මිත්තරයෝ ටික

Friday, May 31, 2013

හීනේ

"ඕයි.. මල්ලී ..ඕයි.... ඕයි .... බහිනවා ඕයි ......ආපහු ඇඹිලිපිටි ගෙනියනකන්ද ඉන්නේ "
බස් එකේ කොන්දාගේ සද්දෙට උඩ ගිහින් ඇහැරුණ මං හතර අතේ බැලුවේ අව්වේ සැරට ඇස්දෙක ඇරගන්නත් බැරුව.
අප්පේ ඇස් අරින්නත් බැරි තරම් සැර අව්ව.

"බහිනවා ඕයි හුරතල් වෙන්නේ නැතුව , නිදාගන්න තියෙන වේලාව"
 කොන්දා ආයෙමත් මොරදෙනවා.

"මේ කොහෙද අයියේ"
"ඇයි තමුසේ කොහෙද ආවේ..........මේ දිව්‍ය ලෝකේ බහිනවා ඉතිං"
මාව බලෙන්ම වගේ බිමට ඇදලා දාපු කොන්දා බස් එකේ දොරවල් දෙකම දඩ බඩාස් ගාලා වැහුවේ හරියට මම අයෙත් ඒකට නගී කියලා බයට වගේ. 

හඃ  මම නගී ඕකට.... හිටපියව් තොපිටම තමයි මගේ ලඟට බඩගාන්න වෙන්නේ රස්සා ඉල්ලගෙන තොපි දන්නේ නෑ මම කව්ද කියලා.
කොන්දත් එක්ක තරහට ,කාරලා කාරලා ගහපු කෙල තලියම ගිහිල්ලා තාප්පේ ගහලා තිබුන පරණ පෝස්ටරේක වැදුනා, එකේ ගහලා තියෙනවා "ආපහු හැරෙන්න බෑ" කියලා , කොහොමත් මමආපහු හැරෙන්නේ නෑ තමයි. කෙල ගුලිය බාගෙට ගැලවුණු පෝස්ටරේ අග්ගිස්සේ එල්ලී එල්ලී තියෙන හැටි බල බලා මම ඉස්සරහට ඇවිදගෙන ගියා .

සයිඩ්  සායිඩ් ....සායිඩ්.... අයින්  වෙයන් හුත්.........  කියාගෙන මොකක්ද මගේ ඇඟේ දඩාස් ගාලා හැප්පුනේ මාව කොන්ඩිත්තන් දෙකක විතර ගහලා හතර ගාතෙන් වට්ටලා, ගෝනි වගයක් පටවපු  දිග අත් කරත්තයක් වගේ එකක් ඇදගෙන කමිසයක් වත් නැති කළු මිනිහෙක් තවත් මොනාදෝ කියාගෙන මගේ දිහාවත් නොබලා යනවා මම දැක්කේ පොඩ්ඩක් ඔලුව උස්සලා බලනකොට.


වැලමිට ගාව ලෙලි ගිහිල්ලා... කීපදෙනක් ඔලොක්කුවට හිනාවේගෙන මගේ ලඟින් ගියත් වැඩි දෙනෙක් නොදැක්ක වගේ ගියා.ළඟ තිබ්බ ලයිට් කනුව අල්ලාගෙන නැගිට්ට මගේ අතේ ලයිට් කනුවේ තිබිලා කොහොල්ලෑ ගුලියක් ඇලිලා, කොහොල්ලෑ නෙවෙයි යකෝ මේ අර චුයින්ගම් කියන ජාතිය, 

මං පුංචි කාලේ දවසක සිරිනාත අයියා ගෙනත් දුන්න චුයින්ගම් එක දවසම හපලා රෑ නින්දට යනකොට ඇඳ විට්ටමේ අලවලා අපහු උදේ කටේ දාගෙන දවස් ගානක්  හිටපු හැටි මට මතක් උනා. අන්තිමට ඒක විසිකලේ මටම එපාවෙලා හකු රිදෙනකොට. අතේ ගෑවුන චුයින්ගම් එක නහයට ලං කරලා බැලුවා හප්පේ සුවඳ, මොකට මේක දාල ගියාද? ඒක කටේ දාගන්න අසා හිතුනත් කවුරුවත් දැක්කොත් එහෙම මටමනේ නින්දාව, කවදා හරි මම වැදගත් විදිහට ජීවත් වෙනකොට මොකෙක් හරි මේ කතාව කියලා මට අපහාසවෙන කතාවක් හදන්නත් බැරි නෑ . අර කුඩු කාපු එකාට වගේ වෙයි මට ඊට පස්සේ.
  
මම ටිකක් වටපිට බැලුවේ ඊළඟට කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව. හරියට කඩිගුල ඇවිස්සුනා වගේ මිනිස්සු එහෙ මෙහෙ දුවනවා, එකෙක්ගේ වත් ලේ කඳුලක් නෑ මූනේ, මෙච්චර සෙනග නැතත් අපේ සතිපොලත් ටිකක් මේ වගේ නේද කියලා හිතුනත් එකේ ඉන්න එවුන් අඩු ගානේ කටපුරා හිනාවෙන්වානේ,

එක අතකට මං මොකටද මුන්ට හිනාවෙන්නේ කවදාහරි මුන්ටනේ මාව ඕනෑවෙන්නේ, කෝකටත් සාක්කුවේ තිබුණු සල්ලිටික අරන් අයෙත් ගැනලා බැලුවේ කොළඹ ගියාම හුස්මගන්නත් සල්ලි කියලා වීරේයා කියපු කතාව මතක වෙලා,
"රුපියල් තුන්සිය හැට හතරයි"
නවලෝක මුදලාලි කොළඹ එනකොට අතේ තිබුනේ රුපියල් දාහතයිලු, දාස මුදලාලිට රුපියල් විසි හතරයි, එතකොට ස්වීට් හවුස් මුදලාලිගේ අතේ තිබිලා තියෙන්නේ රුපියල් දහ නවයයි, ඉතින් තුන්සිය ගානක් මදෑ ලෝකෙම අල්ලන්ඩ.

"දුක දිනා ජයගත් මිනිස්සු ග්‍රන්ථය මාගේ ජීවිතය මෙතරම් වෙනස් කරාවියැයි මා සිහිනෙනුදු නොසිතුවෙමි, කවදා හරි මමත් මගේ ජීවිත කතාව ලියනකොට පටන් ගන්නේ එහෙමයි,
නවලෝක මුදලාලි, දාස මුදලාලි, ස්වීට් හවුස් මුදල්ලාලි එක්ක එකට ඉඳං පරණ කතා කතා කරන හැටි මට මැවී පේන්න පටන් ගත්තා.

" සායිඩ් ....සායිඩ් ...... මේ සැරේ සද්දේ ඈතින්ම ඇහෙනකොට අයිනකට පැනගත්තේ ආයෙත් කලින් පරිප්පුව කන්න බැරි නිසා.

දැන් මෙතනට ඇවිත් පැය බාගෙකට වඩා ගතවුනා. අර පොතේ ඇත්තටම තිබ්බේ නෑනේ ඒ ගොල්ලෝ ඉස්සෙලාම කොළඹට ඇවිත් මොනවද කලේ කියලා.
දැන් බඩගින්නත් උහුලා ගන්න බැරිතරම්, ලඟම තිබ්බ තේ කඩේට ගොඩවුනේ මොකක් හරි දෙයක් බඩට දාගන්න ,

.............." මේ ළමයා මේ පළාතේ නෙවෙයි වගේ"

............." නෑ මුදලාලි , මං ඇඹිලිපිටියේ"

............." මෙහෙ මොකද කරන්නේ?"

............." රස්සාවක් හොයාගෙන තමයි ආවේ "

................" මමත් මේ කඩේ කැෂියර් රස්සාවට කෙනෙක් හොයා හොයා හිටියේ අපේ මේ දුවට තනියෙන් මේක කරන්නත් අමාරුයි, මුදලාලි එහෙම කියනකොට ළඟ හිටපු ලස්සන ගෑනු ළමයා මා දිහාවේ ලෙන්ගතු හිනාවක්‌ පෑවා.

'ලොක්කා මොනාද ඕනේ.. "  කඩේ වේටර් කොල්ලා කෑ ගහපු පාරට මම උඩ ගිහින් බිමට වැටුනා, අපරාදේ මගේ සුන්දර සිතුවිලි ලෝකෙම කෑවා මේ මී හරකා, නොදකින් බඩ තඩි මුදලාලියා විතරයි, කෙල්ලෙක් තියා ගෑනු පුළුටක් නෑ පේන්න.

" මාළුපාන් එකයි ප්ලේන්ටියයි, '

"ආ මෙන්න හැටක් දෙන්ඩ "

මම  ගණන් කරලා හැට කොලුවාගේ අතේ තිබ්බා,

"ගානටම තියෙන්නේ , කුම්මැහිකම .... කාලා ඉවරනම් නැගිටිනවා, තව කට්ටිය ඉන්නවා කන්ඩ බොන්ඩ'

මොකද යකෝ මේකට තද වුනේ, මම සල්ලි හරියට දුන්නනේ.

මම කඩෙන් එලියට යන ගමන් මුදලාලි දිහා බැලුවේ මිනිහා අරවිදිහට නික්මට වත් අහයිද බලන්න, මොන ? මේකා මාව දැක්කෙවත් නෑ වගේ හිටියේ.

කඩෙන් එලියට ආවත් කරන දෙයක් හිතාගන්න බෑ අප්පා,

"දුක දිනා ජයගත් මිනිස්සු" ආච්චිගේ රෙද්ද.

පොත ලියපු එකා ඕනෙම දේවල් ටික ලියලා නෑනේ, විස්තර ලියලා නෑ හරියට, කවුද  දන්නේ මුදලාලිලා බය උනාද කියලා, මට තිබුනේ සාමාන්‍යපෙළ ලියලා ඉවරවෙලා මේ ගමන එන්න, ඒත් අර මුදලාලිලා කවුරුවත් දෙකේ පන්තියට වඩා ගිහින් නෑනේ, ඉතින් මට මේ මදැයි ජනාධිපති වෙන්න උනත්,

කමක් නෑ කොහෙන් හරි පටන් ගන්න එපැයි. අයෙත් ගියා කඩේ ඇතුලට, මුදලාලියා කාසි වගයක් ගණන් කරනවා වගේ වගක් නැතුව.

"තිස් නවයයි.... හතලිස් එකායි...."

'මුදලාලි...මුදලාලි......"

" ෂික් අයෙත් වැරැද්දුවා..........ඇයි මොකද"

"මුදලාලි මට මේ.............රස්සාවක් බලන්න කියලා" නොදකින් මේකා අඩු ගානේ මූන දිහාවත් බැලුවේ නෑනේ.

"තමුසෙට බිත්තර ආප්ප දාන්න පුලුවන්ද? "

" ම්ම් ..........ඒවා නම් බෑ මුදලාලි "

" එහෙමනම් මොනාද පුළුවන්....ආප්ප දාන්න, කොත්තු, ප්‍රයිඩ් රයිස්..නාසි....."

මුදලාලි තව මොන මොනවද කිව්වත් ඒවා අහන්න මම එතන හිටියේ නෑ, ඇත්තටම මොනවද බොල නාසි ?

නාසි කියලා හමුදාවක් නම් හිටියලු කොහේදෝ රටක.

දැන්  මොකද කරන්නේ...........

මේ දිගටම තියෙන්නේ ටෙලිපොන් කඩ ,

" එන්ඩ සර් මොනාද බැලුවේ"

"නෑ අයියේ මම මේ රස්සාවක් හොයන ගමන්, මෙතන මුකුත් ......" මට කියලා ඉවර කරන්න හම්බ උනෙත් නෑ.

"අනේ මේ මෙතන හුයන්නක් කතාකරන්නේ නැතුව යනවා හලෝ යන්ඩ ." මට තනියෙන් කරන්න වැඩකුත් නැතුව ඉන්නකොට මෙතන මගුලක් කතා කරනවා"

මම  එලියට ගියා නෙවෙයි විසිවුනා,

කමක් නෑ ඌ මොහොතකට හරි මට සර් කිව්වනේ, කොහොමත් උඹලට එහෙම කියන්න වෙන දවස වැඩි ඈතක නෑ.

ඇයි හත්වලාමේ මේ කොළඹය කියන රටේ මිනිසුන්ට ගිනිපුක් ගායද? හැම එකාම ඉන්නේ නප්පියට තදවෙලා, එක්කෝ හූල්ල හූල්ලා. ගමේ මිනිස්සුන්ගේ අඩුගානේ මූනේ ලේ කඳුලක්වත් තිබ්බා.

මේ වගේ ගිනිපුක් කාරයොත් එක්ක කොහොම දියුණු වුනාද මන්දා අර පොතේ හිටපු මුදලාලිලා ටික.

පොතේ තිබ්බ හැටියට නම් " වසර කීපයක ඇවෑමෙන් ස්වීට් හවුස් මුදලාලි තමන්ගේම තේ කඩයක හිමි කාරයෙක් විය" ඉතින් හත්ඉලව්වේ පොතේ නම් ඒ පිටුවෙන් මේ පිටුවට යනකොට වසර කීපය ගෙවිලා, ඒත් හැබෑ ජීවිතේ? එකේ ඉතින් හැම තප්පරේම අපි ජීවත් වෙන්න එපැයි.

මධ්‍යම මත්ස්‍ය වෙළඳසල ..... ගිහින් බලමු, 

හප්පේ මුන්ගේ මූණු බැලුවම කොහොම හිත හදාගෙන රස්සා ඉල්ලන්නද, මව් බාසාව කුණුහරුපද කොහෙද? අඩිය තියන්න බෑ බිම අජූව, ඒ මදිවට ගඳ ,මගේ අලුත් රබර් සෙරෙප්පු දෙකේත් ගෑවෙයිද මන්දා, සෙරෙප්පු දෙක අතට ගන්නත් බෑ, මුන් හිතයි මම ගොඩක් කියලා,

පිටකොටුව මැනින් වෙළඳසල .... බම්බුව තමයි ..මේ ඔක්කොගෙම ලොකු නම් විතරයි, ගන්දස්තාරේ පැත්ත බලන්න බෑ. මම කොහොමද මේ ජරා ගොඩේ ඉන්නේ. 

දැන් නම් පොඩ්ඩක්  ඉඳ ගන්න ඕනේ අප්පා. කකුල් දෙකත් කෙඩේත්තුයි . කී තැනකට නම් ගියාද? අඩු ගානේ අර පොතේ තිබ්බ වගේ නවලෝක මුදලාලිට අර කවුද කිව්වා වගේ "එහෙනම් ටික දවසක් වැඩ කරලා බලහන්කො කොලුවෝ" කියලාවත් කවුරුවත් කිව්වේ නෑනේ අම්මපා .

යන යන තැන අරක පුලුවන්ද , මේක පුලුවන්ද ,අර මැෂින් එකේ වැඩ කරලා තියෙනවද, මේවා දැකලා තියෙනවද , අරවද මේවද? ඇයි දෙයියනේ එතකොට ඕවා දන්නේ, දැකලා නැති එවූන් කොහෙන්ද ඕව පුරුදු වෙන්නේ. දැන් එතකොට අර මුදලාලිලා ඕවා දැනගෙනද කොළඹ ආවේ ? අනේ මන්දා ?

හතරත් වුනා, අයෙත් ලේ කඳුලක් නැති මූණු හතරවටේ දුවන්න පටන් ගෙන ,අර උදේ තිබ්බ කල එලියවත් මේ මුනත්තහඩු වල නෑ. කෝටි ගණන් ලැබුනත් මෙහෙම එවුන් එක්ක ජීවත් වෙලා මොකටද?  

මල්ලි දැන් උදේ ඉඳං මාව හොයලා හොයලා දුකෙන් ඇත්තේ, කළුවර වැටෙනකොට මම ආවේ නැත්තං අම්මත් කලබල වෙලා හතර අතේ හොයන්න ගනියි, තාත්තාට නම් ඉතින් මම හිටියයි නැතයි කියලා ගානක් නෑනේ.

මට ඕන නෑ කෝටිපතියා වෙන්න, මම යනවා ගෙදර, ඔව් මම යනවා. අනික කව්ද දන්නේ ඔය පොත් වල තියෙන ඔක්කොම ඇත්තද කියලා , ඕවා පොත් විකුණා ගන්න ලියන බොරු වැල් වටාරම්.

කෝ මේ ඇඹිලිපිටි බස්,  හප්පට බොල මම උදේ ආපු බස් එකම නේද මේ ආපහු යන්න තියෙන්නේ, මේ කොන්දා මාව අයෙත් එලවයිද? එහෙම කොහෙද මම සල්ලි දීල නේ යන්නේ? ගිහින් ඌව දැක්කේ නෑ වගේ නගින්න ඕනේ බස් එකට, 

"මෙතන එක්කෙනෙක් ඉන්නවා මල්ලි"

"හ්ම් හ්ම් මෙතන ඉන්නවා,"

"මේක හරි වැඩක්නේ ඉන්නවනම් පේන්න එපැයි"

"මොකක්ද  කුක්කා කිව්වේ හලනවා දත් ඇන්ද "

" ආ ආ මොකද මොකද මහත්තයා," අම්මෝ දෙයියෝබැලුවා වගේ කොන්දා ආවේ, නැත්තම් අරු මාව සම්බෝල කරනවා,

" මොකද මල්ලී, ආ තමුසේද .. එනවා එනවා මෙහෙට ... ඔය තැන්වල හැමදාම යන එවුන් සෙට් එකක් ඉන්නේ මල්ලී, මොකද තමුසේ කොළඹ ආව වැඩේ හරිද?

" නෑ අයියේ ....ඉහිහ්..... ඉහිහ්.....

" මොකද මිනිහෝ ගැටිස්සි වගේ ඉකි ගහන්නේ "

" මේකයි අයියේ".................... මම ඉකි ගගහ හැම විස්තරයක්ම කිව්වේ ඒ වෙනකොට මට හොඳටම කලකිරිලා තිබුණු නිසා.

"තමුසේ මහා ගොනෙක් නේ මල්ලි ,පොතක් කියවලා මෙච්චර මැටි වැඩක් කළා නම් තමුසේ ෆිල්ම් එකක් එහෙම බැලුවනම් රටත් යයි,....ඒක නෙවෙයි ...තමුසේ කාලද"

"නෑ "

"එනවා යන්න තේ එකක් වත් බොන්න අපිට යන්න ටර්න් එකට තව පැය තුන්කාලක් තියෙනවා, මම කොහොමත් පිටිපස්සේ ෆුට් බෝඩ් එකේ දොර වහනවා, තමුසෙට රෙදි කෑල්ලක් දෙන්නම් එතන වාඩිවෙලා යනවා, ටිකට් ඕන නෑ, මේ ගෙන්දගම් පොළොවට තමුසෙලා වගේ ලාමකයෝ හරියන්නේ නෑ මල්ලි."

......................................................................................................................................................................

55 comments:

  1. හනේ ඕයි. නියම ලියවිල්ල.

    ReplyDelete
  2. මචං එළම එළ ඔහොම්මම ලියාගන පලයං , උඹ ලියන එව්වා රහයි,

    මොකක්ද බං //කොන්ඩිත්තන් දෙකක// කියන්නේ

    ReplyDelete
    Replies
    1. අපි ඉස්සර පොඩි කාලේ කොන්ඩිත්තන් ගහනවා කියල.. ඔය පිනුම් ගහන්නේ.. දන්නවනේ.. අනන් එකට තමයි.. පවුලුෂා.. කොයි ඉසවුවේද මන්දා.. අපේ පැත්තේ වචන ගොඩක් තියනවා..

      Delete
    2. තැන්කු වේවා අටමෝ.මම බ්ලොග් කියවන්න පුරුදු වුනේ අටම්පහුරෙන්, සුදු මහත්තයා උත්තරේ දීලා තියෙනවනේ උඹේ පුරස්නෙට. මං හැදුනේ වැදුනේ තනිකරම බදුල්ලේ, හැබැයි ඉපදුනේ කුරුණෑගල මාවතගම.

      Delete
  3. නියම,එල,පට්ට.ඇත්තටම එල කිරිස්.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා කෙන්ජි අයියා , බොහොම සතුටුයි ඔයාව මගේ ඉසව්වෙත් දැකගන්න ලැබීමම.

      Delete
  4. අටමගේ එකක් කියෙව්වට පස්සෙ කියවපු රහම එක. උපරිමයි, පට්ට, එළකිරි, වම්බටු මෝජූ අරක මේක ඔක්කෝම....

    මම සින්ඩියෙත් දාන්නම්.. ඒක තමයි මට කරන්න පුළුවන් ළොකුම දේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතිය් මාතලන් සහෝ. මාතලන් ගේ කොමෙන්ටු තමයි මාව වෙනස් කරේ.

      Delete
  5. කාලෙකින් හරි හමන් කතාවක් කියලා එකක් කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. මටත් මාරයාගේ හෝරාව එළඹිය, පට්ටම සන්තෝසයි මේ පැත්තේ ආවාට මාරයෝ දිගටම එන්න.

      Delete
  6. අද නියම කතාවක් දාල තියන්නේ ....

    ReplyDelete
  7. හොඳයි ඈ...දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. දිගටම ලියන්නම්, දිගටම එන්න, හැලප කඩේ හැලපත් මාර රහයි ඈ

      Delete
  8. නියමයි මල්ලි...ඔය තියෙන්නෙ එල පහට..මෙහෙම කතා ලියන උන් දහයක් තව හිටිය නම්..අපි බ්ලොග් ලියන්නෙ නෑ..ආයිමත් කියවන්නම ගන්නවා..

    ReplyDelete
    Replies
    1. වෙනි අයියා, තැන්කු කොමෙන්ටුවට. එ වුනාට ඔයාලා ලියපුවා කියවපු නිසා තමයි අපි මෙහෙම හරි ලියන්නේ.

      Delete
  9. මේ තියෙන්නේ!!! පිස්සු පීකුදු ඈ!!!!

    ReplyDelete
  10. තව නැද්ද මචන්....කතාව නම් සුපිරි...

    ReplyDelete
    Replies
    1. තව ලියමු නේ. ඔයාලා කියවන්න එනවනේ.

      Delete
  11. කියෙව්වෙමි! අගෙයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සබිත්,දිගටම එන්න.

      Delete
  12. අර කොන්දොස්තරයා කිව්වත් වගේ රට ගෙගානෙක් නෙව....පොත් ලියන උන් දියුනු වෙන්න උන් පාවිච්චි කරපු කුම්මැහි වැඩ..නොසන්ඩාල වැඩ ලියන්නෙ නැහැ..
    හොද බබා ල වගේ ලියන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒක සහතික ඇත්ත, මුන් ඔක්කොම දියුණු වෙලා තියෙන්නේ හරිම අහිංසක විදිහට එහෙම බලනකොට.

      Delete
  13. එලකිරි කතාව...උපහාසයයි හාස්‍යයයි නියමෙට ගැබ් වෙලා තියනවා.

    ReplyDelete
    Replies
    1. උත්සාහය ටිකක සාර්ථකයි වගේ නේද මචෝ

      Delete
  14. නියමයි අයියේ, ගොඩ කාලෙකින් ඇගට දැනෙන දෙයක් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. උත්සාහය සාර්ථකයි වගේ නේද මලයෝ.

      Delete
  15. ඉවාන්, මම මේ උඹ ලියපු කතාවලින් කියවපු පළවෙනි එක.
    ආයෙ කියන්න වචන නෑ බං. උපරිමයි.
    අර බ්ලොග් ලෝකේ ස්වර්ණමය යුගය පහුවෙලා කියලා අඬන උන්ට මෙන්න උඹ උත්තරයක් දීලා.
    Keep it up. Ivan!!

    ReplyDelete
    Replies
    1. තැන්කු Blogwalker පැමිණීමත් ගෞරවයකි. ඔය වගේ අය එනවනම් දිගටම ලියන්න හිතෙනවා තමයි

      Delete
  16. මාතලන්ට පින් :)

    ReplyDelete
  17. ඉතාමත් හොදින් ලියලා තියන කතාවක්.ස්වප්න ලොකය හා යථාර්ථය අතර පරස්පරය මැනවින් වදිනවා හිත්වලට.

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි නලින් අයියා, ඔයාගේ කොමෙන්ටු හැමදාම දිරියක්.

      Delete
  18. ai mama may Blog ekata ena parakku une. ela..pata..niyamai.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. අම්මෝ පරක්කු උනත් ආවනේ,තැන්කු වේවා දිගටම එන්න

      Delete
  19. LASSANATA LIYALA THIYANA RASAWATH KATHAWAK. MEWAN KATHA THAWATH LIYANNA. ( OYA MAHA KATHA KARAYO KIYA GANNA AYA LIYANNE, PUKA GENA, JOKKU GENA NE.)

    ReplyDelete
  20. well done. keep it up

    ReplyDelete
  21. නියමයි.
    අද එක දිගටම ඔබගේ කතාවල රස විදිනවා.

    ReplyDelete
  22. ඉවෝන් මේක නම් නියමයි ඉවෝන්.. ආයේ කතා කරන්න දෙයක් නැහැ උපරිමයි...

    ++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන්.... පැමිණීම මාර සතුටක්.

      Delete
  23. මහන්සියෙන් ගෙදර ඇවිත්..රසවත් පොතක් කියෙව්වා වගේ දැනෙනවා..ප්‍රගීත්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අක්ක, ඔයා මගේ හොඳම පාඨකයෙක් හැමදාම

      Delete
  24. yes!! ketikathaa serama iwarayi!! dhan anek post wethata yami.

    All the Best pawluusha!! kathaa tika harima rahayi.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බස්සියේ , කතා තික ඔක්කොම කියෙව්වා නේද එහෙනම්, අගය කිරීම ගැන සතුටුයි දිගටම එන්න

      Delete
  25. අඩේ මේ කතාව පට්ට. නිකන් ෆිල්ම් එකක් බැලුව වගේ සීන් මැවිල පේනව කියවදදී. ජය වේවා!!!

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]