Wednesday, April 26, 2017

එන්න එලියට දොර ඇරන්..





කසුන් කල්හාර කියන සින්දුවක් තියෙනවා එන්න එලියට සොඳුර දැන්  කියල පටන් ගන්න . මේ සින්දුවේ " එන්න එලියට සොඳුර දැන්  " කියන කොටස අහනකොට ඒ වචන පේලිය සම්බන්ධ කතාවක් මතක් වුනා . සින්දුව වගේම හරිම රෝමාන්තිකයි අම්මප , නැද්ද හා...

ෆයිනල් ඉයර් ඉන්නකොට සෙනසුරාදා උදේ ලෙක්චර් එකක් තිබ්බ(ලු) , එක කරන්නේ විසිටින් ලෙක්චරර් කෙනක්(ලු) , එත් ඉතින් ඒ ලේච්චරයවත් ,ලෙක්චර් එකවත් කවදාවත් අපි දැකලවත් අහලවත් නෑ, මොකද සිකුරාදා හවස් වෙනකොට කැන්ටින් කෑම එක පිදුරුවගේ පේන්න ගන්න නිසා , ඉතින් ඒ නිසාම අපි මාරු සිකුරාදා හවසට , සිකුරාදා හවස බස් එකට මායි ,ජිල්බුවයි දෙන්නා දුවන්නේ ගෙදර යන්න , නුවරින් පහමාරට අද්දන බස් එක අල්ලගන්න ඉතිං සිකුරාදා අන්තිම ලෙක්චර් එකත් කට කරන්න වෙනවා  , නැත්තං ඉතිං හතර හමාරට පේරාදෙණියෙන් ගියොත් පහමාරට නුවර ගුඩ්ෂෙඩ් එකට යන්න ජෙට් එකක් අරං යන්න වෙනවා , එත් ඉතිං ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා එකෙක් ඇමරිකාවේ ජනාධිපති වෙනවය , උගේ බෑනා වුනොත් එහම ජෙට් එකකින් යන්න පුළුවන්ය කියලවත් ඒ කාලේ දැනගෙන උන්නේ නෑනේ . අනික ට්‍රම්ප් ලොක්කා අපිව දන්නෙත් නෑ, දන්නවනම් කොහොම හරි බෑනා කරගෙන ජෙට් එකක් දෙනවා නුවරට යන්න

රන්දෙණිගල හරහා බදුල්ලට නුවරින් අන්තිම බස් එක පහමාරට නුවරින් , මොකද හයහමාරෙන් පස්සේ පාරට බස් ඇතුල්වෙන්න දුන්නේ නෑ ඒ කාලේ, හේතු දෙකක් නිසා . එක හේතුවක් තමා ආරක්ෂාව ,මේ පාර වැටිලා තියෙන්නේ රන්දෙණිගල ඩෑම්  එක උඩින්ම වගේ , ඒ වගේම වික්ටෝරියා වෙල්ල, රන්ටැඹේ වේල්ල වගේම මිනිපේ නව අමුණටත් ප්‍රවේශ මාර්ග වැටිලා තිබුනේ මේ පාරෙන්මයි . එනිසා ආරක්ෂක හේතුමත කියලා කියනවා . ඒ වගේම අනික් ප්‍රශ්නේ අලි ,
 යන්තන් කරුවල වැටෙනකොට පාරට අලි එනවා  ඒ නිසා හය හමාරෙන් පස්සේ ඒ පාරේ ගමන් තහනම් .

අන්තිම බස් එකට කලින් තියෙන්නේ තුනහමාරේ බස් එක . එක අල්ලගන්න පුලුවන්නම් ගොඩ මොකෝ ඔෆිස් ටයිම්  නෙවෙන  නිසා සීට් ගානට වගේ තමා සෙනග ඉන්නේ .  අහිංසක මායි, අහිංසක ජිල්බුවයි දෙන්නගේ අහිංසක කමක මහත කියන්නේ ,අපිදෙන්නා එකට එකම ගමට ගියාට කවදාවත් එකම සීට් එකේ වාඩිවෙන්නේ නෑ. . ඒ මොකද කියනවනම් අපි දෙන්න සීට් දෙකේ වාඩිවුනාම ලස්සන සුරංගනාවෝ වගේ කෙල්ලෝ දෙන්නෙක් ඇවිත් සීට් එකේ අනික් පැත්තෙන් වාඩිවෙයි කියන අහිංසක සිතුවිල්ල නිසා, ඒත් මේ ලෝකය හරිම කූරයි සහෝදරවරුනි . අහිංසක අපේ අහිංසක සිතුවිල්ල හැමදාම හීනයක්ම තමා , එක්කෝ මහා තඩියෙක් ඇවිත් ජනේලෙට  හිරවෙන්න තදවෙලා හරි නැත්තම් කරේ ඔලුව තියාගෙන ගෙදරට වඩා ඳින් බුදියන අපතයෙක් එක්ක මුළු ගමනම ගිහින් ආපහු ඊලඟ සතියෙත් අර හීනයම කරපින්නාගෙන බස් එකට නගිනවා .

එදානම් අපිට තුනහමාරේ බස් එක අල්ලගන්න පුළුවන් වුනා , මොකෝ හවස තිබ්බ ලෙක්චර්ස් දෙකම කට කරලා දවල්ට කාපුගමන්ම ෆැකල්ටියෙන් පැන්න නිසා .

ඔය බස් ඒ දවස්වල තේ බොන්න නවත්තන්නෙම කීර්තිබණ්ඩාරපුර පහුවෙලා කිලෝමීටරයක් විතර ගියාම පිට්ටනියක් මැද වගේ තියෙන තැනක හෝටලේක . එතන ඉඩ තියෙන නිසා බස් එක ලේසියෙන්ම නවත්තන්න පුළුවන් නිසා ඩ්‍රයිවර් උන්නැහේටත් ලේසියි මං හිතන්නේ .

එතන තිබ්බ ලොකුම කේස් එක තමා ටොයිලට් කේස් එක . තිබ්බ එකම ටොයිලට් එකට යන්න බස් එකේ උං පොරකනවා , ඉතිං ඕකට විකල්පයක් ජිල්බුවයි මායි හොයාගත්තා. කඩේ පිටිපස්සෙන් කඩේ ගෙදර පැත්තට ගියාම තියෙනවා පොඩි ටොයිලට් කෑල්ලක් . කටු මැටි බිත්ති හතරකින් වට කරපු උඩ පොඩියට සිංහල උළු වහපු අඩි දෙකේ දෙකේ නෙවේ නිකං එකහමාරේ එකහමාරේ විතර ටොයිලට් කෑල්ලක් . ජිල්බුවාට සක්‍රිය දුම්පානයේ නිරතවීමේ අත්‍යවශ්‍යතාවය නිසාම එතන කොහොමත් මරු තැන .

එකම අවුල ඒක ඇතුලට ගිහින් අර තියන දොර වහගන්න එක , බිත්ති දෙක සෙට් වෙන මුල්ලේ කොනටම හිරවෙලා හුස්ම හිරකරගෙන ඇඟේ යන්තං ගෑවී නොගෑවී දොර වහගන්නේ බොහොම අමාරුවෙන් . කීප සැරයක්ම ෂර්ට් එකේ බොත්තම් කැඩිලා තියෙනවා ඔය දොර වහද්දි .

ඉතිං අදත් ජිල්බුවා කලින්ම ඇතුලට රිංගුවා , ටිකක් ඈතට වෙලා මම බලං ඉන්නවා දැන් මූ එලියට එනකං. සෑහෙන වෙලාවක් ගතවුනා මූ නෑ. මට නිකං පේනවා වගේ වහලේ එක උළු කැටයක් යාන්තමට උඩ යනවා . ආපහු පාත්වෙනවා . දැන් මටත් ඉන්න බැරි ගානට ඇවිත් . පඳුරක් අයිනට අල්ලනත් හදලා එත් මුදලාලිගේ ගෙදර ලඟම නිසාත් මූ මෙච්චර වෙලා මොන මගුලක් කරන්වද කියලා බලන්නත් එක්ක දොරට දෙපාරක් විතර ගැහුවා .

දඩ බඩ ගාලා දොර ඇරගෙන මූ සිප් එකත් බාගෙට වහගෙන එනවා එලියට, දොර ඇරපු පාරට ටිකිස්  ගාලා ෂර්ට් එකේ බොත්තමක් කඩලා ගියා . එකවත් ගානක් නැතුව මූ පැන්න එලියට

" මොකෝ බං හොල්මනක් දැකල වගේ , මොන හු..... කලාද මෙච්චර වෙලා "

"අඩෝ මාර සීන් එක බං"

" මොකක්ද "

" ඔය ටොයිලට් එක එහාපැත්තෙ තියෙන්නේ මොනවද ගස් පේලියක් වැටක් වගේ "

" ඉතිං"

"ඉතිං ඒකෙන් එහා පැත්තේ තියෙනවා ලිඳක් "

" ළිං මොන හුයන්නටද බං, නාන්නද මෙතන  , අහක් වෙයන් ඔතනින් මට ඉන්න බෑ බොක්ක පැලෙන්න එනවා, මෙයා මගුලක් කියවනවා  "

" නෑ  බං ඒ ලිඳේ කිරි ටොයි කෑල්ලක් නානවා බං. මං හිතන්නේ මුදලාලිගේ දුව "

" ඉතිං "

" ඉතිං ගොං මෝලෝ , ඒකි නාන්නේ ඇඟේ නූල් පොටක්වත් නැතුව "

" නෑ , අයින් වෙයන් හුත් ... කියවන්නේ නැතුව "

ජිල්බුවාව පෙරලගෙනම මම ටොයිලට් එක ඇතුලට පැනලා දොර වහගත්තා ,වෙනදා සීරුවෙන් වහන දොර කොහොම මොන  විදිහට වැහුවද මට මතක නෑ.  අම්මට හුඩු ඇත්තනේ යකෝ හැබැයි අර අන්දර  ගස් පේලිය නිසා හරියට පෙන්නේ නෑ. පේන්න නම් පොඩ්ඩක් ඉස්සෙන්න ඕන ඇඟිලිවලින් , එතකොට  වහලේ ඔලුව වදිනවා , උළු කැටත් ඉස්සෙනවද  කොහද , දැන්නේ තේරුනේ ඉස්සෙල්ලා උළු උඩ  ගියේ මොකද කියලා

" මචං අනේ හොඳ එකා වගේ ඉක්මනට වරෙං ඈ. , අනේ සුදු පුතේ වරෙං ඈ, බස් එක අද්දන්න කලින් වරෙං ඈ මගේ දෙයියෝ . මමනේ පෙන්නුවේ , අනේ මට තව එක සැරයක් දියං  ඈ බලන්න .

ජිල්බුවා එළියේ ඉඳන් පින්සෙන්ඩු වෙනවා , ඕවට සැලෙයි අපිනං.

" කිව්වහම වරෙං ඈ. මම ආව නිසානේ තොට චාන්ස් එක ලැබුනේ , මට ඕනේ නං කියන්නේ නැතුව ඉන්න තිබ්බනේ , අනේ වරෙන්කො බං. " ජිබුවාගේ ඇඩියාව  ඉවරයක් නෑ.

"උඹ එන්නේ නැද්ද , අන්න බස් එක යනවා , වරෙන්කො හු.............."

මම සද්ද නෑ , ජිල්බුවාට කේන්තිය ඉවසගන්න බරුව ඈති , අන්තිමට හෙන බිඳුණු හඬකින් ඌ මෙහෙම කියනවා .

"අනේ වරෙන් බං එලියට දැන් තෝ ඕක ඇතුලේ ඉද්දි නැග්ගොත් එහෙම  එලියට එන්නම බැරිවෙයි "




ශ්‍රී සුභ වසන්තම් 

94 comments:

  1. අතේ ගහන්න බලන් ඉන්න පොඩි එවුන්ට හොඳ කතාවක්

    ReplyDelete
  2. හම්මෝ ඒක​..ඉඳල ඉඳලා ඇවිත් දඩස් ගාලා අතෑරලා වගේ නෙළලම ඇරලා...ඉස්සි ඉස්සි බැලුවා කිව්ව එක නම් මැවිලා පෙනුනා....

    ReplyDelete
    Replies
    1. හම්මේ, ඉතිං කෝමෙයි , ඔයාව දැක්ක කල්.මැවිලා පෙනේවි රූපේ හදේ ;)

      Delete
  3. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. දිස් කොමෙන්ට් ඕල්සෝ හෑස් බීන් රිමූව්ඩ් බයි ද ආතර්.

      Delete
    3. ඒකනෙ ප්‍රසා මූ ආතර්ට හූ කියන්නෙ

      Delete
  4. හම්මේ .....ඕක වෙලාවට අර බස් එකේ එද්දී මට කියවන්න පෙනුනේ නැත්තේ...හිනා වෙලා පණ ගියා....

    ReplyDelete
    Replies
    1. අපිත් එක්ක ඔබ ආවොත් හිනාවෙනවා හැමදාමත් මේ කියන්නෙ ඇත්තයි මල්ලී. ආආ මල්ලි නෙවේ ඇන්ටී

      Delete
  5. සික්... මූ හෙණම වල්...
    (රහසින්... ඒහ් කොහෙද බං ඔය හෝටලේ)

    ReplyDelete
  6. දිලාට තැන කියපන් මම යනවා ඌ ඇරෙල්ලා එන්න

    ReplyDelete
    Replies
    1. උඹල දෙන්නව ආපහු එක්කගෙන එන්න මම එනව.

      Delete
    2. මෙන්ඩා & ප්‍රසා හැබැයි අර ටොයිලට් එක ඇතුලට ගියොත් නං එන්න වෙන්නෙ නෑ

      Delete
    3. පස් වරක් පහ කියලයි වික්ටර්ගේ සා ප්ර්සගයේ කියන්නේ

      Delete
    4. දෙවරක් දෙක පහයි...බොරුනේ....!

      Delete
  7. මැවිලා පෙනේ :D ශ්‍රී සුභ වසන්තම් :)

    ReplyDelete
    Replies
    1. හනෙ අම්මේ උඹට කියන්න නමක් දාගනිංකො සුදු පුතේ

      Delete
    2. ඔන්න ඔහේ ඕන එකක් කියල කතා කරහං මහත්තයෝ මයෙ මොකෝ :D

      Delete
    3. අපි කියමු "මූණු තුනා" කියලා..

      Delete
  8. ළඳක් උපන් ඇඳුමෙන් අර වැටට එහා
    ළිඳක් ළඟදී දිය නෑ හැටි බලයි හහා
    ඉඩක් තියෙනවිට යන්නට එවන් දිහා
    ටිකක් කියනවද ලිපිනය මටත් රහා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නාන ළඳක් බලනට ඇඳුමින්ම උපන්
      වැසිකිළියක රිංගාගෙන ඉන්න ගමන්
      අහුඋනොතින් මුදලාලිට ඊට හපන්
      අනේ බොටත් යාහැක ඇඳුමින්ම උපන්

      Delete
    2. අම්මට සිරි කවි මඩුවක්, කමෝන් දුමී, කමෝන් ප්‍රසා

      Delete
  9. ලෙක්චර්ස් දෙකම කට කරලා දවල්ට කාපුගමන්ම- ලෙක්චර්ස් දෙකක්ම කෑවද? එදා බස් එක මිස් වුණා නේද?

    ReplyDelete
    Replies
    1. බස් එක මිස් වෙනවා තව ටිකෙන්. ලෙක්චර්ස් දෙකක්ම නෙවේ. ඉන්නකං කලේ ලෙක්චර්ස් කන එක තමා

      Delete
  10. උඹ හරිම අහිංසක විනීත ගානට දාලයි මම හිතුවේ..

    ආ ආ.. ලී කුටිටියට ගිය කලක්.. හැක්..

    ReplyDelete
    Replies
    1. මම අහිංසකයි තමා, මේ මම නෙවේ මං වගේ වෙන කෙනෙක්

      Delete
  11. දැං කියහංකො උඹේ අහවල් එක නැගල ලැට් එකේ දොර ඇරගන්න බැරි වෙලා ඩ්‍රැයිවරය කට්ටිය හොයද්දි මුදලාලිට වැඩේ මාට්ටු වෙලා ගමේ උංගෙන් උඹල දෙන්න කාපු හැටිත්.

    ReplyDelete
    Replies
    1. හැම වෙලේම පස්සෙන් එන්න එපා යකෝ.. මිනිස්සු සැක හිතයි.. හැක්

      Delete
    2. ප්‍රසා- හා හා ඉතිං කෑගහන්න එපා බං. ඕකනෙ උඹලට රහසක් කියන්න බැරි.

      දේශා- හිතන්න දෙයක් නෑ. අපිට කොහොමත් සැකයි තමා දැං

      Delete
  12. ඒ යකෝ ටී ටයිම් එක.. ඔක්කොම ඔෆිස් එකේ තේ බොන්න ඇවිත්.. වස විළිලැජ්ජාවයි ඔක්කොම බලන්නේ මගේ දිහා මූට පිස්සුද එක පාරම මහ හයියෙන් බකස් ගාල හිනා උනේ කියල..

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක්, අද ඔක්කොම මාගෙ මූණ බැලුවා ලැජ්ජාවේ බැරුවා.

      මං කියන්නංකො ලොක්කට උඹ නිකං හිනාවුනේ කියල

      Delete
  13. මගෙ දුවේ නුඹ නානවානං.. මේ.. ළිඳේ නරකම වෙලාවයි..
    දොර ඇරං එළියට එන්න බැරි..අයි..යලා.. අද උළුකැට බිඳියි..

    - මීට මුදලාලී..

    ReplyDelete
    Replies
    1. හුටා, උඹ මුදලාලිව අඳුනනවද, මල කෙලියකි

      Delete
  14. Replies
    1. නෑ නෑ බං ඇත්තට නෙවේ ඔය බොරුවට. අම්මප, නැද්ද හා

      Delete
  15. ඒ පාරෙ කඩවල ලස්සන දර්ශන තියනවා තමයි.
    "බෙලි උල් ඔය" කියලත් එකක් තියනවා. එතන නවත්වල නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑනේ , තන මල් විල නං නවත්තලා තියෙනාවා

      Delete
    2. එතන බස් නවත්තන්නෙ නෑ. හැබැයි නාන්න මරු තැන

      Delete
  16. හිටු කුංපු අජන්තයට කියන්න

    ReplyDelete
    Replies
    1. පල යන්න , අපි බයවෙයි ඔය හෝ හපුටුවොන්ට

      Delete
  17. මියා කලීෆා උඩදාල ගැහුවෑකි පයිං .. ඕ යේස් 😂😂

    මුදලාලිගෙ දූනෙ යකෝ පාර 😅

    ReplyDelete
    Replies
    1. මොකක් , මීයා කෑලි කැපුවා............? කවුද ?

      දූව පාර නෙවේ බං රන්දෙණිගල පාර

      Delete
  18. ඔය කියන පාරේ නේද බං රන්ටැබේ කෙඩෙට් කැම්ප් එකට යන්නෙත්.ඒ වගේ දර්ශනයක් බලන්න ඔය වගේ ප්ලේස් එකක් මට නම් හරි යන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මගුලක් කියනවා උඹ ඉතිං. යකෝ ඕවා බලන්න නැකත් ඕනෙද බොල

      Delete
  19. හම්මේ හිනාව නවත්තගන්න බැ නේ

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න දොස්තර කෙනෙක් එන්වන්නම් 119 කතා කරලා

      Delete
  20. මම මේක නම් කරන්න කිව්වේ

    වේදනාත්මක කක්කා බරක් කියලා නේද....?

    ReplyDelete
    Replies
    1. වේදනාත්මක කක්ක බර හැදුනෙ මුදලාලිගෙන් ගුටි කෑවට පස්සෙ වෙන්න ඇති නේද....?

      Delete
    2. කක්කා බර අමතක වුනා බං මාතෙ , ආපහු මග යද්දී තමා මතක් වුනේ කරන්න ගිය වැඩේ කරේ නෑනේ කියල ,

      ප්‍රසා - ඒ කතාව කවුද උඹට කිවේ

      Delete
  21. උඹලා අනිවා හස්ත කර්මාන්තයේ යෙදෙන්න ඇති ඒ වෙලේම!

    ReplyDelete
    Replies
    1. දුප් යන්න , කුපාඩි කතා කියන්නේ නැතුව

      Delete
  22. මටත් ඔහොම එකක් උනා. පොල්හේනෙ නාල, ඇඳුම් මාරු කරන්න එහා පැත්තෙ මඩුවට ගියා. අම්මට උඩු කෙල්ලො සෙට් එකක් මඩුව එහා පැත්තෙ ඇඳුම් මාරු කරනව.. හුහ්.. මන් බලයි ඕව. අහක බලාගෙන ආව බන්

    ReplyDelete
    Replies
    1. //"හුහ්.. මන් බලයි ඕව. අහක බලාගෙන ආව බන්"//

      හුහ්.. මන් බලයි ඕව. අහක බලාගෙන ආව බන්

      Delete
  23. Replies
    1. හිනාවෙන්න එපා අප්පා ලැජ්ජයි වගේ

      Delete
  24. දැන්නං ඒ හරියෙ ඔය කියන කඩේ නැද්ද කොහෙද? මං හිතන්නෙ මුදලාලිගෙ දූ වැලිලොරි කාරයෙක් එක්ක පැනල යන්න ඇති. ඔය හරිය මටත් අමතක වෙන්නෙ නෑ. ඒ වෙනිං හේතුවක් හංදා.

    ReplyDelete
    Replies
    1. ඒ දුව නං වැලි ලොරි කාරයෙක්ට නෙවේ වැලි ලොරි අයිතිකාරයෙක්ට දෙන්න පුළුවන් , මොකක්ද බං උඹට වුනු සීන් එක . ලියාපන්කෝ බලන්න සුරං පුතේ

      Delete
  25. හම්මෝ මේක....😂

    ReplyDelete
    Replies
    1. මේක නෙවී බං ඒක තමා සීන් එක , ඔන්න බලනවානම් වැඩ

      Delete
  26. ඔන්න මමත් කඩා පාත් උනා මේ පැත්තට... හිනා වෙලා ටිකක් තර උනාදත් මන්දා

    ReplyDelete
  27. බොලා මෙව්වා මෙහෙම ලිව්වාම කියවන අපි දිහා මිනිස්සු බලන්නේ පිස්සෝ ගානට බන්... තනියම හිනාවෙනවා කියලා මෙහෙම හිනාවෙන්න පුළුවන් පිස්සොන්ටනේ..

    ReplyDelete
  28. යකෝ......ඒවා බලල තියෙන්නේ මම ඉතරක් නෙමේ හිටං....තොපි මට වලා කිව්වට...හෙක්...හෙක්.....!

    ReplyDelete
  29. අනේ මන්ද.......... දැන් ඇත්තටම කිරි ටොයි කෑල්ලක්ද දැක්කෙ? නැත්නම් ඈතට ඒවිධියට පෙනුනු ආච්චි කෙනෙක්ද?

    ReplyDelete
  30. තාම ලැට් එක ඇතුලෙ ද?

    ReplyDelete
  31. උලු උඩ පහල යනවානම් අරූ අත මරන්නම ඇති බං නැත්නම් ඉස්සිලාම තියෙන්න එපැයි

    ReplyDelete
  32. මේක දැක්කේ අදනේ.. හෙහ් හෙහ්

    ReplyDelete
  33. අම්මපා උඹලා නම්...!

    ReplyDelete
  34. බොක ගල්වෙලාද බං.

    ReplyDelete
  35. යකෝ මේ ගෙම්බා අපිට ටෝක් දෙන හැටියට මම හිතුවා ලියලා ඇති බොග පිරෙන්න කියලා. ලියන්න තියා පරණ කමෙන්ට් බලලවත් නැද්ද කොහෙද ගෙඹිලූෂා.

    ReplyDelete
  36. එන්න එලියට දොර අරං

    ReplyDelete
    Replies
    1. ඌ දණිස් පණ නැතුව ඇතුළෙ වැටිලා... හැක්

      Delete
  37. පරණ මතක අවදි කරවන සටහනක්. ලගකදී මොකුත් ලිව්වෙ නැද්ද ? ඉඩ ලැබෙන විදිහට දිගටම ලියන්න

    ReplyDelete
  38. අපේ එකෙක් හිටිය ඔය වගේ සුන්දර දර්ශනයක් දැක්ක ගමන් මූ සද්දෙට කියල දානවා "බලල හොඳට හිතට ගනින් ... ගෙදර ගිහින් අතට ගනින් !!!" කියල. අහල පහළ හැමෝගෙම කාඩ් කුඩු :)

    එදා බස් එක මිස් උනාට පස්සේ ගියේ කොහොමද ? එතකොට ගෙනාපු බෑග් මළු ? ඇයි අවුල්ද ? උඹල දෙන්න ආයෙත් ඔය බස් එකට නැග්ගේ නැහැ කියන එක ෂුවර් !

    ReplyDelete
  39. ඇයි උඹට රෙන්නද?

    ReplyDelete
  40. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
  41. දැන්නං වස්තියක් කරන්න වෙයි වගේ.

    ReplyDelete
  42. දැංවත් වරෙන්කො ඕක ඇරගෙන. ඔය මදෑ අත් ටැට්ටර් පැද්ද.

    ReplyDelete
  43. අඩෝ..... දැං කොච්චර කාලයක්ද ඕක ඇතුළෙ
    බහු එළියට

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]