .. ආයේ හෝදන්න දෙයක් නෑ ..

      Delete
    3. //"මන්දා කතාව කියවලා මට හිතුනු දේ කිව්වා. අවුලක් තියෙනවානම් සොරි වෙන්න ඕන"// සොමියෝ ඔය කෑල්ල අවශ්‍ය නෑ මම හිතන්නේ . හිතෙන දේ අවංකව කියන එක තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ . ඔය උඹ කියලා තියෙන අවසානයත් ඉතාම අගෙයි, එත් ඒ වගේ අවසානයක් අපිව සංවේදී කරනවා මදි කියලා හිතුනු නිසා මෙහෙම අවසානයක් ගෙනාවේ ... උඹේ කමෙන්ටුවට ගොඩක් ස්තුතියි .

      Delete
    4. සොමියා කමෙන්ටුව එල ද බ්‍රා

      Delete
    5. කොමන්ට් නං කොමන්ට් …

      Delete
  11. හපොයි ඇඟ සීතල වෙලා ගියා. ඉවාන්ගෙන් අමුතුම විදියේ කතාවක්...:(

    හැබැයි ඉතින් ‘Funeral director’ කීවාම නම් ලොකු රස්සාවක් නේ...:)

    ReplyDelete
    Replies
    1. ඩිරෙක්ටර් කිව්වම ඉතින් නම් ලොකු රස්සාවක් තමා ඉස්සරහින් තියෙන කෑල්ල මොකක් වුනත් . අමුතු කතාවකුත් ලියලා බැලුවා ඉතිං පුලුවන්ද කියලා ...

      Delete
  12. ඉවාන් ඌවෙ චන්දෙ ඉල්ලනවද? ඔක්කොම රිප්ලයිස් කරුණාවන්ත ස්වීට් ආචාරශීලී ඒව.
    PMටත් ආදරෙන් පිලිතුරු !! :-D

    ReplyDelete
    Replies
    1. නෑ එයා මේ දවස්වල වැඩ කරන්නේ වැදගත් තැනක.. කොච්චර බය වෙලාද කියලා රිප්ලයි වලින් පේනවා..

      Delete
    2. සෑහෙන්න වැදගත් වෙලා නෙවැ පහුගිය ටිකේ… නැද්ද ප්‍රා. චැහ්
      කිරිත් එක්ක වෙන්ටැ සමහන් බොන්නෙ .…

      Delete
    3. @ M & PM, ඒක තමයි මේ රිප්ලයිස් වල තියන ස්වීට් ගතිය දිරවගන්න කියල මාතලන්ගේ පෝස්ට් එක බැලුව. අන්න ස්වීට් වැඩි ගතියට නියම බේත්

      Delete
    4. ප්‍රා ජේ - තව ටිකෙන් චන්දෙ ඉල්ලන්න තිබ්බ තමා , බදුල්ලේ හිටපු වින්සන්ට් ඩයස් කියන පරණ මන්ත්‍රී තුමාගේ දුව ඒ කාලේ හරි ස්වීට් ගෑනු ළමයා ..කොහෙද මේ කොහෙවත් ඉන්න හරින් ප්‍රනාන්දු කියලා එකෙක් ඇවිත් එයාව ඩහැ ගත්තනේ , නැත්තම් සමහර විට මේ සැරේ මහා ඇමති කමට ඉල්ලන්නත් තිබ්බා තමා

      Delete
    5. මාතලන් & පත්තරේ - අම්මේ තව දවස් කීපෙකින් එතන වැඩේ ඉවරයි ... දැන් පොලයිට් වෙලා හොඳටම ... අම්මත් ඇහුවා උඹට අසනීපයක්වත්ද කියලා

      Delete
  13. අඩෝ වෙනද වගේම පට්ටයි...... මොක්ද්දබන් කථාවෙයි අරු අයිය්යට පිදුමෙයි තියෙන සම්බන්දෙ

    ReplyDelete
    Replies
    1. අඩෝ මැලේ... උඹ ආපහු කාම පැය හම්බ වුනාද ?

      අරූ අයියා තමයි බං මට මේ කතාවේ වස්තු බීජය එව්වේ , අරුවා මේලකින් දාලා තිබ්බ පත්තර වාර්තාවක් තමයි කතාව ලියන්න හේතු වුනේ ..

      Delete
    2. පට්ටයි = එල ද බ්‍රා

      Delete
    3. කිව්වට විස්වාස කොරපං මැලෙයෝ මං තමා අරූ අයියට කිව්වෙ මේ ප්ලොට් එක ඉවාන්ට කියන්න කියාල.. චැහ් …
      මං ගැන සඳහනක්කත් නෑ.කුජීතයි. ඕ යේස් !!

      Delete
    4. අරු අයියා එහෙම එකක් කිව්වේ නෑනේ බං

      Delete
    5. අසාධාරනයි සහෝදරවරැනි පත්තර මලයන්ඩිට සිදුවුන අසාධාරනය වෙනුවෙන් අපි වෘත්තිය ක්‍රියාමාර්ගයකට යන්න ඔනේ.

      Delete
  14. මල්ලියෝ ඉවාන් මේවා නොවෙන දේවල් නෙමෙයි.. බොට හොද වැඩේ නොලිය ඉදල ජාතකයක් ලියන්න වෙච්චි එකට.. හැමදාම වගේ ඉතිං... කියන්න ඕන නෑනේ.. මම කියෙව්වේ නෑ.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. අනේ අනේ දේශකයෝ ඔය බොරු , අනිවා මේක නම් කියවලා ...හැබැයි කාලෙකින් ආපහු ලියනකොට නම් කම්මලි කමේ උපරිමේට ආවා තමයි .

      Delete
    2. හැක් හැක් කියලා පැනලා යනවා නෙමෙයි දාන්ඩ අයියන්ඩි එල ද බ්‍රා වගේ විචාරයක්

      Delete
  15. විශිෂ්ඨයි... වෙන වචනයක් මතකෙට එන්නෙ නෑ මේ වෙලාවේ. අවමංගල්‍ය ශාලාවෙන් සහ රූපලාවන්‍යාගාරයෙන් ජීවිතෙයේ අනියත බව නිස්සාරන බව ඉතාම කදිමෙට නිරූපණය කරල. ඇත්හෙන්ම ඒ සංඛේතය හරිම ප්‍රබලයි. මට හිතෙන හැටියටනම් රූපලාවණ්‍යාගාරෙන් එළියට එන මනුස්සයාට පාරෙන් එහා පැත්තෙ තියෙන මල් ශාලාවේ නාමපුවරුව. එතකොට ඒ මනුස්සයට තේරෙනවා තමන් කරන නිශ්ඵල වැඩේ තරම.

    ඒත් එක්කම සංවේදීම සිදුවීම වුනේ පුතාට තනියෙන් කරන්න වෙන පළමු එම්බාම් එකම තමන්ගෙම පියා වෙච්ච එකයි.

    මේ තියෙන්නෙ කෙටි කතා. මේ තියෙන්නෙ සාහිත්‍ය. කේ.ජයතිලකලා, මාර්ටින් වික්‍රමසිංහලා, ගුණදාස අමරසේකරල තාමත් අපි අතර ඉන්නවා. මේ තරුණ පරපුර මේ විදියට ඒ උරුමය අනාගතයට අරන් යනවා.

    ReplyDelete
    Replies
    1. කිසි දේකට බයවෙන්න එපා.… අපි වැඩේ කරං යනවා එළකිරි වාගේ… මේව අපේ යුතුකං !!! ඕ යේස්.

      Delete
    2. අපි එකම රෑනෙ කුරුල්ලෝ//
      මේ පාරාදීසේ...
      නෑ වෙන් වන්නේ නෑ තනිවෙන්නේ
      වරෙල්ලා....මේ රෑනේ....

      මදු තියලා දැල් එළලා
      නෑ පැටලෙන්නෙ අපී
      අපේම ලොවකට පියඹා යන්නේ..
      වරෙල්ලා....මේ රෑනේ....

      තටු ලැබුනේ පියඹා යන්නයි
      කූඩුව දොරකඩ ඉන්න නොවෙයි
      අපේම ලොවකට පියඹා යන්නේ..
      වරෙල්ලා....මේ රෑනේ....

      ගායනය - විජේසුන්දර වේරගොඩ

      Delete
    3. රෑනේ ඉගිලෙන්න ඕනේ
      දෑස පෙනෙනා ඉමේ 
      විහඟුන් වාගේ පියාඹා 
      පාවි මේ ගං තෙරේ

      පායා ඈත පායා
      විසිරේ හිරුගේ ඡායා
      පිපි මල් නොතලා පිණිලැල් අතුරා
      සේයා මැවෙනා උදේ

      පාවී ඈත පාවී
      පවනේ සැලෙනා රාවේ
      දියරැල් අතරේ හැඟුමන් කිමිදේ
      මේ ගී ගයනා හදේ…

      පද රචනය: කුලරත්න ආරියවංශ
      සංගීතය: අර්නස්ට් සොයිසා
      ගායනය: මිල්ටන් මල්ලව ආරච්චි

      Delete
    4. "අපි සංතෝසෙන් ඉන්නේ
      දුක සෝකය නෑ දන්නේ
      අයියා මල්ලී වාගේ
      අයියා මල්ලී..."

      Delete
    5. @ මනොෂ් - ජීවිතේ එකම තැනදී අපිට දුක සැප ,යස අයස වගේම ආදරය විරහව හම්බ වෙනවා , අපි ඒවා නොදක්ක් ගානට ඉන්නවා මිසක් යතාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්නේ නෑ. වරදක් නෙවෙයි එක තමයි මිනිස් ස්වාභාවය .

      Delete
    6. පත්තරේ , සින්දු ඇනෝ & මනොෂ් - දැන් මේවට උත්තර දෙන්න රෙකොර්ඩ් බාර් එකක් ගෙදර තියාගන්න වෙනවා

      Delete
    7. ඒත් මේ විදිහට මතක හිටින්නේ නෑ.

      Delete
  16. සංකේත, උපමා රූපක...
    චිත්ත රූප
    ගාණට මිම්මට...
    වැඩිත් නැ අඩුත් නැ...

    සංසාරේ හැටි කියල මිනිස්සු කියන්නෙ තමන්නෙ නොවෙන කෙනෙක්ට මොකක් හරි දෙයක් වුණහම... ඒත් තමන්නයි කියල කෙනෙක්ට මොකක් හරි දෙයක් වුණහම ඒ කියන ඒව අමතකයි...
    ඒ නැතත් ඒව මතක් කරන්නෙත් නැ...

    මට හිතට තදටම වැදුනෙ පළවෙනි එම්බාම් එකට සුනීතට හම්බෙන්නෙ තාත්ත කියල හිතෙද්දි...කතාව කයවන් යද්දි මේ වගේ දෙයක් හීනෙකින් වත් හිතුනෙ නෑ...

    කතාව නං පට්ටයි ඉවාන් අය්ය පට්ටයි කියන්නෙ උපරිමයි....

    ReplyDelete
    Replies
    1. මහේෂ් - ස්තුතියි මචෝ. මිනිස්සු තමන්ට මොකක් හරි දෙයක් වෙනකං ඒ ගැන සංවේදී නෑ. මිනිස්සු අනුන් ගැන ඓතන්න පුරුදු වෙලා නෑ මම හිතන්නේ කිසිම විදිහකට .

      Delete
  17. ඒක පට්ට ලියවිල්ලක් මචෝ උඹ දක්ෂයා...මල් හතයි ඈ

    ReplyDelete
    Replies
    1. අප්පා ශානුවා දැක්ක කල් .... තැන්කු ඈ

      Delete
  18. ජීවත්වෙලා ඉද්දි බියුටි සැලොන් එකෙන් කරන වැඩේ, මලහම මල් ශාලාවෙන් කරනව, ඒත් රැකියාවට තත්ව දෙකක්.
    කතාව පෙලගැස්සවීම උපරිමයි ඉවාන්.

    ReplyDelete
    Replies
    1. උපරිමයි කියන්නේ එල ද බ්‍රා ගේ නිවුන් සහෝදරයා.
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    2. එළ ද බ්‍රා …

      ( ගන්න අපේ දේ )

      Delete
    3. @ කම්මල - ජීවත් වෙලා ඉන්නකොට කරන මේකප් එක මළාම එම්බාම් වෙනවා , ලස්සනට ඇඳගෙන අඩි හතක් අටක් පොලොව යට වැලලෙනවා . ඔක්කොම කෙලි ඔතනට යනකන් තමයි .

      Delete
    4. මෙන්ඩියා ,පත්තරේ - එලද බ්‍රා (Y)

      Delete
  19. කියන්න වචන නෑ මචෝ!!! කියවලා ඉවර වෙලත් විනාඩි ගාණක් හිතුවා මේ මොකක්ද උනේ කියලා.

    මම නම් හිතුවෙ විශේෂෙන් කෙල්ලට පළවෙනි එම්බාම් එක කරන්න වෙයි කියලා. අර ආස කරපු කකුල් දෙක නිසා.

    අනික රූපලාවන්‍යාගාරයයි මල් ශාලාවයි එක තැන.!! හිතට ගොඩක් වැදුනෙ මේ දේ!

    උපරිමයි මචො!

    ReplyDelete
    Replies
    1. උඹටත් කකුල් දෙකක් කිව්වම හිතෙන ජාති.
      ඒ කෙල්ල පණපිටිං ඉද්දි උඹ කකුල් එම්බාම් කරන්න හදනවා. චැහ් .…

      Delete
    2. ප්‍රියා - කෙල්ලට එම්බාම එක කරන්න වුනොත් කියන කතාව මං මුල ඉන්දන්ම් හිතුවේ නෑ ඇත්තටම . ජීවිතේ හැම තැනම රූපලාවන්යාගරයයි මල් ශාලාවයි එක තැන තියෙනවා මචං ,අපිට පෙන්නේ නෑ

      Delete
    3. ප්‍රියා - කෙල්ලට එම්බාම එක කරන්න වුනොත් කියන කතාව මං මුල ඉන්දන්ම් හිතුවේ නෑ ඇත්තටම . ජීවිතේ හැම තැනම රූපලාවන්යාගරයයි මල් ශාලාවයි එක තැන තියෙනවා මචං ,අපිට පෙන්නේ නෑ

      Delete
  20. හිතට ගනින් දිරිය පුතේ
    ඉන්නම් මං අසලට වී
    නොපැකිලෙන්න සැත තියන්න
    මළමිනියකි මා නොව ඔය...

    මෑතක කියවූ සාර්ථකම කෙටිකතාවක්. බොහොම ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. පියසටහන් - ස්තුතියි ඔබේ පියසටහන් මෙහි තබා යන්නට ආවාට . දිගටම එන්න

      Delete
  21. එක හුස්මට කියවන් යන්න පුළුවන් වුන කතාවක්
    :)

    ReplyDelete
    Replies
    1. ආ කොහොමද සුදු අක්කේ ...කාලෙකින් ඇවිත් .. ඔයත් දැන් මෙහෙම දෙයක් ලියනකම් තමා අපි බලන් ඉන්නේ

      Delete
  22. අපට අවශ්‍ය හැම රස්සාවකටම සමාන වැදගත්කමක් ඇති බව සිතන සමාජයක්. එදා සුනීත කේස් එකේ දී බුදු සාදුත් පෙන්නා දුන්නේ ඒකම තමයි. නමුත් අවුරුදු දාස් ගාණක් ගියත් "අපි තවමත් වනන්තරේ".

    හැමෝම සමානම නැති වුණත්, අසමානතාවය ඉතා අඩු සමාජ මේ ලෝකයේ තියෙනවා!

    ReplyDelete
    Replies
    1. එහෙම සමාජයක් නම් මේ කපේදී ඇතිවෙන එකක් නෑ ,විශේෂයෙන් ලංකාවේදී . එහෙම බැලුවම " අපි තවමත් වනන්තරේ තමයි "

      //"අසමානතාවය ඉතා අඩු සමාජ මේ ලෝකයේ තියෙනවා""// අඩු ගානේ එතනටවත් එන්න පුළුවන් නම් හොඳයි .

      Delete
  23. මට මේ කතාව කියවන විට වෙනත් නිර්මාණ සහ සත්‍ය සිදුවීම් තුනක් මතක් වුණා.

    1. සුරස ප්‍රකාශණයක් වන ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ගේ හුස්ම නවකතාවේ ඇති හුස්ම නමැති කෙටිකතාව. මේක මං හිතන්නේ වසර දෙක තුනකට කලින් ඉරිදා ලක්බිම පත්තරේ පළවුණා. මෙහි එන්නේ අවමංග්‍යාගාරයක සම්මුඛ පරීක්‍ෂණයකට ගිය තරුණයෙකු ගේ කතාවක්.
    https://www.dropbox.com/s/gft7ge9wm9g2llm/LakshmanKodituwakkuShortStory08August2010.jpg?dl=0

    2. තරංග ජයසේන (බූන්දි) ලියූ කෙටිකතාවක්. මෙහි එන්නේ පසුගිය යුධ සමයේ ජයරත්න වැනි තැනක මිනී එම්බාම් කරපු තරුණයෙකු ගේ කතාවක්. (සබැඳියක් සොයා ගත නොහැකි විය)

    3. සත්‍ය කතාවක් ඇසුරෙන් මා ලියූ කතන්දරයක්. මෙය කියවා සිනාසෙන්නත් පුළුවන්, අඬන්නත් පුළුවන්.

    අපි සර් ලා ගේ උදව්කාරයෝ නේ...! http://kathandara.blogspot.com.au/2011/01/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. මේ අපේ වෙනී ලියපු එකක්...
      කඩඉමක සේයා...

      Delete
    2. මේ සොඳුරු සිත ලියපු එකක්...
      මිනී පෙට්ටි සාප්පුව

      Delete
    3. කතන්දර & තිසර - කකාගේ පලවෙනි ලින්ක් එකේ කහ්ටාව ඇර අනික් ඔක්කොම කියෙව්වා .. ස්තුතියි ,අරක ඩව්න්ලෝඩ් කරගත්තා පස්සේ කියවන්න

      Delete
    4. මේ අර දේශකයා ලියපු එකක්.. හැක්

      එම්බා..ම්

      Delete
    5. දේශා - ඕවා කියවලා තමයි අපි ඉගෙන ගන්නේ ..ඔ යේස්

      Delete
  24. මිනී එමබාම් කරන කොල්ලෙක් ගැන පත්තරේ ගිය කතාවක් මේ ලඟදි කියෙව්වා,ඉවාන්ගෙ කතාව කියවගෙන යද්දි අනුභූතිය එන්න ඇත්තෙ එතනින්වත්ද කියල මට නිකමට වගේ හිතුණා බලපුවම හරි.හැබැයි ලංකාවෙ පත්තරයක තිබුණු දෙයක් ඉවාන්ට යුරෝපෙන් ලැබුන කතාව තමා හොඳම එක.
    විවේචනය කරන්න දෙයක් නෑ ඉවාන් මල්ලි කතාව හොඳයි.හැබැයි අවසානය තරමක් සම්ප්‍රදායානුකුලද කියලත් මට හිතුණා.එව්වා එච්චර ගණන් ගන්න එපා.තැනකද දෙකකද අක්ෂර වින්‍යාස දෝෂ තිබුනා හදාගන්න.ඉතිං වෙන මොනව කියන්නද උපරිමයෙන්ම කතාව රස වින්දා කියල කියන්නං.මාත් කොල්ල කාලෙ ගෙවල්වල මිනී එමබාම් කරද්දි බලං ඉඳල තියෙනවා එවෙලේ දැනුනු දේ මේ කතාව කියවද්දිත් දැනුනා.ඉතිං ඉවාන් සාර්ථකයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඉවාන් කවදහරි ලියනව කිවුවෑක ලියවිලාද?

      Delete
    2. //"ලංකාවෙ පත්තරයක තිබුණු දෙයක් ඉවාන්ට යුරෝපෙන් ලැබුන කතාව තමා හොඳම එක"// නෑ ඒක එහම නෙවෙයි . මම ඒ ප්‍රවෘත්තිය කියවලා තිබ්බා ,නමුත් එකෙන් කතාවක් ලියන්න ඕන කියලා අදහසක් තිබ්බේ නෑ. අන්න ඒ අදහස තමයි අරූ අයියා ඇතිකළේ .

      Delete
  25. මේක සත්‍ය කතාවක්ද...? ඉවාන්...... වදින්නම ලියල තියනවා....... හැම ඇත්තක්ම...... අන්තිමට සුනිතත් මිනී කාක්කෙක් වෙලා තමයි නවතින්නේ.....

    ReplyDelete
    Replies
    1. මිනිකාක්කො කියන්නෙ එම්බාම් කරන අයට නෙමෙයි,හොස්පිට්ල් ලග ඉදන් කවුරුහරි මැරුනම එයාලගෙ නැයන්ට මිනිපෙට්ටි සාප්පුවක් සෙට්කරල දෙන බ්‍රොකර්වැඩෙ කරන අයට

      Delete
    2. නිහිංසා සත්‍ය කතාවක් ඇසුරෙන් තමයි නිර්මාණය කලේ .. හැබැයි අවසානය වෙනස් . මිනී කාක්කෝ ගැන දමිත් කියලා තියෙන දේ තමා හරි මාත් දන්නා විදිහට

      Delete
  26. ඔය එම්බාම් එකකදි කරන ශිල්ප ක්‍රම ගැන කොහෙන්ද බොලං දැනුම ලබා ගත්තෙ...බොලාගෙ අතීත කථා කියවලා පලපුරුද්දටමද මන්දා මට මැද හරියෙදි හිතුනා...පළවෙනි එම්බාම් එක තනියෙන් කරන්න වෙන්නෙ කාගෙද කියලා....මේ දවස් වල සෑහෙන්න කාර්ය බහුලයි වගේ.....බොට ජය !

    ReplyDelete
    Replies
    1. එම්බාම් එක කරන ශිල්ප ක්‍රම ගැන එහෙමට දැනුමක් නම් නෑ. එත් මේ කතාව ලියන්න හිතුනට පස්සේ එම්බාම් කරන ඒවා ගැන යූ ටියුබ් එකේ තිබ්බ වීඩියෝ කීපයක් බැලුවා , ලංකාවේ කීපයකුත් තිබ්බා . කාරය බහුලවෙලා හිටියා දැන් ටිකක් ශේප්

      Delete
  27. මන් හිතපු දේම උනා අන්තිමට, නියමයි අයියේ,, කොල්ලා පව්, එම්බාම් රස්සාව කරන්න තරම් තැලිච්ච පොඩිවෙච්ච කොල්ලෙක් නෙමේ සුනිතයා :(

    ReplyDelete
    Replies
    1. ඔයා හරියටම හිතලා ඒ කියන්නේ ... ජීවිතේදී අපිට ඕන කරන විදිහටම හැමදෙමම ලබාගන්න අමාරුයි නේ නේද ?

      Delete
  28. නියමයි... කමෙන්ට් වලින් දාලා තියෙන විචාරත් මාර වටිනවා... කතාවේ හොඳ සහ නරක දෙකම ගොඩක් අය කතාකරලා තියෙන හින්දා මටනම් එකතුකරන්න දෙයක් නෑ... මැදදි මටත් හිතුණේ තනියම කරන පලවෙනි එම්බාම් එක සාවිත්‍රි වේවි කියලා... ඒත් හැමෝම වගේ එහෙම කියන නිසා ඉවාන් කල වෙනස නිවැරදි බව පේනවා...

    මෙහෙම මාතෘකාවක් හරි ප්‍රවෘත්තියක් හරි දීලා කතාවක් ලියන්න කිව්වම ඒකෙන් රසවත් කතාවක් ලියන හැටි මටනම් පුදුමයි... හරියට මැටිපිඩක් දීලා පිළිමයක් අඹලා පෙන්නන්න කිව්වාම කවුරුත් බලාපොරොත්තු නොවෙන පිළිමයක් මතුකරගෙන පෙන්නනවා වගේ... මම හිතන්නේ නියම දක්ෂකම කියන්නේ ඒකයි... අන්තර්ජාලයේ ගතකරන කාලයට වටිනාකමක් එකතු කරනවාට ස්තූතියි ඉවාන්...

    ReplyDelete
    Replies
    1. බීටල් - ස්තුතියි බොහොම , ඔබ වගේ දක්ෂ ලියන්නෙක් ගෙන මෙහෙම අහන්න ලැබීම ඇත්තෙන්ම සතුටක් . හැබැයි සාවිත්‍රිව එම්බාම් කරවන්න මං මුල ඉඳන්ම හිතන් හිටියේ නම් නෑ අවංකවම. උඹේ කතා මං කියවන්නෙත් හරිම ආසාවෙන්

      Delete
  29. ඉවාන්......ජීවිතයේ සැබෑ අරුත නොදන්නා මිනිසුන් ඉන්නා ලෝකයක, උඹ වැනි මිනිසුන් එක් සැබෑ සිදුවීමක් හරහා කෙටි කතාවක් ලිවීමට තරම් නිර්භීත වීම ගැන මම උඹව අගයන්නෙමි!!!! මෙවන් ජීවිත තුල අභ්‍යන්තරයේ පවතින සියුම් වේදනා උඹේ කතාව තුල ගැබ්වී ඇති මුත්...ඒ වේදනාව පාඨකයාට කඳුලක් එකතු කිරීමට තරම් උඹ සමත් වී නැති බව මට හැඟේ. මට එය දැණෙන්නෙ මා කඳුළට වඩාත් කැමති නිසා විය හැකියයි කිසිවෙකෙකුට කිය හැක. නමුත් මම කඳුළ බැහැර කරන්නෙමි.

    අපි උඹේ කතාවට යමු. මේ තුල උඹ ඉතා සියුම් තැන් ස්පර්ශ කිරීමට සුදානම් බව පෙනේ. ඒ ඉතා අගනා කතා කරුවෙකුගේ ලක්ෂණයි. නමුත් ඔබ කථානායකයා වඩාත් සංවේදී ලෙස පාඨකයාට ලංකිරීමට අපොහොසත්වේ. ඔබ නිකිණි වැස්ස සිනමා පටය නැරඹුවානම්...ඒ තුල ජීවත්වන එම්බාම් කාරයා ගැන යම්කිසි ඉවක් ලබනු ඇත. කෙටි කතාකරුවන් හෝ, මොනයම් නිර්මාණ කරුවෙකුට ජීවිතයේ ඒ හා බැඳුණු අත්දැකීම් තිබිය යුතු නොවේ. නමුත් ඒ හා බැදුණු හැඟීම් තිබිය යුතුවේ. මම උඹට කියන්නේ වරදක් නොව....දුක මෙතරම් සැහැල්ලු නැති බව පමණි. අඩෝ ඉවාන්... උඹ සියුමැලි වැඩිද මන්දා ජීවිත ස්පර්ශයේදී. මට උඹේ ඉස්සර ලියපු දේවල් මීට වඩා සංවේදියි. වෙනස්වීම්වලට හේතුත් ඇති. නමුත් දේශපාලනික සංවේදීත්වය තුල තමයි මානුශික සංවේදීත්වය සියුම්ව ගලපන්න පුළුවන්.

    අඩෝ මම උඹට කැමතියි... උඹේ නිර්ව්‍යාජ සිතුවිලි..පොතක ප්‍රින්ට් වෙන අකුරු වලට වඩා නිදහස්. මේ මම දකින සෞන්දර්වත්වයයයි..මා දකින නිදහසයි.

    පිදුම මට විය නොවිය යුතුයි...ඒ කොළුවාට වූවා නම් වඩා අගෙයි. උඹට ස්තූතියි!! ඉවාන්....උඹ සොඳුරු වැඩියි, අද ඇත්තේ එවන් ලෝකයක් නොවේ. ඒ ලෝකය සොඳුරු මිනිසත්කම අගය නොකරයි.

    ReplyDelete
    Replies
    1. හුරේ ……… ජයවේවා !!!!

      අපේ අරූ අයියා බැහැලා ……

      වරේවා …

      සා දුකින් පෙලෙන වුන් - දැන් ඉතින් නැගිටියව් …… ඩිස්ති ඩි ඩිං …

      Delete
    2. ///"""ඉවාන්....උඹ සොඳුරු වැඩියි, අද ඇත්තේ එවන් ලෝකයක් නොවේ. ඒ ලෝකය සොඳුරු මිනිසත්කම අගය නොකරයි.""//
      මට කියන්න දෙයක් හිතා ගන්න බෑ ..

      අරු අයියාට ස්තුතියි ..මේ ප්‍රවෘත්තිය මං දැක්කත් එකෙන් මට කතාවක් ලියන්න ඕන කියලා හිතිලා තිබ්බේ නෑ. ඒක ලියෙව්වේ අරු අයියා ..ඉතින් ගෞරවය ඔබට .

      Delete
    3. වෙල්කම් බැක් අරූ අයියේ...

      ඔබ නැති බ්ලොග් ලොව පාළුයි..අඳුරුයි...

      Delete
    4. ඉවාන්ට කථාවක් ලියන්න අවස්ථාව හදාදිම ගැන ඔබට ස්තුතියි අරැ අයියන්ඩි.

      Delete
  30. මම හිතුවේ සාවිත්‍රි කෙල්ලත් මොකක් හරි අවසානේ පාට් එකක් රඟපායි කියලා

    ReplyDelete
    Replies
    1. මොකද යකෝ මේ හැමෝම සාවිත්‍රි ගැන හිතන්නේ ... උඹෙත් උසේ හැටියට නෙවෙයි වැඩ. දුප් යන්න

      Delete
  31. අන්තිමට ඉස්සෙලම තනියම කරන්න උන එම්බාම් එක තාත්තගේ උනාම කොහොම දැනෙයිද... මට නම් හිතා ගන්නත් බෑ...

    නියම කතාව බං.. සුපිරියි..

    ReplyDelete
    Replies
    1. එහෙම දැනෙන හැගීම අපිට හිතාගන්නවත් බෑ නේද? අන්න එකට තමයි ඒ වුනාට ජීවිතය කියන්නේ . අපි නොහිතන දේවල් වලට මුහුණ දෙන්න සිදුවීම .

      Delete
  32. මටත් නිකමට හිතුන පලවෙනි එක තාත්තගෙද කියල.සාවිත්‍රි ඔකට සෙට් වෙන්නෙ නැ කියල මම දැනන් හිටිය.නියමයි .හැලපෙත් හොද කියපු එකෙ අද අපි නරක කිවුවන හොදයි කියලත් හිතුන.

    ReplyDelete
    Replies
    1. දැන් මොකක්ද උඹ කියන්න හදන නරක ..හොඳයි කියපම්කො බලන්නනරකයි කියල කඩනවා අඬු ..ඔ..යේස් :P

      Delete
  33. මචං කතාව කියෙව්වා.අරූයියා උඩින් කියලා තියෙනවා වගේ කතාව අවසානේ හිස් තැනක් තියෙනවා වගේ හැඟීමක් මට අවා.මම කියන්නේ උඹ නරකයි කියලා නෙමේ. මේකේ අවසානේ මේටත් වඩා සංවේදී කරන්න තිබුනා නම් හරිම වටිනාකමක් කතාවෙන් ගන්න තිබුනා.අර අරූයිය උඩින් කියලා තියෙනවා වගේ උඹ ඉස්සරම ලියාපු කතා වල මෙයට වඩා ලස්සන සංවේදී අවසානයන් තිබ්බා.

    කරන රස්සාව අනුව මිනිස්සු වර්ග කරනවා නම් මුළු ලෝකෙම සමාජ අර්බුදයකට යනවා.නිකන් හිතලා බලපන් කුණු අදින්නන මිනිස්සු නාවොත් මොකෝ වෙන්නේ කියලා.එම්බාම් කතාවත් ඔය වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. සංවේදී කරන්න පුළුවන් උපරිමය කළා මනෝජ්,නමුත් සමහර තැන්වලදී මීට වඩා ඉදිරියට යන්න තිබුන තමයි . රස්සාව අනුව විතරක් නෙවෙයි බන් යන ඉස්කෝලේ පටන් හැමතැනකදිම වර්ග කරලා මිනිස්සුන්ට සලකන්නැ රට පුරුදු වෙලා ඉවරයි

      Delete
  34. ඔබේ කතාව අපි හැමෝටම හිතන්න යමක් ඉතිරි කළා ඉවාන්...හරිම ලස්සන කතාව...ඒත් එයින් කියවෙන්නේ අපිත් එක්කම මුළු සමාජයේම තියෙන රෝග ලක්ෂණ...ඒවයෙ තියන කැතකම....ජය වේවා ඉවාන්...

    ReplyDelete
    Replies
    1. රස්සාව , පාසල, පළාත , වාහනය , පාට අනුව මිනිස්සු මනින ගෝත්‍රික ගති සිතුවිලි වලින් ඈත් වෙන්න මිනිස්සුනට තාමත් බැරිවෙලා තියෙනවා. අන් අයට වඩා අපි උසස් කියලා හිතනන තරම් මුග්ධයි

      Delete
  35. ඉවාන්ගේ මේ කථාව කියෙව්වාම මට හිතිච්ච දෙයක් පෝස්ට් කලා ඕන්...
    මුලු කථාව පුරාම මට තිබුන ප්‍රශ්නේ තමයි අරූව ගෑවුනේ කොහොමද කියලා. පස්සේ මැලේ රාලගේ කොමෙන්ටුවකට ඉවාන් දුන්න උත්තරය නිසා යන්තම් හිත නිවුනා. බය උනා ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. ඒ පොස්ට් එක කියෙව්වා චෙපාකි , මිනිස්සු කියන්නේ මිනිස්සු..රස්සාව , තරාතිරම අනුව මුස්ස හැගීම් වෙනස් වෙන්න බෑනේ ...මල කෙලියයි අරු අයියා ගැන බය වුනාද ? හපොයි .

      Delete
    2. ඇයි මනුස්සයො මිනී වලකුයි පෙට්ටියකුයි එක්ක පින්තූරයක් දාලා අරූටය පිදුම කිව්වාම බයවෙන්නේ නැද්ද? ඒ මදිවාට කථාව එම්බාම්...හපොයි තමයි,......

      Delete
    3. දෙයියෝ සාක්කි, සොරිවෙන්න ඕන ... කවුද හිතුවේ ඔහොම සන්ගදියක් වෙයි කියලා .....

      Delete
    4. ෂෙෆාකි.... මචං මට තව සුමාණයක් විතර දීපං. මට හරි ආසයි උඹලාව කියවන්න. මම ලොකු වැඩ ටිකක ඉන්නේ. මම මේ බ්ලොග් ලෝකයට ආසයි. නමුත් ඊට වඩා වගකීම් කීපයක් මා සතුව තියනවා. ආඩම්බර තාත්තා වෙන්න, කෙළී තව වගකීම් ටිකක් පවරලා ගියා. මා නොදත් ලෝකය තුල, ඈ අපි දෙදෙනාව ඉතාම සෙනෙහසින් හසුරනවා. මට පොඩ්ඩක් ඉඩ දියන්...මම රසවිඳිනවා.

      Delete
    5. @ අරූයියා,
      ආ එකයි මේ ඔහේ පේන්න නැත්තේ.මම් හිතුවා අර ඊශ්‍රායෙල් උන්දැලා පලස්තිනෙට ගහපු එකක් වැදිලාවත්ද කියලා.දු ගැන ආඩම්බර වෙන්න පුළුවන්නේ මම දැක්කා අරූයියා කොහේහරි කියලා තියෙනවා දුව පළමු පෙළ සාමාර්ථයක් ගත්තා කියලා.සුබ පැතුම්..!!

      Delete
  36. නියමෙට ලියල තියෙනව ඉවානයො.
    මේ පැත්තෙනං ඉන්නව පවුල පිටිංම ඔය රස්සාව කරන කෙනෙක්. එහෙමය කියිල කිසිම කෙනෙකුට අඩු සැලකීමක් නං නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ත්‍රිභාෂා ප්‍රසන්න අයියා , ඕක තේරුම් ගත්ත මිනිස්සුන්ට ඔය ගැන තැවෙන්න ඕනත් නෑ. එහෙම තේරුම් ගත්ත මිනිස්සු අනික් යට පහාස උපහාස කරන්නෙත් නෑ. එත් වැඩි දෙනා බලන්නේ හෙලා දකින්න

      Delete
  37. උඹේ කතාව ජීවිතයේ ගොඩක් දේවල් වල අනිත්‍යය කියල දුන්න. ඒ කතාව කියෙව්වම බොක්කටම වැදුනු නිසා වෙන්නැති. දවසක් මං පත්තරේක දැක්ක, ඔය රස්සාව කරන කෙනෙක් ගැන අමුතු විස්තරයක්. ඒ මනුස්සයා ගේන මිනී වලින් අක්මාවද කොහෙද ගෙදර ඇරං ගිහින් උයල බැදල කනවලු. මට මතක හැටියට දිවයින පත්තරේ. ලිපිය ලියපු ලියම්කරු මේ යකා හම්බවෙන්න ගිය ගමනක සිද්ධියක් හැටියට තමා ලියල තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තෙ.වා ,
      අප්පටසිරි මොකක්ද බන් ඒ කතාව.
      මම එක සැරයක් ඇහුවා කතාවක් ,ඔය ඇඹිලිපිටිය පැත්තේ හෝටලේක ,මිනීමස් දාලා කොත්තු දුන්න කතාවක්. අහු වුනේ එක දවසක් ට්‍රිප් එකක් ගිය සෙට් එකකට දීපු කොත්තුවක ඇඟිල්ලක් තිබිලලු,කතාවේ ඇත්ත බොරු නම් දන්නේ නෑ, හැබැයි ඕක පස්සේ කාලෙක අර කණමැදිරි රාත්‍රිය කියලා ගිය රේඩියෝ වැඩසටහනකත් ගියා .

      Delete
    2. ඉවාන් කීවමයි මතක්වුනේ. අපේ තාත්ත තමා මේ කතාව මට කීවෙ. ඒ කාලෙ ඔය ඇඹිලිපිටිය පැත්තෙම හෝටලයක් තිබිල තියෙනවා. අයිතිකාරය හෙන සල්ලිකාරයෙක්ලු. මිනිහට ගංජා හෙන් එහෙමත් තිබිල තියෙනවා. හේනෙ වැඩට ආපු මිනිහෙක් මුදලාලිගෙන් ගැලවිල ගෙදර යන්නෙ කාලාතුරකින්ලු. හේනට හොරෙන් පනින එවුන්ටත් ඒ සෙතේමයි. ඉතින් මිනිහගෙ හෝටලේ මස් හරිම රසයි කියලලු ප්‍රසිද්ධ. (තේරුණානේ මස් රස ඇයි කියල) මේව ඒකාලෙ කවුරුවත් දන්නෙ නෑ.

      දවසක් මිනිහට කොළඹින් ලොකු ගංජා ඕඩරයක් ලැබිල. මෑන් ලඟ තියෙනවලු ෆිනෑන්ස් කරල ගත්ත මොරිස් මයිනර් කාර් එකක්. මිනිහ කවදාවත් ඒකෙ වාරික ගෙවන්නෙ නෑලු. ඉතින් මිනිහ වාහනේ සීට් වල කුෂන් ගලවල ඒ වෙනුවට ගංජා ටික අහුරල තියනවලු. ඊට පස්සෙ මිනිහම ෆිනෑන්ස් කොම්පැණියට කතා කරල කියනවලු කාරෙක ගෙදර තියෙනව ඇවිත් අරං යන්න කියල. ෆිනෑන්ස් එකෙන් කාරෙක අරං යද්දි මුදලාලිත් යනවලු පස්සෙන් වෙන වාහනයක. චැක් පොයින්ට් ටික පහුකරල කොළඹට වාහනේ ගියාට පස්සෙ, මිනිහ සල්ලි ගෙවල කාරෙක ආපහු අරං අදාල තැනට බඩු ටික ඩිලිවර් කරනවලු.

      Delete
    3. එහෙනම් ඔය කියපු මුදලාලිගේ හෝටලේ කතාව වෙන්න ඇති ඔය මාත් අහල තියෙන්නේ .. ඇඟ හිරිවටෙනවා බන් මේ වා අහද්දී

      Delete
    4. ඇයි බං සිරා ගංජ හේනක වැඩට ගිය කෙනෙක් ගෙ කතාවක් ලිවුවෙ , ඒ මේ කතාව තමයි හෝටලේ මිනී මස් කතාව කපා හැරියා.
      ඇඹිලිපිටියෙ තිබුන හෝටලේ අයිතිකාරය, ගම්පහ කිට්ටුව. දැන් මිනිහ මැරිල, පුතාල කරන කඩයක් ගම්පහ තාමත් තියනව.
      තෙ. වා මයිනර් එකක් නෙමේ, නිල්පාට ඕපල් එකක්, ඒක එලෝපු කෙනා පස්සෙ කාලෙක මා ලග වැඩකලා.

      Delete
    5. අඩේ වෙන්නැති වෙන්නැති. බොහොම ස්තූතියි කම්මලට කාර් එක මතක් කරල දුන්නට. අපේ තාත්තා ඒකාලේ තණමල්විල කෑම්ප් ගහගෙන වැඩ කරල තියෙනවා.

      Delete
    6. බලාගෙන ගියාම ඒ කතාව සෑහෙන ජනප්‍රිය කතාවක්නේ .

      Delete
  38. ඉවාන් ලිව්වොත් ඔය වගේ හිතට වදින මොකක් හරිම තමා ඉතින්... මිනිස්සු මැරෙනකල් බලන් ඉන්න රස්සාවට අන්තිමට තමුන්ගේ පියාගේම සිරුර හමු වීම තුලින් ලොකු පණිවිඩයක් දෙනවා කියල මම හිතනවා..

    ReplyDelete
    Replies
    1. අඩේ අඟහරු ලෝකෙට එක්සෑම් ඉවරයි නේද ? තැන්කු වේවා . එහෙනම් දැන් ලියන්න පටන් ගනිං ..අපහු උඹේ කෝච්චි සවාරිය .

      Delete
  39. මේ මාර කලබලකාරී දවස් දෙකේ ඉස්සෙල්ලාම උඹේ කතාවේ මුලයි අගයි කියවලා ද තමයි පොඩ්ඩක් නිදහසේ කතාව මුළුමනින්ම කියෙව්වේ. ඉතාමත් සරු ආකෘතියක් හා කතා පුවතක් උඹ මවාගෙන තියෙනවා. අනික දිග අර්ථ සම්පන්න සාකච්චාවක් කොමෙන්ට් දිගේ ඇදිලා යාමෙන්ම පේනවා මේ කතාව මනරම් ඉදිරිපත් කිරීමක් කියල. මම අග කියවලා ආයේ මුල ඉඳන් කියවපු හින්දද කොහෙද මට දැඩි කම්පනයක් දැනුනේ නෑ කියවාගෙන යද්දී. අනික අර ප්‍රා ජේ කියල තිබ්බ පෙම්වතියගේ පිරිපුන් කකුල්වල කතාවයි මළමිනිය එම්බාම් කරන විට ඇඟේ මාංශ පේශී ඇකිලී යන කතාවයි වගේ ඒවා ලියන්න කොච්චර සංකල්ප මැවීමේ දක්ෂතාවක් තියෙන්න ඕනිද. තව චුට්ටාක් විතර සියුම්ව මේ දේවල් පෙළ ගස්සුවානම් කතාව අති විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. තිලකයියා ..ස්තුතියි කමෙන්ටුවට සහ ඇගයීමට , කමෙට් වලින් තවත් අර්ථාන්විත කතාවක් ඇදිලා යන එක ගැනත් ඇත්තටම සතුටුයි . ප්‍රාජේ ඒ ගැන කිව්වම මම ඇත්තටම සතුටු වුනා මොකද ඒ දෙකේ සම්බන්ධතාවය කෙනෙකුට මීටර් වෙයි කියලා මාම්බලාපොරොත්තු වුනේ නෑ.
      සියුම් දේවල් ගැන අවධානය යොමුවෙන්න ඕන කියන එක මාත් පිලිගන්නවා , වෙලාව තමයි පුරස්නේ

      Delete
  40. ඊයේ මේ කතාව කියවලා කමෙන්ට් එකක් නොදමා නිදි යහනේදී කල්පනා කළා මේ කතාවේ සන්දර්භය ගැන. මට මතක්වුණේ ඉස්සර කියවපු ඇරැව්වල නන්දිමිත්‍ර ගේ සහ ජී.බී. සේනානායකගේ කෙටිකතා.

    අද්‍යතන ශ්‍රීලාංකේය සමාජයේ පැතිකඩක් විවරණය කිරීමෙහිලා, ඔබ මේ දක්වා ඇති පරිචය, ප්‍රතිභාව, කෞශල්‍යය, අතිශයින්ම ප්‍රශංසා කටයුතුයි.

    මේ ඇසුරෙන්, ඒකාංගික ටෙලිනාට්‍යයක් සැකසීම ඉතා අගනා බව, මා ඔබට ඉතා ආදරයෙන් යෝජනා කරනවා.

    මාගේ විශේෂ ස්තුතියද පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. //"මට මතක්වුණේ ඉස්සර කියවපු ඇරැව්වල නන්දිමිත්‍ර ගේ සහ ජී.බී. සේනානායකගේ කෙටිකතා"// ඇත්තෙන්ම විචාරක මේ කතාවනම් මට ලොකු ඇගයීමක් .
      ටෙලියක් හදන්න තිබ්බානම් හොඳයි තමයි , බලමු සමහරවිට එතනටත් එන්න බැරිවෙන එකක් නෑ . ස්තුතියි විචාරක

      Delete
  41. කතාව දැනෙන්න ලියලාතියෙනවා.. අන්තිම ටික කියෙව්වහම හිත නැවතුනා වගේ දැනුනා... හුඟක් සාර්ථකයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි... ජීවිතේ ඔහොම තමයි නේ , අපි බලාපොරොත්තු වෙන දේ විතරක් ලැබෙන්නේ නෑ කවදාවත් .

      Delete
  42. කතාව ගැන ආයෙ කියන්න දෙයක් අනෙක් උන් ඉතුරු කරල නෑ. අර බීටලේ කිව්ව වගේ "මෙන්න මේ නිව්ස් එකෙන් කතවක් මවල දියන්' කිව්වම ඒක ලෙසටම කරන එක හැමෝටම බැරි "මාර වැඩක්" මචෝ. සුනීත කියන නම තෝර ගත්තෙ බොහොම හිතල වෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. තැනකුයි වේවා සිංහයෝ ... හැබැයි බීටලේ සහ දේශයා වගේ ලියන්න නම් තව මහන්සි වෙන්න වෙනවා මට. උඹ හරි සුනීත කියන නම නම් හිතලා මතලා තමයි තොර ගත්තේ ..තැන්කුයි වේවා උඹට

      Delete
  43. කමෙන්ටුවක් දාන්න එන එකත් ලේසි නෑ ....කතාව නම් නියමයි සමහර විට අර සාවිත්‍රිව අනවශ්‍යයි කියලා හිතුනත් කතාව සම්පුර්ණයෙන් ගත්තාම අවුලක් නෑ ,කියන්න ඕන ගොඩක් දේ උඩින් කියලා...කොම උනත් කතාව උපරිම රසයි ....

    ReplyDelete
    Replies
    1. සාවිත්‍රි නොහිටියානම් කතාව නිකම්ම වාරතාවක් වගේ වෙයි කියලා හිතුනා ඒකයි සාවිත්රිව එකතු කරන්න වුනේ ... තැනකුයි වේවා සහෝදර

      Delete
  44. ඉවාන් අයියෙ කතාවනම් පට්ටයි.... මාත් හිතුවෙ අර ගෑං ළමයා පළවෙනියට එම්බාම් කරන්න වෙයි කියලා........ මල් හතයි ඈ.........

    ReplyDelete
    Replies
    1. මල් මල් මල් මල් මැද පිපි අඩවි මලේ .... තැනකුයි ඈ... අනේ යකෝ උඹල ඔක්කොම් අර අහිංසක කෙල්ලව එම්බාම් කොරන්න දඟලන තරමක් අම්මපා ... :D

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]