මිත්තරයෝ ටික

Monday, September 21, 2015

දමනය 3



පෙ.ලි.

මේ කතාව ඇත්තෙන්ම ලියවෙන්නේ බස්සිගේ නවාතැනේ ,බස්සි විසින් ලියු දමනය නම් වූ කෙටි කතාව නිසයි. එහි ජෝෂුවා සහ මෙලීසා නම්වූ චරිත ද්විත්වයේ, ජෝශුවාගේ ඇසින් බස්සි අතින් ලියවුනු එම කතාවට දිගුවක් ලෙස මෙලිසාගේ ඇසින් ලියන්නට සිතුනු නිසා කතුවරියගේ අවසරය පිට මේ දිගුව මෙසේ මෙතැන පලකරමි .

දමනය 1

දමනය 2

*******


එදායින් පස්සේ ජෝෂුවා මට ඕන කරන විදිහට හසුරුවාගන්න මට කිසිම අපහසුවක් වුනේ නෑ . හැබැයි මට තිබ්බ එකම ප්‍රශ්නේ මේ යතුරු පුවරුව මගේ යටතේම තියාගන්නේ කොහොමද කියන එක. හැමදාම රෑට ජෝශුවාව නින්දට යවලා ආපහු පාන්දරම දුවගෙන ඇවිත් ජෝෂුවා ඇහැරෙන්න කලින් මෙතන වාඩිවෙන එක ටික දවසක් යනකොටම මට එපාවෙලා තිබ්බේ . ඊටත් වඩා ලොකුම ප්‍රශ්නේ වුනේ මිසිස් හන්ටර් මම නැති එක ගැන පැමිණිලි කරලා තිබ්බ නිසා .

එදා ගෙදර ගියාම “මෙලීසා ඔයා රසායන විද්යාාව පංතිය මග අරින්නේ ඇයි” අම්මගේ ඒ ප්ර්ශ්නය මට එක අතකට සැනසීමක් වුනා , ඒ කියන්නේ මම ඉස්කෝලේ ගිහිං රසායන විද්යාාව පන්තියට විතරයි ගිහිං නැත්තේ . කොහොමත් මිස්ටර් ඩේවිඩ් වත් , මිස්ටර් ඉයන් වත් ළමයි ඉන්නවද නැද්ද කියන එකගන කවදාවත් සැලකිලිමත් වුනේ නෑ. එයාලට ඕනවුනේ ඇපෙන් බේරෙන්න වගේ කොහොම හරි මොනවා හරි ටිකක් කියවලා යන්න විතරයි.

“ මෙලීසා.................. මෙලීසා...................... ඔයාට ඇහුනද මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා ?”

“ඔ....ඔව් අම්මේ ම..ම....මං බෑන්ඩ් ප්‍රැක්ටිස් වලට හිටියා “

“ආ ඒත් ඔයා කවදාවත් මෙලෝඩිකාව ගෙනිච්චේ නෑනේ ...”

“ ඒ....ඒ...එකනේ අම්මේ මට හැමදාම අමතක වුනා , මම...... මම බලං ඉඳලා ආපහු ආවා “

අම්මගේ මූණ හොඳටම නරක් වුනා , එයා මොකක්ද කියන්න හදද්දිම ,හොඳවෙලාවට තාත්තා ගෙදර ආපු නිසා ඒ කතාව එතනින් නැවතුනා , මොකද අම්මා කැමති නෑ තාත්තා ඉස්සරහ අපේ ඉස්කෝලේ වැඩ ගැන කතා කරන්න , වෙන මොකවත් නෙවෙයි තත්වය අසතුටුදායක වුනොත් බැනුම් අහන්න වෙන්නේ අම්මටම නිසා .ඒ ඇසිල්ලෙන් මම කාමරේට පැනගත්තා .



*******

පහුවදාත් මගෙත් එක්ක අම්මත් ආපු නිසා මට අර කාමරේ පැත්තටවත් යන්න බැරි වුනා . ඉතිං ඔක්කොම ඉවරයි , දැන් මටවෙන්නේ හිත හදාගන්න ,ජෝෂුවා ආපහු යතුරු පුවරුව අරගෙන මාව එයාට ඕන විදිහට පාලනය කරයි . එයා දැන් දන්නවා මම එයාට ආදරේ නොකරපු වග .ඒ වගේම ආපහු මාව විශ්වාස කරන එකක් නෑ මොහොතකටවත් . අර නිල්පාට කණ්නාඩිකුට්ටම ආපහු මට අහුවෙන්නවත් තියෙන එකක් නෑ. දැන් මොකද කරන්නේ .

ජෝෂුවා නිදාගත්තම ලේසියෙන් ඇහැරෙන්නේ නෑ, ඒ වෙලාවට ගිහිං කණ්නාඩිකුට්ටම හොරකම් කරන්න ඕන . ඒත් එත් මං කොහොමද දන්නේ එයා ඒක තියන තැන. මට ජෝෂුවගේ බිරිඳ වෙන්න වෙයි. ජෝශුවාගේ කකුල් මිරිකන්න , රෙදිසෝදන්න ,බල්ලා නාවන්න. මල්වලට වතුර දාන්න, ගේ අතුගාන්න, කෑම උයන්න උදේ පාන්දර තේ එක හදලා දෙන්න , මම කවදාවත් කරන්න කැමති නැති වැඩ ඔක්කොම මට කරන්න වෙයි. අයියෝ.....

රසායන විද්‍යාව පංතියේ මම හිටියද කියලා මතක්වුනේ ,කාබනික රසායනය පැවරුම එකතුකරන්න මිසිස් හන්ටර් මගේ ලඟට ඇවිත් හිටගත්තම .. ඒ වෙලාව කොයි තරං අමිහිරිද කියලාවත් මට මතක තිබ්බේ නෑ. ඒ තරම්ම මගේ හිතේ තිබුනේ මට මග අරුණු ඒ මගගු අවස්තාව ගැන.

*******

ඉස්කෝලෙන් පස්සේ මම පිස්සුවෙන් වගේ ජෝෂුවගේ ගෙවල් පැත්තට දුවන්න ගත්තා.
මගේ පිටිපස්සෙන් ආවේ ගිල්බර්ට් .. ඇත්තටම  කිව්වොත් මට ගිල්බර්ට්ව මතක් වුනෙත් ඒ වෙලාවෙමයි .

“මෙලීසා... මෙලීසා ඔහොම නවතින්න .. ඔයාට මොකද මේ ..?  අපි යමු ඇවිදින්න”

“කරුණාකරලා යනවා යන්න , මට පාඩුවේ ඉන්න දෙනවා ..මගේ පස්සෙන් එන්න එපා.” තමුසෙට ඇහුන නේද මම කියපු දේ ?

ගිබර්ට් නැවතුනා නෙවෙයි හිටපුතැනම ගල් ගැහුනා .

මම ටික දුරක් දුවද්දී මට හිතුනේ ....ඇයි මම ගිල්බර්ට්ට ඒවගේ කෑගැහුවේ , ඒ කියන්නේ ජෝෂුවා මාව පාලනයට අරගෙන .

“ඔහොම ඉන්න” කියාගෙන මම ආපහු හැරුනා , මට ඕන වුනේ ජෝෂුවාගේ ග්‍රහණයෙන් මිදිලා ගිල්බර්ට්ට තුරුළු වෙන්න ..ඒත් එයා නෑ. ඈත යන ගිල්බර්ට්ගේ නිල්පාට ජර්සිය මැද තියෙන කහපාට ඉරිතුන මට පේනවා

එතකොට නිල්පාට කණ්නාඩිකුට්ටම ? ,මම ආපහු හැරුනා , කමක් නෑ ,මායම් ඔක්කොම දාලා හරි ආපහු මම ජෝෂුවාගෙන් යතුරු පුවරුව ගන්නවා.
මම ජෝශුවාගේ මිදුලේ බටහිර කොනට වෙන්න තිබුණු සන්ඩයල් එක යට තිබුණු කුහරේ බැලුවේ නිකමට , මම දන්නවා නිල්පාට කණ්නාඩිකුට්ටම එතන නෑ කියලා හොඳටම .

“මොනවා ..............................”

මට කෑගහුනේ ඉබේටම. කණ්නාඩිකුට්ටම එතනමයි , “මේ මොන පුදුමයක්ද ?”

එතකොටම ඇහුනේ ඉදිරිපස දොර ඇරගෙන කව්දෝ එලියට බහින සද්දේ

“ආ මෙලීසා , ඔයා ආපු එක හොඳයි ජෝෂුවා කියවන්නෙම ඔයා ගැන මම හිතන්නේ එයාට ගොඩක් අමාරුයි , ඩොක්ට කියන්නේ සෑහෙන්න පරිස්සම් කරගන්න වෙයි කියලා”

මගේ කට ඇරුනේ මොනවද වෙන්නේ කියලා තේරුම් ගන්න බැරුව

“මම හිතන්නේ එයාට ඉන්ෆ්ලුවෙන්සාව , තදින්ම.................... ගිහිං ජෝශුවාට කතා කරන්න”

එහෙම කියපු මිස්ට ඕබ්‍රයන් පාරට බැස්සා , ඔහු යන දිහා බලාගෙන හිටපු මම ඇතුලට දිව්වේ විදුලි වේගයෙන් ,නිල්පාට කණ්නාඩිකුට්ටම දාගත්තම පෙනුණු රිදීපාට ඊතල දිගේ මම වේගයෙන් දිවගියේ මග ඉඳන්ම ............කියමින් . ඇත්තටම මට ජෝෂුවා ගැන මතක් වුනේ නෑ, එයාට කොච්චර අමාරු වුනත් මට ඒ ගැන වගක්වත් නෑ .

යතුරු පුවරුවේ සියල්ලම ඒ ආකරයෙන්ම , මට හෙලුනේ සැනසුම් සුසුමක් වන්න ඇති.

එත් එක්කම හිතට ආවේ මහා කුරිරු සිතිවිල්ලක් , පාසලේ බැජ් එක අමුනලා තිබ්බ කටුව අතට ගත්ත මම ,යතුරුපුවරුවේ ජෝෂුවා වෙනුවෙන් තිබ්බ කුඩා කුහුඹු ප්‍රමාණයේ මිනිස් රූපය පසාරු කරගෙන යන්න ඇන්නේ වියරුවෙන් වගේ , දෙතුන් පාරක් එහෙම ඇනලා බැලුවම මට මහා විසාල සැනසීමක් දැනුනා . ඒත් එක්කම හිතට ආවේ මහා හිස් හැගීමක්, ඒත් ඒක පසු තැවීමක්ම නෙවෙන බව මම දැනගෙන හිටියා .

*******

 ඉන් පස්සේ කවදාවත් ඒ ජෝශුවාට අයත් මිනිස් රුව හොල්ලන්නවත් බැරි බව මට තේරුනා . එත් ඊලඟ මොහොතේ වුනේ මම හීනෙකින්වත් නොසිතපු දෙයක් , ජෝශුවාගේ මිනිස් රූපය දීප්තිමත් විනිවිද පෙනෙන රතු වර්ණයකින් පිරිලා ගියා . ඒ තුලින් සිහින් ශබ්දයක් නිකුත් වෙන්න ගත්තම මම පුදුම වුනා .

“ඔයාට ඕන කරන හැම දේම මම කරලා දෙන්නම්” ,, ඒ ජෝශුවාගේ කටහඬ ,

“එත් කොහොමද එහෙම කරන්නේ ඔයා මැරිලා ඔයා මැරිලා .... දැන් මේක මගේ ,මේ හැමදේම පාලනය කරන්නේ මමයි....”

“ඒත් එක්වරක් හරි මේක පාලනය කල කෙනෙක් මේ යතුරු පුවරුවේ බලපෑමෙන් මැරුනොත් , එතන ඉඳලා එය යතුරු පුවරුවට අතරමැදියෙක් වෙනවා , දැන් ඔයාට ඕන දේවල් කරන්න වෙන්නේ මගේ හරහා .. හොඳයි  ඔයාට මොනවද ඕන...”

“ඒ කියන්නේ මම මේ කරපු කිසිම දේකින් වැඩක් නැද්ද ? ඔයයි මාව මෙතනට ගෙනාවේ , ඔයයි මගේ ආදරේ බලෙන් ගන්න හැදුවේ , ඔයයි මට ගිල්බර්ට්ව නැති කලේ. ඒ පලිය ගන්නයි මට ඕන වුනේ ...... දැන් මම නිසා මගේ අම්මයි තාත්තයි දෙන්නම දුකින් ඉන්නේ , කිසිම දෙයක් නොකර මෙතනට වෙලා ඉඳලා මං එයාලගේ සතුට නැති කළා “

“මට පුළුවනි ඊටවඩා සතුටක් ලබා දෙන්න , ඒ දෙන්නම ජීවිතේ කවදාවත් නැති තරං සදහටම සතුටින් තියන්න මට පුළුවනි.”

“ඒ කොහොමද ? “

“ඔය තැඹිලිපාට යෂ්ටියෙන් ඒ රූප දෙකේ ඔලුවට හෙමින් තට්ටු කරන්න හරියටම තුන් පාරක් , එයාලා මින් පස්සේ සදාකාලිකව සතුටෙන් ඉඳියි , එයාලගේ ලෝකය පොඩිවුන්ගේ ලෝකෙටත් වඩා සුන්දර වේවි .”

නිල් පාට කණ්නාඩිකුට්ටම ජර්සියේ ඇතුල් සාක්කුවට ඔබා ගත්ත මම ගෙදර දුවන්න පටන් ගත්තා. සන්ඩයල් එකේ යට පැත්තේ කවුළුවට කණ්නාඩිකුට්ටම දාපු මම වේගෙන් දිව්වේ ගෙදරට , රෑ වෙන්න කලින් ගෙදර යන එක කොහොමටත් හොඳයි .

*******

ගෙදරට කිට්ටු වෙනකොටම මට දැනුනේ ලොකු අමුත්තක් ,ගෙදර වටේම තියෙන විදුලි පහන් ඔක්කොම වගේ දැල්වෙමින් තිබුනා , ගේ ඇතුලෙන් ඇහුනේ සද්දෙට සංගීත රාවයක්, දොර ඇරගෙන ඇතුලට ගිය මට හිතෙන දේවල් විස්තර කරන්න අමාරුයි . අම්මා සෝෆාව උඩ නැගලා මෙරුවෙක් අල්ලන්න උත්සාහ කරමින් හිටියේ මහා හයියෙන් හිනාවෙවී, තාත්තා පුංචි සෙල්ලම් කාරයක් අරගෙන ගේ පුරා බ්රූම් බ්රූම් කියමින් පදිමින් හිටිය,මම ආවද නැද්ද කියලවත් ඔවුන්ට සිහියක් තිබ්බේ නෑ. දෙයියනේ දෙන්නටම පිස්සු හැදිලා, හොඳටම පිස්සු.

ජෝෂුවා මොක්කද උඹ මේ කලේ , සදාකාලික සතුට කියන්නේ පිස්සු හැදෙන එකද?

*******

පහුවදා උදේම මම යතුරු පුවරුව ඉස්සරහට ගියේ සෑහෙන තරං කේන්තියෙන් , එත් ජෝශුවාගේ මිනිස් රුවට කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නෑ. හරියට කළු ගල් කැටයක් වගේ .

“උඹ මොකක්ද මගේ අම්මටයි තාත්තටයි කලේ, ඇයි ඒ දෙන්නට පිස්සු හැජුවේ....." මට අඬන නිසා කතා කරගන්න බෑ...:”

“කතා කරපං මිනිහෝ උඹ සදාකාලික සතුට කියන්නේ පිස්සු හදන එකටද ?”

අර දීප්තිමත් රතු එලිය ආපහු විහිදෙන්න ගත්ත , මිනිස් රුව කතාව ඇරඹුවා .

“පිස්සු කියලා කියන්නේ ඇයි, ඒ දෙන්න දැන් හැමදාම සතුටෙන්, බාහිර කිසිම දෙයක් නිසා එයාලගේ සතුට වෙනස් වෙන්නේ නෑ. ඔයාට ඕන වුනේ ඒ දෙන්නව සතුටෙන් තියන්න , අමතකද?”

“මට ඕන වුනේ නෑ ඒ දෙන්නට පිස්සු හදන්න , හොඳ හිතින් ඒ දෙන්නව සනීප කරලා දීපං, ඒ දෙන්නට සැනසුම ලබා දීපං.”

“මට පුලුවනි සැනසීම ලබා දෙන්න, ඒත් ඔබ ඒකට මගෙන් ඉල්ලීමක් කරන්නොන, තර්ජනය කිරීමෙන් කිසිම දෙයක් නොලැබී යන්න පුළුවනි .”

“හොඳයි උඹ කියන ඕනෑම විදිහකට මම උඹෙන් ඉල්ලිම කරන්නම් ජෝෂුවා ,මගේ අම්මටයි තාත්තටයි සැනසීම ලබා දීපං ,මට සමාවෙලා “

ආපහු දෙපාරක් රතු පාටින් දිලිසුනු රූපය

“එහෙනං අර තැඹිලි පාට යෂ්ටියේ අනික් කෙළවරෙන් ඒ රූප දෙකේ ඔලුවට එක පාරක් විතරක් අනින්න “

කියපු සැනින් උපදෙස පිළිපැද්ද මම ගෙදර දුවගෙන ගියා ...

*******

මගදී අකුණු ගගහ හැලුණු වරුසාව නිසා මට සෑහෙන වෙලාවක් පාර අයිනේ තියෙන මැටි බඩු සාප්පුවට වෙලා බොරුවට බඩු ගන්න ආපු කෙනෙක් වගේ කැරකෙමින්ඉන්න වුනා , ඒ මගේ හිත මට වඩා ඉදිරියට යද්දී ,
වැස්ස තුරල් වෙද්දීම මම ගෙදර ට දුවද්දී මම දැක්ක දෙයින් මගේ කකුල් ගල් ගැහුනා ..
ගෙදර ප්‍රධාන දොරෙන් එලියට පැමිණීමෙන් තිබුනේ නගරයේ ෂෙරිෆ්වරයා සමගින් වෛද්‍යවරයා .

“මම හිතන්නේ හදිසි හදවත් ආබාධයක්. "

"ඒත් දෙන්නම එක සැරේ.. "

"ඒක තමයි ප්‍රශ්නේ ෂෙරිෆ් ......ඒත් කිසිම සැක කටයුතු දෙයක් නෑ..."

ඒ එක්කම දෙදෙනාගේම ඇස යොමුවුණේ මගේ දිහාට .....ඒ මූණු වල අනුකම්පාව සටහන් වෙලා තිබ්බා මට දැනුනා

“සදාකාලික සැනසීම මම ලබා දෙන්නම්” අම්මගෙයි තාත්තගෙයි සුදු රෙදිවලින් වහපු සිරුරු දෙක නිවසින් එලියට ගනිද්දී ජෝශුවාගේ රූපයේ කටහඬ මගේ සවනතර දෝංකාර දෙන්න පටන් ගත්තා , නොදැනුවත්වම අතින් වැටුණු නිල් පැහැ කණ්නාඩිකුට්ටම මම පාගලා කුඩු කරලා දැම්මා .

75 comments:

  1. මමයි කලින්ම ආවේ. පොඩ්ඩක් ඉන්ඩ මේක කියවලා එනකල්.

    ReplyDelete
    Replies
    1. හරි හරි කියෙව්වා. නියමෙට ම ඇවිල්ලා. පට්ටයි ඉවානයෝ. ආයේ කියන්න දෙයක් නෑ.

      Delete
    2. ස්තුති වේවා කසුන් ... එහෙනං එච්චරයි

      Delete
  2. සුපිරියි මචං. මට මගේ කතාවයි, උඹේ කතාවයි දැක්කම මගේ කෙටිකතා ලිවීමේ අපරිණතකම ගැන ලැජ්ජත් හිතෙනවා. අතිවිශිෂ්ඨයි!!

    ReplyDelete
    Replies
    1. පත්තරතුමාගේ පරිණත කමෙන්ට් එකක් කියවලම බලන්න ඕනෙ මට මොනවද මේ ගැන හිතෙන්නෙ කියල.
      එතුමා ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සෙ ලැජ්ජා හිතෙන එකනම් දැන් නෑ

      Delete
    2. මේ කතාව ගැන මගේ අදහස නම් මුස්ලිම් හෝටලේක අහක බලං ගහපු කොත්තුවකට සම කල හැකි බවයි .. ඒ තරං පජාතයි.අපේ බස්සි මචං මහන්සි වෙලා ලියපු එක මූ කාලා !! හැක හැක

      අම්මප කියාවනං මේකත් අර ප්‍රෙමදාස මහත්තයා විහාරමහ දේවි පිලිමෙට රෙදි ඇන්දුවා වාගෙ :D :D විලිලැජ්ජාවෙ බෑ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. පත්තරේ පොඩ්ඩක් අමතක වෙලා //මැස්සෝ නැති මුස්ලිම් හෝටලේක// විය යුතුයි ...හැක්

      Delete
    5. @ බස්සි - කමෙන්ටුව හෙලා දකිමි , ඕ යේස්.. කතාවක වස්තුබීජය හඳුනාගැනීම තුලම කතාවේ 50%ක් අවසන් වෙනවා , ඒ නිසා නිර්මාණශීලීතාවයෙන් අගතැන්පත් කතා තේමාවක් සොයා ගැනීම තුලම බස්සි සියලු ගෞරව අත්පත් කරගෙන හමාරයි . අපරිණතකමක් ලෙස එය දකින්නට හැකියාවක් නෑ.

      Delete
    6. @ ප්‍රාජේ - පත්තරයා හොඳ ලැජ්ජා බයට හැදිච්ච එකා

      Delete
    7. @ පත්තරේ - සමාවෙයන් පත්තර මල්ලි , උඹලාගේ හිත සුව පිණිස බ්ලොග් ලිවීම නැවත්වීමට තීරණය කලෙමි

      Delete
  3. සුපිරි කියන්නෙ හොඳම එක. නියමයි ඉවාන්.
    ඔය වගේ කතාවක් අහලා තියෙනවද අර තැපෑලෙන් ආපු පෙට්ටියක් ගැන තියෙන. ඒකෙ බොත්තමක් එබුවාම හරියට දන්නෙ නැති කෙනෙක්ව මැරෙනවා ඒකට සල්ලි හම්බෙනවා කියන. අන්තිමට ඒක ඔබන ගෑනු කෙනාගෙ මනුස්සයාම මැරිලා රක්ෂණ වන්දිය ලැබුනාම කෝල් එකක් ඇවිත් අහනවා ඔයා මහත්තයා ගැන හරියටම දැනගෙන හිටියද කියලා. මේක කියවලා ඉවර වෙද්දි මට ඒ කතාව මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , කැමා. ඔය කියන කතාවනම් මතකයක් නෑ. , මම හිතන විදිහට මම කියවලා නෑ වගේ

      Delete
  4. පහනෙන් එන භූතයෙක් හරි වෙනත් භූතයෙක් හරි වරයක් හෝ වර තුනක් දුන්නොත් ඒක බුද්ධිමත්ව පාවිච්චි කරන හැටි ගැන පාඨමාලාවක් පටන් ගන්න රජය කටයුතුකලොත් හොඳයි කියන තැනයි මම ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මාත් කතාවක් ලියන්න ඉන්නෙ.ඒකෙ නම පහනට වන් යකා.

      Delete
    2. මරුවට තියේවි හැලපයියෙ. ලියන්න අපි බලන්නම්.

      Delete
    3. අර කලින් ලිව්ව යකාගේ පහනත් ආයි දාන්න හැලප අයියේ

      Delete
    4. කියන්න ඕන දේ උඹම පලියෙ ලියලා...

      අති සාර්ථකයි... මෙහෙම කතන්දර කීපයක් ලියලා පොතක් ගැහුවත් බොහොම පින් අත් වෙන වැඩක්..

      අද කියවන පිරිස අඩුවෙලා තියෙන්නේ, කියවන්න රසවත් දේවල් නොමැති කමෙන්.. උඹෙන්, හෙන්‍රි ද ඩියුඩ්ගෙන් මේ ටිකේ අති සාර්ථක පෝස්ට් කීපයක් කියෙව්වේ..

      බොහොම ඉස්කෝතුයි...

      Delete
    5. ඔය උඩ කොමෙන්ට් එක මම දැම්මේ බස්සිගෙ පෝස්ට් එකට...

      ඒකට මේ උන්නැහේගේ නමත් එකතු කරන්නම වෙනවා.. ඒ වගේම හැලපෙගෙ ධාතු කතාවත් ඉස්තරන්.. සී ජේ විදානයගෙ කතත් ඇඟේ මයිල් කෙලින් කරන ඒවා.. ඉතින් මෙහෙම උන් ඉන්න බ්ලොග් ළෝකෙක අපිත් ඉන්නවා කියන්නේ කොයි තරම් නම් ආඩම්බරයක්ද...

      ඉස්සර ට්‍රෙන්ඩ් එකක් තිබුනා.. මොකෙක් හරි පෝස්ට් එකක් දැම්මාම අනික් හැමෝමත් ඒ ජාතියේ පෝස්ට් දාන එකක්.. උදාහරණයකට කකාගේ චූ කතා.. පඩ කතා වගේ ඒව..

      ඒත් මේ වගේ සාහිත්ත රසේ උතුරන කතන්දර කවදාවත් තිබුනේ නෑ.. මේ තමයි බ්ලොග් වල ක්ලයිමැක්ස් එක...

      Delete
    6. මාතා දාපන් මචෝ පහක්. මේ බොගේ අංකය මං ගාව දැන් නෑ මාතෝ මට කෝල් එකක් දිපාන්.

      Delete
    7. @ඩූඩ් - සිතුවා පරිදිම ඩූඩ්ගෙන් කතාවටම ගැලපෙන කමෙන්ටුවක් .තැන්කිව් වේවා

      Delete
    8. @ හැලපේ - ඔය පහනේ යකා කෑවම මාස නවයක් දහයක් යනකං අමාරුයිලු නේ

      Delete
    9. @ මාතලන් - එහෙම අහන්නත් සතුටුයි , එත් ඔය අගය කිරීම හැමෝගෙන්ම නම ලැබෙන්නේ නෑ. තමුන්ගේ බුද්ධි පරාසයට ගෝචර නොවෙන හෝ තමන්ගේ සේමාවෙන් එහා දේවල් වැඩකට නැති කෙහෙල්මල් ලෙස පමණක් දකින පිරිස තමා වැඩි , ඒ අනුව සමහරු කියන්නේ බ්ලොග් වල ලිවිය යුත්තේ සත්‍ය සිද්ධි පමණයි. එහ්මත් නැත්තම් යම් කිසි රීතියකට හෝ සම්ප්‍රදායකට නතුවුණු , යම් යම් නිර්ණායකයන්ට ගෝචරවන නිර්මාණ පමණයි කියලයි . ස්තුතියි මාතේ

      Delete
  5. ඉවාන් මගෙ ඔලුවටත් තැඹිලි පාට යශ්ටියේ අනික් පැත්තෙන් ඔලුවට පාරක් ගහපන්. නැත්තං උඹයි බස්සියි එකතුවෙලා පිස්සු හදෝන එක නවත්තපං.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් දෙකක් දාගෙන බලන්න හරියයිද කියල

      Delete
    2. හැක හැක හැක , කම්මලයෝ කෝ අර දෙකේ මැසිම . හිටින් අර යෂ්ටියෙන් දෙකක් දෙන්න උඹට

      Delete
  6. නියමයි ඉවාන් ...මට කලින් එක කියවන්නත් බැරි උනා ..මේක බැලුවාම මතක් උනා ඔය වාගේ ගුවන් විදුලි කතාවක් අහලා තියනවා වාගේ ..ඔලුවට ආවේ මෙන්න මේ සින්දුව ..අදාළ නැති වෙන්න පුළුවන් ..

    (ගද්‍ය)
    මා මේ වෘත්තාන්තය කියන්නට පටන් ගත්තේ එහි කියැවෙන දේ සිදු වී අවුරුද්දක් පමණ ගත වූ පසුවය.
    මේ කථනය කිසියම් කෙළවරකට පමුණුවා අවසන් කළ යුතුය. එහෙත් සිදු වූ දේ නම් එවැනි කෙළවරකට පැමිණ නැත.

    සුළං රොදක් සේ නොසිතූ මොහොතක
    මිදොරි අවන් හල පැද්දෙන දොර අතරින්
    දෙවෙන්දොරා සං අතරමංව ඔබ ආවා
    සුළං රොදක් සේ ඔබ ආවා
    දෙවෙන්දොරා සං අතරමංව ඔබ ආවා

    (ගද්‍ය)
    මා මේ කොහේද ඉන්නේ ?
    සැබැවින්ම තෝකියෝවට ආවෙම් ද?
    මම, මේ විශාල ලෝකයේ කාත් කවුරුත් නැති මං මුලා වූ පුද්ගලයෙක් වෙමි. මෙහි සිටින සියල්ලෝම අමුත්තෝය.
    ඔවුන් හා මා අතර ඇති නෑ කම කුමක් ද?

    තතමි පැදුර මත දණින් රැඳී
    සියුමැලි යනගි රිකිල්ලක් සේ ඔබට නැමී
    එනමුදු හඳුනා ගනු බැරි වී ජීවිතයෙන්
    ජීවිතයෙන් පැන යන්නට ගිය දා
    නේබුරු දොඩම් බිකක් තොල රැඳ වූ
    මා සිහිවෙද කවදා

    (ගද්‍ය)
    ලහිලහියේ ග්‍රහණයෙන් ගිලිහී යන,
    සැපතක් ලුහු බැඳ යාමේ දී මා රැස් කළ දුක්ඛ සමුදාය,
    විෂ ඝොර සැපින්නක මෙන් හිස ඔසවා මා දෙස බැලීය.
    ඒ දුක්‍ඛ සමුදාය මගේ අනාගත දායාදය වන බව මම දැන ගත්තෙමි.

    ඉක්මනින්ම යළි ඒ නම්
    මළවුන්ගේ අවුරුදු දා
    මළගිය ඇත්තන් කැටුවම මා එහි යනවා
    තමබොචි සොහොන් බිමේ දී
    සොබකි මලක් අත රඳවා
    මළවුන්ගේ අවුරුදු දා
    යළි හමු වේවා සයොනරා

    (ගද්‍ය)
    ජීවිතය, වියා හමාර කල නොහැකිව,
    එතැනින් මෙතැනින් එල්ලෙන පන් ඉරු වලින් හැඩි වූ,
    මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමානය.
    මිනිසුන් මරණය පතන විගසින් ඔවුන් වෙත මරණය නොපැමිණේ. ඔවුහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වෙති.
    මා අවට වූ සත්‍යය මා වැළඳ ගතහොත්,
    මීට වඩා තිර සැනසුමක් ලැබිය නොහැකිද?


    පද රචනය - සරත් විජේසූරිය (ගද්‍ය පාඨ)
    පද රචනය - ස්වර්ණ ගුණවර්ධන
    සංගීතය - ප්‍රියන්ත ඩිරෙක්ස්
    ගායනය - අප්සරා ද සිල්වා

    https://www.youtube.com/watch?v=TdJM1rFVVmE

    ReplyDelete
    Replies
    1. අප්සරා ඉඳහිට හරි කියන ගීතයක තියෙන්නෙ හරිම මිහිරි රසයක්.මේකෙත් හැබැයි ඉවාන් පවුලූෂා කියන ගීතයේ නාද රටාවන් තියෙනවා නේද.එහෙම නැත්නම් මට හිතෙන හැටිද?

      Delete
    2. ඉවාන් පවුලුෂා ගීතය සංගීතවත් කළ ප්‍රියන්ත ඩිරෙක්ස් තමයි මේ ගීතයත් කරලා තියෙන්නේ ...ඒ නිසා එහෙම වෙන්න පුළුවන් හැලපේ අය්යේ ...

      Delete
    3. සින්දු ඇනෝ උඹටත් මගේ හද පිරි මෙව්වා එක. මේ සිංදුවත් මරු බං.

      Delete
    4. අම්මප සිංදුවෝ උඹ තමා දවසකටවත් මිනිහා .

      Delete
  7. ගිතවලට පිළිතුරු ගී ලියනවා වගේ කතාවකට වෙනත් කෝනයකින් කතාවක් කීම නරකම නෑ වැඩේ. මෙහි පේටන්ට් එක දෙන්න ඕනි බස්සිටද ඉවාන්ටද? බලන්න දෙන්න එක්ක සාකච්චා කරල කියන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. පේටන්ට් එක අනිවා බස්සිට , මොකද කතාවේ අයිතිය තියෙන්නේ වස්තුබීජය හඳුනා ගත්ත කෙනාට , මේ අයිසිං තැවරීමක් විතරයි

      Delete
  8. අති විශිෂ්ටයි සෑර්.

    ReplyDelete
  9. මෙහෙම ගියාම ගරු කටයුතු විනිශ්චය මණ්ඩලය වන අප තුමාලා අසරණ වෙනවා නෙව යකෝ.. බස්සිගේ කතාව පුල් සුපර් කියල 10/10ක් ම දීල හිටියේ.. දැන් උඹට කොහොමෙයි ඊට වැඩ ලකුණු දෙන්නේ..? මෙහෙම කරමු.. ෆ්ලෑෂ් ෆික්ෂන් කැටගරියේ හොඳම පරිකල්පනෙට හිමි සම්මානය බස්සිට දීල හොඳම ප්‍රබන්ධයට හිමි සම්මානය උඹට දෙන්න තීරණය කරා.. :)

    ReplyDelete
    Replies
    1. එම තීරණය හිස්මුදුනෙන් පිලි ගනිමි තුමනීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ

      Delete
  10. කතාව මේ විදිහට ඉස්සරහට ගලාගෙන ගිහින් තියෙන හැටි කල්පනා කලහම තව තව කතා ඒ වටා ගෙතෙනවා වගේ දැනෙනවා. හරිම අපූරුයි. කොහොම වුනත් මම නම් කැමැත්තෙන් හිටියේ මෙලීසා එන්න කලින් ජෝශුවා ආපහු යතුරු පුවරුවේ බලය අතට ගන්නවට.

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ මුන් කෙල්ලො වෙලත් කොල්ලන්ටමනෙ දිනුම දෙන්ට යන්නෙ :P

      Delete
    2. මෙහෙමනේ ... කොහොම වුනත් මෙලීසා කරපු වැඩේ වැරදියි.. ඉතින් ජෝශුවා ගැන අනුකම්පාවක් හිතෙන්නේ නැද්ද හා ? දැක්කනේ අන්තිමට වෙච්ච දේ.. :P

      Delete
    3. @තුශ්.... හැබෑටම ඒ කෝනෙනුත් ලියන්න පුළුවන් තමා . තුශානිත් ඉතින් මේ වගේ දේවල් ලියන්න හපන් නිසා ල්යමු බලන්න කෑල්ලක්

      Delete
    4. @ යශ් ඇන්ඩ් තුශ් - ඔය බට කොස්සි ඇවිල්ලා කානතා ස්වෝත්තමවාදී ලේඛිකාවක් නේ එකයි ඔය , හැක හැක

      Delete
    5. @ඉවාන් - තැන්කූ ඉවාන්... ම්... okay.. පුංචි උත්සාහයක් අරගෙන බලන්න හිතෙනවා.. දෙන්න පුළුවන්ද E-mail address එක ?

      Delete
    6. අන්න නියමයි තුශානි .... එහෙනං ලියන්න බලන්න , මෙන්න ඊ තැපෑල prageeth99236@gmail.com

      Delete
    7. අහ්.. උත්සාහ ගන්න කලින් අපේ බස්සිගෙනුත් අවසර ගන්න ඕනේ.. එයාගේ කතාවට මම වගේ කෙනෙක් ලියන දෙයක් නිසා හානියක් වුනොත් හරි නෑනේ..

      Delete
  11. උඹට පුල් මාක්ස් දෙනවා. අර බස්සියා වගේ අපේ මොලේ කරකවලා අතහරින්නැතිව පොඩ්ඩක් හුදී ජනයාට තේරෙන විදිහට ලියන හින්දා. හැක හැක

    ReplyDelete
    Replies
    1. හැක හැක බස්සි තරම් ඇඩ්වාන්ස් ලිවිලි ලියන්න තව ඉගෙන ගන්න ඕනි යකු , තන්කුව් ඒවා

      Delete
  12. ඔය උඩ කොමෙන්ට් එක මම දැම්මේ බස්සිගෙ පෝස්ට් එකට...

    ඒකට මේ උන්නැහේගේ (Ivan Pavlusha (Pakaluusaa)) නමත් එකතු කරන්නම වෙනවා.. ඒ වගේම හැලපෙගෙ ධාතු කතාවත් ඉස්තරන්.. සී ජේ විදානයගෙ කතත් ඇඟේ මයිල් කෙලින් කරන ඒවා.. ඉතින් මෙහෙම උන් ඉන්න බ්ලොග් ළෝකෙක අපිත් ඉන්නවා කියන්නේ කොයි තරම් නම් ආඩම්බරයක්ද...

    ඉස්සර ට්‍රෙන්ඩ් එකක් තිබුනා.. මොකෙක් හරි පෝස්ට් එකක් දැම්මාම අනික් හැමෝමත් ඒ ජාතියේ පෝස්ට් දාන එකක්.. උදාහරණයකට කකාගේ චූ කතා.. පඩ කතා වගේ ඒව..

    ඒත් මේ වගේ සාහිත්ත රසේ උතුරන කතන්දර කවදාවත් තිබුනේ නෑ.. මේ තමයි බ්ලොග් වල ක්ලයිමැක්ස් එක...

    ReplyDelete
    Replies
    1. ඔය ඊට උඩින් ඉන්න බුලත් හපයගෙ කැරපොතු කතාවත් පට්ට.. ඒත් ඌ ඒක දාන්නේ වැරදි තැනක...

      Delete
    2. උඹ කියන දෙයක් නොකර ඉන්න මොකක්ද වගේ බං. ඒකෙ අනන්‍යතාවය එහෙම්ම තියාගන්න කියලා උඹමත් කිව්වානෙ දවසක්. ඔන්න ඊ ළඟ එක ඒකෙ දානවා.

      Delete
    3. එහෙම අහන්නත් සතුටුයි , එත් ඔය අගය කිරීම හැමෝගෙන්ම නම ලැබෙන්නේ නෑ. තමුන්ගේ බුද්ධි පරාසයට ගෝචර නොවෙන හෝ තමන්ගේ සේමාවෙන් එහා දේවල් වැඩකට නැති කෙහෙල්මල් ලෙස පමණක් දකින පිරිස තමා වැඩි , ඒ අනුව සමහරු කියන්නේ බ්ලොග් වල ලිවිය යුත්තේ සත්‍ය සිද්ධි පමණයි. එහ්මත් නැත්තම් යම් කිසි රීතියකට හෝ සම්ප්‍රදායකට නතුවුණු , යම් යම් නිර්ණායකයන්ට ගෝචරවන නිර්මාණ පමණයි කියලයි . ස්තුතියි මාතේ

      Delete
  13. කල්පිතයක් මගින් මැවිය හැකි අපූර්වත්වයට සීමාවක් නැහැ. කෙලවර කොහේදැයි හිතාගන්න බැරි කතා සාගරයක් මවන්න පුළුවන්.

    සිත් ඇදගන්නා සුළු නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචා මාමේ .. සැක විචා මාමව කොන්ට්‍රෝල් කරන බොත්තම් තියෙන තැන හොයා ගන්න ඕන ,, හැක හක

      Delete
  14. ලස්සනට අමුනලා තියෙන වචන වලට අමතරව හිතන්න දේවලුත් ඉතිරි කරලා තියෙනවා. නියමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉකොනෝ

      Delete
  15. මදි පාඩුවටත් එක්ක මේ තියෙන්නේ බං.. ආයේ වෙන මොනවා කියන්නද ඉතින් අමුතුවෙන්.. එලකිරි..

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා දිනේෂ්

      Delete
  16. මේ තියෙන්නේ හෙහ්...

    ඉවාන් ජෝශුවාව දේශීය කරලද මන්ද කියල හිතුන, හෙහ්. කතාවේ කුතුහලය නම් උපරිමයි. රෙද්දක් ඇඳගෙන බැහැ නොවැ විචාරයක් දෙන්න. ඒ හින්ද කට පියාගන්නම්කො. ( පෙර වැරදි ඇති නිසා)

    මට හිතුන හැරෙනකොටම පොල් පැලේට තමයි කියල. උඹට වාවන්නේ නැතුව ගියා නේද කෙල්ලෙක් අතට පාලනේ ගියාම ආ?? කොහොම හරි අර ජෝෂුව පොරක් කරලා තමයි පස්ස බැලුවේ ඈ...

    ReplyDelete
    Replies
    1. හැක ලොකු නැන්දේ , උඹේ විචාරේ එනකම් තමා මග බලාගෙන හටියේ , උඹේ හක්ක පන්නන . එහෙම කොහොමද කෙල්ලෙක් අතට පාලනේ දෙන්නේ , ඇරත් උඹ වගේ කෙල්ලෙක්ට එහෙම මේක පාලනය ගියොත් ලෝක විනාසේ සෙකන්ඩ් වර්ෂන් එක වෙනවා . හැක හැක

      Delete
  17. ජෝෂුව ත් ඩෑල් එක..
    ඕ වගේ දෙකට ගණින්න ඉන්න ඈයො විස්වාස කරන්න හොද ෑ දන්නවද.. හිහි ඔය ඉවානය වගේ ඩෑල්තු ඔහොම්මයි...
    නියමෙට කතාව ලියල තියෙයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ්ට ආපහු පොඩි ඉසිඹුවක් ලැබිලා වගේ , ඒක හොඳයි. මොකවත් ලියන්නේ නැතෙයි ?

      Delete
  18. උඹත් මාර මිනිහා තමා.... කතාවක් ලියලා ගිහින් හැංගෙනවා නේද???? නෑ නෑ බං මේක අවුල් නැහැ.. සුපිරියි..... ඒළියට වරෙන්.....

    ReplyDelete
    Replies
    1. හැක හැක හක කුරුටුස් ... හව් ආ යූ .. අර අසන්කයයි තුශාරයි නෙවෙයිනම් ඒ ඇති හැක හැක

      Delete
  19. අඩ්ඩක් ගහලා දුමක් නැතිව වේලි වේලි ඉන්න එකෙක්ට සිගරට් එකක් දුන්න වගේ ඔන්න මේ පෝස්ට් එක.. දැං පුල් මාවලස්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉස්කොතුයි ලබ්බස් ... එහෙනං එච්චරයි ... තීන්දුයි නිවාරණයි

      Delete
  20. ඒ කියන්නේ දැන් බස්සි කියවන් නැතුව පව්ලුශා කියවගන්න බැහැ. මං යනවා ආපහු. (බස්සට මේවා ආරංචි වුනොත් හෙම - අනේ මන්ද )

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මාමේ ... හැක හක් හක්

      Delete
  21. දිස් ඊස් බෙස්ට්.... ඕ යේස්.........

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් අ ලොට් ඕ..යේස්

      Delete
  22. හොල්මන් ද පොල්කොළ වගේ වුණා බං..හැබැයි මේ style එක උඹෙන් ලියැවෙද්දිත් ඒකේ අමුතු ගතියක් තියෙනවා..(මම කිව්වේ උඹේ ගතියක් නෙවෙයි බිමට බැහැපන්..:P :P)

    තව එකක් ලිව්වොත් මොකද? ;)

    ReplyDelete
    Replies
    1. මොකද නැත්තේ මගේ ගතියක් තමා , උඹේ ඉරිසියාව ඕක කියන්න හුහ්, මිත්‍ර ද්‍රෝහියා

      Delete
  23. කණගාටු වෙන විධිහට ඉවර කලේ මොකද?
    http://nelumyaya.com/?p=4657

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]