එකට පංතියේ අකුරු කෙරුවා
එකට ඕ එල් ඇණ වුනා
එකම බීඩිය එකට බීලා
එකම වලකට සෙට් වුනා
උඹට වැඩිවෙලා අපේ ගෙදරයි
මම වැටුනේ උඹලගේ පැලේ
එකම කමිසය එකම කලිසම
කෙල්ලෝ දෙන්නෙක් එක්ක යයි
මගේ නම ඇති උඹේ අකුරුයි
මගෙ අකුරු වල උඹේ නමයි
ලියු පෙම්පත් වලින් ගිනි මැල
හදන්නට හිටියෙත් උඹයි
ගල් ද පොල් සහ හැලි කරිඤඤo
ණයට බිව්වට ඇනතියං
කොත්තු කාලා බඩෙන් බාගෙට
දුමක් ඇද්දේත් හවුලේ බං
සමරේ අයියගේ බයික් කටුවට
තෙල් ගැහුවේ පිං කැට බිඳන්
මියුසිකල් ෂෝ වලට ගියේ අපි
හවුලේ එක හෙල්මට් එකෙන්
කොහොම හිටියත් ජීවිතේ බර
ටිකක් වැඩියෙන් දැනුනයින්
උඹ රටගියා මම වීල් පැද්දා
එගොඩ වෙන්නට මේ දුකෙන්
උඹ ආ වේලේ මට සතුටු හිතුනා
සිහිවෙලා පෙර මිතු දම
මිතු සිනහ නෑ වල කතා නෑ
මට පුදුම හිතුනා උඹ ගැන
රටින් ගෙන ආ දිගටි සිකරට්
වැදුනේ නෑ බීඩිය වගේ
විස්කි සැර මට උහුලන්න බෑ
නෑ රසට රා ටික වගේ
විස්කි හරියට ගණන් වෙන්නැති
ඒත් අපි ඈතයි වගේ
බීඩියේ තිබු රසය නැත්තේ
ඈත බව දැනිලා වගේ
ලිං ගැට්ට උඩ රස්ති කළු ගල
තාම තියෙනවා ඒ වගේ
පාර අයිනේ ගාඩ් ගල් උඩ
වාත වූ හැටි මැවී පෙනේ
ඒ ඔක්කොම එහෙම ඉද්දීම
මචං උඹ ඈතයි වගේ
පිදුම පත්තර මල්ලිට
පලවෙනි ඉඩ මට.. හිටාන් කියෝලා එනකම්
ReplyDeleteකාඩ් පැක් එකේ එකට ඉඳලා
Deleteබෙදිලා ගිය කොළ අත වගේ
උඹ තුරුම්පුව මම සෙලෙක්කය
අයි ඇනෙමුද පැක් එකේ..
පත්තරයා එහෙම නොවුනත් ගොඩක් උන් එහෙමයි මයේ හිතේ.. ලොවෙත් වැදුනා බොක්කටම..
//උඹ රටගියා මට වීල් පැද්දා// මට 'මම' කරපන්..
හරිනං මට ඕක කියන්නෙ අපේ ගෙදර එව්වො … යාලුවො නෙමෙයි :D හැක හැක
Delete@ කල්ලා - ඔන්න උඹ පෙන්නපු වරද උදේම හැදුවා , තැනකුයි උඹට
Deleteපත්තරේ එහෙම නැතෙයි කියන්නේ මොකෝ .. ඌ එහෙම තමා මහා අසමජ්ජාතියා
@ පාද්රේ - උඹට ගෙදර ය එහෙමත් කියනවද .....??? අපි හිතුවේ ..........???? එක්කෝ ප්‍රා ගෙන්ම අහලා බලමු
කමියා ++++++++++
Delete//හරිනං මට ඕක කියන්නෙ අපේ ගෙදර එව්වො//
Delete"ඕක" කියල නවත්තන්නෙ නෑ නෙ. ඕක මෙහෙමයි අරෙහමයි කියනවනෙ.
කමක්නෑ.. ඉතාලි පඬිවරයෙක් කියල තියනව "කන්න දෙන අතින් පාරක් කෑවාම හෙන ගානවද" කියල.
අති විශිෂ්ඨ කෑමක්නෙ කන්නෙ ශොපින් යනකොට එහෙම.
ඉතින් කමක් නෑ
ඒ පඬියම නේද කිව්වේ "මැස්සෙක් නැත්තනම් ඒක හෝටලයක් නෙවෙයි කියලා" ......
Deleteතව....
ප්‍රා මතක නැද්ද ? අර කලන්තේ දාපු සීන් එක එහෙම
Deleteසිංදු ඌ තව කීයක්නම් කියල තියෙනවද බං
ප්‍රා මතක නැද්ද ? අර කලන්තේ දාපු සීන් එක එහෙම
Deleteසිංදු ඌ තව කීයක්නම් කියල තියෙනවද බං
මේක සිරා ඕයි! පිස්සු කොර උනි. හිටු ආයෙම කියෝල එන්නම්.
ReplyDeleteමට ඉහිලුං නැතුව ගියා බොල..පට්ට කියන්නෙ හොඳම එක !!!
Deleteඅඩෝ බට කොස්සි උඹ තාම කියවනවද ?
Deleteහම්මපා ඉවානයෝ මේව බොරු කියලා කියන්න පුලුවන් කාටද මං අහන්නෙ.
ReplyDelete//ඒ ඔක්කොම එහෙම ඉද්දීම
Deleteමචං උඹ ඈතයි වගේ//
මේ හැඟීම ඔලුවට ආවම ආයෙ කියන්න දෙයක් නෑ. ඈත ඉන්න එකට කාපු බීපු එකෙක් එක්ක කොහොමද බං ඉන්නෙ. ඒත් මේ විදිහට එකට ඉඳපු එකෙක් අතෑරලා දාන්නත් බෑ. දැන් මොකද කරන්නෙ?
උඔ දන්නවද කසුනා..එක දවසක් රතුපාට දඩි කාර් එකක් ඇවිත් නැවැත්තුවා අපේ ගෙදර ඉස්සරහා ඒකෙන් බැහැලා ආවා ඉරිච්ච ඩෙනිමක් ඇදලා රබර් සෙරෙප්පු දෙකක් දාලා පනාවක් දැකලාවත් නැති කොන්ඩේ උරහිස්සට වවපු පොරක්..ඇවිත් ගෑනිටයි මටයි කියනවා “මචං මෙන්ඩා මම පත්තරයා“ කියලා.
Delete“මට බඩ ගිනි ගනිං යකෝ අක්කා උයපු කිරි කොස් එකයි කරවල බැදපු එකයි..“
වැරදි නේද කසුනා ඉතාලි ගිය පොරක් අතේ බත් පිගාන තියාගෙන කකුලකුත් නමාගෙන බත් ටික ඔක්කොම කලා පිගාන හෝදලා ටැප් එකට කට තියලා වතුර බොනකොට...
උඹට හොදයි ඔය , එක දවසක් මට කන්ඩ තිබ්බ බත් එක මේකා බෙදාගන කෑවා ,
Deleteපස්සේ මං දංකුඩ ටිකවත් කන්ඩ කියල ගියා කෝ , එක කරවල කෑල්ලක් ඉතුරු කරල නැ බං .
හැබැයි ඉවානය කියන කතාවනං හරි , කවදාවත් රට සිකරැට් එකක් විස්කි ජුන්ඩක් ගෙනත් දීලා නැ
ගන්න තියන ආදර්ශය පත්තරයා ගෙදරට එන්න කලින් බත් එක කාලා ඉන්න ඕන කියන එකනේ ...හැක්
Deleteඑහෙනමි පත්තරයා එනකොට ගෙදර ඉස්සරහ දොරේ මෙහෙම බෝඩි එකක් ගහමු.
Deleteඅද අපේ ගෙදර කිසිම දෙයක් උයා නැ.අපිව කාල පල
*****************************************************
@ ආකාස කසුන් - මේවා බොරු නීවෙයි ඔය කියන්නේ හැමෝම පහල කමෙන්ට් වල
Delete@ මෙන්ඩෝ - පත්ත්රයා එහෙම කලාද බං , පුදුමයි , ඕකා හෙන ආඩම්බර කාරයා ...
Delete@ අටං - ඇත්ත බං මටත් විස්කි ටිකක් ,සිගරට් එකක් කවදාවත් දීලා නෑ.
@ සිංදු & මනෝ මා - අන්න උඹලා කතාවේ ආදර්ශය ගත්තා
ඈ යකෝ ඕව මේස වලට ඇරලා සුට්ටං දීසි වලට දාලා පොෂ් එකට කනව වාගෙද බං අහුවෙන ලොකුම පිඟානට බෙදාගෙන බැමි කෑල්ලක් උඩිං ඉඳගත්තාම සැප :D චැහ් .. මයෙ ගෙදර මොකෑ වෙන ගෙවල් මොකෑ. එන්ඩ කීවෙ කන්ඩනෙ.ඕං මං කෑවා :D :D හුකෑස්
Deleteසුට්ටන් දීසි වලට දැම්මම දීසි ටිකත් නැතුව යනවා උඹ කන කෑමට
Deleteයකෝ පත්තරයා එල පොරක්නෙ බං. මමත් කැමති ඔයවගේ කිසි ආඩම්බරකමක් නැති ඕන තැනක ගිහින් ඉන්න පුලුවන් එවුන්ට.
Deleteමෙහෙම කිවුවා කියල අපේ ගෙදර එනව එහෙම නෙවෙයි තේරුනාද පත්තරයෝ.
ඉවාන්,
පරිස්සමෙන් හිටු.
මෙන්ඩො,
උඹට හොඳ යාලුවෙක් හම්බෙලා කියලා කියන්න පුලුවන්.
කසුනා
Deleteපත්තරි නිවාඩුවකට ගිහින් පත්තරයා බලලා එන දවසේ එයාපොර්ට් එකෙන් බැහැලා පාන්දර 5.30 ට අපේ ගෙදරට ඇවිත් පොඩි මෙන්ඩට සෙල්ලං බඩුවක් ගෙනත් දිලා ගියා පත්තරයාගේ අගය වැඩි වෙන්නෙ ඒ නංගා නිසා..
ඒ ඩබල දකින්න වටින දෙන්නෙක්
එල ද බ්‍රා ඒකේ හොදම එක
පත්තරි නම් හොඳයි තමා , පත්තරයා මොක්කේද හැක
Deleteකවදහරි බලාගන්න බැරියැ මෙන්ඩො. අපි කොහොමහරි හම්බේවි නොවැ.
Deleteසිංදු ඇනෝ ගානේ සිංදුවක්.. පම්පපාං
ReplyDeleteමේ වගේ කේස් එකක් නේද දේශෝ ????
Deleteපලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට
විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද
හොඳ හිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද
දොඩමළු කතා නෑ අද වාඩිය හෙවනේ
නිදි නැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ
හොර රහසින්ම එක සුවඳක් පැතු පවිනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ
ගී පද - වසන්ත කුමාර කොබවක
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ සමග එඩ්වඩ් ජයකොඩි
හරියට හරි සිංදුවෝ ඔය දේශාටයි ප්‍රසන්නටයි වෙච්ච සීන් එකක්
Delete//හරියට හරි සිංදුවෝ ඔය දේශාටයි ප්‍රසන්නටයි වෙච්ච සීන් එකක්//
Deleteනැතුව නැතුව, මෙන්න බලහංකො සීන් එක වෙච්ච තැන.
අන්න බලාපල්ලා සාක්කි ,
Deleteමෙකනමි නියමටම හිතට වැදුනා මචං
ReplyDeleteවදින්න ඕන බොක්කේ යාලුවෝ ඉන්න එකෙකුට
Deleteහිතට දුකයි තමයි මචං , ඔවුව ඔහොම තමයි.......
ReplyDeleteඔව්ව ඔහොම තමා මචෝ , සහතික ඇත්ත
Deleteනියමයි ! (Y)
ReplyDeleteතැන්කුයි
Deleteපිස්සු හැදෙන සඳ....
ReplyDeleteයාලුවො...හිටිගමන් මාලුවෝ....එකට උන් අපි අද කොහෙද,කොතනද..
එකෙක් නං ඉන්නවා කළුතර සෑර් කෙනෙක් වෙන්න ඉගනගන්නවා :D
Deleteයාලුවෝ මාලුවෝ යාලුවෝ
Deleteමාලු නසී උඩින් වැටෙන ඇම කන හින්‍ඳා
යාලු නසී මේ මං වගෙ ලණු කන හින්‍ඳා
යාලුවෝ මාලුවෝ යාලුවෝ
පණ දෙන්නට කියා ඇවිත්
හුස්ම ඩිංග හිර කරතී
වලකින් ගොඩලන්න කියා
ගල් ගෙඩියක් දමා යතී
අවුලට ඇවිදින් ලංවී
රැවුලට ගිනි තියා යතී
උණු හින්ඳා බොන්න බැරී
කිරි හින්ඳා හලනු බැරී
යාලුවෝ මාලුවෝ යාලුවෝ
ඉස්සරහින් යන්න එපා
පිටිපස්සෙන් ඇවිත් අනී
පිටිපස්සෙන් යන්න එපා
බොරු වළකට දමා පනී
අත්වැල් බැඳ යන්න එපා
විපතක් දුටු මතින් පනී
ඇතුවත් බැරි නැතුවත් බැරි
දෙයියො දනී කුමක් වැනී
යාලුවෝ මාලුවෝ යාලුවෝ
මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්‍ඳා
යාලු නසී මේ මං වගෙ ලණු කන හින්‍ඳා
යාලුවෝ මාලුවෝ යාලුවෝ
යාලුවෝ මාලුවෝ යාලුවෝ
නාට්‍යය - තාරාවෝ ඉගිලෙති
අප්පට බොල මනොශයා ... උඹ දැන් අතුරුදහන් වූවන්ගේ ලයිස්තුවේ ඉන්නේ
Deleteඔය සිංදුවා කියන්නේ පත්ත්රයා වගේ යාළුවො ගැන
ඉවාන්,පිස්සු බම්ප් වෙනවා බං.සුපිරියි.හරිම නිර්මාණාත්මකයි.මම ලංකාවට ගියාමත්ය් යාළුවො ඔහොම කියාවිද මංදා.
ReplyDeleteකියාවිදත් අහනවා … රාගම ලයින් එකේ ඔයා ගිහිල්ලත් හයමාසයක් විතර යනකං කොල්ලො ඕකමයි කතාවෙන්නේ. හැක හැක :D බොරුනං ඩෝලයගෙං අහල බලන්ඩ …
Deleteපත්තරේ,
Deleteමොකෝ,උඹ මගෙත් එක්ක නොරොක් වෙලාද බං.
ඔබ වෙනස් වෙලා.....
Deleteඔබ වෙනස් වෙලා....
සිත දුරස් වෙලා.....
මට නපුරු වෙලා.....
ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
නොරොක්වෙන්න ආයෙ උඹ මට අහවල්.එකක් කරායැ හැලපයියෙ.. කෝ බං මං හැමදාම එද්දි පරක්කුයි .දැං පෝස්ට් තුනක්ද කොහෙද පහු උනා බං බලහංකො.
Delete@ හැලපයියා - මිනිස්සුන්ට එක එක දේවල් දැනෙන විදිහ තමයි නේද හැලපයියේ. සමහර විටක අර යාළුවගේ හිතේ තුන් හිතකවත් එහෙම දුරස් වීමක් ගැන නැතුව ඇති, එත් පුරුදු දේවල් වල මොකක් හරි වෙනසක් දකින්න මිනිස්සු පුරුදුවෙලා .. තැන්කුයි හැලපයියේ
Deleteපත්තරයට දැන් නුහුගුණේ.
මෙහෙම යාළුවෙක් මටත් ඉන්නවා.
ReplyDeleteඅනිවා හැමෝටම එකෙක් හරි ඉන්න ඕන තමා
Deleteඔහොම එකට එක වලේ ඉඳල ඈත් උනාම දැනෙන දුක දරාගන්න අමාරුයි තමයි.
ReplyDeleteදුක කියන්නේ එක මහා හිස්කමක් ප්‍රසන්න අයියේ ...
Deleteසහෝදරයො දෙන්නෙක් වගේ ආශ්‍රය කරපු දෙන්නෙක් මේ දවස්වල මාව මගෑරල ඉන්න නිසා මාත් ඔය කියන හිස්කමෙන් තමයි ඉන්නෙ. එකෙක්නං දැන් කාලෙක ඉඳන්.
Deleteඅද හවස් වෙනකොට එකෙක්ගෙන් මෙකක්හරි ප්‍රතිචාරයක් ලැබුනෙ නැත්තං වැඩේ තවත් අප්සෙට් යනව.
ன
ඉතිං මොකෝ ඇනෝ වුනේ අරුන් දෙන්නා කතා කලාද උඹට
Deleteඇනෝ නෙමයි බං ඒක දැම්මෙ.
Deleteඔවු, එදා හවස අයිය කතා කළා.
මලය තමයි කතා කරන්නැත්තෙ දැං අවුරුදු එකහමාරක විතර ඉඳල.
ඕක කාටත් පොදු දෙයක් බන්. මගෙත් ඔය ජාතියෙ යාළුවො ඕනි තරම් ඉන්නව. ඒත් වෙලාව නැති වෙද්දි වැඩ වැඩි වෙද්දී පරන යාළුවො එක්ක නිතරම ඉන්න අමාරු වෙන්න පුළුවන් හැබැයි දැක්ක තැනක කතා කරලා යන්න නම් පුළුවන් වෙන්න ඕනි.
ReplyDeleteඔව් ලහිරු - ඒක ඇත්ත මොකද හැම දෙයක්ම කාලයත් එක්ක සුළු හරි වෙනසකට ලක් වෙනවා , ඒක ඇත්ත . එත් හිතා මතා එහෙම දේවල් කරන්නයි නරක
Deleteවෙනස් වීම... මොනවා කියන්නද හිතාගන්න බෑ මේකට..
ReplyDeleteකියන්න දෙයක් නෑ බං .... ඕක තමා ජීවිතේ
Deleteලෝකයේ වෙනස් උනේ
Deleteමිනිහදෝ දෙවියාදෝ
ආදරේ නමින් මා තැවේ තැවේ
ලෝකයේ වෙනස් උනේ
මිනිහදෝ දෙවියාදෝ
මෙවන් මහා පොලෝ තලේ
මටත් හිමි යමක් ඇතේ
ඒ වෙනුවෙන් මා ජීවත් වන්නේ
ලෝකයේ වෙනස් උනේ..
සිතක් ගොසින් සිතක් වෙලයි
යමෙක් ඉපි අකුල් හෙලයි
ආදර ගඟ නැ ඉන් නැවතෙන්නේ
ලෝකයේ වෙනස් උනේ..
ගායනය : එච් ආර් ජෝතිපාල
This comment has been removed by the author.
Delete//පිදුම පත්තර මල්ලිට //
ReplyDeleteඅනේ වාසනාවං … නොකීවත් ඉතිං අන්තිමට ටොපිය කැරකෙන්නෙ මට නෙවැ :D හුකෑස්
මේ ඒක නෙවෙයි.. ගෙදර කස්ටිය එහෙම සනීපෙං වෙන්ටැ … හච්චිං ගියෙ නැතෙයි ??? :D :D
හැබෑට පත්තරේ ආවහම පරණ යාළුවො (අ'පුරේ ) හම්බවෙන්න යනවද ? කොච්චර උනත් දරු මල්ලො එක්ක ඉද්දි ඒක කරන්න අමාරුයි නේද ?
Deleteඇත්තම කියනවනං ඒකටම කියල පුරේ යැවෙන්නෙ නං නෑ බං.හැබැයි ගිය ගමං පුරේ ගෙදරිං කට්ටිය බස්සලා සුරුස් ගාල මං මාරු වෙනවා මගෙ යුතුකං ටික ඉෂ්ට කරල එන්න :D මං හැමදාම පුරේට ණයයි බං...
Deleteපත්තරේ උඔ මට හිතවත් වුනෙත් මම උඔට මෙච්චර ආදරේත් උඔගේ මේ පුරේ කමට..
Deleteපුරේ එවුන් කොළඔ කුරැදුවත්තේ වගේ හැසිරෙනකාට උඔ ආඩම්බරෙන් “මම පුරේ“ කිව්වා..
සයුරේ රළ සේ අහසේ තරු සේ..
Deleteමිතුදම් පවතී ලොව සැමදා..
සත්සර නැගෙනා නාදය කොතැනා..
එතනයි සැමදා අපි සැවොමා..
සත්සරයේ සෙවනැල්ලේ..
නද දෙන්නේ කොවුලන් සේ..
ගයනා ජය ගීයයි මේ හඬගා..
අමරස රොන් දෙන මල් වෙමු අපි මල් සමයේ..
ගුමු ගුමු නද දෙන බඹරුන් අපිමයි මිතුරේ..
විඳ විඳ රොන් සුව තනනා තනුවයි ඇසුනේ..
සත්සර මුසුකර ගයනා ගීයයි ගැයුවේ..
විහඟුන්ගේ ගී රාවේ හද ඔකඳ කලේ..
ඒ සිහිනේ සැබෑ වුනේ..
උන් මුමුණයි හොර රහසේ මේ ගී අසමින්..
සියොතුන් එක රෑනෙ අපි..
ගායනය: නෙළු ආධිකාරි සහ කපිල පූගලආරච්චි
සින්දු ඇති හුත්තො
Deleteමේකෙන් ඉවරයි මචෝ ..ඔන්න අහපන්
Deleteහුත්තේ හුත්තා...
https://www.youtube.com/watch?v=fALjrGoqF1A
හුකැස් :D
Deleteආතල් ලොවෙත් නෑ … හැක හැක
හචිං යනවලු අපේ පරම්පරාවටම ... පුදන්නේ නැතුව වුනත් උඹට ටොපිය හම්බවෙන බව මං දන්නවා හුකෑස්...
Deleteමම මේකට එකග නෑ...
ReplyDeleteඉවානයා උඔ කියන මේ රට ගිහින් ආපු යාලුවා පත්තරයාට සම කරනවා නම් මම උඔ එක්ක ගේම ඉල්ලනවා..
මේකට කොටනවා නම් පොතක් පිරෙන්න කමෙන්ටුවක් කොටන්න පුලුවන්..අවශ්‍ය නෑ හිතට එකගව උඔ දන්නවා පත්තර මල්ලි කියන්නෙ සරල සුන්දර චරිතයක් කියලා.
ඌ ඒකමයි කීවේ.. ඒකමයි. ඕ යේස්
Deleteඇරු මෙන්ඩෝ ඇරු :D …
@ මෙන්ඩෝ - උඹ මොනවද බං පත්තරයා ගැන දන්නේ . උඹලා හිතං හිටියට ඌ අහිංසක සරල සුන්දර මනුස්සයෙක් කියලා ,මම මගේ ජීවිතේට දැකලා නෑ ඒ වගේ අවස්ථාවාදියෙක් . ඇත්තමයි
Delete"රත්තරනේ...රත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරැ ඉදලා..
Deleteහොරැහින් මට ඉගි කරනව ඔබේ ලගම යාලු මිත්‍රයා..
මොකද අනේ, එහෙම උනේ..
ලග ඉදගෙන අගේ ඉදන් කන කනවා මිත්‍ර ද්‍රෝහියා.."
හුකැස්
මචං ඔය උඩ ඉන්න උන් තුන් දෙනාගෙන් කී වෙනි එකාටද උඹ ඒ ක කීවෙ.
Deleteඅඩෝ ඉවානයා..
Deleteඋඔ වගකිමෙන්ද කියන්නේ..
එහනම් මම පැත්තක් තට්ටේ ගාලා පුරේ ඉදලා උඔ ඉන්න තැනකට පයින් එනවා..
මනෝ මචං. අහන්ඩත් දෙයක්‍යෑ. තුං වෙනියට කීවෙ :D
Deleteමෙන්ඩෝ මුංට නුහුගුණේ :D පෝය පහු උනානෙ..හෙට අනිද්ද දිහාට හරියයි.ආයෙ ලබන පෝය වෙනකං ෂේප්. හැක්
මෙන්ඩෝ එහෙනම් උඹට තට්ටේ ගානනම වෙනවා .. පත්තරයා එක්ක මගේ දැන් කිසිම ඇයි හොඳයියක් නෑ.
Deleteඉවානයා
Deleteමම සදුට කිව්වා උඔ මෙන්න මෙහම පත්තරයාට කයියක් ලියලා කියලා
“අනේ...අපේ පත්තරේ අයියා එහම නෑ...“ උඔගේ විසා කැන්සල් අපේ ගෙදර
පොඩි මෙන්ඩා--
“ගලක් අරන් ඔලුව පැලෙන්න දෙන්න ඔනේ ඉවාන් මාමට“
හුහ් පත්තරේ අයියා / මාමා ගැන දන්නේ නැතුව උඹලා ඔය ,බලාපන්කෝ උඹලට වෙන්දේ ඉකව විශ්වාස කරලා
Delete///උඹ ආ වේලේ මට සතුටු හිතුනා
ReplyDeleteසිහිවෙලා පෙර මිතු දම
මිතු සිනහ නෑ වල කතා නෑ
මට පුදුම හිතුනා උඹ ගැන////
පදවැල් ටික පත්තරයාට පිදුවාට, අනේ අපේ පත්තරයා එහෙම නෑ බොස්...පෙට්ටි කඩවලටමයි රිංගන්නේ තාමත්...ඌ වෙනස් වෙලා නෑ..අපි තමයි වෙනස් වෙලා තියෙන්නේ..බොරු නං 8MRaft ගෙන් අහන්න...
//පෙට්ටි කඩවලටමයි රිංගන්නේ// හික්ස්
Deleteමම මේක දැක්කේ පෙටිටි කඩලාමයි රිංගන්නේ කියලා ..හැක්
තෝරු මෝරු ඩිගිසි ඩිගා කරන කොට තැලෙන්නේ හාල්මැස්සොලු ...............පෙතිය පැතලි උනෙත් එහෙමලු , ඉස්සගේ ඇස් එලියට එන්නෙත් ඔව්වා දැකල කියනවනේ
Deleteචෙෆ් බොස් ඒ උනාට අටං සෑර් ඒවයිං කන් නෑ..
Deleteඑයාට සුද්ද වාගෙ පිරිසිදුවට මැස්සෙක් නැතුව දූවිලි පොදක් නැතුව කඩවල් ඕනැ.. මැස්සෙක් නැති කඩවල් කඩවල්ද බොලව්.. මයෙ බල්ලවත් යන්නෙ නෑ මැස්සො නැත්තං .චැහ්
@ චෙෆ් බොස් - ඒ වුනාට ඌ කියන්නේ ඌ බොක්කෙන් ඌට බෙලෙක්කෙන් කියලා. හැබෑටම මමත් දැක්කේ පෙට්ටි කඩලා මයි රිංගන්නේ කියලා
Deleteපත්තරේ - අටමා ඇවිත් පිරිසිදු කමේ උපතනේ
Deleteපදවැල ලස්සනයි . ඉවාන් ආයෙමත් ලයන්න පටන් අරන් තියෙන එක ගැන ගොඩක් සතුටුයි. ගිය මාසේ ලියපුවා අද තමයි කියවන්න පටන් ගත්තේ .
ReplyDeleteඅප්පේ අපේ තිලකයියව දැක්ක කල්... මොකෝ වුනේ ... පොත් ප්‍රදර්ශනේ පැත්තේ ඇවිත් ගියා කියලා ආරංචියක් ලැබුණු නිසා ඉතින් හිතේ බයක් නැතුව හිටියා
Deleteඇත්ත බං. මට මතක් උනේ මිල්ලෙ සොයා...
ReplyDeleteඒකෙ කෂ්ටිය ඉතාලි යනවා. මගදි එකෙක් මැරෙනවා. පස්සෙ ආපහු ලංකාවට ආව මහේන්ද්‍රට හම්බෙනවා කමල්ව. ඌ, අර මැරිච්ච එකාගෙ කෙල්ල බැඳලා. කමල් කියනවා, ඒ කාලෙත් ඒ කෙල්ල එක්ක ඌ කොක්ක ගහගෙන හිටියෙ කියලා...
//මට මතක් උනේ මිල්ලෙ සොයා...// මතත් +++++++++++++
Deleteමිල්ලේ සොයා පට්ට ෆිලුම ... ඇත්තටම ඒ වගේ ෆිල්ම් දැන් හැදෙන්නේ අන්ත්තේ ඇයි? බුධි කීර්තිසේනලත් දැන් නිහඬ මොකෝ
Deleteඋනුත් මිල්ලෙ සොයාගෙන ඉවර ඇති පරම්පරාවකට විතර...
Deletebudee nihanda ne. eyage film ekak avurudu pahak vithara thisse veda ivara ne
Deleteසල්ලි පොකුරු මිල්ලේ අහුරු
Deleteසිහින විලේ බඹර රැගුම් පානා
පුංචි රටක පුංචි අපිට
සිහින සැබෑ වෙන්න වරම් ඕනා
සතුටු කඳුළු වැස්ස මතින්
මුතුකුඩ ඉහලන්න අපිට ඕනා
හිතේ සවිය ගතේ විරිය
අපිට ඇතිම එකම හිරිය වීලා
මුහුදු හතේ රළ රැල්ලේ
පොර බදලා අපි ආවා
නාග විමන් මකර කටින්
රිංගාලා අපි ආවා
රස්සාවට නගින උදේ
මචෝ කියලයි පිලිගන්නේ
කම්හල නැග බහින තුරා
අපේ දාඩිය තමයි සුවඳ දෙන්නේ
තියන විටදි අත දිග හැර
මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ
කඩිසර කම තිබෙන තුරා
අපේ දවස කළ එළි වී එන්නේ
හද කොහෙදෝ ගිහිල්ලා දෝ
හීන් සැරේ මඟ ඇරලා
අපි දන්නා හඳ මාමේ
අපි නම් නෑ පැරදීලා
කටු වටකර තිබුණත්
අපි අතින් කරින් වස්තු අරන් එන්නේ
එහෙම ඇවිත් ගමේදි මේ
සේසත දවසින් වියදම් වෙන්නේ
ආපු ගමන් ආයෙත් යං
මිල්ලෙ සොයන් අපි එනවා
අද යනවා හෙට එනවා
එහා මෙහා ඔහෙ යනවා //
අද යනවා හෙට එනවා
එහා මෙහා ඔහෙ යනවා
ගායනය, සංගීතය - ජය ශ්‍රී
පට්ට පට පට...... නිර්මාණයනම්
ReplyDeleteඑත් බලාං දැන් මේ හෙට අන්ද්දට මේ වගේ කෙනෙක් එක්ක සෙට් වෙන්න නේ ඉන්නේ. ඉතිං දුර වැඩි වගේ හිතේවිද? හැක හැක.... නැ එහෙම වෙනඑකක් නෑ බොක්කේ යාලුවෝ නිසා....
මට මේ ලගදි රට ගිහින් ආපු යාළුවෙක් කතාකලා තාම ටයිමින් අප්සෙට් , සෙනසුරාදට බලන්න යන්න ඉන්නෙ හැබැයි දවල්ට නිදිමරගාතෙ ඉදියිද දන්නෑ.
Deleteඑතනට ආවමනම් දුර වැඩියි කියල හිතෙන එකක් නෑ, ළඟ වැඩියි කියලා හිතෙයි නලියෝ
Deleteකම්මලේ - නිදිමතේ නම් නෑ. දෙකට එන්න කිව්වේ ඒ තමයි එතුමා නැගිටලා උදේට කන වෙලාව
අද ගහනවා බල්ලට මචං කියන්න
Deleteඒ බල්ලොන්ට මචං කියුවට වැඩක් නෑ බං.. මොනවද අමුතු නම් වගයක් තියෙනවා අන්න ඒවම කියල කතා කරන්නොනේ.. නැත්නම් තඹේකට ගණන් ගන්නේ නෑ..
Deleteමූ අපිට මචං මචං කිව්වේ අපි බල්ලෝ කියල හිතාගෙනද දන්නේ නෑ
Deleteකන බොන වෙලාවට ඉවානයාට ලැප් අහුවෙන්න තියන්න එපා
Deleteමේ නිර්මාණයට ඇත්ත කතාවක සේයාවක් ගෑවිලා තිබෙන බව පෙනෙනවා. ඒ නිමිත්ත හොඳටම ප්‍රමාණවත් නවකතාවක් ලියන්න වුනත්.
ReplyDeleteඅද පරපුරේ නිසඳැස් නිර්මාණයක්.
ඇත්ත කතා ගෑවිලා තියෙනවා තමා විචා මාමේ . නවකතාවක් ලියන්න ???? හැබැයි බැරි කමකුත් නෑ. ස්තුතියි තුමනිඊඊඊඊඊඊඊඊ
Deleteඑළ...
ReplyDeleteවැඩිය ලියන්න වෙලාවක් නැහැ බං, අපි දැන් බිසී ළමෝලා...
බිසී මෝලා ..????? ඒ මොකෝ උඹ මෝලා වුනේ
Deleteහතළිස් ඇඳිරිය කියන්නේ මේකටෙයි...
Deleteහ්ම්ම්ම්... ජිවිතේ බං ජිවිතේ....
ReplyDeleteසියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි නේ
Deleteගොඩක් අවස්තාවලදී මේක තමයි ඇත්ත ...එත් හැමෝම හැමදා එක විදිහට ඉන්නේ නැ නොවැ .
ReplyDeleteහැමෝම පතන්නේ නම් මෙහෙම යාළුවො ..
සකිසඳ නුඹමය කළණ මිතුරු සඳ
කෙනෙකුට සිතුසේ ලබනු බැරී
බිතු සිතුවම් රූ මිතුදම් මෙයමද
සසර පුරා බිඳ දමනු බැරී
නුඹෙ රුව දෙනෙතට රසඳුන් වේමය
දුටු තැන ඇසිපිය හෙලනු බැරී....
කුසුමකි නුඹෙ සිත සුවඳින් උතුරන
රහසේ සඟවා තබනු බැරී
අමයුරු තෙපුලද සුමියුරු ගීයකි
නොඅසා මොහොතක් හිඳිනු බැරී.....
නිරුදක කතරේ දිය දෝතයි නුඹ
කෙලෙසින් වත් මිල කරනු බැරී
ගී පද - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි.
ගී තනු - වික්ටර් රත්නායක
ගායනය - සුනිල් එදිරිසිංහ
අප්පට බොල මේක අහලම නෑනේ බං. තැන්කුයි වේවා
Deleteමේක කියවලා ඇහට කඳුලක් ආවා බං සුරළොව ගිය බොක්කෝ දෙන්නෙක් මතක් වෙලා....
ReplyDeleteඑහෙම උන් අපි කාටත් ඉන්නවා මම හිතන්නේ මාතේ ... මතක සුන්දරයි වගේම දුක්බරයි
Deleteමේ කවිය නම් නියමයි ඉවාන් අය්යෙ ..මගෙත් ඔහොම රට ගිය යාළුවො එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මුල් කාලේ කිව්වා හරි පාලුයි හැමවෙලේම මතක් වෙනවා කියල හැබැයි මේ වෙද්දී නම් එහෙම කිව්ව අය හොයාගන්නවත් නෑ.
ReplyDeleteහංසි - එහෙම යාළුවො එකෙක් හරි අනිවා අපේ ජීවිත කතාවේ ඉන්නවා , අන්තිමට ඔක්කොම අත්දැකීම විතරයි .
Deleteඒක නෙවෙයි කෝ අර කතාවේ ඉතුරු ටික ..?
නියමයි..... ඔහොම තමා ඉතින් මිනිස්සු වෙනස් වෙනවා........ දැනෙන්න ලියලා තියෙනවා.......... නියමයි..........
ReplyDeleteමිනිස්සු කියන්නේ එකනේ බං.
Deleteමචං ඉවාන් හයර් ඒකක් තියෙනවා යංද??????
ReplyDeleteහෑ................ හප්පේ බෑ... උඹ මගදී බෙල්ල කපලා වීල් එක අරං පනී ... මට නං බෑ
Deleteඔන්න උඹලා අපි ගැන හිතන විදිහ...... උඹට මොනවා හරි කරන්න ඔ්නේ නං ඉතින් බෙල්ල කපන්න දෙයක් නැහැනේ.. පොලෝසියේ මාමා කෙනෙකුට කියලා උඹේ ලැප් ඒක මාට්ටු කරලා දෙනවානේ.....
Deleteලැප් එකම නිල් පාටයි
DeleteX අකුර විතරයි වැඩ
ලැප නම් ඔන් කරන්න ඕනෙත් නෑ, පියන රිනකොටම බඩු එළියේ
Deleteබොහෝ කවි නිර්මාණ වගේ මේක මට දෙපාරක් කියවන්න සිද්ද වුනේ නෑ ඉවාන්. එක පාරයි කියෙව්වේ. මටත් මේ වගේ අත්දැකීම් තියෙන නිසාදෝ මේක කොල බොක්කටම වැදුනා.
ReplyDeleteසමහරවිට මගෙ අවුලක් වෙන්න ඇති බං. උං හරි ඇති.
මාත් එක්ක එක පන්තියෙ හිටපු එකෙක් මට මේ ලඟදි FB එකේදි මුන ගැහුනා. ඌ මං වගෙ දෙකයි පනහෙ ගුරෙක් නෙවෙයි. ඔය ශ්‍රී ලංකන් එකේ හිටං වැඩ කරපු විධායක නිළධාරියෙක්. මම ඌට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් යැව්වාම ඌ ඒක ඇක්සෙප්ට් කලා තමයි. පස්සෙ මම මේ උඹ නේද කියලා වචන ගණනාවක් ගහලා යැව්වාම උගෙන් උත්තරයක් නෑ. මම ඒ බව ඇහුවාම උගෙ උත්තරේ වුනේ "Yes, your assumption is correct."
උගෙ පෝස්ට් වල තියෙන්නේ ධර්ම දේශනායි, පන්සල් වල තිබිච්ච පිංකමුයි වගේ දේවල්.
ඌට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් යැවීම ගැන මම දැන් ඇත්තෙන්ම කණගාටුවෙනවා. උගෙ උත්තරේට මට හිතුනේ පුකට පයිං ගහ ගන්න.. මට මේ ඌව අන්ෆ්‍රෙන්ඩ් කරන්න බැරුව ඉන්නේ. ඌ මට කරපු වරදකට නෙවෙයි. උගෙ අර attitude plus cold shoulder එකට.
තව තොපිට තේරිලා තියෙනවද මේ එකට සිගරට් එක ගහගෙන පිස්සු කෙල කෙල ඉඳලා රට ගිය උන් අපිට බය බව? ඒ වෙන මුකුත් නෙවෙයි. උන් බයයි අපි උන්ගෙන් sponsor letters ඉල්ලයි කියලා. :D
WTF! Mine is the longest fucking comment. Seems like I was a bit carried away. :)
Deleteහැක හරියට හරි ඩුඩයියා ඒ මිස්සුන්ගේ මානසිකත්වය. උන් බයයි අපි උන්ගෙන් උදව්වක් ඉල්ලයි කියලා .මොකද උන්ට පිව පෙන්නේ මේ පිරමිඩ් එකේ පල්ලෙහාම අඩියේ ඉන්න එවුන් හැටියටනේ , එකයි හේතුව . රට ගිය එවුන් ස්පොන්සර් ලේටර්ස් දෙන්න වෙයි කියලා බය වෙනවා වගේ තමයි.
Deleteyour one is the most beautiful too dude
Dude +++++++++++++++++
Deleteලෝකේ සමහරක් මිනිස්සු ඉන්නේ "මුන්ව ළංකරගත්තොත් උදව්වක් ඉල්ලයි, ඇණයක් වෙයි" කියන මානසිකත්වයෙන්..:)
ඩුඩ් අයියන්ඩි පත්තරයා සම්බන්දයෙන් නොවුනත් සමහර රට ගිය යාලුවෝ ගැන මේ කමෙන්ටුව එල ද බ්‍රා
Deleteවැඩි හරියක් උන් ඔහොම තමයි ඉවාන්. ඔය ඩූඩ් කියනවා වගේ උන් බයයි අපි උන්ගෙන් ඉල්ලයි කියලා. ඒ දෙන්න වෙනවට ඔහොම මග අරිනවා. මං නම් කෙලින්ම ඔහොම වැඩක් කරපු ගමන් ඌට දැනෙන්නම හලලා දානවා. අන්තිමට කොයි වෙලේ හරි ඌටම අපිව ඕනෙ වෙලා අපෙ දෙපතුලටම එන්න වෙනවා.
ReplyDeleteමගෙ ජීවිතේටම එකම එකයි නියම යාළුවෙක් කියන්න මුණ ගැහුනෙ. ඌ තාමත් එදා වගේමයි. යාළුවෙක් නෙවෙයි සහෝදරයෙක් වගේ. එහෙම උන් නැති කරගන්න ලෝබයි බං.
මම එත් බැලුවා මේ හොටා කොහෙද කියලා ? :P
Deleteඅයි යකෝ මේ අපි වගේ හොඳ යාළුවො ඉන්නේ උඹට, බලපන් මම , අනික් උන් උඹට ඔච්චර නම් හදද්දී මමනේ උඹව එයින් ගලවගන්න ඉන්න ප්‍රාණ සම මිත්‍රයා ..හා නැද්ද?
නෙද්දකින් කැමා , ඇයි යකෝ අපි මොක්කුද ?
Deleteනෙද්දකින් කැමා , ඇයි යකෝ අපි මොක්කුද ?
Deleteතනියෙන් පාර්ටි කන උන් මොනුන්ද බං... චැඃ...
Deleteඋඹලා හොඳ යාළුවො තමයි බං. ඒක මට එදාම තේරුන හින්දා තමයි මෙහෙම ඉන්නෙ...
Deleteඅඩෝ..කැමා මම?
Deleteමං හිතන් හිටියෙ යාලුවො ඉන්නෙ බයිට් කන්න කියල
Deleteහැක නැත්තං බයිට් ඉතුරුයි නේ ප්‍රා
Deleteමම මොකක්ද බන් කියන්නේ...
ReplyDeleteඒ තරමට බොක්කටම වදින්න ලියලා නේ,,
ඔය මොනවා හරි කියහන් බං. ආයේ මොකෝ .... රාවණ මල්ලි
Deleteකවුද පත්තරේ කියන්නේ?
ReplyDeleteමේ ඉන්නේ නියම යාළුවො :P
Deleteතාප්ප
Deleteබෆර්
ඇපල් බුලත් විට
ඩැයිවර් මල්ලි
This comment has been removed by the author.
Deleteකවුද විදානේ කියන්නේ..............????
Deleteමෙන්න තුෂාරයා හැව ඇරලා ..
Deleteකවුද තුෂාර කියන්නේ ????
අර බොක්කෙටම වදිනවා කියන්නේ. අන්න ඒ සයිස් එකට වදිනවා මේක
ReplyDeleteඑහෙනම් එච්චරයි CE මහත්තයා
Deleteආ....මචං👍👍
ReplyDeleteහලෝ මචං... කොහොමෙයි ඉතිං කාලෙකින් ?
Deleteඕව ඔහොම තමයි මචන්, ඌට මූ දුරයි මූට ඌ දුරයි
ReplyDeleteඅපි අපිටම දුරයි ඒ කියන්නේ
Deleteලස්සන කවි ටික ඉවාන්.
ReplyDeleteකියලා තියෙන්නේ පත්තරේ ගැන නේද? :P
පිදුම=උපහාර
Deleteඒත් මේ ඌ නෙමෙයි පොඩ්ඩි
@ පොඩ්ඩි - නැතුව නැතුව ඌනේ මගේ පරම්පරාගත හතුරා
Delete//පිදුම පත්තර මල්ලිට // ඇඬුණා මචං.. :P
ReplyDeleteබොලා වගේ නොහොබිනාකම් නොකලට මොකද :P එක බඩවැල කඩන් ආවා වගේ උන්නු උන් හරි ගියාම "කවුද බං උඹ?" කියලා බැල්මෙන් අහන අවස්ථාවල් හැමෝටම තියෙනවා.මිනිස්සු කියන්නේ 'වෙනසකටම' උපන් ජාතියක් කියලා දැන් නම් ඕවා දිහා උපේක්ෂාවෙන් බලනවා බං.ඇත්තම කියනවා නම් සමහරුන්ට ඒ දුරස්කම පියවන්න තේරෙන්නෙත් නැහැ මම හිතන්නේ.එක්තරා කාලෙක පිස්සු කෙළපු බොක්ක හොඳ උන් පස්සේ කාලෙක මල් දුන්නෙන් වැඩි ඔළුව ටිකක් වැඩියෙන් වර්ධනය වෙච්චි කුමාරයෝ කුමාරිකාවෝ වුණාම මනුස්සකම, හිතවත්කම, ලෙංගතු හිතමිත්‍රකම දැක්කම "ඈයියා අනේ ජරාව" කියවෙනවා..ඒ හැටි..උඹ දුක් ගන්ට කාරි නෑ..
//"බොලා වගේ නොහොබිනාකම් නොකලට මොකද"// කවද්ද යකෝ අපි නොහොබිනාකම් කලේ .. දුප් යන්න . දුකක් නෑ මචං. ඔහොම තමා ජීවිතේ , හැමෝම මවලා පෙන්නගෙන ඉන්නේ . එක තේරුම් නොගන්නැ එකා තමයි දුකේ වැටෙන්නේ . සිස්ටම් එකම බොරුවක් වෙනකොට සිස්ටම් එක ඇතුලේ ඉන්න එකා ඉබේම බොරුකාරයා වෙනවා මචෝ
Deleteඒ ඔක්කොම එහෙම ඉද්දීම
ReplyDeleteමචං උඹ ඈතයි වගේ///
මටත් තියෙනව මෙහෙම කතාවක් කියන්න මගෙ යාළුවෙක්ට.. ආයෙ මොනවත් කියන්න ඕන නෑ.. මේක උසස්ලා අට නව.. ඒත් උෟ තේරුං ගනීද දන්නැ. මොකද සමහර අය සල්ලි උඩ දගලන්න ගත්තම සියළු රස භාවයෝ ප්‍රහීන වෙනව නෙ..
අත් විදග අත්දැකල තියෙන දෙයක් නිසා බොක්කටම දැනුන ඉවාන් අය්ය...
ජයවෛ්වා
කොහොමත් යාළුවො ඉන්න ඕන එකෙකුට මෙහෙම අත්දැකීමක් තියෙනවා මහේෂ් . ආයේ එකේ දෙකක් නෑ.
Deleteමේ පෝස්ට් එක පත්තරේ ගෑන කියන කියලා හිතෙනවා.
ReplyDeleteමොකද මේ දවස් වල මට මේකවත් වෙන යමක්වත් කියවන්න වෙලාවක් නෑ.
ඒත් පත්තරේ උතුමා කෝල් කරලාම කිව්වා අක්කේ මේක බලපන් කියලා ඊයෙ උදේ පාන්දරමද කොහෙද.
පත්තරේ ගෑන ලොකු කියවීමක් මට තියෙනවා. ඒක මේ වගේ පොස්ට් එකක කියන්න අදහසක් නෑ. පොලවේ පය ගහලා ඉන්න ඕන දේකට ඕනෙම ලෙවල් එකකදි සෙට් වෙන්න පුළුවන් මැචුවර් කොල්ලෙක් කියලා අමුතුවෙන් ඌ ගැන කියන්න ඕනේ නෑ.
thanks machan for tolerating me and assisting me in my needs. u are really admired.
Luv U pattare.
ඩබල් පුෂ්-අප් එල ද බ්‍රා
Deleteරංගි අක්කේ - පත්තරේ ගැන කිව්වට මේකේ පිදුම පත්තරේට දැම්මේ මොනවත් නිසා නෙවෙයි මේක ලියන්න අදහස් දුන්න එකා පත්තරේ නිසා , උඋට වෙච්ච් සිද්ධියක් ගැන බොහොම හැගීම් බර කතාවක් කිව්වම මට හිතුනා මෙහෙම ලියන්න ඒ නිසයි කවිය ලියවුනේ ඇත්තටම .
Deleteඅන්න එහම වරෙන් මට අඩ්ඩක් ගහන්න තියාගෙන හිටපු බයිට් පිරිසියත් උඔට දෙනවා..
Deleteගැඹුරු අදහසක් සරලව ලියවුනු පද පෙලක් වගෙයි මට දැනුනේ.
ReplyDeleteඑහෙම කියලා මාරු වෙන්නද හදන්නේ ,?
Deleteමුදල් සොයන්න යෑම තුළ මිත්‍ර දම අහිමි වීම මොන තරම් දුක්බරද ? එදා අද අතර පරතරය ඔබ දෙපළ ගැන අපූරුවට ගලපල. සමාජයේ බහුලව දකින්න තියෙන යථාර්ථයක් මේක.
ReplyDeleteසමාජයේ යාලුවෙක් ඉන්න ඕනෑම කෙනෙකුට මේ අත්දැකීමට එක සැරයක් හරි මුහුණ දෙන්න වෙලා ඇති , එක ඇත්ත දිනිති , ස්තුතියි
Deleteසමාජයේ යාලුවෙක් ඉන්න ඕනෑම කෙනෙකුට මේ අත්දැකීමට එක සැරයක් හරි මුහුණ දෙන්න වෙලා ඇති , එක ඇත්ත දිනිති , ස්තුතියි
Deleteකාලයක් ගියාම අපිව දුරස් කරන පරණ යාළුවො වගේම කාලයක් යද්දි අපි දුරස් කරල දාන පරණ යාළුවොත් ඉන්නව නේද?
ReplyDeleteඅනිවා , එකනේ මේ ලෝකේ වෙනස් නොවෙන එකම දේ වෙනස් වීම කියන්නේ
Deleteඅනිවා , එකනේ මේ ලෝකේ වෙනස් නොවෙන එකම දේ වෙනස් වීම කියන්නේ
Deleteපහලට ආවම උඹේ අගනා කවි පෝස්ට් එක අමතක වුනා මේ සින්දුවා එහෙම කොරන මගුල් හිංදා. වෙනස කොච්චර හොඳද බං? යාළුවා වුණත් වෙනස් වුනු එක ගැන සතුටුවෙයං. අඩන්නැතිව...හැක් හැක්.
ReplyDeleteයාළුවා වුනත් වෙනස් වෙච්ච් එක ගැන සතුටු වෙන්න් පුළුවන් තරමට අපි ශක්තිමත් වෙන්න් ඕන , නැත්තම් දුක අපටමයි , තැනකුයි වලත්ත මධුවා
Deleteයාළුවෝ වෙනස් වෙනවා ඉවාන්අයියේ........
ReplyDeleteඅනිවා , යාලුවෝ මාළුවෝ
Deleteඑළකිරි කවි පන්තිය.
ReplyDeleteකාටත් ඉන්නවා වගේ කවී ටික කියනකොට මටත් මේ වගේ යාළුවෙක් ගැන මතක් වෙනවා.
මතක් වෙන්නම ඕන , නැත්තම් යාළුවො ඉඳලා නෑ. ස්තුතියි මනෝජ්
Deleteපලංචියේ.... ලී ඉරුවේ අපි එකට, වගේ නෙමෙයි නේද?
ReplyDeleteහප්පේ එහෙම එකක් නෙවෙයි තරු අක්කේ
Deleteමිස් වෙච්ච ලස්සන කවි පෙළක් ඉවාන්
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/featured/cyber-wall/item/1147-2015-10-14-20-02-42
සුප්පා එකේ කොර නිර්මාණයක් යකෝ......
ReplyDeleteඩොලරයක් එකසිය හතලිස් අටයි
ReplyDeleteඋඹ රට ගිහිනුත් අවුරුදු අටයි
ඒ අටේ මට රුපියල් අට අටමමයි
කොතන හෝ අවුලක් එමටමය