"ආදරය කියන්නේ හොරකමක් .."
" නෑ එහෙම වෙන්නේ කොහොමද?"
" නැත්තේ මොකද ?"
" ඒක හොරකමක් තමයි ...."
" වෙන්න බෑ ?"
" වෙන්න බැරි මොකද ..ආදරය කියන්නේ හිත හොරකම් කිරීමක් කියලනේ කියන්නේ ..."
"ඒ කියන්නේ පොකට් කාරයෝ ඔක්කොම ආදරවන්තයෝ ...."
"නෑ... හොරකමක් වුනාට ආදරය පොකට් ගහන්න බෑ ...."
"කවුද එහෙම කියන්නේ "
"එහෙම කියන්නේ "තිලකසිරි "
කොහෙදිද .....
ජීවිත ගමනේ ඇවිදගෙන යද්දී අපිට විවිධාකාර මිනිස්සු හමුවෙනවා . ඒ අතරින් බොහොමයක් දෙනා මතකයෙන් ඉවතට යනවා. කීප දෙනක් මතකයේ රැඳෙනවා .. හැබැයි හදවතේ රැඳෙන්නේ බොහොම අල්පයි...
හදවතේ රැඳෙන්නේ මනුස්සකම පිරුණු අව්‍යාජ මිනිසුන්ව . හැගීම් අකුරු කරනවා කියන දේ කරන්නට අමාරුයි . ජීවිතේ එකවරක් හෝ තමන්ට දැනුනු හැගීමක් ලියන්නට ඔබ උත්සාහ කර ඇත්නම් එහි අසීරුව වැටහෙනවා ඇති...
තිලක සිත හැමදාමත් සංවේදී හැගීම් ඔබටත් මටත් දැනෙන්නට අකුරු කළා.. ඒ සංවේදීකම , ලෙන්ගතු කම සයිබරය පුරාවට විහිදුනා .. සයිබරයේ රැඳුනු ඒ ලෙන්ගතුකම සමගින් දොඩමළු වන්නට ... සතුට බෙදාගන්නට පැමිණෙන්න කියා ඔහු ආරාධනය කරනවා ..
කාටද ?
ඔබටත් මටත් අපි හැමටත්
කුමකටද ?
තිලකසිත දොරටවඩින දිනට ..
කවදාද ?
අගෝස්තු 08 සිකුරාදා
කොහෙදීද ?
කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයට
කීයටද?
හවස තුනයි තිහට ,
අනික් සියලුම විස්තර මෙතනින්
කමෙන්ට් වලින් කිවයුතු සියල්ල මෙතනට කියන්න ...