Thursday, October 30, 2014

මීරියබැද්ද සහ පොම්පේ


ක්‍රිස්තු වර්ෂ 79 දී , ඉතාලියේ කැම්පෙනියා ( Campania )  ප්‍රාන්තයට අයත් නූතන නේපල්ස් (Naples) ආසන්නයේ වූ පුරාණ රෝම නගරයක් වන පොම්පේ නගරය ,විසූවියස් ගිනිකන්ද විදාරණය වීම නිසා ගැලු ලාවා වලින් සහමුලින්ම අඩි 15 ක් පමණ වැළලී යනවා .



අද වන විට ලංකා ඉතිහාසයේ දෙවැනි දරුනුතම ස්වභාවික විපත සටහන කරමින් ,වතු නිවාස 80 ත් 120 ත් අතර ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිල ගනිමින් ජීවිත 400 කට ආසන්න ප්‍රමාණයක් ආගිය් අතක් නැති කරමින්, හල්දුම්මුල්ල මීරියබැද්ද ප්‍රදේශය නායයාමකට ලක්වෙනවා .

දැනට මේ පැවතුනු නිවාස වලට ඉහලින් අඩි 12ක් පමණ උසට පස්කඳු කඩාවැටී ඇති බවයි පැවසෙන්නේ. අතුරුදහන් වූ 400කට ආසන්න පිරිස ජීවතුන් අතර සිටීමේ ඉඩකඩ ඉතාම අල්ප බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා .

හල්දුම්මුල්ල - බෙරගල සිට කොස්ලන්ද දක්වා නායයාම් අවදානම් කලාපයක් පවතින බව "භූ විද්‍යා හා පතල් කාර්යාංශය" සහ "ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය" හඳුනා ගන්නේ වසර 2000 තරම් ඈත අවධියේදී , වසර 2005 දී මේ ප්‍රදේශය ස්ථිර නායයාම් අවදානම් කලාපයක් ලෙස නම් කරනවා .

ස්ථිර නායයාම් අවදානම් කලාපයක් ලෙස හඳුනාගත් පසු ඒ වෙනුවෙන් බලධාරීන් , නිලධාරීන් මෙන්ම අදාළ ආයතන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වූවාද , නැත්නම් සියල්ල සැලසුම් වලට පමණක් සීමා වූවාද යන්න දන්නේ ඔවුන්ම පමණි.

මන්දයත් නායයාමේ අවධානමක් ඇති කලාපයක ගත යුතු කිසිදු සංවර්ධන කටයුත්තක් ඒ නොදියුණු පළාත තුල මේ වනතෙක් සිදුවී නොමැති බැවිනි. මේ ප්‍රදේශය අධික බෑවුම් සහිත ප්‍රදේශයක් වන අතර සියලුම නිවාස , කාර්යාල ,පාසල්, සහ අනෙකුත් සියලුම ගොඩනැගිලි බොහෝ වශයෙන් පවතින්නේ මේ බෑවුම් වලය.

මෑත කාලීනව සිදුවූ මාර්ග සංවර්ධනයේදී බදුල්ල -කොළඹ ප්‍රධාන මාර්ගය සංවර්ධනය විය . සංවර්ධනය ගමට ගිය බවට උදම් ඇනීම් අතර තම පළාතේ දියුණුව දකිමින් ජනතාවද සතුටු විය. නමුත් අධික බැවුම් සහිත ප්‍රදේශයේ මාර්ගය පලල් කිරීමේදී නියමිත ප්‍රමිතීන්ට අනුව බෑවුම් සංරක්ෂණය (slope stability) සිදු නොවූ බව පැහැදිලි කරුණකි. මේ සඳහා බොහෝවිට සඟවන එහෙත් සැබෑ හේතුව වන්නේ භුමිය අයත් කරගැනීමේදී ඇතිවන ගැටලුය. මන්ද මේ කඳු වල මාර්ගයට ආසන්නයේ බෑවුමේ මාධ්‍ය කොටස අයත් වන්නේ පෞද්ගලික අයිති කරුවන්ටයි, ඉහලම කොටස් රජයට අයත් සංරක්ෂණ කලාප වේ .

මාර්ගය පලල් කිරීමේදී නියමිත ආනතියට (angle) සැකසීමේදී මේ ඉඩම් බොහොමයකට වන්දි ගෙවීමට සිදුවේ , මාර්ග සංවර්ධන අධිකාරියට ව්‍යාපෘතිය සඳහා අනුමත වන මුදලින් මේ ගෙවීම් සියල්ල සිදු කිරීමට අපහසු වේ . ඒ නිසා සරල විසඳුමක් වන්නේ නියමිත අන්තියට වඩා වැඩි ආනතියක් රඳවා වන්දි ගෙවීම් අවම කිරීමයි.






Figure 11.1 හි  b රූපසටහනට අනුව සාමාන්‍ය පස් කන්දක රඳවාගත යුතු වැඩි ආනතිය නිසා පාරෙන් ඉහල කොටස් වල අහිමි වන භුමි ප්‍රමාණය වැඩිවේ , ඒ අනුව ගෙවිය යුතු වන්දි ප්‍රමාණය ඉහිල යයි. ඒ නිසා බොහෝ විට සිදුවන්නේ නුසුදුසු ආනතියක් රඳවාගැනීමෙන් වන්දි ලබාදීම් හැකිතරම් සීමා කිරීමයි. සැබවින්ම මෙය කාගේවත් වරදක් සෙවීමට වඩා ඉදිකිරීමට පමණක් වෙන්වෙන සොච්චම් මුදලෙන් ව්‍යාපෘතිය නිමකිරීමට සිදුවීමේ අභාග්‍යයයි (20% ට හෙන වදියිද -20% කිව්වට ඇත්තටම් කීයද ?)

අවසානයේ සිදුවන්නේ මේ සඳහා වන්දි ගෙවීමට අසරණයට සිදුවීමයි . පහත රූපය බලන්න .



අවසානයේ ගහපු පදයකුත් බෙරේ පලුවකුත් දෙකම නැති තැනකට පත්වේ. නමුත් අවසානයේ නැවත නියමිත ආනතිය රඳවා ගැනීමට හෝ විකල්ප පස් සංරක්ෂණ ක්‍රම භාවිතා කිරීමට සිදු වේ. (එතකොට ඒකෙනුත් තව 20% සාක්කුවේ)



සැබවින්ම මේ අවශ්‍ය ආනතීන් රඳවා ගැනීමට අපහසු ස්ථාන සඳහා බොහෝ විකල්ප සංරක්ෂණ ක්‍රම පවතින නුත් ඒවා බොහෝ සෙයින් වියදම් අධිකය

උදාහරණ - Soil Nailing


- Geo grids

 මේ ක්‍රම සඳහා වන යන්ත්‍ර සූත්‍ර , තාක්ෂණය මෙන්ම අමුද්‍රව්‍ය පවා අධික වියදම් සහිතය . නමුත් මේ තරම් ඉහල මට්ටමේ තාක්ෂණයකින් තොරව අඩුවියදම් තාක්ෂණය යොදාගෙන බොහෝ දුරට මේ කාර්යයන් කල හැක, පහතින් දැක්වෙන ගේබියන් වෝල් සහ තෘණ වැවීම වැනි සරල ක්‍රම යොදාගෙන මේ සඳහා යම් තරමක සහනයක් බලාපොරොත්තු විය හැක .

තෘණ වගාව 
ගේබියන් වෝල්

නමුත් මෙවැනි සරල ක්‍රම වෙනුවෙන් වුවද නිසි ප්‍රමිතියක් පවත්වා ගත යුතුය, නමුත් ඒ සඳහාද අවසානයේ හරස්වන්නේ කාලකණ්නි දේශපාලනයමය.

" මේ මිස්ටර් *******ද කතා කරන්නේ , ආ  මම මේ ***** මන්ත්‍රී තුමා කතා කරන්නේ , ඔය පාර දෙපැත්තේ තණකොළ ටික ගහන්න අපේ එකෙක් ඉන්නවා ඌට ඕක දෙන්න මොකෝ මැලේසියාවෙන් තනකොල ගේන්නේ නෑනේ, ..ඈ මතක් ඇතුව ඌට ඇඩ්වාන්ස් එකක් දෙන්න සතියකින් වැඩේ කරෙයි .." ඉන්පසුව වැඩේට වෙන දේ ගැන මෙතන විස්තර කිරීමට අවශ්‍ය නැත. හැම විටම නොවුනත් බොහෝ අවස්ථාවල මෙවැනි බලපෑම් මගින් ප්‍රමිතියට කරන අසාධාරණය සුළුපටු නැත.

මීරියබැද්ද නාය යාමත් සමග මේ විස්තරය මතක් වුයේ සංවර්ධනය නිසි ප්‍රමිතියකින් තොරව සිදුවීම සිටියාටත් වැඩ අන්ත තත්වයකට අපව පත් කරන බව සිහිවූ නිසයි,

එමෙන්ම කාලයක් මේ ප්‍රදේශයේ කඳු මුදුන්වල  ව්‍යාප්ත කල ෆයිනස් සහ යුකැලිප්ටස් වගාව නිසා මේ බෑවුම් වල යටිරෝපනය සම්පුර්ණයෙන්ම විනාශ විය .ඒ මගින් සිදුවූයේ පාංශු ඛාදනය සීග්‍රයෙන් වැඩිවීමයි .

කෙසේවෙතත් දැන් බොහෝ දේ සිදුවී හමාරය . අපට සමාලෝචනය කිරීමට බොහෝ දේ ඉතිරිවී තිබේ, නායාමේ අවදානමක් ඇති නිසා අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර තිබියදී මේ ජනතාව ඉවත් නොවීම මීට හේතුව බව කියනු ඇත. නමුත් ............

ඔවුන් යන්නේ කොතනටද? ඒ තැන්වලට ඔවුන් යොමු කරන්නේ කවුරුන්ද? වැඩපිළිවෙලක් නැත. ඔවුන්ව මේ ප්‍රදේශයේ පදිංචියෙන් ඉවත් කිරීමට මේ දක්වා ආරම්භ කර ඇති වැඩපිළිවෙල කුමක්ද ? මෙතනින් පලයන් කියුපමනින් පරම්පරා ගණනක් පදිචිව සිටි සියල්ල අතහැර ඔවුන් යන්නේ කොහිද?

දැන් බොහෝ දේ සිදුවී හමාරය , නමුත් මේ කලාපයේ සිටින අනෙක් ජනතාවද අනතුරේය, අඩුම ගනනේ ඔවුන්ව බේරාගැනීමේ වැඩපිළිවෙලක් දැන්ම පටන් සකස් විය යුතුය.

ආදරණීය සොයුරනේ ඔබ සැමට මතු උපදින් ආතම්යක මෙවන් විපතක් නොවේවා, පොම්පේ ජනතාවට හිමිවූ ගෞරවය ඔබට කිසිදා හිමි නොවනු ඇත, තව සති දෙකකින් සියල්ල අමතකව යාවි ,නැවත මෙවැන්නක් සිදුවනතුරු.

 රූප සටහන් - LOW-VOLUME ROADS BMPS - Chapter 11
අනෙක් පින්තුර  - Google වෙතින්

ලිපිය ලියන්න හිතුනේ මාතලන්ගේ ජාතික ශෝක දිනයක්...! පෝස්ට් එක නිසා 


122 comments:

  1. -
    ව්‍යාපෘතිය සැකසූ, අනුමත කළ මැවිසුරු ගොයියලාට වගකීමෙන් ගැලවෙන්න බෑ.

    මේ නාය යෑම්ත් පාරක් සැදීමට සම්බන්ධ ද?

    ReplyDelete
    Replies
    1. මේ නායයාමට පාරක් සම්බන්ධ බවට තවම අනාවරණය වී නැහැ, නමුත් හල්දුමුල්ල, බෙරගල- කොස්ලන්ද කලාපයේ ස්වභාවික නායයාම වැඩිවීමට හේතුවුනේ ප්‍රදේශයේ භූවිෂමතා තත්වයන්ට අනුකුල නොවුණු මාර්ග සංවර්ධනය තමා ප්‍රධාන වශයෙන්.
      හොඳම උදාහරණයක් කෑගල්ල නව විකල්ප මාර්ගය (Kegalle New Bypass) , මේ මාර්ගය භාවිතා කරන ඕනෑම කෙනකුට එහි ඇති අනාරක්ෂිත භාවය දැකිය හැකියි . මෙහි Slope Stability සඳහා Soil Nailing ක්‍රමයට සමාන ක්‍රමයක් ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම යෝජනාකලත් මාර්ග සංවර්ධන අධිකාරිය මුදල් ප්‍රතිපාදන නොමැති බව සඳහන් කරමින් ඒ කටයුත්ත මගහැරියා. මාර්ගය විවෘත කර දින හතරකට පසු එක ප්‍රදේශයක් නාය ගියා ,

      Delete
    2. ඉවාන් මේ වගේ ලිපි හරිම වටිනවා අපි බ්ලොග් තුලින් කෙටි කතා කවි ලියන අපි දන්නා දේ බෙදා හදා ගන්නත් ඕනි . කඳුකර මාර්ග ඉදිකිරීමේදී පැති බැමි හා බෑවුම් වල ආරක්ෂාව සඳහා සල්ලි අඩුවෙන් වියදම් කිරීම(පසුව දෙගුණයක් වියදම් කිරීම ) වගේම ඉඩම් අත්පත් කරගැනීමේදී වෙන අක්‍රමිකතා මමත් අනන්ත දැකලා තියෙනවා. ඒත් මේ වගේ විශාල පරිමා ණයේ නාය යෑම් මිනිස් පහසක් නැති තැන් වලත් වෙන්න පුළුවන්. එහෙම ප්‍රදේශ වෙනම හඳුනාගෙන තියෙනවා සල්ලි මහගොඩක් වියදම් කරන ආයතනත් තියෙනවා ඒ ගැන බලන්න. ඉතින් මේ නාය ගිය තැනට ඉහලින් මීට කලිනුත් නාය ගියා . එතැනට කියන්නේ නාකැටිය .ඒ නිසා මෙය ස්ථිර වශයෙන්ම මිනිස් වාසයට නුසුදුසු තැනක් . මිනිස්සුන් කල් ඇතිව පදිංචි වීමට සුදුසු තැන්වලට ගෙනියන්න තිබ්බා.

      Delete
    3. තිලකයියා , මේ නාය යාම සිද්ධ වුනේ මාර්ග සංවර්ධනය නිසා නෙවෙයි , මම මේ ලිපියෙන් කියන්න උත්සාහ ගත්තේ අනවශ්‍ය අනතුරකට අතවනන්වා අපි මේ වැනි ප්‍රමිතියෙන් තොර සංවර්ධන කටයුතු නිසා කියන එක. මෙය මිනිස් වාසයට නුසුදුසුයි කියලා නිර්දේසහ කරපු තැනක් ,ඔබ හරි, නමුත් මෙතනින් මේ ජනතාව ඉවත් කිරීමට කිසිම වැඩපිළිවෙලක් තිබුනෙම නෑ. රජයේ නිල නිවාස තුනක් මේ නාය යාම නිසා යටවෙලා තියෙනවා , මිනිස් වාසයට නුසුදුසුයි කියා සම්මත කල ප්‍රදේශයක රජයේ නිල නිවාස ඉදිකිරීම තුලින්ම අපේ ප්‍රතිපත්ති වල තරම අපිට පෙනෙනවා නේද ?
      අනික මිනිස්සුන්ට් අයින් වෙන්න කිව්වා , අයින් වුනේ නෑ ඔන්න් උත්තරේ , ඒ මිනිස්සු යන්නේ කොතනටද කියන දේ කවුරුවත් ඒ මිනිස්සුන්ට කිව්වේ නෑ. මේ සඳහා වැඩ පිළිවෙල සකස් කල යුත්තේ කවුරුන්ද ? මිනිස් ජීවත වලට වටිනා කමක් නැති වූ හැටි .

      Delete
    4. පුවත් පතක තිබ්බා කඩවත, ගම්පහ, පිළියන්දල වාගේ ස්ථානත් නාය යාමේ අවධානමක් ගැන
      ඒ සම්බන්ධ තොරතුරු දන්නවද යමක් ඉවාන්?
      GSMB හරි NBRO එකේ මිතුරන් ඉන්නවනම් දැනගත හැකිනේද?
      ඒ ගැනත් සටහනක් මෙයටම එක්කලොත් ඉදිරියට වැදගත් තොරතුරක් වේවි කියල හිතනව
      කසූටත් තිලකසිරි මහත්තයටත් මේ ගැන [තොරතුරු] යමක් කල හැකිවේවි!

      Delete
    5. කඩවත , ගම්පහ සහ පිළියන්දල යන ස්ථානවලත් නායයාමේ අවදානම් සහගත තත්වයන් ඇතිවිය හැකි බවට විශ්වාසයන් පලවෙනවා , NBRO හි ඒ පිලිබඳ තවම විධිමත් සමීක්ෂණයක් සිදුකර නැහැ.

      නමුත් කළුතර, ගාල්ල, හම්බන්තොට, නුවරඑළිය, මාතලේ, මහනුවර, කෑගල්ල, රත්නපුර, මාතර සහ බදුල්ල යන නායයෑම්වලට බහුලව භාජනය වන දිස්ත්‍රික්ක 10 තුල නායයෑම් කලාපකරණය සිතියම්ගත කිරීමේ වැඩසටහනක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය විසින් ක්‍රියාත්මක කරල තියෙනවා .
      මෙන්න මෙතනින් ඒ සිතියම් ලබා ගන්න පුළුවන්

      Delete
    6. තිලකසිරිගේ කතාවට මමත් එකඟයි. මෙහෙම පුරවැසි මාධ්‍යවේදයක් ඇතිවීම ලොකු දෙයක්. දැනුම බෙදාගන්නට වගේම නිලධාරීන්ගේ ඇස් අරවන්නටත්.

      Delete
    7. ස්තුතියි අජිත් අයියා

      Delete
  2. මේ ලිපිය ගොඩක් වැදගත්, මේ රටේ මන් දැකලා තියෙනවා Geo grids කියන ක්‍රමය,

    ReplyDelete
    Replies
    1. කෘතීම පාංශු ස්ථායිතා ක්‍රම අතරින් වඩාත්ම සාර්ථක ක්‍රමයක් තමයි Geo-grids , නමුත් ඒ සඳහා දරන්න් වෙන පිරිවැය ඉතාමත් ඉහලයි . එමනිසා ශ්‍රීලංකාවේ අපිට වඩාත්ම ලාභදායි සහ අනතුරු දායක බවෙන් අවම ක්‍රමය වන්නේ නියමිත ආනතීන් සකස් කිරීම .

      Delete
    2. මේ රටේ ජනශුන්‍ය ප්‍රදේශවල පවා මේ ක්‍රමේ පාවිච්චි කරනවා හරි පුදුමයි, අපේ රටේ බැරිකමක් නැහැ , දේශපාලුවන්ට යන කොටසත් එකතු උනානම් මෙහෙට වඩා හොදට අපේ රටේ හදන්න තිබ්බා අයියේ

      Delete
    3. ඔව් ඔමායා අවශ්‍යතාවය තියෙනවනම් කරන්න පුළුවන් , එත් වෙලා තියෙන්නේ දැන් ගොඩ දෙනෙකුට අවශ්‍ය සාක්කුව පුවරා ගැනීම මිසක් වැඩක් කිරීම නෙවෙයි .

      Delete
  3. අහිංසක ජිවිත ගණනාවක් අහවරය........
    මේ සියල්ල පර දේශපාලුවන්ගේ වරදින්ය.......
    කෝටි ගණන් මහජන වියදම් කොරගෙන පිටරට චාරිකා කොට....බඩු ගසා....කා බී ...විනෝදවී එනවාය....
    විදේශ රටවලට යැවිය යුත්තේ ඉහල පෙලේ නිලධාරින් දෙතුන් දෙනෙක් පමණය....
    කදුකර ප්‍රදේශවල අලුතින් මාර්ග ඉදිකිරීම්/පුළුල් කිරීම් කරන විට ...Geo grids .......තෘණ වගාව.....ගෙබියන් wll .......යනාදිය නිසි අයුරින් විය යුතුමය......
    ඔය කරුණු දියුණු වෙමින් පවතින රටවල නිසි අයුරින් කරනවාය....නිලධාරින් ගොස් ඒවා අධ්‍යනය කරන්නෙ නැතිය....
    ඔය තෘණ වගාව කිව්වම අපේ දේශපාලන බාස වෙල්ලෝ සිතන්නෙ උන් කාපු තණකොළ වල පිඩලි අල්ලපුවම හරිය කියාය....
    වැරදිය......පස ඛාදනය වලක්වන තෘණ වර්ග වෙනම තිබෙනවාය.....ඒවා ඇට බෑවුම් වල ඉස පැල වූ පසු ....නිසි ලෙස නඩත්තු කල පසු
    පස සේදී යාම් ඇති නොවේ......
    කසිප්පුකාර....චන්ඩි...බන්ඩි ...ගම්බට්ටෝ....පලා බබාලා මේ සෙද්දවල් දන්නේ නැතිය.....ඒවා දන්නේ උගත් නිලධාරින් පමණය...
    අද පිටරට පත්තරවල මුල් පිටුවල මේ විස්තර තියෙනවාය..... අද දහවල් සිට කටුනායකට ආධාර ගොඩ බානවාය.....
    ආපදා බාස වෙල්ලන්ට රජ මගුල්ය...... ඒවාට වෙන්නෙ මොනවාදැයි කවුරුත් නොදනී..... හැබැයි ඒ එවන ටෙන්ට්....වියලි අහර අරගෙන ලබන සතියෙ කොහේ හරි කෑම්ප් ගසා ගෙන උන්ගෙ පවුල් භුක්ති විදිනවාය....
    රට වනසන මුන්ගෙ පවුල් වලට හෙනවත් නැතිය....... බුද්ධාගම වුනත් මම අදහන්නෙ නැත්තෙ ඒ නිසාය..... මොකද උන් කරන පව් වලට වන්දි ගෙවන්නෙ අසරණ ...අහිංසකයන්ය....
    ඉතිං ....ඉවාන් අයියේ....මම නවතිනවාය.....උදේ පාන්දරම මගේ පුෂ්පය විකසිත වුනේය.....
    වැරදි දෙයක් කෙටිල තිබ්බොත්......සමාව දෙනු මැන ය........

    ReplyDelete
    Replies
    1. //"පස ඛාදනය වලක්වන තෘණ වර්ග වෙනම තිබෙනවාය.....ඒවා ඇට බෑවුම් වල ඉස පැල වූ පසු ....නිසි ලෙස නඩත්තු කල පසු
      පස සේදී යාම් ඇති නොවේ""// අන්න හරි, නමුත් මේ අම්බරුවන් හිතන්නේ උන්ට කෑමට තිබෙන තණකොළ ටික වෙලුනු පසු මෙතනට ගෙනවිත් හලා දැමීමෙන් ප්‍රශ්නය විසඳෙයි කියාය. කෙන්ජි මල්ලිගේ මේ කමෙන්ටුව සර්ව සම්පූර්ණය . ඊළඟට මුන් ලාස්තිවෙන්නේ ලැබෙන ආධාර ටික යටිමඩි ගසාගෙන බෙදාගන්නා ක්‍රමයක් හදාගනීමටය.

      Delete
  4. ගොඩක් මහන්සි වෙලා ලීව ලිපියක්. කීවත් වගේ මේ සිද්ධවෙන අසාධාරණ ගැන කමෙන්ට් එකකින් කියන්ට බැරි තරම්.

    මොන පැත්තෙන් බැලුවත් පීඩා විඳින්නේ දුප්පත්, අහිංසක මිනිස්සු...:(

    ReplyDelete
    Replies
    1. මහන්සියට වඩා කේන්තියට ලියවුනු ලිපියක් පොඩ්ඩි. අපි පුංචි කාලේ කොළඹ එනකොට මේ පැත්ත පහුවෙනකොට කිව්වේ " හරිම ලස්සනයි කඳු උඩ පුංචි ගෙවල්, උදේ පාන්දරට ගෙදරට පේන දර්ශන කොච්චර ලස්සනද? රෑට ඈතට යහකම්ම් මුළු අහසම පේනවා , අපිටත් මෙඅගේ තැනක් ගෙයක් හදාගණන් ඇත්නම් " කියලා. එත් අද බලනකොට ඒ මිනිස්සු ලස්සනට පෙනුණු තමන්ගේම මරණය උඩ තමයි ජීවත් වෙලා තියෙන්නේ . කාගේ වරද වුනත් පීඩාවට පත්වෙන්නේ අහිංසක මිනිස්සු අවසානයේ

      Delete
  5. සුපර්බ් ආර්ටිකල්.... අපේ රටේ ප්‍රතිපත්තිවල තත්වය පේනවා තේ හැන්දක්වත් නැතිව ආපු හමුදාව දැක්කාම. මිනී උස්සන්න විතරයි එයලා ඇවිත් තියෙන්නේ. අසමත් රාජ්‍යයක් කියන්න වෙන මොනවද ඕන. එකිනෙකාට වරද පටවනවා. වත්ත අයිති සමාගමේ එකෙක් කිසි දෙයක් කියන්නේ නෑ. මේ අහිංසක මිනිසුන් නිසා ජීවත් වෙන දේශපාළකයෝ වැහි වැහලා. ආන්ඩු මදිවට, පලාත් සභා, ප්‍රාදේශීය සභා, ග්‍රාමසේවක, අර සංගම්, මේ සංගම් වැහි වැහලා. ජනතාවගෙත් වැරද්දක් තියෙනවා. උද්ඝෝශණය කරන්නේ සිල්ලර දේවල් වලට. තමන්ගේ ජීවීතය ගැන ඔවුන්ට වටිනාකමක් නෑ. ඒක හැම එකාම දන්නවා. අර කිව්වා වගේ සති දෙකයි. සියල්ල අවසන්. කවුරුත් වැරදි නෑ. සියල්ල කරුමයට හා අවාසනාවට.

    ReplyDelete
    Replies
    1. ලොකුම හේතුව වුනේ මේ වෙනකොට ඌව පළාත් ඡන්දේ ඉවරවෙලා තිබීම , ඡන්දෙට කලින් මේ දේවල් වුනානම් , මහඇමති තුමා සාටකේ ඔලුවේ ඔතාගෙන ,ලබ්බ පේන සයිස් එකට සරම දෙකට නවාගෙන උදැල්ලක් අරගෙන සිනාමුසු මුහුණින් මිනී හොයන ආකාරය දැක්වෙන පිංතුර වලින් පත්තර වල මුල් පිටු පිරිලා තියෙයි . එහෙනම් විපක්ෂයේ ජනතාවාදී දේසපාලුවෝ ටී.වී චැනල් උඩයන්න දෙන හැටි. මේ නාය්ට යටවෙලා හිටපු මිනිස්සු ආපහු යටවෙන්න තරම් ආධාර කන්දරාවක් කඳු ගහන හැටි දකින්න තිබ්බා , මේ වෙලාවේ ඒ මිනිස්සු කියන්නේ හපලා විසි කරපු උක්දඬු වගේ . දෙසපලුවොන්ට මෙතනින් වැඩක් නෑ. අන්තිමේදී හැමදේම කරුමේ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ///ජනතාවගෙත් වැරද්දක් තියෙනවා. උද්ඝෝශණය කරන්නේ සිල්ලර දේවල් වලට. තමන්ගේ ජීවීතය ගැන ඔවුන්ට වටිනාකමක් නෑ./// හ්ම්ම්

      Delete
  6. මට දුක ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට අම්මයි තාත්තයි දෙන්නම නැති වෙච්ච අසරණ පොඩි උන් ටික ගැන ... ඒ ළමයි ටිකවත් පිළිවෙලකට බලා ගන්න වැඩ පිළිවෙලක් යෙදුවොත් හොඳයි ....

    ReplyDelete
    Replies
    1. ළමයි 75 දෙනෙක් ඉස්කෝලේ ගිහින් හිටපු නිසා බේරිලා තියෙනවා , එත් අද වෙනකොට උන්ට තමන්ගේම කියලා කිසිම කෙනෙක් නෑ. ඇඳන් හිටපු ඉස්කෝලේ යුනිෆෝම් එක විතරයි ඉතුරු . ඒ සඳහා වැඩපිළිවෙලක් හදයිද කිය්ලනක් කියන්න බෑ. කොහේ හරි තියෙන ළමා නිවාසෙකට තල්ලු කරලා දාලා අත පිහිදාගනියි

      Delete
    2. පැතුම් කියන දේ ඇත්ත..පව් ඒ දරුවෝ..
      ඉවාන් කියනවා වගේ කොහෙට හරි තල්ලු කරලා දාලා අත පිහගනී ලස්සනට..

      Delete
  7. මෙන්න ලිපි!
    ඊරියගොල්ල මහත්තය last days of pompeii ඇසුරෙන් ලියූ “දේව ශාපය“ පොත මතක් වුණා. ඒ වුණත් ඉවාන්, එදා පොම්පේ නගරෙ අන්තිම සුඛෝපභෝගී ජීවිත ගෙවපු පිරිසක් මියගියේ. මේ මිනිස්සු ඒකෙ අනික් පැත්ත. අන්ත අසරණයන්ට තමා හැමදාම කෙළවෙන්නෙ.
    අපේ යාලු කොන්ටැට්ටර් මහත්තුරු කියනවා ටෙන්ඩර් කෙරුවාවෙ උත්තමයො ගාණ n, කොන්තරාත්තුවෙ වටිනාකම v, වැඩේ කරන්න ඉතිරිවෙන මුදල c කියල ගත්තොත් සී සමානයි එන් රින එකේ විලෝමයලු.
    c= 1/(n-1)
    මම අල්ලපු රටේදි දැක්ක ටිකක් ලොකු කම්බි දැල් ක්‍රමයක් ගල් සහිත තැන්වල. ඒකට මොකක්ද කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් විසිටර් පොම්පේ නගරය සෞභාග්‍යමත් නගරයක් , මීරියබද්ද කියන්නේ දුප්පත් කමෙන් සංකේතයක් , ටෙන්ඩර් කෙරුවාව ගැන ප්‍රසිද්ධ සමීකරණයක් තමයි ඔය .

      විසිටර් ඉන්දියාවේදී දකින්න ඇත්තේ ගේබියන් වෝල් කියන ක්‍රමය තමයි . එතන කරන්නේ ගල් වලට කම්බි දැල් ගැහීමක් නෙවෙයි . ඔය සඳහා තිබෙනවා කම්බි දැල් වලින් සැකසු පෙට්ටි, මේ පෙට්ටි දැල තියලා ඒ පෙට්ටිය ඇතුලේ පිළිවෙලකට ගල් ඇසිරීම තමයි මෙතැනදී කරන්නේ , පෙට්ටිය පිරෙන්න් ගල් ඇසිරු පසු කම්බි දැල් පියන වහලා කම්බියෙන් මහනවා , ඊට පස්සේ එමතින් තවත් කම්බි දැල් පෙට්ටියක් තියලා ආපහු ගල් අසුරනවා . මේ අකාරයෙන් විවිධ ප්‍රමාන වලින් අවශ්‍ය ආකාරයට මේ ක්‍රමය සකසාගන්න පුළුවන්

      Delete
    2. සොරි සොරි මචෝ n-1 නෙමෙයි n+1. අපිටත් ඉතිං රිනමනෙ පේන්නෙ.
      නැහැ, මම දැක්කෙ ඒ දැල් පෙට්ටි නෙමෙයි මහ විසාල දැල් අතුරලා ගල්වලට මව්න්ට් කරලා තියෙනවා. පිංතූරුවක් අප්ලෝඩ් කරන්න කෙරමයක් නෑනෙ.

      Delete
    3. ඔය කියන්නේ soil nailing වල තව ක්‍රමයක්, පින්තුරය මේ වගේ එකක්ද බලන්න

      [im#]http://www.subsurfaceconstruction.com/wp-content/gallery/driven-soil-nail-wall/forsyth.jpg[/im]

      Delete
  8. ඉවාන්... මේ ගැන අදහස් පලකරන්න ගියාම ගොඩාක් අය කියයි, මේකටත් මිනිස්සු බනින්නෙ ආණ්ඩුවට කියල. මාතලන්ගෙ පෝස්ට් එකෙන් මේක කියවල කමෙන්ට් කරනඔට, "කවුද මේවට වගකියන්නෙ" කියල මං ටයිප් කලේ ගොඩාක් කල්පනා කරල. නමුත් මේ හැම සිදුවීමක් පසු පස්සෙම කොහෙන් හරි දේශපාලනය ගෑවිලා තියෙනවා. ඒත් ඒක කතාකලාම වැරදියි. හෙට අනිද්දට විපක්ෂෙන් ආණ්ඩුවට මේ ගැන පලු යන්න බනී. එතකොට ආණ්ඩුවේ වල් බූරු ඇමතිලා සෙට් එකයි අවජාතික නාලිකාවයි කියන ගොං කතා අපිට අහන්න පුලුවන් වෙයි.

    ඔබ මේ ක්ෂේත්‍රයේම ඉන්න කෙනෙක් නිසා රූප සටහන් ආධාරයෙන් මෙ දේ කදිමෙට පැහැදිලි කරල තියෙනවා. ඒ වගේම මේවට පවතින ආණ්ඩුව සම්මාදම් වෙන විදියත් කියල තියෙනවා. කොහොමත් අවුරුදු 10කටත් කලින් නාය යාම් අවධානම් කලාපයක් කියල හඳුනගෙන තිබුනනම් කෝටි ගනන් වියදම් කර කර ආතල් ගන්න සඳ, මේ මිනිස්සු වෙනුවෙන් මීට කලින් යමක් කරන්න තිබුනා. ඒ නිසා කොහොමත් දේශපාලුවන්ට මේ වගකීමෙන් පැනල යන්න බෑ.

    කොතනක හෝ සිදු වූ වරදකින් ආදරණීය මිනිසුන් පිරිසක් වන්දි ගෙවා ඇත. ඔවුන් අපට, රටට අහිමි වී ඇත. විය යුත්තෙ ඔවුනට දක්වන උපහාරයක් ලෙස ඉදිරියේදීවත් මෙවන් කාලකණ්නි සිදුවීම වලක්වාගැනීමට දිගුකාලීන පියවර ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. හැමදාම වෙන්නේ ඕකනේ මනෝෂ්, දෙපැත්තේ අය දෙපැත්තට නෝක්කාඩු කියනවා මිසක් ,කල හැකි වැඩපිළිවෙලක් හෝ කිසිදු ආකාරයක ඵලදායි ක්‍රියාවලියක් සකස් කිරීම නෙවෙයි . දැන් තියෙන්නේ මාධ්‍ය හරඹයක් පමණයි . තවටික දවසකින් පැමිණිලි කාරයා ගස් යවයි. දැනටමත් කියන්නේ මිනිස්සු ඉවත් වුනේ නෑ කියලනේ . විකල්පයක් නැතුව කොහේ යන්නද ඒ මිනිස්සු. කෝටිපතියෝ නෙවෙයි අද මෙතනින් ගිහින් හෙට වෙනතැනක පදිංචි වෙන්න .
      අන්තිමට පහත තැනින් යයි ගලා ජලේ

      Delete
  9. හිත පත්තු වුනා මචං...
    උඔ ලියන ඒවා තුල මම ඡිවත් වෙනවා කියලා මම කලිනුත් කියලා ඇති..
    මම යනවා සිගරට් එකක් බොන්න..

    ReplyDelete
    Replies
    1. අපේ බොසා වගේමයි, පැයෙන් පැයේ යනවද කොහෙද සිගරට් බොන්න.

      Delete
    2. කාගේත් හිත් පත්තු වෙනවා බං මේවා ඇහුවම ..
      ඒ වුනාට උඹ සිගරට් බොන්න් එපා , අනන් ගිහින් අටමගේ පොස්ට් එක කියවපන්

      Delete
  10. තාක්ෂණික පැහැදිලි කෙරීම විශිෂ්ඨයි

    ReplyDelete
  11. කණගාටුවෙන් උනත් කියන්න වෙනවා...

    ඊළඟ බිල්ල 'පේරාදෙණිය' ටවුමෙන් නොවේවා...

    ReplyDelete
    Replies
    1. මේ ටික නොලියා ඉන්නයි හිතුවේ. නමුත් මට මිට සමාන අදහසක් ඉදිරිපත් වෙලා තිබ්බේ නැහැ මම මේක ලියනකොට.

      සමහර වෙලාවට තමන් ඉන්නේ නායයාම් අවදානම් කලාපෙක කියල දන්නා අයත් ඇති, නොදන්නා අයත් ඇති. දන්නා අය ගැන මම යමක් කියන්නම්, මොකද මේක මම පේරාදෙණිය සම්බන්ධයෙනුත් තියෙන පොදු කාරණාවක්. මිනිස්සු තමුන් ඉන්න අවදානම ගැන කිසිම ගානක් නැති හැටියෙන් ඉන්නේ. ඒ කියන්නේ අවදානම් ප්‍රදේශයෙන් ඉවත් වෙන්න කියල කිව්වත්, යන්නේ නැහැ. ( වන්දි ලබාදෙන එක ගැන නම් ගැටළු තියෙන්න පුළුවන්... මොනවා උනත් තමුන්ගේ ආරක්ෂාව ගැන පළවෙනියට හිතන්න ඕනේ තමුන්, රජය /වෙනත් ආයතන කරනකල් නොහිට) අදාළ අංශත් පරිපාලනමය වශයෙන් ලොකු අතපෙවීම් වලට ලක්වෙලා අන්තිමට කෙලවර වෙන්නේ මේ වගේ දුර්ඝාන්තයකින්

      අමානුෂික උත්තරයක් වෙන්න පුළුවන්. නමුත් ශෝකය පළකිරීමෙන් නම් යමක් වෙන්නේ නැහැ ලංකාවේ නම්.

      Delete
    2. උපේක්ෂා පේරාදෙණිය ටවුම නායයාම් අවදානම් කලාපයක් බවට නම් කරන්නෙත් 2005 - 2006 ආසන්න කාල වකවානුවේ , පේරාදෙණිය හන්දියේ කොළඹ පාරේ බස්නැවතුම් පල අසල තිබ්බ කඩ පේළියම ඉවත් වෙන්නේ ඒ අනුව, එතන වරක් නාය යාමකට ලක්වුනා . ඊට පස්සේ පෙරදෙඉය ටවුම වෙනත් තැනක් ස්ථාපිත කිරීම කතාව ඇතිවුනා , අර නායගිය ස්ථානය soil nailing ක්‍රමය අනුව ස්ථායි කළා , කාලයත් එක්කම පේරාදෙණිය ටවුම ඉවත් කිරීමේ කතාව යටවෙලා ගියා, සමහරවිට ආපහු නාය යාමකට ලක්වුනොත් මේ කතාව ඇදිලා එයි .
      මිනිස්සු ඉවත් වෙන්නේ නෑ එක ඇත්ත, ඉවත් වෙලා කොහෙටද යන්නේ , ඒ මිනිස්සුන්ට විකල්ප තැනක් රජයෙන් දිය යුතුයි , මිනිස්සුන්ට හිතෙන හිතෙන තැන පදිංචි වෙන්න හැකියාවක් නෑ. ඒ මූලික සකස් කිරීම සිද්ධ වෙන්නේ නෑ කිසිම විටක ,
      ඔබ හරි ශෝකය පළකිරීමෙන් එහාට දෙයක් ලංකාවේ වෙන්නේ නෑ

      Delete
    3. මට මතකයි ඒ soil nail විකල්පය කරපු දවස් වල... ඒ අසලින් බස් පවා ධාවනය උනේ නැහැ. නමුත් දැන් එහි වගක්වත් තියෙන බවක් පේන්න නැහැ වටේ ඉන්න අයට. පේරාදෙණිය ටවුන් ඒරියා එක එහෙම වෙන තැනකට ගෙනියන්න පුළුවන්කම ඇති.(ගන්නොරුව පැත්තට, ගොඩක් තියෙන්නේ රජයේ ඉඩම් ඒ හරියේ. මිනිස්සු වැඩිපුරම පදිංචි වෙලා ඉන්නේ අනවසරෙන්) මට හිතෙන්නෙත් කොතනත් වගේ ඔතන ඇත්තේ ජරා දේශපාලන මැදිහත්වීම් වෙන්න ඇති. මොකද මේ ලංකාවනේ. ඉවත් වෙලා යන්න දිහාවක් නෑ තමයි, එහෙම යන්න කොහොමද කෙනෙක්.. පව්ලක්... ඕව කරන්න තමයි ඔලුවක් තියෙන, විෂය දැනුම තියෙන 'බුද්ධිමතුන්' ඕනේ. නිකම්ම පාරවල්/ගෙවල්/බිල්ඩින් හදන එවුන් නෙවෙයි.

      මට මතක් වෙන්නේ පන්නිපිටිය - බොරැල්ල පාරේ අවුරුදු ගානක් තිස්සේ අබලන් වේවි ඉදිවීම් කල්ගිය fly-over එක. ඔය ලස්සනට හැදුවේ... එතැන තිබිල තියෙන්නේ කරන්න බැරිකම නෙවෙයි, නොකෙරෙන අතට වැඩකිරිල්ල. ඒ වගේ මිනිස්සු වෙන තැනකට ගෙනියන්න බැරිකම නෙවෙයි, නොවෙන තැනට වැඩකිරිල්ල.

      කොහොමත් ලංකාවේ දැන් අදාළ මිනිස්සු අදාල වැඩේ ඇරෙන්න සියලු වෙනත් වැඩ කරනවා... රාජ්‍ය සේවයේ උන් ඒ වැඩේ ඇරෙන්න වෙන වැඩ ඔක්කොම කරනවා. භික්ෂුන් බණ කිවිල්ල ඇරෙන්න හැම වැඩේම කරනවා. දේශපාලුවෝ ඒ වැඩේ ඇරෙන්න වෙන ඕනේ වැඩක්. නගරාධිපතිගේ වැඩේ කරන්නේ අමාත්‍යංශ ලේකම්! උගේ වැඩේ??? අනේ මන්ද කියන්න ගියහම ඔක්කොම කියවෙන හින්ද කට පියා ගන්නම්. මේකත් සුනාමි ආවට පස්සේ අරක කරමු, මේක කරපු කිය කියා ලොකු ටෝක් දීලා, අන්තිමට එන සල්ලි වලින්වත් වැඩිකොටස ගසා කාල කරපු දෙයක් නැති තරමට වැඩේ අල කරා වගේ තමයි. බලන්නකෝ ඕක ඉලෙක්ෂන් එකට පාවිච්චි කරන්නේ නැද්ද කියල... ලජ්ජා නැතිකම

      Delete
    4. පේරාදෙණියේ ඊලඟට යන්නේ ගඟ පැත්තේ තියෙන කඩ ටිකයි ගන්නොරුව පාරේ කන්ද උඩ හදලා තියෙන ගොඩනැගිලියි. වැහිකාලෙට ගන්නොරුව පාර පටන්ගන්න හරිය උඩින් හෝදාගෙන පස් නිසා මඩ ගොඩක් වගේ. ඒ අතරේ ගන්ග අයින දිගට කඩවල් හදනවා. ලස්සනට තිබුන පාර කාලා දානවා.

      Delete
    5. @ උපේක්ෂා - ඇත්තටම ඒ දවස්වල කතාව තිබ්බේ ඔය පාර ඔතනින් වහන්න තමයි , ඊට පස්සේ ගන්නොරුව හරහා යන මාර්ගය භාවිතකරන්න , එත් අන්තිමට ඒ පාරෙත් කොළඹ පාර හංදිය ළඟ ඉඳලා තුලට කිලෝමීටරයක් විතර කොටස තවම ඉවර කරගන්න බැරුව ලත වෙනවා . ඒ අතරේදී අරක අමතක වෙලා ආපහු ඒ පාර පාවිච්චි කරනවා .

      බොරැල්ල පන්නිපිටිය fly over එක තනිකරම ජෙයරාජ් ඇමති තුමාගේ උත්සාහය නිසා පන ගහලා ආපු ව්‍යාපෘතියක් . ඒ වගේ වැඩක් කරන්න ඕන මිනිස්සුත් ඉස්සර හිටියා .

      ඔයා කිව්වා වගේ මේ සිද්ධිය බොහොම ලස්සනට ඊළඟ ඡන්දෙට පාවිච්චි කරාවි .

      Delete
    6. @ කැන්ඩියන් - ඔය ගඟ පැත්තේ කඩ ටිකනම් කොයි වෙලාවේ හරි ගලවාගෙන යයි කියලා වැස්ස වෙලාවට එක දකින කොට නිතරම හිතෙනවා .ගන්නොරුව පාරේ උද කොටසේ වැඩ ඉවරකරගන්න් බැරුව ඉන්නේ මොන හෙනයක් නිසාද කියලා දෙයියෝ තමයි දන්නේ

      Delete
  12. ඊළඟට තවත් ලොකුම අනතුරක් වෙන්නේ කෑගල්ල විකල්ප මාර්ගේ.. පොඩි වැස්සටත් පස් කඩන වැටෙනවා... කාවද හරි ලොකු අනතුරක් වෙනවා ඕක හින්දා...

    ReplyDelete
    Replies
    1. මම කකාට උඩින්ම දීපු උත්තරයේ ඔය කෑගල්ල බයිපාස් එක ගැන සඳහන් කළා , මෑතකාලීනව කරපු අදූරදර්ශීම ඉදිකිරීමක් , සමහර විට බලධාරීන්ගේ බලාපොරොත්තුව සවභාවික ස්තායිවීමක් වෙනන්ත් පුළුවන් .

      Delete
    2. ඔය කෑගල්ල විකල්ප මාර්ගේ කාලයක් තිස්සේ ඇඳි ඇඳි තිබ්බේ.මහීපාලගෙයි,සියඹලාපිටිය ගෙයි අතරේ තිබ්බ මොකක් හරි කේස් එකක් නිසා.ප්‍රසිඩන්ට් මැදිහත් වෙලා තමයි අන්තිමට ඔය වැඩේ කෙරුනේ කඩිමුඩියේ මතක විදියට.

      Delete
    3. ඔව් එහෙම එකක් තමා වුනේ අන්තිමට මුළු ව්‍යාපෘතියම ඉවර කලේ දවස් 90න්

      Delete
  13. මේ සිදුවීම ගැන මෙතෙක් කියවපු ලිපි වලින් වටිනාම ලිපිය මේකයි ඉවාන්! මීඩියා වලින් වැඩිපුරම කලේ දේශපාලුවන්ගේ කුණු හෝදන්න අහිංසක මිනිස්සුන්ට වරද පටවපු එක. එස්ටේට් එකේ අයිතිකාරයෝ පලාතකවත් නෑ.
    මොනව නැතත් පට්ට යූ රිපෝටර්ලා තොගයක් නම් හිටියා වටවෙලා. :(

    ReplyDelete
    Replies
    1. අවසානයේ පහත් තැනින් යයි ගලා ජලේ වේගයෙනි , මිනිස්සු එන්නේ ට්‍රිප් යනවා වගේ නාය යනවා බලන්න , බැරිම තැන බදුල්ල දිස්ත්‍රික් ලේකම් තුමා ගුවන් විදුලිය ඔස්සේ කිව්වා , බලන්න එන්නම් ඕනේ නම් කොට කලිසමක් ඇඳගෙන උදැල්ලක් අරන් එන්න නිකම්ම ඇවිත් බලන් ඉන්නවාට වඩා යම්කිසි සේවයක් කරන්නවත් පුළුවන් කියලා . ඔක්කොටම හපන් බලා ඉන්නවා මදිවට උපදෙස් දෙන්න යනඑක .
      දැන් ඉතින් හැමෝම යූ රිපොටර්ලානේ බස්සි

      Delete
  14. ලිපිය හටා මතු කෙරුණු දේ ගැන අගය කරනවා ඉවාන් අයියා, අපේ රටේ එවුන් කවදත් කරන්නේ මොකක් හරි දෙයක් උනාම බොලේ පාස් කර කර ඒ දේට හේතු දක්වලා ඇත පිහිද ගන්න එක විතරයි, දෙයක් වෙන්න කලින් ඒ දේ දැන හඳුනා ගත්තත් අර පාලුවෝ ඉන්නකන් ලොකු ලොකු සල්ලි කාරයෝ ඉන්නකන් ඒවායේ වාර්තා යට ගිහිල්ලා ආයෙත් අර ගලාගෙන ආපු සම්ප්‍රදායටම වැටිලා කට්ටිය හරි සතුටින් ගහගෙන යනවා. එක බල්ලෙක් උඩුගන් පීනන්නේ නැහැ. එකට උත්ස්සහ කරන්නෙත් නැහැ.

    දැන් හැම එකාම එනවා බොර දියේ මාළු බාන්න, දැන් දමාවි වැඩපිලිවෙලවල් බත් පැකට් එකක් දෙන්න, ටකරන් තහඩු බෙදන්න. අපේ රටේ කවදත් කොතනත් වුනේ නැතිබැරි කම අසරණ කම වවාගෙන කාපු එක තමයි, ඊයේ අපදා බලල කියනවා කෂ පහක් දුන්නලු තව ලක්ෂ විස්සේ චෙක් එකක් දුන්නලු, වලලුන ජීවිත 400ක වටිනාකම, ඒ ජීවිත නිසා අසරණ වෙච්ච සෙසු ජීවිත වල වටිනාකම උන්ට ලක්ෂ 25 විතරයි, ඌ යන වාහනේ වටිනවා ඇති ඒ වගේ හය හත් ගුණයක්.

    අපේ රටේ ඉන්නේ මහම මහා ගොන් හැත්තක්, උන් සිල්ලර තුන පහට බඩට හිතලා රැවටිලා චන්දෙ දෙනවා මිසක් තමන්ගේ ජීවිත වලට වටිනාකමක් ලබාගන්න සටන් කරන්නේ නැහැ, මාතලන් අයියා කියනවා වගේ උන් හැමදාම සිල්ලර තුන පහට කතිරේ දීල බුකවන් ඉන්නවා ඇති කෙහෙල් කාපු උගුඩුවෝ ටික වගේ නියෝ නියෝ.

    පන පිටින්ම මිනිස්සු වැළලිලා, උදේට වැඳලා ගිය අම්මයි අප්පයි හවස් ගෙදර එද්දී මැරිලා ගොඩක් දරුවන්ගේ, එවුන්ගේ ග්‍රාමයත් ඔය වතු අධිකාරියයි රජයයි ලස්සනට හූරන් කයි, තොණ්ඩලා වගේ උන් උන් වෙනුවෙන් පෙනී ඉන්නවා වගේ ඉඳන් දින්නත් ඇමති පැරදුනත් ඇමති වෙලා ඉඳියි. ඉතින් වලලිච්ච මිනිස්සුනේ උන්ට අඩු වුනේ කතිර 400 විතරමයි, උඹලාගේ සිද්දිය මාකට් වෙනකන් මාකට් වෙයි, එතනින් එහාට උඹලා නැතිව අසරණ වෙච්ච එවුන් ආයෙත් තව නායකින්ම උඹලත් එක්ක එකතු වෙයි.

    උඹලා දේශපාලන නාය යාමෙන් යටවෙලා පොඩිවෙලා යද්දී පස් කඳුත් කඩන වැටෙන්නේ උඹලගෙම ඔලුවට වීම නම් හරිම දුකයි. දුස්හක් දේශපාලුවෝ පාලකයෝ ඉන්න කල මෙවන් විපත් තව තවත් ඉදිරියටමත් වේවි, සුදානම් වෙයල්ලා උන් පන්නන බැරි නම් දිවි බේර ගන්න හරි.

    ReplyDelete
    Replies
    1. සොමියා හරි, අවසානයේ මිනිස්සුන්ගේ වටිනාකම තීරණය වෙන්නේ බත් පැකට් එකෙන් , ටකරං තහඩුවෙන් . ඔය අපදා ඇමතියා ලක්ෂ විසිපහේ කතාව කියද්දී මටත් පුදුම අපුලක් දැනුනේ . මිනිස්සු හාරසියයකාගේ ජීවිත මුන්ට වටින්නේ ලක්ෂ විසිපහයි . දිස්ත්‍රික් ලේකම් තුමා කියනවා බැකෝ යන්ත්‍රයක් හොයාගන්න විදිහක් නෑ කියලා . සල්ලි ටික දික් කලාම ඔක්කොම හරි කියලා තමයි හිතන්නේ . දැන් අර ඉතුරු වුන ළමයි ටික අද ඉඳන්ම වහල් සේවයට ගනියි .

      Delete
  15. වටිනා ලිපියක් වගේම වටිනා ප්‍රතිචාර රැසක්. ස්වාභාවික තත්ත්ව වෙනස්කිරීමක දී එසේ කිරීමෙන් ස්වාභාවික තත්ත්වයන්ගෙන් ලැබෙන්නට ඉඩ ඇති ප්‍රතිචාර ගැන නොසලකා හැරීමේ ඵලවිපාක මුළු ලෝකයම අත්දකිමින් සිටිනවා. ඒ ගැන කතා කරන, ලියන යුගය ලෝකය පසු කරමින් සිටී.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගුරු - ස්වභාවික තත්ත්ව වෙනස් කිරීමේදී ඒ සඳහා සම්මත ප්‍රමිතීන් භාවිතා නොකිරීම තමයි ප්‍රධාන හේතුව වෙන්නේ .මේක සංවර්ධනය වෙමින් පවතින රටවල වඩා දරුණුයි , මොකද පරිසරය සම්බන්ධ අධිකාරීත්වය දරන ආයතන වල ප්‍රමාණවත් මැදිහත්වීමක් නොමැති නිසා . තිබුනත් යම් යම් බලපෑම වලින් ඒ දේවල් යටපත් කරගත හැකි නිසා

      Delete
  16. ස්වභාවික විපත් වලක්වන්න බෑ තමයි.. ඒත් මේකෙන් පාඩමක් ඉගෙනගෙන ඊලඟට තියෙන අවදානම් කලාප වල අනතුරු අවම කරගන්නවත් වැඩපිළිවෙලක් යෙදුවොත් මේ මියගිය මිනිස්සුන්ට ගෞරවයක් කලා වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ස්වාභාවික උවදුරු වලක්වන්න බෑ. නමුත් ඒවා බොහෝ දුරට පාලනය කරන්න පුළුවනි නියමිත ප්‍රමිතීන් අනුගමනය කිරීමෙන්, සහ අවශ්‍ය පෙරසූදානම් වීම් මගින් . වෙලා තියෙන්න ඒසඳහා දක්වන නොසැලකිල්ල . අඩුගානේ මේ මියගිය මිනිසුන්ට කරන ගෞරවයක් ලෙස හෝ එවැනි වැඩපිළිවෙලකට යොමුවෙනවා නම් හොඳයි . ස්තුතියි බීට්ල්

      Delete
  17. විස්තර කියවලා පිස්සු වගේ බං.... මෙතනට මිනිස්සු එනවලු බලන්න.. අර සුනාමියට අහුවෙච්ච කෝච්චිය බලන්න ගියා වගේ... ඒ වගේම ගොඩක් ළමයින්ට දෙමව්පියන් අහිමි වෙලාලු.. ඉස්කෝලෙ ගිය ළමයි බේරිලා කියලා තියෙන්නේ... තරු කියල තියනව වගේ මෙච්චර අසරණ මිනිස්සුන්ටමනේ සොබාදහමත් එරෙහිවෙන්නේ...

    ReplyDelete
    Replies
    1. තිසර .. ළමයි 75 ක් බේරිලා , එත් දැන් ඔවුන්ට ඔවුන් පමණයි . සමහර විට අද බේරුණු මේ ළමයි හෙට කුසගින්නේ මැරෙන්න පුළුවන්, අම්ම අප්පා නැති ළමයි අඩුගානේ රෑට කරුවලේ නිදාගන්න බය ළමයින්ට දැන් කාගේ පිලිසරනක්ද? නැත්තම් වෙන ඉක්මනම දේ තමයි මේ දරුවන් ඉක්මනින්ම ළමා ශ්‍රමිකයින් බවට පත් වීම.
      සොබා දහමත් අසාධාරණයි කියලා හිතෙන වෙලාවක් මේක .

      Delete
  18. හන්තාන කන්දේ එල්ලිලා ඉන්න ගිනිපෙට්ටි වගේ ගොඩනැගිලි ගැනත් මට මතක් උනා .. හන්තාන සඳහා ක්‍රියාත්මක වැඩ පිලිවෙල කුමක්ද?

    ReplyDelete
    Replies
    1. කිසිම වැඩපිළිවෙලක් නෑ දන්නා තරමින් දැනට ක්‍රියාත්මක වෙන , අන්තිමට මෙහෙම දෙයක් වුනු දාට කියයි අනතුරු අඟවලා තිබ්බ අයින් වුනේ නෑ කියලා,,

      Delete
  19. මට පේන් විදිහට දැනට තියන ප්‍රධානම අභියෝගය තමයි ඉවාන් මේ ළමයින්ගෙ ප්‍රශ්නය.මේ ළමයින්ව කඩවල වහල්කමට කොළඹ පටවන්නේ නැතුව ඔවුන්ගේ අනාගතය සුරක්ශිත කිරීමට ඉක්මන් වැඩ පිළිවලක් ඕන.දැනට අවුරුදු 5 පමණ පෙර අප රැකියා ස්ථානයේ සේවකයකුගේ මළගෙදරකට සහබාගි වීමට හැටන් ප්‍රදේශයේ මළ ගෙදරකට අවුරුදු නිවාඩු සමය නිමවීගන එන කාලයේ යන්න සිදුවුනා.එසේ යනවිට එම වතුයායේ එක දිගට වාහන 40 පමණ පෝළිමේ ගාල් කරල.හොයල බැලුවහම කොළඹ රැකියා ස්ථාන හිමිකරුවන් නිවාඩු ගිය තම සේවකයන් වෙන ස්තාන වලට යාවියැයි බියෙන් ඔවුන්ව රැගෙන යාමටත්,නව සේවකයන් සොයා ගැනීමටත් ඇවිල්ල.නොයෙක් ප්‍රදේශවල සේවය කරන වතු තරුණ තරුණියන් අවුරුදු නිවාඩුවට වතු කරා පැමිණ තිබීම නිසා ඔවුන් පොළඹවා තම ස්තානය කරා රැගෙන යාමට ඔවුන්තුල වූවේ ලොකු තරගයක්.අප ඉදිරිපිටම ඔවුන් දැනටමත් පාසල්යන වතු තරුණ තරුණියන් 6 දෙනෙක් රැකියා කිරීමට පොළබවාගන රැගෙන යාමට සමත් වුනා.ඒ අප සිටි පැය 2පමණ කාලයේදී පමණි.එලෙස කොතෙක් නම් පිරිසක් පාසල් ගමන අතරමග නවත්වා මෙලෙස වහල්කමට විකිනෙනවා ඇද්ද?ආරන්චි වු විදිහට ඒ සදහා හුරු වූ තැරවුකරුවන් පිරිසක්ද මේ වතු ආශ්‍රිතව ජීවත් වෙනව.ඒ නිසයි අපි මේ ළමුන්ගේ අනාගතය රැකිය යුත්තේ.නැත්නම් මේ ළමයිනුත් තැරවුකරුවන්ගේ,මුදලාළිලගේ ගොදුරු බවට පත්වෙනව

    ReplyDelete
    Replies
    1. //මට පේන් විදිහට දැනට තියන ප්‍රධානම අභියෝගය තමයි ඉවාන් මේ ළමයින්ගෙ ප්‍රශ්නය.මේ ළමයින්ව කඩවල වහල්කමට කොළඹ පටවන්නේ නැතුව ඔවුන්ගේ අනාගතය සුරක්ශිත කිරීමට ඉක්මන් වැඩ පිළිවලක් ඕන.//

      කිසිම සැකයක් නැහැ ඒ ගැන.කොළඹට ඔය ළමා ශ්‍රමිකයෝ ගොඩක් එන්නේ වතුකරෙන්.වතුකරේ මිනිස්සුන්ගේ ශ්‍රමය ලාභ ඇති.ඔබ කියනවා හරි ලංකාවේ වහල් සේවයක් නැහැ කියන්නේ කොහොමද වතුකරේ මිනිස්සු දිහා බැලුවාම.

      Delete
    2. @ කටුසු - ළමා ශ්‍රමිකයින් සැපයීම සම්බන්ධයෙන් වතුකරයට තියෙන්නේ බොහොම අපකීර්තිමත් වාර්තාවක්. ඒ වගේම ඒ සඳහාම වෙන්වූ තැරව් කරුවන් බොහොමයක් ඒ පලාත්වල වෙසෙනවා, ඇත්තෙන්ම මෙතන සිද්ධ වෙන්නේ ජාවාරමක්, මවු පියන් අහිමි වූ දරුවන් කියන්නේ ඒ තැරව් කරුවන්ට නිධානයක්. බොහෝ දුරට ඉඩ තිබෙන්නේ මේ දරුවන්ගේ අධ්‍යාපනයට මෙතනින් තිත තැබීමට .

      @ මනෝජ් - ඔබගේ නිගමනය හරියටම හරි

      Delete
  20. ඉතාම වටිනා ලිපියක් ඉවාන්.හොඳට කරුණු පැහැදීළි කර තිබෙනවා.මේ රටේ කඳු කපා තියෙන හැම තැනම වගේ ඔබ කියන soil nailing (පළමු පින්තූරය)ක්‍රමය ක්‍රියාත්මක කර තිබෙන ආකාරය දැකගන්න පුළුවනි.ඇත්තටම මෙහෙ තියෙන්නෙ ගොඩක්ම ස්ථායි ගලින් නිර්මිත කඳු ඒ වගේම අවුරුද්දකට දින හතරක් පහකට වඩා වහින්නේත් නෑ.ඒ වුණත් කවදා හෝ සිදුවිය හැකි ව්‍යසනයකට මුහුණ දීමට හැකිවනසේ දැන්මම පියවර ගෙන තිබෙන ආකාරය සිත් ඇද ගන්නා සුළුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපයියේ , soil nailing ක්‍රමය බොහොම සාර්ථක ක්‍රමයක්. නමුත් වියදම් අධිකයි , නමුත් අපේ මේ යන අනවශ්‍ය වියදම් කළමනාකරණය කරගන්නට පුළුවන් නම් මේ දේවල් වලට ප්‍රතිපාදන හොයා ගැනීම ඒ තරම් අසීරු වන්නේ නැහැ. ඇත්තෙන්ම අනතුරක සේයාවක් වත් නැතිව ඔය රටේ එවැනි සූදානමක් තිබෙනවා ඔබ කියන පරිදි, නමුත් දිනපතාම් අවදානම එක්ක ජීවත් වෙන මේ ජනතාව වෙනුවෙන් ඒ පිරිවැය දරන්නට අපි සූදානම් නෑ,

      Delete
  21. මේ ගැන දැනගත්ත මොහොතෙ ඉඳන් කම්පනීය හැඟීමක් හිතේ තියෙන්නෙ.. ලැයිම්වල ඇවිදල ඒ දුප්පත් මිනිස්සු එක්ක කතාබහ කරල, ජීවත් වෙන විදිය දැකල තියෙන නිසා හිතට අමාරුයි.

    පහුගිය අවුරුද්දෙත් තේ වතු ආශ්‍රිත ලැයිම්වල මිනිස්සු මුණගැහෙන්න ලැබුණා... ඒ අතර එක ගමක් තිබුණා නාය යන නිසා අයින් කරපු පවුල් පදිංචි කළ... ඒකත් කන්දක්... උඩට යන්න යන්න දුෂ්කරයි. ඒ මිනිස්සුන්ට පර්චස් විස්සයි, රු.50000 යි, තහඩු ටිකයි ලැබිල තිබුණා. ඒකෙන් යම්තමට ගෙයක් අටවගෙන ජීවිතේට මුහුණ දෙන්න සිද්ද වෙලා තිබුණා.... මහපාරට කිට්ටුවෙන් තිබුණ නිසත්, පර්චස් විස්සක ඉඩමක් ලැබුණු නිසත් ඒ මිනිස්සු සතුටින් කතා කළේ... ලැබුණු සොච්චමෙන් සෑහිලා දුෂ්කර ක්‍රියා කරන්න හිතහදාගන තිබුණ බවයි පෙණුනෙ...

    කාලයක් ජීවත්වුණු වටපිටාවෛන් හිටිගමන් යන්න කියනවනම්, ඒ මිනිස්සුන්ට සාධාරණ විකල්පයක් තියෙන්න ඕන.... එහෙම විසඳුම් දෙන්න බැරි විදියෙ අසරණ දුප්පත් රටක් නෙවෙයිනෙ ලංකාව... පුරාජේරු වැඩ කොයිතරම්ද? ඒ අස්සෙ දුප්පතුන්ට මස් කට්ටක් වීසිකරනවා...

    ReplyDelete
    Replies
    1. මං කියන්නෙත් ඔය ටික , මම කුඩාකාලයේ ගමේ ඉන්නකොට වතු ආශ්‍රිත ජීවන රටාව මට අමුත්තක් වුනේ නෑ. කාලයක් ජීවත් වුනු පරිසරයෙන් මිනිස්සු එලවනවානම් ඒ සඳහා විකල්පයක් ඔවුන්ට ලබාදිය යුතුයි. පලයන් කිව්වට කොහේ යන්නද? මෙතන තියෙන්නේ නිසි කළමනාකාරීත්වයක් නොමැති වීම , ආපදා කළමනාකරණ අමාත්‍යාශය තියෙන්නේ ව්‍යසනයක් වුනාට පස්සේ බත් පැකට් බෙදන්න නෙවෙයි.

      Delete
  22. අපි ප්ලෑන් කරන්නේ අදට විතරයි නේ බං ඒකයි අවුල.. නියම ලිපියක්. බොලා ලියන්න ඕන ඒවා දැං නේ ලියන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයෝ . අපි අදටවත් ප්ලෑන් කරනවද කියන එකත් ප්‍රශ්නයක් මේ වෙන දේවල් දිහා බැලුවම .

      Delete
  23. නියම විස්තර සහිත ලිපියක් ඉවාන්. ලංකාවෙ කවදත් නිසි පිලිවෙතකට කෙරෙන සංවර්ධන වැඩක් හොයාගන්න අමාරුයි. පාරක් හැදුවොත් කාණු නෑ. ඒකෙන් වෙන අපහසුතාව මේ දවස්වල හොඳට අත් විඳිනව.
    මට දුක අර සියලු දේ අහිමිවෙච්ච ළමයි 75 දෙනා ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න අයියා - කවුරුවත් ගානකට නොගත්තට මාර්ග සංවර්ධනයේදී අත්‍යවශ්‍යම සහ වැදගත්ම කාරණය වන්නේ නිසි ජලාපවාහන පද්දතියක් තිබීම , එත් එක තම්යි ලංකාවේ අඩුවෙන්ම අවධානය ලබා දෙන ඉසව්ව . අර ළමයි ගැන නම් මං හිතන්නේ දැන් බොහොම දුක්ඛිත කතාවක් තමයිඉතුරු වෙන්නේ , මේ වෙනකොටත් කීදෙන් මෙහෙකාර කමට විකුනලාද කියන්න දන්නේ නෑ

      Delete
  24. මේ ලිපිය මාරම වටිනවා.
    මිනිස්සුන්ට අයින් වෙන්න කියලා දැනුම් දුන්නයි කියලනේ කට්ටිය කියන්නේ. එම කියලා මදිනේ හරිනම් අයින් වෙලා යන්න තැන් ඔවුන්ගේ මුලික අවශ්‍යතා එහෙම සකස් කරලා දෙන්න එපැයි. ආපදාකලමනාකරණය වගේම පෙර සුදානමත් හරි වැදගත් දෙයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ෂගියා . මිනිස්සුන්ට අයින් වෙන්න කියනවා , හැබැයි යන්න තැනක් නෑ. බලෙන් ඉඩම් අල්ලගන පදිංචි වෙයන් කියලද කියන්නේ එතකොට . ආපදා කළමනාකරණය කියන්නේ චන්දෙ ලන්වෙනකොට ගංවතුර ගලන පැත්තකට ගිහින් මනාප අංකෙ ගහපු බත් පැකට බෙදන එක නෙවෙයි කියලා කවදා තේරුම් ගනීද

      Delete
  25. බහුතර ජනතාවකට දැනගන්න මේ දේවල් සරළව මෙහෙම ලියපු එක සිරා වැඩක්. බොහොම වටින ලිපියක්, සිංහලෙන් සරළවම!

    ලංකාවෙ අපේ පොදු දුර්වලකමක් තමයි, යන්තං තිබ්බම ඇති කියන එක. ඒ නිසා, හරියට නෙමෙයි, කොහොම හරි වැඩේ කෙරුනොත් ඇති.

    අනෙක් පැත්තෙන් තව කී දොහද මේක අමතක වෙන්න යන්නෙ. දැන් සුනාමිය ආව, මීටර් සීයෙ සීමාව ගෙනාව, පණහට බැස්සුව, දැන් ආයි අන්න වැල්ලෙ ගෙවල් හෝටල් හදනව! ආන්ඩුවටත් ලැජ්ජ නෑ, මිනිස්සුන්ටත් ලැජ්ජ නෑ! ඉඩමක් කියන්නෙ එහෙම ලේසියෙන් දාල යන්න බැරි තැනක් බව ඇත්ත. ඒත් තමන්ගෙ ජීවිත වලට ඔයිට වඩා ආදරය කරන්න මිනිස්සු උත්සහ ගන්නවනම්, වෙන්ස වෙන්න වඩා හොඳ තැනක් ආරක්ෂිත තැන්කට යන්න හෝ, එවන් තැනක් රජයෙන් ලබා ගන්න සටන් කරන්න හෝ පෙළඹෙන්න තිබ්බ.

    ඒත් අපේ කරුම ජාන වල තියෙන එක එකාට කපාගෙන තමන්ගෙ පෙනි පෙනි හෝ තමන්ගෙ ගොඩ වැඩිකරගන්න තුඡ්ච සිංහල ගතිය නිසා හැමදාම ඛේදවාචකම විතරයි ඉතුරුවෙන්නෙ ( රොබට් නොක්ස් සිංහල රජුගෙ ඇමතියන් /දිසාවෙලගෙ තානන්තර ලෝභයගැන කියල තිබ්බ විස්තරේ දන්නව නේද ).

    ReplyDelete
    Replies
    1. ප/ලි, අර මැප් මෙලෝ රහක් නෑ. ගමක් නෑ, පාරක නමක් නෑ, ඩවින් ලෝඩ් කරාට රෙසලූෂන් අන්තිමයි. තවත් සාඩම්භර රජයේ සිරා වැඩක්!

      Delete
    2. ස්තුතියි ඉන්දික - යන්තං තිබ්බම ඇති කියන එක ලංකාවේ බහුතරයකගේ මතය, සමහර කන්සල්ටන්ට් ලා පවා ඔන්න ඔඅක ඔහේ ගහලා දාන්න කියන තැනට පත්වෙලා .ඔබ කියනවා වගේ හොඳම උදාහරණය තමයි සුනාමි මීටර් සීයේ කතාව අද වෙනකොට එක විහිළුවක් වෙලා . ආරක්‍ෂිත ස්ථානයක් ලබාගන්න් මිනිස්සු සටන් කරන්න ඕන, අර කිව්වා වගේ අපේ මිනිස්සු පාරට බහින්නේ බොහොම සිල්ලර කාරනා වලට . නමුත් ඇත්තටම තමන්ගේ ජීවිතය වෙනුවෙන් හඬ නගන්නේ කීදෙනාද ?

      අර NBRO මැප් ගැන මටනම් ඇතිවුනේ දුකක්, අයි මේ දේවල් කරන්නේ සම්පූර්ණයෙන්ම වෘත්තිකයන් කියා ගන්නා මිනිසුන්ම වීම නිසා

      Delete
  26. ඉවාන්, මේ ගැන කියවපු සවිස්තරම ලිපිය කිවුවෑකි බය නැතුව!

    අපි දුර නොබලන ජාතියක් කියලා මුළු ලෝකෙටම හඬගාලා කියලා ඉව‍රයි.

    අස්සයා පැනලා ගියාට පස්සෙ ඉස්තාලෙ වහලා වැඩක් නෑ. ඒත් දැන් වත් අවදි නූනොත් ඉතුරු අස්සයො ටිකත් පැනලා යාවි කියන එක මේ කුම්බකර්ණ වගකිවයුත්තන්ට තේරුම් ගියොත් ඇති!!

    මතු මතුත් මෙවන් විපත් ලොව කිසිම තැනක නෝවේවා කියලා පතනවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රියා - ඇත්තටම දැනට අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඔය විදිහේ ප්‍රාර්ථනාවක් කරන්න විතරයි . මේකෙන් වත් වගකිවයුත්තන්ගේ ඇස ඇරේවා කියලා ප්‍රාර්ථනා කරමු .

      Delete
  27. ඉවාන්. මුලින් ම තුති මේ ලිපියට... ලොකු දැනුමක් ගත්තා...

    මේකනේ මචං. දැන් කොහොම හරි මේක සංවර්ධනය කරන්න තමයි අපේ ට්‍රයි එක. ඒකට කදු වගේ දේවල් අදාල නැහැ. පාරට සල්ලි පාස් වුණ තමන් ඒක ගසාගෙන කන්න හදට හරි පාරක් හදනවා. ඒකෙදී කදු ගැන එහෙම බලන්න පුළුවන් යෑ. පුළුවන් නම් නුවරටත් වරායක් පාස් කරගෙන හදනවා... එහෙම් සංවර්ධනයක් වෙද්දි මේ වගේ විජාතික බලවේගයක් වන ඉවාන් කියන කතා අපිට පිළිගන්නට පුළුවන් යෑ..... ආ..... ඒ විතරක් නෙමෙයි මේකත් එක ආකාරයක් ත්‍රස්තවාදයක් හරිද?????? සුදු වෑන් එහෙම දැකලා තියෙනවාද????

    ReplyDelete
    Replies
    1. මේකනම් සුදුවෑන් ගේන්න ගන්නම හොඳ ලිපියක් තමා , රටට තමන්ගේ සහෝදර ජනතාවට , එහෙමත් නැත්තම් තමන්ගේ ගමට වැඩක් වුනත් නොවුනත් තමන්ට මඩිය තරකර ගන්න පුළුවන් නම් ඊටවඩා දෙයක් නෑ මේ මිනිසුන්ට , එහෙව් රටේ ඉපදිලා ඉන්නේ අපි

      Delete
  28. සුනාමියත් ඇවිල්ල ගිය එකේ...... අපේ අයට මේකත් එක සුනාමියක් විතරයි.....අහිංසක මිනිසුන්ට..... සිදු වූ ජිවිත හානිය.... කාටවත් වන්දි දීමකින් පිරිමහන්න බැ. ඉවාන්....

    ReplyDelete
    Replies
    1. ඇත්ත නිහිංසා දැන් බලන්නේ මේකෙන් කීයක් ගසා කන්න පුලුවන්ද කියන එක විතරයි .

      Delete
  29. හැමදාම තැලෙන්නේ අහිංසක අසරණ මිනිස්සු.සුනාමියෙන් ගොඩ ගිය උන් ඉන්න රටේ මේ විපත වෙලාවෙත් තමන්ගේ සාක්කු පුරෝ ගන්න බලාගෙනත් කට්ටිය දැනටමත් ඇති.දැන් මේ විපත සිදු වෙලා ඉවරයි.මෙතනින් එහාට වෙන්න ඕනේ මොකක්ද කියලායි බලන්න ඕනේ.තව ටික දවසකින් අනේ අපිවත් මේ නායට අහුවෙලා මැරුණේ නැහැනේ කියලා ඒ මිනිස්සු නොකියන විදියට ඒ අය ගැන බලන්න ඕනේ.විශේෂයෙන්ම මේ විපතෙන් බේරිලා ඉන්න ළමයි ගැන.රටේ අනෙක් පළත් වලට වඩා මේ වතුකරේ පැටව් වහල් භවයට පත් වෙනවා වැඩියි.එක එහෙම නොවෙන්න වග බලා ගන්න ඕනේ.

    ලොක්කා කියයි දැන් නැති වෙච්චි ජිවිත හැර අනික් හැමදේම දෙනවා කියලා.ගත්ත උන් තමයි දන්නේ මොනවාද දුන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නා වගේ ජීවත් වෙලා ඉන්න උන්ටත් අපරාදේ මරුනේ නැත්තේ කියලා නොහිතෙන්න වැඩ කලොත් එකත් මදැයි ,

      //"ලොක්කා කියයි දැන් නැති වෙච්චි ජිවිත හැර අනික් හැමදේම දෙනවා කියලා.ගත්ත උන් තමයි දන්නේ මොනවාද දුන්නේ කියලා."// මේ කතාව නම් ලොක්කට පෙන්නන වටිනා කතාවක්. ආයේ වෙන කියන්න දෙයක් නෑ මේ බොරුව ගැන . නියම කතාව

      Delete
  30. ස්වාබාවදර්මය කාටවත් වලක්වන්න බ වගේම අහිංසක මිනිස්සුන්ට උන වන්දිය කාටවත් පියවන්න බැ

    ReplyDelete
    Replies
    1. ඔව් බන් හොරෝ .. මිනිස්සුන්ට නැතිවුණු කිසිම දෙයක් ආපහු ලැබෙන්නේ නෑ. සාදරයෙන් පිලිගන්නවා මේ ඉසව්වට

      Delete
  31. බොහොම වටිනා ලිපියක් අය්යේ ...මේ සිද්ධිය දැක්ක ගමන් මටත් මතක් උනේ පොම්පේ නගරයේ සිද්ධිය ...

    මේ ලිපිය කියවද්දි මට ඇහෙනවා එක රුපවාහිනි නාලිකාවක ප්‍රවෘත්ති වලින් කියනව අපි තමයි මේක මුලින්ම හැමෝටම පෙන්නුවෙ.එසැනින් ප්‍රවෘත්ති ගෙන ඒමේ අංක එක ..අරකද මේකද හෙන පම්පෝරියක්.තවත් නාලිකාවක සිදුවීම දුක් ගීයක් වගේ ප්‍රවෘත්ති නිවේදිකාව රඟපානව මං හිතන්නේ මාධ්‍ය දැන් කරන්න ඕන තම තමන් ගැන පුරාජේරු කියන්නවත් එකම දේ කියා කියා දුක් ගී ගයන්නවත් නෙමේ.අපි හදවතින් දුක් වෙනවා ඒක ඇත්ත ඒත් ඒ දුක විකුණන එක නරකයි .මාධ්‍ය විදිහට ඊළඟට කරන්න ඕන ලොකුම කාර්ය රටේ අනෙක් ජනතාවත් සහභාගී කරවාගෙන මේ අසරණ මිනිසුන්ට හැකි විදිහට උදව් කරන්න වැඩ පිළිවෙලක් ගැන හිතන එක ... මේ සිදුවීමත් එක්ක රටේ බොහොමයක් මාධ්‍ය ක්‍රියාකරන ආකාරය දැකල මේ ටික කියන්න හිතුන...

    ReplyDelete
    Replies
    1. හංසි - මේ වනවිට නාලිකා අතර තියෙන පළමුවැනියා වීමේ තරඟය ගැන නම තියෙන්නේ ඇත්තෙන්ම හිරිකිතයක් , ඒ වගේම මිනිස්සුන්ගේ දුක ගැන ඔවුන් සංවේදී නොවීම කියන්නේ හිතාගන්න් බැරි තත්වයක් , මේ මිනිසුන්ගේ දුකට වඩා ඔවුන් හෙලොවීන් නයිට් එකට සංවේදියි , එකත් මළවුන් සමරන්න් නෙවෙයි විකාරයක් කරන්න . මාධ්‍ය දිනෙන් දිනම බුද්ධිමත් ජන මනසෙන් ඈත්වෙන දෙයක්

      Delete
  32. ඉතාම කණගාටුදායකයි තමයි.මට තියන ගැටළුව මේ වගෙ විපත් වළක්වාගෙන සැලසුම් සකස් කරන්න ඉවාන්ල වගෙ අයට තිබෙන ඉංජිනේරු දැනුම බලධාරීන් ප්‍රයෝජනයට නොගන්නෙ ඇයි කියන එක. තීරණ ගැනීමේ බලය තිබෙන අය මේව නොදන්නව වෙන්න බැහැනෙ.ඔවුන් හිතාමතා මඟ හරිනව වෙන්න ඇති.
    ඉතාම පටු අභිලාශයන් උදෙසා ජන ජීවිත අවදානමේ දමනවා වෙන්න ඇති.අධ්‍යන චාරිකා එහෙම යන්නෙ මොනව බලන්නද
    මට පේන දේ තමයි දීර්ඝකාලීන සැලසුමක් නැතිව ඔන්න ඔහෙ කරන්නන් වාලෙ හෝ කොමිස් හොරාකෑමට සිතා ව්‍යාපෘති සැළසුම් කරන බව.

    ජනතාව සවිඥානක නැහැ.මේ අය චන්දෙ දෙන්නෙත් මොකෙක් හරි තක්කඩි ඌරෙකුට.තමන්ගෙ ඉරණම ගැන හරි වැටහීමක් නැහැ.මේ ජනතාවට තියෙන්නෙ දෙවි පිහිට තමයි.ඒත් ඔක්කොටම කලින් කෝවිලත් බිමටම සමතලා වෙලානෙ.

    ReplyDelete
    Replies
    1. //ජනතාව සවිඥානක නැහැ.මේ අය චන්දෙ දෙන්නෙත් මොකෙක් හරි තක්කඩි ඌරෙකුට.තමන්ගෙ ඉරණම ගැන හරි වැටහීමක් නැහැ."// මම හිතන්නේ යකා සියල්ල කියලා තියෙනවා මේ වාක්‍යයෙන් ,

      මේ ක්ෂේත්‍රයේ ප්‍රාමාණික උගතුන් උවමනාත්රම් සිටිනවා යකා, ප්‍රශ්නෙකට තියෙන්නේ ඒ අයගේ සේවය ලබා ගැනීමට මේ දේශපාලුවන් සූදානම් නැති එක. ආපදා කළමනාකරණය පිලිබඳ ආචාර්ය උපාධිය තිබෙන පුද්ගලයන් පවා අද වැඩක් නොගෙන පැත්තකට දාලා . සුදුස්සාට සුදුසු තැන දෙනතුරු රට මෙතනම තියෙයි යකා

      Delete
  33. මුන්ට ඕන උන්ගෙ මඩි තර කර ගන්න විතරයි. මොකක් හරි වුනාම කැමරාවක්, මයික් එකක් ඉස්සරහ මොනව හරි වැල් බයිල ටිකක් ගහල කාලය ගෙවා ගන්නව. හොඳ වෙලාවට අපේ රට ස්වභාවික ආපදා අවම රටක් වුනේ. නැත්තන් ඕකුන්ට දාගන්න ඉතුරු වෙන්නෙ උන්ගෙ ඡන්ද ටික විතරයි. පව් අර අහිංසක මිනිස්සු.. :(

    සෑහෙන්න වටින විස්තරයක්, කමෙන්ටුත් ඇතුළුව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන - ඇත්තටම මෙහෙම ගියොත් මේ රටේ ඉතිරි වෙන්නේ දියවන්නාවේ මැද ඉන්න 225 දෙනා විතරයි වගේ

      Delete
  34. මොනව කියන්නද මන්දා ඉවාන්. එක්වරම මහ ව්‍යසනයකට මුහුණ දීල - ඉන් පස්සෙ ඇතිවෙන අපේක්‍ෂා භංග හැඟීම් විරහිත ස්වභාවය ගැන 2004 සුනාමි ව්‍යසනය නිසා මමත් හොඳින්ම අත්වින්දා. මේ ව්‍යසනයෙන් ජීවිතය බේරුනු අය අද අත්දකින අසරණකම මම අහපු දැකපු විඳපු ඒ අත්දැකීම නිසා මට හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. ඒත් කරුමෙ කියන්නෙ වගකිවයුතු කිසිවෙක්ට ඔය ගැන හැඟීමක් නෑ. මේ මොහොතෙ ඔවුන්ගෙ අභියෝගය ආයාසයෙන් නඟා ගත්තු හැඟීම් සහිත මුහුණකින් රට ඉස්සරහට ඇවිත් තමන්ගෙ නිර්දෝෂිභාවය පෙන්වමින් තමන්ගෙ රජයෙ දූරදර්ශි වැඩපිළිවෙල ගැන පුරාජේරුව වයමින් විපතේදි තම තමන් කඩිනමින් ක්‍රියාත්මක වුනු හැටි කියමින් හොර රහසෙ තව ටිකදවසකින් විපත සැපතකට පෙරලගන්න දැන්ම ඉඳන් සැලසුම් සකස්කරගැනීම. ආයෙ ඊළඟ එක එනකන් ඔය එකෙක්ට වත් වගේ වගක් නැතිවෙයි. මම මේ කියන්නෙ දැන් ඉන්න කට්ටිය ගැනම විතරක් නෙවි. මොකද අපි දන්න දා ඉඳන්ම ඔය චක්කරේ ඔහොම තමයි. වතුකරය නියෝජනය කරන ඇමතිවරු දශක ගනනක ඉඳන් ඇමතිකම් කරනව. ඒත් ඒ මිනිස්සු තාමත් අනාරක්‍ෂිත මුඩුක්කු ගෙවල්වගේ ලැයිම්වල අඩු පඩියට කඹුරනව. පාරක් හදන්න රස්සාවක් දෙන්න දොස්තර කෙනෙක් එවන්න ගුරුවරයෙක් දෙන්න ලයිට් දෙන්න විතරද ඇමතිවරු ඉන්නෙ. වතු යටිතල පහසුකම් ඇමතිගෙ කාර්යභාරය එච්චරද. ආපදා කළමණාකරණය කියන්නෙ ආපදාවක් වුනාම ක්‍රියාත්මක වෙන එකද. අඩු තරමෙ ඒ ක්‍රියාත්මක වීම ගැනවත් සෑහීමකට පත්වෙන්න පුළුවන්ද. මේ කිසි දෙයක් ගැන ජාතික ප්‍රතිපත්තියක් නැත්ද. වගකිවයුත්තන්ට තියෙන එකම ප්‍රශ්නෙ බලය හා බලය රැකගැනීම ගැන කරදරවෙන එක විතරමද. මොනාද මේ වෙන්නෙ. අපරාදෙ කියන්නෙ ඔය නැති උන පවුල් ඔතනින් ඉවත්කරල ඔක්කොටම අංගසම්පූර්ණ ආරක්‍ෂිත නිවාස හදල දෙන්න තිබුනු තරම් මුදලක් යොදල සැමරුම් උත්සවයක් නම් ලබන අවුරුද්දෙ තියාවි. නැත්නම් අදියරෙන් අදියරට ලොකූ වියදමක් දරල ලොකූ උත්සව තියන්න පුළුවන් ව්‍යාපෘතියක් පටන් ගනීවි. අන්තිමට කෙරුණු ලබ්බක් නැති උනත් උත්සව ටිකේ පාරට්ටුව නම් තියේවි. මේ කුණු වෙච්ච ක්‍රමෙයි, අසූචි දේශපාලුවොයි එක්ක මේ රටට තවත් ඉස්සරහට යන්න පුළුවන්වෙයිද මන්දා. උන්ට කන්න රටක් තියෙන්න ඕන වගේම ඒ හරක් පත් කර කර ගිලිල මැරෙන්න හරි මිනිස්සුත් ඉතුරු වෙන්න එපෑයැ.

    ReplyDelete
    Replies
    1. DDT - කියන්න ඕන සියල්ලම පැහැදිලිව කියලා. මෙතන කියලා තියෙන අකුරක් නෑර හැම දේටම එකඟයි . මේකට තව එකතු ක්ලරන්න දෙයක් නෑ.

      Delete
  35. ඉවාන්, භූමිය සහ පස සංරක්ෂණය පිලිබඳ මේ විස්තර ඔක්කොම A 3 විතර කොලවල හොඳ ලස්සනට ප්‍රින්ට් කරවා ගනිං. ඊට පස්සේ ඔය උපදෙස් පිළිපදින්නේ නැතුව තමන්ගේ හිතුමතේට භූමිය කන දේශපාලු වල් බල්ලො ටිකක් අල්ලගනින්. අර ප්‍රින්ටඩ් කොළ හොදට රෝල් කරලා ගහපන් උන්ගේ .... ඊට පස්සේ ගහපන් පස්ස පැත්තට පයින් එකක් දෙපරැන්දේ තියන ඒවා කරෙන් වැටෙන්න.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ විචාරක , උන් ඒ රෝල් කරලා ගහපු කොළෙත් උන්ගේ මනාප අංකෙ ගහගෙන රටපුරා යයි ,විලිලජ්ජාවක් නෑනේ ඉතින්

      Delete
  36. මේ කාලකණ්නි රටට කරන දේ සහ නොකරන දේ කියන දෙකම මේ ලිපිය ඇතුළෙ තියෙනවා.

    වතුකරය දුප්පත්,ඒ වගෙම නූගත්.මේවා මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ.උඹ කියනකං මම දැනං හිටියෙත් නැහැ.මේ ව්‍යසන වළක්වා ගැනීමේ කළමනාකරණය කිරීමේ ඇති හැකියාව විද්‍යානුකූලව.

    දැන් වත්තෙ මහත්තයට කොළේ දීල උෘව කරත්තෙ නග්ගයි.උාත් ආන්ඩුවට හිතවත්ම එකෙක් නම් ඒකත් කැකිල්ලෙ තීන්දුවකින් කෙළවර වෙයි.මේ මිනිස්සු මේ රටේ ඡන්ද දායකයොනම් අවුරුදු නවයක් තිස්සෙ ග්‍රාම සේවකගෙ ඉදල මේ අවදානමේ මිනිස්සුන්ව රදවන්න ක්‍රියා කරපු හැම රාජ්‍ය නිලධාරියාම වැරද්දක් කරල තියෙනවා.අති උතුම් මහ ඇමතිගෙ ඉදල පළාත් සබාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්න හැමෝම මේ ගැන කතා කිරීමෙන් වැළකිලා ලොකු වැරද්දක් කරලා තියෙනවා.

    ආපදා කළමණාකරන ඇමති හරිනම් ඉල්ලා අස්වෙන්න ඕනි මේක පිටුපස තියෙන අසමත්භාවය හේතු කර ගෙන.ඒත් ලංකාවෙ එහෙම වෙන්න විදිහක් නැහැ.ඕනිනම් ග්‍රාමසේවකට යන්න වෙයි.අවශ්‍යය අංශ දැනුවත් නොකළාය කියන හේතුව මත.2005 ඉදන් මේ මිනිස්සු මරණයත් එක්ක හමන්නල සල්ලි කොළ සාක්කුවට දා ගත්තු එව්වන්ට කාගෙන් ගැල වුණත් හෘද සාක්සියෙන් ගැල වෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ආපදා ඇමතියා ඉල්ලා අස්වෙන්නේ නෑ. ඌ බොහොම උජාරුවෙන් කිව්වා ,මම ලක්ෂ පහක් යැව්වා, තව ලක්ෂ විස්සක චෙක් එකක් දුන්නා කියලා, අනික ඌ හිතන් ඉන්නේ ආපදා කළමනාකරණය කියන්නේ ,මොකක් හරි විපතක් වුනාම බත් පැකට් බෙදන එක කියලා, ඉතින් ඌ එක හරියට කරනවනේ

      Delete
  37. මචං පට්ට වටින ලිපියක්.. නාය යාම් ගැන සිවිල් ඉංජිනේරු ඇහැකින් බලන්න හැමෝටම පුළුවන් වෙන විදියට සරලව පැහැදිලි කරල තිබීමත් වැදගත්.. පහු ගිය දවස් දෙක තුනේ ඔලුව යකාගේ කම්මල වගේ.. ඔය ස්ලෝප්ස් හරියට තියන්නැතුව කරපු පාරවල් වලට හොඳම උදාහරනේ ඇල්ල- වැල්ලවාය පාර මං හිතන්නේ.. අන්න බලන බලන තැන කඩන් වැටෙනවා.. වැස්සක් නැතුව උනත් ඒකේ ඩ්‍රයිව් කරනව කියන්නේ මාරක ලිඳේ පදිනවා වගේ..

    අර මැප් එකනම් බැලුවා.. මගේ ඩවුන්ලෝඩ් කිරිල්ලෙ අවුලක්ද මංදා මටනම් මෙලෝ දෙයක් හරියට හිතා ගන්න බෑ.. ඒ ප්‍රොජෙක්ට් එක කරපු උනුත් ගසා කාලද කොහෙද.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඔය ඇල්ල වැල්ලවාය පාර හදලා තියෙන ප්‍රමිතිය ගැන කියලා වැඩක් නෑ.

      උඹේ ප්‍රශ්න මම දන්නේ පස්සේ මචෝ ,

      මාප එක ගැනනම් උන් කියන්නේ එක තාම ඩිවලොප් කරමින් තියෙන එකක්ලු, තව දත්ත එකතු වෙන්න් ඕනෙලු, එහෙනම් එක මහජනයාට බලන්න දැම්මේ ඇයි කියලා ඇහුවම ෆෝන් එක කට් කළා

      Delete
  38. උඹලාට වගේ යමක් කමක් තේරෙන එවුන් ඕවගේ නැද්ද බං මුන්ට කියලා දෙන්න. ඇත්ත තමයි හිටියත්, කිව්වත් අහන ජාතියක් නෙමේනේ. මිනිස් ජීවිතවල වටිනාකමක් නැති බවනේ මේවගෙන් පේන්නේ. උන්ගේ යටත්වැසියෝනේ අපි, තොපි කියන විදිහට වැනි වැනි ඉන්නම් කියලා ඉන්න තමයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. තේරෙන එවුන් නැති කම නෙවෙයි අරු අයියා , ඉන්න එවුන්ට සවන් නොදීම ,හැම කෙහෙල් මලක්ම දේශපාලන න්‍යායපත්‍රයක් අස්සට ඔබා ගැනීම , අනික තේරෙන මිනිහෙකුගෙන් වැඩක් ගන්න තේරෙන් එකා මොකාද ඔතන ඉන්න එවුන්ගෙන

      Delete
  39. මුන්ට ඉතිං ඔහොම තේරුම් කරලා දීලා මදි! අසරණ මිනිස්සු තමයි නිරපරාදේ විනාශ වෙන්නේ

    ReplyDelete
    Replies
    1. මුන්ට කොහොම තේරුම් කලත් තේරෙන්නේ නෑ නාඩි , මුන්ගේ නාඩි වැටෙන්නේ නෑ.

      Delete
  40. ඉවාන් මේ ලිපියේ වටිනාකම කියන්න තේරෙන්නේ නෑ..ඔබගේ වෘත්තීය අත්දැකීම් එක්කම ඒ විස්තර ටික ඉතා පැහැදිලිව කියා තිබෙනවා..දෙයක් වුණාට පසු අඬන්න දොඩන්න අපි හරි දක්ෂයි..හැබැයි එක අතකට සමහරු කැමති නෑ අවදානමක් තියෙන තැනකින් ඉවත්වෙන්නත් ඔය පේරාදෙණියේ වෙනවා වගේ..හැමදෙයකම දෙපැත්තක් තිබෙනවා..ස්වාභාවික විපත් වලක්වන්න බෑ, කළහැක්කේ අනතුර අවම කිරීමයි..ඇත්තටම අපි පුංචි කාලේ ඉගෙන ගත්තේ ලංකාවේ ස්වාභාවික විපත් සිදුනොවන ලෝකයේ වාසනාවන්තම රටක් හැටියටයි..සුනාමියත් එක්ක ඒ පිළිගැනීම උඩුයටිකුරු වුණා..කරන්න පුළුවන් ඔබ කියනාකාරයට හැකිතාක් පිළියම් යෙදීම සහ ජනතාව දනුවත් කිරීමයි..අපේ මිනිස්සු අවදානමකට මුහුණ දෙන හැටි ගැන ඇත්තටම දැනුවත් නෑ එක අතකට..අනික් අතින් දේසපාලු කාක්කෝ ගැන නම් කියලා වැඩක් නෑ..උන් මේ රටට කරන විනාසෙ (කොයි පක්ෂේ පාට ජතිය වුණත්) භූමිකම්පා ගිනි කඳු සුනාමි කෝටියක් වගේ..

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම අපි පුංචි කාලේ ඉගෙන ගත්තේ ලංකාවේ ස්වාභාවික විපත් සිදුනොවන ලෝකයේ වාසනාවන්තම රටක් හැටියටයි"// එත් පොඩි කලේ කොයිම පොතකවත් තිබ්බේ නෑනේ තනියෝ ,මේ ලස්සන රටට තියෙන ලොකුම පිළිලය දේශපාලුවෝ කියලා . ජනතාව දැනුවත් කිරීම සමගම ජනතාවට විකල්ප ලබා දීමට රජය මැදිහත් විය යුතුයි , මෙතනින් පලයන් කියපු ගමන් කොහේ කියලා යන්නද ?

      Delete
  41. ඔබ කියන මාර්ග සංවර්ධන කතාව ඉතාම ලස්සනට ඉදිරිපත් කෙරෙනවා. එය හරි ඇති [මම ටෙක්නිකලි දන්නේ නැහැ]. හැබැයි කොස්ලන්ද තියෙන්නේ බෙරගල හරහා යන බදුලු කොළඹ පාරේ හෝ ඊට ආසන්නයේ නොවේ. එම ප්‍රදේශය තියෙන්නේ බෙරෙගලින් හැරිලා යන වැල්ලවාය පාරේ. ගූගල් මැප්ස් අනුව බෙරගල වැල්ලවාය පාර මේ නායගිය තේ වත්ත ට ඉහලින් යන්නේ නැහැ. ඒ නිසා මේක ආණ්ඩුවේ මාර්ග සංවර්ධනයක් හෝ වෙන සංවර්ධනයක් නිසා වූ බවට මට තවම සාධකයක් ලැබී නැහැ.

    ReplyDelete
    Replies
    1. සුජීව කොකාවල බ්ලොග් අතරේ දැකීමට ලැබීම සතුටට කාරණයක්. කොළඹ බදුල්ල මාර්ගය හෝ බෙරගල වැල්ලවාය මාර්ගය කියන දෙකම මේ නායගිය ප්‍රදේශය ආසන්නයෙන් යන මාර්ග දෙකක් නෙවෙයි , ඔබ හරි ,මගේ ගම බදුල්ල, මම මේ මාර්ගය දිගේ දහස් වතාවක් ගමන් කරලා ඇති , කොස්ලන්ද තියෙන්න කොළඹ දෙස සිට යනවිට බෙරගලින් දකුණට හැරී කිලෝමීටර් 18ක් ගියාම
      මම එතන කියලා තියෙන්නේ හල්දුම්මුල්ල -බෙරගල කොස්ලන්ද අතර කලාපය නාය යාමේ අවදානම් කලාපයක් ලෙස නම් කර තිබියදී බදුල්ල කොළඹ මාර්ගය පුළුල් කිරීමේදී නියමිත ප්‍රමිතියට සිදු නොකළ බවයි. මෙවන් ප්‍රමිතියෙන් තොර සංවර්ධනයන් මේ අවදානම දෙගුණ තෙගුණ කරන බවයි . අනික ඔබ කමෙන්ට් මුල සිට බැලුවා නම් පැහැදිලි වෙයි කතන්දරකාරයාට මං මුලින්ම ලබා දුන් පිළිතුරේ තිබෙනවා මේ නාය යාම සඳහා මාර්ග සංවර්ධන කටයුත්තක් සම්බන්ධ නොමැති බවට .

      මේ නාය ගිය ප්‍රදේශයට මදක් ඉහලින් මීට පෙර වතවකත් නායකට හසු වුනා, ඉන්පසු මේ ප්‍රදේශය කිසිසේත් පදිංචියට සුදුසු නොවන බවට තහවුරු කෙරුනා , එසේ තිබියදී තමයි වතු පාලනය මේ මිනිසුන් ආරක්ෂිත ස්ථානයකට රැගෙන නොයන්නේ . විහිලුවට කාරණය කියන්නේ මිනිස් වාසයට කිසිසේත් සුදුසු නොවන බවට හැවුරු කල මේ ප්‍රදේශයේ රජයේ නිල නිවාස කීපයක් තිබීම , මිනිසුන් අනතුරු අඟවා තිබියදී ඉවත් නොවුනාය කියන රජයේ බලධාරීන් විනාශ වූ රජයේ නිල නිවාස ගැන කියන්නේ කුමක්ද ?

      Delete
  42. ලිපිය නම් බොහොම වැදගත් ඉවාන්..

    මේ වගේ ලිපිත් මේ බ්ලොග් අවකාශේ තියෙන්න ඕන...

    අපි කවි ලියල , කතා ලියල සංවේදී අවස්ථාවට මූණ දෙන කොට ඒ විනාශය ආපහු ඇති නොවෙන්න කරන්න පුළුවන් දේවල් ගැන දැනුවත් භාවයක් ලබා ගැනීම බොහොම වැදගත්.

    තැනක් යූ වේවා..

    ReplyDelete
    Replies
    1. පොඩි මාතලන් ..ඇත්තෙන්ම විනාශකාරී භාවය වැඩි කරගන්නේ මිනිසාමයි , සොබාදහමට එරෙහි ක්‍රියාකාරකම් මගින් . ස්තුතියි ඔබට

      Delete
  43. සල්ලි හොයන්නයි ඕනෑ බල්ලො මරල වුණත් මොකද
    එහෙව් එකේ ඔය බෑවුම ටිකක් කෙලිං වුණත් මොකද
    මොල කුණාටුවක් අඹරා කමිටුවකුත් පත් කොරමුද
    එක්කො මොටද තව නායක් යනකන් නිදියා ගනිමුද

    ReplyDelete
    Replies
    1. ඔන්න වෙන දේ සහ සුද්දෙන්ම කියලා මධුමාධවී ...ආයේ වෙන කෙනෙකුට කියන්න දෙයක් නෑ

      Delete
  44. මම දුම්රිය ස්ථානයේ ඉදලා කාර්යාලයට එන යන මාවත අයිනෙ තියෙනවා ප්‍රධාන මාර්ගයට බෑවුම් වෙච්ච තැනක්. මෙතැන පස් සේදී යමින් තිබුනෙ. නමුත් ඒ සදහා කොටු දැලක් එලලා. කන්දෙ හිල් විදලා ඒ හැම තැනකම විශාල යකඩ පුවරු දැලත් එක්ක පසට සවි කරලා මේ ව්‍යාපෘතිය මාස 6 කට වඩා කාලයක් තිස්සේ තවමත් ක්‍රියාත්මක වෙනවා..දැන් තණකොළ වැවිලා දැල පේන්නෙ නෑ...හරිම අලංකාරයි. මම හිතන්නෙ ලංකාවෙ දේශපාලන ගඳ හැම ක්ෂේත්‍රයකටම විහිදිලා. ඒවයෙ ප්‍රතිඵල විදියට රටට හිතකර දේ වලට වඩා අහිතකර දේ තමයි නිතරම අහන්න දකින්න ලැබෙන්නෙ.

    කඩිනම් මහැවැලි ව්‍යාපාරයෙන් වසර 30 කින් කරන්න තිබුන දේ වසර 6කින් කරලා එජාප රජය ලංකාවේ මධ්‍ය කඳුකරයේ ශක්තිය දිය කලා කියලා කථාවක් මම දැක්කා මූණු පොතේ...ඒ කථාවෙ සත්‍යයක් තියෙනවද ඉවාන් ගොයියො...

    ReplyDelete
    Replies
    1. ඔය සිරා කියන්නෙත් soil nailing ක්‍රමයක්, බලන්න මම අර උඩ විසිටර්ගේ කමෙන්ට් එකට දාලතියෙන පින්තුරේ . දේශපාලනය ගැන කතා කරන්න දෙයක් නෑනේ සිරෝ අපේ රටේ .

      කඩිනම් මහවැලි ව්‍යාපාරය ගැන කතා කරන්න් ගියොත් ගොඩක් දේවල් තියෙනවා කතාකරන්න, ව්‍යාපෘතියක සාර්ථක භාවය ගැන කතා කලොත් ඒක බොහෝ සෙයින් අසාර්ථක ව්‍යාපෘතියක් හැටියට තමයි ගන්න වෙන්නේ . වසර 30න් කලත් එයින් වෙන හානිය සුළුපටු නැහැ, ඔබ අසා ථිබු8නු කතාව හරි, මේ කඩිනම් වීම තුල පරිසර සංරක්ෂණය සඳහා ගත යුතුව තිබු බොහෝ දේවල් මගහැරී ගියා

      Delete
  45. කොහෙන්ද මලයෝ මෙච්චර ගැඹුරෙන් විග්‍රහ කරන්න දත්ත? ඇත්තටම මෑත ඉතිහාසයේ මෙතරම් දරුණු නාය යෑමක් සිදුවී නෑහැ. කොහොම උනත් පොම්පෙ නගරය මතක් කරද්දී අපි පාසැල් යන කාලෙදී ටීවී එකේ බලපු Last days of Pompeii චිත්‍රපටිය මතක් උනා. මීරියබැද්දටත් අත් උනේ ඒ ඉරණමමයි.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙත් සුනාමියෙන් පස්සේ වුනු දරුණුම ස්වාභාවික විපත තමයි මේ, දත්ත හොයා ගන්නනම් ටිකක් විතර අමාරු වුනා අක්කේ , ඔය ෆිල්ම් එක මාත් බැලුවා, හැබැයි මමනම් බැලුවේ මෑතකදී . ස්තුතියි තරු අක්කේ .

      Delete
  46. ඉවාන් අයියා දැන් කාලෙක ඉඳලා විමර්ශනාත්මක ලිපි ලියනවා වගේ :)

    ReplyDelete
    Replies
    1. අම්මේ ධාරා දැක්ක කල් , ඉතින් කොහොමද? සොඳුරු මංපෙත පැත්තේ මොකෝ වෙන්නේ

      Delete
  47. හත්තිලවුවයි...මටනම් තේරෙන්නේ නෑ ඔන්න ඕවා..මට නිදි මතයි අයියේ....

    ReplyDelete
    Replies
    1. එහෙනම් නිදාගනින් මලේ ,හැබැයි නාය යන්නේ නැති තැනක් බලලා .

      Delete
  48. ටොක් ටොක් ටොක්!!
    ගෙදර කවුද??
    කෝ මේ ඉවාන්??
    මං මේ ඉවාන් මහත්තයට පණිවිඩයක් අරං ආවා..ඊලඟ පෝස්ටුවට කාලේ හරි කියලා..:D

    ReplyDelete
    Replies
    1. තනි තරුවේ ,තනි තරුවේ ...

      කාලේ නම් හරි මචෝ එත් ,හුස්මගන්න බැරි තරම් වැඩ බං මේ ටිකේ. කොහොමත් මේ මාසේ අන්තිම වෙනකම්ම බ්ලොග් බ්ලොක් තමා ...... :)

      Delete
  49. ඉවාන්...............................

    කාලයකින් ලියලා නැහැනේ.......... අැයි මොකක් ද අවුල.................

    ReplyDelete
  50. ඇත්තට ශෝකී දිනයක් තමයි ... නමුත් අපේම මිනිස්සු පන පිටින් වැලලෙද්දී අපේම මිනිස්සු සතුට සමරනවා ලංකාවේ කොහේ හෝ තැනක ...

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]