උදේ පාන්දර හතරට ටර්න් එක පලවෙනියට
ඒකට යන්නට ගෙදරින් එනවා තුනයි කාලට
බයිසිකලේ පැදන් ඇවිත් මුදලාලිගේ ගෙදරට
යතුර අරං බලලා තෙල් වතුරත් හරි හරියට
හඳුන් කූරු පත්තු කරලා වැඳලා සුක්කානමටත්
ස්ටාට් කරලා රේස් කරලා දාලා පොඩ්ඩක් සද්දෙත්
කොන්දා මල්ලි මගින් අරන් යනවා බස් නැවතුමටත්
ටර්න් එකට වෙලාවටම ගහනවා කවුරුත් නැතිවත්
එතන ඉඳන් එක හැල්මෙට දුවනවා දවසම නැහෙමින්
ට්‍රිප් ඔක්කොම නොගහැව්වොත් කැපෙනවා ගානක් පඩියෙන්
එහෙන් මෙහෙන් රිංගාගෙන සමහරු යයි කපාගෙනම
ඒකට ගානක් දුන්නම ශේප් වැඩේ ටයිමරයට
මගදී යන්නේ තව සමහරු මගේ ලෝඩ් එක කපාන
එහෙම රේස් යන්න වුනොත් එන්නේ දඩ කොළ ඔතාන
දඩ කොලේට මම ගෙවන්නේ ලොක්කා නෑ අත දාන්නේ
ටික්කා මග හැංගි ඉඳන් රෙස්පට් පිට පගා ගන්නේ
ඉරි කැපුවා මග දැම්මා කලර් ලයිට් වල පැන්නා
එහෙම මොනවා හරි කියලා රාලහාමිත් ගැට කපුවා
කකුල යටින් වමෙන් මැදින් ත්‍රී වීලර් යයි රිංගා
ඊට හපන් මෝටර් සයිකල් එලවන පොඩි කොල්ලා
ඔහොම ගිහින් හිටපු ගමන් බස් බොඩියත් කිස් කරලා
හතර ගාතේ උන් වැටුනම කන්න වෙනවා ගස් බැඳලා
හයියෙන් අපි ටිකක් ගියොත් මගී ජනයා ඔරවාලා
අපිට තවම ජීවිත නම් එපා වෙලා නෑ කියලා
කියනවා නොව බෙරිහන් දෙයි මහා සද්දෙන් ඔරවාලා
ඒ වුනාට හෙමින් ගියොත් තාත්තා ඉබ්බද අහනා
ෆුට් බෝඩ් එකේ නැගලා නම් යන්න එපා යයි කිව්වම
තරුණ ගැටව් එන්නේ මිරිකලා කන්න මගේ බෙල්ලම
එහෙම ගිහින් අම්මප බොල එකෙක් දෙකෙක් දෙරි ගැහුවම
යන්නේ ඇවිත් පොලොසියෙන් මිරිකාගෙන මගේ බෙල්ලම
යුනිෆෝමය ඇඳලා නෑ කස්ටිය ගෙම්බර් දාන්නේ
අඳිනා එක හෝද ගන්න කොහෙද යකෝ කල් තියෙන්නේ
රෑ දොළහට ගෙදර ගිහින් ආපහු දෙක තුනට එන්නේ
අඩු ගානේ මගේ ගෑනිගේ හැඩරුව වත් නෑ දකින්නේ
පෝයට අවුරුද්දටවත් නිවාඩුවක් නෑනේ ගන්නේ
එහෙම වුනොත් ටෙම්පරියට දුවන එකා මෙහි ලගින්නේ
එහෙම වෙලා පාරට වැටුනොත් මට අබසරණ වෙන්නේ
කාගේ වුනත් මගේ නමට දරුවොත් හතරක්ම ඉන්නේ
කොයි තරමින් මොනාවුනත් ගාන ඕනේ අපේ ලොක්කට
ඒ ගානින් අඩු වුනොතින් බනින්නේ මියගිය අම්මට
අතරමගදී හුලන් ගිහිං නවතුනොතින් මග ඔක්කොම
බැනුම් අහලා මගේ හුළං යනවා වැඩියෙන් ටයරෙට
ඊපීඑෆ් ඊටීඑෆ් බටා ඕටී නෑනේ අපිට
අතපය පන නොමැති දාට වෙන්නේ පාරේ හිඟාකන්න
ප්‍රයිවට් බස් ඩයිවර් යයි කියන්න බෑ ඉස්කෝලෙට
තාත්තේ වෙන ජොබක් හොයන් යන්නේ නැත්තේ ඇයි ඇත්තට
පුතේ උඹල ඔය කිව්වට කවුද දෙන්නේ රස්සා අපිට
කොහේ ගියත් ජොබ කිව්වම ඔක්කොම බැලුවේ හරහට
එක මකුනෙක් කෑවා වුනත් එල්ලුම් ගස් හැම මකුණම
කවදද පායා එන්නේ හැමට නැගෙන ඉර අපහට
මිනිස්සු දිහා වෙනම කෝනයකින් අනුකම්පාවෙන් බලන්න උඔ අපිට කියලා දෙනවා. චුං පං මල්ලි උදාහරන
ReplyDeleteමෙන්ඩියා . අංගුලිමාල රහත්වුනෙත් වෙනම කෝණයකින් බලපු නිසානේ බං
Deleteකිසිම කවිත්වයක් නම් පේන්න නැහැ.ඒකට මොකද මේකෙ උන් එල එල කියනවනෙ.උබේ ''කතාව'' නම් ඇත්ත.ඒ වුනාට මොකද මන්දා මේ කතාව පද 4න් 4ට වෙන් කරල තියෙන්නේ..?
Deleteමවං මට නිකන් හිතට දැනුනා උඔ අලුත් දෙයක් ලියලා ඇති කියලා ඒනිසයි ඇවිත් ඉදගත්තේ පරිගනකය ඉස්සරහා.
ReplyDeleteකෝ බං එලද බ්‍රා කෑල්ල
Deleteගෙදර හින්ද ඒක ගලෝල වෙන්ටැති ඉන්න ඇත්තෙ.
Deleteගෙදර ඉනනේ කොහෙමද මචෝ සුද්දියෝ ඒහේ හෙලුවෙන් පාරවල් දිගේ දුවනකොට, ඉතින් අපි මහනවා පටවනවා.
Deleteඑල ද බ්‍රා ඈ.
උපරිමයි.. එකක දෙකක එලිසමේද මොකක්ද එක එන්නේ නෑ.. බොක්කටම වැදුන කවි දෙක තුනක් තිබුනා..
ReplyDeleteඑහෙන් මෙහෙන් රිංගාගෙන සමහරු යයි කපාගෙනම
ඒකට ගානක් දුන්නම ශේප් වැඩේ ටයිමරයට
මගදී යන්නේ තව සමහරු මගේ ලෝඩ් එක කපාන
එහෙම රේස් යන්න වුනොත් එන්නේ දඩ කොළ ඔතාන
යුනිෆෝමය ඇඳලා නෑ කස්ටිය ගෙම්බර් දාන්නේ
අඳිනා එක හෝද ගන්න කොහෙද යකෝ කල් තියෙන්නේ
රෑ දොළහට ගෙදර ගිහින් ආපහු දෙක තුනට එන්නේ
අඩු ගානේ මගේ ගෑනිගේ හැඩරුව වත් නෑ දකින්නේ
පෝයට අවුරුද්දටවත් නිවාඩුවක් නෑනේ ගන්නේ
එහෙම වුනොත් ටෙම්පරියට දුවන එකා මෙහි ලගින්නේ
එහෙම වෙලා පාරට වැටුනොත් මට අබසරණ වෙන්නේ
කාගේ වුනත් මගේ නමට දරුවොත් හතරක්ම ඉන්නේ
තේ උඹල ඔය කිව්වට කවුද දෙන්නේ රස්සා අපිට
කොහේ ගියත් ජොබ කිව්වම ඔක්කොම බැලුවේ හරහට
එක මකුනෙක් කෑවා වුනත් එල්ලුම් ගස් හැම මකුණම
කවදද පායා එන්නේ හැමට නැගෙන ඉර අපහට
බලපන් ඉතින් මේ දුක තේරෙන්නෙත් කාර් එකක යන එකෙකුටනේ.. මමත් බොහෝම අනුකම්පා කරන පිරිසක් මචෝ, ඩැයිවර්ලයි කොන්දලයි. මට මතක හැටියට මම ලිව්වා මාරු කාසි අරගෙන බස් එකට ගොඩවෙලා කොන්දගෙන තමන්ගේ ගෞරවයයි ආත්මාභිමානෙයි රැක ගන්නය කියලා. ළිපියේ නම රුපියලද පතිවතද?
Deleteමාතලන්..මටනම් මේක කවි පද පෙළකට වඩා සිංහල rap එකක් වගේ feel වුනේ. එළිසමේ නැති උනත් මුල ඉඳන්ම rap ස්ටයිල් වගේ තම කියවෙන්නේ.
Deleteඑළිසමය ගැන නම් වැඩිය හිතුවේ නෑ මාතේ . ඔය කියවෙන රටාව බලලා ලීවා , ඇත්තටම නරක පැත්ත ගැන විතරක් ගැන කතා කරන මිනිස්සුන්ගේ අපිට නොපෙනෙන පැත්ත ගැන කතා කරන්නයි මටත් ඕන වුනේ, ඇත්තටම එක හෝල්ට් එකක් යන්න බස් එකට නැගලා කොන්දොස්තරට රුපියල් සීය දික් කරලා කොකු දාගන්න් මිනිස්සු ගැන තමා අපි ඉස්සෙල්ලම හිතන්න ඕනේ මුන්ට පිස්සුද කියලා .
Deleteතැනකුයි වේවා මාතලන්
ෂෙහාන් - ඇත්තටම කවියක්ම ලියන්න නෙවෙයි උත්සාහ ගත්තේ ටිකක වාද බයිලා ස්වරූපෙන් ලියන්න තමයි මටත් ඕන වුනේ
Deleteමාතලන් රුපියලද පතිවතද ලින්ක් එක දාන්නකෝ , පැය ගානක් දඟලලාත් හොයාගන්න බැරිවුනා එක
Deleteමාතා අයියන්ඞි අන්න ඒක තමයි පාර කාර් එකක යන එකෙකුට තමයි දුක තේරෙන්නේ.
Deletehttp://maathalan.blogspot.com/2012/03/one-rupee-fools.html
Deleteතැනකුයි මාතේ
Deleteරියදුරන් ගැන බොහොම දයාර්දව හෙලන ලද බැල්මක්..... මොන තරම් බැනුම් කන්දරාවක් අහගනද මේ මිනිසුන් දිවි ගැට ගහගන්න මෙහෙ කරන්නේ... උපරිමයි ඉවාන්...
ReplyDeleteඔව් නලින් අයියේ අපි හැමදාම දකින්නේ බලන්නේ ඔවුන්ගේ කළු පැත්ත විතරයිනේ , එත් ඒ ඉන්නෙත් මිනිස්සු . අපි වගේම . බැනුම් ලියල දීලා වගේ හරියට
Deleteඑල & මසුරං කොල්ලො ....
ReplyDeleteතැනකුයි කෙන්ජයියා ....
Deleteහවසට එන්නම්
ReplyDeleteහා..... බොන්නත් මොනව හරි අරගෙන......
Deleteකන්නත් මොනවා හරි හදන් වර ශානුවො. :D
Deleteඒ ඒ අපිත් ඉන්නවෝ.....! :D
Deleteකිඹුලි .....,එහෙනං මටත් චොකෝ ඩ්‍රින්ක් එකක්... ;)
Delete@ ශානුවා - කෝ බං උඹට තාම හවස් වුනේ නැද්ද ?
Deleteඈ යකෝ තොපි හිතුවද මම රෙස්ටුරට් එකක් දාලා කියලා...දුප් යන්න පාප මිත්‍රයෝ......
Delete@ හවස එන්නම් කිව්වේ මේ කතාව එක්ක මට ඊයේ පෙරෙදා වෙච්ච දෙයක් මතක් උනා ඒක ගැන ටිකක් ලියන්න.....අපේ තාත්තා වැඩ කලේ කොළඹ ඹ්OC අවු.25 ට වැඩි ප්‍රමෝශන් එකකින් පහු ගිය මාස තුනම කුරුණැගල යනවා එනවා තමා.....තාත්තට තිබුන රාජකාරිය තමා සල්ලි බොක්පොඩි බැංකු වලට දාන එක ඔය යන,එන අතර තුර තාත්තා ඔය ඩ්‍රයිවර් එක්ක කතා බහ කරනවලු අවු32 ක විතර බැදලා ළමයි 3 දෙනෙක් ඉන්න කෙනෙක්ලු....ඉතින් තාත්තා ඕ.ටි. එහෙම වැඩිපුර දිලා පොත අත්සන් කරලා දෙනවලු......දවසක් ඔය කෙනා තාත්තගෙන් පොඩි එකෙක්ට අසනීපයි කියලා රුපියල් 2000 ඉල්ලගෙන.....හැමෝගෙන්ම ඉල්ලලා කවුරුත් දිලා නෑ....ඔහොම දවස් ගත වෙද්දි තාත්තට අම්මා උදෙන්ම උයලා දෙන බත් එකේ බාගයක් දවල්ට කද්දි අර ඩ්‍රයිවර්ටත් දීලාලු කන්නේ ඔන්න .....ගිය සතියේ තාත්තට මීගමු බොක් එකට මාරුවක් ලැබුනා....එන දවසේ තාත්තා ස්ටාෆ් එකේ කට්ටියට පේස්ටි ,කිරි තේයි සංග්‍රහ කරලා කතා එහෙම පවත්තලා....එන්න යද්දි අර ඩ්‍රයිවර් තාත්තගේ කකුල් දෙක ලග වැටිලා වැදලා." මහත්තයා කරපු උදව් වලට පිං "කියලා. තාත්තා ඔය කතාව අපිට ඒ වෙනකම් කිව්වේ නෑ....එදා හවස මන් ස්කයිපි අම්මලා එක්ක කතා කරද්දි තාත්තට ගෑණු කෙනෙක් කතා කරා...ඒ අර ඩ්‍රයිවර්ගේ නෝනා....තාත්තා කරපු දේවල් වලට ස්තූති කියන්න.... තාත්තා ඒ මනුස්සයට දැන් කොළඹ බොක්එකක ඩ්‍රයිවින් කරන්න යන්න උදව් කරනවා.......(හැමදාම හාල් මැස්සොයි බතුයි කාපු ඒ මනුස්සයට පිහිට වෙන්න ලැබුන එක ගැන තාත්තාගෙන් හාරලා ඔය කතාව අහ ගත්තේ)
ඒ මිනිස්සු මාර අසරනයි අයියේ... මේ කතාව අගෙයි....
සුදු නංගී - මිනිස්සු හරිම අසරණයි බං, ඒත් කවුද කැමති හැමදේම හැමෝටම කියන්න . අපිම හොයලා කෙනෙකුට උදව් කරොත් ඇරෙන්න ඇත්තටම අසරන මිනිස්සු කාගෙන්වත් උදව් ඉල්ලන්න යන්නේ නෑ . තාත්තා කරපු සුළු දෙයත් ඒ මනුස්සයට මහමෙරක් වගේ වෙන්න් ඇති . ඇත්තටම මිනිස්සු සතුටින් තියන්න ලෝකේ පෙරලන්න් ඕනේ නෑ සුළු දෙයක් කලාම හොඳටම ප්‍රම්මන්වත් , අපේ නොසැලකිල්ල නිසා ඒ දේවල් අපිට මග ඇරෙනවා. ඒ අතින් උඹලගේ තාත්තා කරලා තියෙන්නේ ලොකු පිනක්
Deleteසුදු නංගි කවුද මේ කිඹුල් අක්කියාද ?:පී
Deleteමදාරා - නැතුව එහෙනං
Delete@ ශානු
Deleteමේ කතා කරන්නේ ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් කෙනෙක් ගැන කියලා ෂුවර්ද? මම නම් අත්දැකීමෙන් දන්න විදිහට කුණු ජරාව නාගෙන ඉරිච්ච ඇදුම් ඇඳලා හිටියට බස් ඩ්‍රයිවර් සහ කොන්දොස්තර සෑහෙන්න හම්බ කරනවා. ඒත් ඒ සල්ලි ඉතුරු වෙනවද කියන එක නම් ප්‍රශ්නයක්. (මේ කතා කරන්නේ හැම කෙනෙක් ගැනම නෙවෙයි ඒත් සියයට 80 මේ වගේ) හේතුව මේ මිනිස්සු සල්ලි පුදුම විදිහට අනවශ්‍ය දේ වලට වියදම් කරනවා. අරක්කු බොන්න, KG වලට, ගෑනුන්ට වියදම් කරලා ඉතුරු වෙන ඒවා තමයි ගෙදරට යවන්නේ. ඉතින් ගෙදර මිනිස්සු අමාරුවෙන් ඉන්න එකනම් ඇත්ත වෙන්න ඇති.
ඉවාන් මල්ල ගෙ ලිපිය ට අදාළ වැඩ සටහනක් ඇහැව්ව....
ReplyDeleteඔබ සැම නොදන්න කතාවක්.... තිබේ තව...............
http://nethfm.com/article/25043 බලන්න....
යන්න බෑ කියනවනේ..
Deleteඑහෙනම්....nethfm balumgala ට යන්න...
Deletehttp://www.nethfm.com/
Deleteඅප්පටසිරි මාර කෙස් එක ,කප්පම්කරුවෝ සියසින් දැකගන්න
Deleteපද ටික පට්ටයි මචෝ.
ReplyDeleteහැමෝම ජීවන අරගරේ, හැමෝම ජීවිතේ රැක ගන්න රේස් එකක.……
ජීවිත ගමන් දුවන අපේ සහයට ඉන්න අපි අකමැති කොට්ටාසයක් ගැන තමයි මේ , එත් ඔවුන්ගේ අපට නොපෙනෙන පැත්ත
Deleteහැමදාම වගේ උපරිමයි ඉවාන්.
ReplyDeleteඔය මිනිස්සු විදින දුක දන්නේ ඒ මිනිස්සුම විතරයි.
නිමෝ තමන්ගේ දුක හැමදාම දන්නේ තමන් විතරයි බං , අනික් මිනිස්සුන්ට එකේ වගක් නෑ
Deleteඋබටටත් පෙන දෙවල්.ඔහොම දකින්න පුලුවන්කම ලැබෙන්නෙ පින්කල අයට.උබත් ඉතින් පින මුනෙන් අරන් ආපු එකානෙ.(උඩ තොලේ)
ReplyDeleteලපයක්ද ? ;)
Deleteදමියා - ඔය කිව්වේ ඉතිං .. අම්මප උඹටත් මතක් වෙන දේවල්
Deleteරෙහානියා උඹ අහුවෙයන්කෝ ගින්නට පැට්‍රෝල් දානවට
Deleteහිහිහි. අපි කිව්වේ.... හූ ඇද්ද අහගත්තා!
Deleteආ උඹත් ආවද ඒ ගමන ... පිස්සු බස්සි ...
Deleteහා .. අර මදුරුව කාපු තැන වෙන්ඩැති !!!
Deleteනෑ පත්තරේ මෙන්න මේක මතකද?
Deletehttp://iwanpaulooshaa.blogspot.com/2014/02/birth-mark.html
හා හා.. හයියෝ ගම කනවා බස්සි .!!!
Deleteබළල පැන්න මල්ලෙන් නෙමෙයි කෙලිය නේද තාප්පෙට !!
වෙල් ඩන් මස්සිනා.. උඹේ උපං ලපේ මට දියංකො මාසෙකට දෙහෙකට . හුකෑස්
බස්සි & පත්තරයා තොපි දෙන්න අන්තිම කැමති පත්තරේ ලියලා හිටපියව්
Delete@ ඉවාන්,
Deleteඅනේ පල යන්න... දැන් බොට වැඩේ දෙන්න පිරිස වැඩියි.. බොලන් පරිස්සන් වෙලා හිටු.
ඈ නිමෝ හෙවත් බයිසිකල් සර්කස් ඇවිල්ලා
Deleteලපේ තමා ලපේ....
Deleteඅ මෙන්න නලියත් පිදුරු දාන්න ඇවිත්
Deleteඔන්න මමනම් මුකුත් කිව්වේ නෑ
Deleteඔව් හොඳ වෙලාවට උඹ මුකුත් නොකිව්වේ
Deleteමේ මිනිස්සු කරුමයක් තමයි ගෙවන්නේ. මුළු සමාජයම විනයවත් වූ දවසක තමයි මේ අයත් හැදෙන්නේ. අපි කලයුත්තේ මේ වගේ අයගේ මිනිස්කම දියුණු කිරීම සඳහා සමස්ත සමාජයම වෙනස් කිරීමට උත්සාහ කිරීමයි.
ReplyDeleteඅනන් හරි විචාරක ඒ මනුස්සය ඔය තත්වෙට පත්කරපු සමාජය ගැන කවුරුවත් කතා කරන්නේ නෑ ඒ මනුස්සයෝන්ට බනිනවා විනා , සමජයේ කොටසක් විතරක් තනියෙන් හැදෙන්නේ නෑ , සමාජයම එකවිට තමයි මනුස්සයෝ වෙන්න් ඕන
Delete,අනේ අම්මේ මම දවස් හතක බෝධි පුජා කොලා මුට අර නසරානි පත්තර කොල්ලගේ මදුරුවාගෙන් කරදරයක් නොවේවා කියලා ...
ReplyDeleteකලින් වගේම උපරිමේට ලියලා තියෙන පද පෙලිටික බැලුවම ඇස්වහක් කටවහක් නෑ කොල්ලෝ ........... ලෙසටම පේනවා මගේ බෝධි පුජාව වැඩ කොරලා කියලා................... පරණ ඉවානයම ඉන්නවා
උඹේ බෝධිපූජාව වැඩ කරලා තමයි , තැන්කු වේවා , බෝධිපූජාව ගැන දැනගත්තට පස්සේ මම උඹව මරණ අදහස අතැර ගත්තා. තන්කුයි මැලේ රාළයෝ
Deleteලබන පාර එවන්නේ කොට්ටෝරුවෙක් වගේ එකෙක් ඩෙංගු අරන්.. හිටපියව්. මදුරුව බුලක් කෙලියනේ.. නැත්තං මෙලාට අද උඹේ බණ . චැහ්
Deleteමා...ව ......... මරන්න .......... මු.....
Deleteකාපු බීපු වේලාවට පුංචි විහිළුවක් කෙරුවට
පොලිස් ලොක්කට ගැහැව්වෙ කණ පැලෙන්නට
ReplyDeleteසිංදු දමන් යමු කන් බීරි වෙන්නට
පාරේ කොට කොටා මග පැළ වෙන්නට
කොහොමද සොමිය මගෙ බස් එකෙ යන අයට
ඔය ටික ඉතින් ඔය මිනිස්සු ගැන හැහෝම හැමදාම හැමතනම කියන එකම කතාවනේ, එත් එතනින් එහාට ගිහින් ඒ මිනිස්සු මේ තත්වෙට පත් වෙන්න හේතුවයි, ඒ මිනිස්සු විඳින දුකයි ගැන කතා කරන්නේ කීයෙන් කීදෙනාද? ඔය සිල්ලර කාරනා ටිකට ඔය මිනිස්සුන්ට හැමදාම බනින එකනේ හැමෝම කරන්නේ .
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමගේ මාමා කෙනෙක් ඉන්නවා අවු.17ක් තිස්සේ බස් ඩ්‍රයිවින් .....කවදා වත් අහලා නෑ පාරෙදි ලෙඩක් දාගත්තා කියලා .මං මේක කියෙවුවෙ එයාගේ ජිවිතේට ආදේශ කරගෙන ....නියමයි හොදේ...ගොඩක් සමීපව දැනුණා චිත්ත රූප මැවුණා ....මගේ මාමා යන එන - වැඩ කරන විදිහ..සති ගණන් පඩි නොදී ඉද්දි නැන්දා මුදලාලි ට කෝල් දෙන හැටි එහෙම... ;)
ReplyDeleteඔයාගේ නම දාගන්න රෙහානි @ KOREA කියලා :P ,ඔන්න් ඔය කාරණාව තදින්ම තියෙනවා රෙහානි සමහර වෙලාවට මාස තුනක් විතර වදක්ලාම සතියක පඩිය දෙනවා , එකත් අන්ගෙන් ඇටයක් යනවා වගේ, ඕනවට වඩා ඉල්ලුවොත් ඊළඟ දවසේ ඉඳන් වෙන එකෙක්ව වැඩට ගන්නවා. ඇත්තටම සමහරු නිශ\දාගන්නෙත් බස්සේකෙමයි සතිය දෙක
Deleteඇයි නැත්තං උඹට කා එක්ක හරි මාව පටලැවෙනවද ? හික්ස්....:P
Deleteහෙක් නෑ බං, උම්බ්ලා හිටි ගමන් අන්තර්ධාන වුනාම ඉන්ටර්පෝල් එකෙන් දාන්න එපයි හොයන්න . උඹේ මේලක් වත් දීලා තියහන් අපිට
Deleteඋයාගේ මේල් එක මට දෙන්නකෝ එහෙනම් ...
Deleteprageeth99236@gmail.com
Deleteකවි ටික උපරිමයි මලේ! තව හැඩ වැඩ ටිකක් දාන්න තිබුණා. ඒත් හිතලම මේ ආරට ලියපු බවක් තමයි දැක්කේ. මාතලන් උපුටා දක්වපු කවි ටිකම මගෙත් හිතට වැදුණා. ජය!
ReplyDeleteශා සඳුන් අයියා වගේ කවියෙක්ගෙන් ඇගයීමක් ලැබීම අප්‍රමාන් සන්තෝසයි, මේ ආරට හිතලම තමයි ලිව්වේ ,නිකන් එක දිගට කියවගෙන යන්න වගේ හිතලා
Deleteඉවාන්..නියමයි..අපි කළු චරිත විදියට අඳුනගන්න කැමති අපේම කොට්ට්හාශයක්ක් දිහා අමුතුම ඇහැකින් බලල ඒ ය අපි හිතන තරම් කළු නැහැ කියල කියල දීල තියෙනවා.
ReplyDeleteඔව් ෂෙහාන් මිනිස්සුන්ව කළු කරලා තියෙන්නේ අපිමයි, මේ මිනිස්සුන්ගේ ඇතුලාන්තය මේවගේ තමයි හැමෝටම හැන්ගුනු දුක්බර කතාවක් තියෙනවා
Delete>>කාගෙ වුනත් මගේ නමටත් දරුවන් හතරක්ම ඉන්නේ<<
ReplyDeleteඑළ!
හැමදාම දකින කෝණයට වෙනස් කෝණයක්!
ඒ වුනාට මගේ නම් කිසිම පැහැදීමක් නෑ.
ඔව් ඩූඩ්... මේ මිනිස්සු අපිට රකුසෝ වගේ පෙනුනට ,ඒ මිනිස්සුත් පිටතට එහෙම පෙන්නුවට , ඇතුලාන්තය හරිම දුක්බරයි .
Deleteපැහැදීමක් නෑ කිවේ මං ගැනද ? :o
උඹ ගැන නෙවෙයි බං. ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා ගැන.
Deleteඅප්පටසිරි එක මිසක් ... මමත් එහෙම පැහැදීමකින් හිටියේ නෑ ,දැනටත් නෑ එත් ඒ මිනිස්සුගෙ අපිට නොපෙනෙන පැත්ත තමයි ඩූඩ් ඔය , අපිට පෙන්නන්න බැරි රකුසු මූණු ඇතුලේ තියෙන්නේ,අපේ උඩින් පිටවෙන්නේ මෙන්න මේ පීඩනය
Deleteමතකද බස් එකේ දොරේ ගහල තිබුණ මේ කයිය විල්බට් අඹතලාවගෙ ,,,
ReplyDeleteඅප හට සිදු වේය ලොකු ලොකු දඩ කන්න
සෙසු හැම දෙනා හට සිදුවෙයි තෙරපෙන්න
ඔබගේ පසුම්බිය ඉඩ ඇත නැති වෙන්න
පාපුවරුවෙ නොසිට කරුණාකර ඇතුලට යන්න …
හරි යං…හරේ … !!
ප්‍රයිවට් බස් නම් විල්බට් අඹතලාව අමතක කරන්නේ කොමද බං?
Deleteඋඹ පත්තර මල්ලිද කොන්දොස්තර මල්ලිද?
නාල්ල, රාජගිරිය,බොඇල්ල ,මරදාන,පංචිකාත්ත,ආමර්වීදිය ,කොටඒන,එට්ටියාවත්ත, එට්ටියාවත්ත ,එට්ටියාවත්ත ,එට්ටියාවත්ත … … … හැත්තෑය හැත්තෑය හැත්තෑය .… යා … රේ . හරි යං හරේ …
Delete!!!
ඔය දැන් නැගපු අය සල්ලි ගන්ඩ.. :D
[ 176 - කරගම්පිටිය - හෙට්ටියාවත්ත] :D
Deleteනැගපු අය සල්ලි ගන්ඩ??????
Deleteඒ මොකටද ...අනික මේ නගින නගින වෙලාවට උඹට සල්ලි දෙන්න ගියොත් මුලුසේසතම පැය දෙක තුනෙන් උඹට දෙන්න වෙයි
පිස්සු නං කෙලින්ඩෙපා සර් ,, නඩුව පරදින්ඩයි යන්නේ ..
Deleteමීට ඇම්ඩා :D ඕ යේස්.
නෑදෑකමට මිතුරැකමට නිලබලයපිට
Deleteනොමිලේ යන්නෝ නැත්තේ නැත කලක සිට
දැන්කාලේ වියහියදම් බලනකොට
බස්හිමියාගෙනුත් අයකල යුතු වෙනවා හෙට
ඡපානේ..මැලේසියාව...ඉතාලිය...කොරියාව...
නගින්ඞෙ..නගින්ඞෙි එයාපොට්...එයා..පොට්.එයාපොට්
ඔය නෝනලා ටික ඉස්සරහහෙන් සල්ලි ගන්න..
Deleteඅරේ යං අරේ
දැන් ඔය මහත්තරැ ටිකත් පස්සෙන් සල්ලි ගන්න
ආ බොල මෙන්ඩියෝ නොනලයි මහත්තුරුයි මැජික් කාරයෝද ඉස්ස්රහිනුයි පස්සෙනුයි සල්ලි ගන්න කියන්නේ
Deleteසුදු ෂර්ට් එක ඇඳං ඉන්න මල්ලි පොල්ල අල්ලං ඉස්සරහට යන්ඩ.. ඉස්සරා ඉඩ තියනවා.
Deleteයා … රේ …
පස්සෙන් සල්ලි ගන්න පුලුවන් නම් අපි බස්වල යනවද මල්ලි?
Deleteඅරි අරි නෝනා එනං දෙපැත්තෙන්ඉඞ දිලා ඉස්සරහෙන් සල්ලි ගන්න.
Deleteමේ.. මල්ලී.. මේ බස් එකේ මයියංගනේට යන්න පුලුවන්ද?
Deleteමල්ලී .. යන්න පුලුවන්. ඉතුරු සල්ලි බහිද්දි ඉල්ලගන්න :D
Deleteයන්ටයි තනන්නේ යන්ටයි තනන්නේ ගම්පොල ගම්පොල.
Deleteපට්ටම පට්ටයි ඉවානයො.. බොහෝ මිනිසුන්ගෙන් බැනුම් අහන පිරිසක් ගැන වෙනස් රාමුවකින් ලියපු පද ටිකක්..!
ReplyDeleteතැනකුයි වේවා සංචාරකයෝ .. හැමදාම අපි බාන්නට මේ මිනිස්සු දුවන්නෙත් අපි දුවන තරඟය මැ තමයි බං
Deleteඉවානෙයො .. උඹ මේ රියදුරෝ දිහා බලපු විදිය සංවේදියි..සාධාරණයි.. ඒ උනාට මගේ හිතේ තියන එකත් ලියන්ඩෙපෑ.. ඇත්‍ත කතාව !!!
ReplyDeleteඔය බස් ඩ්‍රයිවර්ල ඉන්නව නේ මචං.. මට ඩ්රයිවිං සීට් එකේ ඉඳගත්‍ත්ත වෙලාවෙ ඉඳං මාලු නටනවා ඇඟේ..
පාරක යන පිලිවෙලක් තියනවනේ මචං..ප්‍රශ්න රැකියාවෙ පීඩනය අරක මේක අපි හැමෝටම තියනවනේ..
ත්‍රීවිල් එකක් ඔබන්ඩ බැරි තැනින් බරස් ගාල බස් එක ඇතුලට දානවා.. අනේ අපි ඉතිං දුක්මහන්සි වෙලා ගත්‍තවාහනේ නිසා කාණුවටම දාල බේරගන්නවා.
බ්‍රේක් ලයිට් නෑ සිගනල් නෑ මෙලෝ $#@ක් නෑ මේ යන ගමං එහෙම්ම නවත්තවා පාර මැද. බ්‍රේක් ලයිට් බල්බ් පිච්චිලානං කමක් නෑ .. අඩුගානෙ සිග්නල් එක දාපං .. ඒත් නෑ.
ඕවටේක් කරද්දි කපන්නේ එන්නේ ඉස්සරහ එන එකාගෙ මූණට ඔන්න මෙන්න තියලා..වැරදීමක් උනා.. /අනිත් වාහනේ එලවන්නෙ ගෑණු කෙනෙක්/වයසක කෙනෙක්..කලබල උනා කියපං .මළගෙයක් නේ..
බස් එක ගන්නේ අඹරලා ..එතකොට ඉස්සරහ කෑල්ල ගියාම පස්ස එන්නෙ වලිගෙ වගේ ඇඹරිලා.බස් එකේ මූණ විතරයි ඩ්‍රයිවර්ගෙ.පස්ස කොහේගියත් එයාට අවුලක් නෑ... ආයෙ වලිගෙ කොනකවත් බයික් එකක් එහෙම ගෑවුනොත් ඌ යන්නෙ උඩින්..
ඔය යන ස්පීඩ් එකට බ්‍රේක් කරාට අහන්නෙ නෑ.. කහ ඉරි අදාලම නෑ.. වයිෆ්ගෙ යාලුවෙක්ට හම්බෙන්න හිටපු ට්වීන්සල නැති උනා, ඔහොම කැ# යෙක් ෆුට් බෝඩ් එකෙන් අඩිය තිබ්බ විතරයි බස් එක ඇදලා .. බස් එක ඇතුලෙ ඩෝං ගාල වැටිලා . ඒ ගෑනිගෙ අදටත් හූල්ලනවා.. පපුව පත්තුවෙනවා මචං..
කියන්න දාහක් නං තියනවා.. ඒව ඕන් නෑ. මිනිස්සු තමා.ඒත් පාරක යන පිලිවෙලක් තියනවනේ මචං. සෙල්ලං කරන්නෙ ජීවිත එක්කනේ..
ඉවසන්නම බැරිනුනාම කරන්නේ පාර හරස් කරගෙන එන්න නොදී ටිකක් දුර අරං එනවා.. .ඊට පස්සෙ යන්න දෙනවා.. :D
හොඳ රියදුරු මහත්තවරුනැතුව නෙමෙයි..එයාලට මේක අදාල නෑ.
නරක වගේම හොඳත් කියන්න එපැයි.. ඉස්සරහින් පොලිසිය ඉන්නවනම් ලයිට් පාරක් ගහල කියන්නෙත් බස් මචංල තමා.. ඒ ගුණේ තියනවා .
මේව තනිකරම ඒ රියදුරන්ගෙ වරද නෙමෙයි..අනිත් සාධකත් බලපානවා.ඒත් මේවයින් 50% ක්වත් එයාලට තනියම නිවැරදි කරගන්න පුලුවන්.. උවමනාවක් නැතිකම.. .!! වෙන ලබ්බක් නෙමෙයි. !!
Deleteඋඹ ඔය කියන පොදු වැරදි ටික හැමෝම හැමදාම හැමතැනම උන්ගෙන් දකින ඒවා. එත් ඒවාට බැන බැන හිටියා මිසක් අපි නිකමටවත් බැලුවද ඒවා නිවැරදි කරගන්න ක්‍රමයක්.ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ . මුළු සමාජෙම පිස්සු කෙලිනකොට එක ස්තරයකින් විතරක් හික්මීමක් බලාපොරොත්තුවෙන්න බෑ . අපි කෙලින් පිස්සු අපිට පෙන්නේ නෑ වගේම උන් කෙලින් පිස්සු උන්ට පෙන්නේ නෑ .
Delete//"එක මකුනෙක් කෑවා වුනත් එල්ලුම් ගස් හැම මකුණම
කවදද පායා එන්නේ හැමට නැගෙන ඉර අපහට"//
හැම මකුණම කවද හරි කනව නේද? නැත්නම් උන් බඩගින්නෙ මැරෙයි.
Deleteමකුණො ගැන කිව්වෙ , බස් ඩ්‍රයිවර්ල ගැන නෙමෙයි :-D
ඔව් ප්‍රා හැම මකුනම කවද හරි කනවා , එත් කතාවට අපි කියන්නේ එහෙමනේ
Deleteප්‍රා :D උඹත් මරු බං .. කවදහරි කනවා :D
Deleteමගේ බාලම මල්ලිත් කාලයක් ලංගම බස් රියදුරෙක් ( මම ඌව ඕමාන් උස්සනකන් ) . රත්නපුර බදුල්ල කලේ කාලයක්. ඒ දවස්වල (ඔය ලටෙක්ද් මොකක්ද එක එන්න ඉස්සර ) තිබුන ඔය පාන් ගෙඩි වගේ බස් වල පවර් ස්ටියරින් නෑලු. ඌ හැමදාම ගෙදර ආවාම නංගි සිද්ධාලේප ගගා කොන්දයි අත් දෙකයි තවනවා තියෙන අමාරුවට. ඒ නිසාම ඌ බීලා බීලා ලිවර් එකෙන් භාගයකට විතර සාධාරනය ඉෂ්ට කරා. දැන් නං ඌ යහතින් ඉන්නවා. උඹේ රැප කියෙව්වාම මට මතක් උනේ මගේ බාල මල්ලියා...තැන්කූ ඉවාන්...
ReplyDeleteඔය ලටෙක් බස් වල එලවන ඩ්‍රයිවර් මහත්තුරු ඇඹරෙන ඇඹරිල්ල දැක්කම කොන්දක් ඉතුරුවෙනවද කියලා හිතෙනවා . අනික රත්නපුර බදුල්ල කියන්නේ ඇඹරිල්ලේ හොඳම එක . ඔය රූට් එකේ මං දන්න තරමින් පොඩ්ඩක්වත් බොන්නේ නැති ඩ්‍රයිවර් කෙනෙක් ඇත්තෙම නැති තරම් .
Deleteතැනකුයි ආකි
ගෙදර ගිහින් කොමෙන්ට් කොරන්නං කිව්වට ගෙදර ආවෙ දැනුයි ගෙබිස්. හෙට උදේටම දෙන්නං විචාරේ ඈ. ඕන් හවස දාපු ගමන්මයි කියෙව්වෙ හොඳේ. :)
ReplyDeleteZzzzzzzzzz.........
දැන් උදේ වෙලා බොල, කෝ උඹේ විචාරේ ... උඹව ඉස්ටු දානවා බලාගනිං
Deleteමෙන්න මගේ විචාරේ...
Deleteබස් ඩයිවරේද, කොන්දොස්තර මහත්තයාද මනුස්සයෝය. ඔය කියන විදියේ බොහෝම හොඳ ඩයිවර් මහත්තුරුද, කොන්දයියලාද බොහෝ වෙත්. නමුත් ගොන්පාර්ට් දාන ඩයිවර් හාමුලා සහ ඊටත් ඉහලින් ගොන් ඇඩ් එක දෙන පිස්සු කොන්දලා නිසා මේ වෘත්තියේ ගෞරවය හෑල්ලුවට ලක්වී ඇත. හරියටම අර මාතලන් ඊයේ ලිවුව මැදපෙරදිග රැකියා කරන බොහොම අතලොස්සකගේ නරක කල්කිරියාවෙන් ඒ මුලු ශ්‍රම බලකායටම වැදුන හංවඩුව වාගේමය.
පාරේ ඉගිල්ලෙන්න හදන ඩයිවරලාටත්, ඉබි ගමනින් යන අයටත් මම එකහෙලා විරුද්දය. නමුත් මෙහෙම කියමනක්ද ඇත; when you are driving, anyone who is faster than you is a BIGHEAD and anyone who is slower than you is a MANIAC. ඒ නිසා ඔය ඩයිවර් මහතැන්ලාටත් තමන්ගේ රිය ධාවනයේ වරදක් නොපෙනෙනවා වෙන්නත් පුලුවන්ය.
ඔය ඇති නේ. ඩයිවර්ල ගැන අනිත් අයත් ඇතිවෙන්න කියල තියෙන්නෙ.
නිර්මාණය ගැන කියනවානම්. මෙය ඉවාන් ගෙඹිලූශාට ආවේණික රචනා ශෛලියක් වන අතර, "සිකුරුටියා, චූන් පාන් මල්ලි, අහිකුණ්ටිකයගේ රිළවා" වැනි සමාජයේ අපි නිතරම දකින, නමුත් සැබෑ ලෙසම නොදකින චරිත වල සංවේදී සියුම් තැන්, උපහාසාත්මක වදන් සමුදායකින් පාඨක දෙනෙත් මානයේ විදාරණය කරන නිර්මාණ රටාවේ තවත් එක් ඉදිරි පියවරකි. (මේම කිවුවම මිනිස්සු හිතයිද මන් බුඩ්ඩිමට් කියල?)
අනායාසයෙන් ගලා යන සරල, සුගම වදන් සමුදාය පාඨක සිත් ඇද බැඳ ගන්නේ නිතැතින්මය. පොළවේ පය ගසා ජීවත්වන මිනිසුන්ගේ ජීවිත හා බැඳුනු, කටුක යතාර්ථයෙන් කවිකම් ගෙතුමට එළිසම, විරිත් හෝ සංකීර්ණ කාව්‍යෝක්තීන් යොදනු කිම. මට මහගමසේකරයන්ගේ පැදි දෙපලක් සිහිවේ,
බිඳෙන් බිදේ ජලේ
පයිප්පයෙන් වැටේ
සුරංගනාවියෝ
මුඩුක්කුවෙන් බසිත්
සැබැවින්ම ගෙඹිලූශා මේ ගයන්නේ පොළවේ පය ගසා ජීවත්වන සැබෑ මිනිසුන්ගේ ජීවන ගීතයයි.
ඇති බන්. වැඩත් තියනව. ඔය මදැයි නේද?
///""when you are driving, anyone who is faster than you is a BIGHEAD and anyone who is slower than you is a MANIAC.""// ඔන්න ඔය කතාව සහතික ඇත්ත , වෙන් එකක් තියා වහනයක් ජීවිතේට එක සැරයක් එළවලා තියෙන ඕන එකෙකුට ඔය විදිහට හිතෙනවාමයි .
Deleteඅර කවියනම් දන්නේ නෑ ..හැබැයි විචාරේ කියෙව්වමනම් හිතුනේ ප්‍රබුද්ධ ලියලා තියෙන්නේ මහගමසේකර නෙවෙයි බස්සි කියලා .අනිවා මත හිතුව උඹ බුද්දීමට් කියලා මේක කියෙව්වම .
සිකුරුටියා චූං පාන් අවගේම මේ ඉන්නෙත් අපි නිතරදෙවේලේ දකින ,හැබැයි අපි වැඩිය තැකීමක් නොකරන මිනිස්සු . අපි නොදන්න පැත්තක් හැමවිටම තියෙනවා මේ මිනිස්සුන්ගේ.
//"' සැබැවින්ම "දෙවිලූශා" මේ ගයන්නේ පොළවේ පය ගසා ජීවත්වන සැබෑ මිනිසුන්ගේ ජීවන ගීතයයි.""// තැනකුයි බස්සි
මචෝ උඹට ඉප්පෙලින් මිට්ටේක් එකක්. දෙවි නෙමෙයි ගෙඹිලූශා. අයියූ කණ්නාඩි දාපම් ඩෙවිල්ලූශා....
Deleteබස්සි බොක්කෙන් එකගයි විචාරේට.
Deleteඑල ද බ්‍රා.
කඳු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ
ReplyDeleteසුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ
කන්ද වසා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ
එක හිත නැති නුඹේ හිතත් දහ අට වංගුව වාගේ
මැද නුවරින් මං එනකොට නැගගෙන මහ කන්ද දිගේ
ඉස්සරනම් නුඹ උන්නා උඩුදුම්බර හිච්චි නඟේ
දැන් නොදකින හේතුව මට අදවත් පවසන්න හොඳේ
මගේ හිතත් සැලෙන්නෙ නෑ හුන්නස්ගිරි කන්ද වගේ
කන්ද බැහැලා මහියංගන වෙහෙර වඳිමු අපි දෙන්නා
කියූ වදන් ගොළු කරගෙන දුම්බර උත්පලවන්නා
වාන් දමන්නට කලියෙන් බැෛම්ම උඩින් හිත පන්නා
අලු නොගැසුනු මගේ හිතත් කුළු ගඟටම දන් දුන්නා…
ඒ වුනාට ඌට මෙහෙමත් හිතෙනවා ඇති බං
Deleteදිනෙක රන් සළු පළදා
සඳ නැගි මේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ
පෙම් දෝලාවෙන්...//
ඇසුරු කළ කම්පන හා සැනසිලි පස මිතුරු
ගෙවුනු යෞවන විය තනි නොතනියේ උන් අයුරු
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැදලා පවුරු
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරු
දිනෙක රන් සළු...
වියලි මග මහ වැලි කාන්තාර පසු කරවා
පවස සන්සිදවන ලෙස දිය උල්පත් අරවා
පරව ගිලිහෙනතුරු සියොලග කලු සළු පොරවා
ඔබය දිය යුතු හිස්වන විට දිවි විත පුරවා
දිනෙක රන් සළු...
පත්තරයා එල ද බ්‍රා
Deleteසංජීව මචෝ
Deleteදැං හිරු FM සිංදු කාමරේ වගේ . නැද්ද හා.. :D
අම්මට සිරි! මට හරියන පොට් එකක්.
Deleteකවි ටික නියමයි ඉවානයෝ.. උඹ සමහර දේවල් දිහා බලන විදිහයි ඒක අපිට පෙන්නන්න හදන විදිහයි ඇත්තටම නියමයි..
ReplyDeleteස්තුතියි දිනේෂ් , ඒ ආකාරයෙන් මිනිස්සු දිහා බැලුවම අපි දකින්නවත් කැමති නැති මිනිස්සු ගැන පවා ඇතිවෙන්නේ අනුකම්පාවක්
Delete//රෑ දොළහට ගෙදර ගිහින් ආපහු දෙක තුනට එන්නේ
ReplyDeleteඅඩු ගානේ මගෙ ගෑනිගේ හැඩරුවවත් නෑ දකින්නේ//
පව් අප්පා......
පව්දත් අහනවා ..... අඬන්න හිතෙනවා නේ
Deleteඒ උනාට නෑමං කවදාවත් දුක් වෙන්නේ
Deleteඅල්ලපු ගෙදර ගුණේ අය්ය එයා බලා ගන්නේ !
රයිටෝ.
Deleteකපල් එකට ගැලරියෙන් ඇන්කෝර් එක..
ලයිට් ඩිම් කරන්ඩ අයියා..
අඬන්නෙ ඇයි සුදු මැණිකේ
කියන්න පණ මාගේ
හෙලන්නෙ ඇයි කඳුලැලි
ආදර නිල්මිණි දෑසේ
එල එල....
Deleteඅඬන්නෙපා දැන්
ළඟින් හිඳින්නම්
නෙතින් බැඳෙන්නම්
සිනාසෙන්න දැන්න්න්න්
කඳුල ඉතින් සමාවෙයන්
Deleteඅපි වෙන්වෙමු අද හවසට
මගෙ කුටියට ඈ එනවා
සිරියහනේ තනි රකින්න
හුරේ . ජය වේවා !!
අයියා ලයිට් ඩිම් කරන්ඩ එපා.මේන් එකෙන්ම ඕෆ් කරල දාන්ඩ..
ඉවාන් අපි කැපුනා.. :D
අඞෝ ඔහේ හිටු කොහේ කැපෙන්නද
Deleteසැදා අදුර ලොව ගලන වෙිලාවට
කවුලු පියන් පත් වැසෙන වෙිලාවට
සහසක් සොම්නස් සිහින පවුරැ මැද
තනිවුන ඔබේ සුසුමයි...
නියම කවිය මෙන්ඩියගේ
Deleteදම් පාටින් ලා සඳ බැස යනවා
Deleteආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි...
නොදොඩා ඉන්නේ ඇයි...
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑගෙයි
දෑසට ලංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මම්...
ගොළුවී ඉන්නෙමි මම්..
ඉවාන් මම කැසට් පිස් එකකුත් කරපු කොල්ලේක් අෑ..අපේ ෂින්දු වලට කව් කියන්ඞ එපා. රොකා්ඞ් බාර් වල ඇති
Deleteසංඡිව මෙන්ඞිස්ගේ අහලා ගල් ගහපිය
අහලා ගල් ගහපිය අංක 2, ගහලා එලවපිය.
රැවක් ඇදෙනවා...කවුදෝ එනවා..
මිවිත ඇදිරිය දැස වසනවා..
හදපොදි බැදි දුක දියකර පාකර
ඔබෙි ලොවට මා.... මොහොතින් එනවා.
පට්ටයි ඈ සින්දු කාමරේ.. එකෙන්ම..
Deleteනියම විචාරයක් පසුවට...:)
ReplyDeleteකෝ ඉතිං විචාරේ ..ඔන්න අද හවස් වෙනකන් බලලා විචාරේ දැම්මේ නැත්තං එනවා ගෙදර
Deleteවිචාරේ දැම්මොත් ගෙදර එන්නේ නැති හන්දා විචාරේ නෑලු... :D
Deleteඑහෙනං ගෙදර එන්නං , මම බයේ හිටියේ විචාරේ දායි කියලා... එහෙම වුනානම් එන්න වෙන්නේ නෑනේ ..... මේ .. කේන්දර කොපියක් අරන්ම එන්ටද..? :D
Deleteඔයා යන, යන තැන්වල කේන්දර කොපියකුත් අරගෙනමද යන්නේ? :P
Deleteඔයා යන, යන තැන්වල කේන්දර කොපියකුත් අරගෙනමද යන්නේ? :P
Deleteඔව් මෙයා කොයි වෙලාවේ ඕන වෙයිද කියන්න බෑනේ, හැක හැක හැක බය වෙන්න එපා, මේකනම් මේ ඔයාට නෙවෙයි වෙන කෙනෙකුට දෙන්න යන ගමන් :P
Deleteමේක දෙන්නෝනි බස් ඒකේ නැගල විරිදු කියන අයියෙක්ට ... කෝමද සැප??
ReplyDeleteමචං.. අපේ පැත්තෙ කොල්ලෙක් ඉන්නව ඌට කියන්නෙ ඩ්‍රැයිවර් කියල. හැබැයි පොරට ලයිසන් නැහැ. දවසක් පුරුදු වෙන්න කියල ලොරියක් පදින්න ගිහින් ඌ ලොරිය දැම්මා වෙලට.. එදා ඉදන් තමා පොර ඩ්‍රැයිවර් වුනේ..
ඩ්‍රැයිවර් මං ටොපික් එක දැක්කම ඌව මතක් වුනේ :)
නියමෙට තියෙයි , එහෙම එකෙක් දන්නවනම් දීපන්කො ...
Deleteහැබැයි ඌ නියමම ඩ්‍රයිවර් , ඌ පුරුදු වෙන්න හොයාගෙන තියෙන වාහනේ බලපන්කො ,මරු , ඇති ඔයින් ගියා
සෑම්,
Deleteඅපේ ඉස්කෝලෙ කොල්ලෙක් එක මීට් එකකදී චැම්පියන් වෙන්න කියල ඉවෙන්ට් තුනක් කරලා තුනම පරාදයි.එදා ඉඳල උගෙ නම චැම්පියන්.
ඉස්සර ලංගමේ ඩ්‍රයිවින් ස්කූල් එකක් තිබ්බ කටුබැද්දෙ. එකේ බස් එකක් එක පාරක් ඔය පානදුර පැත්තෙ වෙලකට පෙරලිල, කවුද කඩප්පුලි පත්තර කාරයෙක් ෆොටෝ ගහල දාල තිබ්බ රිවිරැස හරි දවස හරි දෙකෙන් එහෙක. බස් එක වෙලේ. පිටිපස්සෙ අලි අකුරින් ගහල තීනව "ඔබටද මෙලෙස පුහුණුවිය හැක" කියල.
Deleteඅපේ රටේ වෙන බොහොමයක් දේ වගේම ප්‍රයිවට් බස් සංස්කෘතියටත් දොස් පැවරෙන්නෙ ඩයිවරයාටත් කොන්දාටත් උනත් ඇත්ත නම් කෙල ගැසිය යුත්තේ මේ අසමජ්ජාති සංස්කෘතිය බිහි කරන්න උර දුන්න අයටත් කිසිම නීතියක් රීතියක් සංවරයක් නැති විදිහට ඒකට ඉස්සරහට දසක ගනනක් යන්න දුන්න අයටත්.. අපි දකින සංවරයක් හැදියාවක් නැති අසමජ්ජාති ඩයිවරයාත් කොන්දාත් අර අසමජ්ජාති සංස්කෘතියෙ නිශ්පාදන.. ලෝකෙ කොය්ම රටකවත් අපේ රටේ වගෙ අසමජ්ජාති පොදු ප්‍රවාහන සේවාවක් මං දැකල නෑ. මෙහෙම කියන්නෙ මං රටවක් විසි තිස් ගානක පොදු ප්‍රවාහන සේවා දැකපු කෙනෙක් නිසයි.. අපේ රටේ පොදු ප්‍රවාහන සේවාව විශෙෂයෙන්ම පුද්ගලික බස් සේවාව දුවන්නෙ කැලේ නීතිය අනුව..
ReplyDelete//"අපි දකින සංවරයක් හැදියාවක් නැති අසමජ්ජාති ඩයිවරයාත් කොන්දාත් අර අසමජ්ජාති සංස්කෘතියෙ නිශ්පාදන"//අනන් හරි සරත් අයියේ ඔන්න් ඕක තමයි අපි අමතක කරන තිත්ත ඇත්ත . සමාජයම අසමජ්ජාති වෙලා එක පිරිසකගෙන විතරක් හික්මීමක් බ්බලොප්රොත්තු වෙන කවුද කුහක කියන දේ තමයි තේරෙන්නේ නැත්තේ
Deleteමට නම් කොහොමත් ඔය වගේ මිනිස්සු ගැන තියෙන්නේ අනුකම්පාවක්... බස් රියදුරු, කොදොස්තර, එතකොට ත්‍රිවිල් එලවන අය, ඔය නාටාමි ල, ඊට පස්සේ කම්කරුවෝ ගැන, ඒ වගේම තමයි පොලිසිය ගැනත්.. ඔය ඉවාන් කියල තියෙන දේවල් ඒ මිනිස්සුන්ගේ පවුල් පැත්තෙන් නම් සම්පුර්ණ ඇත්ත.. දුක් විඳින රැකියා කරන මිනිස්සු. හැබැයි ඉතින් මිනිස්සු මොන රැකියාව කලත් ටිකක් වගකීමෙන් කරන්න ඕනේ. එකට පවුලේ ප්‍රශ්න වත් ළමයින්ගේ ප්‍රශ්නවත් ගාව ගන්න බෑනේ බන්... සාමාන්‍ය ජනතාව විදියට අපි හැමෝම ඔය රස්සාවල් කරන්නේ ඔය වගේ ප්‍රශ්න ගොඩක් ඔලුවේ තියාගෙන. ඉතින් තමන්ට තියෙන ප්‍රශ්න අනුන්ගේ ජිවිත වලට කරදරයක් සිද්ද වෙන විදියට වැඩ කරන්න නිදහසට කාරණයක් කර ගන්න ඔට්ටු නෑ නේ..
ReplyDeleteහැබැයි ඔය මිනිස්සු ගැන අනිත් අය ටිකක් සංවේදීව බලල කටයුතු කරනවනම් ඒ මිනිස්සුන්ගේ ජිවිතත් වෙනස් කරන්න පුළුවන් වෙයි. උඹේ මේ සටහන එහෙම බලන්න පුරුදු වෙන්න ලොකු උදව්වක් වෙයි.
මේක අපි හැමෝම එකතු වෙලා ගොඩ ගන්න ඕනේ රටක් බන්.. ඉස්සෙල්ල අපි අපේ ආකල්ප වෙනස් කරගන්න ඕනේ. ඔය රැල්ලට ගිහින් ඔහේ විවේචනය කරන්නේ නැතුව. ඊට පස්සේ අනිත් අයටත් ඒ ආකල්ප වෙනස නිසා සෙතක් ඇතිවෙන විදියට වැඩ කරන්න ඕනේ...
“You must be the change you wish to see in the world.” - Mahatma Gandhi
//''හැබැයි ඉතින් මිනිස්සු මොන රැකියාව කලත් ටිකක් වගකීමෙන් කරන්න ඕනේ. එකට පවුලේ ප්‍රශ්න වත් ළමයින්ගේ ප්‍රශ්නවත් ගාව ගන්න බෑනේ''// හරි පැතුම් , ඒවුනත් එහෙම වගකීමෙන් කටයුතු කරන්න තරම් ඒ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම ඉහල නෑ, යම් තරමක හෝ අධ්‍යාපනයක් නෑ . ඒ හේතු එක්ක ඒ මිනිස්සුන්ට මේ දේවල් කළමනාකරණය කරගැනීමේ හැකියාවක් නෑ . ඒකට තමයි අනිත් පිරිස් උදව් කරන්න ඕනේ. වැඩේ තියෙන්නේ මේ අනවරත තරඟයේ දුවන කාටවත් ඒ කැපකිරීම කරන්න වෙලාවක් නෑ
Deleteමේකනෙ ඉවාන් අය්ය කතාව...
ReplyDeleteඔය හුගක් අය බස්වල යනව.. ඒ තරමට කොන්දට ඩැයියට බයිනව... පැණිය කියනව අරක කියනව මේක කියනව...
තව ගං කබරය කියනව... කතා ගොඩයි...
ඒ විතරක්යැ ඕක මගෙ රුපියලටත් විද්ද...
පට්ට වේසාව...
අර ඩැයිවරය මහ වේ** ගුතෙක් බලකො හු***
ඔන්න ඔහොම නෙ කියන්නෙ...
එහෙම කියනඅය තමා වැඩි.... ඒත් කවදාවත් හොද විදියට බලල නෑ... මේක උංගෙ රස්සාව ඒක කරොත් තමයි උං ජීවත් වන්නෙ... ඒ මොනවත් හිතන්නෙ නෑ...
මහ ලොකුවට බුද්ධාගම බුද්ධාගම කීවට කිසි එකෙක් දන්නෙ නෑ උපේක්ෂාවෙන් බලන්න..
ඒ හැටි අපේ උංගෙ හැටි... ආකල්ප වෙනස් කරන්න ඕනෙ... ඒත් ඉස්කෝලෙක වත් එහෙම වෙන්නෙ නැ... මොකද ළමයින්නෙ ආකල්ප වෙනස් කරන්න ගියොත් තමන් ට ගෞරවයක් නැති වෙයි බයයි...
මේ වගේ වෙනස්ම විදියට හිතල උංගෙත් හොදක් තියනව කියල හිතල ලීව වෙන කව්රුත් දැකල නෑ...
ඇති ඒත් මං දැකල නෑ...
පට්ට නියමෙට ලියල තියෙනව...
ජයවේවා
ස්තුත්යි මහේෂ් හැමෝම බලන විදිහට මේ හැමදෙයක්ම දිහා බැලුවොත් ලෝකේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ. අපි අපිට පුළුවන් තැනකින් මිනිස්සු දිහා වෙනස් විදිහට බලන්න ඕනේ, අනිත් අයවත් ඒ විදිහට දකින්න පුරුදු කරන්න ඕනේ. එක තමයි සමාජ වගකීම කියන්නේ . මේ වගේ නෙවෙයි තව මීට අන්ත දුක් විඳින රැකියා කරන මිනිස්සු ඉන්නවා සෑහෙන්න
Deleteසිරාවට උඹ උන් එක්ක කතා කරල නේද මේක ලිව්වේ.. උපරිමයි..
ReplyDeleteනිතරම කතා කෙරෙනවා දේශා .. ඔය ප්‍රයිවට් බස් කොන්දොස්තරලා ,ඩ්‍රයිවර් ලා ඉන්නවා මගේ යාලුවෝ අතරේ . ඒ මිනිස්සු විහිළුවෙන් තහළුවෙන් කාලය ගෙව්වට ඉන්නේ හිතේ අසහනෙන්
Deleteනියම නිර්මාණයක්. උබත් ඒ සංස්කෘතියට බැහැලා නිර්මාණය කරලා තියෙනවා
ReplyDeleteඒ සංස්කෘතියට බහින්නේ නැතුව පිට සමාජයේ සංවේදී කාරනා ගැන කතා කරන්න බෑ බං
Deleteකියන්න ඕන දේවල් ඔක්කොම උඩ අය කියලා ...නිර්මාණය ගැන කියන්න දෙයක් නෑ නියමයි මට නම් හොදම ටික මෙතන ඉදන් පහලට තියෙන පද ටික ....
ReplyDelete////පෝයට අවුරුද්දටවත් නිවාඩුවක් නෑනේ ගන්නේ
එහෙම වුනොත් ටෙම්පරියට දුවන එකා මෙහි ලගින්නේ
එහෙම වෙලා පාරට වැටුනොත් මට අබසරණ වෙන්නේ
කාගේ වුනත් මගේ නමට දරුවොත් හතරක්ම ඉන්නේ /////
තැනකුයි සහෝ ... ඔව් බං අපි නිවාඩු දවසට පාර ගිහින් බස් එකක් නැති වුනාම කොච්චර බන බැන ඉන්නවද එත් මේ මිනිස්සුන්ට නිවාඩු දවසක් වත් නෑ බං
Deleteහැම ඩ්‍රයිවර්ලම ඔහොම නෑනේ....
ReplyDeleteකවුරු හරි නැග්ග ගන්න ඕන උනාම. "මල්ලි පොඩ්ඩක් පල්ලෙහට බැහැල ඉඩ දෙමුද?"
ඊට පස්සේ බස් එක ස්ටාර්ට් කරපු වෙලේ ඉඳන්, "ඔය ෆුට් බෝඩ් එකේ ඉන්න මල්ලි උඩට නගින්න නැත්තං බහින්න"
උකුස්සා ... ඔව් බං හැම ඩ්‍රයිවර්ලම ඔහොමත් නෑ ,මෙහෙමත් නෑ.. මම කියන්න උත්සාහ කලේ උන්ගේ අපිට නොපෙනෙන පැත්ත මචෝ
Deleteකාටවත් වැඩිය ඇස නොගැටෙන නමුත් කතා කල යුතුම සමාජෙ ඉන්න තවත් පීඩිත මිනිස්සු කොට්ඨාශයක් ගැන ඔබේ කවි සිත් අවදිවෙලා. සමාජෙ හැම කොටසටම සිංදු කියපු කපුගේ ශූරීන්ටත් මේ ගැන සිංදුවක් තිළිණ කරන්න බැරිවුනානේ.
ReplyDeleteඇත්තෙන්ම විශ්ෂ්ඨයි. තව මිනිහෙක්ගෙ දුකක් තවත් එකෙක්ගෙ හදවතට දැනෙන උන් අඩුයි අද.
මනොෂ් - ඔබ වැන්නවුන්ට මිනිසුන්ගේ දුක අමුතුවෙන් කියාදෙන්නට දෙයක් නෑ කියලා මම හොඳින්ම දන්නවා, ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි ඔබ මේ මහපොළොවේ පය ගසා සිටින කෙනෙකු නිසයි ස්තුතියි මනොෂ්
Deleteපද පේලි ටික නම් අපූරුයි...
ReplyDeleteදවස පුරාවට සුක්කානම අතට අරගෙන බස් එකේ යන මිනිස්සු, පාරේ යන මිනිස්සු, ගැන වගේම අතට කීයක් හරි හම්බකරගෙන ගෙදර එනකන් බලාගෙන ඉන්න ගෙදර උදවිය... ජීවිත කීයක් ගැන නම් හිතන්න ඕනේද..
තමුන්ගේ ගෙදර මිනිස්සු වගේම පාරේ යන එන දාස් ගානකගේ ජීවිට ගැන වග කියන්න ඕන රැකියාවක නිරත වෙන මේ වගේ මිනිස්සුන්ගේ ම්මන්සිකත්වය යහපත් කිරීමට අපි හැමෝම දායක වෙන්න ඕන, ඒ වගේම රජයටත් ඒ පිළිඹඳ පැහැරහැරිය නොහැකි වගකීමක් තියෙනවා
Deleteමෙච්චර කල් බස් ඩ්‍රයිවර් කෙනෙක් ගැන මට අනුකම්පාවක් හිතිලම නැහැ. ඔන්න ඉවාන් අද ඒකත් ඔයා කලා ....
ReplyDeleteඅපිට රකුසන් වගේ පෙනෙන , කොටින්ම කිව්වොත් අපිට පෙන්නන්න බැරි මිනිස්සු බොහොමයකගේ ඇතුලාන්තය මේ වගේ ඛේදවාචකයක් සෝන්යා . මේ රැකියාවන් මීට වඩා විද්‍යානුකූල වගේම විනයානුකූල කිරීමට රජයට පහසුවෙන් මැදිහත් විය හැකියි . එත් ඔවුන් ඒ වගකීම සම්පුර්ණයෙන් කර අරිනවා
Deleteඉවාන්,,,උඹට මිනිස්සු දිහා වෙනත් කෝණයකින් බලන්න පුළුවන් වීම ලොකු දෙයක්. හැමෝම රෙද්ද කරට අරන් එන තැන්වල උඹලා වගේ රෙද්ද පාතට දාගෙන ඉන්නවුන් සතුටක්. නියම කවි රැප.
ReplyDeleteඅපි හැම වෙලාවේම දකින්නේ සහ දකින්නට බලාපොරොත්තුවෙන්නේ අපේ රාමුව ඇතුලේ පමණයි , එයින් පිටත ලෝකය පුදුම විදිහට ඛේදනීයයි අරූ
Deleteඉවාන් මේක පට්ටයි!
ReplyDeleteසරලයි සුගමයි හැබැයි තේරුම බරයි!
අපි මිනිස්සු දිහා වෙනස් කෝණයකින් බලන්න ගන්නකල් සමාජේ කචල් තමයි.
හැබැයි ඒ වගේම අපේ ඒ වෙනස් කෝණය සහ අනුකම්පාව භූමිකම්පාව වෙන වෙලාවලුත් තියෙනවා.
ලිවිල්ල නියමයි.ජය වේවා!
අනුකම්පාව භූමිකම්පාවක් වෙන්නෙත් මේ මිනිස්සු නිතරම අවට සමාජය ගැන සැකයෙන් හිඳීම නිසා තමයි තනිතරු , කොහොමත් ඕනෑම තැනක හොඳ නරක මිනිස්සු දෙවර්ගයම ඉන්නවනේ , ස්තුතියි තනි තරුව
Deleteහා අනික් එක දැන් තමයි දැක්කේ "ඉස්සන් වෙනුවෙන් නොව මිනිස්සු වෙනුවෙන්" කියලා..ඒකත් හැබෑව අර කියමනක් තියෙන්නේ ඉස්සගේ ඔළුවේ ගූ කියලා..හී හී..අපේ සමාජේ ඉස්සෝ තමයි වැඩි..
ReplyDelete(දැන් මගෙන් අහන්න එපා ඇත්තද කියලා..මොකද මම සත්ව විද්‍යාව කරලා නැතෝ..)
අහන්න දෙයක් නෑ එක ඇත්ත
Deleteඅනික දැක්කේ නැද්ද "මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ "
ඒකට මම එකෙන්ම මනාපයි ඈ..කලින් කිව්වද මතක නෑ...:D
Delete(Y)
Deleteසමාජේ ඇතුලේ කොයි තරම් ඉන්නවාද තවත් ඔය වගේ අය.ඒ මිනිස්සුන්ට වුණත් කොයි තරම් ප්‍රශ්න ඇතිද?හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ රියදුරෙක් කියන්නේ කොයි තරම් ප්‍රශ්න තිබුණත් තමන්ගේ රාජකාරිය නිවැරදිව කල යුතු අයෙක් නිසා.තමන්ගේ ප්‍රශ්න නිසා මගී ජිවිත අනතුරේ නොවැටෙන විදියට සුක්කානම කර කැවීමේ අභියෝගේ ජය ගන්න ඕනේ.
ReplyDeleteඋඹේ කතාවට 200% ක් එකඟයි , ඒ සඳහා අපිත් ඒ මිනිසුන්ට සහයෝගය දිය යුතුයි නේද මනෝජ්
Deleteකඳු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ...
ReplyDeleteසුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ...
කන්ද වසා හිත රවටා බැල්මක් වැටුණිද කාගේ..
එක හිත නැති නුඹේ හිතත් දහඅට වංගුව වාගේ..
ඈ මෙන්න උඹටත් පත්තරයට මතක් වෙච්ච එකම මතක් වෙලා
Deleteඅඩේ සිරාවටම මම කොමෙන්ටු කියෙව්වෙ එහෙන් මෙහෙන් නොවැ
DeleteI am in fact happy to glance at this blog posts which includes tons of helpful
ReplyDeletedata, thanks for providing these data.
My web-site: Grow Taller
Hello! This post could not be written any better!
ReplyDeleteReading through this post reminds me of my old room mate!
He always kept talking about this. I will forward this article to him.
Fairly certain he will have a good read. Many thanks for sharing!
Have a look at my web page Toe Pain Prevention
ඉවාන් අයියා නිසදැස් ලියනවා දැක්කමයි ..
ReplyDeleteමොනා බොල උඹ අදද මේ බ්ලෝග කියවන්නේ .. මේ කෝ අපේ ධාරා
Deletelassanai
ReplyDeletedilani
ස්තුතියි ඩිලානි
Deleteදුක දෝරෙ ගලනවා ඉවාන් අයියෙ. උන් විතරක් නෙමේ මේ ලෝකෙ තව කොච්චර නම් ඉන්නවද කියල හිතෙනවා. මං නම් හිතන්නෙ හැම කෙනෙක්ම දුක් විදිනවා. මේ කව් පන්තියෙන් ඒක ලස්සනට ඔප්පු කරල තියෙනවා. යථාර්තවාදි සමාජ දැක්මක්.
ReplyDeleteලෝකේ තව සෑහෙන්න ඉන්නව බං අපිට නොපෙනී දුක් විඳින මිනිස්සු , අපිට් ඒ දිහා බලන්න වෙලාවක් නෑ, ඇත්තටම ගත්තොත් අපිත් තරඟය දුවනගමන් බලනකොට මේ දේවල් පෙන්නේ නෑ
Deleteඉවාන් අයියෙ පව් බං ඒ මිනිස්සු...අපිත් බස් එකේ ගියොත් හිතිං හරි ඩයිවරයගෙයි කොන්දගෙයි අම්මා කොච්චරනම් මතක් කරනවද?පව් බං බලං යද්දි.ඒ මනුස්සයොන්ටත් කී දාහක්නං ප්‍රශ්න ඇද්ද
ReplyDeleteමල් මල් ... අපි බස් වල ගිඔයත් නොගියත් ඒ මිනිස්සුන්ට නිතර දෙවේලේ බනින එක තමයි කලේ, එත් ඇතුලාන්තය මේ වගේ තමයි බං
Deleteජීවත් වෙන්ට මිනිස්සු විඳින දුක !. මේ මිනිස්සු දිහා උඹ බලපු කෝනෙන් බලන්ට පුළුවන් වීම හමොටෝම නැති උසස් ගති ගුණයක් . මේක ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවර්ලා ගැනම තියෙන හින්දා කියන්නේ , මමනම් වැඩි හරියක් දැකලා තියෙන්නේ ඔය ජාතියේ මිනිස්සු නෙවෙයි.
ReplyDeleteප්‍රයිවට් ,සී.ටී.බී. ඔක්කොගෙම වගේ ඉරණම මේක තමයි . මෙතන ප්‍රයිට් කියලා කිව්වේ අපේ ක්‍රෝධය වැඩිපුර එල්ලෙවෙන්නේ එතනට නිසා
Deleteඅදහසක් හැටියට ගත්තොත් බොහොම වටින දෙයක් උඹ මතුකරල තියෙන්නෙ. මම ඔය බස් කාරයො ගැන සෑහෙන්න දන්නව හේතු කිහිපයක් නිස. ප්‍රයිවට් බස් අපු කාලෙ සහ ඒසී ඉන්ටර්සිටි ආපු කාලෙ ඒවගෙ හිටපු ඩ්‍රයිවර්ල කොන්දල බොහොම හොඳට හම්බු කලා, වැඩිහරිය ගොඩ ගියා. ඒත් දැන් මේ ඉන්දියන් බස් එලවන මිනිස්සු පුදුම අපහසුවකින් ඉන්නෙ. ඒ වගේම තමයි බස් අයිතිකාරයො බස් වලට රියදුරෝ සහ කොන්දොස්තරල හොයා ගන්න විඳින දුක. ඔය කිව්වට දැන් ටෙම්පරියට ඩ්‍රයිව්‍රල ලේසියට හොයා ගන්න බෑ. අනික් පැත්තෙන් දවසෙ ගාන හොයා ගත්තෙ නැත්තන් තියගෙනත් බෑ.
ReplyDeleteකිසිම අයිතිවසිකමක්, නිදහසක් නැති බස් ඩ්‍රයිවර් කෙනෙක් දාඩිය දාගෙන දවසෙම බස් එකක් එලෝන එක ලේසි වැඩක් නෙමෙයි. කොන්දෙක්ට උනත් එහෙමයි. ඒ හින්ද දැන් කොළඹ අවට බහුතරයක් බස් රියදුරෝ කොන්දො කුඩ්ඩො. ඒකයි ඇත්ත.
ලංකාවෙ තියෙන නියමෙටම රයිම් වෙන බස් රූට් එක මම දන්න විදියට "කුඩා වැල්ල, මාවැල්ල හරහා තංගල්ල"
තව අපි හදපුව තියෙනව.... අඹතලේ, කන්තලේ බගතලේ මිහින්තලේ...මිහින්තලේ...
මඩකිස්ස, ගල්කිස්ස, ගල් අස්ස...කීඹිස්ස..කීඹිස්ස..
ඉස්සර ට්‍රිප් යන බස් හිටපු ගමන් සෙනග ඉන්න හෝල්ට්වල නවත්තල ඕව කියල කෑ ගහනව.
ඈ ඉන්දික දැක්ක කල්, නිවාඩුව ඉවරවෙලා ආපහු ගියාද?
Delete""ප්‍රයිවට් බස් ආපු කාලෙ සහ ඒසී ඉන්ටර්සිටි ආපු කාලෙ ඒවගෙ හිටපු ඩ්‍රයිවර්ල කොන්දල බොහොම හොඳට හම්බු කලා, වැඩිහරිය ගොඩ ගියා"" ඇත්ත ඒවාට උදාහරණ මාත් ඕන තරම් දැකලා තියෙනවා . දැන් ටෙම්පරියට මිනිහෙක් හොයාගන්න් බෑ තමයි ,අනික ටෙම්පරියට එන එකත් එන්නේ කොහොම හරි එව්තන පදිංචි වෙන්න බලාගන .
දැන් ඉන්න බස් කොන්දලා ද්රිවර්ලා වැඩි හරියක් කුඩ්ඩෝ තමා , මොකද අඩු පඩියට ගන්න ඉන්නේ උන් විතරයි
///කොළඹ අවට බහුතරයක් බස් රියදුරෝ කොන්දො කුඩ්ඩො. ඒකයි ඇත්ත.////
Delete'@ඉන්දික.... ඇත්ත.... මම දැකපු දේ 1987 කාලය මම ලියන්නම්. සහසුද්ද ඇත්ත. ඒක සමාජ කතිකාවක් කරමු. මට පොඩ්ඩක් ඉඩ දියන් ඒ 84-87 යුගයට යන්න.
කවියකින් පිළිතුරක් ලියන්න ඕනේ කම තිබ්බත් සමාවෙන්න, දැන් නම් හිතට එන්නේ නෑ.. බස් විතරක් නෙවේ, අපි හැමදාම යන එන දුම්රිය රියදුරු මහත්තුරුත් ඔය වගේම, සමහර වෙලාවට ඔයිට වැඩිය කට්ටක් කනවා.. සමහර වෙලාවට සිග්නල් නැතුව ට්‍රේන් එක පරක්කු උනත් පලු යන්න බැනුම් අහන්නේ ඩ්‍රයිවර්ගේ අම්මල..
ReplyDeleteඑක දවසක් නුවරදී ගෑනු කෙනෙක් කෝච්චියට හැප්පිලා. ඒක බලන්න ආවලු ඒ ගෑනු කෙනා වැඩ කරපු තැන කට්ටියත්. එයින් එක ගෑනු කෙනෙක් ගිහිල්ල ඩ්‍රයිවර් මහත්තයට බැනල මෙන්න මෙහෙම- "ඔය ගොල්ලෝ මේවල යන්නේ හරියට මේවා ඔයාලට ලියල දීල තියනවා වගේ නේ.. මේවල මිනිස්සු යනවා පොඩ්ඩක් බලාගෙන හෙමීට යන්න බැරිද..."
කොහොමත් වැඩි දෙනා තමුන්ගේ පීඩනයන් ඔය වගේ මිනිස්සු මතින් පිට කරනවා . තමුන් ගෙදරින් පරක්කු වෙලා වැඩට යන්න ආවත් එකේ වරද්දත් යවන්නේ මෙයාල පිටින් .
Deleteබස් ඩ්‍රැයිවර්ස්ලා බොහොමයක් තරඟය විතරක්ම හිතන එක නැත්නම් මනුස්සකම් අතින් නම් බොහෝම ඉහලයි.
ReplyDeleteඉස්සර මම ගෙදර යන්නේ බස් එකේ. අපේ කවුරු හරි ඇවිත් මාව පොඩ්ඩක් බලාගන්න කියලා අහවල් තැනින් බස්සන්න කියලත් යනවා. සමහර දවසට මාව බහින තැනට කවුරු හරි ඇවිත් හිටියේ නැත්නම් ටිකක් නතර කරගෙනත් ඉන්නවා. මනුස්සකම අතින් බොහොම ඉහලින් හිටිය මිනිස්සු ඉස්සර.
ඉවාන්ලා කොළඹ ආවේ ලක්දාස් ද මොකක්ද බදුල්ලේ ප්‍රසිද්ධ බස් වල නෙමෙයිද?
අනන් ඒ මනුස්සකම අතින් ඉහල මිනිස්සු දැන් ටික ටික අඩුවේගෙන යනවා, එක බස් ඩ්‍රයිවර් විතරක් නෙවෙයි පොදුවේ මුළු සමාජයටම වෙන දෙයක් .
Deleteරංගි ඔය කියන්නේ ලක්සිරි බස් ගැනද ? කාලයක් එකේ ආවා , ඊට්ස් පස්සේ අමාලි ට්‍රැවල්ස් ..එක තමයි ජනප්‍රියම වුනේ , ඊට පස්සේ ආවා සුපර් ට්‍රැවල්ස් . දිගටම තිබ්බ දැනුත් තියෙන ප්‍රයිවට් බස් එක තමා HPL ට්‍රැවල්ස් . එකේ යන්න මිනිස්සු කැමති නෑ වැඩිය .එත් බැන බැන හරි යන්න තියෙන්නෙම ඒ බස් තමා වැඩිපුර
එදිනෙදා සමාජ අත්දැකීමක් හොඳින් නිරීක්ෂණය කරලා ලියලා තියෙනවා. අඩුවක් පාඩුවක් නෑ සෑම අකුරක් ගානෙම ඇත්ත.
ReplyDeleteස්තුතියි තරු ..මේ කතාවේ බොහෝ තැන ඇත්ත ...
Deleteඅම්මේ පට්ට ඈ
ReplyDeleteඅම්මේ දැක්ක කල් ඈ.... :)
Deleteකවි පන්ති කීපය තුල රියදුරෝ සැට් එක විදින වද වේදනා සියල්ල හොදින් ඇතුල් වෙලා තියෙනවා එකක් හැර....මේ අයට ටර්න් දෙන්න කප්පං ගන්න දේශපාලකයන්ගෙ අත් වල හුරතල් වෙන ලයිෂන් චණ්ඩි තමයි ඒ කොටස.
ReplyDeleteඅන්න ඒ ලයිසන් චන්ඩි ගැන ලියන්න නම් අමතක වුනා තමයි . ඒ ගැන වෙනම පොස්ට් එකක් ලියන්න වෙනවා .
Deleteසහතික ඇත්ත. කොල්ලුපිටියෙ ස්ටේෂන් එක ගාවින් පාරට බැස්සානම් සියැසින් දැකබලා ගන්න පුලුවන් කිසිම හිරිකිතයක් නැතුව ටයි කෝට් දාගෙන ඉන්න කප්පම් හිවල්ලුන්ව.
ReplyDeleteඅන්න මිනිස්සු.. කවුරුත් හිතනවද ඒ වැදගත් මිනිස්සු ගැන එහෙම
DeleteI am actually grateful to the owner of this web page who
ReplyDeletehas shared this great post at here.
My homepage ... legal party pills