මිත්තරයෝ ටික

Tuesday, September 29, 2015

කාකි පාට හීන




මිහිකත නලවාලා , මග මල් ගන්වාලා 
යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා 
මල් ඔසරිය ඇඳලා , පොත් මිට ඉනේ තියා 
යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා 

අගහිඟ කම් දැනුනා , දෙවියන් සිනාසුනා 
එක්තැන් වුණිය පියා , මව් සුරලොව වැඩියා
මල්ලිට යන්න වුනා , රට රකිනටය කියා 
කහ පැහැ ගවුම ඇඳන් , නැගණිය අකුරු කළා 

හීනය පසෙක තියා , සරසවි දෙස නොබලා 
කාකි ඇඳුම ඇන්දා ,  සාමය රකිමි කියා 
ආදර බස් තෙපලූ , සිහිනයේ කුමාරයා 
කාකි ඇඳුම හන්දා , නොකියම යන්න ගියා 

තාත්තේ තව දවසක් , පනනළ රැක දෙන්නම් 
නංගියේ කවදා හෝ , ඔබ රජ කරවන්නම් 
කාකි පැහැති සිහිනේ , පටු මාවත් අතරින් 
මගේ හෙට දවස දිහා , නෙත් දල්වන් ඉන්නම් 

Monday, September 21, 2015

දමනය 3



පෙ.ලි.

මේ කතාව ඇත්තෙන්ම ලියවෙන්නේ බස්සිගේ නවාතැනේ ,බස්සි විසින් ලියු දමනය නම් වූ කෙටි කතාව නිසයි. එහි ජෝෂුවා සහ මෙලීසා නම්වූ චරිත ද්විත්වයේ, ජෝශුවාගේ ඇසින් බස්සි අතින් ලියවුනු එම කතාවට දිගුවක් ලෙස මෙලිසාගේ ඇසින් ලියන්නට සිතුනු නිසා කතුවරියගේ අවසරය පිට මේ දිගුව මෙසේ මෙතැන පලකරමි .

දමනය 1

දමනය 2

*******


එදායින් පස්සේ ජෝෂුවා මට ඕන කරන විදිහට හසුරුවාගන්න මට කිසිම අපහසුවක් වුනේ නෑ . හැබැයි මට තිබ්බ එකම ප්‍රශ්නේ මේ යතුරු පුවරුව මගේ යටතේම තියාගන්නේ කොහොමද කියන එක. හැමදාම රෑට ජෝශුවාව නින්දට යවලා ආපහු පාන්දරම දුවගෙන ඇවිත් ජෝෂුවා ඇහැරෙන්න කලින් මෙතන වාඩිවෙන එක ටික දවසක් යනකොටම මට එපාවෙලා තිබ්බේ . ඊටත් වඩා ලොකුම ප්‍රශ්නේ වුනේ මිසිස් හන්ටර් මම නැති එක ගැන පැමිණිලි කරලා තිබ්බ නිසා .

එදා ගෙදර ගියාම “මෙලීසා ඔයා රසායන විද්යාාව පංතිය මග අරින්නේ ඇයි” අම්මගේ ඒ ප්ර්ශ්නය මට එක අතකට සැනසීමක් වුනා , ඒ කියන්නේ මම ඉස්කෝලේ ගිහිං රසායන විද්යාාව පන්තියට විතරයි ගිහිං නැත්තේ . කොහොමත් මිස්ටර් ඩේවිඩ් වත් , මිස්ටර් ඉයන් වත් ළමයි ඉන්නවද නැද්ද කියන එකගන කවදාවත් සැලකිලිමත් වුනේ නෑ. එයාලට ඕනවුනේ ඇපෙන් බේරෙන්න වගේ කොහොම හරි මොනවා හරි ටිකක් කියවලා යන්න විතරයි.

“ මෙලීසා.................. මෙලීසා...................... ඔයාට ඇහුනද මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා ?”

“ඔ....ඔව් අම්මේ ම..ම....මං බෑන්ඩ් ප්‍රැක්ටිස් වලට හිටියා “

“ආ ඒත් ඔයා කවදාවත් මෙලෝඩිකාව ගෙනිච්චේ නෑනේ ...”

“ ඒ....ඒ...එකනේ අම්මේ මට හැමදාම අමතක වුනා , මම...... මම බලං ඉඳලා ආපහු ආවා “

අම්මගේ මූණ හොඳටම නරක් වුනා , එයා මොකක්ද කියන්න හදද්දිම ,හොඳවෙලාවට තාත්තා ගෙදර ආපු නිසා ඒ කතාව එතනින් නැවතුනා , මොකද අම්මා කැමති නෑ තාත්තා ඉස්සරහ අපේ ඉස්කෝලේ වැඩ ගැන කතා කරන්න , වෙන මොකවත් නෙවෙයි තත්වය අසතුටුදායක වුනොත් බැනුම් අහන්න වෙන්නේ අම්මටම නිසා .ඒ ඇසිල්ලෙන් මම කාමරේට පැනගත්තා .

Thursday, September 17, 2015

හීන දිගන්තේ



"මොන මගුලක්ද ඔය අහන්නේ දානවා නිව්ස්, දාගත්තා උදේ පාන්දරම කෙහෙල් මලක් "

දිසානායකගේ සද්දෙත් එක්කම ඊළඟට ඇහුනේ රේඩියෝවේ නිව්ස් යන සද්දේ ...

"දැන් ඔයැයි ඔය නිව්ස් ඇහුවම රට හැදෙයි ..."

"නෑ තමුසෙගෙ අර ටොම් පචයා හීන විසඳන එක ඇහුවම තමා රට හැදෙන්නේ .... ඔය හීනයා කිව්වේ මේ අවුරුද්දෙත් ආපහු සුනාමියක් ඇතිවෙනවා කියලා ? ලැජ්ජ නැතුව තවත් අහනවා ..."

තිලකා ගෙනාපු තේ පුරපවපු මග් එක “දොහ්” ගාලා මෙසේ උඩින් තිබ්බ පාරට තේ ටිකක් මේසෙට වැටිලා බිංදු කීපයක් වටේට ඉහිරුනා .. නහය පුම්බලා පුස් පුස් ගාලා දෙතුන් පාරක් පිම්බපු දිසානායක  ඔරවාගෙන යන තිලකා දිහා බලං කට කොනකට හිනාවෙන ගමන් තේ එක තොල ගාන්න පටන් ගත්තා .

"නෑ ඒයි...."
 තමන්ගේ තේ එකත් අතේ අරං උළුවස්සට හේත්තු වෙන ගමන් තිලකා කතාවක් පටන් ගත්තා .

"මම දැන් දවස් තුනක්ම එකම හීනේ දැක්කා , එක මොකක්ද කියලා අහලා යවන්න් හිතාගෙන තමා අද ඔය අහන්න ගත්තේ ..."

"ප්ප් ප්රුහ්....."
ගාලා හිනාවකුත් එක්කම දිසානායකට කටේ තිබ්බ තේ ඩිංග එලියට විසි වුනා ..

මේ මොන විගඩමක්ද මොකක්ද මනුස්සයෝ ඔය තරං හිනා යන්න වෙච්ච කෙලිය .."

දිසානායකගේ කටේ තිබිලා තමන්ගේ ඇඟට විසිවෙච්ච් තේ බිංදු පිහිදාන ගමන් තිලකා ආපහු ගස්සාගෙන කුස්සියට ගියා ..