Friday, February 6, 2015

ගෑල්ලමයා මං


පවුලට මුලටම ආවම
වාසනාව ගෙනවාලු
පවුලට වාසනා ගෙනා
ගෑල්ලමයා මං
 
පව්ලේ පුතෙක් නැති වුනාම
කරුමෙට ඉපදුනාලු මම
පරපුර මග නතර කරපු
ගෑල්ලමයා මං
 
 
 ඉස්කෝලෙට යන එනකොට
පරිස්සම් කරන්න බැලූ
පුතෙක් වුනානම් ලේසිලු
ගෑල්ලමයා මං
 
ලොකු ළමයෙක් වුනාලු මම
නාන්න කන්නත් නැතිවම
ගේ මුල්ලේ හිර කරාපු
ගෑල්ලමයා මං
 
ඊට පස්සේ ආමරුයිලු
තනිව යන්න දෙන්න බැලු
කරදර දෙක තුන කරාපු
ගෑල්ලමයා මං
 
බස් එකේදී කෝච්චියේදී
බැංකුවේදී පෝලිමේදී
ඇඟට වැටෙන පිරිමි පැන්නු
ගෑල්ලමයා මං
 
ඔෆිසියේදී පොලීසියේදී ට්‍රිප් එකේදී පන්සලේදී
දෙපිට කැපෙන වචන වලට
ඇහෙන්නේ නෑ වගේ හිටපු
ගෑල්ලමයා මං
 
ආදරයේ නාමයෙන්ලු
විදලා පනින්නට හදාපු
හැමගෙන් ගැලවී සිටිනා
ගෑල්ලමයා මං
 
පොරුවේදී කලන්තේ දා
වැටෙනා තුරු බලා හිටපු
නෑදෑ මුණු ඇඹුල් කරපු
ගෑල්ලමයා මං
 
නැන්දම්මයි රෙදි නැන්දයි
නෑනලා හරි අඩ දුසිමයි
අදින්න ගිය වලිය නැවතූ
ගෑල්ලමයා මං.
 
බැඳලා දැන් අවුරුද්දයි
තාම නැද්ද ළමයි බමයි
අහනා හැමට හිනා වෙච්ච
ගෑල්ලමයා මං
 
හපොයි හරිම මුසලියක්
ගෑල්ලමයි මයි ලැබෙන්නේ
හැමෝගෙන්ම බැනුම් අහන
ගෑල්ලමයා මං
 
 

125 comments:

  1. මේ ගොන්පාට් චින්තනයෙන් අපේ සමාජය මිදෙන්න තව පරම්පරා හතක්වත් යයි මගේ හිතේ. අපි දෙන්නත් බැඳලා තීරණය කරා අවුරුදු දෙකක් යනතුරු ළමයි හදන්නේ නෑ කියලා. මෙන්න බොලේ අපි දෙන්නගෙම වැඩිහිටියෝ පුකට පැට්‍රෝල් ගකලා වගේ දඟලනවා අපේ ගෑණි තවම බඩ වෙලා නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. අනිවා! මටත් ඕනි බැඳල අවුරුදු දෙක තුනක් වත් පුල් ආතල් එකේ ඉන්න. සමහර උන් බැඳල දසමාසෙ වෙනකොට අතින් කටින් එල්ලගෙන. ඒත් මන් දන්නවා මටවත් අපේ පවුලෙ අයටවත් නැති ප්‍රශ්න සේරම එයි අහල පහල උන්ට. නොදකින් මේ රට!!

      Delete
    2. විචාරක - ඔන්න විචා මාමේ පස්න , කොච්චර වුනත් හදිස්සියයි , උනනදුවයි තියෙන්නෙම පිට එවුන්ට. හරියට උන් කන්න අඳින්න දෙනවා වගේ .

      මනොෂ් - ඉතින් ඒ අවුරුදු දෙකත් ඔහොමම ඉඳලා එකපාරම කසාද බැඳපන්කෝ

      Delete
  2. දුකට කාරණය නම්.. ඕවා හිස් මුදුනින් පිලිගන්න උන්.. අපි මක්කා හරි කිව්වොත් සරම කරට ගන්න එක.. හැබයි ඉතින් සරම ඉස්සුවට වැඩක් නෑ.. ජුන්ඩා නෑ..

    අදත් එයිද දන්නේ නෑ එයාලා..

    ReplyDelete
    Replies
    1. මේවා හිස් මුදුනින් පිළිගන්න නිසා තමයි අපේ සබ්බියත්වේද, අබිමානේද සංගිස්කුරුතියද ඔය හැම එකම රැකිලා තියෙන්නේ කියලානේ ඔය අටපට්ටම දොරමඩලාව පෙට්ටගම කුරුනිය ගගා තියෙන හැම වැඩසටහනටම එන රෙද්ද සුදට අඳින හැම එකාම කියන්නේ

      Delete
  3. ආයේ අඩුවක් පාඩුවක් නැතිවම
    ලියලා තියෙනවා ඉවාන් අයියා..

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි දිලිනි ..තැන්කිව් වේවා

      Delete
  4. බ්ලොග් එකක් ලියනවයි
    කියා කියා ඇවිදින
    රුසියානුවාගේ කණට ගහපු
    ගැල්ලමයා මං

    ReplyDelete
    Replies
    1. කඩා වැටුනා හමෝම හිතු
      ප්ලේන් තුනක් උස්සලා හංගපු
      මැලේසියානුවා මං :P

      Delete
  5. හෙහ් හෙහ් සිරා කවි පෙළ බන් .. මේ ගෑල්ලමයි ඉවානයට සලකනවා මදි .............. :D

    ReplyDelete
    Replies
    1. ඉවාන්ගේ හිතේ ඉන්නෙම ගෑනු ලමයිනේ. ඒකයි ඔය....:P

      Delete
    2. අස්සලාම් අලෛක්කුම්!!

      Delete
    3. පැතුම් - එකනේ බන් සලකන්නෙම නෑනේ ... බලපංකො :P

      පොඩ්ඩි - මේ මොනවා කියනවද මෙයා ... හිත පුරාම ඔයා

      මනොෂ් - හෑ...............!!!

      Delete
  6. මිනිහ ලියන මදාවි කවි
    මගේ එකේ දාන හින්ද
    මගෙ කවියක් දාන්න බැරි
    ගෑල්ලමය මං

    ReplyDelete
    Replies
    1. මදාවියා - හම්මේ මොකටද ඉතිං මගේ කට

      Delete
    2. හැක් හැක්...

      Delete
  7. පීත්රූ මූලික සමාජක්‍රමයක් එන්න ඉස්සර මාත්රූ මූලික සමාජයක් තිබුනයි කියල සාධක තියනව. Mother Goddess වන්දනාව ලෝකෙ හැමතැනකම වගෙ තිබුනයි කියල. දැන් එහි නෂ්ඨාවශේෂ කාලි, පත්තිනි වන්දනාවෙ තියනව.

    (ඉවාන් අහල නැද්ද ඉතාලියෙන් එන සමහරු එවැනි ක්‍රමයක් යටතේ දැන් වාසය කරනවයි කියල?)

    ReplyDelete
    Replies
    1. ඉතාලියේ මොකක්ද අප්පා, මෙහෙත් එහෙමනේ.. ගෘක මූලික අස්සන ගහන්න විතරක් නෝනා කතාකරන මම නම් කියන්නේ එකත් ඔහේම අස්සන් කොරා නම් ඉවරයිනේ කියලා.. මක්කටෙයි නිකං ඡන්ද කොමාසාරිස්ට උනත් බොරු කියන්නේ..

      අනික මෙහේ ගිරාම සේවකත් නෝනා කෙනෙක්.. ඉතින් එයාගේ ඉස්සරහම ඔය කතාව කිව්වාම එයා කියන්නෙත් ඇත්තක් නැත්තෙමත් නෑ කියලා...

      Delete
    2. ප්‍රා
      නැතුව නැතුව ආරංචි කොච්චර ආඩම්බර කමට ඇතෙක් වගේ හිටපු කොල්ලෙක්ද?
      දුකේ බෑ බඩ පපුව දාලා යනවා

      Delete
    3. අපේ ගෙදරත් මාතෲ මූලික..

      Delete
    4. අන්දකාරෙන් දුරාතීතේ අන්දකාරෙට අනාගතයේ
      රැගෙනයාමට කතා පුවතක් අන්දකාරේ සිට කියන්නේ

      බොහෝ දේ සිදුවූ අතීතේ වැළලිලා ඇත අන්දකාරේ
      පොළෝ පස් යට උනුන් කඳුලැලි ලෙයත් දහදිය එකට මුසුවී

      පොළෝ තලයෙන් වැසුනු බිජුවට නැගී එන සේ දිනෙක පසුකල
      අතීතේ සැඟවුනු කඳුලු බිඳු ලෙයත් දහදිය මද සිනා රැළි
      අන්දකාරෙන් දුරාතීතේ නැගී යලි එක්වේය අප හා
      අපේ කඳුලැලි ලෙයත් දහදිය සමග මුසුවී ලෝ දහම සේ


      අන්දකාරෙන් දහස් වසරෙක මෝහයෙන් තව දහස් වසරෙක
      මානයෙන් යළි පන්සියක් කල් වසා සැඟවූමුත් කුවේනිය
      අදත් ඇය අප දෙස බලන්නී හෙටත් යළි අප දෙස බලන්නී
      දුරාතීතේ අන්දකාරය මැදින් සිට එබිකම්කරන්නී

      සදා ඇය අප හා සිටින්නී දොරින් දොර සැම තැන වෙසෙන්නී
      එදා හෙලු කඳුලුත් රුහිරු බිඳු සදා අප වෙනුවෙන් හෙලන්නී

      සදාකාලෙම ලොව පහල වූ සදාකාලෙම ලොව පහල වන
      කුවේනියමයි එකම ගැහැණිය එදා උපනත් අද උපන්නත්

      ඇයයි දුක් පීඩා විඳින්නේ ඇයයි වද හිංසා දරන්නේ
      ඇයයි අවමානය ලබන්නේ ඇයයි යකිනිය නම් ලබන්නේ....

      නා‍ට්‍යය - කුවේනි

      Delete
    5. ප්‍රා ජේ - මාතෘ මුලික සමාජයක් ලංකාවේ තිබුනද ? කොහොමත් මේ වගේ විෂයන් සම්බධව විමසන්න් හොඳම පුද්ගලයා තමයි ප්‍රා ජේ . අනික් කතාව ගැන නම් මොනවා කියනවද ප්‍රා, මේ ලඟදි මං කෝල් එකක් ගත්ත ඔය ඉතාලි හාදයට ලංකාවට ආවා කිව්වම . මචං මම පොඩ්ඩකින් ගන්නම් හාමිනේ ළඟ ඉන්නේ කිව්වා. තාම ආරංචියක් නෑ

      මාතේ - මාතලන් ඔය කියන කතාව ඒ කාලේ අපේ අප්පච්චිත් නිතරම කියනවා . අම්ම කියන්නේ නම් මොකක් හරි පරිප්පුවක් කන්න තිබ්බොත් නම් තාත්තා ගෘහ මුලික කම ලෝබ නැතුව පරිත්‍යාග කරනවලු .

      මෙන්ඩෝ - ඒ හරිය මොකට කියනවද

      සිංදු ඇනෝ - උඹ නැතුව පාලුවෙක් හිටියේ , ඔය සින්දුව කාලෙකින් මතක් වුනේ . ඉස්සර ටී.වී. එකේ කුවේණි නාට්‍යය බැලුවට පස්සෙද කොහෙද

      Delete
    6. ලංකාවෙ තිබුනද කියල මං හරියට දන්නෙ නෑ, ඒත් මාත්රූ දෙවඟන ලෙස සැලකෙන් crude විදිහට හදපු මැටි රූප නම් හමුවෙනව. කොහොමත් ලොකයේත් ප්‍රාග් අයිතිහාසික කාලයේ තමයි. ග්‍රීසියේ පීත්රූ මූලික sky gods ඇවිත් මාත්රූ දෙවඟන සැමියාට යටත් භාර්යාවකගේ තත්වයට දැම්ම කියනවා .
      පුලුවන්නම් http://www.goodreads.com/book/show/634067.The_Golden_Fleece කියවන්න. Jason and Argonauts ( golden fleece) කතාව Mother (Earth) goddess Vs Sky Gods විදිහට තියනව.

      ඉතාලියානු ප්‍රශ්නය විග්‍රහ කිරීමේදී - ෆෝන් එකෙන් කතා කිරීම කවුරුවත් වලකනවා හෝ බයක් නෙමෙයි මං හිතන්නෙ ශොපින්යාමේදී වීල්බැරෝවක් ලෙස භාවිතාවෙන පුද්ගලයෙකුට දුරකතනයෙන් සංවාදයක් ගෙනයාමේ අපහසුතාවය

      Delete
    7. ස්තුතියි ප්‍රාජේ ලින්ක් එකට . මමත් දන්නා තරමින් ලංකාවේ මාතෘ මුලික සමාජයක් තිබු බවට සාධක නෑ . ඒත් අතීතයේ මීට වඩා ගෞරවාන්විත තැනක් කාන්තාවන්ට ලැබුණු බවනම් අවිවාදයෙන් කියන්න ඕන .

      ඉතාලියානු ප්‍රශ්නය ගැන විග්‍රහය සත්‍ය වීමේ සම්භාවිතාව 200% කි.

      ආ අර ලින්ක් එකට ගියාම තව දෙක තුනක් ලැබුනා කියවන්න .. ස්තුතියි ප්‍රා..

      Delete
    8. මොකක්ද අප්පා මේ ඉතාලි කතාව. ;) මටත් කහනවා වගේ... :)

      දැන් අහවලාගේ අයිතිවාසිකම් කතා කරන බොලාලා එකෙක්වත් ගිහින් බොලාගේ ගෑණුන්ගෙන් ඔය ටික අහනවද?
      මම නම් අහවලාට කියලාමයි තිබුනේ ගෙදර ගියාම යාළුවෝ බාළුවෝ නෙමෙයි වයිෆරේ එක්ක සතුටෙන් සමාදානෙන් හිටපන් කියලා. නැත්නම් අපිනේ දන්නේ පසු කතන්දර වලට උත්තර හොයන්න තියෙන අමාරුව. මොනවට කියනවද එතකොට ඔය යාළුවෝ එනවැයැ...
      හා හා...

      ලංකාවේ පිතෲ මූලික සමාජයක්ද දැන් තියෙන්නේ? මම හිතන් හිටියේ ටොයිලට් එකට ගියත් කාන්තාවගෙන් අවසර ගන්න ඕනේ වගේ සමාජයක් ලංකාවේ තියෙන්නේ කියලා. ඔය අපේ යාළුවෝ එහෙම අඟලක්වත් හෙල්ලෙන්නේ නෑ වයිෆරේගෙන් අහන්නේ නැතිව. කන්නේ බොන්නෙත් වයිෆරේගේ අදහස් වලට අනුව.

      Delete
    9. ඉතාලි කතාව ඉතිං කියලා වැඩක් නෑ රංගි අක්කේ ..

      පීතෘ මුලික කියලා කිව්වට ලංකාවේ ඔය පීතෘ මුලික කතාව එන්නේ ඡන්ද ලයිස්තුවේ අස්සන් කරන්න විතරයි . ඔයා මාතලන් උඩින් කියලා තියෙන්නේ . ආයේ මොකද ඔයාගේ ඔබ්සර්වේෂන් එක 200%ක් හරි

      Delete
  8. ''බැඳලා දැන් අවුරුද්දයි
    තාම නැද්ද ළමයි බමයි
    අහනා හැමට හිනා වෙච්ච
    ගෑල්ලමයා මං''
    ++++++++++++++++++++++++
    අපේ ගැණු ළමයා නම් මෙහෙම අහන ගෑනුන්ට හිනා වෙලා කිව්වේ ඔයාට බැරිද අපේ එක්කෙනාට පොඩ්ඩක් පුරුදු කරන්න කියලා .අපිට නැති අමාරුවක් මේ බලන් ඉන්න එවුන්ටනේ තියෙන්නේ.එකෙක් ඉන්නකොට අහනවා තවම එක්කෙනයිද කියලා ..මගේන් මේ ගැන අහපු ගොඩක් දෙනෙක් මාත් එක්ක දැන් කතා කරන්නෙත් නැ ...හැක් හැක්

    ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ
    ඉගිලී යන්නද හිතා බලන්නේ
    ගැහැනු ළමයිනේ අවට අලංකාරයිනේ
    සිහිනෙන් දුටු දේ විසිරී යයි...
    ගැහැණු ළමයි මවු අත් හැරදා
    ගමෙන් පිටත් වී යන්න හිතා
    බබළන විසිතුරු නගරේ සිතේ ඇඳී
    කොතරම් ලස්සන දේ ඇතුවත්
    ඒ තුළ රැඳෙනා සුළු මොහොතක්
    නොපෙනී ඇතිවෙන කරදර මතු වී
    නිවස සොයා නැවතත් අඬ අඬ ඒ
    අඬ අඬ ඒ.....
    ගැහැනු ළමයිනේ......

    ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
    ගී පද - ජේ. ඒ. කැමිලස්
    සංගීතය - නිමල් මෙන්ඩිස්
    චිත්‍රපටිය - " ගැහැණු ළමයි " 1978

    ReplyDelete
    Replies
    1. මචං කැදවුම්කරැ දුටුවාද?
      හින කෝටියක් බිදිලා ගිය හැටි

      Delete
    2. හින කෝටියක් බිදිලා ගිය හැටි
      +++++++++++++++++++++++
      එකා ඇරියස් කවර් කරනවා ඇති මචෝ ....හැක් හැක්

      අපි යන්ට යමු අපි යන්ට යමූ..
      දෙව්ලෝකෙ දිහා විගසින්
      බොල බූරු පුතේ බොල බූරු පුතේ..
      දුක සෝකා ඉතින් ඉවසන්

      නදු නයනා සුව දෙවනා සුර විමනා සතපමි මා
      දුක ඉවසා බර උසුලා යමු විගසා එම පෙදෙසා
      රස කෑමෙන් සහ බීමෙන් සිතු අටියෙන් සැනසීයන්
      නුඹ සිතනා නුඹ පතනා සැප සැක නෑ එහි ලැබෙනා

      තව යොදුනා යමු ඉතිනා නොඅලසිනා යන ගමනා
      සුර විමනා නෙත ගැටෙනා තුරු දුකිනා හද දැවෙනා
      යන්ට යමු අපි යන්ට යමූ..
      දෙව්ලෝකෙ දිහා විගසින්
      බොල බූරු පුතේ බොල බූරු පුතේ..
      දුක සෝකා ඉතින් ඉවසන්...

      ගායනය - ටයිටස් සී පෙරේරා,පුණ්‍යා කත්‍රිආරච්චි
      නාට්‍යය - දෙව්ලොව යනකන්

      Delete
    3. අල්ලපු ගෙදර අක්කා- තව එක්කෙනෙක් හැදුවොත් හොදයි නේද?
      මම- හොදයි ඔයාට අවුලක් නැද්ද? හැබැයි සදු ගමේ යනකන් ඉන්න.

      Delete
    4. සිංදු ඇනෝ - ඔව් බන් වටේ පිටේ ඉන්න එවුන්ට නම් පුදුම අමාරුවක් තමා තියෙන්නේ . ඔය සින්දුව නම් මම ඇහුවේ අද , සිරාවටම බං.

      මෙන්ඩෝ - උඹේ ඔය අක්ක තාම කතා බහ කරනවද ඊට පස්සේ

      Delete
  9. අද නම් ලියලා රම්පෙට පොරි හැලෙන්න..
    එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා නේන්නම් .. තැනකුයි වේවා

      Delete
  10. මෙගේ පොඩි කෙලී ඉපදුනාම පියරු බබෙක් වගේ ලස්සනට තියාගන්න බලන් ඉන්නවා... ඔය කියන එකක් වත් මට නම් අදාළ නෑ. එත් චූටිම චූටි ප්‍රශ්නයක් තියනවා. මම හිතාගෙන හිටියේ ඉපදෙන්නේ ඉන්නෙ කොලු පැටියෙක් උනා නං ඌට සෙල්ලම්බඩු ගන්න මුවාවෙන් මටත් රිමෝට් කාර්, හෙලිකොප්ටර් ටිකක් අරගන්න. දැන් ඉතිං එක හම්බවෙන්නේ නෑ.. එක්කෝ ඔන්න ඔහේ පොඩි කෙලීට බෝනික්කෝ ගන්නකොට මට වෙනම හෙලිකොප්ටර් ගන්නවා.. අනිත් එක කෙලි පැන්චෝ වැඩිපුරම ආදරේ තාත්තලටලු. බඩේ මස 9ක් තියන් ඉඳපු කුක්කුත් බොන්න දීපු මගෙ උන්දැ ඉරිසියාවේ පැලෙයි.. සාදු ඕකිට...

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා ඒ කියන්නේ සජ්ජා ළඟදීම තාත්තා කෙනක් , සුබ පැතුම් ඔන්න් පි හැමෝගෙන්ම අලුත් පියාට ..

      Delete
    2. //ඔන්න් පි හැමෝගෙන්ම අලුත් පියාට ..//
      චැහ් කැතයි මචෝ මේවා ප්‍රසිද්දියේ කියන කතා ද ?

      ඔන්න සජ්ජෝ අපේ බලකායේ හැමෝම වෙනුවෙන් උඹට සුභ පතනවා හොදේ .....
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. බොහොම ඉස්තුතියි බොලාලට....

      Delete
    4. අවුලක් නෑ සජ්ජා.. කෙල්ලොත් හෙන කැමතියි ඔය හෙලිකොප්ටර් වලට... අහල බලන්න අපේ නලීන් අයියගෙන්.... හි හි.... ( කොල්ලන්ට බෝනික්කො හරි ගියෙ නැති උනාට කෙල්ලන්ට ඔය ඕනෙ එකක් ඔට්ටුයි... )

      Delete
    5. කෞෂි , එහෙම නම් අවුලක් නෑ... කොහොමත් ගිටාර් ගහන්නත් පුරුදු කරවන්න ඕනි..

      Delete
    6. හිරු - එකද කියන්නේ අර පොඩි කාලේ කෙල්ලෝ බෝනික්ක්නට කැමතියි ,කොල්ලෝ යෝධයෝන්ට කැමතියි. ලොකුවුනාම කොල්ලෝ බිනික්ක්නට කැමතියි කෙල්ලෝ යෝධයෝන්ට කැමතියි කියලා

      Delete
  11. වෙනස නම් නියමයි. ගෑණු ළමයෙකුගේ දෘෂ්ඨිය තුලින් බිහිවුන සාර්ථක නිර්මාණයක්, තව කාලයක් යනකල් අපේ සමාජයට මේව කාලීනයි.

    ReplyDelete
    Replies
    1. ගෝත්‍රික මනසක් තියෙන, ගෝත්‍රික ආකල්ප තියෙන මිනිස්සු ඉන්නකං මේවා අපේ සමාජයට අමුතු දේවල් නොවේවි. හැමදාම මේ දේවල් මේ විදිහටම සිද්ධ වේවි මනොෂ් , එක නෙවෙයි කෝ දැන් උඹ පියසටහන් ලියන්න තහනම් කරලද

      Delete
    2. වැඩක් නෑ බං කතාකරල. මං කියලාපරාදවෙලා ඉන්නෙ. උන්දැට කියන කට හොඳයි ගලක උලාගන්නවා.

      Delete
    3. හා හා කලබල වෙන්න එපා මචෝ ...කට උලා ගන්න ගල මොකක්ද කියල කියපන් බලන්න ,මට හිතෙන්නේ කොල්ලට දැන් ...එක්කෝ ඕන නැ .හැක් හැක්
      ස්තුතියි
      බ්‍රෑන්ඩ් එක නම් ගල්

      Delete
    4. ලගදීම........... ගල්??

      ජ ය වේ වා !!!

      Delete
    5. හැක හැක හැක ....හිනා ගියේ නෑ ඔන්න

      Delete
    6. ලැජ්ජාවෙ බෑ..අපි පොඩි ළමයි.

      Delete
    7. මනෝෂයාගේ උලා කෑම හෙවත් ඉල්ලං කෑම.

      Delete
  12. කාන්තා දිනයට ලියන්න තිබ්බ එකක්ද බං මේ.කොහොම වෙතත් ගැණු කුස්සිය මුල්ලේ තියලා තියන්න ඕනේ කියන සංකල්පය නැති කරලා දාන්න ඕනේ.ගැහැණියට සම තැන නෙමේ නිසි තැන දෙන්න අපේ සමාජය කවදා හැඩගැහෙවිද ?ගැණු නිරුවතින් පාරේ දුවවන්න බලන් හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරු හිටිය රටක්නේ මේක.

    ReplyDelete
    Replies
    1. මනෝජ් - හැම දිනයක්ටම මේක අදාලයි මචෝ . අනික ගැහැණියට නිසි තැන දෙනවා කියන එක නිකන් ආකර්ශනීය පාඨයක් විතරයි . එකට හොඳ මාකට් එකක් තියෙනවා එච්චරයි, හැබෑවටම ඒ තැන දෙන්න ගොඩක් මිනිස්සු ලැස්ති නෑ.. කුහක කම ඇඟ පුරාම

      Delete
  13. කතා කොරල වැඩක් නැහැ අයියෙ ...ඔය ගැන........
    මම ඒකනෙ කෙල්ලොන්ට.....හොදට ගරු සරුවට සලකන්නෙ ......
    අප්‍රියල් බදින කෙල්ලගෙ බන්ඩියට මුලින්ම දෙන්නෙත් කෙල්ලෙක්......
    පට්ට ගැලපිල්ල & ලියවිල්ල......
    ඔය දෑතට,,,,,,අරක........
    තිස්සට වැටුන එක නොවෙයි හරිය......

    ReplyDelete
    Replies
    1. අම්මේ කෙන්ජි මල්ලා දැක්ක කල් . ඉතින් කෝමෙයි ,
      අපි නොදන්නවයි ඔයා කාට කාටත් ගරු සරු ඇතිව සලකන මනුස්සය බව .
      හප්පේ තිස්සට වැටුණු එක වැටන්න එපා අප්පා මට ..
      අහින්තක මම

      Delete
  14. වැලි කතරට
    ගිහින් බයින්
    බැල මෙහෙකර
    ගැහෙන හදින්
    ගෙදරම සරිකරපු
    හොදින්
    ගෑල්ලමය මං

    හැර ගිය පසු
    පාසල් බිම
    මිතුරන් හා
    එක්ව ගොසින්
    සිදාදියේ දුක් විදගෙන
    රුපියල් සත ගෙදර එව්ව
    ගැල්ලමය මං


    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ වැවා ගේ කවි සිතුවිලි අවදි වෙලා .. ආපහු කවි පෙළක් ලියනු වහාම ..

      Delete
  15. දැන් නම් අළුත් පරපුර ඔහොම නෑ නේද ? අඩුම ගනනේ ලංකාවෙ ? මගෙ පලවෙනියා දුව.. දෙවෙනියාත් දුවක් උනා නම් ඒත් මට කමක් නෑ.හැබැයි ප්‍රශ්නෙ එන්නෙ කෙල්ලටයි.. එයා මෙහෙමයි කිව්වෙ.
    මට ඕනෙ මල්ලි කෙනෙක්. ඇයි දුව ඒ ? තාත්ති නම් කැමති නංගි කෙනෙකුට..
    මට බෑ.. එතකොට අම්මිගෙ මාල වළලුවලින් බාගයක් නංගිට දෙන්න වෙයිනෙ.. හ්ම්ම්..
    ඔන්න ටිකකට පස්සෙ එයා ආයිත් එනවා මා ලඟට.
    තාත්ති.. කමක් නෑ මං නංගි කෙනෙකුට කැමතියි
    එතකොට අම්මිගෙ රත්තරන් බඩු ?
    මං එයාට බාගයක් දෙන්න කැමතියි..
    හැබැයි එයා මට වඩා සුදු වෙන්න බෑ ඕං ! දුව ඒක කිව්වෙ අම්මිට විතරයි..
    හම්බ උනේ මල්ලි කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. පොඩි මෙන්ඩාත් කැමති නෑ නංගි බබෙක් ගෙනවට එතකොට එයා අමමා මාම් බොනවනේ

      Delete
    2. සරත් අයියා - දැන් තරමක් දුරට මේ තත්වය අඩුවේගෙන යනවා , එත් වැඩේ තියෙන්නේ ඒ තරුණ පරපුරත් වියපත් වෙනකොට මේ තත්වෙටම එයිද කියලා .හැබැයි සරත් අයියා නම් දරුවන්ට කන්දෙන කෙනෙක් වගේ , එකනේ මල්ලි කෙනෙක් ගෙනාවේ . ඔය ස්ත්‍රී පුරුෂ භේදය තුල වැඩිපුර තියෙන්නේ කුහක කම .

      මෙන්ඩෝ - එහෙනං ඔන්න පුතා කියන දේ අහපං

      Delete
  16. මේක උඹ ලියපු හොඳම එකක් ඉවාන්! සිරාවටම ගෑල්ලමයි ගැන මාර ප්‍රස්න මෙයා මේ රටේ ලෝකෙ ඇත්තන්ට තියෙන්නෙ.

    මට මේක කියවද්දි මතක් උනේ මේ ළඟදි මට "ප්‍රවීණ රචකයෙක්" කියනවා ඉක්මනට බැඳලා ලමයෙක් හදන්නලු. නාකි වෙනකම් ඉන්න එපාලු. උඹට කියන්න මාර විද්‍යාත්මක වචන සංකලනයක් පාවිච්චි කොරලා කිවුවෙ ඒක. හරියටම මං බඳින්න දවස් දෙහෙකට කලින්. මට මැරෙන්න හිනා ඒයි. ඔන්න ඕවගේ බරපතල ප්‍රස්න තියෙනවා ගෑල්ලමයෙක් උනාම.

    අනික බලහං කිසි අවුලක් නැතුව කටේ තොලේ නොගෑවි ගෑණු ළමයි ගැන කතා හදන මිනිස්සු. සමහර වෙලාවට එහෙම කතා හදන්නෙ ගෑනු. මම නම් ඒ වෙලාවට හිතන්නෙ "මුන්ගෙ දුවෙක්ට/ නංගි කෙනෙක්ට/ අම්මට එහෙම කුණු කතාවක් කවුරුහරි කියනවා ඇහුනොත් උන් කොහොම හැසිරෙයිද කියලාමයි.

    ReplyDelete
    Replies
    1. යකෝ තැන තැන කියන්නද ඒ “ප්‍රවීන රචකයා“ ඕක කිව්වේ.. හැක්..

      Delete
    2. එකනේ දේශ් මාත් බැලුවේ , මෙහෙම කියන එක හොඳද ?

      බස්සි - ඉතින් බලපන් උඹ ඒ ප්‍රවීණ රචකයා කියන දේ අහලානේ එකනේ ඊට දවස් දෙකකට පස්සේ උඹ කසාද බැන්දේ . හැබැයි බන් ඕවා බරපතල පස්න වුනේ අහක ඉන්න එවුන්ට . හැමදාම එහෙම තමා. අර උඹ අන්තිමට අහන ප්‍රශ්නේ ගැන කියන්න තියෙන්නේ එහෙම දෙයක් වුනා නම් උන් තමයි රෙද්ද කරට අරන් එන්නේ " තොපිට අම්මලා නංගිලා නැද්ද යකෝ" කියාගෙන

      Delete
  17. ඉවාන් ගෙම්බෝ.. උඹ ලියපු ඒවයින් හොදම එකක් මේක.. කුම්මැහි සංස්කුරුතිය උස්සල පොලවේ ගහපු..

    ReplyDelete
    Replies
    1. ගෙම්බා කිව්වත් කමක් නෑ හොඳයි කිව්වනේ .. තැන්කිව් වේවා දේශක තුමනි

      Delete
    2. අදනම් ඉවාන්ට අපේ වනිතා ඇන්ටි ඩිනර් එකකට කතා කරනවා .....

      Delete
    3. සිංදු ඇනෝ - ඊට පස්සේ ...? :P

      Delete
    4. ඊට පස්සේ උඹව ආයෙත් අපිට දකින්න ලැබෙන්නේ ලබන වෙසක් එකට ......

      Delete
  18. ගෑල්ලමයි එක්ක ඉතින්
    යාළු නොවී බේරි ඉඳන්
    හොඳ කොල්ලෙක් වෙන්නට ගිය
    පිරිමි ළමය මං

    කැම්පස් කල අහවර වී
    තාම කවුරුවත් නැද්දැයි
    අම්මාගෙන් නෝන්ඩි වුණු
    පිරිමි ළමය මං

    අන්තිමේදි පෙර පිනකට
    හොඳ කෙල්ලෙක් හම්බුවෙන්න
    පෙර පිං දැන් පලදී ඇති
    පිරිමි ළමය මං

    හැක්...හැක්...

    -අසංක-

    ReplyDelete
    Replies
    1. හෑ මෙන්න තවත් මං වගේ හොඳ ළමයෙක්.

      බලපන් අර තුෂාරයා උඹ ගැන කියපු බොරුව . ඌ කිව්වනේ උඹ නිකං රස්පුටින් වගේ මනුස්සයෙක්ය කියලා බලපෑම් ඉතිං :D

      Delete
    2. අඩෝව් ඉවානයා...එන්න එපා මෙතන අර අහිංසක ( නැතුවට ) තුෂාරයයි මායි කොටවන්න...හැක්...හැක්...උඹ වගේම වෙනවට වඩා හොඳයි මං රස්පුටින්ම වෙන්නම් හත්තිලව්වේ...ඒක නම්බුයි...හැක්...හැක්...

      Delete
    3. හැක් .. උඹට නරක්වෙලා තියෙයි මම වගේ වුනොත් .... එහෙනං

      Delete
    4. අම්මට සිරි මෙන්න මටත් මඩ ගහලා.... අඩේ ඉවානයා... දවස් දෙකයි බ්ලොගේ නොහිටියේ යකෝ චරිතය කාලා... අදූෂමාන චෝදනා පටලවලා.. උසාවිදායිවත්ද????? අසංක අයියා මාව බලන්න බන්ධනාගාර රෝහලට ඒන්න හරිය..........

      Delete
  19. අන්න බලන්න ලංකාවේ හැටි..
    මේ වගේ ජාතියකට නැගිටීමක් නෑ..
    කවුරු හරි කරල දෙනකං බලං ඉන්නවා..
    වැරදුනාම පතුරු ගහනවා..
    හරි ගියොත් ඉරිසියාවේ පුපුරණවා..
    පරමානු බෝම්බ නැට්ටටම වැටිච්ච ජපානේ..
    අද ඉන්න තැනයි..
    සියළු ස්වාභාවික සම්පත් වලිල් ආඩ්‍ය..
    ලංකාව අද ඉන්න තැනයි...

    වැලේ වැල් නෑ..

    අපූරුයි අසංක කවි පෙල...

    ජ ය වේ වා !!

    (සී.ජේ. විදානේ නොහොත් සී.ජේ. විදානපතිරණ)

    ReplyDelete
    Replies
    1. මොකක්ද යකෝ මේ කමෙන්ට් එක .... උඹ මලක්වත් ගහලද?

      Delete
    2. යකෝ කවි පෙළ ලියුවේ අසංක නෙමෙයි ඉවාන්... මේක ඉවාන්ගේ බ්ලොග් ඒක... අසංක ලියලා තියෙන්නේ කමෙන්ටුවේ කවියක්.... මචං විදානේ නැගිටපං.... දැන් හොදට ම දවල් වෙලා
      .
      තුෂාර

      Delete
    3. //(සී.ජේ. විදානේ නොහොත් සී.ජේ. විදානපතිරණ)//
      අපි දන්නවා නැතුව ඉතිං උඔ හැරි කුමාරයද?

      Delete
  20. ගෑණු ළමයි ගැන කියල තියෙන හින්දමද මන්දා මේකට මටත් වැඩිපුර හිත ගියා. :) නියමයි..

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි ,,,. තැන්කුයි වේවා තුශානි ... :)

      Delete
  21. නියමයි මචං..උඹ කෙල්ලන්ගේ ප්‍රශ්න ටික ඔක්කෝම නියමෙට එකතු කරලා දීලා..ඇත්තටම අපේ සමාජේ ඔය පටු දැක්ම නැතිවෙන්න කොච්චර කල් යාවිද දන්නෙ නෑ..අපේ උන්ට කෙල්ලෙක් ඇන්දත් වැරදි නෑන්දත් වැරදි, බැන්දත් වැරදි නොබැන්දත් වැරදි, ඉගෙන ගත්තත් වැරදි නැතත් වැරදි ඔන්න ඔහොම හෙණ පත ලිස්ට් එකක් ලියතහැකි බන්..හරි ගොබ්බයි ඉතින් සමහරු අහන ප්‍රශ්න..

    //බැඳලා දැන් අවුරුද්දයි
    තාම නැද්ද ළමයි බමයි
    අහනා හැමට හිනා වෙච්ච
    ගෑල්ලමයා මං//
    මෙන්න මේක නම් සහතිකම සහතික ඇත්ත ඔයී!! බඳිනකල් බඳින්නේ නැද්ද? කොල්ලෙක් නැද්ද? කොල්ලෙක් හොයන්නද? මොකෝ අනගාරික වෙන්නද කල්පනාව? වයස ගියාම ළමයි හදන්නත් බෑ.. අම්මේ!! :D

    බැන්ඳට පස්සේ, මොකෝ තාම ළමයි නැත්තේ? ළමයෙක් හදන්න කල්පනාවක් නැතෙයි? ආයේ නාකි වෙලා ළමයි හදන්න බෑ නේ.., අනේ මං දැන් කාලේ ළමිස්සියෝ ඇඟේ හැඩේ නැතිවෙයි කියලා වෙන්නැති! බුදු අම්මේ!! :D

    ReplyDelete
    Replies
    1. මේ හණමිටි අදහස් සමාජයෙම් තුරන් වෙයි , හැබැයි දැන්මම නෙවෙයි. තව කාලයක් යයි. සහතිකම ඇත්ත කියන්නේ උඹට දැන් ඒ පස්නේට මුණ දෙන්න වෙලා වගේ මට පේන්නේ. ඕවා ඔහොම තමයි මචෝ. උන් ඕවා නවත්තන්නේ නෑ . ඒ වෙලාවට ඉතිං කොරන්න් දෙයක් නෑ කනේ ඇඟිලි ගහ ගන්නේ දෙකක් කියනවා ඇර.

      හැඩේ කිව්වේ..........?????? හිකිස් ....පීප්ප හැඩේද? :P

      Delete
  22. මේව ඉතින් කවද වෙනස් වෙයිද..
    මේ විසබීජ කවද අපේ මිනිස්සුන්ගෙ ඔළුවලින් අයින් වෙයිද...

    ReplyDelete
    Replies
    1. ඕවා වෙනස් වෙන්නේ නෑ හිටං ...ඕවා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන බං

      Delete
  23. ඔක ඇවිල්ල වසර දෙදාස් ගානක් පරන අපෙ සගිස්කුරුතිය නේ.රැකගන්න ඔන

    ReplyDelete
    Replies
    1. ආයේ මක්කයි ..... එකනේ මේ අපේ අර මොකක්ද එක රැකගන්නේ නැතුව කෝමෙයි ..

      Delete
  24. බොහොමයක් කමෙන්ට්ස් කියවලා හිනා ගියා විතරක් කියන්නම්... උඹට පුලුවන්නම් හෙට ඕකෙම් අනිත් පැත්ත පෙන්නලා කවි ටිකක් ලියලා දාහන්කො.. වැටෙන කමෙන්ට්ස් ටික මම දැන්ම නමුත් එක්කම ලියලා දෙන්නම්.. හෙහ් හෙහ්..

    කවි ටික මරු ඕයි... මාර ගති... මමනම් පට්ට සාම්ප්‍රදායිකයි. ඒක හින්ද මම කැමති ගෑනු ළමයෙක් ඔහොම ඉන්නවට තමා...

    ReplyDelete
    Replies
    1. පව්ලේ පුතෙක් නැති වුනාම
      කරුමෙට ඉපදුනාලු මම
      පරපුර මග නතර කරපු
      ගෑල්ලමයා මං

      ලොකු ළමයෙක් වුනාලු මම
      නාන්න කන්නත් නැතිවම
      ගේ මුල්ලේ හිර කරාපු
      ගෑල්ලමයා මං

      බස් එකේදී කෝච්චියේදී
      බැංකුවේදී පෝලිමේදී
      ඇඟට වැටෙන පිරිමි පැන්නු
      ගෑල්ලමයා මං

      ඔෆිසියේදී පොලීසියේදී ට්‍රිප් එකේදී පන්සලේදී
      දෙපිට කැපෙන වචන වලට
      ඇහෙන්නේ නෑ වගේ හිටපු
      ගෑල්ලමයා මං
      බැඳලා දැන් අවුරුද්දයි
      තාම නැද්ද ළමයි බමයි
      අහනා හැමට හිනා වෙච්ච
      ගෑල්ලමයා මං

      හපොයි හරිම මුසලියක්
      ගෑල්ලමයි මයි ලැබෙන්නේ
      හැමෝගෙන්ම බැනුම් අහන
      ගෑල්ලමයා මං///


      සිරාවට....? උඹ කවි ටික කියෙව්වද බං......

      කෙල්ලන්ට මෙහෙම වෙන එකද සම්ප්‍රදායිකයි කියල උඹ හිතන්නෙ....?

      Delete
    2. හිරුත් මට හිතිච්ච් එකක් අහලා ....ගැහැණු ළමයි සාම්ප්‍රදායික වෙන්න ඕන තැන්වලදී වීම එකක්. මේ ආකාරයෙන් අඩු තක්සේරුවෙන් සැලකීම එකක් . මම කියන්න හැදුවේ ගෑනු ළමයි කියලා පහත් කර සැලකීම වැරදියි කියන එක පමණයි සෙන්නෝ ....

      Delete
    3. ඉවාන් අයියා මොකට ලීවද බන් මේ කවි

      Delete
  25. සෑහෙන රිසර්ච් එකක් කරලා ලියපු කවි පෙලක් කියලා මට හිතුනා.

    ReplyDelete
    Replies
    1. කොහෙද බන් හිටපු ගමන් අන්තරස් වෙන්නේ ?

      Delete
    2. //"කොහෙද බන් හිටපු ගමන් අන්තරස් වෙන්නේ ?"// x 2

      රිසර්ච් නොකලත් ඔය ටික හොඳටම පේන්න තියෙනවා ඩූඩ්

      Delete
  26. ඔක්කොම මිනිස්සු කණපිට හරවන්න වෙනවා මේවා හදන්න නම්

    ReplyDelete
    Replies
    1. අර කිඹුලාව අනික් පැත්ත හැරෙව්වා වගේ ......

      Delete
  27. සමාජයේ තිබෙන ප්‍රශ්නයක් හොඳට ඉදිරිපත් කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් අයියා . ඇත්තටම ප්‍රශ්නයකට වඩා සමාජයේ හැටි මේක

      Delete
  28. මට තියෙන වගකීම් ටික අඩු නැතුව මතක් කරල දුන්නට උඹට පින්.. දෙයියනේ දැන්ම කෝල් එකක් දීල බලන්න ඕනි කෙල්ලව ක්ලාස් එකෙන් ගත්තද කියලා..

    වගකීම් කෙසේ වෙතත් මගේ කෙල්ලනම් මට මැණිකක් වගේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කමියා - යුතුකම් වගකීම් කෙසේවෙතත් ... හැම දරුවෙක්ම තමන්ගේ අම්මට තාත්තට මැණිකක්ලු ... උඹට ජය

      Delete
  29. නිර්මාණයට තුති! අපේ ආචාරය!

    ReplyDelete
  30. අම්මපෙයි කියපං...?

    ReplyDelete
  31. නියම කවි ටික.. හැබැයි ඉතින් ලංකාව තම හොදයි.. මැද පෙරදිග පැති වල ඉතින් ඔයිට හපන්..

    ReplyDelete
    Replies
    1. ඔව් , එකත් ඇත්ත . ඒ අතින් ලංකාව ඇතුලේ තාම තත්වේ හොඳයි . මෙහේ ඇත්තටම තියෙන්නේ හණමිටි අදහස් වල බලපෑම විතරයි .

      Delete
  32. කෙල්ලෙක් හම්බුනාම තමා අප්පට තද වෙන්නේ. එහෙමයි සමාජය.

    පවුලට කෙල්ලෙක් ඕනි වෙලා තියෙද්දි, මාත් චාට් එක බලලා කෙලලා ඇරියා. බලමු රිසල්ට් එක. මොකද මම පැතුවෙ පලවෙනි එකා කොල්ලෙක්. දෙවෙනි එකා කෙල්ල. තුන/හතර/පහ ඕන මගුලක් කියලා..

    ReplyDelete
    Replies
    1. එහෙනම් චාට් එක බලලා කරපු වැඩේ හරියන්න කියලා ඉස්සෙල්ලම සුබපැතුම් .

      එතකොට හය , හත , අට එහෙම කොහොමද ?

      Delete
  33. පට්ට. අපි හිතන විදිහ වෙනස් වෙනකන් ගැහැණිය එහෙම නැතිනම් ගැහැණු ළමයා ගැන ඔය කවි වල තිබ්බ සමහර සිද්දි ඒ විදිහටම මේ සමාජයේ තියේවි. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හිතන විදිහ, ආකල්ප වෙනස් වෙන්න සමහරවිට කල්පයක් විතර යන්න පුළුවන්. සමහරවිට නොවෙන්නත් පුළුවන්. මේ සිද්ධි දැන් සාමන්‍ය දේවල් බවට පත්වී තිබීම තමා කරුමය .

      Delete
  34. මම හිතනවා මේ සමාජ ක්‍රමය දැන් බොහෝ දුරට අවසන් වෙලා කියලා...ඒත් නුවර පළාතෙ තවමත් කුල භේදය සහ මෙහි කියවෙන ඇතැම් දේ බහුලව භාවිතයේ තියෙනවා කියලත් ආරංචියි...කාන්තාවගේ ජීවන චක්‍රය කිව්වත් වැරදි නෑ මේ පද පෙළට...

    ReplyDelete
    Replies
    1. බොහෝ පළාත් වල කුල භේදය කියන එක නැත්තටම නැතිවෙලා නැ. අනික සාම්ප්‍රදායික විදිහට හිතන එකත් නැතිවෙලා නෑ , එහෙම නැතිවෙයිද කියලා හිතන්නත් බෑ. ජීවන චක්‍රය වගේ තමා බලපුවාම . තැන්කුයි වේවා සිරෝ

      Delete
  35. උඹෙ කවිය ඇහුවම මතක් උනේ මෙන්න මේ ළමා ගීය.

    http://www.youtube.com/watch?v=6D_4zIVDQYw

    ReplyDelete
    Replies
    1. ඉන්දිකටත් පුදුම අයිඩියා එන්නේ, හැබැයි මේ සින්දුවයි රුපරචනයයි දෙකම දැක්කේ දැන් . කලින් මේක අහලා දැකලා තිබ්බේ නෑ

      Delete
  36. පව්ලේ පුතෙක් නැති වුනාම
    කරුමෙට ඉපදුනාලු මම
    පරපුර මග නතර කරපු
    ගෑල්ලමයා මං

    ReplyDelete
  37. ඔය කොයිතරම් දේ ගෑල්ලමය ගැන කිවුවත් ලොව සුන්දර වෙන්න නම් ඈ සිටිය යුතුමයි.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කිසිම විවාදයක් නෑ දිනිති ... :)

      Delete
  38. බඳින්න හිත නැති කාලේ
    බඳින්නැද්ද අහනවෙලේ
    කට පිරෙන්න හිනාවෙච්චි
    ගෑල්ලමය මං

    බැන්ද ඩහවසෙ ඉඳං වගේ
    ලමයෙක් තාමත් නැද්දැයි
    උන් අහද්දි හිනාවෙච්චි
    ගෑල්ලමය මං

    එක ලමයෙක වදපුවාම
    තාම එකාදැයි ඇහුවම
    උන් එක්කල හිනා වෙච්චි
    ගෑල්ලමය මං

    අනේ මන්ද ආයුබෝං ඕවනං ඉඳගෙන ඈ
    කූර සමාජෙ විසමයි උන්ට පිස්සු බොල තමුන්ගෙ මෙව්ව එක හොයන්නෙ නැතුව අනුන්ගෙ අරක හොයනව
    පිස්සු ඈ

    ReplyDelete
    Replies
    1. අඩෝ වල් පස්සියා ... උඹ කොඝේද ගිහිං හිටියේ .විෂම සමාජේ ගැන නම් කියලාවදක් නෑ. එත් නොකියත් බෑ නෙව .

      Delete
    2. වැඩකොරන ජහමනායා උනාම වෙලාව හරිම අඩුයි බොලං.... අන්න ඒකයි මම කියන්නෙ..... ඒත් වැඩ අස්සෙම මේකටත් ඔලුව පොඩ්ඩක් ඔබල කොරල යනව ඉඳගෙන

      Delete
  39. කාලෙකින් බ්ලොග් කියවන්න ආවා . කාලයක් සමහරුන්ට ප්‍රශ්නයක් වුනේ අනුන්ගේ ගැණුනට ළමයි නැති එක වගේ දේවල් . දැන් ටික ටික ඔය ප්‍රශ්නේ අඩු වෙනවා මන් හිතෙන්නේ . අලුත් පරම්පරාව හිතන විදිහ හොඳයි

    ReplyDelete
  40. ඉවාන් අය්යේ මේ ලිපිය මට මගහැරිලානේ :( අදයි කියෙව්වෙ.....ආයේ කියන්න වචන නෑ ඉස්තරම්ම කවියක් :) :)

    ReplyDelete
  41. \\ ලොකු ළමයෙක් වුනාලු මම
    නාන්න කන්නත් නැතිවම
    ගේ මුල්ලේ හිර කරාපු
    ගෑල්ලමයා මං \\

    මෙන්න මේ තමන්ගෙ ළමයට වද දෙන චාරිත්‍රය තවමත් ලංකාවෙ මෝඩ සිංහලයෝ 99% ක්ම කරනවා.

    මට දුවෙක් හිටියනම් කවදාවත් ඔය හිර කරන වැඩේ කරන්න දීලා දරුවට දුකක් දෙන්නේ නැහැ. ලොකු වෙච්ච දවසෙම නාවලා පහු වෙනිදා ඉදන් ඉස්කෝලෙ යවනව.

    කවිය නම් පංකාදුයි ඉවාන්

    ReplyDelete
  42. අපිනම් දැන් බලාගෙන ඉන්නේ ගෑල් ළමයි බබෙක් එනකල්...

    මේ පෝස්ට් එක කළින් වතාවකත් කියෙව්වා, චෙක් කරලා බැලුවම මම කමෙන්ට් එකක් කොටලා නැහැ...
    ඔන්න මතකේ... හෙහ්

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]