Wednesday, April 19, 2017

බුලත් විට


" සමාරා  බෝඩිමටද යන්නේ "

"ඔව් සර්"

" මම ඩ්‍රොප් කරන්නං, නගින්න "

" ම්ම්ම්ම්....මේ.... මම බස් එකේ එන්නං සර් "

" මම ගිලින්නේ නෑ ළමයෝ , එන්න නගින්න ,  හා හා පිටිපස්සෙන් බෑ, මට ඩ්‍රයිවර් වෙන්න බෑ , ඉස්සරහට එන්න ඉස්සරහට " ඒ දෙබස් ටික නම් හැම නවකතා , කෙටිකතා , චිත්‍රපටි , ටෙලිනාට්‍ය ,චිත්‍රකතා , වේදිකා ආ නෑ වේදිකා නාට්‍ය වලනං එහෙම දෙබසක් ඇහිලා නෑ තමා . එත් තියෙනවද කවුද දන්නේ , මොකෝ හැමදාම වේදිකා නාට්‍ය බලන එකක්යැ. කොහොම වුන ත්සමාරා  ඉස්සරහ සීට් එකේ තියාගෙන රවුමක් යන්න තියෙනවනම් ඒ මදැයි .

"සර්".................... "සර්"....................."සර්"

" ඔහ් .. ඇයි සමාරා  ...'

"ඇයි සර් යන්නේ නැත්තේ .. අර පිටිපස්සේ වාහන හිරවෙලා ..හෝන් ගහනවා "

ඒ  එක්කම ඉස්සර කරපු පොඩි මරුටි කාර් එකක හිටපු තරුණ රියදුරා පැති වීදුරුව පහතට කරලා කටපුරා කුනුහරුපයක් කිව්වා. ඉරිසියා කාරයා , කවුද දන්නේ සමාරා ට බැල්ම දාන කුපාඩියෙක්ද කියලා , මදාරා වම් අතින් කට වහගත්තේ ආපු හිනාව නවත්තගන්න  ,ඇඟිලි වල නියපොතු පාට කරලා , ඇඟිලි හතරක රතුපාටින් එකක් විතරක් අළු පාටින්

"සර් යමු ... දැන් පිටිපස්සේ ඉන්න එවුන් ගහයි ඇවිත්"

තව එකෙක් ඉස්සර කරලා කුනුහරුපයක් කිව්වා , යකෝ මරුටි කාරයොන්ටමනේ  තදියම , දැනගනියව් මේක මොන්ටෙරෝ එකක් හරිද
 වෙනදා  නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව ප්‍රතිචාර දක්වන මට අද කේන්තියක් හිත අහලකටවත් ආවී නැති එක ගැන පුදුමයක් දැනුනෙත් නෑ. සිගනල්  එක දාලා හෙමීට පාරට ගත්ත මට නම් කිසිම හදිසියක් තිබ්බේ නෑ.

*******

"ඩැඩි කැන්  යූ  බ්‍රින්  වර්ල්ඩ් මැප් ඇන්ඩ් අ සයන්ස් බුක් වෙන් යූ ආ කමින් .."

"ඩැඩි අයි ඔල්සො හැව් අ ලිස්ට් , ප්ලීස් බ්‍රින් ඕල් දෝස්"

ලොකු දුවයි පුතයි දෙන්න තරගෙට කියපු දේවල් මතක් වුනත් මේ ඒවා ගන්න වෙලාවක් නෙවේ , මෙහෙම චාන්ස් එකක් ආපහු එන්නේ කවදද , සමාරා ගේ  රූපෙන් වාහනේ ඇතුලේ දිස්නේ දෙනවා , පාර අයිනේ ඇවිදින හැමෝම සමාරා  දිහයි මගේ දිහයි බලනවා , මගේ හිත ආඩම්බරෙන් පිරිලා ගියා , සමාරා  අලුතෙන් ආපු ඩේටා එන්ට්‍රි ඔපරේටර් , සෙක්ෂන් එකේ කොල්ලෝ සමාරා  වටේ කැරකෙන්නේ හරියට පොල් කුරුමිණියෝ ගොබෙ වටේ කැරකෙනවා වගේ .

"සර් මේ කොහෙද යන්නේ මේ පාරේ නෙවෙයිනේ මම යන්නේ"

"ඉන්න ළමයෝ , මොකෝ හදිස්සි , අර පාරේ මේ වෙලාවට හොඳටම ට්‍රැෆික් "

"අනේ නිකං ඉන්න සර් ට්‍රැෆික් කොහෙද ඒ පාරේ .." සමාරා  හිනාවුනේ හරියට මිනි කිංකිනි හොලවනවා වගේ , මාත් ඒ සද්දෙටම හිනාවුනා ,වෙනදා කහ ඉරෙන් ආ නෑ දැන් සුදු ඉරනේ  පනින්න ඉන්න මිනිස්සු දකිනකොට කකුල යන්නේ ඇක්සිලේටරේට අදනං ඈතින් දකිනකොට බ්රේක් වෙනවා , බූරුවා අනිනවා තව ටිකෙන් පිටිපස්ස ගලවලාම යන්න , මුන්ට තියෙන හදිස්සිය .

"සර් සර්ට වයස කීයද දැන් " මම හිතුවට වඩා සමාරා  කටකාරයිනේ

" ම්ම්.. ඔයාම කියන්න බලන්න කීයක් වගේ පේනවද කියල "

" ම්ම් හතලිස් අටක් "

" ඔහ හොඳයිනේ "

" ඇයි සර් "

" ඇයි කියන්නේ "

"මට දැන් පනස් එකක්" , ඇත්ත වයසම කියනවට වඩා තව අවුරුදු දෙකක් අඩුවෙන් කිව්වේ එකෙත් පොඩි ගතියක් තියෙනවා කියල හිතුන නිසා .

" අනේ ඇත්තද සර්, මම හිතුවෙම හතලිස් පහක් හයක් ඇති කියලා , මම රුවනි එක්කත් කිව්වේ සර්ට හතලිස් පහක් විතර ඇති කියල "

ඒ කියන්නේ මෙයා මං ගැන උනන්දු වෙනවා ,  " ඉතිං රුවනි මොනවද කිව්වේ "

" කිව්වේද , කිව්වේ කුකුලන්ගේ කොහොමත් වයස පේන්නේ නෑ  කිව්ව... හහ හාහ් .. " ආයෙමත් අර මහා සද්දෙට හිනාව

"ලොකු දූ ඩෝන්ට් ලාෆ් ලයික් දැට්...  ගර්ල්ස් ආ නොට් ලාෆින් ටූ ලව්ඩ්ලි.."
මයුරි කවදත් හිනාවුනේත් නෑ, දුවටවත් හයියෙන් හිනාවෙන්න දුන්නෙත් නෑ, එත් කෙල්ලෙක් මෙහෙමෙ මහා සද්දෙට හිනාවෙන එකත් මාර රොමැන්ටික්
. අපේ වෙඩින් ෆොටෝ එක දැක්ක යාළුවො හැමතිස්සෙම කිව්වේ
" මොකක්ක්ද බං ගෑනිට හිනාවෙන්න උගන්නපන්කෝ ,-- ඒ ගෑනිට හිනාවෙන්න බෑ  බං මූ කට පාවිච්චි කරලා වැඩියි හැක හැක .."
කොහොමත් ඔය දෙබස් කාන්ඩේ වරදින්නේ නෑ නසරානි යාළුවො එක්ක සෙට්වුනු වෙලාවට .

සමාරා ට වයස කියද "

" මට විසි හයයි සර් "

" මැරී කරලද "

" නෑ සර්  අයියා රටනේ , ලබන අවුරුද්දේ නෙවී ඊළඟ අවුරුද්දේ තමා එන්නේ , ආවම තමා වෙඩින් එක ."

" ඉතිං අයිය රට හිටියම මොකෝ , බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද , "

" අයියෝ මැට්ටෝ , මම එයාට කියන්නේ අයිය කියලා තමා "

" කාටද මැට්ටි මැට්ට  කිව්වේ , ගලවනවා කන ,"
 මම බොරු තරහක් පෙන්නලා සමාරගේ කන මිරිකුවා ඇත්තටම මිරිකුවා කිව්වට නිකං කනෙන් අල්ලන් හිටියා විතරයි , සිනිදුම සිනිදු කන් පෙත්තක් .

" අයියෝ .. අතාරින්නකෝ සර් , අනේ ප්ලීස් , අනේ අනේ .. ආයේ කියන්නේ නෑ."සමාරා  අත්  දෙකෙන්ම මගේ වම අතේ එල්ලුනා , ඒ අත්  දෙකේ සිනිදු , හරියට මල් පෙති ගොඩක් උඩ මගේ අත තියාගත්තා වගේ සැහැල්ලුවක් .

"ඌයි මගේ කන , ඉරුනද කොහෙද හුහ් .. " බොරු තරහක් පෙන්නපු මදාරා ගස්සලා ශටර් එකෙන එලිය බලා ගත්තා . මට තිනියම හිනා , කාලෙකට පස්සේ හිතට වගේම ගතටත තරුණ බවක් දැනෙනවා .

"කෝ බලන්න මූණ" , මම සමාරා ගේ නහයෙන් අල්ලලා මගේ පැත්තට හැරෙව්වා .

"ඌයි , ඒ ගමන නහය කන්නද හදන්නේ ,  මම තරහයි , යන්න " තාම බොරුවට ඔරවාගෙන මට හිනාව නවත්තගන්න බෑ .

*******

"සර් සර් සර් අනේ අනේ අනේ .."

"මොකද සමාරා  ... " මොනවත් හිතාගන්න් බැරුව මම මදාර දිහා බලමින් වාහනේ ස්ලෝ කළා, ආපහු හෝන් පාර , පේව්මන්ට් එක  උඩට දාලම මම වාහනේ නැවැත්තුවා , පේව්මන්ට් එක දිගේ ඇවිදගෙන ආපු වයසක ගෑනු මනුස්සයා ඔරවගෙන අයින් වුනේ කියන්න ආපු  දේවල් ගිලගෙන වෙන්න ඇති

"මොකක්ද "

" අර සර් අර .. බුලත්විට "

" ඉතිං "

"ඉතිං කියන්නේ මැට්ටෝ අපි විටක් කමුකෝ , ආ සොරි සොරි මැට්ටා නෙවී සර් "

" විට කන්න , ඔයා "

" මම නෙවේ "

" එහෙනං"

" අපි , අපි දෙන්නම, සර්රුයි මායි"

" අනේ මම විට කන්නේ නෑ"

" අනේ සර් , අදට විතරක් කමු , ප්ලීඊඊඊස් , අනේ සර් "

" හා ඉන්නකෝ එහෙනං අරන් එන්න "

 වාහෙනෙන් පැන්න මම පාරේ අනික් පැත්තට දුවන්න් හැදුවා විතරයි , කොහේදෝ ඉඳලා ආපු මෝටර්  බයිසිකලයක් බරාස් ගාල බ්රේක් ගහල නැවැත්තුවේ ඇඟේ වදින්න ඔන්න මෙන්න කියලා .

" මොකක්ද අංකල් , මැරෙන්න ඕනේ නම් කෝච්චියට පනිනවකෝ , මගුල " බයිසිකලේ හිටපු ගැටයා කියපු විදිහට මට උගේ කන පොඩි කරන්න හිතුනා , අංකල් .... දෙන්න හිතෙනවා හක්ක පනින්න අං.........ක.........ල්."

" ආ මෙන්න "

" අයියෝ සර් තව ටිකකින් බයිසිකලෙකත් හැප්පෙනවා නේ, නිකං යයි මැට්ටා කියන්නේ "

" මොකක්ද කියන්නේ මෝඩි "

" ඌයි සර් , ඌයි කන , අතාරින්නකෝ  "

" සර් , අපි අර පාක් එකට යමු , මෙතන නවත්තලා , බහින්නකෝ සර් "

" බහින්න , මෙතන ?"

" ඔව් , ඇයි මොකෝ "

' කවුරු හරි දකියි , "

" ඉතිං මොකෝ , අපි වැරදි වැඩක් කරනවයි "

*******



අමාත්‍යාංශයක අතිරේක ලේකම් කෙනෙක් හැටියට සිය ගානක් පාලනය කරන්න මම, මේ හුරුබුහුටි පුංචි කෙල්ල ඉස්සරහ දමනය වෙන අපූරුව මටත් හිතාගන්න අමාරුයි .
ෆෝන් එක රිං වෙන්න ගත්තා " HOME " කියලා තිරයේ දිස්වුනත් කෝල් එක කට් කරපු මම ෆෝන් එක ඕෆ් කලේ කිසිම දෙයක් මේ සුන්දර මොහොතට බාධාවක් කරගන්න ඕන නැතිනිසයි .

" කන්නකෝ සර් , මෙන්න මෙහෙම .. බුලත් කොලේ දෙපැත්ත කඩලා විසි කරන්න ,        ඊට පස්සේ හුණු හොඳට කොලේ ගාලා මැදට පුවක් කෑල්ලයි දුන්කොල කෑල්ලයි තියලා , ගුලි කරලා කටේ දාගෙන හපන්න මේ වගේ , ඔහොම නෙවී මැට්ටෝ , ඉන්න මම හදලා දෙන්න , ආ කට අරින්න , දැන් හපන්න , "

" අම්මෝ සර් මත්වුනා " කියාගෙන මගේ ලඟට දුවගෙන ආපු සමාරා  මගේ ඇඟේ එල්ලුනා , එත් ජීවිතේට බුලත්විටක් නොකාපු මම ඊටවඩා මත්වෙලා හිටියේ , මදාරා ඇඟේ එල්ලුණු පාරට මං සමාරා  එක්කම බිම වැටුනා , බිම වැතිරිලා හිටපු මගේ බඩ  උඩින් ඔලුව තියාගත්තා සමාරා  කියවන්න ගත්තා ,

" සර් අර ඈත පේන තරුව මොකක්ද "

" මන් හිතන්නේ සිකුරු තරුව , මදාරා අපි ඒ තරුවට යමුද , හැබැයි අපි දෙන්න විතරයි "

" අනේ යමුකෝ, එතකොට මම රස්සාවෙන් අයින් වෙනවා , ඔයා එනකන් උයලා බලාගෙන ඉන්නවා "

අපේ අහිංසක ආදරේ
ලොවම එරෙහිවන ලොවට වසන්වන
අපේ අහිංසක ආදරේ

උයන් කොනක හිද සිසිලස විදිනු බැරී
අවන්හලක ලැග දොඩමලු වන්න බැරී
පවන් රොදක නැග සිහිනෙක වෙලෙනු බැරී
අපේ අහිංසක ආදරේ


කීවත් කෙනෙකුට අදහා ගන්න බැරී
කියන්නෙ කෙලෙසද මටවත් සිතනු බැරී
රන්හුය පටලා කෙලවර දකිනු බැරී
අපේ අහිංසක ආදරේ

"අනේ ලස්සනයි , අපි එහෙට ගියාම මුළු දවසම සින්දු කියමු ..."

" ඔයා නටන්න , මම කියන්නම් "

" අනේ හරිම ෂෝයි "

මුළු ලෝකෙම නැවතිලා , ලෝකේ පණ තියෙන ප්‍රාණීන් ඉන්නේ මායි සමාරා යි විතරයි . ගහකොළ , මිනිස්සු හැම කෙනෙක්ම නතරවෙලා , සීතල හුළඟ විතරක් අපේ වටේට ඇවිදිනවා .. තරු අපේ ළඟටම ඇවිත් ආපහු යනවා . වලාකුළු අපේ  වටේටම නටන්නේ අපහු අහසට යන්න අදහසක් නැතුව වාගේ .හඳේ හාවා අපි දෙන්නගේ නම හඳේ ලියනවා ... ජීවන සමාරා  ...

*******

"ඩැඩි , ඩැඩි   වෙක් අප් ,යූ ඩිඩ්න්ට්  බ්‍රින් මයි ස්ටෆ් යෙස්ටර්ඩේ .." මම උඩ ගිහින් ඇහැරුනේ ලොකු දුවගේ සද්දෙට

"වට් ඩැඩි ... ආ යූ චුවින් ක්විඩ් .."

"ඊයා කාමරේ පුරාම බුලත් කෙල ඈක්කා"







ශ්‍රී සුභ වසන්තම් 

122 comments:

  1. නියමයි. නියමයි. නියමයි. !!!

    ReplyDelete
    Replies
    1. තැංකුයි, තැංකුයි, තැංකුයි

      Delete
  2. ඇත්තටම වෙච්ච දෙයක්ද කොහෙද.......

    ReplyDelete
  3. අවුරුද්දකට පස්සෙ බුලත් විටක් වගෙ මත් වෙන පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. කොහොම හරි හඳේ හාවට ගානක් දීල නම හඳේ ලියවගත්තා නේ , කියන්නං සේනක බිබිලෙට

      Delete
    2. ජිවන ඈ මචං මේ කතාවේ ඉන්නේ ජිවන හා මදාරා - මට නිකන් වැඩේ අල්ලන්නේ නැහැ , බැඳලත් කිව්වා නේද?

      Delete
  4. අප්පට සිරි ජීවනයට ඔෆිස් එකේ පොඩි තව්වක් සැට් වෙලාද ... පනස්තුනක් කියන්ඩ බැ තමා

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ නේන්නං , මට කිව්වා කාටවත් කියන්න එපා කියලත්

      Delete
  5. බුලත් විටක් කාලා බ්ලොග් එක මතක් වෙලා ... හි.. හි..

    නියමයි...

    ReplyDelete
    Replies
    1. ෂ් ෂ් ෂ් කෑගහන්න එපා ඉතිං. ඕකනේ බැරි

      Delete
  6. අනේ අම්මියෝ පැටියෝ උඹ නං ලව්පුසෙක් වෙලා.. මටත් එක එක ඒවා මතක් වෙන්න ගත්තා..

    වසන්තම්ගේ ලී කැල්ලට ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඈ... උඹට මතක් වෙච්ච එකත් කියපං බලන්න , මම නං කාටවත්ම කියන්නේ නෑ. අම්මප

      Delete
  7. අත්දැකීමක්ද මංදා. සිරාවටම ලියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා , තහනම් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ පරිස්සමින් කියලා තාත්තා කිව්වා හැක

      Delete
  8. අම්මෝ.. අංකල් බුලත්විට කාල අපේ කටවලුත් අවුස්සනව.. තව 'නිකිණි'ලා ගැන එහෙම කියවුනොත් මඩ ගහන්න තහනං ඈ!

    වසන්තයට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. අපි මඩ ගහනවයි එහෙම කාටවත් , නිකිණි ලා ගැන මට හෙමින් කියපන්කො ,මම ඉතින් ඕවා කාටවත් කියන්න යන්නේ නෑ නෙව ,හැක

      Delete
  9. නෙතත් වැසී ලස්සන හීනය දැකලා
    බුලත් කෙලින් කාමරයම පාට වෙලා
    ගතත් වයස මුගෙ හිත ඳගකාර වෙලා
    ගියත් හඳට දූ ඇවිදින් බාධ කළා.....

    රහ කතාවක් ඉවාන්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අප්පට බොල, පස්ට දුමියා .. මුළු කතාවම පද පේලි හතරක ,මරු

      Delete
    2. ම්ම්ම්ම්ම්.. කතාවම පේලී හතරකින්..

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  10. Replies
    1. ඉස්සර ඉඳන් විට කනවා , දැනුයි මත්වුනේ ;) හැක හැක

      Delete
  11. මදැයි වෙලා තියෙන දෙයක්. මීට පස්සෙ විට කනවනං සිහියක් පතක් තියෙන වෙලාවක කාහං.

    මේක මරු ඈ..

    ReplyDelete
    Replies
    1. මගුලක් කියනවා. විට කෑවට පස්සෙ නෙව සිහියයි පතයි දෙකම නැතිවුනේ

      Delete
    2. මක් කිව්වා? සිහියයි පකයි දෙකම නැතිවුණා...?

      Delete
    3. ඔය කිව්වේ කැමරා හොම්බා . එදා අහුවෙච්ච වෙලාවේ දත් දෙකක් බඩට යවන්න තිබ්බේ , හැක

      Delete
    4. ඔහොම ගියොත් ඒකත් නැතිවෙයි තමයි ළඟදිම. හැක්..

      Delete
    5. එතකොට දැන් මොනවැයි ඉතුරු ??

      Delete
    6. වලාමයි ඉවාන්ගෙ නැකත් පත? :) :)

      Delete
    7. මගේ යාලුවෙක් විට කාල.. එක්කො ඕන් නෑ 😌😌

      Delete
    8. යාලුවෙක් කාලා උඹ මලාද

      Delete
  12. බුලත්විටක් ගැන කියවන්න ඇවිල්ලා බාබුල් එකක් කෑව වගේ වුනා :)
    නියමයි !

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු දැන් ඉතිං උඹට කියන්න ඕන නම මොකක්ද බං. ඔය ගණ පිහිටුවලා මොකක හරි නමක් දාගනින්කෝ

      Delete
  13. විටක් කාලාම ආයෙත් සැරයක් කියවලා බලන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. හා හා බලාගෙනයි ,පරිස්සමින් විට කන්නේ ,

      Delete
  14. බුලත් කාලා වහලා තියන ශටර් එකෙන් එළියට කෙලගැහුවා වගේ....

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අම්මේ කිවි කටුස්සා දැක්ක කල් , ඉතින් කොහොමෙයි වාස දේස

      Delete
  15. එක පාරක් බුලත් කාලා කැස්සක් සෙට් වුනාට පස්සේ බුලත් කෑම අසාවටවත් කන එක අතහැරලාම දැම්මා.
    කතාවේ අන්තිමට එන කොට මට හිතුනා මු මේ හීනයක් තමයි දකින්නේ කියලා.නැතිනම් කොහොමද ඔෆිස් එන්න ඇවිත් පාක් ගිහින් තරු දකින්නේ.

    ReplyDelete
    Replies
    1. ඔෆිස් එන්න ඇවිත් නෙවේ බන් ඔෆිස් එකෙන් ආපහු යද්දී , එකනේ මුලින්ම අහන්නේ බෝඩිමටද යන්නේ කියලා

      Delete
    2. හුටා ඔව් නෙන්නම්.

      Delete
  16. අවුරුද්දකට පස්සේ හරි බුලත් විටකුත් අරන් උඹ එයි කියලා මග බලාගෙන හිටියා . නියමයි

    ReplyDelete
    Replies
    1. හැබෑටම අවුරුද්දකට පස්සේ නේන්නම් , තැන්කු වේවා තිලකයියා

      Delete
  17. හම්මේ මදැයි.. බුලත්විටක් ගිය දුර‍
    මෙව්වා නම් නිකංම ලියවෙන්නෑ හීනියට වගේ වත් අත්දැකීමක් නැතුව

    ReplyDelete
    Replies
    1. දුප් කිව්වේ මෙතනින් , කැමරා හොම්බා. පදයක් හදන්නම බලාගත්තු ගමන් ඉන්නේ

      Delete
    2. ගින්නක් නැතුව දුමක් නගින්නෑ යකෝ... :D

      Delete
    3. උඹලට එකත් බැරිකමක් නෑ

      Delete
  18. Replies
    1. මට මල්ලේ පොල් යායෙන් සම්මානයක් ඕනෙමයි

      Delete
    2. මල්ලෙ පොල් කීයක්ද බලලා බජට් කොරන්න ඕනෑ ඉඳං

      Delete
  19. මම නං දත් සුද්දකරලම විට කන එක නැවැත්තුවා ...

    ReplyDelete
    Replies
    1. ඌරො ගූකන එකත් නවත්තයි

      Delete
    2. ඇනොපිලියෝ - කොහොම්යි බං සුද්ද කරගත්තේ , මගේ අම්මේ

      සජ්ජා - අපහාස කරන්න එපා අරි

      Delete
    3. පවු
      ගෙඩි රුපියල් 3500ක්ම දීල දතෙකුට කියල සුද්ද කරගත්තෙ ..
      සජ්
      ඉතිං උඹ නැවැත්තුවද ..?

      Delete
    4. සුද්ද කරල හරියට ආපහු දැම්මද?

      Delete
    5. සාරස්වරුන්ගේ පාරම්පරික දත් බඳින ස්ථානයෙන්ද වැඩේ කලේ

      Delete
    6. ප්‍රා
      කියලම හරියට දාගත්තා ..
      පවු
      අම්මෝ එතෙන්ට යන්ට බයයි ...

      Delete
    7. පලයං මල්ලෙ පොල් බෑය වගේ දත් සුදු කරනව එතන.. ඕන එකක් සුදු කරනව. මහිංද මහත්තය සුදු කරනව කියන්නෙ උඹේ දත් ටික මොන කජ්ජක්ද බං...

      Delete
  20. //ඔන්‍න‍ හොයාගන්න// මොකක්ද බොල ඒ??

    ReplyDelete
    Replies
    1. කොහෙද බොල එහෙම එකක් තියෙන්නේ :O

      Delete
    2. ඇයි බං අර උඩ //මම යනු// කියන එකට පල්ලැහෑයින් තියෙන්නෙ.

      Delete
    3. ආ.... ඒ ... මේ..... මගේ ලේබල් කරපු ආකාරය නොවැ

      Delete
  21. මරු ඈ.... බුලත් විටට ජයවේවා....

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ඈ.. කමුද බුලත්විටක්

      Delete
  22. ඔහොම මත් වෙන්න නම් ඉතින් බාබුල්,බීඩා පන්නයේ විටක්ම වෙන්ටොනැ..
    සෝක් මතේ හැබැයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මතට වඩා මත පෙන්නීම වැඩදායකයි නොවැ

      Delete
  23. හාපෝ අවුරුදු ගානකට පස්සෙ අවිල්ලාත් ලියන ජාරා කතා... (ඇත්තට ඊට පස්සෙ මොකද බන් උනේ)

    ReplyDelete
    Replies
    1. වෙන මොනව වෙන්නද ඉතිං මුට ගේම හෝදන්න උනාලු.

      Delete
    2. හම්මේ මැලේ රාලහාමි දැක්ක කල්, මට නිකන් දෙයියෝ දැක්ක වගේ . ඔය ප්‍රසා කියල තියෙන්නේ වෙච්ච වැඩේ ,

      Delete
  24. නිවැරදිකිරීම්-
    මොන්ටේරෝ නොව වෙසල් විය යුතුය,
    නැතහොත් (විශේෂයෙන් ටයිටල් එක සලකා ) කථාව ඉතාලියෙන් ආ අවු 51ක පෙනුම ඇති 29ක පුද්ගලයෙක් වටා ගෙතිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඕක මිට්සුබිෂි attrage වගේ එකක් වෙන්න බැරිද

      Delete
    2. මාත් ළගදි attrage එකක් දැක්කා..ඉස්සරහා කව්රුවත් හිටියද කියලා හරියටම නිච්චි නෑ

      Delete
    3. ආං අර පාර පුරාම යන කාර් එක වෙන්ටැ මේ කියන්නෙ 😂😂

      Delete
    4. ඒ ඉස්කූටර් එකක් නේද පත්තරමල්ලි අයියේ?

      Delete
    5. මදුරුවා ස්කූටරයකි

      Delete
  25. ඒ් කියන්ෙන දැන් බුලත් විටද නැගල යන්ෙන....
    කතාව නියමයි.ඉවාන් අයිෙය. වැඩිය සද්ද බද්ද නෑ..ගානට යනව

    ReplyDelete
    Replies
    1. බුලත් විට ප්‍රේමයේ ආහාරය වේ

      Delete
  26. බුලත් මතට දැකපු හීනයක්ද ? එහෙම නැත්නම් කතාව පට්ට ෆාස්ට්...

    ReplyDelete
    Replies
    1. බුලත් මතට දැකපු හීනයක්ද ? එහෙම නැත්නම් කතාව පට්ට ෆාස්ට්...X 2

      Delete
    2. බුලත් මතට දැකපු හීනයක්ද ? එහෙම නැත්නම් කතාව පට්ට ෆාස්ට්...x 3

      Delete
  27. මේ වගේ මල් කතා තව අදින්න ඕනේ බන්.. එක බුලත් විටෙන් වෙරි වුනාම ආතල් කැඩෙනවා නේ.. හෙහ් හෙහ්.. මරු කතාව. කාලෙකට පස්සේ ආයේ ලියපු එක නම් ලොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් ඇත්ත , හැබැයි වැඩේ කියන්නේ එකෙන්ම මත වුනානේ බ්‍රෝ , එතකොට ෆීලින් ඕසම් බ්‍රෝ හැක

      Delete
  28. මැට්ටා සිංහල දුංකොල කාලා.. හැක්!

    ReplyDelete
    Replies
    1. එකනේ බලාපන්කෝ මැට්ටෝ හැක හැක

      Delete
  29. කාලෙකින් ලිව්වාට නම් බොහෝම ස්තූතියි....පරණ පුරුදු රහ ස්ටයිල් එක ඒකෙත් නොඅඩුව තියනවා....
    කවුරු හරි පස්සෙන් එලෙව්වද ඕක ලියද්දි...පුදුම හදිස්සියකින් කතාව කෙටියෙන්ම ඉවර කරලනෙ...
    ලබන සතියෙ කතාව එහෙනම් දිගට ලියන්නකෝ

    ReplyDelete
    Replies
    1. එලවද්දී කියන්නේ වාරණ මණ්ඩලේම එලෙව්වා පස්සෙන්, බොහොම අමාරුවෙන් බේරුනේ , මොකක් කිව්වා .. ලබන සතියෙත් ලියන්න , මට ඇහුනේ නෑනේ

      Delete
  30. ආ, වසන්තය උදාවෙලා එහෙනම්!

    ReplyDelete
  31. ඒකෙන් මේකෙන් මතක් උනේ අවුරුදු දවස් ටිකේ බියර් බීල බුලත් විටක් කාල ලෝකේ කැරකෙන වේගේ වැඩි වෙච්ච සිද්ධිය...
    ආපහු ලෝකේ නියමිත වේගෙට ගේන්න තරමක් ලොකු පේර දළු දෙකකට තත්පර කීපයක් ඇතුලත පුළුවන් උනා...

    ReplyDelete
    Replies
    1. චඃ පේර දළු කාලා ආතල් එක කඩාගෙනනේ ලොකුසන්

      Delete
  32. කනවනං බාබුල් එකක් කන් නැතුව ඔය හත්තිලව් බුලතුයි පුවකුයි කාල කාටද බං හරිගියෙ 😄😄.. අන්නේකයි.ඕ යේස්

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ ඉතිං හරිගියා එකා , උඹට හරිගියේ මොනවා කාලද?

      Delete
    2. ඌ ට හරිගියේ මැස්සෝ ඉන්න හෝටල් වලින් කාලා ....

      Delete
    3. මැස්සො ඉන්න හෝටල් වල ඉස්සො හරි රහයි

      Delete
    4. මැස්සො ඉන්න හෝටල් වල ඉස්සො හරි රහයි

      Delete
  33. බුලත් විට කියන්නේ මක්කයි...

    පොල් කුරුමිණියෝ ගොබේ වටේ කැරකෙන්නෙ කොහොමෙයි...


    ඒල

    ජ ය ෙව් ව ා !!!

    ReplyDelete
    Replies
    1. සීත සුළං හමාවි
      හිම කුණාටු පැමිනේවි
      පොල් කුරුමිණියා ගොබේ
      කන එක නං සත්තයි..

      Delete
    2. පොල් කුරුමිනියෝ ගොබේ වටේ කැරකෙන්නේ ,කාර් එක තාප්පේ වටේ කැරකෙනවා වගේ තමා බං

      Delete
  34. Replies
    1. අම්මට හුඩු, මෙන්න නාඩි වැටෙනවා

      Delete
  35. Thotath blog eka mathak une vitak kaapu welawakada? :P

    ReplyDelete
    Replies
    1. දුප්, තොපි දැන් සිංහල කම අමතක කරලා නේ

      Delete
  36. එහෙනම් එකක් ලිවුවා ඉඳගෙන 😂😂😂😂 , දැන් ඔයා විට කන්නත් පටන් ගත්තද

    ReplyDelete
    Replies
    1. හම්මේ දැකපු කල් , ඉතින් කොමෙයි වාසදේස, ඔයා ලියන්නේ නැද්ද ඉඳගෙන . ලිව්වනම් අපි කියවනවනේ හිටගෙන , සොරි හිටං. ඉඳලා හිටලා විටකුත් කාලා බැලුවා ඉඳගෙන

      Delete
    2. මම මේ බැලුවේ ඉවානය ආපු ගමන්ම වගේ හොයා ගනන්වත් බැරිව හිටි ඔමායා නගා ආපු එක

      Delete
  37. මදැයි කෙල්ලෙක් එක්ක ගියා.. නැද්ද හා..

    ReplyDelete
  38. ලස්සන බ්ලොග් එකක් ..අදමයි ආවේ ...නියමයි සහෝ ..දිගටම ලියන්න ..අපි එනවා කියවන්න ...හැක හැක

    ආදි පටන් එන ජාතික සිරිත්
    අප දීපයේ දනෝ රකිති
    නාගලොවින් ගෙන ආව
    බුලත් අත තාම රටේ පවතී
    අප සිංහල ගෙදර දොරේ
    බත බුලතින් නිතර පිරේ.........

    ගායනය - තිලකසිරි ප්‍රනාන්දු /චන්ද්‍රානි කල්දේරා
    ගී පද - කරුණාරත්න අබේසේකර
    https://www.youtube.com/watch?v=1qMReLEipT0

    ReplyDelete
    Replies
    1. අනේ අයියා දිගටම එන්ට අයියා, ඔබ නැති ලොව පාලුයි අඳුරුයි අයියා

      Delete
  39. Replies
    1. හැපි නහී අයියා, ශ්‍රී සුභ වසන්‍තම් අයියා

      Delete
  40. අයියෝ..හීනයක්ද? සිරාවටම බුලත් වලට ඔහොම මත් වෙනවද අප්පා?

    අද තමයි මේ බ්ලොග් ෆලොව් බටන් එක හොයා ගත්තේ. පොඩ්ඩක් ඇහැට කනට පේන තැනකින් එල්ලන්ට බැරිද ඒක ?

    ReplyDelete
    Replies
    1. හම්මේ, හොඳ සිංහල දුන්කොලයක් එක්ක විටක් කාල බලන්නකෝ සයුරි,

      ෆලොවර් බටන් එක පෙන්නේ නැද්ද හුටා ,මම හිතන් හිටියේ නිකන් ඉර හඳ වගේ පේනවා ඇති කියලනේ , ඉන්න වෙනසක් කරන්න බලනන ,

      Delete
  41. මරුටි කාරයොන්ටමනේ තදියම , දැනගනියව් මේක මොන්ටෙරෝ

    කොහොමත් මොන්ටෙරෝ ගන්නෙ හම්බකරන උන් නෙමෙයිනෙ.(90% of them)

    මරුටියෙ යන්නෙ මහන්සිවෙලා හම්බකරන උන්නෙ මල පනිනව තමයි.

    ReplyDelete
  42. ආ..ලොකු සෑර්! විට කොහොමෙයි? යකෝ මම හිතුවා උඹ කිව්ව හැටියට පෝස්ට් 10ක්වත් ලියලා ඇති කියලා.. මේ පුරාතන එව්වානේ! :|

    ReplyDelete
  43. දැන් තේරෙනවා ඇයි බුලත්විට කන්න හොඳ නැත්තෙ අයි කියන එක :)

    ReplyDelete
  44. මිනිස්සු ගොඩාක් බලාපොරොත්තු තියන් තමන්ගේ හින පස්සෙන් දුවන්නේ පිස්සො වගේ.එහෙම යන ගමනේ අත පසුවිම් මගහෙරිම් ගොඩයි.අනුන්ගේ අඩුපාඩු වලින් ..විවුර්ත කමෙන් ප්‍රයොජන ගන්න එපා තාවකලික.මොකද ඔබට ලැබෙන පොඩි සතුටට වඩා අනිත් මිනිහ ජිවිත කලෙම විදවනව මැරෙනකන්.තමන්ටත් දුවලා දෙන්නෙක් ඉන්නෙ කියල හිතල ලස්සන පව්ල් ජිවිත විනස නොකර ඉන්න බලන්න.ඔවා මේ ආත්මෙම හම්බෙයි ඉක්මනින්ම....

    ReplyDelete
  45. කෙල්ලො මුලින් ඉපදෙන්නේ වටේ ගිය පිරිමින්ට..තමන්ගේ දුවලටත් එහෙම්ම වෙනවා පෙන්න.කරපු පව් වැඩිනන් එවා පෙන්නත් කලින් පටිසන් දෙයි.පන්සල් ගනේ බරා හාර වෙල සල්ලි වලින් එ පව් මකන්න බැ.ඉක්මනින්ම ජිවිතෙන්ම වන්දි ගෙවලා පවුල් පිටින් දුක් විදින්න වෙඉ තමන් උපයා ගත් පව් පින් වලට.දුවල වගෙ අසරන කෙල්ලො ජොබ් වලට අවම එමිනිස්සුන්ගේ නැතිබෙරිකමට .සමජෙ ගෙන නොදැනුවත් කමෙන් ප්‍රයොජන ගන්න පහත් මිනිස්සු ඉන්න ලොකෙක උගත් මිනිස්සු මෙහෙම කරද්දි ගන්ජ කුඩුගහන පිම්පොකෙට් කරයො තමන්ගෙ දරුවො වගේ දුවල දුශනේ කරන එක අහන්න දෙයක්ද?

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]