සුක්කානම මත දකුණු අත තබාගෙන ඩ්‍රයිව් ගියරයට මාරුවෙමින් සෙමින් පාරට ගත රියේ ප්‍රධාන ලාම්පු දල්වා ගනිමින් ඉදිරියට ඇදෙන විට , මීට ටික වෙලාවකට පෙර වැටුණු වැස්සේ න් තෙත් වූ මාර්ගය දුම් දමමින් තිබෙනු දකින විට අද්භූත සිතුවිලි නැගී ආවේ මටත් හොරාය ..
ප්‍රධාන මාර්ගය දෙපස විදුලි එලි වහා නිවී යද්දී එක්වරම හාත්පස ආලෝකමත් විය .ඒ සැනින් කන් බිහිරි වන හෙණ හඬ ඇහෙන විටම ඇස්දෙක මොහොතකට පියවුනාක් මෙන් මට දැනුනි . වායුසමීකරණය හැකිතාක් ඉහල උෂ්ණත්වයකට ගෙන ආවත් ඇට මිදුළු කාගෙන යන සීතලක් දැනෙන්නේ කෙසේදැයි සෙවීමට මම නැවතත් සියලු දොර වීදුරු දෙස බැල්මක් හෙළුවේ ඉවසිය නොහැකිම තැනදිය.
ප්‍රධාන මාර්ගය දෙපස කළුවර වූ ගෙවල් අතරේ අතරින් පතර මලානික එලි වැටුණු ජනේල අතරින් එහා මෙහා යන අඳුරු පැහැ හෙවනැලි වලින් අද්භූත හැගීම තවත් තීව්‍ර වන්නට විය . සෙමින් සෙමින් ගස් අතු සෙලවෙමින් ආරම්භ වූ සුළඟ දැඩි වූයෙන් මග දෙපස ගස් අතු මාවම ගිලගන්නට බලාසිටින රාක්ෂයන් මෙන් මට දිස්වනන්ට විය .
පාළුව තවත් දැඩිව දැනෙන්නට නොහැරිය යුතුයයි සිතු නිසාම ගුවන් විදුලියන්ත්‍රය පණ ගැන්වුවෙමි . "රත්තරන් නෙත් දෙකින් ,සලා සිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් ........"
මා ප්‍රිය කරන ගීතයක්ම විකාශය වෙමින් පවතින්නේ හාස්කමකින්ද?
සෙමින් සෙමින් ගීතයට සමාන්තරව තොල් මතුරමින් රථයේ ධාවන වේගය මදක් වැඩි කලේ පෙරට වඩා විශ්වාසයක් හිතට දැනුනු බැවිනි. මඳ දුරක් යන විට හුරුපුරුදු ගතියක් දැනුනද තවමත් හාත්පස වෙලාගත් ඝන අන්ධකාරය අඩුවක් නොවීය , තවමත් විදුලි ආලෝකයක්ද දකිනට නැත.
" අප හමු වූවත් නොවුනත් කාලය ගතවී යනවා ... අප තනි වූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා "
තවත් මම ප්‍රිය කරන ගීතයකට ගුවන් විදුලිය මුල පුරද්දී ,මටත් සිතට නැගුනේ මම මේ ගමන පටන් ගත්තත් නොගත්තත් මේ සෑම දෙයක්ම මේ ආකාරයෙන්ම පවතී නේද කියාය.
සාමාන්‍යයෙන් දකින්නට පුරුදු දසුන් මේ ගමනේදී දකින්නට ලැබේවි යැයි කිසිවිටක නොසිතුවත් , නොසිතුවක්ම සිදුවෙයි යන කියමන යලි යලිත් සනාථ කරමින් ,කෑදර වෙස් මුහුණකින් තම සැබෑ මුහුණ වසාගත් , කාකි ඇඳුමක් ඇඳි පුද්ගලයෙකු අත දැම්මේ දහසක් දේවල් මගේ සිත්ර එද්දී. නැවත්වුන වාහනයේ පිටුපසින් වාහනය වටේටම බැලුම් හෙලමින් ඉදිරිපස රියදුරු අසුනේ වීදුරු කවුළුව අසලට පැමිණි ය ,පොලිස් නිලධරයා වීදුරුවට තට්ටුවක් දැම්මේය .
" මහත්තයා බ්රේක් ලයිට් වැඩ නෑනේ "
" මහත්තයා හෙඩ් එක ගහගෙන නේද ආවේ "
" මෙතන ඩබල් ඉරක් තියෙන බව පෙන්වා නේද?"
"මෙච්චර වේගෙන් වැදගත් වැඩකට වෙන්න් ඈති යන්නේ "
ඔහු විසින් දැන් ඉදිරපත් කරාවියැයි සිතිය හැකි චෝදනා සියල්ලක්ම මට සිහියට එද්දී මම වීදුරුව සෙමෙන් පහත් කලෙමි .
කටේ තිබුණු බුලත් විට තොහ් හඬින් පාරට විසිකළ ඔහු , බුලත් කහට බැඳුනු දසන් පෙළ විදහා සිනාවක් පාමින්
"මහත්තයා මාවත් හංදියෙන් බස්සගෙන යන්න පුලුවන්ද ?" කියා ඇසුවේ මාව පුදුමයට පත් කරමිනි .
"මේ ට්‍රැෆික් පොලිස් කාරයෙක් නෙවෙයි නේ ," මම ඔහු ව හරියාකාව දැකගත්තේ එවිටය .
"හ්ම් "
" අනේ බොහොම ස්තුතියි මහත්තයා ." ලඟම තිබුණු බස් නැවතුම දෙසට දිවගිය ඔහු එහි කොට බිත්තිය මත තබා තිබු කලුපාට ඉටි බෑගයක එතු යමක් ගෙන දිවවිත් ඉදිරිපස අනෙක් අසුනට නැගුනේ දඩාස් හඬින් දොර වසා දමමිනි .
ඉන් පසු මට රේඩියෝවේ අවශ්‍යතාවක් නොදැනුනු බව නම් මතකය .
" මහත්තයට කියන්න "
"අපේ මිනිස්සු මහා පුදුම මිනිස්සු මහත්තයා ."
"ඔන්න අපි බයිසිකලේ යද්දී ස්ටෑන්ඩ් එක ගහගෙන ගියොත් පස්සෙන් වේගෙන් ඇවිල්ලා කියනවා ස්ටෑන්ඩ් එක ගහලා කියලා ඌ අපිව පහුකරලා ඇරගෙන යනවා බලද්දී ඌත් යන්න ස්ටෑන්ඩ් එක ගහගෙන . හැක හක "
"පොලිසියෙන් කොහේ හරි ඉන්නවා දැක්කොත් ඇස්දෙක නිලංකාර වෙනකං ලයිට් ගගහා යනවා ඊළඟ පොලිස් කාරයා හම්බවෙනකම්ම , ඉතින් එතන ඉඳලත් ලයිට් ගහන්න එපැයි අන්තිමට මුළු ගමනම ලයිට් ගහගෙන ගිහිං. හැක හැක හැක "
"දැන් මම මෙතන ඉඳන් වාහන කීයකට නම් අත දැම්මද? එකෙක් නැවැත්තුවේ නෑනේ .. බැරිවෙලාවත් මගේ බඩහරහට සුදු පටිය තිබ්බනං නවත්තලා කීයක් හරි දීලත් යනවා , ඔන්න් මිනිස්සු .."
"මහත්තයා කොහෙටද යන්නේ ?
මූටත් ඕන නැති දෙයක් නෑ... "ඉස්සරහට "
"ආ .... ම්...... එහෙමද ? එහෙනං මාව ඔය හංදියෙන් දාලා මහත්තයා ඉස්සරහට යන්න ..."
"ඉස්සරහ තමයි සීය තියෙන්නේ" පැවසු ඔහු නොපෙනී ගියේය
නොදැනුවත්වම මා පසු කරමින් සිටින්නේ සියවෙනි සිහිවටනයයි ....
******
ප.ලි ...
නැවත වරක් සිතේ ඇඳුනු විකාරයක් අකුරු වලට පෙරලමින් මා මේ පළකරන්නේ සියවෙනි සටහනයි . බ්ලොග් බ්ලොග් සටහන් ලිවීමේදී සටහන් සියයක් යනු ඉතාම සොච්චම් ලිපි ප්‍රමාණයකි. ඉතිං මේ සොච්චම් සටහන් ගොන්න අතරේ ඇති මගේ මනෝ විකාරයන් කියවමින් දිරිමත් කල උදව් කල සහයෝගය ලබාදුන් කලකිරීම් අතරදී සවියක් වුනු හැම සහෘද මිතුරෙකුටම සහ මිතුරියකටම මාගේ ප්‍රණාමය ...
ලූසාගේ සීයට සුභ පැතුම්.
ReplyDeleteඔය ස්ටැන්ඩ් ගහගෙන යන එකට කොතර හරි ලස්සන කතාවක් තිබිලා මම කියෙව්වා. දැං මතක නැහැ බං.. ජය වේවා
මල්ලී ස්ටෑන්ඩ් එක ගහලා කිව්වාම, ඉතිං උඹට මොකද කියලා ඇහුවාලු.... :D
Deleteස්තුතියි දේශා ... මුලින්ම සුබ පතන්න දක්ෂම ලියන්නෙක් ... .... සතුටු නැද්ද ඉතිං.... උඹ අන්තිමට ලියපු කතාව නිසා අපි හැමෝටම අගයක් ලැබුනා . එකටත් ස්තුතියි
Deleteබීටලේ සමහර වෙලාවට එහෙම කියන උනුත් ඉන්නවා බං
ලව්පූසාගේ සීයාට උණුසුම් සුභපැතුම්!!!
ReplyDeleteතැනකුයි වේවා බට කොස්සි
Deleteසීය සමරන්න ලියපු කතා පොඩ්ඩනම් හරිම හුරුබුහුටියි. මම කැමතියි මේ පන්නයේ වැඩිය දිග නැති සරල සිද්දියකින් මහා ගොඩක් චිත්ත රූප මවන කතන්දරවලට. එහෙනම් ඉවාන්ගේ සීයට සුබ පැතුම් !!
ReplyDeleteතිලකයියා ... බොහොම ස්තුතියි පැතුමට . තිලක සිතට අවුරුද්දක් පහුවෙද්දී තිලක බිසී වෙලා.. ඒ අතරේ මෙහෙම ආපු එක ගැන සතුටුයි
Deleteනියමයි මචං :) මගෙනුත් සුබපැතුම්!!
ReplyDeleteස්තුතියි ලැම්බෝ බොහෝම
Deleteසීයට සුභ පැතුම් ඉවාන්... බ්ලොග්කරුවන් අතර මම හැබැහින් දැකපු බවට හරියටම දන්න එකම බ්ලොගර්. (උඹ දන්නේ නෑ නේද මම උඹව දැකලා තියබ බව? හැක හැක )... හැම එකම කවර් කරන්න බැරි උණත් පුළුවන් හැටියට මම උඹේ කතා කියවනවා....
ReplyDeleteමං බැලුවේ ඉවාන්ව උඹ දැක්ක නං.. ඉවාන් උඹව නොදැක්ක හේතුව මොකක්ද කියලයි.. හැක්. මට නං හිතාගන්න බෑ කියලයි කියන්න තියෙන්නේ.. හැක්
Deleteඌ මං දිහා හොඳට බලාගෙන හිටියේ බං... හිනා වුණත් එක්ක... හැබැයි දැන් අවුරුදු 10 විතර ඇති ඕක වෙලා....
Deleteමොකද්ද බං තිසර ඒ හරුපෙ?
Deleteතිසර උඔට ඔක කියන්න බැරිනම් දිපන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට
Deleteතිසරය හොල්මනක් දැකල.
Delete@ තිසර - මමත් මේ කමෙන්ට් එක දැක්ක වෙලාවේ ඉඳන් කල්පනා කරන්නේ මේ මොක්කද මේ කතාව කියලා . මම මේ තාම කල්පනා කරනවා එහෙම සිද්ධියක් මතක් කරගන්න . එත් ම්හු ....ඇත්තටම මට මතක් නෑ බං තිසර . හැබැයි අවුරුදු දහයකට කලින් කියන්නේ බ්ලොග් තියා කොම්පියුටර් මොනවද කියලවත් දන්නේ නැති කාලයක්නෙ ..හැක ...
Deleteබලමු පොඩ්ඩක් මතක් කරලා ..අද නින්ද යන්නේ නෑ දැන් මේක මතක් කරගන්නකන්
මෙන්න මේකයි අතීත කතාව... මට මතක හැටියට 2004 දෙසැම්බර් වගේ වෙන්න ඕනේ... මම පේරාදෙණිය කැම්පස් එකට ගියා මගේ මිත්‍රයෙකුගේ උපාධි ප්‍රදානෝත්සවයට ෆොටෝ ගන්න. ඉතින් ගත්තා. අතීත කතාව එතනින් ඉවරයි.
Deleteවර්තමාන කතාව මේකයි. අර යාළුවත් දැන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා, අපේ ගෙදර ඉඳන් හූ බාගෙක වගේ දුරකින් ඉන්නේ. මම බ්ලොග් කියවන එකෙක් කියලා ඌ දන්නවා. ඉතිං... ඌ මට අර අතීත කතාව මතක් කරලා කිව්වා, එදා උපාධි ගත්ත එවුන් අතර අහවල් බ්ලොග් එක ලියන ඉවානුත් හිටියා, මම උන්ගේ ගෲප් ෆොටෝ එකක් ගත්තත්ය කියලා. ඔන්න ඉතිං ෆොටෝ බලනකොට ඉවානයත් ඉන්නවා... මං දිහා බලල හිනා වුණා කිව්වේ ඒකයි... මා එක්ක නෙමෙයි.. ෆොටෝ එකට...
අපි බ්ලොග් ගැන අහලාවත් නෑ ඒ කාලේ..
යකෝ සීයට ලියල තියෙන කතාව හරියට ගොක්කොල පෙනිල ලියල වගේනෙ.
ReplyDeleteතව කාලයක් යන්න තියෙනව බං ඔහොම යං. සුබ පැතුම් !!
ගොක්කොලත් පෙනෙයි ඔහොම යද්දී ..හැක ... ස්තුතියි ත්‍රි භාෂා පරමේෂ්වර ප්‍රසන්න අයියා
Deleteසීයක් නෙමෙයි බං දාහක් ලියහං... අපි අමාරුවෙන් හරි කියවනවා..... ඒත් මුලින් මහා හොල්මන් කතාවක් වගේ පටාං ගෙන අන්තිමට පොළවේ ගැහුවා වගේ ඉවර කරන්න ඒපා බං... අැඩෙනවා.......
ReplyDeleteඅන්න එහෙම වරෙන් උඹ අමාරුවෙන් හරි කියවන නිසා ඔන්න අපි ලියනවා .. හැක තැනකුයි කුරුට්ටෝ ඔක්කොටම .
Deleteමචං, සීයට සුභ පැතුම්! උඹට ඇත්තටම් සුවර් ද දැනුයි සීය කියලා? :O ඔව් ඉතින් ඔය කම්මැලිකම සීයෙන් පහුවවත් මග හැරේවා..! උල්පතක් සේ සිතුවිලි මැවී සිතී වෙලී පැටලී තව තවත් කතා ලියවේවා! බ්ලොග නැතුවම බැරි වේවා! පෝස්ටු ලක්ෂයක් ලියවේවා! ආවඩා ආයුබෝ වේවා!
ReplyDelete-උණුසුම් සුභ පැතුම තනි අලියාගෙන් :) :)
//උල්පතක් සේ සිතුවිලි මැවී සිතී වෙලී පැටලී තව තවත් කතා ලියවේවා //
Deleteඅකුලෝගෙනම පළ :D :D
හාහ හා හාහ හා හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්ම් සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකිබිඳ වැලපෙනවා...හික්ස්
Delete@ තනියා ද ෆ්‍රෙන්ඩ් - පල යන්න උඹලට කියවලා සුබ පතාගන්න ඕන අපි .. දුප් යන්න . උඹ ඉතින් මගේ මිත්‍රයා වෙච්චි , ලියාපන් ලියාපන් කියා කියා කොහොම හරි මොකක් හරි ලියවන්න දෙන තල්ලුවට ස්තුතියි මචෝ . උඹලා වගේ පොස්ටු ලක්ෂෙ ලියන්න කලින් අපි අර ෆිලුම කරමු .. තැන්කුයි දඩබ්බරයෝ
Delete@ සිංදු & පත්තරේ - මොකෝ උඹලට මොනවා හරි හිරවෙලාද හැක
Deleteමොකද බොල පත්තරයෝ උඹේ නිවුන්නට එහෙම කියන්නේ?
Deleteසින්දු ඇනෝ: මතකනේ මූ පෝර ෆෝම් දෙන්න ගොහින් වෙච්චි වැඩේ..? අන්න ඒක තමයි වෙලා තිබිලා තියෙන්නේ..හැක් හැක්..
ඉවාන්: ෆිලුම ලියන්න ඕන බං..මේ සති දෙක ටිකක් බිසී..බලමු ඉක්මණට ලියන්නම්..
අනේ පලයන් යන්න තනියා , උඹේ බිසිය හුහ් , දෙනවා දත් ඇන්ද ගලනාලේ හිරවෙන්න
Deleteසීයාගේ සීයට ජයවේවා....
ReplyDeleteරොම්බ තැන්ක්ස් බන්ඩයියේ
Deleteබණ්ඩා සිද්ධිය දැනගෙන
Deleteතුශාරයා ගැන සිද්ධිය නේ
Deleteමචං...උඔට 100 සොච්චම්ක් වුනාට ... අපිට නම් උඔගේ ලිපි මහමෙරක්..(බොක්කෙන්මයි කියන්නෙ)
ReplyDeleteඑල ද බ්‍රා
@ E de B M
Deleteඒ කියන්නෙ උසයි, බරයි ද?
@ I P,
සුබපැතුම් !
ප්‍රා
Deleteමු හොරකමට දැන් උසයි බරයි දෙකම අඩු කරලා පොස්ට් වල..
E de B M ...මම මේ නමට කැමතියි....
මූ අර 8M Raft කියන්නෙ කාටද කියල තෝරගන්න මට දවස් ගානක් ගියා.
Deleteමෙන්ඩා, BDSM වගේ එකකට කැමති නැද්ද?
Deleteමූ ඇවිල්ලා MILF … ඕ යේස්
Deleteරාඡ්/ පත්තර මල්ලි
Deleteතේරැම කියලා දිපන්...
ප්‍රසා
මටත් එහමයි
තැනකුයි මෙන්ඩා... මම මොන මලදානයක් ලිව්වත් උඹ කියවන බව මම දන්නවා .. තැනකුයි මචෝ .... ඔය කඩප්පුලියෝ කියන ඒවා අහන්න එපා උඹ ...
Deleteඒක හරි... අපි වගේ කොල්ලෝ අාශ්‍රය කරහං...
Deleteකොල්ලෝ ..පුහ් හා
Deleteඅපි නොදන්න කොල්ලෝ
Deleteවයසක සුදු සීයාගේ සීයයට උණුසුම් සුබ පැතුම්!!! වැඩි වැඩියෙන් ලියත්වා
ReplyDeleteඅම්මේ තැන්කුයි සුදු නංගි.... උඹත් ඒ ගමන කැමරා හොම්බෙක් වෙන්නද යන්නේ :P
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteයකඩෝ, මං හිතුවෙ හොල්මං කතාවක් කියලා. බලල ඉවර වුනාම, හොල්මං වුනා :)
ReplyDeleteසීයට සුභ පැතුම්, ලව් පූෂ්.
[im]http://www.toutoupiao.com/Upload/PicFiles/201310202132405124.jpg[/im]
- ඉස්සර බ්ලොග් ලියපු බස්සෙක් -
හෑ.... බ්ලොග් ලිවීම නැවැත්තුවාම බස්ස ඔතාපු පූසෙක්වුනාද?
Deleteහෑ, අර යසට හිටිය පවුලූෂාව , පූස කලාවගේ මාව ඔතාපු පුසා කරන්නද ලෑස්තිය? :)
Deleteඒ hakuna matata පූසා, ඔතාපු බාගෙ බෝතලයක් වගේ ඉන්නෙ ඒකයි.
@ DGMB -ස්තුති වේවා බශ්ශෝ , අර පින්තුරේ නම් මාර ගති , කවුද ඔය පූසව එතුවේ . ඌත් හරිම කියුට් මං වගේමයි හැක හැක
Deleteඔය ප්‍රා වනම් යහතින් අරින්න එපා ... ඕ යේස් ගේමෙන් ඉන්න ඕන මාත් සපෝට් ඔන්න ..ඕ..යේස්
ඇපෙන් බේරෙන්න සහ ලියන්න ඕනෙ නිසා මොනවා හරි වල්පල් ලියන්නේ නැතුව, කියන්න යමක් තියෙන නිසා ලියනවනම් සීය කියන්නේ පොඩි ගානක් නෙවෙයි. උඹ මගෙ ප්‍රියතම කෙටිකතා කරුවෙක්.
ReplyDeleteජයවේවා ඉවාන්.
උඹ මගෙ ප්‍රියතම කෙටිකතා කරුවෙක්.
Deleteමමත්..
උඹ මගෙ ප්‍රියතම කෙටිකතා කරුවෙක් × 2
Deleteමමත් එකෙන්ම....
Deleteමම හිතාගෙන ඉන්නේ මූව උස්සලා තර්ජනය කරලා,බය කරලා කෙටිකතා ටිකක් ලියවගෙන කියවන්නම් කියලා......
නැත්තම් මූ කතා දාන්නෙම පරක්කු කරලා....
මාත් මුගේ ප්‍රියතම කෙටිකතා කරුවෙක්
Deleteරාජ් අය්යගෙ කමෙන්ටුව තමා කමෙන්ටුව
Deleteහැක්
මාත් මුගේ ප්‍රියතම කරුවක්.
Delete@ ඩුඩයියා - ස්තුති වේවා . ඩූඩ් වගේ කෙනෙක් එහම කියනවා අහන ලැබෙන එකත් වාසනාවක් .
Deleteස්තුතියි මෙන්ඩ, පත්තරේ , මනෝ මහේෂ්
Delete@ රාජ් & ප්‍රසා - ඒ කතාව හරියටම හරි
සුබ පැතුම් මචං.උඹේ සීයෙන් ඔක්කොම නැතත් ගොඩක් එව්වා කියවලා තියෙනවා.අවාට වඩා දිගු ගමනක් යන්න සුබ පැතුම්.!!!
ReplyDeleteමනෝජ් නිතරම යන එන සුබ පතන සහෝදරයා .ස්තුත්යි උඹට .
Deleteකියෝල එවර වෙද්දි ලොකු ඊයම් බරුවක් ගිල්ල වගේ (උඹේ හැම කෙටිකතාවක් ඉවරවෙද්දිම මට ඔහොමයි)කෙටි කතා 100ක් එක්ක 200ත් ඉක්මනට ගහමු සහෝ.
ReplyDeleteස්තුතියි ලහිරුවෝ .උඹලගේ මේ සුබපැතුම් මට ඉහටත් උඩින්
Delete100ට සුබ පැතුම්... මම හිතාගෙන හිටියේ ඉවාන් ගොඩක් ලියල ඇති කියල... 100 සමරන්න පොලිසියේ කෙනෙක් ව සෙට් කරගත්තේ හේතුවක් ඇතුවද නැත්නම් ජොලියට ද හෙහ් හෙහ්.. මමත් මුලින් හිතුව හොඳ හොල්මන් කතාවක් කියල.. කොහොම වුනත් එල මචං දිගටම ලියමු..
ReplyDeleteපැතුම් ..පැරණිම බ්ලොග් කරුවාගේ සුබපැතුම කොච්චර වටිනවද කියන්න ඕන නෑනේ .ස්තුතියි උඹට .. මේකත් ඉතින් මගේ මනෝ විකාරයක්ම තමා හැක
Deleteඋණුසුම් සුබ පැතුම් පවුලූශා...
ReplyDeleteඒ කාරෙකේ නැගලා ගියානම් තව සීයක් දුර යන්ට තිබ්බානේ? :P
ඉවානයා ඒ කාර් එක දීලා ළමයෙකුට … ඕ යේස්
Deleteකාර් එකක් ගන්න ආය සල්ලිත් නෑ..මට මෙතන බුදියන්න වෙන්නේ..
Delete@ පොඩ්ඩි - ඔව් යන්න තිබබා නේන්නම් , එහෙනං ලෑස්ති වෙලා එන්ට අපි යමු ;) ස්තුතියි පොඩ්ඩි
Delete@ පත්තරේ & මෙන්ඩ - ඔය ෆෝන් එක දීපං ළමයෙකුට හැක
හත්තිලව්වයි දැන් කාර් ගන්න කතා කරන්න ඒපා...... බදු ඉහටත් උඩින්.....
Deleteදූ පැටියා හම්බවෙන්න කලින් දවසේ රෑ මං රට ඉඳං ගෙදර ආවා.. විනාඩි පහක් ගියෙ නෑ.. මට කෝල් එකක් එනවා..
ReplyDeleteදොර ඇරපං මස්සිනා.. මං ගේ ඉස්සරහා !! ඒ උඹ.
පහුවදා.. මචං දූවෙක් ලැබුණා.
පැය දෙකක් ගියෙ නෑ.. නම වෙනි තට්ටුවේ දොරකඩ උඹ ඉන්නවා තෑගි බෝග කන්දකුත් උස්සං විරිත්තගෙන !!!!
උඹ මට සහෝදරයෙක් යාළුවා..
හොද වෙලාවට පොඩි එකා ඇස් ඇරල තිබ්බෙ නැත්තෙ , නැත්තං උපන්දාම යකෙකුට බයවෙනව.
Deleteපත්තරේ..... කෙල්ලෙක් ඉන්නවා නං උඹට ආයිත් රට යන්නම හම්බවෙයි බලන් හිටපන්... මගේ එකී මාස හතරහමාරක් වෙලත් දාල යන්න හිතෙන්නෙ නෑ... කම්මලයියා....සිරා කතාව.... හැක් හැක්...
Deleteදාහං කම්මල පහේ එව්ව ඩබොලක්ම...!!!
Deleteඑකගයි පත්තරේ...
Deleteකම්මලේ
ඒකනේ බං මම ගියේ නැත්තේ..
මයෙ එකීට මාස තුනහමාරයි ..පිස්සු හැදෙනවා බං සජ්ජෝ.
Deleteඔය ඉවානයා ගීයම පොඩි එකී ඇස් ඇරලා ඇහුවා තාත්තෙ අරූ ගියාද කියලා :D හැක්
මෙන්ඩාගෙ පොඩි මෑන් ඇවිල්ලා දුන්නා ආතල් කන් දෙකෙන් බේරෙන්න..ඌ කියනවා මං "නංගිව අරං යංනං"ලු :D
පොඩි මෙන්ඩාට නංගියෙක් ගෙනල්ලා දියව් !!!!!!!!!!!
සංජීව මෙන්ඩිස්.මේ ඔබේ අවධානය පිණිසයි.හැක හැක
හොඳ වෙලාවට කම්මලේ අර කොමෙන්ට් එක ඩබොල් දැම්මෙ නැත්තෙ.
Deleteශුවර් නේද නමවෙනි තට්ටුව කියල. හතරවෙනි තට්ටුව නෙමෙයි නෙ.
Deleteකමියා ට්‍රිබල් දාන්න ගත්තට පස්සෙ කම්මලයා ඩබල් දාන එක නවත්තලා ..හැක් .හතරවෙනි තට්ටුවට එන්න කියන එකක් නෑ මට අයියල නෑනෙ :D :D
Deleteකමියා ඉල්ලගෙන කෑවනේ අර හු@#$ අස්සේ ෆෝන් එක ගහලා ....මට හිතෙන්නේ කම්මලයත් ඔය වාගේ වැඩක් තමයි කරන්න ඇත්තේ ...අන්න සජ්ජා දැන් පොස්ට් එකත් තුන් ගමනක් දානවා ...හැක් හැක්
Deleteඅපේ ගෑනිට මිඩ්වයිෆ් කිව්වලු...“මහත්තයාට කියන්න දුවෙක් ගෙන්න දැන් කාලේ කියලා“..මම කිව්වා එයා කැමතිනම් මගේ අකමැත්තක් නෑ කියලා...
Deleteමටත් බය ඔකා හෙට අනිද්දට ඉස්කොලේ ඉන්න එකක් හරි අතින් අල්ලගෙන හවසට ගෙදර එක්කරගෙන එයිද කියලා..
දුවෙක් ඉන්ඩ ඕනෙ මචංලා තාත්තෙක්ට ආදරේ විදින්න. පත්තරේ ඇන්ඩ් සජ්ජා ඔන්න බලපල්ල තව අවුරුද්දකින් උඹලට හෙලවෙන්ඩ දෙන්නෙ නෑ ලගින් , මේන් මම අද කිවුව කියල හිතාගනිල්ල.
Deleteමෙන්න කම්මලේ මගෙං …………
Deleteසුළඟක් වී මං යනවාදුර අහසේ ඇවිදින්නට
අප්පච්චි කොහොමද මං අල්ලන්නේ.....
අහසක් සේ දූ යන මඟපුළුන් වළා අතුරනවා
එහෙමයි මගේ දෝණී ... මං රැක ගන්නේ
පණ වාගේ මගෙ දූ.... මං රැක ගන්නේ
මහ ගං වතුරක් වීලා - හරි වේගෙන් මං ගලනවා
ලොකු ගස් වැල් කඳු වැටි හෙම -උදුරා පොළාවට දමනවා
අප්පච්චී කොහොමද මං වළකන්නේ.....
මං මහ මුහුදක් වෙනවා - දූ එනතුරු තනි රකිනවා
ආදරයෙන් මඟ බලනවා - තුරුළට ගෙන සනසනවා
මං ළඟ නොවැ දූ සැමදා සැනසෙන්නේ.....
මං බොරු තරහක් ගන්නවා - ඇස් රතු වෙනකල් අඬනවා
තුරුළට අරගෙන හිටියත් - නැළවෙන්නැතුවම ඉන්නවා
අප්පච්චී කොහොමද මං නළවන්නේ
දූටත් වැඩියෙන් හයියෙන් - එතකොට නම් මට ඇඩෙනවා
දූගේ කඳුළු මං ගන්නවා - දූ නැළවෙනකල් අඬනවා
මං ඇඩුවම දූ නොවැ මා නළවන්නේ.....
//අප්පච්චි කොහොමද මං අල්ලන්නේ.....//
Deleteහලාවත පැත්තෙනම් ඔය සිංදු නෑ.
දූලගෙ අම්මල අප්පච්චිලගෙ පීරන්නෙ නැති කොන්ඩ කෙටියෙන් අල්ලල දෙකක් ඇනල මෙන්න මේ ශොපින් බෑග්ටික උස්සන් එනව පාරෙ ගෑණු දිහා කට ඇරන් බලන් ඉන්නෙ නැතුව කියල හද පිරීගිය ප්‍රේමයෙන් කියනව
//එතකොට නම් මට ඇඩෙනවා// කියල බලන් ඉන්න ලව්පූසොත් කියනවා
මෙන්ඩ.. ඔන්නොහෙ හදපන් බං කෙලි පොඩ්ඩකුත්.. මෙච්චර මුන් කියන එකේ....
Deleteකම්මල අයියා... ඒ වැඩේ පෙරනිමිති දමන තියාම පහළ වෙනවා.. පොඩි එකී අම්මගෙන් කිරි බිව්වට වැඩියෙන්ම හිනා වෙන්නෙ මාත් එක්ක... පත්තරය සින්දුවගෙ ජොබ් එක පටන් අරන්... සිංදුවෝ... ඒ පොඩි මිස්ටේක් එකක් බං....
ප්‍රා කොහේ බැලුවත් උදැල්ල දාගෙන....
මෙන්ඩට කෝ ඔවට වෙලාව, අනුන්ගෙ ඇඳවල් යට රිංගන්න තියෙනවනෙ
Deleteඅප්පට සිරි මෙතන සිනා බෝවේවා වගේ තැනක් වෙලානේ ආතල් කෝටියයි ... එල
Delete@ පත්තරේ - කියන්න දෙයක් නෑ බං උඹ මගේ සහෝදරයා තමයි
@ කම්මල , සජ්ජා , මෙන්ඩ, සිංදු , ඉයන් ,ප්‍රා , ප්‍රසා, ඩ්‍රැකී, ස්තුතියි හැමෝටම
මට අද උදේම උඔලා හැමෝම මතක් වුනා ඔෆිස් එකට එනකොට ඇහුන මේ සිංදුව නිසා..
Deleteකුසයේ නොදැරැවත් දිවිබර මට දැනුනි..
උඹට පුලුවංද බං අපි ඔක්කොම කුසේ දරාගෙන ඉන්න. හැක්..
Deleteගල්මුසලයෝ..තාත්තලා ගැන කිව්වේ..
Delete@ ප්‍රසා ,,,,,අන්න කථාව ...මෙන්ඩට කොහොමත් බර දරන්න පුළුවන් නොවැ ඇඳන් ඇතුලේ ඉඳලා පුරුදු වෙලා ...හැක් හැක්
Delete//වැස්සේ න් තෙත් වූ මාර්ගය දුම් දමමින් තිබෙනු දකින විට අද්භූත සිතුවිලි නැගී ආවේ මටත් හොරාය ..//
ReplyDeleteඑහෙම අද්බූත වෙනවද තෙත් වෙලා දුම් දානකොට?
එහෙම නැත්නම් ඉයන්ගේ අවවාද නිසාද? මෑන් නම් අද්බූත තමයි ඉතින්.
Pra Jay :D
Deleteනැතුව නැතුව ඉයන්ගේ අද්භූත අවවාද නිසා තමයි හැක .. පොස්ට් එකක්ම දාල කිව්වේ එකනේ , නැද්ද ඉයන්
Deleteදකින්න කලින් හෙනම සමාජවාදී රැවුල් කාරයෙක් කියල හිතාගෙන හිටපු උඹ....අපිට ලියන්න තියා හැරෙන්න වත් බැරි විදියට ලියවිලි බොහොම අලංකාරව සිත් ගන්න විදියට ලියන උඹ...අපේ දෙකයි පනහේ ටෝක් හිනාවෙලා මහත්මයෙක් වගේ අහන ඉන්න උඹ...කලාතුරකින් හම්බවුනත් ඒ හැම වෙලාවකම සහෝදර කමින් ආදරෙන් පිළිගන්න උඹ... බොන්නේ නැති උනත් බොන කන හැම තැනකටම ප්ලග් වෙලා කියන කුණුහරුප අහගෙන ඉන්න , කරන විගඩම් හිනාවෙන් බාරගන්න පුළුවන් උඹ... බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සෙ මට එහෙම හැකියාවක් නැති උනත් මටත් උඹ වගේ ලියන්න පුළුවන් නම් කියල හිතුනු වාර අනන්තයි...එව්වා ජන්මෙන් එන දේවල්.. හොර ඉවානයා.... හිමිජ්ජා.... මගේ හදවතින්ම සුභපතනවා.... සිරාවටම මම හිතුවේ උඹ මීට වඩා ලියල ඇති කියල.. ජයවේවා....
ReplyDelete//බොන්නේ නැති උනත් බොන කන හැම තැනකටම ප්ලග් වෙලා කියන කුණුහරුප අහගෙන ඉන්න , //
Deleteබයිට් එකට කෙලින කොට කුණු හරප අහන්න පුරුදු වෙන්න ඕනෙ තමයි.
ට්‍රාන්ස්පෝට් ඔෆිසර් නෙවැ.. මූ තමා හැමදාම අන්තිමටම ගෙදර යන එකා .හැක්
Delete@ සජ්ජා - බ්ලොග් කෙරුවාවෙන් ලැබුණු ලොකුම දේ තමයි උඹලා වගේ ආදරණිය මිනිස්සු හඳුනාගන්න ලැබීම . ඉතින් කටපුරා හිනාවෙලා කතා කරන උඹලා වගේ උන් දකින්න ලැබීමත් සන්තෝසයක්
Delete@ කම්මල - එකනේ බය නැතුව කන්නේ ,දැන් ඔය කුණුහරුප පුරුදුයි බං.
@ පත්තරේ - එව්වා යුතුකන් නොවැ බොෂ්
යකෝ... තෝ වගේ එකෙක් මේකේ පේටන්ට් කාරයොන්ට බය වෙලා බොග දාන එක නැවැතුවා නම්,,,,,
ReplyDeleteඒක ජාතික අපරාධයක්...
ඒක බොහෝම අමාරුවෙන් නවත්ත ගත්ත එකේ හීනී ආඩම්බරයක් මම හැමදාම විඳිනවා...
සුබ ගමන්...
ඒ පාර තොත් පටන් ගත්තැයි මල් ගහන්න...
//යකෝ... තෝ වගේ එකෙක් මේකේ පේටන්ට් කාරයොන්ට බය වෙලා බොග දාන එක නැවැතුවා නම්,,,,,
Deleteඒක ජාතික අපරාධයක්...//
++++++++++++++++++++++++++++++++++++++++++++
රේෂ්පට් මාතේ අය්යේ බොක්කෙන්ම ...
//යකෝ... තෝ වගේ එකෙක් මේකේ පේටන්ට් කාරයොන්ට බය වෙලා බොග දාන එක නැවැතුවා නම්,,,,,ඒක ජාතික අපරාධයක්...//
Delete+++++++++++++++++++++++++++++++++++
හුකෑස්.. මේවට කියන්නේ පංසල් ටොකු :D
මාතෙ, එහෙමත් සීන් එකක් උනාද ?
Deleteහීනි ආඩම්බරයක් නෙමේ බං ,එහෙමනම් ඒක ගැන හොදටම ආඩම්බර වෙන්න ඕනෙ.
හහ් හහ් හා... මාතේ ඒක මහ පරණ සීන් එකක් නෙව බං
DeleteOld is Gold Desho
Deleteමම අදටත් ඕනෑම තැනක් කියන දෙයක් තමා බ්ලෝග මේ දක්වා ඇදගෙන යන්නේ මාතලන් නිසා කියන එක, නැත්තම් මේක උපන් ගෙයිම ඉවරයි . ඒ වගේම් අලුතෙන් ආපු ගමන් මාතේ දීපු සපෝට් එක, එහෙම එපාවෙලා ඉන්නකොට කතා කරලා පැය දෙකක් විතර දීපු එක්චර් එක අකුරක් නෑර මතකයි තාම .
Deleteඋඹලා වගේ මිනිස්සු අඳුන ගන්න ලැබීම වාසනාවක් මාතේ
ඇත්ත old is gold
Old වගේද ගල්
Deleteනියමයි ඉවාන් ...මුලදී හිතුවේ මොකක හරි ජල්තරයක් වෙයි කියලා ...උඹ හැමදාම අවසන් කරන විදිහ මරු මචෝ ...
ReplyDelete100 සුභ බොක්කෙන්ම සුභ පැතුම් ....
//කටේ තිබුණු බුලත් විට තොහ් හඬින් පාරට විසිකළ ඔහු , බුලත් කහට බැඳුනු දසන් පෙළ විදහා සිනාවක් පාමින් //
මචෝ දවසක් ඉතාලි හන්දියේ අපේ ඔෆිස් එක ගාවට පොරක් ආවා මාව මුණ ගැහෙන්න .ඌත් කාරෙකේ වීදුරුව පහත කරලා උඹ කරපු වැඩේම තමයි කලේ ..මට ඒක මතක් උනා ...හැක් හැක්
සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න
එන්න මිත්‍රයෝ...
ඉන්නා වු ඩිංගෙ භේද වෙන්නෙ
ඇයි අහෝ මෙසේ...
ඊරිසියා ක්‍රෝධෙ වෙලී ලා
නෑ කිසි දා ලෝකෙ දිනාලා...
මේ දිවියා මේකා බළලා
වාද වෙලා බෑ බෑ කිසි දා...
මේක මගේ මේක ඔබේ
කාගෙ ද මේ ලෝකෙ අපේ...
එන්නෙ නිකං යන්නෙ නිකං
ඒ වෙනකං ඉන්න හොඳිං...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සුසිල් පෙරේරා
ගායනය : සමන් ද සිල්වා
//ඌත් කාරෙකේ වීදුරුව පහත කරලා උඹ කරපු වැඩේම තමයි කලේ ..//
Deleteඔව් ඔව්. ඌ විතරයිලු ඈ :D
හැක හැක මටත් ආරංචි වුනා ඒ සීන් එක ගැන . ස්තුතියි සිංදු. ඇත්තටම උඹ විශ්ව කෝෂයක් , ගීතය පැත්තෙන් ගත්තම උඹ තරම් සින්දු ගබඩාවක් මම ගුවන්විදුලියෙවත් දැකලා නෑ
Deleteඅපේ ලව් පූසට ජයවේවා...
ReplyDeleteඋඹ සීයක් නෙවෙයි දහක් ලයපං...
උඹේ ලියවිල්ල ඒ තරම් අපිට රසයි මචං...
මනෝ මන්දිර - ලඟදි ඉඳන් වුනත් උඹ ෆිට් වුනේ කාලෙක ඉඳන් දන්නවා වගේ , මිත්‍ර කම තම වටින්නේ . ස්තුතියි උඹට මචෝ
Deleteඉවාන් උඹ මට මමත් උඹේ පෝස්ට් එකක් බලන වාරයක් පාසා හිතුව දෙයක් තමයි කොහොමද මේ ලවු පූසට මේ වගේ අදහස් එන්නෙ කියල , පෝස්ට් සීයක් ගිය තැන උඹ ඒ රහස එලිකලා. ඔය අත්ත තව ගොඩක් ලොකුවෙලා මල් පිපෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනව.
ReplyDeleteආ.... මේ සියවෙනි පෝස්ට් එකට වගේම වගේම තව පෝස්ට් බර ගානක් ලියන්න සුභ පැතුම් සහෝදරයා..
සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
Deleteඋදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන්යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා ……
හුකෑස් :D :D
@ඩබල් ආදිපාද - මං ඔය අත්ත දානකොට හිතුවා මේක අඳුන ගන්න අය ගැන බලමු කියලා , මාතලන් කම්මල ඇතුළු අපේ සහයින්ට ඒ ඇත්ත මග ඇරිලා නෑ. ස්තුතියි මචෝ උඹේ ප්‍රාර්ථනාවට . කොහොමත් උඹලාගේ හයිය තියෙනකන් ඉතින් ලියමු .
Deleteඒක නෙවෙයි උඹ අර දෙක දෙක වදින එක නවත්ත ගත්තද ? අපරාදේ ඕයි. උඹ අපේ ආතල් කෑවා
@ පත්තරේ - තණමල්විල මල්
This comment has been removed by the author.
ReplyDeleteසීයම සීයට සීයයි සීයෙ...
ReplyDeleteදවසෙන් දවස ඔප මට්ටම් වන මැණිකක් වගේ බ්ලොගක්.. තව තවත් පෝස්ට් වැටේවා..!!
(මචෝ.. අර අන්තිමට දාලා තියෙන පින්තූරෙ මක්කෙයි?.)
ජයවේවා..!!
ස්තුත්යි ලබ්බෝ - අන්තිමට දාලා තියෙන පින්තුරේ මේ පැපොල් කොලයක් බං හැක හැක
Deleteඉවාන් අයියට සුභ පැතුම් සිය වෙනි පෝස්ට් එකට.
ReplyDeleteතව මේ වගේ පෝස්ට් ගොඩා...ක් ලියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරන ගමන්ම කරන කියන හැන වැඩක්ම සාර්ථක වෙන්න කියල්ලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියා. :) :)
හම්මේ බොහොම ස්තුතියි නවාතැනේ චණ්ඩි නංගි. උඹලා ඔය හදවතින්ම කරනා ප්‍රාර්ථනා නිසා බොහොම ආසාවෙන් මෙතැන් ඉන්න පුළුවනි . ඔයාටත් මගේ සුබ පැතුම් ... චණ්ඩි නංගි
Deleteපූසගෙ සීයට සුබ පැතුම්! තවත් දාහක් ලියන්න ලැබේවා.
ReplyDeleteස්තුති වේවා කසුන් මගේ මිත්‍රයා ... වටිනා සුබපැතුමට
Delete100 x 100 kiyawana pina apatath himiwewaa (Y) (Y)
ReplyDeleteස්තුති වේවා හංසමාලි .. මොකෝ මේ ටිකේ වැඩිය පේන්න නැත්තේ ? ලියමු ආපහු ඉස්සර වගේ
Deleteසිරාවටම... උඹේ මේ පෝස්ට් එක රසයි අනික් හැම කෙටි කතාවකටමත් වඩා. උඹ එදා ගල්කිස්සෙ බීච් පාටියෙදි දැක්කම හිතාගන්න බැරි උනා උඹමද මේ කියලා. ජය වේවා බං. දිගටම ඉදිරියට යං. සීය... දෙසීය... පන්සීය... දාහ... පසුකරමින්...
ReplyDeleteකුක්කු නිසාද??
Deleteකුක්කු? චැඃ...
Deleteසියියා පනහ වෙලා
Deleteඩ්‍රැකී - ශක මෙච්චර කල් ගිහිල්ලත් තාම ඉන්පුට් ටූල්ස වලින් උඹේ නම ලියන බෑනේ . කොහොම වුනත් එදා උඹව හඳුනගන්න් ලැබීමත් පුදුම සතුටක් , ස්තුතියි උඹට මචෝ
Delete@ දේශා - වල් දේශා දුප් :P
ආ වලත්ත විදානේත් ඇවිත්
සීයක් ලියලා නම් මදි සීයේ. කෙල කෝටියක් වත් ලියන්න හොඳේ. ශක්තිය ධෛර්යය ලැබේවා කියලා කියන්න ඕනේ නැහැ. එව්වා හොඳටම තියෙන බව මම දන්නවා.
ReplyDeleteඅනේ නිකන් හිටහන් මාමන්ඩි..මේ ටික ගැට ගහලා ලියා ගත්තෙත් අමාරැවෙන් වෙඩිමක් කතා කරනවා..
Deleteමිට
ඉවාන් බෑනා
ස්තුතියි විචා මාමේ - නොකිව්වට ඔය දෙන සහයෝගය ඉස්තරම් , මේ මෙන්ඩ කියන වලවෙට්ටුවා කියා දේවල් ගණන් ගන්න එපා මාමේ
Deleteසීයට සුභපැතුම්.
ReplyDeleteස්තුතියි රාජ් , ආපහු සතර කන් පාටි දාන්න දෙන්නේ නෑ :D
Deleteපොස්ට් සීයක් කියන්නේ හෙන ගහන ගානක්.. මාසෙකට එක ගානේ දැම්මත් මාස සීයක්... හප්පේ අවුරුදුම විස්සක් විතර...
ReplyDeleteසුභ පැතුම් කියන්නේ එලකිරි බොක්කෙන්ම...
දිගටම ලියපං සීය දෙසීයා කරමු...
ජ ය වේ වා !!!
අර විදානේ සමග නැගිටිමු කියපු උන්ට දැන් මොකද වෙන්නේ , උඹ ආපහු බුදිය ගත්තම අර මල දානේ සුද්ද කරලා ගනිං
Deleteස්තුතියි මචෝ
මූ සමපෝෂ ගුලියක් හිරවෙලා මලාය කියල තමයි ආරංචිය.
Deleteපෝයට බාර් වහපුවාම මුට පොස්ට් වලට අදහස් පහල වෙන්න...ඒ එකක්වත් ලියපිය උඔගේ ඔය මලදානේ..
Deleteබයවෙන්න එපා බොලව් මේ ඉන්නේ මලක් වගේ
Deleteබූල් කෙලින් වෙලා, කොන්ඩේ ඉත්තෑකුරු වෙලා, කොයිල් වෙලා කොයි වෙලේක හරි හොල්මන් මෙව්වා එකක් වෙයි කියල බලාගෙන බලාගෙන ඉන්නකොට..... කියාපි නේද වෙන එකක්!
ReplyDeleteඔන්න ඕක තමයි ඉවාන් ඔබතුමාගේ හැකියාව.
කවුන්ට් එක වැදගත් නැහැ ඉවාන්, කොලිටිය තමයි වටින්නේ. ඔබ එය නියමෙටම පවත්වාගෙන යනවා.
[සීයට ඔය පොලිස්කාරයෝ ගාවගන්නේ ඇයි කියල මට තේරෙන්නේ නැතුවා? පස්සේ කියයිද දන්නේ නැහැ පොලිස් ප්‍රකාශක උනේ උඹයි කියල. ඔය දින සීයත් එහෙමලු නෙහ් ?]
උපයා හෙවත් සදාතනික වලි කාරයා - උඹ පොස්ට් එකකට දෙන කමෙන්ට් එක හරිම තියුණුයි , ඒ උඹ කියන තියෙන දේ කෙලින්ම කියන එකා නිසා . උඹේ මේ ඇගයීම වටිනවා ගොඩක් , මොකද උඹ හිතේ එකක් තියන් වෙන එකක් කියන එකෙක් නොවෙන නිසා . අඩෝ මොකෝ අපිට බැරිද පොලිස් මාධ්‍ය ප්‍රකාශාක වෙන්න ...ඕන්න බලපන්
Deleteවලි කොතනද, මම එතැන ! පොඩි කාලේ ඉඳන්ම.. හික්
Deleteකෙලින් කියන්නේ වෙන අබග්ගයක් නෙවෙයි නේ ඉවාන්, ශබ්දය ගමන් කරන්නේ එහෙමයි නේ.
අනේ උඹේ ප්‍රකා + ශාකේ... හුහ්...
සීය සීය කිය කියා උඩපනින්නේ.. ලියාපන් කතාවක්. මොකද අපි ලියන්නයැ ? මමත් දැන් කික් එකේ ඉන්නේ විචාර ලියන්න පුළුවන් කියල ඈ.. ඒ හින්ද ලියමු. මම දෙන්නම් පුවක් ගහේ පොල් හැදෙන්න..
ශබ්දය එහෙමද පුතේ ගමන් කරන්නේ .. හැක ... දෙන්නේ උඩුඇන්ද ඉස්මොල්ලේ යන්න ඕ යේස් ...
Deleteපොඩ්ඩක් උඩ පනින්න දියන් ඊටපස්සේ ලියන්නං, හැක . උඹ විචාර දෙනවානම් ආයේ මොකෝ ... අර හැදෙන පොල් විකුනුවම මට බාගයක් දියන් ඈ
පෝස්ට් සීයේම රස මේ සියවෙනි පෝස්ට් එකේ අන්තිමට දමාපු පින්තූරු කැල්ලේ උනත් තියේ මලේ....ඔතාගත්තා වගේ කොයිල් මට ....
ReplyDeleteසීය දෙසීය නෙවී පන්දාහේ කොලයක්ම ගහමු නේ...!
ජයෙන ජයම වේවා මගේ ලෙග් මැන්ඩලීන් පූසාට...!
බොහොම ස්තුතියි චෙෆාකි බොස් .. අපේ ප්‍රා කියන්නේ බිග් බොස් කියලා .. ස්තුතිය් ආයෙමත්
Deleteහුටා //"ලෙග් මැන්ඩලීන් පූසාට."// ප්‍රා ජේට උල්පන්දම් ලබා දීම තරයේ හෙලා දකිමි ..ඕ.. යේස්
සීයට ම ආව නේ...
ReplyDeleteහ්ම් ගමු ලැයිෂොම බලන්න..
කොහෙ යන ගමන්ද මේ...
කොහෙ කීව...
හ්ම.. කොහෙ වුණත් කමන් නෑ... සීයදෙසීය තුන්සීය කෙරන් දිගටම යන්ටෝන...
හිහි...
එළ ඉවාන් අය්යෙ... දිගටම අපූරුවට ලියන කෙටි කතා එක්ක හැමදාම මේ බ්ලොග් ලෝකෙ කප් එක ගහන්ට ඕන...
සීයට දෙසීයක් ආවඩා ආයබෝ වේවා...
ජයෙන් ජයම වේවා
අඩෝ උඹ පොලිස් පාට දාන්න එපා මෙතන හරි ...
Deleteකොහොම වුනත් කමක් නෑ , මහේෂ් ස්තුතියි උඹට ආවට මට සුබ පතන්න . ජය වේවා
උණුසුම් සුභපැතුම් මචං...උඹගේ සිග්නේචර් කෙටිකතා තමයි මමත් ආසාම... ජයවේවා..!
ReplyDeleteබීටලේ - අතුරුදහන වෙලා ඉඳලා සුබපතන්න් එක්වුනාට බොහොම ස්තුතියි . ජීවිතේ සුන්දර අවධියක් ගෙවනවා ඇතියි කියලා හිතනවා .ස්තුතියි උඹට ආපහු සැරයක්
Deleteසෙන්චරියට අඟහරු ලෝකේ හැමෝගෙන්ම සුභ පැතුම් ඈ! මගෙත් මේ පාර දැම්මේ හාෆ් සෙන්චරිය. යකෝ බලාගෙන යද්දී මට සෑහෙන්න කලින් පටන්ගෙනත් තාම සීයයිනේ ගහල තියන්නේ..
ReplyDeleteකියවගෙන යද්දී මම හිතුවේ දැන් හොල්මනක් පනී දැන් පනී කියලා..
එහෙනම් හාෆ් සෙන්චරිය සුබ පතන්න් ඒ පැත්තේ එන්නං. හොල්මන ඉතින් මමම තමා බං. ස්තුතියි උඹට සුබපතන්න් එක්වුනාට . ජය
Deleteචෙෆාකිට පින්සිද්ද වෙන්න උඹව මූණට මූණ හම්බුවෙච්ච එක ගැන හරිම සංතෝසයි. මල්ටි ටැලන්ටඩ් කලා කාරයෙක් සහ වෘත්තිකයෙක්. ඔහොම යං.
ReplyDeleteඊට කලින් අපි දෙන්නා කොච්චර නම් මූනට මූණ හම්බවෙලා ඇතිද , එත් කලේ දෙපැත්ත බලාගෙන යන එකනේ , ඒ නිසා මේ හමුවීම කරපු චෙෆාකිට මාත් ස්තුති කරන්න් ඕන . මේ වගේ සුන්දර මනුස්සයෙක් මුන් ගැහෙන්න් අවස්ථාව ලබා දුන්නට ස්තුතියි ඉයන්
Deleteඔබ දෙදානාගේ ඊලග හමුවිම ඉක්මනින්ම අප විසින් සුදානම් කරනු ලැබේ..
Deleteහනිමූන් එකත් ලෑස්ති කරනවද?
Deleteඔ..යෙස්..ඔනම හමුවිමක්..
Deleteපටන් අරන් තියන විදිහට මම හිතුවෙ හොල්මන් කතාවක් කියලා. බයෙන් වෙව්ල වෙව්ල බැලුවේ..
ReplyDeleteකොහොම හරි කමක් නෑ බැලුවනේ , ඒ මදැයි .. හි හි ස්තුතියි පියුමි ..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසුබ පැතුම් ඉවාන්... හදවතින්ම... වැඩි දෙයක් කිවුවෙ නෑ කියලා උඹ තරහ වෙන්නෙ නෑ කියලා දන්නවා....
ReplyDeleteඋඹ කියනවට වඩා දෙයක් හිතන බව මම දන්නවා මචෝ. ඒ නිසා කිසිම තරහක් නෑ. ස්තුතියි උඹට බොක්කෙන්ම වීරප්පන් යාලුවා හැක
Deleteඅඩෝ... මේ දවස්වල නැට්ටට තද වෙලා ඉන්න නිසා උඹලගෙ කතා බලන්නත් එන්න ඉඩක් තිබ්බෙ නෑ. ඒත් ටොපික් එක දැක්කම මට හිතුන කොල්ලගෙ කඩ ඉමක්වත්ද කියල. බඩුම තමා.
ReplyDeleteඉරිසියයි යකෝ..ඒ උඹටවගේ සිරාවට ලියන්න බැරි වෙච්චි එකට නෙමේ, ඔය වගේ හොඳ මිනිහෙක් වෙන්න මට බැරි එක ගැන. අර කරළ බරවෙනකොට ගොයම බිමට නැමෙනව කියන උපැහැරනෙ කියල තීන්නෙ උඹ දිහා බලාන ඉඳපු එකෙක් වෙන්න ඕන.
ජයෙන් ජයවේවා...
ආනේ ඒකත් හැබෑව.. බඩ ගෙඩිය ලොකු වෙලා, කෙස් ටික පැහෙනකොට කොන්ද C අකුරක් වගේ වෙනවා.
Delete:D
Delete@ ඉන්දික - ලොකුතුවක්කු මහත්තයා දැක්ක කල්, දැන් ඉතින් අලුත් රටකට වෙලා සැපසේ ඉන්නවා මිසක් අපි උන්නද මලාද කියලා බලනවද? ආපහු වරෙන් ඔය මොනවා හරි ලියාගෙන . අර උඹේ රොමැන්ටික් කතාවක් කියවන්න් අපිත් ආසයි , දැන් ඔන්න මම මුරුංගා ගැහෙ මුදුනේ හරිය , තැනකුයි උඹට මෙච්චර වැඩ රාජකාරි අතරේ ඇවිත් යන්න ආවට .
Delete@ උපේක්ෂා - ශ් ශ් කෑගහන්න එපා යකෝ කාට හරි ඇහෙයි
@ හංසි ... මේ පොඩි උන් මොනවා කරවද මෙතන ඔය උපේක්ෂා ආච්චි ගේ කතා එහෙම අහන්න එපා
සීයේ කොලේ තමා ලස්සනම...
ReplyDeleteනාඩියා තමා උසම හැක , තැනකුයි වේවා
Deleteචේ,ඉවාන් සීය,ලව් පූසා ...එක්කො මේවා කියල ගුටි කන්න කලින් ඉවාන් අය්යම කියනවා............සියයක් ලියනවා කියන්නේ ලේසි වැඩක් නෙවේනේ දැන් ඉතින් බ්ලොග් පෝස්ටු සියයක අත්දැකීම් තියන පරිණත බ්ලොග් කරුවෙන් නේද සතුටුයි අහන්නත් මෙහෙම ලියල විතරක් බෑ ඉතිං ඉහලින්ම සමරන්න වෙනවා :P බ්ලොග් පොස්ටු සියයම කියවල නැතත් බ්ලොගේට ආපු දවසේ ඉඳල කියවපු පෝස්ටු ඔක්කොම හිතට අල්ලල ගිය වෙනස්ම පැතිකඩ වලින් ලියල තියන ලිපි .දක්ෂතාවය නම් ඉහලයි.තව තවත් හොඳ පොස්ටු ලියන්න ලව් පූස් ඉවාන් අය්යන්ඩියට මගෙනුත් සුබ පැතුම් :) :)
ReplyDeleteහේ හේ තැනකුයි හංසි නංගි. ගුටි කන්න වෙන්නේ නා බය වෙන්න් එපා . සමරමු සමරමු අපි පාටියක් දාලා එහෙම ඔන්න ලාස්තිවෙලා ඉන්න ස්තුතියි හංසි නගාට බොහොම
Deleteයකඩෝ...
ReplyDelete100 වෙනුවෙන් 100 සම්බන්ධ කරපු කතාවක් දාලා නේ???
පට්ට පට්ට ඈ...
දිගටම ලියමුකෝ එහෙම නම්...
මම ආවේ නැතත් ඔය ඉන්නේ කියවන්ට එවුන් ඕනේ තරම්...
ඒ වුණාට මමත් එනවා කියවන්ට හොඳේ...
("වැඩි දෙයක් කිවුවෙ නෑ කියලා උඹ තරහ වෙන්නෙ නෑ කියලා දන්නවා..."
කියන එකේ මුල් ටික මටත් ගැලපෙනවා...
ඒත් අග ටික ගැලපෙන්නේ නෑ... මොකද මම දන්නේ නෑ ඔයා ගැන...)
චතුරංග ... එහෙම කොහොමද නෑවිත් ඉන්න එපා . කට්ටිය කියවනවා වැඩි තරමට තමා අපිටත් සතුටු . අනිවා උඹත් ඉන්නම ඕන . මොකෝ නැත්තේ අපි අපිව දන්නවා නේ බ්ලොග් නිසාම ඒ මදැයි . හරියට තුන් සිංහලයම නෑදෑයෝ වගේ
Deleteපහුවෙලා නැග්ගත් අපිනම් තවම කාර් එකේ. සෙන්චරියට සුබපැතුම්!
ReplyDeleteබොහොම ස්තුතියි ඉකොනෝ මැට්ටා මහතා .. කතාවේ හරය තේරුම් ගැනීම ගැන ඉතාම සතුටුයි ..
Deleteඑකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා .. ආයුබෝ වේවා.. තව තවත් ලියන්නට ශක්තිය දහිරිය ලැබේවා..
ReplyDelete- සුභපැතුම් කිව්වා ඔන්න අපිත් -
මගේ සුබ පැතුම් පවුලූෂා මලේ!
Delete@ අම්බලන්ගොඩ - ස්තුතිය් මචෝ , උඹේ සුබ පැතුමට . අම්බලන්ගොඩ කතා ලඟදි ඉඳන් කියවන පටන් ගත්තත් උඹ ලියන රටාවට මං බොහොම කැමතියි
Delete@ චන්දන - ස්තුතියි චන්දන අයියා . අද බැචාලා දෙන්නම ඇවිත් සතුටුයි
Deleteඤාව්වාට හැකි ඉක්මනින් ඩබල් සෙන්චරි ගහන්නත් හැකිවේවා!
ReplyDeleteඋඹේ ලියමන් ගැන ආයි ආයි කියන්න ඕනි නෑනෙ?
ස්තුතියි වලත්ත මධුවෝ ... හිකිස් . ආයේ කියන්න ඕන නෑ එක සැරයක් කියහන් ... උඹව පස්සේ වෙලාවක අල්ල්ගන්නම් බෙල්ලෙන් හැක
Deleteකවුද මේ කියන බ්ලොග් පොලිස්කාරයා?
ReplyDeleteසීයයි, ටිකයි, හොඳයි, ජයවේවා!
බොහොම ස්තුතියි රසික , කකා ඉන්න කාලේ දීපු ප්‍රචාරෙටත් නැවතත් ස්තුතියි .
Deleteපරක්කු උනාට සොරි වෙන්න ඕනේ පවුලූෂයියා.............. අවංකවම මං හිතන් හිටියෙ උයා 100 පහු කරලා ඇතිය කියලා............. හම්මේ ඉතිම් 100 කියන්නේ ලොකු ගාණක්.............. අපේ අවංක සුබ පැතුම් ආහ්............... ඉක්මනටම සීය දාහ වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා............
ReplyDeleteසීය දාහා වීම කෙසේවෙතත් මේ ලියපු ටිකත් වැඩියි වගේ බං.
Deleteබොහොම ස්තුතියි ආර්යන් මල්ලි සුබ පැතුමට . දැන් උඹලා හොඳින් ලියන නිසා අපි නැවත්තුවට අවුලක් නෑ.
වැඩියි? අනේ එහෙනම් එවපන් මට... මට පුළුවන් ටුක් ගාල මගේ නමින් දාන්න... අප්පේ එතකොට කට්ටිය මට මාර ටැලන්ට් මෙව්වා එකක් තියෙනවා කියල කියයි නෙහ් ?
Deleteහපොයි තව ටිකෙන් රතු ඉර වදිනවා...
ReplyDeleteසීයට මගෙනුත් සුභපැතුම් ඉවානයියේ!
ජයෙන් ජය!
එන්න පරක්කු උනා බං.ඒකෙන් උනේ ත්‍රීවීල් එකක් අරං පහළට එන්න වෙච්ච එකයි.ඉතිං බොහොම සතුටුයි මොනවා කියන්නද උඹ මගේ හොඳම පාඨකයෙක් වගේම මම උඹේ හොඳම ඇණයක්.තවත් බිංදු තුනක් වත් සීය ඉස්සරහට එකතුවේවා. සීයට උණුසුම් සුබ පැතුම් ඉවාන් මල්ලී!!
ReplyDeleteසියවෙනි සන්ධිස්ථානය ට විභීෂණ ගේ උණුසුම් සුබ පැතුම්...
ReplyDeleteසෙන්චරියට සුභපැතුම් ඉවාන්. දිගටම ලියන්ඩෝ...
ReplyDeleteMagenuth subapathum, 100 ta.
ReplyDeleteComment nadammat post 100ma kiyewwa. Loose ayye, ko holman kathawa????
Suba pathum!!!!
Magenuth subapathum, 100 ta.
ReplyDeleteComment nadammat post 100ma kiyewwa. Loose ayye, ko holman kathawa????
Suba pathum!!!!
අම්මෝ කමෙන්ට් ගොඩ . මං දැං ඉරිසියාවටම කියවල කමෙන්ට් නොදා මාරු වෙනවා
ReplyDeleteමටත් හෙන සතුටුයි බං උදේ කමෙන්ට් ගාන දැක්කාම
Deleteපරක්කු වුනාට සමාවෙන්න... සීයයට උණුසුම් සුබ පැතුම් !!
ReplyDeleteමමත් ඉවාන්ගේ හොඳ පාඨකයෙක්..මේ අදහස් කොහොම එනවද කියලත් සමහර පොස්ට් කියවපුවහම හිතිලා තියෙනවා. ඇත්තටම ඔබේ නිර්මාණ හැකියාව නම් අති විශිෂ්ටයි.
බ්ලොග් එකට යන එනකොට දකින චෙගුවේරා මුණ නිසා, මම ඉවාන් කියලා හිතාගෙන හිටියේ ඒ වගේ මූණක්. ඒත් ඊට හාත්පසින්ම වෙනස්, මට හමුවෙලා තියෙන බ්ලොග් ලියන පිරිස අතර ඔබ බොහොම සුහදශීලී කෙනෙක්. 100 ඉක්මනටම 1000 වෙන්නත් හදවතින්ම සුබ පතනවා. ...
තුෂානියෝ චේට බනින්න එපෝ...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසුබ පැතුම් ඉවාන් අයියේ....(ඔන්න මම නම් ලවුපුසා කිවුවේ නෑ ඕං)
ReplyDeleteමෙයාටත් බෝවෙලා.. හැක්.
Deleteහයියෝ ඒක වැරදීමක් හිටින්ට මං මකලා දාන්න
Deleteඉවාන්ගෙ සියය කියවල ඉවරවෙලා කමන්ට් දෙසීයක් කියවන්න වුනා.
ReplyDeleteසුබ පැතුම් ඉවාන්. ඔබේ ලිපිවලින් ඉගෙන ගත් දෑ බොහෝ තිබුණා..
Cha..cha..cha.. mulinma comment eka danna oni eka wechchi man enkota perahere honda hariya gihin.. better late than never.. centuryta bokkenma suba pethum macho.. digatama liyapan.. katada adambara eka game eka iskole eka kiyanakota.. jayawewa!
ReplyDelete