ටික කාලයක් පොස්ටුවක් දාන්න බැරිඋනා, මොකද දන්නවද? අර ගොඩක් අයට මොකක් හරි වැඩක් කරන්න බැරිඋනාම කියන අර "බිසී" කියන ලෙඩේ හැදිලා තිබුන නිසා , දැන් ටිකක් අඩුයි.
ඉස්කෝලේ යන කාලේ ආතල් එක දන්නේ නැති , ගත්තේ නැති පොරක් ඉන්නවනම් ඉතින් ඌ අඩුගානේ නාඩි වත් වැටෙන එකෙක් නෙවෙයි කියලයි කියන්න වෙන්නේ, එ ආතල් එක මොනවගේද කියලා නොදන්නේ, ඉස්කෝලේ මිශ්‍ර ඉස්කෝලයක් නම් මේ ෆන් එක ඩබල් ඩබල්,
ඉතිං ඉතිං අපි අපි මේ මේ ඩබල් ඩබල් ෆන් එකත් ඩබල් ඩබල් ගත්ත ගත්ත පොරවල් පොරවල් හරිය හරිය
අපි එකොළහ වසරේ ඉන්න කාලේ ඉස්කෝලෙන් අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කෙරුවා. මෙහෙම චෑන්ස් එකක් ඉතිං එන්නේ කල්පෙකට එකක් විතරක් නිසා කට්ටිය එකසිය ගානට සෙට් වෙනවා. මොකද චාරිකාව දවස් දෙකයි, ඒ උනාට ට්‍රිපේ ආතල්ම කෑල්ල ඒක නෙවෙයි, එක නයිටක් ගහනවා දඹුල්ලේ ඉස්කෝලෙක ඕකට තමයි කොල්ලෝ ටික සැදී පැහැදී සිටියේ. ප්ලෑන් මහා ගොඩයි,
කෙල්ලෝ ටික නම් ඉතිං ඕක කියපු වෙලාවේ ඉඳලා නහයෙන් අඬනවා
"අනේ අපේ තාත්තා කැමති නෑ අනේ අපිව යවන්න"
"ඇයි බං ඉතිං ටීචර්ලාත් යනවනේ,"
"ඒ වුනාට .........."
"අපි එක රැයක්වත් ගෙදරින් පිට ඉඳලා නෑනේ අනේ"
මෙහෙම් කියපු ගොඩක් අය ඉතිං ලව් කේස් වලට කප් ගහපු අය. ඕවට අපි නම් කිව්වේ බබා කේස් කියලා, මොකද ඉස්කෝලේ හිටපු හොඳ නම තියන කෙල්ලෝ ඔය පම්පෝරි කතා නෑ, එක්කෝ එනවා කිව්වා නැත්තම් කලින්ම එන්නේ නෑ කිව්වා. මේ කෙල්ලොන්ගේ ගොඩක් අයට එපා කියලා තියෙන්නේ ගෙදරින් නෙවෙයි බලනකොට මුන් යාළුවෙලා හිටපු කොල්ලෝ. මොකද එකොළහ වසර වෙනකොට ගොඩක් එවුන් යාලු වෙන්නේ ඒ ලෙවල් අයියලා එක්ක, ඉතිං ඒ අයියලා කොල්ලෝ වෙච්ච අපිත් එක්ක එයාලගේ ප්‍රියම්බිකාව යවන්න බයේ තමයි හිටියේ, ( මොන ඉලව්වකට බයවෙනවද කියලා ඒ කෙල්ලොන්ටත් හිතෙන්ට ඇති මං හිතන්නේ)
ඉතිං ඔය කචල් බචල් අස්සේ කොහොම හරි ට්‍රිප යන්න 38 දෙනෙක් නම් දුන්නා, හැබැයි එකොළහ වසර පන්තියේ ඒ වෙනකොට 120 ක්ද කොහෙද හිටියා, ඔන්න අපේ එවුන්ගේ කණ්ඩායම් හැගීම ,
ඉතිං මේ ට්‍රිප සංවිධානය කරේ අපේ ආදරණීය ගුරුතුමෙක් වුනු දෙබරා සර්, සර්ට එහෙම කිව්වේ සර් ඉගැන්නේවේ කෘෂි කර්මය, එකෙනුත් සත්වපාලනය කොටස එයා හොඳට කළා, ගෙදරත් මීමැස්සෝ ඇතිකලාද කොහෙද? සර්ගේ යාලුවෙක් තමයි සා....... කියන ලර්නර්ස් එකේ අයිති කාරයා,
ඉතිං ට්‍රිප දවසේ උදේ පාන්දර පහට අපි ආපි ඉස්කෝලෙට. මෙන්න බෝලේ දෙබරා සර් ගෙනත්තිබුනු බස් එක.
බස් එකේ හරිම ෆොටෝ එකක් හොයාගන්න බැරි උණා, මොන කැමරාද ඒ කාලේ, බස් එක මේ විදිහමයි, (මතක නම් කාලෙකට කලින් නාට්ටියක් ගියා නිල මානෙල් කියලා අර
"දිව්‍ය අන්ගනාවන්ට අපට වාගේ තරහ යන්නේ නෑ"
"එක හින්ද කවදාවත් ඒ උදවිය වයස යන්නේ නෑ" කියලා සින්දුවක් එහෙම ගියේ, අන්න ඒ සින්දුවේ පෙන්නනේ හරියටම එම බසයම තමා) මේක තමා සින්දුව.
කොහොම උනත් මේ බස් ඒක දැක්කම නම් ටීචර්ලගෙයි , කෙල්ලොටිකගෙයි මූණ කරත්තයට අහු වුන කජු ලෙල්ලවගේ,
"මෙයාට ඉතිං යාලුවගෙන් හම්බවෙන්න නැතැයි හොඳ කොමිස් එකක් "
අපේ කුකරිනා ටීච ඒ කිව්වේ ගෘහ විද්‍යාව මිස් දෙබරා සර්ට හින්ට් එකෙකුත් ඇරියා, මොකද ඇවිත් තිබුණු ඒ බස් ඒක අර සර් ගේ යාලු සා..... ලර්නර්ස් එකේ බස් එක.
කොහොම හරි ඔන්න සාදුකාරයක් එහෙම දීලා බස් එක පිටත් උණා.
ඉතිං ඔන්න අපි ෆන් සාගරේ පටන් ගත්තා, සිංදු කියනවා, සිංදු කෑලි කියනවා, ඇඩ් කියනවා. කිරි ටොපි කනවා, අලුවා කනවා, ඒවා උඩට කෙස් කනවා, වරක කනවා, බඩ ඇතුලේ පිස්සු ඩබල්,ඇයි ඉතිං කෙල්ලෝ ටික ඒවත් හදාගෙන, අරගෙන ඇවිත් නේ, අපරාදෙනේ අහක ගියොත්.
සර්ලා ටීචලා අපරාදේ මේ දරුවෝ මහන්සි වෙලා කියකිය දෙනවා සබ්බුව.
දැන් කොහොම හරි මග දිගට චාරිකාවේ ලැබිය යුතු අධ්‍යාපනය ලබාගෙන කළුවර වැටීගෙන එනකොට අවා අපේ නවාතැනට, දඹුල්ලේ ඉස්කෝලයක්, ඉතිං ඒ ඉස්කෝලේ සිකුරිටි අංකල් ඇවිත් අපිට වෙන් කරලා තියෙන නවාතැන් ටික පෙන්නුවා.
අම්මට සිරි ටීචලා ටිකටයි කෙල්ලෝ ටිකටයි ගුරු නිවාසේම පැත්තක්, ලයිට් දාලා ට්‍රැවලින් මෙට්ට දාලා, (මම ඒ පැත්ත හොරෙන් බැලුවේ නෑ යකුනේ බලපු එකෙක් තමයි මටත් කිව්වේ)
අපිටයි සර්ලාටයි දිග හෝල් එකක්, හෝල් එක කෙලවරේම කාමරයක්, ඒක සර්ලා දෙන්නට, අපිට හෝල් ඒක ලයිටුත් නෑ කට්ට කරුවලේ.
කුකරිනා මිසුයි අනිත් ටීචලා දෙන්නයි අපිට උයන්න ලැස්ති වෙනවා, උයනවා කිව්වට එයාලා කරන්නේ ලොකු ළූණු ටික තෙල් දාන ඒක විතරයි, මොකද මගදී පාන් ගත්තනේ, දැන් කට්ටිය අඬ අඬා හොටු පෙරී පෙරී ළූණු කපනවා,
මේ අතරේ එද්දී බස් එක දෙක වෙන්න කෑ ගගහා ආපු දිනේෂයා, (අපි ආදරේට ඌට කියන්නේ "පොල් අඩි"
මොකද ඌ ක්‍රිකට් ගැහුවත් එල්ලේ ගැහුවත්, අඹ ගහට පොලු ගැහුවත් ගහන්නේ එකම විදිහට.)
පස්ස පැත්ත මිරිකගෙන කතා බහ නැතුව වේගෙන් ඇවිදිනවා එහෙට මෙහෙට,
" මොකෝ බං පොල් අඩියෝ"
"උඹට රෙන්න බරක් වත් හැදිලද"
"වත් නෙවෙයි යකෝ ඒක හැදිලා තමයි"
කොහෙද කැලේ පැත්තට වත් යන්න බෑනේ එනකොටම සිකුරිටියා කියපි
"ඔය ළමයි වැඩිය එහෙමෙහෙ යන්න එපා කරුවල වැටුනම සර්පයි ගැවසෙනවා මේ හැම තැනම" කියලා.
"මොනවද බං මං කරන්නේ"
පොල් අඩියා ඇඹරෙනවා , උගේ මුණ දැක්කම දුකේ බෑ, මූණ මෙහෙම වෙන්න උගේ පු.. කොහොම වෙලා ඇත්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්
" වෙන මොනා කරන්නද ,පල ටොයිලට් එකට අරතියෙන්නේ" කලනයා කිව්වා.
"ගියා ........ගේ පුතෝ එකේ වතුර නෑ, ටැප් වල වතුර එන්නෙත් නෑ."
"හැබැයි මචෝ ගුරුනිවාසේ පැත්තේ පිටිපස්සේ ටැප් එකක් තියෙනවා, මොකක් හරි තියෙනවනම වතුර ටිකක ගේත හැකි," කලනයා අයෙත් කියපි.
අපි ඔක්කොම මූ දිහා බැලුවේ පුදුම වෙලා.
"උඹ කොහොමද දන්නේ එකේ වතුර එනවා කියලා "
"ඇයි බං අපේ කෙල්ලෝ ඔක්කොම නෑවේ එතනනේ"
" අඩෝ ,...හූ යකෝ මෙන්න මූ........"
මේකා කෙල්ලෝ ඔක්කොම නානකං එතන බලං ඉඳලා, වැඩේ මාට්ටු මෙච්චර වෙලා සිංහයා වගේ හිටපු කලනයත් දැන් බලු වෙලා.
"ඒකෙන් වැඩක් නෑ අපි මූට භාජනයක් හොයලා දෙමු"කට්ටිය ඒකමතික තීරණයකට අවා.
"මචං මම ලීටර් පහේ ප්ලාස්ටික් කෑන් එකෙක් නම් ගෙනාවා, කුකරිනා තමයි ගෙන්න කිව්වේ දැන් කොහෙද කියලා නම් දන්නේ නෑ,"
"කුකරිනා ගෙන්න කිව්වනම් උයන තැන ඇති"
ඒක කිව්වා විතරයි පොල් අඩියා දිව්වා උයන පැත්තට, අපි පටන්ගත්තා බජව්ව .
අපි දැන් බජව්වේ උච්චම හරියේ, එකෙකුට වඩා හයියෙන් අනිකා කෑගහනවා, රැප් කරනවා එක කෙලියයි,
ඔය අතරේ මම දැක්කා පොල් අඩියා කකුල් දෙක ඈත් කරගෙන අමාරුවෙන් වගේ ඇවිදිනවා, මූ හෙමින් හෙමින් අපේ ලඟට ආවාට කතාවක් නෑ,
මෙන්න බෝලේ මේ අතරේ කුකරිනායි, දෙබරා සර් දෙන්නා හයියෙන් කෑ ගහනවා,
"ඉතිං මම මනේ මිස් මෙතනට ගෙනාවේ,"
" ඔව් සර් , මෙතැන තිබුනා,"
" මෙන්න ටීච කෑන් එක"
අනිත් ටීච රතුපාට කෑන් එකක් අරන් එනවා වැලි පිහදදා ,
" කව්ද මේක හැලුවේ "
"මොකාද මේ බලු වැඩේ කලේ"
"හැලුවා මදිවට කෑන් එක විසිකරලා"
"දැන් ඉතින් ආයේ දඹුල්ල ටවුමටම පලයන්කෝ"
" කෝ දෙන්න මහත්තයෝ මම ගෙනත් දෙන්න" සික්කා අන්කලුත් ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වෙලා මොනවද ගේන්න යනවා, මක්කද බොල මේ වෙන්නේ, මේ කලබලේ මොකක්ද කියලා හැමෝම බලනවා.
පොල් අඩියා මගේ ලඟට ආවා. මෙන්න බොලේ මූ අඬනවා
"මචං මට උදවු කරපන් මචං"
"මොකද පොලා"
"මචං මට බොග උච්ච වෙලා හිටියේ"
"ඉතිං දැන් හරිනේ ඒක"
"නෑ බං..ඉහි ඉහි ඉහි ....."
"මොකද කැ......යෝ අඬන්නේ උඹ තාම බොග බෑවේ නැද්ද? "
"දැම්ම බං"
"එහෙනම් අඬන්නේ"
" මම ටොයිලට් යන්න කලනයා ගෙනාපු කෑන් එකගන්න ගියා"
"ඉතිං"
"ඉතිං යනකොටම ඒක තිබුනා ලොකු ළූණු ගෝනිය ළඟ, ඒකේ වතුර එකෙකුත් පුරවලා තිබුණේ' ,මම ඒක ගත්ත ගමන් නැවතුනේ ටොයිලට් එකේ. උඹ දන්නවනේ මම කොච්චර බරෙන්ද හිටියෙ කියලා, මම බෑවා සීගිරිය විතර ලෝඩ් එකක් "
"ඉතිං "
"ඉතිං ,ඒක බාලා නිකං සුරසැප ලැබුණා වගේ, මාර සනීපයි, ඉතිං මම පස්ස පැත්ත හොදගත්තා අර වතුර එකෙන්"
"ඉතිං මොකෝ"
"මොකෝ තමා මම වතුර කියලා උස්සගෙන ගිහින් තියෙන්නේ පොල්තෙල් කෑන් එක" "පුක හෝදලා තියෙන්නේ පොල්තෙල් වලින්"
සර්ලා ටීචලා කුලප්පු වෙලා හොයලා තියෙන්නේ පොල්තෙල් එක එතකොට,
මම පටස් ගාලා මුගේ ලඟින් ඈත් වුනා, එතකොට තමයි දැක්කේ මුගේ අජූව. කියන්න ඕන නෑනේ සියල්ල පොල්තෙලෙන් මිශ්‍ර වෙලා තියෙනකොට කොහොමද කියලා,
( මූ කාටවත් කියන්න එපා කියපු නිසාම මම හය හත්දෙනෙකුට වඩා කිව්වේ නෑ, ඒ උනාට සික්කා අන්කල්ට කියලා ළඟ ගෙදරකින් වතුර එකක් උණු කරවාගෙන ඌට නාන්න උදව් කලෙත් මමම තමයි,)
එදායින් පස්සේ පොල් අඩියා තෙල් අඩියා වුනා
"මචං මට උදවු කරපන් මචං"
"මොකද පොලා"
"මචං මට බොග උච්ච වෙලා හිටියේ"
"ඉතිං දැන් හරිනේ ඒක"
"නෑ බං..ඉහි ඉහි ඉහි ....."
"මොකද කැ......යෝ අඬන්නේ උඹ තාම බොග බෑවේ නැද්ද? "
"දැම්ම බං"
"එහෙනම් අඬන්නේ"
" මම ටොයිලට් යන්න කලනයා ගෙනාපු කෑන් එකගන්න ගියා"
"ඉතිං"
"ඉතිං යනකොටම ඒක තිබුනා ලොකු ළූණු ගෝනිය ළඟ, ඒකේ වතුර එකෙකුත් පුරවලා තිබුණේ' ,මම ඒක ගත්ත ගමන් නැවතුනේ ටොයිලට් එකේ. උඹ දන්නවනේ මම කොච්චර බරෙන්ද හිටියෙ කියලා, මම බෑවා සීගිරිය විතර ලෝඩ් එකක් "
"ඉතිං "
"ඉතිං ,ඒක බාලා නිකං සුරසැප ලැබුණා වගේ, මාර සනීපයි, ඉතිං මම පස්ස පැත්ත හොදගත්තා අර වතුර එකෙන්"
"ඉතිං මොකෝ"
"මොකෝ තමා මම වතුර කියලා උස්සගෙන ගිහින් තියෙන්නේ පොල්තෙල් කෑන් එක" "පුක හෝදලා තියෙන්නේ පොල්තෙල් වලින්"
සර්ලා ටීචලා කුලප්පු වෙලා හොයලා තියෙන්නේ පොල්තෙල් එක එතකොට,
මම පටස් ගාලා මුගේ ලඟින් ඈත් වුනා, එතකොට තමයි දැක්කේ මුගේ අජූව. කියන්න ඕන නෑනේ සියල්ල පොල්තෙලෙන් මිශ්‍ර වෙලා තියෙනකොට කොහොමද කියලා,
( මූ කාටවත් කියන්න එපා කියපු නිසාම මම හය හත්දෙනෙකුට වඩා කිව්වේ නෑ, ඒ උනාට සික්කා අන්කල්ට කියලා ළඟ ගෙදරකින් වතුර එකක් උණු කරවාගෙන ඌට නාන්න උදව් කලෙත් මමම තමයි,)
එදායින් පස්සේ පොල් අඩියා තෙල් අඩියා වුනා
පොල් තෙල් වලින් හෝදපු එක ලෝක වාර්තාවක් ද දන්නෙත් නෑ.. :D
ReplyDeleteඒක නෙවෙයි ලෝක වාර්තාව, ඊට පස්සේ ඌව සුද්ධකරන්න දීපු ගේම. පිස්සු හැදුනා
Deleteඅනේ අප්පේ...හහහා....
ReplyDeleteමට මේක කිවේවම මතක් උනේ කොළඹ සන්නිය පරණ ෆිල්ම් එක :) :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සිරාවටම ඒකේ වෙන සීන් ජාතියේ එකක්ම තමයි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපොල් තෙල් වලින් පුක හෝදපු එකම එකා ඌ වෙන්ඩ ඇති බං
ReplyDeleteඌට බොග තද වෙලා අමාරුවෙලා හිටපු හැටියට එවෙලේ පැට්‍රොල් වලින් හරි හෝදනවා , ඒ තරම් අවසිහියන් හිටියේ.
Deleteඅනේ බං, අපේ එකෙක් හිටියා බොග් මාලේ කියලා. ඌ ඇළක් ගාවට ගිහිං සිරි නරඹනකොට, ඇළේ පාවෙලා ආව බොගක් උඩට වැටිලා. මාලෙයක් දාගෙන තමයි ගොඩට ආවේ.
ReplyDeleteපට්ට සීන් ඒක, කොහොම තියෙන්න ඇතිද බෙල්ල වටේ බොග මාලේ තියෙනකොට. ඇති ඌ බෙල්ල කපාගත්තේ නැතුව හිටියා.
Deleteඅඩේ හිතාගන්න බෑ පොල්තෙල් එක්ක කලවං උනාම ඇතිවෙචිචි දේ.. කතාවනං පංකාදු පහට ලියලා තියනවා මලයා.
ReplyDeleteතැන්කු වේවා නලින් අයියා, ඌ ඉස්කෝලේ ආවෙත් නෑ කියන්ඩකෝ මාසයක්ම
Deleteහෙහ්..හෙහ්..හෙහ්..මටත් මතක් උනේ පරන් ෆිල්ම් එකක්.!
ReplyDeleteඇත්තටම ඒක ෆිල්ම් සීන් එකක් වගේ තමයි වීයෝ.
Deleteපොල් තෙල් වලින් පුක හෝදනවයි කියන්නේ දැන් කාලේ හැටියට ලේසි පහසු වැඩක්යැ මම අහන්නේ..
ReplyDeleteඑකනේ කියන්නේ , මේ කාලේ වුනානම් එහෙම පු.... විකුනන්නත් තිබ්බා.
Deleteහියැක් හු! ඉතින් බං ඌ අර ටීචර් කෙනෙකුට මුලින්ම ඕක කිව්වා නම් මොකක්හරි කරගන්න තිබ්බනේ. අනික ඔය පස්සේ වතුර රත් කරලාත් දීලාතියෙන්නේ.
ReplyDeleteඔව ඉතින් ඕක කියන්න ලජ්ජවනේ මුලින්ම.
Deleteඔයාද කතානායකයා? (විහිලුවට)
ReplyDeleteමගේ හිනාව ඇහිලා බෝඩිමේ එහා රූම් එකේ උන් දෙන්නත් දුහගෙන ආවා..... හිහිහී...............
ReplyDelete