Monday, October 26, 2015

සියය



සුක්කානම මත දකුණු අත තබාගෙන ඩ්‍රයිව් ගියරයට මාරුවෙමින් සෙමින් පාරට ගත රියේ ප්‍රධාන ලාම්පු දල්වා ගනිමින් ඉදිරියට ඇදෙන විට , මීට ටික වෙලාවකට පෙර වැටුණු වැස්සේ න් තෙත් වූ මාර්ගය දුම් දමමින් තිබෙනු දකින විට අද්භූත සිතුවිලි නැගී ආවේ මටත් හොරාය ..

ප්‍රධාන මාර්ගය දෙපස විදුලි එලි වහා නිවී යද්දී එක්වරම හාත්පස ආලෝකමත් විය .ඒ සැනින් කන් බිහිරි වන හෙණ හඬ ඇහෙන විටම ඇස්දෙක මොහොතකට පියවුනාක් මෙන් මට දැනුනි . වායුසමීකරණය හැකිතාක් ඉහල උෂ්ණත්වයකට ගෙන ආවත් ඇට මිදුළු කාගෙන යන සීතලක් දැනෙන්නේ කෙසේදැයි සෙවීමට මම නැවතත් සියලු දොර වීදුරු දෙස බැල්මක් හෙළුවේ ඉවසිය නොහැකිම තැනදිය.

ප්‍රධාන මාර්ගය දෙපස කළුවර වූ ගෙවල් අතරේ අතරින් පතර මලානික එලි වැටුණු ජනේල අතරින් එහා මෙහා යන අඳුරු පැහැ හෙවනැලි වලින් අද්භූත හැගීම තවත් තීව්‍ර වන්නට විය . සෙමින් සෙමින් ගස් අතු සෙලවෙමින් ආරම්භ වූ සුළඟ දැඩි වූයෙන් මග දෙපස ගස් අතු මාවම ගිලගන්නට බලාසිටින රාක්ෂයන් මෙන් මට දිස්වනන්ට විය .



පාළුව තවත් දැඩිව දැනෙන්නට නොහැරිය යුතුයයි සිතු නිසාම ගුවන් විදුලියන්ත්‍රය පණ ගැන්වුවෙමි . "රත්තරන් නෙත් දෙකින් ,සලා සිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් ........"
මා ප්‍රිය කරන ගීතයක්ම විකාශය වෙමින් පවතින්නේ හාස්කමකින්ද?

සෙමින් සෙමින් ගීතයට සමාන්තරව තොල් මතුරමින් රථයේ ධාවන වේගය මදක් වැඩි කලේ පෙරට වඩා විශ්වාසයක් හිතට දැනුනු බැවිනි. මඳ දුරක් යන විට හුරුපුරුදු ගතියක් දැනුනද තවමත් හාත්පස වෙලාගත් ඝන අන්ධකාරය අඩුවක් නොවීය , තවමත් විදුලි ආලෝකයක්ද දකිනට නැත.

" අප හමු වූවත් නොවුනත් කාලය ගතවී යනවා ... අප තනි වූවත් නොවුනත් ලොව එකසේ පවතිනවා "
තවත් මම ප්‍රිය කරන ගීතයකට ගුවන් විදුලිය මුල පුරද්දී ,මටත් සිතට නැගුනේ මම මේ ගමන පටන් ගත්තත් නොගත්තත් මේ සෑම දෙයක්ම මේ ආකාරයෙන්ම පවතී නේද කියාය.

සාමාන්‍යයෙන් දකින්නට පුරුදු දසුන් මේ ගමනේදී දකින්නට ලැබේවි යැයි කිසිවිටක නොසිතුවත් , නොසිතුවක්ම සිදුවෙයි යන කියමන යලි යලිත් සනාථ කරමින් ,කෑදර වෙස් මුහුණකින් තම සැබෑ මුහුණ වසාගත් , කාකි ඇඳුමක් ඇඳි පුද්ගලයෙකු අත දැම්මේ දහසක් දේවල් මගේ සිත්ර එද්දී. නැවත්වුන වාහනයේ පිටුපසින් වාහනය වටේටම බැලුම් හෙලමින් ඉදිරිපස රියදුරු අසුනේ වීදුරු කවුළුව අසලට පැමිණි ය ,පොලිස් නිලධරයා වීදුරුවට තට්ටුවක් දැම්මේය .

" මහත්තයා බ්රේක් ලයිට් වැඩ නෑනේ "
" මහත්තයා හෙඩ් එක ගහගෙන නේද ආවේ "
" මෙතන ඩබල් ඉරක් තියෙන බව පෙන්වා නේද?"
"මෙච්චර වේගෙන් වැදගත් වැඩකට වෙන්න් ඈති යන්නේ "

ඔහු විසින් දැන් ඉදිරපත් කරාවියැයි  සිතිය හැකි චෝදනා සියල්ලක්ම මට සිහියට එද්දී මම වීදුරුව සෙමෙන් පහත් කලෙමි .

කටේ තිබුණු බුලත් විට තොහ් හඬින් පාරට විසිකළ ඔහු , බුලත් කහට බැඳුනු දසන් පෙළ විදහා සිනාවක් පාමින්

"මහත්තයා මාවත් හංදියෙන් බස්සගෙන යන්න පුලුවන්ද ?" කියා ඇසුවේ මාව පුදුමයට පත් කරමිනි .
"මේ ට්‍රැෆික් පොලිස් කාරයෙක් නෙවෙයි නේ ," මම ඔහු ව හරියාකාව දැකගත්තේ එවිටය .

"හ්ම් "

" අනේ බොහොම ස්තුතියි මහත්තයා ." ලඟම තිබුණු බස් නැවතුම දෙසට දිවගිය ඔහු එහි කොට බිත්තිය මත තබා තිබු කලුපාට ඉටි බෑගයක එතු යමක් ගෙන දිවවිත් ඉදිරිපස අනෙක් අසුනට නැගුනේ  දඩාස් හඬින් දොර වසා දමමිනි .

ඉන් පසු මට රේඩියෝවේ අවශ්‍යතාවක් නොදැනුනු බව නම් මතකය .

" මහත්තයට කියන්න "
"අපේ මිනිස්සු මහා පුදුම මිනිස්සු මහත්තයා ."

"ඔන්න අපි බයිසිකලේ යද්දී ස්ටෑන්ඩ් එක ගහගෙන ගියොත් පස්සෙන් වේගෙන් ඇවිල්ලා කියනවා ස්ටෑන්ඩ් එක ගහලා කියලා ඌ අපිව පහුකරලා  ඇරගෙන යනවා බලද්දී ඌත් යන්න ස්ටෑන්ඩ් එක ගහගෙන . හැක හක "

"පොලිසියෙන් කොහේ හරි ඉන්නවා දැක්කොත් ඇස්දෙක නිලංකාර වෙනකං ලයිට් ගගහා යනවා ඊළඟ පොලිස් කාරයා හම්බවෙනකම්ම , ඉතින් එතන ඉඳලත් ලයිට් ගහන්න එපැයි අන්තිමට මුළු ගමනම ලයිට් ගහගෙන ගිහිං. හැක හැක හැක "

"දැන් මම මෙතන ඉඳන් වාහන කීයකට නම් අත දැම්මද? එකෙක් නැවැත්තුවේ නෑනේ ..  බැරිවෙලාවත් මගේ බඩහරහට සුදු පටිය තිබ්බනං නවත්තලා කීයක් හරි දීලත් යනවා , ඔන්න් මිනිස්සු .."

"මහත්තයා කොහෙටද යන්නේ ?

 මූටත් ඕන නැති  දෙයක් නෑ...  "ඉස්සරහට "

"ආ .... ම්...... එහෙමද ? එහෙනං මාව ඔය හංදියෙන් දාලා මහත්තයා ඉස්සරහට යන්න ..."

"ඉස්සරහ තමයි සීය  තියෙන්නේ" පැවසු ඔහු නොපෙනී ගියේය

නොදැනුවත්වම මා පසු කරමින් සිටින්නේ සියවෙනි සිහිවටනයයි ....


******

ප.ලි ...

නැවත වරක් සිතේ ඇඳුනු විකාරයක් අකුරු වලට පෙරලමින් මා මේ පළකරන්නේ සියවෙනි සටහනයි . බ්ලොග් බ්ලොග් සටහන් ලිවීමේදී සටහන් සියයක් යනු ඉතාම සොච්චම් ලිපි ප්‍රමාණයකි. ඉතිං මේ සොච්චම් සටහන් ගොන්න අතරේ ඇති මගේ මනෝ විකාරයන් කියවමින් දිරිමත් කල උදව් කල සහයෝගය ලබාදුන් කලකිරීම් අතරදී සවියක් වුනු හැම සහෘද මිතුරෙකුටම සහ මිතුරියකටම මාගේ ප්‍රණාමය ...




214 comments:

  1. ලූසාගේ සීයට සුභ පැතුම්.

    ඔය ස්ටැන්ඩ් ගහගෙන යන එකට කොතර හරි ලස්සන කතාවක් තිබිලා මම කියෙව්වා. දැං මතක නැහැ බං.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. මල්ලී ස්ටෑන්ඩ් එක ගහලා කිව්වාම, ඉතිං උඹට මොකද කියලා ඇහුවාලු.... :D

      Delete
    2. ස්තුතියි දේශා ... මුලින්ම සුබ පතන්න දක්ෂම ලියන්නෙක් ... .... සතුටු නැද්ද ඉතිං.... උඹ අන්තිමට ලියපු කතාව නිසා අපි හැමෝටම අගයක් ලැබුනා . එකටත් ස්තුතියි


      බීටලේ සමහර වෙලාවට එහෙම කියන උනුත් ඉන්නවා බං

      Delete
  2. ලව්පූසාගේ සීයාට උණුසුම් සුභපැතුම්!!!

    ReplyDelete
  3. සීය සමරන්න ලියපු කතා පොඩ්ඩනම් හරිම හුරුබුහුටියි. මම කැමතියි මේ පන්නයේ වැඩිය දිග නැති සරල සිද්දියකින් මහා ගොඩක් චිත්ත රූප මවන කතන්දරවලට. එහෙනම් ඉවාන්ගේ සීයට සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. තිලකයියා ... බොහොම ස්තුතියි පැතුමට . තිලක සිතට අවුරුද්දක් පහුවෙද්දී තිලක බිසී වෙලා.. ඒ අතරේ මෙහෙම ආපු එක ගැන සතුටුයි

      Delete
  4. නියමයි මචං :) මගෙනුත් සුබපැතුම්!!

    ReplyDelete
  5. සීයට සුභ පැතුම් ඉවාන්... බ්ලොග්කරුවන් අතර මම හැබැහින් දැකපු බවට හරියටම දන්න එකම බ්ලොගර්. (උඹ දන්නේ නෑ නේද මම උඹව දැකලා තියබ බව? හැක හැක )... හැම එකම කවර් කරන්න බැරි උණත් පුළුවන් හැටියට මම උඹේ කතා කියවනවා....

    ReplyDelete
    Replies
    1. මං බැලුවේ ඉවාන්ව උඹ දැක්ක නං.. ඉවාන් උඹව නොදැක්ක හේතුව මොකක්ද කියලයි.. හැක්. මට නං හිතාගන්න බෑ කියලයි කියන්න තියෙන්නේ.. හැක්

      Delete
    2. ඌ මං දිහා හොඳට බලාගෙන හිටියේ බං... හිනා වුණත් එක්ක... හැබැ‍යි දැන් අවුරුදු 10 විතර ඇති ඕක වෙලා....

      Delete
    3. මොකද්ද බං තිසර ඒ හරුපෙ?

      Delete
    4. තිසර උඔට ඔක කියන්න බැරිනම් දිපන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට

      Delete
    5. තිසරය හොල්මනක් දැකල.

      Delete
    6. @ තිසර - මමත් මේ කමෙන්ට් එක දැක්ක වෙලාවේ ඉඳන් කල්පනා කරන්නේ මේ මොක්කද මේ කතාව කියලා . මම මේ තාම කල්පනා කරනවා එහෙම සිද්ධියක් මතක් කරගන්න . එත් ම්හු ....ඇත්තටම මට මතක් නෑ බං තිසර . හැබැයි අවුරුදු දහයකට කලින් කියන්නේ බ්ලොග් තියා කොම්පියුටර් මොනවද කියලවත් දන්නේ නැති කාලයක්නෙ ..හැක ...

      බලමු පොඩ්ඩක් මතක් කරලා ..අද නින්ද යන්නේ නෑ දැන් මේක මතක් කරගන්නකන්

      Delete
    7. මෙන්න මේකයි අතීත කතාව... මට මතක හැටියට 2004 දෙසැම්බර් වගේ වෙන්න ඕනේ... මම පේරාදෙණිය කැම්පස් එකට ගියා මගේ මිත්‍රයෙකුගේ උපාධි ප්‍රදානෝත්සවයට ෆොටෝ ගන්න. ඉතින් ගත්තා. අතීත කතාව එතනින් ඉවරයි.

      වර්තමාන කතාව මේකයි. අර යාළුවත් දැන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා, අපේ ගෙදර ඉඳන් හූ බාගෙක වගේ දුරකින් ඉන්නේ. මම බ්ලොග් කියවන එකෙක් කියලා ඌ දන්නවා. ඉතිං... ඌ මට අර අතීත කතාව මතක් කරලා කිව්වා, එදා උපාධි ගත්ත එවුන් අතර අහවල් බ්ලොග් එක ලියන ඉවානුත් හිටියා, මම උන්ගේ ගෲප් ෆොටෝ එකක් ගත්තත්ය කියලා. ඔන්න ඉතිං ෆොටෝ බලනකොට ඉවානයත් ඉන්නවා... මං දිහා බලල හිනා වුණා කිව්වේ ඒකයි... මා එක්ක නෙමෙයි.. ෆොටෝ එකට...

      අපි බ්ලොග් ගැන අහලාවත් නෑ ඒ කාලේ..

      Delete
  6. යකෝ සීයට ලියල තියෙන කතාව හරියට ගොක්කොල පෙනිල ලියල ‍වගේනෙ.
    තව කාලයක් යන්න තියෙනව බං ඔහොම යං. සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ගොක්කොලත් පෙනෙයි ඔහොම යද්දී ..හැක ... ස්තුතියි ත්‍රි භාෂා පරමේෂ්වර ප්‍රසන්න අයියා

      Delete
  7. සීයක් නෙමෙයි බං දාහක් ලියහං... අපි අමාරුවෙන් හරි කියවනවා..... ඒත් මුලින් මහා හොල්මන් කතාවක් වගේ පටාං ගෙන අන්තිමට පොළවේ ගැහුවා වගේ ඉවර කරන්න ඒපා බං... අැඩෙනවා.......

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම වරෙන් උඹ අමාරුවෙන් හරි කියවන නිසා ඔන්න අපි ලියනවා .. හැක තැනකුයි කුරුට්ටෝ ඔක්කොටම .

      Delete
  8. මචං, සීයට සුභ පැතුම්! උඹට ඇත්තටම් සුවර් ද දැනුයි සීය කියලා? :O ඔව් ඉතින් ඔය කම්මැලිකම සීයෙන් පහුවවත් මග හැරේවා..! උල්පතක් සේ සිතුවිලි මැවී සිතී වෙලී පැටලී තව තවත් කතා ලියවේවා! බ්ලොග නැතුවම බැරි වේවා! පෝස්ටු ලක්ෂයක් ලියවේවා! ආවඩා ආයුබෝ වේවා!
    -උණුසුම් සුභ පැතුම තනි අලියාගෙන් :) :)

    ReplyDelete
    Replies
    1. //උල්පතක් සේ සිතුවිලි මැවී සිතී වෙලී පැටලී තව තවත් කතා ලියවේවා //

      අකුලෝගෙනම පළ :D :D

      Delete
    2. හාහ හා හාහ හා හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්ම් සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකිබිඳ වැල‍පෙනවා...හික්ස්

      Delete
    3. @ තනියා ද ෆ්‍රෙන්ඩ් - පල යන්න උඹලට කියවලා සුබ පතාගන්න ඕන අපි .. දුප් යන්න . උඹ ඉතින් මගේ මිත්‍රයා වෙච්චි , ලියාපන් ලියාපන් කියා කියා කොහොම හරි මොකක් හරි ලියවන්න දෙන තල්ලුවට ස්තුතියි මචෝ . උඹලා වගේ පොස්ටු ලක්ෂෙ ලියන්න කලින් අපි අර ෆිලුම කරමු .. තැන්කුයි දඩබ්බරයෝ

      Delete
    4. @ සිංදු & පත්තරේ - මොකෝ උඹලට මොනවා හරි හිරවෙලාද හැක

      Delete
    5. මොකද බොල පත්තරයෝ උඹේ නිවුන්නට එහෙම කියන්නේ?

      සින්දු ඇනෝ: මතකනේ මූ පෝර ෆෝම් දෙන්න ගොහින් වෙච්චි වැඩේ..? අන්න ඒක තමයි වෙලා තිබිලා තියෙන්නේ..හැක් හැක්..

      ඉවාන්: ෆිලුම ලියන්න ඕන බං..මේ සති දෙක ටිකක් බිසී..බලමු ඉක්මණට ලියන්නම්..

      Delete
    6. අනේ පලයන් යන්න තනියා , උඹේ බිසිය හුහ් , දෙනවා දත් ඇන්ද ගලනාලේ හිරවෙන්න

      Delete
  9. සීයාගේ සීයට ජයවේවා....

    ReplyDelete
    Replies
    1. රොම්බ තැන්ක්ස් බන්ඩයියේ

      Delete
    2. බණ්ඩා සිද්ධිය දැනගෙන

      Delete
    3. තුශාරයා ගැන සිද්ධිය නේ

      Delete
  10. මචං...උඔට 100 සොච්චම්ක් වුනාට ... අපිට නම් උඔගේ ලිපි මහමෙරක්..(බොක්කෙන්මයි කියන්නෙ)
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. @ E de B M
      ඒ කියන්නෙ උසයි, බරයි ද?

      @ I P,
      සුබපැතුම් !

      Delete
    2. ප්‍රා
      මු හොරකමට දැන් උසයි බරයි දෙකම අඩු කරලා පොස්ට් වල..
      E de B M ...මම මේ නමට කැමතියි....

      Delete
    3. මූ අර 8M Raft කියන්නෙ කාටද කියල තෝරගන්න මට දවස් ගානක් ගියා.

      Delete
    4. මෙන්ඩා, BDSM වගේ එකකට කැමති නැද්ද?

      Delete
    5. මූ ඇවිල්ලා MILF … ඕ යේස්

      Delete
    6. රාඡ්/ පත්තර මල්ලි
      තේරැම කියලා දිපන්...
      ප්‍රසා
      මටත් එහමයි

      Delete
    7. තැනකුයි මෙන්ඩා... මම මොන මලදානයක් ලිව්වත් උඹ කියවන බව මම දන්නවා .. තැනකුයි මචෝ .... ඔය කඩප්පුලියෝ කියන ඒවා අහන්න එපා උඹ ...

      Delete
    8. ඒක හරි... අපි වගේ කොල්ලෝ අාශ්‍රය කරහං...

      Delete
  11. වයසක සුදු සීයාගේ සීයයට උණුසුම් සුබ පැතුම්!!! වැඩි වැඩියෙන් ලියත්වා

    ReplyDelete
    Replies
    1. අම්මේ තැන්කුයි සුදු නංගි.... උඹත් ඒ ගමන කැමරා හොම්බෙක් වෙන්නද යන්නේ :P

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. යකඩෝ, මං හිතුවෙ හොල්මං කතාවක් කියලා. බලල ඉවර වුනාම, හොල්මං වුනා :)
    සීයට සුභ පැතුම්, ලව් පූෂ්.

    [im]http://www.toutoupiao.com/Upload/PicFiles/201310202132405124.jpg[/im]

    - ඉස්සර බ්ලොග් ලියපු බස්සෙක් -

    ReplyDelete
    Replies
    1. හෑ.... බ්ලොග් ලිවීම නැවැත්තුවාම බස්ස ඔතාපු පූසෙක්වුනාද?

      Delete
    2. හෑ, අර යසට හිටිය පවුලූෂාව , පූස කලාවගේ මාව ඔතාපු පුසා කරන්නද ලෑස්තිය? :)

      ඒ hakuna matata පූසා, ඔතාපු බාගෙ බෝතලයක් වගේ ඉන්නෙ ඒකයි.

      Delete
    3. @ DGMB -ස්තුති වේවා බශ්ශෝ , අර පින්තුරේ නම් මාර ගති , කවුද ඔය පූසව එතුවේ . ඌත් හරිම කියුට් මං වගේමයි හැක හැක

      ඔය ප්‍රා වනම් යහතින් අරින්න එපා ... ඕ යේස් ගේමෙන් ඉන්න ඕන මාත් සපෝට් ඔන්න ..ඕ..යේස්

      Delete
  15. ඇපෙන් බේරෙන්න සහ ලියන්න ඕනෙ නිසා මොනවා හරි වල්පල් ලියන්නේ නැතුව, කියන්න යමක් තියෙන නිසා ලියනවනම් සීය කියන්නේ පොඩි ගානක් නෙවෙයි. උඹ මගෙ ප්‍රියතම කෙටිකතා කරුවෙක්.
    ජයවේවා ඉවාන්.

    ReplyDelete
    Replies
    1. උඹ මගෙ ප්‍රියතම කෙටිකතා කරුවෙක්.
      මමත්..

      Delete
    2. උඹ මගෙ ප්‍රියතම කෙටිකතා කරුවෙක් × 2

      Delete
    3. මමත් එකෙන්ම....
      මම හිතාගෙන ඉන්නේ මූව උස්සලා තර්ජනය කරලා,බය කරලා කෙටිකතා ටිකක් ලියවගෙන කියවන්නම් කියලා......
      නැත්තම් මූ කතා දාන්නෙම පරක්කු කරලා....

      Delete
    4. මාත් මුගේ ප්‍රියතම කෙටිකතා කරුවෙක්

      Delete
    5. රාජ් අය්යගෙ කමෙන්ටුව තමා කමෙන්ටුව
      හැක්

      Delete
    6. මාත් මුගේ ප්‍රියතම කරුවක්.

      Delete
    7. @ ඩුඩයියා - ස්තුති වේවා . ඩූඩ් වගේ කෙනෙක් එහම කියනවා අහන ලැබෙන එකත් වාසනාවක් .


      Delete
    8. ස්තුතියි මෙන්ඩ, පත්තරේ , මනෝ මහේෂ්

      @ රාජ් & ප්‍රසා - ඒ කතාව හරියටම හරි

      Delete
  16. සුබ පැතුම් මචං.උඹේ සීයෙන් ඔක්කොම නැතත් ගොඩක් එව්වා කියවලා තියෙනවා.අවාට වඩා දිගු ගමනක් යන්න සුබ පැතුම්.!!!

    ReplyDelete
    Replies
    1. මනෝජ් නිතරම යන එන සුබ පතන සහෝදරයා .ස්තුත්යි උඹට .

      Delete
  17. කියෝල එවර වෙද්දි ලොකු ඊයම් බරුවක් ගිල්ල වගේ (උඹේ හැම කෙටිකතාවක් ඉවරවෙද්දිම මට ඔහොමයි)කෙටි කතා 100ක් එක්ක 200ත් ඉක්මනට ගහමු සහෝ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරුවෝ .උඹලගේ මේ සුබපැතුම් මට ඉහටත් උඩින්

      Delete
  18. 100ට සුබ පැතුම්... මම හිතාගෙන හිටියේ ඉවාන් ගොඩක් ලියල ඇති කියල... 100 සමරන්න පොලිසියේ කෙනෙක් ව සෙට් කරගත්තේ හේතුවක් ඇතුවද නැත්නම් ජොලියට ද හෙහ් හෙහ්.. මමත් මුලින් හිතුව හොඳ හොල්මන් කතාවක් කියල.. කොහොම වුනත් එල මචං දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. පැතුම් ..පැරණිම බ්ලොග් කරුවාගේ සුබපැතුම කොච්චර වටිනවද කියන්න ඕන නෑනේ .ස්තුතියි උඹට .. මේකත් ඉතින් මගේ මනෝ විකාරයක්ම තමා හැක

      Delete
  19. උණුසුම් සුබ පැතුම් පවුලූශා...

    ඒ කාරෙකේ නැගලා ගියානම් තව සීයක් දුර යන්ට තිබ්බානේ? :P

    ReplyDelete
    Replies
    1. ඉවානයා ඒ කාර් එක දීලා ළමයෙකුට … ඕ යේස්

      Delete
    2. කාර් එකක් ගන්න ආය සල්ලිත් නෑ..මට මෙතන බුදියන්න වෙන්නේ..

      Delete
    3. @ පොඩ්ඩි - ඔව් යන්න තිබබා නේන්නම් , එහෙනං ලෑස්ති වෙලා එන්ට අපි යමු ;) ස්තුතියි පොඩ්ඩි

      @ පත්තරේ & මෙන්ඩ - ඔය ෆෝන් එක දීපං ළමයෙකුට හැක

      Delete
    4. හත්තිලව්වයි දැන් කාර් ගන්න කතා කරන්න ඒපා...... බදු ඉහටත් උඩින්.....

      Delete
  20. දූ පැටියා හම්බවෙන්න කලින් දවසේ රෑ මං රට ඉඳං ගෙදර ආවා.. විනාඩි පහක් ගියෙ නෑ.. මට කෝල් එකක් එනවා..

    දොර ඇරපං මස්සිනා.. මං ගේ ඉස්සරහා !! ඒ උඹ.

    පහුවදා.. මචං දූවෙක් ලැබුණා.

    පැය දෙකක් ගියෙ නෑ.. නම වෙනි තට්ටුවේ දොරකඩ උඹ ඉන්නවා තෑගි බෝග කන්දකුත් උස්සං විරිත්තගෙන !!!!

    උඹ මට සහෝදරයෙක් යාළුවා..

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට පොඩි එකා ඇස් ඇරල තිබ්බෙ නැත්තෙ , නැත්තං උපන්දාම යකෙකුට බයවෙනව.

      Delete
    2. පත්තරේ..... කෙල්ලෙක් ඉන්නවා නං උඹට ආයිත් රට යන්නම හම්බවෙයි බලන් හිටපන්... මගේ එකී මාස හතරහමාරක් වෙලත් දාල යන්න හිතෙන්නෙ නෑ... කම්මලයියා....සිරා කතාව.... හැක් හැක්...

      Delete
    3. දාහං කම්මල පහේ එව්ව ඩබොලක්ම...!!!

      Delete
    4. එකගයි පත්තරේ...

      කම්මලේ
      ඒකනේ බං මම ගියේ නැත්තේ..

      Delete
    5. මයෙ එකීට මාස තුනහමාරයි ..පිස්සු හැදෙනවා බං සජ්ජෝ.
      ඔය ඉවානයා ගීයම පොඩි එකී ඇස් ඇරලා ඇහුවා තාත්තෙ අරූ ගියාද කියලා :D හැක්
      මෙන්ඩාගෙ පොඩි මෑන් ඇවිල්ලා දුන්නා ආතල් කන් දෙකෙන් බේරෙන්න..ඌ කියනවා මං "නංගිව අරං යංනං"ලු :D

      පොඩි මෙන්ඩාට නංගියෙක් ගෙනල්ලා දියව් !!!!!!!!!!!
      සංජීව මෙන්ඩිස්.මේ ඔබේ අවධානය පිණිසයි.හැක හැක

      Delete
    6. හොඳ වෙලාවට කම්මලේ අර කොමෙන්ට් එක ඩබොල් දැම්මෙ නැත්තෙ.

      Delete
    7. ශුවර් නේද නමවෙනි තට්ටුව කියල. හතරවෙනි තට්ටුව නෙමෙයි නෙ.

      Delete
    8. කමියා ට්‍රිබල් දාන්න ගත්තට පස්සෙ කම්මලයා ඩබල් දාන එක නවත්තලා ..හැක් .හතරවෙනි තට්ටුවට එන්න කියන එකක් නෑ මට අයියල නෑනෙ :D :D

      Delete
    9. කමියා ඉල්ලගෙන කෑවනේ අර හු@#$ අස්සේ ෆෝන් එක ගහලා ....මට හිතෙන්නේ කම්මලයත් ඔය වාගේ වැඩක් තමයි කරන්න ඇත්තේ ...අන්න සජ්ජා දැන් පොස්ට් එකත් තුන් ගමනක් දානවා ...හැක් හැක්

      Delete
    10. අපේ ගෑනිට මිඩ්වයිෆ් කිව්වලු...“මහත්තයාට කියන්න දුවෙක් ගෙන්න දැන් කාලේ කියලා“..මම කිව්වා එයා කැමතිනම් මගේ අකමැත්තක් නෑ කියලා...
      මටත් බය ඔකා හෙට අනිද්දට ඉස්කොලේ ඉන්න එකක් හරි අතින් අල්ලගෙන හවසට ගෙදර එක්කරගෙන එයිද කියලා..

      Delete
    11. දුවෙක් ඉන්ඩ ඕනෙ මචංලා තාත්තෙක්ට ආදරේ විදින්න. පත්තරේ ඇන්ඩ් සජ්ජා ඔන්න බලපල්ල තව අවුරුද්දකින් උඹලට හෙලවෙන්ඩ දෙන්නෙ නෑ ලගින් , මේන් මම අද කිවුව කියල හිතාගනිල්ල.

      Delete
    12. මෙන්න කම්මලේ මගෙං …………

      සුළඟක් වී මං යනවාදුර අහසේ ඇවිදින්නට
      අප්පච්චි කොහොමද මං අල්ලන්නේ.....
      අහසක් සේ දූ යන මඟපුළුන් වළා අතුරනවා
      එහෙමයි මගේ දෝණී ... මං රැක ගන්නේ
      පණ වාගේ මගෙ දූ.... මං රැක ගන්නේ

      මහ ගං වතුරක් වීලා - හරි වේගෙන් මං ගලනවා
      ලොකු ගස් වැල් කඳු වැටි හෙම -උදුරා පොළාවට දමනවා
      අප්පච්චී කොහොමද මං වළකන්නේ.....

      මං මහ මුහුදක් වෙනවා - දූ එනතුරු තනි රකිනවා
      ආදරයෙන් මඟ බලනවා - තුරුළට ගෙන සනසනවා
      මං ළඟ නොවැ දූ සැමදා සැනසෙන්නේ.....

      මං බොරු තරහක් ගන්නවා - ඇස් රතු වෙනකල් අඬනවා
      තුරුළට අරගෙන හිටියත් - නැළවෙන්නැතුවම ඉන්නවා
      අප්පච්චී කොහොමද මං නළවන්නේ

      දූටත් වැඩියෙන් හයියෙන් - එතකොට නම් මට ඇඩෙනවා
      දූගේ කඳුළු මං ගන්නවා - දූ නැළවෙනකල් අඬනවා
      මං ඇඩුවම දූ නොවැ මා නළවන්නේ.....

      Delete
    13. //අප්පච්චි කොහොමද මං අල්ලන්නේ.....//

      හලාවත පැත්තෙනම් ඔය සිංදු නෑ.
      දූලගෙ අම්මල අප්පච්චිලගෙ පීරන්නෙ නැති කොන්ඩ කෙටියෙන් අල්ලල දෙකක් ඇනල මෙන්න මේ ශොපින් බෑග්ටික උස්සන් එනව පාරෙ ගෑණු දිහා කට ඇරන් බලන් ඉන්නෙ නැතුව කියල හද පිරීගිය ප්‍රේමයෙන් කියනව

      //එතකොට නම් මට ඇඩෙනවා// කියල බලන් ඉන්න ලව්පූසොත් කියනවා

      Delete
    14. මෙන්ඩ.. ඔන්නොහෙ හදපන් බං කෙලි පොඩ්ඩකුත්.. මෙච්චර මුන් කියන එකේ....
      කම්මල අයියා... ඒ වැඩේ පෙරනිමිති දමන තියාම පහළ වෙනවා.. පොඩි එකී අම්මගෙන් කිරි බිව්වට වැඩියෙන්ම හිනා වෙන්නෙ මාත් එක්ක... පත්තරය සින්දුවගෙ ජොබ් එක පටන් අරන්... සිංදුවෝ... ඒ පොඩි මිස්ටේක් එකක් බං....
      ප්‍රා කොහේ බැලුවත් උදැල්ල දාගෙන....

      Delete
    15. මෙන්ඩට කෝ ඔවට වෙලාව, අනුන්ගෙ ඇඳවල් යට රිංගන්න තියෙනවනෙ

      Delete
    16. අප්පට සිරි මෙතන සිනා බෝවේවා වගේ තැනක් වෙලානේ ආතල් කෝටියයි ... එල

      @ පත්තරේ - කියන්න දෙයක් නෑ බං උඹ මගේ සහෝදරයා තමයි


      @ කම්මල , සජ්ජා , මෙන්ඩ, සිංදු , ඉයන් ,ප්‍රා , ප්‍රසා, ඩ්‍රැකී, ස්තුතියි හැමෝටම

      Delete
    17. මට අද උදේම උඔලා හැමෝම මතක් වුනා ඔෆිස් එකට එනකොට ඇහුන මේ සිංදුව නිසා..
      කුසයේ නොදැරැවත් දිවිබර මට දැනුනි..

      Delete
    18. උඹට පුලුවංද බං අපි ඔක්කොම කුසේ දරාගෙන ඉන්න. හැක්..

      Delete
    19. ගල්මුසලයෝ..තාත්තලා ගැන කිව්වේ..

      Delete
    20. @ ප්‍රසා ,,,,,අන්න කථාව ...මෙන්ඩට කොහොමත් බර දරන්න පුළුවන් නොවැ ඇඳන් ඇතුලේ ඉඳලා පුරුදු වෙලා ...හැක් හැක්

      Delete
  21. //වැස්සේ න් තෙත් වූ මාර්ගය දුම් දමමින් තිබෙනු දකින විට අද්භූත සිතුවිලි නැගී ආවේ මටත් හොරාය ..//

    එහෙම අද්බූත වෙනවද තෙත් වෙලා දුම් දානකොට?

    එහෙම නැත්නම් ඉයන්ගේ අවවාද නිසාද? මෑන් නම් අද්බූත තමයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඉයන්ගේ අද්භූත අවවාද නිසා තමයි හැක .. පොස්ට් එකක්ම දාල කිව්වේ එකනේ , නැද්ද ඉයන්

      Delete
  22. දකින්න කලින් හෙනම සමාජවාදී රැවුල් කාරයෙක් කියල හිතාගෙන හිටපු උඹ....අපිට ලියන්න තියා හැරෙන්න වත් බැරි විදියට ලියවිලි බොහොම අලංකාරව සිත් ගන්න විදියට ලියන උඹ...අපේ දෙකයි පනහේ ටෝක් හිනාවෙලා මහත්මයෙක් වගේ අහන ඉන්න උඹ...කලාතුරකින් හම්බවුනත් ඒ හැම වෙලාවකම සහෝදර කමින් ආදරෙන් පිළිගන්න උඹ... බොන්නේ නැති උනත් බොන කන හැම තැනකටම ප්ලග් වෙලා කියන කුණුහරුප අහගෙන ඉන්න , කරන විගඩම් හිනාවෙන් බාරගන්න පුළුවන් උඹ... බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සෙ මට එහෙම හැකියාවක් නැති උනත් මටත් උඹ වගේ ලියන්න පුළුවන් නම් කියල හිතුනු වාර අනන්තයි...එව්වා ජන්මෙන් එන දේවල්.. හොර ඉවානයා.... හිමිජ්ජා.... මගේ හදවතින්ම සුභපතනවා.... සිරාවටම මම හිතුවේ උඹ මීට වඩා ලියල ඇති කියල.. ජයවේවා....

    ReplyDelete
    Replies
    1. //බොන්නේ නැති උනත් බොන කන හැම තැනකටම ප්ලග් වෙලා කියන කුණුහරුප අහගෙන ඉන්න , //
      බයිට් එකට කෙලින කොට කුණු හරප අහන්න පුරුදු වෙන්න ඕනෙ තමයි.

      Delete
    2. ට්‍රාන්ස්පෝට් ඔෆිසර් නෙවැ.. මූ තමා හැමදාම අන්තිමටම ගෙදර යන එකා .හැක්

      Delete
    3. @ සජ්ජා - බ්ලොග් කෙරුවාවෙන් ලැබුණු ලොකුම දේ තමයි උඹලා වගේ ආදරණිය මිනිස්සු හඳුනාගන්න ලැබීම . ඉතින් කටපුරා හිනාවෙලා කතා කරන උඹලා වගේ උන් දකින්න ලැබීමත් සන්තෝසයක්

      @ කම්මල - එකනේ බය නැතුව කන්නේ ,දැන් ඔය කුණුහරුප පුරුදුයි බං.

      @ පත්තරේ - එව්වා යුතුකන් නොවැ බොෂ්

      Delete
  23. යකෝ... තෝ වගේ එකෙක් මේකේ පේටන්ට් කාරයොන්ට බය වෙලා බොග දාන එක නැවැතුවා නම්,,,,,

    ඒක ජාතික අපරාධයක්...

    ඒක බොහෝම අමාරුවෙන් නවත්ත ගත්ත එකේ හීනී ආඩම්බරයක් මම හැමදාම විඳිනවා...

    සුබ ගමන්...

    ඒ පාර තොත් පටන් ගත්තැයි මල් ගහන්න...

    ReplyDelete
    Replies
    1. //යකෝ... තෝ වගේ එකෙක් මේකේ පේටන්ට් කාරයොන්ට බය වෙලා බොග දාන එක නැවැතුවා නම්,,,,,
      ඒක ජාතික අපරාධයක්...//
      ++++++++++++++++++++++++++++++++++++++++++++
      රේෂ්පට් මාතේ අය්යේ බොක්කෙන්ම ...

      Delete
    2. //යකෝ... තෝ වගේ එකෙක් මේකේ පේටන්ට් කාරයොන්ට බය වෙලා බොග දාන එක නැවැතුවා නම්,,,,,ඒක ජාතික අපරාධයක්...//

      +++++++++++++++++++++++++++++++++++

      හුකෑස්.. මේවට කියන්නේ පංසල් ටොකු :D

      Delete
    3. මාතෙ, එහෙමත් සීන් එකක් උනාද ?
      හීනි ආඩම්බරයක් නෙමේ බං ,එහෙමනම් ඒක ගැන හොදටම ආඩම්බර වෙන්න ඕනෙ.

      Delete
    4. හහ් හහ් හා... මාතේ ඒක මහ පරණ සීන් එකක් නෙව බං

      Delete
    5. මම අදටත් ඕනෑම තැනක් කියන දෙයක් තමා බ්ලෝග මේ දක්වා ඇදගෙන යන්නේ මාතලන් නිසා කියන එක, නැත්තම් මේක උපන් ගෙයිම ඉවරයි . ඒ වගේම් අලුතෙන් ආපු ගමන් මාතේ දීපු සපෝට් එක, එහෙම එපාවෙලා ඉන්නකොට කතා කරලා පැය දෙකක් විතර දීපු එක්චර් එක අකුරක් නෑර මතකයි තාම .
      උඹලා වගේ මිනිස්සු අඳුන ගන්න ලැබීම වාසනාවක් මාතේ
      ඇත්ත old is gold

      Delete
  24. නියමයි ඉවාන් ...මුලදී හිතුවේ මොකක හරි ජල්තරයක් වෙයි කියලා ...උඹ හැමදාම අවසන් කරන විදිහ මරු මචෝ ...
    100 සුභ බොක්කෙන්ම සුභ පැතුම් ....

    //කටේ තිබුණු බුලත් විට තොහ් හඬින් පාරට විසිකළ ඔහු , බුලත් කහට බැඳුනු දසන් පෙළ විදහා සිනාවක් පාමින් //
    මචෝ දවසක් ඉතාලි හන්දියේ අපේ ඔෆිස් එක ගාවට පොරක් ආවා මාව මුණ ගැහෙන්න .ඌත් කාරෙකේ වීදුරුව පහත කරලා උඹ කරපු වැඩේම තමයි කලේ ..මට ඒක මතක් උනා ...හැක් හැක්

    සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න 
    එන්න මිත්‍රයෝ...
    ඉන්නා වු ඩිංගෙ භේද වෙන්නෙ 
    ඇයි අහෝ මෙසේ...
    ඊරිසියා ක්‍රෝධෙ වෙලී ලා
    නෑ කිසි දා ලෝකෙ දිනාලා...
    මේ දිවියා මේකා බළලා
    වාද වෙලා බෑ බෑ කිසි දා...
    මේක මගේ මේක ඔබේ
    කාගෙ ද මේ ලෝකෙ අපේ...
    එන්නෙ නිකං යන්නෙ නිකං
    ඒ වෙනකං ඉන්න හොඳිං...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : සුසිල් පෙරේරා
    ගායනය : සමන් ද සිල්වා

    ReplyDelete
    Replies
    1. //ඌත් කාරෙකේ වීදුරුව පහත කරලා උඹ කරපු වැඩේම තමයි කලේ ..//
      ඔව් ඔව්. ඌ විතරයිලු ඈ :D

      Delete
    2. හැක හැක මටත් ආරංචි වුනා ඒ සීන් එක ගැන . ස්තුතියි සිංදු. ඇත්තටම උඹ විශ්ව කෝෂයක් , ගීතය පැත්තෙන් ගත්තම උඹ තරම් සින්දු ගබඩාවක් මම ගුවන්විදුලියෙවත් දැකලා නෑ

      Delete
  25. අපේ ලව් පූසට ජයවේවා...
    උඹ සීයක් නෙවෙයි දහක් ලයපං...
    උඹේ ලියවිල්ල ඒ තරම් අපිට රසයි මචං...

    ReplyDelete
    Replies
    1. මනෝ මන්දිර - ලඟදි ඉඳන් වුනත් උඹ ෆිට් වුනේ කාලෙක ඉඳන් දන්නවා වගේ , මිත්‍ර කම තම වටින්නේ . ස්තුතියි උඹට මචෝ

      Delete
  26. ඉවාන් උඹ මට මමත් උඹේ පෝස්ට් එකක් බලන වාරයක් පාසා හිතුව දෙයක් තමයි කොහොමද මේ ලවු පූසට මේ වගේ අදහස් එන්නෙ කියල , පෝස්ට් සීයක් ගිය තැන උඹ ඒ රහස එලිකලා. ඔය අත්ත තව ගොඩක් ලොකුවෙලා මල් පිපෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනව.
    ආ.... මේ සියවෙනි පෝස්ට් එකට වගේම වගේම තව පෝස්ට් බර ගානක් ලියන්න සුභ පැතුම් සහෝදරයා..

    ReplyDelete
    Replies
    1. සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
      උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
      රෑ තුන්යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
      කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා ……

      හුකෑස් :D :D

      Delete
    2. @ඩබල් ආදිපාද - මං ඔය අත්ත දානකොට හිතුවා මේක අඳුන ගන්න අය ගැන බලමු කියලා , මාතලන් කම්මල ඇතුළු අපේ සහයින්ට ඒ ඇත්ත මග ඇරිලා නෑ. ස්තුතියි මචෝ උඹේ ප්‍රාර්ථනාවට . කොහොමත් උඹලාගේ හයිය තියෙනකන් ඉතින් ලියමු .
      ඒක නෙවෙයි උඹ අර දෙක දෙක වදින එක නවත්ත ගත්තද ? අපරාදේ ඕයි. උඹ අපේ ආතල් කෑවා

      @ පත්තරේ - තණමල්විල මල්

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. සීයම සීයට සීයයි සීයෙ...
    දවසෙන් දවස ඔප මට්ටම් වන මැණිකක් වගේ බ්ලොගක්.. තව තවත් පෝස්ට් වැටේවා..!!
    (මචෝ.. අර අන්තිමට දාලා තියෙන පින්තූරෙ මක්කෙයි?.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි ලබ්බෝ - අන්තිමට දාලා තියෙන පින්තුරේ මේ පැපොල් කොලයක් බං හැක හැක

      Delete
  29. ඉවාන් අයියට සුභ පැතුම් සිය වෙනි පෝස්ට් එකට.

    තව මේ වගේ පෝස්ට් ගොඩා...ක් ලියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරන ගමන්ම කරන කියන හැන වැඩක්ම සාර්ථක වෙන්න කියල්ලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියා. :) :)

    ReplyDelete
    Replies
    1. හම්මේ බොහොම ස්තුතියි නවාතැනේ චණ්ඩි නංගි. උඹලා ඔය හදවතින්ම කරනා ප්‍රාර්ථනා නිසා බොහොම ආසාවෙන් මෙතැන් ඉන්න පුළුවනි . ඔයාටත් මගේ සුබ පැතුම් ... චණ්ඩි නංගි

      Delete
  30. පූසගෙ සීයට සුබ පැතුම්! තවත් දාහක් ලියන්න ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා කසුන් මගේ මිත්‍රයා ... වටිනා සුබපැතුමට

      Delete
  31. 100 x 100 kiyawana pina apatath himiwewaa (Y) (Y)

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා හංසමාලි .. මොකෝ මේ ටිකේ වැඩිය පේන්න නැත්තේ ? ලියමු ආපහු ඉස්සර වගේ

      Delete
  32. සිරාවටම... උඹේ මේ පෝස්ට් එක රසයි ‍අනික් හැම කෙටි කතාවකටමත් වඩා. උඹ එදා ගල්කිස්සෙ බීච් පාටියෙදි ‍දැක්කම හිතාගන්න බැරි උනා උඹමද මේ කියලා. ජය වේවා බං. දිගටම ඉදිරියට යං. සීය... දෙසීය... පන්සීය... දාහ... පසුකරමින්...

    ReplyDelete
    Replies
    1. සියියා පනහ වෙලා

      Delete
    2. ඩ්‍රැකී - ශක මෙච්චර කල් ගිහිල්ලත් තාම ඉන්පුට් ටූල්ස වලින් උඹේ නම ලියන බෑනේ . කොහොම වුනත් එදා උඹව හඳුනගන්න් ලැබීමත් පුදුම සතුටක් , ස්තුතියි උඹට මචෝ

      @ දේශා - වල් දේශා දුප් :P

      ආ වලත්ත විදානේත් ඇවිත්

      Delete
  33. සීයක් ලියලා නම් මදි සීයේ. කෙල කෝටියක් වත් ලියන්න හොඳේ. ශක්තිය ධෛර්යය ලැබේවා කියලා කියන්න ඕනේ නැහැ. එව්වා හොඳටම තියෙන බව මම දන්නවා.

    ReplyDelete
    Replies
    1. අනේ නිකන් හිටහන් මාමන්ඩි..මේ ටික ගැට ගහලා ලියා ගත්තෙත් අමාරැවෙන් වෙඩිමක් කතා කරනවා..
      මිට
      ඉවාන් බෑනා

      Delete
    2. ස්තුතියි විචා මාමේ - නොකිව්වට ඔය දෙන සහයෝගය ඉස්තරම් , මේ මෙන්ඩ කියන වලවෙට්ටුවා කියා දේවල් ගණන් ගන්න එපා මාමේ

      Delete
  34. සීයට සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ් , ආපහු සතර කන් පාටි දාන්න දෙන්නේ නෑ :D

      Delete
  35. පොස්ට් සීයක් කියන්නේ හෙන ගහන ගානක්.. මාසෙකට එක ගානේ දැම්මත් මාස සීයක්... හප්පේ අවුරුදුම විස්සක් විතර...
    සුභ පැතුම් කියන්නේ එලකිරි බොක්කෙන්ම...

    දිගටම ලියපං සීය දෙසීයා කරමු...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අර විදානේ සමග නැගිටිමු කියපු උන්ට දැන් මොකද වෙන්නේ , උඹ ආපහු බුදිය ගත්තම අර මල දානේ සුද්ද කරලා ගනිං
      ස්තුතියි මචෝ

      Delete
    2. මූ සමපෝෂ ගුලියක් හිරවෙලා මලාය කියල තමයි ආරංචිය.

      Delete
    3. පෝයට බාර් වහපුවාම මුට පොස්ට් වලට අදහස් පහල වෙන්න...ඒ එකක්වත් ලියපිය උඔගේ ඔය මලදානේ..

      Delete
    4. බයවෙන්න එපා බොලව් මේ ඉන්නේ මලක් වගේ

      Delete
  36. බූල් කෙලින් වෙලා, කොන්ඩේ ඉත්තෑකුරු වෙලා, කොයිල් වෙලා කොයි වෙලේක හරි හොල්මන් මෙව්වා එකක් වෙයි කියල බලාගෙන බලාගෙන ඉන්නකොට..... කියාපි නේද වෙන එකක්!

    ඔන්න ඕක තමයි ඉවාන් ඔබතුමාගේ හැකියාව.

    කවුන්ට් එක වැදගත් නැහැ ඉවාන්, කොලිටිය තමයි වටින්නේ. ඔබ එය නියමෙටම පවත්වාගෙන යනවා.
    [සීයට ඔය පොලිස්කාරයෝ ගාවගන්නේ ඇයි කියල මට තේරෙන්නේ නැතුවා? පස්සේ කියයිද දන්නේ නැහැ පොලිස් ප්‍රකාශක උනේ උඹයි කියල. ඔය දින සීයත් එහෙමලු නෙහ් ?]

    ReplyDelete
    Replies
    1. උපයා හෙවත් සදාතනික වලි කාරයා - උඹ පොස්ට් එකකට දෙන කමෙන්ට් එක හරිම තියුණුයි , ඒ උඹ කියන තියෙන දේ කෙලින්ම කියන එකා නිසා . උඹේ මේ ඇගයීම වටිනවා ගොඩක් , මොකද උඹ හිතේ එකක් තියන් වෙන එකක් කියන එකෙක් නොවෙන නිසා . අඩෝ මොකෝ අපිට බැරිද පොලිස් මාධ්‍ය ප්‍රකාශාක වෙන්න ...ඕන්න බලපන්

      Delete
    2. වලි කොතනද, මම එතැන ! පොඩි කාලේ ඉඳන්ම.. හික්
      කෙලින් කියන්නේ වෙන අබග්ගයක් නෙවෙයි නේ ඉවාන්, ශබ්දය ගමන් කරන්නේ එහෙමයි නේ.

      අනේ උඹේ ප්‍රකා + ශාකේ... හුහ්...
      සීය සීය කිය කියා උඩපනින්නේ.. ලියාපන් කතාවක්. මොකද අපි ලියන්නයැ ? මමත් දැන් කික් එකේ ඉන්නේ විචාර ලියන්න පුළුවන් කියල ඈ.. ඒ හින්ද ලියමු. මම දෙන්නම් පුවක් ගහේ පොල් හැදෙන්න..

      Delete
    3. ශබ්දය එහෙමද පුතේ ගමන් කරන්නේ .. හැක ... දෙන්නේ උඩුඇන්ද ඉස්මොල්ලේ යන්න ඕ යේස් ...

      පොඩ්ඩක් උඩ පනින්න දියන් ඊටපස්සේ ලියන්නං, හැක . උඹ විචාර දෙනවානම් ආයේ මොකෝ ... අර හැදෙන පොල් විකුනුවම මට බාගයක් දියන් ඈ

      Delete
  37. පෝස්ට් සීයේම රස මේ සියවෙනි පෝස්ට් එකේ අන්තිමට දමාපු පින්තූරු කැල්ලේ උනත් තියේ මලේ....ඔතාගත්තා වගේ කොයිල් මට ....
    සීය දෙසීය නෙවී පන්දාහේ කොලයක්ම ගහමු නේ...!
    ජයෙන ජයම වේවා මගේ ලෙග් මැන්ඩලීන් පූසාට...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චෙෆාකි බොස් .. අපේ ප්‍රා කියන්නේ බිග් බොස් කියලා .. ස්තුතිය් ආයෙමත්

      හුටා //"ලෙග් මැන්ඩලීන් පූසාට."// ප්‍රා ජේට උල්පන්දම් ලබා දීම තරයේ හෙලා දකිමි ..ඕ.. යේස්

      Delete
  38. සීයට ම ආව නේ...
    හ්ම් ගමු ලැයිෂොම බලන්න..
    කොහෙ යන ගමන්ද මේ...
    කොහෙ කීව...
    හ්ම.. කොහෙ වුණත් කමන් නෑ... සීයදෙසීය තුන්සීය කෙරන් දිගටම යන්ටෝන...
    හිහි...
    එළ ඉවාන් අය්යෙ... දිගටම අපූරුවට ලියන කෙටි කතා එක්ක හැමදාම මේ බ්ලොග් ලෝකෙ කප් එක ගහන්ට ඕන...
    සීයට දෙසීයක් ආවඩා ආයබෝ වේවා...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. අඩෝ උඹ පොලිස් පාට දාන්න එපා මෙතන හරි ...

      කොහොම වුනත් කමක් නෑ , මහේෂ් ස්තුතියි උඹට ආවට මට සුබ පතන්න . ජය වේවා

      Delete
  39. උණුසුම් සුභපැතුම් මචං...උඹගේ සිග්නේචර් කෙටිකතා තමයි මමත් ආසාම... ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. බීටලේ - අතුරුදහන වෙලා ඉඳලා සුබපතන්න් එක්වුනාට බොහොම ස්තුතියි . ජීවිතේ සුන්දර අවධියක් ගෙවනවා ඇතියි කියලා හිතනවා .ස්තුතියි උඹට ආපහු සැරයක්

      Delete
  40. සෙන්චරියට අඟහරු ලෝකේ හැමෝගෙන්ම සුභ පැතුම් ඈ! මගෙත් මේ පාර දැම්මේ හාෆ් සෙන්චරිය. යකෝ බලාගෙන යද්දී මට සෑහෙන්න කලින් පටන්ගෙනත් තාම සීයයිනේ ගහල තියන්නේ..
    කියවගෙන යද්දී මම හිතුවේ දැන් හොල්මනක් පනී දැන් පනී කියලා..

    ReplyDelete
    Replies
    1. එහෙනම් හාෆ් සෙන්චරිය සුබ පතන්න් ඒ පැත්තේ එන්නං. හොල්මන ඉතින් මමම තමා බං. ස්තුතියි උඹට සුබපතන්න් එක්වුනාට . ජය

      Delete
  41. චෙෆාකිට පින්සිද්ද වෙන්න උඹව මූණට මූණ හම්බුවෙච්ච එක ගැන හරිම සංතෝසයි. මල්ටි ටැලන්ටඩ් කලා කාරයෙක් සහ වෘත්තිකයෙක්. ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. ඊට කලින් අපි දෙන්නා කොච්චර නම් මූනට මූණ හම්බවෙලා ඇතිද , එත් කලේ දෙපැත්ත බලාගෙන යන එකනේ , ඒ නිසා මේ හමුවීම කරපු චෙෆාකිට මාත් ස්තුති කරන්න් ඕන . මේ වගේ සුන්දර මනුස්සයෙක් මුන් ගැහෙන්න් අවස්ථාව ලබා දුන්නට ස්තුතියි ඉයන්

      Delete
    2. ඔබ දෙදානාගේ ඊලග හමුවිම ඉක්මනින්ම අප විසින් සුදානම් කරනු ලැබේ..

      Delete
    3. හනිමූන් එකත් ලෑස්ති කරනවද?

      Delete
    4. ඔ..යෙස්..ඔනම හමුවිමක්..

      Delete
  42. පටන් අරන් තියන විදිහට මම හිතුවෙ හොල්මන් කතාවක් කියලා. බයෙන් වෙව්ල වෙව්ල බැලුවේ..

    ReplyDelete
    Replies
    1. කොහොම හරි කමක් නෑ බැලුවනේ , ඒ මදැයි .. හි හි ස්තුතියි පියුමි ..

      Delete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. සුබ පැතුම් ඉවාන්... හදවතින්ම... වැඩි දෙයක් කිවුවෙ නෑ කියලා උඹ තරහ වෙන්නෙ නෑ කියලා දන්නවා....

    ReplyDelete
    Replies
    1. උඹ කියනවට වඩා දෙයක් හිතන බව මම දන්නවා මචෝ. ඒ නිසා කිසිම තරහක් නෑ. ස්තුතියි උඹට බොක්කෙන්ම වීරප්පන් යාලුවා හැක

      Delete
  45. අඩෝ... මේ දවස්වල නැට්ටට තද වෙලා ඉන්න නිසා උඹලගෙ කතා බලන්නත් එන්න ඉඩක් තිබ්බෙ නෑ. ඒත් ටොපික් එක දැක්කම මට හිතුන කොල්ලගෙ කඩ ඉමක්වත්ද කියල. බඩුම තමා.

    ඉරිසියයි යකෝ..ඒ උඹටවගේ සිරාවට ලියන්න බැරි වෙච්චි එකට නෙමේ, ඔය වගේ හොඳ මිනිහෙක් වෙන්න මට බැරි එක ගැන. අර කරළ බරවෙනකොට ගොයම බිමට නැමෙනව කියන උපැහැරනෙ කියල තීන්නෙ උඹ දිහා බලාන ඉඳපු එකෙක් වෙන්න ඕන.

    ජයෙන් ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ආනේ ඒකත් හැබෑව.. බඩ ගෙඩිය ලොකු වෙලා, කෙස් ටික පැහෙනකොට කොන්ද C අකුරක් වගේ වෙනවා.

      Delete
    2. @ ඉන්දික - ලොකුතුවක්කු මහත්තයා දැක්ක කල්, දැන් ඉතින් අලුත් රටකට වෙලා සැපසේ ඉන්නවා මිසක් අපි උන්නද මලාද කියලා බලනවද? ආපහු වරෙන් ඔය මොනවා හරි ලියාගෙන . අර උඹේ රොමැන්ටික් කතාවක් කියවන්න් අපිත් ආසයි , දැන් ඔන්න මම මුරුංගා ගැහෙ මුදුනේ හරිය , තැනකුයි උඹට මෙච්චර වැඩ රාජකාරි අතරේ ඇවිත් යන්න ආවට .

      @ උපේක්ෂා - ශ් ශ් කෑගහන්න එපා යකෝ කාට හරි ඇහෙයි

      @ හංසි ... මේ පොඩි උන් මොනවා කරවද මෙතන ඔය උපේක්ෂා ආච්චි ගේ කතා එහෙම අහන්න එපා

      Delete
  46. සීයේ කොලේ තමා ලස්සනම...

    ReplyDelete
    Replies
    1. නාඩියා තමා උසම හැක , තැනකුයි වේවා

      Delete
  47. චේ,ඉවාන් සීය,ලව් පූසා ...එක්කො මේවා කියල ගුටි කන්න කලින් ඉවාන් අය්යම කියනවා............සියයක් ලියනවා කියන්නේ ලේසි වැඩක් නෙවේනේ දැන් ඉතින් බ්ලොග් පෝස්ටු සියයක අත්දැකීම් තියන පරිණත බ්ලොග් කරුවෙන් නේද සතුටුයි අහන්නත් මෙහෙම ලියල විතරක් බෑ ඉතිං ඉහලින්ම සමරන්න වෙනවා :P බ්ලොග් පොස්ටු සියයම කියවල නැතත් බ්ලොගේට ආපු දවසේ ඉඳල කියවපු පෝස්ටු ඔක්කොම හිතට අල්ලල ගිය වෙනස්ම පැතිකඩ වලින් ලියල තියන ලිපි .දක්ෂතාවය නම් ඉහලයි.තව තවත් හොඳ පොස්ටු ලියන්න ලව් පූස් ඉවාන් අය්යන්ඩියට මගෙනුත් සුබ පැතුම් :) :)

    ReplyDelete
    Replies
    1. හේ හේ තැනකුයි හංසි නංගි. ගුටි කන්න වෙන්නේ නා බය වෙන්න් එපා . සමරමු සමරමු අපි පාටියක් දාලා එහෙම ඔන්න ලාස්තිවෙලා ඉන්න ස්තුතියි හංසි නගාට බොහොම

      Delete
  48. යකඩෝ...
    100 වෙනුවෙන් 100 සම්බන්ධ කරපු කතාවක් දාලා නේ???
    පට්ට පට්ට ඈ...
    දිගටම ලියමුකෝ එහෙම නම්...
    මම ආවේ නැතත් ඔය ඉන්නේ කියවන්ට එවුන් ඕනේ තරම්...
    ඒ වුණාට මමත් එනවා කියවන්ට හොඳේ...

    ("වැඩි දෙයක් කිවුවෙ නෑ කියලා උඹ තරහ වෙන්නෙ නෑ කියලා දන්නවා..."
    කියන එකේ මුල් ටික මටත් ගැලපෙනවා...
    ඒත් අග ටික ගැලපෙන්නේ නෑ... මොකද මම දන්නේ නෑ ඔයා ගැන...)

    ReplyDelete
    Replies
    1. චතුරංග ... එහෙම කොහොමද නෑවිත් ඉන්න එපා . කට්ටිය කියවනවා වැඩි තරමට තමා අපිටත් සතුටු . අනිවා උඹත් ඉන්නම ඕන . මොකෝ නැත්තේ අපි අපිව දන්නවා නේ බ්ලොග් නිසාම ඒ මදැයි . හරියට තුන් සිංහලයම නෑදෑයෝ වගේ

      Delete
  49. පහුවෙලා නැග්ගත් අපිනම් තවම කාර් එකේ. සෙන්චරියට සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉකොනෝ මැට්ටා මහතා .. කතාවේ හරය තේරුම් ගැනීම ගැන ඉතාම සතුටුයි ..

      Delete
  50. එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා .. ආයුබෝ වේවා.. තව තවත් ලියන්නට ශක්තිය දහිරිය ලැබේවා..
    - සුභපැතුම් කිව්වා ඔන්න අපිත් -

    ReplyDelete
    Replies
    1. මගේ සුබ පැතුම් පවුලූෂා මලේ!

      Delete
    2. @ අම්බලන්ගොඩ - ස්තුතිය් මචෝ , උඹේ සුබ පැතුමට . අම්බලන්ගොඩ කතා ලඟදි ඉඳන් කියවන පටන් ගත්තත් උඹ ලියන රටාවට මං බොහොම කැමතියි

      Delete
    3. @ චන්දන - ස්තුතියි චන්දන අයියා . අද බැචාලා දෙන්නම ඇවිත් සතුටුයි

      Delete
  51. ඤාව්වාට හැකි ඉක්මනින් ඩබල් සෙන්චරි ගහන්නත් හැකිවේවා!
    උඹේ ලියමන් ගැන ආයි ආයි කියන්න ඕනි නෑනෙ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වලත්ත මධුවෝ ... හිකිස් . ආයේ කියන්න ඕන නෑ එක සැරයක් කියහන් ... උඹව පස්සේ වෙලාවක අල්ල්ගන්නම් බෙල්ලෙන් හැක

      Delete
  52. කවුද මේ කියන බ්ලොග් පොලිස්කාරයා?

    සීයයි, ටිකයි, හොඳයි, ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රසික , කකා ඉන්න කාලේ දීපු ප්‍රචාරෙටත් නැවතත් ස්තුතියි .

      Delete
  53. පරක්කු උනාට සොරි වෙන්න ඕනේ පවුලූෂයියා.............. අවංකවම මං හිතන් හිටියෙ උයා 100 පහු කරලා ඇතිය කියලා............. හම්මේ ඉතිම් 100 කියන්නේ ලොකු ගාණක්.............. අපේ අවංක සුබ පැතුම් ආහ්............... ඉක්මනටම සීය දාහ වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා............

    ReplyDelete
    Replies
    1. සීය දාහා වීම කෙසේවෙතත් මේ ලියපු ටිකත් වැඩියි වගේ බං.
      බොහොම ස්තුතියි ආර්යන් මල්ලි සුබ පැතුමට . දැන් උඹලා හොඳින් ලියන නිසා අපි නැවත්තුවට අවුලක් නෑ.

      Delete
    2. වැඩියි? අනේ එහෙනම් එවපන් මට... මට පුළුවන් ටුක් ගාල මගේ නමින් දාන්න... අප්පේ එතකොට කට්ටිය මට මාර ටැලන්ට් මෙව්වා එකක් තියෙනවා කියල කියයි නෙහ් ?

      Delete
  54. හපොයි තව ටිකෙන් රතු ඉර වදිනවා...
    සීයට මගෙනුත් සුභපැතුම් ඉවානයියේ!
    ජයෙන් ජය!

    ReplyDelete
  55. එන්න පරක්කු උනා බං.ඒකෙන් උනේ ත්‍රීවීල් එකක් අරං පහළට එන්න වෙච්ච එකයි.ඉතිං බොහොම සතුටුයි මොනවා කියන්නද උඹ මගේ හොඳම පාඨකයෙක් වගේම මම උඹේ හොඳම ඇණයක්.තවත් බිංදු තුනක් වත් සීය ඉස්සරහට එකතුවේවා. සීයට උණුසුම් සුබ පැතුම් ඉවාන් මල්ලී!!

    ReplyDelete
  56. සියවෙනි සන්ධිස්ථානය ට විභීෂණ ගේ උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
  57. සෙන්චරියට සුභපැතුම් ඉවාන්. දිගටම ලියන්ඩෝ...

    ReplyDelete
  58. Magenuth subapathum, 100 ta.
    Comment nadammat post 100ma kiyewwa. Loose ayye, ko holman kathawa????
    Suba pathum!!!!

    ReplyDelete
  59. Magenuth subapathum, 100 ta.
    Comment nadammat post 100ma kiyewwa. Loose ayye, ko holman kathawa????
    Suba pathum!!!!

    ReplyDelete
  60. අම්මෝ කමෙන්ට් ගොඩ . මං දැං ඉරිසියාවටම කියවල කමෙන්ට් නොදා මාරු වෙනවා

    ReplyDelete
    Replies
    1. මටත් හෙන සතුටුයි බං උදේ කමෙන්ට් ගාන දැක්කාම

      Delete
  61. පරක්කු වුනාට සමාවෙන්න... සීයයට උණුසුම් සුබ පැතුම් !!

    මමත් ඉවාන්ගේ හොඳ පාඨකයෙක්..මේ අදහස් කොහොම එනවද කියලත් සමහර පොස්ට් කියවපුවහම හිතිලා තියෙනවා. ඇත්තටම ඔබේ නිර්මාණ හැකියාව නම් අති විශිෂ්ටයි.

    බ්ලොග් එකට යන එනකොට දකින චෙගුවේරා මුණ නිසා, මම ඉවාන් කියලා හිතාගෙන හිටියේ ඒ වගේ මූණක්. ඒත් ඊට හාත්පසින්ම වෙනස්, මට හමුවෙලා තියෙන බ්ලොග් ලියන පිරිස අතර ඔබ බොහොම සුහදශීලී කෙනෙක්. 100 ඉක්මනටම 1000 වෙන්නත් හදවතින්ම සුබ පතනවා. ...

    ReplyDelete
  62. සුබ පැතුම් ඉවාන් අයියේ....(ඔන්න මම නම් ලවුපුසා කිවුවේ නෑ ඕං)

    ReplyDelete
    Replies
    1. මෙයාටත් බෝවෙලා.. හැක්.

      Delete
    2. හයියෝ ඒක වැරදීමක් හිටින්ට මං මකලා දාන්න

      Delete
  63. ඉවාන්ගෙ සියය කියවල ඉවරවෙලා කමන්ට් දෙසීයක් කියවන්න වුනා.
    සුබ පැතුම් ඉවාන්. ඔබේ ලිපිවලින් ඉගෙන ගත් දෑ බොහෝ තිබුණා..

    ReplyDelete
  64. Cha..cha..cha.. mulinma comment eka danna oni eka wechchi man enkota perahere honda hariya gihin.. better late than never.. centuryta bokkenma suba pethum macho.. digatama liyapan.. katada adambara eka game eka iskole eka kiyanakota.. jayawewa!

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]