මිත්තරයෝ ටික

Monday, November 2, 2015

චරිත තුනක්



ග්‍රෙගරි වැව දෙසින් හමා ආ සීතල සුළඟ ගත දැවටෙද්දී, ඒ ගැන වගේ වගක් නැතිව කන්ද පාමුල දිග ගැරඬියෙක් වගේ පේන පාර දිගේ කුරුමිනියන් මෙන් පෙනෙන මිනිස්සුන් සහ ගිනිපෙට්ටි මෙන් පෙනෙන වාහන ගමන් කරන දෙස යශෝධා බලා සිටියේ හැඟීම් විරහිතව බව ඒ මුහුණ දකින ඕනෑම කෙනෙකුට සිතේ  .

නුවරඑළිය පරණ තැපැල්කන්තෝරුව ඉදිරිපිට දිනක් තමන් කුඩාකල  දෙමව්පියන් සමගින් නැරඹූ නයි නටවන්නා කල කතාව වරින් වර ඇගේ මතකයට  නැගුනේ දෑස් අගට කඳුලක්ද නගමින් ...

“ මේ නයා දැන් වයසයි මූ මැරෙන්න කිට්ටු වුනාම මූට අත්තටු එනවා .. ඊට පස්සේ මුගේ ඇඟේ තියෙන විස  ඔක්කොම එකතුකරලා මූ හදනවා මැණිකක් ඒක තමා නාග මාණික්‍යය කියන්නේ . ඒ මැණික වමාරලා මූ පියාඹලා යනවා ........ හැබැයි ඒ මැණික අපි හොඳින් පරිස්සම් කරගන්න ඕන . ඒක ළඟ තියෙනකන් අපිට සිතු පැතු සම්පත් ලැබෙනවා හැබැයි අපෙන් සුළු වැරද්දක් වුනත් ඒ මැණික අතුරුදහන් වෙනවා .......

ඔහු එදා කීවේ තම ජීවිත කතාව දැයි දැන් යශෝධා සිතන්නට විය . තමාගේ තිබු අසාමන්‍ය රූසපුව නිසාම ඩේවිඩ් තමන්ට ලංවූ අයුරු මතක් වනවිට වෙනදාට නම් ,එදා දැනුනු හදගැස්ම අඩුවක් නැතිවම දැනෙනවා යයි යශෝධාට සිතිනි . නමුත් අද......

බොහෝ බලාපොරොත්තු පැතුම් පොදි බැඳන් නෑ සනුහරේම විරෝධතා මතින් ඩේවිඩ් සමග කූඩු වන්නට තමන්ට සිතුනේ සංසාර ගත පුරුද්දක් නිසා වන්නට ඇත.

ඔයා  හරිම බ්‍රේව් ග..අ..අ..ල් ... කැඩිච්ච සිංහල මුසු ඉංග්‍රීසියෙන් කියූ පසු  ඔහු “I love you Yasho. I only want your love. Nothing else. It’s very simple” යැයි මිමිනීය.

ඔහු ඉංග්‍රීසියෙන් කියූ දේවල් ඇයට වැටහුනේ බොහෝ කාලයකට පසුවය. ඩේවිඩ් සමග ගෙවූ වසර පහ, ජීවිතයේ සුන්දරම අවධිය බවට සැක නැත. ... වසරක් යන්නටත් පෙර ඔහු ඇයට නාග මාණික්‍යයක් ලබා දී තිබුණි . කුඩා පුතු දෝතින් දරා සිටිද්දී ඇය නිරතුරුවම ඒ තුලින් ඩේවිඩ් මැවෙන අයුරු අත්වින්දාය . ඩේවිඩ් සමග තුරඟ තරග පිටියේ ග්‍රෙගරි වැව අසබඩ සැන්දෑ සුවය විඳිද්දී කුඩා පුතු ඔවුන් දෙදෙනා අතර විය . ජීවිතය කෙතරම් සුන්දරද කියා ඇයට සිතුනු වාර අනන්තය, අප්‍රමාණය ..

“You know what?” ඔහු ඇසීමට පුරුදුව සිටියේය.

“Life is great. It’s a gorgeous day, I’m with my family. What else could anyone ask for?” 

ලොවම ඉදිරියේ ඇය සිප ගනිමින් පැවසීමට ඔහු මැලි නොවීය. ඇය වෙනුවෙන්ම ග්‍රෙගරි වැව පෙනෙන මානයේ කන්ද උඩ නිමවූ ප්‍රීතිමත් නිවසේ ඔවුන් තිදෙනා ඇත්තන්ම සතුටින් විසූ බව සිහිවී නැවත නැගුනු කඳුල ඇය වියපත් පිටි අල්ලෙන් පිස දැමුවාය .

නමුත් නාගයා අත්තටු ලබා පියාඹා ගියේය , Strathdon (ස්ට්‍රැත්ඩන්) වතුයායේ භාරකරු වූ ඩේවිඩ්ගේ පියාගෙන් ඩේවිඩ් ට ඉන්දියාවට කැඳවීමක් ලැබුනේ වසරක කාලයකටය නමුත් ඉන්දියාව බලාගිය ඩේවිඩ් ගැන ඉන්පසු කිසිමදාක තොරතුරක් නොවීය . විමසා බැලීමට හෝ තොරතුරක් දැනගත් හැකි ආකාරයක් ගැන කිසිවක් තමන් නොදන්නා බව ඇයට සිහිවුනේ බොහෝ කල් ගතවීය. නෑදෑයන් කිසිවෙක් ඇය ගැන නොබැලු අතර අයටද නෑදෑයන් පිලිඹද හැඟීමක් නොවීය . ඇයගේ ලෝකය පිරී තිබුනේ ඩේවිඩ් ගෙන් සහ කුඩා පුතුගෙනි .

//” හැබැයි අපෙන් සුළු වැරද්දක් වුනත් ඒ මැණික අතුරුදහන් වෙනවා”// දෙවරකට ලැබුණු ලිපි දෙක අතෙහි තියාගෙන නැවතත් ඇය සිහි කලේ තමන් අතින් සිදුවූ ඒ මහා වරද කිමෙක්ද කියාය.
පියා අහිමි වූ පුතු , දැනුම් තේරුම් ඇති වියේ සිටම පාසල් යාම හරියාක්රව සිදු නොකිරීම නිසා ,වරින් වර පෞද්ගලික ගුරුවරියන්ගේ සේවය ලබා දීමට ඇය පසුබට නොවුනාය .ඒ මන්ද ඉංග්‍රීසි කතා කරන වැදගත් මහතෙකු බවට පත් කිරීමට ඇයට තිබු දැඩි උවමනාවයි. වතුයායේ ඔහුට හිමි කොටස් වල ආදායම් සියල්ල ඔහු ඇගේ නමට හරවා තිබිණි එය කවදා කෙසේ කළාදැයි ඇය නොදැන සිටි අතර මුදල් හදල් අතින් අඩුවක් නොවූ ඇය ජීවිතයේ තනිකම දරාගැනීමට හිත හදාගත්තාය .

ඩොනල්ඩ් කාවිංග වයසින් මුහුකුරා යද්දී ඔහුට තිබුණු ලොකුම හා එකම ප්‍රශ්නය වුනේ තම පියා කවුරුන්ද හා ඔහුට කුමක් සිදුවීද යන්නයිමේ ගැන කතා බහෙන් නිතරම සිත රිදවා ගත් යශෝධාගෙන් කිසිවිටකත් පැහැදිලි උත්තරයක් ලබා ගැනීමට ඔහු අසමත් වුවේය .

ඩොනල්ඩ් කාවිංගට වයස අවුරුදු දහඅටක් සපිරෙද්දී ඔහු සඳහා ඉංග්‍රීසි ඉගැන්වීමට ගෙන්වාගත් ගුරුවරිය, යශෝධා හැඳින්වුයේ මිස් ටෙරන්ස් යන නමිනි. ප්‍රීතිමත් දෑසක් හිමි නිතරම සිනහ මුසු මුහුණෙන් සිටින හඬ නගා සිනාසෙන විට දෙකම්මුල වල ගැහෙන ඇය වයස තිස් හතරක් පමණ වූ අවිවාහක කාන්තාවකි.




******


"මගේ නම ඩොනල්ඩ් කාවිංග , නම නිසාම සමහර වෙලාවට මම විහිලුවට ලක් වුනා . ඒත් මම ඒ ගැන තැකීමක් කලේ නෑ.

මට කවදාවත් ඉස්කෝලේ යන්න හිතුනේ නෑ. තාත්තා කවුද කියලා ළමයි අහද්දී මට දෙන්න උත්තරයක් තිබ්බේ නැති නිසා. මම දන්නවා ඒක අම්මගේ වරදක් නෙවෙයි එත් ,මට ඒ ගැන කේන්ති අපේ අම්මත් එක්ක . ඇයි එයා මට ඒ ගැන කිසි දෙයක් කියන්නේ නැත්තේ . මගේ ඉගෙනීම කඩාකප්පල් වෙන්න එකම හේතුව වුනෙත් ඒක වෙන්න ඇති . තාත්තා සුද්දෙක්ය කියන එක ගැන කවදාවත් ආඩම්බර වෙන්න හේතු මට තිබ්බේ නෑ.

හැමදාමත් කාවිංගගේ සිතුවිලි මේ ආකාරයෙන් ගලා යන්නේ ඔහු තනිවම සිටින වෙලාවලය .

ටෙරන්ස් මෙනවියගේ පැමිණීම නිසා කාවිංග තුල ජනිත වූයේ තමන්ට සහෝදරියක් ලැබුනාක් වැනි හැඟීමකි .

අම්මත් එක්ක වැඩි කතාවක් නැතුව මම ගත කලේ බොහොම නිහඬ ජීවිතයක් ..

ඒත් මිස් ටෙරන්ස් ආවට පස්සේ ඒකාකාරී ජීවිතයට වෙනසක් ඇතිවුනා එයා මට හැමවෙලේම සහෝදරයෙකුට වගේ සැලකුවා සතියේ මිස් ටෙරන්ස් එන දවස් දෙක තමයි මායි අම්මයි දෙන්නම සතුටින් ඉන්න දවස් දෙකඑයාට තිබුනා හැමෝගෙම හිත ඇදගන්න හරිම ආකර්ශණීය බවක් . හීතලට ගල් වෙලා තිබ්බ අපේ ගෙදර ඒ දවස් දෙකේදී හිනාවෙන්, සතුටෙන් උණුසුම් වෙන්න ගත්තා මගේ අම්මගේ හොඳම යෙහෙළිය වුනේ මිස් ටෙරන්ස් . මගෙත් එහෙමයි .

ඒත් පාඩම කරන හැම වෙලාවකම මට මිස් ටෙරන්ස් ගේ අමුත්තක් තේරුනා මට පැවරුමක් දෙන හැම වෙලාවකම මිස් ටෙරන්ස් මගේ මූණ දිහා ඇසිපිය නොහෙලා දුකෙන් වගේ බලාගෙන ඉන්න බවක් තමා මට තේරුනේ .

"ඇයි මිස් ටෙරන්ස් ... " දවසක් කෙලින්ම මිස් ටෙරන්ස්ගේ ඇස්දෙක දිහා බලපු මම ඇහුවා ...

මිස් ටෙරන්ස් එදා ගොඩක් කලබල වුනා ... නෑ නෑ මුකුත් නෑ කාවිංග කියපු මිස් ටෙරන්ස් එදා වෙනදාටත් වඩා කලින් පිටත් වෙලා ගියේ අම්මටත් නොකියම ... අම්ම හිතුවේ ඇය කියන දේ මම ගණන් නොගන්න නිසා එහෙම වුනා කියලයි .

කොහොම වුනත් ඊළඟට එන්න නියමිත දවසේදී මිස් ටෙරන්ස් ආවේ නෑ.. එදානම් මට හරිම හිස් බවක් දැනෙන්න ගත්තා එදා දවසම ගතවුනේ කිසිම දෙයක් හරියට කරගන්න බැරුව .

නමුත් ඊළඟ දවසේදී මිස් ටෙරන්ස් පුරුදු විදිහටම වෙලාවටත් කලින් ආවා . එයාගේ මුහුණේ වත් හැසිරීමෙවත් කිසිම වෙනසක් මටවත් අම්මටවත් දකින්නට තිබුනේ නෑ. ඒ නිසාම අපි කවුරුවත් එයාගෙන් ඒ ගැන අහන්න ගියෙ නෑ .

වෙනදට වඩා ප්‍රබෝධයක් මිස් ටෙරන්ස් ගෙන දකින්න ලැබුනා මට කීප වතාවක්ම හිතුනේ එයා ඒක මවාගත්ත දෙයක් කියලා .එදා පාඩම කරන වෙලාවේදී මොනම විදිහකටවත් එයා මගේ මූණ නොබලන්න පරිස්සම් වුනා කියලා මට හොඳටම තේරුනා .

අපේ ගෙදරට ග්‍රෙගරි වැව හොඳට පෙනුනා හැම හැන්දෑවකම ගෙග්‍රරි වැව පිටිපස්සේ කන්දට මුවාවෙලා ඉර බහින්න පටන්ගන්න දර්ශනය හරිම සුන්දරයි ඒත් හැමදාම වගේ සීතලත් එක්ක එන ඝන මීදුම ඒ ලස්සන වහගන්නවා එත් අපේ අම්මනම් කැමති ඒ මීදුමෙන් කඳුවැටිය වැහිලා යන දර්ශනය දකින්න .

කාලය ගතවෙද්දී මිස් ටෙරන්ස් උගන්නන දවස් දෙකට අමතරව ඉඳහිට අපේ ගෙදර එන්න පටන් ගත්තා ඉස්සරට වඩා වෙලාවක් එයා මගේ මූණ දිහා බලාගෙන ඉන්න බව මට තේරුනා ඒත් එයා ඒ ගැන තැකීමක් කලේ නෑ. හරියට අර කන්ද පිටිපස්සෙන් ඉර බහින ලස්සන දර්ශනය මීදුමට මුවාවෙනවා වගේ මිස් ටෙරන්ස් ගේ මුහුණේ දුක මෝදුවෙනවා මම හොඳින්ම දැකලා තියෙනවා .

මට තාමත් හිතාගන්න බැරි ඒ මොකද කියල,

ඔහොම ඉද්දි තමා එක සැරේම මිස් ටෙරන්ස් කිසිම ආරංචියක් නැතිව ,අතුරුදහන් වුනේ , එයාගේ නවාතැනෙන් ඉවත් වෙලා , කොහේ ගියාද කියන්න කවුරුවත් දැනගෙන හිටියේ නෑ. 

ඒත් ඒ නික්මයාමත් එක්ක මට මහා හිස් කමක් දැනෙන්න ගත්තා, මටම නොතේරෙන මොකක්දෝ පාළුවක් මට දැනෙන්න ගත්තා .

*******


මම පෞද්ගලික ගුරුවරියක්, මට සාම්ප්‍රදායික පාසල් ගුරුවරියක් වෙන්නට උවමනාවක් කවදාවත් තිබුණේ නෑ. නොයෙක් තරාතිරම් වල පවුල් වල පෞද්ගලික ගුරුවරියක් හැටියට සේවය කලත් මේ තරම් සිත සසල කරවන සිදුවීමක් කවදාවත් වුනේ නෑ, මට තවම මතකයි ඒ සිද්ධි දාමයේ ආරම්භය . මම ඒ නිවස සොයා ගියේ පෞද්ගලික ගුරුවරියක් ලෙසට තවත් එක් තැනකට යනවට වඩා වෙනසක් ඇතුව නෙවේ.

පාරේ ඉඳන් නිවස දක්වාවුගල් පඩිපෙළ මා නැග්ගේ සැහැල්ලුවෙන්
ලස්සන පුංචි නිවසක්හරියට නත්තලට  හදන ඉඟුරු පාන් ගෙයක් වගේගෙවත්ත වටේටම,මල් වවලාහිමිහිට හමාගෙන ආපු හුලඟත් එක්ක 
මල් සුවඳත් මිශ්‍ර වෙලා. මම හුස්මක් ඩට ඇද්දා. බැහැගෙන යන ඉරේ පාටින් වර්ණවත්වූ දුඹුරුවන්   කෙස් කළඹත්, රන්වන් පැහැ සමත්, දීප්තිමත් දෑසත්, හිනාවෙන් කම්මුලක් මත මැවෙන සුළියකුත් ඇති දඟකාර තරුණියකගේ දසුනක් වීදුරු දොර මත ඇඳී ගිය බවක් මා දුටුවේ නෑ.

ගෙට ඉදිරියෙන්වූ කඳුගැට පෙළ රාජකීය විදියට ඉස්සිලා පරිසරය දෙස නිහඬව බලන් හිටියා.
 සිත නිවන, ආදරේ දෙගොඩ තලා ගලා යන තැනක්.

මා දොරෙහිවූ සීනුව නාද කලාඩෙනිම් කලිසමක් හා නිල් පැහැති කුර්තාවකින් සැරසුනු මගෙන් පලවුනේ ගුරුවරියකගේ පෙනුමක් නම් නෙමේ.

කවුරුත් පේන්ට නෑ. මම නැවතත් සීනුව අත තියනවත් සමගම දොර   විවර වුනා. මා අඩියක් පස්සට ගත්තා. ඔව් පස්සට ,
හරියට බැලුවොත් අවුරුදු දහඅටක් විතර පස්සට.

දොර රාමුව තුලින් පෙනුනේ ඔහු වෙන්ට බෑපැහැයේ පොඩි   වෙනස්කමක් තිබුණත් උස හිනාව ඉරියව්. චිත්‍රපටි නලුවෙක් වගේ. නලුවෙක් වුනත් ඇත්තට මෙච්චර ලස්සන වෙන්ට විදියක් නෑ. 

'ඩේව්මට  මිමිණුනා.
එය ඔහුට ඇහෙන්නට ඇති , පුදුමයක ලකුණු මුහුණ පුරාම 

'මම කාවිංග 

ඔහුගේ පුදුමයට පත්වූ මුහුණ පුරා අහිංසක සිනාවක් විහිද ගියා.

'මේ මිස් ටෙරන්ස්  වෙන්න ඇති ?'

ඕනෑම දෙයක් ඕනෑම මොහොතක කැඩීබිඳී යන්ට පුලුවන් බව මා  හොඳටම දැ හිටියා.

‘Glass, and dishes, and fingernails, cars and contracts and potato chips. You can break a record, a horse, a dollar. You can break the ice. There are coffee breaks and lunch breaks and prison breaks. Day breaks, waves break. Voices break. Chains can be broken. So can silence, and fever…’

Promises break.
Hearts break.


රාත්‍රියේ නින්දට කලින් කියවූ පොතකතිබුණු කොටසක් මගේ මනසේ පැහැදීලිව ඇඳිලා ගියාහදවතක් කැඩුනා මේ හැමදේටම වඩා වෙනස් නේද? කැඩුනු හදවතක හීන්කැබැලි, නොහඳුන ඔහු ඉදිරියේ හීනි වැස්සක් විදියට ඉහිරිලා යනවා වගේ මට දැනුනා.

මතකය නැවතත් ඈතට දිව්වේ මට නවතන්න ඉඩ නොදී 
ඩේව් වීශ්වවීද්‍යාලයට ආවේ එංගලන්තෙන්ඔහුට එහෙම එන්න වුනේ ඔහුගේ ආචාර්ය උපාධියේ නිබන්ධනය සඳහා අවශ්‍ය පර්යේෂණ සඳහා ,ඔහුගේ පියා බ්‍රිතාන්‍ය සමාගම් සමූහයකට අයත් වුනු වතුයායක පාලකවරයෙක් වුනු නිසා ඔහුට ඒ කාර්යය හිතුවාට වඩා බොහෝ පහසු වුනා . ඔවුන් ගේ සමාගමෙන් පාලනය වන වතු සමූහයක් ලංකාවේ පිහිටා තිබීම නිසා

ගෙයට ඇතුලතින් සම්බන්ධයක් නොතිබුණු, අපේ නිවසේ තිබුණු සුඛෝපභෝගීම කාමරය ඔහුට පිරි නැමුණේඒ සඳහා ඇදහිය නොහැකි ගාස්තුවක් හිමි වීමත්සුදු වතු පාලකවරයාගේ හොඳම සේවකයෙකු වූ,  මගේ පියාහට මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ කිසිදු හැකියාවක් නොමැති වීම යන කාරනා දෙකම නිසා.

අප දෙදෙනාම එකම විශ්ව විද්‍යාලයක.
ඔහු තාවකාලික පදනම යටතේ කතිකාචාර්යවරයෙක් හැටියටත් සේවය කළා . ඒ නිසාම සමහර දේශන වලදී ඔහු දිහා වශීවී බලා සිටින්නට මටත් හොරාම මගේ දෙනෙත් පුරුදු වී සිටියා .
 ඔහු යටතේ මගේ ප්‍රියතම විෂයයන් හැදෑරීම දෛවයේ සරදමක් හැටියට මට ඒ මොහොතේ දැනුනේ නෑ.

කාලාබීලානටලාපන්ති කට් කරලා  කොල්ලෝකෙල්ලෝ එකට   කාලය නාස්ති කරද්දිඔහු මහන්සි  වෙලා වැඩකරන්න අපිට කියා දුන්නා .  ඔහුට තිබුණේ සීමිත කාලයක්.                                        
 හන්දා නාස්ති කරලා දාන්ට කාලයක් හුට තිබුණෙත් නෑ.ඒ නිසාම කාලය රැකගන්නා හැටි ඔහු අපිට නිතරම කියා දුන්නා .   කාලය තුල ඔහුට ඔහුට වැඩියෙන් කිට්ටු වෙන්න උත්සාහ කලේ ගෑනු ලමයි කීවොත් නිවැරදී ඔහු තුල තිබිච්ච අහිංසක ගතිගුන වගේම ඔහු හොඳ ගුරුවරයෙකුටත් වඩා හොඳ මිතුරෙක් වී හන්දාඒත් කරුමෙකට වගේ මගේ හිත ඔහු හා පෙමින් බැඳුනා

                            සිහිනෙන්වත් එය ඔහුට නොකීවත් ආදරය මගේ හිතින්   කවදාවත් 
නැතිවෙලා ගියේ නෑ 
ඔබට මෙය විහිළුවක් එහෙමත් නැත්තම් පිස්සුවක් ලෙස පෙනෙන්න පුළුවන් , ඒත් මගේ හිත සිරවුණා එක්ටැම් කුළුනක, කවදාවත් බිමට බහින්න බැරි විදිහට .
ඒත් ඔහුගේ ආදරය දිනාගෙන සිටියේ දුෂ්කර ගමක උපන්,  ලස්සනම ලස්සන ,අහිංසකම අහිංසක කෙල්ලෙක්. හරිම අභව්‍ය සිදුවීමක්.
 සුරංගනා කතාවක් වගේ. ධනවත් බ්‍රිතන්‍ය තරුණයෙක් ලංකාවේ සුන්දර ගම්බද තරුණියක් සමග පෙමින් වෙලීම . ඇත්තෙන්ම සැබෑ ලෝකයේ සිදු නොවන සිදු වීමක් , නමුත් දෛවය ලියවී තිබුනේ එහෙමයි .

ඔවුන්ගේ ආදර කතාව කොහෙන් පටන් ගෙනකොහෙන් කෙලවර   වුනාද කියන එක මා කවදාවත් හෙව්වේ නෑ.එහෙම හොයන්න උවමනාවක් මට නොතිබුනේ මට කිසිදිනක ඔහු හා එක්වීමට දෙමව්පියන්ගේ අවසර නොලැබෙන බව මා දැනසිටි හන්දා වෙන්ට ඇති. වයස යනු ආදරයට බාධක ඇතිකිරීමට සමත් සාධකයක් නොවුනත් , කිසිදු සිදුවීමක සේයාවක්වත් නොමැතිව මා වටා පවුරක් මෙන් මගේ මවුපියන් නැගී සිටියා .

"තව දවසක් හමුවී ඉමු මේ භවේ...
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ...
ඔබ වෙනුවෙන් හැඬුව තරම්,
කියන්න හීන් සැරේ
තව දවසක් හමුවී ඉමු මේ භවේ...." ගීයක පද කීපයක් සුලඟේ මුසුවෙලා මා වටා කැරකුනා.

මම ඔහුගේ දෑස් දෙස නොසැලී බලා හිටියා මුහුනේ විස්මයක්
කුතුහලයක් ඇඳිලා නැතිවෙලා යනු මා දුටුවා.

******

'මිස් ටානියා ටෙරන්ස් ...' කාගේදෝ හඬක් මගේ  සිහින ලෝකය කඩා දැමුවා.

කන් දෙපස දකින්ට ලැබුණු සුදු හි කෙස් ඇරුනු කොට තාරුණ්‍යයේ සලකුණු පලා නොගිය වියපත් කාන්තාවක්.  උස් , සිහින් සිරුර,          මුදු සිනහවවිසල් දෙනෙත.

'මම යශෝධා'

'ඔයාව හොයාගත්තේ අමාරුවෙන්
"එන් ගෙට' ඇය  චාම් ඔසරියකින්  සැරසිලා හිටියා.

'කාවිංගට  ඉංග්‍රීසි ටිකක් උගන් ගන්ට ඕනිටිකක් කිව්වට හැමදේම ' නැවතත් සිහින් මන්දස්මිතය

මෙයාව කොහොම හරි ලන්ඩන් එක්සෑම් පාස් කරවන්ට ඕන "

හිතට මොන තරම් ප්‍රශ්න ආවත්, මා  කිසිවක් ඇහුවේ නෑ.

මට පෙනුනේ ඔහුගේ දෙනෙත් විතරමයිහැමදාම මේ දෙනෙත් දිහා බලාගෙන සිනාවෙන් ජීවිතේ පාලුව මකා ගන්න එක කොච්චර ලොකු දෙයක්ද?

ඔහු වයස දහ අටක පමන කොලු ගැටයෙක්මේ තරම් සමීප බවක් දැනෙන්නේ කෙසේදකුමක් හෝ කොතන හෝ වරදක්...

තමාගේ හදවත යලිත් කඩා බිඳගන්ට මේ කාලය නෙමේ නේද? මගේ හදවත කෑගෑවා.

මම උත්සාහ කරන්නම්

 නමුත් ඔහුගේ දෑස් . කෙසේ අතීතයට පාවී යාම නවතා ගම්දඑකවගේ හත් දෙනෙක් ලෝකයට මවනවාලු. පුදුම අහම්බයක් .. එත් මෙතන අහම්බයකට වඩා යමක් ඇති බව මුල් දැකීමෙන්ම මට හිතෙන්නට ගත්තා. .

දින ගණනාවක් පුරාම ඔහුට ඉගැන්වීමේදී මා ඔහු දෙස නොබලා ඉන්නට මහත් ආයාසයක් ගත්තා ,
මේ ඉගැන්වීම වහාම නතර කල යුතු යයි මගේ යටි හිත මට අවවාද කල අවස්ථා අනන්තයි නමුත් ඒ රූපය දැකීම මට මහත් ආශ්වාදයක් වුනා ගුරුවරියක විසින් මෙවැනි සදාචාර සම්පන්න නොවන දේ කෙරෙහි යොමුවිය යුතු නැති බවට බුද්ධියෙන් නැවත නැවතත් අනතුරු අඟවන්න වුනා නමුත් හැම විටම හදවත බුද්ධියට වඩා බොහෝ වේගවත් වී තිබුනා .

දිනක් මා  එම නිවසට යද්දී කාවිංග සිටියේ නෑ. අධ්‍යයන කාමරයට වී සිටිද්දී අල්මාරියේ යතුරු කටේ තිබු යතුර නිකමට මෙන් කරකවා ඇර බැලුවේ ඇයිදැයි මම  තවමත් කල්පනා කරනවා නොකළ යුතු දෙයක්, විශේෂයෙන්ම ගුරුවරියක් .

ඇතුලත තිබු ලොකු ඇල්බමය අතට ගෙන පෙරලද්දී දුටු මුල්ම ඡායා රූපය නිසා මගේ හිස් මුදුනෙනේ ආරම්භ වූ හිරිය දෙපතුල දක්වාම තප්පර ගණනාවක් පුරාවට විහිදුනා . ඔව් මේ ඔහු ඩේව්

ජීවිත කාලයක් පුරා මා තනිකඩව තැබූ මගේ ප්‍රථම සහ අවසාන අප්‍රකාශිත ප්‍රේමය ඩේවිඩ් යශෝධාට සහ කාවිංග ට තුරුළු වූ ඩේවිඩ් ...

එදින මම එම නිවාස තුල ගත කලේ සිහිනයක ජීවත් වන්නෙකු ලෙස.

“ඇයි මිස් ටෙරන්ස් ...” කාවිංග ගේ පැනයත් සමගම සියල්ල අවුල් වී ඇති බව මට සිතුනා .එදින මා ඒ නිවසින් පිටවුනේ යලි නොඑන්නටමයි නමුත් දින දෙකක් ගත වෙද්දී නැවත ඒ මුහුණ දැකීමේ ආශාවෙන් මා පෙලන්නට වුනා .

නැවතත් ඉගැන්වීම සඳහා ඒ නිවසට ගිය මා සාමන්‍ය පරිදි හැසිරෙන්නට බොහෝ උත්සාහ කලත් එය අසාර්ථක උත්සාහයක් පමණක් බව ඩොනල්ඩ් කාවිංග ට වැටහුණු බව මට අවබෝධ වුනා . ඉතින් කිසිවෙකුටත් නොකියාම ඒ නිවසින් නැවතත් බැහැර වුනේ සියල්ල අමතක කර ඉවත්ව යන බවට මටම ශපථ කරගනිමින් .

"තව දවසක් හමුවී ඉමු මේ භවේ...
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ...
ඔබ වෙනුවෙන් හැඬුව තරම්,
කියන්න හීන් සැරේ
තව දවසක් හමුවී ඉමු මේ භවේ...."

 නිවසින් පිටව යද්දී මා දෙතොල තෙමමින් ගලා ආ කඳුලක් පිස ගනිමින් මටම මුමුණා ගත්තා.


 *******

මවක් හැටියට දරන්නට පුළුවන් දුක් කන්දේ මුදුනටම මා පැමිණ ඇති බවයි මට දැනුනේ ,ඇත්තෙන්ම මම යශෝධා වෙතින් යශෝදරා බවට පත් වෙමින් සිටියා 

හිතවත් යශෝධා මහත්මිය වෙතටයි ......

ගුරුවරිය වූ මිස් ටානියා ටෙරන්ස් ගේ ආත්ම පාපොච්චාරණය සහිත ලිපිය මා අතට පත්වූ විට එය එකෙනෙහිම විනාස නොකළ පාපය මා දැන් විඳිමි නමුත් නියම ගුරුවරියක ලෙස හැඟීම් වලට වහල් නොවී ගෞරවනීය ලෙස ඇය තම රැකියාව හැරදමා ගියත් තරුණ පුතු අතට එම ලිපිය පත් වීමේ සියලුම වගකීම මා විසින් බාර ගත යුතුව ඇත .

“අම්මේ මම යනවා මිස් ටෙරන්ස් හොයාගෙන. එයා නවාතැනෙන් ගිහිං.” මා අත රැඳී දෙවන ලිපියෙන් මට දැනුනු එකම දේ නාග මාණික්‍යය මා අතින් ගිලිහී ඇති බව පමණයි  

 දැන් මේ වනවිට සියල්ල මගේ ග්‍රහණයෙන් මිදී ඇත. මට නැවත සිහි වන්නේ නයි නටවන්නා ගේ කතාවයි . දෛවය මේ තරම් කුරිරු වන්නේ මන්දැයි තවමත් සිතා ගත නොහැක . මා දැන් කුමක් කල යුතුද?  තවත් ටික වෙලාවකින් ග්‍රෙගරි වැවට පිටිපස කඳු වැටිය අතරේ රත් පැහැ වූ හිරු සැඟව යනු ඇත . යලිත් ඒ හිරු නැග ඒදැයි මම කෙසේ නම් සැක හැර දැනගම්ද?


/ලි:

ලිව්වේ  ඉවාන් සහ පොඩ්ඩි

චරිත තුනක ආත්ම කථනයන් සමගින් දිගහැරෙන මේ කතාව හවුලේ ලියවුනු තරමක් දීර්ඝ කෙටි කතාවක්. මෙහි කතාව ගොඩ නැගීමෙන් පසු ටානියා ටෙරන්ස් හෙවත් ගුරුතුමියගේ ආත්ම කථනය අකුරු කලේ පොඩිකුමාරිහාමි බ්ලොග් අඩවිය ලියන පොඩ්ඩි විසිනි. 





239 comments:

  1. අන්තිමට මුලට. ආයි අන්තිමට...

    ReplyDelete
    Replies
    1. මිට වඩා කමෙන්ටුවක් උඔගෙන් බලාපොරොත්තු වෙනවා

      Delete
    2. හැක්.. ඔයිට වඩා මක්ක කියනන්ද බං...

      Delete
    3. තැන තැන රවුමට ඉඳගෙන - ඉඳහිට එබිකං කරකර....

      Delete
    4. මුලට මැදට මැදමුලනට

      Delete
  2. “ මේ නයා දැන් වයසයි , මූ මැරෙන්න කිට්ටු වුනාම මූට අත්තටු එනවා .. ඊට පස්සේ මුගේ ඇඟේ තියෙන විස ඔක්කොම එකතුකරලා මූ හදනවා මැණිකක් , ඒක තමා නාග මාණික්‍යය කියන්නේ . ඒ මැණික වමාරලා මූ පියාඹලා යනවා ........ හැබැයි ඒ මැණික අපි හොඳින් පරිස්සම් කරගන්න ඕන . ඒක ළඟ තියෙනකන් අපිට සිතු පැතු සම්පත් ලැබෙනවා , හැබැයි අපෙන් සුළු වැරද්දක් වුනත් ඒ මැණික අතුරුදහන් වෙනවා .......

    මේ ආදරයද ඉවාන් අයියේ......මම දැකපු ලස්සනම අදහස



    කතාව හරිම ලස්සනයි අයියේ

    ReplyDelete
    Replies
    1. සබරේ ... තැන්කිව් වේවා .

      ආදරයද මේ ...... වෙන්නත් පුළුවන් නේ ...
      කතාව තනියෙන් ලියපු එකක් නම් නෙවේ ,

      Delete
  3. හිතවත් ලව් පූෂ්,
    මට නං දිග වැඩි නැත. එක හුස්මට කියෙව්වෙමි. කාවින්දගේ අධි-නිරීක්ෂණය නිසා, කුතුහලයේ තාප්පයට කෙලවී ඇති බව හැඟුණි. ඒත් එය මාගේ පෞද්ගලික අදහස පමණි.

    [im]http://favim.com/orig/201105/12/book-cat-gato-heart-livro-Favim.com-42338.jpg[/im]

    ReplyDelete
    Replies
    1. හිතවත් බශ්ශා -
      ස්තුතියි එහෙනම්, කාවිංග ගේ අධි නිරීක්ෂණය ??? ඔව් එහෙම වෙන්නත් පුළුවන් ... කුතුහලය රඳවා ගැනීම එතනදී ගිලිහුණු බව මටත් දැන් තේරේ..

      ඇඩෝව් බශ්ශා මොකක්ද මේ පින්තුරේ ..හැක

      Delete
  4. Howah..! I'm still shaking my head.. can't believe. . This is creative writing @ it's amazing best.
    Weldone IP & PK. .

    ReplyDelete
    Replies
    1. ඔය ඔළුව බිත්තියක ඇනගන්න. එතකොට වැඩේ හරියයි.

      Delete
    2. ප්‍රසන්න අයියා වතුර එකක් දියං..

      Delete
    3. කල්ලා - ස්තුතියි මිත්‍රයා ... ඔය පහල ඉන්න එවුන් දෙන්නව නම් විශ්වාසෙට ගන්න එපා සත පහකට

      Delete
    4. Amazing ha? Thanks for the nice comment Mitra… :)

      Delete
    5. සත පහ. චැහ්... දැං බල්ලන්ට ගහන්නෙත් දාහෙ කොල වලිං.
      නැද්ද විදානෙ.

      Delete
  5. ඉවාන් අයියේ හරිම ලස්ස්නයි කතාව.
    ඔයා තව තවත් ලස්සන කතා ලියන්න ඉවාන් අයියෙ.
    අපි එනවා කියවන්න ඉවාන් අයියෙ.
    ඉවාන් අයියෙ, ඉවාන් අයියගෙ ටෙලිෆෝන් නොම්බරය කියයනවද.
    ඔයාට සුබ දවසක් ඉවාන් අයියෙ.

    ReplyDelete
    Replies
    1. අපි අදුරන කෙනෙක් බං.. වෙනිවැල් අයියලගේ ගෙවල් ගාව. මතක නැද්ද? හැක්

      Delete
    2. මල්ලි හරි මල්ලි :D

      Delete
    3. අනේ අයියෙ ඔන්නොය ටෙලිෆෝං නම්බරේ දීල දාන්න අයියෙ.

      Delete
    4. අර කාලයක් හිටපු. ලස්සන. සුදු. චූටි. අහිංසක නංගි ඇහැරිලා වගේ..

      Delete
    5. හායි නංගි මල්ලි ..කොහොමද කාලෙකින් නේ

      Delete
  6. එල ද බ්‍රා මචං/මචි..
    උඔලා හැමදාම බ්ලොග් ලෝකේ උඩුයටිකුරැ කරා..
    උඔගේ කතාවක් කියෙව්වාම දවසම පිරෙනවා.

    ReplyDelete
    Replies
    1. මිට වඩා කමෙන්ටුවක් උඔගෙන් බලාපොරොත්තු වෙනවා
      මීට, දේශකයාගේ හොල්මන.

      Delete
    2. උඩු යටිකුරු නෙවෙයි බං මාව මෙදා පාර පෝර් බෑග් එකක දාලා ඔලුව වටේ තුන් පාරක් කරකවලා පොලේ ගැහුව වාගෙ..ඕ යේස් .උන් හිටි තැනුත් නිච්චි නැතුව ගියා.
      පර්ස් එකෙන් අයිඩෙන්ටිය අරං තමා මගේ නම බලාගත්තෙ.. ඕ යේස් !!

      Delete
    3. දේශකයා/ ප්‍රසා
      ඔන්න මගේ පුරේ සහෝ දිලා මටත් එක්ක හරියන්න කමෙන්ටුවක්..

      Delete
    4. දැං පත්තරේ ඉන්නෙ අයි.සී.යූ. ද?

      Delete
    5. අද දවසේ තුන්වේලටම නොකා ඉන්නද කල්පනාව...

      Delete
    6. එලද බ්‍රා මෙන්ඩා... ඔන්න ස්තුතියි උඹට

      මේ පහල ඉන්න එවුන්ගේ එව්වා බැලුවම තව ටිකෙන් ඔරිජිනල් කමෙන්ටුව මොක්කඩ් අකියලා හොයාගන්න් බැරි වෙනවා , තැන්කිව් පත්තරේ , ප්‍රසා සහ චාමර හැක

      Delete
    7. //මොක්කඩ් අකියලා හොයාගන්න් // මේ මොකක්ද බන් ?....හැක්

      Delete
    8. ප්‍රසන්න අයියා.. වැඩ දන්න හිනදා බේරුණා.. ඉවානයට වගේ උනා නං අපිට ඕමියක් බලාගෙන නයිටක් ගහන්න තිබ්බා. හැක්

      Delete
    9. / චාමර හැක /
      මේ මොකාද? හැක හැක

      Delete
    10. සින්දු, මං හිතන්නෙ අපේ කොමෙන්ට් කියෝල ඔය පත්තරේ මල්ලි උඩිං කියල තියෙන එක ඉවානයට වෙලා වගෙයි.
      දැං ඉතිං නයිටක් ශුවර්.

      Delete
    11. ඒ කියන්නේ ඉවන්නයාගේ ඒවත් දැන් මාරු වෙලාද ,,,,,නෑ මම මේ කියන්නේ මුල ,මැද ,අග ...(පත්තරයාගේ නම් ඉතින් ඉපදෙන කොටම මාරු වෙලානේ තිබුනේ ,,ඒ නිසා අවුලක් නැ ...හැක් හැක් )

      Delete
    12. ඉවනයාගේ ස්තුතිය වගේද පොඩ්ඩි ස්තුතියි කිව්වාම බඩ පපුවත් දාලා ගියා

      Delete
    13. කොයි පපුවද මෙන්ඩෝ දාලා ගියේ ....හැක්

      Delete
  7. ඉතාමත් අනර්ඝ නිර්මාණයක්. දෙදෙනෙක් ලිව්වා යැයි සිතන්නට බැරිතරමට එක මඟකම යන කථාවේ නාරටිය. ඉවාන් සහ පොඩ්ඩි This is perfection.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන් , කතාවේ ප්‍රස්තුතය හිතාගෙන දෙන්නම ලියලා එකතු කරලා බැලුවා , නොගැලපෙන තැන කීප සැරයක් හැදුවා . ඒ නිසා බොහෝ දුරට ගොඩ දාගත්තා ,නමුත් දෙන්නටම අහු නොවුණු වැරදි තව ගොඩක් තියෙන්න ඇති .
      thank you my friend

      Delete
    2. කතාව නිර්මාණය කලේ ඉවාන්. පොඩ්ඩි එක චරිතයකට පණ දුන්නා විතරයි. ඉවාන්ගේ දක්ෂකම හන්දා තමයි කතාව එකම මගක ගලා ගියේ. ස්තූතියි ඉයන්.

      Delete
  8. මෙයාල ජෝඩු දාල බ්ලොග් ලියල . ඉන්ඩ මං අම්මට කියන්නං

    ReplyDelete
    Replies
    1. අම්ම ගහයි බ්ලොග් එකෙන්.

      Delete
    2. ඇරඹුමම කඳුලක් වෙලා !!!!

      හයියෝ චාමර :D

      Delete
    3. අටමො මේ…උඹ හැමතැනම කියනව වගේ මේකත් හොඳ නෑ මදි කීවොත් එහෙම අනිනව හොම්බ රිවට් වෙන්න. අපි හරි වසයි ඈ !!

      Delete
    4. අටං මචං අපි දෙන්නත් එකතුවෙලා ලියමු පට්ට කථාවක්..
      (උඹ ලියපං - මං දාන්නං)

      Delete
    5. අම්මට කියන්ඩ එපා , ගුටි කන්න වෙයි ....

      අම්මා ගහයි තමා ප්‍රසා . ඇරඹුම කඳුලක් නෙවේ යකෝ පත්තරයෝ හසරැල්ලක් හැක ... අටම් ඔය විදානේ කියන විදිහට කොරහන් ඈ..

      Delete
    6. "හසරැල්ලක් නුහුරු මුවට
      සැනසිල්ලක් නොමැති සිතට
      පවණැල්ලක්වත් හමන්න
      ජීවිතයේ මද්දහනට ..."

      Delete
  9. නියම කතාව බං. අන්තිම වෙනකල් එක දිගටම අවුලක් නැතුව කියවගෙන යන්න පුලුවං.

    අර කාවිංග කාරය ඕන නැති කෙහෙල්මල් හොයන්න ගිහිල්ලනෙ.

    IP and PK දෙන්න ගානට ලස්සනට කතාව ගලපල තියෙනව.

    ReplyDelete
    Replies
    1. සිරාවට බං.. මං නං හිතන්නෙ ඉස්සෙල්ල ආවෙ බිත්තරේ නෙමෙයි කිකිළි !!

      Delete
    2. එතකොට කුකුළ?

      Delete
    3. කුකුළ තමා බ්ලොග් එක ලියන්නෙ :D

      Delete
    4. එතකොට තුංවෙනිය කවුද බං.

      Delete
    5. /IP and PK/
      කුණුහබ්බ කියන්න එපා ප්‍රසන්න අයියා..

      Delete
    6. @ ප්‍රසන්න අයියා - ස්තුතියි ඇගයීමට , අර කිව්වත් වගේ කාවින්ගයා ගම කාලා , ඌ ලොකු මිනිහා වෙන් ගියානේ පොඩි එකා පොඩි එකා වගේ ඉන්නේ නැතුව , හැක

      පල යන්න වල පත්තරයා

      Delete
    7. තුන් වෙනියා

      " මගෙ කූඩුවට ඇවිත්- සල්ලාල පෙම්බරෙක් " හැක හැක

      Delete
    8. @ Praසා,

      Thanks Praසා. කතාව තවත් වෙනස් කරන්ට තිබ්බා කියලා දැන් හිතෙනවා. ඒත් ලියාගෙන යනකොට හදිස්සිය තිබුණේ කොහොම හරි ඉවර කරලා දාන්ට.

      Delete
    9. විදානෙ, ප්‍රා තමයි ඕක පටංගත්තෙ මම හිතන්නෙ.

      Delete
  10. ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා
    මගේ තුරුල්ලේ දූ නැළවෙනවා
    සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ
    ඔබේ පියාගේ සුවඳයි එන්නේ..

    දරු දුක මට මෙන් හිතට දැනේවා
    පොඩි දුව හීනෙන් ඔහුට පෙනේවා
    හෙට හිමිදිරියේ අප වෙත ඒවා…

    යන එන තැන්හි සෙත සැලසේවා..
    සතර වරම් දෙවි පිහිට ලැබේවා
    දැඩි හිත ඔහුගේ යළි උණු වෙවා..

    ReplyDelete
    Replies
    1. මිස් ටානියා ටෙරන්ස්ට .........

      මධුර ප්‍රේම කල්පනා
      ගෙනේ විරහ වේදනා...

      අමතක වූ අතීතයක
      පත්ඉරු යලි පෙරළිලා...
      සිහින රටක මල් උයනක
      නෙතු රැහැනේ පැටළිලා...

      සුවඳ මලක මායමකට
      මගෙ බඹරිඳු මත් වෙලා…
      එකම තැනක එකම සිතක
      පැටලී මුසපත් වෙලා…

      ගායනය - නන්දා මාලනී
      පද රචනය - තිලකරත්න කුරුවිටබණ්ඩාර.
      සංගීතය - එච්. එම්. ජයවර්ධන.

      Delete
    2. මගේ නම ඩොනල්ඩ් කාවිංග..........

      කවුද ඔබ කවුරුන් දෝ
      මලක පිනි බිඳුවක් දෝ
      නිහඬ වීලා මන් දෝ
      පවසන්නෙ මොනවා දෝ
      සිතුවාට නැත සිතෙන්නේ......

      මදහාස බැල්මෙන් තී මා මත් කරන්නේ
      ඇයි කල්පනාවෙන් මෙන් නැද්ද නෙත් සළන්නේ
      සඳපායලා ආ ඒ ඔබ දෝ වසන්තේ
      සැළලිහිණි ගී පිළිරැව් හඬ දෝ දසන්තේ
      එදා සීගිරීයෙහී ඇඳුණු රුවක් දෝ
      රුවක් දෝ...රුවක් දෝ..

      වළාකුල වගේ පීරූ හිස පිරිමදින්නම්
      නෙළා ඕළු මානෙල් මල් ගෙල පළඳවන්නම්
      මගේ ආදරේ සතුටින් පිළිගන්නවා නම්
      උදේ මෙන් දිවා රෑ මම් පණ සේ රකින්නම්
      හිතා ගන්න බෑ තාමත් ඔබ කාගෙ කවු දෝ
      කවු දෝ...කවු දෝ.......

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
      ගායනය සහ රංගනය : එච්. ආර්. ජෝතිපාල
      තනුව : මන්සූර් අස්රාෆ්

      Delete
    3. ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
      හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නැඟෙන්නේ
      සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
      විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ

      මෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝ
      මෙමා හා දෙඩීමත් විඩාවක් වගේදෝ
      දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූයේ
      අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ

      හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
      ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
      බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
      මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්……

      Delete
    4. විනාසයි…… සිංදුවාට ආච්චි වැහිලා . හැක්

      Delete
    5. පොලොතියෙන් එයිද පත්තරේ සින්දු වැඩියි කියලා ..... මම දැක්කේ නැ කියපන්

      Delete
    6. එක බැටන් පොල්ලක් ගෙනාවොත් ගේම ඉල්ලමු.. දෙක දෙක ගෙනාවොත් දුවමු :D

      Delete
    7. යශෝධාට ........

      එක කුඩයක් යට ගෑවි නොගෑවී
      දවසක් හැන්දෑවේ
      මතකද ඔබ මා පියවර මැන්නා
      පිණිමල් වරුසාවේ....

      කිසිවකු සමගින් එකට තුරුලු වී
      ඉර බැස යන වේලේ
      ඔබ යනු දුටු විට මතකය රිදවයි
      අපෙ ඉස්සර කාලේ...

      මද අව් රස්නෙට වුව සෙවනක් ඇත
      ඔබ හට අද දවසේ
      වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
      මගේ මහිම එලෙසේ...

      ගායනය - වික්ටර් රත්නායක
      පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල
      තනු නිර්මාණය - ස්ටැන්ලි පීරිස්

      Delete
    8. ඔය කොරල තියෙන්නෙ.

      Delete
    9. මම ඉවාන් පවුලූෂා

      පොඩි කුමාරිහාමියේ 
      එපා වලව්වට යන්න නියර පිට 
      බලා ඉන්න පොඩි කුමාරිහාමියේ 
      කාසි එපා නුඹ හිනාවෙවී 
      ඔහෙ බලා ඉන්නවා නම්

      නිළමෙත් නපුරුයි ළමාතැනිත් නපුරුයි 
      නපුරු වලව්වක කෝමද
      කොමළ කතා නුඹට ලැබුණේ 
      වක්කඩ කැඩුවා සේ සිනාසෙන 
      සිනා ගඟුල මැවුණේ 
      නුඹෙ හිනා ගඟුල මැවුණේ

      කඩා ගන්න බැරි වුණත්
      හරිම සුවඳයි නෙරිය කොනේ මඩ
      තිතක් ඉහින්නට ආසයි
      නුඹට හොරා මාල හතක් බැඳ පෝරුව මත හිඳ 
      නොයන් මෙ ගම හැරදා 
      නුඹ නොයන් මෙ ගම හැරදා ……

      Delete
    10. අප්පට බොල මෙතැනනේ රෙකෝඩ් බාර් එකක් දාන්න තිබ්බේ . මේ තියෙන්නේ සිංදු ඔසේට . ස්තුතියි පත්තරේ සහ සිංදුවෝ ,

      Delete
    11. සිංදුටයි, පත්තරේටයි දෙන්නටම ගොඩාරියක් ස්තූතියි.:)

      Delete
  11. කම්මැලි කමක් නැතිව එක් හුස්මට කියවාගෙන යන්න පුලුවන් කතාවක්. මට සිහියට එන්නේ සුජීව ප්‍රසන්නාරච්චිගේ මල් කතා. ගැටුමේ කේන්ද්‍රය එනම් ඩෙවිඩ් හා පවුල අතර ගැටුම සුදු ඩේවිඩ් සුදු චරිතයක් බවට හරවා ටීචර් හා කාවිංග අතර ගැටුමක් බවට හරවා තිබෙනවා. නයි නටවන්නා කියූ දෙය දේව වාක්‍යයක් ලෙස සලකා වරදට තමා පිටම පටවාගන්න්නේ අපි- තමන් කලු නිසාද කියලත් හිතෙනව.

    ReplyDelete
    Replies
    1. දයල් බති - අපේ මිනිස්සුන්ගේ හැටියක් නේද ඒක. කොහොමත් නොකල වරදකට වුනත් හිතින් දඬුවම් විඳීම සමහර වෙලාවට අපේ මිනිස්සු ජන්මෙන් අරන් එන පුරුද්දක්ද කියලා හිතෙනවා . සමහර වෙලාවට අපේ ගැහැණිය හිතන් ඉන්නේත් ගැහැණු ඉන්නේ දුක් විඳින්න කියලනේ

      Delete
  12. ඔළුව පොඩ්ඩක් මෙව්වා උනා මේක කියෙව්වම...

    මේ... කෝ දැන් එතකොට නයා...

    ReplyDelete
    Replies
    1. හුකෑස් ...අන්න හරි ලොකු .ඉවා නයා හංගලා ...

      නා කොළ අන්දම් පෙන නොවටින්නේ
      බෝ කොළ අන්දම් පෙනය දියන්නේ
      පෙනේ නැතුව අපි කොහොමද ඉන්නේ
      සමාවෙයන් නයි හාමී
      සමාවෙයන් නයි හාමී..

      දරමිටි බඳිනා කඹය කියාවි
      දරණුව හදනා වළද කියාවි
      කැබිලිති අරගෙන ගැරඬි නටාවී
      පෙනේ නැතුව අපි අසරණ වේවී
      පෙනේ දියන් නයි හාමී
      පෙනේ දියන් නයි හාමී..

      ඉහින් කනින් හිස වැගිරෙන ලෝකේ
      හිසෙන් නුඹේ පණ නැති වග තේරේ
      සුළං යැවූ මේ සර්ප විමානේ
      හොඳින් ඉන්න අපටත් සං‍තෝසේ
      පෙනේ දියන් නයි හාමී
      පෙනේ දියන් නයි හාමී..

      ගායනය - ගුණදාස කපුගේ

      Delete
    2. අඩෝ ලොකු සන් .... උඹ නයාව ඇල්ලුවේ අර මෙන්ඩලගේ ගෙදරදී

      Delete
    3. සදු පොල්ලක් අරන් නටනවා නයාට ගහන්න ලොකු පුතා වටේට නටනවා “මරන්න එපා“ කියලා

      Delete
    4. ඒ වෙලාවේ හිටියේ නයා ගහල වගේ තමයි බන්...
      හීට් එක බස්ස ගන්න කුල් වතුර වීදුරු දෙකක්ද කොහෙදත් බිව්වා...

      Delete
  13. අප්පා. පිස්සු හැදෙන සඳ කිව්වලු! දෙන්නෙක්ට මේ තරම් සමානව. එකට ගැලපෙන්න හිතන්න පුළුවන් වීමම විස්මයක් නේද! ඉවාන් සහ පොඩ්ඩි දෙන්නාම ඉතාම දක්ෂ කෙටිකතා කරුවන්. ඒ නිසාම මටනම් දැනුනේ චරිත තුන ඇතුලේ එකවර ජීවත්වෙනව වගේ.



    අති විශිෂ්ඨයි!

    ලව්පූස්, පොඩ්ඩි දෙපලට අපේ උණුසුම් සුභපැතුම්!!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..

      කතාව කියවගෙන එද්දි ඉවරවෙයිදෝ කියල බයත් හිතුන..ඒ තරම් හිතට වැදුනා බං.නියමම ගැලපීමක්..රින්ච් එකයි නට් එකයි වගේ..ඩ්‍රමයි පෑඩයි වගේ..අමුඩෙයි …… ආ .නෑ නෑ ඒක නෑ :D

      ඇස් වහක් කටවහක් නෑ දෙන්නෙක් ලිව්වද කියල හොයන්නත් බෑ බං..පට්ට තාත්විකයි.ඒ තරම් අපූරු සුසංයෝගයක්..බොක්කෙන්ම සුභපැතුම් පොඩ්ඩි - ඉවාන් දෙන්නටම. මේකෙ දෙවෙනි කොටස කියවන්න අපි මග බලං ඉන්නවා !!!! එකෙන්ම..

      උඹල දෙන්නට අපේ ආචාරය … !!

      Delete
    2. රින්ච් එකයි නට් එකයි වගේ.
      ඩ්‍රමයි පෑඩයි වගේ...
      බ්‍රා එකයි කප් එකයි වගේ..

      Delete
    3. මෙන්ඩයි - ගලුයි වගේ..

      Delete
    4. චරිත තුනක් නිසා බස්සිවත් ගන්න තිබුන

      Delete
    5. ප්‍රේම කතාවක චරිත තුනක් අපි ... :-)

      Delete
    6. තුන් මංසල ළඟ බලා හිඳින්නෙමි ..

      Delete
    7. //මෙන්ඩයි - ගලුයි වගේ.. //
      චැහ්.. කැත කතා කියන්න එපා.

      Delete
    8. මෙන්ඩයි - බැසියරුයි වගේ...
      පත්තරයයි - කසිප්පුයි වගේ..
      ප්‍රසන්නයි - දේශකයි වගේ..
      විචාරකයි-ලාග්ගොයි වගේ..
      හැක් හැක් හැක්...

      Delete
    9. "ඩාලිං මගෙ ලව්... අපි දෙන්නම නිව්...
      හිරමනයයි පොල් බෑයයි වාගෙනේ...."

      Delete
    10. @ බට කොස්සි -
      ස්තුති උඹේ පැතුමට , අහුවෙයන්කෝ වෙලාවක දෙන්න දත් සැට් එක බඩේ ගැඹුරටම යන්න ..හැක

      @ පත්තරේ - උඹේ උපමා උපමේය දැක්කම මට හිතෙන්නෙම උඹ කාලිදාසගේ හොඳම ගෝලයා කියලා අම්මප .

      @ ප්‍රා, ප්‍රසා, චාමර & සිංදු - එහෙනම් හිටින් ගල් බෝතලයක් වත් අරං එනකං

      Delete
    11. @බස්සි,

      බ්ලොග් ලෝකේ දක්ෂ කෙටිකතාකරුවන්/කාරියන් කීපදෙනයි ඉන්නේ. (මම කියවන බ්ලොග් අතරින්) ඉවාන්, බස්සි, තිලක සිත, මගේ ලෝකය, රවි, මහේෂ්, දිනේෂ්, උපේක්ෂා, බීටල් ඒ අය අතරින් මට මතක තියෙන කීපදෙනෙක්. පොඩ්ඩි කෙටිකතා ලියන්නේ නෑනේ බස්සියේ. එයා වෙච්ච දේවල් ලියන එක්කෙනෙක්. ඒ හන්දා ඔය කියලා තියෙන්නේ බොරුලු. :P

      Delete
    12. අරූට බැරිවෙලා
      විදානෙයි - තාප්පයි වගේ..
      කියල කියන්න.

      Delete
    13. //ඉවාන්, බස්සි, තිලක සිත, මගේ ලෝකය, රවි, මහේෂ්, දිනේෂ්, උපේක්ෂා, බීටල් //

      ඇයි හත්තිලව්වේ පත්තර මල්ලි .. පරසන්න .. අපි ලියන කෙටිකතා කලුද මං අහන්නෙ .චැහ්.

      Delete
    14. කියල වැඩක් නෑ බං. ඔය දාල තියෙන නං තියන උං දන්න කෙටිකතා ලිවිල්ල. ඒ වගේද අපේ ඒව. හැක්..

      Delete
    15. පත්තරමල්ලිගේ කොට කතා අති විසිස්ටයි කියල විචාරකයො (හෝ විචාරකයා) කියනවා

      Delete
  14. සුදු ජාතික වතු පාලක පියකුට දාව උපන්, දරුවන් දෙදෙනෙකු සහිත පවුලක්, 1970 දශකයේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ නගරයක හිටියා. ඔවුන් ඇත්තටම සුදු ජාතිකයන් වගේ පෙනුමකින් යුක්තයි. අම්මා ඒ වතු බංගලාවේවේ ගෘහ සේවිකාවලු. මා දන්නා කාලයේදීත් ඒ දරුවන් දෙදෙනා (පිරිමි) වයස අවුරුදු 40 ඉක්මවූ අය.

    ස්ට්‍රැදන් වතු අධිකාරිගේ බංගලාව ( මා අසා තිබෙන උච්ඡාරණය තමයි මම ඔය ලියා තිබෙන්නේ. ඒ ප්‍රදේශය හරහා මම කාලයක් නිතරම ගියා) තියෙන්නේ ඉතාම ලස්සන පරිසරයක්. එහි සිට මධ්‍යම කඳුකරයේ සෑහෙන ප්‍රදේශයක්. කොළඹ - ගිනිගත්හේන - හැටන් - හරහා නුවරඑළිය මහා මාර්ගයත්, උඩරට දුම්රිය මාර්ගයත් ලස්සනට පෙනෙනවා.

    මේ වගේ ඇත්තම කතා ගණනාවක් සුදු ජාතීන්ගේ පාලන සමයේදී ඇත්තටම වෙලා තියනවා. සමහරවිට මේ කතාවත් එවැනි පුවතක සෙවනැල්ලක් වෙන්න පුළුවන්.

    [im#]https://jangun.files.wordpress.com/2015/11/screenshot-7.png[/im]

    ReplyDelete
    Replies
    1. විචාරක සීයා.. පාර නම් මාර විදියට පැහැදිලි උනා දැං නිකං ඒ බංගලොව් එකට යන එක බාර් එකට යනවා වගේ සිම්පල්

      Delete
    2. ස්තුතියි විචාරක මේ සවිස්තරාත්මක අදහස් දැක්වීමට , ඇත්තෙන්ම කතාව ආරම්භ කරද්දී මේ වගේ සිදුවීමක සේයාවක් හිතේ තිබ්බා, ඒත් ඒ මේ කතාවමයි කියලා කතාවක් හිතේ තිබ්බේ නෑ. මොකද තේවතු ආශ්‍රිතව මේ වගේ කතා සෑහෙන ප්‍රමාණයක් අත්දැකලා තිබුණු නිසා . එත් මේ වගේ සැබෑ කතාවක් ගැන අහන්න ලැබීම සතුටක්


      එහෙනං අද බාර් එකට පලයන් චාමර

      Delete
    3. ස්ට්‍රැද්දන් කියල තමයි ශබ්ද වෙන්නෙ. මට පොඩ්ඩක් කියවද්දි අප්සෙට් වෙච්චි තැන් හින්ද මට මේ කතාවෙ සුන්දරත්වය විද ගන්න බැරි උනා ( පණ්ඩිතයට ඒ දණ්ඩෙ යන්න බෑ වගේ තමයි ). නුවරඑළියෙ නයි නටවන එවුන් නෑ නේද ? ස්ට්‍රැද්දන් වත්තෙ අයිතිය තිබ්බ නම් ඇයි ග්‍රෙගරි වැවට උඩින් හිටියෙ. වත්තෙ ලොකු බංගලා තුනක් තියනවනෙ ? ග්‍රෙගරි වැවට උඩින් නම් අනිවා Black forest තමයි එතකොට ඉර වැහෙන්නෙ මොන කන්දකටද ? ඔය හරියෙ ගල් පඩිපෙලක් තියන ගෙයක් නෑනෙ ? යකෝ කවුද එතකොට මේ අපි නොදන්න පවුල ?
      ඔන්න ඔය වගේ දේවල් ඔලුවට එන හින්ද මට මේක රස විදින්න බැරිව ගියා.

      Delete
    4. //යකෝ කවුද එතකොට මේ අපි නොදන්න පවුල ? //

      නෑ නෑ උඹේ සීන් එක වෙච්ව ළමයා දැන් බැඳලා ලස්සනට් ජීවත් වෙනවා. හිත කලබල කරගන්න කාරි නෑ..කෙල්ල උඩ බලං කෙළ ගහන එකක් නෑ. හැක හැක

      Delete
  15. කඳුළු එක්ක මුසු වුණු ආදරය හුඟාක් වටිනව මම හිතන්නෙ, විශේෂයෙන් ඒවා අපේ හිත් වලට කතා කරනවා. ජීවිතේ අපිට සතුට ආදරය සැනසුම දෙන්නෙ හරිම ලෝභ කමින්... හරිම ලස්සනට ලියලා. ඒ චරිත තුනෙන් කවුරු ගැන දුක් වෙන්නද කියලා හිතා ගන්නවත් බැහැ
    සුපැතුම්. ලස්සනම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. කඳුලු අතරින් සිනාසෙනු බැහැ - නමුත් එයමයි කලයුතූ..
      කොහේදෝ තාප්පෙක කවුදෝ එකෙක් අඟුරු කෑල්ලකින් ලියලා තිබ්බා !!!! ඩී.ඩී.ඩී..

      Delete
    2. @ හංසමාලි -//චරිත තුනෙන් කවුරු ගැන දුක් වෙන්නද කියලා හිතා ගන්නවත් බැහැ// අන්න එතනට එන විදිහට කතාව රසවිඳින්න පුළුවන් නම් අපි සාර්ථකයි කියලා අපිට හිතේවි හංසමාලි . ස්තුතියි බොහොම . ජීවිතේ ඇතුලේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්

      @ විදානේ - උඹට ඉතිං තාප්ප වලින් තොර ලොවක් නෑනේ

      Delete
    3. එහෙනං ඒ තාප්පෙටත් බබා හම්බවෙයි :D

      Delete
  16. This is phenomenal writing friends..

    ඇක්ස්ට්‍රා ඕඩිනොරි ඉවානයෝ... පොඩ්ඩියෝ.. හැබ්යි පොඩ්ඩිගේ සළකුණ මෙතන නොඅඩුව තියෙනවා... සුපිරි... පිරි ඉතිරි...

    මම බ්ලොග් වල කියවපු වල්ලා පට්ටම නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. thanks a lot mate -

      ඔය වචන ටික ලොකු සතුටක් . ආයේ වෙන කියන්න දෙයක් නෑ බොසා

      Delete
    2. පොඩ්ඩිගේ සලකුණ? ටයන්න වෙන්ට ඇතිනේ? :P

      ස්තූතියි මාතලීටත්.

      Delete
  17. ඒක තමා නාග මාණික්‍යය කියන්නේ . ඒ මැණික වමාරලා මූ පියාඹලා යනවා ........ හැබැයි ඒ මැණික අපි හොඳින් පරිස්සම් කරගන්න ඕන++++++++ අමාරිස් අයියටත් නාග මාණික්‍යයක් එක සැරයක් ලැබුණ නේද ?

    ReplyDelete
    Replies
    1. අමාරිස් අයියට අපහු මැණිකක් හම්බවෙලා තියෙන්නේ බලමු මොකද කරන්නේ කියලා ඒකට , ස්තුතියි T.S.

      Delete
  18. ඉවාන් අය්යෙ පොඩ්ඩි අක්කෙ.. කතාව නං පස්ට.. පස්ටයි කියන්නෙ මට නං ලොවෙත් පස්ට..
    කෝමත් ඉවාන් අය්යගෙයි පොඩ්ඩි අක්කගෙයි ලිවිල්ල මාරම ගති නෙව.. හැමදාම වගේ ටොප් ක්ලාස්..
    ඒත් එක තැනක සුට්ටි වරදක් දැක්ක. පොරසිද්දියෙ කියන්ට බැරි හංද ඔන්න නිසි බලධාරියට කියල දැම්ම. අහගත්ත නං...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. වැරදි සිදුවීම දේව ගතියකි - සමාව දීම මනුස්ස ගතියකි..

      Delete
    2. අප්පට මොකක්ද ඒ වරද ? කමක් නෑ බලමු පස්සේ . ස්තුතියි මහේෂ් බොහොම

      විදානේ - නැත්තං නැත්තං

      Delete
    3. විදානෙ
      සුළු වැරදි නොසැලකේ :D

      Delete
    4. සුළු වරදකින් දරුවෙකු සිටී... ඩී

      Delete
    5. ඕක වුනේ මෙහෙමයි. විදානයා ඒ කාලේ දන්නා අඳුනන කාන්තාවක් එක්ක ඔය බංගලාව බලන්න ගිහින් තියනවා. එතනදී තමයි විදානය කියලා තියෙන්නේ වරදක් වුනානම් සමාවෙන්න කියලා. අර කාන්තාව කිව්වලු පිස්සුද අනේ අර අන්න අර හරියේදී මගේ කූඩැල්ලෙක් කෑවා කියලා. හ්ම්........................

      Delete
    6. @මහේෂ්,

      නිසි බලධාරියා නිසි විදියට අනික් බලධාරියට ප්රශ්නේ දැම්මලු. ස්තූතියි මහේෂ්. මෙතන ඒක කීවා නම් මේ කමෙන්ට් ඔක්කොම වෙන දිහාවකට ගලාගෙන යන්ට තිබ්බා...:D

      Delete
  19. රයිට් දැං මගේ කොමෙන්ටුව..

    දැංවත් තේරේනවද මං නොලියන්නේ ඇයි කියලා...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අප්පට බොල මෙන්න චාමර කමෙන්ටුවක් දාලා , තාම තේරෙන්නේ නෑ චාමර හැක

      Delete
    2. තෙරෙන එක නං තේරුණා.. පත්තරේ ඇඩ් එකක් දාල බලමු :D

      Delete
    3. මේ කමෙන්ටුව නෙලුම්යායට දාලා විදානයට සම්මානයක් දෙමු

      Delete
    4. අපෙන් ද අහනේනෙ තේ රෙනවද කියල.
      උඹ ට්‍රයි එකක් දාල බලහං.

      Delete
  20. පට්ටයි ඉවාන් ...කියන්න දෙයක් නැ මචෝ අනර්ගයි ...(පිස්සු කෙලියා ඇරෙන්න කමෙන්ට් කලේ නැනේ ..හැක්‌ )
    ජය වේවා !!!

    තුන් සිත දැහැන් ගත වෙනා
    සිතුවිලි සසල කරවනා
    පදවැල් අතර ගැයෙන - ස්ව‍රයේ සප්ත වර්ණ
    සිත ලඟ ගයනව ද ඔයා...
    තුන් පැය අතර නිමවෙනා
    මතකය අතර රැදවෙනා
    සිනමා පටයෙ රැදෙන - සුන්දර සිහින රැගුම
    සිත ලඟ රඟනවද ඔයා...

    නෙතගට කඳුල ගෙන දෙනා
    නරඹන සිතද හඬවනා
    දුක්බර ප්‍රේම රැගුම - සුන්දර පියවි ලොවක
    රගන්න කියන්නට එපා...
    තනිකම සිතට කැඳවනා
    තනිවම සිතින් වැලපෙනා
    දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක
    ගයන්න කියන්නට එපා...

    තුන් සිත දැහැන් ගත වෙනා...//

    පෙම්බර වදන් වැල විනා
    දුක්බර දෙබස් නම් එපා
    සිනමා ලොවක මිසක - දිවියක සබෑ ලොවක
    දුක්බර චරිතයක් එපා...
    සුන්දර අදහසක් තියා
    දුක්බර පදවැලක් ලියා
    සත්සර අතර මිසක - සුන්දර සැබෑ ලොවක
    දුක්බර ගැයුම නම් එපා...

    තුන් සිත දැහැන් ගත වෙනා...//

    ගායනය : කමල් අද්දරආරච්චි සමඟින් නීලා වික්‍රමසිංහ
    ගී පද /සංගීතය : අශෝක කෝවිලගේ

    ReplyDelete
    Replies
    1. උඹට මම සිංදු විශ්වකෝෂයක් කියන්නේ නිකං යැයි. ස්තුතියි සිංදුවෝ , උඹ ඉන්නකොට හැමතැනම රස සාගරයක්

      සිංදු ඇනෝ ඉන්නා තැන කොහෙද තනි කමක්
      නැහැනේ තනි කමක්

      Delete
    2. //උඹට මම සිංදු විශ්වකෝෂයක් කියන්නේ //

      ඕං මයෙ කට කහනවා ඉතිං.. විටක් කන්ඩ ඕනැ :D :D

      Delete
    3. /ඕං මයෙ කට කහනවා ඉතිං.. විටක් කන්ඩ ඕනැ :D :D /
      පූසා මල්ලෙන් එලියට පනියි කොල්ලෝ...

      Delete
    4. machan me song eka kivuve Kamal Addaraarachchi ekka Damayanthi Jayasuriya. Neela Wickramasinghe nemei.

      Delete
    5. රුවන් ඒ මේ ගීතය නෙවෙයි .."උන්මාද වූ ප්‍රේමාදරේ " ගීතය ...

      https://www.youtube.com/watch?v=F9mZrjbFDx0

      Delete
  21. වෙන කියන්න දෙයක් නෑ.......... පට්ටයි.දෙන්නේ ලියපු එකක් කියලා කිසිම වෙනසක් පෙනෙන්නෙ නෑ අර අවසානේ ඒක දකිනකම්ම............ සුපිරියි.......... චරිත තුනම පව් ඒ උනාට...............

    ReplyDelete
    Replies
    1. අවංකයා - ස්තුතියි මචං .. චරිත හැම එකක්ම පව් තමා බං අන්තිමට ...

      Delete
  22. කතාව නම් සුපිරි අයියා, එකිනෙකට වෙනස් චරිත තුනක ආත්ම කථනයන් තුනක් එකට මික්ස් කරලා මේ වගේ කතාවක් හදපු එක්ස්පරිමෙන්ට් එක නම් පට්ටම පට්ට. හැබැයි ඉවාන අයියා පනපොවපු ඩොනල්ඩ් කාවිංග ව අබිබවා පොඩ්ඩි අල්ලා පනපොවපු ටෙරන්ස් ගුරුවරියගේ ආත්ම කථනය ඉහලට ඉස්මතු වෙලා දැනෙනවා. චරිත තුනේ තුන් වන චරිතය අම්මාකෙනෙක් බිරිඳක් වශයෙන් එතරම් ඉහලට නාවත් ප්රෙමවන්තියක් වශයෙන් ඉහලට එනවා, ඔලුව ටිකක් අවුල් කරන නාග මානික්‍ය කතාවත් එක්ක අගේ චරිතය ගැන කුහුලක් ගොඩ නැගුනත් ඒ සැම අබිබවා පොඩ්ඩි අක්කගේ ලකුණ ඈ තියලා තියෙනවා.

    මන් එහෙම කියන්න මුල මැද අග කිසිදු සැකයක් ඉතුරු නොකර ගුරුවරිය යනු කවුරුන්දැයි කියා කියවන්නට පොද්දී අක්කා කියන්න සමත් වෙලා තියෙනවා, එත් එක්කම පොද්දී අක්ක ගත්තු
    //"තව දවසක් හමුවී ඉමු මේ භවේ...
    එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ...
    ඔබ වෙනුවෙන් හැඬුව තරම්,
    කියන්න හීන් සැරේ
    තව දවසක් හමුවී ඉමු මේ භවේ...."//
    සින්දුව කතාවේ ඇගේ කොටසට ගහට පොත්ත වගේ බද්ද වෙලා තියෙනවා, ඒ ගීත කොටස ඇගේ හැගීම් තවත් ඉස්මතු වෙලා පෙන්න ගන්නවා. ඒ ගැන කියන්න වචන නැහැ.

    කාවිංග අසාර්ථකයි කියලා කියන්න මේ හේතු මත නමුත් සමස්ත කතාවට ඒ අසාර්ථකත්වය බල පාන්නේ නැහැ. කාවින්ගගේ මානසික මට්ටම එලියට ආවද කියලා හිතෙනවා, කාවිඟට තමන්ගේ තාත්තා කවුද කියලා හොයා යාමේ අසාවක් නැහැ කුහුලක් මිසක, ඊළඟට තමන්ගේ තාත්තා නැති නිසා ළමයි අහන ප්‍රශ්න වලින් කොන් වෙනවා උත්තර නැති නිරුත්තර පාසල් නොයන සමාජ ආශ්‍රයක් නැති චරිතයක් වෙච්ච කාවිංග දකින මුල්ම ස්ත්‍රී පරණය තමන්ගේ අම්ම හැරුනම මිස් ටෙරන්ස්, මිස් ටෙරන්ස්ගේ හැසිරීම කාවිංග පුදුම කරත් එකේ කිසි ගතියක් නැහැ. මොකද කාවිංග සහෝදරියක් කියන්නේ කවුද කියල වත් දන්නවද කියලා වත් දන්නේ නැති ලාමක චරිතයක් වගෙයි හැඟෙන්නේ, මිස් ටෙරන්ස්ව සහෝදරියක් වගේ කාවිංගට ෆීල් වෙයි කියලා ස්ට්‍රෙන්ජෙර් කෙනෙක් වෙච්ච කාවින්ගට මට නම් හිතෙන්නේ නැහැ. එහෙම උනා නම් ඒ මිස් ටෙරන්ස් ගේ දක්ෂ තාවය නිසා මිසක කාවින්ගම එහෙම හිතා ගනියි කියලා හිතෙන්නේ නැහැ, ටෙරන්ස් මිස් ගැන ආදරයක් තමන්ට වඩා වැඩිමල් එකියක් ගැන ආදරයක් මිශ්‍ර විකුර්ති හන්ගීමක් කාවිංගට එන්න තියෙන හැගීම වැඩි.

    කතාව ඒ හරහා ගලා යයි කියලා හිතුනත් ටෙරන්ස් මිස් කාවිංග දකින කොටම ඇයට එන හන්ගීමත් එක්ක ඇයත් ඩේවිඩ් ගේ තවත් එක බිරියක් විය හැකියි කියන සියුම් සැකයක් ආවත් කතාව එන එහා ගිය පාරක් ඔස්සේ ඉතා අපුරුව දිව යනවා.

    ඒ වගේම කාවිංග තුලින් තමන්ගේ පරණ පෙම්වතාව දකින ටානියා ටත් කාවිඟව පොළඹවා ගන්න හිතුනත් ආ දක්ෂ ලෙස ගුරු බුමිකාව රංග දක්වනවා, අගේ ගුරු බුමිකාවේ දක්ෂ කම නිසාම කාවිංග නිකන්ම මිලන වෙලා කාවින්ගගේ ස්ටේර්න්ජ් ගතිය කතාව හංගලා කියලා හැඟෙනවා. කාවිංග ටෙරන්ස් මිස්ව නිරීක්ෂණය කරයිද සහෝදරියකගේ හැඟුමින් කියන පැනය ආවත් කාවිංග ඇගේ අමුත්ත ප්‍රශ්න කරනවා. එය විය හැකියි. නමුත් ගුරුවරිය එය දක්ෂ ලෙස මග හරිනවා.

    අම්මගේ චරිතේ ගත්තම ඇය ආස කරන්නේ ග්‍රෙගරි වැවට ඉදිරියෙන් තියන කන්ද මිඉදුමෙන් වැහිලා යන දර්ශනයට, ඒ අගේ ජීවිතේට කන්දක් වගේ සවිය වෙච්ච කෙනෙක් මීදුමක් වගේ අතුරුදහන් වෙලා ගිය නිසා දොයි සිතෙනවා.

    සමස්තයක් වශයෙන් ආත්ම කතාකථනයන් හරහා ප්‍රකාශනයක් ගොඩ නගපුකතාව සාර්ථකයි. මට මතක් වෙන්නේ නිධානය කතාවේ කතානායකගේ තනි ආත්ම කථනය. එක මොන තරම් ප්‍රභලද? ඔහු ඇය සොයා යන විදිය ය මරණ විදිය, පසුව පසුතැවෙන හා සියදිවි නසාගන්න විදිය.

    ඉතින් ජය වේවා ඉවාන් අයියා, පොඩ්ඩි අක්කා. මෙතැනදී නම් පොද්දී අක්කා එක.

    ReplyDelete
    Replies
    1. සොමියා කාලෙකින් ස්තුතියි මේ දීර්ඝ කොමෙන්ටුවට
      කාවිංග අසාර්ථකයි , එක ඇත්ත , කාවිංගට තාත්තා හොයා යාමේ ආසාවක් නෑ එකත් ඇත්ත , ඔහුට තියෙන්න ඇත්තෙන්ම කුහුලක් පමණයි , කතාව ගොඩනගා ගෙන යාමේදී කාවිංග අසාර්ථක බව මගෙත් මතය . ඇත්තෙන්ම කතාවක් බවට මේය පත්වෙන්නේ ටානියා හරහා, ඇයගේ ආගමනය නොවන්නට මෙතැන කතාවක් ඇතිවෙන්නේ නෑ. පොඩ්ඩිගේ ප්‍රතිභාව තුලින් ටානියා ඉහලට ගෙනාවා , එය පොඩ්ඩි සතු දක්ෂතාවය විදහා පෑමක්,

      Delete
    2. මං හැමදාම ආස කරන්නේ සොමියාගේ කොමෙන්ටුවට...

      Delete
    3. @සොමි යා,

      ස්තූතියි කමෙන්ටුවට. පොඩ්ඩිට තිබුනේ එක චරිතයක් ගොඩ නගන්ට හන්දා වැඩේ ලේසි වුනා. ඒත් ඒ චරිතය වටේ ඉවාන් කතාව පැය කීපයකින් ගොඩ නගපු විදිය නම් හරිම ලස්සනයි. මට හිතුනේ කලු, සුදු චිත්රයක් ඇඳලා දුන්නාම, ඉවාන් ඒක වර්ණයෙන් පිරෙව්වා වගේ. ඉවාන් ගොඩක් දක්ෂ කතාකරුවෙක් සොමියෝ.

      Delete
  23. කෝ පූසො පොඩ්ඩි අක්ක ඇවිත් මොකුත් කියල නෑනෙ. සුපිරි කතාව මචෝ. මම හිතුවෙම එක්කෙනෙක් ලියපු කතාවක් කියලමයි. ඒ කියන්නෙ ඒ තරමට ම අදහස්, බාශාව වගේ දේවල් ගැලපිලා.

    උඹ සමන් අතාව්දහෙට්ටි, සුනේත්‍රා රාජකරුනානායක ලියපු (හර්ද සූත්‍රය) කියවල තියෙයිද? නැත්නම් බලහං ඒකත්.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි මොනවත් කියලා නෑ තමා , බලමු සමහර විට කියයි . ස්තුතියි කසුන් .
      ඒ පොතනම් කියවලා නෑ. දැන් මේ කියපු නිසා කියවල බලන්න ඕන .
      උඹේන්ම ඉල්ල්ගන්න් පුළුවන් නිසා දැන් බය නෑ

      Delete
    2. මෙන්න ආවා කසුන්. අනෙක් අය මම ආවේ කියලා දැක්කේ නැතිවුනාට , ඒ බව පෙනුනේ ඔයාට විතරනේ. :D

      ස්තූතියි. වෙලාවක ඔයාගේ බ්ලොග් එක පැත්තේ එන්නම්. අහන්ට ප්රශ්න ගොඩයි.

      Delete
    3. ඉවාන්, දෙන්නම් කියවලා බලහංකො.

      පොඩ්ඩි, එන්න එන්න. ඕන එකක් අහන්න.

      Delete
    4. අපො අපි කොමෙන්ට් කරනකොට ඉවානයවත් ඇවිත් නෑ.

      Delete
    5. අපිට පෝස්ට් අදාල නෑ

      Test පෝස්ට් එකටත් කොමන්ට් 200 ක් දාපු පොරවල් අපි . හැක හැක

      Delete
  24. දෙන්නෙක්ට එකතුවෙලා මේ වගේ වැඩක් කරන්න පුළුවන් කියන එක හරිම අනර්ඝයි. කියවගෙන යද්දී ඒ බවක් තේරෙන්නෙවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ තරමක් දුරට හෝ සාර්ථකයි , බොහොම ස්තුතියි ඉකොනෝ

      Delete
  25. ////ලිව්වේ ඉවාන් සහ පොඩ්ඩි////

    niyamaine macho.....dennek liwe kiyala hoyagannama be....katawa lassanai.....

    mano mandira.....

    ReplyDelete
    Replies
    1. මනෝ මොකෝ ඇනෝ, හැක
      ස්තුතියි මචං

      Delete
    2. ආ... මනෝ කොඩිවිනයක් කපන්න ගිහිල්ල.
      ඔය කිල්ලට අහුවෙයි කියලයි ප්‍රෝපයිල් එකෙන් ලොග් වෙන්නෙ නැත්තෙ.

      Delete
    3. ඕ යේස්.. හූනියමකට කර ගහලා :D

      Delete
    4. කොඩි විනේ කපලා අද ආවේ...
      හිටු පත්තරයා උඹට එවනවා පිල්ලියක්

      Delete
  26. චරිත තුනක් ගැන මහාද්වීප දෙකක ජීවත්වන චරිත දෙකක් ලියූ අපූරු (ආදර?) කතාවක්!
    සුපිරි!

    ReplyDelete
    Replies
    1. ඩූඩ්. කතාව රස වින්දා නම් ඒ තමයි සතුට . ස්තුතියි ඩූඩ්.

      Delete
    2. පුංචි දූපතකින් ලැබුණු ලොකු කමෙන්ටුවක්. ස්තූතියි ඩූඩ්...:)

      Delete
  27. ඒකත් නරකම නැහැ.. මම කිව්වේ ජෝඩු දාල බ්ලොග් ලිවිල්ල ගැන.. කතාවේ සුභාන්තය තියන කොටස ලිව්වේ නැත්තේ ඇයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. හැක , සුඛාන්තයක්ද , ශෝඛාන්තයක් ද කියලා අවසන් කරගැනීම පාඨකයා
      ට බාර දෙන්න හිතුවා . ස්තුතියි අම්බලන්

      Delete
  28. කතාවේ මැද හොදට හුරුපුරුදූ දේවල් එක්ක කියවන් එද්දී මම ඒත් බැළුවා මොකද කියලා. පොඩ්ඩි අක්කගේ හවුලක් කියල නම් හැබැයි අන්තිම වෙනකන් හිතුනේ නෑ.. හවුල් කතා ලිවීම අපූරුයි.. මාත් එකක් දෙකක් ලියලා තියෙනවා.

    කතාව, ආයේ කියන්න දෙයක් නෑ සුපිරියි. අවසානය තව ට්කක් එහා මෙහා උනානම් මසුරං.. මන්දා මට හිතුන හැටි ඈ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් ... අවසානය විවෘතව තිබ්බේ කැමති කෙනෙකුට කැමති විදිහට අවසන් කරගන්න දෙන්න . දිනේෂ් කාලුකින් මොනවත් ලිව්වේ නෑනේ.

      Delete
    2. ස්තූතියි දිනේෂ්. මේ ඉන්නේ හොඳ කෙටිකතාකාරයෙක්.

      Delete
  29. Harima sundara ithama sanwedi kathawak!Harima apuruyi!

    ReplyDelete
  30. /*
    ‘Glass, and dishes, and fingernails, cars and contracts and potato chips. You can break a record, a horse, a dollar. You can break the ice. There are coffee breaks and lunch breaks and prison breaks. Day breaks, waves break. Voices break. Chains can be broken. So can silence, and fever…’

    Promises break.
    Hearts break.
    */

    ඔය ටික කියවද්දි මට හිතුනෙ ඉවානුත් පොඩිඩි කියවන ජාතියෙ පොත් කියවනවද කියල අහන්න ඕනි කියල. ප. ලි. ය කියෙව්වම තමයි වැඩේ තේරුණේ. ඉවාන්, පොඩ්ඩී... කතාව ලස්සනයි. :)

    ReplyDelete
    Replies
    1. කොහොම හරි කතාව රසවින්දානම් ඒ හොඳටම ඇති පරි. පලිය නිසා අහන්න ගිය කමෙන්ටුව නැතිව උනාද හැක හැක
      ස්තුතියි පරිකල්පන

      Delete
    2. පොඩ්ඩි ආසාම කතාකාරියෙක්ගේ කතාවකින් කෑල්ලක් ඔය. ඒ ටිකෙන් මුලු කතාවම කියවෙනවා හරියට ඉවාන්ගේ 'නාග මාණික්ය' වගේ. ස්තූතියි පරිකල්පන.

      Delete
    3. මේකට රිප්ලයි නෑ.. බිකෝස් තේරුන් නෑ නෙවැ :D

      Delete
    4. මේකට රිප්ලයි නෑ.. බිකෝස් තේරුන් නෑ නෙවැ x 2

      Delete
    5. මටනං තේරුතේ අර ප්‍රොමිසස් කියන ගෲප් එක කැඩිලයි කියන එක විතරයි.

      Delete
  31. කතාවට ඇලලුනු ඉංගිරිසි නම්, කතාව ලියැවිච්ච ආර දැක්කම මට මතක් වුණෙ පොඩ්ඩිව. පො.කු හාමි :ඩී

    ඒකිගෙ කතා වල ගොඩක් තැන් වල, මම දොස් කිව්වෙ ඔය ඉංගිරිසි නම්වලට. පරිවර්ථන එහෙම කියවද්දි අපබ්‍රංශ නම් තමා බං මාව අවුල් කරන්නෙ.

    දෙන්නගෙ ලියැවිල්ල සුපිරි..

    මට කතාව මඟදි හිතුනා කොල්ලට උගන්වන්න ආපු ගුරුතුමී අර සුද්දද කියලත්, එතැනදි මතක් වුනේ rabne bana di jodi එකේ ශාරුක්ගේ චරිතය.

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. අන්න ඒ පොකුහාමි තමයි බං ලිව්වේ කෑල්ලක් , අපබ්‍රංශ තේරෙන බාසාවෙන් කියන්න කියලා කියමු හැක...
      හින්දි ෆිල්ම් වැඩිය බලන්නේ නැති නිසා ඔය කියන සංගදිය දැක නොමැත
      තැනකුයි සෑමෝ

      Delete
  32. එක්ස් බාර් බාර් කිය කියා මොනවාදෝ කියනවා මතකයි මට මේක කියවන්ට පටන් ගන්න කොට...
    ඒ අපේ ස්ටැට් සර්...
    එතනින් එහාට පාඩමේ මෙලෝ දෙයක් මතක නෑ...
    ඒ තරමට මේක වැදුණා හිතට...
    පට්ට... සමබර නැති ගතියක් දැනෙනවා එක් කෙනෙක් විතරක් කතාව දෙ පාරක් කියලා තියෙන නිසා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතුරංග ..
      කතාවේ පොඩි පොඩි අවුල් තියෙනවා තමා , එත් උඹලා මේක රසවින්දා කියලා දැනෙනකොට නම් සතුටුයි .

      Delete
  33. මේක මරු ජොයින්ට් වෙන්චර් එකක්...අලුත්ම ට්‍රෙන්ඩ් එක මේක වෙයි...අනේ මන්දා ලව් පූසාට අපිත් එක්ක තමයි ජොයින්ට් වෙන්චර්ස් බැරි..ගෑල්ලමයි කිව්වොත් හා..
    නිකන්යැ ලව් පූසා කියන්නේ..නැද්ද හා...!

    ReplyDelete
    Replies
    1. හේ හේ තැන්කුයි බොස් ..

      ඔන්න ඉතින් කියාපු කතාව , මේ අහිංසක මට හදන පද , ඔය ප්‍රාජේව නියම කරන්න් ඕන එල්ලුන් ගහට මේ වගේ නමක් හැදුවට

      Delete
  34. කතාව නම් නියමයි ඉවාන් අයියා. දෙන්නෙක් ලියලා කියලා හිතන්නම බෑ, පොඩ්ඩි අක්කාගෙ ලිවිල්ලත් හරි ශෝක්. මෙච්චර කාලෙකට නම අහල තිබුනට පොඩි අක්ක ලියපු පෝස්ට් එකක් කියවපු පළවෙනි වතාව.


    ඕන් මාත් දෙන්නටම සුභ පැතුවා .. ගැලපෙන ජෝඩුව බ්ලොග් ලියන්න..

    ReplyDelete
    Replies
    1. හෙලෝ නවාතැනේ චණ්ඩි නංගියා .. මම එත් බැලුවා කොහෙද කියලා , උඹ මොනා හරි ලියාපන් මෙතන රස්ති ගගහ ඉන්නේ නැතුව මෙලහකට ගෙදර ගිනි තියලා එලියට පැනලා ඇති ආයේ දෙකක් නෑ, තැන්කුයි හොඳේ ...

      Delete
    2. ගිනි තියන්න භූමිතෙල් නෑ අයියා. නැත්තම් මොනවහරි කරන්න තිබුනා. මමත් වස කම්මැලිකමේ ඉන්නෙ. ඔන්න අයියා කියපු නිසා දැම්මා පෝස්ට් එකක්.

      ආ ඒවා කොහෙද? මං මේකෙ පදිංචි වෙනවා මෙහෙ රස්ති ගහන්න එපා කිව්වොත්. අපි හරි වසයි.. ඕ යෙස්..

      Delete
  35. ඒ කතාව නම් නියමයි. මම කොපි කරලා වර්ඩ් ෆයිල් එකකට පේස්ට් කරලා තියාගත්තා ඈ. බයවෙන්න එපා ඔයාලගේ කොපිරයිට්ස් නැතුව මම වෙන කොහෙවත් පබ්ලිෂ් කරන්නේ නෑ. නුවර එලිය කියද්දී මට එක පාරටම මතක් උනේ පුංචි කෝච්චිය බයි ද වේ. ග්‍රෙගරි වැව ගාවින් නේ ඒකත් ගියේ. වතු කතාවක් නිසා ඒ ටච් එක තවත් ටිකක් වැදුනා.
    මේ ඒක නෙවේ- අර තටු ඇවිල්ල පියාඹන නයාට කියන්නේ කොබෝ නයා කියලා.

    ReplyDelete
    Replies
    1. අපි ඌට කියන්නෙ ඉවා නයා කියලා. ඕ යේස්

      Delete
    2. කොපි රයිට්ස් නම් නෑ , මේක නෙවෙයි කොයි එකක්වත් ලියපු කෙන්ක්ගේ අවසරයක් අරන් ආපහු දාන එක තමා හොඳ.
      උඹට ඉතින් රෝස් පාන් එකක් දැක්කත් මතක් වෙන්නේ කෝච්චියක් නේ , අඟහරු ලෝකෙන් ආපු කෝච්චි ප්‍රේමියෙක් දැක්කමයි තැනකුයි ස්තුතියි අඟහරුවා


      අපි කියන්නේ පත්තරනයා කියලා

      Delete
  36. ස්ට්‍රැද්දන් කියල තමයි ශබ්ද වෙන්නෙ. මට පොඩ්ඩක් කියවද්දි අප්සෙට් වෙච්චි තැන් හින්ද මට මේ කතාවෙ සුන්දරත්වය විද ගන්න බැරි උනා ( පණ්ඩිතයට ඒ දණ්ඩෙ යන්න බෑ වගේ තමයි ). නුවරඑළියෙ නයි නටවන එවුන් නෑ නේද ? ස්ට්‍රැද්දන් වත්තෙ අයිතිය තිබ්බ නම් ඇයි ග්‍රෙගරි වැවට උඩින් හිටියෙ. වත්තෙ ලොකු බංගලා තුනක් තියනවනෙ ? ග්‍රෙගරි වැවට උඩින් නම් අනිවා Black forest තමයි එතකොට ඉර වැහෙන්නෙ මොන කන්දකටද ? ඔය හරියෙ ගල් පඩිපෙලක් තියන ගෙයක් නෑනෙ ? යකෝ කවුද එතකොට මේ අපි නොදන්න පවුල ?
    ඔන්න ඔය වගේ දේවල් ඔලුවට එන හින්ද මට මේක රස විදින්න බැරිව ගියා.


    විචාරකගෙ කමෙන්ට් එක ගාව දැම්ම කමෙන්ට් එක මෙතනත් දැම්ම.

    ReplyDelete
    Replies
    1. බොලා මොකටද යකෝ කතාව කියවන් නැතුව අනුංගෙ නයි හොයන්න ගියේ.

      Delete
    2. //විචාරකගෙ කමෙන්ට් එක ගාව දැම්ම කමෙන්ට් එක මෙතනත් දැම්ම.//

      දැන් දෙක වෙන වෙනමද දාන්නෙ ?? හුකෑස්

      Delete
    3. //දැන් දෙක වෙන වෙනමද දාන්නෙ ??//xx 2 හුකැස් හුකැස්
      මලා ,අය්යෝ කමියා .ඌත් දැන් තුන වෙන වෙනමද දාන්නේ .හැක් හැක් .

      Delete
    4. අප්පට සිරි දෙකේ ලෙඩේ මදිවට කම්මලයට පිස්සුත් හැදිලා , පව් බං අහිංසකයා .. දැන් ඉතින් අපි මොකෝ කරන්නේ . අනේ ප්‍රසා , පත්තරේ සිංදුවෝ කවි කොළ ටිකක්වත් ගහලා බෙදමු

      Delete
  37. නුවර ඒළියේ සීතලත් ඒක්ක මොකද්දෝ අමුතු උණුහුමකුත් දැනුනා. බොහොම අගෙයි.

    ReplyDelete
    Replies
    1. නුවර එළියේ කලවන් බඩු නැනේ තෙලියෝ ...එකයි ඔය ...
      බ්‍රෑන්ඩ් එක ගල් ..

      හැක් හැක් ..

      Delete
    2. මම නුඹේ හිත ලඟම උණුහුමට ගුලි වෙච්ච
      මල් සමය නිම වුනිද මට කියන්

      - නිරෝෂා විරාජිනී
      හැක් හැක්

      Delete
    3. "සියුමැලි... සියුමැලි රෝස මලේ
      මල් සමය නිම වේවිදෝ
      මල් සමය කොයි වේලේ නිම වේවිදෝ "

      Delete
    4. @ තෙලි - ස්තුතියි මචෝ , ඔය පල්ලෙහා ඉන්න එවුන් දෙන්නා ආශ්‍රය කරන්න එපා , උඹත් නරක්වෙයි මේ අපිට වුනා වගේ

      Delete
  38. දීර්ඝ බවක් නම් චුට්ටක් වත් දැනුනේ නෑ... එක හුස්මෙට කියවගෙන ගියා... ඒ තරමටම හරිම අපූරුයි.... නියමයි !

    // පාරේ ඉඳන් නිවස දක්වාවු, ගල් පඩිපෙළ මා නැග්ගේ සැහැල්ලුවෙන්.
    ලස්සන පුංචි නිවසක්. හරියට නත්තලට හදන ඉඟුරු පාන් ගෙයක් වගේ....... // මේ ටික කියවන කොට මට මතක් වුනේ පොඩ්ඩි අක්ක ඇවිදින්න ගිහින් ඒ විස්තර කියන විදිහ. ප.ලි එකේ ලියලා තියෙන්නේ එයාමයි කියලා දකිනකොට පුදුම සතුටක් දැනුනා.

    ReplyDelete
    Replies
    1. තුශානි ස්තුතියි මුලින්ම , පොඩ්ඩි අක්ක නුවරඑළියේ අවිදින්න් ගිහිං තමා ඔය විස්තර ලියලා තියෙන්නේ හැක

      තැනකුයි හොඳේ

      Delete
    2. දැන් මට කමෙන්ට් වලින් තුශානිව අඳුන ගත්තු හැකි. ලස්සන කමෙන්ට් එක තුශා...:)

      Delete
  39. කෝ බංස්ලා අර යක්ෂ අන්ත ශ්‍රීනාත් කොලුව.
    ගොඩ කාලෙකින් දැක්කෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඌ චෙස් බෝඩ් එකක් ඇරං ඉස්කෝලෙ යනව නෙවැ .. ඒලෙවල් කරන නංගිල එක්ක චෙස් අදින්න. මං හිතන්නෙ චෙක් මේට් වෙයි හෙට අනිද්දම :D

      හත් අට මාසෙකින් ඕඩිකොලොං , බේබි සබං ටිකක් ඇරං ගිහිං බල්ල එමු .අපි ගාවත් මහලොකු සල්ලියක් නෑ නෙවැ

      Delete
    2. මම නං ඒවා අරං ගියා උන්දැව බලන්න , ඔය ඉන්නේ නිකන් කොබෝ නයා වගේ දැන් හොට බිම ඇනගෙන

      Delete
  40. ඊයෙ හවස කෝච්චියෙ යද්දි කතාව කියවන්න පටන් ගත්තෙ 17% චාර්ජ් තිබ්බෙ අමාරුවෙන් ඉක්මනට කියෙව්ව ඒත් හරියට කියවන්න බැරිඋන නිසා අද මුළු කතාවේ ඉඳන් හැම කමෙන්ටුවක්ම කියවගෙන ආව ..කතාව නම් ගොඩක්ම ලස්සනයි දැනෙන්නම ලියල කතාවෙ චරිත එක එක අවස්ථාවලදී ප්‍රධාන චරිත වෙන එක මම දැක්ක විශේෂයක් අන්තිමට යශෝධ ,කාවිංග චරිතවලටත් වඩා මිස් ටෙරන්ස් ගෙ චරිතය ඉස්මතු වෙලා.හැබැයි අපි කතාව පටන් ගන්නෙ යශෝධ ගෙ කතාව අහන්න ඉවර වෙන්නෙ මිස් ටෙරන්ස්ගෙ චරිතය හිතේ තියාගෙන.පොඩ්ඩි අක්කගෙ කතා මම කලින් කියවලම නැහැ මට මග ඇරිච්ච් තවත් බ්ලොග් එකක් ඒකටත් යන්න ඕන.කොහොම උනත් ඉවාන් අය්යයි පොඩ්ඩි අක්කයි දෙන්නම ලිව්ව කතාව හැමෝම කිව්වා වගේ එක්කෙනෙක් ලිව්වා කතාවක් වගේ දෙන්නෙක් ලිව්වා කියල වෙනසක් දැනුනෙ නැහැ මටනම්.කතාවෙන් පේන්නෙ දෙන්නගෙම හැකියාව ගොඩක් ඉහලයි කියල....තව දෙයක් මට හිතුන මේ කතාව ඩේවිඩ්ගෙ පැත්තෙන් ලිව්වොත් කොහොම ලියවේවිද කියල ඉවාන් අය්යට පුළුවන් ආයෙම කොටසක් ලියනවනම් ඩේවිඩ්ගෙ පැත්තෙන් කතාව ගොඩනගන්න :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හංසි මේ කතාව දෙන්න බෙදාගෙන ලිව්වා එකක් නෙවෙයි , කතාව දෙන්නම එකතුවෙලා ගොඩ නගපු එකක් එක එක ථතැන්වලදී අවශ්‍ය විදිහට එක එක්කෙනා වැඩි කොටසක් ලිව්වා . ඒ නිසා තමයි වෙනසක් දැනෙන්නේ නැත්තේ මං හිතෙන්න , කොහොම වුනත් හංසි වගේ දක්ෂ ලියන්නියකගෙන් මේ ලැබුණු සහතිකය අගෙයි . ස්තුතියි හංසි

      Delete
    2. ඉස්සර හංසි කියලා පුංචි කෙල්ලෙක් බ්ලොග් එකක් ලීවා. පස්සේ එයා කැම්පස් ගිය හන්දා ඒක නතර වුනා. මම හිතුවේ මේ හංසි ඒ හංසි කියලයි. පොඩ්ඩිගේ පෝස්ට් බලලා නෑ කියන්නේ ඔයා ඒ හංසි වෙන්ට බෑ.

      හංසිගේ යෝජනාවත් අගෙයි. ඉවාන් ඩේවිඩ් විදියට එයාගේ ඇත්ත ආදරේ ගැන ලීවොත් නේ? :P

      Delete
  41. අඩේ ... පික්සු කොර... වෙනම ලෝකෙකට ගියා වගේ හිතුන බං.. සිරාවට....නුවරඑළිය , පරණ බලපු නවකතා අනං මනං කලවම් වෙලා ඔළුව මඥ්ඥං උනා වගේ දැනුන... ජයවේවා... ලියහන් මෙව්ව දිගටම පොඩ්ඩි බැරි නං මෝහිණී එක්ක හරි... පොඩිකුමාරිහාමිටත් ඩබල් සැලියුට්.....

    ReplyDelete
    Replies
    1. සජ්ජා මතකයන් මැදින් අතීතයට ඇවිදගෙන ගිහිං වගේ .. උඹ මොකෝ පොඩ්ඩිට මෝහිණී කිව්වේ හැක හක හක ඉඳහන් කියන්න කේලම

      Delete
    2. මෝහිණී කියලා කෙනෙක් බ්ලොග් ලියනවද? :O

      Delete
  42. නියමයි,දෙන්නෙක් එකතු වෙලා ලිව්වා කියලා හිතන්න බැරි තරමටම ලස්සනයි.මට මුලින් මුලින් හිතුනා ටෙරන්ස් මිස් කාවිංග ගැන අදහසක් ඇතුව හිඳීවිද කියලාත්.

    සමහර මතක කොයි තරම් අමතක කරලා මරන්න හැදුවත් ඒවා අපිට හිතන්නවත් බැරි විදිහට අපිව හොයා ගෙන එන එකනම් පුදුමයක්.

    ReplyDelete
    Replies
    1. මතකයන් කවදාවත් අමතක වෙන්නේ නෑ මනෝජ් , අපි අමතක වුනා වගේ ඉන්නවා විතරයි . කතාව පොඩි පොඩි අඩුපාඩු නැතුවමත් නෙවෙයි ,
      ස්තුතියි මනෝජ්

      Delete
    2. මනෝජ්ගේ කතාව මේ ඔක්කොටම වඩා ලස්සනයි. ඒකත් ලියමු. :D

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]